Saturday, January 11, 2014

102. රෑ මැදියම ජල මෙහෙයුම: නිවාඩු කාලේ කතා.

 උදේ පටන් අරන්, එක සීරුවට, ගොඩබිමින් මුහුදෙන් සහ අහසෙන්, ගුවන් තො‍ටුපලවල්, තො‍ටුපොලවල් හරහා කෙරුන ගම රට බලා එන ගමන අවසානයේ අපි තුන්දෙනාගෙම හොඳ පණ ගිහින් හිටියේ. බලාපොරොත්තු පොදි බැඳගෙන අවුරුද්දකට සැරයක් ගෙදර එන ගමනේ ආතල් එක කඩන්නම හැමදාම සෙට් වෙන, නැතිනම් කරන  ටිකටිං ප්‍රශ්ණ, බුකිං ප්‍රශ්ණ වලට මුහුණ දීලා ගෙදර ඇවිත් ඇඳට වැටෙන්නේ කොයිවෙලේද කියලා අපි බලාගෙන හිටියේ. ක‍ටුනායක ඉඳලා ගෙදර එන ගමනුත් ලීටර් පහේ වතුර බෝතලයක්  ගන්න මට මග දිගට කීප වතාවක්ම ගුවන් තො‍ටුපොළ ටැක්සි සේවයෙන් කුළියට ගත්ත වෑන් එකෙන් බහින්න සිද්ද වුනා. දවාලකට නම් සුළු දෙයක් වුනත් මහ රෑ හන්දා ඒකත් පුදුම දුශ්කර ක්‍රියාවක්. අන්තිමේදි ගෙදරට පය ගහනොකොට මැදියම් රෑත් පහුවෙලා. ටැක්සිය පිටත් වෙලා ගියාට පස්සෙ අපි තුන්දෙනා බෑග් ගොන්න  සාලෙට ඇදගෙන ගිහින් දැම්මා.

ලයිට් නම් වැඩ. ඒත් ටැප්වල වතුර නෑ. මේක අසාමාන්‍ය දෙයක් නෙවෙයි අවුරුද්දකට පස්සේ ගෙදර එනකොට. මට කරන්න තියෙන්නේ  වහලේ උඩ  තියෙන ටැංකියේ ඉතිරිවෙලා තියෙන වතුර ටිකම පාවිච්චි කරලා වතුර ලයින් එක පුරවන එක. මම ඒ වැඩේටම විශේෂයෙන් වෙනම වෑල්ව් එකක් හෙම දාපු ප්‍රයිමිං පොයින්ට් එකක් හදලාත් තියෙන්නේ. ඒකත් හරි නොගියොත් ඉතින් ලිඳට ගිහින් වතුර බෝතලයක් අරන් ඇවිත් පුරවන එකයි තියෙන්නේ. හැබැයි සමහර අවුරුදුවල ඔය මොකුත්ම නැතුව නිකම්ම මෝටරේ ගහපු ගමන් බඩු වැඩ.

වල් වැවිලා, කොළ පිරිලා තිබුණු මිඳුල  හරහා යන්න අපි ටෝච් එක පාවිච්චි කලේ වැඩි ආරක්ෂාවට. බිරිඳ ගේ ඇතුලේ මකුළු දැල් , දූවිල්ල එක්ක සටන් කරද්දි, පුතයි මමයි වතුර ගන්න මෙහෙයුමක යෙදුනා එලියේ.

උඩ ටැංකියෙ වතුරෙන් සක්ෂන් ලයින් එක පුරවන එක හරි නොගියේ උඩ ටැංකිය හිස්  නිසයි.  මම ලිඳට ගිහින් මෙගා කෝක් බෝතලේකට වතුර ගෙනත් ලයින් එකට වක් කලා. නමුත් වෙනදා වගේ ලයින් එක කටට පිරිලා උතුරලා ගියේ නෑ. වතුර ගුරු ගුරු හඬක් නගමින් අතුරුදහන් වුනා,ලීටර් පහේ වතුර බෝතල් පහ හයක්ම වක් කරලත් ප්‍රතිඵලය එකම හන්දා ඊ ලඟට අපි කලේ අර දැවැන්ත ප්ලාස්ටික් ෂීට්රොක් බාල්දියකට වතුර අරන් එන එක. පුතයි මායි දෙන්නම දෙපැත්තෙන් උස්සගෙන ආවත්, මේ ෂීට්රොක් බාල්දියෙන් වතුර අදින එක නම් ඉල කැඩෙන වැඩක් වුනා. කොයි ක්‍රමයෙන් හෝ වතුර ලබාගන්න ඕනේ හන්දා අපි දෙන්නා එක්ක , උදේ ඉඳන් ඇඳගෙන හිටපු සපත්තු ඇතුලට වතුර පිරිලා චිරි චිරි ගාද්දිත්, කලිසම් කකුල් තෙමිලා ඇඟටම ඇලෙද්දිත් එක සීරුවට වතුර ඇද්දා.


මුලු බාල්දියෙම වතුර දැම්මත් සිද්ද වුනේ පයිප් ලයින් එක ගුඩු ගුඩු ගාලා වතුර බීපු එක විතරයි. කොයිකටත් කියලා අපි වරින් වර වතුර මෝටරෙත් ගහලා බැලුවේ මොන ප්‍රාතිහාර්යයකින් හරි වතුර ඇදිලා ඇවිත් උඩ ටැංකියට වතුර පිරෙන සුන්දර සංගීතය දැන් අහන්න පුලුවන්වෙයි කියන බලාපොරොත්තුවෙන්. කොහෙද! වතුර මෝටරෙන් එන්නේ වියළි හඬක්. අලි මදිවට හරක් කියලා මෝටරෙත් පිච්චෙයි කියලා බයට අපි මෝටරේ ඕෆ්  කරලා දැම්මා.


"මොකද කියන්නේ පුතේ, අපි තව එක වතුර බාල්දියක් ගෙනත් දාලා බලමුද?" මට වගේම මහන්සියේ තරමට ප්‍රතිඵලයක් නැති මේ වැඩේ එපා වෙලා හිටපු පුත්තරයගෙන මම ඇහුවා.

"දැන් කොහොම හරි වතුර ගන්න ඕනැනේ. වෙන මොනවා කරන්නද ගේමු,"  කොල්ලා කිව්වා.

හිත හදාගෙන ආයෙම ලිඳට ගිහින් තව වතුර එකක් ගෙනාවේ ඇ‍ඟේ හයියට වඩා හිතේ හයියට.  ඇත්තෙන්ම එකක් නෙවෙයි, ඊට පස්සෙත් වතුර බාල්දි ගණනාවක්ම අපි දෙන්න ලි‍ඳෙන් අරගෙන ආවත් වතුර පයිප්පේ පිරුණේ නෑ.  සමහරවිට ෆුට් වෑල්ව් එක සවුත්තු වෙලා වතුර ඔක්කොම ළිඳට යනවා ඇති ආපහු, මම හිතුවා. අන්තිමේදි අපි දෙන්නා තවත් ෂීට්රොක් බාල්දියකට වතුර එකක් අරන් ඇවිත් බාත් රූම් එක ඇතුලේ තිබ්බේ ටොයිලට් එකවත් ෆ්ලෂ් කරගන්න වතුර නැති නිසා.

මට ඔන්න එතකොටම මතක් වුනා, කාලෙකට ඉස්සර මේ වගේ වෙලාවට වතුර පුරවන්න තවත් ප්‍රයිමිං පොයින්ට් එකක් මම ගෙදරට එන පාරේ පැත්තක ලිඳත් ගෙදරත් අතර හදලා තිබුනා නේද කියලා.  ඒ කාලේ ගෙදරට වැලි, ගල් ගෙනාපු ට්‍රැක්ටර්, ට්‍රක් වලට යටවෙලා ඕක තැලිලා ලීක් වෙන්න ගත්ත හන්දා මම ඒක කොන්ක්‍රීට් එකක් යට වලලලා පස් වලටම යට කලා නේන්නම්. සමහර විට ඒක ආයෙම ලීක් වෙනවා ඇති. ගරාජ් ලයිට් එකට අමතරව පුතා අල්ලන් හිටපු ටෝච් එකේ එළියෙන් උදලු, ක‍ටු, මිටි අරගෙන මම ආයෙම රෑම බිම හාරන්න පටන් ගත්තා.  වැරදි තැන් ගණනාවක්ම හෑරුවට පස්සේ අන්තිමේදි පයිප්පේ හම්බවුනා. ඒ දිගේ හාරගෙන ගිහින් අන්තිමේදි අර කොන්ක්‍රීට් තට්‍ටුවත් හොයාගන්න පුලුවන් වුනා පාන්දර ජාමෙදි. මිටි වලින් ගහලා කොන්ක්‍රීට් එකත් කඩලා බැලුවට පස්සේ එතන ලීක් එකක් නැති බව හොයාගන්න පුලුවන් වුනා.

වතුර ගන්න රෑ තිස්සේ කරපු අරගලයෙන් පරාජය වෙච්ච අපි, පාන්දර පහට,  පාං කියාගන්න පණ නැතිව, අර මඩ ගෑවුණු තෙත ඇඳුම් ඇඳගෙනම ඇඳට වැටිලා හරියටම පැයක් නිදාගත්තා.  ඊට කලින් අර මගදි ගත්තු ලීටර් පහේ වතුර බෝතලෙන් ටිකක් රත් කරලා තේ එකක් බොන්න පුලුවන්ද කියලා බලනකොට ගෑස් සිලින්ඩරෙත් හිස්.

මේ වතුර ප්‍රශ්ණෙ හිතට වද දෙන නිසාම මම හරියටම හයට නිකම්ම ඇහැරුණා. ආයෙම වතුර බාල්දියක් ගෙනත් පුරවලා බැලුවත් ප්‍රතිඵලය පෙර සේම නිසා මම ඊ ලඟට කලේ ඒ වෙනකොට ඇහැරලා හිටපු අසල්වැසියෝ කීප දෙනෙක්ගෙන් ගාඩ්න් හෝස් දෙකක් ඉල්ලාගන්න එක. ඒ දෙක අපේ හෝස් එකට සම්බන්ද කරලා ඉස්සරහ ගෙදර එලියේ පයිප්පෙකින් වතුර අරන් වතුර පුරවන වැඩේ කරන්න මම හිතුවා. ඒ එක්කම අල්ලපු වත්තේ හාඩ්වෙයා එකෙන් ගෑස් සිලින්ඩරේකුත් අරන් යන්තම් උණු උණු තේ කෝප්පයක්
බොන්නත් පුලුවන් වුනා.

