Sunday, October 6, 2013

95. හොරි බනිස්



කොට අදින ඉස්කෝලෙ වැඩ කරන කාලෙ, ගමයයි මායි යනවා පාරෙන් එහා පැත්තෙ තියෙන බේකරි කඩේට (Bakery Shop), තේ එකක් බීලා, දුමක් හෙම ඇදලා එන්න. මේක බේකරි කඩයක් නිසා උණු උණු බේකරි නිශ්පාදන හුඟක් වෙලාවට තිබ්බා. අපේ ප්‍රියතම කෑමක් තමයි හොරි බනිස්. මේක ගමයයි මායි මේ බනිස් ජාතියට දාලා තිබ්බ නම. රසයෙන් උපරිම උනාට මේකෙ උඩ පැත්තෙ තිබ්බෙ බිබිලි බිබිලි දාපු හොරි වගෙ අමුතු ටෙක්ස්චර් එකක්. මේක අපි කවදාවත් කඩේ එවුන්ට ඇහෙන්න කියන්නෙ නෑ. 


“ඒයි යමං මචං හොරි බනිස් එකක් කාලා, ප්ලේන්ටියකුත් ගහලා, දුමක් හෙම ඇදලා එන්න.” කියලා තමයි ඕෆ් පීරියඩ් වල දෙන්නා සෙට් වෙන්නෙ.

අපි ඕකට හොරි බනිස් කියන බව කඩේ බුවාලා නොදන්නෙ, අපි කෙලින්ම, “අර බනිස් දෙකක් දෙන්න”, කියලා ෂෝ කේස් එකේ වීදුරුවට ඇඟිල්ල තියලා පෙන්නපුවම වේටර් බුවා ඒක පිඟානකට දාලා දෙන නිසයි.

එදත් දෙන්නා එක්ක පාර පැනලා, කඩේට ගිහින්, ස්ටූල් දෙකක් උඩ ඉඳගෙන, ෂෝ කේස් එක් දිහා බැලුවට හොරි බනිස් ඇර අනිත් වර්ග ඔක්කොම තියෙනවා.

“මොනවද සර්ලට ඕනෙ?” කඩේ බුවා ඇහුවා.

“අර.. මේ.. අර අපි වෙනදට කන බනිස් ජාතිය නැත්ද?” මම කටට ආපු ‘හොරි බනිස්’ කියන වචනය අමාරුවෙන් ගිලලා ඇහුවා.

“ආ, මහත්තයල කන්නෙ කුෂ්ඨ බනිස්නේ. අද පොඩ්ඩක් පරක්කුයි. හැබැයි පැය බාගෙකින් බඩු එනවා.” පොර කියාපි.

ගමයයි මායි මූණෙන් මූණ බලාගෙන ඉඟි මැරුවා.




http://matahithenahatty.files.wordpress.com/2012/01/dsc_0040.jpg
Originally published @ මට හිතෙන හැටි





118 comments:

  1. අද මම එකද නැත්නම් මට වැරදිලාද ...?

    ReplyDelete
  2. නෑ එක තමයි. ඔබේ තෑග්ග හොරි බනිස් ගෙඩියක්. :D

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට මටත් කන්න අප්පිරියයි සුදු පාටට පිටි පිපිලා / පුපුරලා ඇවිත් තියෙන බනිස් ගෙඩි..ඒත් දේශීයත්වයට (බඩගින්නට කිව්වත් වරදක් නැහැ ) මුල් තැන දීලා මම කටේ ඔබා ගන්නවා..

      Delete
  3. ඔකේ මැද හිලක් ගහලා එකේ ජෑම් පුරවපු ඒවත් තියෙනවා තියෙනවා, මමත් නම දන්නේ නැති නිසා පෙන්නලා තමයි ඉල්ලන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කරන එක ඇඟට ගුණයි විශ්ව. පෙන්නලා ගන්න එක මම කිව්වේ.

      Delete
  4. ඔය බනිස් වලටනම් මටත් තියෙනවා සැහෙන්න හොද මතක සටහනක් ....... අපේ ඉස්කෝලේ ලගම තිබුන සල්ගාදු බේකරියෙන් තමයි අපි ඕව කෑවේ .... අපිට හැමදාම තිබ්බ ප්‍රශ්නේ තමයි මෙච්චර රස බනිසේ ඇයිමේ පෙනුම කචල් කියන එක...... අපි ඕක මේ සල්ගාදු එකේ ඉන්න කුරුලැ මුහුණක් තියෙන මැනේජරයාගෙන් ඇහැව්වා මොකද මේ කියලා?? මොකද අපේ ඉස්කෝලේ එවුන් කන්න ආපු වෙලේ ඉදන් මු අපි දිහාමයි බලන් ඉන්නේ (අපි හොරට‍ කනවා නිසා නෙවි ...හි..හි....හි....)
    මේ මගුලක් කියන්නේ නැතුව කැවනම් බිල ගෙවල යනවල තමුසෙලා බේකරියක් දාගත්තු දවසට ඕක ලස්සනට හදා ගන්නවා කියලා.... ආ එතකොට දැන් හදන්නේ ඔයාට ඕන විදියට ඔයාගේ මුණ වගේ ..... අපේ එවුන් කියනවා පොරට ඉතින් අසුහාර දාහට මල..... එදා ඉදන් ඕක කුරුලැ බනිස්....... ක්ලාස් වල කුරුලැ තියෙන කෙල්ලන්ට අපේ එවුන් කිව්වා මුණ නිකන් සාල්ගදුවේ බනිස වගේ කියලත්

    ReplyDelete
    Replies
    1. මරු කතාව. උඹ ඔය කියන්නෙ කෑගල්ලේ සල්ගාදු එකනම් අපිත් ඒකට යනවා නුවර යනකොට.

