Thursday, October 17, 2013

97. දකුණු කකුලෙ ගෙඩිය නැව් භාෂාවෙන්

Drawn with mouse on MS Paint again
because Prasanna asked where
the other shoe is. :D

මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ පළ වෙච්ච මේ කතාව මට මේ හදිස්සියෙම මතක් වෙන්න හේතුව, මේ කතා නායකයා වන මගේ මචං කාරයා අද හවස දුරකථනෙන් කතාකල නිසයි. 

ඔන්න කියන්න ගිය කතාව ඒ ආකාරයෙන්ම, ඇති සැටියෙන්ම.

කුරුළු හමුදාවෙ තදයෙක් වන මගෙ මචං කාරයා අජ්ජා, කුරුල්ලෙක් වෙන්න කලින් නැවක වැඩ කලා. මේක ඒ කාලෙ වෙච්ච සීන් කෝන් එකක්.


අජ්ජා වැඩ කරපු නැවේ හිටියා මෙන්ඩිස් කියලා කුක් කෙනෙක්. මෙන්ඩියාගෙ කඩුව මොට්ට වුනාට කොටා ගන්න පුලුවන්. දවසක් පොරට නිවාඩුවක් ගන්න ඕනෙ වෙලා කැප්ටන්ට කියන්නයි ලෑස්තිය. ඒත් පොඩ්ඩක් සැක හැර ගන්න (මෙන්ඩියගෙ තියෙන කරුමෙට), අපේ අජ්ජව හම්බ වෙලා. අජ්ජා ගැන මොකක් හරි හොඳක් කියන්න තියෙනවා නම් ඒ තමයි උගෙ කඩුව එක්සලන්ට්. එච්චරයි. මූට හරීයට මිනිස්සු ‍රැවටෙනවා.

"මල්ලි මම කැප්ටන්ට කියලා නිවාඩුවක් ගන්නයි ඉන්නෙ."

"ඒ මොකෝ මෙන්ඩිස් අයියා?"

"මේ මගෙ කකුලෙ ගෙඩියක් ඇවිල්ලනෙ. මේ බලන්නකො."

මෙහෙමෙ කියලා පොර පෙන්නුවා කකුලත්. ඉදිමිලා තමයි එක තැනක්.

"දැන් මොකද අවුල මෙන්ඩිස් අයියා?"

"මේක කොහොමද කැප්ටන්ට කියන්නෙ? 'I want leave because...' මොකක්ද? කොහොමද කියන්නෙ කකුලෙ ගෙඩියක් කියලා?"

අපරාදෙ කියන්න බෑ අපේ අජ්ජාටත් කාට හරි ලණුවක් දෙන්න අවස්ථාවක් ලැබුනොත් ඒ අවස්ථාව කිසිසේත් මග හරින්නෙ නැ. නිවාඩු දාගෙන, අතින් වියදම් කරගෙන හරි වැඩේ සෙට් කරනවා.

"මෙන්ඩිස් අයියා, you came to the right person. කිසි අවුලක් නෑ මෙන්ඩිස් අයියා. මේක හොඳට කට පාඩං කරගන්න. කෝ බලමු. දකුණු කකුල නේ. විස්තරේ හරියට දෙන්න එපායැ. නැවේදි අපි දකුණට කියන්නෙ ස්ටාර්බඩ් සයිඩ් (starboard side) කියලනෙ. එතකොට ගෙඩිය. ෆෲට් (fruit) හරි මෙහෙම කියමු. Sir, I need leave because my starboard side leg is having a fruit."

"දිග වැඩිනෙ මල්ලි."

"පිස්සුද මෙන්ඩිස් අයියා. චක්කරෙත් පාඩං කරගත්තා නේද පොඩි කාලෙ. පොඩි ළමයෙක් වෙන්න හදන්නැතුව මේක පාඩං කර ගන්නකො හොඳට."

