Monday, March 17, 2014

106.ෂිට් හැපන්ස්! SHIT HAPPENS! E01හි මාරක ගමන-2 වන කොටස

බ පසුගිය කොටස E01හි මාරක ගමන. Nightmare on E01-the Southern Expressway!  කියෙව්වේ නැති නම් කරුණාකර මෙතනින් යන්න.

මා වෙතට දිව එන අධිවේගී මාර්ගයේ ලුමිනස් රේඛා රෑ පුරා මට සිහිනෙනුත් පෙනුනා. කෙසේ හෝ උදෑසනම අවදිවී මම මුලින්ම කලේ චූන්ජිට දුරකථන ඇමතුමක් දීමයි.

"චූන්ජි, උඹේ වෑන් එකේ බැටරිය දීපංකෝ මට පැය කීපෙකට,"

"ඇවිත් ගලවගෙන පලයං, මචං."

"අනේ මචං හොඳ එකා වගේ උඹ ගලවලා ගෙනත් දීපංකෝ."

චූන්ජියා බැටරිය ගෙනැවිත් දෙන තෙක් මම මෝටර් විදුලි කාර්මික ශිල්පී ලක්ෂ්මන් අමතා වෙලාවක් වෙන් කර ගත්තා පැයකින් මුණගැසීමට.
 


මම මගේ බැටරිය ගලවා,  වාහනයේ ඇතුලෙන්ම තබා, චූන්ජියා ගෙනා බැටරිය සවි කර යතුර කරකවා බැලුවා. එන්ජිම ක්ෂණිකව පණ ගැන්වුනා.  අර මර්ෆිගෙ නීතියට අනුව (Murphy's Law) ඒ ගමන රතු එළිය දිගටම දැල්වීමක් නෑ.. සියල්ල සාමාන්‍යයි. බාස් ඉදිරිපිටදී හුඟක් වෙලාවට ලෙඩ අතුරුදහන් වෙන එක වාහනවලට පමණක් නෙවෙයි, හුඟක් බඩු වලට පොදු දෙයක්.  ඇයි අපටත් වෛද්‍යවරයා මුණ ගැසුනු විට කැක්කුම්, වේදනා නැතුව යනවනේ!

ලක්ෂ්මන් වැඩ කලේ වෙනම ගරාජ් එකක නෙවෙයි, තමන්ගේම ගෙදර ඉඳන්. මම ලක්ෂ්මන්ගේ ගේට්‍ටුවෙන් ඇතුල්වන විටම ලක්ෂ්මන් මෝටර් සයිකලය එලියට දාන්න බලාගෙන ඉන්නවා.

"හෙන්රි අයියේ, මට පැය කාලක් දෙන්ඩ පොඩි එකාව පන්තියට දාලා එන්න. ඔයා ඔහොමම ඉන්ඩකෝ."

ලක්ෂ්මන් ආපසු පැමිණෙන තෙක්,  මම ලක්ෂ්මන්ගෙ බිරිඳගේ මල් පඳුරු අතරේ සවිකර තිබූ අලංකාර සිමෙන්ති බංකුවේ හිඳගෙන, පාවහන් ගලවා, තවමත් පින්නෙන් වැසුණු උඳුපියලිය තණපලසේ  දෙපා ඔබාගෙන කල්පනා ලෝකේ කිමිදුනා.

ගෙදරක ඇතිකරන සුරතල් සතෙක් එක්ක, විශේෂයෙන්ම බල්ලක් වගේ සතෙක් එක්ක හාම්පුතා ඇති කරගන්න බැඳීම වගේම බැඳීමක් අජීවී වස්තුවක් වන වාහනයක් එක්කත් ඇති වෙන බව වාහන පාවිච්චි කරන අය දන්නවා ඇති. මේක මහ විකාර අදහසක් වගේ පෙනුනත්, ඒක ඇත්තක්.



 

අලුත් එකක් නොවුනත්, ලංකාවේ හතර දිග්බාගෙම අපිත් එක්ක කරක් ගසා ඇති මේ වාහනයට මේ තාක් ඇතිවූ ආපදාවන් සියල්ලටම වගේ හේතු වුනේ මිනිස් දෝෂයක්, නැතිනම් human error.

යාල ගිහින් අර අනතුර සිද්ද වුනේ නිසියාකාර නඩත්තු නොකල සපත්තු පාලමක දුර්වල කොන්ක්‍රීට් තට්‍ටුවක්, වාහනය ඒ මතින් ගමන් කරද්දී, කඩා වැටීමෙන්. නමුත් ඒ අනතුරට පසුවත් මේ වාහනය අපි ‍රැගෙන ගෙදරටම ලඟාවුනා.

තව දවසක්, අලුතෙන්ම සවිකල KYB ෂොකැබ්සෝබර් හතරෙන් එකක්,  නුවර යන අතර මග නිට්ටඹුව කිට්‍ටුවදී ගැලවුනේ, බාස්ගේ ගෝලයාට ඉදිරිපස දකුණු ෂොකැබ්සෝබරයේ පහල නට් එක තද කරන්න අමතක වූ නිසායි.  මේ අතපසුවීමෙන්, ඇක්සලයේ වැදුණු ෂොකැබ්සෝබරයේ හයිඩ්‍රොලික් දියරය අඩංගු සිලින්ඩරාකාර කොටස තරමක් තැලී ගොස් තිබුනා.

තවත් දිනක, වාහනය ධාවනය කරද්දි  හරියටම නුවර පාරට මීටර් සීයකට පමණ කලින් බැලුම්මහර හන්දියේදී
ප්‍රොපෙලර් ෂාෆ්ට් එක ඩිෆරන්ෂලයට සවිවෙන තැනින් ගැලවී ගියේ  අර ගෝලයාටම ප්‍රොපෙලර් ෂාෆ්ට් එක, ඩිෆරන්ෂල් එකට සවිවෙන ඇණ ටික තද කරන්න  අමතක වෙලා තිබුන නිසා. කලින් ෂොකැබ්සෝබරයේ සිද්ධියට වඩා බරපතල එකක් වූ මේ සිද්ධිය නිසා ඩිෆරෙන්ෂලයෙන් හම් එකක් එන්න ගත්තා. මේ නිසා, මට ජපන් රීකන්ඩිෂන් වාහන කොටස් වෙළඳ සැලකින් සම්පූර්ණ පසුපස ඇක්සල එකලසක්ම මිළදීගන්න සිද්ධ වුනා.

තවත් වරක් රේඩියේටර් සිසිලකාරක දියරය සම්පූර්ණයෙන්ම  ඉවත් කර, අලුතින්ම පුරවා ගෙදර ගෙනත් නැවතූ වාහනයෙන්, පසුදා උදෑසන බලන විට කොළ පැහැති  සිසිලකාරකය බිම පුරා ගලාගොස් තිබුණේ සේවාමධ්‍යස්ථානයේ ගෝලයා රේඩියේටරයේ අඩියේ ඇති ඩ්‍රේන් ප්ලග් එක හරියට තද නොකර තිබූ බැවින්.

මම ඔවැනි අමිහිරි අත්දැකීම්වලින් ඉගෙන ගත්ත පාඩම නම්, බාස්ලා බුරුල් කරන නට්, බෝල්ට් නැවත තද කරනවාදැයි අපම විමසිල්ලෙන් සිටිය යුතු බවයි.

බාස්ලා පමණක් නොවේ, ඉන්ධන පිරවුම්හල්වල ඇතැම් පොම්ප ක්‍රියාකරවන්නෝද මීට දෙවෙනි නෑ..  මේ නිවාඩු කාලෙදිම, අප නිවස කිට්‍ටුව ඉන්ධන පිරවුම්  හලකින් ටැංකිය පිරෙන්නට ඩීසල් පුරවාගෙන මහනුවර බලා ගියේ මංගල උත්සවයකට සහභාගී වෙන්නයි. උත්සව ශාලාව ඇත්තේ කොහේදැයි විමසීමට මම වෑන් රිය පේරාදෙණියේ නැවතූ විටයි මා දු‍ටුවේ ඩීසල් මූඩිය හරියට තද නොකර, පියන වසා තිබූ නිසා ගම්පහ සිට නුවරටම ඩීසල් හැලෙමින් පැමිණ ඇති බව. එදායින් පසුව, ඇතැම් පොම්ප ක්‍රියාකරවන්නෝ  මගේ මේ ක්‍රියාවට පොඩ්ඩක් අමනාප වෙන බව මම දැක්කත්, ඩීසල් පුරවා පියන වැසීමට පෙර, මූඩිය තද කර ඇද්දැයි මමම පරීක්ෂා කර බලනවා.

මේ තමන්ම බුරුල් කරපු ඇණ මුරිච්චි ආපහු තිබුණු විදියට තද කරන්න අමතක වෙන එක බාස්ලගේ ජානවලම තියෙන විකෘතියක්ද කියලත් මට හිතෙනවා

ඔය කියපු හැම දේටම හේතුවෙලා තිබ්බේ අර මම කිව්ව මිනිස් දෝෂයක් (human error).

ඒ හැර වරක් මී දෝෂයක් rodent error නිසාත් එක් සිද්ධියක් වුනා. :D

එක දවසක් මීයෙක් ඉන්ධන පොම්පයට යන විදුලි වයරය කා තිබුණ නිසා  එන්ජිම ස්ටාට් වුනේ නෑ. ඒ බව නොදැන මම ඩීසල් ‍ෆිල්ටරයත් මාරු කර බැලුවා.  ඩීසල් ‍ෆිල්ටරය මාරු කිරීමට මම මුලු ‍ෆිල්ටර් එකලසම එන්ජිමෙන් ගලවාගෙන සේවා මධ්‍යස්ථානයට අරන් ගියා. ඔවුන් ‍ෆිල්ටරය ගලවා බලා ‍ෆිල්ටරය හිරවී ඇති බව කිව්වා. ඇත්තෙන්ම ඒ ‍ෆිල්ටරයේ ජීවිත කාලයෙන්  කාලක්වත් ගෙවා නොතිබුනත් මම අලුත් ‍ෆිල්ටරයක් සවිකරගෙන ගෙදර ආවා. නමුත් වරද තිබුනේ මීයා කා දැමූ වයරයේ නිසා එන්ජිම ස්ටාට් වුනේ නෑ. පසුව මගේ කාර්මිකයා පැමිණ පරීක්ෂා කර බලා මීයා කෑ වයරය සොයාගත්තා. වයරය එක ඇමුණූ වහාම එන්ජිම පණගැන්වුනා.

පසුව සේවාස්ථානයේ හිමිකරු මට ඇඟලුම් වෙලඳ සැලකදී හමුවුනා.

"ඔයා අර ‍ෆිල්ටර් එක හිරවෙලා කියලා අලුතෙන් දාන්න කිව්වට, ඒකෙන් එන්ජිම ස්ටාට් වුනේ නෑ. ඉන්ජෙක්ටර් පම්ප් එකට යන වයර් එක මීයෙක් කාලා තිබ්බා," මම කිව්වා.

"ඇත්තද? හැබැයි මහත්තයෝ ‍ෆිල්ටරෙත් හොඳ නෑ. ඒකෙත් බලපෑමක් තියෙන්න ඇති."

"වෙන්න ඇති. ඌමද දන්නේ නෑනෙ ‍ෆිල්ටරෙත් කෑවේ."

මගේ සිතුවිළි වැලට භාදා කරමින් ලක්ෂ්මන් ගේට්‍ටු පලු දෙක අතරින් මෝටර් සයිකලය පදවාගෙන වත්තට ඇතුල් වුනා. නිරුවත් දෙපාවලින් තණපළසේ සුවය විඳිමින් සිටි මම වහා නැගීසිට වාහනයට ලංවුනා.

මම ලංෂ්මන්ට රෝග ලක්ෂණ විස්තර කලා. "පොඩ්ඩක් එලවලා  බලමු," කී ලක්ෂ්මන් රියැදුරු අසුනට නැග්ගා. එන්ජිම පණගැන්වුනු වහාම රතු බල්බය නිවීගියා. මර්ෆි හරියටම හරි!

