Sunday, September 8, 2013

92. යකුනේ,රෙදි ඇඳගෙන පාරේ යන්න අපිටත් ඉඩ දීපියව්...

උම්බලකඩ වාඩිය යැයි අපහාසත්මක අනවර්ත නාමයෙන් බොහෝ ශ්‍රී ලාංකිකයන් හඳුන්වන මාල දිවයිනත් සමඟ ක්‍රීඩා කල ලංකා පාපන්දු කණ්ඩායම ගෝල් 10-0 ක අන්ත පරාජයක් හිමිකරගෙන  මාල දිවයින් පා පන්දු ඉතිහාසයේද වාර්තාවක් පිහිටවූ දිනට පසු දින, පාපන්දු ලෝලීන් වූ  මාල දිවයින් වැසියන්ට මුහුණ දීමේ අපහසුවකට මුහුණ දීමට අපට  සිදුවිය.  


වාසනාවකට මෙන්, මේ දිනවල විභාග (Mock Exam) පැවැත්වෙන නිසා, පාපන්දු පිස්සන් වන මගේ ගෝලයන් සමඟ කතා කිරීමක් නොමැති වීම, මගේ ඉමහත් අස්වැසිල්ලට හේතු විය. 

නමුත් ඒ පැය කීපයකට පමණි. 

වෙනදාට බුම්මාගෙන යන ආයතන ප්‍රධානියා මා දු‍ටු වහාම සිනාමුසු මුහුණින් ලඟට පැමිණ. "ඊයේ මොකද වුනේ?" යයි. විමසූ විට මට කල හැකි වූ එකම දේ  වූයේ, "We are not a football nation like you guys. We are cricket people," යයි පවසා ජාම බේරාගැනීමය.

මුහුණු පොතේ වරක් දු‍ටු "Boss is like a diaper. Always behind you and full of SHIT"යන කියමන සිහිපත් කර හිත හදාගන්නට තැත් කලත් එය එතරම් සාර්ථක නොවීය.

යම් ජන කොට්ඨාශයක් නියෝජනය කරන්නට සිදුවීම නම් විටෙක මහත්ම අබග්ගයකි. ඒ මුලින්කී  අපහසුව අප වින්දේ අප මෙහි ශ්‍රී ලංකාව නියෝජනය කරන බැවිනි. ශ්‍රී ලංකාව පමණක් නොව, ගුරු පරපුරද නියෝජනය කිරීම මහාම ඛේදවාචකයකැයි නැවත හැඟුනේ අන්තර්ජාලයේ ගොසිප් අඩවියක පලවූ පුවතක් දැකීමෙනි.

'පමා නොවී වැඩෙහි යෙදෙනු' යන්න තේමා පාඨය කර ගත් පාසැලක ප්‍රධානියකු වූද, ධර්මයට දාසයකු වූද,  දරුවකු එක වසරට ඇතුලත් කර ගැනීමට මවකගෙන් 'පමා නොවී' ලිංගික අල්ලසක් ගන්නට ගොස් දැලට හසු වූ පුද්ගලයා නියෝජනය කරන්නේද, මා නියෝජනය කරන ගුරු පරපුරම නොවේදැයි සිතන විට ඇතිවූයේ ඉමහත් ලැජ්ජාවකි.

'අපි පොලීසියට බැන්නාට, හැම පොලිස් කාරයාම එහෙම නැතැයි' යන කියමනට අනුව යමින්, හැම ගුරුවරයාම එහෙම නැතැයි කියා හිත හදාගන්නට  උත්සාහ කලත්, හෙට තවත් එකෙකු ඔය වගේම  පාහර වැඩක් කර හසු නොවේයයි කාට නම් කිව හැකිද?

පුතාට නො ඇසෙන සේ පහත් හඬින් මේ 'පාහර කතාව' බිරිඳට කී විට, ඇය දුන් පිළිතුර මා වික්ෂිප්ත කරවීය.

"ඇයි අනේ ඔයවගේ වැඩ වලට තාත්තලා නොගිහින් මේ අම්මලවම යවන්නේ? ඔය කාලකන්නි හැත්ත, තාත්තලගෙන් ජරාවක් ඉල්ලුවොත් මිසක, ඔය වගේ ඉල්ලීමක් කරන්නේ නෑනේ."

'විදුහල්පතිවරුන්ගෙන් අම්මලාව බේරාගමු' යයි කරන විරෝධයට මගේ බිරිඳගේ මේ ක්ෂණික ප්‍රතිචාරය සෑහෙන හොඳ පිළිතුරක් නොවේද?


 ඇයගේ ප්‍රකාශය ගැන ඔබ කියන්නේ කුමක්ද?

ප ලි: මමත් සිසු-දෙගුරු-ගුරු (අනුපිළිවෙල කෙසේ වෙතත්) හමු වලට, ඔය තුන් පැත්තම නියෝජනය කරමින් සහභාගී වී ඇත්තෙමි. දෙමාපියන් හැටියට, පියෙකු සහභාගී වන්නේ එහෙමත් පවුලකින්ය. ඇත්තෙන්ම ශාලාව පිරී ඇත්තේ මව් වරුන්ගෙනි. ඇතැම් විට ‍රැස්වීමට සහභාගී වන එකම පියා මා වන අවස්ථා මම අනන්තවත් දැක ඇත්තෙමි.


 Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.


124 comments:

  1. පුංචි කාලයේ ඉදන්ම මගේ පාසල් අධ්‍යාපනයේ බාරකරුවා වශයෙන නිතර පිටුපසින් සිට්යේ මගේ පියා. ඇත්තටම ඒක මේ වගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය හැකි සිම්පල් ප්ලෑන් එකක්.

    ReplyDelete
    Replies
    1. අඩෝ හෙන්රි බස් රේඩියෝවෙන් අපේ ඇල්කෙමි අද එනව තොපිට බැරිද 8.30 ට එන්න.

      Delete
    2. ඇත්තෙන්ම සිම්පල් ප්ලෑන් එකක් රතූ. අර නිවාඩු කේස් නිසා කැපිටල් කරගත්තට, එහෙම නොකරොත් වෙන්නේ කැපිටල් පනිෂ්මන්ට් එකටම යන්නයි අන්තිමට.

      @කෙන්ජි: මචං පස්සේ ඕකේ ඕඩියෝ එක අප්ලෝඩ් කලාම ඩවුන්ලෝඩ් කරලා අහනවා. අපිට තියෙන්නේ බොහොම සීමිත ඩේටා ප්ලෑන් එකක් සහ උග්‍ර අර්බුදයක්. ඉතින් මේ දවස්වල ඔය යූ ටියුබ් වීඩියෝ අනං මනං මොකුත් නෑ. ඩේටා ඔන් කලා. පේජ් එක ලෝඩ් කලා. ඩේටා ඕෆ් කලා. කියෙව්වා. උඹට කියන්න මේ කමෙන්ට් දාන්නෙත් ඩේටා ඔන් කලලා පේජ් එක ලෝඩ් කරලා, ඩේටා ඕෆ් කරලා, ඔක්කොම එකට ලියාගෙන ආයෙම ඩේටා ඔන් කරලා දාගෙන දාගෙන ගිහින්. ඉතින් කොහොමද බං බස් රේඩියෝ අහන්නේ? :)

      Delete
    3. බොට බනින්න නෙමේ මේක කිව්වෙ
      හැකි අයට අපේ ඇලා එක්ක සෙට් වෙන්න.

      Delete
    4. පව් දුප්පත් මිනිස්සු.. මම කිව්වේ උඹ්බලකඩ රට ගැන..

      Delete
    5. කරවල වාඩිවල ඔහොම තමයි...

      Delete
  2. හෑබෑව හෑබෑව මමත් අනිවර්යෙන්ම ගැනි යවන්නෙ මමත් යන එකකට විතරයි.නෑත්තම් මම යනව මොනවෑඩෙ තිබුනත්.වෙන මුකුත් නිසා නෙමෙයි ඉක්මනින් තිරනයක් ගන්න පුලුවන් මම ගියොත් නිසා

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ්. ඉක්මන් තීරණ කිව්වට, උඹ අදහස් කරන්නේ නිවැරදි තීරණය වේගයෙන් ගන්නවා කියන එක බව මට තේරුනා දමිත්.

      Delete
  3. / "ඇයි අනේ ඔයවගේ වැඩ වලට තාත්තලා නොගිහින් මේ අම්මලවම යවන්නේ? ඔය කාලකන්නි හැත්ත, තාත්තලගෙන් ජරාවක් ඉල්ලුවොත් මිසක, ඔය වගේ ඉල්ලීමක් කරන්නේ නෑනේ." /

    ඔන්න නෝන මහත්තුරු හුඟක් හිතාගෙන ඉන්නෙ එහෙම තමයි.....හෙහ්, හෙහ්,

    හැබැයි මෙතන මේ යස්සය නං කලිං තාත්තගෙං සල්ලිත් ඉල්ලල...තාත්ත සල්ලි දෙන්ටත් පොරොන්දු වෙලා...අරාබි රටවල නීතිය ක්‍රියාත්මක කරන්න ඕන මචං නැත්තං වැඩේ හරියන්නෙ නෑ...ප්‍රසිද්ධියේ...ප්‍රසිද්ධියේ....

