Monday, August 25, 2014

122. ඉතිං මොකක්ද ඒකෙ ඇති වැ‍රැද්ද?

ගමයා තමයි කොට අදින ඉස්කෝලෙ අංශ ප්‍රධානාචාර්ය. ඉතින් ඉස්කෝලෙ ඇරෙන වෙලාවට එලියට බැහැලා ළමයි යනවා බලා ඉන්න එකත් ගමයගේ දෛනික රාජකාරියේ කොටසක්. ඒ වගේම, ඉස්කෝලෙ ඇරිලත් එක පාර ගෙදර යන්නෙ නැති එවුන් ඉන්නවනෙ. දවසක් දෙන්නෙක් එහෙම හැංගිලා ඉඳලා ඩෙස්ක් එකකට ගිණි තියලා තිබ්බා.

එදත් ගමයා හැමෝම ඇත්තටම ගිහිල්ලද කියලා බලන්න පඩි පෙල දිගේ උඩ තට්‍ටුවට නගිනකොට, මෙන්න ජෝඩුවක් පඩි පෙලේ ලෑන්ඩිං එකේ ඉඳගෙන මෙලෝ සිහියක් නැතුව සිප වැළඳ ගන්නවලු. ගමයත් ඉතිං දෙන්නාගෙ නම් ලියාගෙන, කිව්වලු පහුවදා එනකොට අම්මා හරි තාත්තා හරි එක්කයි ඉස්කෝලෙ එන්න ඕනෙ කියලා.



කිව්වත් වගෙ ඔන්න පහුවදා අම්මල දෙන්න ඇවිල්ලා. මේ මිනිස්සු හුඟක් එන්නෙ අවට තියෙන වතුවල ඉඳලා. වතු කියන්නෙ,  අපි කොළඹ තියෙන පැල්පත් නැතිනම් මුඩුක්කු කියලා හඳුන්වන දේටම ඒවායේ ජීවත්වෙන අය කියන නම. ඒවායේ ඒවාටම ආවේනික සංස්කෘතියක් තමයි තියෙන්නෙත්. 

ඔන්න ඉතිං පැමිණිල්ල විභාග කරන්න ගමයා, විදුහල්පති, විනය භාර ආචාර්ය වගෙ කට්ටියක් හිටියා. මුලින්ම විදුහල්පති චෝදනා ගොනු කරන්න ගත්තා.

"මේ ළමයි දෙන්නා ඊයෙ ඉස්කෝලෙ ඇරුනට පස්සෙ පඩි පෙලේ ඉඳගෙන සිප වැළඳ ගෙන තියෙනවා."

"මොකක්ද හරියටම උනේ කියල කියන්නකෝ, සර්" එක අම්මෙක් තරමක් ගොරෝසු හඬින් කිව්වා.

"වෙච්ච දේ තමයි කිව්වෙ." ඒ විදුහල්පති.

"මොකක්ද ඒ ළමයි ඇත්තටම කලේ?" ඒ අනිත් අම්මා.

"ඊයෙ මං යන කොට මේ ළමයි දෙන්නා පඩි පෙලේ ඉඳන් කිස් කර කර හිටියා." ගමයා කාටත් තේරෙන භාෂාවෙන්ම කිව්වා.

"ආ ඕකද?" අර මුලින් කතා කරපු අම්මා අහපි. " ඉතිං මොකක්ද ඕකෙ ඇති වැ‍රැද්ද?"

අනිත් අම්මත් ප්‍රශ්නාර්ථයක් මූණෙ රඳවගෙන අනිත් අම්මත් එක්ක එකඟ වුනා.

ඇත්තටම මම ඔතන හිටියෙ නැහැ. ගමයයි, අනිත් අයයි පස්සෙ හිනාවෙවී ඕක මට කිව්වා. "ඕං බලපංකො මචං. කාට කියන්නද මේවා." කියලා. 

පස්සෙ ඒකෙ ඇති වැ‍රැද්දක් නැති වුනත් ඉස්කෝලෙදි කිස් කරන එක ඉස්කෝලෙ විනය නීති වලට පටහැනි නිසා, ඉස්කෝලෙදි එහෙම නොකරන්න කියලා අවවාද කරලා සභාව විසුරුවා හැරලා.

 ප. ලි.:

අපිත් එක්ක නිතර පැටලෙන අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙක් කිව්ව කටේ මසුරං දාන්න වටින කතාවක් මට මතක් වෙනවා.  අතන කිංස්ලි එක (සිනමා ශාලාවක්)  ඉස්සරහා කොල්ලෙක් ලිස්සලා වැ‍ටුනොත්, ඕක දකින උන් බනින්නේ කොල්ලගේ අම්මට. ඒ මොකටද දන්නවද? කොල්ලට පාරේ  යන හැටි උගන්නලා නෑ කියලා.  ඒ කොල්ලම ඉස්කෝලේ යුනිෆෝම් එක ගහගෙන ඉන්දැද්දි  ලිස්සලා වැ‍ටුනොත් බැනුම් අහන්නේ කවුද දන්නවද? ගුරුවරු. ඒ මොකටද? ඒත් ඒ හේතුවමයි. කොල්ලට පාරේ  යන හැටි උගන්නලා නෑ කියලා.

දැන් මේ ඉස්කෝලේ සිප වැලඳ ගැනීම සම්බන්ධයෙන් කෙනෙකුට හරි හිතෙන්න පුලුවන් අර අම්මට හිතුන දේම. " ඉතිං මොකක්ද ඕකෙ ඇති වැ‍රැද්ද?"

ඇත්තෙන්ම පෞද්ගලිකව මට නම්  ඕකෙ ඇති වැ‍රැද්දක් නෑ. නමුත් මගේ පෞද්ගලික මතය මෙතනට අදාල නෑ.

ලංකාවේ ඉස්කෝලයක් සම්බන්ධයෙන් නම්,  ඕක දැකපු පිටස්තරයෙක් බනින්නෙත් උන් දෙන්නට නෙවෙයි. මේවා දැකලත්, ඇස් කන් පියාගෙන ඉන්නවා කියලා ගුරුවරුන්ට. ඉස්කෝලෙත් වේසා මඩුවක් නැතින මගුල් සක්වලක් හැටියට හංවඩු ගැහෙනවා.

ඕකට මොනවත් කියන්න ගිහිල්ලා එකෙක් වහ බිව්වොත් හෙම, ඒත් කපෝතිය ගහන්නේ ගුරුවරයමයි.  


ගෙදර ගියොත් අඹු නසී. මග හිටියොත් ‍තෝ නසී.

මේ පජාත රස්සාවත් ඇත්තෙන්ම අර අතුරේ යනවා වගේ වැඩක් තමයි.

Originally published @ මට හිතෙන හැටි.