කඳු පල්ලම් සහිත ප‍ටු පාරේ වෑන් රිය ධාවනය වුනා. පෙරදා මෙන් නොව, මගේ සිතට ඇනසුමක් ගෙන දෙමින්.  රතු බල්බය දැල්වෙන්න ගත්තා. යටි තොල හපාගත් ලක්ෂ්මන්,

"අයියේ අපිට ඕල්ටනේටර් එක ගලවන්න වෙනවා." යි කිව්වා.

ආපසු හරවාගෙන පැමිණි ලක්ෂ්මන් ගේ මිදුලේ වාහනය නතර කලා.

එන්ජිමෙන් ඕල්ටනේටරය ගැලවීමට මේ මාදිලිවල රියැදුරු අසුන පවා ගලවා අයින් කරන්න වෙනවා.

"දැන් ඕල්ටනේටර් එක ගිහින් නම් මොකද වෙන්නේ?"

"අපි බලමු අයියේ. වයින්ඩිං එකක් ගිහින්ද , සර්විස් කරලා ගොඩ දාගන්න පුලුවන්ද කියලා."

එන්ජිමෙන් ඕල්ටනේටරය ගලවමින් සිටි ලක්ෂ්මන් එකවරම කියූ දෙයින් මම විමතියට පත්වුනා. මම ලක්ෂ්මන්ව අගය කරන ප්‍රධාන හේතුවක් මේකයි

"අයියේ. මාර වැඩේනේ.  මේ ඕල්ටනේටරේ ඇණ දෙකක් බුරුල්නේ."

"මොනවා බං? ඒ කොහොමද?"

ඒක නේන්නං. පොඩ්ඩක් ඉන්නකෝ.

ලක්ෂ්මන් හැම බාස් කෙනෙක් නොකරන වැඩක් කලා. ඒ කියන්නේ සෑහෙන ගානක් උපයාගන්න තිබුණු අවස්ථාව අත්හරිමින් ලක්ෂ්මන් මෙහෙම කිව්වා,

"පොඩ්ඩක් ඉන්නකෝ අයියේ. අපි ඕල්ටනේටරේ ගලවන්නේ නැතිව, මේ ඇණ දෙක තද කරලා බලමු."

ලක්ෂ්මන් ඇණ දෙක තද කලා.  යතුර කරකවා එන්ජිම පණ ගැන්නුවා. රතු එලිය නිවී ගියා.

ඉන් පසුව අපි පැයක් පමණ ධාවනයේ යෙදී බැලුවත් රතු එලිය මතු වුනේ නෑ. ලයිට්, හෝන්, වයිපර් සියල්ල නිසි ලෙස ක්‍රියාත්මක වුනා. ලක්ෂ්මන් නිකරුනේ ඕල්ටනේටරය ගලවා බොරුවක් කර මගෙන් ගානක් අයකර ගැනීමේ අවස්ථාව මග හැරගෙන තිබුනා.

අප ඉන්පසුව බැස තිබූ මගේම බැටරිය සම්බන්ධ කර වාහනය පල්ලමට දමා පණ ගැන්වීමට උත්සාහ කලා. ලක්ෂ්මන් රියැදුරු අසුනේ සිටිද්දී මම තනිවම ගේට්‍ටුව අසල පල්ලම දෙසට වාහනය තල්ලු කලා.  මෙන්න මේ මොහොතේ දුරකථනය නාද වුනා. වෙනියා!

"හිටපං මචං මම මේ ඉලෙක්ට්‍රීෂන් ගාවා ඉන්නේ. මේ වෑන් එක තල්ලු කරන ගමන්."

මම දුරකථනය සාක්කුවේ ඔබාගෙන වාහනය තල්ලු කලා. පල්ලමේදී වාහනය පණ ගැන්වූ නිසා දුවගොස් වාහනයට නැගගත් මම වෙනියාට වාහනයේ තත්වය ගැන, මම ඒ වනවිට වෙමින් තිබූ දේ කෙටියෙන් පැහැදිළි කලා.

වාහනය දුවද්දී රතු එලිය දිගටම නිවී පැවතුනේ මගේ සිත අමානන්දනයට පත් කරමින්.  සියල්ල යහපත්ව නිම වෙමින් තිබුනා.  ලක්ෂ්මන්ගේ මුදල ගෙවා, ඔහුට ස්තුති කර ආපසු එන ගමන්, මම බැටරිය ආරෝපණය වෙනතෙක්ම අරමුණක් නොමැතිව ධාවනය කලා.  පල්ලම් කිහිපයක නවතා එන්ජිම නැවත පණ ගැන්වෙනවාදැයි පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව, චූන්ජියාගේ බැටරියත් ආපහු දීගෙනම  මම ගෙදර ගියා.

නමුත් ඕල්ටනේටරයේ බුරුල් වූ ඇණ දෙක මගේ සිතට වද දෙන ප්‍රශ්ණයක් වුනා. බුරුල් වූ ඇණ දෙකක්ද, නැතිනම් සුපුරුදු ලෙස තද කිරීමට අමතක වූ ඇණ දෙකක්ද?

අමතර කොටස් සඳහා සාම්පල් ලබා ගැනීමට, ගලවා ඉවත් කරන සමහර කොටසුත්, අලුත් ඒවායේ දවටනත් දමා තිබෙන පෙට්ටියට එබී බැලූ මට පිළිතුර දැකගන්නට ලැබුනා. උඩින්ම තිබුනේ මිට්සුබොෂි සහ බැන්ඩෝ  වර්ගවල ෆෑන්, පවර් ස්ටියරිං සහ AC බෙල්ට් තුනක්.   මේ බෙල්ට් තුන අලුතින් දැම්මේ පසුගිය දෙසැම්බරයේදී.. ඕල්ටනේටරය බුරුල් කරන්න ඇත්තේ එදා. ඊට පස්සෙත් අපි සෑහෙන ගමන් ගියා. ඒ වගේම මේ ගමන යන්න පෙරත් අපි නුවර ගියා. කොළඹ දිනපතා වගේ ගියා. නමුත් රෝගය උත්සන්න වුනේ දැනුයි.

එහෙනම් මේ සිද්ධියත් කාර්මිකයාගේ නොසැලකිල්ල නිසා සිදුවූවක්. තව විදියකට කිව්වොත් මිනිස් දෝෂයක්. Human Error!
පසු වදන

ඇයි මේ වගේ අවදානමක් ගත්තේ කියන එක හුඟ දෙනෙක් අහලා තිබුනා.

අපේ ජීවිතයෙන් වැඩි හරිය අපි කරන්නේ ලොකු, කුඩා අවදානම් ගැනීම තමයි.  දිනපතාම පාරේ දකුණු පැත්තේ අධිවේගයෙන් ධාවනය කරන බස් රියැදුරෝ, මෝටර් සයිකල් පදවන්නෝ මොන තරම් අනවශ්‍ය අවදානමක් ගන්නවද? ඇත්තෙන්ම ඔය බස් එකක ගමන් කරන අපි ගන්නේ අවදානමක්.

අපිත් වැඩිපුර ගමන් යන්නේ මහ රෑ. වාහන අඩු නිසා පහසුවක් තිබුනත්, නින්ද යාමේ අවදානම නෑ කියන්න බෑ.  මමත් මහ රෑ රිය පදවද්දී නිදිමත සමඟ සටන් කරනවා. වතාවක් දෙකක් නින්ද ගිහිනුත් තියෙනවා.

මම අවදියෙන් ගියත්, ඉදිරියට එන වාහනයේ රියැදුරාට නින්ද ගිහින් වෙන්න පුලුවන්. එහෙම නින්ද ගිහින් මගේ මුහුණට ආ රියැදුරන් මම මගේ නලාව නාද කර ඇහැරවා තියෙන්නේ එක් වතාවක් නෙවෙයි. ඇත්තෙන්ම රාත්‍රී ගුවන් ගමනක යෙදෙන මඟියෙක් ගන්නේ අවදාමක්. හුඟක් ගුවන් කියමුවෝ ප්‍රමාණවත් නින්දක් නොලබන බව ප්‍රසිද්ධ කාරණාවක්.


බද්දේගම අපි නොදන්න පළාතක්.  මළ ගෙදරක් වෙලා තියෙද්දි රෑ මැදියම විදුලි කාර්මිකයෙක් හොයන්න ඇල්කෙමියට කියන්න මට හිතුනේ නෑ. අනික එහෙම කෙනෙක් හොයාගත්තත් බාස්ලගේ හැටි අපිට කියන්න බෑ. හැම එකාම ඔය ලක්ෂ්මන්ගේ ජාතියේ නෙවෙයි. මේක ආදායම් මාර්ගයක් කරගෙන ඕල්ටනේටරේ විනාස කරන්නත් ඉඩ තිබුනා වෙනත් කෙනෙකුට. අනික ප්‍රශ්ණේ කොතනින් කෙළවර වෙයිද කියලා කියන්න බෑ.  නමුත් දමිත් ගුණවර්ධන සොයුරා එදා රෑ මළ ගෙදර ඇවිත් හිටියානම් කතාව මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුනා.

අනික ප්‍රශ්ණේ මේකයි කියලා මම ඒ වෙලාවේ දැනගෙන හිටියේ නෑ. පරීක්ෂා නොකර කියන්නත් බෑ. ඇත්තෙන්ම මම හිතුවේ මේක රෙක්ටිෆයර් එකේ ප්‍රශ්ණයක් කියලා.  අනික වෑන් එකක ඕල්ටනේටරය තියෙන තැන අනුව, කාර් එකක වගේ ලේසියෙන් ලඟාවෙලා බලන්නත් අමාරුයි. ඒ හැරත්, ඕල්ටනේටරයේ ඇණ බුරුල් වී තිබීම සාමාන්‍යයෙන් වෙන දෙයක් නොවන නිසා එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නෑ.

අනික වාහනේ ගිය අනිත් උන්ට දොස් කියන්න බෑ, මොකද මම මේ ගැන උන්ව දැනුවත් කරලා බය කලේ නැති නිසා.  මම සාමාන්‍යයෙන් මගේ ප්‍රශ්න අනිත් අයත් එක්ක බෙදාගන්නවා අඩුයි. තනියෙම නිහඬව ප්‍රශ්ණ විසඳාගැනීම මගේ එක ලක්ෂණයක්. මහ රෑ වාහනේක නින්ද යන එක සාමාන්‍ය දෙයක්.  ඒකේ වරදක් මම දකින්නේ නෑ. මේ වෙලාව මැදියම් රෑ. මට නම් දවල්ටත් හොඳටම නින්ද යන්නේ අනුන් පදවන වාහනවල.

මේ ඔක්කොටම වඩා අධිවේගී මාර්ගයේ ලයිට් නැති බව මම දැනගත්තේ ඒකේ ඇවිල්ලමයි. ඇත්තෙන්ම ගමන යනකොට වාහනේ ලයිට් තිබුන නිසා පාරේ ලයිට් නැති බව දැනුනේවත් නෑ.

අවසාන වශයෙන් පරමාදර්ශී චරිතයක් නොව, සාමාන්‍ය පුද්ගලයෙක් වන මගේ මේ කතාව හපන්කමක්, මෝඩකමක් හෝ පුරසාරමක් යන කැමති ප්‍රවර්ගයකට දාගන්න ඔබට නිදහස තියෙනවා. මට නම් මේ හුදෙක් තවත් අමතක නොවන අත්දැකීමක් එය සිදුවූ ආකාරයටම අකුරු කිරීමට කල දුබල උත්සාහයක් පමණයි. මෙවන් අවස්ථාවක් යෙදුනොත් මා කල දෙය කරන්න කියන එක නොවෙයි මෙයින් ගත යුත්තේ. වාහනයක මෙවන් රෝග ලක්ෂණ පහල වුවහොත්, එන්ජිමේ කොතනද පරීක්ෂා යුත්තේ කියන එකයි. මෙවැනි බ්ලොග් ලිපියක් මටත් ඉතාම ප්‍රයෝජනවත් වෙන්න තිබුනා එදා රාත්‍රියේ.





Originally published @ HeyDude in English Language.  Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.

