Saturday, December 1, 2012

27. ඔබ කවුරුද, නුදු‍ටු සබඳ?


බොල්ලෑගල පල්ලම පසුකොට, බොල්ලෑගල කඩ වීදිය හරහා කොළඹ දෙසට යන සෑම විටෙකම මගේ දෑස් නොවරදවාම සොයනා, දශක කිහිපයක් තිස්සේ යටි සිතට කාවැදුනු සුපුරුදු මං සලකුණක් විය.

යමක් යටි සිතට මෙතරම් කාවැදීමට හේතු කිහිපයක් විය හැකි අතර, ඒවා යහපත් හෝ අයහපත් යන දෙවර්ගයටම අයත් විය හැක.

මා මේ කියනා මං සලකුණ නම්, පාර අද්දර වූ නිවෙසකි.

එහි ජීවත් වූ පුද්ගලයා, මා කිසි දිනෙක දැක, කතා බස් කර නොමැති වුවත්, මුණ ගැසුනොත් අසන්නට තිබූ පළමු පැය නම්, ඔහු ඒ දේ කලේ ඇයිද යන්නය.

නමුත්, එය කිසිදා සැබෑ නොවූ සිහිනයක්ම විය.

දැන්, ඔහු කලේ කුමක්දැයි දැන ගැනීමට, ඔබ කුතුහලයෙන් පසුවනු මට දැනේ.



මා මුලින්ම පාසැලටත්, පසුව ‍රැකියාවටත් වසර ගනනාවක් මෙම නිවෙස පසුකොට ගමන් කර ඇත්තෙමි. මා දිනපතා එහි දු‍ටු  එක් දසුනක් මසිතේ ඇති කලේ ඉමහත් චමත්කාරයකි. මේ නිවසේ ජීවත් වූ අයෙකු නිවසේ උඩුමහලේ බැල්කනියේ බිත්තියේ, මහ මඟ යන එන්නන්ට පෙනෙන අයුරින් ප්‍රදර්ශණය කර තිබුනේ,  විශාල අකුරින් මුද්‍රිත දින දසුනකි. එහි දිනය, දවස සහ මාසය සඳහන්ව තිබුනු අතර, ඒවා කිසිම අතපසුවීමකින් තොරව, නිසි වෙලාවට මාරු කර තිබෙනු එම‍ඟේ ගිය ඕනෑම අයෙකුට, සෑම උදයකම දක්නට ලැබුනි.





මා මේ කතා කරන්නේ ඩිජිටල් තාක්ෂනය රජකල  යුගයක් ගැන නොවේ.  මේ නම්, යම් ආකාරයකින් බිත්තියේ ‍රැඳවූ,  සුදු පැහැති කාඩ්බෝඩ් හෝ ප්ලාස්ටික් තහඩුවක මුද්‍රිත විශාල අකුරු, ඉලක්කම් දිනපතා අතින් මාරු කලයුතු දින දසුනකි.




ඇතැම් දිනවල හිමිදිරි පාන්දර 4.30 ට මා මේ නිවස පසු කර යන විටදී මෙන්ම, ධාරානිපාත වැසි වැටෙන, සිහි බුද්ධියක් ඇති කිසිවෙකු, අනුන්ගේ යහපත සඳහා වූ  දින දසුනක ඉලක්කම් මාරු කිරීමට බැල්කනියට පැමිනේයයි අපේක්ෂා කල නොහැකි නොහැකි  සීතල උදයන්හිදීත්, මෙම අපූරු පුද්ගලයා නිසි වෙලාවට දිනය යාවත්කාල කර ඇති බව දැක මා විශ්මයට පත්වී ඇත්තෙමි.

මේ අයුරින්, කුමන තත්වයක් යටදී වුවද, කිසිම දෝශයකින් තොරව, වසර ගනනාවක් මේ කැලැන්ඩරය සැපයූ නිහඬ සේවය, මා මෙන්ම
එම‍ඟේ ගිය තව බොහෝ දෙනෙක් අත් වින්දෙමු.

මා මුලින් කියු ලෙස, මේ අපූරු පුද්ගලයාගේ නොවෙනස් කැපවීම, ප්‍රසිද්ධිය තකා කෙරුනු හෝ ප‍ටු අරමුණක්  සඳහා විය නොහැකි පරාර්ථකාමිත්වය ගැන මට වූයේ ඉමහත් කුතුහලයකි. කම්මැලියන්, ආත්මාර්ථකාමීන් සහ තම ප‍ටු අරමුණු ඉ‍ටු කර ගැනීමට අවශ්‍ය ප්‍රසිද්ධිය සඳහා ඕනෑම ජඩ වැඩක් කිරීමට නොපැකිලෙන කුහකයන්  පිරි ලොවක, ඔහු මෙවැන්නක් කිරීමට පෙළැඹුනේ ඇයිදැයි, මට විශාල ප්‍රහේළිකාවක් විය.



මම මෑතකදී මෙම දින දසුන නොදු‍ටුවෙමි. දින කිහිපයකට පෙර ගත් මෙම ඡායාරූපයේද කහ ඊ තලයෙන් දක්වා ඇති ස්ථානය හිස් බව ඔබට දැක ගත හැක. සැක කටයුතු ලෙස, රිය නවතා කරුණු විමසන්නට නොගියේ, අනවශ්‍ය කරදරවලට මුහුණ පෑමට ඇති අකමැත්ත නිසාමය.
මෙම අපූරු පුද්ගලයා ගැන තොරතුරක් ඔබ දන්නෙහිද? අපගේ බ්ලොග් සහෘදයා සෑම්ගේ උපකාරය  මෙහිදී  උදක්ම බලාපොරොත්තු වෙමි.


 එමෙන්ම ඔබ තවමත් එම නිවසේ වාසය කරයි නම්. ඔබේ සත් ක්‍රියාව දැක එය අගය කලවුන් සිටින බව ඔබට කීමට මට අවශ්‍යය. ඇතැමෙක් මෙහි  එතරම් විශේෂත්වයක් නොදැකිය හැකි වුවත් මා නම් එය ඉහලින්ම අගය කරන බව ඔබට කීමට මට අවශ්‍යය. ඔබේ දින දසුනින් ප්‍රයෝජනයක් ලැබූ  බොහෝ අයගෙන් එක් අයෙකු මා වෙමි. ඔබ කල නිහඬ සේවයට ස්තුතියි නොදු‍ටු හිතවත.

මා පමා වැඩි නොවේ යයි උදක්ම පතමි.


henryblogwalker the Dude.