118 comments:

  1. මමත් අහන්නෙ ඒකම තමයි. මොකද්ද ඕකෙ තියෙන වැ‍රැද්ද.....??
    (මාව බ්ලොග් ලෝකෙන් කරයිද දන්නෙ නෑ....)

    ReplyDelete
    Replies
    1. ඔව්, ජීව විද්‍යාත්මකව නම් කිසිම වැ‍රැද්දක් නෑ තමයි.
      සමහරවිට සිඳු අපිට පෙනී සිටින්න සිදුවෙන්නේ අපේ පුද්ගලික මතය වෙනුවෙන් නෙවෙයි. අපේ ‍රැකියාවෙන් සාම්ප්‍රදායිකව නියෝජනය වෙන මතවාදය වෙනුවෙන්.

      Delete
  2. මම හිතන්නේ වැරැද්ද තමයි ගමගේ සර්ට මාට්ටු වෙන්න කිස් කරපු එක... :)

    ReplyDelete
    Replies
    1. උඹ හරි.
      What I don't know, can't hurt me.
      Was ich weis nicht...

      Delete
    2. මං හිතුවෙත් ඕකමයි,,

      Delete
    3. අන්න උත්තරේ

      Delete
  3. බ්ලොග් ලියන්න වගේම තමයි ගුරුවරයෙක් වෙන්නත් 'කබර හමක්' ඕනේ....

    ReplyDelete
    Replies
    1. කබර හමත් ගෙවිලා ස්නායු මතුවෙන අවස්ථා තියෙනවා තිසර.
      Raw nerve...

      Delete
  4. ඕක ඉස්කෝලයක්ද ඉරිදා පොලක්ද?
    කොස් කිරනවා, ඉල්ලලා අඹ ගන්නවා...
    ඇත්තටම ඩුඩ් ඔය වගේ කේස් ,ගැටවර කාලේට කරන අත්හදාබැලීම් හැන්ඩ්ල් කරන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඕක දීපය සහ දේශය අනුව වෙනස් වෙනවා JP.

      මෙහෙදි නම් පෙම්වතෙක් /පෙම්වතියක් හිඳීම සහ පෙම් කිරීම ගනං ගන්නෙ වත් නෑ. සර් මේ මගේ කෑල්ල කියලා ෆෝටෝ හෙම පෙන්නුවම හොඳයි කියලා නිකං ඉන්නවා. කෙල්ලෝ කොල්ලන්ව පෙන්නලා මේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කිව්වාම හා කියලා අහක බලා ගන්නවා.

      දැන් සිගරට් බොන එක ගැන කිව්වොත්, අපිට පේන්න සිගරට් නොබොනවනම් එච්චරයි. උන් සිගරට් බොනවා දැක්කොත් පාරෙදි, හොඳම දේ නොදැක්ක පාට් එකෙන් මග ඇරලා යන එකයි. පස්සෙ අවස්තාවක් ආවාම පන්තියෙදි කියනවා කෙනෙකුට ඇඟිල්ල දික් නොකර සිගරට් බොන එක මෝඩ වැඩක් කියලා. එච්චරයි.

      Delete
    2. අනේ සංසාරේ මෙහෙමත් ගුරුවරු ....................හේහ් .හේ..හ්

      ඔහේ සිකරට් ලාබයි නේද බං මෙහෙට වඩා

      Delete
  5. වැරැද්ද තමයි හැමෝම හැංගි හැංගි කරන දේ මුං දෙන්න එළිපිට කිරීම... සදාචාරෙ, ප්‍රජාචාරෙ, භෞමික අඛණ්ඩතාවෙ වගේ මේකට අදාල අනික් දේවල් ගැන කතා නොකර ඉන්නම්...

    ReplyDelete
    Replies
    1. භෞමික අඛණ්ඩතාවෙ මේකට අදාලයි නේහ්?

      Delete
    2. නැතුව නැතුව භෞමික අඛණ්ඩතාවෙට නේන්නං ඔය ගමය කෙලල දාල තියෙන්නේ

      අම්මල අරහෙම කතා නොකරන්ඩ සයිරී බාවෙටත් කෙලල අරින මෝඩ ගමය

      Delete
  6. මිශ්‍ර පාසල් තහනම් කරනු!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.
      පාසැල් තහනම් කලා නම් ඉවරයි.

      Delete
    2. //පාසැල් තහනම් කලා නම් ඉවරයි.//
      එතකොට රස්සාව..:D :D :D

      Delete
    3. ඔයා දන්නැ අනේ කලවං ඉස්කෝල ආතල්

      Delete
  7. පාසැල් විනය පැත්තෙන් නම් වැරදි නේද ?,ගුරු වෘත්තීය අතුරේ යනවා වගේ වැඩක් තමයි ....

    ReplyDelete
    Replies
    1. ඕක හැන්ඩ්ල් කරන පුද්ගලයා අනුව සිද්දිය ගෙනියන්න පුලුවන් දුර වෙනස් වෙනවා.

      Delete
    2. ඒ උනාට ජයේ අයියේ සීයටඅනුනමයයිදසමනමයක්ම ගුරුන්නාන්සෙල කේස් හැඩල් කොරන්නේ අලවෙන්ඩ

      Delete
    3. ආ අමතක උනා අර අකුලල පැකට් එකට දාපු බැලුන බෝලවල ගණන් එහෙම කොහොමද

      Delete
  8. වරද තනිකර කොල්ලගෙයි කෙල්ලගෙයි... ඕවා අහු වෙන්නේ නැතිව, මාට්ටු වෙන්නේ නැතිව කරන්න එපාය. මාට්ටු උනාම කෙල්ලට සර්ලාගෙන් බේරෙන්න බෑ.. මොකෝ එයාලත් ට්‍රයි කොස් කිරන්න.. ඔය පත්තර වල හැමදාම තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ ...ඔය කියුවේ

      Delete
    2. ඔය ක්‍රියාව අමතක කරලා පුද්ගලයා විවේචනය වෙන එක වගේම කරුමයක් තමයි කීපදෙනක් කරන වරදකට සංහතියටම ලේබල් අලවන එක.
      එක මකුණෙක් කෑවාම ඔක්කොම මකුණෝ මරණ එකේ තියරිය මේකයි මම තේරුම් අරන් තියෙන විදියට. නොකාපු උනුත් හොඳයි කියන්න බෑ. උන් නොකෑවේ එක්කෝ උන්ට අවස්තාවක් නොලැබුනා වෙන්න පුලුවන්. නැතිනම් කලින් කාලා බඩ පිරිලා ඉන්න නිසා නොකා හිටියා වෙන්නත් පුලුවන්. ඒ නැතත් ඕකා මේ දැන් නොකෑවට අනාගතේදි නොකා ඉඳී කියලා කියන්න බෑනේ ආයුධත් ලඟ තියෙන එකේ. ඒක හන්දා ඔක්කොම මරලා දාන එක හරි.