    Mock exam = පෙරහුරු විභාග

    අර පිළියන්දල වලක බැහැල මැරිච්ච කට්ටඩියත් ගුරුවරයෙක්. අම්මප ගුරු වෘත්තියට ගිය කලක්...

    ගුරුවරු කරන ඔය වාගෙ වැඩ වැඩ ගැන හිතල හිත කළකිරවගන්ට එපා බං.එහෙම වෙන්නෙ සාපේක්ෂව ගුරු ගහණය වැඩියි. ඒ නිසාම ඔය රටේ නැති අසනීප කාරයො, සල්ලාලයො ඔතන ඉන්නව. ඉතිං උන්ට චාන්ස් එකක් ආහම දෙනව දොඹෙං..

    ෆුට්බෝල් ගැනනං කතාකරල වැඩක් නෑ බං..අර අපි දන්න කාලෙ ඉඳල ඕකට අරක්ගෙන ඉන්න ගෙවලයො ටික එලවල දානකල් කවදාවත්ම ලංකාවෙ පාපන්දු ක්‍රීඩාව නං දියුණු වෙන එකක් නෑ.

    මාලදිවයිනට 10 - 0, ඇෆ්ඝනිස්තානෙට 3 - 1 පැරදිල යන්තං භූතානෙත් එක්ක මැච් එක තලාගත්ත 5 - 2.... :(

    ඒත් ඇස්වහක් කටවහක් නෑ මම හිතන්නෙ මාසෙකට ලක්සවලිම්ම අටක්ද කොහෙද ගෙවනව දැං ඉන්න බ්‍රසීලියන් කෝච්ට....

    ReplyDelete
    Replies
    1. පහලින් වෙනියත් ඔය දේම කියලා තියෙනවා දැක්කා බං, මුං ඒත් විශ්වාස නෑ.
      ස්තුතියි බං 'පෙරහුරු විභාගෙ'ට.
      හැම වැඩක් ගැනම කළකිරෙන්නේ නෑ මචං, නමුත් ඉඳලා හිටලා මේවගේ ඉවුරු කඩාගෙන යන කේස් වෙනවා. ඇත්තෙන්ම මටත් ලැජ්ජා හිතුනා මාත් ගුරෙක් නේද කියලා. නමුත් උඹ කිව්ව කතාවෙන් සෑහෙන සහනයක් දැනුනා, තවමත් උඹලා වගේ හිතන උන් ඉන්න එක ගැන සිහිවෙලා.
      ඔව් මචං. අපේ ෆුට් බෝල් ගැන කතා නොකර ඉම්මු. අපි විහිළුවට කියන දෙයක් තමයි, මෙහෙ එවුන්ගේ ඔලුවේ තියෙන්නේඔ F අකුරු තුනක් විතරයි කියලා. එකක් ‍ෆිෂිං, අනික ෆුට්බෝල්, අනික උඹට හිතාගත්තෑකිනේ. :))

      Delete
  4. එක හරකෙක් වට කඩුව පලියට හරක් රැලටම තලන එක අපේ මිනිස්සුන්ගේ පුරුද්දක් නේ ඔය අපහසුතාවයට පත් වීමේ සිද්දිය ඩුඩ් අයිය මූණ දීල තියෙන්නේ එක පාරයි මම නම් ලංකාව පරාද වෙන හැම මැච් එකේම ඔය පරිප්පුව කනවා.

    ReplyDelete
    Replies
    1. මැච් එක නම් කමක් නෑ කියමුකො කෝරළේ මහත්තයෝ. අර දෙවෙනි කතාව!

      Delete
    2. ඒ ගැන කතාකරලා වැඩක් නැහැ අයියේ මෙලෝ රහක් නැති එවුන් මේ ලෝකේ ඉන්නවා නමුත් උන් වරදක් කලාම හැමෝම දිහා ඒ විදියට බලන එක ලංකාවේ නම් නවත්වන්න අමාරු වේවි කාලයක් යනකම් මොකද අපේ මිනිස්සු තාම මනසින් එතරම් දියුණු උදවිය නෙවෙයි

      Delete
  5. ඉතින් අනික් පැත්තට අහන්නකො කෝ ඔයි තමුසෙලාට එක සැරෙන් ජනාධිපති කෙනෙක් තෝරාගන්න බැරුව ආයෙත් ඡන්දේ තියන්න වෙලා නේද කියලා. (යකෝ ඔය කාට හරි වැඩ කරලා ජනාධිපති උපදේශක කමක් ගන්න බලපන් හැමදාම ඔය ඉස්කෝලෙම කොට කොටා ඉන්නේ නැතුව) හෝම් ගිහින් අනාගතේදී කියන්න වෙයිද දන්නේ නැහැ We are neither Football Nation nor Cricket but ඇටබෝල්' කියලා.

    ReplyDelete
    Replies
    1. //"We are neither Football Nation nor Cricket but ඇටබෝල්' කියලා."// +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මේක වුනේ ඡන්දෙට කලින්නේ විචාරක. නැතිනම් අහන්න තිබ්බා තමයි. අම්මපා ඔව්ම නේන්නම්. මේ නිකං ඉස්කෝලෙ කුරු‍ටු ගාන වෙලාවේ, අන්න ඒ වැඩේ ගොඩදාගත්තොත් කල්ල මරේ! :D
      Yes! We are ඇටබෝල people!

      Delete

  6. දීපාගේ කතාව ඇත්ත. ඔය ගුරු දෙගුරු හමු වලට පියා එන්නේ අඩුවෙන් තමයි.ඇයි ඒ ?

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපනය කියන්නේ ගෑනුන්ගේ වැඩක් හන්දා වෙන්නැති. මෙහෙ එකෙක්ගෙන් මම ඇහුවා ඇයි තාත්තා ආවේ නැත්තේ කියලා ඔය PTS meeting එකට. "තාත්තා එන්න බෑයි කිව්වා, එයාට ජොග් කරන්න යන්න තියෙනවා කියලා," කොල්ලා කියාපි!

      Delete
  7. ඔය මැච් එක පැරදුන කියල බය වෙන්න එපා අපි මෙහෙ සමහර වෙලාවට සිංහල කියන්න බය වෙලා ඉන්නවා යුද්දය පැරදුනාට මල පැනලා ඉන්න දෙමල කෂ්ටියට....... කොටින්ම මපර මෙහෙ සිංහල අව්රුද්ද තිබ්බෙත් නැ ඔය මම කියපු හේතුව නිසා

    ReplyDelete
    Replies
    1. යකෝ මැලේසියාවේ වෙලත් එහෙම සීන් එකක් තියෙනවද? ඔන්න තමිල්නාඩුවේ නම් කමක් නෑ කියමුකො. :-O

      Delete
  8. මෙහෙමයි පියා ලව ගුරු දෙගුරු රැස්වීම් වලට යවන්න නම් බැරියෑ..ඒත් තාත්ලාටවත් බේරිලා ඉන්ඩ ඇහැක් වෙයි කියලා හිතනවද හෙන්‍රි ?

    ReplyDelete
    Replies
    1. ඔව් මචං. බාලිකා පාසැලකට දුව දාගන්න දැන්ම ඉඳං යනවා එනවා කියලා රාමා 'මට හිතෙන හැටි' එකේ කමෙන්ට් එකකට කියලා තිබ්බා. උඹ අදහස් කලේ ඒක නෙවෙයිවත්ද මන්දා. :-?

      Delete
  9. ඒ උනාට ඕකෙ බදාගෙන ඉන්න නිලධාරි රොත්තක්ම ඉන්නව, එකෙක් කැමති නෑ අතාරින්න. කොරන බිබික්කමකුත් නෑ. ආශ්චර්යලන්තෙ පුඃක් බෝල් !

    ReplyDelete
    Replies
    1. ගෙවලයො හන්දා තමයි හුඟක් දේවල් වලට කෙලවෙලා තියෙන්නේ DDT.

      Delete
  10. ඔය අපේ ටීම් එක පුහුනු කරන්නේ බ්‍රසීලෙන් ගෙනල්ලා,ඔය මැච් එකේ වීඩියෝවක් මම බුකියේ දැම්මා,,මාරයා නම් කිවුවේ ඌට ඔයිට වඩා හොදට පුහුනුවක් දෙන්න පුලුවන් කියලා, මොකෝ කියන්නේ අපේ ටීම් එක මාරයට දෙමුද?
    මාලෙ ටීම් එක ඔය තත්වෙට ගෙනාවෙ අපෙන් ගිය පුහුනු කාරයො කියලා මම අහලා තියනවා

    ReplyDelete
    Replies
    1. හැබෑමයි ඩිලාන්, ඕක ඔන්න ඔහෙ මාරයට දීලා දාමු.
      උඹ කියන කතාවේ මොකක් හරි ඇත්තක් ඇති කියලා මට හිතෙනවා. සම්පත් වගේ නමක් තියෙන කවුරු හරි මේ ටීම් එකට පුහුණු කලාද මන්දා. :-?
      ඇයි බං, අපේ ක්‍රිකට් ලෝක කුසලානේ දිනපු වෙලාවේ. අපි ඕස්ට්‍රේලියාව පරද්දනකොට අපිට හිටිය පුහුණුකරුවා ඕස්ට්‍රේලියන් නේද?