මේ අතරේ ඉස්සරහ ගෙදර කුලියට ඉන්න පොර මාව දැකලා කිව්ව කතාව හරි වැදගත්.

"අයියේ, මම නම් හිතන්නේ ඔය පයිප්ලයින් එක් මැදින් ඩැමේජ් වෙලා ඇති  කියලාමයි."

"පිස්සුද මල්ලි. ඒක නම් කීයටවත් වෙන්න විදියක් නෑ.  ඒක පොළොව යටින් අරන් තියෙන ලයින් එකනේ. අනිත් එක මම රෑ ඒක හාරලත් බැලුවා. මේක ෆුට් වෑල්ව් කේස් එකක්. ඒක ෂුවර්,"

පොර තවත් මොනවා හරි කියන්න කට ඇරලා ආයෙම වහගත්තබව මම හොඳටම දැක්කා.  පොර රෑ තිස්සේ අපි කරපු යුද්දේ අහගෙන නොහිටියා වෙන්න බෑ.

මම දිග පයිප්පයක් අරගෙන ලිඳේ වතුරට යට වෙලා තිබ්බ ෆුට් වෑල්ව් එකට තට්‍ටු කලා. ඊට පස්සේ  එකට අමුණපු ගාඩ්න් හෝස් එක පාවිච්චි කරලා පයිප් ලයින් එක පුරවන්න තව පාරක් උත්සාහ කලා. ප්‍රතිඵලය නම් පෙර සේමයි. වතුර දානවා විතරයි අතුරුදහන් වෙනවා. මම ලිඳට නැවිලා පයිප්පෙට ඇනගෙන ඇනගෙන ගියේ එතකොටවත් ෆුට් වෑල්ව් එකේ හිරවෙලා තියෙන බෝලේ පාත්වෙයි කියලා හිතාගෙන. ආයෙම වතුර පිරෙව්වත් කිසි වැඩක් වුනේ නෑ.

ඊ ලඟට මම ලෑස්ති වුනේ ලිඳ ඉහලා ෆුට් වෑල්ව් එක චෙක් කරලා අප්සෙට් නම් අලුතින් එකක් දාන්නයි.  මගේ එක අසල්වැසියෙක් ඔය වතුරේ ගිල්වන වතුර පොම්ප කුලියට දෙනවා. මම ගිහින් බලනකොට දොරේ OPEN කියලා ගහලා තිබුනත් අයිතිකාරයා තවම බුදුන් වඳිනවා වීදුරු දොරෙන් පෙණුනා. ඒ වැඩේට වෙලාව දීලා තව ටිකකින් එනවා කියලා හිතපු මම ආපහු ගෙදර ගියා.

ගිහින් නිකම් ඉන්න එකේ තවත් ටිකක් ෆුට් වෑල්ව් එකට තට්‍ටු කරලා, ආයෙම වතුර පුරවලා, මල පැනලා  වතුර ලයින් එක වලලලා තියෙන ගෙදරට යන පාරදිගේ ඇවිදගෙන යද්දි මම දැක්කේ පාරේ තියෙන දිය කඩිත්තක්.  කලින් දවසේ වැහැලා පාරේ තැනින් තැන් පොඩි පොඩි දිය කඩිති තිබුනත් මේකේ යම් වෙනසක් මම දැක්කා.  ඒ කියන්නේ මේක හෙමීහිට ප්‍රමාණයෙන් විශාල වෙනවා කියලා මට හිතුනා. මම එතනම ඇණ තියාගෙන දිය කඩිත්තේ දාරය දිහා ඇහිපිය නොහෙලා බලා හිටියා. හෙනම ගහපිය! මේක පැතිරෙනවා නේන්නම්. මට දැනුනේ පුදුමාකාර සන්තෝසයක්. මට දැන් අඩුගානේ ලිඳ ඉහින්න වෙන්නේ නෑ.

මේ මම ඊයේ රෑ හාරලා බලලා ආපහු වහපු තැනට අඩි කීපයක් මෙහාට වෙන්න තියෙන තැනක්.  ආවුද ගත්ත මම ආයෙම පොළොව හාරන්න ගත්තේ බොහොම සීරුවෙන්. මම හාරපු වල හාරන පමාවෙන්ම මඩ වතුරෙන් පිරුනා.  අර අපි පයිප් ලයින් එකට පුරවන වතුර! ඊ ලඟට මම දැක්ක දෙයින් මගේ හුස්ම හිරවුනා වගේ දැනුනා. යකෝ පයිප් ලයින් එකේ අඩියක් විතර කෑල්ලක් නෑ. පයිප්පෙට වතුර පිරෙන්නේ නැති එක අහන්නත් දෙයක්ද. මම ඊ ලඟට දැක්ක දෙයින් මට කලන්තේ වගේ හැදුනා. යකෝ කැඩිච්ච පයිප්පේ ලිඳේ ඉඳන් එන කෑල්ලට කවුද එන්ඩ් කැප් එකකුත් ගහලා. මට ඇතිවුන හැඟීම මම කියන්න යන්නේ නැත්තේ, ඒවා විස්තර කරන්න තරම් භාෂා දැනුමක් මට නැති නිසයි.




ඔන්න දැන් අපිට වැඩේ මීටර් වේගන වේගන ආවා. අසල්වැසියෝ ගස් කීපයක් කපලා. සමහර ගස් කොටන් මගේ පාරට වැටිලා. සමහරවිට වැටිණු කොටේක කපපු අත්තක උල පොළොව පසාකරගෙන ගිහින් මගේ පයිප්ලයින් එකට වැඩේ කරලා. ඇයි යකෝ මුන් එකෙක්වත් මට මේක දැනුම් දුන්නේ නැත්තේ අපි මේ රෑ එලිවෙනකල් කොඳු කඩාගෙන මැරෙනකල් වතුර අදිනකල්?  ඇත්තෙන්ම අල්ලපුගෙදර පොර කතන්දරේ දන්න නිසයි අරෙහෙම කියවුනේ. නමුත් මේ කක්කා බාල්දියට අතදාන්න පොර අකමැති නිසයි පොර එහෙමම මාරු වුනේ.  හරි, අත්වැ‍රැද්දක් වෙලා කැඩුවා නම් හදලා තියාපල්ලකො අපි එන්න කලින්.

මම ඊ ලඟට කලේ දුකට සැපට කවදත් පිහිට වෙන මචං කාරයා චූන්ජියාව හොයං ගිය එකයි.  මම යනකොට නයිට් ඩියුටියක් ඇදපු පොර ගෙදර ඇවිත් ගොරෝ ගොරෝ නිදි.  පොරට කාලෙකින් මස්සිනා දැකපු සන්තෝසේ වැඩි වෙලා තිබ්බේ නැත්තේ මම කතාව කිව්වාම.

"හප්පට සිරි යකෝ!" පොර ඔලුවේ අත ගහගත්තා. "අරගොල්ලො ගස් වගයක් කැපුවා තමයි.  අත්තක් වැටිලා උඹේ පයිප්පේ දෙකට කැඩුනා තමයි. ඇත්තෙන්ම අත්තක් කපපු උලක් පොළොව හාරගෙන ගියා. එහෙම වුනාම මට කතා කලාම මම තමයි ගිහින් එන්ඩ් කැප් එක ගහලා ආවේ. ඕක මමවත් හදලා දාන්න තමයි හිටියේ. මටත් අමතක වුනානේ බං."

චූන්ජියා නිදිමත පැත්තකට දාලා මට උදව් කරන්න ආවා සුපුරුදු විදියට.  පස්සේ දෙන්න එක්ක පයිප්පේ සුද්ද කරලා, පිහදාලා,  අඩියක විතර පයිප්ප කෑල්ලක් පීවීසී ගම් වලින් ජොයින්ට් දෙකක් ගහලා අලවලා යන්තම් වැඩේ ගොඩදාගත්තා.

ඊට පස්සේ පුරවපු වතුර වහාම උඩටම මතුවෙලා උතුරලා යන දාර්ශණය අපි බලා හිටියේ ආසාවෙන්. ඉන් පස්සේ වතුර මෝටරේ ගැහුවාම අර කලින් ඇහුණු වියලි සද්දේ, බරදාලා අදින සද්දෙකට මාරුවෙලා, වහලේ උඩ ටැංකියට වතුර වැක්කෙරන සුමිහිරි සංගීතමය හඬ අපි අහං හිටියේ පුදුම ආසාවකින්.

ඒත් මදිවෙලා මම ගිහින් කුස්සියේ ටැප් එක ඇරලා සින්ක් එකට වතුර වැක්කෙරන සුමිහිරි හඬින් වැයුන  "ඔබ සැම ඔබේම නිවසට සාදරයෙන් පිළිගනිමි" ගීතයටත් සවන්දුන්නා.

පසු වදන:

දැන් ඉතින් වතුරත් තියෙන නිසා මම වඩා නිරවුල් මනසකින් වටපිට බලනවා.  අපි නැතුවත් අපේ කුණුගොඩ නම් කුණු වලින් පිරිලා. ටොයිලට් පිට් එකේ කොන්ක්‍රීට් එක උඩ පොලිසැක් එකකට හොඳින් අසුරලා ගෙනත් තිබ්බ වීදුරු ක‍ටු ලෝඩ් එකක්.  කුණුගොඩේ අර පරණ තාලේ අඩි හතරේ ටියුබ් ලයිට් එකක් දෙකට කැඩිලා. අපේ ගෙදර මේ ජාතියේ ඒවා ඇත්තෙත් නෑ. අපේ ගෙදර ජනෙල් වීදුරු නොවන බිඳිච්ච ජනෙල් වීදුරු. අපේ ගෙදර නැති ජාතියේ බිඳිච්ච වතුර බොන වීදුරු, අපි පාවිච්චි නොකරන ජාතියේ විලවුන් බෝතල්. පඩි පෙල ලඟ පොල් අතු කන්දක්. වැඩේ කියන්නේ අපිට පොල් ගස් ඇත්තෙත් නැතිවීමයි. මේ අර කපපු ගහක පොල් අතු. එක අතකට ඒක හොඳා කෙලින්ම ගිය පාරවගේ ගස් කොට ගෙනත් ගොඩ ගහන්නේ නැතුව. ඒවා අයිති කාරයන්ගේ වතුවලටම රිටර්න් කරන්න මාර කට්ටක් කෑවනේ ගිය පාර.




