Saturday, September 21, 2013

93. එහෙනං ඒකත් එහෙමයි, ඈ?

 

136 comments:

  1. වසරක් ආවට සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රංග.

      මම http://boompeek.com/ එකට ගිහින් බැලුවා. ඒක රංගගෙද?
      අදහසක් හැටියට කිව්වොත් මිල නොදා For the Best Offer දාන එක නම් අවාසියක්.

      Delete
    2. සයිට් එක මගේ වුනාට වාහන මගේ නොවෙයි නේ. For the Best Offer කියලා වැටෙන්නේ වාහනය විකුණන කෙනා මිල නොදැම්ම විට. ඇත්තටම එය ඔහුට අවාසියක්. බොහොම ස්තුතියි පැමිණියාට.

      Delete
    3. ඒක හරි! මම ඔන්න ඒක බුක්මාක් කරගත්තා. මම ආසා ෆීල්ඩ් එකක්නේ. මම තව දන්න උන්ටත් කියන්නම්.

      ඒයි කොල්ලනේ කෙල්ලනේ. මේ සයිට් එකේ තියෙනවා පාවිච්චි කරපු වාහන විකුණන්න, ගන්න දෙන්න ඕනෙ එකක්. හොට දාලා බලාපල්ලා.

      http://boompeek.com/

      Delete
    4. නැතුව? උඹ හිතුවද මේක තැබෑරුමක් කියලා? :))

      Delete
    5. මං ඇහුනේ පරණ වයිෆ්ලා විකුණගන්න බැරිද කියලයි...(හුවමාරුවට උනත් කමක් නෑ)

      Delete
    6. දේශක යා ට වගේ තව පිරිසකට එහෙම අවස්යතාවයක් තියෙනවා නම් පරණ වයිෆ්ලා විකිණීමට සහ හුවමාරුවට සයිට් එකක් දෙන්න පුළුවන් වාහන සයිට් එකේ පොඩි වෙනසයි කරන්න ඕන. brand name, model වගේ ඒවා අයින් කරලා option ටික වෙනස් කරන එක විතරයි නේ තියෙන්නේ. ඕන නම් rent එකට දෙන්න වුනත් පුළුවන්.

      Delete
    7. අපොයි එහෙනං එපා. රෙන්ට් කරාම අන්තිමට නඩත්තු කරන්නවත් බැරි තරං පරණ බඩු තමා අයේ රිටන් වෙන්නේ

      Delete
  2. අවුරුද්දක් එකම ඩෙනිම ඇන්දාට සුබ පැතුම්,එකපාරක්නම් හේදුවා නේ...

    ReplyDelete
    Replies
    1. මේක නිතර හෝදනවා බං. පේන්නැද්ද නිල් පාටට බැබලි බැබලි තියෙන රඟ?

      Delete
    2. නෑ මං කිව්වේ එකපාරක් බ්ලොග් රෝල්වල අප්ඩේට් වෙන්නේ නැතුව ,ඩෙනිම ගලවලා සතියක් විතර හෙළුවෙන් දිව්වානේ...මතක නැද්ද

      Delete
    3. නැතුව නැතුව. එහෙම කලා නේන්නං. බොට හොඳ මතකයක් තියෙනවා. :)

      Delete
    4. මං හිතන්නෙ චන්දනයා තමා හෝදල දුන්නෙ ඒ සැරේ..!දැන් ඌත් ආගිය තැනක් නෑ...ඩෙනිමෙ ගඳටද දන්නෑ..!!!

      Delete
  3. සුබ පැතුම් මචං! :) (නොසෝදා අඳින්න පුළුවන්!)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රයිගම්!
      ඩෙනිම හෝදනවෝ!

      Delete
  4. බොහොම වාසනාවන්ත දවසක වැඩේට අත ගහලා තියෙන්නේ.. අපේ පොඩි එකාගේ බෝර්ත් ඩේ එකත් අද..

    එහනම්............. හැපි බොර්ත් ඩේ ඈ........

    ReplyDelete
    Replies
    1. පොඩි එකාට සුබ උපන්දිනයක්!!!

      මතක ඇතුව ෆොටෝ එකක් ගන්ට :D

      Delete
    2. පොඩි එකාට සුබ උපන්දිනයක්

      Delete
    3. මාතලංගේ පැටියට සුභ උපන්දිනයක්!

      Delete
    4. සුබ උපන්දිනයක් පොඩි මාතලංට.

      Delete
    5. පොඩි මාතලන්ට සුභ උපන්දිනක්

      Delete
    6. මාතලන් පොඩ්ඩට සුබ උපන් දිනයක්

      Delete
    7. සුබ උපන්දිනයක් මාතලන් පොඩ්ඩො

      Delete
    8. පොඩි එකා කිව්වෙ..? කොච්චර පොඩි එකෙක්ද මාතලන්..!පැටියට සුබ උපන්දිනක්..වේවා..!!

