උපේක්ෂා ලියලා තිබුණ මිතුරු තොමෝ කතාව කියෙව්වාම මට හිතුනා කාලෙක ඉඳ ලියන්න හිතාගෙන හිටපු නමුත් මේ දවස් වල ගහලා තියෙන කම්මැලි කම නිසාම ඔහේ නිකම්ම තියෙන බ්ලොග් කටුවේ මළකඩ කැඩෙන්නත් එක්කම මේක කියලම දානවා කියලා.
මම හිතන්නේ මට එතකොට අවුරුදු දොළහක් නැත්නම් පහළොවක් ඇති. බණ්ඩාරෙ වැඩ කලේ අපේ ගේ ලඟ හන්දියේ තිබුණු කඩේක. ඇත්තෙන්ම ඒක නියම නමද අනවර්ථ නමක්ද කියන්න මම දන්නේ නෑ. (අදාල පුද්ගලයාට අපහසුවක් නොවෙන්නෙ මම ඒ අනවර්ථ නම වෙනුවට ඒකට සමාන අනවර්ථ නමක් මෙතනදි යොදලා තියෙන්නේ.)
හරි, ආපහු කතාවට ආවොත්, මේ කියන කාලේ වයස අවුරුදු විසි ගානක් ඇති කියලා හිතන්න පුලුවන් බණ්ඩාරේ මගේ යාලුවෙක් නෙවෙයි. අසල් වැසියෙකුත් නෙවෙයි. ගේ ලඟ කඩේක වැඩ කරපු, කඩේට ගියාම විතරක් මුණ ගැහෙන පුද්ගලයෙක්.
හවස පහට විතර එක පාරටම ඇහුණු කෑගැහිල්ල නිසා මමත් ගෙදරින් එළියට පැන්නා. කෑ ගහගෙන දුවගෙන ආපු අසල් වැසියෝ රංචුවක් අපේ වත්ත උඩිනුත් දුවලා, ගේ පිරිපස්සේ දොළ පාරෙනුත් එහාට පැනලා ගේ පිටිපස්සේ තියෙන බෑවුම් සහිත රබර් වත්තට පැන්නේ හරියට ගරිල්ලා හමුදාවක් වගේ.
"මොකද වෙලා තියෙන්නේ?"
"මම ඇහුවේ දොළෙන් එහා පැත්තේ කණ්ඩිය නගින්න දඟලමින් හිටි බණ්ඩාරෙගෙන්.
"දඬු ලේනෙක් පොඩි මහත්තයෝ."
"ඉතින් මොකටද ඌව?"
බණ්ඩාරේ මා දිහා බැලුවේ විමතියෙන්
"හදන්න පුලුවන්නේ මහත්තයෝ කූඩුවක දාලා."
මේ මොන මෝඩයෙක්ද කියනවා වගේ හැඟීමක් බණ්ඩාරෙගේ ස්වරයේ ගැබ් වෙලා තිබුණා.
දඬු ලේනෙක් අල්ලා ගන්න ගමක්ම දුවගෙන එන්නේ ඇයි කියන එක මට ඒ වෙලාවෙත් ගැටළුවක් වුනත්, සමහර විට පරෙවියෙක් අල්ලාගන්න, පාරේ යන වාහන, කම්බිවැටවල්, වීදුරු කටු, මිනී කන බල්ලො ගැන කිසිම තැකීමක් නොකර උඩ බලාගෙන දුවන මිනිස්සු මතක් වෙලා නිහඬ වුනා.
දඬුලේනා පිටිපස්ස වත්තේ දිරාගිය රබර් ගහට නැගපු බව කිව්වේ ඉස්සෙල්ලම දොළ පාර තරණය කරලා කණ්ඩිය බඩගාගත්ත කොලුවෙක්.
අන්තිමේදි ගහට නගින්න ඉදිරිපත් වුනේ බණ්ඩාරේ. ඇඳගෙන හිටපු සරමෙන්ම පිට පොට ගසාගත්ත බණ්ඩාරේ, වැල් වලින් වැහිලා තිබ්බ දිරපු රබර් ගහ දිගේ බඩ ගාන්න ගත්තේ වඳුරෙක් වගේ. බණ්ඩාරේ ගහේ මැදක් විතර නගිද්දි, ලඟ එන අනතුර ඉව වැටුන නිසාදෝ ගහෙන් පැනපු දඬු ලේනා, ආයෙම දුවන්න ගත්තා. දඬුලේන් මෙහෙයුමට ආ සියලුම දෙනා ආයෙම කෑ කෝ ගහගෙන දඬුලේනා පස්සේ දුවන්න ගත්තේ ගහේ හිටි බණ්ඩාරෙව අමතක කරමින්.
දඬුලේනා ගැන එච්චර ආසාවක් නොතිබුන මම තවමත් හිටියේ අපේ වත්තේ. "මුන්ට පිස්සු"යි මටම කියාගත් මමත් ගේ දිහාට යන්න ආපහු හැරෙන කොටම මට ඇහුනේ - ඇත්තෙන්ම ඇහුනට වඩා දැණුනේ - දඬුලේන් දඩයක්කාරයින්ගේ කෑ කෝ ගැහිල්ලට යටින්, බර යමක් බිම පතිත වෙන හඬ.
ආපහු දොළ අයිනට දුවගෙන ගිය මට බණ්ඩාරෙ ගහේ නැති බව පෙනුනා. "ඒ යකා ගහෙන් බැහැලා දුවන්න ඇති" යයි සිතූ මම ආපහු හැරුනත් ඒ එක්කම යම් කිසි දෙයක් වැරදී ඇති බව මට හිතුනට වඩා දැණුනා කිව්වොත් නිවැරදියි. ආපහු වතාවක් උඩහ වත්ත දිහා බැලූ මම, බණ්ඩාර නැගපු ගහ මුල සරුවට වැඩී තිබුණු පඳුරු ගාල ගැහෙන බව දැක්කා.
දෙවරක් නොසිතා ඇළට උඩින් පැන, කණ්ඩියේ සරුවට වැවී තිබූ බෝඹු ගස් වල එල්ලී උඩ වත්තට පැනගත් මම, අඩියට දෙකට පඳුරු ගාලට ලඟා වුනා. ගහේ එහා පැත්තේ පඳුරු ගාල අස්සේ ලේ ගලමින් වැටී සිටි බණ්ඩාරේ, මරු විකල්ලෙන් ගැහෙමින් හිටියේ මීමැස්මොර රෝගියෙක් වගේ. මුළු පඳුරු ගාලම සර-සර ගාමින් ඒ එක්කම ගැහුණා. ගහෙන් ගැලවී ආ දිරාගිය අත්තක් බණ්ඩාරේ අසලම වැටී තිබුණා.
