Monday, December 16, 2013

101. ඩූඩ් + හනී බනී Love story


අක්කයි මල්ලියි


"අයියලා පහළොව ගෙදර ඉන්නවද?"

වැටට උඩින් ඔලුව දැමූ අල්ලපු ගෙදර ඇත්තී මිදුළේ රිය නතරකර ඉන් බැස ගත් මගෙන් ඇසුවාය.

"ම්ම්ම් ඇයි ඒ මොකක්ද විශේෂය?"

වෑන් රියේ යතුර සාක්කුවට ඔබන ගමන් මම ඇසුවෙමි.

"අපේ ගෙදර පාටියක් තියෙනවා. ඒකට ආරාධනා කරන්න."

"ම්ම්ම්... පහළොව නේ? හප්පා එදාට අපි අර ගමන යන්න ඕනේ නේද දීපා? මම මිදුලේ සිටි බිරිඳගෙන විමසුවෙමි..

ඇත්තෙන්ම අපි පහළොස්වෙනිදාට දුර ගමනක් යාමට සැලසුම් කරගෙන සිටි බව ඇත්තකි.  අල්ලපු ගෙදර ඇත්තීගේ  මුහුණ අඳුරු වෙනු පෙනුනි.

"ඇත්තෙන්ම බොහෝම කණගා‍ටුයි. අපිට ඉතින් සීමිත දින ගානක්නේ තියෙන්නේ. ඉතින් දිගටම  දවස් වලට ගමන් යොදාගෙන තියෙන්නේ. "

ඇත්තෙන්ම පහළොස්වෙනිදාට ගමනක් යොදාගෙන තිබීම ගැන මම චිත්තප්‍රීතියෙන් පිනා යමින් සිටියේ කාරණා දෙකක් නිසාය. පළවෙනි කරුණ නම් නිතරම පාර අවහිර වනසේ මෝටස් සයිකල් නතර කරන, මේ දිනවල උත්සවයට ලෑස්තිවන බැවිනි වෙනදාටත් වඩා ගෙදරින් එළියට යාමටත් ආපසු ගෙදර ඒමටත් මට කෝපයෙන් නළාව හඬවන්නට සලස්වන මේ ගෙදර කට්ටිය, උත්සවය දවසට මගේ පාර මුළුමනින්ම අවහිර කර වාහන නවතා මගේ ඉවසීමේ සීමාව පන්නන්නට හැකි බවට සැකයක් නොමැති වීමයි.

වඩාත් ප්‍රභල දෙවෙනි කරුණ නම් උත්සවයක් නැතිවත් දවසකට වේල් තුනක් හනී බනී ගීතය මහ හඬින් වාදනය කර මට ඔක්කාරයට යාමට සලස්වන මේ උදවිය, උත්සවයට අනිවාර්යයෙන්ම මේ ගීතය තොර‍තෝංචියක් නැතිව වාදනය කරන්නට ඇති හැකියාවයි.

"හොඳ වෙලාවට අපි අරෙහෙ යන්න ප්ලෑන් කරගෙන හිටියේ, නැත්නං හනී බනී අහලම මට මොකක්හරි වෙනවා" මම පහත් හඬින් පැවසුවෙමි.

පහළොස් වනදා උදෑසන අවදිවී සූදානම් වන අතර ලැබුණු දුරකථන ඇමතුමකට අනුව ගමන අවලංගු කිරීමට සිදුවූයේ නොසිතූ ලෙසය.

"දැන් මොකද කරන්නේ? ආයෙ නිදාගමුද?"

"මොනවා? අර හනී බනී සින්දුව අහගෙන ඉන්න මුළු දවසම? නෝ තෑන්ක්ස්. අනික පාරට යන ගානේ හෝන් ගගහා... හපොයි ඒක හරි යන්නෑ. අපි ඔහොමම යං ඔලුව හැරුන අතේ.

කොහෙද යන්නේ?

අකමා බලන්න ගියෑකි. ඒත් ඌ දන්නේ නෑනේ අපි එන බව. අපි යං කුරුණාගල කුමාර බාප්පලගේ ගෙදර. පංගියත් අද ගෙදර ඇති."

ඔව්. එහෙමම යමු නුවර. ගිහින් අක්කලෑ ගෙදරත් ගිහින් කාඩ් එක ගහල එන්න පුලුවන් ඒ එක්කම."

අප පිටත් වන විටත් රෑ තිස්සේ නිදිවරාගෙන උත්සවයට ලැහැස්තිවෙමින් සිටි අල්ලපු ගෙදර කට්ටිය නින්දේ පසුවූ නිසාදෝ, හනිබනී ගීතය හෝ පාර හරස්කල මෝටර් සයිකල් කිසිවක් නොමැතිව සුභ මොහොතින් ගමන පිටත් වුනෙමු.

ඒ ඊයේය. මම මේ ලියන්නේ නුවර ගෙදර කෑම මේසය මත තබාගත් අපේ පුතාගේ ලැප්ටොප් පරිඝනකය සහ මේ නිවසේ අන්තර්ජාලය භාවිතා කරමිනි.

ඊයේ කුරුණෑගලින් පිටත්ව ගලගෙදර හරහා ක‍ටුගස්තොටට ලඟාවෙමින් සිටියෙමු. කුරුණෑගල නිවසට ගොස් සිටි මගේ බිරිඳගේ සොයුරියගේ දියණිය තිළිණිද අප සමඟ ගමන් කරමින් සිටියාය. වර්ෂාවෙන් තෙමී ඇති අධික බෑවුම් සහිත මාර්ගයේ ඉහලට ධාවනය කරමින් සිටියදී පසු පස සිට ඉදිරිපස ආසන දෙක අතරින් රිංගූ අපේ පුතා ස්ටීරියෝ යන්ත්‍රයට ඔහු අත තිබූ USB  පෙන්ඩ්‍රයිව් එකක් එබීය.

"ඔයා අහන්නකෝ තිළිණි අක්කි මේ සින්දුව?"

අපි සැම එම ළයාන්විත ගීතය අසමින් කන්ද නැග්ගෙමු.

ඉන් පසු ගීතය වාදනය වීමට පෙර එම ගීතය මඟ හැරීමට බොත්තම ඔබන ලෙස ඔහු මවගෙන් කල ඉල්ලීම ඇසුනු මම, එයට විරෝධය පෑ නිසා California Dreaming ගීතය මා නිසා වාදනය විය.

"ඇයි මල්ලි ඒ සින්දුව ලස්සනයිනේ. ඇයි ඔයා ආසා නැද්ද ඒකට?"

"මම ආසයි  ඒකට. නමුත් ඒක මේ මූඩ් එකට හරියන්නේ නෑ," හිරුෂගේ හඬ මට යන්තමින් ඇසුනි. "අන්න ඒකටත් එක්ක බඩුව..."

