Wednesday, August 28, 2013

91. පච්චේ - BORN TO DIE - Part 2

"නියම අදහස!"
 

(මේ නියම අදහස මොකක්ද කියලා හිතාගන්න බැරි අය කරුණාකරලා ගිහිල්ලා පළවෙනි කොටස කියවලා එන්න මෙතනින්.)

"හරි, මම ගිහින් එකක් හදාගෙන එන්නං විනාඩියෙං." ලික් කියනවා.

"මහ්ම්, මෙතනට ගේන්නෙපා," මම කියනවා.  "අවුලක්  නැතිනම් ගෙට ගිහිල්ලම බොමු. අද මාර රස්නයක් තියෙන්නේ එළියේ."

දෙන්නම මූණට මූණ බලාගන්නවා.

"හයියෝ කිසි ප්‍රශ්ණයක් නෑ ඇන්ඩි," ලික් කැමැත්ත දෙනවා." යං, යං ගෙට."

අපි ගල් අතුරපු පාර දිගේ, ගේ දිහාට ඇවිදගෙන යනවා.  මටම පුදුමයි මම පෙන්වන සංසුන්බාවය  ගැන. මම මොනතරම් 'කූල්' පිටද මේක ගන්නේ කියන එක මටත් අදහාගන්න බෑ.

සාලෙට ඇතුල් වුන ගමන්ම, මම කෙලින්ම ගිහින්, තියෙන සැපම පු‍ටුවට පතිතවෙලා, කකුල් දෙක ගන්නවා ස්ටූල් එක උඩට . ස්ටූල් එක උඩ තියෙන සඟරා ගොන්න මම පයින්   ඇනලා බිමට දානවා.

"හරි, උඹ මිල්ක්ෂේක් එක හදාගෙන එනකල් මම මෙතන  ඉන්නවා."

"එළ එළ, බොසා. කිසි අවුලක් නෑ," කියන ලික් කුස්සියට යනවා.

 රිමෝට් එක අතට අරන් ටීවී එක දාන මම සද්දේ උපරිමේට වැඩි කරනවා.

 "මේ ඇන්ඩි, මචං,"දොරෙන් ඔලුව දාන ලික් බෙරිහන්දෙනවා.

"මොකද?"

"මචං, ඕක පොඩ්ඩක් අඩු කරන්න බැරිද?"

"බෑ. මම කැමති මේ ගානට."

ටීවී රිමෝට් එක මගෙන් උදුරගෙන, ඒක මගේ උගුර දිගේ බස්සනවද, නැද්ද, කියලා හිත හදාගන්න බැරිව ලික් බලා ඉන්නවා.

"ඇයි, මොකෝ උඹට අවුල්ද?"

"න්...නෑහ්. කිසි අවුලක් නෑ. උඹනේ අපේ ගෙදරට අමුත්තා. මොන ෆ්ලේවර් එකෙන්ද උඹේ මිල්ක් ෂේක් එක ඕනේ?"

"වෙන මොනවද බං? චොකලට් තමයි."

"හරි මචං. පට් ගාලා ගේනවා," කියන ලික් කුස්සියට අතුරුදහන් වෙනවා.

මම රිමෝට් එකේ බොත්තම් ඔබාගෙන ඔබාගෙන යනවා. චැනල් 2 වල පෙන්නන්නේ Playschool. අද කට්ටිය කුකබුරාලට ඇඳලා සින්දුවක් කියනවා.

Kookaburra sits on the old gum tree
Merry merry king of the bush is, he

අද  රජා මම වෙච්චි කොට, කුකබුරාට කොහොම හිතෙනවා ඇද්ද කියලා හිතා ගන්න මට අමාරු නෑ. ලික්, ලීච් බාන මගේ යටත් වැසියෝ. මම කියන ඕනෙම දේකට මුං අද කැමති වෙන්න ඕනේ.  මම තව ටිකක් වෙලා Playschool බලා ඉඳලා ටීවී එක නිවලා දානවා..

"ඒයි, මොකෝ බං මෙච්චර වෙලා කරන්නේ?" මම කෑ ගහනවා.

"බඩු හරි මචං. මේ ගේනවා." ලීච් කෑ ගහනවා කුස්සියේ ඉඳං.

මට ඇහෙනවා බ්ලෙන්ඩර් එකේ සද්දේ. ඒ සද්දෙට මගේ කටට කෙළ උනනවා. ස්ටීව් ලික්ගේ මිල්ක්ෂේක් එකට ග
න්න නම් ආයේ...

බ්ලෙන්ඩරේ හඬ නවතිනවා.

"මට ඔය බ්ලෙන්ඩර්  එකේම හෙම අරං එන්නෙපා. හොඳට හෝදපු වීදුරුවකට දාගෙන වරෙල්ලා ස්ට්‍රෝ එකකුත් දාලා මතක ඇතුව."

"හරි හරි බොස්."

මිල්ක් ෂේක් එක බන්දේසියක තියාගත්ත ලීච් පෙර‍ටු කරගෙන ලික් සාලෙට ඇතුල්වෙනවා. ලීච් බන්දේසිය ස්ටූල් එක උඩ තියනවා. 

දික් අතට දාර වැ‍ටුන, අර පරණ තාලේ වීදුරුවකට දාපු මිල්ක් ෂේක් එකට, අර ඕනේ අතකට නවන්න පුලුවන් බටේකුත් දාලා.  චොක්ලට් අයිස්ක්‍රීම් ලොකු හැන්දක්ම මිල්ක්ෂේක් එක මුදුනේ පාවෙනවා.

ලික් ට්‍රේ එකෙන් වීදුරුව අරං මගේ අතට දෙනවා. ඊට පස්සේ දෙන්නම මගේ පු‍ටුව දෙපැත්තෙන් දණ ගහගෙන මා දිහා ඇසිපිය නොහෙලා බලා ඉන්නවා.