"බණ්ඩාරේ, බණ්ඩාරේ"
මම බණ්ඩාරේව හොලවමින් කතා කලත් බණ්ඩාරේ හිටියේ සිහි සුන්ව.
බණ්ඩාරෙගෙ ජීවිතේ මුළුමනින්ම රඳා පවතින්නේ මගේ අතේ බව මට මොහොතකින් වැටහුණා.
තවත් මොහොතක් පමා නොවුන මම යටි ගිරියෙන් කෑ ගසමින් ඒ වන විට බොහෝ දුර දුවගොස් තිබුණු දඬුලේන් දඩයම් කණ්ඩායම කැඳෙව්වේ ඔවුන් පසු පස දුවමින්. මගේ කෑ ගැහිල්ලට මුලින්ම දඩයම මගහැරීම නිසා මුහුණු පුළුටු කරගෙන පැමිණි සමහරු, පණ අදින බණ්ඩාරේ ගැන ඇසූ වහාම ඔහු වෙත දුව ගියා.
මොහොතකින් බණ්ඩාරෙව ඔසවාගෙන පාරට දුව ගිය පිරිස වාහනයකින් බණ්ඩාරෙව රෝහල වෙත ගෙන ගියා.
තව විනාඩි කීපයක් පමා වූවා නම් බණ්ඩාරෙගේ ජීවිතය බේරාගත නොහැකි බව වෛද්‍යවරු පවසා තිබුනා.
බණ්ඩාරෙගෙගේ ජීවිතය බේරා දීම ගැන අහල පහල කීප දෙනෙකුත්, ඒ වගේම බණ්ඩාරෙගේ පවුලේ අයත්, ඒ සියල්ලටම වඩා සති කීපයකින් ආපසු කඩේ වැඩට පැමිණි බණ්ඩාරත් මට ප්‍රසංසා කලා. කෙනෙකුගේ ජීවිතය බේරා දීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය මම සතුටින් භුක්ති වින්දා. ඉන් පසු බණ්ඩාරේ දකින හැම විටකදීම මේ මනුස්සයා අද ජීවත් වෙන්නේ මම නිසා නේද යන සිතුවිල්ල නිසා මම යටි සිතින් ආඩම්බර වුනා.
ඉන් පසු කඩේට ගිය හැම විටම "පොඩි මහත්තයට මොනවද ඕනේ?" යයි අසමින් මගේ අවශ්‍යතාවයට මුල් තැන දෙන්නත් බණ්ඩාරෙ කටයුතු කලා.
කාලය ගෙවිලා ගියා. කඩේ අයිතිය අතින් අතට ගියා. බණ්ඩාරෙත් යන්න ගියා.
දශක කීපෙකට පස්සේ මට බණ්ඩාරෙ හමුවුනේ අහම්බෙන්.
පරණ පුරුද්දටම මට මතක් වුනේ අර සිද්දිය. ආ ගිය තොරතුරු කතා කිරීමෙන් පසුව වෙන්වී දෙපැත්තට යාමට පෙර මේ ප්‍රශ්ණය මම ඇහුවේ නිකමට.
"බණ්ඩාරෙට මතකද අර දඬුලේනගේ සිද්ධිය?"
"මොන දඬු ලේනද?"
බණ්ඩාරේ ඇහුවේ නලල රැළි කරමින්.
"ඇයි බණ්ඩාර අර ඔයා දඬුලේනා අල්ලන්න ගහට නැග්ගාම, ඔයා දිරපු අත්තක් කඩාගෙන ගහෙන් ඇදගෙන වැටිලා සිහි නැතුව ගියා...?
"මට හෝදිසියක් නෑනේ මහත්තයෝ."
"ඇයි මනුස්සයෝ එතකොට මමනේ ඒක දැකලා කෑ ගහලා කට්ටිය ගෙන්න ගත්තේ."
"හම්ම්, හම්ම්... එහෙම මොකක්දෝ එකක් වුනා වගේ මට යන්තම් මතකයි."
"හරි හරි, මම යනවා බණ්ඩාරේ. පරක්කු වුනා." කී මම බණ්ඩාරෙගෙන් සමුගත්තා.
තමන් අනුන්ට කල උදව්වක් සිතේ තියාගෙන සිටීමත්, ඇඟිල්ලෙන් ඇන ඇන ඒ බව මතක් කිරීම කැත වැඩක් වෙන්න පුලුවන්.
නමුත් මට දැනුනේ කියාගන්න බැරි හිස් බවක්. කළ කිරීමක්.
සමහරවිට මම වැරදි ඇති.
ප.ලි: හරි හරි බං. පින්තූරේ ඉන්න එකා දඬුලේනෙක් නෙවෙයි තමයි. මම අනුන්ගේ ෆොටෝස් දාන්න කැමති නෑ. මම දඬුලේනෙක්ගේ ෆෝටෝ එකක් අරගෙනත් නෑ. ඉතින් මේ තියෙන එක තමයි දැම්මේ.කොහොමද පරචිත්ත විචාරන ඥානය.
Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.
Saturday, October 25, 2014
124. කළකිරීම
:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
Show Emoticons
125 comments:
වැඩ දාලා කමෙන්ට් කරන්න:
Video: Youtube video link
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
නා ගන්නෙ නැතුව HTML දාන්න.
ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>
Subscribe to:
Post Comments (Atom)
අහා!! ලේන් පැටියා දැක්ක ගමන් මට මගේ පරණ පිස්සුවක් මතක් උනා ඩුඩ් ! ලියන්නම්කො වෙලාවක. කොතරම් හොඳද පොස්ටුවක් දැම්ම එක. අර මගේ බිමල් බොසා පෝස්ටු දාන්නේ නෑ කියනවා, කෝ තමුන් එහෙම නොකරනවද?
ReplyDeleteඒක තිබුනාවේ....
ඇත්තටම ගොඩක් වෙලාවට ඔහොම වෙන්න ඉඩ තියෙන්නේ, ඒ මනුස්සයාගේ ආකල්ප සහ සිතුවිලි අපිට තේරුම් ගන්න බැරි හින්දයි. සමහරවිට බණ්ඩාරේ ඒ දවස්වල ඔයාට සලකන්න ඇත්තේ වටේ මිනිස්සු ඔහු එහෙම කලේ නැත්තම් දොස් කියයි කියන බයට/චකිතයට වෙන්නත් පුළුවන්. තමුන්ගේ ජිවිතේ බේරලා දුන්නා හෝ බේරා දීමට මුලිකව වැඩකරපු කෙනෙක් ගැන මතකය ඔහොමනම්, අනේ.. මගේ අර කියපු සිද්ධිය මොකද්ද අප්පා?? හික්...