Originally published @ HeyDude in English Language.
Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.

145 comments:

  1. මේ වගේ අසල්වැසියෝ ඉන්නකොට ආයේ හතුරෝ මොකටද :D
    හොඳ වෙලාවට අර මනුස්සය ආගම සිහි කර කර හිටියේ...

    ReplyDelete
    Replies
    1. ඒ වගේම කාගෙත් හොඳ පැත්තකුත් තියෙනවා මානවිකා.

      Delete
  2. යකෝ මාර කට්ටක්නේ ඒක.... ඔය බටේට දාපු වතුර ටිකෙන් උඹලා ඔක්කොටම නාලා, රෙදිත් හෝදගෙන ඕන නම් මල් වලටත් ටිකක් දාන්න තිබ්බා.

    උඹලා දැන් නිවාඩුව ඉවරවෙලා ආයෙමත් සුපුරුදු තැනට ඇවිත් ද?

    ReplyDelete
    Replies
    1. //ඔය බටේට දාපු වතුර ටිකෙන් උඹලා ඔක්කොටම නාලා, රෙදිත් හෝදගෙන ඕන නම් මල් වලටත් ටිකක් දාන්න තිබ්බා.//

      නියම කතාව. :D

      Delete
    2. ප්‍රසන්නයි, හරියි කිව්වා වගේ ඒක නම් පට්ටම කතාව තිසර. ඔව් නේන්නං. :D

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අම්මෝ වතුර නැතිව ඉන්න වුනා නම් මම නම් එවෙලේම හැරිලා එයි.
    ලංකාවේ අසල්වැසියන්ගෙන් මේ වගේ ප්‍රශ්න තියෙනවා කියලා ඇහුවමායි.

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔයා අතදරුවෙක් කාලෙද ලංකාවෙන් ගියේ . ඩුඩ්ට එය අවුරුද්දක් ගෙදර නොයිද . හැමදාම ඉ්න අපිට තියන කරදර ඇහුවොත් ඔයා ලංකාව පැත්ත බලාගන බත් කන්නැ

      Delete
    2. මම පොඩි කාලෙවත් මට අසල්වැසියන්ගෙන් ප්‍රශ්න තිබ්බා කියලා මතක නෑ. අපි හිටියේ ගමකනේ. එහේ හූ කීවත් කාටවත් ඇහෙන්නේ කලාතුරකින් කියලා අපි කියන්නේ... ඩොටේ එකේ එහාම කෙළවරේ. හික්ස්. (වත්තේ පොල් එහෙම නම් අහුලනවා මිනිස්සු ඒත් ඒ අය අපි එක්ක තරහා නෑ) පොඩි කාලේ ඉඳන් අද වෙනකම් ගමට ගියාමත් ( මම නොදන්නා මිනිස්සු වුනත්) අහිංසක විදියට ඔළුවත් නමලා ආ මේ අපේ චූටි මැණිකේ කියලා මට ආදරෙන් කතා කරනවා. වතුවල ගෙඩි හෙම තියෙනවා නම් ගෙනත් දෙනවා. අපෙ ගමෙ ඔක්කොම දන්නවා මගේ ගස් ගෙඩි කෑමේ ලෙඩේ.
      කොළඹත් මගේ අසල්වාසියෝ වෙනසක් නෑ. ඒ අය මට හරි ආදරෙයි. මම නිවාඩුවකට ආවම මට කෑමක් හොයලා දෙන්න කිරිබත් හදලා දෙන්න වගේ හැමෝම උනන්දුයි. හැමෝම මම ආපහු එන්නේ කවදද කිය කිය මගෙ යාළුවන්ගෙන් අපේ මල්ලිගෙන් අහනවලු. මගේ යාළුවෝ නම් මට කියන්නේ මම පැණියා හින්දා හැමෝම මට ආදරෙයි කියලා. හික්ස්.

      Delete
    3. එහෙනං ඉතින් ාසනාවන්තයි

      Delete
    4. කාගෙත් හොඳ නරක වගේම හොඳ පැත්තකුත් තියෙනවා. වාහන දාලා පාර බ්ලොක් කිරීම, වැටේ රෙදි වැනීම වගේ දුර්වලකම් වගේම අනිත් පැත්තකුත් තියෙනවා.

      Delete
  5. ඔයාලා වගේ අවුරුද්දකට පාරක් ගෙදර යන මම අදුනන පවුලකට මරු දෙයක් උනා,ගෙදර ගියදා ඉදන්ම කට්ටියගෙම ශරීරයේ පලු දාලා,කසලා තුවාල වෙලා සැරව එන්නත් ගත්තා,ඩොකාලා කීප දෙනෙක්ගෙන්ම බේත් අරගෙනත් හරි ගියෙ නෑ,පස්සෙ එක ඩොකෙක් කියලා තිබුනා ගෙදර මොක්කු හරි සත්තු ඉන්නවද බලන්න කියලා,කෘමි සත්තු එහෙම,,ඒත් ඉදලා නෑ,ඒත් නිකමට අත් කාචයක් අරගෙන බලලා,බලද්දි බිත්ති පුරා,ඇදවල් වල පොඩි ක්ශුද්‍ර ජීවීන් වගයක්.අසල්වැසියන් වගේම වහලා දාන ගෙවල් වලට ඔහොම කරදරත් එනවා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක නම් මම අහලම නැති දෙයක් ඩිලාන්. මාරයිනේ. අපි කොහොමත් වැක්‍යූම් කරනවා බිත්ති සහ සීලිම පවා. හැබැයි ඒ පිරිසිදු කිරීම සම්පූර්ණයෙන් ඉවර කරන්න සති ගානක් යනවා. ඇයි බං තවත් වැඩ තියෙනවනේ.

      Delete
  6. හි හි ////
    "හප්පට සිරි යකෝ!" පොර ඔලුවේ අත ගහගත්තා. "අරගොල්ලො ගස් වගයක් කැපුවා තමයි. අත්තක් වැටිලා උඹේ පයිප්පේ දෙකට කැඩුනා තමයි. ඇත්තෙන්ම අත්තක් කපපු උලක් පොළොව හාරගෙන ගියා. එහෙම වුනාම මට කතා කලාම මම තමයි ගිහින් එන්ඩ් කැප් එක ගහලා ආවේ. ඕක මමවත් හදලා දාන්න තමයි හිටියේ. මටත් අමතක වුනානේ බං."//// නියම අසල්වැසියෝ තමයි

    ReplyDelete
  7. Looks like you have marvelous bunch of neighbors. Please do not upset them for the sake of some broken glasses or other junk.

    ReplyDelete
    Replies
    1. Yes, you are correct, in a way. I don't upset them unless I have to. I silently take there garbage to the non-biodegradable garbage collection center.

      But very recently when they tried to park a vehicle on our private road for the night, I kindly told then not to. I need 24x7 access to the road without having to wake anyone up.

      Delete
  8. කොහෙද මචන් ඔය ගම...?
    උඹත් මාර පැත්තකනේ ගෙයක් හදාගෙන තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මට නං එහෙම හිතුන්නැ එහෙම ඉතිහාසයක් තියන අයිතිහාසික ගමක්නේ

      Delete
    2. මචං ඔය අපේ ගම. නමුත් ඔය වගේ වැඩ කරන උන් ඔක්කොම වෙන පළාත් වලින් ආපු උන්. උන්ගේ ගම් පළාත් කියන්න ගියොත් බ්ලොග් අවකාසෙන් බාගයක් මාත් එක්ක තරහා වෙනවා. සමහරවිට උඹත් තරහ වෙන්න පුලුවන්. දැන් තේරුණානේ. :D

      Delete
  9. මට ඉස්සල්ලාම හිතුනේ ඩූඩ් නිවාඩුව ඉවරවෙලා ආපහු ඇවිත් කියලා. දිගට කියවගෙන යනකොට තමා තේරුනේ ගම ගැන කියනා විත්තිය. :)

    ගොඩක් කරදර වෙලානේ. ඇයි ඉතින් යන්ට කලින් කා ලව්වා හරි ගෙදර පොඩ්ඩක් සුද්ද කරවලා, වතුර චෙක් කරවලා, ගෑස් එකක් එහෙම ගෙනත් තිබ්බේ නැත්තේ?

    ඔයාලා ඒ ගෙදර නිකං වහලා තියෙන එක බය නැද්ද?

    ReplyDelete
    Replies
    1. මටත් ආපු ප්‍රශ්නය ඕක.
      මම හිතුව ගුරු යුවලක් උනාම හොද සැලසුම් ඇති කියල.. :)
      මුන් දෙන්න ලංකාවේ දරුවන්ට නොඋගන්න උම්බලකඩ රටේ දරුවන්ට උගන්නන එක ලොකු දෙයක්.. :) :).

      Delete
    2. ඔන්න කෙන්ජියා කට වරද්දගෙන..ආපහු ඇදගෙන නාන්න හදනවා.:-) :-)

      Delete
    3. එහෙම කියන්ඩ එපා බං , මං මුට කැමති වෙන මොකවත් හන්දා නෙමෙයි . මං වාගේම මෙලෝ විචාරයක් නැතුව කටට එන එක කියන හන්දා , මට එතකොට මාර හැපි මං වාගෙම තව එකෙක් මේ ලෝකේ ඉන්නවා නේද ....දෙයියනේ කියලා

      Delete
    4. ඇල්බ..හෙන්රි යුවල ඇවිල්ල උගත් කස්ටිය.
      මම වගේ කට වාචාලයන් ගැන ඒ අය ගොඩක් දැනුවත්.
      මාව නාවන්න එන්නේ ඉගෙනුමක් තිබුනට...සමාජ විශ්ව විජ්ජාලෙට නොගිය හැත්ත....
      මේ අවකාශය බිහිවෙලා තියෙන්නේ අපේ අතින් වියදම් කරගෙන නිදහස් අදහස් හුවමාරු කර ගන්න.
      උඹේ අදහසට ගරු කරනවා වගේම ...
      අටම් කියල තියෙන දෙයත් ඔළුවට ගනින් ...
      මේකේ සැරි සැරි සරනවනම්...