      Delete
    3. ඔන්න ඉතින් හෙන්රි අයියට තරහ ගියා .......පලයං පලයං මාතේ

      Delete
  9. මේවගේ ඒවට කමෙන්ට් දාන එකත් නිකන් අතුරෙ යනවා වගේ තමා.. එහෙමත් නැත්නම් දැලි පිහි සහ කිරි තමා.. ඒක හින්දා මමත් මුකුත් නොකියම ඉන්නම්..

    එහෙව් එකේ මේකවත් බලමු නේද ? අතින්වත් අල්ලපු නැති සුන්දර පාසල් ප්‍රේමය ගැන මේ..

    ReplyDelete
    Replies
    1. විඩියෝ එක පස්සේ බලන්නම්. ස්තුතියි ලින්ක් එකට.

      ඔව් බං. මම දැන් ඉස්කෝලේ කතා ලියන්නෙත් නෑ. අතෑරලා දාලා තියෙන්නේ. මේක ඉස්සර ලියපු එකක්.

      Delete
    2. විඩියෝ එක බලන්ඩ එපා හැමදාම දානවා වාගේ මේ ලෝකේ රහක් නැති එකක් සෙන්නා දාල තියෙන්නේ

      Delete
    3. අටමෝ, ගුණ දේවල් රහ නෑ බන්... :)

      උඹට ටිකක් වැඩිවෙලා වගේ...ටිකකින් ඔය ගතිය ඇරිලා යයි...:D

      Delete
  10. හිහික්...
    උං දෙන්න කරපු දේ වැරැද්දක් මං දකින්නෙ නෑ...
    ඒත්
    Wrong time Wrong place

    මං හරිද මංද

    ReplyDelete
    Replies
    1. Wrong time wrong place තමයි.
      මෙහෙම හිතපංකෝ. ඕක දැකලා නොදැක්කා වගේ ගියොත් ලයිසන් දුන්නා වෙනවා.
      දැකලා දැකපු බව පෙන්නලා ගියොත් සර් කාරයා බයේ කට වහගෙන හිටියා වෙනවා.
      ඕක දැකලා දැක්කා හෝ නොදැක්කා වගේ ගියොත්දෙමව්පියෝ දකින්නේ මෙහෙම. යකෝ මෙච්චර දෙයක් වෙනකල් ගුරාලා නිදිවැදිලා හිටියද?
      ලෙඩේ ඇද්දොත්, උන්ට ලමා කාලයක් තිබිලා නෑ වගේ. අතීතේ අමතක කාලකන්නි හැත්ත. අනික අපි නොදන්නවනේ ඔය ස්ටාෆ් එකේ ඉන්න පත්තිනි අම්මලාගේ හැටි!

      Delete
    2. //දැකලා දැකපු බව පෙන්නලා ගියොත් සර් කාරයා බයේ කට වහගෙන හිටියා වෙනවා//

      ඔය හේනේ වැඩිහරියක් එහෙම තමා අයියේ වගා රැකිල්ලයි , කුරුල්ලෝ එලවිල්ලයි

      දෙලොවටම නැති සමහරු නං වාසි තැනක් බලල පැලකුත් අටවනව , ඊලග වැහි කාලේ එනකං

      ( දැන් ඔන්න සෙන්නා කියයි ඕකනේ මං කියුුවේ කියල )

      Delete
  11. වැරැද්ද තමයි ප්‍රසිද්ධියේ අශෝබන ලෙස හැසිරීම.
    අර චිත්‍රෙ මේකට අදාල වෙන්නෙ කොහොමද. කොහෙන්ද ඒ පිටිපස්සෙ තියෙන වචන ටික හොයාගත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් අර මේ ලඟදි මෙහි නිදැල්ලේ හැසිරීමතහනම් කියලත් බෝඩ් එකක් ගහලා තිබුනේ.

      ඇයි බං ඒ පාසල් වයසේ පෙම්වතුන් දෙන්නෙක්නේ. ඕක මම ගත්ත ෆෝටෝ එකක් වෑන් එකේ ඉඳං උඩ බලං ඉන්න ගමන්. ඒක පෙන්සිල් ස්කෙච් කලේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන්න. ඒ අකුරු එතන තිබිච්ච කඩේ අකුරු.

      Delete
    2. //ඔබ මේ සැබැවක්ද පවසන්නේ //

      ඔන්න අයියේ උඹල රට පිට ඉන්න අල්ල පනල්ලේ අපේ රටේ පොඩි උන් කතා කොරන බාසාව

      අල‍වාහිනියටයි , පචවාහිනියටයි පිං සිද්දවෙන්ඩ

      උඹ දැක්කා නේද මං මොනිටර් කට්ටකින් අටවල තිබ්බ ආතල් ටීවී පොජ්ජ , අර හෝම් මේඩ් හොම්තියටර් සවුන්ඩ් සෙටප් එක්ක මම ඒක දංදුන්නා ඇයි බං , අපේ ලොකු කෙල්ල .....දවසක් මට කියනව

      '' කුමක්ද ඔබමේ පවසන්නේ , මා කෙදිනකවත් මගේ වගකීම් පැහැර හැරියේ නැ ''

      ඔය උත්තරය දුන්නේ ඉස්කෝලේ වැඩ නොකර හඩ කවපු නාට්ටියක් බලල

      Delete
    3. තොටවත්ත ලස්සනට කරල , රන්සිරිලාල්ට දුන්න හඩකැවිල්ල පොරගෙන් පස්සේ ඉවර කරල දැම්මා සිරසයි අනිත් සෙට් එකයි , දැන් ළමා කාටුන් බලනකොට මේ වයසක අපිවත් ටිං ටිං ගාන දෙබස් බං තියෙන්නේ , අනේ මංදා ........... ඒවායේ පලවෙනි නිර්මානෙත් එහෙම තියනවද කියල , දැන් දැන් අර ගදවාහිනි දෙකත් ඒව්වා ෆලෝ කරනව

      අපි බ්ලොග් එකේ මොනව හරි ලියුවහම තමා කට්ටිය එන්නේ

      Delete
    4. අතුල රන්සිරි ලාල් තමයි බන් රීමේ මුල

      Delete
    5. දුවගේ දෙබස නම් මරු බං අටං. :))

      Delete
  12. වැරැද්ද ගමයාගෙනෙ! මොකටද ඔය අහුමුළු වල රිංගන්න ගියෙ? නිදහසේ ලවු කරන්න කෙසේ වෙතත් නිදහසේ කිස් කරන්නවත් ඉඩක් දීලා නෑනෙ!!! :D :D :D

    අත්තටම ගුරු වෘත්තිය කියන්නෙ ලෙහෙසි පහසු සේවයක් නෙවේ!

