Monday, April 10, 2017

160. මැක් ලොජික්





In the loving memory of Mack:

මැක්කා අපේ බැචා පේරාදෙණිය ටීචර්ස් කොලේජ් එකේ. බැචා කිව්වට ඌ හිටියෙ අපිත් එක්ක එකම බැච් එකේ විතරක්  නෙවෙයි, එකම ගෲප් එකේ, එකම ක්ලාස් එකේ, එකම හොස්ටල් එකේ. මූ පොකු‍ටු කොන්ඩයක් තියෙන, කන්නාඩි දාන ගීක් ටයිප් කොට ජීවිතේ. මේකාගෙ ඇත්ත නම මොක වුනත් මේකාට ඉස්සෙල්ලම වැටිච්ච නම ‘මැක්බෙත්’. ඒකට හේතුව මේකට තිබ්බ අසාමාන්‍ය English Literature උණ කිව්වොත් වැරදි නෑ.




මුලින්ම මූ මේ නම ගැන මාර ආඩම්බරෙන් හිටියෙ.  ඒ ඇයි කියලා කියන්න ඕනෙ නෑනෙ, මොකද “විලියොං හෙල්ල හොලවන්නා” මේකාගෙ වීරයෙක්. ඉතින් මේක කියලාවත් දාගන්න බැරි නමක්නෙ.

නම දාපු උන්ට (ඒ කියන්නෙ අපිට) තේරුනා වැඩේ අප්සෙට් කියලා. ටික කාලෙකින්ම ‘බෙත්’ හැලිලා නිකම්ම නිකං ‘මැක්’ විතරක් ඉතුරු වුනා. මූ මේකට එච්චරම සතු‍ටු වුනේ නැතත්  ඔරුවෙ පෙරලිච්ච පැත්ත හොඳයි කියන න්‍යායට අනුව අලුත් නමට අනුගත වුනා. මොකද ‘මැක්’ කියන්නෙත් තඩි අමෙරිකන් සුපර්ට්‍රක් එකක්නෙ කියලා. වැඩි දවසක් ඒ සතුට තිබ්බෙ නෑ. තඩි අමෙරිකන් ‘මැක්’ සුපර් ට්‍රක් එකට ඈඳුනා ට්‍රේලර් එකක් ‘කා’ කියලා.  එතකොට නිකම්ම ‘මැක්කා’. ඒකට නම් මූ කැමති උනේම නැති නිසා ඒ නම් රෙජිස්ටර් වුනා.

මැක්කා දකුණෙ පොරක්. අපේ බැච් එකේ හිටිය වැඩි දෙනා දකුණෙ උන් තමයි බස්නාහිරයො වන අපි කීප දෙනෙත්, තව උතුරෙන්, උතුරු මැදින්, නැගෙනහිරින් සහ කන්ද උඩරටින් ආපු සෙට් එකත්  ඇරෙන්න.
දවසක් අපි දවල්ට කාලා පොඩි නින්දක් ගහන වෙලාවෙ මට ඇහෙනවා මැක්කා කාටදෝ වාත කරනවා.

“ඒයි මචං නැගිටපංකො. ඒයි සරා නගිටපංකො බං.” කියලා
“මොකද යකෝ, පලයංකො මට ටිකක් නිදාගන්න දීලා.” සරා නිදිමතේම කියනවා ඇහුනා.

“ඒයි මචං නැගිටපංකො. ඒයි මට නුවර යන්න ඕනෙ බං. බ්‍රිටිෂ් කවුන්සිල් එකට.”

“මොන මගුලක්ද බං. මෙන්න මෙහෙට වෙලා ටිකක් නිදාගනිං බං. බ්‍රි-ටි-ෂ් කවුන්සිල්.”

“ඒයි වරෙංකො මාත් එක්ක යන්න. මට අර පොත් ටික රිටර්න් කරන්න් ඕනෙ බං.”

“ඉතිං මම මොකටද බං උඹ පලයංකො.”

“අනේ එහෙම කියන්න එපා බං. ඒයි නැගිටපං බං.”