සවස පහට පමණ තෙත් අඳුරු සැන්දෑවක, තුන්වන ගියරයේ කන්දක් අදින වෑන් රියක පවතින මූඩ් එකට ගැලපෙන සින්දුව කුමක්දැයි කුතුහළයෙන් යුතුව මම උනන්දුවෙන් සවන් දී සිටියෙමි.

"යෝර් මයි පම්කින් ....  හෙලෝ හනී බනී..." වෑන් රිය සිසාරා වාදනය විය.

"තිළිණී..."

"යෙස් බාප්පි."

"ඔයා දන්නවද අපි අද ගෙදර නොඉඳ මේ වැස්සේ ඔයාලෑ ගෙදර යන හේතුව?"

"නෑ බාප්පි."

"ඔය හනී බනී සින්දුව."

"ඒ කිව්වේ බාප්පි?"

මම ඇයට හේතුව පැහැදිළි කළ විට ඇය  නැඟූ සිනා හඬ අතරින් අප කඳු මුදුනටම ලඟාවී සිටියෙමු.





Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.

134 comments:

  1. awwwwwww well done bappi :D thank you for making my name immortal in blogosphere :D

    ReplyDelete
  2. ඔහොම තමයි.කරුමේ වලක්වන්න බෑ. :D

    ReplyDelete
    Replies
    1. බෑ බෑ කොහොමවත් බෑ. අර ගොනා පසුපස එන ගැල මෙන්... :D

      Delete
  3. මචං කොහේ හිටියත් කරුමෙ පලදෙන එක නවත්තන්න බෑ.අර ගාථාව මතකද,න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ
    කොහේ හැංගෙන්න හැදුවත් පසුපස එනව.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචං. අර සිංහලෙනුත් කියන්නේ "Goldfish have no hiding place කියලා.

      Delete
  4. කියල වැඩක් නෑ දවසක් හයිවේ එකේ බස් එකේදී ළඟ හිටපු එකාගේ රිගින් ටෝන් එක ඕක රින් වෙනවා රින් වෙනවා ඉවරයක් නෑ මොකෝ ඉතින් මගින් බහියි කියල හිත හදාගන්නද? කෝල් එනවා ඉවරයක් නෑ එදා නම් මට එපා උනා

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා ඕක රිඟිං ටෝන් එකට දාගන්න ඒ පාර. :D

      Delete
  5. හි හි කාලෙකට පස්සේ ඩෙනිම එලියට අරන් තියෙන්නේ ......... අර අල්ලපු ගෙදර එකාගේ ඊමේල් එක හොයා ගන්න විදියක් තිබුනානම් ඉක්මනට ඔයාගේ නිවාඩුව අපිට ඉවර කරන්න තිබ්බා

    ReplyDelete
    Replies
    1. අනේ පුලුවන්නම් කරපංකෝ ඒක. එතකොටවත් හැදෙයිද බලන්න

      Delete
  6. හප්පේ ඔය සිංදුවට මීට මාස ගානකට කලින් එතකොට අවුරුද්දවත් සම්පූර්ණ නැති මගෙ දූ සිඟිත්ත උඩ පැන පැන හිනා උනා. අපිත් ඉතින් කෙල්ලගෙ හිනාව අහන්න ආශාවට ඔය සිංදුව කණේ තියන් ඇහුවා.
    දැන්නම් සිංදුව ඇහුනත් බඩ දගලනවා. ඒ තරමට ඒ මඟුල ඇහුවා. දුව ආශාත් නැති හන්දා හොදයි.

    ඒ සිංදුව මටනම් පේන්නෙ ඩූඩ් අයියව හොයන් ඇවිත්.

    ReplyDelete
    Replies
    1. මටත් ඒ සින්දුවට විශේෂ අප්පිරියාවක් තියෙනබව නෙවෙයි මමත් කිව්වේ. එකම සින්දුව නොකඩවා ඇහෙනකොට ඇතිවෙන අප්පිරියාව.

      Delete
  7. එහෙම තමා කුකුල් බෙටිත් බේතට ඕනා වෙනවා කියනවනෙ... අනික ඇනෝ + හැලපෙ කිව්වා වගේ කරුමෙ වලක්වන්නත් බෑ.. එදා දවස ඇතුලතත හනී බනී අහන්න දෛවයෙන් නියම වෙලා තිබිලා තියනවා...

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ දැන් නැගුන ප්‍රශ්ණයක් : ඔච්චර අකමැති සිංදුව කොහොමද උඹලෑ පෙන් ඩ්‍රයිව් එකට ගියෙ ?

      Delete
    2. පුතාගෙ පෙන් ඩ්‍රයිව් එකට කොපිකරගත්තු කලෙක්ෂන් එකක ඕකයි කොලවරි සින්දුවයි තියෙනවා බොලව්. ඕක කොල්ලගේ.

      Delete
    3. ඒක මිසක්...අපි හිතුවෙ උඹ අපිට කැමති නෑ කිව්වට හොරාට හොරාට අහනවා කියලා... :D

      Delete
    4. සෙන්නා, මම අර ඉහලින් කිව්වා වගේ, මම මේ සින්දුවත් එක්ක තරහා නෑ. නමුත් බං සින්දුවක් වුනත් අහන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවනේ. මේක මහා හයියෙන් දවසට කීප වතාවක් අහන්න වෙනකොට තමයි ඔය තත්වේ ඇතිවෙන්නේ.

      Delete
  8. යාලුවො අහන්න කියපු නිසා මමත් දවසක් ඔය සිංදුව සම්පූර්ණයෙන්ම ඇහුවා.ඊට පස්සෙ ඉතින් එහෙන් මෙහෙන් ඇහෙනවා මිසක් ඕනකමින් අහන්න නම් හිතුනෙ නෑ

    ReplyDelete
    Replies
    1. මම නම් ඇතිවෙන්නම අහලා තියෙනවා.

      Delete
  9. යකෝ මම අදමයි ඇහුවේ.... අර කොලවෙරි එකේ අනිත් එක.... උඹලා පට්ට ආතල් ගන්නවා වගේ...

    ReplyDelete
    Replies
    1. මොනවා? ඒ සින්දුව උඹට හඳුන්වාදීමේ ගෞරවයත් මටමද හිමිවෙන්නේ? උඹට පට්ට ආතල් දැනගත්තෑකි අපේ රෑ මැදියම ජල මෙහෙයුම ගැන කියෙව්වානම්.

      Delete
  10. ඕක කුමන්ත්‍රණය කරල කරපු වැඩක් අන්කල් :D

    ReplyDelete
    Replies
    1. ඒ කුමන්ත්‍රණ තව මහා කුමන්ත්‍රණයක කොටසක් නොවේනම් කමක් නෑ සසිඳු.