මෙම ලිපිය ඉංග්‍රීසියෙන් කියවන්න. HELLO STRANGER! @HeyDude

110 comments:

  1. සමහර මිනිස්සු අනුන් වෙනුවෙන් කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව හිතාගන්ඩවත් බැරි දේවල් කරනවා තමා.සමහර විට භාරයක් වගේ දෙයක්ද කියන්ඩත් බෑ..

    හැබැයි ඕකෙන් එච්චර සේවයක් වුනාද කියන එකනම් මට සැක සහිතයි.. මොකද කැලැන්ඩරයක් නැති ගෙයක් නෑනෙ..

    ReplyDelete
  2. ඩූඩ් හැබෑටම මොකෝ මේ මහ රෑ..?? ලංකාවෙදි නින්ද යන්නැද්ද ? :-)

    ReplyDelete
    Replies
    1. සෙන්නා, ඇත්තෙන්ම කැලැන්ඩරයක් හැම ගෙදරම තිබ්බත්, ඒ වගේම දිනේ දැනගෙන ඉඳීමේ ඒ හැටි ප්‍රයෝජනයක් නැති වුනත්, මේ මනුස්සයා මුහුණ නොපෙන්වා මේ වගෙ තමන්ට ලාබ ප්‍රයෝජනයක් නැති දෙයක් දෙයක් දිගටම කරගෙන ගියේ ඇයි කියලා මම කල්පනා කලේ, අනිත් උන් මෙච්චර ආත්මාර්ථකාමීව අනුන්ගෙ දේ තමන්ගෙ කරගන්න දඟලද්දි.

      ඒ කොයි හැටි වෙතත් මේ ගේ ලඟින් යන හැම වෙලේම මට ඒක මතක් වෙනවා. මම හිතන්නෙ ඒ ක්‍රියාව විශේෂයි.

      මාත් කලපනා කලේ ඇයි මම ඇහැරලා කියලා. තියෙන වැඩ කරගන්න දවල් කාලයම යනවා සෙන්නා.

      Delete
    2. හත් ඉලව්වේ එතකොට නිදියන්නේ කොයි වෙලාවෙද ..............

      Delete
    3. ඇත්තටම අනිත් අය ගැන හිතන මිනිස්සු ......මිනිස්සු වෙනුවෙන් , සමාජය වෙනුවෙන් වැඩ කරන්නේ වැඩි සද්දබද්දයක් නැතුව තමයි .
      .... මම දන්න පශුවෛද්‍ය කෙනෙක් ඉන්නවා හැමදාම කිරුලපන ඉදන් නුගේගොඩ ගන්සභා හන්දිය වෙනකම් ඉන්න අයාලේ යන බල්ලොන්ට හැමදාම රෑට කෑම පාර්සලේ ගානේ දීගෙන යන ..මේ වැඩේ කරන්න හැමදාම ට්‍රීවීල් එකකුත් හයර් කරනවා ..... මොන ප්‍රයෝජනේකටද ........... ඒත් ආත්ම තෘප්තිය කියන්නේ ඒකට තමයි ... ඒක සල්ලි දීලා ගන්න බෑ‍...

      Delete
  3. ඒ වගේ දින මාරු කරන්න ඕන කැලැන්ඩරයක් මම බැංකු වලත් දැකලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, මින් විසිතුරු. නමුත් මේක දැවැන්ත එකක්.

      Delete
  4. වැඩේ කරපු කෙනා දිවිය ළෝකේ යන්න ඇති. කොහොම හරි සැමාට ගේමක් සෙට් කරපු එක නම් මරු...

    ReplyDelete
    Replies
    1. මාතලන් එහෙම හිතනවද? සෑමා නොදැන ඉන්න විදියක් නෑ මේ ගේ ගැන.

      Delete
    2. සෑමලගෙ ගෙදරත් දන්නෙත් නෑ, කෝ ... මූ තාම ඇවිත් නෑනේ.

      Delete
    3. සෑමාගේ ගේ නෙවෙයි DDT. සෑමා අසල්වැසියෙක්. ඔය ඇවිත් තියෙන්නෙ.

      Delete
  5. හුඟක් වෙලාවට නිස්සරණාධ්‍යාසයෙන් වැඩ කරන මිනිස්සු කැපී පේන්න කැමති නැහැ

    ReplyDelete
  6. අන්න මම හසිතගෙන් වචනයක් ඉගෙනගත්තා මේ දැන්. බොහෝම ස්තුතියි හසිත. :)

    ReplyDelete
    Replies
    1. ගැට පද විවරනේකුත් ඔනෙවෙයි ........ තිත් දෙකයි ඩී

      Delete
  7. මෙවැනි අසාමාන්‍ය චරිත ඉඳහිට සමාජයේ තියනවා. මේ වගේම සිදුවීමක් ගැන ලියැවුණු කෙටි කතාවක් කියවලා තිබුණා ඒත් අද ඒ කතාවේ නම මතක නෑ. පසු කලෙක ඒ කෙටි කතාව ටෙලි නාට්‍යයක් බවටත් පත් වුණා.හැමදාම උදේට වෙලට ගිහින් ඇලෙන් ගලක් එකතු කරගෙන එන පුද්ගලයෙක් ගැන ලියැවිලා තිබුනේ.

    ReplyDelete
    Replies
    1. ඇයි නලීන් ඒ ගලක් එකතු කලේ?

      Delete
    2. ගලක්ද ඉබ්බෙක්ද දන්නේනෑ .......... ////// if u know wt i mean :D :D

      Delete
  8. අපේ ගෙදර තියෙන මාසෙකට සැරයක් කොලේ කඩලා අයින් කරන කැලැන්ඩරේත් මම ඒ වැඩේ කරන්නේ අපේ මහත්තයා මට මතක් කළාම.. මොකද මට ඇත්තටම ගෙදර ඉන්න නිසා දවස මතක හිටිනවා අඩුයි.. ඔනේ උනත් කම්පියුටරේ තියෙනවනේ.. ඉතිං අරක අමතක වෙනවා...

    මට ව‌ෙග් අයට නම් ඇත්තටම ඔච්චර ලොකුවට දාලා තිබ්බොත් තමයි මතක් වෙන්නේ.. හි හි..