"ඉතිං පොඩ්ඩක් අයිං වෙනවද මට මේක බොන්න?"

"හරි හරි," කිව්වට දෙන්නා එහෙමමයි.

"එහෙනම්  මොනවද උඹලා බලං ඉන්නේ."

"අපි බලා ඉන්නේ බොසා ඕක බොන හැටි," ලික් කියනවා.

"අපි බලා ඉන්නේ බොසා ඕක 'රස විඳින' හැටි," ලීච් කියනවා.

ලීච් 'රස විඳින' කියන කෑල්ල කිව්ව විදිය, ස්වරය මට එච්චර ඇල්ලුවේ නෑ.

මම පච්චේ හොඳට පේන විදියට මගේ අත ඉස්සරහට දික් කරන්නේ, කවුද මෙතන බොස් කියන එක මෙතන කොයි  කාට හරි මොහොතකටවත් අමතක වෙලා නම්, මතක් වෙන්න. පණිවුඩය හරියට ලැබුනද කියලා සැක හැර ගන්න මම පළමුව උන්  දෙන්න දිහාත්, දෙවනුව මගේ පච්චය දිහාත් බලලා, ආපහු උන් දෙන්නා දිහා බලනවා.

නමුත් මුන් දෙන්නා බක බක ගාලා හිනාවෙන්න ගන්නවා දකින මගේ ඇඟ හිරි වැටීගෙන යනවා.

"මටත් කියාපල්ලා බලන්න මොකක්ද විහිලුව කියලා," මම කියනවා.

"අපි කියමුද එහෙනම්?" ලික් අහනවා.

"කියමු," ලීච් කියනවා. "මම හිතන්නේ අපි ඒක කියන්නම ඕනේ. නැත්නම් පව්!"

ලීච් කමිස අත  උඩට අදිනවා...

ලික් කමිස අත උඩට අදිනවා...

උන් දෙන්නගේම අත්වල, හරියටම මගේ පච්චේ තියෙන තැනම වගේ තියෙනවා කොළ පාට ඇස් එක්ක රතු දිග උඩු ‍රැවුලක් තියෙන හිස් කබලෙ පච්චේ, BORN TO DIE රිබන් බැනර් එකට උඩින් දිළිසි දිළිසි!

මම උන් දිහා බලනවා.

උන් මා දිහා බලනවා.

කාමරය නිහඬයි, අල්පෙනෙත්තක් බිම වැ‍ටුනත් ඇහෙන ගානට.

"හරි. තවත් බල බල ඉන්නෙ නැතුව බොන්ට සෑර්! තිබහත් ඇතිනේ. අපිට පරක්කුත් වෙනවා." ඒ ලික්.

"ම්ම්ම්, මෙහෙමයි ලික්, එහෙම නම්  බොහොම ස්තුතියි මිල්ක්ෂේක් එකටයි, ම්ම්ම්..., මට කරපු ආගන්තුක සත්කාර වලටයි. මට ඇත්තටම ඒ හැටි තිබහක් නෑ. මං ගියා නම් හොඳයි."  කියන මම නැගිටින්න පු‍ටුවේ ඉස්සරහට නැඹුරු වුනත් ලික් මාව ආපහු පු‍ටුවටම තල්ලු කරනවා.

"අනේ බං එහෙම හරි නෑනේ, අපි මෙච්චරත් මහන්සි වෙලා.  ඔය කිව්වට උඹට මේ මිල්ක්ෂේක් එක බීලා යන්න බැරි තරම් හදිස්සියක් තියෙන්න බෑ. අපරාදෙනෙ මචං."

"මේ  අහපල්ලකො දෙන්නම. මට ඇත්තටම යන්න ඕනේ. මට පරක්කු වෙනවා මචංලා."

"හුම් ඇත්තට?" ලික් කියනවා. "බීපං ඕක."

අනිත් දඬුවම් එක්ක බැලුවාම මිල්ක්ෂේක් එකක් බොන එක මොන දඬුවමක්ද? මම වීදුරුව කටට ලං කරනවා. තොල් වල බීම ගෑවෙනකොටම ලීච් කට හඬ අවදි කරනවා.

"හැබැයි පොඩීඊඊඊඊඊ දෙයක් නම් කියන්න තියෙනවා. බොසා අපිට සමාවෙන්ටෝනැ. ගේ හරියේ තිබ්බේ නෑ ඕකට දාන්න චොක්ලට් සිරප් ඇබින්දක් හොයා ගන්න."

හදිසියෙම මගේ මුළු ඇඟම දාඩියෙන් තෙත් වෙනවා මට දැනෙනවා.

"ඒකෙ අවුලක් නෑ." මම කියන්නේ සංසුන්බව පිටතට පෙන්නන්න හැම උත්සාහයක්ම දරමින්. "මොනවද ඒ වෙනුවට දැම්මේ, ඉතින්?"

"හංගොල්ලො." ලීච් කියනවා.  "හා, දැං බීපිය ඕක!"




නිමි.



ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් ලියූ "Just Joking" කෙටි කතා සංග්‍රහයේ පළවූ Born to Die කෙටි කතාවේ සිංහල අනුවාදයයි. 

Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers. 



 

109 comments:

  1. ඇන්ඩිය ගොජ ගොජ ගාල මිල්ක් ෂේක් එක බොන්න ඇති නේ?

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ බුසු බුසු ගාලා බොන්න ඇති කියලා. නමුත් හංගොල්ලන්ට ගැලපෙන්නෙ ගොජ ගොජ ගාලා තමයි. තෑන්ක්ස් මුහුදු. :))

      Delete
  2. ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයාආආආආආආආ :D
    හංගොල්ලො බ්ලෙන්ඩ් කරපුවහම චොක්ලට් පාටයි ඒ කියන්නෙ :O

    අර තීන්ත් බාල්දිය හලාගත්ත නරියගෙ කතාවත් ඔකමනේ..