110 comments:

  1. බාස්ලා ලඟදි ලෙඩ සුව වෙන කතාව නම් ඇත්තම තමයි. අර අජීවී වස්තූන් කෙරෙහි ඇති වන බැඳීම වාහන වලට විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් වලට අදාල වෙනව. පහුගිය කාලේ කවුදෝ එකෙක් ඔළුවෙ ලයිට් එකක් දාගෙන ලු රෑ කොහෙට වුනත් ගියේ.. දැන් නම් එහෙම නැහැ ලු. :D :D

    ඔය කාර්මික වැඩ වල නම් ලෙඩ එන්නෙ නොහොතන තැන් වලින් තමයි. ඒ දෝෂය හදාපු කාර්මිකයා නම් නියම 'මහත්මයෙක්'.

    ReplyDelete
    Replies
    1. අන්න චන්දන, උඹට තේරුනා. බාස්ලා ලඟදි වාහන බය වෙනවා.

      අර මම ගත්ත Energizer හෙඩ් ලයිට් එකටත් මම අච්චරම ආසා එකේ, උඹම හදාගත්ත එකට උඹ කොච්චර ආස වෙන්න ඕනෙද? :D

      Delete
    2. Energizer හෙඩ් ලයිට් මම පාවිච්චි කරනවා අවුරුදු දහයක් විතර දන්නවද මගේ ජීවීතයේ මම මීලදී ගත්ත ප්‍රයෝජනවත්ම භාංඩය තමයි ඒක .

      ඉස්සර ඒවා තරම දැන් ඒවා හරිනැ

      Delete
  2. වාහනයක් තියෙන මිනිස්සුන්ට මේ ළිපියෙ වටිනාකම කියා නිම කරන්න බෑ.. කකාත් ලියලා තිබුනා ඒ සී එකේ ගෑල් ලීක් එකක් නිසා අන්කල් මාමා කෙනෙක් මැරෙන්න ගියපු කතාවක්.. උඹ ලියන ස්ටයිල් එක නිසා නීරස දෙයක් උනත් රහයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බං, මාතලන්. ඇත්තෙන්ම තව මේවගේ බාස්ලා කරපු කෙළි ගනනාවක් තියෙනවා. නමුත් ඒ ඔක්කොම මතක් කර කර මේකට ඔබන්න ගියේ නෑ, උඹලට එපාවෙයි කියලා.

      Delete
  3. අර වගේ හොඳ බාස්ලා මකබාසල අතරේ තාමත් ඉන්නවා එහෙනං.. (අටමත් ඒ වගෙ එකෙක්නෙ..ඒකයි ඌ හැමදාම දුකේ )

    ReplyDelete
    Replies
    1. හපොයි ඔව් බං. එක පාරක් එක සයිලන්සර් වැඩ කාරයෙක් සයිලන්සර් බ්‍රැකට් එකක් චැසියෙන් ගැලවිලා තිබ්බ හන්දා ඒක පෑස්සුවා. පස්සෙ ලයිට් දැම්මාම තමයි කෙලවුනේ. මොකද මූ ඒක කරද්දී බොඩිය ඇතුලෙන් යන වයර් බන්ඩල් එකක්ම එකට උණුවෙලා. ඒක හදන්න ගිහින් තමයි මට ලක්ෂ්මන් මුලින්ම මුණ ගැහුනේ.

      ඔය කොයි බාසුත් වගේ වැඩේ කරනකොට පංගුපේරුවට හිතන්නේ. ඒ කියන්නේ තමන් කරන වැඩේ විතරයි. සමහරුන්ට වෙල්ඩිං ඩොට් එකක් තියන්න දුන්නම පේන්ට් එක පිච්චෙන එක ගානක්වත් නෑ. මොකද ඒක උගේ වැඩක් නෙවෙයිනේ.

      Delete
  4. ඇන බාගෙට තද කරන බාස් ගෝලයගෙ බෙල්ල මිරිකන්න එපෑයෑ කරන වැඩ වලට, එක පාරක් දෙපාරක් කියල යෑ :D

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියාගෙ පරණ හතුරො ටිකක්ලු බං. ;) :)

      Delete
    2. :D බෙල්ල මිරිකලා බෑ බං. දන්න යකා නොදන්න යකාට වඩා හොඳයි කියනවනේ. හැබැයි මට මේ නිවාඩු කාලේ නියම මෝටර් සයිකල් කාර්මිකයෙක් හම්බ වුනා.

      Delete
    3. හනෙ මේ අපගේත් හිත සුව පිණිස ඔය කියන මෝටර් සයිකල් කාර්මිකයා කොහේද මොකාද කියලා කියපං.. හදිසියදි ගොඩ දාගන් බැරි තැනක් අහු උනොත් චැනල් කොරන්න...

      Delete
  5. හප්පේ ඔය අජීවී වස්තූන් සමග බැඳීම් ඇති වීම නම් ඇත්තම තමා ඩූඩ් අයියෙ. විශේෂෙන්ම වාහනත් සමග. මොකද්ද වාහනේ අලුත්ද පරණද ඒවා අදාල නෑ. හොද රියදුරෙක් නම් මම හිතන්නෙ වාහෙනෙත් එක්ක බද්ධ වෙනවා. වාහනෙයි රියදුරයි එක් අයෙක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. වාහනේ අලුත් පරණ කම අදාල නෑ තමයි ප්‍රියා. ඇයි මගේ පරණ ලැප්ටොප් එක එක්කත් මට තිබ්බේ ඒ වගේම බැඳීමක්. පාඩු වුනත් ඒකට මදර්බෝඩ් එකක් දාන්න මට හිතෙනවා. :-(

      Delete
  6. //ඩීසල් පුරවා පියන වැසීමට පෙර, මූඩිය තද කර ඇද්දැයි මමම පරීක්ෂා කර බලනවා.//

    මූඩිය කරකල තද උනාම ටක ටකස් ගාල සද්දයක් එනව. නිෂ්පාදකයො ඒක උවමනාවෙන්ම එහෙම සද්ද වෙන්න හදල තියෙන්නෙ රියදුරාට බහින්නෙ නැතුවම ඒ පණිවුඩය ලබා ගන්න.මම දන්නෙ නෑ ඔය මොඩ්ල් එකේ එක තියෙනවද කියල!

    අපි වාහනවල යනකොට අපේ වගේම අනෙක් අයගෙ ආරක්ෂාව ගැන දෙන්නෙ අපේ වෙන අවශ්‍යතා වලට වඩා අඩු ප්‍රමුඛතාවක්. උදේට විනාඩි දහයක් කලින් නැගිටින්නෙ නැතුව පාරෙ රේස් යනව තම්න්ගෙ ප්‍රමාදෙ අල්ලන්න. එක පාරක් මම දැක්ක බ්‍රෙක් නැති ටාට ලොරියක් ඇවිත් සී ආර් වී එකක් චප්ප කරල දාල. ඔය වැළි ලොරි බහුතරයක බ්‍රෙක් සහ ලේලන්ඩ් වාහනවල හරියට නෑ, ඒත් යනව. අන්තිමේ අහක ඉන්න අසරණයො වන්දි ගෙවනව.

    හෙන්‍රි මේ අත්දැකීම බෙදාගත්තු එක, ඒක සයිබරේ අගත අනගත සෙනගට බලාගන්න ලියපු එක අගෙයි. ඒත් එක්කම මේ වගේ දේක තීන නරක පැත්ත, වැරදි ගැන දැක්වෙන අදහස් ඒ එක්කම තිබීම දකින සම හරක්ට ආයි යමක් හිතන්න පොළඹවයි කියල හිතෙනව.

    මගේ පුද්ගලික අදහස මේ වගේ බැරෑරුම් තත්වයකදි එක නොකිය තනියම බර දරන්න උත්සාහ කිරීම ඒ අය කලබල නොකර අනතුරේ දානව වෙන්නත් වෙන්න පුලුවන් :D මොකද හදිසියෙවත් යමක් උනානම් උඹට සමහරවිට අහන්න වෙන්න තිබ්බ "අපි දන්නෙත් නෑනෙ සීන් එක, දන්නවනං කියනවනෙ අරහම, මෙහෙම කරමු කියල " වගේ දේත්. ඒ නිසා පිරිසක් එක්ක යනකොට, විශේෂයෙන් පොඩි අය ඉන්න වෙලාවක මීට වඩා වෙනස්ව හිතන එක හොඳ වෙයි.

    කොහොම උනත් අමාරුවෙන් හරි රයිටර් බ්ලොක් එක කඩාගෙන මේටික ලියපු එක ලොකු දෙයක්. අහල තිනේවද සිසිර සේනාරත්නගෙ "ඉරේෂා" සින්දුව?


    ReplyDelete
    Replies
    1. @ඉන්දික:
      එහෙම සද්දයක් ආවත් ඒක එච්චරම ප්‍රභලව ඇහෙන එකක්ද කියලා මට මතක නෑ. බලන්න ඕනේ උඹේ ඒ කතාව ඇත්තද කියලා.

      ඇයි බං බ්‍රේක් නැති අනිත් ජාතිය ට්‍රැක්ටර් නේද? හරියට බ්‍රේක් තියෙන ට්‍රැක්ටරයක් හොයන්නත් ලේසි නෑ මම හිතන්නේ.

      හලේ, මම උඹලට වඩා වයසින් වැඩි වුනාට මාව ආදර්ශෙට ගන්න එපා බොලව්. එහෙම වුනාම මට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්නත් බැරුව යනවා. :D

      හුඟක් වෙලාවට ප්‍රශ්ණෙ අනිත් වුන්ට කිව්වාම මට ප්‍රශ්ණෙටට අමතරව අනිත් උන්ව නලවන්න හිත හදන්නත් වෙනවා. මම කියන්නේ මේ අවස්ථාව ගැන නෙවෙයි.

      මට ලියන්න මාර කම්මැලි කමක් ගැහුව බං.

      ඒක නෙවෙයි, මොකක්ද ඒ ඉරේෂා සින්දුව? මට එහෙම මතකයක් නෑනේ.

      Delete
    2. මුඩිය බුරුල් වුනාම Check Engine light එක පත්තුවෙන්න ඕනනේ.

      Delete
    3. පරණම වාහනවල ඇර දැන් එන වාහන බොහෝමයක් ඔය කියන මූඩියේ සද්දේ එන විදියට තමා නිපදවලා තියෙන්නේ... පොඩ්ඩක් සයිඩ් කණ්නාඩියෙන් බලාගෙන කන දිගෙන හිටියනං හොදටම ඇහෙනවා.. ටක ටක ටක කියලා තද වෙනවා..

      ඔය මූඩි කේස් එක නෙවෙයි කේස් එක.. ඉස්සර තුන්රෝද රථවල පැස්ටෝල් මූඩි දාලා පිරිමහන්න බැහැ.. වැඩි හරියක් වෙනනේ තෙල් ගහද්දී මූඩිය ගලෝලා පිටිපස්සේ බෆර් එක උඩ.. (මල හු** මේකේ ඔය රෙද්දේ වචන ලියලා ආයේ ඕකේ වැරදි දාහක් අහගන්න වෙනවා කියලා පස්සෙනේ මතක් උනේ.. :D මං මේ කියන්නේ අර ත්‍රීවිල්වල පිටිපස්සේ දොරට යටින් ගහලා තියෙන බාර් එක ඈ.. ) තියලා තෙල් ගහනවා.. මූඩිය හයි නොකර දොර වහං යනවා.. මූඩි පාරේ.. :D

      Delete
  7. හෙන්රිට වත් වෙන කාටවත් "උගන්නන්න" නෙවෙයි, රිස්ක් ගැනීම ගැන අදහස් කීපයක්:

    පාරේ දකුනු පැත්තේ අධි වේගයෙන් ගමන් කරන බස් කාරයො එහෙම කරන්නේ ඒ අය බොහොමයක් නූගත්, මාර්ග විනයක් නැති, අසාධාරන (වෙන රටක නම් නීතියෙන් තහනම් වෙන්නත් පුලුවන් විදියේ) වර්ක්ලෝඩ් එකක් පටවපු සාමාන්‍යයෙන් බුද්ධිය අඩු පිරිසක් නිසා. ඒ අයව එක්සාම්පල් එකක් කර ගැනීම හොඳ දෙයක් නොවෙයි. ඒ අය කොහොමත් ගොඩක් ඇක්සිඩන්ට් කරන් අහිංසක මිනිස්සු මරන කට්ටියක් නේ?