      Delete
    5. " මාව නාවන්න එන්නේ "
      Kenji, ඒකත් අර කෑඩුනු බටේට වතුර දෑම්ම වගේ නේ?Kenji ගෙ අසල්වාසීන්නම් ප්‍රේමකරන්න සුදුසු අය වෙන්න ඕනෑ. කවද්ද ලියන්නෙ ඒවා?

      Delete
    6. හික්...එල ප්‍රා...
      බලමු මචෝඕ.....
      මේ දවස්වල සිංහ ෆොටෝ දාගත්ත නරියන් දඩයමේ ඉන්නේ..

      Delete
    7. වැරදියි මචංලා..!
      හෙන්රි ගිය අවුරුද්දෙත් ඇවිල්ල දැම්ම ඔය වගේ පෝස්ට් ගොඩක්..අද වගේ මතකයි..හෙන්රිගෙ වාහනේ ලෙඩක් ඇවිල්ල මොකක්ද කෑල්ලක් ගලවන් ගිහින් ගරේජ් වල රස්තියාදු උනහැටි ගැන, අන්න ඒකෙ මේ ගේ ...වාහනය..තවත් අඩුම කුඩුම නිවැරදිව සුරක්ෂිතව.. තබායන්නෙ කොහොමද කියල ලියල තිබ්බ.
      මම ඇහැව්ව වාහනය..මීයොන්ගෙන්/කූඹින්ගෙන් ආරක්ෂාකරගන්නෙ කොහොමද කියල අවුරුද්දක් පුරාවට...ඌ නියමෙට ඒ ගැන විස්තර කලා.

      Delete
    8. පොඩ්ඩි, ඔය වෙගේ අනිත් මිනිස්සු ලව්වා තමන්ගේ වැඩ කරගන්න ගියාම නැති කරදර ඇති වෙනවා.

      උදාහරණයක් විදියට අම්මා ඉන්න කාලේ, කුලියට පොරක් දාලා වත්ත එළි පෙහෙලි කරනවා. මේකා අපි හිටවලා තියෙන මල් ගස්, පළතුරු ගස් ඔක්කොටම කෙළලා අරිනවා වල් ගස් එක්කම.

      ඔය එකක් විතරයි.

      තව වතාවක් පිටිපස්සෙ තියෙන දොළ පාරත් එක්ක එන පිටාර වතුරට පිටිපස්සෙ කොටසක් හෝදගෙන ගිහින් වලක් හැදිලා තිබ්බා. අම්මා කුලියට පොරක් අරගෙන ඔය වල වහන්න. මේකා කරලා තියෙන්නේ මම අර කියුබ් එක අටදාහකටද, නමදාහකටද ගෙනත් තිබ්බ වැලි ගොඩෙන් වැලි අරන්, පොලිසැක් වලට පුරවලා අර වලට අතෑරලා. පස්සේ මාර කට්ටක් කෑවා ඒ ටික ආපහු ගන්න. මොකද අර පොලිසැක් ඉරිලා හෙම තිබ්බ හන්දා. ඊට සස්සෙ මම කුණුගොඩ යට එකතුවෙලා තියෙන බොරළු පස දාලා වල වැහුවා. ඔන්න ඔහොම මොළේ නැති කම්මැලි හොර යක්කු තමයි ඉන්නේ.
      පස්සේ අපි තීරණය කලා ගෙදර ගිහින් තමන්ගෙ වැඩ කරගන්න එක ඔක්කොටම වඩා ලාබයි කියලා.

      Delete
    9. කෙන්ජි..මම උබ ගැන වගේම හෙන්රියා ගැනත් අනිත් අය ගැනත් හොදට තේරුම් අරන් ඉන්නෙ. නැත්තම් වැඩක් තියෙනවද මේ අවුරුදු 43 ක් වෙච්ච ජීවිතෙන්.

      උඩ කොමෙන්ට් එක දැම්මේ විහිලුවටයි...! :) :)

      Delete
  10. අපූරු අසල්වැසියො ටික. ඩූඩ් අයියේ පරෙස්සමෙන්. රට යනකම් ඉඳලා ඔය අසල්වැසියො ඔයාගෙ ගේත් රෙන්ට් අවුට් කරයිද දන්නෑ.....

    ReplyDelete
    Replies
    1. රෙන්ට් අවුට් කරනවනම් කමක් නැහැ..යශෝ..!
      අපේ යාලුවෙක්ගෙ ඔය වගේ අතහැරදාපු ගෙදරක, ඒ පලාතේ නසරානියෙක් "brothelhouse" එකක් දාලා. යාලුවා හිරේ නොගිහින් බේරුනේ හරි අමාරුවෙන්.

      Delete
    2. හප්පච්ියේ කොහෙද බං ඒ

      Delete
    3. ඒ වගේ සිද්දිත් වෙන්න පුලුවන් තමයි බස්සි.

      ඔය ඇල්බනුත් කියලා තියෙන්නේ.

      (අටමගේ තියෙන උනන්දුව බලාපල්ලකො.) :-O

      Delete
    4. අප්පෝ අටම් ඕකට මාතර යන්න ඕනෙයි....! ඔය කැළණිය පැත්තෙත් ඕන තරම් තියෙන්නේ. ඉරිදට පත්තරේ යන ඇඩ්ස් ටික බලපන්කො....!

      Delete
  11. අපොයි දෙයියනේ කාල තියන කට්ටේ තරම් හිතාගන්න හැකිනේ.. මට ඔබට වගේ චිත්‍ර අදින්න හැකි වුණා නං අදිනවා තාත්තයි පුතයි දෙන්නගේ ලස්සනම කාටුන් එකක්.

    ඇත්තටම යන්න කලින් ගේ සුද්ද කරවන්න ක්‍රමයක් විදියක් නැද්ද ඩූඩ්.

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම යන්න කලින් ගේ සුද්ද කරවන්න ක්‍රමයක් විදියක් නැද්ද ඩූඩ්.//

      ඒක හොද වැඩක් තමා , යාන්තං නිදහසේ ඉන්ඩ එන දවස් තිහේ , ඒ උනාට නලියා මු එහෙම නොකරනවා ඇත්තේ අපි ාගෙම තව එකෙකුට , වදයක් , වාතයක් , ඇණයක් , ප්ලාස්ටරයක් වෙන්ඩ අකමැති හන්දා වෙන්ඩ ඇති . ..අනික මම දන්නවා එහෙම ගෙවල් බාර දුන්නහම වෙන ජල්තර සීන් ...අම්මෝ නොදෙන එකමයි හොද

      Delete
    2. නලීන්, ඔය අටමා කියලා තියෙන්නේ. අන්න ඒ ජල්තර සීන් මම උඩ කමෙන්ට් එකේ කෙ‍ටුවා ඕන්න. අටමා මාර මීටරයක් බලං ගියාම.

      Delete
  12. අපේ රටේ අසල්වැසියෝ අපට හානි කරන ප්‍රමාණයත් වැඩියි. හැබැයි ආපහු ඇවිල්ලා පණ දීගෙන උදව් කිරීමත් සමහර වෙලාවට ඕනෙවට වැඩියි. හැම අවුරුද්දෙම මේ හා සමාන ප්‍රශ්න ඔබ ලියලා තියනවා මට මතකයි. 'ගේ බලාගන්නෙක්' හොයාගන්න අමාරුද?

    ReplyDelete
    Replies
    1. එහෙම අය දැම්මම පැය ගානට කුලියට දෙනවනේ...

      Delete
    2. මං ඔය නොකියා උඩින් කියලා තියෙන්නෙත් ඒකම තමයි , එතනින් නැවතනොත් ඇති බං , අපෙ යක්කු දාන ජල්තර අම්මෝ

      Delete
    3. ගේ බලාගන්න අය ඉන්නවා. නමුත් කුණු දාන එක ගැන කරන්න ඒ හැටි දෙයක් නෑ. එහා ගෙදර ඉන්න ඒරියා එකම බාර බලු තඩියා මට වත් ගෙදරට එන්න දෙන්නේ නැති සයිස් එකක් තියෙන්නේ, ඌව ලෙහෙලා ඉන්න වෙලාවට. ඌ කරන සේවයට මම ඌට කොච්චර ආදරේ වුනත් සලකන්නවත් මම ළඟටයන්න බයයි. :D

      Delete
  13. හොද වෙලාවට චූන්ජිය එන්ඩ්කැප් එකක්වත් ගැහුවෙ නැත්තන් බට ඇතුලට මඩ ගියානම් බටත් සුද්ද කරල ෆුට් වැල් එකත් ගලෝල සුද්ද කරන්න වෙනවනෙ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචං

      ( මෙව්වට රිප්ලයි කරන්ඩ ඩුඩ්ත් නැති එකේ මං වත් කොරන්ඩ )

      Delete
    2. ඒක තමා මේ මාත් බැලුවෙ මොකෝ කියල :D
      මෙව්ව ජාති ජාතිත් පින් සිද්දවෙන කුසලකරම ඈ :D

      Delete
    3. සසිඳු උඹ කියන එක ඇත්ත. ඒකෙන් හොඳක් තමා සිද්දවුනේ. ගහපු නැති පැත්ත සුද්ද කලේ අර ප්‍රයිමිං පොයින්ට් එකෙන් වතුර පුරවලා ෆ්ලෂ් වෙන්න ඇරලා.

      අටමා තෑන්ක්ස්.

      Delete
  14. අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා තියෙන්නේ මේ වගේ සත්තලන් අසල්වැසියෝ අනාගතේ එයි කියලා උන්නාන්සෙට පෙනුන නිසා වෙන්න ඇති. මට උනා නම් හෙම.. සංස්කෘත භාෂාවෙන් තමයි අසල් වැසියෝ අමතන්නේ.. කොහොම හරි උළුවහු ජනෙල්, වහල, මෝටරේ, දොරවල් ටික තියෙන එක ගැනවත් හිතලා, ඕන් ඔය ගෙනාපු දෙයක් ඒ අයටත් දීලා දාන්න. නැත්නම් ඉතින් ඊ ළඟ පාර එනකොට, කොමොඩ් එක නැතුව, ගහක් යට තමයි රෙන්න වෙන්නේ, ඔය යන විදියට.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මචෝ...

