Friday, June 6, 2014

115.අවංකපාකිං සහ වංකපාකිං පැරලල්පාකිං / Parallel Parking of Honest & Dishonest Parking./ With special Deනයිed Version and normal full cream version)





නයි ඉවත් කරන ලද විශේෂ මිශ්‍රණය (Deනයිed Version for නයි allergies)

කුරහංපිටියේ කඩමණ්ඩිය හරියේ ගුරුපාර පළල් කරලා. දෙපැත්තේ අගල් කපලා පොල්කොට  ඒ දඬු දාලා, ඒ උඩින් පස් දාලා - එක වැඩයි. පුරස්නෙකට තියෙන්නේ ඒත් කරත්තයක් ගාල් කරන්ට තැනක් නැති එක තමයි. දෙපැත්තම කඩවල් අයිතිකාරයෝ අයිති කරාගෙන. එහෙම නැතිනම් දැනටමත් කරත්තයක් ගාල් කරලා. මට යන්ට  ඕනේ කුරහංපිටියේ පිස්සු පීතර අප්පුගේ කඩේට. එතනින් මම වතාවක් කිඹුලා වෙල් උදළු තලයක් එක්කම ගජ මිත්තරයෙකුත් හොයා ගත්තා. අපි ගියේ අන්න ඒ මිත්තරය මුලිච්චි වෙන්ට, පොඩි වැඩකට.


අපි මේ රවුම ගහලා එන තුන් වෙනි වතාව. බරබාගේ රිංගවන්ට කිසිම ඉඩක් නෑ. පිස්සු පීතර අප්පුගේ කඩේට ටිකක් මෙහායින් තියෙනවා මාලුකූරි කියලා බෝඩ් ලෑල්ලක් ගහපු කඩයක්.  අන්න එතන තියෙනවා යාන්තම් බරබාගේ රිංගවන්ට තැනක්. මම පිටිපස්ස බලලා ගොනාගේ කිරිපල්ලට පයිං ඇනලා, ‍තෝං ලණුව දකුණට ඇදලා,  කෙලින්ම ගියා එතනට. ගිහින් කරත්තේ කිසිම කොටසක් අරියාදුවට වගේ පාරට නොතියෙන්ට ගාල් කලා විතරයි, ඔන්න කූරි කඩේ ඉඳලා ආවා මුර උන්නැහේ කෙනෙක්. කලුයි, තරමක් පුරවදාලා. හැබැයි සිරියාවන්ත හිනාවක් තියෙනවා කියලා මට හිතුනා.

"උඹැහේ බෑරක්ද යන්නේ? කූරි ගන්ට ආවද??"

"අනේ නෑ උන්නැහෙ. මොන කූරිද. මට යන්ට ඕනෙ අන්ට අර පිස්සු පීතර අප්පුගේ කඩේට. එතන ඉඩ නෑ. ඒකයි මෙතන දැකලා මෙතනට රිංගුවේ."
 

උන්නැහෙ හිනාවක් එක්කම මා දිහා බලා ඉන්නවා. ඒක සමච්චල් හිනාවක්ද කියලා මට හිතාගන්ට බෑ.

"හරි මං යන්නම්. මම තුන් පාරක් මෙතනින් ගියා ගාල් කරන්ට කරන්ට තැනක් හම්බුවෙනකල්."

"උන්නැහේ, යන්ට එපා ඔහොමම තියන්ට බරබාගේ. ඔය ගොනත් ලෙහෙලා මෙතන දිගේලි කරන්ට, ඔය පිදුරු මිටියත් දාලා. මම කැමති උන්නැහේගේ අවංක කමට. මෙතනට ලොකු ලොකු බර බාග, තිරික්කල්, බක්කි කරත්ත ඔලිං එන හාමුලා, තව ලමාතැනීලා කටේ දිවේ නොගෑවී දෙසා බාන මුසාවාද ඇහුවනම්...හහ්. 'මම මේ කඩේට තමයි ආවේ. අර එහා පැත්තේ අගෝරිසාගේ කඩෙං බුලත් විටක් ඇන්න එඤ්ඤං සුරුස් ගාලා,'  වගේ නා නාප්‍රකාර බේගල් ඇද බාන්නේ. මගේ නෑ කිසිම අනුකම්පාවක් උන්දලට. මුන්නැහේ විතරයි අවංකවම, බොක්කෙන්ම ඇත්ත කිව්වේ. මම අන්න ඒ අවංක බාවයට සලකනවා. මුන්නැහේ බරබාගේ  ඔහොමම තියලා ගිහින් එන්ට. කිසි පුරස්නයක් නෑ."

එදා ඉඳලා එතනින් කරත්තේ දක්කං යන ගානේ මම බලනවා මුර උන්නැහේ පේන්ට ඉන්නවද කියලා. උන්නැහේගේ නමත් කරෝලිස්. හුඟක් දවස් වලට කරෝලිස් ගිණිකසයා වගේ වැඩ. මාව දකින්නේ නෑ. මම හිනාවෙලා කෙවිට උස්සලා 'ආයිබෝං අප්පුහාමි,' කියාගෙන ගියාම උන්නැහෙත් ආයිබෝං කිව්වත්, මම කවුද කින්ද-මන්ද කියලා මතක නැතුව ඇති, අවුරුදු කීපයකට කලින් වෙච්ච සිද්ධියක් නිසා.
 


මේ පහුගිය අවුරුද්දේ  ඔන්න මට යන්ට ඕනේ වුනා කො‍ටුදෙණියේ කීප තැනකට පොඩි වැඩ වගේකට. අපි වෙනදට අර ගිණිගහන අවුවේ, මඩ වලවල් මදිවට කරත්ත රෝද පට්ටම් වලටම කාණු හෑරිච්ච කරත්ත ගාලේ, කරත්තේ ගාල්  කරලා, සතා ලෙහෙලා, අර ගිණිගහන අවුවේ, කණුවක දිගේලි කරලා, පිදුරු මිටියකුත්දීලා, ගාලෙං එලියට  එන්නත් අච්චර දුර ගිණි අවුවේ පයින් ඇවිත්, ඒ මේ අත ඇවිදිද්දි දකිනවා මේ ගුරු පාරවල් අයිනෙම, කෝං ගස්, බුරුත ගස්, හල් ගස්, මිල්ලගස් යට හීල් හෙවනේ ගාල් කරන්න තැං එමට තියෙනවා. එදා එහෙම තැනක් හොයාගෙනම ගියා මායියයි  මායි. 


මම බෙර විකුණන කඩේ අයිනේ හරස් පාරේ ගහක් යට කරත්තේ ගාල් කරලා, එතකල් වම් හක්කේ තිබිච්ච බුලත් හපේ දකුණු පැත්තට මාරු කරන කොටම, ඔන්න සුම්බරයක් හෙම ඔලුවේ බැඳගෙන මුරේ ඉන්නවා ඔරෝගෙන .

"මෙතන අඬබෙර, දවුල් බෙර, යක් බෙර, තම්මැට්ටං හදවගන්ට එන  අයගේ කරත්තවලට විතරයි."

 හෑ. සීවරං දෙයියන්ට ඔප්පුවෙච්චාවයි මේ අවනඩුව! පාරත් අඬබෙර කාරයෝ අල්ලගෙන!

"උඹැහේ බෑරක්ද??"

මම හැකිතාක් දුරට බේගල් කීමෙන් වලකිනවා. ඒකට හේතුව එක බොරුවක් රකින්න තව බොරු දාහක් කියන්
වෙන එකයි, කිව්ව බොරුව කල්පාන්තරයක් මතක තියාගෙන ඉඳීමේ අපහසුවයි ගැන අත්දැකීමෙන්ම දන්න නිසයි. ඔය බොරු කියන උන්ට අමතක වුනාට බොරුව අහගෙන හිටපු උනට ලේසියකට ඒ බොරුව අමතක වෙන්නේ නෑ, මේ කපේට. ඒ නිසා මම ඒ පුරස්නෙට උත්තර දුන්නේ නෑ. මම උන්නැහෙගෙන් ඇහුවා වෙන පුරස්නයක්.

"කොතනින්ද ඇතුලට යන්නේ? මෙතනින් ගියෑකිද?"

ඇත්තටම ඒ  ඉඳිකඩුල්ලනං නිකං කම්මලකට  යන එකක් වගේයි පෙණුනේ අඬබෙර විකුණන තැනකට වඩා. මම එතනින් ඇතුලට යන්න වගේ ලෑස්තියෙන් ඇහුවේ.