බොහොම ස්තුතියි උඹට මේ කතාව ලියන්න inspiration එකක් වුනාට.
Deleteඇත්තෙන්ම මේ සිද්ධියට මම ඒ හැටි කළකිරෙන්න අවශ්‍ය නෑ. මොකද මීට වඩා කළකිරෙන, හිත කඩාවැටෙන, හදවත අඬා වැටෙන සිද්ධි මම සතියකට දවස් පහක්ම රැකියාව කරද්දි අත් විඳින නිසා. නමුත් මේවගේ තැනකදි ඒක සාමාන්‍යකරණය වෙලා.
නමුත් මේ සිද්දියේ තියෙන විශේෂත්වය මම හිතන්නේ ඒ වගේ පුද්ගලයෙකුගෙන් ඒ වගේ පුද්ගලයෙකුගෙන් ඒ වගේ ප්‍රතික්‍රියාවක් මම බලාපොරොත්තු නොවුන නිසා වෙන්න ඕනේ.
හරි, ඒ සිද්දිය මතක් වුනාම ලියාපංකෝ.
ඩුඩ් > මේක ඉල්ලීමක් කියල හිතුවත් කමක් නැහැ. දැන් ගෙවන සහ කලින් ගෙවපු ගුරු ජිවිතයේ ගොඩක් කටුක දේවල් ඇති. මම ඉල්ලීමක් කරන්න කැමතියි ඒ අත්දැකීම් ලියන්න කියල. මම මේ සමහර දේවල් ලියන්නේ මගේ පොරත්වය ගැන වහසිබස් දොඩන්න නෙවෙයි. ඒ සිද්ධි වලින් මම ලබපු අත්දැකීම බෙදාගෙන තව කෙනෙක් පරිනත වෙනවා කියන නිහඬ බලාපොරොත්තුවෙන්. විශේෂයෙන් මම මගේ ක්‍රීඩා ජිවිතයේ කටුක අත්දැකීම් ලියන්නේ අපි කියන, හිතන තරම් සුන්දර ක්‍රීඩා වටපිටාවක් ඇත්තටම ඉස්කෝලවල නැහැ කියන එක තවත් කෙනෙකුට මගේ අත්දැකීමෙන් විස්තර කරන්න. අපිට තර්ක කරන්න පුළුවන් වරු ගණන්, හැබෑවටම කරපු/මුණදීපු එකාගෙන් අහන්න ඕනේ රස කොහොමද කියල...
Deleteඩුඩ්.. ඔය සිද්ධි අපිත් එක්ක බෙදාගන්න... කොමෙන්ටු වලින් සමහර වෙලාවට නොහිතන දේවල් මතුවෙන්නත්, තියෙන ගුණයක් උනත් යටපත්වෙලා යන්නත් පුළුවන්. හැබැයි ඔබ වගේ තව කෙනෙක්ට හැබෑවටම එය හොඳ විස්තර ඇති සිතියමක් වෙයි....
උපේක්ෂා, ඇත්තෙන්ම මම උඹේ ඊ මේල් ඇඩ්‍රස් එක දැනගෙන හිටියානම් මේක කියන්නේ පෞද්ගලිකව. නමුත් ඉල්ලීමක් නිසා මේ විදියට හරි මේකට පිළිතුරක් දෙන්න වෙනවා.
Deleteඇත්තෙන්ම මම කැමති නැහැ ඒ කටුක අත්දැකීම් බෙදාගන්න.
මම උඹලා හිතන තරම් සාර්ථක ආදර්ශමත්, පාඩම් ඉගෙන ගන්න තියෙන,ගුරුවරයෙක් නෙවෙයි. උඹලා එහෙම හිතනවානම් ඒ උඹලට වැරදිලා.
මේ අත්දැකීම් අමතක කරන්න මම පුදුම උත්සාහයක් යෙදෙනවා.
මම බ්ලොග් පෝස්ට් ලියන්නෙත් එක් අතකින් ඒ කටුක අත්දැකීම් අමතක කරන තාවකාලික වේදනා නාශකයක් වශයෙන් කිව්වොත් ඒක සත්‍යයෙන් එච්චරම ඈත නෑ.
ඉතින් අමතක කරන්න උත්සාහ කරන දෙයක් මේ බ්ලොග් එකේ ලියන එක නිකං තුවාලයක් කසලා ගන්න තාවකාලික නමුත් හානිකර සුවයක් වගේ වෙන්න පුලුවන්.
මම සමහර විට ලියන බ්ලොග් පෝස්ට් ගැන මම පසු තැවිලි වෙලත් තියෙනවා. මොකද මම කියන්න හදන නෙවෙයි සමහරවිට කියවන්නෝ තේරුම් ගන්නේ. හාත්පසින්ම ඊට වෙනස් දෙයක්.
ඒ වගේම මගේ පෝස්ට් පිටිපස්සෙ පොලිටිචල් අජෙන්ඩා එකක් නෑ. නමුත් සමහරු මම කියන දේ මම හීනෙකින්වත් නොහිතපු ප්‍රොපගැන්ඩා වලට යොදාගන්නකොට මට උන්හිටි තැන් අමතක වෙනවා.
ඒක නිසා නොකියම බැරි වුනොත් මිසක් මම දැන් ලබන අත්දැකීම් ගැන ලියන්න කැමති නෑ.
මේල් එකක් එව්වා... බලන්න ස්පෑම් ගිහිල්ලද දන්නේ නැහැ...
Deleteතරහ වෙන්න එපා මේ ඉල්ලීම කලාට. මම නම් කෙනෙක් දිහා බලන්නේ අත්දැකීම් රාශියක් විදියට. හැමෝගෙන්ම ගන්න දේවල් තියෙනවා. හිට්ලර්ගෙන් පවා.
කවුද කිව්වේ උඹ ආදර්ශමත් එකෙක් කියල... අම්මප? මම එහෙම කිව්වද?? අනේ ඩුඩ් එහෙනම් වහාම නිවැරදි කරන්න ඒක !! ඔබගේ රස්සාව හා පුද්ගලික මතිමතාන්තර/ ආකල්ප /ජීවිතය කියන්නේ සම්පුර්ණයෙන් එකිනෙකින් වියුක්ත කලාප දෙකක් ( මට නම් ) හොඳයි, අපි ඔබ රැකියාවෙන් ගුරුවරයෙක් කියල නොදැන මේ හැමදේම කියෝනවා කියල හිතන්න... එතකොට අපි දකින දේ වෙනස් වෙනවද? එහෙම වෙනවා නම්, කියවන්නාගේ ප්‍රශ්නයක්... ඔබේ නොවේ... රැකියාවකින් 'සියලු' දේවල් වසාගන්න ජිවිතයක් අපිට තිබ්බොත්... අනේ... ඒ මොන නරකාදියක්ද?
