Wednesday, September 26, 2012

05. හෙයා ජෙල්


මේකත් උමේෂ් මට කියපු කතාවක්.


මං පොඩි කාලෙ මචං, බාත් රූම් එකට ගියාම අක්කලගෙ බියුටි කල්චර් බඩු තියෙනව දකිනවා. එක එක ටියුබ්, බෝතල්, වගෙ නා නා ප්‍රකාර දේවල්.  මාත් හොරෙං ඕව ගාලා අත් හදා බැලීම් කරනව.


දවසක්, තියෙනව ලේබල් එකේ ලස්සන කොන්ඩයක් තියෙන මරු බෝතලයක්. අමාරුවෙන් HAIR කියන එක කියවා ගත්ත. නාල හෙම ඉවර වෙලා, කොන්ඩෙ පිහදාල, චූට්ටක් අල්ලට හලාගෙන, කොන්ඩෙ ගාල බැලුවා. අවුලක් නෑ. මරු සුවඳත්. පීරල බැලුව. කොන්ඩෙත් හොඳට කොන්ට්‍රෝල්. මම හොය හොය හිටිය බඩුවක්නෙ.




එදා ඉඳලා. මම හැමදාම උදේට ඉස්කෝලෙ යන්නෙ. මේකෙනුත් සාත්තුවක් කරගෙන තමයි.

වැඩේ නියමෙට ගියා දවසක් ක්‍රිකට් බෝලයක් වැදිල ඔලුව පැලෙනකල්. සෞඛ්‍යදාන පොරවල් මාව උස්සගෙන ගියා first aid room එකට. ගිහිං වතුර බේසමකට උඩින් මගෙ ඔලුව අල්ලගෙන, හෝදන්න ගත්තා, මොකද තුවාලෙන් ලේ ගලන නිසා.
 
යකෝ! හෝදන්න, හෝදන්න පෙණ දානවා. පෙණ දාන්න, දාන්න, මුං හෝදනවා. බැරිම තැන එක අයියා කෙනෙක් ඇහුවා, “මොනවද මල්ලි ඔලුවෙ ගෑවේ? ෂැම්පුද?” කියලා. මගෙ ටිකිරි මොල ගෙඩියට තේරුනා දැන් කියන දේ අනුව මගෙ අනාගතය තීරණය වෙන බව. ඉතිං ප්‍රශ්නය නොතේරුන බවත්, මගේ තුවාලය එයාලා  හිතනවට වඩා අමාරු බවත්, පේන්න ටිකක් කෙඳිරි ගාලා ප්‍රශ්නය මග ඇරියා.

ගෙදර ආ ගමන්ම කෙලින්ම බාත් රූම් එකට ගිහින් ලේබලේ බැලුව. 

ෂැම්පු නේන්නං!! 

කවුද බං දන්නෙ!

පසු වදන:

“මේක කවුරුවත් දන්නෙ නෑ. උඹ කාටවත් කියන්න එපා.”
“චික් බං මං එහෙම වැඩ කරනවද?”

මෙම කතාවේ ඉංග්‍රීසි පරිවර්තනය 'HAIR GEL' කියවන්න මෙතනින්.
මෙම  කතාව මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ මුලින්ම පළ කරන ලදි.

31 comments:

  1. ම් .... මටත් කාලයක් ඔය ප්‍රශ්නෙ තිබුණ, ඔළුවෙ ගාන්න හරිහමන් ඔයිල් එකක් හොයා ගන්න බැරිව. හෙයා ජෙල් නම් මට පේන්න බෑ, ගාල ටික වෙලාවකින් ඒක නිකන් වේලිල ගියාම ඔළුව හෝදගන්නකන් ඉවසිල්ලක් නෑ.