      Delete
    2. //සංස්කෘත භාෂාවෙන්//

      ඉතින් හොදයිනේ බං . උඹලා හරි වාසනා වන්තයි ,

      මං නං කිසි අංගපුලාවකට නැති එකා , එහෙමද අපේ අටමී , මගේ බත් එකත් හිගන්නන්ට දෙන ගෑනි , (මටවත් හයියෙන් කතා කරන්නේ නැ ). අල්ලපු ගෙදර ගෑණි කෙලලා ඇරලනේ බං මං නැති අල්ල පනල්ලේ කෙලලා අරලනේ අටමී මැෂිමේ ඉදගන මහ මහ ඉන්න කොට ගඩොල් බාගෙකින් , හොද වෙලාවට අපේ උන්දැගේ නෑනා එතන ඉදලා ( ඒකි හෙන වැඩකාරි '' ගම ගාල්ලේ '' ) ගඩොල් බාගේ එනවා දැක්ක ගමං දොර වහලා ,

      නැත්තං මගේ කෙල්ලෝ දෙන්නට කුඩම්මෙක් ගේන්ඩ වෙනවා

      දන්නවද ගඩොලෙන් ගහන්ඩ හේතුව

      ඒ ගැණිගේ හොර මිනිහෙක් ගෙදරට එනවා කියලා කවුද කියලා , ඒක අපේ උන්දැ කියුවා කියලා තමයි හිතලා තියෙන්නේ ,

      ඇත්තටම එහෙම කරලා නැ අපේ උන්දැ ,

      ගෑණි එහෙම සැක කරන්නේ ඒ ගෙදර පිරිමි මනුස්සයා අපේ උන්දැගේ ලොකු අම්මගේ පුතා හන්දා .
      මේ ගොල්ලෝ ඔය ඉඩම එයාලට අඩු ගානකට සෙට් කරලා දෙන්ඩ හදනකොටත් මම එපා කියුවා , කොහෙද ඉතින් අළුත් නැදැකං වලට වඩා පරණ නැදැකං ලොකු උනානේ

      ඔන්න ඔහොමයි අපේ අසල් වැසියෝ , එහෙම බලනකොට හෙන්රියා පට්ට වාසනාවන්තයි

      Delete
    3. මම හිතුවා ගඩොල් භාගේ එව්වේ උඹ බීලා කෑ ගහන එකට කියලා..

      Delete
    4. අඩෝ....වහපන් මාතා කට....අටමට ගහන්නෙ ගඩොල් බාග වලින් නෙමෙයි ගල් බාග, චිකන් බාග වලින්. අන්න එහෙමයි ඌට සැලකිලි.

      Delete
    5. මොන බාගද කෙළින්ම බෝතලෙන් තමා පටන් ගන්නේ. හැබැයි ඉතින් ඒ වෙලාවට අනිත් එවුන් කතා කරල හමාරයි..

      Delete
    6. යකෝ මම එහෙම හරි කතා කරනවා උඹ කරන්නේ හැම එකාම කියන එකට හිනා වෙලා ඔලුව වනලා

      ඔව්
      හා
      එන්නං
      එකෙන්ම
      අනිවාර්යෙන්ම

      කියන එකනේ කවද්ද උඹ මොන මතයකටවත් එකග ‍නොවුනේ

      Delete
    7. අපරාදේ කියන්ඩ බැ නලියට ඕන ‍දෙයක් කියලා බැන්නහැකි , තරහවෙන්නේ නැනේ

      Delete
    8. මගේ අම්මෝ බං මේ කතාව ගිහින් තියෙන දුර වංගු වලින් හැරි හැරි. මට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ඔක්කොම උඹලම කියලා. :D

      Delete
  15. හපුයි දෙවියනේ කාලා තියෙන කට්ටක තරමක්.

    ඒක නෙමේ ඩූඩ් අයියෙ, ඔය ආදරණීය ආදීවාසීන් නෑ. නෑ. අසල්වාසීන් අතර එකෙක් වත් නැත්ද බ්ලොග් කියවන එකෙක්.

    ReplyDelete
    Replies
    1. එහෙමවත් වුනානම් ඒකත් එකක්. බ්ලොග් කෙරුවාව Facebook තරම් ජනප්‍රිය නෑනේ කොහේවත්.

      Delete
  16. ගෙයි වහලෙ උළු හරි ෂිට් ටිකයි, වතුර මෝටරෙයි තියෙන එක ගැනවත් හිතල හිත හදාගන්න එකයි ඇත්තෙ. අඩුම ගානෙ අර බටේට එන්ඩ් කැප් එකක් හරි ගහන්න තරං අනුකම්පා සහගත වෙලා තියෙනවනෙ.

    මේකටනං තාත්තයි පුතයි මඩ නාගෙන වතුර අදින චිත්‍රයක් එන්න ඕනමයි.

    ReplyDelete
    Replies
    1. අදින්ඩ බැ බං අදින පැන කඩිලා . අනික පැන තිබ්බත් අදීදබං තමන්ටම වැදෙන මඩක්

      Delete
    2. අටමට පරචිත්ත විචාරණ ඥානය පිහිටලා තියෙන හැටි! ඇත්තෙන්ම බං මම ඒ පෑන ගැන අර Life time warranty දීපු කට්ටියගෙන් ඇහුවේ අන්තිම මොහොතේ. ඒක අරන් එන්න බලන්න කියලා එයාලා කිව්වෙ අපි ආපහු එන දවසේ. ඉතින් මට යන්න බැරි වුනා

      Delete
    3. අයියෝ ...... ඒ කියන්නෙ මේ අවුරුද්දෙත් චිත්තර නැත්ද?

      Delete
  17. අරුන්ගෙ (*^)(&_)(&_&*%*^ඍ%&^%

    ReplyDelete
    Replies
    1. සමහර අකුරු ටයිප් වෙලා නෑ.. උඹේ ගොන්පීටරේ වෛරස් එකක්ද දන්නෙ නෑ..

      Delete
    2. එක්කෝ මං වාගේ අකුරක් දෙකක් ලියලා ඉරි ගහන්ඩ ඔන රෙද්ද

      Delete

    3. එක්කෝ මූ බීලා ෂිෆ්ට් එක ඔබාගෙන ඉලක්කං ලියන්නැති.

      Delete
  18. අසල්වැසියන්ට පින්සිද්ද වෙන්න අපිට රස පොස්ට් එකක් කියවන්න ලැබුනා......

    ReplyDelete
    Replies
    1. පුවත් මවන්නෝ කියන එකනේ මැලේ ඔය.

      Delete
  19. දැන් ඕක හදනකම් ගෙදර කාටවත් ටොයිලට් යන්න ඕන උනේ නැද්ද ?
    හික්ස් ... වතුර ප්‍රශ්න වලදී මට මුලින්ම හිතෙන්නේ ඕක :)

    ReplyDelete
    Replies
    1. උඹට විතරක් නෙවෙයි යසිත් මටත් එහෙමයි. කොහෙ හරි යන්න කලින් මම ටොයිලට් එකට දුවනවාමයි. ඕකට කියන්නේ IBS (Irritable Bowels Syndrome) කියලා.

      Delete
  20. ඔය හොඳයිනේ ඩූඩ් අයියෙ... මෙහෙ එහෙමනං අහල පහල ඉන්න අය ගේ කාට හරි කුලියට දීල තියෙයි... එච්චරට අයියල ඉන්නෙ... එළියෙ දාලා තියෙන CFL බල්බ් එකත් ගලෝගෙන යනව සතියක් ගෙදර නැති උනොත්... උදේ ගෙනල්ල මිදුලෙන් බාපු කොස් පලුව, කාලා බීලා අත පය හෝදගෙන එනකොට අතුරුදහන් වෙලා... හි හි...

    ReplyDelete
    Replies
    1. ඒ කතාව අහලා මම කුරිරු සතුටක් වින්දා බං. හරියට ඔය මර්සීඩස් බෙන්ස්, ප්‍රාඩෝ, මොන්ටෙරෝ, ස්පෝටේජ් හෙම පාරේ කැඩිලා තියෙනවා දැක්කාම ඇතිවෙන කුරිරු සතුට වගේ. :D

      Delete
  21. යකෝ ගේ බදු දීහං අවුරුදු දහයකට විතර... නිවාඩු එද්දි නැවතියං හෝටලේක... අතට සෑහෙන ගානකුත් ඉතිරි වෙයි.. එයින් ටිකක් පොතක දාලා තිබ්බම ආයේ ගේ ගත්ත දවසක තීන්ත ටිකක් ගාලා හිටිය උන් කඩලා බිඳලා තියෙන දේවල් රෙපෙයාර් කරලා ගතෑකි... ඕක කරුමයක්නේ... ගේ දෙල්ගොඩ නොවී කොළඹට කිට්ටුවට ගෙනත් හයි කරලා දෙනවනං මං බලා ගන්න බාර ගන්නවා... :D

    ReplyDelete
    Replies
    1. අම්මෝ එපා ඩූඩ්..මාරයාට නම් දෙන්න එපා.
      කොහොමද ගේ ඉස්සරහ් බෝඩ් එකක් දාලා තියනකොට,

      "ස්ත්‍රි පුරුශ වශී, අන්ජනම් බැලීම, අත්හැර ගිය අය ගෙන්වා දීම, ක්ෂණික මෝචනය ඇතුලු ඔබගේ සියලු දැවෙන ප්‍රශ්ණ සදහා එවලේම විසදුම්. හරිගිය පසු ගෙවන්න.

      මහා හුලවාලි මාරයා කට්ටඩි මහතා.

      (හමුවීමට කලින් වෙලාවක් වෙන්කර ගන්න ) " කියලා.

      Delete
    2. යකෝ පිස්සු නටන්න එපා.. මේක ඇඩ් එකක් දැම්මා වගේනේ.. අන්න එකෙක් මට මේල් එකක් එවලා මේකේ ලින්ක් එකත් දීලා... උගේ අසනීපෙකට බෙහෙත් ගන්න.. යකෝ මට පොලව පලාගෙන යන්න හිතුනා... :D

      (මට වැඩියත්ම බය නොදන්න උන්නං කමක් නැහැ අර කැඳ අයියත් අසනීප ගැන කියන්න ගත්තොත් කියලා..)

      Delete
    3. මාර්ස්,යකෝ අවුරුද්දකට වගේ පස්සෙ හිනාගියා මේක දැකල...