ඩුඩ් , මම ලියන සමහර දේවලුත් මේ විදියට මගේ පුද්ගලික ජිවිතේ සිතුම් පැතුම් එක්ක ගලපලා මට මේ ලඟදි මගේ බ්ලොග් එක කියෝන හාදයෙක් දුන්න කොමෙන්ටුවට ( වාචික) මට හිතුන බ්ලොග් එක මකන්න!! පස්සේ හිතුව... එහෙම කරන්නේ මොකටද.... මගේ පරිකල්පන මට ඕනේ විදියට කරනවා.. මට ඕනේ දේ ලියනවා.... ඔය තියෙන්නේ ඕනේ තරම් පොත් ජාති වෙළඳපොලේ.... නිල් පත්තර වල සිට අධ්‍යාපන කලාප දක්වා. ඕනේ උන් ඕනේ පත්තරේ අරන් කියවයි. කවුද කියන්නේ ඒ පොත්වල, පත්තරවල තියෙන්නේ ලියුම්කරුගේ ජිවිතේ කියල? දහම් පාසල් ගුරුවරු නැද්ද නිල් පත්තර වලට ආර්ටිකල් ලියන?? ඒ වගේම ගණිකාවෝ නැද්ද ලස්සන කවි ලියන, සින්දු කියන??? අනේ මේ....... %@$#@#%%^
උඹව මතක තිබුනා නම් ඒක අමතක වෙන්න බෑ. බය උනාද දන්නේ නෑ කීයක් හරි ඉල්ලාවිය කියලා. ඔය වගේම සීන් එකක් අපේ නැන්දා කෙනෙකුට උනා. අන්තීමට තගරිය දාලා හැම තිස්සෙම එන එක නවත්ත ගත්තේ. ඌටත් එහෙම හිතෙන්න ඇති.
ReplyDeleteහෙහ් හෙහ්, උඹ කිව්වත් වගේ ඌ හිතුවද දන්නේ නෑ මම හැමදාම කප්පං ඉල්ලන්න එයි කියලා. උඹටත් පේන පැති! :))
Deleteකථා කරුවෙකු ගේ පුනරාගමනය ගැන මගේ බලත් ප්‍රීතිය !!!!!
ReplyDeleteමං ඔහොම හෘද රෝගියෙක්ව රෝහලට අරන් ගිහින් තියනව. එයාට අමාරු වෙලා දාඩිය දාල දඟල දඟල ඉන්නව මං යනකොට. ගෙදර කවුරුවත්ම හිටියෙ නෑ. ඊ ලඟට ඔය මං කිව්ව රෝගියා තරුණ කාලෙදි, පතල් වලක නායකට යට වෙන්න ගිය කෙනෙක්ව ගොඩට ගෙනල්ල තියනව අනෙක් අය බහින්න එපා කියද්දි. මං හිතන්නෙ ඔහුගෙ ඒ 'පින' ද කොහෙද අර පල දුන්නෙ :D
මිනිස්සුන්ට උදව් අමතක වෙනව ඩූඩ් අයියෙ. සාමාන්‍ය මිනිසුන් විදිහට කළකිරීමක් එනව තමයි. ඒත් ඕව එච්චර නොහිත ඉන්න තමයි මං නම් උත්සාහ කරන්නෙ. මේ සිද්ධිය ඇතුලෙ කතා ලියන්නෙකුට හොඳ වස්තු බීජයක් නම් පේනව මට.
මෙතන බ්ලොග් කරුවෝ දෙන්නෙකුගෙම පුනරාගමනයක් තියෙනවා කියලා උඹට පේන්නේ නැද්ද? උඹයි මමයි!
Deleteඋඹත් ඔය ඒ වගේම අත්දැකීමක්නේ ලබලා තියෙන්නේ. ඒ ආත්ම තෘප්තිය ඇති ජීවිත කාලෙකට නේද?
මට ඕක මතක් වුනේ බං ඔය පොරව දැක්කාමයි, ඊට පස්සෙ උපේක්ෂගේ ලිපිය දැක්කාමයි. එහෙම නැතුව මම ඕක නිතර සිහිකරන දෙයක් නෙවෙයි.
අහ්.. ඇත්තට, මං කියන එකත් ආයෙ ආව නේන්නං :D
Delete//ඒ ආත්ම තෘප්තිය ඇති ජීවිත කාලෙකට නේද?// ඇත්තටම. ඒ වෙලාවෙ කල්පනාවට එන්නෙ මේ මනුස්සයා බේර ගන්න ඕන කියන සිතිවිල්ල විතරමයි. අපි එහෙම කලේ නිතර නොදකින පුද්ගලයෙකුට නම්, කාලෙකට පස්සෙ ඔහුව දකිද්දි අර සිදුවීම ඔළුවට එනවා ඕන කෙනෙක්ගෙ. ඒක සාමාන්‍ය දෙයක්.
//එහෙම නැතුව මම ඕක නිතර සිහිකරන දෙයක් නෙවෙයි.// යා යා මට ඒක වැටහෙනවා.
//ඒත් ඕව එච්චර නොහිත ඉන්න තමයි මං නම් උත්සාහ කරන්නෙ.// මං ඔය වාක්‍යය ලිව්වෙ මේ සිද්ධියට අදාළ කරල නෙවෙයි. එහෙම අයත් ඉන්නව නෙ. :)
සමහරවිට මිනිහට සිද්ධිය සම්පූර්ණයෙන්ම අමතක ඇති, කාලයක් එක දිගට පුරුදු පරිසරයෙන් , පුරුදු මිනිස්සුන්ගෙන් ඈත්වෙලා ඉන්නකොට ඒ මතකයන අමතක වෙන්න පුළුවන්,
ReplyDeleteඅර Out of Sight Out of Mind කියන්නේ ඒකටද මන්දා :P
වෙන්නත් ඇති බං. පොර මොකක් හරි මෙමරි ෆිල්ටර් එකක් හරි සර්ච් ෆිල්ටර් එකක් හරි පාවිච්චි කරනවද කවුද දන්නේ. :))
Deleteඅවුට් of සයිට් අවුට් of මයින්ඩ්.....ඒක ඇත්ත.....