    ReplyDelete
    Replies
    1. මම නම් හෙයා ජෙල් ගානවා DDT නමුත් මෝටර් බයික් එකක යන්න හෙල්මට් එක දාන්න වුනොත් නම් වැඩේ අනාතයි. :D

      Delete
  2. මාත් ෂැම්පු පාවිච්චි කරන්න පටන් ගන්න ඕනේ ;)

    ReplyDelete
    Replies
    1. කොපිරයිට් නෑනෙ. ඔන්න ඔහෙ අදම පටන් ගන්න එකයි තියෙන්නෙ මඩයා. (අර හැම තිස්සෙම කමෙන්ට් දාන මඩවතී මොනවා කියයිද දන්නෙ නෑ :D)

      Delete
  3. Poor guy!Always in trouble. I envy your drawings. My drawing ability is nil.By the way when I went to the book fair I had a look at many sinhala translations and found many are inferior to yours.Thank me!

    ReplyDelete
    Replies
    1. Thanks ever so much Blue Lotus for both the top notch comments about my drawings and translations.
      But, about the translations, did I make a couple of enemies, ha ha?

      Delete
  4. හෆොයි.. අරකෙ ලිවුව එකම මේකේ ලියන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සරත් ඒක තම්යි කරන්න ඕනෙ වැඩේ. මම කරපු සංක්‍රමණයෙන් මට අහිමි වුනේ අර අරං තිබ්බ හිට්ස් හතලිස් පන්දාස් ගාන විතරක් නෙවෙයි. ඔයාලා දාපු වටිනා කමෙන්ට්ස්. නමුත් ‍රැවුලයි කැඳයි දෙකම බේරාගන්න බෑනෙ.
      පුලුවන් නම් ඒ කමෙන්ට් එක කපලා ඇලෙව්වත් ලොකු දෙයක්.

      Delete
  5. පෙර සහ පසු මාරු වෙලා.:)ජෙල් වලට නම් මගේ කැමැත්තක් නෑ. ටික කාලයක් පාවිච්චි කළා.DDT කියපු එකම තමයි මටත් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනා පුරුදු වෙලා ඉන්න හැටිනෙ චන්දන. සමහරුන්ට කොන්ඩෙ වවලා ඉන්න එක සනීපයි, සමහරුන්ට කපලා ඉන්න එක සනීපයි.

      ජෙල් ගාන එක, තෙල් ගාන එක. හෙයා ක්‍රීම් ගාන එකක් ඕයවගෙම තමයි ඉතින්. ;0

      ස්තුතියි කමෙන්ට් එකට චන්දන.

      Delete
  6. මටත් වෙලා තියෙන ඔයවගේ අකරතැබ්බයක් හැබැයි මම ගාල තියෙන්නේ කන්ඩිෂනර් එකක් වගේ එකක අදටවත් දන්නේ නැහැ මොකක්ද කියල. hikizzzzzzz

    ReplyDelete
    Replies
    1. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු චුට්ට චුට්ට හරි තියෙනවා කියන්නෙ ඒකනෙ කෝරළේ මහත්තැන්!
      (තමාටම: යකෝ මං හිතුවෙ කෝරළයා නැමි පනාවක් හෙම ගහගෙන ඉන්නෙ කියල) :D

      Delete
    2. ස්පයික් කරපු කොණ්ඩෙට නැමී පනා ගහන්න අමාරුයි ඩුඩ් උන්නැහේ..

      Delete
    3. පනාවෙත් ජෙල් ටිකක් ගාලම ට්‍රයි කරේ නැත්ද කෝරළේ මහත්තයො. අර Max වගෙ strong hold ජාතියක් ගෑවනම් හරි. සුපර් ග්ලූ හෙම ට්‍රයි කොරන්ඩ එපා ආයිබොවං!

      Delete
  7. අපේ මහත්තයටත් ජෙල් පුරස්නයක් ඇත. හෙල්මට් එක නිසා කොච්චර ස්පයික් කළත් වැඩක් නැත. ඒකේ දුකටම බෙල්ල දක්වා වවා ගෙන සිටි කල බොසා සල්ලිත් දී කොණ්ඩෙ කපා ගත්තොත් හොඳ නේදැයි ඇහුවාලුය.... හි හි...

