Saturday, June 27, 2015

130. ආයි වෙන මොනවද?


උපන් දින කේක් නැති,
තෑගි නැති,
සාද නැති,
අමුත්තන් නැති,
මත් පැන් නැති.
ඒත්, දරු දෙදෙනා ළඟ නොහිටියත්, අමතක නොවන උපන්දිනයක්,  බොහෝ කලකට පසු, ඊයේ සැමරුවෙමි.

මතක ඇති කාලයකට පසුව, 
උපන් දිනය නිවාඩු දවසක් වන බව දැනගත් දා මම,

නොකර හරි නැති නිසා, හදවතින් නොව මොළයෙන් කරන, රාජකාරි ස්වරූපයේ, ව්‍යාජ සුභ පැතුම්,


සැමරුමකට වඩා බඩජාරී කමට ඉල්ලන බව සිත දන්නා නිසා, සිතේ සතුටට වඩා කරදරයෙන් ගැලවීමට,
කලකිරීමෙන්  දෙන  සාද,

යාන්ත්‍රිකව සුභ උපන්දිනයක් පතා, ඊ ලඟ මොහොතේ සුභ පැතුමත්, දිනයත් දෙකම අමතකව මොහොතේ ඊට
හාත්පසින්ම වෙනස් දෙයක් කරන සිත් පිත් නැති රොබෝවන්

මෙවර ට අදාල නැති  බව සිහිවී සිතින් උදම් ඇනුවෙමි.  


මුහුණු පොතෙන් සහෘදයන් කිහිප දෙනෙක්ම ඉන් පෙර දා රාත්‍රියේම සුභ පතා තිබෙනු දැක සතු‍ටු සිතින් නින්දට ගියෙමි.

ඊයේ  දවස පුරාම දීපා විසින් ගෙදරම හැදූ මා කැමතිම ආහාර වේල් භුක්ති වින්දෙමි. 
උදෑසන  මයික්‍රොවේව්
පීට්සා වලින් අරඹා,
දවල්ට මා කැමතින ව්‍යංජන වලින් වැසී ගිය රස ගැන්වූ  බත්,
හවස රාස්ප්බෙරි බන්ස්
ඔස්සේ,
රාත්‍රියට මා ඉතාමත්ම බඩජාරී ‍තෝසේද වලින්ද දවස නිමා කලෙමු.


ගෙදරට වී චිත්‍රපට නැරඹුවෙමු

මුහුණු  පොතෙන් ගලා ආ සුභපැතු ප්‍රවාහයට පිළිතුරු දුනිමි.

මුහුණු පොතේ සුභ පැතුම්ද ‍රැකියා ස්ථානයේ සුභ පැතුම් තරමටම ව්‍යාජ ඒවා යයි ඔබ දැන් ඔබ කියාවි.

නමුත් මට එසේ නොසිතුනි. අවම වශයෙන් ඉන් අති බහුතරයක් ගැන.  ඉන් බොහොමයක් මගේ සිතට තදින් වැදුනු අතර
මා ඒවා කියවා ඉතා සතුටට පත් වුනිමි. 
අවශ්‍ය එය නොවේද?


බිරිඳ අපූරු සුභ පැතුමක් එක්කර කලාය.
දියණිය මා වෙනුවෙන් කවියක් ලියුවාය.
පුතණුවන් කුඩා වීඩියෝවක් සාදා එකට ඇමුණුවේය.
ඒ සියල්ලටම වඩා තාත්තාට ආදරේයයි ප්‍රසිද්ධියේ කීමට බොහෝ කොල්ලන් මැලිවන වයසක සිටියත් ඔහු එසේ කලේය.
සින්දු ඇනෝ මා වෙනුවෙන්ම ගීතයක් එක්කර තිබුනි.
වෙන මොනවා නම් අඩුද?

උපන් දින කේක් නැතිවත්,
තෑගි නැතිවත්,
සාද නැතිවත්,
අමුත්තන් නැතිවත්,
මත් පැන් නැතිවත්,
ඒත් අමතක නොවනඋපන්දිනයක් සැමරුවෙමි.


Originally published @ HeyDude in English Language.

65 comments:

  1. පසුවූ උපන් දිනයට සුබ පැතුම් ඩූඩ් !

    ඔව් ඔයිටත් වඩා වෙන මොනවද !?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා. ඔව් වෙන මොනවද?