Deleteවයසට ගියාට පස්සේ එයාට "අමතක වෙන ලෙඩක්" හැදුනද දන්නේ නෑනේ. මොනවා වුනත් කතාවකට මුල හොයලා දුන්නටත්, ඩූඩ් ආපහු ගෙන්නව ගන්ට පාර පෙන්නුවටත් බණ්ඩාරෙට පින්... :-)
ReplyDeleteඅපි කොහොමත් අමතක වෙන ජාතියක්නේ පොඩ්ඩි. කිව්වත් වගේ කතාවකට වස්තු බීජයක් හොයලා දීපු එකම මදිද නේද?
Deleteඅප්පොච්චියේ............................. නිකම්ම මලකඩ කැඩීමක් නෙවෙයි, අර නැව් වල බඳේ ඇලිලා ඉන්න මට්ටි බෙල්ලෝ කඩලා යන්න, සෑන්ඩ් බ්ලාස්ටින් කරනවා වගේ මලකඩ කැඩිල්ලක්. මම හිතුවේ මාලදිවයිනේ සාගතයක් කියලා. :D
ReplyDelete1988 - 89 කාලේදී, මම මා දන්නා හඳුනන ගුරුවරයකු, ජවිපෙ සැකකරුවකු ලෙස එක්තරා යුද හමුදා කඳවුරක රඳවාගෙන සිටින බව, අහම්බෙන් දැක්කේ, රාජකාරි කටයුත්තක් සඳහා එම කඳවුරට ගියවිටයි. මම ඒ කඳවුර භාර නිලධාරියාගෙන් කරුණු විමසුවාම මේ පුද්ගලයා අවි ආයුධ සහිතව රාත්‍රී කාලයේදී නිවෙස් වෙත ගොස්, මරණ තර්ජන කොට හැඳුනුම්පත් එකතු කිරීම, මුදල් ලබාගැනීම, වැනි චෝදනා වලට ලක්ව සිටින බව දැනගත්තා.
අර නිලධාරියාත් මාත් අතර තියන අවබෝධය මත (නීතියට තරමක් පටහැනිව) මම ඔහු මගේ භාරයට ගත්තා. 1990 ආසන්න වනතුරු, මම ඔහු මගේ කඳවුරේ 'එළිමහන් සිරකරුවකු' ලෙස රඳවා ගත්තා. පසුව ඔහුට විරුද්ධව එතරම් බරපතල චෝදනා නැති බවට ඉහලට වාර්තා කර, ඉහල කඳවුරට භාරදීමෙන් පසු ඔහුව නිදහස් කර යැවීමට හැකිවුනා. මේ සියල්ල කලේ, ඔහු දක්ෂ ගුරුවරයකු බව මා පෞද්ගලිකවම දන්නා නිසයි. ඔහු නිදහස්ව යන්නට පෙර, මා ළඟදී හඬා වැටුනා. ඔහු දැනසිටියා ඔහු වරදකරුවකු බවත්, නමුත් මා ඔහුගේ ජීවිතය බේරූ බවත්.
කාලය ගෙවී ගොස් මොහු විදුහල්පතිවරයකු බවට පත්වුනා. ඔහුගේ විදුහල පිහිටි ප්‍රදේශයට, මා දන්නා හඳුනන වෛද්‍ය වරයකු, 'දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී' ලෙස පත්ව ආවා. ඔහුගේ දරුවා අර විදුහලේ පළමුවැනි ශ්‍රේණියට ඇතුලත් කිරීමට, විදුහල්පතිවරයා විශාල මුදලක් ඉල්ලුවා. ඒ වෛද්‍යවරයා දවසක් මා සමග දුරකතනයෙන් කතාකරද්දී, මේ සිද්ධිය කිව්වා. මා කිව්වා මමත් එන්නම් අපි ගිහින් විදුහල්පතිට කතාකරමු කියලා. අපි ඔහු හමුවීමට ගිය අවස්ථාවෙදී ඔහු මටත් අර වෛද්‍ය වරයාටත් කතා කලේ, ඉතාම කනගාටුදායක ලෙසයි. ඔහු මාව සත පහකට ගණන්ගත්තෙ නැහැ. මගේ වාසනාවට ඒ ප්‍රදේශයේ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ වරයා මා දන්නා හඳුනන නිසා ළමයා පාසලට ඇතුලත් කරගන්න පුළුවන් වුණා. අර වෛද්‍යවරයාට මා කියා තිබුණේ නැහැ මම අර පුද්ගලයාගේ ජීවිතය බේරාගත් හැටි. මම ඒ කතාව කිව්වට පස්සේ ඒ වෛද්‍යවරයා කිව්ව දේ මෙතන ලියන්න බැහැ. අදටත් ඔහු 'රාජපක්ෂ පාක්ෂික' මහා පාගා මරුවකු ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ මධ්‍ය මහා විද්‍යාලයක විදුහල්පතිව සිටිනවා.
කිරි දියෙනි දෙවියත් - අඟුරු සුදු වන කලෙක් නම් නැත්... කියනව නෙ. නේද :)
Deleteවිචාරකගේ පළවෙනි ඡේදේ කියෙව්වාම මට මතක් වුනේ ටින් ටින් කතාවල ඉන්න කැප්ටන් හැඩොක්ගේ කටේ කොච්චරවත් තියෙන වචන සෙට් එක.
DeleteBlue blistering barnacles! thundering typhoons...!
විචාරකගේ කතාවේ කතා නායකයත් එක්ක බලනකොට බණ්ඩාරේ කොච්චර හොඳද! අරූව බ්‍රයිබරි එකට අල්ලලා දෙන්න ගියානම් ළමයව ඉස්කෝලෙට දාගන්න බැරි වෙනවා නේද?
යාලුවා කියපු වචන සෙට් එක මට හිතාගත්තෑකි. මොනවද ඉතිං Blue blistering barnacles! thundering typhoons...! කියන්න ඇති. :))
මිනිහෙක්ට ඔයවගේ දෙයක් අමතක වෙන්නෙ ඉතින් ඒක හිතලම අමතක කරොත් තමයි.
ReplyDeleteහරි ලස්සනට කතාව ලියල තියනව එක හුස්මට කියෙව්වැහැකි :) :)
මම හිතන්නේ ඒක ප්‍රමුඛතා ලැයිස්තුවේ පහලට ගමන් කලාමත් එහෙම වෙනවා නේද?
Deleteබොහොම ස්තුතියි සිතුම් සයුර.