      Delete
    9. අනුන්ගේ බ්ලොග් එකක් අස්සේ වුනත් මාතලන්ගේ පොඩි හාදයාට සුබ උපන්දිනයක්.

      Delete
    10. මාතලං පැටියා තාත්තා වගේම හැදියං... රටේ ලෝකේ වෙන හැම දේම දැනගෙන... හැපි හැපි උපන්දියක් වේවා

      Delete
    11. පොඩි මාතලන්ට සුභඋපන්දිනයක්!

      Delete
    12. බොහොම ස්තූතියි හැමෝටම...

      Delete
  5. සුබ පැතුම්!!!

    එකපාරක්වත් හේදුවද හී හී...?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි!
      මේ වගේ පිරිසිදු ඩෙනිමක් ලොවෙත් නෑ! :)

      Delete
  6. අඩෝ හෙන්රිය.... අවුරුද්දට මල්..මල්...සුභ පැතුම්...!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං. :-f

      Delete
  7. වසරක් තුල හුදෙක් අප වැන්නවුන්ගේ අවපාතයන්ට ලක්වී ඇති සිත්-සතන්හි සුව පිණිස ලියූ බ්ලොග් ලිපි වෙනුවෙන් වැයකල ඔබගේ වටිනා කාලයට (ඔන්න අදත්) මගේ විශේෂ ස්තුතිය. ඒ එක්කම වර්ෂ පූර්ණය වෙනුවෙන් උණුසුම් සුභපැතුම්...!!

    (ඩූඩ් අහලා තිබුණානේ මම දාපු කොමෙන්ට්ස් වල අන්තිමේදී ස්තුතියි කියලා තියෙනවා දැකලා... "ඇයි බන් උබ ස්තුතියි කීවේ" කියලා.. මෙන්න පිලිතුර...ඉතිං සෑහෙන කැපවීමකින් අප වැන්නවුන් වෙනුවෙන් කරනලද නිර්මාණයකට අඩුගානේ, අවසානයේදී "ස්තුතියි" වත් නොකියා වෙන මොනවා කියන්නද?? ..:D)

    ජයෙන් ජය කීවා.

    ReplyDelete
    Replies
    1. එහෙම නම් බොහොම ස්තුතියි ගමේ හිතවතා. :)
      උඹලත් අවපාතයට ලක් වෙලාද ඉන්නේ?

      Delete
  8. අවුරුද්දක් ඩෙනිම ඇඳලා හෝදලා නම් නෑ
    ඩෙනිම අපිත් දිගට බැලුව කියල වැඩක් නෑ
    ජේත්තුකාරය බ්ලොග්වල නොයන තැනක් නෑ
    ඔන්න අපිත් සුබ පතනව කටවහ වෙන් නෑ

    ඩෙනිම ඇඳන් තවදිගු කාලයක් දුවන්න
    ඇන්ඩි කතා බීපුකතා තව පවසන්න
    හැමදාමත් අපි එනවා ඒවා බලන්න
    කේක් කෑල්ලක් බෙදන්න ආවම කන්න

    ReplyDelete
    Replies
    1. ලස්සන පබැඳුමට බොහොම ස්තුතියි ඉවාන්. ඇයි බං අර මාරක කේක් එක කාලා වෙච්ච දේ මතක නැද්ද? අර කකුල් ආකාසේ දිහාට දික් වෙලා, දරදඬු වෙලා...

      Delete
  9. සුබ පැතුම් ඩූඩ් ! අහලක පහලක හිටියා නම් හැලප පාටියක් දෙනවා ...

    ReplyDelete
    Replies
    1. ඒ පාර මාතලන්ව අත්හැරලා උබ හැලපයියව අල්ලගන්නද යන්නේ....... එනවා මෙතන බෝත්දේ වලට හැලප දෙන්න

      Delete
    2. තව මාස කීයද බං. මේ එනවා.

      මැලේ රාළ, ඒ හැලපත්, මේ හැලපත් අතර, තවත් හැලප තිබේ. මේවා කොළඹ හතේ හැලපය.

      Delete
  10. මගේ ඩෙනිම, නොවියැකී, දුර්වර්ණ නොවී, දිගුකලක් වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක.
      ෆේඩ් වෙන තරමට, හමයන තරමට, නූල් ඇදෙන තරමට තමයි ඩෙනිමේ ගැම්ම කියලා හිතෙන්නේ නැද්ද? :))

      Delete
    2. මේ මේ විචාරක මාමත් නරකද ඔය වර්ඩ් ෆේස් මෙලෝ රහක් නැති ෆුල් සූට් එක ගලවලා බ්ලොගර් ජීන්ස් එකක් ඇන්දානං .

      Delete
  11. සුබ පැතුම් අවුරුද්දක් ඩෙනිම ඇන්දට.
    තව බොහෝ කාලයක් මේක හෝදන්නෙ නැතුව අඳින්න හැකියාව ලැබේවා කියල පතනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසන්නයා. අර කොන්ක්‍රීට් බ්ලොග... එක්කෝ ඕනෙ නෑ.