    ( දැනුයි මතක් උනේ අද කවද්ද කියලා... මෙදා පාරවත් කියන්න කලින් වැඩේ කරන්න ඔ‌ෙන් ළකුණක් දා ගන්න.. තෑන්ක්ස් ඩූඩ් අයියේ.. හි හි)

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර නම් අර දැවැන්ත අකුරු තියෙන මාසෙකට පි‍ටුවක් තියෙන කැලැන්ඩරේ තමයි ජනප්‍රිය.
      ඕන්න හිරූ, ලකුණ දුන්නා ඈ.
      මම ඊයෙ නෝට් කරපු දෙයක් තමයි හුඟ දෙනෙක් අත් ඔරලෝසු අඳින්නෙ නැති බව. ඔන්න අත් ඔර්ලෝසු බිස්නස් එකක් හෙම පටන් ගන්න හිටියානම් මේක වැදගත් වෙයි.

      Delete
  9. ඔය වගේ බිත්තියෙ පත්තරයක් ඇන්ද කෙනෙක් ගැනත් අහල තිබුණ මතකයි.
    සමහරවිට ඒ මනුස්සයගෙ ආත්ම තෘප්තිය සඳහා ඔය වැඩේ කරන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම ආත්ම තෘප්තියක් ලබන්න ඇති.
      මම මේ රිප්ලයි එක එක පාරක් දැම්මනෙ ප්‍රසන්න. මෙන්න ඒක මිසිං. :o

      Delete
  10. අම්මපා එහෙම කලේ ඇයි කියලා හොයලා බලන්ඩ වටිනවනේ

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම ආත්ම තෘප්තියක් ලබන්න ඇති.
      මම මේ රිප්ලයි එක එක පාරක් දැම්මනෙ ප්‍රසන්න. මෙන්න ඒක මිසිං.

      Delete
  11. අපූරු මනුස්සයෙක්. ඒ මනුස්සය මේක වෙනුවෙන් කරලා තියන කැප කිරීම නිසයි මේක වටින්නේ. හරියට වෙලාවට අප්ඩේට් කරනවා කියන්නේ ලෙසියක් යැ. හොඳ තොරතුරක් ලැබෙයි කියල හිතමු.

    ReplyDelete
    Replies
    1. සෑමා වැඩේ කරයි. අපි බලමුකො චන්දන තව ටිකක්.

      Delete
  12. බොල්ලෑගල තියෙන්නේ කොයි හරියෙද ? , ඒ සිද්දිය ගැන වැඩි විස්තරයක් දැනගත්තොත් ඒ ගැනත් පුළුවන් නම් විතරක් දාන්න duda මාමේ

    ReplyDelete
    Replies
    1. බොල්ලෑගල තියෙන්නේ කැලණිය බියගම පාරේ .

      Delete
    2. ඔව් ඉමල්ක. බින්දි ඔය කියලා තියෙන්නෙ. අර නුවර පාර පෑලියගොඩ පොලීසිය ලඟින්, හතරෙ කණුව කියන තැනින් වයි අකුර වගෙ දිකට බෙදෙන්නෙ. අන්න එතනින් පටන් ගන්න පාර කැලණිය, බොල්ලෑගල බියගම, දෙල්ගොඩ වැලිවේරිය හරහා ගිහින් බැලුම්මහරින් නුවර පාරට වැටෙනවා. බොල්ලෑගල තියෙන්නෙ කැළණියට පොඩ්ඩක් එහායින්.

      Delete
  13. ඒක නොවෙයි ඩූඩ්, ඩූඩ්ට උපහාර පිණිස හමුවක් තියමු කොහෙ හරි පොදු තැනක. අපි කවුරු කවුරුත් මොන මොනව හරි හදාගෙන පොට්ලක් gathering එකක් දාමුද??

    කට්ටිය මොකද කියන්නෙ??

    ReplyDelete
    Replies
    1. අන්න මරු අදහස. ඒත් මම මේ කල්පනා කලේ ඩූඩ්ට උපහාර විදියට මොනවගේ තෑග්ගක් ලෑස්ති කරමුද කියලා...

      Delete
    2. ඊ මේල් කවිකාරී. බොහොම ස්තුතියි යෝජනාවට. නමුත් මම ඒ යෝජනාවට අකමැතියි. මෙහෙම කරමු. අපි එහෙ මෙහෙ යනකොට යාලුවො සමහරු අපි යන මග ඉන්න පුලුවන්. අන්න එහෙම වුනොත් ඔබ කැමති නම් අපිට හොටදාගෙන යන්න පුලුවන්. කහට එකක් දුන්නාම ඇති ක්‍රීම් ක්‍රැකර් එකක් හපලා පුලුවන් නම්.

      මට මෙන්න මේ ලිපිනයට ඊ මේල් කරන්න. දුරකථන අංකය මම කියන්නම් එතකොට.
      henry_jayawardene@yahoo.com

      Delete
    3. ඔබෙත් දීපාගෙත් කැමැත්ත එහෙමනං ඒකට මම එකඟයි

      Delete
  14. ඇත්තටම ඒක හරිම විශේෂිත කැපවීමක්ම තමයි. ඒ ගැන විවාදයක් නෑ. හෙන්රිට ඒක තදින් සිතට දැනුනු එක පුදුමයක් නෙවී ..උදාහරණයකට අපි බ්ලොග් පෝස්ටුවක් කියවලා කොමෙන්ටුවක් දාන්නෙත් නිස්සරණාධ්‍යාසයෙන් නෙවෙයි නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් බං රතු. මම මිනිස්සු කරන නරක වැඩ වලට වගේම හොඳ වැඩ වලටත් සංවේදීයි. සමහර විට මේක දුර්වලකමක්දෝ කියලත් හිතෙනවා වෙලාවකට.

      Delete
  15. මට නම් හිතෙන්නේ කෙලින්ම ගොහින් ඒ ගෙදරින් ඇහුවානම් ඉවරයි කියලා. මට නිකමට හිතූනේ කවුරුහරි තනියෙන් ජීවත්වෙන වයසක කෙනෙක් පාළුව යන්න කරපු වැඩක් කියලා.. මුලින් හිතුණා පොඩි ළමයෙක් කියලා. ඒත් පොඩි එකෙක් අර මොරසූරන වැස්සේ මහ පාන්දර නැඟිටලා දිනේ වෙනස් කරාවියි හිතන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තොටියා. නමුත් මට එහෙම කරන්න බැරි වුනේ මම ඔතනින් යන්නෙම මොකක් හරි කලබලයකින් නිසයි. අනික නොදන්නා මිනිස්සු ගැන විස්තර අහනකොට සැකයට භාජනය වෙනවා. මම හරිම ආසයි මම ඉස්සර ඉගෙන ගත්ත ඉස්කෝල වලට, කුලියට හිටපු ගෙවල් වලට ගිහින්, ඒ අසල්වැසියෝ දැන් කොහෙද ඉන්නෙ කියලා හෙම හොයලා බලන්න. නමුත් මිනිස්සු අනිවාර්‍යයෙන්ම මාව සැක කරන බව මම දන්නවා.