    ReplyDelete
    Replies
    1. වැ‍රැද්ද ගමයගේ. මම ඌව හම්බවුනොත් කියන්නම්.

      Delete
    2. හම්බුනොත් නෙමෙයි , ලංකාවට ආවහම හොයාගන ගිහින් කියහං .............අයියේ පොර හෙන වැරදියි කියල

      Delete
  13. ඒ ළමයි තවම පුරුදු වෙන අයනෙ.මුලදී ඔහොම තමා පස්සෙ කාටවත් අහුනොවෙන්න කරන හැටි ඉගෙනගනී.

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නා 13+ නම්... මම සර් නම්.. මම කියන්නෙත් ඕක..

      Delete
    2. දැන් අහු නොවෙන්න කරනවා ඇති. සෑහෙන කාලෙකුත් ගත් වුනානේ.

      Delete
    3. ඔව් ඔව් දැන් අහු නොවෙන්ඩ පිට තැන්වලත් කරනව ඇති

      Delete
  14. ඩුඩ්..... මට තේරිලා තියෙන දෙයක් කියන්නද ඔය 'වතු' වල ඉන්න දෙමව්පියෝ ගැන?

    තමුන්ගේ දරුවා මොන වැරැද්ද කලත්, අනිත් අය ඉස්සරහ පැනපු ගමන් සුදුහුණු ගාන්න පුළුවන්/උත්සහ කරන දෙමවුපියෝ සහ පොඩි වැරද්දක් පෙන්නලා දුන්නම ඌගේ ජිවිතේ ඉවරයි කියල හිතාගෙන, තමන්ගේ තරහ පිටකරන්න (පුළුවන් නම්) රත්කරපු යකඩෙකින් හරි පුච්චලා දාන දෙමවුපියෝ කියන මේ අන්ත දෙකේ ඉන්න අය තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් ගුරුවරයා අතුරේ ඉන්නේ, මොකද අන්තිමට වැරැද්ද පෙන්නලා දීපු එකා තමයි දඩුවම් විඳින්නේ...

    මට ඔය වගේම ඉස්කෝලෙක උගන්නපු තරුණ ගුරුවරියක් කියපු සමහර කතා විස්වාස කරන්නත් බැරි තරම්.
    මම හිතනවා ඩුඩ් තව අත්දැකීම් අපිත් එක්ක බෙදාගනී කියල..

    ReplyDelete
    Replies
    1. ඒකයි මම මේක අතුරේ යනවා වගේ කිව්වේ.

      නෑ උපේක්ෂා. ඒ අත්දැකීම් බෙදාගන්න මට කිසිම ආසාවක් ඇති වෙන්නේ නෑ.

      Delete
    2. පිස්සුද අයියේ එහෙම කරන්ඩ එපා , මටනං බ්ලොග් වල තියෙන්නේ වටිනාකං දෙකයි

      1 ) එක එක තැන්වල ඉන්න අයගේ අත්දැකීම් රසවිදිමින එකයි

      2) මොනවහරි නොදන්න දෙයක් දැනගන්න එකයි

      කොටින්ම උඹගේ මේ හඩු කලිසම එහෙට මෙහෙට පෙරලන්නෙම ඔය කුනු රසයට වහ වැටිල

      ගොඩක් බ්ලොග් වලට කැමති ඒකයි

      Delete
  15. අපේ ඉස්කෝලෙ එහා පැත්තෙ තිබුනෙ රබර් වත්තක්, අනිත් පැත්තෙ කැලෑවක්, ඉතිං අහුවෙන්න්‍නෙත් නෑ, නඩුත් නෑ :v :v

    ReplyDelete
    Replies
    1. හහ්. ගොළු බෙල්ලට ගොළු හදවත පරිසරය.

      Delete
    2. අපිටනං ඉස්කෝලෙම තැන් කිහිපයක් තිබුනා

      මට දැන් හිතෙනව බං ඩ්රාෆ්ට් වල තියන තනපුඩුවේ කතන්දරය පබ්ලිස් කරන්ඩ

      Delete
  16. ඉස්කෝලෙදි දාඩිය ගදත් එක්ක ලුනු රස කම්මුලට හාද්දක් දුන්නම එයා. :-*
    ලුනු රස තොලුත් එක්ක මම :x
    දැක්ක ගුරුතුමා b-
    ඔත්තු බලපු යාලුවො y-)

    ReplyDelete
    Replies
    1. දෙතොල නොකී දේ දෙනෙතේ - කියවෙනවා :D …

      ඔය පැන්නෙ බළලා …… හා හා

      Delete
    2. සදක් බැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා........
      මටත් ලොවක් තිබුනා මතකයි මම එමි සිහිකරලා......

      දෙලුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ
      මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ.....

      විවේකයක් ලද විටදි අපි දුවපැන ඇවිදිනවා...
      ගණන් තමයි මගෙ හිතට වදේ නිතරම වරදිනවා...
      ගමේ පාසලේ වැඩට අපි පෙරමුණ ගෙන යනවා..
      තවත් වරක්.......තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා....

      ඉමක් කොනක් නැති අහස වගේ....කෙළිලොල් දිවිය මගේ.......
      මලක් පිපී සුවදින් පිරැනාසේ මුහුනේ සිනහ රැදේ.....
      දුකක් සිතී දැනුනේ නෑ මා හට අද මට දැනෙනු වගේ.....
      තවත් වරක්.......තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ...........

      දෙලුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ
      මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ.....
      මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ.....පොඩි කාලේ...........

      ගායනය...ක්ලැරනස් විජේවර්ධන

      Delete
    3. හයියෝ සල්ලි , එකදවසක් මම ගේන්ඩ හිරිකිත හන්දා දාලා ආපු ලේන්සුව pt මැඩම් දුන්නනේ බං පිත්තල හොරනෑවක් පොලිෂ් කරන්ඩ

      Delete
    4. @ pm බලල්ලු දුසිම් ගනන් පනින්නෙ මේව දැක්කම.
      @ සිංදු ඇනෝ මටත් මතක් උනේ ඔය සිංදුව, ඒත් පද මතක නෑ. ස්තූතියි මචෝ.
      @උඹ දුන්නනම් ෂුවර් කැද දාපු ලේන්සුවක්.

      Delete
    5. තවත් වරක් ටිටි ටිං ටිං ටිං ටිං තවත් වරක් මට පාසැල් යන්නට...

      සින්දුම වැලයි. අර ලුණු රහ කවිය මරු බං.

      මම කල්පනා කලේ උඹලා තුන්දෙනා එක පේලියේ කඩ කාමර තුනක් අරන් කම්මලකුයි, පත්තර ඒජන්සියකුයි (ලොත‍රැයිත් විකුණන), රෙකෝඩ් බාර් එකකුයි දාගත්තොත් මොන කරච්චලයක් තියෙයිද කියලා අහල පහල උන්ට.