      Delete
    2. මම හිතන්නේ සම්පත්ලාටත් ඉස්සෙල්ලා රූමි පකීර් අලි කියලා අපේ බුවෙක් හිටියා කියලා මතකයි.

      Delete
  11. මම නං ඉස්සර ඉස්කෝලේ යන කාලේ ඔය රැස්වීම් වලට අප්පච්චි එක්කගෙන යන්න හරි මනාපයි! මොකෝ වැඩි ප්‍රශ්න නෑ... ලකුණු සංසන්ධන නෑ.... :D

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව නාඩියා, එතන ජීවන විවරණයක් තියෙන්නේ. Man of few words! :))

      Delete
    2. අපේ බොසා නම් අම්ම මුත්තා කාලේවත් ඇවිත් නෑ,එන්නේ අම්ම තමයි. එයාට ඉතින් සසදන්න දෙයක් නෑ මගේ ;) තිබ්බ දාටත් සසදන්න යන්නේ නෑ.. වාසනාවන් මට නම් :D

      Delete
  12. ඩූඩ්ට මතකද දන්නේ නෑ ,මම කෙටි කතාවක් ලිව්වා ඔය ගැන අලුත් ඉස්කෝලේ කියලා. මේකත් තව ටික දවසක් යනකොට සාමාන්‍ය දෙයක් බවට පත්වෙයි ඩූඩ් ,මොකද මේ රටේ වෙන හැම පාහර වැඩේම අවසානයේ ලංකාවේ නීතියෙන් සම්මත වෙනවානේ.

    මාලදිවයිනට 10 - 0 ලෙසට පැරදුනේ අපේ ටීම් එකද කියලා හිතෙනවා, ක්‍රීඩකයන්ට වෘත්තීය තත්වයක් දුන්නම මෙහෙම වෙන් එකයි පුදුමේ, එත් මතකද අපි සාක් රන් කුසලානය දිනපු කණ්ඩායමක්, එදා කැප්ටන් රොෂාන් ,පස්සේ කාලෙක අපේ කෝච් වෙලත් හිටියා ....මෑන් ඕෆ් ද සීරීස් අමුනුල්ලා ....මාර මැච් එක තාම මතකයි අතිරේක කාලේදී අමුනුල්ල ගහපු ගෝල් එක

    ReplyDelete
    Replies
    1. මම ඒක කියවලා දාපු කමෙන්ට් එක මතකද?

      >>කියෙව්වා බං. නමුත් මෙතන යන කමෙන්ට් දැක්කාම දැන් මට හිතෙනවා වැ‍රැද්ද මගේවද්ද කියලා. :-O <<

      දිනනවා පරදිනවා කියන එක සාමාන්‍ය දෙයක්. නමුත් මේක නම් දරාගන්න අමාරුයි බං.

      Delete
  13. තව ටික කාලෙකින් තාත්තල ගියාමත් නැවෙන්නෙයි කියන විදුහල්පතිවරු ඒවි... ඇයි ගොඩක් උන් සුදුසුකම් වලින් ඔතනට යන උන් නෙවෙයිනෙ :(

    ReplyDelete
    Replies
    1. දැනටත් එහෙම්න උන් ඉඳීවත්දෝ කියලා කියන්න බෑ බං.

      Delete
  14. බස් රේඩියෝවෙන් අපේ ඇල්කෙමි අද එනව තොපිට බැරිද 8.30 ට එන්න.

    ReplyDelete
    Replies
    1. එදා කෙමියට සිග්නල් නැතුවගියානේ

      Delete
  15. මෙහෙමයි ඩූඩ්..කාරනා කිහිපයක් තියේ.
    මුලින්ම උඹට අවංකවම...ගුරෙක් කියල කිව්වම හිතට මෙව්ව එකක් ඇතිවෙන්නෙ..අල්පයක් තරමෙ ඉන්න අවංකවම ගුරු රස්සාව කරන,වෘත්තියට ගරු කරන.ඒකෙන්සමාජයට යහපතක් කරන්න කැපවෙන උන් අතරෙ එකෙක් උන නිසයි.

    අනික ඇත්ත මා සහබාගී වෙලා තියෙන ඉස්කෝල.සභාවලදි අත්දැකපු දේ..මව්වරු වැඩිපුර ඉන්න බව තමයි.
    නමුත් අද තියෙන සමාජ ,ආර්ථික වටපිටාවත් එක්ක කොහොමද දවසක් නිවාඩු දාල යන්නෙ ඔයවගේ ‍රැස්වීමකට.
    හැබැයි දරුව පාසලට ඇතුලත් කරනව වගේ අති විශේෂ අවස්ථාවකට තාත්තට සහබාගීවිය හැකිනම්හොඳයි තමා.

    කාරනා බොහෝ ගනනක් නිසා..රජයේ බොහෝ තැන්වලට කාන්තාවන් යවන්න අපහසු,බය ගතියක් තමා තියෙන්නෙ.
    පොලීසිය,ඉස්කෝලෙ............ඕය අතරින් විශේෂයි.ලංකාවෙ දූෂිතම ආයතන දෙක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වීයා. නමුත් හදිස්සියේ මැරෙන්න වුනොත්, හිරේ යන්න වුනොත් ඔය රස්සාව දාලා යනවා නේද? සල්ලාලකම් වෙන තැනකට, වෙන්න හැකි තැනකට, වෙන බවට ප්‍රසිද්ද තැනකට ගෑණි යවනවද, දවසක් නිවාඩු දානවද? අනික ගෑණි සල්ලාලකමේ නොගියත්, තමන්ගේ ගෑණිට තව එකෙක් එහෙම ආරාධනාවක් කලොත්, ඒක ඉවසගෙන ඉන්න පුලුවන්ද?

      තවත් එකක්, දැන් ගෑණු අයත් වැඩි දෙනක් රස්සාවක් කරනවා නේද?

      Delete
    2. එහෙම බලනකොට මම හොද තාත්තෙක්නේ බං හෙන්රියෝ , මම කවදාවත් ඉස්කෝලේ අතුගාන්ඩවත් අටමිව අරින්නේ නැනේ

      Delete
    3. කවුද කිව්වෙ අටමා නරක තාත්තෙක් කියලා? :)

      Delete
  16. පාසැලට ලමුන් ඇතුලත් කිරීමේදී මෙන්ම පාසලේ අධ්‍යාපනය අවසාන වන තුරුම ලමුන්ට සහ දෙමාපියන්ට මුහුණදීමට සිදුවන නොයෙකුත් අකටයුතුකම්, අපහසුතාවයන් ගැන අහන්න දකින ලැබෙන අවශ්ථා හරිම සුලබයි. මේ අතරින් ඉතාමත්ම පහත් අසන්නටවත් නොලැබිය යුතුදේ ගුරුවරුන් හා ටියුෂන් ගුරුවරුන් අතින් සිදුවීම ඉතා කණගාටුවට කාරනයක්.

    ඩුඩ්... මාලදිවයිනේ දරුවන්ට අපහසුවකින් තොරව පාසැල් තෝරාගැනීමේ අවශ්ථාව තියෙනවාද? (ඔහේ ජනප්‍රිය පාසැල් සංකල්පයක් සමහරවිට නැතිව ඇති මම හිතන්නේ)

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම කණගා‍ටුවට හා ලැජ්ජාවට කාරණයක්.

      ජනප්‍රිය පාසැල් සංකල්පය තිබ්බත් මෙහෙම rat race එකක් නෑ. මම වැඩ කරන ඉස්කෝලේ තියෙන්නේ ඈත පළාතක, නමුත් හැම පහසුකමක්ම තියෙනවා.

      Delete
  17. විළි ලැජ්ජාවෙ බැරුව ගියා මචං පැරදුනු පැරදිල්ලට...නිකං ගමක ටීම් එකක් වගේනෙ බං.
    මම නං කවදාවත් බිරිඳ ඉස්කෝලෙට යවල අත හෝදගෙන හිටියෙ නෑ මමම ගියා.

    ReplyDelete
    Replies
    1. අර මැච් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ.

      අන්න ආදර්ශමත් පියවරු. :)

      Delete
  18. ඒ දවස්වල අපේ තාත්තා රැස්වීම්වලට ආවම ප්‍රශ්න අඩුයි.මටත් ලේසියි....

    ReplyDelete
    Replies
    1. ආ ...කියන්න බැරිවුනා .අපේ අය්යා වැඩකරන්නේ නේපාල්වල.තමන්ගේ රටේ කණ්ඩායම එන නිසා ජාතික කොඩියත් අරගෙන හුරේ දාන්න මිනිහත් ගිහින් තිබුනා.ග්‍රවුන්ඩ් එකටම ලංකාවේ පොරකට [කණ්ඩායමත් එක්ක ගිය අය සහ තානාපති කාර්යාලයේ අය හැර ]ඉදලා තිබ්බේ මිනිහා විතරයි.මැච් එක අන්තිමේදී මුනත් වහගෙන ආවේ කිව්වා.....

