Sunday, December 9, 2012

28. වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්න බබාලන්ත බුවාලා මෙහෙ වරෙල්ලා.

දැන්වීමයි


මේ පෝස්ට් එක අධිරාජ්‍ය විරෝධීන්ට, ටයි විරෝධීන්ට හෝ දැනට කිසිම ආබාදයක් නැතුව ටයි එක ගැටගසාගැනීමට දන්න බුවාලාට නොවේ. මේ හුදෙක් වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්නාවූද, ගහපු ටයි ගැටය ටයි පොල්ල දිරාපත් වී කන්ඩෙම් වනතෙක් දිවිහිමියෙන් ආරක්ෂාකර ගන්නා වූද, මට නිදා ගන්නට නොදී රෑ දෙගොඩහරියට පැමින දොරට තඩිබා මගේ බියුටි ස්ලීප් එකට ඩිස්ටර්බ් කර, “අනේ හෙන්රි (අයියේ/ මල්ලියේ/බාප්පේ/මාමේ/මහප්පේ/පුතේ/ළමයෝ/පැටියෝ)” යනාදී වශයෙන් ආදර ඇමතුමින් සංග්‍රහ කර, “මට මේ ටයි පොල්ල ගැට ගහල දියං හෙට මට වෙඩිමක්/ඉන්ටර්විව් එකක්/එන්ගේජ්මෙන්ට් එකක්  තියෙනවා බං”, කියමින් මටද වාතයක් වී,  උන්ටද වාතයක් වන හුදී ජනයාගේ ලාම්පු කණගා‍ටුව උදෙසාමයැ. සොරියැ. පහන් සංවේගය උදෙසාමයැ.


අපේ තාත්තා කියලා දීපු සමහර  දේවල් මගේ  ජීවිතයටම පාඩම් වුනා. මේකත් ඉන් එකක්. Paying It Forward කියන එක දන්නවද? ඒ නමින් හොලිවුඩ් සිනමා පටයකුත් තියනවා. ඒකෙන් කියන්නෙ. කෙනෙක් තමන්ට කල උපකාරයකට කරන ප්‍රතිඋපකාරය (සමහරවිට උපකාරය කරපු කෙනාගේ ඉල්ලීම මත) ඔහුට/ඇයට නොකර වෙනත් උපකාර ඉතාම අවශ්‍ය කෙනෙකුට කිරීමයි.

මම ලංකාවෙ ඉස්කෝල වල උගන්නන කාලෙ O/L, A/L  පන්තිවල අන්තිම වාරෙදි අනිවාර්යයෙන්ම කියාදෙන පාඩම් කීපයක් තිබුනා සිලබස් එකේ ඇති සහ නැති. එකක් තමයි ඉංග්‍රීසියෙන් නිවැරදිව   job application එකක් ලියන හැටි.(දැනුත් ටයි ගැටේ වගේම ඇප්ලිකේෂන් එක ඉංග්‍රීසියෙන් ලියාගන්න මාගෙ දොරට ගහන එවුන් ඉන්නව අවුරුදු 10ක් ඉස්කෝලෙන් ඉංග්‍රීසි ඉගෙනගෙනත්) , තව ඉංග්‍රීසි සම්මුඛ පරීක්ෂනයකට පෙනී සිටින හැටි, ඇඳගෙන යන හැටි, සහ ටයි ගැටය ගහන හැටි.

මම එදාට මගෙ ලඟ තියෙන ටයි කලෙක්ෂන් එකම අරං  ගිහින් කොල්ලන්ට දීලා ටයි ගැටේ ගහන එක ගැන ප්‍රායෝගික පාඩමක් කරනවා.  මේ දිහා අනිත් ගුරුවරු වපර ඇහින් බලපු අවස්ථාත් අනන්තව තිබ්බා. මගේ ජීවන දර්ශනය ‘හැම එකාම කියන දේට සාවධානව ඇහුම්කන් දීල මට ඕනැ දේ කරන එක’ නිසා මගේ ව්‍යාපාරය එහෙමම ගියා.

නමුත් සමහර ගෝලයො අදත් හමුවුනාම, "සර් කියලා දීපු පාඩම් වලින් අර ටයි පාඩමයි, ඇප්ලිකේෂන් පාඩමයි අදත් මතකයි.” කියලා කියන කොට හිතට හීන් ආඩම්බරයක් මුසු සතුටක් දැනෙනවා.

දැන් උගන්නන රටේ නම් පන්තියට යන්න ටයි එක ඇඳීම අනිවාර්යයි. අපිත් එක්ක වැඩ කරන අපේ අසල්වැසි රටවල බුවාල සෙට් එකකට අදත් ටයි ගැටේ ගහල දෙන්නෙ මම. (ඇඩ් එකක් නෙවෙයි.) එක පොරක් ටයි ටික ප්ලාස්ටික් බෑග් එකකට දාගෙන ඇවිත් ඔක්කොම ගැට ගස්සගෙන යනවා මාසෙකට ඇතිවෙන්න.

ටයි එක ගැට ගහන්න නොදන්න එක ලැජ්ජාවකට කරුණක් හෝ ගැට ගහන්න ඉගෙන ගන්න එක හෙන ගේමක් හෝ නොවෙයි. පුදුමෙ කියන්නෙ ගැට හැට හුටහමාරක් ගහන්න ඉගෙන ගෙන තියෙන හුඟක් බාල යක්ෂයොන්ටත් ටයි ගැටේ ගහ ගන්න බැරි එකයි.
මෙන්න එහෙනම් ටයි ගැටේ ගුරු මුෂ්ටි නැතුවම.



1.ටයි එක කර වටේ එලනවා. හීනි පැත්ත වම් අත පැත්තට. කනපිට යටට හරිද? දැන් දෙපැත්තම අත් දෙකෙන් අල්ලගන්නවා. (පින්තූරෙ අත් නැත්තෙ ඇයි? ඒ කොයි එකාද? ඇයි මිනිහො එතකොට කැමරාව අල්ලන්නෙ මොකෙන්ද?)



2. දැන් හීනි පැත්ත වම් අතෙන් අල්ලගෙන මහත පැත්ත මේ විදියට උඩින් පාස් කරනව වම් පැත්තට. (Overpass) මතක තියා ගනිල්ලා කොල්ලනේ හීනි වම් පැත්ත සහ අත එහෙමමයි. නෝ හෙල්ලුං පොල් මැල්ලුං! දාන සෙල්ලං ඔක්කොම දාන්නෙ දකුණු අතින්, මහත පැත්තෙන්.



3. U-turn එකක් ගහලා යටින් එනවා ආපහු දකුණු පැත්තට. (Underpass) වම අතාරින්නෙ නෑ. (මගුල් දේශපාලනයක් නෙවෙයි මනුස්සයො. ටයි ගැටේ)


4. ආයෙම ගහනවා U-turn එකක්. ආයෙත් යනවා දකුණට. මේ පාර උඩින්. (overpass එකක්.) වම අතාරින්නෙ නෑ.


5. ආයෙ U-turn එකක් ගහලා එනව ආපහු. නමුත් කලින් පාරෙ නෙවෙයි.බෙල්ල දිහාවට යටින්. දැන් මතුවෙනවා උඩින් මෙන්න මෙහෙම.



6. වම එහෙමමයි. හරි? දැන් අර මතුකරගත්ත මහත කොන U-turn එකක් ගහලා එනවා පහලට හැබැයි එන්නෙ උඩින්ම තියෙන ලූප් එක ඇතුලෙන් මෙන්න මෙහෙම.



7. දැන් ගැටේ ගහල තියෙන්නෙ. කැතයි නේද? ඔවු. කැතයි තමයි. ඉතිං ඕක හෙමිහිට සීරු මාරු කරලා ලස්සනට හදා ගන්න ඕනෙ. ඒක මහ ගේමක් නෙවෙයි. දැන් අමාරු හරිය ඉවරයි.



8.මෙහෙම ඇදලා කරලා...



9. ඔය තියෙන්නෙ ගතියට. ඔය ගැටෙන් ටයි එක මතුවෙන තැනට ඔන්නම් ‍රැල්ලක් දාන්නත් පුලුවන්.