      Delete
  17. පඩිපෙල් වල බම්බු ගහන්න ගියාද මන් දන් නෑ … පිටිපස්සෙ ටොයිලට් පේලියක් තියෙන්නේ ඒකටනෙ.. චැහ් … මං කියන්නෙ ගුරාගෙ වැරැද්ද …
    ළමා මනස තලන්න හොඳ නෑ :D

    ReplyDelete
    Replies
    1. ගඳ ප්‍රශ්ණයක් නැද්ද බං?

      Delete
  18. ආයතන විනය පටිපාටිය අනුව කරලා තියෙන්නෙ වැරැද්දක්. ඉස්කෝලෙක ළමයි නෙවෙයි මම හිතන්නෙ නෑ රාජකාරි ආයතනයක වුනත් රාජකාරි වේලාව තුළ ප්‍රසිද්ධියේ (ප්‍රසිද්ධියේ ඈ! අප්‍රසිද්ධියේ ඕන මඟුලක් නටාගත්තට කමක් නෑ) කිස් කිරීම අනුමත කරයි කියලා. එතකොට අපේ සදාචාරයට, සභ්‍යත්වයට, සංස්කෘතියට, භෞමික අඛණ්ඩතාවට එහෙම මොකද වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන්ම භෞමික අහවල් එකට.

      Delete
  19. නාකි මිස් ල ඉන්නෙ ඩූඩ් අයියෙ ලව් ලෙටර් එකක් අහු උනාම ගම දෙවනත් කරල ඕක කරේ තියං අංශ භාර ලංගට ගිහිං පොරත් කැන්දං ප්‍රින්සිපල් ළඟට ගිහිං ඒ වට මේස් සාකච්චා තියල ගෙවල් වලින් දෙමව්පියො ගෙන්නල හෙන ජෝගියක් නටන්නෙ…

    … සංසාරේ…… ටීක් බෝලේ …

    ReplyDelete
    Replies
    1. ඒක වයස නෙවෙයි පත්තර මල්ලි. සමහර විට ආකල්පය. සමහරවිට ඒ තැනට යන්න වැඩ සිද්ද වෙනවා.

      Delete
  20. අම්මල අවුලක් නැත්නං ඒකේ ඇති වැරැද්දක් නෑ.. කිිට්ටුව හදන්න තිබුනේ ලේබර් රූම් එකක්.. පජාත රස්සාවක් මොන එහෙකට කරනවද අර යාළුවා වගේ ගිටාර් ගහපංකෝ.. නැත්නං මාලේට වෙලා තොගේ ලැපා අරාගෙන මලක් ගහල ආතල් එකේ රවුමක් ගහගෙන පොල් ගෙඩියක් කඩාගෙන ගරාදි හොද්දක් එක්ක බතක් කාලා නිවි හැනහිල්ලේ හිටහං.. හැක්..

    ReplyDelete
    Replies
    1. මල් හෙන ගනන්ලු බං එහේ , දිවෙහි ෂාම් කියල පොරක් කියුවේ , මෙහේ බඩු හෙන ලල්ලු උෟට , ෂුවර් එකට ඕකා ගහනව ඇත්තේ kg "'''''''''''''''' පොරට ශ්‍රී ලංකන් කැනබීස් ගෙනත් දෙන්ඩ මම කාපු කට්ටක් ,

      හයසියට ගන්ඩ හෙරොයින් ඕනතරන් , තෙත මලක් දෙසීයට ගන්ඩ තැනක් හොයාගන්ඩ කාපු කට්ටක් බං ,

      Delete
    2. උඹලටත් තියෙන ප්‍රශ්ණ බං.

      Delete
  21. සම්පූර්ණ වැරැද්ද ගමයගෙ. මොකටෙයි අරුන් දෙන්න පාඩුවෙ කිස් කොරකොර ඉන්න අස්සෙ රිංගන්න ගියෙ? හිහිහි......

    අපේ ඉක්කෝලෙ කිට්ටුව තිබුනා "සඳතරු" කියලා ෂොපින් කම්ප්ලෙක්ස් එකක්. ඕකෙ අහුමුල්ලක ඉඳලා අපේ බැච් එකේ එකෙකුත් ප්‍රින්සිපල්ට මාට්ටු උනා මතකයි අල්ලපු ඉක්කෝලෙ කොල්ලෙක් එක්ක කොස් කිරලා. හයියූ සල්ලි. මට මතක හැටියට උන් දෙන්නටම මාසෙක වැකේෂන් එකක් දුන්නා.

    ReplyDelete
    Replies
    1. //සම්පූර්ණ වැරැද්ද ගමයගෙ. මොකටෙයි අරුන් දෙන්න පාඩුවෙ කිස් කොරකොර ඉන්න අස්සෙ රිංගන්න ගියෙ? හිහිහි....//

      අනේ බං වාසනාවන් උඹලවගේ කෙල්ලේ

      Delete
    2. එහ්හෙනං. ඕවා අස්සේ රිංගන්න ගියේ නැත්නම් කිසි කචල් එකක් නෑ. ගමයගේ තමයි වැ‍රැද්ද්.

      Delete
  22. \\\\ගමයත් ඉතිං දෙන්නාගෙ නම් ලියාගෙන, කිව්වලු පහුවදා එනකොට අම්මා හරි තාත්තා හරි එක්කයි ඉස්කෝලෙ එන්න ඕනෙ කියලා.\\\\
    මට නම් හිතුනේ මෙන්න මෙතනයි වැරැද්ද. ගමයට තිබුනේ ලමයි දෙන්නත් එක්ක කථා කරලා ඔය වයසට ඔය දේවල් ස්වභාවයෙන්ම හෝමෝන උත්තේජන මඟින් සිදුවෙනවාය කියලා බයලොජි ක්ලාස් එකක් දාලා අවවාද දීලා කරන මලදානයක් අහුනෙවෙන්න කරන්නය කියන්න.
    ඒ අම්මලා දෙන්නා වතුවලින් හෙම නෙවෙයි නම් මොනා වෙයිද? ගමයට රස්සාවක් හොයාගන්න වෙයි නේ, බොරු කියනවාය කියලා...!!

    ReplyDelete
    Replies
    1. චෙෆ් ආකිගෙ කතාව හරියටම හරි. අපේ ප්‍රින්සිපල් මටත් අම්ම්ව එක්කගෙන ඉස්කෝලෙ එන්න කිවුව ලියුම් ගනුදෙනුවකට, ඒත් මගේ පංතිබාර ගුරුතුමා ඒකට තදින්ම විරුද්ද උනා, එතුම මාව හදා ගැනීමේ වගකීම අරගත්ත මට දුන්න අවවාදෙ අකුරටම හිතට වැදුන. " පුතේ කවද හරි තමන්ගෙ බිරිද වෙන්න ඉන්න කෙනාගෙ ගවුරවය ආරක්ශා කරන්න, ඒ ඔයාගෙ ලමයි වෙනුවෙන් "
      තාමත් ඒ අවවාදය නලලෙ කෙටුව වගේ.