මුරේගේ මූණත්තහඩුව බලා ඉන්දැද්දි වෙනස් වුනා.

"මුන්නැහේට මොනවද කරගන්ට ඕනෙ?"

දැන් එතන ඉඳිකඩුල්ල ගාවා බුලත්විටක් ඒද, ඒද හිටි මුර ගැටයත් ඇඟිල්ලෙ ගෑවිච්ච හුණු ඇබින්ද කඩුල්ලේ උලලා මගේ දිහා බැලුවා.

"මගේ බෙරේ ගෙනාවොත් අලුතෙන් හමක් දාගන්ට පුලුවන්ද අහන්ට ඕනේ," මම තරමක් වැරෙන් කිව්වා.

ඔය බෙරේට හමක් දාගන්ට ඕනේ කතාව ඇත්ත. හැබැයි බෙරේ හම ගලවලා පොඩි කොලුවා කැටපෝලෙකට අරං දැං අවුරුදු  බර ගානක් වෙනවා. ඒ කලෙත්, මී නාම්බෙක් වරපොටත් කාලා, හමෙනුත් කෑල්ලක් කාලා තිබුන නිසා, කොල්ලට ඒක ගලවගන්ට කියපු නිසා.

"ආ උන්නැහේ, කරත්තේ  ඔහොම දාලා ඔහොම පල්ලෙහාට ගිහිං දකුණු අත පැත්තට හැරිලා ඉස්සරහට ගිහිං කෝං ගහ ගාවම තියෙන කඩුල්ලෙං පැනලා ඇතුලට යන්ටකෝ. එතන වම් පැත්තේ බිම ඉඳගෙන ඉන්න රතු හීන්දෑරි ගොබිලට කියන්
ට."

මමත් ඒ විදියටම ගිහින්, එතන හිටපු රතු හීන්දෑරි ගොබිලගෙන් ඇහුවා, මගේ මීයෝ කාපු බෙර හමයි, වර පොටවල් ටිකයි ආපහු දාගන්ට ඇහැකිද කියලා බෙරේ ගෙනාවොත්.

"මොකද්දෑ බෙරේ? ගැට බෙරයක්ද?"

මම ඒ පුරස්නවලට උත්තර බැන්දාම, උන් තැනින් නැගිටලා එතන අඩුක් කරලා තිබ්බ හම් ටිකයි වරපොටවල් ටිකයි අතගාලා බලපු ගොබිලා කියනවා.

"මේකට මරඳගහදෙණියටම යන්ට වෙනවා. "

"හැබෑට? අර මුර උන්නැහේ කීවේ මට මෙතනට එන්ට කියලනේ."

"උන්නැහෙල දන්න බිබික්කම! ඔය මේ ඊයේ පෙරේදා මේකට පයගහපු උන්නේ."

ඒ  මේ ඊයේ පෙරේදා මේකට පයගහපු  මුර උන්නැහෙලා මෙලෝ බිබික්කමක් නොදන්න  එක ගැන මගේ හඳුන්පොත කීං ගාන බව මම රතු හීන්දෑරි ගොබිලට පෙන්නුවේ නෑ.

ඊට පස්සෙ, එතනින් කැපිලා අහක යන හං කෑලි වගේකුයි, වරපොටවල් අහුලගත්ත මම,  එලියට ගිහින් අනිත් වැඩ කටයුතු ඔක්කොමත්  කරගෙන, එන ගමන් අර මුර උන්නැහේටත් කැපිලා අහක යන හං කෑල්ලක් අතේ තියාගෙනම 'ගොහිං එඤ්ඤං අප්පුහාමි' කියලා කරත්තෙට නැග්ගේ ඕං.

ඇත්තටම මම මුසාවාදයක් "කිව්වෙත්" නෑ. ඒත් අර කුරහංපිටියේ කරෝලිස් උන්නැහේ මේක දැනගන්නවට නම් මගේ එච්චර මනාපයක් නෑ.

 
***********************************************



සාමාන්‍ය මිශ්‍රණය Full Cream Version
කොල්ලුපිටියේ ගාලු පාර පළල් කරලා. දෙපැත්තේ පේව්මන්ට් හදලා පාට ටයිල් දාලා එක වැඩයි. අවුලකට තියෙන්නේ වාහනයක් පාක් කරන්න තැනක් නැති එක තමයි. අර ටයිල් උඩින් දාලා පාක් කරන්න ඉඩ දෙන තැන් හැමතැනම අයිතිකාරයෝ ඉන්නවා. එහෙම නැතිනම් දැනටම ත් කවුරුහරි අල්ලගෙන. මට යන්න ඕනේ කොල්ලුපිටියේ PC Partner එකට. එතනින් මම වතාවක් hp ලැප්ටොප් එකක් වගේම හොඳ යාලුවෙකුත් ගත්තා. අපි ගියේ අන්න ඒ යාලුවව හම්බවෙන්න පොඩි වැඩකට.

අපි මේ රවුම ගහලා එන තුන් වෙනි වතාව. වාහනේ රිංගවන්න කිසිම ඉඩක් නෑ. PC Partnerට ටිකක් මෙහායින් තියෙනවා TNT කියලා  ගහපු තැඹිලි පාට- දුඹුරු පාට බිල්ඩිං එකක්. ඩයිනමයිට් වගේ තමයි. අන්න මේ වතාවේ එතන තියෙනවා යාන්තම් වෑන් එක රිංගවගන්න තැනක්. මම පිටිපස්ස බලලා සිග්නල් දාලා බෲස් ගාලා දැම්මා එතනට. ගිහින් වාහනේ කිසිම කොටසක් තහනම් කලාපයට ඉහලින් දික් නොවෙන්න පාක් කලා විතරයි, ඔන්න TNT එකේ ඉඳලා ආවා සිකියුරුටි බුවෙක්. කලුයි, තරමක් මහත පැත්තට බරයි. හැබැයි ප්‍රසන්න හිනාවක් තියෙනවා කියලා මට හිතුනා.

"සර්, කොහාට යන්නද? TNT එකටදද?"

"අනේ නෑ. මම ඔය කොම්පැණියෙ මොනවද කෙරෙන්නෙ කියලවත් දන්නේ නෑ. මට යන්න ඕනෙ අන්න අර PCPartner එකට. එතන ඉඩ නෑ. ඒකයි මෙතන දැකලා මෙතනට රිංගුවේ."

පොර හිනාවක් එක්කම මා දිහා බලා ඉන්නවා. ඒක සමච්චල් හිනාවක්ද කියලා මට හිතාගන්න බෑ.

"හරි මං යන්නම්. මම තුන් පාරක් මෙතනින් ගියා පාක් කරන්න තැනක් එනකල්."

"සර්, යන්න එපා ඔහොම තියන්න වාහනේ. මම කැමති සර්ගේ අවංක කමට. මෙතනට ලොකු වාහන වලින් එන මහත්තුරු, තව හෙන හයිෆයි නෝනලා කටේ දිවේ නොගෑවී කෙලින බොරු ඇහුවනම්...හහ්. මම එහා පැත්තට ගිහින් එනවා. කොම්පැණියට තමයි ආවේ වගේ නා නාප්‍රකාර කෙබර ඇද බාන්නේ. මගේ නෑ කිසිම අනුකම්පාවක් එයාලට. සර් විතරයි දෙපාරක් නොහිතා අවංකවම, බොක්කෙන්ම ඇත්ත කිව්වේ. මම අන්න ඒ අවංක බාවයට සලකනවා. සර් ඔහොම වාහනේ තියලා ගිහින් එන්න. කිසි අවුලක් නෑ."

එදා ඉඳලා එතනින් යන ගානේ මම බලනවා  පොර ඉන්නවද කියලා. පොරගේ නමත් කරූ. හුඟක් දවස් වලට පොර හෙන බිසි. මාව දකින්නේ නෑ. මම හිනාවෙලා අතවනාගෙන ගියාම පොරත් අත වැනුවත් මම කවුද කියලා මතක නැතුව ඇති අවුරුදු කීපයකට කලින් වෙච්ච සිද්ධියක් නිසා.


මේ පහුගිය අවුරුද්දේ  ඔන්න මට යන්න ඕනේ වුනා කො‍ටුවේ කීප තැනකට පොඩි වැඩ වගේකට. අපි වෙනදට, අර ගිණිගහන අවුවේ, අලි වලලන වලවල් මදිවට, ට්‍රෑම්කාර් පීලිවලින් පවා පිරිච්ච, කො‍ටුවේ කාර් පාක් එකේ වාහනේ නතර කරලා, ඒකෙන් එලියට එන්නත් අච්චර දුර ගිණි අවුවේ පයින් ඇවිත්, ඒ මේ අත ඇවිදිද්දි දකිනවා, මේ පාරවල් අයිනේ වාහන පාලිකාවෝ වාහන බලාගන්න හොඳ හෙවන තැන් තියෙනවා. එදා එහෙම තැනක් හොයාගෙන ගියා අපි දෙන්නා.