      Delete
    2. උඹේ පෙනුමට සැක නොකර බෑනේ හෙන්රියා...

      Delete
    3. ගුටි කන මූණ කියන්නෙ නිකංයැ බං. :D

      Delete
  16. ඇත්තටම ඔබ කිවුවම ඒ ඇයි කියල මටත් දැනගන්න ආස හිතුනා ..දැනගත් විගස අපිටත් කියන්නකෝ
    :)

    ReplyDelete
    Replies
    1. රෙහානි, ඔන්න සෑමා යටින් උත්තරයක් දාලා තියෙනවා. අපි බලමු මොකද වෙන්නෙ කියලා.

      Delete
  17. දශක කීපයක ඉදල කරපු එකක් නම් හොයල බලන්න වටිනව.දැන් වගේ ගැජමැටික් වැහිවැහැල නැතිකාලේ කරපු නිසා ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල හිතෙනව.සමහර වෙලාවට අපටත් තැනකට ගිහිල්ල දිනය ලියන්න ගියහම අමතක වෙන වෙලාවලුත් තියෙනවනෙ.පාරේ යද්දී අරම දකින්න තිබුනම හොදට මතකෙ රදා පවතිනවනේ.එම නිවසින් නැතිව අසල්වැසියකුගෙන් ඔබටම දැනගන්න හැකිවේවිනේ හෙන්රි.අපෙත් කුතුහලය අව්ස්සල උත්තර නැතිව එනව නෙමෙ නිවාඩුව අහවර කරල තේරුනයි :):):):)

    ReplyDelete
    Replies
    1. මටත් ඔය අමතකවීම නම් තියෙනවා කෙන්ජි.
      මම 'සෑමා ඉන්වෙස්ටිගේෂන්ස්' වලට වැඩේ බාර දීලා තියෙන්නෙ.
      අපි බලමු මොකද වෙන්නෙ කියලා.

      Delete
  18. අපේ ගේ තිබුනේ පාරේ අයිනේ නෙමේ නිසා මන් නම් නෙමේ ..හික් . අය්යෝ කියන්ට බලන්න තව සලකුණු ටිකක් .වෝටර් වර්ල්ඩ් එකට කලින් නේ . ම්ම් උළු මෝලට හැරෙන හන්දියේද . සික් ඉස්සර ඔය හරියේ හිටි හැමෝම අඳුනනවා . දැන් මතක නැහැනේ . ඔන්න බොලේ මට දැන් සිද්ද වෙනවා බොල්ලෑගල ගැන ලියන්න . මන් කැළණි පන්සල් වත් ගියොත් මෙදා පාර බලන්නම්. දැක්කොත් මේ පින්තුරේ තියෙන තැන අඳුන ගන්න බැරි වෙන්නේ නැහැ .

    ReplyDelete
    Replies
    1. මටත් ඔය අමතකවීම නම් තියෙනවා කෙන්ජි.
      මම සෑමා ඉන්වෙස්ටිගේෂන්ස් වලට වැඩේ බාර දීලා තියෙන්නෙ. අපි බලමු මොකද වෙන්නෙ කියලා.

      Delete
    2. කොච්චර අමතක වෙනවද කිව්වොත් මගේ නමත් වරද්දලා

      Delete
    3. හනේ නෑ බින්දි. මම කෙන්ජිට ලියාපු කමෙන්ට් එක ආයෙම ඇලිලා ඇවිත් මෙතනට. මම ලිව්වෙ. මේකයි. ඔව් ඊට පෝඩ්ඩක් එහායින් තමයි වෝටර් වර්ල්ඩ් ගේට්‍ටුව තියෙන්නෙ.

      Delete
  19. මං කලින් දාපු කමෙන්ට් එක ස්පෑම් වෙලා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න චන්දන ඒක නැට්ටෙන් අල්ලලා ගොඩින් තිබ්බා.

      Delete
  20. ලංකාවට ආවට පස්සේ බ්ලොග් දෙකේ වෙන වෙනම පෝස්ට් දානවා වගේ..

    ඒ කෙනා තවම ඉන්නවනම් අගය කිරීමක් ලොකු සතුටක් වේවි. එත් ඉතින් කල හොඳ පස්සෙන් එලවනවා වැඩියිනේ මෙහෙ. ඔන්න ඔහේ සැමාටම භාර දෙන්න වැඩේ..

    ReplyDelete
    Replies
    1. බාර දුන්නා රාමා. අපි ඊයෙ ගෙදර හිටියෙ නෑ. ගල් පාන්දර පහයි ගානකට ගෙදරින් ගිහින් ආපහු ආවේ අද උදේ පාන්දර. දවල් දහයාමාර වෙනකල් නිදාගත්තා අමාරුවට. ඉතින් මේ කමෙන්ට් වලට උත්තර දාන්නත් බැරි වුනා.

      ඔන්න දැනුයි නිවාඩුවක් ලැබුනේ ඒකටත්.

      Delete
  21. ඇත්තටම මමත් මේ කලැන්ඩර් එක දකිනවා ඉස්සර අපි දෙන්නා වැඩටට යන එන කොට. මෙ පාර නම් එක එතන නෑ තමයි, සමහර විට එක කරපු කෙනා හුගක් වයස ඇති එහෙම නැතිනම් ඒ වැඩේ නවත්තලා ඇති.

    ReplyDelete
    Replies
    1. මටත් ඒ දේම හිතුනා.බලමු ඩීජේ මොකද අපේ රහස්පරීක්ෂකයා කියන්නෙ කියලා.

      Delete
  22. එක එක මිනිස්සුන්ට එක එක ආශාවල් තියෙනවානේ සර්.ඒ මනුස්සයාටත් තිබුන ආසාවක් වෙන්න ඇති ඒක.
    දැන් අපේ අම්මට වුනත් හැමදාම ලේන්නු රංචුවකට බත් අහුරක් තියන්න ආසාවක් ඇති වෙලා.දැන් ලේන්නුත් ඒකට පුරුදු වෙලා ඩේලි එනව එකොළහත් දොළහත් අතර බත් කන්න.

    අපිත් මේ බ්ලොග් වල ලියන්නේ ආත්ම තෘප්තියට අන්න ඒ වගේ ආත්ම තෘප්තියක් ඇති ඒ මනුස්සයාට.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මේක අම්මා ලේන්නුන්ට බත් දෙනවා වගේ, ආත්ම තෘප්තියක් ලැබෙන නිසාම කරන වැඩක් බව පැහැදිලියි නේද නිශාන්?