      Delete
    2. කොහෙද බං ඒ උතුම් ගුරු පියා ඉන්නේ , ඇරගන පලයං ඔල්ඩ් ඇරැක් එකක් අතට දීලා මහපට ඇගිල්ල අල්ලල වැදහං

      Delete
    3. එතුම ඉන්නෙ බෝතලේම තමා (මීරිගම බෝතලේ ). අපේ සෙට් එකම අවුරුද්දකට වතාවක් බලන්න යනව. මගෙ දරුවො ටික එනව කියල උදේ ඉදන් පාර ලග බලාගෙන ඉන්නවලු. අපේ හැම විශේෂ දවසකම එතුමා ඉන්නව.

      Delete
    4. මෙහෙමයි මචං. ගමයා එහෙම නරක පොරක් නෙවෙයි. සමහර උන් එක්ක එහෙම ගොඩින් බේරාගන්න බැරුව යනවා කට ගහගෙන එකට එක කියාගෙන එන නිසා. ගුරුවරයෙකුටත් බින්දුවක් හරි ආත්ම ගෞරවය කියලා එකක් තියෙනවනේ.

      මම එහෙම කිව්වේ දවසක් ඉස්කෝලේ පිරිතක් තියෙන රෑක කොල්ලෝ එලියට ගිහින් ඇතුලට ආවේ කරටි කැඩෙන්න ගහලා. ගමයයි මායි ගේට්‍ටුව ලඟ හිටියේ. පස්සේ ගමයා උන්ට කිව්වා ගෙදර ගිහින් නිදා ගනියව් කියලා. උන්ව එක්ක යන්න කොල්ලෝ දෙන්නෙකුට පැවරුවා මොකද වාහනේකටවත් අඩ තියයි කියලා ඩෝප් මරගාතේ. පහුවදා උන්ව අල්ලගෙන බැන්නා. එච්චරයි. මම අහගෙන කියනවා "අපිට තිබ්බා මේක ප්‍රින්සිපල්ට එහෙම දාලා කලාප කාර්යාලෙටත් දාලා උඹලව ඉස්කෝලෙන් අස් කරන්න. නමුත් එහෙම කලේ නැත්තේ උඹලගේ අනාගතේ අඳුරු වෙන හන්දයි, අපි කරපු දේවල් අපිට තවම මතක් තියෙන හන්දයි. නමුත් ආයේ හෙම බීලා අහුවෙන්නෙපා." කියලා

      Delete
  23. අපේ ඉස්කෝලේ වයිසාගේ නම බාවා. මට ඔිකා මතක් වෙනකොට $%^&**&^%$#@%^&&^%$
    මට ඉස්කෝලේ එපා කරේ කැ$^&*** බාවා.
    අයියන්ඩි සමාවෙන්න

    ReplyDelete
    Replies
    1. සෙන්ට්‍රල් එකේ නංගිල නරක්වෙයි කියල හින්ද තමයි බාවා අරියාදුවට ඉන්න ඇත්තෙ, ඔය කියල තියන කුනුහරුප ගොඩ. :D

      Delete
    2. ඔන්න ඕකනේ ඩුඩ් අයියේ මම හැමදාම කියන්නේ

      ලේ කැකැරෙනව බං ගුරුවරු මතක් වෙනකොට

      Delete
    3. අනේ මන්දා බං. සමහරුන්ට අහුවෙන්නේ වැරදි ගුරුවරු.
      සමහරුන්ට අහුවෙන්නේ වැරදි ගෝලයෝ.

      Delete
    4. කම්මල, අටමා ඩුඩ් අයියන්ඩ් මම ඉස්කෝලේ නරක ළමයෙක් නෙමෙයි හැබැයි හොදම එකෙකුත් නෙමෙයි ඒ වුනාට කැ%&^*% බාවා මගෙන් පන්න පන්න පලිගත්තේ දේශපාලන හේතුවක් උඩ අන්තිමට මේක ඉවසන්න බැරිම තැන පිහියක් බැග් එක් දාගන්නකොට තාත්තාට අහුවෙලා ඇහැව්වා ඇයි කියලා
      මම කිව්වා බාවා මට ඉගනගන්න දෙන්නේ නෑ මම හෙට ඌ මරනවා කියලා.
      තාත්තා පහුවෙනිදා ඉස්කෝලේට ඇවිත් බාවාට කථා කරලා කිව්වා විපුලසේන මහත්තයා ඔයාගේයි මගෙයි ප්‍රශ්ණේ වෙනම දෙයක් ඒකට මගේ පොඩි එකා ගාව ගන්න එපා. මට ඉන්නේ එකයි ඌට මොනවා හරි උනොත් මම ඔයාගේ file එක ඉහලට බාර දෙනවා කියලා.
      මිනිහා 70 ගනන් වල පොලිසියට ගහන්න මුලිකත්වය ගත්ත කෙනෙක් එයා ගැන රඡය අවධානේන් ඉදලා තියෙනවා. ඒ පලිය මගෙන් අරන් තියෙන්නේ.
      ඒ වෙනෙකොට මට අධයාපනයම එපා වෙලා ඉවරයි.

      Delete
  24. //මේ පජාත රස්සාවත් ඇත්තෙන්ම අර අතුරේ යනවා වගේ වැඩක් තමයි.//
    ලංකාවේ බහුතරයක් තමන්ගේ රස්සාවෙන් තෘප්තිමත් නෑ නේද???

    ලමයිගේ අම්මලා නිකං ෆෝවඩ් වගේ නේද? සමහර තැන්වල උනානං විනාසයි...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. උඹටත් එහෙමද , මටත් එහෙමයි

      Delete
    2. //ලංකාවේ බහුතරයක් තමන්ගේ රස්සාවෙන් තෘප්තිමත් නෑ නේද??? //

      කට අල්ලපං සූකිරි කැටයක් ඔබන්න!

      Delete
    3. මට අනිත් උන් ගැන කතා කරන්න අයිතියක් නෑ. මම ගැන කිව්වොත් නම් ඒක හරි.

      Delete
  25. අනේ මන්ද,,,,, අපිත් ඕව කොලා......
    සයන්ස් උගන්නපු නෙල්ක මිස්ට අවුරුද්දක් තිස්සෙ දුන්න සිතින්,,,,,,
    කවුරුත් දන්නෙ නැහැ මචං ....