මම ටෙලිකොම් එක අයිනේ හරස් පාරේ ගහක් යට වෑන් එක නවත්තලා එළියට බහිනකොටම ඔන්න සික්‍යුරිටි බුවා ඉන්නවා ඔරෝගෙන.

"මෙතන ටෙලිකොම් එකට එන වාහන වලට විතරයි."

 හෑ. පාරත් ටෙලිකොම් එකෙන් අල්ලගෙන.

"කොහේටද යන්නේ?" (මේකා නම් කරූගේ අහලකින්වත් තියන්න බෑ.)

මම  හැකිතාක් දුරට බොරු කීමෙන් වලකිනවා. ඒකට හේතුව එක බොරුවක් රකින්න තව බොරු දාහක් කියන්න වෙන එකයි, කිව්ව බොරුව සදහටම මතක තියාගෙන ඉඳීමේ අපහසුවයි ගැන අත්දැකීමෙන්ම දන්න නිසයි. ඔය බොරු කියන උන්ට අමතක වුනාට බොරුව අහගෙන හිටපු උනට ලේසියකට ඒ බොරුව අමතක වෙන්නේ නෑ අවුරුදු ගානකට. ඒ නිසා මම ඒ ප්‍රශ්ණෙට උත්තර දුන්නේ නෑ. මම ඒ වෙනුවට බුවාගෙන් ඇහුවා වෙන ප්‍රශ්ණයක්.

"කොතනින්ද ඇතුලට යන්නේ? මෙතනින් ගියෑකිද?"

ඇත්තටම ඒ ගේට්‍ටුව නම් නිකම් වෙයා හවුස් එකකට යන එකක් වගේයි පෙණුනේ ටෙලිකොම් වුනාට. මම එතනින් ඇතුලට යන්න වගේ ලෑස්තියෙන් ඇහුවේ.


පොරගේ මූඩ් එක බලා ඉන්දැද්දි වෙනස් වුනා.

"සර්ට මොනවද කරගන්න ඕනෙ?"

දැන් එතන ගේට්‍ටුව ගාවා මුරකුටියේ ඉඳගෙන ෆයිල් එකක මොනවද ලිය ලියා ඉන්න පොරත් මගේ දිහා බැලුවා.

"මගේ ෆෝන් එක ඩිස්කනෙක්ට් කරලා. මට අන්න එක ගැන කතාකරන්න ඕනේ." මම තරමක් තියුණු හඬකින් කිව්වා.

ඔය කතාව ඇත්ත. හැබැයි එහෙම කරලා දැන් අවුරුදු බර ගානක් වෙනවා. ඒ කලෙත් මම ඉල්ලීමක් කරපු නිසා.

"ආ සර්, වාහනේ ඔහොම දාලා, ඔහොම දිගටම ඇවිදගෙන ගිහින්, දකුණට හැරිලා  අරලිය ගහ ගාවින් තියෙන දොරෙන් ඇතුලට යන්න. එතන වම් පැත්තේ ඩෙස්ක් එකේ ඉන්න මහත්තයට කියන්න"

මමත් ඒ විදියටම ගිහින් එතන හිටපු ප්‍රසන්න මූණක් තියෙන බුවාගෙන් ඇහුවා මගේ විසන්ධි කරලා තියෙන ෆෝන් එක ආපහු ගන්න මොකද කරන්න ඕනේ කියලා.

"මොකක්ද නොම්මරේ?"

ඔන්න මම නොම්මරේ දුන්නා වෙඩි වාගේ.

"මේකට සර්ට මරදානට යන්න වෙනවා.," ප්‍රසන්න මූණ කොම්පියුටරේ චෙක් කරලා බලලා කිව්වා.

"ඇත්තට? අර සිකියුරිටි එකෙන් කිව්වේ මට මෙතනට එන්න කියලනේ."

"ඒ ගොල්ල දන්නේ නැතුවයි එහෙම කියන්නේ. එයාලා අලුත් අය."

ඒ  අලුත් අය දන්නේ නැතිමට  එහෙම කිව්ව එක ගැන මට සතු‍ටු බව මම ප්‍රසන්න මූණට පෙන්නුවේ නෑ.

ඊට පස්සෙ එතනින් ෆෝම් වගයකුයි ලීෆ්ලට් ටිකකුයි අරගෙන එලියට ගිහින් අපිට කො‍ටුවෙන්  කරගන්න තිබිච්ච අනිත් වැඩ ටිකත් කරගෙන එන ගමන් අර සික්‍යුරිටි බුවාටත් ටෙලිකොම් ෆෝර්ම් එකක්ම උස්සලා ටටා කියලා වෑන් එකට නැග්ගේ ඕං.

ඇත්තටම මම බොරුවක් "කිව්වෙත්" නෑ. ඒත්  අර කොල්ලුපිටියේ කරූ මේක දැනගන්නවට නම් මගේ එච්චර මනාපෙකුත් නෑ.


 මේ කතාවෙම තව වර්ෂන් එකක් තියෙනවා. ඒ තමයි ඉංග්‍රීසි වර්ෂන් එක. මෙන්න තැන. Parallel Parking of Honest and Dishonest Parking @ HeyDude.




Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.

101 comments:

  1. ඔය බොරු කියන උන්ට අමතක වුනාට බොරුව අහගෙන හිටපු උනට ලේසියකට ඒ බොරුව අමතක වෙන්නේ නෑ :D :D
    ඒකනම් සහතික ඇත්ත, ඒත් ඉතින් සමහර වෙලාවට අපිලවා බොරු කියවගන්න අයත් ඉන්නවා :P

    ReplyDelete
    Replies
    1. අත්දුටූවයි සත්තයි ගොළුබෙල්ලා. ඇත්ත කියන එක ඊට වඩා හුඟාක් ලාබයි.
      ඔව්. බොරු කියවගන්නවට නම් කරන්න දෙයක් නෑ තමයි.

      Delete
  2. අතීත කතාවයි වර්තමාන කතාවයි බොහොම සමානයිනෛ්. අද කොළඹ පාකින් කරන එක නං හෙනම කට්ටක් කන වැඩක්. අර කොළපාට ඇඳන් ඉන්න අක්කලා දෙන ටෝක් අහපුවාම ආයි වාහන පදවන්න හිතෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මිනුවන්ගොඩ් ටවුන් එකේ ඉස්සර හිටියා ඔය වගේ අක්කා කෙනෙක්,,අම්මේ මිනිස්සු බයයි එයාට

      ලිපියේ කොටස් දෙක හොදට මෙවුවා වෙනවා ඉදගෙන
      නියමයි :))

      Delete
    2. අතීත කතාව නෙවෙයි බං. මුල එක deනයිed නොහොත් නයි ඉවත් කරපු එක. හරියටම යොදය ඉවත් කරපු කිරි වගේ. නැතිනම් ඩීකැෆ් කොෆී වගේ. ඇත්ත එක වගේ නමුත් ඇත්ත නෙවෙයි. මුල එක හිතෙන් මවාගත්ත එකක්. දෙවෙනි එක full version එක තමයි ඇත්තටම වෙච්ච කතාව.

      Delete
    3. ‍දෙවිය‍නේ පලමු එක නයා ‍නෙ‍මෙයි මුචලින්ද‍ගේ මිමුත්තා ව‍ගේ.

      ලියලා ති‍යෙන්‍‍නේ සන්නස්ගල‍ගේ මහඅප්‍‍පොච්චි ව‍ගේ.

      Delete
    4. හෙහ් හෙහ්? කෙලියානේ තාප්පෙටම! :-O

      Delete
  3. උඹ කොටුදෙණියේ ගියෙ කවද්ද,මාත් ගියානෙ.උඹත් ගියෙ කොටු පනින්නද?

    ReplyDelete
    Replies
    1. නෑ මචං මේ හමක් හොයාගන්න. ආ උඹත් ඒකටම තමයි ගිහින් තියෙන්නේ නේ. :-O

      Delete
  4. මා මචං ඔය, යොදේ ඉවත් කරපු ඒවාට එතරම් ආස නැහැ. දෙවෙනි එක විතරයි කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි මචං. ස්කිම්ඩ් මිල්ක්, decaf කොෆී ඔය කිව්වට නියම එක නෙවෙයි. සමහරවිට හිත රවටා ගන්න කරන වැඩ.