      Delete
  2. දීඝායු වේවා ඩූඩ්!
    තව තවත් අගනා නිර්මාණ නිතර නිතර බිහිකිරීමට හැකියාව ලැබේවා!
    යථාර්තය මැනවින් දක්වා ඇත. අද ෆෙයාවෙල් පාටියක් තිබිණි. මේ ඉහත කියූ ස්වරූපය මැනවින් දුටුවෙමි. පසක් කලෙමි. හෙද පළමු වතාවට නොවේ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මධු.

      අගනා නිර්මාණ කෙසේ වෙතත් මොනවා හරි කොටලා දාන්න නම් ඕනෙ කම තියෙනවා. විවිධ හේතු නිසා අතපසු වෙනවා.

      ඇත්ත. හුඟක් පාටි දෙනවා නෙවෙයි. උදුරා ගන්නවා. සැමරීම කෙසේ වෙතත් වෙන අරමුණු නම් ඉශ්ඨ වෙනවා.

      Delete
  3. සුභ උපන් දිනයක් Dude

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි Trans Sylvania.

      Delete
  4. සුබ උපන් දිනයක් වේවා....! සෑහෙන කාලයක් බලන් හිටියා ඔබතුමාගේ පෝස්ට් එකක් කියවන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හුටා දැන් කොහොමද ඔබව අමතන්නේ? කැමරාවෙන් එහා ලෝකය කියලද?.
      අහන්නත් සතු‍ටුයි. මම හැකි ඉක්මනින් ආයෙම ලියන්න හිතාගෙන ඉන්නේ.

      Delete
  5. හා මචං,.උඹ දැන් මේ වගේ ඒවා දානව ඇරෙන්න කතා ලියන්නෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. උඹ වැරදියි. මේ වගේ ඒව දාන්නෙත් නෑ මචං. :D

      Delete
  6. මෙන්න අපිට තෑග්ගක් දීලා.... සුවබර හෙටක් වේවා..!!
    (දනක් පිනක් එහෙම ඔය දවසට එකතු කරගත්තනම් තවත් සැහැල්ලුවක් ලැබෙයි.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස් ලබ්බ.

      නෑ බං. නිවාඩු දවසක වගේ සැහැල්ලුවක් මොකකින්වත් ලැබෙන්නේ නෑ.

      උඹටත් ජයම වේවා.

      Delete
  7. සුබ උපන් දිනක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රයිගම්.

      Delete
  8. කිසිම සෙලබෙරේසොන් එකක් නැති එක තමයි මගේ සැලබෙරේසොන් එක...

    ReplyDelete
    Replies
    1. මට නම් හැම තිස්සෙම එහෙම නෙවෙයි. ඕක කාලය, දීපය, දේසය, වගේ සාධක මත වෙනස් වෙනවා. වෙනස් නොවන දේ උපන් දිනය සැබෑ සහෘදයන්ගේ සැබෑ සුභ පැතුම් සමග ගෙවන එකයි.

      Delete
  9. මේ උපන්දිනය අමුතුම එකක් වේවා මගේ ඩෙනිම නැවත ඉපදීමක් වේවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි විචාරක ඒ අනගි ප්‍රාර්ථනාවට.

      Delete
  10. මදැයි උපන්දිනේ හන්දවත් බොලොග්ග මතක් උනා.

    එනිවේ සුබ උපන්දිනයක් ඩූඩ්.

    ReplyDelete
  11. හෙන්රි අය්යගෙ උපන් දිනෙට අපිටදුන්න දේ තමා බ්ලොග් පෝසටුව.
    මාර්තු වල ලිවිල්ල අතෑරපු හුග දෙනෙක් ඉන්නව. මං නං විහිංළුවට වගේ ආය කොටනව. නරකද හෙන්රි අය්යත් පටං ගත්තොත්.
    ජයෙන් ජයම වේවා. සියළු පැතුමන් ඉටුවේවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මහේෂ්. එහෙම කරන්න ඕනේ.

      Delete
  12. සුබම සුබ උපන් දිනයක් වේවා හෙන්රි අයියේ! :)

    කමක් නැත්තම් විතරක් කියවන්න ආසයි අර 'See More' එකේ ඉතිරි ටිකත්. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි

      Thath,

      This is for you
      To tell you how much we love you
      You are a dad in a million
      Wouldn't trade you for a trillion

      A father more like a friend
      With us all the way around the bend
      You guide us through it all
      Never letting us ever fall

      For all you are and what you have done
      We thank you over and over again a ton
      I thank God for u every single day
      For without you there wont be sun in May

      We three love you from the bottom of our heart
      Never ever forget that for you we'll take a dart
      Happy b day to the best dad ever

      Happy birthday thath!!!!!!! We

      you soooo much!!!!!! God Bless you!!!!!!