කොහොම හරි පොර මේක මෙන්ඩියට කට පාඩං කරවලා, කැප්ටන් ගාවට යවන්න කලින් අනිත් උන්ටත් ගින්න දීල. දැන් කට්ටියම කිට්‍ටුවට වෙලා ගැවසෙනවලු සීන් එක බ්ලාගන්න. මෙන්ඩිස් කාරයා කොරේ තවත් වැඩි කරගෙන කැප්ටන් ගාවට ගිහින් කලිසම් කකුලත් උස්සලා පෙන්නලා කිව්වලු අර වාක්‍යය. මුන් කට්ටියට හය්යෙන් හිනා යන්න ආපු නිසා කැප්ටන් කිව්ව දේ අහගන්න ඉන්න බැරි වෙලා. මුං දුවලා එලියට.
පස්සෙ මෙන්ඩියට නිවාඩුත් හම්බවෙලා තිබ්බලු.

මේ දන්නෙම නැති බුවාලට හෙන්රිබ්ලොග්වෝකර්ගෙ නොමිලේ ඉංග්‍රීසි:
නැව් වලයි, ගුවන් යානා වලයි
(සෙන්නා කියාපු විදියට* ඉදිරිය බලා සිටින විට)
වම පෝට් සයිඩ් (port side),
දකුණ ස්ටාබඩ් සයිඩ් (starboard side),
ඉස්සරහ බව් (bow),
පස්ස ස්ටර්න් (stern).


අජ්ජයි මායි.


Originally published @ මට හිතෙන හැටි. 




85 comments:

  1. අඩේ,මාර සෙන්ටෙන්ස් එක බං,අපරාදෙ කැප්ටන් මොකද කිව්වෙ කියල අහගන්න තිබ්බේ නැති එක.

    ReplyDelete
    Replies
    1. අනේ දන්නේ නෑ බං හැලපේ. බොහොම ස්තුතියි ඈ.

      Delete
  2. අපරාදේ ටිකක් වෙලා හිටියනම් කැප්ටන්ගේ උත්තරේ අහගෙනම එන්න තිබ්බා..

    ReplyDelete
    Replies
    1. ඒක අහගන්න හිටියානම් වැඩේ අප වෙන නිසලු මු දිව්වේ, Dinesh.

      Delete
  3. හැබෑට කැප්ටන් මොන වගේ උත්තරයක් දුන්නද දන්නේ නෑ. :D

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ කැප්ටන් හිනාවෙන්න ඇති. අනික වහාම දැනගන්න ඇති කවුද අණ්ඩරේ දුන්නේ කියලත්. :D

      Delete
  4. හෙහ් හෙහ් මාර වෘත්තීය ලණුවක්නෙ දීලා තියෙන්නෙ !.

    "නැව් වලයි, ගුවන් යානාවලයි ඉදිරිය බලා සිටින විට" යනුවෙන් නිවැරදි වෙන්න ඕනා නේද ඩූඩ්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා. ඕන්න ඒ වැ‍රැද්ද හැදුවා. දැන් බලාපංකෝ.

      Delete
  5. කතාවෙ රසය උපරිම විදින්න තිබ්බ කැප්ට කියපු දේත් ලිව්වනම්.
    ඉස්සර මගෙත් සෙට් එකක්ම හිටිය නැව් වල වැඩ කරපු.නිවාඩුවට ආවම පලු අරිනව පිටිසර පති වැලි ආපු අයව මඩවන හැටි කියල.

    ReplyDelete
    Replies
    1. කැප්ටන් කියපු දේ හිතාගන්න එක ඊටත් වැඩිය ගති නැද්ද කෙන්ජි. :D

      Delete
  6. වෙදර්බෝඩ් (බඩ්?) කියලත් පැත්තක් තියනවා නේද? හුලං වදින පැත්තට මම හිතන්නේ....

    ReplyDelete
    Replies
    1. ඒක නම් මම දන්නේ නෑ තිසර. අපි ඒ ප්‍රශ්ණේ සෙන්නාට යොමු කරමු. leeward කියලා කියනවා නේද හුලඟට මුවාවෙච්ච පැත්තට නම්?

      Delete
  7. මේකතාව එච්චර රහ නැ

    ReplyDelete
    Replies
    1. මටත්! හැබැයි කමෙන්ට් වලින් පොඩි ගතියක් එනව.