හුටා! යට පොට එල්ලෙනවා නේද යටින් දිගට?  ඒ දිග හරියට ගන්න ගලවලා ගැට ගහලා ප්‍රැක්ටිස් වෙන්නම ඕනෙ. හරියට දැම්මම මහත කොන බෙල්ට් බකල් එක ලඟට තියෙන්න ඕනෙ. හීනි කොන ඊට කොට නිසා හැංගිලා තියෙන්න ඕනෙ.   ටයි එකේ දිග බකල් එක දක්වාද, බකල් එක වැහෙන්නද කියන එකෙත් තියෙනවලු විවාහක අවිවාහක වෙනසක්. ඒක වැඩක් නෑ. මුද්ද හංග ගනිල්ලකො. එතකොට හරි.

තාත්ත නම් කියන්නෙ වම් අතින් අල්ලගත්ත ග්‍රිප් එක ගැටේ ගහල ඉවර වෙනකල් ඒ විදියටම තියෙන්න ඕනැයි කියලයි. ඒකනම් තරමක් අමාරු වැඩක්. මම නම් අත  හරිනව.



තව සීන් එකක් තමයි ටයි ගැටේ හරියට ගහලා නම් හීනි වම් පැත්ත ගැටෙන් එලියට ඇදලා දැම්මට පස්සෙ.....




ටයි එක කොන් දෙකෙන් ඇද්දාම ඔක්කොම ගැට ගැලවිලා යන්න ඕනෙ. ඕකත් තාත්තගෙ පාඩමේ කොටසක්.

හරි දැන් ඉතින් මේක ප්‍රැක්ටිස් කරන්න ඕනෙ දහ වතාවක් වත්. අනික කම්මැලිකමට එකම ගැටේ දාගෙන යන්න පටන් ගත්තොත් ප්‍රැක්ටිස් එක නැතිව යනවා. බය නැතුව ගැටේ ගලවලා හැම දාම පොර වගේ  අලුතින් ගහන්න ඕනෙ. හැබැයි පු‍තෝ, “අරූ කිව්ව විදියට කරන්න ගිහින් තමයි රතු ඉර වැදුනෙ” කියලා මට බර බර ගානවනම් රෑට ටයි ගැටේ ගහගන්න එකයි ඇත්තෙ අලාම් එක සෙට් කරලා.

මාසයක් විතර යනකොට ආයෙ ජීවිතේට කාටවත් වඳින්න ඕනැත් නෑ. සෙකන්ඩ් වෙන්න ඕනැත් නෑ.   ටයි ගැටේ ගහලා චොකලට් පගාව ගත්ත නංගිලා ඔන්නම් මාව දායි හිට් ලිස්ට් එකට. ඒ ඉතිං උඹලා කට වරද්දා ගත්තොත්.

මොකක්ද අර අරකා කියන්නෙ? අපි ටයි දානෙ නෑ හැම දාම? වෙඩිං එකකට යන්න විතරයි? ඉතිං? මේක ප්‍රින්ට් කරලා අලවගන්න එකයි අල්මාරියේ දොර පිටිපස්සෙ.

ඉතිං වෙන මොනවද? ආ මට මතක් වුනේ සමහර පොරවල් ටයි අඳිනව හරකෙකුට කඹේ දාල වගේ. සමහරුන්ගෙ වර්ණ සංයෝජනය නං කියලා වැඩක් නෑ. කලුවරේද මන්දා අඳින්නෙ? එල හරකයි මී හරකයි වගෙ. නිල් පාට ශර්ට් එකට ලා කෙසෙල් දළුකොල පාට ටයි එක ඇඳගෙන බලන්න ලස්සනයි. ඇයි යකුනේ කොල්ලො නේද? කලර් සෙන්ස් එකක් ඇත්තෙම නෑ. නංගි හරි අක්ක හරි වයිෆ් හරි දැක්කෙ නැත්නම් අහුවෙච්ච එක එල්ලගෙන එනවා.

මම නම් ඔය ගැන සෑහෙන  උනන්දුයි හැමදාටම. ආයෙම කිව්වා. ඇඩ් එකක් නෙවෙයි. මම නං ටයි එකට කලිසමයි ශර්ට් එකයි විතරක් නෙවෙයි මේස් දෙකත් මැච් කරනවා. මොකක්ද අර අරූ අහන්නෙ? ඔව් බං ජොකත් මැච් කරනව තමයි මේස් දෙකට. උඹ කොහොමද ගෙස් කලේ? හික් හික්!

මගෙ වයිෆ් මං ගැන අනිත් උන්ට කියනකොට කියන්නෙ ඌ ඉතිං කොහොමත් ස්ටයිල් කුක්කනෙ කියලා.ආ උඹලට ඉරිසියා හිතුනා නේද?
හරි.ආයෙම යමු මාතෘකාවට. ටයි ගැට ගනනාවක් තියෙනවා. ඔය අද ගැහුවෙ සිංගල් නොට් කියන සරලම සහ ලේසිම එක.

තව එකක් තමයි ඩබල් නොට් එක. ඒකට වින්ඩ්සර් නොට් එක කියලත් කියනවා. මන් දන්නෙ නෑ ඇයි කියලා. විකිපීඩියා එකේ බලාපල්ලකො මගෙන්ම අහන්නෙ. මේ පෝස්ට් එකට ලැබෙන ප්‍රතිචාර අනුව ඒක ඉගෙන ගනිමු පස්සෙ පෝස්ට් එකකින්.

එතකොට පට්ට කම්මැලි හොරුන්ට මෙන්න බඩුව. මොකුත් නෑ. බෙල්ලට තොන්ඩුව දැම්මා. ඇද්දා.



තව දෙයක්. මම හරි ආසයි ටයි සම්බන්ධ රසවත් සිද්දි, අකරතැබ්බ හෙම ගැන කමෙන්ට් කියවන්න. කල්පනා කරලා ලියමුකො එහෙනම් කමෙන්ට් එකක්.

 මෙම ලිපිය මුල් වරට මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ පල වූවකි.

මේ දිනවල ඔබගේ බ්ලොග් ලිපි කියවීමට ඉස්පාසුවක් නැත්තේ මේසන් බාස්ලාගේ හැසිරීම රටාව අධ්‍යයනය කරමින් සිටින බැවින් අන්තර්ජාලයේ කරක් ගැසීමට කාල වේලා සොයාගත නොහැකි බැවිනි. නමුත් "You are always on my mind"යැ.

133 comments:

  1. හික් ... හික් .... බෙල්ල නැති එකෙක් ටයි එකක් දාන් ඉන්ව මම මේ දැක්කමයි, ඒ උනාට ඔළුව නැති උන් නම් ඕන තරමක් මෙහේ ඉන්නව ටයි දාන, ලොකු ලොකු පුටුවල.

    මේසන් බාස්ලාගේ හැසිරීම රටාව අධ්‍යයනය කරල ඉවර උනාම අපිට ඉල ඇදෙන්න හිනා වෙන්න පුළුවන් පෝස්ට් එකක් වැටෙයි කියල හිතනවා. (මම හිතුවෙ අයියා රට වටේ ඇවිද ඇවිද ඇති කියල, ඔයා මේ බදාම කෝස් එකක් පටන් අරන්නේ)

    ReplyDelete
    Replies
    1. මම හැකි තරම් කෙටියෙන් හැමෝටම මොනවා හරි කියන්නම් බාස්ලා එන්න කලින්. යකෝ ලැපියත් හංගලා තියෙන්නෙ දූවිල්ලෙන් බේරාගන්න. මේක සර්විස් කලා විතරයි. ඇතුලෙ දූවිලි ග්‍රෑම් ක් විතර තිබුනයි කිව්වා අවුරුද්දම එකතුවෙච්ච.

      ඩීඩීටියා හැමදාම වගෙ අලුත් පැත්තක් දැකලා.