      Delete
  12. ඩුඩා මාමේ මගෙනුත් සුභ පැතුම්, ඒ වගේම තැන්ක්ස් අවුරුද්දක් තිස්සේ අපිව හිනැස්සුවට ,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කොලුවෝ. ඒක නෙවෙයි, උඹ මේ ඉන්නවා, මේ නෑ.

      Delete
  13. සැබෑවටම හා බ්ලොග් ලෝකයේත් ගුරුවරයෙකු වෙමින්
    ලස්සන කොමෙන්ටු කොටන්නට පාර පෙන්වමින්
    රස බේරෙන, අත්දැකීම් වලින් පිරි පොස්ටු දමමින්
    දීගුකල් වැජබෙන්න පතමි අසිරි සෙනෙහසින්

    කවියක් නෙවි ඈ ..........



    ReplyDelete
    Replies
    1. මොකද කවියක් නොවෙන්නේ. මට නම් ඉහටත් උඩිං.

      බොහොම ස්තුතියි මැලේ රාළ.

      (මට හිටපු ගමං අමතක වෙලා තමයි ඔය බ්ලොග් ලෝකෙත් ගුරුවරයෙක් වගේ හැසිරෙන්නේ. ඇත්තෙන්ම ඒ වැඩේට මමත් කැමති නෑ. නමුත් ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ.)

      Delete
    2. එල රාල සුපිරියි.....
      මටත් මේ ටිකම තමයි කියන්න තියෙන්නෙත්....

      Delete
  14. අවුරුද්දට සුබ පැතුම්,තවත් අවුරුදු ගණනාවක් ඩෙනිම අඳින්නට ලැබේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි හැලපේ.

      කාලයක් අඳින්න ඕනෙ නිසාම තමයි ඩෙනිම කියලා දා ගත්තෙත්.

      Delete
  15. මගේ උණුසුම් සුබ පැතුම් ඩූඩ්! පහුගිය දවස්වල පේන්න හිටියෙ නෑ නේද?

    තව දිගු කාලයක් අපිට කියවන්න රසවත් නිර්මාණ ගේන්න වාසනාව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිතූ.

      පහුගිය කාලේ ටිකක් වැඩ තිබුනා. ඒත් මම අනිත් අයගේ බ්ලොග් කියවලා කමෙන්ට් හිටං දැම්මා. මම සද්ද නැතිව හිටියේ සති දෙකක් විතර වගේ.

      Delete
  16. ඒ කියන්නේ මේ ඩෙනිම දැන් අවුරුද්දක් පරණයි..

    සුභ පැතුම් අයියේ..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්, ඩෙනිම අවුරුද්දක් පරණයි. මට හිතෙන හැටි සහ HeyDude අවුරුදු දෙකහමාරක් විතර වයසයි.

      බොහොම ස්තුතියි. :)

      Delete
  17. මගෙනුත් උණුසුම් සුභ පැතුම් තවත් වසර බොහෝ ගණනක් මේ ඩෙනිම අඳින්නට හැකිවේවා... නොහෝදම ඇන්දොත් ගීනස් වාර්තාවක් උනත් තියන්න පුළුවන්... :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තොටීස්. මොකෝ පේන්නවත් නැත්තේ? ඔහෙන් මොකක් හරි සැට් කොරගෙනවත්ද? :))

      Delete
    2. හෑ? සැට් උනාම එහෙම නොපෙනී සිටීමේ හැකියාවකුත් ලැබෙනවද :P

      Delete
    3. කන මැල්ලුමේ හැටියට තමයි ඉතිං. එහෙම අබග්ගයක් වුනාවත්ද මේකාට?

      Delete
  18. මගෙන් උනුසුම් සුබ පැතුම්.තමන්ගෙම ගමනක් ආත්ම අබිමානයෙන් මෙ විදියටම ගොඩාක් දුර පලයන් මචන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දමිත්. ඒක තමයි මගේ අරමුණත්. :)

      Delete
  19. උණුසුම් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිලංග. මමත් උඹව හොයන්න දෙකෙළවරටම ගිහින් ආවා. :) උඹ හිටියේ නෑ.

      Delete
  20. මම ඉතින් උඹලගේ සමාජෙට අලුත් නොවැ, එත් මම උඹේ බ්ලොග් එක සම්පුර්නෙන්ම කියේව්ව ඩුඩ්
    මෙතෙක් කල් , මම කියවපු සුපිරිම පරිවර්තන කෙටිකතා ටික වෙන කාගෙවත් නෙවේ උඹේ...
    උඹේ හැකියාව සුපිරියි බං මට ඉතින් වෙන වචන නැහැ.....
    තව චිරාත් කාලයක් ඩෙනිම පවත්වාගෙන යන්ට හැකියාව ලැබෙත්වා...
    තව ගොඩක් දුර පලයන් මචං

    ReplyDelete
    Replies
    1. මොනවද බං සමාජෙට අලුත් කියන්නේ? උඹත් ලාස්ට් රෝ බුවෙක් වෙච්චකොට කොහොමද අලුත් වෙන්නේ? (මේ අර ගලපාතයගෙ Facebook පි‍ටුවේ ප්‍රශ්ණයක් අහලා තිබ්බා උඹ ඇත්තටම අන්තිම පේලියේ ෂැගියා නෙවෙයි වෙන්න ඇති කියලා. මම කිව්වා ඌම තමයි කියලා. ගිහින් හොට දාලා වරෙංකෝ.)