    ReplyDelete
    Replies
    1. බ්ලෙන්ඩ් කරලා බලලා මටත් කියාපංකො සමී. හැබැයි සත්වවේදීන් උඹව අල්ලලා බ්ලෙන්ඩ් කරයි ප්‍රසිද්ධීයේ කිව්වොත්.

      Delete
  3. ඔය ජාතියේ පච්ච ගහගෙන යන අපේ පොඩි එකා මතක් උනා. ඌ මේ ළඟදි කකුලෙත් ස්ටිකර් එකක් ගහගෙන යන්න ගිහින් අම්මගෙන හොඳවයින් පාරවල් දෙකක් කෑවා.. රිදෙන්න ගහන්නේ නෑ. ගහන්න ඕනවට ලූ ගහන්නේ. පුතන්ඩියට අම්මගෙන් තොර ලොවක් නෑ. අම්මටත් එහෙමම තමයි.

    ReplyDelete
    Replies
    1. අම්මලා ගහන්න ඕනෙවට තමයි බං ගහන්නේ. අපේ අම්මත් අපිට ගහලා වැඩිවෙලා එයාගේ ගුටි අපි තඹේකට ගනං ගත්තේ නෑ. තාත්තා ගහන්නේ නැතිනිසා ඒක ගැන නම් පොඩි බයක් සහ ගෞරවයක් තිබ්බා.

      Delete
  4. මම ඒත් බැලුවා මුන් දෙන්නා මේ පොඩි පච්චෙකට මෙච්චර භය වුනේ ඇයි කියලා.. ඇන්ඩියට මොළේ නෑ..

    කතාව උපරිමෙන් රස විඳා ඩූඩ්. ඒකට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඇන්ඩියා මෝඩයෙක්ට වඩා ළමයෙක් බං. ඒකනේ කියන්නේ Children are children. They are not small people කියලා සිංහලෙන්ම.

      You're welcome!

      Delete
  5. වෙනද වගේම නියමයි.
    අද කතාව කියවගෙන යද්දී ලාවට හිතුන ඇන්ඩිය කොර වෙන පොටක් වෙයිදෝ මන්ද කියල.

    ReplyDelete
    Replies
    1. ඉතිං මචං කොරම තමයි නේද? මූට වෙන අකරතැබ්බ වල නිමක් නෑනේ බං. පව්!

      Delete
  6. සිත්තරේ තියෙන්නෙ ගිය පාර කොටසෙ දර්ශණයක් නේද ? මේක පැස්ටල් වලින්ද බන් ඇඳලා තියෙන්නෙ ?

    අරුන් හන්ගොල්ලො ටික විසි කළා නේද ඇන්ඩියට භය වෙලා !

    ReplyDelete
    Replies
    1. පැස්ටල් වලින් අදින්න උඹ හිතුවද ඩුඩෙ තාම පොඩි එකෙක් කියලා. බොලාට හැමදාම ඕක කියන්න ඕනද??? ඔන්න කියපං මචං අන්තිම වතාවට

      Delete
    2. බොල දේශෝ, උඹ නොදන්නවා වුනාට මේ ඩූඩා ඉන්නවා නේද ? ඌ එක එක එක්ස්පරිමන්ට් කරනවා. සමහර දවස් වලට පැන්සලෙන්, සමහර දවස් වලට පෑනෙන්, පාට පැන්සල්, වෝටර් කලර්ස්, පැස්ටල් ඔය කෝකත් ඔට්ටුයි ඌට.

      Delete
    3. මුං ගාවා එක්කෝ හංගොල්ලෝ කලෙක්ෂන් එකක් තියෙනවා, නැතිනම් ලීච් පාරට ගිහින් අරුංව අහුලං එන්න ඇති .
      මේ චිත්‍රේ මම ඇන්දේ ඊයේ මහ රෑ, ගිණි වැස්ස වෙලාවේ, පාට කරනකොට අනිත් උන් නිදාගෙන සෑහෙන වෙලා. පබ්ලිෂ් කරනකොට වෙලාව උඹට පේනවා ඇති. පින්තූරේ ගත්ත ෆෝටෝ එකත් ලයිට් ෆෝකසිං මදි නිසා ටිකක් චොර. ඒ වුනාට තොපි මාව කන්න හදන නිසා ඒක එල්ලලා නිදා ගත්තා. :))
      සෙන්නා හරි දේශා. මම එක එක අත්හදාබැලීම් කරනවා තමයි. මේක වෝටර් සොල්‍යුබල් පැස්ටල් එකක්. මේකෙන් පාට අතුල්ලලා, පින්සලේ වතුරෙන් පොඟවලා අරක උඩ ගාලා වෝටර් කලර් කරන්න පුලුවන්. නමුත් මම මේක කරපු වෙලාව, ආලෝක තත්ත්වය, කාළගුණ තත්වය, මට නිදාගන්න තිබ්බ කලබලය (ඇයි බොලව් උදේ පහට නැගිටින්නත් ඕනේ) ඔක්කොම හන්දා චිත්‍රය මම කැමති විදියට ආවේ නෑ.පස්සේ ආයෙ අඳිනවා.

      Delete
    4. මගේ ආසම පැස්ටල් ජාතිය ..වෝටර් කලර් පැස්ටල්..

      Delete
    5. @ දේශකයා

      පැස්ටල් වලින් අඳින්නේ පොඩි උන් විතරක් නොවෙයි. මේ පහත ලින්ක් එකට ගිහින් බලන්න ප්‍රවිනයෙකුසේ පැස්ටල් චිත්‍ර.