      Delete
  11. අපේ ගෙවල් හරියේ නම් ඔහොම අය ලබන්න මම පවු කරලා නැහැ. නමුත් ටිකක් ඈත ගෙදරක නිතර දැන් ඕක දාල තියෙනවා ඇහෙනවා. ඊට කලින් "කොලවෙරි" ඊටත් කලින් "අවසාන මොහොත මාගේ" කිට්ටුව් අය කොහොම ඉන්නවද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ඇහෙන්නෙම "sunn raha hai...." ආශිකී ආශිකී ....ඒකනම් අහගෙන ඉන්න පුළුවන්.

      Delete
    2. මෙතන තියෙන අවුල හඬ පාලනයේ විශ්ව. සමහරු හිතනවා තමන් කැමති දේ අනිත් මිනිස්සුන්ට බලහත්කාරෙන් අහන්න සැලැස්සුවොත් ඒ අයත් ඒකට කැමති වෙයි කියලා. නමුත් හුඟක් වෙලාවට වෙන්නේ ඒකේ අනිත් පැත්ත.
      @ඇනෝ: හොඳ වෙලාවට ඒ සින්දුව මම අහලා නෑ. ම්ම්ම් ඒ කියන්නේ මට අහන්න සලස්වලා නෑ.

      Delete
  12. මට මේක කියවද්දී මතක්වුණේ අර ඉස්සර කතාවක් තිබ්බේ සර්පයෙක් දෂ්ට කරලා මැරෙනවා කියපු කෙනෙක්ව නැවක් හදලා මුහුදට යවපු කතාවක්,, ඒත් නැවේදී එයා නයෙක්ගේ රූපයකට ගහලා එතනදී මලකඩ කාපු ඇනයක් ඇනිලා පිටගැස්ම හැදිලා මැරුණා කියලා .. අන්තිමට හානි බනි අහන්නම වුනානේ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයා කිව්වාම මට මතක් වුනා මම ඔය කතාව හීනෙන් වගේ අහලා/කියවලා තියෙන බව. ස්තුතියි.

      Delete
  13. දුක තමයි රංජනී ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හස‍රැල් උඹ දන්නවද ඔය "දුක තමයි රංජනී" කියන එකෙයි "ඔන්න ඕකයි පුල්මුඩේ තත්ත්වේ" කියන එකෙයි අතීත කතාවල්?

      Delete
  14. කුරුණෑගල කොයි හරියටද ආවේ. කලින් දන්නවනම් පොල්ලක් අරගෙන මග රැකගෙන ඉන්නවනේ.

    ReplyDelete
    Replies
    1. බය නොවනු විචාරක. අපි ආවේ දොරටියාවට.

      Delete
  15. "ඔයා දන්නවද අපි අද ගෙදර නොඉඳ මේ වැස්සේ ඔයාලෑ ගෙදර යන හේතුව?"

    :D

    ReplyDelete
  16. මම මේ කල්පනා කලේ, ඕක කරුමේ පලදෙන හැටි නම්, ඔය කරුමෙ සිද්ද උනේ පහුගිය ආත්මේ මොනව කරලද දන්නෙ නැහැ නේද :)

    ReplyDelete
    Replies
    1. මම මල්වත්ත පාරේ cassette කඩයක්වත් දාගෙන හිටියාවත්ද?

      Delete
  17. මම ඒත් බැලුවා ඩූඩ් පේන්න නැත්තේ මොකද් කියලා. බැලින්නම් ලංකාවට ඇවිත් නේ..

    මටත් ඔහොම පේන්න බැරි සිංදු කීපයක්ම තියනවා.. මේ දවස් වල නම් ආශිකී ෆිල්ම් එකේ සින්දු.. ඒවා ලස්සනයි නම් තමයි.. ඒත් එක දිගට අහනකොට එපා වෙනවා...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි සිතූ කතාව. එක දිගට අහනකොට එපා වෙනවා.

      Delete
  18. අපේ ඔෆිස් එකේ එක්කෙනෙක් හිටිය. උන්දැට සින්දුවක් ඇහෙන්න බෑ, ඒකට මොකක් හරි විචාරයක් දෙනව. ඒ විචාර අහං හිටියම අපේ මොළේ කොලොප්පං වෙලා සින්දුවත් එපා වෙනව.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත පරිකල්පන. සමහර විචාර ඇහුවම පොත් කියවන්න, ‍ෆිල්ම් බලන්න තිබිච්ච ආසාවලුත් නැතුව යනවා තමා.

      Delete
  19. මේ ඒවයින් කමක් නෑ 21 වෙන වැඩ දාගන්නේ එහෙම නෑ ඔන්න.

    ReplyDelete
    Replies
    1. දැන් මේකට උත්තර දෙන්න ඕනේ නෑනේ.

      Delete
  20. dude this is funny!!! =)) once again I lost the singreesi programme so no way to type in sinhala.. I am sure malla did it purposely to get the reaction ha ha ha :D

    I am so jealous that you are going to visit them without me... 5-p
    this is an awesome post....and going out and deciding where we are going next is the Jayawardene family style...it was and will always be

    :-h

    ReplyDelete
  21. අපේ අල්ලපු ගෙදර ඉන්නවා පොරක් පොර සිංහල උනාට අහන්නේ දෙමළ සින්දුමයි , දෙමළ නොතේරුනාට අහං ඉන්ඩ පුළුවවන් සින්දු තියනවනේ , පොර දාන්නේ මොකක්ද මන්දා mw මීටරයක් එහෙම නැත්තං දානවා කැසට්ද කොහෙද අවුරුදු 150ක් විතර පරණ සින්දු . හිතින් මවුගුණ ගී ගයනවා ඉතින් මං

    ReplyDelete
    Replies
    1. ඉවසපං අටමා ඉවසපං. මේ මං වගේ.

      Delete
  22. මේච්චර දවසක් ඩෙනිම හෝදලා වේලෙන්න වැටේ වනලා තිබ්බද...මම දන්නවා ලංකාවට ගිය විත්තිය...මමත් ඔහෙ හිටියා නම් ගියපාර බැරිවෙච්ච අපේ සුහද හමුව මෙදා පොටේ ඉටු වෙන්න තිබ්බා...නැද්ද පාට්නර් ...

    ReplyDelete
    Replies

    1. එහ්හෙනං පාට්නර්. අපි ඒකට ගියානේ. උඹට තමයි මට ඉස්සෙල්ලම මතක් වුනේ. මොකද ගම්පහ එකට දරදිය ඇද්ද එකෙක්නේ උඹ. අපි තව පොඩ්ඩෙන් ඒ පාර හම්බවෙනවා.

      Delete
  23. එක එක කාලෙට එක ඒක අයිටම් එනවා! මොකක් කරන්නද බාප්පේ!

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද නාඩි පුතේ. එන එන හැටියට ගහ උලුවස්සා.