    මෝටර්සයිකල් කාරයොන් ගෙ "රිස්ක් ගැනීම" මෙහෙමයි. කොලඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් අහල බලන්න, ආයෙ ගොඩ දාන්න බැරි විදියට ලොකු අනතුරු කරන් එන තරුණ අයගෙන් එක ප්‍රොෆයිල් එකකට වැටෙන බහුතරය කවුද කියා. "මෝටර්සයිකල් ඇක්සිඩන්ට්" කියල කියාවි. ඒ අය ගන්න රිස්ක් එකට සාපේක්ෂව ලොකු ගෙවීමක් කරනව ජීවිත වලින්.

    ඇල්කෙමියට කරදර නොකරපු එකත් හරි. වෙනී ට උදේ එන්න ඕන නිසා රෑම ආපු එකත් ලොකු මනුස්ස කමක්. හයිවේ එකේ ලයිට් නෑ කියා නොදැන සිටීමත් මනුස්ස වරදක්. ඒත් තරහ වෙන්න එපා, "වාහනේ ලයිට් තිබුන නිසා පාරෙ ලයිට් නැති බව දැනුනේවත් නෑ" කියන කතාව නම් මට එච්චරම ෂුවර් නෑ.

    වැරැද්දක් උනාට පස්සෙ පැත්තක ඉඳන් බණ ටෝක් දෙන්න ලේසියි කියන එක මම දන්නවා. ඒත් මේ "හේතු දැක්වීම්" වගේ ලියල තියන ටිකෙන් කියවෙන්නෙ ආයෙත් මෙහෙම ම සිටුවේෂන් එකකදි හෙන්රි ආයෙත් මෙහෙමමයි වැඩ කරන්නෙ කියන එක නම්, මම කියන්නෙ නම් ආයෙත් හිතන්න කියලයි. එහෙම නෙවෙයි නම්, තමන්ගෙ ඩිසිෂන් ප්‍රොසෙස් එකේ වරදක් තියන බවත්, වාහනේ fault finding කරන්නෙ කොහොමද කියන එකට වැඩි යමක් මේ කතාවෙන් අපිට ගන්න තියන බවත් පිලිගන්න වෙනවා.

    පොර වීම සඳහා නොව එක්කෙනෙක් හෝ හිතයි කියා ලියූවකි.

    ReplyDelete
    Replies
    1. නියමයි බං ඇනෝ. නියමයි ඒ අදහස් දැක්වීම.

      මම ප්‍රයිවට් බස් කාරයෝ ආදර්ශයකට ගත්තා නෙවෙයි, මම කිව්වේ ඒ වගේ බස් එකක යාමෙන් අපි ගන්නේ අවදානමක් කියලා. නමුත් උදේට වැඩට යනකොට අපිට ඕව ‍තෝර ‍තෝර ඉන්න වෙලාවක් නෑනේ.

      ඇනෝ දන්නවද දන්නේ නෑ, 1977 ආර්ථිකය විවෘත කල ගමන් ලංකාවට හොන්ඩා, යමහා, සුසුකි, කවසාකි වගේ ජපන් මෝටර් සයිකල් ගලාගෙන ආවේ සගරය ගොඩ දාන්න වගේ. වැඩි පුරම තිබ්බේ හොන්ඩා. පුලු පුලුවන් හැම එකාම බයික්ස් ගත්තා. නමුත් පැදිල්ල ඉගෙනගන්න කාලයක් යනව්නේ. ඉතින් ඇක්සිඩන්ට් වෙන්න ගත්තා හි‍ටු කියලා. ඒ කාලේ හදිසි අනතුරු අංශේ එක වාට්‍ටුවකට මිනිස්සු කිව්ව අනවර්ත නාමය තමයි හොන්ඩා වාට්‍ටුව.

      >>"වාහනේ ලයිට් තිබුන නිසා පාරෙ ලයිට් නැති බව දැනුනේවත් නෑ" කියන කතාව නම් මට එච්චරම ෂුවර් නෑ.<< විස්වාස කරාපං ඇනෝ, ඒක තමයි වුනේ. යමක් තියෙනකොට අපිට ඒකේ අගයක් පේන්නේ නෑනේ. උඹ ඔන්නම් මේවගේ පරීක්ෂනයක් කරලා බලාපං. ඔෆීස් එකේ බිත්තියේ ගහලා තියෙන ඔරලෝසුව මොන පාටද කියලා කැන්ටිමේ ඉන්නකොට කට්ටියගෙන අහලා බලාපං උත්තර කීයක් ලැබෙයිද කියලා. :)

      ආයෙත් මෙහෙම වැඩ නොකරන්න හිතා හිටියත්, වෙනත් අවස්ථාවකදි ආයෙම අවදානමක් ගැනීම නම් සම්පූර්ණයෙන්ම වලක්වන්න බැරිවෙයි ඇනෝ. නමුත් උඹට ස්තුතියි. නමුත් උඹට කියන්නත් මොකක්ද වගේ, මම අනිත් උන් එලවන වාහනවල යන්න ටිකක් විතර බයයි. මට මාවම විතර ෂුවර් නෑ කාවවත්. :D මේක අධි තක්සේරුවක් නෙවෙයි. නමුත් මට මාර ටෙන්ෂන් එකක් තියෙනවා එහෙම යනකොට ඔලුවට.

      මොන පොර වීමක්ද බං? ස්තුතියි හැම පැත්තක් ගැනම හිතුවට.

      Delete
    2. //මම අනිත් උන් එලවන වාහනවල යන්න ටිකක් විතර බයයි.// මෙහෙම මං දන්න තව කෙනෙක් ඉන්නවා, අපේ හිතවතෙක්. (තව කෙනෙක් කිව්වෙ දැන් මෙතනත් කෙනෙක් ඉන්න නිසා :) ) ඌට වෙන කෙනෙක් අරන් යන වාහනේක යද්දිත් ක්ලච්, බ්‍රේක් පෑගෙනව ලු.

      Delete
  8. කලින් ලිපියට කමෙන්ට් කලේ නැතුව බලන් හිටියේ ඇත්තටම වාහනේට මොනවා වෙලා තිබුනද කියලා දැනගන්න ඕනකම තිබුන නිසා..

    හෙන්රිගේ පසුවදනට මම කැමතියි. බොහෝ රියදුරන්ට/මිනිස්සුන්ට නොහිතෙන දෙයක් ගැන වටිනා දේවල් ටිකක් එකේ තියනවා. අපි වාහනයක් පදවනකොට හරි ගමන් කරනකොට හරි අපි ගන්න අවධානම මෙතෙකැයි තක්සේරු කරන්න අමාරුයි..

    ඉතින් ඒ වෙලාවට තීරණ ගන්න එක්කෙනෙක් දෙන්නෙක් හිටියාම ඇති. නැත්තං ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ අත්තිමට කරපු වැඩකුත් නැතිවෙනවා. ඒක නිසා වාහනේ හිටිය අනිත් අයට නොකියපු එක මම අනුමත කරනවා. සමහරවිට මමත් ඒ වගේ අවධානමක් ගනීවි.
    අධිවේගී මාර්ගය නිසා මේ ගමන තවත් පහසු හා අවධානම් අඩු එකක් වුනා කියලයි මගේ හැඟීම. මොකද තමන්ගේ ඉස්සරහට වාහන එන්නේ නැති නිසා. කොහොම වුනත් එක එක්කෙනා තමන්ට ඇති වගකීම අවධානම තක්සේරු කරන්නේ වෙනස් විදිහකට නිසා ඒක පුද්ගලයානුබද්ධයි.

    කරදරයක් නොවී ආපු එක ලොකු දෙයක් වගේම පොකට් එකට ලොකු බරක් නැතිව ලෙඩේ හදාගන්න පුළුවන් වෙච්ච එකත් ලොකු දෙයක්..

    ස්තුතියි හිතන්න වටින දේවල් ගොඩක් එක්ක මේ කතාව බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. රූගේ කමෙන්ට් එක ගොඩාක් වටිනවා මොකද රූ මේවගේ අත්දැකීම් තියෙන රියැදුරු කාන්තාවක් නිසා.

      එකඟයි.

      ඒ වගේම >>අධිවේගී මාර්ගය නිසා මේ ගමන තවත් පහසු හා අවධානම් අඩු එකක් වුනා කියලයි මගේ හැඟීම. මොකද තමන්ගේ ඉස්සරහට වාහන එන්නේ නැති නිසා. << කියන කොටසට තවත් එකඟයි. ඇත්තෙන්ම හුඟ දෙනෙක් අධිවේගී මාර්ගයේ යන්න බියක් දක්වන බව මම දන්නවා. නමුත් මෝටර් බයික් සහ ත්‍රී වීලර්ස් නැති හන්දා පුදුම නිදහසක් ඔලුවට තියෙන්නේ. දැන් ඒ දෙජාතිය එලවන අය මාව අන්තිම ප්‍රතිගාමී ආත්මාර්ථකාමියෙක් හැටියට හංවඩු ගහන්න ඉඩ තියෙනවා. :-O නමුත් ඒ මම කිව්ව ඒ නිදහස් හැඟීම බොරු නෙවෙයි.

      රූටත් ස්තුතියි.

      Delete
    2. @හෙන්රි,

      ත්‍රී වීල් බයික් ගැන අදහසට මමත් එකඟ වෙනවා.
      ඒත් මම අත්දැකීමෙන් අවබෝධ කරගෙන තියන දෙයක් තමයි. ත්‍රී විල් බයික් සහ බස් රියදුරන්ගේ රිය පැදවීමේ කුසලතාවය ඉහලයි ඒත් විනය,ඉවසීම නැහැයි කියන එක.
      ඒක අධ්‍යාපන මට්ටම එක්කත් බලපානවා ඇති. ඒත් හරියටම කියන්න අමාරුයි. ඒත් මෙයාලා එහෙම වෙලා තියෙන්නේ අනිත් රියදුරන්ගේ නොහැකියාව නිසා.

      අනිත් අතට වෑන්,කාර් රියදුරන්ට තමන්ගේ කුසලතාව තවත් දියුණු කරගත්තොත් අනිත් රියදුරන්ටත් ගමන පහසු වේවි.

      Delete
    3. “වෑන්,කාර් රියදුරන්ට තමන්ගේ කුසලතාව තවත් දියුණු කරගත්තොත් අනිත් රියදුරන්ටත් ගමන පහසු වේවි. “
      අනෙ අම්මපා අහල පහලක හිටියනං දනවා පහේ කාසියක් කටේ... සහතික ඇත්ත... මං එහෙම කිව්වේ බයික් පදින එකෙක් හැටියට විතරක් නෙවෙයි රෝද හතරේ ඒවත් මේ ටිකේ කොළඹ පුරා එලෝලා ඇතිම වෙලා... සමහරු හිතං ඉන්නේ හිමිං යනවා කියන එක හොද රියදුරෙකුගේ ලක්ෂණය කියලා නෙව...

      Delete
  9. ලක්ෂ්මන්නං නියම බාසෙක් තමයි. ඇණ බාගෙට හයිකරන උංට දෙන්න ඕන ඔළුවට දෙකක් මොළේ නට් ටික තදවෙන්න. :D
    ඔය බාස දැක්කම ලෙඩේ හොඳ වෙන එකනං සහතික ඇත්ත කතාවක්. මා ගාවට හදන්න කියල ගේන පරිගණක ගොඩක් ඒව මෙතෙන්ට ගෙනාවට පස්සෙ අගේට වැඩකරනව. ආයෙ අරං ගිහිල්ල දාපුවම වැඩ කරන්නෙ නෑ.

    සමහර වෙලාවට බෙල්ට් එක මාරු කරපු අලුතම බෙල්ට් එක ඇදීම නිසාත් බුරුල්වෙන වෙලාවල් (ඇණ නෙමෙයි) තියෙනව.
    ඔය ටවුන්ඒස් වල එපාම කරපු දේ තමයි යට බලන්න ඩ්‍රයිවින් සීට් එකේ ඉඳල හැම එකක්ම ගලවන්න වෙන එක.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. මගේ කලින් ලැප්ටොප් එක හදපු ගමන් කොම්පැණියෙදි වැඩ. ගෙදරදි ස්ටාට් වෙන්නේ නෑ.