      මේසන් විතරක් නෙවෙයි. මෙකැනික්, එලයින්මන්ට් වගෙ ඔය අනිත් බාස් උන්නැහෙලා ගැනත් කතා එකතු කලා. හැබැයි හොඳ එව්වා නෙවෙයි. මල් පොකුරම පැනලා තියෙන්නෙ. ඒවා කියවලා උමලාටත් සංසාරෙ එපා වෙයිද දන්නෙ නෑ.

      Delete
    2. දවසේ කමෙන්ට් එක :)

      Delete
  2. මෙන්න මුන් මෙහේ ඩූඩ් අයියාව හොයා ගන්න පෝස්ටර් කැම්පේන් එකකුත් කරනවා.. මේයා ටයි දානවා.... අනේ මන්දා... ලංකාවට ආපු දවසේ ඉඳන් ඩුඩ් අයියගේ මොලේ මඤඤංද කොහෙද... ආපු ගමන් හම්බුවෙන්න ගිහින් තියෙන්නේත් නොම්මර එකේ මංඤඤං ඩබලක්‌නේ... හි හි

    ReplyDelete
    Replies
    1. හෆොයි ! ඒ අහිංසකයො ගැන ඔහොම ප්‍රසිද්ධියෙ ඇත්ත කියන එක හොඳ නෑනේ අපේ නෝනෙ.

      Delete
    2. කවුද මඤ්ඤං එවුන්? නලීන් ද, වෙනියාද? වයිල්ඩ් ලයිෆ් ගාමිණී ද , නැතිනම් කම්මලද?
      අපේ නෝනා!! හික් හික්!!

      Delete
    3. හිරු දැන්නම් අපිට මඤ්ඤං වගේ ;D

      Delete
    4. හිටපං හිරුවො උඹව උල තියනවා.....

      Delete
    5. ඔන්න හිරුවො උඩ නම් කිව්ව අපි හතර දෙනෙක්ම එනව ඔයාලගේ ගෙදර ඒ ඇවිත් මංඤං පෙන්නන්නංකෝ.

      Delete
    6. ඔන්න අපි ඕවට නෑ. :D

      Delete
    7. එන්ඩලා එන්ඩලා.. හැබැයි එනකොට කන්න බොන්න දේවල් අරගෙන එන්ඩලා..... හි හි...

      Delete
    8. කෑම හිරූ ගානෙ, බොන්න ගෙනිච්චහම ඇති. බයිට් එක හිරූ හදල දෙයි.

      Delete
    9. අපේ මහත්තයටත් හොඳට පොවමු මචංලා...

      Delete
  3. එල පාඩම..ඉස්කෝලෙදි කළා කිව්ව අමතර පාඩම් දෙකත් මරු. අපිටත් ඉඳහිට ඔහොම ගුරුවරු හම්බ වෙලා තියනවා. දන්නේ නැති ඕනෑම දෙයක් ඇහැව්වොත් පස්සේ වෙලාවක් දාගෙන හරි කියල දෙනවා.

    මොකද ඩුඩ් අයිය මේසන් බාස්ලා අධ්‍යයනය කර කර ඉන්නේ.. අර ලිස්ට් එක හයිලයිට් කරන්නේ නැද්ද.. මං හිතුවේ ගාමිණී අයියත් එක්ක ගිරිතලේ දිහා වත් ඇති කියල පේන්න නැතිකොට.

    ReplyDelete
    Replies
    1. මේකනෙ බස් චන්දන කේස් එක. අපේ බාත් රූම් අහවල් එකේ තියෙනවා 2006 ඉඳන් බිත්තියට හේත්තු කරලා තිබ්බ උපාංග. මේක දැකපු පංසල් හන්දියයි, නවමයි කිව්ව දෙයක් තමයි, "අනේ බං මේ ටික හයි කරගනිංකො මොන විදියෙන් හරි ඔය පොඩ්ඩක් මහන්සි වෙලා කියලා.

      මේ පාර යාන්තම් ඕන්න කට්ටිය සෙට් කරගෙන ඒක කරනවා. අරුන් දෙන්න කිව්ව නිසාම නෙවෙයි. ඒක කවදා හරි කලයුතු වැඩක් නිසා.

      ලිස්ට් එකට යනවා හැකි ඉක්මනින්

      Delete
  4. මම දන්නෙ එකම එක ටයි ගැටයයි.. ඒකට කියන නම මම දන්නෑ...හැමදාම ගහන්නෙ ඒක තමා.. හැබැයි.. හැමදාම හවසට ටයි එක ඇදලා ගැටේ ගලෝලම දානවා මිසක් ඔළුවෙන් පන්නන්නේ..එහෙමත් දවසක තමා..

    ඩූඩ් ඔය ටයි එක බෙල්ට් එක ගාවට ගානට එන්න හදා ගන්න මොකක් හරි කෙරෙමයක් තියේද ?

    // මගේ ජීවන දර්ශනය ‘හැම එකාම කියන දේට සාවධානව ඇහුම්කන් දීල මට ඕනැ දේ කරන එක’ //

    මගෙන් කොපි කලා වෙන්ඩ බෑ...

    ReplyDelete
    Replies
    1. //ඩූඩ් ඔය ටයි එක බෙල්ට් එක ගාවට ගානට එන්න හදා ගන්න මොකක් හරි කෙරෙමයක් තියේද //
      ඔන්න බං මටත් තියෙන ප්‍රශ්නෙ..???

      Delete
    2. බාස් උන්නැහෙලා ආවෝ. මම යනවෝ.පස්සෙ කියන්නම්.

      Delete
    3. @ වීපොකුරෙ වීයා-- ක්‍රමයක් තියනවා මහත්තයො තමන්ට ඔ්නේ දිගට වඩා වියතක් විතර දිගට අරගෙන ගැටේ දාන්ඩ පටන්ගන්ඩ
      එහෙම නැත්තං ඛෙල්ලේ ඉදලා තමන්ගේ අතේ මැද ඇගිල්ලට තියන දිගට අරගෙන ගැටේ දාගන්ඩ ආසන්න වශයෙන් හරියයි
      ඒ වගේම තමයි ඔ්ක දානකොට කලිසමේ ඉණ පටියට වඩා පාතට දිග තිබුණොත් ඒකෙන් කියන්නේ එයා කසාද බැදලා කියලා ඉණ පටියේ ඉහල දාරේ ගානට තිබුණොත් කියන්නේ බැදලා නෑ කියලා
      තමන්ගේ විදියට දිග හදලා දාගන්ඩයි තියෙන්නේ

      Delete
    4. හුම්..හුම්...බෙල්ට් එකෙන් ඉහල..පහල..අඟවන දේ නම් දනිමි..

      හැබැයි...බෙල්ල ව්ටේ ගන්න රවුම අනුව ....ඕය ඇජස් කිරීමේ පරහ එනව බං..!
      ඩූඩ් ඔය ගැටේ දාල තියෙන්නෙ..බෙල්ල ගාවින්මනේ ඒත් අපි දාන්නෙ පපුව හරියට අරන්නෙ..!

      Delete
    5. @haritha

      +++++++++++++++++++++++++++++++++++++

      Delete
    6. සෙන්නා මේකට මමත් හොය හොයා හිටිය උත්තර කීපයක්ම ඔය ලැබිලා තියෙන්නෙ. පහල Alexander Cage දාලා තියෙන ක්‍රමයත්, මෙතන කියලා තියෙන ක්‍රමත් මමත් අත්හදා බලන්න ඉන්නෙ.

      Delete
  5. මේක හරිම වැදගත් හෙන්රි අයියේ. බුක්මාර්ක් කරලම තියාගත්තා.
    ඒ වගේම අර උඹ උඩින්ම කියලා තියෙන ජීවන දර්ශනේට මාත් හරිඅම කැමතියි..අවවාද අනුශාසනා ඔක්කෝම දොහොත් මුදුන් දීලා අහගෙන ඉදලා මගේ රිද්මෙට වැඩේ කරනවා.හිතින් මෙන්න මෙහෙම රණස්ගල්ලේ හාන්දුරුවන්ගෙ ලෝකෝපකාරෙ කවියත් කියාගෙන
    ඔවා දෙනු පරහට --තමා සම්මතෙහි පිහිටා සිට
    දුසිරිත් දනන් දෙන ඔවා වැද්දන් කියන බණ වැනී
    හැබැයි මචං ඊට පස්සේ අර ඇත්තන්ගෙ මූණබලන්න මොකද්දෝ වගේ ගතියක් තියෙන්වා ටික දවසක් යනකම්.