      බොහෝම ස්තුතියි විදුරයා. උඹටත් කිසිම අතුරු අන්තරාවකින් තොරව, උඹේ චාරිකා වල යෙදිලා අපිත් එක්කත් ඒ රසවත් අත්දැකීම් බෙදාගන්න ලැබේවා කියලා පතනවා.

      Delete
  21. ලබන ආත්මේ එක ඩෙනිමේ කකුල් දෙක වෙලා උපදින්න පතනවා :) එක් වසක් සපුරන ඩෙනිමට මගේ සුබ පැතුම් !!!!

    ඩෙනිම හොයා ගත්තු හැටිත් හොයලා දාපන්.

    ReplyDelete
    Replies
    1. ඒක මාර පැතුමක්නේ බං. මරු ඈ.

      මමත් එහෙම කල්පනා කලා. නමුත් එතකොටම තවත් බ්ලොගක ඩෙනිමේ උපත දාලා තිබ්බ නිසා මම කල්පනාකලා ඒක නිකම් කොපිකැට් පාරක් හරි, එකට එක කිරීමක් හරි වෙයිද කියලා. නමුත් පස්සේ ඒ ගැන කොටස් කීපයක්ම දාන්න තමයි ඉන්නේ.

      බොහෝම ස්තුතියි මචං.

      Delete
  22. ඩූඩ් මං බොට එකක් කියන්නද..? මං බොගේ ඩෙනිමට ආසම...හරිම සුහදශීලී,හිනායන...හා සමහර විට දැනුම එක් කරන සංවාදශීලී කමෙන්ට් හා රිප්ලයි නිසයි.

    දිරිය ශක්තිය නොමදවම ලැබේවා..!
    මට අදවගේ මතකයි. උඹට මම ගලක් උස්සන්න යන පොටෝ එකට ...උපහාසයෙන් යමක් කීවම උඹ ඒකට දීපු රිප්ලයි එක...කේන්තියෙන් නොවුනත්...උඹ ඒදීපු රිප්ලයි එකෙන් මගේ හිත මෙව්ව වෙලා ගියා..සැහෙන්න කනගා‍ටු උනා මම ලියපු දේට දුර දිග නොබලා..!( හිතේ කිසි කහටක් නැති වගත් කියන්න ඕන)

    ReplyDelete
    Replies
    1. මම ඒ පෝස්ට් එක ඇරලා බැලුවා උඹ මොන හරුපයක්ද මේ දොඩවන්නේ කියලා. ඇත්තෙන්ම මට මතක තිබ්බේ නෑ එහෙම එකක්.

      උඹ මෙහෙම කියන්නේ ඇයි?

      "සැහෙන්න කනගා‍ටු උනා මම ලියපු දේට දුර දිග නොබලා..!"

      එතනදි වුනේ මේකනේ.

      උඹ කිව්වා මෙහෙම: ආ...හරිනෙ..රුවන්වැලිසෑයෙ පවුර වටේම ඔහොම කට්ටිය ගොඩක් ඉන්නව නෙවින්නම්..උහුලන්න බැරි බර උහුලාගෙන.
      (ඒ කියන්නේ උඹ මාව වාමන රූපයකට සමාන කරපු එකනේ. ඉතිං මම ඒක විහිළුවක් විදියට බාර ගත්තා. දැන් මට මේකට උත්තර දෙන්න ඕනේ වුනා ක්‍රමයට.)

      මම කිව්වා මෙහෙම: රුවන් වැලි සෑයට ග්‍රීක මූර්ති ශිල්පයේ ආභාශය තිබ්බ බව මම දැනගෙන හිටියේ නෑ. කොටින්ම ඇට්ලස් යෝධයගේ පිළිම තිබ්බ බව මම දැනගෙන හිටියේ නෑ. ස්තුතියි වීයා.
      (ඒ කියන්නේ, වාමන කතාව මට තේරුනේ නෑ. මම ඇට්ලස්ගේ ග්‍රීක ප්‍රතිමාව තරම් හැඩයි)

      ඉතිං විහිළුවට උඹ ඇස් රතු කරගත්තේ මොකද? උඹ කල විහිළුවට මම හිත රිදවාගත්තා කියලා උඹ හිතුවේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. ඉතින් මොකටද උඹ කණගා‍ටු වුනේ ? උඹේ විහිළුව මම විහිළුවක් හැටියටම තේරුම් ගත්තාම? මම කලේ විහිළුවට, විහිළුවකින් පිළිතුරු දීමනෙ බං.