      Delete
    2. අටම් ඔයා කොහොමද මේක කාලා රසබැලුවේ.. ප්‍රින්ට් එකක් ගත්තද නැත්නම් ස්ක්‍රීන් එක ලෙව කෑවද ?

      Delete
    3. @අටම්, රාජ්: ඔව් බං ඉතින් හැම කතාවම එකම ක්වොලිටියෙන් නෑනේ.
      @ඇනෝ: ඇත්තෙන්ම ඊලඟ කතාව ලෙවකාපු කතාවක්. ඔන්නම් බලන්නකෝ.

      Delete
  8. ඩූඩ්ගේ මචං කාරයාගේ චක්කරේ කටපාඩම් කලාට මෙන්ඩිස් අය්යටත් පාඩුවක් වෙලා නැහැ වගේ.

    මට හිතෙන්නේ; චක්කරය ඇහුන කැප්ටන් කාරයත් අනිත් කට්ටිය වගේම ආතල් එකක් අරන් තියෙනවා... ඒකනේ නිවාඩුව හරි ගිහින් තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. කැපත් ජොලි බුවෙක් වෙන්න ඇති කියලා මටත් හිතෙනවා ගමේ එකෝ. :)

      Delete
  9. පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි කිව්වලු....කැපා කියපු දේ අහගන්න විදිහක් ඇත්තෙම නැද්ද..?

    ReplyDelete
    Replies
    1. කැපා ඇත්තටම 'පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි' කිව්වද දන්නෙත් නෑ නෙ බං ඉවාන්? :))

      Delete
  10. මේවගේ වැඩ වලට කියන්නේ නාලාගිරිකරණය කියලා.

    ReplyDelete
    Replies
    1. නාලාගිරිකරණය තව පොඩ්ඩක් පැහැදිළි කරපං සුදීක පුලුවන්නම්.

      Delete
  11. හයියො මේ වගෙ උන්.
    වාහනයක් හදුන්වාදෙනකොට ඉදගත්තම දකුනු පැත්තට ඔෆ් සයිඩ්,වම් පැත්තට නියර් සයිඩ් කියල කියනව

    ReplyDelete
    Replies
    1. ඔව් දමිත් My front offside wheel blew up කියලා කියන්නේ. ඒ පැත්තත් වාහනේ එලවන පැත්ත අනුව වෙනස් වෙනවා. Left hand drive or Right hand drive.
      බොහොම ස්තුතියි උඹට.

      Delete
  12. Sir, I need leave because my starboard side leg is having a fruit."

    අයියය්යෝ................. :D

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ඉතිං? :D

      Delete
  13. ඔන්න මාත් කටපාඩම් කරගත්තා හදීසියකට ඔනෑ වුණොත් කියලා ..

    ReplyDelete
    Replies
    1. අන්න දුර දිග බලලා වැඩ කරන උන්. හරියට හරි සඳරූ.

      Delete
  14. හරි හරි ඕක තමයි එහෙනං බස් වල ෆුට් බෝඩ් පැත්ත කියලා එකක් තියෙන්නේ. එතකොට බස් එකේ පෂ්ෂා පැත්ත.

    දෙවෙනි ලෝක යුද සමයේදී ලංකාවෙන් බ්‍රිතාන්‍ය යුද හමුදාවට බැඳුනු සොල්දාදුවෙකුට මේ වගේම රස්සාවත් එපාවුනා රාජකාරි වැඩිකම නිසා. මිනිහගේ ඛණ්ඩය භාර නිලධාරියා මිනිහව රියදුරු රාජකාරියේ යොදවලා දවස පුරා වැඩගන්නවා. වින්ඩ්ස්ක්‍රීන් එක කැඩිච්ච පරණ ට්‍රක් එකක් තමයි දීලා තියෙන්නේ. මහා වැස්සේ හීතලේ යනකොට අයිස් වගේ වතුර ඇඟට වැටෙනවා වීදුරුව බිඳිලා නිසා. දවසම මැරිලා ඇවිත් බලනකොට මිනිහා කඳවුරේ රාත්‍රී මුරයටත් නම් කරලා. මල කෙහෙම්ම කියලා හිතුව මිනිහාට අවශ්‍ය වුනා මෙන්න මෙටික කියන්න. වැඩ වැඩ වැඩ උදේ ඉඳලා හවස් වෙනතුරු එලවනවා. වින්ඩ්ස්ක්‍රීන් එකක් නැහැ වතුර එනවා අයිස් වගේ. දැන් කියනවා ගාඩ් ඒකත් කරන්නලු. මාව චාජ් එකේ දානවා. මම ගාඩ් කරන්නේ නෑ ඉතිං මිනිහා මෙහෙම කිවා.