    ReplyDelete
    Replies
    1. එහෙමමත් අප්සෙට් නෑ රතු. ඔය අවවාද දෙන සමහරුන්ට පස්සෙ මතකත් නෑ තමන් දීපු අවවාදේ මොකක්ද කියලා හුඟ වෙලාවට. :D

      Delete
  6. නියම පාඩම ඩූඩ් අයියේ. මට නම් ඕක කරගන්නම බැරි වැඩක්.මට ටයි එක දාන් ගමනක් යන්න ඕන වෙන වෙලාවට ඕක ගටගහන්නේ තාත්තා හරි නංගිලා හරි.දාපු ටයි ගලවන්න ගිහින් තව ටිකෙන් බෙල්ල හිර වෙලා මැරෙන්න තිබණු අවස්ථාත් තිබුණා. :)

    ReplyDelete
    Replies
    1. හම්මෝ... දිවි පරදුවට තියලා අඳින ඇඳුමක්ද මේක?? ඉතින් ඉෂාන් අර කම්මැලියන්ටම ගැලපෙන ready made neck ties තියෙන්නෙ එකක් zipper හෙම හයි කරපු.

      Delete
  7. මෙන්න ඩුඩී මාමගේ එල වැඩ මාත් ඕක දන්නෑ නොවැ අලෝනවා මේක අල්මාරිය පිටිපස්සේ

    ReplyDelete
    Replies
    1. ඉතින් ජිංජියො මේක ප්‍රැක්ටිස් කරපංකො ටයි පොල්ලක් හොයාගෙන.මේක ඒ හැටි ගේමක්යැ!:)

      Delete
  8. හප්පොච්චියෙ ආමි එකේදී ටයි පොල්ල දාගන්න දන්නේ නැත්නම් 'බඩුමැ' තමයි. ආමි එකේ දඬුවමක් තියනවා kit changing parade කියලා. ඔන්න එක නිල ඇඳුමක නමක් කියලා කියනවා ඒක ඇඳගෙන වර කියලා. කාලයේ දෙන්නේ මිනිත්තු 5 ක් විතර. ඒක ඇඳගෙන ආව ගමන් කියනවා අහවල් ඇඳුම කියලා. ආයේ දුවලා ගිහින් ඇඳගෙන එනවා. ඔය අතරේ ෆුල් සූට් එකත් කියනවා. එතකොට සපත්තුත් මාරු කරන්න ඕනේ. ටයි ගැටේ වැරදියි කියලා දඬුවම දෙන නිලධාරියා ඉදිරිපිට නැවත ගැටගහන්න කියනවා. අන්න ඒක බැරි වුනොත් රෑ එලි වෙනකල් බඩු බඩු බඩු බඩුම තමයි.

    ටයි ගැට මූලික වශයෙන් හතරක් තියනවා.

    1. ෆොර් ඉන් හෑන්ඩ් නොට්
    2. ප්රැට් නොට් (මේ ලිපියේ පෙන්නලා තියන එක)
    3. හාෆ් වින්ඩ්සර් නොට්
    4. වින්ඩ්සර් නොට්

    වින්ඩ්සර් නොට් එක දාන්නේ ඔය ඩූඩ් වගේ නාකියෝ. අපි වගේ කොල්ලෝ තමයි ප්රැට් නොට් එක දාන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වයස 45 සහ ඊට වැඩි අය තමයි බටහිර රටවල නම් වින්ඩ්සර් නොට් එක දාන්නේ.

    බෙල්ල ගලෝලා යන තව නොට් එකක් තියනවා ඒ තමයි නිලධාරී නිවස්න සාදා වලදී අඳින බෝ ටයි එක. එක නිකම් පටියක් වගේනේ. එක ගැට ගැහිල්ල බෙල්ල කපාගෙන මැරෙන්න හිතෙන වැඩක්.

    මෙන්න මෙතනින් ගිහින් ටයි ගැන ගොඩක් දේවල් බලන්න පුළුවන්.

    http://www.tie-a-tie.net/index_var08.php?utm_expid=45461285-0&utm_referrer=http%3A%2F%2Fwww.tie-a-tie.net%2Findex_var08.php


    http://www.youtube.com/results?search_query=how+to+tie+a+tie&oq=how+to+tie+a+tie&gs_l=youtube.3..0l10.6913.12511.0.14724.16.10.0.6.6.0.343.1745.1j8j0j1.10.0...0.0...1ac.1.J-FFnsezswY


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හුටා... මං ඉස්කෝලෙ යන කාලෙ ඉඳල ගහල තියෙන්නෙ වින්ඩ්සර් නොට් එක... :-/

      Delete
    2. @ අහ වලා...,

      :D :D :D

      Delete
    3. කොහොමද විචාරක මහත්තයෝ පැරඩි කිට් එක ගහල Auld Lang Sung බීට් එකට තාලෙට යනකොට...

      Delete
    4. එහෙම යනකොට අපි කියන්නේ නෙලුම් කොලේ උඩ කොරවක්කා යනවා වගේ කියලා :D :D :D

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    5. ඔන්න විචාරක මහත්තයාට පුළුවන් ටයි පැළදීමේ නිවැරදි ක්‍රමය ගැන ලියන්ඩ..

      Delete
    6. ස්තුතියි විචාරක ඒ ලින්ක් වලටත්. දැන් නම් යන්නෙ නෑ.මේ බදාම කෝස් එක ඉවර වෙලා බලමු.
      අරක Auld Lang Syne නේද වීයා?

      Delete
    7. අඩෝව්. නම වරද්දන්න එපා හරිය... ඒක ක්‍රම කිහිපයකට තියෙනවා. ඔය බීට් එකට විචාරක මහත්තයල වගේ අය දියතලා කදවුරෙන් නික්මෙන අවසාන මෙහෛතේ ඇතට තියෙන පඩිපෙල බැහැගෙන බැහැගෙන යන විදිය හරිම සංවේදියි..

      Delete
  9. මට ටයි පොල්ල උවමනා උනු ගමන් කරන්නේ ඩෝං ගාලා යූ බටෙන් වීඩියෝ එකක් අරගෙන ගැටේ දාගන්න එක,,ගැට වර්ග සෑහෙන ගානක් තියනවා නේ,,,ආයේ ටයි පොල්ල ඕනා වෙනකොට ඉස්සල්ලා එක අමතක නිසා ආයෙත් බටේ බලනවා

    ReplyDelete
  10. ගෑණු ලමයි(ඉස්කෝලෙ යන) දාන ගැටේ වෙනස් වෙන්නෙ අර දෙපාරක් වටේ ගන්න එක එක පාරක් ගන්න එක නේද..?

    ReplyDelete
    Replies
    1. ඔය මඟුල් ටයි එක මට සෙට් උනේ අන්තිම අවුරදු 2දි .. අවුරුදු 2දි ම මගේ ටයි එක දැම්මෙ අපේ නංගි.... හපොයි... බකල් එක කොච්චර ලේසිද.....

      Delete
    2. කරකපපු ගෝතමි ගවුමට මොන ටයි ද හෙන්රි. එක ඉතිං අහල පහල අපේ කොල්ලන්ටම හදපු ගවුමනේ. අපේ මහත්තයා වහවැටුනෙත් ඔය කර උඩින් බලන්න ගිහින්නේ.

      Delete
    3. ඉස්කෝලෙ ලමයි දාන්නෙත් ඔය ටයි ගැටේම තමයි නේද? අර එල්ලගෙන යන දුම්කොල නැට්ට දාන්නෙ නැතිනම්...