      ඒකේ කෑම හොඳයි නේද?

      Delete
    2. මූ කොළඹ ආනන්දේ වෙන්නත් ඇහැකි... අපිත් ඔය ගල් සාදුව බලන්න යන්නේ එතැනට...

      Delete
    3. හැබෑට මට ඒක අමතක වෙච්ච හැටි! ඉස්සර අපි ඕකෙන් කනවා නේන්නං.

      Delete
    4. ඩූඩ්.... ඕකෙන් බැදපු තෝර මාළු පෙත්තක් උස්සලා...ගුටි නොකා බේරුනා.පුංචි බොරැල්ලේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් ඇවිල්ලා සල්ලි ගෙව්වේ.

      ඊට ඉස්සරහ තිබුන තෝසේ කඩේ තෝසේ කන්න ගියේ...එකෙක් කිව්වා තෝසේත් එක්ක අර මාළු කෑල්ලකුත් අස්සෙන් ගියානම් කොහොමද කියලා..අන්තිමට තෝසේත් නැහැ. මාළුත් නැහැ. අන්කල්ලාගේ ගෙදරින් කාලා ගෙදර ගියා.....

      Delete
    5. කෑගල්ලත් නෙවි, ආනන්දේත් නෙවි බන් හැබැයි කොලබ දිස්ත්රික්කෙම තමයි

      Delete
    6. සුවර් එකටම මැලේ රාළයා වේල්ස් කුමාර විදුහලේ වෙන්න ඕන... මාත් ඉස්සර අපේ එවුන් එක්ක රාවතාවත්තෙ ඉස්කෝලෙ ඉස්සරහ තියන සල්ගාදු හෝටලෙන් ගල් බනිස් කනවා.... ඒ කාලෙ නම් ගල් බනිසක් රුපියල් පහයි.. දැන් නම් කීයද දන්නේ නෑ..

      Delete
    7. අනේ මන්දා බං. දැන් බනිස් ගෙඩියක් පාන් ගෙඩියක්ට වඩා චූට්ටයි නේද අඩු?

      Delete
    8. ඒක නම් ඇත්ත.. මේ ලඟදි මං කෑවා අර මැද්දෙ ක්‍රීම් දාලා තියන ඩබල් බනිස් ජෝඩුවක්.. රුපියල් හැටක් ගියා අප්පා..

      Delete
  5. එතකොට බුරි බනිස් කියන ඒවා බුරිය වගේ තියෙන හින්දද එහෙම කියන්නේ???

    ReplyDelete
    Replies
    1. හුටා. එහෙමත් බනිස් ජාතියක් තියෙනවද? ඔය අර උඩින් කිව්ව මැද්දෙ හිලක් හදලා ජෑම් පුරෝපු එක හෙම නෙවෙයි නේද? ඒක කාලත් හමාරයි එහෙනම්.

      Delete
    2. ඒකට තමයි මං හිතන්නේ, අපේ එකෙක් ඕකට කියන්නේ කිඹි බනිස් කියලා ..

      Delete
  6. බලන් ගියාම උඹලා දෙන්නා කියලා තියෙන නම හොඳ වැඩියිනේ බං

    ReplyDelete
  7. ඇත්තටම ඕකේ නම මොකක්ද බං..? මටනං දැක්කම කන්න හිතෙන්නෙම නැහැ...

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ බං. ඇත්තටම ඕකෙ නම මොකක්ද? මාරේ, මේක දැක්කාම කන්න නොහිතුනාට, දිවියලෝක රහයි.

      Delete
  8. ටී බනිස් එකේ තවත් ප්‍රභේදයක් නේද?
    නම මොකක් වුනත් මමත් මේ බනිස් වලට කැමතියි..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ, තවත් ප්‍රබේද තියෙනවා. නමුත් මේක මාර රසයි.

      Delete
  9. SHOAK KATHAWA NEDA

    ReplyDelete
  10. ඔය බනිස් එකේ උඩ පිටි වැඩි... දැක්කහම නම් කන්න හිතෙන්නෙ නෑ තමයි... ඒත් ඉතින් බඩගින්න සේරටම වඩා ලොකුයිනේ...
    අයියේ ඔයගෙ ඇනිවසරියටත් සුභ පැතුම් හොදේ...

    ReplyDelete
    Replies
    1. ඒ පිටිද තියෙන්නේ? මම හිතන්නේ අයිසිං ෂුගර් වගේ මොනව හරි.

      බොහෝම ස්තුතියි නදිනි.

      Delete
  11. කුශ්ඨ බනිස් කියනවට වඩා හොරි බනිස් කියන එක හොදයිනෙ. හැබැයි වේටර් ඔය නම කියලා ඒ බනිසෙ බිස්නස් කඩනවා. ඇයි හත් දෙයියනේ 'මහත්තයලට කුශ්ට බනිසක් දෙන්නද?' කියලා ඇහුවම කන එකෙක්ට වත් කන්න හිතෙයි යෑ.