      Delete
    2. උඹත් නාඩියා වගේ.

      අන්න අයියට ඒක නියමෙට තේරෙන්න ඇති. පව් උඹලෑ අයියා.

      Delete
  19. ඇතැම් විට ‍රැස්වීමට සහභාගී වන එකම පියා මා වන අවස්ථා මමද දැක ඇත්තෙමි.

    ReplyDelete
  20. මීට අවුරුදු කීපෙකට කලින් ලංකාව එකම එක වතාවක් ඉන්දියා ටිම් එක පැරැද්දුවා.. ඒම දියුනුවෙමින් හිටිය පුබ්බෝල් ටීම් එකට මේම උනානේ දෙයියනේ :(

    ReplyDelete
    Replies
    1. මාලුවා අල්ලගත්තට පස්සෙ මොකටද රජතුමනි දැල කිව්වලු.

      Delete
  21. //ඇතැම් විට ‍රැස්වීමට සහභාගී වන එකම පියා මා වන අවස්ථා මම අනන්තවත් දැක ඇත්තෙමි.//

    අපිට විදුහල්පති තුමා කිව්ව කතාවක් මතක් වෙනවා.සිස්සත්ත පොඩි උන්ගේ රැස්වීමක් තිබ්බොත් ළමයින්ට වඩා අම්මලා ඉන්නවා පවුල් පිටින් උස්සන් ඇවිත්, ඕලෙවල් උන්ගේ එකකදී ඕක සෑහෙන්න අඩු වෙනවා,උසස්පෙළ ඇඩ්මිෂන් දෙන දවසට අම්මලට එන්න කිව්වට බේතකට අම්මෙක් හොයාගන්න නෑ. ට්‍රිප් එකක් යද්දී තාත්තෙක් හොයාගන්න පට්ට අමාරුයි,රැස්වීමක පිරිමි මූණක් පේන්න තියෙනවා නම් ඒ හැමදාම හැම අවුරුද්දෙම එන තාත්තෙක් තමයි.අඩුම තරමේ ආදී ශිෂ්‍යයෝ වුන තාත්තලවත් ඉස්කෝලෙට ඇවිත් නෑ.මගේ ළමා මනසට තේරෙන්නේ තාත්තලාට වැඩනේ ඉතින් කියලා විතරයි,හැබැයි වෙලාවකට හිතෙනවා ඇත්තටම ඒක විතරද හේතුව කියලා.. මේ පොස්ටුවේ වැඩියෙන්ම මට හිට් උන තැන තමයි මම මේ කිව්වේ..

    සර් හෙන්රි ගුරුතුමාට තව දුරටත් ඩූඩ් අයියේ යයි කීම කැපද කියා විමසා සිටිනු කැමැත්තෙමි(සියුමැලි මල් හිනාව හා සුර දූත මූණ දක්වමින්):D

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කියන්නේ ශිෂයත්වේ අම්මලගේ විභාගේ, අපොස සාපේ අම්මලගේ තාත්තලගේ විභාගේ, අපොස උපෙ තමයි තමන්ගේ විභාගේ කියලා.

      තාත්තලට වැඩ කියන එක අදට ගැලපෙන ප්‍රකාශයක්ද? ඇයි අම්මලත් රස්සාවල් කරනවනේ. රස්සාව කරන තැනට වුනත් මට අද ළමයගේ ඉස්කෝලෙ ‍රැස්වීමකට යන්න තියෙනවා කියලා නිවාඩුවක් ඉල්ලුවාම ඒක කැපවීමෙන් වැඩ කරන පුද්ගලයෙකුගේ ඉල්ලීමක් හැටියට පිළිගන්නවා බොහෝ විට. තමන්ගේ පවුලට කැප නොවෙන එකා වෙන මොකකටවත් කැපවෙයි කියලා විශ්වාසයක් තියාගන්න පුලුවන්ද? මේ මට හිතෙන හැටි.

      මම උඹේ ගුරුවරයා නොවන නිසා උඹ ඩූඩ් කියාපං නිකම්ම. උඹ හැංගිලා හිටිය කාලේ මම මේ ගැන හෙන තඩි කමෙන්ට් එකකුත් ලිව්වා බං මගේ බ්ලොගේ, මට ඒ තැන් හොයාගන්න බෑ. හොයාගත්තාම ලින්ක් එක දාන්නම්. උඹ ඔය සර් කෑල්ල නම් කියන්න එපා මොකද මම උඹ වගේ නයිට් වරයෙක් නෙවෙයි.

      >>මල් හිනාව හා සුර දූත මූණ දක්වමින්<< නෙද්දකිං! :)

      Delete
    2. //රස්සාව කරන තැනට වුනත් මට අද ළමයගේ ඉස්කෝලෙ ‍රැස්වීමකට යන්න තියෙනවා කියලා නිවාඩුවක් ඉල්ලුවාම ඒක කැපවීමෙන් වැඩ කරන පුද්ගලයෙකුගේ ඉල්ලීමක් හැටියට පිළිගන්නවා බොහෝ විට.// ඇත්ත කතාව ඩූඩ් අයියේ, අපේ අම්මයි අප්පච්චියි දෙන්නමත් වැඩ කළා,අප්පච්චි පැන්ෂන්
      (60 පනිනකන් ඉඳල ගත්ත එකක් නෙවේ අර යු.ඇන්.පී. එක මහවැලි අධිකාරියට දුන්න "වරප්‍රසාදේ")අරන් එයා ගෙදර උන්නත් හැමදාම ආවේ අම්ම තමයි.ඉස්සරම කාලේ නම් එකම ඉස්කෝලේ ඇතුලේ නිසා පහසුවක් තිබුනා. හැමදාම අම්ම ආවේ නිවාඩුවක් දාලා ඒ හේතුව කියලා. ඉස්කෝලේ කෙල්ලෝ ටික මට වඩා ලොකුයිනේ කියන මගේ චෝදනාවෙ හැටියට ඒකත් මදැයි. හැබැයි මං එහෙම කියනවා කියලා අම්ම ගිහින් මාව ඉස්කෝලේ වණ කරන එක තමයි ලෙඩේ. නොකියන දෙයක් නෑ එක පාරක් නූඩල්ස් එක උණුවෙන් ඔඩොක්කුවට හලාගෙන මම පුච්චගත්තේ කොහොමද(මොකද්ද) කියලත් කියල තිබ්බා. උන් ෆිට් මට වඩා අපේ අම්මට.ඊරිසියයි :'( රස්සාව හරියට කරන එක හොඳයි තමා, ඒත් ඉතින් මේ මං ගැනත් හිතන්න එපැයි!

      අම්මට සිරි! නයිට්වරයෙක් කියල අෆහාස කරන්න එපා! මං මුස්ලිම්,ඔය නයිට්ලට උන්න හතුරා මං! (හීනෙන් නන් දොඩවමින් ටයිප් කලෙමි)

      Delete
    3. අපි නං සර් නොකියන්නෙ අපිට ඉගැන්නුවෙ නැති හින්ද නෙමේ.. එක ළමයෙකුගෙ හරි ඇස්පාදන ඕනිම ගුරුවරයෙක්ට (ශිශ්‍යන් වරදකට පොලඹවන්නෙ නැති) කටක් ඇරල සර් කිව්වට පව් නෑ.. ඒත් සර් කියන වචනෙ තුල ළෙන්ගතුබව මදි.. අන්න ඒකයි අපේ ඩූඩ් අයියට අපි ඩූඩ් අයිය කියන්නෙ සර් නොකියා ^_^

      Delete
    4. ස්තුතියි සමී. :)

      Delete
  22. ඊයේ අපේ බැංකුවේ පාපන්දු කණ්ඩායමට පුහුණුවක් තිබ්බා. මමත් එතනට කලින් ගියා වෙන වැඩකට. මට එතන ඉන්න ක්‍රීඩාංගන බාරකරු එක්ක කතා කරන්න ලැබුණා. මිනිහාට අනුව මේ කණ්ඩායමේ ගොවියොත් ඉඳලා තියෙනවා. ගෝල් රකින්නාට හවස හයෙන් පස්සේ ඇස් පෙන්නේ නෑලු. ඉතිං මොකෙදයි දං වලඳන්නේ.

    ReplyDelete
  23. ඔයාගේ කතාවත් ඇත්ත. තාත්තාලා නොගිහින් අම්මලාව යැව්වේ ඇයි. ඒත් ඉතින් කවුද දන්නේ තාත්තා ලංකාවෙද එහෙම නැත්නම් රැකියාව නිසා කාර්‍යබහුලද කියලා. ඒත් අම්මා කෙනෙක් විදියට ඒ අම්මා කරපු දේ මට අනුමත කරන්න බෑ. දරුවෙක් මැරෙන්න වැටිලා පන ඇද ඇද ඉන්නවනම් ඒ දරුවගේ ජීවිතේ බේරගන්න අම්මා කෙනෙක්ට කරන්න බැරි දෙයක් නෑ. ඒත් මේක ඊට වෙනස්. එහෙම අල්ලසක් ඉල්ලුවනම් ඇයට තිබුනේ සැමියවත් දැනුවත් කරලා විදුහල්පතිට විරුද්ද්ව පියවරක් ගන්න නෙමෙයිද? මේ වගේ දේවල් වලට ගෑනුන්ගේ නොදැනුවත්කමත් හේතුවක්ද කියලා මට හිතෙනවා.