මැක්කගෙ එක ලක්ෂනයක් තමයි ඌට මොනවා හරි ඕනෙ උනොත් ඒක ලැබෙන කල්ම කෙඳිරිගාලා, නහයෙන් අඬලා, වාත කරන එක. සරාටත් තේරෙන්න ඇති මුගෙන් ගැලවුමක් නැති බව.

“මැක්කො, උඹ පලයංකො බං පව් නොදී.  අනික මම මේ හෙන කෝඩෙ ගහලා ඉන්නෙ.”

“සල්ලි ප්‍රශ්ණයක් නෑ. කවුද මෙතන සල්ලි ගැන කිව්වෙ?  මමයි බස් එකට ටිකට් ගන්නෙ. මමයි ප්ලේන්ටී අරන් දෙන්නෙ. බොට ඕනෙනං සිගරට් එකකුත් අරං දෙන්නංකො. බොට තියෙන්නෙ එන්න විතරයි. මට කම්මැලියි  බං තනියෙං යන්න. දෙන්න එක්ක කයියක් ගහ ගහ යමං බං. අනේ වරෙං බං.”

“අපොයි ‍තෝ නං මලම වාතයක්, මලම ඇනයක්, හා හා නවත්තගං තොගෙ ඇඬියාව. හැබැයි ‍තෝ  තමයි සියලු වියදං දරන්නෙ. ඔන්න මතක තියාගනිං.”
මම හිතන්නෙ මැක්කට කට කන් දෙකේ ගෑවෙන්න ඇති.  මේ ටික කිව්ව සද්දෙන් මට එහෙම හිතුනෙ. ඒ එක්කම ඇඳ කිරිස් කිරිස් ගෑවෙ සරා අන්තිමේදි නැගිට්ට නිසා වෙන්න ඕනෙ.

“හරි හරී. නෝ ප්‍රොබ්! I pick up the tab! නැගිටපංකො අන්න එහෙම. අන්න එහෙමනෙ බං ඉන්න ඕනෙ!”

පස්සෙ මට නින්ද යාගෙන එනකොට මුන් දෙන්න යනවා යාන්තමට ඇහුනා.
නැප් එකෙන් පස්සෙ අපි නැගිටලා, ප්ලේන්ටී බිබී,  දුමකුත් දාගෙන, වල් පල් දොඩව දොඩවා, එකිනෙකාට මඩ ගගහා, ආතල් එකේ ඉන්න කොටයි මුන් දෙන්නා ආපහු ආවේ.

“හාපෝ සරතො මූ මාර විදියට වාත කලානේ උඹව ඇදගෙන යන්න.  මට මූට දෙකක් නෙලන්න හිතිලා තිබ්බෙ නැගිටලා.” මම කිව්වා.

“අඩෝ මාත් ‍තෝත් එක්ක මල ඔරොප්පුවෙ හිටියෙ. කතාකලේ නැත්තෙ ‍තෝ මගෙ ඇ‍ඟේ එල්ලෙයි කියලා බයේ,” තව එකෙක් ආශිර්වාද කලා.

මැක්කා හික් හික් ගෑවා විතරයි. ඌ අතේ බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් ගත්ත බර පොත් වගේකුයි, තව බෑග් වගේකුයි තිබ්බා. සරා අතෙත් පොඩි බෑග් එකක් තිබ්බා.

ටිකකින් මැක්කා කන්නාඩි කුට්ටම අතට අරන් පොලිෂ් කරන ගමන් කියනවා.
“ඒයි සරත්, බස් එකට රුපියල් **.**යි. තේ වලට රුපියල් **.**යි. උඹේ සිගරට් දෙකට රුපියල් **.**යි. මම සිගරට් බොන්නෙත් නෑ, නමුත් මමත් එයින් බාගෙකට කන්ට්‍රිබියුට් කරන්නම්කො. එතකොට එකතුව රුපියල් ***.**යි. උඹ මට ඒකෙන්  50% දෙන්න ඕනෙ.”