      පැස්ටල් චිත්‍ර

      Delete
  7. පරිවර්තනයක් බැව් නොහැගෙන ලෙස ඔබේම කියලා ගොඩනගාගෙන තියෙන අනන්‍යතාව අපූරුයි...ඉදිරියේදී තවත් බොහෝ දෑ බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. උඹේ කමෙන්ට් එකක් දකින්න ලැබීමත් සතුටක් පාට්නර්. උඹ ගැන හොඳ ආරංචියක් ලැබුන එක ඊටත් වඩා සතු‍ටුයි.

      Delete
    2. ලබන මාසෙ මුල ඉදන් කාමරේ දොර අරින්න මේ දවස් වල මකුළු දැල් කඩනවා...ඩූඩ් සිරා හුජ්ජ බෑග් ව්‍යාපාරෙටත් කාමරේ කොටසක් වෙන් කරන්නද ?

      Delete
    3. නැතුව නැතුව බං පාට්නර්. හැබැයි මුල් ඇඳුම අඳින එවුන් ඔහේ නැති නිසා ප්‍රොපගැන්ඩා එක වෙනස් කරමු දීපයට, දේසයට, බාසයට, කාලයට ගැලපෙන්න. :))

      Delete
  8. චිකන් සුප් එකක් වගේ ඇතිනේ..... යමි යමී...... :)

    නියමයි ඩූඩ් කතාව නම්... මේකටත් වඩා අර ප්ලාස්ටර් කතාවට මං ආස

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් සෙවල ඇති බණ්ඩක්කා දාලා වගේ, නැද්ද?

      යසිත් තව කතා හය හතක්ම තිබ්බා පරිවර්තන. ඔය ප‍ටුන කියන එකෙන් යන්න ලේසියි වෙලාව තියෙනවා නම්.

      බොහොම ස්තුතියි යසිත්.

      Delete
    2. නෑ උඹේ හරක් කොත්තුව වගේලු...

      Delete
  9. මේකේ උපහාසේත් එක්කම ගන්න හොඳ පාඩමක් තියෙනවා. පරිවර්තනය උපරිමෙන් කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදීක. නමුත් පාඩම ගැන එච්චර නොහිතා නිකං ජොලි කතාවක් කියලා හිතලා රස විඳින එක වඩා සුරක්ෂිතයි කියලා මම හිතනවා. මොකද ලෝකේ ජනප්‍රියම ළමා හා යොවුන් කතා හැම එකකම එහෙම සිල් පදයක් හරි ටෙන් කමාන්ඩ්මන්ට්ස් හරි ස්ථාපනය කරන්න උත්සාහ කිරීමක් නෑ. පාඨකයා ඇද බැඳ ගැනීම විතරයි අරමුණ. ඒ තුලින් කියවීමේ රුචිය වර්ධනය කරලා කියවන්නෙක් බිහි කිරීම දීර්ඝ කාලීන අරමුණ කියලා කියන්න පුළුවන්.

      Delete
  10. මට හිතුන මේකා අන්තිමට නායි කියල.හයියො.කතව මරු.කට්ටිය පොඩ්ඩක් අටම්පහුර පෑත්තෙ අවිත් යනවද

    ReplyDelete
    Replies
    1. දමිත් ඔබට සුභ උපන්දිනයක් වේවා...!!!

      Delete
    2. ඇත්තට! දමිත් සුභම සුභ උපන්දිනයක්! ස්තුතියි කෙන්ජි මතක් කලාට.

      මම අටමට උත්තරයක් දුන්නා මට හිතෙන විදියට වෙන බ්ලොග් එකකදි අටම් කියලා තිබ්බ තැනක. නමුත් ඕක වඩා හොඳට දන්නේ චන්දන සහ සයිලන්ට් සහන්. බලමු උන් මොකෝ කියන්නේ කියලා.

      Delete
  11. නියමයි මචෝ. මට හිතාගන්නම බැරිවුනා මොකද වෙන්නෙ කියල.
    චිත්‍රෙ,
    මට නං එච්චරටම ඇල්ලුවෙ නෑ. උඹේ කළු සුදු ඉරිකෑලි චිත්‍රවලට මම වැඩිය කැමතියි. කොල්ලො දෙන්නගෙ මරුමුස් ගතිය එච්චර පේන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බං රාජ්.

      උඹ චිත්‍රවල නිර්දය විවේචකයෙක් කියලා මම දන්නවා. ඒකට මම කැමතියි. මෙහෙමනේ බං. මම ඔය කොයි විදියටත් අඳිනවා. අලුත් දේත් අත්හදා බලනවා. මේ චිත්‍රය ගැන මගේ ප්‍රකාශය ඔන්න ඉහලින් සෙන්නට දාලා තියනවා. තරහ නෙතුව පොඩ්ඩක් ඒක බලපංකෝ

      Delete
    2. චිත්‍ර ගැන ඉගනගන්න ඕන නං අද හැලපයිය දාපු පෝස්ටුව බලපං. අන්න චිත්‍ර!

      Delete

  12. //"හංගොල්ලො." ලීච් කියනවා. "හා, දැං බීපිය ඕක!"//

    මේක දැක්කාම මගේ හිතට එකපාරම ආවේ,'gag me with a spoon' කියලා... :D :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් පණිවිඩය ලැබිලා. කෝ ඉතින් අපිට විස්තර කීවේ නෑනේ?

      Delete
  13. මොනව කියන්නද එක හුස්මට කියවල ඉවර කරා. ඒත් නිමිද මන්දා.. නිකං මදි වගේ නේ බං...