      උඹ නෝට් කරලා ඇති, මම සාමාන්‍යයෙන් විහිළු කලාට, විහිළුවට සුහද මඩ පාරවල් එල්ල කලාට, හිතා මතා කාගෙවත් හිත රිදෙන දේවල් කියන්නේ නැති බව.

      Delete
    2. ඔය ගාල්ලේ උන්ගේ හැටිමයි. වැඩ බැරි උනත් පුක ලෑල්ලේ කියල නේ හිතං ඉන්නේ... හැක්

      Delete
    3. අනිව...අනිව...මම දන්නව උඹ බොක්ක හොඳ එකා කියල...!
      මෙහෙමයි..මම මතු කරල කීවෙ. මමහිතුව උඹට ඒකට ටිකක් හිත රිදුන කියල ඉතින් උඹ හර්කියුලිස් ගැන කියල පොඩි සෝපහාසයක්දුන්න කියල යි මට හිතුනෙ. ඒ කියන්නෙ මට හිතුනෙ මම වැරදි දෙයක් කීව කියල...! මමත් උඹේ ජාතියෙමයි කිසි කෙනෙකුගෙ හිත රිදවන්න කැමති නැහැ.ඒකයි මම කනගා‍ටු උනේ.

      මේ වෙලාවෙ මේක කිව්වෙ. උඹේහොඳගතිගුනයක් ඉස්මතු කරන්න මිසක් වෙනකක් නොවේ. ඒ උඹට අපහාසයක්( විහිලුවට හෝ) කලත් තව කෙනෙකුට උඹ පෙරලා අපහාස එල්ල කරන කෙනෙක් නොවනබව උඹපෙන්නුවා..!


      දේශා....මොකක්ද බං පුක ලෑල්ලෙ කතාව..!

      Delete
    4. ගම ගාල්ල.. පුක ලෑල්ල..

      වැඩ බැරි උනත් ගම ගාල්ල...

      හැක්

      Delete
    5. අනේ පල ඕන හැටියෙ තියෙනව බං...!*ක.

      වැඩත් ඇහැකි බං..!

      Delete
  23. වසරක ගමනට මගේ අක්මාවෙන්ම සුභ පැතුම් හෙන්රි උතුමාණනි..

    අවුරුද්දක්ම හේදුවේ නැති ඩෙනිම පොඩ්ඩක් පෙගෙන්න දාලා හෝදලා වැටේ වනපන් අයියෙ...ජය!

    ReplyDelete
    Replies
    1. අපොයි එපා බං මූ ඒක උස්සන් දුවාවි. අන්න අපේ වැටේ එල්ලහං.. බල්ලෙක්වත් එන එකක් නෑ සුගන්ධියට...

      Delete
    2. @සිරා: නැහ්නං නැහ්නං පාට්නර්. උඹ උණ්ඩුකපුච්ඡයෙන්ම සුභ පතන බව මට ෂුවර්. ඇයි බං නැතිනම් මොකටද මේ පාර්ට්නර්ෂිප් එක!

      @දේශ්: උඹ කියන එකෙත් ඇත්තක් තියෙනවා. මූ ඕක වේලෙන්නත් කලින් අරං ඇඳගෙන යයි. මූත් අඳින්නේ ඩෙනිම් සහ රතු ෂර්ට්නේ. මම හිතන්නේ මූට රතු ටීෂර්ට් විස්සක් විතර තියෙනවා. දැන් තව ගනී.

      Delete
    3. හා හා තාම මතකයි නේද රතු ටී ෂර්ට් ගැන...සිරා ඉදලා ඉදලා ලව් කලෙත් රතු කොණ්ඩෙට නොවැ...

      Delete
  24. තව,තවත් ඩෙනිම පට්ට ගහන්න ලැබේවා.
    ජයෙන්,ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මනෝජ්. ආවඩායිබෝ, ආයිබෝ ආයිබෝ! :)

      Delete
  25. මිස්ටර් හැන්රි බ්ලොග්වෝර්කර්... ඉට්ස් බීන් අ ප්ලේෂර් ටු සේ දැට් යු ටුක් දැට් අග්ලි ඩෙනිම් සෝ ෆා ෆෝ එනදර් ඉයර්.. හැපි ඇනිවැසරි හැන්රි.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. උඹත් හෙළ හවුලේ එකෙක්ද කොහෙද මේ ඉංගිරිසුත් හෙලුවන්ම වනලා තියෙන්නේ.
      ඔය 'ඇ' ශබ්දයට ඒ දවස්වල කිව්වේ, "හෙළ අවුලේ විකාර 'ඇ'කාරය" කියලා.

      බෙහෙවින්මැ ඉස්තූතියැ.

      Delete
  26. අවුරුද්දට සුබ පැතුම්.....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි රෙහානි.