      Delete
    4. පොඩි කාලේ දුන්කොල නැට්ටේ ටයි එක දැම්මට හයෙන් පස්සේ ..අපි නිදහස් . අපේ අක්කා පොඩි රැලි ගවුම මැදලා . ටයි එක දාලා යද්දී ..මන් නම් ස්ටුස් ගාල ගවුමට බැස්සා ගියා .

      Delete
  11. //මම එදාට මගෙ ලඟ තියෙන ටයි කලෙක්ෂන් එකම අරං ගිහින් කොල්ලන්ට දීලා ටයි ගැටේ ගහන එක ගැන ප්‍රායෝගික පාඩමක් කරනවා. මේ දිහා අනිත් ගුරුවරු වපර ඇහින් බලපු අවස්ථාත් අනන්තව තිබ්බා.//

    එහෙම නැතුව පුළුවන්ද මේක ලංකාවනේ

    ReplyDelete
    Replies
    1. මෙන්න මේකට මේල් එකක් එවාපං අටං.

      Delete
  12. Replies
    1. මාත් ආසයි ඔය සෑට් එකට.

      Delete
  13. ඩූඩ් නම් කළේ සෑහෙන සේවයක්...
    අපේ උන්ද චිරාත් කාලෙකට කලින් දාපු ගැටෙත් එක්ක ටයි පොල්ල එල්ලිලා ඉන්නව කබඩ් එකේ තාම... ඒක හොලවන්නවත් දෙන්නෑ... ඒ ගැටේ ගහගන්න වින්ද දුක දන්න එයා විතරලු... මේක පෙන්නන්න ඕන...

    ඉස්කෝලෙ යන කාලෙ මං අපේ තාත්තට මගුල් ගෙදරක යන්න ටයි එක දාන්න ගිහින් බෙල්ල හිරවෙලා අන්තිමට අම්ම දුවගෙන ඇවිත් ටයි එක කැපුව කොලර් එකේ පිටිපස්සෙන්... තිබ්බ එකම ටයි එකට කෙලවිච්චි පාර තාත්ත මගුල් ගෙදර ගියේ ටයි එක නැතුව... තාත්තගෙ ඔෆිස් එකේ අයගෙන් තාත්ත විතරයි ටයි එක නැතුව ගිහින් තියෙන්නෙ... අනිත් උන් අහනවලු කෝ බං ටයි එක කියල... තාත්ත විස්තරේ කියපු පාර මට ආයෙ කාලෙකට තාත්තගෙ ඔෆිස් එක පැත්තෙ යන්න බැරි උනා...

    ReplyDelete
    Replies
    1. අඩේ මෙන්න මියුරු නින්දෙන් නැගිටලා ඇවිත්!!!

      ටයි ගැන කතා ඔය තියෙන්නෙ. :D

      Delete
    2. අද මම වැටෙන්ඩ බොනවා... අපේ මියුරු අක්කා නැගිට්ට සන්තෝෂෙට.. ඇන්ටිපා... :-)

      Delete
    3. ඇන්ටිපා බිව්වට අවුලක් නැතිවෙයිද සෙන්නෝ.... :D

      Delete
  14. අපේ කන්තොරුවෙත් එක්කෙනෙක් ඉන්නවා මිනිහටනම් මරු පොස්ටුව

    මේන්න මම ටයි ගැන ලියපු කතාවක් හැබැයි ටයි ගැට ගහන හැටි නම් නෙමෙයි. ටයි ගැටේ නිසා අමාරුවෙ වැටුන කතාවක්.

    …පොස්ටුව බලද්දි අර Paying it forward ගැන කියපු හන්දා ඒ ගැන මම ලියපු පොස්ටුවකුත් දාන්නම් මෙතන කමක්නෑ නේ? කතාවේ නම "මෙන්න පිරමීඩයක්!"

    ReplyDelete
  15. ඩුඩේ අපි මේ එකෙක් හොයනවා බං. උඹ පොඩ්ඩක් දැක්කොත් කියපං.. මේකා අල්ලපියව්!!!

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙයන් දේශකයා. මට ජාලෙ පැත්ත පළාතෙ එන්න බැරි වුනා.
      මම දැනුයි ඒක කියෙව්වෙ ඕං. උඹට බොහෝම පිං මා ගැන හොයලා බැලුවට. ඒකෙ තියෙන විස්තර වලට මාත් හොල්මං වුනා බං...:D

      Delete
    2. අඩේ මේකා මේ ලියල තියෙන්නේ අපේ ඩුඩ් උතුමාණන් ගැනද හප්පේ දේශකයෝ දාන මගුලක් තේරෙන්න දාන්න එපැයි

      Delete
  16. සිලාවටමමටත් තාම ඔය ගැට කෙරුවාව බෑනේ...හදිස්සියකට හරි ඕනි උනොත්එක්කො අම්මගේ පිහිට නැත්නම් යාළුවෙක්ගේ පිහිට..

    ReplyDelete
    Replies
    1. අනේ බං තරුවා, කම්මැලි නොවී මේක එක පාරක් කරලා බලාපං. මේක හරිම ලේසි වැඩක්.

      Delete
  17. අන්න වැඩේ...මම නම් ඕක දැකලා තියෙනවා අනන්තවත්. වෙඩිමකට යන්න කටිය සෙට් වෙද්දී හුඟක් අය ටයි පටිය අතේ ගෙනත් තව කෙනෙකුගේ සහය පතනවා ...ටයි ගැටය ගහන්න දන්නෙ නැතුව...

    පින්තූර නම් එකක්වත් මම පේන්නෙ නෑ ඩූඩ්..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.

      ඒක නෙවෙයි ළිහිණි. එක පින්තූරයක්වත් පේන්නෙ නෑයි කිව්වා?

      පුදුමයිනෙ!

      Delete
  18. මන් නම් මේ ගැන මුකුත් කියන්නේ නැහැ . අදාළ උදවිය මේක බලයිනේ ...හික් ..අපේ කෙල්ලන්ට පෙන්නන එකයි මගේ රාජකාරිය ...හා හා

    අපේ ළමයා ට්‍රිප් එකක් ගිහින් තාත්තට ටයි එකක් ගෙනාව ..ඕක දන්නේ නැහැ කියල වලි.

    ReplyDelete
    Replies
    1. මෙතන නොකියූ කතාවක් කියවෙනවා වගෙ. පවුලේ විහිලුවක් නේද?

      Delete
  19. නියමයි ඩූඩ්.
    මටත් කරගන්නම බැරි දෙයක් තමයි ඕක. අපිත් ඉතිං වෙඩිමකට සෙට් උනොත් විතරයිනෙ ඕක දාන්නෙ.

    බාස්ලගෙ හැසිරීම් රටාව ඉගෙනගෙන දෙමු බාස්වැඩෙත්.

    ReplyDelete
    Replies
    1. හා අයියේ අපි අහිංසකියි හොදේ///

      Delete
    2. ඉතින් කරලා බලමුකො ප්‍රසන්න.

      බාස් වැඩ මම කොහොමත් කරනවා ප්‍රසන්න.

      Delete
  20. ඔය ටයි එක අපිට මොකටද උන් ටයි එක දැම්මේ සීතලෙන් ඛේරෙන්ඩ අනේ ඉතිං ඉංග්‍රීසි කාරයෝ දාගෙන ආපු ටයි එක වැදගත් කියලා තමයි අපේ එවුන් හිතාගෙන ඉන්නේ උන් සීතලට ටයි දානවා අපේ උන් ටයි පොල්ල දාගෙන තැම්ඛෙනවා

    ReplyDelete
    Replies
    1. දැන්නම් ඕක දාගෙන ඉඳලාම මට නම් එහෙම හිතෙන්නෙත් නෑ හරිත.
      මමත් එක තැනක කියෙව්වා, ඕක වහල් යදමක් කියලා.