පෝස්ට් එක කියවලා බණ්ඩාර ගැන කළකිරිලා //මම දඬුලේනෙක්ගේ ෆෝටෝ එකක් අරගෙනත් නෑ.// මේක දැකපු ගමන් මට හිතුනෙ එක පාරටම. "ශැක් අර යකා බේරගන්න එක පැත්තක දාලා කැමරාවක් හොයන් දඬුලේනාගෙ ෆොටෝ එකක් ගත්තානම් ඉවරයි." කියලා.
ReplyDeleteඒත් ඉතිං මෑන්ට අමතක උනත් ඩූඩ් අයියට මුළු ජීවිත කාලෙ පුරාම මතක් කරලා සතුටු වෙන්න පුළුවන් උතුම් ක්‍රියාවක්නෙ කලේ. මනුස්ස ජීවිතයක් බේරගන්න ලැබුන සතුටම මදෑ.
හැබැයි බණ්ඩාරට ඩූඩ් අයියව මතකයි සිද්ධිය අමතකයි කියන්නෙ, මෑන්ගෙ මෙමරිය සම්පූර්ණයෙන්ම ෆෝමැට් කරලා නෑ. එකත් එකටම මෑන් සිද්ධිය විතරක් ඩිලීට් කරලා.
මොක හරි ඩූඩ් අයියා ඩෙනිම ආයේ හෝදලා අදින්න ගත්තු එකනම් ලොකූ දෙයක්!! :D :D
දඬුලේනගෙ ෆෝටෝ ගැනිල්ල ගැන කියනකොට ප්‍රියා මට මතක් වුනේ දෙවෙනි ලෝක යුද්දේ කාලේ ජනාධිපති අයිසන්හවර් කිව්වා කියන කතාවක්.
Deleteමිත්‍ර හමුදා ජර්මනිය පරද්දලා නට්සි වධකාගාර වලට ගියාම අයිසන්හවර් කිව්වලු, "ඔය අවට තියෙන ජර්මන්/ඕස්ට්‍රියන් ගම්මානවල මිනිස්සුන්ව ඕකට අරන් ඇවිත් හොඳට පෙන්නන්න. ඒවගේම පුලූවන් තරම් පින්තූර ගන්න. ෆිල්ම් කරන්න කියලා. ඒ මොකද තව කාලයක් ගියාම සමහර ---පුතාල කියන්න පුලුවන් එහෙම දෙයක් වුනේ නෑ. ඔය ඔක්කොම ප්‍රබන්ධ කියලා"
ස්තුතියි ප්‍රියා.
ඉතින් ඒක නිසා නෙවද උඹට චිත්‍ර ඇඳීමේ හැක්යාව කියල එකක් සහ ග්‍රැෆික් ටැබක් කියල මගුලක් තියෙන්නෙ ( අපි දීල නෙමෙයි - දෙය්යො දීල )?
ReplyDeleteඩූඩ්, මගේ ප්‍රථිපත්තිය, මිනිස්සුන්ට හැකි හැම විටම උදව් කරන්න, උදව් කල වහා ඒ උදව්ව කල බව අමතක කරන්න, එවිට ඔබට සතුටින් සිටිය හැක ( කළකිරීමෙන් මිදීම සතුටින් සිටිය හැකි එක් ක්‍රමයකි ).
මම් මේ කියන්නෙ "දියෙහි යන දන්ඩට පිහිටක් වෙතත් පෙරසිට දුදනෝ හට පිහිට නොවව් යන බස සැබෑ කලෙ මට" යන්න ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධකරගෙන.
ප/ලි, කරුණාකර ඊලඟ ලිපිය අදම ලියන්න ගන්න, එයද වටිනා උපකාරයකි :D
මම කියාපු දේම ඉන්දිකත් කියල - මම ටයිප් කරන අතරෙදිම
Deleteපුරුද්දක් හැටියට දන්දීමත් අනෙක් අයට උදව් කරන අයත් එතෙනට හිතින් ඇවිල්ල ඉන්නව කියල අත්දැකීමෙන් දන්නව! එහෙම අය ඇසුරු කරන්නට ලැබීම සතුටකි!! අපේ ජීවිතද තවත් එළිපෙහෙලි කරගත හැක!!!
@ Indika:
Deleteඒ ග්‍රැෆික්ස් ටැබ්ලට් මගුලේ පෑන කැඩිලා බං දැන් අවුරුදු දෙකක් තිස්සෙ. අතින් අඳින්නත් පුලුවන්, නමුත් මම කිව්වේ මේ දවස්වල පුදුම උදාසීනකමක් ගහලා තිබුනා කියලා බ්ලොග් සම්බන්ධව. ඒත් උඹට ස්තුතියි උඹේ පළවෙනි සහ අවසාන ඡේදවල නොකියා කියපු ලොකුම ලොකු ප්‍රසංසාවට.
අනේ බං මම එහෙම අනුන්ට උදව් විසේසයෙන් මතක තියාගෙන ඉන්නේ නෑ.
උඹ නිසාම මම මේකට තවත් ලිපියක් ලියන්නම්. අන්තිම ඡේදෙනුත් කිව්වනේ.
තිස්ස,
Deletegreat minds think alike ;)
මෙහෙම දේකුත් හිතෙනව ඩූඩ්
ReplyDeleteබණ්ඩාරේ අවංක මිනිහෙක් වෙන්න බැරිද? බොරුවට පටලවලා මතකයි කියන්නත් තිබ්බා! ඇත්තටම මතක නැතිවත් ඇති
ඩූඩ්ට ඒක මතක තිබ්බෙ මොකද? බණ්ඩාර නිසාමද කෙනෙකුට උදව් කිරීමෙන් ඇතිවුණු සතුට නිසාද?
ඩූඩ් හරි පැත්තට කැලේ එළිපෙහෙලි කරගෙන තිබේ - "තමන් අනුන්ට කල උදව්වක් සිතේ තියාගෙන සිටීමත්...." - ඒ ගැන සතුටුයි
දුකේදී දුක් නොවී ඉන්න හිත හදාගන්න පුරුදු වෙන්න කලින් සැපේදී සතුටු නොවී ඉන්න හිත පුරුදු කරගන්න බලන්න කියල කෙනෙක් මට කීව
ඩූඩිගෙ හිතට ඇතිවුණු හිස්බව - කලකිරීම, අනාගතයේදීත් ආයෙම ඒම නැවත්වීමට පොඩි අත්බේතක් කීවේ - අමනාප වෙන්න එපා - අත්බේත් හැමටම එක විදිහට වැඩ කරන්නේ නෑ :-)
ඉහල චන්දනටයි ඉන්දිකටයිත් මම කිව්වේ තිස්ස මම එහෙම අනුන්ට උදව් විශේසයෙන් මතක තියාගෙන ඉන්නේ නෑ. නමුත් මට කෙනෙක් කරපු උදව්වක් මතක තියාගෙන ඉන්න විශේෂ උත්සාහයක් දරනවා.