    ReplyDelete
    Replies
    1. මදි? ඔන්න ඉතින් උඹේ පෙරේත කම. :))

      Delete
  14. ඩූඩ් ,දැන්නම් මට හිතෙනවා අලවන් පච්ච නැතුව ඇත්තටම පච්චය ගහගත්තා එකෙකුට කොච්චර පවර් එකක් ඇත්ද කියලා...අපේ ඔෆ්ෆිචේ එකට අලුතෙන් ආවා එකවුන්ට් ට්‍රේනියෙක් දවසක් මූ මිසින් හැමෝම හොයනවා , ඔන්න අන්තිමට රෑ එකහමාරට විතර මූ එනවා කාමරේට බලද්දී මූ පච්චයක් ගහන්න ගිහින් , අත පුරා පච්චයක් ගහලා රුපියල් නවදාහක් ගියාලු එකට , උගේ පඩිය මාසෙටම දහදාහයි ට්‍රේනිං මාස දෙකේදි

    ReplyDelete
    Replies
    1. මාර පොරක්නේ යකෝ!
      මට ඒ ඇඟ පුරාම ගහන බොඩි ආට් නම් අල්ලන්නේ නෑ බං. නිකං හමේ රෝගයක් වගේ. ඔය යම් යම් තැන්වල පොඩි පච්චයක් දෙකක් තියෙන එක එකක්. අරක නම් පව්කාරකම කියලා මට හිතෙනවා.

      Delete
  15. හපොයි මදෑ ඇන්ඩියා චන්ඩියෙක් වෙනවා බලන්න හිටිය...චන්ඩියා නොන්ඩියෙක් වෙලා හන්ගොල්ලොත් බිලානේ ..හික්..හික්..

    ReplyDelete
    Replies
    1. ගොළුබෙල්ලෝ කනවා නම්, බණ්ඩක්කා කනවා නම්... අනේ මන්දා බං...

      Delete
  16. ඔය කොරගෙන තියෙන්නේ වැඩක්.... ඇන්ඩියා ගානට වැඩේ කරගන්නේ නැතිව අධි තාත්වික වෙන්න ගිහින්නේ....

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ ඌ මිල්ක්ෂේක් බොන්න නොගිහින් එතනින්ම මාරු වෙලා යන්න ගොයොත් අරුං ඌට නිකම්ම යන්න දෙයි කියලද? ම්ම්ම්... මට එහෙම හිතෙන්නේ නෑ.

      Delete
  17. ඔය තියෙන්නෙ මිල්ක් ෂේක් එකක් හින්ද නාගෙන.
    බඩජාරිකම හින්ද තමයි අන්තිමට ‍කෙළවෙලා තියෙන්නෙ.

    මට පේන්නෙ අර චිත්‍රෙ බාල්දිය තියාගෙන ඉන්න එකා කෙල්ලෙක් වගේ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. උඹ එහෙම කියන්නේ කොණ්ඩේ හන්දාද? :)

      Delete
  18. මට නම් මුලින්ම තේරුනා ඇන්ඩියා නාන්න තමයි හදන්නේ කියලා... ඒත් වැඩේ තියෙන්නේ අන්තිම මොහොතේ හරි මේක අනිත් උන් දෙන්නට පොවල මාරු වෙන ජාතියේ කෙනෙක් තමයි ඇන්ඩි... බලමුකෝ...

    ReplyDelete
    Replies
    1. මේ කතාව නිමි බොල.

      ඔව් ඉතින් ගෑණුන්ට පුලුවන් කියනවනේ පිරිමි හැරෙනකොට මොකාටද එන්නේ කියන්න. ඒ ඔක්කොමත් හරි උඹ සාත්තර කාරි වෙච්චි... :))

      Delete
  19. පොඩ්ඩක් ඉඩ දුන්නම කරටම නගින්න්න යන එවුන්ට හොද පාඩමක් මේක

    ReplyDelete
    Replies
    1. ගෝනි නැතුව කරේ යන්න නේද මැලේ?

      Delete
  20. මදැයි චණ්ඩියට වෙච්ච හරිය.. හි හි

    ReplyDelete
    Replies

    1. ඇන්ඩියා චරිතාංග නලුවෙක්නේ. හැම රෝල් එකක්ම කරනවා අර නස් රුදීන් වගේ.

      Delete
  21. හපොයි ඇන්ඩියට වෙච්ච දේ! ඇඩ් එක දාලා අන්තිමට හංගොල්ලොත් බොන්න වුනාලු නේ! ඔහොම තමයි මං පොර කියලා හිතන් ඉන්න ගොඩක් අයට අන්තිමට වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පොරත්වයට මුක්කුවක් වුනානේ පච්චෙත්! ඒ වුනාට පව් අප්පා. බුලියෝ දිනුවනේ.

      Delete
  22. හංගොලු ජූස්..! ඒක බොන්න නම් ලේසි ඇති.. :D

    මං හිතුවෙ ඇන්ඩි කල්පනා ලෝකෙ හිටියෙ කියල. බලපුවාම මේකා නෑමට යමින් ඉඳල තියන්නෙ.

    ReplyDelete
    Replies
    1. මාත් හිතනවා බොන්න ලේසි ඇති කියලා, ම්කෝ ඝර්ෂනය අඩුයිනේ. ඔව් උඹ දැක්කෙ නැද්ද ටවල්, එකයි සබං පෙට්ටියයි?

      මොකක්ද බං අර අටමගේ කේස් එක? ඒක ගොඩ දාගන්න බැරි වෙයිද?

      Delete
  23. හරිම ලස්සනයි මචෝ කතාව. මට නිකමට වගේ හිතුනා මේකා ඉල්ලගෙන කන්න යන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඉල්ලං කනකොට හරි රසයි මචං. ස්තුතියි අයිලාස්.

      Delete
  24. මම මුලින් හිතුවේ පාට පැන්සල් වලින් ඇඳපු චිත්‍රයක් කියලයි,අර උඹ කලින් අඳින තනි පාට රූප මීට වැඩ ලස්සනයි මට හිතෙන හැටියට.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි උඹ ප්‍රොෆයිල් පික්චර් එකටත් කරලා තීනෙන්නේ නේද? චිත්‍රේ ගැන මම උඩ කමෙන්ට් එකකක් කිව්වා මචං.