      Delete
  21. අද වෙනකම් මම ජීවිතේට ටයි පොල්ලක් එල්ලගෙන නෑ. හෙහ් හෙහ් ඒත් අද හෙටම ඕනේ වෙන ලයින් එකක් තියෙන්නේ. දැන් නම් කාටවත් සෙකන්ඩ් වෙන්නේ නැතුව මේක කියවලා ප්‍රැක්ටිස් වෙලා දාගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. "Practice makes perfect," කියලා කිව්වා නේද බෙයින්ස්බ්‍රිජ් ලොක්කත්!:D

      Delete
  22. මම මේක අනෙක් බ්ලොග් එකෙන් දැක්කද කොහේ සෑහෙන්න වටිනවා මම බලපු මුල්ම දවසේ හිතාගත්ත ට්‍රයි එකක් දෙනවා කියල කම්මැලි කම කෝරලේ කමටත් වැඩිය ලොකුයි කියනවනේ තාමත් ටයි එකේ ගැටේ දාන්නේ බනියට කියල තමයි. ගෙදර ඉන්නකල් අම්ම හරි තාත්ත හරි. ඕ ලෙවල් කාලේදී තමයි හරි හැටි ලෙස එකක් ගැටගහගන්න සැට් උනේ. හිකිස්...........

    ReplyDelete
    Replies
    1. කම්මැලියා. උම අර කෝට් එක තාම හේදුවෙ නැති එකානෙ.

      ඒක නෙවෙයි ලොක්කා. උඹ හිරුවාට කියලා කේක් එකක් හෙම හදන්න ගියාද?

      Delete
    2. හප්පේ නැහැ. ඒ පොස්ට් එකේ මගේ සායම ගලවලා දාලා අයියෝ සල්ලි අයියේ. මේ ගැහැණු කියන ජාතිය ඉන්නවා නේද ලඟින් ගියොත් ඇහැක් නැහැ. නෑ කම පුළුවන් තරම් කාන්තා පාර්ශවයෙන් ඈත්වෙලා ඉන්න තරමට ඇඟට ගුණයි. අනික් එක අයියේ කේක් හදන්න යන්න කලින් අර කොල්ල හොයන දැනගන්න ඕනේ ඒකා ඉන්ජෙක්ෂන් කීයක් ගැහුවද කියලා. ඇයි මේ ලලනාවන් සංගමේ එකාව බයිට් කලා කිව්වේ.

      Delete
  23. උඹ ලංකාවට ආවද?

    ReplyDelete
    Replies
    1. හෑ බොල තෝ දැන්ද නැගිට්ටේ...

      Delete
    2. ඔව්නෙ බං. ඒ වුනාට අර නිරුවත් කඳවුරේ මදුරුවා වගෙ පට්ට බිසි.:D

      Delete
    3. සිරාවට ඩුඩේ ඒ කෑල්ල මට අමතක උනානෙව. නැත්නං දෙනව බොට හිල්වෙන්නම

      Delete
  24. මටත් ස්ටයිල් 2 කට ටයි දාන්න පුළුවන්. හබැයි මම ටයි දාන්නෙ නෑ.ඩෙනිමයි ටී එකයි තමා හැම දේකටම. කලාතුරකින් තමා මට ටයි එකක් ඕන වෙන්නෙ.ඒත් හෙන්රිට වගේම වෙන උන්ට ටයි දලා දීමේ කොන්ත්‍රාත් හම්බවෙනවනෙ.ඒව කරලා දෙන්න එපායැ......

    ටයි එකට වඩා මට අල්ලලා ගියේ අර "ලාම්පු කණගාටුව" කියන වචනෙ...

    ReplyDelete
    Replies
    1. මගෙ ප්‍රියතම ඇඳුමත් ඒකම තමයි. නමුත් අපිට ටයි ඇඳීම අනිවාර්‍යයි.
      කොහොමත් ඒක මට පේන්න බැරි ඇඳුමක් නෙවේ.

      Delete
  25. මමත් මුලින්ම සම්මුඛ පරීක්ෂණයකට යනකොට නැන්දාට කියල ටයි ගැටේ ගහ ගත්තේ . ඔබ මාව ඒ අතීතයට ගෙන ගියා . අපිට කොහෙද ඩූඩ් සර් ගේ ටයි ලෙසන්ස් . මම අහල තියෙන විදියට අර ගැටේ මැද රැල්ල තියෙන්න ඕනේ ලු කර පලල හැට්ටේයකින් පෙනෙන්නා වගේ

    ReplyDelete
    Replies
    1. JP, සමහර ටයිවල ඒ ‍රැල්ල නිකම්ම ලස්සනට එනවා. ඔය ටයි එකේ අමාරුයි.

      Delete
  26. Replies
    1. යේ කතාව හරි ලොකු අයියේ.. ගෑන්නුන්ට ගැට දෙක උනාට ගැනු ගැටේට ගැට එකයි, පිරිමි ටයි ගැටේට ගැට දෙකක් දාන්ට ඕන. දාන්නකෝ නිකං ඉන්න එකේ පහක්ම...

      Delete
    2. අනේ මන්දා කකා. අපි නම් කිව්වෙ සිංගල් නොට් කියලා.

      Delete
  27. කොල්ලන්ට වැදගත් ලිපියක් ඩුඩ්....

    අපි ඉස්කෝලේ යන කාලේ නම් ටයි එක ඇන්දා. ටයි එක ගහන්න දන්නවා වුනාට මට මාරම කම්මැලි වැඩක් තමා ඕක . ඒ නිසා සතියකට පාරක් වගේ තමා අමුතුවෙන් ගහන්නේ. නැත්තන් බෙල්ලෙන්ම ගලවල තියනවා. හික්....

    ReplyDelete
    Replies
    1. සමනළී අපි හිතුවෙ නෑ කෙල්ලො මෙච්චර කම්මැලි ඇති කියලා ඒ කාලෙවත්.

      Delete
  28. කලින් කියෙව්වනේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹ කම්මැලියා.
      ඊට පස්සෙ කරනම් ගැහුවේ නැද්ද, රජා.
      හපෝයි අර පෝං එක.

      Delete
  29. ගොඩබැස්සනම් නම්බර් එක එවාපන්....

    ReplyDelete
    Replies
    1. එවන්නං බුද්ධි. මටත් මතක නෑ, චෙක් කරලා බලලා එවන්නම්. සමහර වෙලාවට ෆෝන් එක වැදුනත් ඇහෙන්නෙ නෑ බං පාරෙදි.

      Delete
  30. ඔය මම පොඩි කාලේ දාගෙන හිටපු ගැටේනෙ, ඔයිට වැඩිය ලස්සන ගැටයක් ගැන post එකක් දාන්ඩකො, නිකම් මොල්ඩිවුස් ගැටයක් ගැන , මෙහෙට වැඩිය එහෙ ගැට වෙනස් ඇතිනෙ.::::::::::::::( උන් ඔරු ගැටගහන්ඩ එහෙම දාන අමුතු ගැට )

    ReplyDelete
    Replies
    1. මේ නොට් එක සරළයි කම්මල. අනිත් ඒවා දාන්නම් පස්සෙ. හුඟාක් වෙලාවට ජනප්‍රිය මේ නොට් එක තමයි.
      ඒ ඒ කාලෙට ජනප්‍රිය මොකක්ද කියලා දැනගන්න පුලුවන් CNN, BBC වගෙ චැනල් එකකක් නිව්ස් රීඩර්ස්ලා දාන් ඉන්නෙ මොන නොට් එකද කියලා බලලා.

      Delete
  31. සුට් දෙයක් එකතු කරන්න අවසර දෙන්න. මම ටයි ගැටේ ගහන්නේ කන්නාඩි මුකුත් නැතුව. මම කරන්නේ ෂර්ට් එකේ බට්න් ගානට මිනුමක් ගන්නවා. ටිකක් දිග ටයි එකක් නම් ෂර්ට් එකේ උඩම බොත්තමේ ඉඳල (කොලර් බට්න් එක නෙවෙයි) බොත්තම් දෙකක් පහලට (උඩ ඉඳල තුන්වෙනි බොත්තම ලඟට) ටයි එකේ කෙටිම කොන (හීනි කොන) තියලා ගැටේ පටන්ගන්නවා. ගානට ටයි එකේ උස එනවා ගැටේ ගැහුවාම. නැතිනම් කෙටි ටයි වලට තව බෝත්තෝ එකාමාරක් උඩින් කෙටි ටයි කොන තියල පටන්ගන්නවා. වැඩේ හරි.