      Delete
  23. දිනය දැන ගැනීමට අත්‍යවශ්‍ය වුණු කාලෙක ඒ මනුස්සයට ඒක දැන ගන්න ක්‍රමයක් නොතිබ්බා වෙන්නැති. ඒ හින්දා අනික් අය වෙනුවෙන් දැන් එහෙම කරනවා ඇති. අනේ මන්දා. මොනව වුණත් අනුන් ගැන හිතන මනුස්සයෙක්

    ReplyDelete
    Replies
    1. ඔය පළාතේ මිනිස්සු එහමයි නලිනි ...D

      Delete
    2. නලිනි වෙනම පැත්තක් හිතලා. ඔව් වෙන්නත් පුලුවන්.
      බින්දිගෙ ගම්පලාත ගැන දැන් කිසි සැකයක් නෑ නේද නලිනි?

      Delete
  24. දෙයියනේ... සැමාට ප්‍රොජෙක්ට් එකක්? මූ බෝතලයක් වත් අරන් යයිද?

    මන් කියන්න ආපු දේ ප්‍රසන්න අයියත් කියලා. ඇඹිලිපිටියට එහායින් තිබුනා බිත්ති පත්තරයක්. ඒක ඩේලි අප්ඩේට් කළා. දැන්නම් කොහොමද දන්නේ නෑ. ඔය වගේ පරාර්ථකාමී මිනිස්සු ගොඩාක් අඩුයි. මුලදී ඒ අයට පිස්සු කියලා හිනා උනාට පස්සේ තමයි තේරෙන්නේ කාටද පිස්සු කියලා.
    ඉස්සර අපේ තාත්තා මහා පාර අයිනේ පැල හිටෙව්වා. (අපි ඉන්න අතුරු පාරේ නෙවෙයි). දැන් පාරේ ඉන්න මිනිස්සු හෙවනට ඉන්නේ ඒවා යට. දන්නා කට්ටිය මාත් එක්ක කියනවා ඒ දවස්වල මේවා හිටෙව්ව හින්දා තමයි මෙච්චර රස්නයක් නැතුව ඉන්න ලැබුනේ කියලා.

    ReplyDelete
    Replies
    1. සෑමා මොන ක්‍රමයෙන් හරි ඕක කරයි අකමා.

      ඒ බිත්ති පත්තරේ ගැන ලියමුකෝ පෝස්ට් එකක්. ආසයි දැන ගන්න.

      අන්න තාත්තා මතක හිටින වැඩක් කරලා. Think globally. Act Locally. කියන්නෙ ඕකයි.

      Delete
  25. ඇත්තටම මොකද දන්නෑ උනේ?
    කෝ මේ සැමා...??

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔය ඇවිත් තියෙන්නෙ සෑමා.
      දැන් තුවාලවල වේදනාව අඩුද රජා?
      උඹත් කරගන්න දේවල්!

      Delete
  26. ටිකක් අමුතුයි වගේනේ ... ඒත් ඒ මනුස්සය එහෙම කළේ මොන අරමුණකින්ද කියල හරියටම නොදැන අපි ඒ ගැන කතාකරන එක තේරුමක් නෑ වගේ. කොහොම උනත් පටන් ගතිපු වැඩක් ඒ වැඩේ කරපු මුළු කාලය මුළුල්ලේම නිවැරදිව ක්‍රමවත්ව නිසි වෙලාවට කිරීමේ පුරුද්ද නම් ගොඩක් වටිනව. සාමාන්‍යයෙන් මිනිස්සුන්ට මොකක් හරි පටන් ගන්නකොට ඒ ගැන තියෙන උනන්දුව ටික දවසක් යනකොට නැතිවෙල යනව.

    ReplyDelete
    Replies
    1. අන්තිම වාක්‍යය මම පෝස්ට් එකට ඇතුලත්කල යුතුව තිබ්බ එකක්. DDT වෙනදා වගේම ඌණ පූර්ණයක් කරලා තියෙන්නෙ.

      Delete
  27. හ්ම්ම්... මෙහෙම දෙයක් ඇහුවමයි... හැමෝටම දිනේ බලාගන්න කියල ඒ මනුස්සය කරපු ඒ වැඩේ අගේ කරන්න වටිනවා. ගොඩක් මිනිස්සුට කලබලෙන් වැඩ රාජකාරි වල යෙදිලා ඉන්නකොට දවසත් අමතක වෙනවා.. මටත් ඕක හිටපු ගමන් වෙනවා. ඒ වගේ අයට හරි ප්‍රයෝජනවත් වැඩක් තමා ඒ මනුස්සය කරලා තියෙන්නේ, ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවීම.....

    ReplyDelete
    Replies
    1. ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවීම තමයි සුන්දර දේ. අපි නිවාඩුවට එනකොට ලංකාවට පයගහපු ගමන් එයාපෝට් එකේදි පවා දැක්කෙ ඕකෙ අනිත් පැත්ත. මිනිස්සු ටොයිලට් එක තියෙන තැන පෙන්නලා ඒ වෙනුවෙනුත් සල්ලි ඉල්ලනවා.

      Delete
  28. Replies
    1. ඔය ඇවිත් ඉන්නෙ ජෝන්.

      Delete
  29. එහෙම අය ඉන්නවා අයියන්ඩි. හැබැයි අතලොස්සයි.

    ReplyDelete
    Replies
    1. ඒ අතලොස්ස ගැන අපි ෆුල් පබ්ලිසිටියක් දෙන්න ඕනෙමයි සරා. අර බහුතරයට ලැබෙන පබ්ලිසිටිය ඉක්මවා යන.

      Delete
  30. සමහර අය ඉන්නවා නිහඬවම තමන්ගේ වගකීම ඉෂ්ඨ කරන අය. අපේ ගමේ ගේ ලඟ පාරේ තියෙන ලයිට් කණුවේ බල්බ් එක දැම්මෙ අපි වියදම් කරලා. ඒ අවුරුදු ගානකට කලින්. අපේ ගෙදරට ගෙවල් පහකට විතර ඈත ඉන්න වයසක සීයා කෙනෙක්...පුරුද්දක් හැටියට හැමදාම මේ බල්බ් එක දමන්නත්...ආයේ උදේම නිවා දමන්නත් තවමත් අමතක කරන්නෙ නෑ... එයාට මේ ලයිට් එකෙන් වැඩි ප්‍රයෝජනයක් නැති උනත්...ඒයා ඒක හැමදාම කරනවා...අනේ මන්දා...මට ඒ සීයව මතක් උනා ඩූඩ්ගෙ පෝස්ටුව කියවද්දී...