      Delete
  25. අනේ අසරණ ඇන්ඩියැ... හික් හික්. හන්ගොල්ලෝ...:P

    ReplyDelete
    Replies
    1. ඇයි බොල අසරණ හංගොල්ලෝ! හංගොල්ලා කියන්නේ අන්තිම අසරණ homeless පොරක්නේ. ඒ කියන්නේ homeless snail.

      Delete
  26. ඩූඩ්ගෙ පරිවර්තන නම් ඉතින් කියලා වැඩක් නෑ. උපරිමයි. හංගොල්ලො ගැන කියනවා නම් ඩිස්ගස්ටින්.

    ReplyDelete
    Replies
    1. අනේ පව් අප්පා ගෙවලුත් නැති අසරණයෝ.

      බොහොම ස්තුතියි පිණිබිඳු.

      Delete
  27. මට හිතුණා අරු ඕනෙවට වඩා රෙස්පට් දානකොට මොකක් හරි අටමගලයක් වෙයි කියලා

    ReplyDelete
    Replies
    1. Don't push your luck කියලා අමු හිංගලෙන් කියන්නේ ඔන්න ඕකටයි බං. :D

      Delete
  28. ශයියෝ! මටත් චොකලට් මිලක් ෂේක් එකක් බොන්න ආව පෙරේතකම ලත් තැනම ලොප් උනා! බුවෑක්ක! :D
    හන්ගොල්ලෝ හරි කියුට් සත්තු.අනේ පව් උන්! :'(
    අතිසාර්ථකයි කතාව ඩූඩ් අයියේ.. භාෂාව නියමයි,කතාවට හරියටම හරි යනවා.

    ReplyDelete
    Replies
    1. හයියෝ මේක අල්තයීර්ට gastronomical disaster එකක් වුනාද? සමාවන සේක්වා. :)

      Delete
    2. උඹ පියාඹන රාජාලියා වෙච්චි.. මොකද ඔය සුප් එකට අකමැති?? :)

      Delete
  29. මම හිතුවේ මේක හෙන්‍රිගෙම වැඩක් කියලා.මොනවා උනත් මිල්ක් ෂේක් එක සිල්ක් වගේ ලිස්සලා යන්න ඇති නේද?BUY ONE GET ONE FREEකියන්නේ ඒකනේ.බොග වාඩිවෙන්න ඉස්සෙල්ලා යන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හුටා! අරූ එහෙමත් හිතුවද? මම නිකමට පරිවර්තන කීපයක් කලා අරූ. ඒක එච්චර කැමැත්තෙනුත් නෙවෙයි කලේ. ඒවට අපේ කට්ටිය කැමති වුන නිසාම ඉඳ හිට මම කැමති කතා පරිවර්තනය කරන්න ගත්තා. නමුත් මම කැමති ස්ව නිර්මාණ වලටයි. ඔය පරිවර්තන කියන ටැග් එකෙන් ගිහින් බලාපංකෝ වෙලාවක් තියෙනකොට.

      Delete
  30. අම්මෝ මම හිතුවට වඩා දරුණු දෙයක් වෙලා තියෙන්නෙ. බිම පෙරලගෙන ගැහුවනම් මීට හොදයි

    ReplyDelete
    Replies
    1. ෆ්‍රෙන්ච් රෙංටොරන්ට් එකකින් ගොලුබෙල්ලෝ කෑවයි කියලා හිත හදාගන්න සයුරි.

      Delete
  31. හැබැයි ඉතින් මිලක් ෂේක් හදන්නේ නැතුව රතු ළූණු, අමු මිරිස්, කෑලි මිරිස්, දාලා තෙලට දාලා අරන්, ලිපෙන් බෑවට පස්සේ දෙහි ඇඹුල් බින්දු දෙකකුත් දාලා ගත්තනම් පාන්, රොටී, කන්න පංකාදු පහට ගැලපෙයි කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බිලිං අච්චාරුව වගේ තියෙයි කියලා මට හිතෙනවා විචාරක. ඒක නෙවෙයි මට බෑනේ විචාරකගේ බ්ලොග් එකට කමෙන්ට් කරන්න. Sorry, Your comment was not published කියලා error message එකක් එනවා.

      Delete
    2. මෑත කාලදීනම් මට කවුරුවත් කිව්වේ නෑ එවැනි ප්‍රශ්නයක් ගැන. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකෙන් වුනත් එන්න පුළුවන්. අත්හදා බැලීමක් හැටියට ඔයා දැනට පාවිච්චි කරන බ්‍රව්සරය වෙනුවට වෙන එකකින් උත්සාහ කර බලන්න. කනගාටුයි අහන්නත් ඒ අපහසුතාවය ගැන.

      Delete
    3. මටත් පුදුම මම වර්ඩ්ප්‍රෙස් බ්ලොගකුත් ලියන එකෙක් වෙලත් එහෙම වෙන එකයි. නමුත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් වන රයිගම් හන්දිය, එතකොට ජනූගේ සිතුවිලි බ්ලොග් දෙකට ඕක බලපාන්නේ නෑ. නමුත් විචාරකගේ බ්ලොග් එකටයි, ජනිත්ගේ විකාර සිතුවිලි බ්ලොග් එකටයි කමෙන්ට් කරන්න ගියාමයි මේක වෙන්නේ. මම කීප අතාවක්ම උත්සාහ කරලා අතෑරලා දැම්මා.

      Delete
    4. මේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් කොහොමද බ්ලොග් රෝලට දා ගන්නේ අප්පා..