    ReplyDelete
    Replies
    1. පව් ඒ නෙල්කා මිස්. :)

      Delete
  26. ඇත්තට අපිත් ගොඩක් වෙලාවට අපේ රස්සාව ගැන තෘප්තිමත් මදි නේද?උඹට කියන්න ඩුඩ් අයියේ ගොඩක් වෙලවට මමත් එහෙමයි.මගේ රස්සාව ගැන කියන කොට ගොඩක් වුන් කියන දෙයක් තමයි උඹට හොඳ ජොබ් එකක් ලැබිලා තියෙන්නේ කියලා.එත් ඉතින් කරන එකා නොවැ එකේ රඟේ දන්නේ...:D

    අපි නම් ගියේ බෝයිස් ස්කූල් එකකට නිසා ඔය වගේ දේවල් වාර්තා වෙලා නැහැ...:D

    ReplyDelete
    Replies
    1. හරියටම හරි

      මේ නයෙක් නෙමෙයි

      අද දවසම මං ගෙදර හිටියා වැඩක් නැතුව

      හවස හයට විතර කතා කලා බැලුම් මහර ගෑනු ළමයෙක් ( ලමයෙක් කියුුවට ළමයි ඉන්න අම්මෙක් )

      හෙට නංගිගේ වෙඩිමට යන ඇදුම මහන කොට කැඩිලා

      ඒ උන්දැ හුල්ලනව බිමටත් කපාපු කළු ගල් අල්ලල . එක එක බිත්තිය එක එක පාට ගල් වලින් බැදල හදාපු පට්ට ගෙදරක ඉදල ,

      '' ඔහොම රස්සාවක් දන්න එක සැපයිලු , එයාල හෙන අමාරුවෙන්ලු ජීවත් වෙන්නේ ( සමහරක් විට ගෙදර තියන කාර් තුන හයර් කරනව ඇති ) ...පව් නේ ,

      කිලෝ මීටර් දහනමයක් ගිහිල්ලා මැසිම හැදුවට අටසිය පනහයි , දාපු කෑලිවලටත් එක්ක එක්දාස් හාරසිය හැත්තපහයි ,

      හැත්ත පහ කපල එක්දාස් හාරසීයයි දුන්නේ , මාත් ඉතින කමක් නැ කියල අරගන ආවා ,

      තිබුන පීන්තුර වල හැටියටනං දෙන්නම ඩබල් උපාදි ගහල

      මාව එතනට ඇරපු කෙනා කියාපු විදිහට මහත්ය විස්ස විද්යාලෙක උගන්නනව , නෝන නං දරාපු ඉස්කෝලෙක , ගෙදර ටියුෂන් බොඩ් වාගයකුත් තිබුනා

      මට වැරදුනේ කොතනද බං

      Delete
    2. Air crash investigations වැඩ සටහනේ සහ Seconds from disaster වැඩසටහන් වල නිතර කියන දෙයක් තමයි විපතකට හේතුව තනි එක වරදක් නෙවෙයි වැරදි මාලාවක් කියලා.

      Delete
  27. පවු අප්ප රුම් එකකට යන්න සල්ලි නැතිනිසානේ.එ ගිහිල්ල කොරගෙන ආවම අතකොටත් ඔය අම්මල ඔය කතාවම කියයි.

    ReplyDelete
    Replies
    1. උඹටත් හිතෙන දේවල්. මේවා අපිට නම් වෘතීය අවදානම් මචං

      Delete
  28. දෙමව්පියෝ එක්ක තරහා යන්නේ ඔන්න දැන් තමයි ......... එකේ ඉඳන්ම යැව්වේ පිරිමි විතරක් ඉන්න ඉස්කොලේකටනේ

    ReplyDelete
    Replies
    1. ඇදපං කොක්ක දැන්වත්.

      Delete
  29. ඩූඩ්, ප්‍රශ්නයක් අහන්නද, ගේමට නෙවි ඇත්තටම දැනගන්න.

    මුස්ලිම් රටක් කියන එක අමතක කරලා කතා කලත් මාලදිවයිනේ ළමයින්ට ඔයතරම් නිදහසක් තියෙනවද? මම අහලා තියෙන්නෙ මාලේ ඇරුනම ගොඩක් දූපත්වල ජීවිතේ හරිම කටුකයි කියලා. ඩූඩ් ඉන්නෙත් මාලේ නෙවෙයි කියලයි මගේ හැඟීම. එතකොට තමුන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ්/ගර්ල් ෆ්‍රෙන්ඩ් ව ප්‍රසිද්ධියෙ තමුන්ගෙ ගුරුවරයට පෙන්නන්න තරම් නිර්භීත පොශ් ලමයි ඔය දූපතේ ඉන්නවද? ඩූඩ්ගෙ පාසැලේ පසුබිම පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. සොරි, මේ කමෙන්ට් එක වැටෙන්න ඕනෙ JP ගෙ කමෙන්ට් එකට ඩූඩ් දීපු උත්තරේට යටින්

      Delete
    2. >>ගේමට නෙවෙයි ඇත්ත දැනගන්න<<
      ඇනෝ, මම කොහෙත්ම එහෙම හිතුවේ නෑ. ඒකනිසාමයි මම පෝලිම පැනලා මේකට උත්තරයක් දෙන්න කල්පනා කලේ.
      මට මේකට නියම උත්තරයක් දෙන්න අමාරුයි මම තවම මේ රටේ සේවය කරන නිසා. අනික ඒක එච්චර ethical නෑ කියලත් මට හිතෙනවා. නමුත් ඔයාගේ ප්‍රශ්න වලින් හුඟකට මෙන්න මේ පෝස්ට් වල උත්තර ඇති කියලා මම හිතනවා. මෙන්න ලින්ක් තුන.
      39. FAQ: Teaching Abroad
      40. දෙවන කොටස මෙන්න පිටවුනා.
      61. අපායේ ගතකල හොඳම විනාඩි විස්ස!

      Delete
    3. dude..මොකද බං මේ මැෂින් බිජ්ජා හැමතැනම රීල.නැත්නම් ඔයා මේක ඌට(ඌරට)බදු දුන්නද?
      කෑවනම් බිවානම් පාඩුවෙ හිටියනම් නේද අගේ...

      Delete
    4. Thanks dude! I understand your point. I've read all three articles before, but still wondering if the life of Maldives is this modern! Anyway, may be later nah!

      Delete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. මේක සංම්පූරනම ලමයි දෙන්නගෙ වරද සහ අවස්තානෝචිත මෙවුව එක පාවිච්චි නොකිරීම...මුන්දෙන්නට තිබ්බ රුපියල් 50 හරි 100 හරි දීල කුලියට අම්මල දෙන්නෙක් එක්කං යන්න.. ඕං අපිනං එහෙම කොරේ නෑ. අපි ලැජ්ජ බයට කොන්වන්ට් එකේ හැදිච්ච කොල්ලො

    ReplyDelete
    Replies
    1. කුළියට අම්මලා ගේන ඒ අපි ඉස්කෝලේ යනකාලෙත් ජයටම වෙච්ච කෙලියක් නේද?