    ඩූඩ්.. කාලෙකින් :D

    ReplyDelete
    Replies
    1. ගැහැණු පිරිමි දෙන්නම ‍රැකියාව කරන තැන් වලත් ඔය සින්දුවමනේ. සමහරුන්ට කඩේ වහලා යන්න ලෝබයි.

      ආ, මේ අම්මා නියම වැඩක් කරලනේ. එයා බ්‍රයිබරි එකට කියලා පොරව ලස්සනට මාට්‍ටු කරලා දීල. අන්න ගෑණු! ආඩම්බරයි ඒ කතාව ඇත්ත නම්.

      ඩූඩ් කාලෙකින් නෙවෙයි. පුංචි කුමාරිහාමි කාලෙකින්. නිවාඩුව හොඳ ඇතිනේ? :)

      Delete
  24. අද ලංකාවෙ සැක්ස් වැඩේ නැගලම යන නැගිල්ලක් වෙලානෙ.
    ඒ අතින් ගුරා තව හොදා,90 වෙ ආච්චිලාව,අත දරුවො බලෙන් දුෂණය කරල මරල දාන රටේ.
    අනුරපුරේ ටොයලට් දොරේ කැමරා ෆෝන් එකක් හයි කරල,දැරිවියො චු කරන පෝන් සීන් බලල අහිංසක රස වින්දනයක් ලබපු ගුරු බවතෙකු ව බලු පොලිස් කාරයො අත් අඩංගුවට අරන් තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. මම කියෙව්වා ඔය කතාව ජාල පත්තරේකින්. ෂෝක්!

      Delete
  25. පන්සල් වලත් අම්මලා විතරයි ඉන්නේ.
    පිං පියා ලා එකෙක්වත් නෑ.

    ReplyDelete
    Replies
    1. තනියෙම ගෑණියක් යවන්න බැරි ආයතන සංඛ්‍යාව බලා ඉන්දැද්දි ඉහල යනවද?

      Delete
    2. අනේ නිකා හිටහල්ලා පන්සල් චෝයි , සාදුලා ගොඩක් චොයි , හාමුදුරුවරු නෝටී.

      Delete
  26. අපේ කාළේ දෙමව්පියෝ පාසලට ගියේ, පාසලට ඇතුලත් කරන්න විතරමයි. ඒ ඇර ඔය කොන්සට් එකක් ප්‍රයිස් ගිවින්ග් එකක් තිබුනොත් යනවා. ඒත් ටීචර්ලා එක්ක කතා නෑ. ටීචර් තියා මෙලෝ දෙයක් දන්නෙ නෑ. පාසලේ පරිපාලන කටයුතු සියල්ලම කලේ ගුරුවරුන්. ට්‍රිප් එකක් ගියත් ගියේ ගුරුවරු විතරයි.

    අද අම්මලා තමයි ඉස්කෝලේ රන් කරන්නේ. උඹට ඕවා නිව්ස් උනාට, අපි නම් බොහොම ඉස්සර ඉඳලා ඔය ගැන කතා කරන්නේ. ප්‍රින්සිපල්ට නෙමෙයි, සර්ලටත් අල්ලන අම්මලා වැහි වැහලා. ඉතින් උන් හිතන්නේ හැම අම්මම එහෙමයි කියලා. මම බොහොම ඉස්සර ලිව්වා. ළමයි පාසල් යවන එක නවත්තලා අම්මලා පාසල් යවන්න. නැත්නම් දෙමව්පියන් පාසලට ගෙන්වීමෙන් වලකින්න කියලා.

    පියවරුන්ට රස්සාවේ නිවාඩු දාලා හැමදාම ඉස්කෝලේ යන්න බෑ. ඒ නිසා අම්මලා යනවා. එතන එකම මල විකාරයක්. දැන් ඉතින් උනුත් ඒකට පුරුදු වෙලා. චන්ද්‍රිකාගේ කාළේ ඉඳන් අධ්‍යාපනේ කෑවා. ඒ බැල්ලිගේ තාත්තා ඉංග්‍රීසී අයින් කරලා රට කෑවා. දැන් ඉන්න එකාටත් ඕන මෝඩයෝ සෙට් එකක් හදන්න.

    හොහොම නමුත් ගුරු ප්‍රජාවගේ නමත් වෙනස් වෙලා ඉවරනේ. ඉස්සර තිබුනේ ගුරු සේවයක්. ඒක මාර ගෞරවනීයයි. දැන් තියෙන්නේ ගුරු වෘත්තිය.. ඒ කියන්නේ රස්සාවක්. ඉතින් අනිත් රස්සා කරන උන් වගේම. බිස්නස් කරනවා, ගම්බ කරනවා, බොනවා, බඩු ගහනවා විතරක් නෙමෙයි ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්කත් රමණයේ යෙදෙනවා..

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++
      +++++++++++++++++++++++++++++++++
      ++++++++++++++++++++++++මල් සෙවන්.!

      Delete
    2. ඔව් බං. ඒ වුනත් අම්මයි තාත්තයි එකම රස්සාව කරන ගෙවල් වලත්, නිවාඩු ගන්න එකම අපහසුව තියෙද්දිත්, ඉස්කෝලෙට යන්නේ බහුතරය අම්මලා කියලා පැහැදිළියි.

      අනිත් හැම එකක්ම වෘතියක් වෙලා තියෙද්දි, ගුරු සේවයක් තියෙන්න බෑනේ බං. ජීවිතයට අධ්‍යාපනයටත් වඩා අත්‍යාවශ්‍ය සෞඛ්‍යත් සේවයක් නොවෙනකොට අධ්‍යාපනය සේවයක් වෙන්නෙ කොහොමද?ඔව් බං

      Delete
    3. ඒ ‍උනාට මාතලන් අයියා ඔහොම කියුවට හෙන්රි අයියේ , ගුරුවරුත් මිනිස්සුනේ නේද , අනිත් රස්සා කරන මිනිස්සු වාගෙම තමා . අනිත් අය කරන වැරදි අතරින් පතර කරන්ඩ පුළුවන් උනුත් , මොකද දෙයියනේ රහත් වෙලාද , හා නැද්ද මං කියන්නේ , ඔක්කොමලා එහෙම නැ ,

      බොරුනං බලහංකෝ මේක

      “මේ විදුහල්පතිවරු කියන්නෙත් අමුතු ජාතියක් නෙවෙයි. විදුහල්පතිවරුත් තමුසෙලා වගේම රෑට @#$%!”

      Delete
    4. හැක් හැක් හැක්! ඒක වෙනයි. මේක වෙනයි බං. ලිංගික අල්ලස් කියන්නේ සීරියස් වැඩක්. වැලක් බලනවා වගේ නෙවෙයි.

      Delete
  27. කොහත් එහෙම තමයි. සමිතියකට ගියත්, පන්සලකට ගියත්, ශ්‍රමදානයකට ගියත් ඉන්නේ අහිංසක අම්මලා ටික විතරයි. නමුත් තාත්තලා වැඩට යනවනේ කියලා තර්කයක් ගෙන්න පුලුවන් උනාට තාත්තලාගෙන් වෙන්න ඕන යුත්කමට ඒ තර්කයත් ගැලපෙනවාද? අනික තමයි ලිංගික අල්ලස් ගන්න මිනිස්සු පෙලඹෙන්නේ ප්‍රමාණවත් විදිහට ඒ වැරදි කාරයින්ට දඬුවම් නොලැබෙන හින්දා.

    ReplyDelete
    Replies
    1. රතීගේ පළමු තර්කයම තමයි මගේ තර්කයත්.

      ඇත්තෙන්ම දඬුවම් නොලැබෙන එකත් මේකට සෑහෙන බලපානවා. සමාජයෙන් දඬුවම් කරන්න බලා ඉන්නේ අර අම්මලාට විතරයි. දැන් මෙතනදි වුනත්, මේ යකාව අල්ල්ලා දුන්න කාන්තාවගේ නම ප්‍රසිද්ධ කලානම් ඒ මනුස්සයාටත් කාඩ් එකක් වදිනවා. අල්ලස් නිළධාරීන් දොරට තට්‍ටු කරන්න විනාඩි පහකට වඩා ගියානම් ඒකටත් අර මනුස්සයට කාඩ් වදින්න පුලුවන්. දැනටමත් කියනවනේ අර යකා කාමරේට ගිය ගමන් මේ අම්මව සිපගත්තා කියලා. ඒකත් ඇති අර කාන්තාවගෙ චරිතය ඝාතනය කරන උන්ට.