    ReplyDelete
    Replies
    1. ඒ නම අහපු අනිත් උන් ඔක්කොම ඊයා කිව්වට ගමයයි මායි නම් දිගටම හොරි බනිස් කෑම කරගෙන ගියා.
      බොහොම ස්තුතියි චතුරංග. චතුරංග කියන්නේ අංග හතරක් තියෙනවා කියන එක නේද? :)

      Delete
  12. හොරි කියන්නෙත් ඉතින් කුෂ්ට වගේම ජාතියක්නේ. ඩූඩ්ලා “හොරි බනිස්” කියනබව දැනුනත් මුදලාලිට අවුලක් නැතිවේවි...:D

    අපේ පංතියේ භාන්ඩයක් හිටියා තේකක් බොන්න කඩේකට ගියාම ගෙනෙන බනිස්වල යට පැත්තෙන් ටිකක් කාලා ආපහු පිගාන උඩ තියෙන. ඉස්කෝල ලඟ කඩවල් වලනම් ඉතිරි බනිස් අරන් යන්න කලින් වේටර් කොල්ලා අනික් පැත්ත හරවලා බලලා තමා අරන් යන්නේ....පුරුද්දකටම වගේ....:)

    ReplyDelete
    Replies
    1. ගමේ හිතවතාට ඩයට් කරන්න වෙයි වගේ. උඹ මේ කෑම ගැන හිතුවේ නැතුවට කමක් නෑ.

      අපිත් ඉස්සර ඔය වැඩේ කරනවනේ ගමේ හිතවතා. ඒ කාලේ හොර වැඩ කරන්නේ ජොලියට. වැඩේ වැරදි බවනම් ඇත්ත. නමුත් එක අතකට...

      Delete
  13. වෙන නමක් තිබුණේම නැද්ද අනේ??? :D

    ReplyDelete
    Replies
    1. හා ඔයා යෝජනා කරන්න බලන්න මේකට ඩීසන්ට් නමක්, පොඩ්ඩි. :)

      Delete
  14. ඕකටද දන්නෙ නෑ ඔක්කොමලා අර 'බඩු බනිස්' කියන්නේ. කොච්චර අත්හරවන්න බැලුවත් හමුදාවේ සෑහෙන පිරිසක් නූඩ්ල්ස් වලට කියන්නේ එක්කෝ නූඩලස්, නැත්නම් නූල්ඩස්.

    ReplyDelete
    Replies
    1. කොට අදින ඉස්කෝලේ කොල්ලොත් ඕකට කියන්නෙම නූල්ඩස් කියලා. නූල් වගේ හන්දා වෙන්නැති.

      ඔව් මමත් ඕක හදන්න උත්සාහ කලා.

      Delete
  15. ඔය බනිස් වල නම හොරි බනිස් තමා

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඩිලාන් කියන්නේ. මට නම් වෙන නමක් මතක් වෙන්නෙත් නෑ. හැබැයි අපි දෙන්න ඕකට හොරි බනිස් කිව්වේ වෙන කවුරුවත් කොහේදිවත් කියනවා අහලා නෙවෙයි. මුලින්ම දැක්ක දවසේ, 'මොනවද බං මේ හොරි වගේ තියෙන බනිස් එක' කියලා තමයි කාලා බැලුවේ. එදා ඉඳලා ඒක රෙජිස්ටර් වුනා.
      ඒ කියන්නේ තවත් අයට අපිට වගේම ඒ හැඟීමම ඇවිත් තියෙනවා.

      Delete
  16. යකෝ මේ කියන බනිස දන්නෙම නැහැනේ. බබානිස් නෙමේ නේද? ඒ ඒ බන්ස් වලට ඒ ඒ බනානාස් කිව්වලු .

    ReplyDelete
    Replies
    1. බබානිස් නෙවෙයි මචං. මේක කාලා බලාපංකෝ ලංකාවට ආපු වෙලාවක. අන්න පෙරේරා එකෙත් තියෙනවා. මම මේ ෆෝටෝ එක ගත්තේ හයිලෙවල් පාරේ ගලගෙදර පාලම ලඟ Perera & Sons එකේ මේ බනිස් කන ගමන්, මේ පෝස්ට් එක මතක් වෙලා.

      Delete
  17. මටත් මතක නැහැ ඔය ජාතිය . මෙහෙ බේකරි වල තියනව සොබොරෝ බන් කියල ජාතියක් .ඔය කියන පෙනුමට සමාන .

    ReplyDelete
    Replies
    1. බින්දි Soborro Bread කියන්නේ කොරියන් හෝ චයිනීස් පේස්ට්‍රි වර්ගයක් නේද?

      Delete
    2. ඉතිං පලයංකෝ වියට්නාමෙට සොබොරෝ බනිස් කියන්නේ හොරි බනිස්මද කියලා දැනගන්න.. ඔයා එන වෙලාවක ඔන්න ඔහේ එකක් අරන් එන්න බින්දි.

      කවුරු හරි ගූගල් කරලා බලාපල්ලා සොබෝරෝ කියන්නේ ෆ්‍රෙන්ච් වලින් හොරිද කියලා.

      Delete
  18. හෝටලේ බුවා පොඩ්ඩක් ශිෂ්ඨ සම්පන්නව කියල තියෙනවා කුෂ්ඨ බනිස් කියල.හැබැයි ඔය නම පැතිරුනානම් කට්ටිය බනිස් විකුනනවා බොරු විශේෂයෙන් කෙල්ලන්ට :D

    ReplyDelete
    Replies
    1. එහෙමත් නෑ බං. ඔය ක‍ටුස්සො, ක‍ටුකම්බි, සිමෙන්ති, යූරියා ගහලත් කෂ්ටිය ඔය සුදුවා ගහන්නෙ. :))

      Delete
  19. මෙහෙත් තියෙන සමහර බනිස් ජාති වල නම් අපි දන්නෙත් නෑ.. ඇගිල්ලෙන් පෙන්නලා තමයි ඉල්ලන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඇඟිල්ල නැතිනම් හුඟක් වැඩ අමාරු වෙනවා. ඔය මෙනු වල තියෙන ප්‍රංස සද්ද කරන්නත් ඇඟිල්ලෙන් පුලුවන් නැද්ද?