    ඔය ටෙක්නික් එක එක එක්කනාගේ උසේ හැටියට සුළු සුළු වෙනස්කම් වලට ලක්වෙනවා. ඒත් ඒ අඟල් භාගයක් විතර එහා මෙහා වීමක්.(වැඩිපුරම අඟල් භාගයක් අඩුවෙන් යන්න වගේ) ඒත් මේ වෙනකම් වැඩේ අත්හදා බලපු ඔක්කොම ලයිව් ස්පෙසිමන්ස් වලින් කියන්න පුළුවන් ඒ වැඩේ සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. ඔයා ඉගෙන ගෙන තියන ක්‍රමේ බොහොම හොඳයි ක්සැන්ඩර්. මම ඔය විදිහට කන්නාඩියකින් නොබලා ටයි එක දාන්න ඉගෙන ගත්තේ ආමි එකෙන්. අදටත් මට ඇහිපිල්ලන් ගහන වේගෙන් ටයි එක දාගන්න පුළුවන්. මේ ළඟදී මගේ ඥාති පුත්‍රයෙක් ඌ මනමාලයා වූ දවසේ මගේ ලඟට ආවා ටයි එක ගැට ගහගන්න. මම ඌට ලස්සනනට ටයිඑක ගැට ගහලා දීලා පවුමේ ටයියෙක් වගේ ඉන්න එපා මේවත් ඉගෙන ගනින් කිව්වා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    2. හැබැටම පවුමේ ටයියෝ කොයි වගේද.

      Delete
    3. ඕනේ එකටයි එපා එකටයි ඔක්කොටම වනලා අන්තිමට වණ කරගන්නවා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    4. Alexander Cage, මේක මාත් අත්හදා බලන්න ඕනෙ. බොහෝම ස්තුතියි ඔත්තුවට. :)

      Delete
    5. @ විචාරක: විචාරක මහත්තය අර අනිත් ටයි ගැට ගැන ටිකක් ලිව්වනම් නරකද? ඔය පිලිවලට අඳින පළදින වැඩ ගැන කොහොමත් හමුදාවේ ඇත්තෝ ටිකක් ඉස්සරහින් ඉන්නවනේ.

      @ ඩුඩ් : බලන්න බලන්න. වැඩේ පුරුදු වුණාම විනාඩි දෙකක්වත් යන්නේ නෑ ටයි දාන්න.

      Delete
    6. සැන්ඩර් මලයා ඒක තමා මගෙත් ගැටේ..

      Delete
    7. ඔය තියෙන්නේ... එල එල!!!

      Delete
  32. //වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්න බබාලන්ත බුවාලා මෙහෙ වරෙල්ලා// මාත් දන්න සමහරු අම්මට කියල තමයි ටයි එක දාගන්නෙ. මං මේ කල්පනා කලේ හැමදාම වගේ ටයි දාල වැඩට යන පිරිමි අයත් ටයි එක දාන විදිහ දන්නෙ නැතිකොට, ඉස්කෝලෙ යන කාලෙවත් ටයි දාපු නැති ගෑණු අය පිරිමින්ටත් මේ ඩූඩ් අයිය කියල තියෙනව වගෙ පිළිවෙලට ටයි එක දාල දෙන්න දන්නෙ කොහොමද කියල :)

    මං බැලුවා ඩූඩ් අයිය පහුගිය ටිකේ වැඩිය පේන්න හිටියෙ නැත්තෙ ඇයි කියල. බරටම වැඩ වගේ :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Chams මම මේ නම මෙහෙම ලියන්නෙ, මේක සිංහලෙන් කියන්නෙ චාම්ස් කියලද චෑම්ස් කියලද කියලා මට ෂුවර් නැති නිසායි.
      මේ දවස්වල සිය රට දේ සිරි සැපදේ.

      Delete
  33. හරිම වැදගත් ඩූඩ් :)
    ගොඩක් වටිනවා. කෝකටත් කියල බුක් මාක් එකකුත් දාගත්ත මමත්. මම දන්න විදියට මේක ගෑනු ගැටේ, ඉස්කෝලෙ යනකොට විශේශ අවස්තාවලදිනේ ටයි දාන්නෙ. ඉතින්පිරිමි ගැටේ දාන්න දන්න කෙනා පස්සෙ අනිත් හැම එකාම දුවනව. ඒක මීට වඩා මහතයි. පොඩි උන්ගෙ ටයි මදි ඒක දාන්න, ටිකක් දිග එකක් ඕනි. ඒක ගහන හැටිත් ඉක්මනටම දාන්න :)

    ReplyDelete
    Replies
    1. හරි සමී, ඒක දාමු. ඇත්තෙන්ම ඒක ලොකු වැඩියි සමහර ටයි වලට. තව හාෆ් වින්ඩ්සර් කොට් කියලත් එකක් තියෙනවා.

      Delete
  34. හෙනරි අයියේ දැන් අපි මේ බ්ලොග් තුනෙන් මොකක්ද බලන්න ඕනෙ.. මට නම් මඤ්ඤං වෙලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒකට මොකක්ද කියන්නෙ කියලා මට තාම හිතාගන්න බෑ හරී. :D කම්මැලිම නම් ඩෙනිම බලාපංකො.

      Delete
    2. ඔව් ඔව් මුගේ ගද ඩෙනිම.. මම බලන්න ගත්තේ රාජ් හින්දා..

      Delete
  35. ටයි පාඩම වගේම ඩූඩ් අර ඇප්ලිකේෂන් පාඩමත් කරන්න. එය බොහෝ දෙනකුට වැදගත් වේවි. අඩුම තරමින් එවැන්නක් හොයන කෙනෙකුට කියන්න හරි පුළුවන් ඒක.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්. ඒක හොඳ අදහසක් නලීන්. එහෙම කරන්නම්.

      Delete
  36. මං ඉගෙනගෙන තියෙන්නෙ අර පට්ට කම්මැලි හොරුංගෙ ටයි ගැටේ :) ඒකවත් දන්න හින්ද හොඳයි ඉතිං...

    ReplyDelete
    Replies
    1. එළ! ඒ වුනාට පරිකල්පන, ඒක සමහර කොලර් වලට හරියට හිටින්නෙ නෑ නේ?. ටිකක් අප්සෙට් වෙනවා ෂේප් එක.

      Delete
  37. මං ලඟ්කදි ගත්තා ෂර්ට් එකක්. එමරල්ඩ් වෙන්න ඕන මයෙ හිතේ. ඒකත් එක්ක පොඩි ප්‍රින්ක් කරපු ටැග් එකක් තියෙනවා ටයි ගැටේ ගහන විදිහ ගැන. මං ඉස්කෝලෙ ගිය කාලෙ කොහොමත් විශේෂ උත්සවයක් තිබ්බොත් ටයි 40-50ක ගැට දාලා දෙන්න වෙනවම තමා. අපේ ඉස්කෝලෙ ටයි දාන්නේ වැදගත් උත්සව දවසකට විතරයි. ඉතින් පොඩි උන් ලොකු උන් කියල භේදයක් නැතුව හැම එකාටම ගැටේ ගහලා දෙන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි, මම තාත්තගෙ ෂර්ට් එකක තිබිලා ඔයවගෙ ටැග් එකක් අරන් තියාගෙන හිටියා.

      Delete
  38. මම අද තමයි හරියටම දැනගත්තේ ටයි එකක් දාන හැටි.කලින් මාත් එක එකාට සෙකන්ඩ් වේවි හිටියේ.හෙන්රි බුදු වේවා.

    සර්ගේ කතා විලාශය දැන්නම් නියමයි උත්කෘෂ්ටයි.හරියට සරම් අඳින ගුරුවරයෙක්ගේ වගේ.

    ReplyDelete
    Replies
    1. කවුරු හරි ගොඩයනවා නම්, එය මගේ පරම සතුටයි. මේ මගේ අලුත් කතා විලාශය නෙවෙයි නිශාන්, මේක පරණම එකක්.