“මොකක්?” සරතට කෑ ගැස්සුනා. මට ප්ලේන්ටී උගුර හිරවුනා. සමහරුන්ට සිගරට් දුම හිරවෙලා කැස්ස හැදුනා.

“උඹ මට  වියදමෙන් බාගයක් දීපං. ‍ෆිෆ්ටි ‍ෆිෆ්ටි” කියපු මැක්කා කන්නාඩි කුට්ටම ඉහලට අල්ලලා පරීක්ෂා කරලා බලලා ලෙන්ස් දෙකටම කටින් පිඹලා ආයිම පොලිෂ් කරන්න ගත්තා.

“ඈ බොල @#$, ‍තෝ නේද අර නිදාගෙන හිටපු මාව ඇහැරවාගෙන ඇදගෙන ගියේ? ‍තෝ කිව්වා නේද ‍තෝ තමයි වියදම් කරන්නෙ කියලා? ‍තෝ… තොගෙ…” සරතා බෆර් වෙන්න පටං අරං.

මේක අහං හිටපු මටත් කට පියාගෙන ඉන්න බැරිවුනා.

“අඩෝ මැක්කෝ, උඹ ඌට වාත කරලා, වැඳලා, ඌව ඇදගෙන යනවා මාත් අහගෙන හිටියේ. මොනාද ඩෝ දැන් මේ කියන්නෙ?”

ඔන්න අනිත් උනුත් දෙන්න ගත්තා මල්ටි බැරල් වලින්.

“උඹ ඌට ටිකට් ගන්නවය, තේ අරන් දෙනවය කියලා කිව්ව මාත් අහගෙන, දෙපිට කාට්‍ටුවා.”

“දිව දෙකේ එකා, දෙපත් නයා….”

“හෝව් හෝව් හෝව්. මේ අහපල්ලා,” කියපු මැක්කා කන්නාඩි කුට්ටම දාගත්තා.

ඊට පස්සෙ බෙල්ල නවලා, කන්නඩි කුට්ටමේ රාමුවට උඩින් අපි දිහා බලලා, ඌ මෙහෙම කියනවා සරාට.

“මේ අහපං. මම එහෙම කිව්වා තමයි. ඒ ඉස්සෙල්ලා. එතකොට උඹ ආවෙ  තනිකර මගෙ ඕනෙ කමට තමයි.  නමුත්…” මූ  කේස් එකක් ගොඩ දාගත්ත ෂර්ලොක් හෝම්ස්  වගෙ ඔලුව වන වන, ඇඟිල්ලකුත් උරුක් කරගෙන, ජයග්‍රාහී හිනාවකුත් එක්ක, අපි හැමෝම දිහා බැලුවා.  “නමුත් උඹත් පේව්මන්ට් එකෙන් මේස් දෙකක් ගත්තා නේද?  උඹ නෑ කියනවද?”


“ඔව් ගත්තා තමයි, ඉතිං?”

“හෙක් හෙක්! “මගෙ උවමනාවට” ගිය ඒ ගමනෙන් බොටත් වැඩක් උනා නේද?  හරිනං උඹ මට වියදමෙන් බාගයක් දෙන්න ඕනෙ.”

මේකට සුදුසු උත්තරයක් හිතාගන්න අපිට තප්පර තිහකට වඩා ගියා.
මාතර වැලිගම පැත්තෙ ඉන්න මැක්කගෙ අම්මා කල්පනා කරන්න ඇති කවුද අප්පා මාව මෙච්චර මතක් කරන්නෙ මෙච්චරටම කිඹුහුං යන්න කියලා.




Originally published @ HeyDude in English Language and.  @ මට හිතෙන හැටි.








118 comments:

  1. බුහැක්... ඇඩෝව් දකුණේ කකුල් එහෙම තමා හරිය?
    ‘විලියොං හෙල්ල හොලවන්නා' මල් හතයි... ඔය අනික් විලියොංලටත් නම් ටිකක් හදමුකො
    ‘විලියොං වදන් වටිනා' ‘විලියොං බොටලේරු යීට්ස්' ආදී වසයෙං

    ReplyDelete
    Replies
    1. උඹ මැක්කගෙ මල්ලිවද්ද?