      Delete
    4. ඇයි බං ඔයිට වඩා කොච්චර දේවල් අනාද හිනා යන සින් මෙ දවස්වල. ං නං දැන් මේ ඉන්නේ හිනා වෙලා ිනා වෙලා හෙම්බත් වෙලා

      Delete
    5. කැඳ අයියා කිව්වේ අර වැල්පෙනෙල පැකට් එක ඔලුවේ දාන්, ගිණිපෙට්ටිය සාක්කුවේදාන්, දිග හොම්බ කරේ දාන් ඉන්න, රට චොකලට් කන එකාවද්දෝ කියලා මට නිකමට හිතුනා. :-?

      Delete
  22. අනේ දෙවියනේ.........අසල්වැසියො බලාපොරොත්තු වෙන්න නැතුව ඇති හෙන් රි තුමාලා ඒවි කියලා....හික්ස්..

    මටත් හිතුණා ඇයි කලින් ගේ සුද්ද කරවා ගත්තේ නැත්තේ කියලා නම්..

    ReplyDelete
    Replies
    1. ඔය උඩ කියලා තියෙන්නේ ඒවයෙ ප්‍රායෝගික ගැටළු තමයි රෙහානි.

      Delete
  23. ඔන්න සුපිරි නේබර්ස්ලා.. දාහෙන් සම්පතයි ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් බං රාජසම්පත් ලැබුනා වගේ තමයි පට්ට හීතලේ වතුර අදින්න ගියාම. :D

      Delete
  24. Replies
    1. Very much looking forward to. Looks like you're very busy.

      Delete
  25. තෝ එහෙනං නොකියම ආයේ ගියා

    ReplyDelete
    Replies
    1. තෝ නෙයෙි සොරි සොරි

      උඹ

      Delete
    2. සමාවෙයං අටං. යනවා කියලා උඹට කියන්න උඹ නොබීපු වෙලාවක් හොයාගන්න බැරිවුනා. :D
      මට මතක් වුනේ අර "උඹත් තමුසේ, උඹත් තමුසේ, උඹත් තමුසේ..." :D

      Delete
  26. ඩූඩ් කලින් පාර ආපුවම සිද්ද වුන ජංජාලේ මතක නිසා මේ පාර ඔයින් ගියා ඇති කියලා හිතුනා..කොහොම වුනත් සාර්ථක නිවාඩුවක් වෙන්න ඇති කියලා හිතනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව් රූ. හොඳ....ට ඇවිද්දා. නිවාඩුව ප්‍රමාණවත් නොවීම තමයි ගැටළුව.

      Delete
  27. හොදි ඕන් නැහැ. අපේ ගෙදර නම් මල්ලි පදිංචි වෙලා ඉන්න නිසා අවුලක් නැහැ.

    නිවාඩු ආපු දවසෙම නියම ටින්කිරියනේ. කාව හරි පදිංචි කරවපන් ඩූඩ්. නොයෙකුත් ගේම් යනවා ඔහොම තියෙන ගෙවල්වල. ඊට පස්සේ තව කරදර.

    ReplyDelete
    Replies
    1. පදිංචි කලාම ඊට වැඩිය කරදර බං. සමහරවිට නඩු කියන්නත් වෙනවා ගේ ගන්න.
      In the long run I've learned the hard way that some obvious solutions are worse than the problem.

      Delete
  28. අදහන්න වටින අසල්වැසියෝ ටිකක්නේ.. කාව හරි ගේ බලාගන්නත් එක්ක විශ්වාස කෙනෙක් නවැත්තුවනම් හරි නේ අයියේ.. නැත්නම් ඔය කට්ට හැමදාම කන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. කට්ට කන එක සනීපයි දිනේෂ් එක අතකට නැති කරදර හදා ඇති කරගන්නේ නැතුව.

      Delete
  29. හෙන්රියා ඇතුළු පිරිස ගෙදර ඒමට සතියකට පමන පෙර අසල්වාසීන් දෙදෙනෙකු අතර වූ කතා බහක්....

    " මේ ලබන සතියෙද කොහෙද අර ගෙදර මහත්තයල එනවලු නේද? අර කැඩිච්ච පයිප්පෙ හදල දාමුද? "

    " පිස්සුද? ඔන්න ඔහෙ නිකා ඉඳහං.."

    " එහෙම කියල කොහොමද? මොනව උනත් හරිනෑනෙ මචං..කාලෙකට පස් සෙ ගෙදර එන්නෙ..ඇවිල්ල වතුර ටිකක්වත් නාගන්ට නැති උනාම මොනව හිතෙයිද?.."

    " හිහ්..හිහ්..හිහ්...උඹ දන්නෙ නෑනෙ බං විස්තරේ..කාටවත් කියන්ට එපා හොඳද? "

    " නෑ බං මම ආය කාට කියන්ටද?..කියාපංකො....."

    " ගිය පාර ආවනෙ නිවාඩුවට ඔය මහත්තය.."

    " ඔව්..ඉතිං.."

    " ඇවිල්ල මම බලාගෙන ලයිට් දැම්ම ලයිට් වැඩ...පයිප්පෙ ඇරිය වතුර වැඩ…"

    " පස්සෙ? "

    " පස්සෙ මහත්තයට මල පැන්නෙ නැද්ද? මුං නං මහ පුදුම ජාතියක්...ලයිට් දැම්ම..ලයිට් වැඩ..පයිප්පෙ ඇරිය..වතුරත් තියනව…"

    " මට ඉතිං මේ කියවන විකාරෙ අහගෙන ඉන්ට බැරුව ටිකක් කිට්ටු කලා.."

    " මහත්තය...මොකෝ මේ?... කාටද බණින්නෙ?..."

    " බනින්නෙ උඹලට තමයි..මගෙ අසල්වාසීන්ට…"

    " ඇයි අප්පේ ඒ මොකෝ? මොකක්ද අපි කෙරුවෙ?..."

    " කෙරුවෙ?...."

    " බලාපං මම හිතාගෙනම ආවෙ අද අනිවාර්යයෙන්ම ගෙදර වතුර නැතුව ඇති කියල…"

    " ඈ මහත්තය ...ඒ මොකද එහෙම හිතුවෙ? "

    " එහෙම උනානං පුතයි මායි රෑ එලිවෙනකල් වතුර ඇදල පයිප්පෙ පුරවල ඊට පස් සෙ ඒත් වතුර අදින්නෙ නැතුව අන්තිමට ළිඳට ඉණිමඟක් තියල ෆුට් වෑල්ව් එක ගලවල...ඔන්න ඔහොම කතාවක් ලියන්න තිබ්බනෙ මට...මම ප්ලේන් එකේ එද්දි ඔක්කොම ප්ලොට් එක හිතේ ඇඳගෙන ආවෙ. කොටින්ම එහෙං පිටත් වෙන්ට ඉස්සෙල්ල චිත්‍රෙකුත් ඇඳගෙනයි ආවෙ. පුතයි මායි අර ලදරං බාල්දියෙං වතුර අදිනව.."

    " ආ ඒ මොකටද මහත්තය කතාවක් ? "

    " මම අර බොලොග් එකක් කියල එකක් ලියනවනෙ. ඕක කියවන කස්ටිය හරි ආසයි ඔය වගෙ කතා අහන්ට.අනේ ඩූඩ්..හරි වැඩේ නේද ඩූඩ්..පවු මෙයා ඔයා ඩූඩ්......ඔයාටමනෙ ඔව්ව වෙන්නෙ ඩූඩ්...හෆොයි ඩූඩ්..ෆව්නෙ ඩූඩ්. "

    " නෑහ්හ්..නෛ කෛද රෝස් පාං කිව්වලු...හිහ්, හිහ්..ඉතිං මහත්තය මොකක්ද අවුල? එහෙම නොවුනත් එහෙම උනාය කියල ලියන එකනෙව තියෙන්නෙ.."

    " එහෙම හරි නෑ බං..මිනිස්සු එහෙමත්ම තනිකරම රවට්ටන එකත් මගෙ හිතට හරි මදි…"

    " එතකොට මොකද මට දැං කියන්නෙ මහත්තය? "

    " මේ කොල්ලො මේ පාර ඒ වතුර සීන් එක ඇරිච්චාවෙ..මම ඔය වෙන මොකක් හරි බොරුවක් ලියල දාන්නං...මම ලබන පාර එන්ට කිට්ටුවෙලා උඹ මෙහෙම කරහං හොඳද? උඹලගෙ අර කොස් ගහ කපන කතාවක් කිය කිය හිටිය නේද? "

    " ඔව් මහත්තය එහෙම තමයි හිතාගෙන ඉන්නෙ.."

    " හරි දැම්ම ගහ කපන්ට එපා..උඹලට සල්ලි හදිස්සි නං මම වැඩිපුරත් එක්කලා දෙන්නම්..කොස් ගහ කපල විකුනල මට සල්ලි දීපං..උඹ කරන්න ඕන මෙච්චරයි..ඔය ගහ අපෙ පයිප්ප ලයින් එක උඩට වැටෙන විදිහට කප්පවලා දාපං ..ඒ වැටිලත් ඩැමේජ් උනේ නැත්තං උඹ වලක් හාරල පයිප්පෙ අඩියක් විතර අයිං කරල දාල එන්ඩ් කැප් එකක් ගහල තියාපං...මම දෙන්නං ඉතුරු ටික නියමෙට.."

    " අනේ මන්ද මහත්තය.."

    " අනේ මන්ද නෙවෙයි උඹ මේක කරන්ටම ඕන..ආ..දැනට මේ රුපියල් දාහ තියාගනිංකො…"

    " අනේ මන්ද..මහත්තය කියන හින්ද නොකරත් බෑ..හ්ම්ම්ම්..කෝ දෙන්ටකො එහෙනං…"

    " ඉතිං මචං ඔන්න ඔහොමයි සීන්ස් එක..ඒ නිසා ඔය පයිප්පෙ ඔහොම්මම තිබ්බාවෙ.."

    " මාර බුවෙක්නෙ..මොකද මචං ඒ මහත්තය ඔය ඔහොම හැසිරෙන්නෙ? "

    " එයා පොඩි කාලෙ කිරි බීල සූප්පුව දත් වලින් අල්ලා කිරි බෝතලේ කරකවල වීසි කරනවලු. එහෙම කරන එක වස් වැදෙන වැඩක්..එහෙම වස් වැදිල තමයි ඔය මහත්තයට ඔහොම නුහුගුනේ වගෙ ඇවිල්ල තියෙන්නෙ...මොකද ඉතිං කරන්නෙ? "

    ReplyDelete
    Replies
    1. මාව හොල්මන් උනා බං මේක කියවලා. වෙල් ඩන් රවී!!