      Delete
    5. බ්ලොගර් දාන විදියටම තමයි මනෝජ්. URL එක අර කො‍ටුවේ අලවනවා

      Delete
  32. ඊඊඊඊඊඊඊඊඊයා ! හොඳ වෙලාවට රෑට කාලා බීල මේක කියෙව්වෙ. (කාපු බීපු වෙලාවට වමනෙ සීන් නම් නෑ මට :)))

    චිත්තරේ බලන්න කලින් එකට කීප පාරක් ගියා, අන්තිමට හිතුනා 2 කොටසට ම දාවි කියල. මම ඒත් නිකමට හිතුවා ඊයෙ රෑ ඩූඩ් දෙවැනි කොටස දායිද කියලත්, නිදාගන්න යන්න කලින් දොළහමාරට විතර ඇවිත් නිකමට බලලත් ගියා, ඊට පස්සෙනේ දාලා තියෙන්නෙ. චිත්තරේ පාට ගැන කලින් කමෙන්ට් එකක කියල තියනවනේ.. මම ඒත් බැලුවෙ මේක ඇඳපු කඩදාසිය ගැන.



    //...සංසුන්බාවය ගැන//

    // ස්ටීව් ලික්ගේ මිල්ක්ෂේක් එකට ගන්න නම් ආයේ..//

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩීඩීටී.

      සංසුන්බාවය නම් නිකං බයන්නෙන් ලිව්වේ මේකා එච්චර මහප්පරාණ පාවිච්චි කරයි කියලා හිතන්න බැරි කතා කරන භාෂාවෙන්ම වැඩේ ගොඩ දාගන්න කොල්ලෙක් නිසා.

      මිල්ක්ෂේක් එකට 'ගන්න' නම් ආයේ නම් ඇත්තටම වැරදීමක් 'ගන්න' නෙවෙයි 'ගහන්න' නම් කියලා නිවැරදි වෙන්න ඕනෙ. මේ හදනවා. ස්තුතියි බං නැවත වතාවක්.

      Delete
    2. හෝ හෝ හෝ ... සමාවෙන්න, එහෙමද සංසුන්බාවය උනේ. මට අමතක උනා හෙන්රි අයියා මේ පොරවල් කතාකරන හිතන පතන එව්වා උන්ගෙ භාෂාවෙන්ම දාන බව. අර වානරයන්ගෙ භාෂාවෙන් ‘ටාර්සන්‘ කිව්ව වගේ, අපේ එවුන් ‘ටාසන්‘ කිව්ව ගමන් වැඩේ කනවා. ඔයා අර රෝල් ඩාල්ගෙ කතාව පරිවර්තනය කරන්න ගිහිල්ලත් අතැඟිලි විශේෂඥයගෙ කයියට ගේමක් දුන්නනේ.

      Delete
  33. අනේ පව්!! අපේ පුංචි වීරයා.....:(

    ReplyDelete
    Replies
    1. දුකේ බැරුවා. හඳුංපොත කීං ගෑවා මයෙත් ඕං.:((

      Delete
  34. මම හිතුවේ මේ දෙබස//"අපි බලා ඉන්නේ බොසා ඕක 'රස විඳින' හැටි," ලීච් කියනවා.

    ලීච් 'රස විඳින' කියන කෑල්ල කිව්ව විදිය, ස්වරය මට එච්චර ඇල්ලුවේ නෑ.// යනකොට මුන් දෙන්නත් ඇන්ඩියාගේ මිලක් ෂේක් එකට හැලපයියා වාගේ බඩ සුද්ද වෙන්න මොනා හරි දාලයි කියලයි.:D

    හැබයි ඉතිං හන්ගොලොත් නරක නැහැ බං.මිලක් ෂේක් එක නිකන් මස් සුප් එකක් වාගේ තියෙයිනේ.=))

    මේ කතාවට මගෙන් බොට :-h

    ReplyDelete
    Replies
    1. :-h ස්තුතියි මනෝජ්. ඔව් බං අර මෂ් රූම් සුප් එකක් වගේ තියෙයි.

      Delete
  35. මට දැන් මිල්ක්ෂේක් බොන්නත් අප්පිරිය යි වගේ, අෆ්‍ෆා! ඒවටත් චොකලට් සිරප් නැති වුණා ම හංගොල්ලෝ දානව ද දන්නේ නෑ :D

    ReplyDelete
    Replies
    1. චීයා ධාරා කියන කතා! ඒවට හංගොල්ලො දාන්නේ නෑ. :-O ඔය හූනෙක් දෙන්නෙක් කැරපොත්තෙක් වගේ දෙයක් මිසක.

      Delete
  36. පලමුවෙනි කොටස කියෝල හොරෙන් ගියා.ඔන්න දැන් කොටස් දෙකටම කමෙන්ට් එක. මුලින්ම කියන්නම් මොකද මන්ද මට ඇන්ඩි එක්ක තරහයි.ඇයි හැම තිස්සෙම අනුන්ට ගිනි ගෙඩි දෙනවනෙ. පලමුවෙනි කොටස කියවද්දි හිතුන මුගෙ ලොකුකම කියල.

    දෙවෙනි කොටසෙ අන්තිම හරිය කියවද්දි අනිත් දෙන්න, ලික් හා ලීච්, පච්ච පෙන්නපුවම මට සතු‍ටු හිතුන. හොඳ වැඩේ කියල .

    ඉට පස්සෙ සිරප් තිබුනෙ නෑ කියන කොට හිතුන මොකක් හරි අවුලක් තමා කියල.
    ඊයාආආආආආආආආආආආආආආආආආආආආආආආආ

    කොච්චර a අකුරු දාල කිව්වත් අප්පිරියාව ඇරෙන්නෙ නෑ. ම්ට මැවිල පේනව හංගොල්ලන්ව බ්ලෙන්ඩර් එකේ පොඩි වෙන හැටි.අර කොල්ලට ඒක බොන්න වෙන්න ඇති නේද?

    මොනව වුනත් පොඩි එක්ස්කියුස් එකක් දීල කතාව පොඩ්ඩක් වෙනස් කරන්නයි තිබුනෙ. පව් අප්ප.

    ඉඳල ඉඳල ඩූඩුත් ඉතින් දානව නව නලු රසයම තියෙන අපිව කැලඹිලා යන කතාවක්!