      Delete
  20. අඩේ අපි වැඩ කරන තැන කැන්ටිමේ අඩකෑලි කියලා ජාතියක් තියනවා අර පොලේ තියන දුබුරු පාට ත්‍රිකෝණ කෑලි වගේ මැටි කේක් මම කැන්ටිමට ගියපු පළවෙනි දවසේ අංකල් කෙනෙක් රුපියල් 20ක් දීලා අඩකැල්ලක් දෙන්න කිව්වා මට පුල් හොල්මන්

    ReplyDelete
    Replies
    1. ඕකෙන් කියන්න බොරලූස්, මම හිතන්නේ ඕක බඩගින්නට අඩයක් නිසා වෙන්නැති.

      ඔය ඉංගිරිස් වලිනුත් take the edge out of the hunger කියනවා වගේ.

      Delete
  21. අදමයි ඇහුවේ!
    කොහොමද දියවෙච්ච් සීනි උඩ මැස්සෙක්, කූඹියෙක් එහෙම කූරියා ගහලා ඉන්න බනිසෙ..

    ReplyDelete
    Replies
    1. හුහ්, ‍ෆ්‍රී ප්‍රෝටීන්නේ බං.

      නැතුව මේකට කුකුලෙක් දාලා දෙන්නද කියන්නේ කියලා ඇහුවලු නේද? :D

      Delete
  22. නම ඇහුවම නම් කන්නත් අප්පිරියයි. එහෙම නමක් කියන බව නම් අද තමයි දන්නේ. හැබැයි ඒ බනිස් එක රසයි තමයි අනික්වාට වඩා. මම හිතන්නේ ඒ උඩින් තියෙන්නේ සීනීයි පිටියි කැට කරලා වෙන්න ඇති නේද..

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ එහෙම මොකක්හරි තමයි, නැතිනම් අයිසිං ෂුගර්. මොනවා වුනත් හරිම රස බවනම් කියන්නම ඕනෙ.

      මම කොහොමත් ඔය බේකරි නිශ්පාදන වලට ආසයි.

      Delete
  23. එහෙමත් බනිස් තිබුනද?
    මට නම් බනිස් කිව්වොත් මතක් වෙන්නෙ...එක්කෝ ඕනේ නැහැ...

    ReplyDelete
    Replies
    1. තිබුනා නේන්නම්.

      නෑ නෑ කියන්න ඕනෙ නෑ. උමට මතක් වෙන දේ අපිට දිවැසින් කියන්න පුලුවන්. :))

      Delete
  24. මේක හොරි බනිස්ම තමා බං. අපේ පැත්තේ තියෙනවා මැදිං පලල ඒකේ සීනි සම්බල් දාපු බනිස් එකක්. ඒකට නමක් නැති හින්දා කිම්බනිස් කියලයි කියන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒක සීනි සම්බල් බනිස්/පාං නේ බං. ඇයි උඹ දැකලා නැද්ද ලස්සනට හදපු මිනියේචර් පාං ගෙඩිය පලලා සීනි සම්බල් දාලා විකුණනවා?

      Delete
    2. ඒක තමා මම කිව්වේ. ඕවා අපිය කියන්න පුළුවන් නංද බං... කිම්බනිස් හොදා ඒකට..

      Delete
  25. මේක නං ඉස්සෙල්ල කියෙව්ව. කුෂ්ඨ බනිස් කියනවට වැඩිය හොරි බනිස් කියන එක හොඳයි. කටට පහසුයි

    ReplyDelete
    Replies
    1. ඔව් හොරි කටට පහසුයි, මටසිළු‍ටුයි තමයි කුෂ්ඨ වලට වඩා. :-O

      Delete
  26. අම්මටසිරි... දැන් බනිස් වලටත් හොරි, දද, කුෂ්ඨද? :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි බනිස් වලටත් කිව්වේ? උඹටත්?

      Delete
  27. මේ පැත්තෙත් ඔය බනිස තියෙනව ඒත් ඒකට කියන නමක්නං නොදනී. අර ජෑම් පුරෝපු එකටනං ජෑම් බනිස් කියලයි කියන්නෙ.
    ඇයි ඩූඩ් ගල් බනිස් කාල නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ ජෑම් පුරෝපු ලොකු පැටීස් වල හැඩේට මහපු තැන ඩිසයින් එකකුත් එක්ක තියෙන එකට සමහරු ජෑම් පාං කියනවා, සමහරු ජෑම්පාස් කියනවා මම අහලා තියෙනවා.
      මොකෝ බං නැත්තේ. ගල් බනිස් අපේ ප්‍රියතම කෑමක්නේ. ගෙවන මුදලට බඩ පිරෙනවා. අනික කෑවාමත් බඩට ගල් ලෝඩ් එකක් බෑවා වගේ තමයි. :D

      Delete
    2. මගේ නම් ප්‍රියතම ආහාරෙ තමයි ගල් බනිස්.. අපේ පැත්තෙ එවුන් නම් ඕකට කඩ්ඩෙන් කියන්නෙ රොක් කේක් කියලා.. අනිත් පැති වලත් එහෙම කියනවා ඇති මයෙ හිතේ... අපේ ගල්පාතයා අපේ ගෙදර ආපු දවසක ගෙවල් ලඟ හෝටලේක රොක් කේක් කියල ගහලා තියනවා දැකලා බුවා හොල්මන් වුණා මට මතකයි අම්මට සිරි මොනාද බං ඒ අළුත් කෑම කියලා..

      Delete
  28. මගෙ යාලුවෙකුට නියම වැඩක් වෙලා තිබ්බා.

    කරාපිටියෙ ඉස්පිරිතාලයට ගිහිල්ලා තියෙන කට්ටිය දන්නව ඇති ඉස්සරහ පොඩි..පොඩි හෝටල් කඩ පේලියක් තියෙනව.