      Delete
  5. deනයිed වර්ෂන් එක මරු නයිed වර්ෂන් එකත් මරු , කොළඹ හැම පාරකම අයිති කාරයෝ වැහිවහලා , තනියෙන් වාහනයක් අරන් ගියොත් කරකැවී කරකැවී ඉන්න වෙන්නේ කඩ වහනකම්ම , ඊට හොඳයි බස් එකෙක් ගිහින් වැඩේ කරන එන එක

    ReplyDelete
    Replies
    1. deනයිed වර්ෂන් එක ගොතාගන්න එකත් හරිම ජොලිවැඩක් වුනා මට නම්. දවසක් කල්පනා කලා PC Partner ගෙන් hp ලැප්ටොප් එකක් ගත්ත එකේ නයි අයින් කරන්නේ කොහොමද කියලා. රයිම් වෙන වචන හොයලා හොයලා පස්සේ පිස්සු පීතර අප්පුගේ කඩෙන් ගත්ත කිඹුලා වෙල් උදළු තලේට සෙට්ල් වුනා.

      Delete
  6. වර්තමාන කතාවට පෑහෙන්න ගොතාපු අතීත කතාව මාර ලස්සනයි. :D :D

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම බස්සී, මේක අතීත කතාවක් නෙවෙයි. නයි ඉවත් කරපු (deනයිed) කතාවක්. නයි ඉවත් කලෙත් ඇත්තටම නයි ඉන්නවටත් නෙවෙයි. අර වතුර බේසමෙත් කිඹුලෝ දකින සමහරු හැම කතාවෙම නයි ඉන්නවද කියලා හොයනවා.
      ඒක හරියට අඟුරුයි බෝඹු කෝ‍ටුවෙනුයි දත් මදින එකාට ටූත් පේස්ට් වලින් දත් මදින එක නයි ඇරීමක් වගේ පේන්නා වගේ. ඇත්තෙන්ම එතන නයි ඇරීමක් නෑ. තියෙන්නේ ඩත් ටික මැදගැනීම පමණයි. නමුත් අනිකා ඕක පිළිගන්න කැමති නෑ.

      Delete
    2. පයින් යන එකා කවුරු හරි බයිසිකලයක් ගැන කියන එක දකින්නෙ නයි ඇරිල්ලක් විදියට.
      බයිසිකල් එකේ යන එකා කවුරු හරි මෝටර් බයික් එකක් ගැන කියන එක දකින්නෙ නයි ඇරිල්ලක් විදියට.
      මෝටර් බයික් එකේ යන එකා කවුරු හරි කාර් එකක් ගැන කියන එක දකින්නෙ නයි ඇරිල්ලක් විදියට.
      කාර් එකේ යන එකා කවුරු හරි පිටරටකට ගිය එක ගැන කියන එක දකින්නෙ නයි ඇරිල්ලක් විදියට.

      ඔය නයි චක්‍රය කෙලවරක් ඇති එකක් නෙමෙයි ඩූඩ් අංකල්. වෙනකක් තියා මේ deනයි කිරිල්ලත් නයි ඇරිල්ලක්මය කියන්න බැරි උන්දලා නෙමෙයි ඉන්නෙ. මනුස්ස ස්වභාවයනේ.

      Delete
    3. //ඔය නයි චක්‍රය කෙලවරක් ඇති එකක් නෙමෙයි //

      Over-analyzing can bite you from behind, eh?
      නයා උගෙම වලිගෙ ගිලිනව වගෙ ! ;-)

      Delete
  7. මම හිතුවෙම පලවෙනි එක කෙටි කථාවක් කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙමද සංජීව? ඒක ඔය උඩින් මම ඉව්වා වගේ නයි ඉවත් කරපු (deනයිed) කතාවක්. විතරයි. නයි ඉන්නවට නෙවෙයි. ෆෝබියාවට.

      Delete
  8. ඔයි වගේ අඥ්ඥකොරොස් කතා දැම්මම අපිවගේ විධග්ධ පුරුසයොන්ගෙ මුඛපූට්ටුවෙනව කියල තමන් දැනගන්ටෝනෑ. මං වේලපහ උන්නෙ පරණ කතාවක් ලියනවැයි කියල. හෙහ් හෙහ්...

    ලා දුඹුරුපාට කොටු වැටිච්ච සුදු සරමට අත් දිග සුදු මේස්බැනියම ඇඳපු කට්ට කළු අප්පුහාමි එකපාරටම නිල් ඩෙනිමක් ඇඳන් පිටකොටුවෙ ටෙලිකොම් එක ඉස්සරහින් මතු උනාම හයියෝ අර කලින් හිතාගෙන උන්න පරිසරයට හෙණගැහිල ගියා බං. උඹ නම් මහ අපරාධකාරයෙක් !!!

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ උඹ ඒ වගේ පරිසරයකට ආසයි කියලා?
      අනේ මට නම් ලයිට් නැති, පාරවල් නැති, වතුර ගේන්න, බස් එක අල්ලගන්න හැතැම්ම ගානක් පයින් බඩ ගාන්න තියෙන, රෑට අලි එන පරිසරේකට කැමති නෑ බං.

      Delete
    2. හෙහ් හෙහ්.. දවසක් මමයි පන්සල් හන්දියයි තවත් එකෙකුයි ගියානෙව එහෙම පළාතකට එකෙක්ව බලන්න

      Delete
    3. මම ඔය උඹ කියන දවසේ මතකද උඹලගේ ගේ කිට්‍ටුවට ඇවිත් උඹට කතාකලා? මම දන්නේ නෑනේ උඹ එදා ගමේ ගියේ පංසලත් එක්ක කියලා.

      Delete
  9. වර්සන් දෙකම ටොප් ...ඒ කාලෙත් එහෙම වෙලා තියේ එහෙනම් !

    ReplyDelete
    Replies
    1. අනේ මේ ඒ කාලේ වෙච්ච එකක් නෙවෙයි බං. ඔය යට තියෙන ඇත්තම සිද්දිය deනයි කරලා ලිව්වා. එච්චරයි.

      Delete
  10. මචෝ අර මුල් කතාව ලිව්වේ උඹද කියලා මට හිතාගන්නත් අමාරු උනා... මම හැමදාම කියන්නේ උඹ මල්ටි ටැලන්ටඩ් පොරක් කියලා.. කතා දෙකම රහයි.. ආයෙත් ලියනවට ස්තූතියි.. පොටෝ නම් එපා සත්තරන්...

    ReplyDelete
    Replies
    1. තැංකූ මචං. ඒ වුනාට ෆෝටෝස් ගැනිල්ලත් ඒඋඹ කියන මල්ටි ටැලන්ට් වලින් එකක් තමයි. හිටහං. අනිත් ඡායාරූප සහිත සංචාරක් සටහන උඹේ ඉල්ලීම නිසාම ඉක්මනටම දාන්නම්. :D

      Delete
  11. මම ඒත් බැලුවෙ මේ පැත්තෙ එන්න බැරි උන කාලෙට ඩූඩ් අයියා කෙටි කතා ලියන්නත් අරන් කියලා. හැබැයි Deනයිed Version එක කියෙව්වහම හිතෙනවා කෙටි කතා ලියන්න ගත්තොත් නම් නැගල යයි කියලා.

    ReplyDelete
    Replies
    1. ගිමන් නිවන්නා පරිවාස කාලේ ඉවර වුනාද මෙච්චර ඉක්මනට?
      කෙටි කතා නේද? කෙටි කතාවලට ගැලපෙන්නේ ඒ වගේ ගැමි පරිසර වර්ණනා විතරද කියලත් ප්‍රශ්ණයක් ආවා මට.

      Delete
    2. අවුරුද්දක් ගියා දැනුනෙවත් නෑ. අපෝ නෑ කෙටි කතා වලට ඉතින් ඕන එකක් ගලපගන්න පුලුවන් හැකියාව අනුව.

      Delete
  12. ඩූඩ්.....පිස්සු බාබත් වුනා. මරු ලියවිල්ල බන්. මම මුල් කතාව හිතුවේ ඇත්තම කතාවක් කියලා. යට එකෙන් උඩ එක හැදුවාද? උඩ එක හදලා ඊට පස්සේ යට එක හැදුවාද? නියමයි.