Deleteමට ඕක මතක් වුනේ බං කාලෙකට පස්සේ ඔය බුවාව දැක්කාමයි, ඊට පස්සෙ උපේක්ෂගේ ලිපිය දැක්කාමයි. එහෙම නැතුව මම ඕක නිතර සිහිකරන දෙයක් නෙවෙයි.
මේ නිසාම මම ඊ ලඟට ලියන්නම් 'අරුම පුදුම බඩු මල්ල' ගැන කතාව. :D
ඔකේ අනිත් පැත්ත මට උනේ.
ReplyDeleteඅපේ ගෙවල් කිට්ටුව මළගෙදරක ගිහින් ගෙදර එනකොට පාන්දර තුනට විතර ඇති. රේල් පාරට සමාන්තර බොරළු පාරක් දිගේ ඇවිත් රේල් ගේට්ටුවක් නැති තැනකින් රේල් පාර පනින්න හදනකොට හොඳටම බීපු එකෙක් පැන්න වාහනේට. කුණුහරුපයකුත් කියාගෙනම වාහනේ නැවැත්තුවා විතරයි ඒ වෙලාවට කොළඹ යන කෝචිචිය එතන පහුකරා. බීල හිටපු අර මනුස්සයා මට හොඳටම බැන්න බීල වාහන පදවනවා කියල. පහුවදා මම ගෙදරට ගියා ස්තුති කරන්න. එයා ගෙදර නෑ. හවස මලගෙදරදී හමු උනාම මේ මනුස්සයට මොනවත් මතක නෑ. එහෙම එකක් උනාද දන්නෙත් නෑ. ඒ මනුස්සයා නැවැත්තුවේ නැතිනම් අනිවාර්යෙන්ම එදා කෝච්චියට හැපෙනවා.
මේකේ සම්පූර්ණ අනිත් පැත්ත තමයි උඹට වෙලා තියෙන්නේ ජීවන.
Deleteඇත්තෙන්ම බීමේ ආදීනව දැනගන්න බේබද්දෙක් තරම් සම්පත් පුදගලයෙක් තවත් නෑ.
ඔය වගේම වාලි චැප්ලින් කතාවකුත් තියෙනවා බිව්වාම විතරක් මතක හිටින පොරක් ගැන. ඒකේ නම Limelight ද කොහෙද.
සමහරවිට ඇත්තටම මිනිහට ඒක මතක නොතිබෙන්න ඇති. නමුත් මිනිහගෙ ජීවිතේ අන්තිම අවස්ථාවෙදි අනිවාර්යෙන්ම ඔය සිද්ධිය මතක් වෙනව. කොහොම උනත් ගොඩ දෙනක් තමං වෙන කෙනෙක්ගෙන් උදව්වක් ලබාගත්තයි කියන එක අමතක කරන තැන තමයි ඉන්නෙ.
ReplyDeleteනමුත් ඩූඩ්ට ඒ මනුස්සයගෙ ජීවිතේ බේරගත්තයි කියන එකේ නිරාමිස ප්‍රීතිය සෑම අවස්ථාවකම විඳගන්න පුලුවං.
දිස් ඉස් දඬු ලේනා
Delete[im]http://upload.wikimedia.org/wikipedia/commons/d/dd/Malabar_giant_sqirrel.jpg[/im]
එළස්! තෑන්ක්ස් ප්‍රසන්න මලයා. :)
Deleteඉයා..ඉයා..දිස් ඉස් දි දඩු ලේනාස්..
Deleteමේ මොකාද බං නිකං ඇල්වින් වගේ
Deleteනෙද්දකිං
මූ මලබාර් දඬුලේනෙක් ලු :D
Deleteයකෝ අපේ ගෙදර පොල්ගස්වල ඉන්න දඬු ලේන්නු ෆොටෝ ගහන්න ගස්වල නැගල ඔය බණ්ඩාරය වගේ බිමට පතබෑවුනාම කවුද උස්සගෙන ඉස්පිරිතාලෙ අරන් යන්න ඉන්නෙ. :D
Deleteඒ වගේද අප්පා, "අතපය කඩාගෙන ගහපුව ඕව" කියල ඒක මෙහෙම තැනක, තව ඕන්නං ෆේස් බුකියෙ එහෙම ආඩම්බරෙන් දානකොට. :D
Deleteඉඳපියව්, මං ගත්ත පොටෝ දෙක තුනක් තියෙනවා. දාන්නං. මිහින්තලේ ගිහිං ගත්තෙ පොටෝ..,! (ආඩම්බරෙං)
Deleteකෝ බං කතාව හරියට ඉවර කරල නැහැනේ . අර දඬු ලේනාට මොකද වුනේ? :D
ReplyDeleteඌ බන්ඩාරලාගේ ගෙදර..
Delete:(( සොරි වෙන්ඩෝනේ. අමතක වුනා නේන්නං. පොයිසන් මිස්ටේක්.
Deleteඉනික්බිතිව ඒ දඬුලේන්තෙමේ චිරාත් කාලයක් දැහැමින් සෙමෙන් ජීවත්විය.
ටිං ටිං ලේනා
Deleteදැන් දැන් පැන්නා
හුරතල් පානා කෝ මගෙ ලේනා
වලිගේ උස්සා
මෙතනින් බැස්සා
ටිං ටිං ගානා
කෝ මගෙ ලේනා
හවුලට කිරි ටික
බොන මගෙ ලේනා
කෝ මගෙ ලේනා
වරෙන්කො ලේනා.......
(ටිබැට් ජාතික ඇස්. මහින්ද හිමි )
http://www.chirbit.com/chirbit/211731
Deleteලේනෝ..ලේනෝ
- මිල්ටන් මල්ලවාරච්චි
මාත් නම් කෙනෙකුට කරපු උදව්වක් පස්සෙ පන්නන්නෙ නෑ.ඒත් එයා ඒක මතක තියා ගනියි කියල පොඩි සිතිවිල්ලක් තියෙනවා. ඒ කියන්නෙ දකින දකින වෙලාවට ඒ ගැන කතා කරන නෙමේ. ඒ නිසා මට දැනෙනවා ඩුඩ් ගෙ කලකිරීම. අර තිස්ස කියල තියෙනව වගේ සිතන්න පුලුවන් නම් කොච්චර හොඳද? ඒත් මට බෑ. මං හරි පෘතග්ජනයි.