      This is from three of us!!!!! Malla helped a lot to make this video from chosing photos to selecting music!!!!!!

      Delete
    2. මාත් ආස කළා මේක කියවන්න .. ස්තුතී.. ඔයාගේ උපන්දිනේ ගොඩක් ලස්සන එකක් වෙලා ෂෝයි.. මං යාලුවන්ට උපන්දින වලට සුබපතන්නේ හරිම අඩුවෙන්, ඒත් හැම අවුරුද්දෙම මගේ උපන්දිනේට ෆේස් බුක් එකේ තුන් හාරසීයක් උපන්දින සුබ පැතුම් ,,මන් වෙනුවෙන්ම හදපු ෆොටෝ,, කවි දැක්කම යාළුවො ගැන අමුතුම ෆිලින් එකක් එනවා,,, ඊට පස්සේ දවස් දෙක තුනක් අනිත් ඇයගේ බර්ත් ඩේ වලට විශ් කරනවා ඊට පස්සේ ආයේ ඊලග අවුරුද්ද වෙනකල් අමතක කරලා දානවා.. මං ඒ අතින් නරක යාලුවෙක්,, අනේ මන්දා ඒ මගේ හැටි ,,ඒත් මන් නරක කෙනෙකුත් නෙමේ ඉතින්,,, :-*

      Delete
  13. මත් පැන් නැතිවත්,///

    හම්මෝ.. ඇති යන්තං.... හි හි...

    හැප්පි බර්ත්ඩේ ඩූඩ්.....

    ReplyDelete
    Replies
    1. උඹටත් මත්පැන් එක්ක පුදුම අරියාදුවක්නේ තියෙන්නේ. :D
      මෙතන නං වුනේ අර කැත ගෑණිගේ පතිවත වගේ කේස් එකක්.
      මෙහෙ බඩු නෑ.

      බොහෝම ස්තුතියි කෞෂි

      Delete
  14. "බිරිඳ අපූරු සුභ පැතුමක් එක්කර කලාය.
    දියණිය මා වෙනුවෙන් කවියක් ලියුවාය.
    පුතණුවන් කුඩා වීඩියෝවක් සාදා එකට ඇමුණුවේය.
    ඒ සියල්ලටම වඩා තාත්තාට ආදරේයයි ප්‍රසිද්ධියේ කීමට බොහෝ කොල්ලන් මැලිවන වයසක සිටියත් ඔහු එසේ කලේය.
    සින්දු ඇනෝ මා වෙනුවෙන්ම ගීතයක් එක්කර තිබුනි.
    වෙන මොනවා නම් අඩුද?"

    හෙන්රි මචෝ උඹ ගොඩක් වාසනාවන්තයි...!
    ජීවිතේ වෙනස් වෙන එක ඇත්ත...
    ඒත් ඔය තත්වය දීර්ඝ කාලයක් රැඳේවායි පතමි!

    ReplyDelete
    Replies
    1. පසු ලිපි: සින්දු ඇනෝගේ සින්දුත් එක්කම :-) මෑන්ස්ට අපේ ආත්ම දෙකකට විතර හරියන්න සින්දු තියනවා :-)

      Delete
    2. බොහෝම ස්තුතියි තිස්ස.
      සින්දු ඇනෝ සහ උඹේ හමුවීම නිකං ගහට ගහක් මොර‍ටුවෙදි හමුවුනා වගේ නේද?

      Delete
  15. මම නං සැලිබ්‍රෙේට් කරනවා තියා විෂ් කරන්නෙත් නෑ කාටවත්.. හරිම ආටිපිසල් වැඩක් නේ.. හැක්.. අන්න ඔහොම නේ සමරන්න ඕන. පොඩි එකා ගෙට දාලා ඌ කැමති ඕන දෙයක් කන්න කරන්න දෙන එක.. හැක්. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. උඹත් සාක්ෂි කාරයෙක්ද ?