      උඹ කියන ජාතියේ බෙල්ට් තියෙනවා. මම දවසක් ගරාජ් එකේ ඉන්නකොට එකෙක් එනවා අලුත් කාර් එකක බෙල්ට් එක කෑ ගස්සවා ගස්සවා. බාස් බලලා කිව්වා බෙල්ට් එක ගිහින් කියලා. අරූ පට්ට කුණු හබ්බයක් කියලා කියනවා "යකෝ උඹමනේ බෙල්ට් ටික දැම්මේ මේ ගිය සෙනසුරාදා," කියලා. බාස් කියනවා, "එහෙම තමයි බං දැන් තියෙන බෙල්ට්, ගිහින් බෙල්ට් එකක් අරං වරෙං, හොඳ එකක්," කියලා.

      ආ, උඹටත් තියෙන්නේ ඔය ජාතියෙම එකක්නේ නේද? ඒ වුනාට වෑන් ඔක්කොගෙම වගේ ඔය විදිය තමයි ප්‍රසන්න.

      Delete
  10. මේක නම් සාමාන්‍ය දෙයක්. බාස්ලා අතින් නෙමෙයි ගෝලයෝ නිතරම මේ වරද කරනවා. මටත් වෙලාතියනවා. මගේ වාහනේ ටික කාලෙකට කලින් කඩුවෙල හංදියෙදි එක රෝදයක්ම ගැලවිලා විසි වුනා. එදාට කලින් දා වාහනේ සර්විස් කරල තමයි ගෙනාවේ. අන්න එහෙමයි මේ ගෝලයන්ගේ වැඩ. කොහොම නමුත් මම නම් හිතන්නේ ඔබ ක්‍රියාකළ ආකාරය නිවැරදියි. අනිත් අයව කුලප්පු වුනා නම් ඔය ගමන එන්න ලේසි නැහැ. කිසිවකුට හානියක් නොවී ඔය ආපු එකම මදෑ.

    ReplyDelete
    Replies
    1. කඩුවෙල හන්දියේ රෝදයක් ගැලවිලා යන එක හෙන ආතල් වැඩක් වෙන්නැති නේද? මාට් මැවිලා පේනවා කාටූන් එකක් වගේ. එතකොට බිම ඇනිලා ඇද්දිලා ගිහින් වාහනේට මොකුත් වුනේ නැද්ද?

      එක පාරක් මං දන්න එකෙක්ගේ SUV එකක රෝදේ ගැලවිලා කඩුගන්නාවේ පල්ලමට ගියාලු.

      Delete
    2. හතර වටේම මාව අදුනන උන් හිටිය නිසා කිසිවක් ප්‍රශ්න වුනේ නැහැ. අනික මම බොහොඅම් හිමින් ආවේ. පොඩි පොඩි ඩැමේජ් වුනා නොසැලකිය හැකි තරම්. හැබැයි මම එනකොට ඒක වුනා නම් තත්ත්වේ දරුනු වෙනවා. මම ගියේ දුව එක්ක එන්න. (මම කලින් පදිංචි වෙලා හිටියේ කඩුවෙල.)

      Delete
  11. //මම සාමාන්‍යයෙන් මගේ ප්‍රශ්න අනිත් අයත් එක්ක බෙදාගන්නවා අඩුයි. තනියෙම නිහඬව ප්‍රශ්ණ විසඳාගැනීම මගේ එක ලක්ෂණයක්.//
    මේක අපේ දුර්වල කමක්ද දන්නෙ නෑ මචං,සමහරු නං උන්ගෙ ප්‍රශ්නවලට උදව් කරන්න ගිහිං මාව කන්න හදල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඔයාව කන්න හදල තියෙන්නේ හැලප කන්න ආස කට්ටිය ...:D

      Delete
    2. එකනේ බං හැලප වුනම අපිත් කන්න ආසයි නොවැ.:D

      Delete

    3. වෙන්න ඇති බං. සාමාන්‍යයෙන් අපේ සමහර මූලික ලක්ෂන කෝවක දාලා මකලා ගත්තත් වෙනස් කරන්න අමාරුයි. That's what who we are. We are who we are.

      Delete
  12. මචං උඹම ඇන දෙක බුරුල් කරලා, පොස්ට් දෙකක්ම ලියුවනේ නේද? (මා නම් මචං මගේ ආරක්ෂාවට ළඟ තියාගෙන ඉන්න වඳුරට දීල තියෙන්නේ මලකඩ කාපු කඩුවක් නොවේ)! :D

    ReplyDelete
    Replies
    1. ඩිටෙක්ටිව් රයිගම්ට වැඩේ අහුවුනා නේද? අර රවියත් ඔහොම කතාවක් කියලා තිබ්බා කලින් පෝස්ට් එකට. මට ඒකට උත්තර ලියන්න වත් වෙලාවක් නැතුව හිටියේ. දැන්වත් කරන්න ඕනේ.

      ඒක හොඳයි මචං. අඩුගානේ මළත් පිටගැස්ම හැදෙන්නේ නෑනේ.

      Delete
    2. නැහැ බං, ඔය වගේ දේවල් වෙන්නේ හිතන්නේ නැති වෙලාවලට. අන්තිමට කරදරයක් නොවුන එක ලොකු දෙයක්. මොකද බං විහිළුවක් වත් කරන්න ඉඩක් නැත්තේ? කවුද මේ මලකඩ කාපු කඩු වනන වඳුරා? මං හිතුවේ උඹ ආරක්ෂාවට තියන් ඉන්න ඉන්න එකෙක් කියල.

      Delete
    3. මට ඒ කඩු කතාවයි වඳුරු කතාවයි දැනුයි බං තේරුනේ. ඇත්තෙන්ම මට වෙලාවක් තිබ්බේ නෑ ඒ පෝස්ට් එක චෙක් කරන්න. අනික මේල් එකේ එකපාරටම පේන්නෙත් නෑ දැන් ඒක ත්‍රෙඩ් එකක් වගේ එන නිසා.

      මම එහෙම ලේකම්ලා පාවිච්චි කරන්නේ නෑ. මේ මකනවා. සමාවෙයන් හිත රිදුනානම්. You know me.

      Delete
    4. I know you. No need to delete anything machan. I was joking.
      අප එකිනෙකා අදහස් පළ කරන හැටි විවිධයි. කුණුහරුප නොවන තාක් කල් වාරණයට ලක් කළ යුතු නැහැ බං.

      Delete
  13. ඩූඩ් ..අර වතුර පයිප්පෙ කතාවේ අනික් එක වගේ මේක ..කොහොමත් ඔබේ ලිවීමේ රටාව නිසා ආසාවෙන් කියවගෙන ගය බවනම් කිව යුතුයි .

    ReplyDelete
    Replies
    1. එහෙම රටාවක් උඹ දකිනවද ඉවාන්? මම ඔහේ ලියනවා. හැබැයි වෙනසකට තියෙන්නේ මම ඉස්සෙල්ල ඉංග්‍රීසියෙන් ලියලා ඒක දිහා බලාගෙන සිංහලෙන් ලියන්න උත්සාහ කරන එකයි. උඹ දෙකම කියෙව්වොත් උඹට තේරෙයි ඒ බව.

      ස්තුතියි ඉවාන්.

      Delete
  14. "මේ තමන්ම බුරුල් කරපු ඇණ මුරිච්චි ආපහු තිබුණු විදියට තද කරන්න අමතක වෙන එක බාස්ලගේ ජානවලම තියෙන විකෘතියක්ද කියලත් මට හිතෙනවා"
    හොඳ බාස් කෙනෙක් නම් මේ ලක්ශනේ තියෙන්නම ඕනා
    "මම ඔවැනි අමිහිරි අත්දැකීම්වලින් ඉගෙන ගත්ත පාඩම නම්, බාස්ලා බුරුල් කරන නට්, බෝල්ට් නැවත තද කරනවාදැයි අපම විමසිල්ලෙන් සිටිය යුතු බවයි."
    ඔබේ දේවල් (වාහනයට) වලට ඔබ ආදරය කරනවානම් මේක තමයි අර උඩ කාරණාවෙන් ගැලවීම සඳහා සිදුවිය යුතු දේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත මැලේ රාළ, නමුත් ඔය වැඩේ ප්‍රායෝගිකව කරන්න ගියාම ඒකත් ලේසි වැඩක් නෙවෙයි. සමහර වෙලාවට බාස්ලා අස්සට අත දාලා එක්ස්ටෙනන් පයිප්ප කෑලි දාලා තද කරන ඒවා ඇත්තටම තද වෙලාද කියලා බලන එක ලේසි නෑ. අනික බාස්ලත් මේ වැඩේට එච්චර කැමති නෑ.

      Delete
  15. අයියේ මම පරණ එකේ කොමෙන්ට් කළා බලන්න හරියටම ලෙඩේ කියල මමත් ඔය කට්ට කෑවා වයිෆ් අසනීපෙන් ඉන්නකොට හැමෝම බැන්නා ඇයි යකෝ එහෙම රිසක් එකක් ගත්තේ කියල නමුත් අවුලක් නැතිව ගෙදර ආව අයියේ මගේ එකත් 57 වැනට් කටුවක් ඔය බාසලා ඉන්නේ වැඩේ වවන් කන්න පසුගිය නිවාඩුවේ දෙකකට වැඩිය කුඩු තවමත් තියෙනවා හදාගන්න ඕනේ දේවල්

    ReplyDelete
    Replies
    1. >>ඕල්ටර්නේටර් එකේ අවුලක් වෙන්න ඕනේ මටත් ඔය සෙතේම වුනා අම්බලන්ගොඩ ඉඳන් 31 රෑ කොළඹ ආව තාලේ දන්නේ උද ඉන්න දෙවියොයි මමයි විතරයි <<

      මම මේක දැක්කා කෝරළේ මහත්තයෝ. නමුත් උඹ විස්තර කියලා නෑනේ. ඒ විස්තරෙත් දාපංකෝ මේ මම කලා වගේ. ආසයි දැනගන්න. අනිත් උන්ගේ අත්දැකීම් වලින් ඉගෙන ගන්න එක ලොකු දෙයක්.

      Delete
  16. දැන් මේ වැඩේ හරියට වුනා කියලා ෂුවර්ද..? :) මම මේවගේ අවස්ථාවල තියෙන්න ඕනේ මෝටර් කාර්මික ජීවන කුසලතා ගැන හෙනම උදාසීන විදියට බලන කෙනෙක්...(මම හරි කියලා කියනවා නෙමෙයි නමුත් මට හිතන්නෙම අපි සල්ලි හම්බ කරන්නේ ඒවගේ දේවල් විශේඥයෙකුට කියලා කරවගන්න කියලා...) (#රයිගම් :D )

    ඉතිං එච්චර දුර්වල කාර්මික දැනුමක් තියෙන මට උනත් හිතෙන්නේ මේක, මේ ප්‍රශ්නේ විසඳපු හරිම ක්‍රමේ නෙමෙයි කියලා... ඇණ හිර කලාට පස්සේ බැටරියත් ඕල්ටර්නේටරෙත් හරියට වැඩ කියලා චෙක් කරන්නේ අර වෝල්ට් මීටරේ වගේ ගැජට් එකෙන් නියමිත වෝල්ටේජ් ගනන් හරියට තියෙනවද කියලා චෙක් කරලා නෙමේද..ඒක ඕනෙම බැටරි කඩේක තියෙනවා නේද..? // පල්ලම් කිහිපයක නවතා එන්ජිම නැවත පණ ගැන්වෙනවාදැයි පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව,// දැන් ප්‍රශ්නේ විසඳුනා කියලා හිතන එක උඹ වගේ සිස්ටමැටික් පොරකට තරම් නොවේ... ආයෙත් හිටින්නේ චෙක් කරපු දවසේ වගේ දවල් නෙමේ වැස්ස දවසක රෑ වයිපරුයි ලයිටුයි දාගෙන කිලෝමීටර ගානක් ගියාට පස්සේ වෙන්න පුළුවන්... :)

    ReplyDelete
    Replies
    1. මගේ බයික් එකේ පොඩි පොදි දේවල් හදාගන්නේ මං , ස්ටාටිං කොයිල් එකේ දෝශය ඇවිත් ඒක ගලවන්න පුලර් එකක් නැති හන්දා දවසක් ගියා ගැරිජ් එකට . පොර මගේ යාළුවෙක් පොඩිකාලේ ,

      මගේ වෙලාව එනකං ඉන්කොට යාළුවා වයර් දෙකකට බල්බ් එකක් අමුනගෙන තව බයික් එකක වයර් චෙක් කරනවා ,

      මම මගේ ආයුද මල්ලේ තිබුන මල්ටි මීටරය අරගන ඌට

      වයර් කැඩිලද බලන හැටි

      කරන්ට් එක එනවද බලන හැටි

      කොච්චර කරන්ට් එක තියනවද බලන හැටි

      එහෙම සරලව කියල දීලා , එක එක බයික්වල කොයිල් එකේ ප්‍රතිරෝධය දල වශයෙන් මතක තියාගත්තානං , ගලවන්නේ නැතුව තක්කෙටම පිචිචිලාද කියලත් කියන්න පුළුවන් කියල පෙන්නුවා .