      Delete
  28. මම නං පුට්බොල් ගනන්නෑ ඒක නිසා අවුලකුත් නෑ. අනික බං ඔය පක්කෝ බංගලියොන්ට කුජීත වෙන්න පැරදුනේ ක්‍රිකට් වර්ඩ්කප් එකක

    ReplyDelete
    Replies
    1. මම ෆුට්බෝල් ගහන්නෙත් නෑ බං. නමුත් 10-0ක් ගහනකල් මොනවද කලේ? අනික එහෙම පැරදිලා මුන්ට මූණ දෙන්න ඉන්නෙ අපිනේ. එතකොට තමයි ආතල් එක.

      Delete
  29. තමංගෙ වැඩේ කරගන්න හැමදේම දෙන්න යන්නෙ නැතුව ඔය වගේ මිනිස්සු අදාල අංශ වලට අල්ලල දෙන එක දිගටම කෙරෙනවනං ඔය තත්වෙ අඩුවෙයි කියල මට හිතෙනව. ඔය පත්තරවල ආරංචි වෙනවට වැඩිය බොහෝ ප්‍රමාණයක් ඔය දේවල් සිද්ධවෙනව.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ප්‍රසන්න, කතාව ඇත්ත. නමුත් කවුද කැමති උසාවි ගානේ යන්න? ඒකට යන දීර්ඝ කාලයත් හුඟක් කේස් යට යන්න බලපානවා.

      Delete
  30. ඉතිං බං ඩුඩ් අයියේ උඹ කියන්න එපැය උන්ගේ රටේ නායකයෝ හැම රෙද්ද අස්සටම දුවන් එන්නේ මෙහෙට කියලා.

    යකෝ බොලගේ නෝනා කියන්නෙත් මරු කතා නොවැ.:D
    මේවා අහලා දැන් අපිට සමහරක් වෙලාවට හිතෙන්නේ මෙන්න මෙහෙම =D> කර ගන්න

    ReplyDelete
    Replies
    1. මම මොකුත් කියන්න ගියේ නෑ බං ඊට වඩා. මොනවා කියන්නද?

      හා හා යකෝ බුලට් එකක් කීයක් වෙනවා කියලද හිතේ? ඔන්න ඔය මත් මුලකුත් බැඳං ගිහින් කෝච්චියකට පැනපං. නැතිනං ඇංකර් බීපං.

      Delete
  31. ඇත්තටම ඔයාගේ වයිෆ් දීලා තියෙන්නේ නියමම නියමම නියමම උත්තරයක්....! g-)

    රට වත් රටේ මිනිස්සු වත් හදන්න යන වෙලාවේ තමන් මෙහෙම නුවනක්කාර තීරණයක් ගන්න එක ගොඩක් හොඳයි.තාත්තා නොමැතිනම් පුලුවන්නේ ලොකු තාත්තා ,බාප්පා ,මාමා වගේ යවන්න.මොකද තාත්තාම යන්න ඕනේ කියලා තීරණයක් නෑනේ..මේ හැමෝම ගොඩක් කාර්යබහුල උනොත් තමයි ප්‍රශ්නේ ඉතිං... හුඟක් වෙලාවට ලංකාවේ ගෘහණියෝ ජොබ් කරනවා අඩු නිසා තමයි ඔය තැන්වලට හුඟක් ඒ අයම යන්න හේතුව..:-?

    ReplyDelete
    Replies
    1. ඔව් රෙහානි. මම කියන්නේ හැම තිස්සෙම තාත්තම යන්න ඕනෙ කියන එක නෙවෙයි. බැරිම අවස්ථාවක අම්මට යන්න වෙනවා. නමුත් සීයට අනූපහකට වඩා වෙන්නේ අම්මලා විතරක් ඉස්කෝලෙ යන එක.

      Delete
  32. ආව්.. ‍රැස්වීමට එන එකම පියා හැටියට හෙන්රි අර අන්තප්පුරයට ගිහින් ඉන්න කුවේරයා වගේ ඉන්න ඇති.. හ්ම්ම්.. ඕක දැනගත්තනම් හෙන්රිට ගෙදර ඉන්න කියල හාමිනේම යයි හැම මීටිමකටම..

    ReplyDelete
    Replies
    1. උඹ කියන එක ඇත්ත. ගෑණු රංචුව මැද්දෙ මම විතරක් ඉන්නකොටත් හරිම අපහසුවක් ඒක.

      Delete
    2. එකෙන්ම නිකං කලිසම නැ වගේ

      Delete
  33. "විදුහල්පතිවරුන්ගෙන් අම්මලාව බේරාගමු' යයි කරන විරෝධයට මගේ බිරිඳගේ මේ ක්ෂණික ප්‍රතිචාරය සෑහෙන හොඳ පිළිතුරක් නොවේද?"

    මේකයි හෙන්රි. ප්‍රශ්නයක් තියන තැනකට උත්තරයක් ඕන. ප්‍රශ්නයෙන් පැනල ගිහිල්ල වැඩක් නෑ. කෙනෙකුට තමුන්ගෙ නෝන විශ්වාස නැතිනම්, එහෙම නැත්තං නෝනව මේවගේ "බාහිර උපද්‍රව වලින්" බේරගන්න ඕන නං මේ දේ කලාට කමක් නෑ. අනෙක් අතට මෙහෙම හිතල බලපං, ඔය ඩයල් එක කරපු මුල්ම ලිංගික අල්ලස ඕක නොවෙන්න ඇතිනේ. ඒ මනුස්සය කොන්ද කෙලින් තියාගෙන කටයුතු කල නිසා කොච්චර සේවයක් උනාද? හිතුවද ඒ ගැන? අන්න ඒකයි වෙන්න ඕන. පලායාම විසඳුමක් නෙවේ. නිකමට හිතල බලන්න තාත්ත නැති දරුවෙක් ගැන.

    මාලදිවයිනට පරාජය වීම හිතාමතා කල දෙයක්දෝ කියන සැකය මතුකරල තිබුන ඊයෙ රාවය පත්තරේ. පාපන්දු ගැන උනන්දුවක් නෑ. දන්නෙත් ඒ නිව්ස් එකෙන්.

    මාතලන් කිව්ව හරි. දැන් තියෙන්නෙ ගුරු වෘත්තිය. එතන හැම ජාතියෙම බඩු ඉන්නව. උඹ දුක් නොවී හිටපං! :-)

    ReplyDelete
    Replies
    1. ඇත්ත රාජ්, නමුත් අපිට කවදා හරි සමාජය හරි ගිහින් දීර්ඝ කාලීන විසඳුම් ලැබෙනකල් බලා ඉන්න බැරි වෙන වෙලාවල් තියෙනවානෙ බං. මුලටම ගියොත් ඉතිං ජනප්‍රියපාසැල් වලට පොරකන එක නවත්තන එකේ ඉඳලා පටන් ගන්න ඕනෙ. ඒවා ඉතින් අපේ ජීවිත කාල ඇතුලත වෙයි කියලා හිතන්න අමාරුයි.

      ඉතින් වියන් බඳින්න පරක්කු වෙන නිසා කුඩයක් අරගෙන යන එක තමයි ඔය දීපා කියන්නේ.

      හිතාමතා පරාජය වීමක්? මම හිතන්නේ නෑ.

      ස්තුතියි රාජ්. උඹලා හැම එකාවම එකම මිම්මෙන් නොමනින බව මම දන්නවා

      Delete
  34. ඩුඩ් නෝනා නියම උත්තරයක් තමයි දීල තියෙන්නේ.... ඒ වුනාට අද කාලේ ඉතින් ඔය වගේ දේවල් වලට තාත්ත ගියත් "නෝනා එවන්නකො" දරුවා දාල දෙන්නම් කියල නොකියයි කියලා හිතන්නත් අමාරුයි අයියේ.

    ReplyDelete
    Replies
    1. මට යටි හිතේ තියෙන එක සැකයක් බං ඕක මම නොකිව්වට. සමහර තාත්තලා එහෙම හරි වැඩේ කරගන්න අදහස් කරනවද කියලත් සැකයක් මගේ හිතේ හොල්මං කරනවා. සමහර ඈ. ඒකත් සමහරුන්ගෙනුත් සුළුතරයක්.

      Delete
  35. මේ වගේ උන් තාත්තටත් මොකවක් කොරලා එවන්න බැරි නැහැ.

    ReplyDelete
    Replies
    1. සාධාරණ සැකයක් බං.

      Delete
  36. මගේ ව්‍යාපාරික සහකරු හෙන්රි ශ්‍රීමතාණන් පත්වී ඇති අපහසුතාව පිළිබද මම අක්මාවෙන්ම දුක් වෙමි...සටනක් දී පැරදුනාට කම් නැත...එහෙත් මෙලෙස කුජීත ලෙස පැරදෙන පාපන්දු කණ්ඩායමක් තව දුරටත් නඩත්තු කරන්නට, පඩි ගෙවන්නට, පිටරට සංචාරයන්ට වියදම් කරන්නට ජනතා මුදල් වැය කලයුතුදැයි පාලකයන් සිතිය යුතු කාලය එළඹ තිබේ යැයි මගේ පුංචි මොළයට සිතේ...දකුණු ආසියානු මට්ටමේදී මෙවැනි දරුණු පරාජයන් අපේ කණ්ඩායම ලබයි නම්...උන් පුහුණුවීම් කර ඇත්තේ ෆ්‍රට් බෝල වෙනුවට ජිල් බෝල ගසන්නටදැයිද මට සිතේ....