      Delete
    2. මෙහෙමයි. හැමදාම මෙහෙම කරන්න ඕනෙ කියලා එකකුත් නෑ. හැමෝම මෙහෙම කරන්න ඕනෙ කියලා එකකුත් නෑ. මේ පාර මම මේ විදියට කැමති වුනා. එච්චරයි.

      ස්තුතියි දේශ්. හැක්.

      Delete
  16. ඩුඩයියාත් තෝසේ බඩජාරියෙක්ද..:)

    තෝසේ මගෙත් ආස කෑමක්.හැබැයි කොච්චර ආස වුනත්,බඩගිනි තිබ්බත් තෝසේ දෙකයි,අල බෝලෙයි.මසල වඩෙයි එකකට වඩා කන්න බැහැනේ.:D

    ReplyDelete
    Replies
    1. "තෝසේ දෙකයි + අල බෝලෙයි + මසල වඩෙයි " සන්තෝ මීට වඩා කොහෙට කන්නද???

      Delete
    2. බඩට තමයි තිස්සයියා,බඩට තමයි.:D

      Delete
    3. ඔව් මනෝජ්. මම ‍තෝසෙ වඩේ බඩජාරියෙක්. ඉස්කෝලෙ යන කාලෙ ඉඳම්ම. ඒ එක්කම මම පීට්සා වලටත් මාර ආසයි. spaghetti වලටත් කැමතියි. එතකොට පොළොස්, හාල්මැස්සෝ බැදුම, මුකුණුවැන්න මැල්ලුම, ගො‍ටුකොල සලාද, කොස්.. යකෝ බලාගෙන ගියාම මම හැම එකකටම බඩජාරියිනේ.
      ඈ බං. ඕක බඩක්ද? උඹේ වගේ බඩක් තියෙන අනිකා නිශාන්ත ඩි සිල්වා.

      Delete
  17. සුපිරි නේ! දීර්ඝායුෂ ලැබේවා ඩූඩ්!

    තාත්තා කෙනෙකුට දෙන්න පුලුවන් හොඳම උපන්දින තෑග්ග දුන්නු ඩූඩ්ගේ පවුලේ සාමාජිකයො ගැන ආඩම්බරයි.

    මට මතකයි මීට අවුරුදු තුන හතරකට කලින් අපේ මහප්පා (අපේ පවුලට නිතරම අංචි අදින එක්කෙනා) අපේ ගෙදර ආවා. එදා එයාගෙ උපන්දිනේ. එයා කතාකරකර ඉන්න අතරෙ මායි අම්මයි එයා ආසම කොලකැඳයි, ඉඳිආප්පයි හැදුවා. කෑම කාලම යන්න කියලා, ආවම අපි හැමෝම විශ් කලාම එයාට ඇඬුනා.

    "දරුවො හතරදෙනෙක්, බෑනලා - ලේලිලා හතරක්, මුණුබුරු මිණිබිරියෝ හයක් ඉඳලත් කාටවත් මගෙ උපන්දිනේවත්, මම කන්න ආස දේවල් මොනවද කියලවත් මතකයක් නෑ" කියල.

    අපේ තාත්තත් ඒ සිදුවීම මතක් කරල නිතරම කියනව තමන් කොච්චර වාසනාවන්තද කියල.

    ඉතින් ඩූඩ්, ඔයත් පුදුම තරම් වාසනාවන්ත තාත්ත කෙනෙක්. සුභපැතුම්!!!

    ReplyDelete
    Replies
    1. යහපත් තාත්තලාගේ යහපත් දරුවෝ !!
      [විරුද්ධ පැත්තත් එහෙම්මයි කියලා පේන්න එළියට ඇවිත් බලන්න ඕන නේද බස්සි!]

      Delete
    2. බොහෝම ස්තුතියි බසු මහත්මිය මේ ලස්සන කමෙන්ට් පොස්ට් එකට.

      ඇත්තෙන්ම බොරුවට යාන්ත්‍රිකව කියන ගුඩ් මෝර්නිං නොකියා නාහා ඉන්න තියෙනවා නම් මම කැමතියි. උපන්දිනෙත් ඒවගේ. ඔය මිනිස්සු කිව්වට FB වගේ සමාජ ජාල වලින් උපන් දිනයක් සමරන්න සෑහෙන පි‍ටුවහලක් ලැබෙනවා. උදේට මුලිච්චි වෙන එකෙක් කොහොමද කියලා අහන්නේ meaningless filler එකක් හැටියට හුඟක් වෙලාවට. නොකලොත් ඒක නිකං හරි නැති නිසා. නමුත් FB එකේ සහ මෙතන මට සුභ පැතූ හැමෝම එහෙම නොකර ඉන්න පුලුවන් කම තියෙද්දිත් මා වෙනුවෙන් වචනයක් කොටලා යන්නේ යම් හැඟීමකින්.