    ReplyDelete
    Replies
    1. නව නළු රසයම! ඇත්තටම මොනවද දන්නෑ ඒවා නේද?

      බොහොම ස්තුතියි Blue Lotus. පියවරෙන් පියවරම විස්තර කරලා! :)

      Delete
  37. ඊයා...................

    මම බලපු සිංහල කතාවක් මතක් උනා..ඒකෙ නම "වීරයා ගෙදර ඇවිත්"...ඒකත් මේ වගේ තමයි

    ReplyDelete
    Replies
    1. "වීරයා ගෙදර ඇවිත්"? අහලවත් නෑ රෙහානි? ඒකත් පරිවර්තනයක්ද?

      Delete
    2. නෑ ඒක ඒකාංගික ටෙලි නාට්යක්..

      Delete
  38. හඃ.. අම්මපා මුල් ටික කියවද්දී මං හිතුවා ඩුඩ් පච්චයක් කොටලා තමා කියල.. ටිකක් කියවන යද්දී තමා තේරුනේ මේ ඇන්ඩ් නේද කියල.. මුටත් වෙන්නේ දෙය්යනේ කියල මරි වැඩ ම තමා නේ.. මං හිතුව ඒත් පච්චේ හින්දවත් මු අද බේරෙයි කියලා.. කෝ ඉතිං.. බීපිය දැන් ඕක..

    ReplyDelete
    Replies
    1. හිටපල්ලකො මාත් මෙච්චර කල් පෙරුම් පුර පුරා හිටපු පච්චේ කොටාගෙන ස්ටේටස් අප්ඩේට් කරන්න.

      මූට වෙන්නේ නම් මරි වැඩම තමයි. මම හිතන්නේ මූ ලියන්නේ එහෙම වෙච්ච කේස් විතරයි.

      ඇලෙක්ස්. ලියාපංකෝ බං අර බ්ලොගේ මොනවාහරි, වස් දොස් යන්නත් එක්ක.

      Delete
  39. රසපිරි “ඇන්ඩි“ කතාවක්..
    අද නම් ඇන්ඩි පාඩමක් ඉගෙන ගෙන වගේ..!!

    ReplyDelete
    Replies
    1. රස විතරද? ඇයි ගුණ? හංගොල්ලො හරි ගුණයි කියන්නේ ඔය...

      Delete
  40. හෆූ ඩූඩ්...... මිල්ක් ෂේක් එකට මොකක් කොලත් කමක් නෑ, හංගොල්ලො බ්ලෙන්ඩර් කරපු එක? කුජීතයි ඈ...

    ReplyDelete
    Replies
    1. හංගොල්ලෝ පවා සතු‍ටු වෙනවා (ලේ බොන්නා වුනත්) උඹ එහෙම හිතපු එකට ඩ්‍රැකී.

      Delete
    2. හං ගොල්ලො කොහෙද ලේ බොන්නෙ ? ලේ බොන්නෙ කූඩැල්ලොනෙ හෙන්රියෝ !

      Delete
    3. බොල, ලේ බොන්නේ ඩ්‍රැකී. (ඩ්‍රැක්‍යුලා). ඌ ලේ බොන්නා වෙලත් හංගොල්ලො ගැන අනුකම්පා කලානේ!

      Delete
  41. අපරාදෙ ඔච්චර ඉක්මණට වැඩේ එලි කලේ.. බොනකල් එහෙම ඉඳලා හංගොල්ලෙක් පෙන්නුවා නං මේං චොකලට් ක්‍රීම් කියල ම්ම්ම් ...

    ReplyDelete
    Replies
    1. එතකොට මචං, අරුන් දෙන්නට ඇන්ඩියා ඒක රස විඳින හැටි බලා ගන්න බැරි වෙනවනේ. ඒ කියන්නේ ඌ බොන්න පටන් ගන්නෙම හොංගොල්ලෝ බව දැනගෙන. අන්න 100% ආතල් එක.

      Delete
  42. funnyyyyyyyyy.....හරිම ශෝක් කතාව...
    dude..ඉඳ රටක හරි මනසින් ළමා වියට යන්න මේ වගේ කතා ඔස්සේ පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කළු සහ සුදු.

      ඇත්තෙන්ම මමත් හුඟක් ආසයි මේවගේ කතාවලට. මම විතරක් නෙවෙයි. තව හුඟ දෙනෙක් එහෙම බව කමෙන්ට් වලින්ම පේනවනේ. :)

      Delete
  43. මුල ඉදලා අගටම කුතුහලය පිරිලා...එකයි මම මෙිතරමි උඔගේ කථා වලට කැමති

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සංජීව. ආයෙ වෙලාවක් තියෙන වෙලාවක තව එකක් දාන්නම්. :)

      Delete
  44. කාලෙකට පස්සේ කොමෙන්ටුවක් දාන්න හම්බ උනේ අද මගේ එකවුන්ට් එකට කෙලවෙලානේ තිබුනේ බලල ගියාට කොමෙටුවක් කෙටුවේ නැත්නම් ඇඟට කිසි කික් එකක් නැහැනේ ඩුඩ් අයියේ

    ReplyDelete
    Replies
    1. කෝරළේ උත්තමයා දැකපු කල්! කික් එකක් නෑ නේන්නං. ඒවුනාට තමුන්නාන්සේ අර ඉගැන්නිල්ලට ගියෑයින් පසේ පට්ට බිසි නේහ්? :)

      Delete
  45. ශිහ් හන්ගොල්ලො මිල්ක් ශේක්… =D>

    අර දෙන්න බය පෙන්නල තියෙන්නෙ බොරුවට කියල නිකන් වත් හිතුනෙ නෑනේ :)) :O :D

    හරිම ලස්සන පින්තුරෙ ඩුඩ්…කතාවට හොදට ගැලපෙනව :-h

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>