    ReplyDelete
    Replies
    1. අන්න ළිහිණියෝ මිනිස්සු. තමන්ට ප්‍රයෝජනයක් නැතිවත් එහෙම දේවල් කරන මිනිස්සු ගැන අපි ලියන්නම ඕනෙ.
      ලියන්නකො ළිහිණි ඒ මනුස්සයාගෙ ක්‍රියාව ගැන පෝස්ට් එකක්. අපි බහුතරය කරන ජරා වැඩ කියවනවා ටොන් ගානට. මේවත් අපි ලිව්වාම අඩුගානෙ ලෝකය අපි හිතන තරම් අවලස්සන තැනක් නොවෙයි කියලාවත් අපිටම හිතේවි.

      Delete
  31. මේක කියෝල ගිහින් මම අපේ ගෙදර කැලැනඩරේ කොල 4ක් කැඩුවා හී හී

    ඉස්සර මිනිස්සු හරිම පරාර්තකාමියි. දැන් ඒ වගේ අය අඩු වෙලා. මිනිස්සු ආත්මාර්තකාමී වෙලා. වෙලාවක් නැතිකම, තාක්ශනය වගෙ දේවල් මිනිස්සුන්ව තමන්ගෙ පවුලට සීමා කරල. තරගකාරීකම විතරක් තියෙනකොට අනිත් අය ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. අපි ගැනම දුක් වෙන්න ඕනි අපි

    ReplyDelete
    Replies
    1. ඒක පසු කම්පනයක් වෙන්න ඕනෙ සමී.
      සමී. මෙහෙම එකක් තියෙනවා. ඔය සංඛ්‍යාව ඉහල යන්නෙ ජනගහනයට සාපේක්ෂවයි. පල් වැඩ කරන උන් එදත් හිටියා. අදත් ඉන්නවා. අන්න ඒකයි මම මේ කෙනාගෙ, (දැන්නම් අර සෑමා කියලා තියෙනවනෙ නම - රවීගෙ) ක්‍රියාවෙ විශේෂත්වයක් දැක්කෙ.
      ඒ වගේම හොඳ මිනිස්සු අදත් ඉන්නවා සමී. ලෝකෙ ඉන්න හැම එකාම ජරා උන් නෙවෙයි.

      Delete
  32. ඒ මනුස්සය වගේම ඒක ගැන මෙ විදිහට ස්තුත් පූර්වක වෙන්න තරම් සංවීඉඩී ඩූඩ්ටත් මගෙ ප්‍රනාමය..

    ReplyDelete
    Replies
    1. ඒක හඳුනාගත්ත සරත්ටත් මගේ ප්‍රණාමය. ස්තුතියි සරත්.

      Delete
  33. 100 wenna bala inna beri nisa 99 una onna

    ReplyDelete
    Replies
    1. ස්තුතියි desh. 99ත් මට නම් 100 තරම්ම වැදගත්. 99ක් නැතිව 100කුත් නෑනේ!.

      Delete
  34. මට මතක් උනේ අපි ඉස්කෝලෙ යන කාලෙ හැතැක්මක්,දෙකක් විතර පා ගම්නනින් තමා ගියේ. පාර අයිනෙ එක් ගෙදරක ටැප් එකක් හයිකරල තිබුන පාරෙ පැත්තෙ...ඕවුන්ගෙ තාප්පෙ..!ලම්යි විතරක් නොවේ...වාහනත් නවත්තල වතුර බෝතල් පුරවනව මම දැකල තියෙනව.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රතිචාරය දැක්කම ....අපි පින්තාලි තැනින් තැන තිබ්බ , ලේනුන්ට මයිනන්ටත් කන්න දීපු මිනිස්සු නේද කියල සිහි වුනා ...අපිට හිටපු ගමන් මතක නැති උනාට

      Delete
    2. වීයා. අහන්නත් සතු‍ටුයි බං. කවුරුවත් ටැප් එක ගලවන් ගියෙ නැති එකටත් මගේ සතුට.
      JP ඔව් අපි එහෙම හිටපු ජාතියක්. අදත් එහෙම මිනිස්සු ඉන්නවා.

      Delete
  35. මේ අරුම පුදුම වැඩේ ගැන දැනගන්න ඕනේ.නිකන් කුතුහලයක් අවුස්සලා නිකා හිටියා වගේ.මම හිතුවේ මේ ගැන හොඳ විස්තරයක් කරන්න යන්නේ කියල.

    බලමු සෑමා එනකන්..

    ReplyDelete
    Replies
    1. අසරණයා, මම එහෙම කලේ, මම දන්නෙ ඔච්චර නිසා. ඉතිරි ටික සෑමා කරයි. මමත් මේ සෑමා ඔය පෝස්ට් එකක් දානකල් නලියමින් ඉන්නෙ කුතුහලයෙන්.

      Delete
  36. ඔය වගේ මිනිස්සු ඉන්නවා ඩුඩෙ. මේ වගේ හරි අපි දැනගන්නේ බොහොම සුළුවෙන්. කිසිම ලාභ ප්‍රසංසා බලාපොරොත්තුවක් නැතිව කැපවීමෙන් තමා හරි කියල සමාජයට ත් තමාට හැකි පමණ සේවයක් සපයන පුද්ගලයන් ඉන්නවා. දැනටත් ගේ ඉස්සරහ පින්තාලිය තියාගෙන උදේ පාන්දර ඒක හෝදල දාලා දවස පුරාම වතුර පුරවන මිනිස්සු ඉන්නවා. මට මතක එක්කෙනෙක් ඉන්නවා.. එයා අඹ තියෙන කාලෙට එයාගේ අඹ ගස් වල ඉදිල වැටුන අඹ දෙන්න මහ ගිනිමද්දහනේ අපි ඉස්කෝලේ ඇරිල එනකං ඉන්නවා. හැමෝටම දෙනවා. සුන්දර අත්දැකීම්..

    ReplyDelete
    Replies
    1. එහෙම මිනිස්සු ඉන්නවා කියලා අහන්නත් මම ආසයි දේශකයා. මේ පෝස්ට් එක නිසා මම ඒ වගෙ මිනිස්සු හුඟාක් ගැන දැනගත්තා. කොච්චර සුන්දරද?