      ඌ ''අඩේ මරුනේ බං ''

      කියලා හරි සතුටින් කියාපු හන්දා , මට තැගි ලැබන අළුත්ම මල්ටි මීටරයක් ගෙදර තියන හන්දා පොරට පරන ඒක තෑගී දිලා ආවා.

      මාසෙකට දෙකකට පස්සේ කේබල් එකක් ගන්ඩ ගොඩඋනා උගේ කඩේට , පරණ විදිහටම වයර් කෑල්ලක් අමුනගෙන චෙක් කරනවා.

      '' කෝ $%%&* මල්ටි මීටරේ ''

      කිසි විලි ලැජ්ජාවක් නැතුව පොර බිත්තියට අත දික්කරලා පෙන්නුවා , මල්ටි මීටරය ෂොෆින් බැග් එකක දාලා බිත්තියේ ඇණයක එල්ලලා , ඔන්න අපේ රටේ බාස්ල.

      Delete
    2. >>දැන් මේ වැඩේ හරියට වුනා කියලා ෂුවර්ද..?<<
      ඉංග්‍රීසි චිත්‍රපටිවල නිතර අහන්න ලැබෙන මේ දෙබස මට මතක් වුනා.

      How do I know that you are lying? That you will take the money and kill the girl(hostage)?

      You don't. (And you have no choce either) You have my word.

      බීට්ල්, අර අගයයන් චෙක් කලා මීටර් ගහලා මුලින්ම. ඒකේ අවුලක් නෑ.
      පල්ලම් කීපයක නවතා එන්ජිම පණගැන්වෙනවද කියලා කියලා බැලුවේ ලක්ෂ්මන් නෙවෙයි බං, මම. මේකනේ කතාව. දැන් ඔය මගේම බැටරිය බින්දුවටම බැහැලනේ තියෙන්නේ. ඒක චාර්ජ් වෙනකල් තමයි මම දිව්වේ. බැටරිය ඕල්ටනේටර් එකෙන් ෆුල් චාජ් වෙන්න තරමක් වෙලා ගන්නවා. අනිත් එක ඒක බාගෙට චාජ් වෙලා තියෙද්දි ගෙදර ගියාම මට බැටරිය වෙනම චජ් කරන්න වෙන්න පුලුවන් ආයෙම ස්ටාර්ට් කරන්න. පල්ලම් වල නැවැත්තුවේ පල්ලමට දාලා එන්ජිම ස්ටාට් කරන්න නෙවෙයි. එන්ජිම ඕෆ් කරලා ස්ටාර්ටර් මෝටරෙන් ස්ටාට් වෙන්න තරම් බැටරිය චාජ් වෙලාද කියලා දැන ගන්න. පල්ලමේ නවත්තලා ඒක කලේ, හදිස්සියේ ස්ටාට් නොවුනොත් පල්ලමේ ස්ටාර්ට් කරගන්න ආධාර නොඉල්ලා.

      අන්තිම කතාව එහෙම නෑ බං. ඊට පස්සේ අපි යාපනේත් ගියා. රෑ තිස්සේ ගෙදරත් ආවා.

      Delete
  17. මෙ මචන් උබ කෙන්දරෙ ඔය මාරයට කියල පොඩ්ඩක් බලව ගනින්.මට හිතෙන්නෙ උබට බාස් අපලයක් තියෙනව.උබට හම්බවෙන මෙසන්.පයිප්ප.ගරජ් ඇතුලු සියලුම බාස්ල උබට ගෙම් දෙනව නේ.ඇත්තසින් එක මචන් උන් රැකියාවට දිල තියෙන අවදානය තමයි ඒ.අත්දැකිම් කිපයක් මතක් වෙනව ලියන්න බලමු

    ReplyDelete
    Replies
    1. මට බාස් අපලයක් තියෙනවා තමයි.
      ඒක ඇත්ත, ඔය ඉතින් තමන්ගේ ‍රැකියාවට තියෙන අවධානය තමයි. වෙන මොනවද?
      ඉතිං ඒ කතා ලියාපං.

      මම කිව්වා වගේ උඹ හිටියා නම් කතාව වෙනස් වෙන්න ඉඩ තිබ්බා එදා.

      Delete
  18. කාර්මික දැනුමක් කියලා දෙයක් මට නැති නිසා ඔහොම කෙලියක් මට වුනොත් සොරිම තමයි..:(
    ජිවිතේ කියන්නේ කොහොමත් අවදානම් දෙයක් තමයි.නමුත් ඕනෑවට වඩා අවදානම් ගැනීම.සමහරක් විට හැමදේම සිම්පල් ගන්න එකත් එක්තරා අවදානමක් කියලායි ඩුඩ්යියේ මට නම් හිතෙන්නේ.:)

    ReplyDelete
    Replies
    1. ජීවිතේම රිස්ක් එකක් මනෝජ්. අර කිව්වත් වගේ රිස්ක් එකක් ගන්නේ නැති ජීවිතයත් නිකම්ම පුස් වෙඩිල්ලක් තමයි. ඒක කිව්වේ සරත්. ඉංග්ලිෂ් බ්ලොග් එකේ.

      Delete
  19. අවධානම් ගැන හැමෝම වගේ එක එක ජාති කියලා තියන නිසා ආයෙ කියන එක තේරුමක් නෑනේ. කොහොමත් ඉතින් නානාත්ත කායා නානාත්ත සංඥා කියනවනේ.

    අර වෙනියගේ කෝල් එක මට ඇල්ලුවේ නෑ. ඒක ප්‍රබන්ධයක් නේද ?

    ReplyDelete
    Replies
    1. ඇයි බොලව් වෙනියව කන්න හදන්නේ? ඌ කෝල් එකක් දුන්නා තමයි ඒ වෙලාවේ. මේ කතාවේ ප්‍රබන්ධ කෑල්ලක් ඇත්තෙම නෑ. සමහරවිට තව කෑලි අඩුත් ඇති.

      Delete
    2. චැහ්.. තිත් දෙකයි ඩී අමතක වුනානේ.. වෙනියා තරහා වෙයිද මංදා... :-O

      Delete
    3. මම කතා කලේ පහු වෙනිදා දවල් සෙන්නා. මට හරි නම් කතා කරන්න තිබුනෙ මම වාහනෙන් බැහැලා පැයකින් විතර තමයි. ඒ දවසෙ උදේ ඉඳලම වැඩ කරපු මහන්සිය නිසාත් පහු වෙනිදා උදෙන්ම ආපහු ඔෆිස් යන්න වෙන නිසාත් නින්ද ගියා. ඔය වෙන කොට මම අසනීප වෙලා කලින් නිවාඩු අරන් සේරම නිවාඩු ඉවර වෙලයි තිබ්බෙ ..හෙන්‍රි නොවෙන්න . මම නිදහසට කාරනා කියනවා නම් නෙවෙයි.

      Delete
    4. මචං, වෙනී. මම පෝස්ට් එකේ අන්තිමට ඒ කෑල්ල දැම්මේ උඹලගෙන් වෙච්ච අඩුපාඩුවක් ගැන ව්වේචනය කරන්න නෙවෙයි. ඒ වෙලාවේ මට යකෝ මුන් එකෙක්වත් නිකම්වත් කතා කරලා බැලුවේ නෑනේ කියන එක හිතුනා වගේම කිව්වත්. ඒක එච්චරයි. ඒ මට තිබ්බ ස්ට්‍රෙස් එක අනුව ඒ වෙලාවේ. ඒක පෝස්ට් එකෙත් ලිව්වේ පෝස්ට් එක ප්‍රබන්ධයක් නොවන නිසාත්, ඒ කෑල්ල නිසා මගේ හිතේ තිබ්බ පීඩනය ඒකෙන් හොඳාකාරව ඉස්මතුවෙනවා කියලා මට පෙනිච්ච නිසා.

      උඹලා ඒකට හිත් රිද්දගන්න එපා. එක මග ගිය ගමන් සගයන්ව විවේචනය කරන්න නෙවෙයි මගේ අදහස, හොඳේ?

      Delete
    5. අඩේ විවේචනය කොරහං බං.. නැත්තං අපිට බඩේ බත් නැතිව යනවා. :D

      වෙනීයා ගැනනං මංදා.. හැබැයි මං දන්න තරමින් රනානං එකට ගමනක් ගිහාම ආයෙමත් අනිත් උන්ට කතා කරලා ඌ ගෙදර ගියා කියලා හරි කියන ජාතියේ පොරක්...

      අනිත් දේ තමා උඹට තිබුනා ඕක ඕනයට කියන්න... අක්කා නෙවෙයි ඉස්සරහා සීට් එකේ යන්න තිබුනේ ඕනයා.. අනික කඩේකින් පොඩ්ඩක් දගලලා කෑලි තුනේ ටෝච් එකක්වත් අරං ඉස්සරහා සීට් එකේ ඉඳන් පාර අයිනට ගහං එන වැඩේ උනත් කරන්න තිබුනා.. නිකංම එනවට වඩා ඒක පොඩිම හරි උදව්වක් වෙන්න තිබුනා... මේවා කියන්නේ වැඩේ ඉවර උනාම ගහන බයිලා හැටියට නෙවෙයි ආයේ දවසක තව කාට හරි මෙහෙම දෙයක් උනොත් ගන්න පුළුවන් ක්‍රියා මාර්ග ගැන සදහනක් හැටියට විතරයි...ඔය ටෝච් ඇල්ලිල්ල එක වංගියක් අපිට කරන්න උනා ටාටා දිග බස් එකක.. වයිපර් කැඩිලා දුංකොල... එඩරු කොල.. අතුල්ල අතුල්ල.. ෂැම්පු පැකට් කඩ කඩ දදා ආපු ගමන්නං කිහිපයක්ම තියේ...

      Delete
  20. ඔන්න මං කාල් අස්සෙ අලුක්කාල් ගහන්න හදන්නෙ :D

    //ඒ හැර වරක් මී දෝෂයක් rodent error නිසාත් එක් සිද්ධියක් වුනා. : D// පෝස්ට් එක අස්සෙ හිනා මූණු දාන කොට අර Emoticons වලින් ඉමේජ් එක කොපි පේස්ට් කරන්න පුළුවන් නේද ? එතකොට ලා....ස්සන හිනාවක් එනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි ඩූඩ් අයියෙ, අර බිත්තියක යාපනේ සිතියමක් තියන්නෙ ? ඉස්කෝලෙකදි ගත්ත ෆොටෝ එකක් ද ?

      Delete
    2. චන්දන උඹ සිරාවටමද අහන්නේ ඈ? උඹ විහිළු කරනවද ඇත්තටම අහනවද කියලා මට හිතා ගන්න බැරි වුනා. ඇත්ත කියහං.

      Delete
    3. ඇයි බන් චන්දනයෝ, ඩූඩේ වෑන් එකේ යාපනේ ගියා කියලනේ ඔය කියන්නේ.

      Delete
    4. ඕක ඉතින් කිව්වනම් අපි විස්වාස කරනවනේ. ආයේ අමුතුවෙන් සිතියම් ෆොටෝ ගහලා පෙන්නන්න ඕනෑය :D

      Delete
    5. ඒකත් ඇත්ත, නමුත් මේකේ තියෙන විශේෂය මේ ලංකාවේ ඉහලම තැන. Northernmost point. Point Pedro.පේදුරු තුඩුව. ඔය සිතියම ඇඳලා තියෙන්නේ ඔබ මෙතන ඉන්නේ කියන්න.