    යාලුවා ලෙඩෙක් බලන්න ගිය වෙලාවක ඔය හෝටලයට ගොඩවෙලා බනිසක් වගෙ එකක් තියෙනව දැකලා, එකක් කාලා ටි එකක් බීලා බිල ගෙවන්න කෞන්ටරේට ගියාම වේටර් කොලුවා කැ ගහල කියනවලු "ටොයිලට් කැල්ලයි.. ටි එකායි" කියලා. මූට කාපුවා වමරන්න හිතුනලු.

    පස්සෙ අපේ වයිෆ් ගෙන් අහලා බැලුවම (වයිෆ් ඒ පැත්තෙ ) දැන ගත්තෙ ටොයිලට් කියල බේකරියක් එහෙ තියනවලු.

    ReplyDelete
    Replies
    1. Dr Alban, Welcome to my blog.

      ටොයිලට් කියලා බේකරියකට නම දාගන්න උන්ට පිස්සුද දන්නේ නෑ නේද?

      උඹ එහෙම කිව්වාම මටත් මතක් වුනා කතාවක්.

      පොරක් අර කිලෝ එකක විතර බනිස් ගෙඩි තියෙන්නේ අර හිලකින් වක්කරලා වගේ හදලා දරණ ගහගෙන ඉන්න, අන්න ඒකක් ගෙනත් ආනමාලු ගෙඩියකුත් එක්ක කාලා ප්ලේන්ටියකුත් බීලා, ගෙවන්න නැගිටලා ගිහින් කිව්වලු, ලොකු බණිස් ගෙඩියයි, ආනමාලු එකයි, ප්ලේන්ටියයි කියලා. මුදලාලි කෑගහලා 'මේ මහත්තයා බොනවද ගත්තේ?" කියලා වේටර් කොලුවගෙන් ඇහුවාමත් ඔය වට්ටෝරුවම කියලා.

      බනිස් ගෙඩිය රුපියල් හයයි, ආනමාලු ගෙඩිය රුපියල් හතරයි, ප්ලේන්ටියට රුපියල් දෙකයි පනහයි, දොළහයි පණහක් ගෙවලා පොර යන්න ගියාලු.

      ටික වෙලාවකට පස්සේ වේටර් කොලුවා මුදලාලි ලඟට කිට්‍ටු කරලා,

      "මුදලාලි, අර මහත්තයගෙන් කීයක් ගත්තද?"
      "බනිස් ගෙඩිය රුපියල් හයයි, ආනමාලු ගෙඩිය රුපියල් හතරයි, ප්ලේන්ටියට රුපියල් දෙකයි පනහයි, දොළහයි පනහයිනේ. ඇයි?"
      "දෙයියෝ සාක්කි මුදලාලි! ඒ යකා කෑවේ අර රුපියල් තිස් අටේ බටර් බනිස් ගෙඩිය!"

      (මේ මිල ගනං ගැන කලබල වෙන්නෙපා. මේ ඉස්සර ඈ.)

      Delete
    2. //Dr Alban, Welcome to my blog//

      හෙන්රි, welcome කරන්න දෙයක් නැහැ. දැන් බොහෝ කලක සිට මම නිතිපතා ගොඩවෙන තැනැක් මේ ඉසව්ව. ඔබගේ ලියවිල්ල නම් හරිම අපූරුයි, අල0කාරයි.

      Delete
  29. dekma ekayi ne hori dada kushta. kota adinawa kiwwe cigarette ne ayiyo salli api owwata naha

    ReplyDelete
    Replies
    1. කොට අදින කිව්වේ සිගරට් කොට නිසා නෙවෙයි බං. ඒක මම වෙන පෝස්ට් එකක ලිව්වා මම ඒක හොයලා මෙතන ලින්ක් කරන්නම්. දැනට, ඒක මේ පෙරහැරේ යන අලියි, කොට අදින අලියි වගේ කතාවක්.

      What happened to your Sinhala?

      Delete
  30. සමහර බේකරි වල අය කුෂිටෙට උඩින් පොඩි ජෙලි පොඩ්ඩකුත් දානව ඇත්තටම උනුවෙන් ඔව්වා පස්ට රසයි ඩිටුඩ් ,රාජපක්ෂ සවුඩ් කඩෙට එහාපැත්තේ කඩෙත් ඉස්සර ඔව්වා තිබ්බා හැබැ දැන්නම් එපැත්ත පලාතක ගිය කාලයක් මතකනෑ මම කියන්නේ අවුරුදු 7 විතර කලින් මතකයක් ගැන

    ReplyDelete
    Replies
    1. ඒ කඩෙත් තිබ්බද? මට මතක නෑ.

      ඒයි ගමේ වරෙල්ලා මේ නිවාඩුවට, ඈ. වරෙං එහෙත් දෙන්න තුන්දෙනාම.

      Delete
  31. මේ අපි දන්න සීනි බනිස් ගෙඩිය නෙමේද බන් ? එහෙමනම්, මම ඔය කියන බනිස් ජාතිය ජීවිතේට දැකලා නෑ..

    ReplyDelete
    Replies
    1. මේක ඒ සීනි බනිස් ගෙඩිය නෙවෙයි. මේක පට්ට රහයි. හොයලා කන්න වටිනවා.

      උඹේ පොඩ්ඩා කැමති වෙයි. අඩේ මම නිකං ඇඩ් එකක් දානවා වගේ. හොහ් හොහ්.

      Delete
  32. කන්න හිතෙන එකකුත් නෑ මීට පස්සෙ.

    ReplyDelete
    Replies
    1. හරි බලමු ඔය කිව්වට.