      Delete
  37. මේක කියෙව්වම ඩුඩ් අයියේ ඇත්තටම පුදුම හිතුනා. මොකද අදකාලේ සල්ලි පිටිපස්සේ දුවන කාලයක්. ඉතින් මෙවැනි කාලෙක මේවගේ කෙනෙක් ගැන අහන්න ලැබීමක් සතුටක්. මම හිතන්නේ නිවාඩුව හොඳට අත්විඳිනවා ඇති කියල කට්ටිය එක්කම. Best Of Luck

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කෝරළේ මහත්තයෝ. මමත් පුදුම වුනේ ඒකයි. අපිට අහන්න තියෙන්නෙම උදව්වක් කරලා ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන මිනිස්සු ගැනමනෙ.
      නිවාඩු කාලෙ නේද? රුපියල් පහලාකට විතර ‍ෆියූස් එක දාන්න වෙලා ඇති කියල බැලුවම හයදාස් පන්සීයක් විතර දීලා ‍ෆියුස් බෝඩ් එකම දාන්න වෙන වැඩත් එක්කම, වහලෙට අල්ලපුවත්තෙ ගස් කඩාවැටෙන එක වගේම, තව තව දේවලුත් සිද්ධ වෙනවා.

      ඊයෙ රෑ තමයි බස්නාහිර පලාතෙන් පිට මුලම ගමන ගියේ. දඹුල්ලට ගිහින් ආවා.
      රෑ තිස්සෙ ඇවිත් දහයාමර වෙනකල් නිදාගත්තා.
      Thanks, dude.

      Delete
    2. හත් ඉලව්වේ ගස් කඩා වැටෙනවා?????? මේකනම් අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්............ තව යන්නේ කොහෙද එනම් මනම් විස්තර ටිකකුත් දාන්නකෝ.... ජය වේවා

      Delete
  38. ඒ මනුස්සයා තවම ඉන්නවද දන්නේ නැහැ ..සෑමා ට තමයි ඔය ගැන හොයලා බලන්න පුළුවන් ..

    නිවාඩුව හොදයි වගේ ..

    ReplyDelete
    Replies
    1. දැන්නම් මම ඒකට උත්තරේ දන්නවා චමී. ඔය සෑමා කියලත් තියෙන්නෙ.

      නිවාඩුව නම් අවිවේකී එකක් චමියා.

      අඩේ, මං ආයෙම ගිටාර් එකක් ගත්තා ඕං.

      Delete
    2. එල එහෙනම් හිමිට ප්‍රැක්ටිස් පාරක් දාපන්..මටත් දැන් වෙලාවක් නැහැ බං ඕක අල්ලන්නත්..

      Delete
  39. අනේ මන්ද ඩූඩ් , සමහර මිනිස්සු තමන්ගේ වැඩපොළ කරගන්න ගමන් අනුන් වෙනුවෙනුත් සුළු හරි සේවාවක් කරන්න අගේට පිළිවෙල කරගන්නවා. අද හුඟක් දෙනෙක් මේ අවගේ වැඩවලට හිනා උනත් එහෙම මිනිස්සුනට අප ගරු කල යුතුයි. පාරේ යන කෙනෙක්ට වතුර ටිකක් බොන්න භාජනයක් තියන තැනෙ ඉඳල ඔයවගේ වැඩ කරන අය බොහෝ දෙනෙක් අප්‍රසිද්දයි . එකටත් එක්ක අද වැඩේට වැඩිය සද්දේ. ඔබගේ නුදුටු හිතවතාට මමත් ගරු කරනවා .
    හදිසියෙවත් පාදුක්ක හොරණ පාරේ එහෙම යැවුනොත් මවත් මතක තියාගන්න

    ReplyDelete
    Replies
    1. සුසර, ඇත්තෙනම් වැඩේට වඩා සද්දෙ නම් තියෙනවා.
      ඔය පැත්තෙන් ආවොත් අපි ඇවිත් යන්නම්. බොහොම ස්තුතියි.
      මම දන්නවා නොම්මරේ.

      අනික අපි එච්චර ඈත නෙවෙයි ඉන්නෙත්.

      Delete
  40. බොහොම කනගාටුයි ප්‍රමාදයට..

    ඇත්තටම හෙන්රියා මේ අරන් තියෙන පලවෙනි පොටෝව හරියටම අපේ ගෙවල් ලග පාර.

    ඊට පස්සේ කොළඹ පැත්තට යද්දි තමා ඔය කියන කැලැන්ඩර් ගේ තියෙන්නේ. ඒ ඇන්ටි ගේ නම ජැනට්. පහල තට්ටුවේ තියෙන්නේ හාඩ්වෙයාර් එකක්. ඒක කරන අයියා රවී නොහාත් අපි ආදරේට කියන්නේ රවියා කියලා. කහපාට ඊතලේ දාල තියෙන ගෙදර ඒක නෙවේ හෙන්රියා. හරියටම උබ ඔය ඊතලේ දාල තියෙන්නේ ඊටත් පහලට යද්දි තියෙන අපේ මාමා කෙනෙක්ගේ ගෙදරකට. පොරගේ නම ගුණදාස.

    ඊටත් මෙහාට වෙන්න තමා කැලැන්ඩරේ තියෙන් ගෙදර තියෙන්නේ. ඒ උඩ තට්ටුව දැන් වෙනස් වෙලා. මම පොටෝ එක්කම දාන්නම් පෝස්ටුවක්. මාත් ඉස්සර ඉස්කෝලෙ යද්දි ඔතනින් තමා දිනේ බලන්නේ.

    උඹ මට මගඇරිච්ච තැනක් ගැන ලියපු එකට ස්තුති හෙන්රියා. මේක නම් නියම පෝස්ටුවක්. මාසෙ අන්තිමට කැලැන්ඩරේ කොලේ ගලවන්න කම්මැලි අපිට, මෙහෙම දිනපතා කොල මාරු කරන්න පුලුවන් වෙයිද බං??

    මේ පෝස්ට් එක රවියාට හෝ ජැනට් ඇන්ටීට පෙන්නන්න ඕනේ...

    නැවතත් ස්තුති සහෝ !!

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම කැලැන්ඩරයක් පාරට පෙන්න දැම්මේ කියන එකත් අහලා කියපන්කෝ සැමො...

      Delete
    2. sam ..එතකොට බොල්ලෑගල .ආ .සතුටුයි ගමේ එකෙක් දැක්කමත් .

      Delete
    3. මෙන්න අපි ඔක්කොම මග බලා හිටි කමෙන්ට් එක.

      ඔව් මම දන්නවා ඒක උඹලගෙ පාර බව.

      හරිම සන්තෝෂයි ඒ නම දැනගන්න ලැබීම ගැනත්.