    (ස්පයික් කරන්නේ සහ වැවුවේ මං කිව්ව හින්දාය... එයාට ඕවා ගැන මේ ලෝකේ ගානක් නැත..)

    ReplyDelete
    Replies
    1. ඒක හරි බයික් එකයි හෙයා ජෙලුයි එකට යන්නෙ නෑ. හෙල්මට් එක ඇතුලත් කලූ වෙනවා. ඇයි අප්පේ ඔය උත්තරේ තියෙන්නෙ බ්ලොග් පෝස්ට් එකේ.
      ගාන්නකො ෂැම්පූ!!!!!

      Delete
  8. Replies
    1. හි හී ජෙල් කියද්දී හොඳ හොඳ සීන් කෝන් ටිකක් මතක් උනා. ඒවා නම් කියන්න බෑ. මගෙ කොන්ඩය ටිකක් විතර ක්‍රේල්. ඉස්සර නම් ඉතින් ඔය මොනවත් ස්ටයිල් නෑ ඔහේ පෝනියක් දාගෙන යනවනෙ. ඒත් ඉතින් ටිකින් ටික ලොකු වෙද්දී රස්සාවක් එහෙම කරද්දී ඕවා හැම එකක් ගැනම මාර සැලකිලිනේ. හැමෝම කියන්නෙ ජෙල් ගාලා රිලැක්ස් කරන්න කියලා. අපෝයි...මාත් ඕක කොලා නේන්නම් කාලයක්. උන දේවල් කියන්න බෑ ඉතින්..නෝන්ඩි කරත්තයයිනේ...

      දැන්නම් ඉතින් සිලිකන් ඔයිල් එකක් එක්ක කොන්ඩිෂනර් ටිකක් මික්ස් කරලා ගානවා. එතකොට මාර කූල්....

      හි හී මාත් ජෙල් වලින් ශැම්පු කලොත් කොහොම වෙයිද දන්නෙ නෑ..

      Delete
    2. මට දැන් ළිහිණි ගැන තියෙන මෙන්ටල් පිචර් එක අප්ඩේට් කර ගත්තා. අඩි පහයි අඟල් අටයි (මේකට නම් මාර ජෙල මම), කොන්ඩේ කැරලි ගැසුනු....LOADING. PLEASE WAIT.
      කන්ඩිෂනර් ඔලුවෙ ගාන් දවසමහිටියට අවුලක් නැත්ද?
      ඔව් ෂැම්පූ ගාලත් බලන්නකො.
      ඒ වගෙම අර සීන්කෝන් දාන්නකො බ්ලොග් එකේ අපිට පොඩ්ඩක් හිනාවෙන්න. :D

      Delete
  9. ඔය වගේම වැඩක් අපේ අම්මටත් වුනා :)

    ReplyDelete
    Replies
    1. ඉතින් කියාපංකො නිශාන්.

      Delete
  10. ඒකත් හොඳ ක්‍රමයක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඕක නියම ක්‍රමයක් නලිනි. ඔයවගෙ කැරළි ගැහුනු කොන්ඩා වලට කියාපු ක්‍රමේ. :)

      Delete
  11. ඇහ්.... තව එකක්... හොඳයි හොඳයි...

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි මොකද මොකද? ඈ බං මාලු මම ටැංකියට ඇවිල්ලාත් කිව්වෙ නැත්ද මගේ ඩෙනිම ගැන?