      Delete
  27. සුභ පැතුම් හෙන්රි..
    ඩෙනිම බොහෝ කාලයක් යෙහෙන් අප්ඩේට් වේවා..!!

    ReplyDelete
    Replies

    1. බොහෝම ස්තුතියි රූ. ඇයි දැන් වැඩිය දකින්න නැත්තේ? බ්ලොග් පෝස්ට් එකක් ලියපු කාලයක් මතක නෑ නේද?

      Delete
  28. ඩුඩ් අයියේ පසුගිය වසරක් තුලදී ඔබෙන් ලබාගත් දැනුම විශාලයි. අත්දැකීම්, කෙටි කතා, ඔබගේ දැක්ම.... වසරක් පිරීම නිමිත්තෙන් මගේ උණුසුම් සුභ පැතුම්. රසවත් හරවත් දෑ ලියන්නට හැකි වේවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කෝරළේ මහත්තයා. ඒක ලස්සන පැතුමක්.

      Delete
  29. සුබ පැතුම්! දිගට ම ලියමු.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි දිලිණි.

      Delete
  30. ඩෙනිම මැව්වේ විශ්ව බලධාරියෙක්...දුප්පත් කොල්ලන්ගේ කාලය මුදල් ඉතුරු කරගන්න කරපු අනර්ග නිපැයුමක්. පරණ වෙනකොට ඉරිච්ච තැන් වලට අණ්ඩ දැම්මත් ඒකත් ෆැෂන් එකක්නේ.

    සුභම සුභ සංවත්සරයක් වේවා ඩෙනිමට ඩුඩ් අයියේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ජීන්ස් සහ ටී ෂර්ට් කවදාවත් never goes out of fashion කියනවනේ. මගෙත් ප්‍රියතම ඇඳුම.

      බොහෝම ස්තුතියි පැතුම්!

      Delete
  31. මුලින් හිතා ගන්න බැරි වුණා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා! ඩෙනිමට සුභ ම සුභ උපන් දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඇත්තට? මේක මම ලියපු කෙටිම පෝස්ට් එක වෙන්නැති. ඒ වගේම සමහරවිට කම්මැලිම පෝස්ට් එකත්! (ඒක වෙන කවුරුවත් කියන්න කලින් මමම කියාගත්තා.) :D
      බොහෝම ස්තුතියි ධාරා.

      Delete
  32. සුභපැතුම් හෙන්රි අය්යා. අපි සවුදිය පුරමු /// d-)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කම්මල්. පුරමු පුරමු. දැන් ආයේ ඒ කාලෙ තමයි එන්නේ. මේ ඇඟිලි ගනිනවා.

      Delete
  33. හෙන්රි අයියා, සුභම සුභ පැතුම් ඔන්න මගෙනුත්...

    අපි තාම ඩයපර් අන්දන වයසෙනේ... දනගාගෙන එන්නම්කෝ තව ටිකක් කල් ගිහින්....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සඳුනිමා නොහොත් අපේ ගලපාතයා.
      ඩයපර් ඇඳිල්ල වැඩි දවසක් තියෙන්නේ නෑ බං.
      ඊ ලඟ පියවරට ප්‍රොමෝෂන් ලැබෙනවා.
      නාඬා හි‍ටු. :))

      Delete
  34. හප්පා.. ඩෙනිම අවුරුද්දක් ඇන්දද කිළුටු පිටින්ම... හි හි...

    ReplyDelete
    Replies
    1. ඩෙනිමක් කිව්වම කිළු‍ටු වෙන්නම ඕනේ නෑ බොලව්. මේක යකාගේ වැඩක්නේ. :-O
      බොහෝම ස්තුතියි හිරු.

      Delete
  35. අඩේ සැප්තැම්බර් 22 කිව්වා?? අයියා බ්ලොග පටන් අරන් තියෙන්නේ මගේ උපන් දිනේ දවසෙනෙ ඈ.. හරියටම 17 වෙනි එකේදී.. මේ පාර නම් මං වැඩිහිටියෙක් වුනානේ.. හිකිස්.. එල එල තව චිරාත් කාලයක් කෑලි මූට්ටු කර කර එකම ඩෙනිම අදින්න හෙන්රි අයියට වාසනාව ලැබේවා.......!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ආහා, උඹ එහෙනම් වැඩිහිටියෙක් වුනා නේ? දැන් ආණ්ඩුකරම ව්‍යවස්ථාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය, එහෙම කියවලා බලාපං උඹට දැන් ඇත්තටම මොනවද කරන්න පුලුවන් කියලා.
      ♦ඡන්ද අයිතිය තියෙනවා.
      ♦විවාහ වීමට වයස සම්පූර්ණයි.
      ♦සැහැල්ලු මෝටර් වාහන, මෝටර් සයිකල් බලපත්‍රය.
      වෙන? :))
      බොහෝම ස්තුතියි සචිත් කොලුවෝ.

