මීට කලින් මම මේ හා සමාන බස් වහරකින් පරිවර්තනය කල කතා කීපයක් මේ.
ක්ලීන් ස්වීප් ඉග්නේෂස්
රියට අත ඇල්ලූ මගියා.
◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙
මාරක අවිය / Lamb to the Slaughter
ජනෙල් තිර රෙදි වසා, මේස විදුලි පහන් දෙකක්ද දල්වා තිබුනු නිසාදෝ කාමරයේ පැවතියේ උණුසුමකි. ඇය හිඳ උන් අසුනට පසු පසින් වූ කැබිනට්ටුව මත වීදුරු දෙකක් සහ මත්පැන් බෝතල කිහිපයක් විය. මේරි මැලනි පෙරමග බලමින් සිටියේ ඇගේ පෙම්බර සැමියා රැකියාව නිමවා නිවසට පැමිණෙන තෙක්ය.ඈ වරින්වර ඔරලෝසුව දෙස නෙත් හෙලුවේ නොඉවසිල්ල නිසා නොවේ. හුදෙක් පසුවන හැම මිනිත්තුවම ඔහු ගෙදර පැමිණෙන මොහොතට ලං වන බව සිතා සතුටු වීමටය. ඇය මැහුමට හිස නැඹුරු කරගත්තේ සිතාගත් නොහැකි සැහැල්ලු සාමකාමී බවකිනි. සය මසක් සපිරි ඇගේ දරුගැබ නිසාමදෝ මෑතකදී පටන් ඇගේ පෙනුම වඩා තැන්පත් විය. ඇගේ මුව සහ දෑස් වඩාත් පිරිපුන්ව පෙණුනි.