    do working, do working, do working, ancient lorry. no windscreen. water coming ice. now telling I guard. you put me charge. I no guard.

    ReplyDelete
    Replies
    1. හැහ් හැහ්.. මේක දැක්කම මටත් එකක් මතක් වුනා. මේ බන්ගලි ඩ්‍රයිවර් කෙනෙක්ගෙ ඉංග්‍රීසි.

      i am telling telling. i tell come come, i tell no come no come. i tell come tomorrow morning i come. you no go.
      (මම කිව්වොත් කිව්වා. මම එනවා කිව්වොත් එනවා. එන්නෑ කිව්වොත් එන්නෑ. මම හෙට උදේ එනවා කිව්වා, ඉතින් මම එනවා. ඔයා යන්ඩ එපා.)

      Delete
    2. අපේ මන්තිරි උත්තමයෙක් දිසාපතිට කිව්වා 'මම මන්ත්‍රී උඹ දිසාපති. කවුද උසස්. මමයි උසස්. හොඳයි බලමු' උඹ හිතන්නේ මම කවුරු කියලද . I the MP you the GA. Who high. I high. Good see. You know who me are?

      Delete
    3. එක මරු බංලා......
      අපේ පොඩි එකත් මට පොඩි මෙව්වා දෙකක් ඉගැන්නුව,

      දවසක් සුප්‍රකට රචකයෙක් පොතක් ලිව්වලු , "පොතේ නම ලලනා ලපේ අභිරහස" ලු. එත් මිනිහ වැඩිය ඉංගිරිසි දන්නේ නැහැලු , මිනිහ සැහෙන කල්පනා කලාලු , ඉංගිරිසියෙන් දාන්න නමක් එන්නෙම නෑලු.. ඕනේ රෙද්දක් වෙච්ච දෙන් කියල මිනිහ දන්න විදිහට කොපිය යටින් ලිව්වලු ,

      the abhi secret of dot lalanaa ( ද අභි සික්‍රට් ඔෆ් ඩොට් ලලනා )කියල.
      මිනිහට දැන් මාර සතුටුලු ,, නමේ පොඩි බැරෑරුම් ගතියක් තියෙනවනෙ,, ඒ ගැම්මෙන්ම මිනිහ ලියපු පොතකට නමක් කල්පනා කලාලු ...
      පොතේ නම " දුම්රිය මංකොල්ලකාරයා " ලු
      දාන්නන් ගින්දර නමක් කියල කොපිය යටින් ලිව්වලු
      the smoking vehicle , I am robbering (ද ස්මෝකින් වෙහිකල් , අයි ඈ ම් රොබරින් ) කියල ...

      Delete
    4. One time telling, two time telling, even a deaf man hearing. Why dont this child hearing I dont know.

      Delete
    5. @ විදුර කවුද බන් අපේ පොඩි එකා කිව්වේ ????? උබ ලගදී නේද කසාද බැන්දේ

      Delete
    6. @මැලේ රාළ

      මගේ මල්ලිට බං :) ඌ මේපාර o/l කරන්න ඉන්න බුවෙක් :)

      Delete
    7. මෙතන නියන කතා වැලක්ම තියෙනවනේ. :D
      බොහොම ස්තුතියි විචාරක, සෙන්නා, විදුර, කතන්දර කතාවට වැඩිය රස කමෙන්ට් වලට.

      විදුර උඹ මාවත් මොහොතකට හොල්මං කෙරෙව්වා. :))

      Delete
  15. කැප්ටන්ගෙ උත්තරෙත් ඇහුනා නම් මල් හතයි. හැබැයි වැඩි අවුලක් නෑ වගේ ඒකනේ ගේමක් නැතුව නිවාඩු අනුමත වුනේ.