      මම ඒකට කැමතියි.

      @Thissa. Absolutely.

      Delete
    3. "FB එකේ සහ මෙතන මට සුභ පැතූ හැමෝම එහෙම නොකර ඉන්න පුලුවන් කම තියෙද්දිත් මා වෙනුවෙන් වචනයක් කොටලා යන්නේ යම් හැඟීමකින්..."
      මේක මමත් විශ්වාස කරන දෙයක්... විශ්වාසය ඇතිවෙච්චි දෙයක්... එහෙම කරන එක ලේසි නිසාම නෙවේ එහෙම කරන්නේ... කොයි ලෝකේ හිටියත් හැඟීමක් තියන නිසා.. අවතක්සේරු කරන්න බැහැ...

      Delete
  18. සුභපැතුම් මචං. මොකුත් නැතිවීමත් එක විදියක තිබීමක් තමයි.

    ReplyDelete
    Replies
    1. මොකුත් නැතිවීම ගැන අර පහලින් රවි කියලා තියෙන එක උඹ දැක්කද රාජ්? :D

      උඹට හුඟක් ස්තුතියි.

      Delete
  19. Replies
    1. ස්තුතියි වීයා. මට තවම ඔලුවේ තියෙන්නේ උඹ ඩයපර් අන්දන තාත්තෙක් හැටියට.

      Delete
  20. උපන් දිනයට සුබ පැතුම් ඩූඩ් !

    ඔය ලැබිලා තියෙන්නේ හොඳම උපන්දින තෑගී.. ඔයා හරිම වාසනාවන්තයි එහෙම උපන්දිනය ගත කරන්න ලැබෙන්න.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි තුශානි.
      කතාව ඇත්ත

      Delete
  21. සුබම සුබ උපන්දිනයක් වේවා ඩූඩ් මල්ලි එහෙනං ආ......... ඔන්න එනං බජාර් එකේ ඔක්කොම එක්ක අපි ඩූඩ් මල්ලිට ඇපි බද්දේ කිව්වා ඈ... ඕම යන් ඕම යන්

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි යකෝ. ඒ පොඩ්ඩට ඉවාන් ලොක්කා පච්චෙකුත් කොටාගෙන අයියා කෙනෙක් වෙලානේ.

      හා හා හොන්ජයි හොන්ජයි. අයියා.

      Delete
  22. මම නම් මූණු පොතේ විශ් කරා.. දැන් මට තියෙන එකම ප්‍රශ්ණේ ඒක හොඳ ගොඩටද කපටි ගොඩටද වැටුනේ කියලා.. හැක්.. උපන් දිනයක් නොවුනත් ඔහොම දවසක් කාලෙකින් ගෙවන්න බැරි උනා.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍රයෙක් බොරුවට සුභ පතනවද බං.
      එදාට නිවාඩු දාපං. මෙහෙ ඒකත් කරන්න බෑ පඩිය කපනවා.

      බොහොම ස්තුතියි කල්‍යාණ මිත්‍ර

      Delete
  23. අඩේ.මීටත් වැඩිය ආය අහවල් සෙලිබ්‍රේසන්ද?

    උදේටයි, දවල්ටයි රෑටයි බඩ පැලෙන්න කාලා.. ඒ මදිවට හවසටත් මොනවද කෙලල ඇරලා...දවසම ගෙදෙට්ට වෙලා දෙන්න එක්ක පිච්චර් බලලා...මේ ඔක්කොමත් කරල අහකවෙලා අන්තිමට කියනව අනේ මචංලා නෝ සෙලිබ්‍රේසන්ස් කියල..අම්මාපල්ල මොකටද මගෙ කට....... :)

    ReplyDelete
    Replies
    1. අන්න නියම මිත්‍රයෝ.

      මචං උඹ කිව්වට පස්සෙ තමයි මට තේරුනේ මම කොයි තරම් දේවල් කාලද කියලා. ඊට අමතරව හැමදාමත් කන කෑම නිසා තමයි මේ බර අඩු කරගන්න මෙච්චරදඟලන්න ඕනේ කියලා.