    ReplyDelete
    Replies
    1. යට එකෙන් උඩ එක හැදුවා බං. යට එක තමයි ඇත්ත කතාව. උඩ එක එක නයි නැති ෆැන්ටසිය.

      ඒක copy & paste කරලා ගැමි කරගෙන කරගෙන ගියා. හැබැයි ටිකක් කල්පනා කරන්න වුනා මොකද ඒක කෘතිමව ගැමි කරන්න වෙච්ච නිසා නයි අයින් කරන ගමන්.

      ඇත්තෙන්ම උඹ කෙටි කතා, සාහිත්‍ය පිස්සා නිසා උඹට මේ උඹෙන් අහන්නේ, උඹ මේ පෝස්ට් එකෙන් තෙරුම් ගත්තේ මොකක්ද?
      ස්තුතියි බං.

      Delete
  13. හම්බෝ බොරු කියන එකාට වඩා බොරුව අහන් ඉන්න උන් ඒ බොරුව මතක තියා ගන්න එක ඇත්තම තමා. අනික මොන විච්චූරණ දාලා බොරුව වැහුවත් කවදාම හරි හෙළි වෙනවම තමා. එහෙම එකේ අරහෙම කරන එක අවුලකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. සමහරු විභාග ප්‍රතිඵල ගැන බොරු කියනවා. එතකොට, වයස, රස්සාව, අතීතය ඔය වගේ හැම එකක් ගැනම බොරු කියනවා. කරුමෙට අහගෙන ඉන්න අපිට ඒ බොරු සමහරක් මතක තියෙනවා. බොරු කියන එකා එක එක වෙලාවට එක එක බොරුව කිව්වොත් වැඩේ මාට්‍ටු වෙනවා. මම මේ අදත් මූවී එකක දැක්කා
      We keep on saying the same thing over and over again until we forget that it is a lie කියලා

      Delete
  14. අම්මපා එකම සිද්ධිය දෙපාරක් කිසිම කම්මැලි කමක් නැතුව කියවපු පලවෙනි අවස්ථාවද මන්දා මේක. ඔය පරලල් පාකින් කියන එක ලංකාවේ කරන්න බැහැ නේද? ඇයි ඉතින් පාක් කරන්න හිතාගෙන නැවත්තුවොත් පස්සෙන් එන එකා හොම්බෙන් ඇනලාත් ඉවරයිනේ :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේක සෙලිබ්‍රේට් කරන්න වටින විශේෂ අවස්ථාවක්නේ. ස්තුතියි සයුරි.
      ලංකාවෙත් පැරලල් පාකිං තමයි කරන්නේ සයුරි. නැතිනම් සයිඩ් මිරර් එක අරං යනවා පිට්පස්සෙන් එන බස් කාරයෝ.

      Delete
  15. මරු වැඩේ! එකම class එකෙන් object දෙකක් හදලා!!! variable values ටිකයි parameters ටිකයි පොඩ්ඩක් වෙනස්!

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි වුනේ නාඩියා. ඔය තේරුනේ අර මොකාටද වගේ. :D

      Delete
    2. මේ නාඩියා මට ෂුවර්... කොම්පීටර් වලට කෝඩ් කොටන හාදයෙක්!

      Delete
  16. මෙච්චර එක එකාට කාර් තියෙන රටවලවත් නෑ බං ලංකාවේ තරම් පාකින් ප්‍රශ්න.
    මම නම් ඒකට හොයාගෙන තියෙන්නේ වෙන විසදුමක්. මම යන්නේ පාකින් තියෙන තැන් වලට විතරමයි. අන්තිමට ප්ලේන් ටී එකක් බොන්න ගියත් දාහක් හමාරක් කුඩු වුනාට ස්ට්‍රෙස් වෙන එක හරි අඩුයිනේ.
    ( මගේ යාළුවෙක් ඉන්නවා ඌ ඉන්නවා නම් අපිට පොලිස් මාමලත් සැලියුට් කරලාම පාකින් හොයලා දෙනවා. අපි ඌට කියන්නේ සාරි අඳින ඩ්‍රයිවර් කියලා. )

    ReplyDelete
    Replies
    1. ඒක පුදුමාකාර ස්ට්‍රෙස් එකක් තමයි.
      අරූට පුදුම ලැබීමක්නේ තියෙන්නේ. එහෙම ලකී පොරවල් ඉන්නවා. ගෑණු පිරිමි බේදයක් නැතුව උන්ට අනිත් උන් වශී වෙනවා. ඒක අපේ මූණු. කරදර හොයාගෙන එන්නේ.

      Delete
  17. එකම භාෂාවෙනුත් පරිවර්තන කරන්න පුළුවන් බව ඔන්න උඹ පෙන්නනකම්ම හිතුන්නෑනෙ.. ආයේ දිගාරින්න දෙයක් නෑ සුපිරියි... ඩිනයිඩ් එකත් පට්ට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා. උඹ ප්‍රොෆයිල් පික්චර් එකට මොකක්ද බං ඒ පාර දාගෙන ඉන්නේ? මටනම් තේරුනේ නෑ ඒක. අතු රිකිළිද?

      Delete
    2. උඹ දන්නවද "කෝල් ආර්ට්" ( මගේ වචනයක් හරිද ? එහෙම එකක් තියනවද කියලා මම දන්නේ නෑ ) ගැන? ඔය පින්තූරෙ ආරම්බය මම කෝල් එකක් ඉන්න ගමන් කුරු‍ටු ගාපු එකක්. ඒක නිකන් උණ ගහක් වගේ ඇඳිලා තිබුනා පස්සෙ බලනකොට.. ඊට පස්සෙ මම ඒකම තව ටිකක් වැඩි දියුණු ( විනාස :D ) කළා.. ඕක ඇතුලෙ හරහට දිගට පැත්තට Sennaa කියන එක ලියවිලා තියනවා...

      Delete
    3. ඕකට doodling කියලා අපි කියන්නේ සෙන්නා. ෆෝන් කරනකොට විතරක් නෙවෙයි. ලෙක්චර් අහගෙන ඉන්නකොට වගේ අවස්තාවලදිත් අපි doodling කරණවා. ඕවායින් චරිත ලක්ෂන හෙලිවෙන බවත් කියවෙනවා.

      Delete
    4. ඔව් මාත් එහෙම එකක් අහලා තියනවා.. උඹට දැන් හිතා ගත්තෑකිනෙ මගේ චරිත ලක්ෂණ මේක දිහා බැලුවාම... හෙහ් හෙහ් :D

      Delete
  18. මුල ටික කියවගෙන එද්දී වෙන කවුරු හරි ලියපු එකක් දාලද කියල හිතුන මචං ....
    බැලුවම උඹ උගන්වන්න විතරක් නෙමේ ලියන්නත් හපනෙක් කියල මේ ලියවිල්ලෙන් ඔප්පු කරල බං ....
    කතා දෙකම එල....... පළමු කතාව අකුරු කිරිල්ල සුපිරියෙ උපරිමය....

    ReplyDelete
    Replies
    1. මට මේ කමෙන්ට් වලින් තේරුම් ගන්න පුලුවන් කාරණා දෙකක් තියෙනවා.
      එකක්, උඹලා පුදුම වෙනවා මම ගැමි වහරකින් ලිව්වාම, මොකද උඹලා මාව නිකම්ම බටහිර නාගරික ආකෘතියකට සීමා කරලා තිබිලා ඉඳලාද කොහෙද නිසා.
      අනික, උඹලා ගැමි පරිසරයකට විශේෂ ඇල්මක් දක්වනවා මෙතනදි ඒක කෘතිම එක වුනත්.
      ස්තුතියි කෙන්ජි.

      Delete
  19. අතීත කතාව වැඩියෙන් ලස්සණයි. මම කියවපු ලස්සණම කතාවක් කියලා කියෝගන යනකොට තමා වර්තමානේ එක දැක්කේ. හරිම අපූරුයි ඩූඩ්. මට තාමත් අර අතීත කතාවේ එන සමහර වචන ඔලුවේ කැරකෙනවා වගේ. :)

    ReplyDelete
    Replies
    1. මටත් කවියක් කියවලා ඊට පස්සේ කතාවක් කියවනකොට තාලෙට කියෙවෙන ලෙඩක් තියෙනවා.
      දෙයියෝ සාක්කි. අරක අතීත කතාව නෙවෙයි. ඒක නයි ඉවත් කරල ෆැන්ටසිය.
      ස්තුතියි පොඩ්ඩි.