      Don't judge a book by its cover. (Existing saying)

      Don't judge a bun by its texture.© (Dude's wisecrack©)

      Delete
  33. ඕක මමත් කලා තියේ,කිරි තේ එකත් එක්ක තමයි නියමෙටම යන්නේ.
    ටි බන් කියලායි අපිනම් ඕකට සිංහලෙන් කිවේ.

    ReplyDelete
    Replies
    1. අපි ටී බන් කියන්නේ සීනි දාපු නැති ප්ලේන් බන් එකට. මේවා හොරි බනිස් බං.

      Delete
  34. ලංකාවෙ බනිස් වලට සම කරන්න පුළුවන් බනිස් ලෝකෙ කොහෙවත් නැ. ඒ මොකෝ ඒව හදනකොට පිටි අනන කොල්ලංගෙ ඉහිං කණින් ගලන ද්‍රාවයත් එකතුවෙන හින්දා වෙන්න ඇති. අම්මෝ රහ.. හැබැයි මං වැඩිය කැමති කිඹුලටයි wisetalk .. වලටයි (ඥානකතා)කොහේ ගියත් බේකරි කඩේ පහුකරං එනකොට මායි හාමිනෙයි ඔවුවා අරං කකා එන්නෙ.ඉවසපං පපුව... තව මාස දෙකක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ///ඉවසපං පපුව... තව මාස දෙකක් තියෙනවා.///

      බනිස් කන්නද සරත්? බනිස් කෑමේ තරඟේ වෙයි නේද?

      Delete
    2. තව මාස දෙකක් තියෙනවා? අපිට මාස එකහමාරක් වගේ තියෙන්නේ. මේ පාරත් උඹ කම්බි වැටක් ගහන්න අල්ලාගන්නවද? නැතිනම් අපි මුණ ගැහිලා පොඩ්ඩක් ආශ්‍රය කරනවද? උඹම කියහං බලන්න සරත්.

      Delete
  35. මම කන්න අකමැතිම ජාතියක්....:(

    හොරි නම් කිවුවත් මොකෝ කුෂ්ඨ s-)

    ReplyDelete
    Replies
    1. රෙහානි.....හොරියි...කුෂ්ඨයි..දෙකම එක රහයි. කාලා බලන්න.

      Delete
    2. රස හඳුනන්නෝ
      ඒවම කන්නෝ. :D

      Delete
  36. හොරි බනිස්වලට වඩා මං මනාප ජෑම් බුරියට.දඟර බනිසුත් නරකම නෑ.සීනි කුරුල්ලෝ යනු කිඹුලා බනිස් වලට තවත් නමකි.ඉස්සර අපි ඕවා කන්නට යන්නේ මාතර හුනුකොටුව හන්දියේ හරිස්චන්ද්‍ර එකේ බේකරි කඩයටය.බස් එකෙන් බැස ඉස්කෝලේ යන අතරමග සාක්කුවේ සල්ලි ඇතොත් ජෑම් බුරියක් කන්නට අපි අමතක නොකරමු.ඒත් සීසං එකෙන් එන නිසා බොහෝ දිනවල සාක්කුවේ රුපියල් 5 රැදෙන්නේ නැත.ඒ කාලේ බස් එක නැතුවුනදාට අපි පයින්ම ගෙදරට අදින්නෙමු.ඒ වෙලාවටනම් හොරි බනිසක් හෝ ජෑම් බුරියෙක් ඇත්නම් කොච්චර අගේදැයි අපිට සිතේ...

    ReplyDelete
    Replies
    1. මේක හරිම ලස්සන රචනාවක්නේ බොල හස‍රැල්ලො. ඇත්තමයි කියන්නේ. මම හරි ආසා වුනා මේ කමෙන්ට් පුංච දාලා තියෙන බාසාවට. කොටින්ම මට තව පොඩ්ඩෙන් අමතකත් වෙනවා මොනවද යකෝ ජෑම් බුරි කියලා අහන්නත්...

      Delete
    2. ජෑම්බුරි යනු බනිසේ මැද බුරියක් සාදා එහි ජෑම් පුරවා ඇති බනිස්වලට අපි කියන නමය..

      Delete
  37. /////http://www.lankadeepa.lk/index.php/articles/174760/////

    මීයා බනිස් වෙච්ච හැටි බලන්න ඕනනම් මේක බලපල්ලා...පව් ඕයි!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මචං මේක මට උනා නම් මම කෙලින්ම ඔලුවට ගහලා මරනවා. එතකොට මී හිමිකමුත් නෑ මුකුත් නෑ. ඇයි යකෝ කවුද ඒ මිනිහගේ පවුලට කන්න දෙන්නේ ඒ මාසේ? නිකං හිතලා බලාපල්ලා මාසයක් නැහිලා නැහිලා හම්බ කරගත්ත සල්ලි, බිල් අච්චර ගෙවන්න තියෙද්දි, මාසෙම ජීවත් වෙන්න තියෙද්දි මීයා කෑවාම. අනික අල්මාරියේ අරන් තියන්නේ නැතුව ෆ්‍රිජ් එකේ අරන් තියන්නයැ. මම හිතන්නේ වැ‍රැද්ද මේ වගේ දඬුවමක් දීලා ෆේස්බුක් එකේ දාපු එකයි. වන්ෂොට් දුන්නා නම් ඔය කතා මොකුත් නෑ. අනික, ඔය කෑ ගහන වුන්ට වුනා නම් සද්ද නැතුව "මීයෝ, ආයෙ එහෙම නෝටි වැඩ කලන්න එපා!" කියලා නිකා ඉඳීද?

      Delete
    2. බලපන්කෝ මීයා ඉන්න ලස්සන.....මම වරදක් කරෙමි..මම එඩිතරව මුහුණ දෙමි කියලා පපුවත් ඉස්සරහට දාගෙන.