    හුජ්ජ බෑග් එකෙන් පසු තවත් අනගි නිර්මාණයක් කරන්නට අප දෙදෙනාට කාලය එළඹ තිබේ. මෙවර අපි Brief Case වල මෙන් අංක යොදා අගුලු ලා හැකි මල් ජංගියක් නිර්මාණය කිරීමට කටයුතු කරමු. තාක්ෂණික ඥාණය ඔබෙන්...විස්තරය මගෙන්....

    ReplyDelete
    Replies
    1. සටනක් දී පැරදුනාට කම් නැත...එහෙත් මෙලෙස කුජීත ලෙස පැරදීම තමයි බං මාත් කියන්නේ.

      උඹ ඔය කියන විදියෙ ගැජට් එකක් මධ්‍යතන යුගයෙද කොහෙද තිබිලා තියෙනවා සිරා. ඒක මියුසියම් එකකද කොහෙද ප්‍රදර්ශණය වෙනවා.

      Delete
  37. මම නම් එදා ඉදන් කියන්නෙ ලමයි අරගෙන මොන්ටිසෝරි යන අම්මලා, දරැවො අරන් ක්ලාස් යන අම්මලා, මොහොකුට හරි බිලිවෙන එක නියතයි..

    ඒ අතර ගැනිට ස්කූටියක් අරන් දුන්න නම් වැඩේ තවත් ගොඩ..

    ReplyDelete
    Replies
    1. කාමරේ ආයෙත් ඇරියා යකෝ...වර ඒ පැත්තට ගල් බාගයක් අරන්...

      Delete
    2. මේ සමාජේ මෙහෙම තත්වෙකට පත් කරගෙන තීයෙන්නෙ අපිමයි බං. මේක නේද අපි ඔය පාරම්බාන හැදියාව, සභ්‍යත්වය අරක මේක ඔක්කොම.

      චික්! මේ සිරා රට ගියාට පස්සෙ හොඳටම නාක් වෙලා. බොන්නත් පුරුදු වෙලා... :-O

      Delete
    3. බොන්නෙ නෑ හෙන්රි අයියා..මේ දවස් වල වැස්ස නිසා යද්දි අරංගිය පස්පගුව තමා බොන්නෙ...නැත්නම් සිරා කියන්නෙ ඇල්වතුරත් නිවලා බොන එකෙක්...

      Delete
  38. හෙහ් ඔයි වගේම තමයි අප්පා මෙහෙට එන බැඩ්මින්ටන් වොලිබෝල් කණ්ඩායම් ..ෆුට් බෝල් වලට නම් එනවද මන්දා ..එනවට වඩා හොඳයි එයාපෝර්ට් එකෙන්ම හැරිලා යනඑක ..මුන් එක්ක හැරෙන්නවත් බැරි වෙයි අපිට .

    අර තාත්තලා රැස්වීම් වලට යනඑක ගැන කියන්න හුඟක් දේ තියෙනව . හුඟක් වෙලාවට රස්සාව නිසයි තාත්තලාට යන්න බැරි . පුළුවන් කම තියාගෙන නොයන එක ගැන වෙන වෙලාවක කතා කරමු .නමුත් මුලික ප්‍රශ්නය එතන නෙමේ ..මෙහෙම යද්දී අපට වෙන්නේ තලේබාන් ඇෆ්ගනිස්තානය වගේ ගෑනු ගේ අස්සෙම තියල එලියට බහිද්දී පිරිමි කෙනෙක් නැතුව එලියට යාම තහනම් කරන්නනේ ...එක්කෝ ගණිකා වෘත්තීය නීතිගත කලානම් ඉවරයි. දැන් මෙතන රැවුලයි කැඳයි දෙකම බේරන්න ගිහින් රැවුලත් පුච්චන් කැඳ කෝප්පෙත් හලා ගන්න තත්වයක් වෙලා තියෙන්නේ ..ඔයි වගේ විදුහල් පති වරු ගාවට ළමයි යවන්නේ කොහොමද අප්පා

    ReplyDelete
    Replies
    1. ගණිකාවක් ගාවට යන එකයි, නිකන් ගෑනියෙක්ව ඇඳට නග්ගගන්න එකයි අහරෙ ලොකු වෙනසක් තියෙනව. මෙතනදි මේ කරන්නෙ ගෑණිගෙන් ගානත් අරන් වැඩෙත් කරගන්න එක. ගණිකාව ඕපන් සෝස් කලොත් වෙන්නෙ ගෙවල් වල ගම් වල ඉන්න ගෑණු ටික ඔක්කොම කොළඹ දක්කල සේල් දම්මන එක.

      මෙහෙම කරන්නෙ රටේ ඉහල ඉන්න අය කරනකොට පහල අපිට බැරි මොකද කියල හිතන කබ්බො. මේ කොට්ටාවෙ ආනන්දෙ වගේ දෙකයි පණ්හෙ ඉස්කෝල විදුහල්පති ඔහොම කරානම්, කැමැත්තෙන් ඇඳට නැගල හරි ජනප්‍රිය පාසල්වලට ළමයි දාගන්න අම්මල ඉන්න බැරිද?

      මේක මහ සංකීර්ණ ගැටලුවක්.හැබැයි ඒ අම්ම කට වහන් ඉන්නෙ නැතුව කල දේ කරන්න රටෙ බහුතරයක් ගෑණුන්ට හය්ය තියෙනවනම් මුන් මෙච්චර බල්ලො වෙන්නෙ නෑ.


      අර පරණ මුස්නක් තිබ්බ එවන්නද මිටක් ගහල නෝනෙගෙ බ්ලොගෙ මකුළුදැල් කඩල එහෙම ගන්න?

      Delete
    2. අන්න ඒකයි ඉන්දික. ගණිකාවක් ගාවට යන එක උන් දෙන්නගෙ වැඩක්. සේවා ලාභියා සහ සේවා සපයන්නී හන්දා අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් දරුවව ඉස්කෝලෙකට දාන්න ලිංගික අල්ලස් ඉල්ලන එක අර ගණිකාව ගාවට යනවා වගේ නෙවෙයි.

      බින්දි, මේක සිම්පල් ප්ලෑන් එකක්. කවදා හරි බණ කියලා කියලා හැමෝම ගුණයහපත් මිනිස්සු කරනකල් අපිට බලා ඉන්න බැරි හන්දා අඩුම ගානේ තමන්ගේ ගෑණිව සල්ලාලයෙකුගෙන් බේරාගන්න ගහපු සිම්පල් ප්ලෑන් එකක්.

      අර මම උඩින් කිව්වා වාගේ, වියන් බඳිනකල් ඉන්නේ නැතුව කුඩේ අරං යනවා වගේ.

      Delete
  39. හෙන් රි.....ෆුට්බෝල් වලට ප්‍රේමදාස යුගයේ හොඳ තල්ලුවක් තිබුනා.ඉස්සර අශෝක නැවුගලගේ වගේ අයට මාලේ හොඳ ඉල්ලුමක් තිබුනා. උන් ඉගෙනගත්තේ අපෙන්.දැන් ස්කෝර් එක වැටෙන්නේ රගර්වල වගේ.10-0
    ගුරු දෙගුරු සංගම්වලට මම පුලුවන් හැම විටම ගිහින් තියෙනවා. හැබැයි හැම තිස්සෙම වයිෆ් එක්ක. මොකද අපේ ස්ත්‍රී ප්‍රජාවගේ බහුතරයකගේ බහුරූ කෝලම් බලාගෙන ඉන්න බැරි නිසාය.උන් ගුරුවරුන්ටත් උගන්නන ලෑස්තිය.සියලුම වැරදි විදුහල්පතිගේ කරේය.පසුව පසුව මගේ යෑම මම නවතා දැමීය.පිටරටවල සිටිනා ශ්‍රීලාංකිකයින් ඒ අතින් ගොඩාක් දුර්වලය.

    ReplyDelete
    Replies
    1. උන් අපෙන් ඉගෙනගත්තත් දැන් ඒක කියලා වැඩක් නෑනේ මචං. දැං අමෙරිකාව ඉංග්‍රීසි ඉල්ලාගත්තේ එංගලන්තෙං වුනාට, දැං කොහොමද අමෙරිකන් ඉංග්ලිෂ් වල බලපෑම මුලු ලෝකෙටම දැනෙන හැටි? අන්න ඒ වගේ තමයි මේකත්.

      ඇත්තටම එංගලන්තේ දෙමව්පිය සහභාගී වීම කොහොමද බං?