    ReplyDelete
    Replies

    1. කැප්ටන් කිව්ව එක කාටවත් ඇහිලා නෑ ප්‍රියා. ඇහුනානම් අජිත් කියනවා. කොහොම හරි නිවාඩුත් ලැබිලනේ.

      Delete
  16. මම හිතන්නේ ඕක හරිම හරි නැව් භාෂාවෙන් අහන්නේ මෙන්න මෙහෙම ...

    "Sir, I need leave because me starboard side leg be havin' a fruit." :D :D

    ReplyDelete
    Replies
    1. හරියට හරි පොඩ්ඩි. ඕට්ටේලියානු නැව් ඉංගිලිස් වලින් එහෙමද කියන්නේ ඒක? :))

      Delete
  17. Replies
    1. නැතුව නැතුව කෝරළේ මහත්තයෝ. ගොඩ දැමීමේ පුරෝගාමියෝ තමයි අපි.

      Delete
  18. නැව් ඉංගිරිසිත් අමුතුම බාසාවක් නෙව... උඹ දැන් ඒකත් 'ටියුෂන්' දෙන්න ගත්තද? :-)

    ReplyDelete
    Replies
    1. නැවු විතරක් නෙවෙයි කොයි ට්‍රේඩ් එකෙත් jargon තියෙන්නේ බං ඔය.

      ඇයි මචං මම බ්ලොග් එකෙන් පටන් ගත්තනේ "බ්ලොග්වෝකර්ගෙන් නොමිලේ ඉංග්‍රීසි" කියලා සීරීස් එකක්. ඇත්තෙන්ම ඒකේ කොටස් හතරයි ලිව්වේ. ආයේ පටන් ගන්න ඕනේ. හොඳයි මතක් කරපු එකත්.

      Delete
  19. මේක දැක්කම මටත් හිතුනා හෙන්රියෝ නොදන්නා එවුන්ට බොරු භාෂා කියා දීලා, ගන්න ආතල් ගැන වෙනමම පෝස්ටුවක් ලියන්න මෙහෙ අත්දැකීම් වලින්

    ReplyDelete
    Replies
    1. යශෝධා ගැන මම ලියපු පෝස්ටුව කීප දෙනෙකු වෙත යොමු කල බව ආරංචි උනා...ස්තුතියි මැළේ රාළෙ...

      Delete
    2. ලියාපං, ලියාපං. හැබැයි ඔය සුද්දන්ට සිංහල කියලා කුණුහරප කියාදෙන එක නම් මීට වඩා නොහොබිනා වැඩක් බං.

      Delete
  20. //Drawn with mouse on MS Paint.//
    පට්ට බං මාරම හැකියාවක් ... මම නම් මවුස් [කොම්පියුටරේ එක හරි :) ]එක අතින් අල්ලන කොටත් අත වෙවුලනවා බං නිකං ඕවර් ඩ්‍රයිව් , ඕවර්ක්ලොක් වෙලා වගේ :D
    මම හිතන්නේ ඒක මගෙ අතේ පොඩි අවුලක් , නැත්තන් අත පාවිච්චි කරල වැඩියි ;
    මං අහන්නෙ මම තරං උඹත් අත පාවිච්චි කරලා ඇතිද , මම කියන්නෙ උඹම නෙවේ සමස්තයක් විදිහට...
    නෑ එක්කෝ ඕනේ නෑ උඹ ඒක ගැන නොහිත ඉඳින් :)

    ReplyDelete
    Replies
    1. :)) කෙසේ හෝ වේවා උඹ ෆෝටෝස් ගන්න කොට අත වෙව්ලන්නේ නෑනෙ නේද?

      ඇත්තෙන්ම විදුර ඒවා ඔක්කොම ට්‍රයිපොඩ් ශොට්ද

      Delete
    2. යප් ඩුඩ් ,, බහුතරයක් ....