      Delete
  20. ඇත්ත කතාවට ලුණු ඇඹුල් ඇතුව කලිං කතාව ලියල තියෙනව.. පට්ටයි..
    කොළඹ ඔහොම ප්‍රශ්න වෙලා නෑ...
    මොකද අපි එන්නෙ කොච්චියෙ නෙව..
    කෑගල්ලෙදි නංඅනන්ත නාල තියෙනව ;
    මක් කරන්නද
    නඩ්‍ුත් උන්නෙ බඩුත් උන්නෙ

    ReplyDelete
    Replies
    1. >>ඇත්ත කතාවට ලුණු ඇඹුල් ඇතුව කලිං කතාව ලියල තියෙනව<<
      ඇත්තෙන්ම ඒක තමයි කරන්න උත්සාහ කලේ මහේෂ්.
      මමත් කෑගල්ල හරහා අනන්ත ගිහින් තියෙනවා. ඒකත් මාර වහක් තමයි. දවසක් උඹලගේ කෑගල්ල ටවුන් එක මැද්දෙදි අපිට අමතක නොවෙන වැඩක් වුනානේ බං.
      පාර මාරුවෙන කහ ඉරි ගාවා පොලිස් කාරෙයෙක් යොදලා හිටියා. පොර ඒ වැඩේ කර කර හිටියට එක පාරටම මම කහ ඉර උඩින් යන්න හදද්දි කට්ටියක් පොලිස් කාරයත් ඉන්දැද්දිම පාර මාරු වෙන්න පාරට පැන්නා. මම බ්‍රාස් ගාලා නැවැත්තුවා. උඹ විශ්වාස කරන එකක් නෑ ඊට පස්සේ වෙච්ච වැඩේට.
      පොලිස් කාරය ඕයි තමුසේ කියලා මට බැන්නනේ බං වාහනේ නතර කරලා අනතුරක් වලක්වා ගත්තට.
      නඩුත් උන්ගේ බඩුත් උන්ගේ තමයි.

      Delete
  21. දැං කෝ නයි එක්ක මිශ්‍රණය. කියල වැඩක් නෑ කතා දෙකනං නියමෙට මැච් වෙලා තියෙනව වගේම උඩ කතාව නියමෙට ලියල තියෙනව.
    ඔය TNT කියන්නෙ කුරියර් සර්විස් එකක් නේද?
    ඔය පාකින් ප්‍රශ්නෙ රත්නපුර ටවුන් එකෙත් තියෙනව. කඩකාරයො කඩ ඉස්සරහ බයික් එකක්වත් හරහට නවත්තල තියෙනව වාහන දානවට. හරි විදියටනං කොච්චර ලොකු ආයතනයකට උනත් පාර අයිති කරගන්න බෑ.

    //එතන හිටපු ප්‍රසන්න මූණක් තියෙන බුවාගෙන්// අපි වගේ මූනු තියෙන අය රතු හීන්දෑරි ගොබිලට සමාන කළේ කොහොමද බොල. :D

    ReplyDelete
    Replies
    1. දැන් කෝ නයි මිශ්‍රණය. ඇත්තෙන්ම ඒකත් හොඳ පොයින්ට් එකක්. ඇත්තෙන්ම පරණ වෑන් කට්ටක ඇති නයෙක් නෑ. ලැප්ටොප් එකක ඇති නයෙක් නෑ. ලෑන්ඩ් ෆෝන් මොන නයිද බං? ඒත් මේකෙත් නයි දකින උන් ඉන්නවා. උඹ බලාපං මම උඩ බස්සිට ලිව්ව රිප්ලයි එක.
      එතකොට සමහරු හිතනවා හැමදෙයක්ම ගැමි කලාම එතන නයි නැතුව යනවා කියලා. ඒ නිසා කාපු මකුණයි, නොකාපු මකුණයි ඔක්කොටම වැඩේ දෙන්න වෙනවා. අනික ප්‍රසන්න, කාපු එකා බඩ පිරිලා නිසා නොකා ඉන්නත් ඉඩ තියෙනවා වගේම වගේ මේ වනතෙක් නොකාපු මකුණා ඉස්සරහටත් නොකා ඉඳී කියලා ගැරන්ටියක් නෑ. මොකක්ද විසඳුම? සමූලඝාතනය.
      TNT කූරියර් සර්විස් එකේ තමයි ගමේ මාඋ කූරි විකුණන්නේ.
      මම හිතුවේ උඹ රතු හීන්දෑරි බුවෙක් තමයි කියලා බං. එහෙම නෙවෙයිද?

      Delete
  22. මචං පළවෙනි එක ලිව්වෙ උඹ කියලා හිතන්නවත් බෑ. උඹ ඒ වගේ ශෛලියකින් ලියලා තියනවා මම දැකලම නෑ. මම බලනකොට බැලුවා කවුරු හරි උඹට ලියලා එවපු එකක්ද කියලත්....

    ඒ කාලෙත් එහෙමයි එහෙනං ඈ....

    මේ එක නෙමේ.. උඹමද උඩ එකත් ලිව්වේ?

    ReplyDelete
    Replies
    1. >>ඒ කාලෙත් එහෙමයි එහෙනං ඈ.... <<
      කාලය පිළිබඳ ප්‍රශ්ණයක් නෙවෙයි බං මේක. ඇත්තටම වෙච්ච සිද්දියක් deනයි කිරීම පමණයි. උඩ තියෙන බස්සිගේ සහ ප්‍රසන්නෙගේ කමෙන්ට් වලට දාපු රිප්ලයි බලාපං හොඳ එකා වගේ.
      >>මේ එක නෙමේ.. උඹමද උඩ එකත් ලිව්වේ?<<
      ඔව් බං.. ඇත්ත එක copy&paste කරලා ඒක ගැමි කලා.
      But I didn't miss the compliment you made in that question. Thanks.

      Delete
  23. ඒ කියන්නේ ඒ කාලෙත් මේ කාලෙත් වෙනසක් නැහැ.කියන එකද?

    සමහරක් විට ඒ ආයතන නගරසභාවට මොකක් හැර බද්දක් ගෙවල තමන්ගේ ආයතනය ඉදිරිපිට වාහන නවත්වන්න වෙන් කරන් ඉන්නවා වෙන්න බැරිද ඩුඩ් අයියේ.?

    ReplyDelete
    Replies
    1. අනේ බං මනෝජ් මේ කාලය පිළිබඳ දෙයක් නෙවෙයි.
      උඹ කියන දේ ඇත්ත වෙන්න පුලුවන්. නමුත් ප්‍රශ්ණය ඔය වැඩේ හැම ආයතනයටම කරන්න බැරි කමයි . ඕවා නගර සැලසුම් සහ ගොඩනැගිලි සැලසුම් ප්‍රශ්ණ. ඒ නිසා වාහන පාවිච්චි කරන මිනිස්සු පුදුම අමාරුවක වැටෙනවා. හරියට ඒක අපරාධයක් වගේ.

      Delete
  24. කරු මරු. හැබැයි කොහොමද එනකොට කන්නාඩියක් උස්සලා තිබ්බනම්.අවoක කමට.

    මෙහෙමත් පුලුවන්. පාක් කලා හෝටලයක කා පාක් එකේ , ගියා ඇතුලට . ආව ඉස්සරහ දොරෙන් එලියට ගත්තා ත්රි වීල් එකක්.. එහෙමත් පුලුවන් ඒකයි කිව්වේ :)

    ReplyDelete
    Replies
    1. ඔව්. නමුත් අර පොර නම් එහෙම පොරක් නෙවෙයි. එළම බුවා.
      ඔව්.මමත් ඊට සමාන දේ කරන්න පෙළමෙනවා.

      Delete
  25. ශා මේ ලියල තියෙන විදිහ හරිම ලස්සනයි වෙනස් ඩුඩ්. කියවගෙන ගියේ එක හුස්මට. ඇත්තටම හරිම දුලබ ටැලන්ට් එකක්! :-h

    සමහර වෙලාවට white lies කියන්න වෙනවා....ඒකට කමක් නෑ. අපි කරෑට [ කරෝලිස්ට] කියන්නෑ :D .... තව මේ වගේ ලස්සන කතා ලියන්න. ඩිනයිඩ් පින්තුරෙත් ලස්සනයි. ඒඅ වචනේ ඔය විදිහට හිතුවෙ ඩුඩ් විතරද කොහෙද :-f

    ReplyDelete
    Replies
    1. Thank you Hiruz theories.
      සමහර වෙලාවට white lies කරන්නත් වෙනවා. මේ එහෙම අවස්තාවක්.
      ඔව් deනයිed මම invent කලා. කොපිරයිට් සී දාන්න අමතක වුනා.