      Delete
    2. //" එයා පොඩි කාලෙ කිරි බීල සූප්පුව දත් වලින් අල්ලා කිරි බෝතලේ කරකවල වීසි කරනවලු. එහෙම කරන එක වස් වැදෙන වැඩක්..එහෙම වස් වැදිල තමයි ඔය මහත්තයට ඔහොම නුහුගුනේ වගෙ ඇවිල්ල තියෙන්නෙ...මොකද ඉතිං කරන්නෙ? "//
      එහෙනම් මටත් වස් වැදිල තියෙන්නෙ, මරු කොමෙන්ට් එක රවී..

      Delete
    3. මට අල්ලන්නෙම නැති බුවෙක් වුනා මේකව ...ලිපි වලට අමතරව කොමන්ට් වලට දාන යාන් හෑලි වලට...

      Delete
    4. හැහ් හැහ් හැහ් හැහ් හෑ..... :D මේවා රවිගෙන් විතරයි ඈ..... ( රවි අයියේ උඹ කෝකටත් පරිස්සමෙන්. මට ආරන්චියක් ආවා එහෙම කරලා පෝස්ට් එක දැම්මට පස්සෙ මේ වගේ කුපාඩි කමෙන්ට් දාන උන්ට ගහන්න කියලා වෙනම ගානක් ගෙව්වලු.. )

      Delete
    5. එළනේ බං. මම කල්පනාකලේ මම දාන කමෙන්ට් එකකට උඹ මොනවාහරි කිව්වොත් ඒක එතනින් ඉවරයි. උඹ මොකුත් නොකිව්වොත් ඒක අන්තිම භයානකයි. ඒ මොකද, උඹ ඒ කරුණු අනාගතේදි වඩා හොඳ තැනකදි පාවිච්චි කරන්න අරන් තියාගන්නවා.

      @ කෙන්ජි: රවියා ලියන පෝස්ට් වල්ට වගේම යාන් හෑලි කමෙන්ට් වලත් අංක එකේ රසිකයෙක් මම. මේකා කියලා තියෙන කතාවේ පසුබිම නොදන්න කෙනෙකුට මේකේ අග මුල හොයාගන්න සෑහෙන්න කියවන්න වෙනවා.

      @කම්මල: උඹ මේක කියවපං මල්ලි.

      Delete
    6. මට හිතෙන්නෙ හෙන්රිය රවීටත් ගානක් දීල වගේ මේ කොමෙන්ට් එක දාගෙන තියෙන්නෙ. :D

      Delete
  30. කොහොමද මචං දැන් මාලදිවයින? ;)

    ReplyDelete
    Replies
    1. ඔහේ තියෙනවා බං අංජන. දේශපාලන අර්බුද, විදේශ විනිමය සංවිත හිඟය ඔය වගේ නොයෙකුත් ප්‍රශ්ණ මැද ඇත්තෝ කතො බොති, නැත්තෝ ....
      උඹත් මෙහෙ හිටියද කාලයක්?

      Delete
  31. මහා ජලාබුර්දයක් නෙව. මෙහේ හාදයෝ ඔය වචනේ හරියට කියන්නේම නැ.. එන්කැප් එන්කැප් කියල තමා කියන්නේ ලියන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙම වචන තියෙනව බං. ඇයි පිකැස් එක.

      Delete
  32. සන්තෝසයි ඩුඩ් ගේට්ටුව ඇරල,දොර ඇරගෙන ගෙට ගිය එකට.
    අනික බලහන් කොච්චර හොද අසල්වැසියොද කිසිම දෙයක් අරන් ගිහින් නෑ, උන්ගේ පොල් අත්ත පිගන් කෝප්ප පවා ගෙනත් තියල. අනේ වාසනාවන් !!!!!

    ReplyDelete
    Replies
    1. අන්න නියම ධනාත්මක චින්තනය. ඇත්තම තමයි බං. (මගේ මල්පෝච්චි සීයක් විතර තිබ්බා දැන් තියෙනවා හතරක්ද කොහෙද. ඒවා අල්ලලා දාමු.)

      Delete
  33. අච්චර දුර කතරක් ගෙවන් වෙවේකයෙන් ඉන්න ගෙදරට ගියාම ඔයවගේ දේවල් වෙනවා කියන්නේ මාරයා ආවේස වෙනවා. අනෙක තමයි ඔය අස් කිරීමේ වැඩපිළිවෙල

    ReplyDelete
    Replies
    1. නැහ්නං කෝරළේ මහත්තයා. අස් කිරීමේ වැඩ පිළිවෙලත් අවුලක් නෑ බං, අර වෙලාව ගතවෙන එකයි හිතට අමාරු. නමුත් ඒකෙත් ආතල් එකක් තියෙනවා.

      Delete
  34. වතුර ප්‍රශ්න ඈ.කොහොම වුණත් අසල්වසියෝ එක්ක සහයෝගෙන් ඉන්නා එක තමයි යහපත් වෙන්නේ ඈ

    ReplyDelete
    Replies
    1. අනේ මං සහයෝගෙන් තමයි බං ඉන්නේ. බැරිම වුනොත් තමයි කියන්නේ. අපේ පාරෙන් මහ පාරට දාන්න තියෙන තැන කන්ද වගේ උසයි. වාහනේ එල්ලගෙන ඉන්න ඕනේ ක්ලච් බැලන්ස් කරගෙන. දවසක් එකෙක් පාරට දාන්න බැරිවෙන්න හරහට ට්‍රක් එකක් දාලා. මම හෝන් ගහනකොට එතන කඩේ ගෝලයා මට ඇවිත් කියනවා ඩ්‍රයිවර් මහත්තයා කෑම කනවලු. පොඩ්ඩක් ඉන්නලු කියලා. පස්සේ @#$$#@%%%. අර පොර ඇවිත් මං දිහාවත් නොබලා ට්‍රක් එක අයින් කලා. මමත් මොකුත් කිව්වේ නෑ යන්න ගියා.

      Delete
  35. නියම අසල්වැසියෝ, ඔක්කොම හරි කියමුකෝ කුණු දාන එකනම් ජරාම වැඩක්. අපේ ගේ හදන්න ඉඩම ගත්තේ ළඟදී. ඒ වනකොට කිට්ටුව ඉඩම් වල මිනිසුන් පදිංචි වී ඉවරයි. ගේ හදන්න පටන්ගන්න විට වීදුරු කටු පොර උර එකක් විතර අහුවුනා. දැනුත් මල්ගහක් හරි ඉඳන්න ගියොත් වීදුරු කටු මතුවෙනවා. එහෙම වුනත් දැන්නම් හරි හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔය වීදුරු ක‍ටු ඇලදොළ වලට, කැලෑවල් වලට, අල්ලපු වත්තට වීසිකරන එක ලාංකික ජානවලම තියෙන දෙයක් මම හිතන්නේ. ඔය අවුරුදු විස්ස විසිපහ වත්තේ මායිම් වල ගොඩ ගහලා තියෙන වීදුරු කෑලි ගිහින් දෙන්න පුලුවන් කලෙක්ෂන් සෙන්ටර් තිබ්බට මිනිස්සු ඒවයින් ප්‍රයෝජනයක් ගන්න කම්මැලියි.

      Delete
  36. වතුර ආවට පස්සෙ චූන්ජියා එක්ක රතු කලු ලේබල් ටීපෝවක් උඩ තියලා පාට්නර් මහන්සි ඇරියෙ නැතෙයි....ඔය වතුර කේස් නම් එපාම කරපු කේස්...අපේ ගෙදරත් ඔය වගේ දේවල් උනාම අපි අත තියන්නෙම නැ දන්න කෙනෙක් ගෙන්නගෙන වැඩේ ඉවරයක් කරගන්නවා දුක් නොවිද...අලුත බැදපු සෑමටවත් ගෙයි පදිංචි වෙන්න දුන්නොත් නරකද ?

    ReplyDelete
    Replies
    1. නෑ බං. ඌ බීමට එහෙම ලොල් නෑ. ඔය දන්නවයි කියන උන් ඇත්තෙන්ම අපි තරම් වැඩක් කරන්න දන්නේ නැති බව මම අත්දැකීමෙන් දන්නවා. අනික පාන්දර එකට විතර ඔවුන් එකෙක්වත් ගෙන්නගන්න පුලුවන්ද බං? සෑමට අයුතු යෝජනා නොකර හිටිං උඹ.

      Delete
  37. හැබෑට ඔහේ ඉදන් ලංකාවට එන්න කොච්චර වගේ වෙලා යනවද? මෙහේ (USA) ඉදන් ලංකාවටනම් ට්‍රාන්සිට් එක්ක පැය 36 විතර යනවා.

    ReplyDelete
    Replies
    1. මේවා නම් ඇනෝ පැය එකයි විනාඩි විස්සේ විතර ෆ්ලයිට් වුනාට, ඒ ෆ්ලයිට් දෙකක යන්න චෙක් ඉන් ටයිම් පැය තුන සහ ඩොමෙස්ටික් පැය දෙක එකතු කරලා, transit, බෝට්‍ටු ගමන්, එයාපෝට් එකේ ඉඳලා ගෙදරට ගමන ඔක්කොම එකතු කරාම උදේ පාන්දර ඇවිල්ලත් මහ රෑ වෙනවා ගෙදර එනකොට. US වල ඉඳලා එන්න පැය 36ක් ගියාට හිතට දුක නෑනේ ලෝකේ අනිත් පැත්තේ නිසන් එන නිසා හරි කියන්න පුලුවන්නේ.