      Delete
  21. මම පහුගිය ලිපිදීත් කිව්වේ ඔල්ටනේටරය කියලා. මමනම් එදා කරන්නේ ටෝච් එකක් හොයාගෙන ඔල්ටනේටරයේ බෙල්ට් එක හොලවා බැලීමයි. දෙවනුව ඔල්ටනේටරයේ කනෙක්ෂන් බැලීමයි. තුන්වෙනි පියවර තමා ඔල්ටනේටරය ගැලවීම.

    ReplyDelete
    Replies
    1. විචාරක වැඩ්ඩා බව අපි ඉතින් නොදන්නවයැ! යන වාහනේ උනත් ඕල්ටනේටරේ අත දාලා ගලවයි. :D
      Just joking.

      Delete
  22. මේ නම් අයියගේ පරණ තරහා කාරයෙක්ද කොහෙද, නැත්නම් ඉතින් මෙහෙම කරයියැ.. අර බාස්ලා ලග ලෙඩේ හොද වෙන කතාවනම් ඇත්ත.. මාත් දවසක් බයික් එක ස්ටාට් නොවී බලලා බැරිම තැන තල්ලු කරන් ගියා.. ඌ ගහද්දිම ස්ටාට් උනේ ලස්සනට..

    ReplyDelete
    Replies
    1. වාහනත් මාර බයයි බං බාස්ලට. ඇයි ඉතින් ඇණ තදකරන්නේ නැති එකටම කොච්චර බය වෙන්න ඕනේද? අපිත් බයනේ එහෙම දොස්තරලට. :D

      Delete
  23. කාරෙකක් එලවන්ට දැනගත්තට කැඩුනොත් හදාගන්ට තේරෙන්නේ නෑ. ලෙඩේ මොකක්ද කියලා හොයාගන්ට දන්නෙත් නෑ. දන්න එකමදේ RACV (roadside assistance ) කෝල් කරන්ට විතරයි.

    ඒ අතින් බලන කොට පිරිමි අය ගොඩක් දක්ෂයි. :)

    ගෑනු ලමයි කාර්වලට නම් දානවා කියලා දන්නවද?

    ReplyDelete
    Replies
    1. ඔය E01 වල් ඒකට 1969 ට කතා කරන්න ඕනේ.

      කුණා‍ටුවගේ විනාශකාරී දේවල් වලට ගෑණු නම් දාන බව දන්නවා. ඒ සමඟ එකඟ වෙනවා. නමුත් ගෑණු ළමයි වාහන වලට නම් දාන එක ගැන වහාම විස්තර සපයන්නකෝ.
      දීපා නම් චූන්ජියගේ බයික් එකට දාලා තිබ්බ නම මලකඩ චුට්ටා. :D

      Delete
    2. //කුණා‍ටුවගේ විනාශකාරී දේවල් වලට ගෑණු නම් දාන බව දන්නවා//

      අයියෝ එහෙම නෑ අප්පා. කුනාටු වලට පිරිමි නමුත් දානවා. ඇලෙක්ස් කියලා කුණාටුවක් තිබුනා මතකයිනේ. ඔය නම් දැමිල්ල හරිම ඉන්ටරෙස්ටින්. මම පෝස්ට් එකකුත් ලියලා ඇති. හැබැයි එකක් තියනවා. වැඩි හරියක්ම ගෑනු නම් හිමි වෙච්ච කුනාටු තමයි විනාශකාරී විදියට ඉවර වෙලා තියෙන්නේ :)

      Delete
    3. දානවා දානවා. නමුත් ගෑණු නම් දාපු ඒවා තමයි අන්තිම විනාශකාරී.

      Delete
  24. අපි වගේ උන්ට නං වැඩක් නෑ. වාහනයක් තියෙන් එකෙක්ට හොද අයිඩියා එකක්. මාත් ඔය වගේ අවස්ථා දැකල තියෙනවා බං විස්වාස කරන්න අමාරු තරමේ.. හියුමන් එරර්ස්..

    ReplyDelete
    Replies
    1. ඔව් බං. Air Crash Investigations එකේ පෙන්නන human errors දැක්කනම්!

      Delete
  25. ඇත්තටම ඩූඩ්, මම නං මේ ගැන, කතාවක් කියන එකට වඩා දුරට හිතුවේ නැහැ. පොඩ්ඩක් නාටකීය ගතියකින් ලියලා තියන නිසා 'මාරක ගමනක්' කියන එක ඇත්තටම මාරක ගමනක් කියලා හිතුණේ නැහැ. ලංකාවේ ඉන්නකොට රෑ කාලේ බොහෝ ගමන් බිමන් ගිහින් තියනවා. ජනාකීර්ණ පැති වල නෙමෙයි, කුරුණාගල-අනුරාධපුරය, නුවර-අනුරාධපුරය, අනුරාධපුරය-කහටගස්දිගිලිය, කුරුණෑගල-ගිරිඋල්ල, දඹුලු පාර ඇතුළු රාත්‍රියේ බොහෝ පාළු බවක් උසුලන පාරවල් වල නිතර ගමන් කරලා තියනවා. මාත් හිතන්නේ ඒ රිස්ක් එක අපේ ජීවන රටාව අනුව අපිට දැනෙන විදිහ වෙනස්. ඉස්සර කෝච්චිවල දොරවල් වල එල්ලිලා ගියා කිසිම ගානක් නැතුව, නමුත් දැන් එහෙම කරන්නේ නෑ. හැබැ‍යි තවමත් මම කෝච්චියේ වැඩට යන එන කෙනෙක් උණා නම් බොහෝ විට එහෙම කරයි. මුලින්ම පාවිච්චි කල වාහනය ගොඩක් පරණ, කූලිං සිස්ටම් එකේ අවුලක් තිබ්බ එකක්.. නමුත් අපි නවත්ත නවත්ත එංජිම කූල් වෙන්න දිදී හයිවේ වල ගිහින් තියනවා. ඒවා දැන් හිතනකොට හරිම මෝඩ වැඩ කියලා හිතුනත්, ඒ කාලෙදි එහෙම හිතුනේ නෑ, හිතුනත් වෙන විකල්පයක් තිබ්බෙත් නෑ. කොහොමත් ඔය රිස්ක් එක කියන අදහස මතුවෙන්නේ, ඒ සඳහා තියන විකල්පත් එක්ක සංසංදනාත්මක දෙයක් විදිහට.

    අද ගුරාම "ප්‍රොෆෙලර්" කියලා ලියලා තියනවා මම දැක්කා...D

    ReplyDelete
    Replies
    1. Corrected propeller, machan. Thanks a lot.

      Delete
    2. "රිස්ක් එක අපේ ජීවන රටාව අනුව අපිට දැනෙන විදිහ වෙනස්" තමයි. අනික උඹ අනිත් කිව්ව කතාව "රිස්ක් එක කියන අදහස මතුවෙන්නේ, ඒ සඳහා තියන විකල්පත් එක්ක සංසංදනාත්මක දෙයක් විදිහට" කියන එකත් සහතික ඇත්ත. උඹ හරියටම නියම තැනට නියම පොයින්ට් එක දාලා තියෙන්නේ. මේක ඇත්තෙන්ම මගේ පසුවදනට දාන්න වටින කෑල්ලක්.

      Delete
  26. post eki comments matnam mukut terena naha. mage karmika danuma 0.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ ඒ කියලා මාත් මේ කල්පනා කරන්නේ සංජීව. :-?

      Delete
  27. තමන්ගෙ වාහනේකට දරුවෙක්ට තරම් ආදරේ කරන මිනිස්සු ඉන්නවා. ඔබත් ඒ එක්කෙනෙක්. වාහනේකට හිතක් පපුවක් නෑ තමයි. ඒත් ඒ වාහනෙත් එක්ක එන බැඳීම සුලුපටු නෑ. ගොඩක් කල් පාවිච්චි කරපු වාහනයක් විකුණුවට පස්සෙ දුක දැනෙන්නෙත්, පාරෙදි අහම්බෙන් වගේ විකුණපු වාහනේ ආයෙ දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙත් ඒ බැඳීම හන්දා.

    කොහොම හරි වාහනේ වැරැද්ද හොයාගත්තනෙ. ජීවිතේ මැක්සිමම් රිස්ක් ගන්න වෙනවා ඉතින් නේද.

    සෑහෙන කාලෙකින් මේ පැත්තට ආවෙ. පරණ පෝස්ට් ඔක්කොම කියෙව්වා. මගෙ බ්ලොග් එකත් අප්ඩේට් කරේ නෑ සෑහෙන කාලෙකින්.

    ReplyDelete
    Replies
    1. අන්න පිණිබිඳුට තේරුනා. ඒක හරිම පුදුමාකාර දෙයක්. වෙලාවකට හිතෙනවා වාහනවලටත් හැඟීම් තියෙනවා කියලා.

      ඉතින් ලියන්නකෝ කම්මැලිකම් දුරලා මේ මං වගේ.

      Delete
  28. ඔය මෝටර් මිකැනික් විස්තර කොයි තරම් ප්‍රයෝජනවත් වුනත් මට කවදාවත් කියවන්න ආසාවක් හිතෙන් නැහැ . ඒත් ඒක අද වෙනස්වුනා . තැන්කිව් මචන්

    ReplyDelete
    Replies
    1. එහෙමද? අහන්නත් සං‍තෝසයි මචං. :)

      Delete
  29. වෙනියා පහුගිය දවසක හම්බ වෙච්ච වෙලාවේ කියනකං මට මතක් උනේ නැහැනේ උඹට බ්ලොගරයගේ බ්ලොගයකුත් තියෙන වග.. මං අර හම්පඩ වර්ඩ්ප්‍රෙස් එකේ කොමෙන්ට් එකක් දාලා බලං හිටියා වලිය යනකල්.. සික්.. වෙනියම කිව්වා එකේ නෙවෙයි ගේම යන්නේ අනිකේ කියලා.. :D

    පෝස්ට් එකට වඩා කමෙන්ට් එකින් එකට කියන්න කතා බර ගානක් තියෙනවා... මේක ඇත්තටම වටින ලිපියක් පාර තොටේ යන උන් හැටියට...

    ReplyDelete
    Replies
    1. උඹ ගිහින් බඩයන්න බේත් දීලා තියෙන්නේ වැරදි ලෙඩාටද එතකොට? හොඳ වැඩේ උඹට.

      තැංකූ වේවා. උඹත් ටූල් බොක්ස් එකක් අරගෙන පාරේ යන එකානේ, නේද?

      Delete
  30. වාහන් වලට විතරක් නෙවෙයි ඩූඩ්... අජීවි හැම දේකටම අපිත් එක්ක බැඳීම් තියනවා... අපි පාවිච්චි කරපු වාහන හැම එකටම අපි නම් දාලා තිබ්බා... පොඩ්ඩි අක්කා කියනවා වගේ ඒක ගෑණු ළමයිගේ හැටියක් වෙන්න ඇති...

    ඩූඩ් පවුල පරිස්සමින් ආව එක නම් ලොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. ඒ නම් එකක් දෙකක් කිව්වානම්? පාරේ යන බස් වලට නම් අපි නම් දාලා තිබ්බා.

      ආහ් මටත් කතාවක් මතක් වුනා. මගේ හොඳම යාලුවා මහින්දට ප්‍රයිවට් බස් එකක් තිබ්බා. ඒකේ නම ළිහිණි. දවසක් මේක සුපුරුදු විදියට කොළඹ ඉඳලා පැයකුත් විනාඩි හතලිස් පහක් විතරක් කොට කොටා ඇවිත්. බස් එකෙන් බැහැපු පොඩි කොල්ලෙක් ඩ්‍රයිවර් ළඟට ගිහින්, "අයියෙ ඔය හුචක්කුවට ළිහිණි මකලා ඉබ්බ කියල නම දාගන්න," කියලා දිව්වලු.