      Delete
    2. අනේ අම්මපා..රටකට ගිය කල. දෝණියැන්දා, තාත්තට කතා කරන්නේ නම කියලා. 8:)

      හරිම ලස්සන ගැලපීමක් ඩූඩ්.

      Delete
    3. හෙහ් හෙහ්. බ්ලොග් ලෝකෙ වෙනමයි. සැබෑ ලෝකෙ වෙනමයි බං.
      Thanks Alban.

      Delete
  26. කුරහන් පිටියෙ කරෝලිස් කිව්වහම සාටකයක් මතක් උනේ මොකද මන්දා....
    මක්කා උනත් උඹහේ ඒ ගැන වැඩි මනාපයක් නැතුං හින්දා මං ඒ ගැන තැකුවේ නෑ. තරහා අවසර, උඹ ගොනා දැක්කුවේ අමුඩයක් ගහන්ද බොල. නැතුං ඉතිං ගොනා, කරත්තේ එක්ක ඩෙනිම් පෑහෙනවයි......

    ඔය වාහන නවත්තන එක ගැනනම් කියලා වැඩක් නෑ. බයික් එක නවත්තන්න දෙන්නැති උන් ඉද්දි අනික්වා ගැන කුමන කතාද? එක්කෝ ගන්න ඕනි ඉන්ටකූලර් එකක්.

    ReplyDelete
  27. කුරහන් පිටියෙ කරෝලිස් කිව්වහම සාටකයක් මතක් උනේ මොකද මන්දා....
    මක්කා උනත් උඹහේ ඒ ගැන වැඩි මනාපයක් නැතුං හින්දා මං ඒ ගැන තැකුවේ නෑ. තරහා අවසර, උඹ ගොනා දැක්කුවේ අමුඩයක් ගහන්ද බොල. නැතුං ඉතිං ගොනා, කරත්තේ එක්ක ඩෙනිම් පෑහෙනවයි......

    ඔය වාහන නවත්තන එක ගැනනම් කියලා වැඩක් නෑ. බයික් එක නවත්තන්න දෙන්නැති උන් ඉද්දි අනික්වා ගැන කුමන කතාද? එක්කෝ ගන්න ඕනි ඉන්ටකූලර් එකක්.

    ReplyDelete
  28. කුරහන් පිටියෙ කරෝලිස් කිව්වහම සාටකයක් මතක් උනේ මොකද මන්දා....
    මක්කා උනත් උඹහේ ඒ ගැන වැඩි මනාපයක් නැතුං හින්දා මං ඒ ගැන තැකුවේ නෑ. තරහා අවසර, උඹ ගොනා දැක්කුවේ අමුඩයක් ගහන්ද බොල. නැතුං ඉතිං ගොනා, කරත්තේ එක්ක ඩෙනිම් පෑහෙනවයි......

    ඔය වාහන නවත්තන එක ගැනනම් කියලා වැඩක් නෑ. බයික් එක නවත්තන්න දෙන්නැති උන් ඉද්දි අනික්වා ගැන කුමන කතාද? එක්කෝ ගන්න ඕනි ඉන්ටකූලර් එකක්.

    ReplyDelete
    Replies
    1. කාටද පුළුවන් පබිලිස්ට එක පාරක් තට්ටු කරලා තුං පාරක් දාගන්න....... :)

      Delete
    2. තුන්පාරක් නෙමේ බෝතලයක්ම කටේ හලාගෙන කියලා පේනවා...

      Delete
    3. ටිකක් වැඩි උනාම තමුං තට්ටු කරන්නෙ එකපාරයි කියල තමයි හිතෙන්නෙ. :D

      Delete
    4. ඔබා මාමගේ ඇල්ෂයිමර් කතන්දරේ මතක් උනේ මොකද මන්දා....... :))

      දැන් අපේ හෙන්රි අයියා (වෙන නමක් ලියලා ආයෙ මැකුවා) කමෙන්ට් රිප්ලයි කරන්නේ අපිට පෝස්ට් ඒකත් එපා උනාට පස්සේ. කට්ටිය මොකද ඒ ගැන කියන්නේ. වර්ජනයක්වත් කොරමුද?

      Delete
    5. ඇත්තෙන්ම කොල්ලු කන්නෙ අස්සයෝනේ බං. ඒකත් නයෙක් වෙන්න පුලුවන් නිසා කොල්ලු කුරහන් කලා.
      අර පොර ඇත්තෙන්ම අපි දැක්කේ යාපනේ පේදුරු තුඩුව පාරෙදි. කරත්තයක් දැකපු කාලයක් මතක නැතිනිසා වහාම ෆෝටෝස් ගත්තා මතු ප්‍රයෝජනේට. පොරගේ නම A K මුතුලිංගම්. තව විදියකට කිව්වොත් AKM මට උඹව මතක් නොවුනා කිව්වොත් බොරු.
      ඉන්ටර්කූලර් නයි කරලා තියෙන්නෙත් ජප්පොමයි. ඔය අනංමනං බොරු සෝබන නැතුව 1979
      හදපු Volkswagen Golf (diesel) එකෙත් තිබුනේ intercooler turbo එන්ජින් එකක්, නමුත් ජර්මන් කාරයෝ ඒක වාහනේ එලියේ ස්ටිකර් එකක් ගහලා ඇඩ්වටයිස් කලේ නෑ. මොනවද බං. ජප්පෝ එහෙමෙ නෙවෙයි. බලපං උන් මොනවද ඇඩ්වටයිස් නොකරන්නේ කියලා. 16 valve, OHV, ABS වගේ දේ පවා.

      එක පාරක් ඔබලා තුන් පාරක් වැටෙන්නේ උඹේ අත වෙව්ලන නිසා වෙන්නැති.

      >>දැන් අපේ හෙන්රි අයියා (වෙන නමක් ලියලා ආයෙ මැකුවා)<<
      ඉතිං මම උඹට ඕකට ප්‍රතිකාරයක් කියන්නද? අර උඩ මගේ දුව Hiruz Theories වගේ මගේ ප්‍රියතම නම වන ඩූඩ් කියපංකෝ. එතකොට ඔය කිසි අවුලක් නෑනේ. කී ස්ට්‍රෝක් ගානත් අවමයි.

      හැම හුන්නස්ගිරියටම වර්ජනේ කරන්න එපා බං. ඒකත් එතකොට බල්ලට යනවා. දැනටමත් එහෙම නැතුවාම නොවෙයි.

      Delete
    6. මං ආයෙමත් ගිහින් බැලුව කවුද මේ A.K.Mුතූ කියලා. =D>
      ...//ඉතිං මම උඹට ඕකට ප්‍රතිකාරයක් කියන්නද? මගේ ප්‍රියතම නම වන ඩූඩ් කියපංකෝ//... අන්න ආයෙත් වරද්දගත්තා. හිතුවේ මං අංකල් කිව්වා කියලනේ. මම එතන මැකුවේ "හඩු ඩෙනිමා" කියන එක. :))

      මාකටින් වලදී වය තාක්ෂණික දේවල්නම් මාකට් කලත් කමක් නෑ.මම ලඟදි හීරෝ ෂෝරූම් එකකට ගියා අලුතින් ආපු "අයිස්මාර්ට්" බයික් එක ගැන බලන්න. එකේදී කිව්වේ ටැංකියට ලෝගෝ එක ගහපු ලොකු ස්ටිකර් එකක් ගහලා තියෙනවා කියලයි, තව රීම් එකට ස්ටිකර් පටියක් ගහලා තියෙනවා කියලයි. (ඔය රීම් එකට ගහන ස්ටිකර් පටියෙ වටිනාකම රු.සීයක්වත් නෑ.)

      අර රවී අයියා කියනව වගේ, බුලත් හපේ අනික් කටට මාරු කරන ගමන් "එතකොට කාන්තන්කුඩිය වර්ජනේ කරන්නත් එපාද?"

      Delete
  29. වර්ඩ් ප්‍රෙස් එකෙන් කියෙව්ව. ඩෙනිමෙ දායිනෙ කියල නිකා හිටිය.
    මට නම් ඩුඩ් ලිව හොඳම ලිපිය මේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බින්දි. ඇයි එහෙම හිතන්නේ? හැබැයි මගේ නම් ප්‍රියතම එක මේක නෙවෙයි

      Delete
  30. අඩෙ අයියෙ බොට මාර ටැලන්ට් එකක් තියෙනවනේ. අර මුල කැල්ලෙ නියමයි.හැබැයි බොලෙ නයි අයින්කලා කිවට ඔය කියන කාලෙ කරත්තයක් තියෙන්නෙ යමක් කමක් තියෙන අයට.සුදු සෙවනැලි පොත කියවල තියෙනවද

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දමිත් මලයා.
      උඹ කියන එක සහතික ඇත්ත. ඉස්සර හැම එකාටම කරත්ත තිබුනේ නෑ තමයි. එතකොට තිරික්කල් නයි හෙමත් අම්බානක ඉන්න ඇති නේ?