      Delete
  24. මං මේ මාතෘකාව දැකල ඩිම් උනා "ඩූඩ් + හනී බනී Love story".. මං මුලින්ම හිතුවෙ පොටෝ එකේ ඉන්නෙ ඩූඩ් & බනී හනී කියලයි. හික්ස්... කෝක උනත් මගේ පරණ හනී බනිත් මතක් උනා

    ReplyDelete
    Replies
    1. හැබෑට බ්ලොග් අවකාසෙත් බනියලා තුන් දෙනෙක්ද කොහෙද ඉන්නවනේ.

      Delete
  25. ඩූඩ්ගේ කතාව අහපුවාම හොස්ටල් එකේ සිද්දවෙච්ච මේ කතාව මතක් වුනා..

    පේරාදෙනියේ සංඝමිත්තා නේවාසිකාගාරයට ගිය කෙනෙක් ඇත්නම් මතක ඇති ඒක තට්ටු තුනේ කාමර 200ක් විතර තියන ගොඩනැගිල්ලක් බව. කාලෙකට කලින් අපි ඕකේ නැවතිලා හිටියේ දෙවනි තට්ටුවේ පඩිපෙල අද්දර තිබුන කාමරයක..

    සති අන්තේ ගෙදර නොයා හොස්ටල් එකේ අපි කාමර සගයෝ නතරවුනේ ඒ සති අන්තේ මොනවා හරි වැදගත් වැඩසටහනක් තිබුන නිසා.ඒ ඉරිදා අපි සුපුරුදු විදිහට පාඩම් කරලා ඉවර වෙලා හවස තේ එක බිබී අපි ආගියවල්පල් කතා කර කර හිටියා..මේ අතරේ අපිට විටින් විට සති අන්තේ ගෙදර ගිය අනිත් කාමර වල ඉන්න ගෑල්ලමයි මහන්සියෙන් අඩි තියමින් අපේ කාමරේ ඉස්සරහින් යන හැටිත් නෑහුනා නෙවි..

    ඒ ගැන වැඩි අවධානයක් යොමු කලේ නැත්තේ අපි කාමයේ රේඩියෝ එක යත්තමට ඇහෙන්න දාලා තිබුන නිසා. එක පාරට ළඟ තිබුන පඩිපෙලෙන් අඩි හප්ප හප්පා කවුරු හරි නැගගෙන එනවා අපිට ඇහුනා. ඒ වෙලාවේ රේඩියෝ එකේ දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා..කියලා චාමර වීරසිංහ විලාප දිදී හිටියා..

    හප්ප හප්ප ආව අඩි සද්දේ අපේ කාමරේ ළඟින් නතර වුනා.අඩවල් කරලා තිබුන කාමරේ දොරෙන් ඔළුව දැම්මේ ප්‍රීති. ගෙදර ගිහන් එනගමන් නිසා ඇතෙක් බරට බෑග්ගෙකක් කරේ එල්ලගෙන එයා අපි දිහා බැලුවා..ඒ වෙලාවේ එයාගේ මූන කළුවෙලා තිබුනේ තරහට කියලා අපිට හිතුනේ නෑ..ටික වෙලාවක් අපි දිහායි රේඩියෝ එක දිහායි මාරුවෙන් මාරුවට බලපු ප්‍රීති එක පාරටම ගස්සලා කාමරේ දොර දඩාස් ගහලා වහගෙන කාමරෙන් පිටවුනා..

    ඔය වගේ මූඩ් මාරුවෙන සීන් කැම්පස් එකේ දුර්ලභ නොවන නිසා අපි ඒ ගැන එච්චර තැකීමක් කලේ නෑ..ඇහැලියගොඩ ඉන්න ප්‍රීතිගේ අම්මා අපිටත් එක්ක ඔතලා දෙන රස කෑම පාර්සලෙන් බත් කටක් කන්න අපි රෑ වෙලා ප්‍රීතිගේ කාමරේ දොරට තට්ටු කලා..
    ප්‍රීති සිනාමුසුව දොර ඇරලා අපිට ඇතුලට එන්න කිවුවා..
    සොරි බං. හවස මට රතු කට්ට පැනලා තිබුනේ. හයියෙන් දොර වහගෙන ගියාට සොරි..
    මොකො වුනේ..
    නෑ බං. මම ඇහැලියෙගොඩට එන්න ගෙදර ගාවින් ත්‍රීවිල් එකකට නැග්ගාම එකේ ඔය පළමු පෙම්වතා සින්දුව දෙසරයයි..ඇහැලියගොඩ ඉඳන් නුවර බස්සෙකේ තුන් සැරයයි ඊට පස්සේ හැමදාම ගාටන මහකන්ද බස් එකේ තව දෙසරයයි..ඔය ඇඩිල්ල අහලා අහලා එපා වෙලා හොස්ටල් එකට පයතියන කොටම උඹලගේ කාමරේ ආයෙත් පළමු පෙම්වතා
    මට යකා නගින එක අහන්නත් දෙයක්යැ..!!

    ReplyDelete
    Replies
    1. නේවාසිකාගාරය = Hall of residence

      Delete
    2. ඒකනම් පට්ටම කතාව රූ. ඉතින් ඔයාට ඕක ඔයාගෙම බ්ලොග් එකේ අලවන්න හිත් නොදෙන්නේ අපේ කරුමෙටද?

      Delete
  26. අප්පා ලංකාවයි උන්ගේ මියුසික් යි කීවම මටත් තියෙන්නේ මේ වගේම කතා ගොඩාක්.
    ඉස්සර මම නිවාඩුවට හිටි ගමන් බලංගොඩ අපේ ගෙදර ඇවිත් නිදියනවා. අපේ ටයිම් ඩිෆරන්ස් අරවා මේවා හින්දා මට නින්ද යන්නෙත් පාන්දර 3ට විතර.
    හතරට හරියටම එක පාරට කවුද කෑගහනවා ඇහිලා මාව ඇහැරුනා. බලාගෙන ගියාම අපේ ගෙදර අයියගේ වයිග් ඇහැරෙන්නේ එලාම් එකලු හතරට පිරිත්. එදා තව පොඩ්ඩෙන් ඒක ඕෆ් කරන්න ගිහින් ඒක පොලොවේ ගැහුවේ නැත්තේ. ආයෙත් දවසක පහට. එදා නම් මම පවර් ඕෆ් කරලා නිදා ගත්තේ. ඒ උනාට මොකෝ අල්ලපු ගමේ එකාගේ රේඩියෝ එකත් දාන්නේ මාව අහරවන්නමයි.
    මේ ළඟදි මම මගෙ යාළුවෙක් එක්ක නිතර වාහනේ යන්න වුනා. මම හින්දි සින්දු ෆිල්ම් අරවා මේවා දන්නේ නෑ. ඌ මට කීවේ උඹට මාත් එක්ක ගමන් යන්න ඕනේ නම් හින්දි සින්දු දරා ගන්න වෙනවා කියලා. මුල් දවස් වල මට නිකම් පරිප්පු එක්ක බත් කනවා වගේ. එපා වෙලා හිටියේ. ඒත් යාළුවගෙ කැමැත්තනේ කියලා හිටියා. අන්තිමට මම කොයි තරම් ඒ මියුසික් වලට ඇඩික් වුනාද කියනවා නම් මට ඒ සින්දු ඇහුනේ නැත්නම් නින්ද ගියෙත් නෑ වාහනේ හිටියා නම්. හික්ස්. අනේ ලංකාවෙන් එනකොට කන්දෙක ඇහුනෙත් නැද්ද කොහෙද... හා හා....