      Delete
  12. හී හී :) :)

    ReplyDelete
  13. එල කතාව... අන්තිමට ලියපු ටිකෙන් නම් ගතයුත්තක් තියනවා... ඩූඩ්ට මේවගේ මඩ වෑහෙන කතාවක් කියන්න ඉස්සෙල්ලා ඒක තමන්ගේ බ්ලොග් එකේ දාලා ඉන්න... :D

    ReplyDelete
  14. මේක පරණ පොස්ට් එකක් උනත් අද තමයි කියෙව්වේ. මට උනා ඔය වගේ වැඩක්.. හැබැයි ඉතින් කොන්ඩේ ගාන වැඩක් නෙවෙයි.
    අපේ අක්කා, ඉස්සර මුණේ ගාන්නේ නැති දෙයක් තිබ්බා නම් ඒ මිරිස්, කහබිලිය වගේ දෙයක් විතරයි. ඔන්න ඉතින් එක දවසක් මෙයා කඩෙන් ගෙනවා අලුතෙන්ම මුණේ ගාන එකක්! අනේ ඉතින් මම පොඩි එකී නේ..... මෙලෝ දෙයක් ගානක් නැහැ. මමත් ඉතින් උදේ හවහ බලනවා මෙයා බාත්රූම් යනවා, අර භාජනෙන් දවසට එක පාරක් ගාලා ටික වෙලාවක් ඉන්නවා...... හෝදනවා..... මට මේක මැජික් වගේ. මමත් එකෝම එක දවසක් බාත්රූම් එකට වැදිලා දොර එහෙම වහගෙන අරගෙන බැලුවා ඒ භාජනේ.... මඩ පාටයි... ඔන්න ඔහේ! එයාට හොද නම් මටත් මොකද... මමත් ගෑවා.... අපොයි පොඩ්ඩක් දනවා වගේ..... ඒකත් ඉවසං ටික වෙලාවක් ඉදලා ටිකකින් හෝදගෙන මුකුත් නැහැ වගේ එලියට ආවා. අව්ලක් නැහැ වගේ.... කන්නාඩියෙන් ගිහින් බැලුවා... ෂා...... පොඩ්ඩක් පාට වැටිලා වගේ...... ( අනේ මට ඒ වෙලාවේ තේරුනේ එහෙම තමයි ! )
    මම බැලුවා... නියම වැඩක්! මමත් ඔය මතක් වෙන වෙලාවල් වලට හෙමීට ගිහිං ගාගෙන ඉදලා එනවා... අව්ලක් නැහැ නේ ඉතින්.... දවස් පහ හයකට පස්සේ වෙනද වගේම මම ඇතුලට ගිහින් භාජනේ අතට අරගෙන ගෑවා... වෙනද වගේ දන්න ගත්තේ නම් නැහැ. ඉතින් හොදයිනේ... මම හිතුවා අලුත් එකක් ගෙනත් කියල. ගාල හෝදලා එලියට ඇවිත් හොරෙන් ගිහින් කන්නාඩියෙන් මුණ බැලුව! අපොයි! හිටියටත් වඩා කළු වෙලා! මට දවල් තරු පෙනුණා!!!!!
    කාට කියන්නද..... හොරෙන් කරපු වැඩක් නිසා සද්ද නැතුව හිටියා... මුනේ කළු ගතිය ටික කාලයක්ම තිබ්බා. දන්නවද මොනවද මම ගාල තියෙන්නේ කියල?
    "දුම්මල"!!!!!

    ප.ලි. අක්ක ගෙනත් ගාල තියෙන්නේ mud pack එකක්. එදා මම ගාන දවසේ අපේ අම්ම ඒ භාජනේ හිස් වෙලා තිබ්බ නිසා ගෙදර දුන් අල්ලන්න කියල ගෙනාපු දුම්මල ටික ඒකට දාලා!

    ReplyDelete
    Replies
    1. හනේ මේ කෙල්ලෝ නම් පර්යේෂණාගාර මීයෝ නේද? ලොකු පොඩි බේදයක් නෑ. කවුරුත් එකයි.
      එතකොට දුම්මල ගෑවාම කලු වෙනවා නේ? :-O
      ඔය මඩ් පැක් තියෙනවනේ මල මුහුදෙන් ගත්ත ඒවා කියලත් විකුණන.

      Delete
    2. අනේ ඉතින් දැන් කියල මම ඔව්ව ගැන දන්නා දෙයක් නැහැ අය්යෝ...... මගෙන් නම් අහල වැඩක් නැතෝ....

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>