      Delete
  21. පව් මෙන්ඩියා මෙහෙමත් ලනු දෙනවද? ලනු නෙමෙයි ඔවා කඹ... නැව් කඹ.... :D :D

    ReplyDelete
    Replies
    1. ලණු කෑවා නම් කඹ රීපියව් කියනවනේ මොරබ්බා. :))

      Delete
  22. ඩූඩ්....කැපා මොකද කිව්වේ? මචං ඇත්තටම අහන්නේ කුද්දැටියට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද?

    මේ කතාව මම සුදීකට මම දාපු කමෙන්ට් එකක්. දැක්කේ නැති මහත්මයෙක් කියවන්න.

    //. මමත් ජීවිතේ වැඩිකල් හෝටල් කෙරුවාවේ.රන්ජි කියලා බුවෙක් හිටියා Kitchen Stewarding (සේදීමේ අංශයේ). අනිත් හැමෝම break එකට යැව්වා.මුගේ චාන්ස් එක තාම නැහැ .F&B Manager හිටියේ සුද්දෙක්. රංජි කෙලින්ම ගියා සුද්දා ගාවට " everybody going break!!!why my body no going?"කියලා ඇහුවා.
    සුද්දා හොල්මන්.ටිකක් වෙලා කල්පනා කරලා වෙන එකෙක්ව පෙන්නලා කිව්වා. "ok. ok. you body going after this body" කියලා .එදා ඉඳන් රන්ජි "මයි බොඩි"උනා.1982 විතර කතාවක්.//

    ReplyDelete
    Replies
    1. ග්ලෑන්ඩ් කියලා අපි නම් කියන්නේ මචං.
      >>quoted from Cambridge Adv Learners Dictionary
      gland /glænd/ noun[C ]

      an organ of the body or of a plant which secretes (= produces) liquid chemicals that have various purposes

      The glands in my neck are a bit swollen.
      Quote ends<<

      අපේ උනුත් විහිළුවට කියනවා: Nobody is listening to mebody කියලා.

      Delete
  23. කතාව වගේම ඩූඩ්ගෙ චිත්‍රෙත් නියමයි.අර මොරබ්බා කියල තියෙනව වගෙ ඕවා ලනු නෙවෙයි කඹ :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චාම්ස්. මාත් ඔයාවගේ ස්පිල්පෲෆ් කීබෝඩ් එකක් සේදුවනේ. :D

      Delete
  24. පාඩං කරගන්න සැහෙන්න දේවල් ඇත...මරු

    ReplyDelete
    Replies

    1. හා එහෙනං පාඩං කරගනිංකෝ, දේශකයා. :D

      Delete
  25. කැප්ටන් කාරයත් ඒ ජාතියෙම පොරක්ද දන්නෑ. ඒකනේ නිවාඩු දීල තියෙන්නෙ.

    කෝ අප්ප අර මනුස්සය උස්සල පෙන්නන කකුළෙ සපත්තුව.

    ReplyDelete
    Replies
    1. කැපාත් ජොලි බුවෙක් වෙන්න ඕනේ කතාවේ හැටියට.

      උඹ නම් මාර මීටරයක් ප්‍රසන්න. එළ ඈ. ඔන්න මම ඒක හදලා උඹවත් මතක් කරලා ආයෙම චිත්‍රේ ආයෙම අප්ලෝඩ් කලා.

      Drawn with mouse on MS Paint again
      because Prasanna asked where
      the other shoe is. :D

      Delete
    2. සිරාරා ආආ.. ඩුඩ්
      මාරම මීටරයක් !!
      මං ස්කෙච් එක දිහා සැහෙන වෙලා බලාන හිටිය ,,,, එත් මට දැනුනෙවත් නෑ බං...
      ඔය වගේම හැකියාවක් තිබුන මතකයි බ්ලොග් "කියවන්න විතරක්" එන ඩි.ඩි.ටි යට , එත් ඒ කොහෙදිද කියල මතක නෑ...

      Delete
  26. aneee paw...
    dukee beee......
    ay ahinsaka minissunta baaldi andanne?
    pattta kataawa...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි amare

      ඇයි අප්පා අර සිංග්‍රීසි යුනිකෝඩ් එක බාගෙන සිංග්‍රීසියෙන් කොටන්නේ නැත්තේ? ඒක හරි ලේසියි. මම බ්ලොග් කොටන්නෙත් ඒකෙන්.