      මට ඕක කල්පනා වුනේ නෑනෙ. වර්ඩ්ස්වර්ත් නම් මතක් වුනා. කවුද බං බොටලේරු යීස්ට් කියන්නෙ?

      Delete
    2. William Butler Yeats
      An English Romantic poet

      Delete
    3. අඩේහ් මුන් නම් :D

      Delete
  2. මූව මරන්න එපැයි!

    ReplyDelete
    Replies
    1. අනේ රාජ්, මුලින්ම "In the loving memory of Mack" කියලා උඩින්ම දාන්න හේතුව අපේ මැක්කා මේ ජනවාරි මාසෙදි සදහටම අපිව හැර ගිහිල්ලා. මම දැනගත්තෙ ඊයෙ.

      මේ පෝස්ට් එක මැක්ට උපහාර පිණිසයි.

      Delete
    2. එහෙනම් රාජ් පරක්කුයි..

      Delete
  3. හැක්.. බලාගෙන ගියාම මැක්කත් එක්ක ඉඳල උඹල ඉතුරු වෙච්ච එකම ඇැති.

    ReplyDelete
    Replies
    1. අපි ඌත් එක්ක ඉඳලම මැක්පෲෆ් වෙලා හිටියෙ.

      Delete
  4. ඌ නම් මැක්කෙක්ම තමයි :D

    ReplyDelete
  5. :D Should give him one of socks

    ReplyDelete
  6. අපිටත් ඔහොම බැචෙක් හිටියා .. ඌට නම් නම දැම්මෙම මැක්කා කියලයි හැබැයි ඉතිං පස්සෙ ඒකා කෙල්ලෙක් දාගත්තාම අපි අර නම වෙනස් කලා මැක්ස් කියලා. කෙල්ල මැක්සි උනා. අඩෝ උඹලට මං නිකමටවත් මතක් වෙන්නෙ නැද්ද බං ?

    ReplyDelete
    Replies
    1. මට නම් මතක් වෙලා ඊයේ කතාවකුත් ලිව්වා. හැබැයි ඒ දේශප්‍රිය ලංකාපුත්‍ර ගැනයි.

      Delete
    2. මමනම් මේ ලගදිත් සරත් අයියව මතක් කලා , හරියටම අගහරුවාදා වල් තුනකට කලින් . ( වරාය කිට්ටුව අඩියක් ගහන ගමන් )

      Delete
    3. මතක් උනැයි කියල මක්ක කොරන්නද අයියගෙ අරකට යන්න පුලුවං ඉන්වයිට් කරපු ඈයොන්ට විතරනෙ.

      Delete
    4. මොකට කියනවද e ටික .

      Delete
    5. අපිව එලියට දාලා බ්ලොග් එකේ දොර වහලා දැං බලපංකො සරත් උඹ ඒක කියන හැටි!

      Delete
    6. මතක් වුනාට කෝ ඉතිං ගෙවල් දොරවල් වහලනේ... නැත්නම් හොම්බ දාලා අඩෝ ලියන්නැද්ද ඩෝ කියලවත් අහන්න තිබුනා...

      Delete
    7. අම්බෝ සරත් අයියා දැක්ක කල්

      Delete
    8. මං බ්ලොග් එක වැහුවෙ ලියන්න බැරි හේතු ගොඩක් හින්දයි.. ලියන්න පුළුවන් වෙන කාලෙට ජීවතුන් අතර හිටියොත් ආයිත් ලියමු.. එතකල් ප්‍රසන්න වගෙ අනුංගෙ එව්වට එබි එබී ඉන්නං..

      Delete
    9. සරත් අයියා,

      පටන් ගමු අලුත් බ්ලොගක්.. ඔය ලියපු ඒවට අමතරව තව ලියන්න වෙන ජාති ගොඩාක් ඇතිනෙ.