      Delete
  31. මේක මරු ඩුඩ් ! නියමයි !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මානවිකා.

      Delete
  32. මේ කථාවෙ ආකෘතියෙ හරිම නැවුම් බවක් තියෙනවා. කථා දෙකේ තේමාව එකක් උනාට...යුග දෙකක් නියෝජනය වන විදියට ලියලා තියෙන විදිය අපූරුයි.

    ReplyDelete
    Replies
    1. උඩම පින්තූරෙ ඉන්න හරකව හණ ගහලා තියෙන විදිය...කොච්චර වේදනාවක් දැනෙන්න ඇතිද නේද ?

      Delete
    2. යුග දෙකක්? ඒක නයි අයින් කිරීමේ ප්‍රතිඵලයක් විතරයි සිරා. ඇත්ත එක නූතන කතාව.

      ඔය යාපනේදී ගත්ත ෆෝටෝ එකක්. එතකොට ගවයට දේවත්වයෙන් සලකන හින්දු මිනිස්සු ගවයට හන ගහන එක ගැන වද වෙන්නේ නැතිනම් උඹ කලබල නොවී හිටහං. :D

      Delete
  33. ඇත්තටම මට හිතාගන්න බෑ මේ වගේ අලුත් දෙයක් කලේ කොහොමද කියල...ගොඩක් වෙලා යනකං මම හිතං උන්නෙ අතීත කතාව උඹ කොහෙන් හරි උපුටා ගැනීමක් කියල.
    අපූරුයි. වර්ථමාන කතාව නොවේ අගය කල යුත්තෙ අතීත කතාව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වීයා. මමත් ඉඳහිටඔය වගේ අලුත් අත්හදාබැලීම් කරනවා. හුඟක් අදහස් පහල වෙන්නේ ජොග් කරනකොට. ඉස්සර ටොයිලට් එකේදි බාත් රූම් එකේදි හෙමත් groundbreaking ideas පහල වෙනවා. දැන් එච්චර වෙලාවක් ඒ තැන්වල ගත් නොකරන නිසා ඒවා නිකම්ම wind-breaking ideas විතරයි. :))

      Delete
  34. මම මේකේ පළමු කොටස කියෙව්වේ සෝමරත්න බාලසුරිය උන්නැහැගේ ' කරත්තය' කෙටි කතාව කියවනකොට දැනිච්ච ආශ්වාදය විඳ විඳ . ඒක දෙවැනි කෑල්ලට ලස්සනට ට්විස්ට් කරලා අළුත් කෙටි කතා ආකෘතියක් හොයා ගත්ත උඹ මාතේ කිව්වා වගේ ඕල් රවුන්ඩර් තමයි. අනික බලපන් කට් ඇන්ඩ් පේස්ට් තාක්ෂනය නිරමාන්ශීලීව යොදා ගත්ත හැටි . A creative eperiment.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිලකේ. උඹ කියනකම් මට හිතුනේවත් නෑ මම මේක කරන්න cut & paste තාක්ෂණය යොදාගත්තා කියලා. මට ඔය උඹ කියක සෝමරත්න බාලසූරියගේ කතාව එච්චර මතකයක් නෑ.

      Delete
  35. අගෙ ඇති ලියවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පුංචි කුමාරිහාමි.

      Delete
  36. නයත් ඇරලා හමත් බේරගෙන අපූරු ලියවිලි දෙකක් ලිව්වනෙ.. යකෝ දැන් ලැපක් ගන්න එකත් නයෙක්ද ? ලොක්ක නිකං ලැප් දෙන්නෙ නලින් මල්ලිලාට .හ්ම්ම්.. ඉස්සර හැන්ඩ්ෆෝන් එකත් නයෙක් දෙන් නයි අරං කොල්ලො පොල් කඩනවා.

    ReplyDelete
    Replies
    1. එහ්හෙනං. ෂේප් එකේ නයෙකුත් ඇරගෙන හමත් බේරගෙන නේන්නං මේකා. නයි ඉන්නේ ප්‍රේක්ෂකයගේ මනසේ මචං. ඒක පාට කණ්නාඩියක් වගේ.

      Delete
  37. මේ අතීත කතාවට අම්පාරේ සේවය කරපු කාලේ අත්දැකීම් එකතු වෙන්න ඇතියි කියලා හිතෙනවා. මොනවා උනත් ඉතාම සීරුවෙන් කරපු අපූරු ලියවිල්ලක්. මේ වගේ වචන කලින් දැක්කේ සඳරු සහ චන්දනගේ සටහන් වල. උඹට තව මේ වගේ සිද්ධි Deනයිed වර්ෂන් ලියන්න පුළුවන්. එහෙම කරමු. ඔය බොහෝ සිකුරිටි අප්පුහාමිලාට අමතක වෙන දෙයක් තමයි වාහනය දාපු කෙනා කවුද කියන එක. මගේ යාලුවෙක් දවසක් මට ඉගැන්නුවා, MC එකේ ෆූඩ් සිටියේ බෑග් තියලා එලියට ඇවිත් ෂොපින් යන්න. එක පාරටම මතක් වුණේ ඒ සීන් එක. කාලෙකට පස්සේ බලපු සුපිරි ලියවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං සුදීකයෝ. අම්පාරේ මම ඉස්සෙල්ලම හිටියේ නගරයේ මැද. ඉන් පස්සේ දෙහිඅත්තකණ්ඩියේ මහවැලි සී කලාපේ ජනපදයක. ඒවායේ ගම්වල සංස්කෘතියක් නෙවෙයි තිබුණේ. බංනාහිර, මධ්‍යම පළාත්වලින් මුල් උදුරාගෙන ගෙනිහින් අලුතින් මහවැලි ජනපදයක පදිංචි කරවපු මිනිසුන්ගේ මිශ්‍ර සංස්කෘතියක්. එහේ කරත්ත තියා පොල් ගහක්වත් නෑ. පාරේ දුවන්නේ මෝටර් ග්‍රේඩර්, මිට්සුබිෂි පැජෙරෝ හෙම.
      ඔය MC එක යට හෙම නම් මචං එහෙම අමතක වෙන්නේ නෑ. ප්‍රින්ට් කරපු රිසිට් එක ස්කෑන් කලාම තමයි දොර ඇරෙන්නේ.
      ස්තුතියි සුදීක.

      Delete
  38. මුල කතාව ලිව්වෙ ඩූඩ් ලියල හිතන්නත් අමාරුයි. ඒ තරම්ම වෙනස් ශෛලියකින් ලියල තියෙන්නෙ. කොළඹ විතරක් නෙවෙයි ගොඩක් පලාත් වල පාක් කරන්න තැනක් හොයාගන්න පුදුම දුකක් විඳින්න ඕනි :(

    ReplyDelete
    Replies
    1. පාක් කිරිල්ල නම් කියලා වැඩක් නෑ. ලංකාවේ නම් හුඟක් නීති බදු සහ පහසුකම් තියෙන්නේ වාහන පාවිච්චිය හැකි තර දුරට සාමාන්‍ය ජනතාවගෙන් ඈත් කරලා තියන්න.

      Delete
  39. අම්මප බං ඩුඩෝ.. උඹ ඉංගිරිසි ගුරෙක් උනාට බුලත් හපේ ගහපු අමු හිංගලයෙක් වගේ.. කවදත් අමුතු පෝස්කටු දාන බොට මෙන්න මගේ මෙව්ව එක.. ඉදිරියටම යමව්...

    ReplyDelete
    Replies
    1. බොටත් ඕං එහෙනං අමුඩ ලේන්සුව ඔසවා ආචාර කොලා. :-h

      Delete
  40. අයියෝ මේ හෙඩිම දැක දැක මාසයක් ගියා කම්මැලිකමට! උඹේ කතා වලින් හොඳම එකක්.
    මේකට චිත්‍රෙකුත් දැම්මනං මල් හතයි

    ReplyDelete
  41. ඕකට කියන්නේ සම්‍යක් ප්‍රයෝගය කියලා නේද මචෝ..

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>