      Delete
  27. අඩේ කැප්ටන් මොකද්ද දන් නෑ කිව්වේ..

    ReplyDelete
    Replies

    1. කැප්ටන් මොනවා කිව්වත් නිවාඩු ලැබුනනේ චින්තක. ඒ මදෑ නේද?

      Delete
  28. කැප්ටන්ටත් හිනහා යන්න ඇති..මොනවාද දන්නේ නැහැ කිව්වේ නේද ...

    ReplyDelete
    Replies
    1. කැප්ටන් මුලින්ම රවන්න ඇති, ඊට පස්සේ කිව්ව එක ඩීසයිෆර් කරගන්න ඇති. ඊට පස්සේ හිනාවෙන්න ඇති.

      Delete
  29. කැප්ටන්ගෙ පිළිතුර නැතුව මේ පෝස්ටුව අසම්පූර්ණයි පාට්නර්...ඉස්කෝලෙන් නිවාඩුවක් හරි දාලා ගිහිල්ලා කැප්ටන් ගොයියව හොයලා ඒක දැනගන්න විදියක් නැද්ද...අජ්ජත් එක්කම ගියා නම් වැඩේ ගොඩ...

    ReplyDelete
    Replies
    1. උඹටත් හිතෙන දේවල්. :D මට තිබ්බේ කැප්ටන් මොනවා කියන්න ඇත්ද කියලා ප්‍රශ්ණයක් අහලා උඹලට home work දෙන්න. :-?

      Delete
  30. බලන් ගියහම හෙන්රි අයියත් ආශ්‍රය කරන්නෙ ලණු දෙයියොනේ. ළඟින් ගියොත් ඇහැක් නැති ජාතියෙ පොරවල්. :) කඩ්ඩ වැඩිය පොලිෂ් නැතත් ඔය තරම්ම චා වෙන්න පොරට වෙන මොකක් හරි අවුලක් තියෙනව වෙන්න ඕන.

    කලින් කියෙව්වට මේකටයි කලින් එකටයි කමෙන්ට් කරන්න ලැබුනෙ ඕන් අද. ඒ ගැන ඉතින් සමාව භාජනේට. :)

    ReplyDelete
    Replies


    1. මෙහෙම ඉතුරු වෙලා ඉන්නවා ඇති බං.
      කඩ්ඩ මොට්ට කමට වඩා DDT ඔය වචන නැවේදි නිතර ඇහෙන වචනනේ. ඉතින් පොරත් නැවේදි ඒ වචනම තමන්ගේ ඇ‍ඟේ කොටස් වලටත් පාවිච්චි කරනවා කිව්වාම ඒක නෝර්මල් කියලා හිතන්න ඇති.

      මම මේ ගිය මාසෙත් බලාගෙන, මෙහෙ වැඩ කරන ලාංකික Road Construction Foreman කෙනෙක් හෝ ගාලා බංග්ලාදේශි කම්කරුවෙකුට බංග්ලා, සිංහල, ඉංග්‍රීසි මිශ්‍රණයකින් කතා කරලා උපදෙස් දෙනවා.

      මම ඇහුවාම කිව්වා, ඒ යකා කතා කරන වචනවලින්ම තමයි ඒ බාසාව හදාගත්තේ කියලා.

      මොන සමාවද බං. උඹ දැක්ක එකත් සතු‍ටුයි.

      Delete
  31. අනේ පව් අහිංසකයා. නියම ලණුවක් නේ දීලා තියෙන්නේ.... ඔය පිටරට කට්ටියට සිංහල උගන්නන්න ගිහින් කට්ටිය දෙන ලණුත් ඔය වගේම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සිතූ. මම උඩ මැළේ රාලටත් කිව්වේ, ඒක නම් ඔයිට වඩා බරපතල ප්‍රශ්ණයක් කියලා

      Delete
  32. ඇයි බන් නැව් වල මේ වගේ අපබ්‍රංශ ඉංගිරිසි පාවිච්චි කරන්නේ??