      Delete
    10. මමත් ගොඩක් දවස් ගිහින් හැරිලා ආවා ...ලියමු අයියන්ඩි

      Delete
    11. අප්පට සිරි සරා අයියා

      Delete
    12. සරත් අයියා ගෙදර දොර වහාගෙන ගෙදර එන්නේ නැතිද කියලා අහන්නේ මක්කැයි.:D

      Delete
    13. // කෙල්ලෙක් දාගත්තාම අපි අර නම වෙනස් කලා මැක්ස් කියලා // මම දන්නා කොල්ලෝ කිහිප දෙනෙක්ම ඉන්නවා නමට ඔය "මැක්ස්,රොක්ස්" කියලා තියෙන හැබැයි ඒ කවුරුත් දාලා නෙමේ උන්ම දාගෙන.


      Delete
  7. මීට පස්සේ ලියන හැම කතාවකටම මේ මැක්කා කතාව සම්බන්ධ කරන්න.....!!!

    ReplyDelete
    Replies
    1. එහෙම කරනවා රවී නම්.

      Delete
  8. නැප් එකට ගානක් නියම කරල , මැක්කගෙන් තව ගානක් ඉල්ලගන්න තිබ්බෙ නැප් කෑමේ ගාස්තුව කියල .

    ReplyDelete
    Replies
    1. දැන් පරක්කු වැඩයි බං

      Delete
  9. මේ කතාව කලින් කියවපු මතකයක් නෑ.. හැබැයි මේ පින්තූරෙ මතකයි..

    මැක්කා හරි.. අරූ එකඟතාවයෙන් අයුතු ලාබ ලබන්න උත්සහ කරලා..ඒක දඩුවම් ලැබිය යුතු වරදක්...

    ReplyDelete
    Replies
    1. මේ පින්තූරෙ මේ කතාව වෙනුවෙන්ම ඇඳපු එකක්. අවුරුදු ගානකට පස්සෙ මතකෙන් ඇන්දත් ඒක මැක්ක වගේම ආවා කියලා මම හිතනවා.

      Delete
  10. මුලින්ම, "In the loving memory of Mack" කියලා උඩින්ම දාන්න හේතුව අපේ මැක්කා මේ ජනවාරි මාසෙදි සදහටම අපිව හැර ගිහිල්ලා. මම දැනගත්තෙ ඊයෙ.

    මේ පෝස්ට් එක මැක්ට උපහාර පිණිසයි.

    ReplyDelete
    Replies
    1. Damn
      අයියෝහ් . . .
      ඒක ඇහුවාම පට්ට දුකක් දැනුනා මචෝ

      Delete
  11. මොකක් වුනත් මැක්කා මාර පොරක්

    ReplyDelete
    Replies
    1. මැක්කා මාර පොරක් තමයි.

      Delete
  12. නියම කතාව. ඔය අන්වර්ථ නම් සදාකාලිකවම රෙජිස්ටර් වෙන්නෙ නමට තියන අකමැත්ත පෙන්නන්න ගියාමයි. ගණන් නොගෙන පාඩුවෙ හිටියොත් නම නිකම්ම ගැලවිලා යනව.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙ යම්කිසි ඇත්තක් තියෙනවා නමුත් හැම වෙලේම ඒක වලංගුවෙන්නෙ නෑ.

      Delete
  13. මැක්කා සිරා පොරකි...

    ReplyDelete
  14. මැක්කා කොහොමත් කාගෙහරි ලේ ටිකක් බීල යැපෙන නිසා මේ නම තවත් පැත්තකින් මිනිහට ගැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. නමුත් මචං මැක්කා එහෙමයි කියලා වර්ගීකරණය කරන්න බෑ. මම අදහස් කලේ ඒ පණිවිඩය දෙන්න නෙවෙයි. මැක්කගෙ තිබ්බා මං කැමතිම අලුපාට ජර්සි එකක්. ඒක මැක්කට වැඩිය ඇන්දෙ මම. ඌ එහෙම ලෝබ නෑ.