    මම

    ReplyDelete
    Replies
    1. //පරිප්පු එක්ක බත් කනවා වගේ. එපා වෙලා හිටියේ.//

      යකෝ මේ දිව්‍ය භෝජනවලට ගරහන්න එපා හරී..

      Delete
    2. පරිප්පුයි බතුයි කියන්නෙ ලංකාවෙ නිල ආහාරයනෙ.

      Delete
    3. පරිප්පු නැත්තං බතුත් බෑ..!

      Delete
    4. අපෝ මෙහෙම ගෙම්බෝ ටිකක්. ( ගෙම්බා = යාළුකමට කියන වචනයක් බුරු බබාගේ)
      මම ඔය පරිප්පු කන්න අකැමැතිම කෑම වලින් එකක්. පොඩි කාලෙවත් කන්න ආස නෑ. ඒත් පරිප්පු සුප් එකට පුදුම විදියට ආසයි. උයලා ලංකාවේ විදියට කන එක නිකම් මට ඕක් ඕක් තමයි. ඒත් අර කහපාට පරිප්පු එකක් තියෙන්නේ. මම හිතන්නේ බටානා හරි මොකක් හරි කියන්නේ. මලී ලගේ ගෙදර හදන කෑමක්. අන්න ඒක නම් මගේ ආසම කෑමක්. හැබැයි තෙල් දාලා තියෙන්න ඕනේ.

      Delete
    5. උයාගෙන කනවා මදිවාට හිනෙන්වත් නොහිතන වෙලාවල් වලටත් කන පරිප්පු වලට අකමැති බුරු බාබාව හෙලා දකිමු

      Delete
    6. යකෝ... පරිප්පු එපා නම් අපෙ පොඩි එකාට බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ. මොකෝ උගේ ආසම කෑම පරිප්පු සමග රතුලූණු.

      Delete
    7. බලාපං රංගි බොගේ කමෙන්ට් එකේ තිබ්බ පරිප්පු ටික ගිය දුරක්! මමත් පරිප්පු ලෝලියෙක්. නමුත් අවාසනාවට අපේ ගෙදර අනිත් උන් එහෙම නෑ. ඉතින් වෙලා තියෙන හරිය කියන්න ඕනැය?

      Delete
  27. උඹේ දූට ස්තූති කරහන් මේ සින්දුව අපිටත් අහන්න සැලැස්සුවට. අද තමයි ඇහුවෙ සහ අද තමයි දන්නෙ මෙහෙම සින්දුවක් තීන වග. වීඩියෝ එකේ වර්ෂන් දෙක තුනම බැලුව. පොඩි උන්ටත් නැගල ගියා. ඒ වගේ අර තිසරය කිව්ව වගේ මේකත් කොළවරි ටය්ප් ම තමා. ඒ කියන්නෙ වැඩිය ඇහුවොත් අප්පිරියම වෙනව, ඒ හින්ද අහන්නෙ නැතුව ඉඳ හිට බලන්න විතරක් තිබ්බ ඇති. ඕක ජනප්‍රිය වෙලා ඇත්තෙ අර බාල වචන සෙට් එකයි පොඩි බේස් බීට් එකයි නිසා වෙන්ටැ!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉන්දික. එක පාරක් දෙපාරක් අහන්න නම් මරු. මට මතකයි ඉස්සර තිබ්බා සින්දුවක් ඔය වගේම නමුත් ඒක ජනප්‍රිය වුනේ නෑ. මා ගාවා තිබ්බෙත් ඒක රේඩියෝ එකේ යනකොට ටේප් කරගත්ත වර්ෂන් එකක්. ඒක මේවගේ.

      යිංග්ලිෂ් පීපල් ස්ලීපිං ඉන් ද සන් ‍ටු ගෙට් අ ටෑන්,
      පෝරිං ඔයිල් අපෝන් දෙර්ර් ෆේසස් ලයික් අ ෆ්‍රයිං පෑන්


      ඕ - ‍ටු බී යින් යිඟලන්ඩ්
      නව් - දැට් ද ස්ප්‍රිං ඉස් හීර්
      ඕ - ‍ටු බී යින් යෙඟලන්ඩ්
      ඩ්‍රිං -කිං යිංග්ලිෂ් බීර්

      දා දනි දනි ගෝනි තානි දා දනි දනි යේ//


      මට අතරින් පතර මතක ඕවගේ. මතක් වුනාම කියන්නම්.

      Delete
  28. හනි බනී කියන්නේ "හනී බනිනවා" කියන එකට.

    කොලවරී එකත් එක්ක නම් මගේ ඒ හැටි අමනාපයක් නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්තට? සයුරිත් දන්න දේවල්! මට ඕක කල්පනා වුනේ නෑනේ! :)

      Delete
  29. කාලෙන් කාලෙට එක එක ඒවා හිට් වෙනවනේ අයියේ.. හනී බනී අහලා තියෙනවා.. ඒකේ තේරුම තමයි දන්නේ නැත්තේ..

    ReplyDelete
    Replies
    1. ඔය ගර්ල් ෆ්‍රෙන්ඩ් ට කෝල් එකක් ගන්න හැටිනේ තියෙන්නේ නේද?

      Delete
  30. ඔය කාලෙන් කාලෙට එන සින්දු නිතරම ඇහෙද්දී කොයි තරම් ලස්සන සින්දුවක් වුණත් මට නම් එපා වෙනවා.අර කලින් කමෙන්ට් වල තිබුණා වගේ කාලයක් "පළමු පෙම්වතා" ආයෙම "පෙනෙන නො පෙනෙන " " හිත දුර හින්දා"..ඔය අතරේ ආශිකී 2 එකේ සින්දු... මගේ මහත්තැන්ගේ සිරිත තමයි එයාට සින්දුවක් අල්ලලා ගියොත් වෙලාවක් අවේලාවක් නෑ ඔය සින්දුව දාගත්ත ගමන්. පහුගිය දවස් වල ඔය ආශිකී සින්දුව නිසා මම කිව්වා ඔයාට ඕක අහන්නම ඕන නම් හෙඩ් සෙට් එක ගහ ගෙන අහන්න කියලා. මෙහෙ රේඩියෝ වල සින්දු අපට අහන්න බැහැ නේ.ඉතින් ලැපෙන් තමයි සින්දු අහන්නේ.ඒකත් හොඳයි.නැත්නම් ඉබේම ඇහෙනවා නේ රේඩියෝ එකේ යනවා නම්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔය හෙඩ්සෙට් වලින් පෞද්ගලිකත්වය ආරක්ෂාවීම නම් උපරිමයට වෙනවා. වෝක්මන් වල හෙම ගහලා තිබ්බේ Personal Stereo කියලනේ ඒ කාලෙත්.