      Delete
    2. මං ආසම දෙයක් උඹ කියලා අයියේ... විවාහ වෙන්නත් කාලේ හරි දැන් :P

      Delete
  36. මේක පටන් අරන් තාම අවුරුද්ද ද? මට නිකන් ඊට වඩා කල් වගේ නෙ! හෙන්රිගෙ බ්ලොග් කිව්වමත් ඉතින් කීයක් ද? මගේ සරම, මගේ බැනියම, මගේ කම්බාය වගේ එව්වයෙ එකම පෝස්ට් එක දෙතුන් පාරක් කියවන කොට අවුරුද්ද දෙතුන් ගුනයක් වෙලා පේනව ඇති! :))

    බයි ද වේ, මෙ ඩෙනිම තව චිරාත් කාලයක් පට්ට ගහන්නට ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඔව් බං මුහුදු, මට හිතෙන හැටි සහ HeyDudeට අවුරුදු දෙකහමාරක් වගේ වෙනවා. එසේම වේවා. බොහෝම ස්තුතියි.

      Delete
  37. සුභ පැතුම් මචෝ...! ඩෙනිමට උඹ හැඩයි... උඹට ඩෙනිම හැඩයි... :D

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි බීටලේ. ඒ කෑල්ල පට්ටයි බං. නියම බම්පර් ස්ටිකර් ගතියක් තියෙන්නේ. බැනර් එකේ එල්ලන්න වටිනවා.

      ඩෙනිමට උඹ හැඩයි... උඹට ඩෙනිම හැඩයි. - Another wisecrack by our wisecrack expert who talks in bumper stickers.

      Delete
  38. සුභ උපන් දිනක් වේවා.. සුභ උපන් දිනක් වේවා!!! :D

    ReplyDelete
    Replies
    1. බොහෝම පිං නාඩියා. බොහෝම පිං.

      Delete
  39. my hot hot... සුභ පැතුම් හෙන්‍රියෝ
    -uwiniran

    ReplyDelete
    Replies
    1. Thank you very much Uwiniran. මොකෝ බං උඹට උනේ අර ඇස්වහ කටවහ පෝස්ට් එක ලිව්වට පස්සේ. සමහරු කිව්වා තමයි උඹට ටොප් එකට ලියන්න පුලුවන්නේ කියලා. :-O

      Delete
    2. නෑ මචං මම ලියන්නෙ නැහැ, කොපි කරනවා විතරයි, ඒත් කවුද එකෙක් කියල තිබ්බා
      "උඹේ කොම්පියුටරේ තමයි කොම්පියුටරේ කියලා"
      -uwiniran

      Delete
  40. ඩෙනිමේ පළවෙනි වසරට මගේ සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ගිහාන්. දිගටම එන්න. :)

      Delete
  41. මගේ උණුසුම් සුබ පැතුම් ඩුඩ් ...කම්මැලි වෙලා බ්ලොග් පළාතේ නාවට මෙයින් හඳුනා ගත ඔබ වැනි සුහද මිනිසුන් වාසනාවන්

    ReplyDelete
    Replies
    1. වටිනා සම්මානයක් බින්දි. ඒක අන්‍යෝනය හැඟීමක් කියලා කියන්නම්.

      Delete
  42. එළ එළ! ම‍ගෙත් සුභපැතුම්. උඹ අවුරුද්දකට වැඩිය පරණ එකෙක්නේ වර්ඩ් ප්‍රෙස් වලට ගියේ නැත්තං. තව එකක් කියන්නද? මේ අඩවිය තමයි "මට මෙතෙක් කියවන්න ලැබුන එකම නීරස පෝස්ටුවක්වත් නැති එකම අඩවිය".

    ReplyDelete
    Replies
    1. ඒවගේ අධි සම්මානයක් උඹෙන් ලබන්න පුලුවන්වීම මා ලද ජයග්‍රහණයක් රාජ්. දිගටම ඒ ආකාරයට කටයුතු කරන්න උත්සාහ කරන්නම්.
      බොහෝම ස්තුතියි රාජ්.

      Delete
  43. පමා වුණාට සමාවනු මැනවි හදවතින්ම සුබ පතමි.

    ReplyDelete
    Replies
    1. පමාවක් නෑ බං. හදවතින්ම ස්තුතියි උඹටත්.

      Delete
  44. හැමදාම මම එනකොට කඩේ වහන්න ලංවෙලා. සමාවෙයන්. ඩෙනිමක් ගන්න නෙමේ ආවේ. මොකද මේ ඩෙනිම මම සුරක්ෂිතව තියාගෙන ඉන්නවා. උඹට ජය!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මේ රෑට දොරට ගහලා සිගරට්, බයිට් පැකට් ඉල්ලන උඹල වගේ එවුන් වෙනුවෙන්ම ලෑල්ලක් ඇරගෙන ඉන්නේ. Don't worry.
      අහන්නත් සන්තෝසයි මචං. අහන්නත් සන්තෝසයි.