    ReplyDelete
    Replies
    1. නාඩියා, නැව්වල විතරක් නෙවෙයි බං. ඔය කොයි trade/profession එකෙත් ආවේනික තාක්ෂණික භාෂාවක් තියෙනවා. ඒකට කියන්නේ (technical) jargon එකක් කියලා. උඹයි මායි IT බාසාවෙන් කතාකරන එක උඹේ ආච්චිට ඇහෙයි පිටසක්වල භාෂාවක් හැටියට. හිතලා බලාපං. අප්ලෝඩ්, ඩවුන්ලෝඩ්, ලොග් ඔන්, බූට් අප්...ඕවා ආච්චිට තේරෙයිද කියලා. :-D

      Delete
  33. ඩුඩ් ඇනෝ කෙනෙක් මේ විදිහට කොමෙන්ට් එකක් දෙපාරක්ම දාල තිබුන බං මගේ බොගේ ,, මම දන්නෙත් නෑ බං මෙව්වා ගැන ... තරහ නැතුව උත්ටරයක් දියන්කො,....

    [box] ''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
    http://yawwnayaa.blogspot.com/

    නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
    http://yawvanaya.blogspot.com/

    ඔය දෙකම ලියන්නේ

    පුංචී කුමාරිහාමිද
    චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
    ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ

    මේ තුන්දෙනාම

    එක්කෙනෙක්ද
    දෙන්නෙක්ද
    තුන්දෙනෙක්ද [/box]

    ReplyDelete
    Replies
    1. එක්කෝ ඕනේ නෑ බං ,, ඔය උඩත් මේකම දාල තියෙන්නෙ.....

      Delete
    2. |Don't worry dude. Give it a wide berth. Just steer clear

      Delete
  34. ඔහොම යාළුවන්ට ලණු දෙන්න හොඳ නෑ අප්පා..!!
    ඒක නෙවි ඩූඩ් ඉංග්‍රීසිවල මේ වගේ පොඩි පොඩි තැන් ගැන කියලා දෙන්න බ්ලොග් එකක් පටන් ගනිමුද?

    ReplyDelete
    Replies
    1. අනේ රූලා හේම ඔහොම ළණු දෙන්නම නැතුව ඇති නේද? හාහ් හාහ්!

      රූ, මම උඩ කැන්ඩියන්ට කිව්ව උත්තරේ බලන්නකො.

      Delete
  35. මං වරායෙ කණිෂ්ඨ නිලදාරියෙක් කාලෙ අපේ බොසා වෙලා හිටියෙ ඉන්දියන් කාරයෙක් .. නම සික්කා .. ඔය මනුස්සයාට එක සිංහල අකුරක්වත් බෑ. අපෙ පරිපාලක කෙනෙක් හිටියා කන්නාඩි එහෙම දාගෙන බොහොම ප්‍රාඥ පෙනුමක් ඇති.. මිනිහට ඉංග්‍රීසි බැහැ කියල කවුරුත් හිතන්නෙ නෑ. හැබැයි බෑ. ඔන්න මිනිහා එක දවසක් කන්ටේනර් වගයක් එකට එකක් බ්ලොක් වෙන්න තියලා හින්දා එකක්වත් ගන්න බෑ කියලා අරයාට විස්තර කරනවා. සර් දිස් කන්ටේනර් දිස්.. දැට් කන්ටේනර් දැට්.. අනදර් කන්ටේනර් ඕල්සො දැට්... කාන්ට් ගෝ ? අතින් පයින් එහෙම පෙන්නලා කීවම අර මනුස්සයාට තේරුණානෙ.. නැවු වල වැඩ බලන්න හිටි ෆෝමන්ලා ඔක්කොම වගේ ඉංග්‍රීසි කතා කලේ ඔහොමයි ..හැබැයි කප්පියන්ට (captain)ඔය බාසාව තේරුණා.. අර කප්පියත් ඒ වගේ වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. කාලයක් තිස්සෙ ඇහෙනකොට තේරෙන්න ගන්නවා ඇති මචං හරියට අර හින්දි ‍ෆිල්ම් බලලා හින්දි තේරෙන්න ගන්නවා වගේ සමහරුන්ට.

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>