      Delete
  31. 'මම ඇයට හේතුව පැහැදිළි කළ විට ඇය නැඟූ සිනා හඬ අතරින් අප කඳු මුදුනටම ලඟාවී සිටියෙමු.'
    දැං බොලාට තේරෙනව නේද 'සවස පහට පමණ තෙත් අඳුරු සැන්දෑවක, තුන්වන ගියරයේ කන්දක් අදින වෑන් රියක පවතින මූඩ් එකට ගැලපෙන සින්දුව' ඒක තමයි කියල.

    ඔහොම තමයි බං කොහේ ගියත් කරුමයක් තියෙනවනං ඒක වලක්වන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං. ඒක පස්සෙන් එනවා. ඒත් හොඳ වෙලාවට නේද අපිට උඹලෑ දිහෑ එන්න හිතුනේ නැත්තේ, නැද්ද?

      Delete
  32. හි හී...................මරු අකරතැබ්බයක්

    ReplyDelete
    Replies
    1. අකරතැබ්බ වල මරු ඒවත් තියෙනවා තමයි.

      Delete
  33. මේ දවස්වල ඉන්නේ ලංකාවේද?

    ReplyDelete
    Replies
    1. මේක ලියන දවස්වල නම් ඔව්. දැන් නම් ආපහු ගියා මචං.

      Delete
  34. ඉතිං ඒක අහල ආයි නිදිද උඹ...

    ReplyDelete
    Replies
    1. වැඩ - වැඩ - වැඩ ලොක්කා.

      Delete
  35. අයි බන් අර සුදු අරලියා මල . . . මට පෙනෙන්න බැරි සින්දුවක්. . . ඕක එපා උනේ කියපු එක දුර බස් වලට නිකන් දීල කොපිය ගානේ කැසට් එක.සදුදා උදේ හතරට විතර නගිනවා මාතලෙන් . . සුදු අරලියා මල ල ල ල අ අ අ අ . .. නිදාගන්නවා . . ඇහැරෙනවා කෑගල්ලේ . . .සුදු අරලියා මල ල ල ල අ අ අ අ. . . නිදා ගන්නවා අපහ්ජු ඇහැරෙනවා වරකාපොල . . .. .සුදු අරලියා මල ල ල ල අ අ අ අ . . .. ඉතින් . .. .

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, කමෙන්ට් එක වුනාට උඹ ඒක පණ පිහි‍ටුවලා ලියලා තියෙනවා. මම ඒසින්දුව අහලා නැතුවත් මට ඒක දැනටමත් එපා වුනා

      Delete
  36. Replies
    1. ජිං පප් පප් ජිං පප් පප්...

      Delete
  37. ඔය පාරවල් හින්ද ලේ කුපිත වෙන ප්‍රශ්ණෙ මටත් තියෙනව බං..! පාර දෙපැත්තෙ..හරක් පදින්චි උනාම ඔහොම තමයි බං..!

    උඹල ගෙවන ජොලි ජීවිතේ මරු ඕං..!

    ReplyDelete
    Replies
    1. පාරේ සීන් එක නම් අපිටත් තියෙනවා මචං. අර වෙන්දේසි ඉඩමක ගෙයක් හැදුවනම් කොච්චර හොඳද කියලා මාත් අනන්තව හිතලා තියෙනවා.

      Delete
  38. මෙක පුස් බැදෙන්න කලින් එලියට ගත්ත එක හොදයි.පොඩ්ඩක් අවුවට දාල ගනින්
    හපොයි කියල වැඩක් නැ ඔව ගැන නම්.මෙ දවස්වල අපෙ ගෙවල් පැත්තෙ අර හාමුදුරුනමක් අම්ම ගැන කියල අදොනාවක් කියන එක ඇහෙනව.අම්මප බස් අජිත්ගෙ සින්දුවක් හොදයි කියල හිතෙනව මට.

    ReplyDelete
    Replies
    1. සිරාවට දමිත් මටත් ඔය හාන්දුරුවන්ව එපා වෙලා ඉන්නෙ. පිටකොටුවෙ, මරදානෙ කඩයක් කඩයක් ගානෙ කෑ ගානව අම්ම ගැන කියල. ඒ මදිවට අපේ ගේ පිටිපස්සෙ බෝඩිමේ ඉන්න කෙල්ලො ටිකත් බස් අජිත්ගෙ සිංදු කැසට් එක විසි කොරල මේ දවස් වල හාන්දුරුවොන්ගෙ කවි අහන්න අරං. අයියෝ සංසාරේ....

      Delete
    2. මං ඒක අදත් ඇහුවා :D

      Delete
    3. මම ඉතින් රටෙත් නැති හන්දා ඒ අඳෝනාවල් අහන්න නෑ. ඒත් මතකයි ඉස්සර විරිඳු බණ කියලා එකක් තිබ්බා ඉස්සර අපි කුලියට හිටපු ගෙදරට අල්ලපු ගෙදර හිටපු වෙදමහත්තයා නිතරම අහන. මට ඒක හන්දමයි අර 'දඟර වලිග, ලප වානර' කියන කා‍ටුන් එකත් එකත් තිත්ත වුනේ.

      Delete
  39. හෙන්රි අයියට බ්ලොගේ මතක් වෙලා තියෙන්නේ.. ඈ..

    ඕවට කියන්නේ දිට්ඨධම්මවේදනීය කර්ම පළදෙනවා කියලා(හරිද දන්නෑ)
    මටත් දැන් හනී බනී එච්චර දිරවන්නේ නෑ දැන් ඕල්ඩ් හිට්ස් නේ..

    http://mathakamawatha.blogspot.com

    ReplyDelete
    Replies
    1. පට්ට බිසි බං. පට්ට බිසි. බ්ලොගේට මෙහෙම හරි එන්න ලැබුනේ අමාරුවෙන්.

      Delete
  40. අයියෝ අයියෝ අයියෝ....මටත් ඔය වගේ ගොබ්බයින්ගේ පාටිවලින් බේරෙන්න කොහේ හරි ගිහින් දවස ගෙවන්න වෙලා තියෙනවා.