      අන්න මිත්තරයෝ!

      ස්තුතියි මචං ඉන්සයිට් එකට.

      Delete
  24. සුබම සුබ උපන් දිනයක් වේවා අයියේ...
    කාපුවා කියපු එකනම් කැත වැඩේ අප්පා... :(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සයුරි.

      වැඩේ කියන්නේ අර රවියත් කියලා තියෙන විදියට කාපු එක විතරනේ කරලා තියෙන්නේ. ඉතිං ඒක නොකියා මොනවා කියන්නද?

      Delete
  25. සුභ උපන් දිනයක් වේවා...
    මගේ උපන් දිනේ දවසේ මගේ කෙල්ලෝ පොඩි පොඩි තැගි ගෙනල්ලා සුභ පතලා මාව ඉඔලා යනකොට මම හෙන සතුටක් ලැබුවා අයියන්ඩි..දුකට සැපට යාලුවන්ට නෑදැයනට කියලා හැම දේකටම මටයි සදුටයි පොඩි මෙන්ඩටයි ඉන්නෙ මේ කෙල්ලෝ ටිකනේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මෙන්ඩා.

      අන්න උඹට තේරුනා.

      තෑග්ගේ වටිනාකම නෙවෙයි වැදගත්. ඕක අපිට තෙරුම් ගන්න බැරි හැටි!

      එහෙම උන් ටිකක් ඉන්න එක වාසනාවක් බං.

      Delete
  26. සුභ උපන් දිනයක් ඩුඩ් !!!

    නිදහස් දවසක්, හිතවතුන්ගේ සුභ පැතුම් සමග, ආදරවන්තිය ලඟින්, කෑම ගොඩක් එක්ක ගත කරන එක තරම් හොඳ උපන් දින සැමරුමක් තවත් තියනවද..

    ඔය කොහොම උනත්, ඔබේ උපන් දිනය නිසා සිදු වූ හොඳම දේ තමයි ඔබට බ්ලොග් එකක් තියන බව මතක් වීම..

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතියි මානවිකාවනි.
      :p

      Delete
  27. සුබ උපන්දිනක් ඩූඩ් අයියේ, හැම යහපත් පැතුමක්ම ඉටුවෙන, දූ දරුවන්ගේ සතුටු හිනා තවත් දකින්න ලැබෙන වාසනාවන්ත අලුත් එපිසෝඩ් එකකට සුබ ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  28. ට්‍රිප් යන එකෙත් ඔහොම දෙයක් තියනවා.. අපි ගොඩක් වෙලාවට කරන්නේ විවේකයක් ගන්න කියලා දවස් 3, 4 ඇතුලත කිලෝමීටර් බර ගාණක් ගිහින්, තැන් තැන් වල ඇවිදලා ඉන්නවටත් වඩා මහන්සි වෙන එකනේ. ඒ නිසා අපිත් සමහර ට්‍රිප් යනවා, කොහේ හරි තැනකට ගිහින් නිකම්ම ඉඳලා එන්න. කනවා, බොනවා, ෆිල්ම් බලනවා, නිදියනවා... මම හිතන්නේ පොඩ්ඩක් වයසට යනකොට එන ට්‍රෙන්ඩ් එකක් වෙන්න ඕනෙ...

    ඒක නෙමේ හැපි බර්ත්ඩේ ඩූඩ්.... මම විෂ් කරපු විදිහටම පරණ ඩෙනිමක් ලැබිලා තියෙන්නේ :)

    ReplyDelete
  29. උපන්දිනේ දැනුන දේවල් අකුරක් නෑර දැන්න ලියලා වගේ. සුබ උපන්දිනයක් ඩූඩ් අයියා!

    ReplyDelete
  30. අදයි දැක්කෙ ඩූඩ්... ගොඩක් හිතට දැනුනා ලියල තිබ්බ දේවල්.

    උපන්දිනය ගැන සුභපතන එක ට වඩා, “දිග කාලයක් අපිත් එක්ක ඉඳිමින් කරගෙන ආව හොඳ වැඩ ටික දිගටම කරගෙන යන්න ලැබේවා!“ කියලා ප්‍රාර්ථනා කරනවා. එදා ගල්කිස්සදෙි වගේ ආයෙ ගෙට්ටුවකදි හම්බවෙමු...!

    පුතා දැන් ඔයා ළඟ නෙවෙයිද?

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>