      Delete
    2. මෙහෙදි ගොඩාක් ගෙවල්වල අම්මා, තාත්තා දෙන්නම රස්සාවල් වලට යනවා. සීයට අනූ නවයක් වගේ එහෙමයි.ගෙදර ඉන්න කෙනාට යන්න වෙනවා. Your turn, my turn ආදී වශයෙන් ඒවා ගානට බෙදාගෙන ඉන්නේ. සුද්දියෝ එක්ක සෙල්ලම් බැහැ අපේ ගෑණුන් එක්ක වගේ. හැබැයි මම දැකලා තියෙනවා හැන්දා වරුවට නම් දෙන්නම එනවා. එක එක ලමයාට වෙලාවල් වෙන් කරලා තියෙන නිසා පිලිවෙලට වැඩේ යනවා. අපි ඉන්න ගම්බද පලාතක තත්වය ඔහොමයි. නගරයේ මීට වඩා වෙනස් විය හැක.

      Delete
  40. ඩුඩ් අර කියුවා වගේ හැම රැස්වීමටම යන්නේ මම මේන්න ඒකට සාක්කි ඒ උනාට පහුගිය සතියේ තිබුන ලොකු දුවගේ ගුරු දෙගුරු රැස්වීමට නම් දුවගේ අම්මට යන්න කියුවේ දියණියකගේ පාසලේ රැස්වීමකදි ඒ අයටත් යම් දෙයක් දැනගන්න ඕන නිසා . මම නම් හිතන්නෙ දෙමාපියන් හැටියට, රැස්වීම් , පාසැලේ උත්සව වලට මවු පිය දෙපාර්ශවයෙන්ම සහභාගී වියයුතුයි.

    ReplyDelete
    Replies
    1. හරි හරි, උඹව නිදොස්කොට නිදහස් කරන්න තීරණය කලා.

      ඔව් බං. මම මේ කියන්නේ ඔය වැඩේ අම්මගේම කරපිට පටවලා තාත්තලා අත හෝදාගන්න එක වැරදියි කියන එකම තමයි. එහෙම නැතුව අනිවාර්යයෙන්ම තාත්තා විතරක් ඉස්කෝලෙට යා යුතුයි කියන එක නෙවෙයි.

      Delete
  41. මට හිතෙන්නෙ තාමත් අම්මා තමයි ළමයින්ගේ වැඩ කරන්න ඕනි කියන මතයක් පිරිමි අතර තියනවා.. අපේ අම්මි නම් ඉස්කෝලෙට ඇවිත් තියෙන්නෙ එක පාරයි නැත්නම් දෙපාරයි... තාත්ති තමයි හැමදාම ආවේ... ඒත් තාත්ති පරිස්සම් කරගන්න සෑහෙන්න සටනක් දෙන්න වුනා... මිස්ලාගෙන්.. ලගට ඇවිත් අහනවා නදිනිගේ තාත්තිද කියලා... ටිකක් ලොකු වෙද්දි මිස්ලා කියනවා අනේ ඉස්සර අපි නදිනිගේ තාත්ති සෙට් කරගන්න සෑහෙන්න දැගලුවා කියලා... :D

    ReplyDelete
    Replies
    1. පිරිමි අතර නෙවෙයි, ගෑණු අතරත් එහෙම මතයක් තියෙනවා. අනේ ඔයා ගිහින් හරියන්නේ නෑ. කියලා වැඩේ කරට ගන්න ගතියක් හුඟක් ගෑනුන්ගේ තියෙනවා තමයි.

      නදිනිගේ තාත්තා චික් මැග්නට් එකක්නේ යකෝ. ඔය කඩේ හෙම තනියෙන් තියන්නෙපා

      Delete
  42. ක්‍රිකට් උනත් අවුල් යනවනේ...ඉන්දියාවට පරදින එක තමා ඉවසන්නම බැරි.

    ReplyDelete
    Replies
    1. :D හෙහ් හෙහ්. ඉන්දියාවට පරදින එකම තමා ඉවසන්නම බැරි නේද? ඇයි අනේ ලොකු අයියට එහෙම කියන්නේ?

      Delete
  43. දුවලගේ ඉස්කෝලෙක විදුහල්පතිනියක් ලිංගික අල්ලසක් ඉල්ලුවොත් නම් මෙතන් ඉන්න මහත්තයලා කිසි පැකිලීමක් නැති වේවි නේද?
    ම්ට හිතෙන විදිහට පිරිමියෙක් විදුහල්පතිනියක් උනාම තමයි කරදරේ.ඩූඩ් ගේ ෆයිෆ් ගේ යෝජනවා හොදයි...ගැනීයෙක්ව ප්‍රින්සිපල් කරන එක හොදාආඅයි....ඉස්කෝල කොහෝමත් අවුල් හින්දා ගැනියෙක් පත් කලයි කියලා අමුතුවෙන් අවුල් වෙන්න දේකූත් නෑනේ....

    ReplyDelete
    Replies
    1. :))

      'ගෑණියෙක් පත් කලාට අමුතුවෙන් අවුල් වෙන්න දෙයක් නෑනේ' කියන ප්‍රකාශය පිටිපස්සේ මොන තරම් දේවල් තියෙනවද? උඹ කිව්ව දේ කාටවත් ඇහිලා නැතුවා වගේ. නැතිනම් අපි දෙන්නටම කොසු පාර කන්න වෙන්නේ.

      Delete
  44. හෙන්‍‍රි අයියේ,ඔය කියන සිද්දිය සිද්ද උනේ ප්‍රමාද‍ය පසු තැවීමට හේතුවේ කියන ආදර්ශ පාඨය තියෙන ෛඉස්කෝලේ නෙමේ ඒ ඉස්කෝලේ නමම ති‍යෙන කොට්ටාව පැත්තෙ ඉස්කෝලෙක.

    ඔයාගෙ වයිෆ් කියන කතාව ඇත්ත.ඔය වගේ වැඩකට තාත්තත් ‍යන්න ඕනේ.මොකද පොඩි එකා ඉස්කෝලෙකට දානවා කියන්නෙ උගේ ජීවිතේ විශේෂ දවසක් ඒ වගේ දවසට අම්මයි තාත්තයි දෙන්නම ඉන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. එහෙමද මඩයා. ඔන්න ඕකයි අද කිසි දේකට කතා කරන්න බය. මොකද අපිට ලැබෙන ප්‍රවෘති වල විශ්වාසනීයත්වය ගැන නම් කියලා වැඩක් නෑ.

      Delete
  45. HENRY LISTEN THIS VOICE.......http://www.youtube.com/watch?v=U2FdGcujScAV

    ReplyDelete
    Replies
    1. ඇහුවා අරූ. මම ඔය සින්දුව වෙනත් ගායකයෝ කියනවා අහලා තියෙනවා. මොකක්ද මේකේ විශේෂය?

      Delete
  46. ඩුඩ් අයියේ මොකෝ පේන්න නැත්තේ...?

    ReplyDelete
    Replies
    1. බිසි බං. ස්තුතියි හොයලා බැලුවට.

      Delete
  47. කාලෙකට පස්සේ ඔන්න ඩෙනිමක් ගහන් මාත් මේ පැත්තේ ආවෝ..........

    ReplyDelete
  48. පුතාගෙ ‍රැස්විම්වලට ගියෙ මම විතරයි. කවදාවත් තාත්තා ගිහින් නෑ. තාත්තා ආවොත් නඩු සේරම එලිවෙන නිසා පුතා තාත්තාට එන්න කියලාත් නෑ.මම සේරම කම්ප්ලේන්ස් අහගෙන ඇවිත් සැර බාල කරලා දෙනවා. පුතාගෙ ගොඩක් ගුරුවරු මගෙ යාලුවො නිසා වෙලාවකට ඉසරදේ වගේ ‍රැස්වීමකට ගියාම.වැඩි හොඳට පොඩි දේත් කියනවා.

    විදුහල්පතිවරු ඔය වගේ අල්ලස් ඉල්ලන්නෙ දැන් තියෙන පාසල් තදබදය නිසා ඔය වගේ දේකට යටත් වෙලා හරි තමන්ගෙ පුතාව පාසලකට දාගන්න උත්සාහ කරන අම්මලා ඉන්න නිසයි. තමන්ගෙ මාන්නෙ, නම්බුව ‍රැක ගන්න දරුවා යන ඉස්කෝලෙත් බලපානවනෙ. ඒ නිසා අම්මල බොහෝ දෙනෙක් මොන ක්‍රමයකින් හරි ප්‍රසිද්ධ පාසලකට දෘව ඇතුලු කරන්න බලනවා.

    මේ අම්ම නම් මොලේ තියෙන , බය නැති අම්ම කෙනෙක්.අල්ලස් එකෙන් එන කල් හරි අර මනුස්සය එක්ක කාමරේ ඉන්න එපැයි!

    ReplyDelete
    Replies
    1. ඇත්ත, ඒ අම්මා නම් හරිම නිර්භීත වැඩක් කරලා තියෙන්නේ.

      Delete
  49. බොගේ බ්ලොගේ වැහිලයි අළුත් පෝස්ට් නොඑන්නේ?

    ReplyDelete
    Replies
    1. නෑ මචං. මේ දවස් වල හරිම බිසි.

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>