    හනී බනී නම් උඹ පසුපස හඹා එන කර්මයක්ද කොහෙද...වලහෙකුට මී පැණි හැන්දක්වත් පොවලා වරෙන් නිවාඩු කාලේ....කරුමේ ගෙවෙන්න.

    ReplyDelete
    Replies
    1. හැඩකාර දරුවෝ දෙන්නාව මතක් කරපන්.

      Delete
    2. ආ උඹටත් එහෙම වෙලා තියෙනවා කිව්වම මම චිත්තප්‍රීතියෙන් පිනා ගියා.
      මොකක්ද මචං ඒ වලහට මී පැණි හැන්දක් පොවන සීන් එක?
      ඒ කෙල්ල දීපගේ අක්කගෙ දුව බං.

      Delete
    3. උඹ ගිය ආත්මේ honey දන් දීලා නැහැ. ඒකයි හනි බනි කරුමේ පස්සෙන් එන්නේ.

      Delete
  41. ඕන සින්දුවක් හැබැයි හනි බනි නැතුව ..

    ReplyDelete
    Replies
    1. හනී බනී ගීතය අහන්න අපි එකතුකරගන්නවා ලිස් ආච්චිගේ රටෙන් කැන්ඩියන්ව...

      Delete
  42. ඩූඩ් කාලෙකින් ,ඕකනේ කියන්නේ කරුමෙට කකුල් අටයි කියලා. හොඳ වැඩේ අල්ලපු ගෙදර මිනිස්සුන්ට කෝචෝක් කලාට :D

    ReplyDelete
    Replies
    1. කරුමෙට කකුල් දාසයයි බං.

      Delete
  43. හනිබනි ගෙන් බේරෙන්නම බැරිවෙලා .. මම නම් ඔය සින්දුවට ආසයි ..ඒත් දැන්නම් අහලම එපා වෙලා ..

    ReplyDelete
    Replies
    1. මමත් තරහ නෑ. ඕවඩෝස් වෙලා විතරයි.

      Delete
  44. සමහරක් දේවල් තියෙනවානේ ඩුඩ් අයියේ අපි පතාගෙන එන දේවල් ඕකත් එහෙම එකක් වෙන්න ඇති බං.:D

    ReplyDelete
    Replies
    1. ඔව් බං. අර කියන්නේ පතාගෙන ආපු හැටියට ඔතාගෙන යන්න තමයි වෙන්නේ කියලා.

      Delete
  45. ඩුඩ්... ගිය අවුරුද්දේ දෙසැම්බර් වල මට ඉන්න වුනා ඇපලෝ ඉස්පිරිතාලේ, ස්ටොන්සිල් වැඩි වෙලා බෙහෙත් ගන්න. එහෙදී දුන්න ඇනිටිබයොටික් බෙහෙත් වලට මට හැමතිස්සෙමම බඩ එලිය යනගතියක් තිබ්බ.

    කොහෙ ගියත් පුතා එහෙ පැළපදියම් වෙලා, එතෙන පාලනේ උගේ අතට ගන්නවනේ. මෙතනත් ඒ තියරි එක තමයි ඇප්ලයි උනේ.

    ඒ දවස් වල තමයි ඔය හනී බනී සින්දුව නැගලා ගියේ, ඉන්දියාවේ.

    ඇපලෝ එකෙත් පෙන්නන්නේ ඉන්දියාවේ චැනල්නෙ.

    එහේ හිටිය දවස් හයට ඔය සින්දුව කොච්චර ඇහුවද කියනවනම්...දැන් ඕක ඇහෙන කොට මට පරන ලෙඩේ මතක් වෙලා බඩ එලිය යන්න එනවා.

    මේ දැනුත් ඔය සින්දුව හිතට ආව හින්දා ඒ වගේ.. වගේ..!

    ටොයිලට් එකට ගිහිල්ලා ඇවිල්ලා ඉතුරු ටික................ලිය...........ම්........

    ReplyDelete
    Replies
    1. පට්ට කමෙන්ට් එක ඇල්බන්. උඹේ කමෙන්ට් එක කියවලා මගේත් බඩ ගුරු ගුරු ගාන්න ගත්තා. ඇත්තමයි. පොඩ්ඩක් හිටිංකෝ.

      Delete
  46. Muge Blog ekata adamai awe...mu may naya arina ekek nowe blog liyana muwaawen! Ane gon pa**oo!

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද බං. මම ඉස්සර නම් උඹෙන් අහනවා මේකේ කොයි හරියද බං නයාවගේ උඹට පේන්නේ? පෙන් ඩ්‍රයිව් එකද? වෑන් එකේ කුරුණෑගල ගිය එකද කියලා. එහෙමනම් උඹ වෑන් එකට බරකරත්තෙකුත්, පෙන් ඩ්‍රයිව් එකට තන්ඩලේ දෙන්න දොපොලේ දක්කනවාත් ආදේශ කරගෙන කියවලා බලහං කියලා.

      නමුත් මම මේ නිවාඩුවේදි කෝච්චියේ බදුල්ලේ යනකොට අර වතු සේවකයන්ගේ ගෙවල් වල ඇතුලටම දැක්කා. ගෑණු තමන්ට වැඩිය ලොකු දර මිටි උස්සගෙන හෙන බෑවුම් වල යන හැටි දැක්කා. එතකොට මට හිතුනා අපි මොන වාසනාවන්තයොද කියලා.

      ඔව් බං. උඹ හරි. කෙනෙක් ටූත් පේස්ට් වලින් දත් මදින එකත් උදේට අඟුරු කැටයක් හපලා ඇඟිල්ලෙන් දත් මදින කෙනෙකුට නයෙක් වගේ පේන්න පුලුවන් කියලා මම අද දන්නවා. උඹේ හිත රිදුනා නම් සමාවෙයං.

      Delete
  47. අල්ලපු ගෙදර අය මේ බ්ලොග් එක බලන්නෙ නැද්ද??

    ReplyDelete
    Replies
    1. බලනවානම් කොච්චර වටිනවද සිඳු.

      Delete
  48. හිකිස්.... මගෙ ෆෝන් එකේ රින්ගින්ග් ටෝන් එකත් ඕකමයි. සින්දුව හිට් උණු දවස්වල රිගින් ටෝන් විදියට දැම්මට පස්සෙ වෙනස් කරන්න හිතුනෙ නෑ.. :P

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ටොකෝ ටොකෝ. ඔයාද අපේ අල්ලපු ගෙදර ඉන්නේ කියලා මම කල්පනා කලේ. :D

      Delete
  49. අල්ලපු ගෙදරින් තියෙන කරදරේ. සින්දුවක් මග අරින්න ඔහොම කලා කියල ඇහැව්වමයි. හැබැයි මමත් ඒ සිංදුවට ආසයි. ඉඳල හිටල මම අහන්නෙ.
    අල්ලපු ගෙදරින් තියෙන කරදරේ. සින්දුවක් මග අරින්න ඔහොම කලා කියල ඇහැව්වමයි. හැබැයි මමත් ඒ සිංදුවට ආසයි. ඉඳල හිටල මම අහන්නෙ.