      Delete
  15. //මාතර වැලිගම පැත්තෙ ඉන්න මැක්කගෙ අම්මා කල්පනා කරන්න ඇති කවුද අප්පා මාව මෙච්චර මතක් කරන්නෙ මෙච්චරටම කිඹුහුං යන්න කියලා//

    මැරෙන්න හිනා ඕයි
    සිරාවටම ඒ කාලේට මෙහෙම හිතුන් ගිහින් අද ඊයේ ජීවත් වුනා වගේ වෙන්න පුලුවන් කම කොයි තරම් ලොකු දෙයක්ද නේහ් බන්

    ReplyDelete
    Replies
    1. මගේ ඒ අතීතයේ සැරිසැරීම ඕනෙවට වැඩිද කියලත් මට වෙලාවකට හිතෙනවා බං

      Delete
  16. හම්මියෝ.. මැක්ක කිව්වම හිතුවෙ දන්න කියන මැකි කතාවක් කියල
    බැලින්නං මේක ඊට වඩා පස්ටයි.
    හෙහේ..
    කතාවක් තියෙන්නෙ බෙන්තරිං මෙහට්ට ඇස් නෑරපු බළල් පැට්ටෙක් වත් එපයි කියල ඒ තරං නසරාණියො ඕකුං
    හැක

    ReplyDelete
    Replies
    1. ඒයි. ජාතිවාදය අවුලන කතා නොකියා ඉඳිං.

      Delete
  17. එළ කොල්ලෙක්... සුභ ගමන් ඔහුට

    ReplyDelete
  18. මේක වැලිගමට ගහපු මඩක් :)

    කොම්පියුටරෙන් කමෙනට් දාන්න බෑ නේ මේ තෙලබනුවෙන් දැම්මෙ

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන.. අවුල තියෙන්නේ ගූගල් ක්‍රෝම් වල වෙන්න ඕන.. සෆාරි හා එජ් වලින් තමයි මේ කොමෙන්ට් කලේ. :)

      Delete
    2. මේක වැලිගමට ගහපු මඩක් වෙන්න ලොකු ඉඩක් තියනවා, ඔච්චර කඩු කාරයෝ මෙහේ නෑ :) බ්‍රිටිෂ් කවුන්සිල් ගිහින් උනන්දුවෙන් කඩ්ඩ ඉගෙන ගන්න උනුත් නෑ.. :D

      හැබැයි මා මළ විට සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මිස, මෙහෙම කතාවක් නම් නැතුවට කමක් නෑ :) (ඩුඩ් මේක අවුරුදු කීපෙකට කලින් මට හිතෙන හැටි එකේ ලිවුව නේද. මට මතකයි)

      Delete
    3. බොලාගෙ ගෙවල් පැත්තෙ ඉන්න කඩුකාරයෝ ගැන බොලා දන්නෙ නෑ. අනික මේ කතාව වෙනකොට බොලා ඉපදිලත් නෑ.

      ඔව්. මේක මට හිතෙන හැටි බ්ලොගට ලිව්ව එකක් තමයි. එතකොට මැක්කා හොඳින් හිටියා.

      කමෙන්ට් වේලෙනවා කියලා කවුදෝ කියපු ඇණුම් පද හන්දා තමයි මට මාස කීපයකට පස්සෙ හරි රිප්ලයි ලියන්න හිතුනේ.

      Delete
  19. ඔන්න ඕකනේ අර කවුදෝ කියන්නේ ගඟෙන් මෙහාට ඇස් ඇරපු බළල් පැටියෙක්වත් ගේන්න එපා කියලා..
    සුභ අලුත් අවුරුද්දක් වේවා ඈ!!

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකට උත්තර දෙන්නත් මොකක්ද වගේ සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්ව නිසා. දැන් ජූනි අගනෙ.

      Delete
  20. Replies
    1. ඔව්. එහෙම පතමු මෙන්ඩා.

      Delete
  21. මැක්කා R.I.P
    මැක්කා තමයි දවසකටවත් මිනිහා. හැබැයි කතාවෙ ආතල් එක බැහැලම ගියා මැක්කා යන්නම ගියා කිව්වම

    ReplyDelete
    Replies
    1. කතාව මුලින් ලියනකොට ඉවාන් මැක්කා හොඳින් හිටියා.