      උඹට ස්තුතියි.

      Delete
  45. ඉපදුණු වෙලාව බැලුවොත් උඹේ ඩෙනිම මගේ රඟහලට වඩා දවස් ගාණයි වැඩිමල්. ඒත්, මගේ රඟහල අවුරුද්දේ වැඩි කාලයක් වහලා තියෙද්දි, උඹ උඹේ ඩෙනිම පට්ට ගහලා.... සුභ පැතුම් මිත්‍රයා....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇයි බං ඒ රඟහල වහලා තියෙන්නේ? ඔච්චරත් වියදම් කරලා. එක්කො කුලියට දීපං අර රන්දිල් නෝනා, රවියට දුන්නා වගේ.

      බොහෝම ස්තුතියි තිසර. උඹේ කමෙන්ට් මම කවදත් අගය කරනවා.

      Delete
    2. අනේ උඹේ රඟහල තියාගනිං &^$&%

      Delete
  46. තව දිගාරින්න කොච්චර නම් පට්ටන්දර ඇද්ද! ජයවේවා!

    ReplyDelete
  47. මං පොස්ට් එක කීප වතාවක්ම බැලුවා කෝ විස්තර කියල. ලෝඩ් වෙන්නැද්ද කියලත් බැලුව. කමෙන්ට් කියවල තමා දැනගත්තෙ. මම ඉතින් ටියුබ් ලයිට් නෙ.

    මම බ්ලොග් ලෝකයට ආව මුල් දිනවල කියවා වඩාත් සතු‍ටු වුන බ්ලොග් එකක් තමා මගේ ඩෙනිම.බ්ලොග් එක වගේම ඒකෙ හිමි කාරයත් හොඳයි කියල මට වැටහුනා. මම බ්ලොග් එක පටන් ගද්දි දුන්න උදවුත් අමතක නෑ. හැමෝටම උපදෙස් දෙන, තමන් දන්න දේ නොපැකිලව කියා දෙන ඔබේ හිත හොඳ බ්ලොග් එක තව බොහෝ කලයක් අප අතර ‍රැඳේවා.

    ReplyDelete
  48. හොඳටම ප්‍රමාද උනත්, මගේ සුබ පැතුමත් ‘මගේ ඩෙනිම‘ වෙනුවෙන් පිළිගන්න හෙන්රි අයියා. මේ දවස්වල ඉතිං ඉස්සර වගේ කොට කොට - මම කිව්වෙ මේ කමෙන්ට්ස් කොට කොට ඇවිදින්න වෙන්නෙ නැහැ නොවැ, කියවන එක නම් කොහොම හරි කරනවා.

    හෙන්රි අයියගෙ ඩෙනිම ඔන්න මට වඩා දවසක් වයසින් අඩුයි. මට ඉතිං ආයෙ මේකෙ උපන්දිනේ නම් අමතක වෙන්නෙ නෑ ඕං මැරෙනකන්ම. :)

    ReplyDelete
  49. කෝ ඉතින් අවුරුදු දෙක සමරන්න අපිට තවම මුකුත් දුන්නෙ නැහැනෙ.
    ( මන් කිව්වෙ බලන්න. බොන්න නෙමෙයි )

    ReplyDelete
  50. සුබ පැතුම්! අපි ව වගේ හිර නොවී රස බෙදන්න ලැබේවා...!

    ReplyDelete
  51. මට මේ පෝස්ට් එක අත ඇරිල.

    ඩුඩ් සුබ අවුරුද්දක සන්වත්සරයක්! :-h d-) මේ අවුරුද්දට අපිට ලස්සන් පෝස්ට් ටිකක් ලිව්වට ස්තුතියි. ඒ හැම පෝස්ට් එකක්ම හරිම නිර්මානශීලියි. චිත්‍රත් එහෙමයි. හැම පෝස්ට් එකක්ම වෙනස් වගේම හරිම රසවත්. :-f

    මේ වගේම තව ලස්සන පෝස්ට් ගොඩක් ලියන්න සුබ පැතුම් අපි තුන් දෙනාගෙන්ම ඩුඩ්! අපිට හරිම ආඩම්බරයි! y-)

    ReplyDelete
  52. පහෙවෙලා ආ මගෙනුත් සුබ පැතුම්.. බලමුකො මේ දෙසැම්බරේටවත් හම්බවෙලා වීදුරුවක් උස්සල එහෙනං ඕං ඉතිං ඈ කියල උඩ බලං කටේ හලා ගන්න

    ReplyDelete
  53. පහු වෙලා ආවත් මොකෝ සුබ පැතුම අලුත් නම් නැද්ද..Dude.....

    දන්නවනේ මම උන්නේ ශිෂ්‍යත්ව උණෙන් පෙලෙන ගමන් කියලා..

    හොඳයි..හොඳයි....සෝදා හෝ නොසෝදා...දිගටම ඩෙනිම අඳින්නට හේතු වාසනා වේවා...!

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>