      Delete
    3. උඹ හරි ඩුඩ් වරද මේක අර ෆක් බුක් (FB) එකේ දාපු එක.මට වුනත් ඉස්සර මගේ කාමෙරේට ඇවිත් ටී ෂර්ට් වල හිල් හදපු එවුන් ගැන ජොක්කු රස කරකර කාපු එවුන් ගැන මාරාන්තික හැඟීම් ඇතිවෙලා තිබුනෙ ...

      Delete
  38. හොරි බනිස් වගේද මෙයා ගල් බනිස්...උදේට කෑවොත් වතුරෙන් පොගව පොගව දවසම ඇද ගන්න පුලුවන්... ඉස්සර මම පුංචි එකා කාලෙ ඉස්කෝලෙ අරන් යන මාලු බනිස් ගෙඩියෙ සුවද දැනුත් දැනෙනවා දැනෙනවා වගේ...පොතක් ගන්න බෑග් එකට අත දානකොට ඉන්ටර්වල් එක ලැබෙන තුරු ඉවසිල්ලක් නෑ ඒ සුවද නිසාම බනිසෙට වැඩේ දෙන්න...අද මාලු බනිස් එහෙම සුවද නැද්ද මන්දා....

    ReplyDelete
    Replies
    1. මම ගල් බනිස් වලට ආසයි බං. නමුත් මේකේ තියෙන්නේ නිකං, Scammel එකකයි, Porsche එකකයි තියෙන වෙනස වගේ එකක්.
      අදත් මාලු බනිස් ඒ සුවඳමයි. උඹලගේ නහයවල් සංවේදී නෑ. :D

      Delete
  39. අපිත් ඔව්වට කියනනේ හොරි බනිස්

    ReplyDelete
  40. ඇයි මචන් උඹ දන්නවද 'පොර ටෝක් ' කියන්නේ 'ඥාණ කතා 'වලට කියල

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. සිංහල නම්ගම් වලට කෙලින්ම ඉංග්‍රීසි නම් දාන එක අපේ හොබියක්නේ මචං ඒ කාලේ. අපේ ගෙවල් කිට්‍ටුව තියෙන ගමක් තමයි තිත්තපත්තර. අපි කියන්නේ Bitterpapers. උඹ දාවිත් තඹකුඹුර අඳුනනවද? ඒ ඒකේ අනිත් පැත්ත.

      Delete
  41. බනිස් කීවම මාගෙත් ආසම බනිස ඉන්නේ ලංකාවේ.

    ඒ වුනාට කඩේට ගිහින් ප්ලේන් බන් දෙන්න කීවම හිටි ගමන් සමහරු උඩබිම බලනවා. එහෙම ඒවා නෑ කියලත් කියනවා. මගේ යාළුවෙක් කවුරුහරි හිටියේ නැත්නම් මට බනිසා කන්න වෙන්නෙත් නෑ. ඒ අය කියන නම් මම දන්නවැයි.
    ලංකාවේ රසම රස බන්ස් තියෙන්නේ ඇඹිලිපිටිය පාරේ ගොඩකවෙල හරියේ. අම්මෝ මතක් වෙනකොටත් ආසයි. ඒත් කාලෙකින් කනන් උනෙත් නෑ. දැන් අපි බන්ස් කන්නේ පොශ් කඩ වලින් නේ. ඒවයේ උන් ප්ලේන් බනිස් ඉල්ලුවම මූණ දිහා බලන්නේ හරියට බනිස් කන එක අපරාධයක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බනිස් කන එක අපරාදයක් කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා බං. ඒ කියන්නේ බනිස් දෙකක් ගන්නකොට පාන් ගෙඩියක් ගන්නත් පුලුවන්නේ සමහරවිට.

      ලංකාවේ පාන් නම් හරියට මිස් වෙන දෙයක් තමයි මටත්.

      Delete
  42. අපේ පැත්තේ නම් ඕකට කියන්නේ මල්ටි බනිස්.. :D

    ReplyDelete
    Replies
    1. මල්ටි බනිස්????? :-O ඇහුවමයි. ස්තුතියි කාන්ච්.

      Delete
  43. අනේ මන්දා මම මේ හෝම්මන් වෙලා ඉන්නේ උඹේ බනිස් කතාව නිසා.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ බං? මේ බනිස්නේ. :-?

      Delete
  44. අර Kanch කියනවා වගේ අපේ පැත්තෙත් ඕකට කිව්වේ මල්ටි බනිස් කියලා. මම නම් icing sugar බෝල (හොරි) වැඩියෙන් තියෙන ඒවා තමා බලලා ගන්නේ. සමහර කට්ටිය කියලා තියනවා වගේ ඕකේ මැද jam පොඩ්ඩකුත් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මල්ටි බනිසුත් පිළිගත්ත නමක් වගේ.

      ඔව් ඔව්, ඒක මැද්දේ ජෑම් වලලලා තියෙනවා.

      Delete
    2. ඒ මල්ටි කතාව මරු බං , නියම කොන්සෙප්ට් එක :)

      Delete
  45. අඩේ, හොරි බනිස් - මාරු නම ඒකට.

    ඔය ඔක්කොටම වඩා හොඳ ගල් බනිස් - එකක් කෑවම පැය 6ක් ගැරන්ට් කරනවා. ඉස්සර අපි කැම්පස් එකේදී ගල් බනිස් වලට කිව්වේ "එකෙන් ඩවුන්" කියලා, මොකද එකක් කාලා වතුර බිව්වම ආයේ බඩ ගල්ටික් වෙනවනේ.

    කෙල්ලෝ නම් පොෂ් වෙන්න ගල් බනිස් වලට කියන්නේ රොක් කේක් කියලනේ...