      මට එහෙනම් වැරදීමක් වෙලා බං. මොකද මම ඔය පාරෙ දැන් යැවෙන්නෙම නැති තරම්. කොළඹ යන්නෙ එක්කො කිරිබත්ගොඩ පාරෙ, නැත්නම් පාර්ලිමේන්තුව පැත්තෙන්. ඉතින් අවුරුදු ගානකට පස්සෙ යනකොට ගේ මිස් වෙන එක පුදුමයක් නෙවෙයි. මම ඔය ෆෝටෝ එක ගත්තෙ කන්ටේනර් ට්‍රක් එකක් පිටිපස්සෙ එලවන ගමන් මගෙ චූටි පුතාට කියලා. එයා මේකද මේකද කියලා අහ අහ තමයි ගත්තෙ. මමත් ඔය ගේ දැක්ක ගමන් හිතුවා ඒක වෙන්න ඇති කියලා. ඉතින් ඔන්න ගේ ඕන්න ඕක ගන්න කිව්වාම එයා ගත්තා.

      උඹ නියම ගේ අරන් පෝස්ට් එකක් දානකොට මටත් පුලුවන්නෙ ඒකෙන් කොපි එකක් අරන් මෙතන දාන්න උඹේ අවසරය ඇතිව.

      අන්න නියම වැඩේ. පෝස්ට් එක පෙන්නලා මොකද කිව්වෙ කියලා දැනගන්නකල් මට ඉවසුමක් නෑ. අදම කරපන්කො වැඩේ පුලුවන්නම්.

      මටත් අනිත් යාලුවො හැමෝටමත් දැනගන්න ඕනෙ පළවෙනි ප්‍රශ්නෙ උඹ දන්නවනෙ?
      ඇයි රවියා එහෙම කලේ?
      ඔය චමියාත් කියන්නෙ.

      Delete
    4. නියමයිනේ. අන්තිමට ඒ ගැටළුවත් විසඳුනා එහෙනම්.. බලනකොට බ්ලොග් වලින් CID වැඩත් කරන්නත් පුළුවන්නේ :)

      Delete
    5. ඩූඩ් සාර්තක උණා එහෙනම් :)

      Delete
  41. සමහර පුද්ගලයින් අන් අය වෙනුවෙන් සුළුවෙන් හරි උදව්වක් කරන්න පෙළඹෙනවා ඉල්ලීමක් නැතිව උනත්. ඒ අර ඉස්සර වතුර බොන්න පිංතාලිය තිබ්බා වගේ. මේ ගති ගුණය අපේ මිනිස්සුන්ගෙන් ඈත්වීගෙන යනවා. කොහොම නමුත් කියවන්න මෙදෙසට ඒම පමා වීම ගැන සමාවෙන්න ඩූඩ්. දැන් ආයෙත් කියවනවා. ලියනවා. ආයෙමත් වැඩ අධික වෙලා හිත තෙහෙට්ටු වෙනකම්ම...

    ReplyDelete
  42. මතකද ඩූඩ්? අර පරිවර්තනය? තමන්ගෙ ඉනිමග අසල්වැසියට දීපු බැරී? හැම රටකම ඔහොම දුර්ලභ මිනිස්සු හැංගිලා ඉන්නවා.

    ReplyDelete
  43. මම මේකට කලින් කමෙන්ට් එකක් දැම්මා.ඒක නැනෙ. තමුන්ගේ තෘප්තිය සන්දහා වැඩ කිරීමක් තමා ඒක්‍රියාව. ඔහු දන්නවා ඒ වැඩෙන් ගොඩක් අය ප්‍රයෝජනයක් ලබනවා කියල. ඉතින් ඔහු නිහන්ඩව එය කරගෙන යනව.

    ReplyDelete
  44. බ්ලොග් ලියන අය වගේම මිනිහෙක් වෙන්න ඇති අයියේ...බ්ලොග් කරන අයත් කිසිම ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නෑනේ...

    ReplyDelete
  45. වැඩක් කරලා තමන් තෘප්තියක් ලබනවට වඩා තවත් අය ඒකෙන් ප්‍රයෝජනයක් ලබනකොට ලැබෙන සතුට ගොඩක් වැඩියි..

    ReplyDelete
  46. ඒ කැළැන්ඩර් වැඩේ ඩූඩ් මේ කතාවට මුල්වුණා වගේම මේ කතාව අපි බොහෝ දෙනෙකු ඉදිරියේදී ලියන තවත් කතන්දර ගොඩකට මුල් වේවි!

    ReplyDelete
  47. අපුරු කතාවක්. මේකට සෑමගේ පෝස්ට් එක ඇවිත් ඌනපුර්ණය කරනකං බලා ඉන්නවා.

    ReplyDelete
  48. සෑමගෙ පිළිතුරු පෝස්ටුව කියවන ගමන් තකහනියෙ මෙහෙට දුවගෙන ආවෙ...මේ කථාවෙ ජාතකේ දැනගෙන යන්න... අද කාලෙ නම් මේ වගේ මිනිස්සු කළුනික හොයනවාටත් වඩා අමාරුවෙන් හොයාගත යුතු අය...

    ReplyDelete
  49. මෙන්න මේ වගේ මිනිස්සු හින්දම අපිට දැනෙනවා මේ ලෝකෙ ජීවත් වීම වාසනාවක් කියල.....ගොඩක් වෙලාවට අහන්න දකින්න ලැබෙන අමනුස්ස වැඩ අතරේ මේ වගෙ දෙයක් අහන්න දකින්න ලැබීම කොච්චර දෙයක්ද?

    ඒ වගේම ඒ වගේ දේයක් පිටිපස්සෙ තියෙන ආදරය කරුනාව තේරුම් ගන්න සන්වේදි හිතක් තියෙන්නම ඕනෙ....ඩුඩ් ඒ කෙනා මේ ලිපිය දැක්කොත් ගොඩක් සතු‍ටු වේවි.... :D :D :D

    ReplyDelete
  50. මට මෙහෙම හිතෙනවා. හැබැයි කතා විදියට හිතනවා කියලා හිතන්න එපා. උඩ තට්ටුවේ කැලැන්ඩරේ ගැහුවේ යට තට්ටු දිහා කෙනෙකුගේ අවධානය යොමු වීම වලක්වන්න වෙන්න බැරිද? සමහර විට ලස්සන දුවෙක් හෝ බිරිඳක් සිටින පුද්ගලයෙක්.

    ReplyDelete
  51. old post ,but i read your blog ........ one by one

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>