      Delete
  32. ඔබ කියන එක නම් හරියටම හරි. ගනන් නොගත්තොත් ලමයිම බනිනව. දඬුවම් කලොත් ඔයිට වැඩිය වැරදි කරපු අය ඉන්නව කියල දෙමව්පියො බනිනව. ඒක පිටට ආරන්චි වුනොත් මේ ඉස්කෝලෙ ගුරුවරු කිසි වැඩක් නෑ පිනට පඩි කනව කියල මිනිස්සු බනිනව. අන්තෝ ජටා බහි ජටා.

    ReplyDelete
    Replies
    1. මෙන්න අත්දැකීම් සම්භාරයක් ඇති ගුරුතුමියක්ම කතා කරනවා.
      ගෙදර ගියොත් අඹු නසී.
      මග හිටියොත් තා නසී.

      Delete
  33. මොකුත් සද්දයක් නොඑන විදිහට කළානම් වැරද්දක් නැහැ.

    තදින් යුද්දේ තිබුණ කාලේ එක බංකරේටම සෙබළුන් සෙබලියන් දෙගොල්ලොම යොදවලා තිබුනා භටපිරිස් හිගය නිසා. එක බංකරේකින් මහ රෑ ඇහෙනවලු සෙබළියක් කියනවා, 'කෝප්‍රල් උඩට වැඩියි, උඩට වැඩියි' කියලා. එය බරපතල වරදක්. රාත්‍රී කාලයේ එලෙස ශබ්ද කිරීමෙන් සතුරාට එය ඇසී ප්‍රහාර එල්ල වෙන්න ඉඩ තියනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්ට ඇත්තෙ වෙඩි තියනවා උඩට වැඩියි කියලා වෙන්ටැති නේද? :-D

      Delete
    2. එව්වට නං සමාව දෙන්ඩ ඕන .....මොකද ..ගුවන් හමුදාවේ ලෑන්ඩ් කරන හැටි කියල දුන්නට ...යුද හමුදාවේ එව්වා කියල දෙන එකක්ද ........................ඉතින් හමුදාවේ ...කොල්ලන්ගේ ලෑන්ඩින් අප්සට් ....................හේහ් හේහ හේ

      Delete
    3. මාත් හිතන්නේ සේවයටම කැපවෙච්ච දෙන්නෙක් වෙඩි තියන්න ඉගනගන්නවා වෙන්නැති කියලයි.

      Delete
  34. ප්‍රසිද්ධ ස්තාන වල අසෝබන ලෙස හැසිරුනා කියලා නඬුවක් දාමු...

    ඕක සාමාන්‍ය මනුස්සයෙක් විදිහට දැකලා නොදැක්ක වගේ හිටියත් ගුරුවරයෙක් විදිහට එහෙම නොකර හිටියනම් ඒක වැරැද්දක් වෙනවා..

    ReplyDelete
    Replies
    1. උඹ කියන කතාව හරියට හරි දිනේෂ්. අන්න එතන තමයි කොක්ක.

      Delete
  35. ගුරුවරයා කරපු දේ හරි..

    අර කතාව අහලා තියෙනවද ඩූඩ්.

    කෙනක් ඇහුවලු නීතියෙන් විවාහ නොවුණු ගහියක් හා පිරිමියෙක් එකට නිදාගැනීම වරදක්ද කියලා ..

    උත්තර දීපු එකා කිව්වලු " ඇත්තෙන්ම එකට නිදාගැනීම වරදක් නෑ , නිදා නොගැනීම නිසා තමා වරදක් වුනොත්" කියලා

    ReplyDelete
    Replies
    1. මරු කමෙන්ට් එක ඉවාන්. ඇත්තෙන්ම අහලා තිබ්බේ නෑ.

      Delete
  36. ප්‍රශ්නේ ඩූඩ් කිස් කිරීම නෙවි..ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක..
    මේ ළමයි දෙන්නට තමන් කරන දේ ගැන අවබෝධයක් තියනවාය කියලා හිතන්න බැරි නිසා අම්මලට තාත්තලට වගේම ගුරුවරුන්ටත් කියලා දෙන එක වටිනවා මේ ගැන.

    To sir with Love පොත මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. මට ඔය ගැන තව දුරටත් කතා කරන්න බැරි, ඔය සාර ධර්ම තව දුරටත් වලංගු නොවෙන, ඔයිට වඩා හුඟක්ම වෙනස් වාතාවරණයක් දැන් ඉන්න නිසා.

      මම ඔය කියන මූවී එකත් බැලුවා. ඒක 1969 එකක්. නමුත් අද තත්වේ ඊට වඩා බරපතලයි.

      Delete
  37. ඉතිං මොකක්ද ඒකෙ ඇති වැරැද්ද? හෙහ් හෙහ් හෙහ්

    ඇත්තටම ඩූඩ් පාසල් ළමයි ගැටවර අවධියෙදි ලව් කරන එක කිසි වැරැද්දක් නෑ. ඒත් පාසල් කාලෙදිම ඒ ලව් කායික ඇසුරක් දක්වා දුරදිග යනව නම් ඔන්න මළ ඉලව් වෙනව. නොදැනුවත්කම නිසා හරි ගොන්කම නිසා හරි වැඩ දුරදිග ගියොත් උන්ගෙ ජීවිත අඳුරු වෙනව විතරක් නෙවි, තවත් බොහෝ දෙනෙක්ට ඒ කාලකණ්ණි කමේ ප්‍රතිවිපාක ගෙවන්න වෙනව. ඒ නිසා දෙමාපියන් - ගුරුවරුන් (ඔවුනුත් දරුවො ඉන්න දෙමාපියො නිසාම) දරුවො නිසි වයසට එනකන් එයාලගෙ ක්‍රියාකාරකම් යම් සීමාවක් දක්වා පාලනයක් කරන්න ඕන. ඒත් ළමයි එක්ක ඔය වගේ සිද්ධිවලදි කටයුතු කරද්දි ඔවුන් අවස්ථානුකූලව බුද්ධිමත්ව කටයුතු කිරීම නම් අත්‍යවශ්‍යයි.

    ReplyDelete
  38. අපි නිකමට මෙහෙම හිතමු. ඔතැන ගමයා සර් වෙනුවට ඩූඩ් සර් හිටියනම් මොනවා වෙයිද? :P

    ReplyDelete
  39. අපේ හිටියා විනය බාරයා.. ඌ අපේ කොල්ලෙක්ගෙ යාව ජීව කෙල්ලගෙන් කිස් එකක් ඉල්ලලා තිබ්බා. ඔන්නෙ විනේ තරම..

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>