      Delete
  22. එළ පොරක්නේ. ෂුවර් එකටම ගිය ආත්මේ ඉංග්‍රීසි කාරයෙක් හරි ජර්මන් කාරයෙක් හරි. උනුත් ඔහොමයි.

    ReplyDelete
    Replies
    1. අජිත් කිව්ව දේ ගැන මම මේ ගැඹුරික් කල්පනා කරනවා.

      Delete
  23. "මැක්කා" ඩුඩයියා ඇන්ද පින්තුරේ ඉන්න හාදයද ?

    මැක්කාගේ තර්කයත් හරි එක විදියකින්.මැක්කා ඇවිත් "දඹුලු ගිහින් තලගොයි මරන්න එන" ජාතියේ පොරක් වගේනේ.
    සුබ ගමන් මැක්කා.

    ReplyDelete
    Replies
    1. ඒ හාදයා තමයි. මම මැක්කව දැක්කේ නෑ දශක ගානකින්. නමුත් මැක්කා මම දනික කාලේ ඔය විදියමයි. ඔය මනසින් දැකලා ඇන්දෙ.

      Delete
  24. මැක්කා එළ පොරකි...

    ඌ අර යාළුවගෙන් සල්ලි ගන්න බලාගෙනමද ඉල්ලුවේ කියල මට පොඩි සැකයක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම නොහිතුනා නෙවෙයි. එක්කෝ ඒක ආතක් එකට කියපු එකක්. නැතිනම් දැක්කොත් බුවා - නැතිනං එබුවා මෙතඩ් එකට දීපු ට්‍රයි එකක්.

      Delete
  25. නිවාඩුවක් නැද්ද ...පොඩි මෙන්ඩ ට කතන්දරයක් දෙන්න

    ReplyDelete
    Replies
    1. හිටපංකෝ පොඩ්ඩක්.

      Delete
  26. ආ... හැංරි ලොක්කා
    කාලෙකිං ඩෙනිම පැත්තෙ අාවෙ.

    දැංවත් මේක හෝදල දැම්මොත් නරකද හඩු ගඳ යන්න.

    ReplyDelete
    Replies
    1. උඩටම ගිහින් බලාපං මේක කොච්චර පිරිසිදු ඩෙනිමක්ද කියලා.

      Delete
  27. Replies
    1. කාගෙන් බේරුනත් උඹෙන්නෙ බං බේරෙන්න බැරි.

      Delete
  28. Replies
    1. වැරදිලා උම්බලකඩ කෑල්ලක් කියල පැටෙව්වලු ලොරියකට

      Delete
  29. බ්ලූඩූඩ් තුමාගේ ආදිකාලයේ සිට රසිකයෙක් වන මාතුමා මේ බ්ලොගයේ දිගු කාලීන ක්‍රියාවිරහිතභාවය ගැන පරීක්ෂනයක් ඇරඹුවෙමි.මා විසින් හෙලිකරගත් පරිදි මෙයට හේතු වී ඇත්තේ අභාවප්ප්‍රාප්ත වීමකි.එනම් ඩූඩ්ගේ ඩෙනිම අනිච්චාවතසංකාරා වී ඇත.පාවිච්චියෙන් තොර වීම සහ මීයන් සහ මකුලුවන් ගේ ක්‍රියා කාරීත්වයද ඩූඩ්ගේ අක්‍රියාකාරීත්වයද(කම්මැලිකම) මීට බලපා ඇත.මින් ඉදිරියට ඩෙනිම පාවිච්චි නොකරන බවත් ඉදිරියට දිගටම ෂෝට භාවිතා කරන බවත් ඩූඩ් මා හට පෞද්ගලිකව දැනුම් දුන්නේය.මගේෂෝට හෝ කොටෂෝට වැනි නමකින් බ්ලොගයක් ඉදිරියේදී අරඹීමට බලාපොරොත්තුවන බවට එතුමා වැඩි දුරටත් පවසා සිටියේය. ස්තූතියි.

    ReplyDelete
  30. ප.ළි.:-මගේජොකා නමත් භාවිතා වීමට අවස්තාව ඇත.