      Delete
  31. ඇණ බාගෙට හයිවෙන්නෙ වැඩේ හරියට වෙන්නැත්තෙ බාසලගෙ ජාන පුරුද්දක් නෙවී... කෑදර කම නිසා... මොකද වැඩියෙන් සර්විසි කරන තරමට උන්ට හොදයි... මට රෝද බඑතරක් නෑ... ඒත් බයික් එක සර්විසි කරන්න දාපුවාම හැම සෙද්දම මං බලං ඉන්නව.. මොකද ඇණ බුරුල් වෙන එක හිංද මත් නෙවී... කෑලි මාරු කරන්න තියන ඉඩකඩ වැඩි හිංද...
    ඒ අතිං ලක්ෂ්මන් කියන්නෙ කාලාන්තරයකින් හම්බවෙන දුර්ලභ මනුස්සයෙක්

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මහේෂ්, හැබැයි මා එහෙම හිතෙන්නෙත් නෑ. ඔහොම වුනාට පොරට පට් ගාලා ලෙඩේ අඳුනගන්න පුලුවන්. ඕක තමයි අප්සෙට් එක.

      ලක්ෂ්මන් කරපු වැඩේ මම අගය කරනවා.

      Delete
  32. ඩූඩ් නමැති හිතහොඳ තැන්පත් පුද්ගලයාට මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. Ayyandi...mata oyage blog eke comment karana baha err ekak enawne

      Delete
    2. හනේ නෑ බං සුදීක. මගේ හිත හොඳත් නෑ. මම තැන්පතුත් නෑ. එනික උඹ එහෙම කිව්වාම මම ඒක බාර ගත්තාම මට එහෙම ජීවත් වෙන්නත් වෙනවා. ඕනෙම නෑ.

      Delete
  33. //වාහනයක මෙවන් රෝග ලක්ෂණ පහල වුවහොත්, එන්ජිමේ කොතනද පරීක්ෂා යුත්තේ කියන එකයි.// සත්තකින්ම උඹේ මේ පොස්‍ටුවේ වටිනාකම මේකයි.

    මගේ පුන්චි මරුටියේත් ආව මේ වගේ ලෙඩක්..බැස්ටිය හෝස් ගාල බහිනව සතියක් එක තැන තිව්වොත්.බ්‍රෑන්ඩ්නිව් ගත්ත නිසා කොම්පැනියට කතා කලාම කියනව කොලඹ අරන් එන්නලු බලන්න. බැට්‍රිය මාරු කලා...ම්හ් හරිගියේ නැහැ. අන්තිමට ඕය උඹ කිව්ව කුරුදුගහ හැතැක්ම කිට්‍ටුව ඉන්න කෙනෙකුට පෙන්නුවා පොර හොයාගත්ත ලෙඩේ...!
    කොම්පැනියෙන් හයිකොරපු කැසොට් එකේ ලෙඩක්...හා සිකුරිටි සිස්ටොම් එකේ ලෙඩක් නිසා ..මෙමරියට ලොකු කරන්ට් එකක් ගන්නවා කියල බුවා හොයාගත්ත. අන්තිමට ස්විච් එකක් දැම්ම දෙකටම නවතලා තියන වෙලාවට ඔෆ්කරන්න පුලුවන් විදියට...ඕන් දැනටත් සනීපයි ලෙඩේ.

    බාස්ල හිටියත් ඔය මහ රෑ උන්ට කියල වැඩක් කරගන්න බෑ බං. උඹල ඇවිත් ගොහින් ඇත්තෙ අපේ වැයික්කියට බොලව්..!!!

    ReplyDelete
    Replies
    1. උඹ second opinion එකකුත් ගනිං කෝකටත්. උඹ බැලුවද අනිත් මරුටි වලත් ඔහොමද කියලා?


      >>බාස්ල හිටියත් ඔය මහ රෑ උන්ට කියල වැඩක් කරගන්න බෑ බං. <<
      අන්න ඒකයි වීයා ඇත්ත. කට්ටිය කරටි කැඩෙන්ඩ ගහලා නිදිනේ බං ඔය වෙලාවට.

      >>උඹල ඇවිත් ගොහින් ඇත්තෙ අපේ වැයික්කියට බොලව්..!!!<<
      ඔන්න ඒක නෝට් කරගත්තා.

      Delete
  34. ඩූඩ්.....උඹේ නිවාඩුවේ වැඩි හරියක් කාර් රිපෙයාර්, පයිප්ප රිපෙයාර් නේද? වෙන මුකුත් රිපෙයාර් කරන්න වෙලාවක් තියෙන්න නැතුව ඇති මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. සිමෙන්ති වැඩත් කලා මචං. ලයිට් මීටරේ තියෙන පෙට්ටිය ඩැමේජ් හන්දා අලුත් එකක් දාගත්තා. ඒකට පොඩි පොඩි වෙනස්කම් වගයක් කලා. තව වඩු බාස්ලා එක්ක බාස් කතා තියෙනවා.

      Delete
  35. ඔයින් ගිය මදෑ එහෙනම් ලොක්කො..

    ReplyDelete
    Replies
    1. නැහ්නං නැහ්නං. උන්න හැටියට මලා මදැයි කිව්වලු.

      Delete
  36. අත්දැකීම බෙදා ගත්ත එක වටිනව ගොඩක් :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ගොළු හදවතව. නමුත් කී බෝඩ් එක ගොළු නෑනේ?

      Delete
    2. හහ් හා , :D :D නෑ නෑ
      ( ලොකු හිනාවක් ආව ඩූඩ්ගෙ reply එකට , :D )

      Delete
  37. ගියපාර මේසන් බාස් කෙනෙක් අල්ලන් කන්න හැදුවා. මේපාර වාහන බාස්. ඊළඟ පාර..........?

    ඔයාගේ මේ ලිපියෙ කෙලින්ම ඇඟිල්ල දික්වෙලා තියෙන්නේ බාස්ලට. ඊළඟට රියදුරන්ට. ඒත් හරියට තම වගකීම ඉෂ්ඨ කරන්නැත්තේ මේ අය විතරමද? දොස්තරලා, වෙළෙන්දන්, ආයතන නිලධාරීන්, ගුරුවරුන්, දේශපාලුවෝ ඔය කොයි කවුරු ගත්තත් 90%ක්ම (ලංකාවේ) ඔය ජාතියේ මකබාස්ලම තමයි. අත්දැකීමෙන් හා පූර්ණ වගකීමෙන් කියන්නේ. ඔක්කොම හොරු.
    ඔතන වැරැද්ද කොතනද කියන එක තේරුණත් හදන්න බැරි තරමටම ඔඩු දුවල තියෙන්නේ. (සීරියස් වැඩිද මන්දා.. :O)

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මේ වෙලා තියෙන හානි බැලුවාම උඹට හිතෙන්නේ නැද්ද මම ඉවසනවා වැඩියි කියලා? ඩිෆරෙන්ෂල් එකක් මගදි ගැලවෙන එක මාරාන්තිකයි. වැරදි පැත්තෙන් ගැලවුනොත් වාහනේ pole vault එකක් දානබව කිව්වේ මගේ තාත්තා. ඒකට ඇක්සල් එකක් ගන්න 16,000 ගානක් ගියා. හදන්න බාස් කුලියත් පොරටමයි දුන්නේ වෙනම. එතකොට රස්තියාදුව. ඉතින් උඹ හිතන්නේ මම මෙහෙම ලිව්ව එක අසාධාරණයි කියලද?

      මේ සිද්ධි වලට වගකියන්න ඕනේ බාස්ලා නිසා තමයි එහෙම ලිව්වේ.

      Delete
  38. මෙහෙම බලද්දී කිසි බාසෙක් ෂුවර් නැහැනේ අයියා. තමන්ගේ සේවය උපරිමෙන් සේවාදායකයාට ලබාදෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැති හැටියක්

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ වගකීම අරගෙන හැමදේම කරන්න ඕනේ අපි වගේ ගුරුවරු විතරක්ද මන්දා බං. ඒකයි මටත් හිතාගන්න බැරි.

      Delete
  39. වාහනේ රෙපෙයාර් කරනවානම් එතැන ඉන්න ඕන බොහෝවිට. නැත්නම් වැඩේ කල් යනවා ඒ වගේම ලෙඩේ නිකන් හිඟන්නගේ තුවාලෙ වගේ වෙනවා..

    ReplyDelete
  40. කලින් කියෙව්වත් කොමෙන්ටුවක් දාන්න බැරි වුනා..
    නොසැලකිලිමත් බාස් ලා ගොඩක් අතරේ හොඳ අය එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න එකත් ලොකු දෙයක් නේ. ඇත්තටම එයාලා සැලකිලිමත්ව කටයුතු කරනවා නම්, එයාලටමයි හොඳ. හැමෝම සැලකිලිමත් කෙනා ලඟට එන්න ගත්තම, පොහොසත් වෙන්නේ එයාලා නේ.

    ReplyDelete
  41. බාස්ලා ගැනනම් කතා කරලා වැඩක් නැහැ.....ප්‍රොපෙලර් ශාෆ්ට් එක ගැලවුන කතාව දැක්කහම නම් ඇඟ හිරිවැටිලා ගියා....වේගයෙන් ධාවනය වන වෙලාවක ඔය දේ සිදු වුනානම් වාහනය පෙරලෙන්නත් ඉඩ තිබුනා.....

    ReplyDelete
  42. මේ ලිපිය කියවන්න එද්දි සෑහෙන දවසක් ගිහිං...පළවෙනි කොටසත් කියවගෙනම මෙතනට ආවා...මමත් ඇත්තටම මම පාවිච්චි කරන යකඩ අස්පයාගේ උනත් කලින් තිබ්බෙ නැති පුංචි ලෙඩක් දැක්ක ගමන් හිත කලබල වෙනවා..ඔයාට වගේම තමයි...ඒක හදාගන්න කං හිතට ඉස්පාසුවක් නෑ...මේ වැඩ වලට කදිම බාස් කෙනෙක් තමයි මට සැට් වෙලා ඉන්නෙ..ලංකාවෙ කොයි කොනේ හරි ඉදගෙන දුරකථන ඇමතුමක් දුන්නම එයා කරන වැඩේ නතර කරලා හරි මගේ ගැටලුවට දුරකථනයෙන්ම උත්තර දෙනවා...

    අවුලක් නෑ මල්ලි ඕක එච්චර ගානක් නෑ....ඔයා දිගටම පදින්න...ගෙදර ඇවිල්ලා මෙහෙට එන්න...මේ වගේ උපදෙසක් නිසි පුද්ගලයෙකුගෙන් ලැබුනාම හිතට බරක් නෑ....බොලා දන්නවා නොවැ...සිරා කොලුවත් යකඩ අස්පයාගෙන්ම දිගු දුර මෙහෙයුම් කරන බව...සමහර දවස් වලට හොදටම නිදි මතයි...බයිසිකල් පැදලම ඇති වෙලා...පාරෙ සුදු ඉිරි ගෙදර ඇවිල්ලා නිදා ගත්තමත් පේනවා...මොනවා උනත් විමසිල්ල තමයි වැදගත්...නිදමතක් යන්තම් හරි දැනුනා නම් අපි කරන්නෙ හොද ප්ලේන්ටියක් බොන එක....ඊලග වතාවෙ බුරුල් වෙච්ච ඇණ තියෙනවද කියලා වාහනේ එළියට ගන්න...වෙනී මාමා ආපු නිසා තමයි ඔය කියන දවසෙ ඇණ බුරුල් වෙලා ත්යෙන්නෙ...එයාව දාගෙන අපි අම්පාරෙ ගිය වෙලෙත් වෑන් එකේ පැච් එකක් ගියා.

    ReplyDelete
  43. උඹේ සුපුරුදු රසවත් කතා විලාශය නැවත මේ තුලින් දකින්න ලැබුනා. මේකත් උඹේ අර බල්ලා කාපු කර එක වගේ නේද?

    මචෝ මම නම් කවදාවත් මගේ කාර් එක කොම්පැනියෙන් පිට හදන්නේ නැහැ. අවම වශයෙන් සර්විස් කරනෙත් කම්පැනි එකෙන් පමණයි. මිල ටිකක් වැඩි උනත් දීර්ග කාලීනව එය ඉතා ලබදායකයි වගේම ආරක්ෂාව හස වගකීම ඉතාම හොඳයි. මට ඔය මකබාස්ලා ගේ වැඩ අල්ලන්නේම නැහැ ඒ නිසම තමයි සම දෙයක්ම අදාල නියෝජිතයගෙන්ම කරගන්නේ.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>