    ReplyDelete
    Replies
    1. "එකෙන් ඩවුන්"

      හරිම නිර්මාණශීලීයි. අපි ඉස්සර ‍තෝසේ කාලා කරන්නෙත් ඔය විදියටම නැවත නැවත වතුර බීලා බඩේ ලෙවල් එක නග්ගාගන්න එක.

      :))

      උඹ POSH ROCK CAKE කිව්වාම මට මතක් වුනේ, ඉස්සර සින්දුවක් තිබ්බා මෙහෙම:

      You're okay, You're okay
      You're smart, You're smart
      You're in

      අපේ පොරක් හිටියා අතුල කියලා. ඌට ඕක ඇහෙන්නේ

      රොක් කේක්, රොක් කේක්
      රෝස් පාං, රෝස් පාං
      යූරීන්

      කියලා.

      Delete
    2. සිංදුව ඇහෙන විදිහ නම් සුපිරි. අසන්නා කෑමදාස කෙනෙක් වෙන්න ඇති. ඒත් මක්කැයි යුරින්?

      Delete
  46. අපි ඔකට කියන්නෙ කැට බනිස් කියල.මමත් හරිම කැමතියි.හැබැයි ජැම් නොදා ( අඩෙ අපි විතරද හොද නමක් කියල තියෙන්නෙ )

    ReplyDelete
    Replies
    1. උඹලා නම් දානවද මන්දා?
      ඇයි බං මල්ටි බනිසුත් හොඳ නමක්නේ.

      Delete
    2. අපි දැම්ම එකක් නෙමෙයි යකො.ඉස්කොලෙයන කාලෙ ඉදල කියපු එකක.අනෙ අම්මප මට යක්කු මෙ වෙලාවට

      Delete

  47. AKM said:
    කටට කෙලත් උනනව අප්ප හොරි බනිස් දැක්කම. ඇයි එතකොට ගල් බනිස්,
    ජෑම්පාන්, ටී බනිස්, සීනි බනිස්....
    දැන්නම් ඉස්සර තිබුනු රහ ඒවයේ නැද්ද මන්දා. එහෙනම් අපි ඒ රසට හුරුවෙලා නිසා දැනෙන්නෙ නැද්ද මන්දා.
    -AKM-

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ වෙන රස වලට කට හුරු වෙලා.

      Girls have more taste buds than boys කියලා යාහූ එකේ තිබ්බා.

      Delete
  48. අඩෝ මේ මොඩල් එකේ මැදට ජෑම් පොඩ්ඩක් දාල තියෙනව අපේ පැත්තෙ , මමත් මේවාට පට්ට අසයි බං , අර හොරි කෑලි හපෙනකොට පට්ටම අතල් එකක් එන්නෙ :)

    ReplyDelete
    Replies
    1. ඔය අපි කන තැනත් ඒ ජෑම් පොඩ්ඩ තියෙනවා විදුර. උඹලා කිව්වාම තමයි මටත් මතක් වුනේ. හොරි කෑලි වලින් තමයි ඒක එච්චර රස වෙලා තියෙන්නේ. උඹ හරි. ඔය උඹ ඇවිදින දිහාස් වල්ත් ඇතිනේ බං එක එක අමුතු බේකරි නිශ්පාදන? උම කාලා ඇතිනේද කෝන්බ්‍රෙඩ්?

      Delete
  49. කඩේ මනුස්සයත් ඒ නමට වඩා අන්ත නමක් කියන්නෙ. ඒකට වෙන නමක් දාන්න තිබ්බෙ =D>

    අනික් මිනිස්සුන්ට කියන්නෙත් ඔහොමද දන්නෙ නෑ...ඒත් ඉතින් නම ගැලපෙනව.... :D

    ReplyDelete
    Replies
    1. මට නම් වෙන නමක් මතක් වෙන්නේම නෑ අප්පා.

      Delete
  50. හෙන්රි ඉස්සර අපේ යුනි එකේ කැෆේ එකේ ඔය වගේ බනිස් තිබ්බා , මම ඒවා එක්ක තේ බොනවා , මම කිව්වේ ඤානකතා කියලා . මගේ යාලුවෙක් හිටියා මන්සූර් කියලා ජෝර්දාන් ස්ටුඩන්ට් කෙනෙක්. මන්සූරුත් පස්සෙ කාලෙක මේ ඤානකතා කියන වචනය කියන්න ගත්තා. අපි රෑ පාඩම් කරලා තේ එක්ක ඔය වගේ බනිස් කනවා. මම මීගමුව රෝහලේ ඉන්නකොට (1999) වෝඩ් රවුන්ඩ්ස් කරලා උදේ 10.30 ට විතර තේ බොන්න රෝහල ඉදිරිපිට තියන හෝටලයට යනව ( මේ හෝටලයට අපි කිව්වෙ Hotel De බඩ සුද්ද කියලා. ඒකට හේතුව ඒ හෝටලේ කොත්තු එකක් කෑවොත් උදේට ටැප් එක අැරියා වගේ තමයි) ඒ නිසා අපි කෑවේ බනිස් විතරයි. ඒ හෝටලෙත් ඔය හොරි බනිස් තිබ්බා. අපි 5-8 විතර ගිහින් හොරි බනිස් කාලා තේ බීලා ආපහු තියටර් එකට යනවා. ඒ කාලය මතක් වෙනකොට හරිම සුන්දරයි. අපි එක්ක ඒකාලේ හිටපු දොස්තරලා දැන් ලෝකේ හැමතැනකටම විසිරිලා ගිහිල්ලා.

    (හෙන්රි ඕක නාලන්දේ කැන්ටින් එකේත් තිබ්බා නේද ? )

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>