    ReplyDelete
  31. යකූ මූ බලහන්කො... 50% ඉල්ලනව....

    ReplyDelete
  32. ලියපං අයියන්ඩි ඇනොලත් අනන්මන් කියනවා

    ReplyDelete
  33. හායි...
    තාම උම්බලකඩ ටික වේලුනේ නැද්ද. මෙන්ඩනං ඊගාව බ්‍රා ෂිප්මන්ට් එකත් යැවුවලු.

    ReplyDelete
  34. බ්ලොග් දැන් මැරිලා වගේ බන්...

    ReplyDelete
    Replies
    1. අර කුරුන්ද කියල බ්ලොග් එකක් ලිවුව නේද කවුද එක්කෙනෙක්.

      Delete
  35. ලියහාාාාංංංංංං

    ReplyDelete
  36. ඇයි බන් ලියන්නෙ නැත්තෙ ..

    ReplyDelete
  37. Monday, April 10, 2017 - Friday, January 06, 2018 ?
    මම හමදාම ක්යනවා වගෙ ..දහ සැරයක් කියෙවත් එපා වෙන්නෙ නැති මෙ වගෙ පොස්ට් උබලා ලියන්නෙ නත්තෙ අපෙ කරුමෙට බන්

    ReplyDelete
  38. Monday, April 10, 2017 - Monday, January 22, 2018.
    උබ හොදින් ඉන්නවද කියලවත් ලියපන්කො.........

    මෙ තරම් කාලයක් නොලියා ඉන්න එකට නම් මට උබ එක්ක මල අයියන්ඩි...

    ReplyDelete
  39. උබව හොයගෙන එනවා..ලිව්වෙ නැත්නම්...

    ReplyDelete
  40. මොකද කියන්නෙ බොලා මේක ලියනවද නැත්තං කො.කා. සෙට් එක බස්සල බොලාව ‍'මාලදිවයින් මාලු' කෑල්ලක් කරන්නද?

    ReplyDelete
  41. හෙන්රියා මාස 11කින් මුකුත් ලියලා නෑ.. මූව කන්න එපැයි...

    ReplyDelete
  42. තො කොබො නයි කාලාද අයියන්ඩි????????????

    ReplyDelete
    Replies
    1. ප්‍රසන් னයාට වත් මූව කන්න බැරි උනා බොල.

      Delete
  43. ඔහෙගෙ පොදු සමා කාලය ඉවරවේගෙන යන්නෙ.

    ReplyDelete
  44. දැන්නං මේකෙ னයිත් ඉන්නව.

    ReplyDelete
  45. තෝත් එපා ‍තෝගෙ පොස්‍ටුත් එපා...
    (හිතේ අමාරුවට කියන කවි)

    ReplyDelete
  46. දැන්නං னයෙකුටවත් නහයක් තියාගෙන මෙතනට එන්න බෑ.

    ReplyDelete
  47. හෙන්රියෝ ‍තෝ කොහිද ?

    ReplyDelete
  48. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
  49. චැහ්.. මේකා කොහේ මකබෑවිලා ද?

    ReplyDelete
  50. ඇත්තට කෝ මේ ඩූඩ් අයියා

    ReplyDelete
  51. උබ හොදින් ඉන්නවද කියලවත් ලියපන්කො.

    ReplyDelete
  52. කෝ තාම නෑ....මූවත් උම්බලයක් කරලා කොහාට හරි පටවලද මංදා....🤔🤔

    ReplyDelete
  53. දැන්නං උම්බලකඩත් මීයෝ කාල ඇති.

    ReplyDelete
  54. කාලෙන් කාලෙට ඇවිල්ල පරණ කතා ටික ආයේ කියවල යනවා.. කෝ මේ dude?

    ReplyDelete
  55. කිසි සද්දයක් නෑ නේද?

    ReplyDelete
  56. හෙන්රි ,ඔබ සහ පවුලේ සැමටත් ආරක්ෂාකාරීව ඉන්නවා යයි සිතමි.

    ReplyDelete
  57. 2021 ත් ආවා ඇවිල්ලද බලල යන්න.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>