      Delete
  39. පෝස්ට් එකේ නම දැක්ක හැටියේ ඔක්කෝම වැඩ නවත්තලා බෲස් ගාලා දුවගෙන ආවා... පෝස්‍ට් එකත් සේව් කර ගත්තා.. ඩබල් නොට් එක දාන හැටිත් ඕනා. පුළුවන් නම් ඩූඩ් වීඩියොවක් එක්කම
    // ගහපු ටයි ගැටය ටයි පොල්ල දිරාපත් වී කන්ඩෙම් වනතෙක් දිවිහිමියෙන් ආරක්ෂාකර ගන්නා වූද// ඔය මම ගැන නෙවි නේද කිව්වේ. මම ගාව තියන සමහර ටයි ගැට නම් එච්චර පරණ නෑ. ඕනනම් මාස 6-7 ඇති. ඇරත් ඉතින් ඕවා හැමදාම දාන එකක්යැ. හදිසියකට නම් මොනාහරි කරලා ගැටයක් ගහගන්න පුළුවන්. ඒත් ඒක කොලිටි නෑ. දවසක් තොටි ගැටේ ගැන අනුකම්පා හිතී හිත උණුවුන යාලුවෙක් කිවා. මචන් උඹේ ටයි ඔක්කෝම ගෙනැත් දීපන් මම ගැට ටික දාල දෙන්නම් කියලා. බලමුකෝ ගැට කලාව ප්‍රැක්ටිස් කොරලා...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම තොටී මේක පරන පෝස්ට් එකක්. මට මේ දවස් වල පෝස්ට් එකක් ලියාගන්න තියා කමෙන්ට් එකකට රිප්ලයි එකක් ලියාගන්නවත් වෙලාවක් නැති තරම් බිසි. නමුත් මේක දානකොට මට තොටියාවමයි මතක් වුනේ. එතකොට MOH. ඇයි :D

      Delete
  40. මම නං ඕක ගැට ගහන්ඩ ඉගෙන ගත්ත. හැබයි ඕක බඳින්න නම් මට කිසිම කැමැත්තක් නැත. එකක් අපහසුය. අනික ඩබල් චින් පෙනේ. අනිත් එවුන්ට ගැටගසා දෙන එක පොර සේ කලෙමිය. ජාතික ඇඳුමට ජය වේවා. බඩටයි, බෙල්ලටයි දෙකටම පහසුය.

    ReplyDelete
  41. duda මාමේ බොහොම ස්තූතියි ටයි කෙරුවාව ගැන කියලා දුන්නට ,
    මොකෝ මේ දවස් වල ගෙදරට තව කෑලි බෑලි සෙට් කොරනවයි ?
    ටයි ගැටේ දාන තව විදියක් තියෙනවද "Rolling " ද මොකක්ද එකක් ?

    ReplyDelete
  42. මම නම් ටයි දාලම නෑ. දැම්ම තියලා දැනගත්තු එක හොඳයි.

    ReplyDelete
  43. තවම බැරිය මේ වතාවේ උත්සාහ කොරනවාය. ඉස්සර උවමනාවක් නොදැනින. ඒ මම රස්තියාදු කාරයා නිසාවෙනි. බැන්දාට පසුව නිතරම ඕන උනද ගැටලුවක් නොවීය. ඒ මායියා ලඟ සිටිනා නිසාවෙනි. මෙහෙ ඉන්න ටිකේ මේවැඩේ පුරුදු වෙලා ගියොත් නියමයි නේද අයියන්ඩි. ගෙදර උන්දැටත් කොකා පෙන්නන්න පුලුවන් යේ.........!

    ReplyDelete
  44. ඊයේ දාපු ගමන් ෆෝන් එකෙන් බැලවා. කමෙන්ට් බලන්න ඕනි. දැන්නම් වෙලාවක් නෑ. හෙට එන්නම්.

    හැබැයි හෙන්රි අයියා මේ කරන වැඩේට මගේ බවලත් විරෝධය. ඇයි යකෝ අල්ලපු ගෙදර නංගි ගාවට ගිහින් මූණ ගාවටම වෙලා, සුසුමින් උණුසුම් වෙමින් ටයි ගැටේ ගස්සගන්න තියෙන චෑන්ස් එකත් නැති කරනවනේ මේකා. ග්ර්ර්ර්ර්..

    ReplyDelete
  45. blogwalker ගුරු භවතෙක් බව දැනගත්තේ අද ..ටයි ගැටේ නම් ඉතින් අපට හුරුයි :)

    ReplyDelete
  46. I saw the title of your post and thought that it would be something interesting. My guess was correct. It is really funny to see the ignorance of even grown men when it comes to wear the tie.One of my cousin brothers was unable to go to the church on time on his wedding day because there was no one to tie his tie for him. So he called another cousin who was somewhere else at that moment and went to church very late.The bride was in tears and the priest was very, very angry as there were other couples waiting for their weeding masses. All asked the reason for being late bur he couldn't say it but stammered. It was highly amusing. We all laughed until tears came. You could have seen the face of the bridegroom at that time!

    ReplyDelete
  47. මටත් ඉස්කෝලෙට පින්සිද්ධ වෙන්න ටයි ගැටේ නම් පුළුවන්.
    හරිම වටින පෝස්ට් එකක්!

    ReplyDelete
  48. ඉස්සර ලංකාවේ වැඩ කරන කලේ ඔෆිස් ගිහින් තමයි උදේට ටයි පොල්ල ගැටගහන්නේ. ඒක ගැටගහලා ගෑණු ලමයෙක් ලඟට ගිහින් අහනවා 'දිගද, කොටද' කියලා...එතකොට ගෑණු ලමයා දිගයි කියලා කිව්වොත් 'යකෝ මං ඇහුවේ ටයි එක ගැන...චිකේ බලන ඒවා" කියලා කියනවා..කෙල්ල බැන බැන යනවා..කොටයි කිව්වත් ඒකම තමා අහ ගන්නේ....:-)

    ReplyDelete
  49. නියම පෝස්ට් එකක් අන්කල් :)

    ReplyDelete
  50. සුට්ටි කාලේ ඉඳලම මගේ ඉක්කොලේ ටයි එකත් දාන්න මං ඉගෙන ගත්තා. අයියට හැමදාම වැඩට යද්දී ටයි ඒක දැම්මේ මං.. ඔන්න මං එයාටත් මේ ලින්කුව දුන්න. (දැන් එයා මෙහෙ නැති නිසා ටයි දාල පගාව ගන්න වෙන්නේ නැති නිසයි ලින්කුව දුන්නේ.. නැත්තං දෙයි මං ;) )
    ස්ටයිල් කුක්කා.. සෝයි නම අප්පා.. හිකිස්..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  51. මට එක දවසක් ජංජාලෙට එබෙන්න බැරි උනා.. මෙන්න යකෝ මේකා නිවාඩු කාලෙ ලියලා.. නොදකින් ටයි ගැට.. ඔය තොන්ඩුවෙන් ගැලවෙන දවස බලන් මං ඉන්නේ.
    අඩු ගානෙ කතා කලා මදැයි.. හම්බ වීම කෙසේ උනත්..

    ReplyDelete
  52. හෙහ්... මගෙ මුල්ම කොළඹ ඉන්ටර්වීව් එක තිබුනෙ එයිට්කන්ස්පෙන්ස් කොම්පැණියෙ. ඔය කොම්පැණිය තියන වොක්ෂෝල් ස්ට්‍රීට් එකේ හුලඟ හරි සැරයි එදා. ඒක හන්දා මම ටයි එක බෙල්ල වටේ කරකවල ෂර්ට් සාක්කුවෙ දාගෙන ගියේ. අඳෝමැයි, ටයි එක සාක්කුවෙන් එලියට ගත්තෙ ඉන්ටර්වීව් එක අහවර වෙලා ආයෙම පාරට බැස්සට පස්සෙ. හොඳම වැඩේ කියන්නෙ ඉන්ටර්වීක් කරපු උන් දෙන්න ඒ වගක්වත් පෙන්වන්නෙ නැතුව ප්‍රශ්ණ අහපු එකනෙව.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>