      Delete
  38. අෆ්ෆා .... මාර කට්ටක්නේ. මම නම් ගෙදර ළිඳේ වතුර නැත්නම් අල්ලපු ගෙදරකින් හරි වතුර ඉල්ලගෙන මගේ වැඩක් කරගෙන සැපට නිදාගෙන උදේටම කරන දෙයක් කරනව මිස ඔහොම මැරෙන්නෙ නෑ. මේ කාලෙ රෑට තියෙන හීතලත් එක්ක රෑ පානේ වතුර ඇදන් බාගෙට නාගෙන දඟලනව කියන්නෙ, මතක් වෙද්දිත් වෙව්ලනව මාව හීතලට. :)

    දැන් එතකොට හෙන්රි අයියල නිවාඩුව ඉවරවෙල පරණ පුරුදු පීල්ලටම වැටිලද ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. හපොයි DDT උඹ දැක්ක කල්! ඔව් බං ඒ වෙලාවට විකල්ප කියලා ජාතියක් නෑ. ඔහොම වෙන්නේ නෑ හැමදාම. ඔයවගේ අන්දොස් වැඩක් න්වුනා නම් බොහෝ වෙලාවට මෝටරේ ගහපු ගමන්ම වතුර පොම්ප වෙනවා හුඟක් අවුරුදු වල. ඊට පස්සේ තේ එකක් බීලා, ගෙනාපු දෙයක් කාලා නාලා ආතල් එකේ දොයියා ගන්නවා පහුවදා දවල් වෙනකල්ම.

      ඔව් බං, අද ඉස්කෝලේ පටන් අරන් දෙවෙනි දවස.

      Delete
  39. බොලාට නම් එහෙමවත් වතුර තියෙනව.අපිට වතුර නැතිව කරෙන් වතුර ගේන්නෙ.ප්ලෑන් කරන් හිටිය වැඩ ඔක්කොම නවත්තල වතුරට ගේම. කොහොමද සනීපෙ.ගෙදර වැඩ සියල්ලටම කරෙන් වතුර අදින කොට.

    ReplyDelete
    Replies
    1. ඇත්තද වීයා. හපොයි බං. නල ලිඳක් වත් ගහන්න බැලුවේ නැද්ද? ඒ තරම් පෑවිල්ල තියෙනවද උඹලෑ පැත්තට? ඇත්තෙන්ම මේ නිවාඩු කාලේ වෙනදා වගේ නෙවෙයි, වැස්සේම නැති තරම් නේද ?

      Delete
    2. ඩූඩ් අදහස් කලේසාමාන්‍ය අඟල්2 විතර බට දාල..අතින් විදල ගහන නල ලිං..ගැනද..?
      බෑ මචං අපේ ඉඩම පුරාම ගලක් තියෙන්නෙ.ඉඩමෙන් බාගයක්( අක්කරෙන්) උඩට මතු උන ගල(ගල්ගේකුත් තියේ) අනික් හරියෙ පොලව යට ගල.

      හැබැයි ගලක් උනත් විදල නලලිං ගහන මෙෂින් තියෙනවා කියනව.ඉස්සරම පාර අද්දර ගැහැව්ව. ඒත් ගල විදල ගහන්න පුලුවනිද මන්ද...?

      Delete
    3. //.ඉස්සරම පාර අද්දර ගැහැව්ව// අපේ ඉඩමෙ නොවේ පොදු පාරෙ ප්‍රධාන පාරෙ.

      Delete
    4. //ගල්ගේකුත් තියේ//

      ඔය ගේ කිට්ටුව තියෙනවය කියපු වවුල්ලු ඉන්න ගල් ගේ අපිටත් බලාගන්න ෆොටෝ එකක් ගහල විස්තරයක් දානව කියල උඹ දවසක් කිව්ව නේද වීයා. කොහෙද, උඹ දැන් කුටුම්බ රක්‍ෂණයටම (වචනෙ හරිද මන්දා :)) කැපවෙලානේ බං.

      Delete
    5. මම අදහස් කලේ අර යට තියෙන භූගත ජලයටම ගහන්න පුලුවන් ඒවා තියෙන්නේ මෝටරක් දාලා වතුර උඩට පොම්ප කරන්න හැකි. අන්න ඒකක්. ගලක් විදලත් දාන්න පුලුවන් ඇති මචං. පොඩ්ඩක හොයලා බලපංකෝ.

      උඹලගේ පාරේ වතුර ලයින් එකක් යන්නේ නැද්ද? අපේ පාරේ නම් යනවා මම ඒක ගන්නත් කල්පනා කලා.

      Delete
    6. අතින් ගහන නලළිං වල ගල් විදින්න බැරි උනත් අර ජලසම්පාදනේ තියෙන මැෂින් එකෙන්නං ගල විදල ගහනව.

      Delete
    7. ස්තූතියි ප්‍රසන්නයො තොරතුරට මම හොයල බලන්නම්.

      ඩූඩ්...පාරෙ ලයින් එක ගන්න බෑ බං අපේ පාර ප‍ටුයි කානු හෑරුවොත් ඉවරයි.අනික බරගානක් ඉල්ලනව.මම තනියම බර කරගහන්න ඒපෑ...අනික් උන්ට හොඳ ලිං තියෙන නිසා උන් එන්නෑ ඕක ගන්න.

      ඩී.ඩී.ටී....අම්මපා බොගේ මතකේ තමා මතකේ...හෙක්..හෙක්..!
      අනේ බං කීප සැරයක් හිතුනා...ඒත් ඒ හරිය හොඳටම කැලෑව බං සුද්දයක් දාලම පොටෝ දාන්න වෙන්නෙ.

      Delete
    8. @වීපොකුරෙ වීයා

      //අපේ ඉඩම පුරාම ගලක් තියෙන්නෙ// ඉතින් බං ඕකට බෝර ගහල කඩල පටෝමු.. සල්ලිනෙ සනා.. :D
      මෙහෙ නම් කළු ගලක් පේන්න බෑ. ගෙවල් නැති තැනක් වුනොත් දැම්ම ගල් වලක්.

      Delete
  40. සොයාගෙන ආපු කට්ටක් . චූන්ජියාට කෝල් එකක් දීල ආවානං ඉවරනේ බන් . වතුර ටික ටැංකියට පුරවලා ගේ අස් පරස් කරවලා අලුත් ගෑස්‌ එකක් ගෙනල්ලා තියන්ටයි කියලා. ඔහොමද රත්තරන් මස්සිනාලගෙන් වැඩ ගන්නේ?

    ReplyDelete
    Replies
    1. මචං, තිලකේ අපි මිනිස්සුන්ට වාත කරන්නේ අවම විදියට. අනිත් උන්ට නොදැනෙන ලෙස ජීවත් වෙන එක තමයි හරි විදිය කියල මම හිතන්නේ.

      Delete
  41. වතුර නිසා කාපු කට්ටක්. එන්ඩ් කැප් එක ගහල තිබ්බ නිසා හොඳයි. නැත්නම් මෙහෙයුම තව දීර්ඝ වෙන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. එන්ඩ් කැප් එක් ගහලා තිබ්බේ ලිඳේ ඉඳලා එන එකට චන්දන. උඹව දකින්න ලැබීමම් සතුටක්.

      Delete
  42. නිකම් අතැරල දාල තිබුනම ඔයවගෙ දෙවල් වෙනව මචො.මොනවවුනත් අර රවිය කියන්නැහෙ තව පොස්ට් එකක් නේ

    ReplyDelete
    Replies
    1. අතෑරලාදාලම නෑ මචං.

      මම අර පටිය හයි කරලා තියෙන්නේ දමිත්. දැන් නිකං අමුතුයි වගේ. Thank you very much again.

      Delete
    2. Dont think too mach.it is very small one.

      Delete
  43. මම කුලියට අරං ඉන්න නිවස ලඟ තියෙන්නෙ මොන්ටිසෝරියක්. ළමයි මොන්ටිසෝරිය ඇරිලා එනකං අම්මලා තාත්තලා බලාගෙන ඉන්නේ අපේ තාප්පේ අයිනේ. ඒක මිටි තාප්පයක්.
    හැමචාම මම හවසට ගෙදර එනකොට අයිස් පැකට්, පොප්සිකල් පැකට්, බයිට් පැකට්, බිස්කට් පැකට් ආදී නානාප්‍රකාර කුණු තියෙනවා වත්ත ඇතුලේ. අනේ අම්මපා මේ අම්මලා තාත්තලා තමන්ගේ ළමයින්ට මොනතරං නරක ආදර්ශයක්ද දෙන්නේ කුණු අනුන්ගේ වතු වලට විසි කරන්න පුරුදු කරලා.

    ReplyDelete
  44. ආතල් කෝටියයි හරියට බීච් පාටියේදී ගත්ත ආතල් එක වගේ නේද? මේදවස් ටිකේ බ්ලොග් කියවන්න් වුනේ නෑ ,අද ඉස්සෙල්ලම පටන් ගත්තේ ඩූඩ් අයියගේ එකෙන්. මට මතක් වුනේ අර බෝධිසත්වයෝ ගැලක් එක්ක කාන්තාරේ යද්දී වතුර නැතිවෙලා ,පොලොව හාරලා හාරලා අන්තිමට ගලක් පලලා වතුර ගත්ත කතාව. ඔයා මාර පොරක්නේ බලන් යනකොට.

    ReplyDelete
  45. අඩුම ගානෙ අසල්වැසියෝ මෝටරෙ ගලවන් ගියේ නෑනෙ,.. ඒ කියන්න හොඳ මිනිස්සු,. හෙන්රි මල්ලිගෙ ගවල් වටේ රවුමක් දාල ආරක්සාව තරකරල යන ගමන් ඉතිං ඔය ගෙනා කුණුමල්ල අමතක වෙලා යන එක වෙනම දෙයක්..

    ReplyDelete
  46. මදෑයි නිවාඩුවට ගම-රට ගියා.... ගියපු ගමන් කාලෙකට අමතක නොවෙන මාර කට්ටක්නෙ කාලා තියෙන්නේ.

    ReplyDelete
  47. මාත් කළා තියෙනවා ඔය කිට්ටුවම කට්ටක්...උදවු කරන්න අපිට තම ළමයි තියා හරි හමන් බිරිදක් වත් ඉන්න එකක් යෑ...බලු තඩිය නම් හිටිය වලිගෙන් මදුරුවෝ එලෝ එලෝ... ලිද ඉහිනවට වඩා ලේසි වැඩක් මම කළා..ලිද ගාවින් බටේ කපලා උඩට අරන් සුද්ද කරලා දැන්මා වැඩේ ගොඩ ගියා

    ReplyDelete
  48. හරී ගුණ යහපත් සත් ගුණවත් අසල්වැසියෝ සෙට් එකක්නේ ඉන්නේ අයියට :P

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>