    මේ දවස්වල බිසි ඇති නේද? ඊ මේල් දෙකක්ම එව්වා.

    ReplyDelete
    Replies
    1. මමත් විශේෂයෙන් ඒ සින්දුවට වෛර කරන්නේ නෑ, ඒක සීමාව ඇතුව ඇහුවා නම්. හෙන බිසි නිල් මානෙල්. ඉන්ටර්නෙට් එක පැත්තේ යන්න වෙලාවක් නෑ.

      Delete
  50. අනේ මම ආසම සිංදුවක්!!! ඩූඩ් ඒකට ඔච්චරම අකමැතිද? අපේ තාත්තත් මට බනිනව ඕක දැම්මම මොන රහකට අහනවද මන්දා කියල. තාත්තගෙ දැඩි විරෝධය නිසා මමනම් ඕක අහන්නෙ කන් දෙකේ ඇබ ගහගෙන කාටවත් කරදරයක් නොවෙන විදියට :D

    ReplyDelete
    Replies
    1. බස්සි. මම ඒ සින්දුවත් එක්ක තරහ නෑ. විශේෂ කැමැත්තක් හෝ අකමැත්තකුත් නෑ. වෙලා තියෙන්නේ මේක බලෙන්ම දවසට කීප වතාවක්ම අහන්න වෙච්ච එකනේ. එතකොට එපාවීමක් ඇතිවෙන එක ස්වභාවිකයි මම හිතන්නේ

      Delete
  51. යකඩෝ ඩුඩ් අයියට හානි බනි අප්පිරිය වෙච්ච තරමක්. හයියෝ සල්ලි........ මේ ඔය ලංකාවට ගියේ කවදද?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. අපි ගියේ නොවැම්බර් 18/19 කෝරළේ මහත්තයෝ. උඹැහෙ එන්නේ කවද්ද?

      Delete
  52. ෂිහ් මට ඔය සින්දුව අප්පිරිය වෙච්ච තරමක්... මෙහෙ නේපාලි අහන්නෙම ඕක.. උන්ගේ රටේ එකක්ලු..

    ReplyDelete
    Replies
    1. ඇත්තද ඇලෙක්ස්? :-? ඒක නේපාලි එකක්ද? මම හිතුවේ ඉන්ඩියන් කියලා.

      Delete
  53. කනකොට කනකොට පැණි උනත් තිත්ත වෙනවා :)

    ReplyDelete
    Replies
    1. උපුටා ගත්ත තැනත් දැම්මනම් හොදයි නේද සමි ඕක ෆේස්බුක් එකේ ප්‍රසිද්ද මහාචාර්ය තුමියක් කියපු කියමනක් :)

      Delete
    2. කෙනෙකුට රස කෙනෙකුට වස වෙනවාලු කියන එකත් කිව්වේ ඒ මහාචාර්යතුමියමද? :D

      Delete
  54. හිතවත් ඩූඩ් ඇතුළු ඔබ සැමට ලැබුවාවූ නව වසර සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වන්නාවූ ශුභම ශුභ වසරක්ම වේවා යැයි පතනෙමි.

    ReplyDelete
    Replies
    1. මම මෙතනදි නම් ප්‍රමාදයි. නමුත් ගමේ හිතවතා ඇතුළු පවුලේ හැමටත්
      දේශගුණ විපර්යාසයන් අවම, වාසනාවන්ත 2014 වසරක් පතනවා.

      Delete
  55. හෙන්රි බ්ලොග්වෝකර් පවුලේ සැමට සුබම සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. සෙන්නාටත්, පවුලේ සැමටත් සෞභාග්‍යමත් නව වසරකට ආසිරි (ප්‍රමාද වී හෝ.)

      Delete
  56. සුබ 2014ක් වේවා!

    ReplyDelete
    Replies
    1. දයාල් බතී ඇතුළු පවුලේ සැමටත් ඉතාම වාසනාවන්ත 2014ක් පතනවා.

      Delete
  57. හා හා ඩූඩ් අයියා, ඔහොමම කීවා සීමාවාසික කාලේ අල්ලපු රූම් එකේ කට්ටිය. මොකද මටත් මගෙ රූමාටත් තිබුනේ කාමරේට ආපු වෙලේ ඉඳන් ආසම සින්දු ටික අහන එකයි. සමහර විට, ඔය සින්දුව තවම එපා උනේ නැද්ද අහනකම් එකම සින්දුව රිපීට් වෙන වෙලාවල් තිබ්බා...තවම නිවාඩු ඉවර නැද්ද ඩූඩ් අයියා...

    ReplyDelete
    Replies
    1. ගෙදරක ඉන්නකොට මෙහම නම් අල්ලපු කාමරේ එකම සින්දුව රිපීට් වෙනකොට මොන ආතල් එකක් ඇද්ද?
      දැන් නිවාඩුව ඉවරයි අනිත් කොණ. Every good thind has to come to an end. දැන් ආපහු යථාර්තයට මූණ දෙනවා

      Delete
  58. පොස්ට් එක පහුවෙලා දැක්කත්, කමෙන්ට් එකක් දාන්නම හිතුනේ 'හනී බනී' සින්දුව නිසා!

    දන්නවද...අපේ වෙඩින් එක දවසේ කිරිබත් කපලා, කේක් කවාගෙන (!) ඉන්න අතරේ, මෙන්න හිටි ගමන් වාදනය වෙන්න ගත්තා 'හනී බනී' ගීතය! අපි දෙන්නා මේ මොකක් වෙනවද කියල බලද්දී, ස්ක්‍රීන් එකේ තඩි වීඩියෝ එකක් යනවා...
    මගේ ඕස්ට්‍රේලියාවේ කැම්පස් යාලුවෝ කට්ටියක් ඒ වීඩියෝ එකේ 'හනී බනීලා' විදියට නටනවා!!!
    එයාලා වෙඩින් එකට එහෙ ඉඳන් එහෙම තමයි සම්බන්ධ උනේ...කට්ටිය මටත් හොරෙන් මල්ලි ලව්වා තමයි වැඩේ ඕගනයිස් කරලා තිබුනේ. ඉතින් හනී බනී සින්දුව අපි දෙන්නට හරිම ස්පෙෂල්.
    එදා ඒක බල බල හැමෝම පෙරලි පෙරලි හිනා උණා ...අද ඔයාගේ පෝස්ට් එක කියවල මට හොඳටම හිනා ගියා. :D :D :D

    ReplyDelete
  59. ඒ සින්දුවත් එක්ක සාංසාරික බැඳීමක් වගේ තියෙන්නේ අයියේ. ඔයාව අතාරින්නේම නැහැ :D

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>