ReplyDeleteහයියෝ මමත් පැන්නුවේ නෑ නිල් මානෙල්. මේ වැඩේ කරනකොට මට අවුරුදු දොළහක් හෝ පහළොවක් ඇති. ඒ කියන්නේ පොඩි ළමයෙක්නේ. ඒ පොඩි ළමයා දැක්කේ භයානක දර්ශනයක්. ඒ ළමයා පැනලා දුවන්නේ නැතුව කෑ ගහලා අර මනුස්සයව බේරා ගත්තා. ඒ කලේ ප්‍රසංසා බලාපොරොත්තුවෙන් නෙවෙයි.
Deleteසිද්ධියට පස්සෙ ප්‍රසංසා කලේ අනිත් මිනිස්සු. මේ ළමයා කලේ ප්‍රසංසා නිහඬව දරාගෙන යම් තෘප්තියක් ලබපු එක විතරයි.
නමුත් මේ ළමයගේ හිතේ අර පුද්ගලයව රැඳිලා තිබුනේ ලේ පෙරාගෙන, පඳුරු ගාලත් එක්ක ගැහි ගැහි හිටපු පුද්ගලයා හැටියටයි. මේ දැනුත් එහෙමයි. ඒක හෙම වෙන්නේ ඒක අමතක කරන්න බැරි භයානක දර්ශනයක් නිසයි.
ඊට පස්සේ මේ ළමයා වැඩිහිටියෙක් වෙලා අර මනුස්සයව දැක්කාම ඉස්සෙල්ලම ඔලුවට ආවේ අර ලේ පෙරාගෙන හිටපු දර්ශණයයි , ඒකයි ඒකයි අර ප්‍රශ්ණේ ඇහුවේ, නැතුව ප්‍රසංසාවක් බලාපොරොත්තුවෙන් නෙවෙයි.
මේ ළමයා කවදාවත් ඒ සිද්ධිය මතක් කරලා ප්‍රසංසා ඉල්ලලා නෑ. බලපෑම් කරලා නෑ. කොටින්ම ඒ ගැන වචනයක්වත් කතා කරලාත් නෑ ඔය සිද්දිය වෙනකල්.
නමුත් තමන්ගේ ජීවිතේ වැඩගත්ම සිද්ධියක් අමතක වීම ගැන කළකිරීමක් ඇතිවුනේ මමතර කිව්වා වගේ පෘතග්ජන පුද්ගලයෙක් නිසා. :)
සමහර විට මිනිහට එයිට වඩා ලොකු ගස් වලින් වැටෙන්න වෙන්න ඇති ඊට පස්සේ. අරක සුළු සිද්ධියක් වෙන්න ඇති පස්සේ වුන අලකලංචි එක්ක බලද්දී.
ReplyDeleteහප්පට සිරි! වෙන්නත් හැකි නේන්නං!
Deleteහපොයි මෙයා මේ කොහෙන්ද මතු උනේ ඈ .
Deleteබාගද මිනිහ ගහකින් වැටිල ආයෙ මැරිල ඉපදුනාද දන්නෑ.
Deleteඇත්තටම ඒක නම් කියන්න බෑ තමා. මටත් දැන් හිතෙන්නේ එහෙම තමයි බින්දි කිව්වට පස්සෙ. අර කිණිහිරේ ගිල්ල යකාට අග්ගලෙත් කජ්ජක්ද කිව්ව්ලුනේද?
Deleteමමනම් අමිහිරි අත්දැකීම් ගොන්නකට පස්සෙ දැන් වෙන කාට හරි උදව්වක් කලාට පස්සෙ ඒක අමතක කරනව, නැත්තම් මම අච්චර උදව්වක් කරලත් මූ මට මෙහෙම කලානෙ කියන පසුතැවිල්ල දැනෙනව වැඩියි. කවුරුහරි උදව්වක් කලොත් අනිවාර්යයෙන් ප්‍රතිඋපකාර කරනව.
ReplyDeleteඋදාව්ව අල්ල ගන්නෙ නැතුව අත් හැරීමයි පහසුම දේ. එතකොට තැවීමක් හෝ ගැටීමක් නෑ.
අනික අමතක කලත් ඔයා කරපු දේට අනිවාර්යයෙන් වෙන කෙනෙක්ගෙන් ඒ හා සමාන උදව්වක් ලැබෙනව. අත්දැකීමෙන් කියන්නෙ ඩූඩ්.
උදාහරණෙකුත් දුන්නැකි ඕනෙනම්,
අපේ තාත්ත ලෙඩ වුන අයට පුදුම විදියට සලකපු කෙනෙක්. ලෙඩ්ඩුන්ව හොස්පිට්ල් ගේයන්න, ලේ දෙන්න, මුදල් ආධාර හොයල දෙන්න, කෑම බීම හදල දෙන්න හැමදේම කලා හැබැයි ඒ මිනිස්සුන්ගෙන් ස්තුතියක්වත් බලාපොරොත්තු උනේ නැහැ. ඔය අමාරු වකුගඩු රෝගීන්ව ඩයලිසිස් කරන්න අරන් යනව හැමදාම මාව කැම්පස් එක්කන් යද්දි එක්කන් එද්දි ඉස්සර සතියට දවස් දෙකක් එහෙම අයට කියනව සඳුදටයි සිකුරාදටයි අපි එක්කන් යන්නම් කියල. එක්කන් ගිහින් පව්ලෙ කෙනෙක් වගේ හැමදේම කරනව.
ඩූඩ් දන්නවත් ඇතිනෙ අන්තිමේ අපේ තාත්තට අසනීප වුනා.
අර උදව් ගත්තු කිසිම කෙනෙක් පැත්ත පලාතක් බැලුවෙ නෑ. අපේ වාහනේ තාත්තව එක්කන් යන්න ඩ්‍රයිව් කරන්න කෙනෙක්වත් නෑ. අර උදව් ගත්ත මිනිස්සු එකපාරටම පට්ට බිසී වෙලා. දන්නවද තාත්තගෙ සහෝදරයො ලෙඩවෙලා අවුරුද්දක් උනා තාම ආවෙ නෑ පැත්ත පලාතෙ..
හැබැයි පුදුම වැඩේ කියන්නෙ හොස්පිට්ල් එකේදි අපි ජීවිතේට දැකල නැති මිනිස්සු මෙන්න අවුරුදු ගානක හිතවත්තු වගේ අපිට උදව් කරනව. එක දවසක් කතා කරල අඳුනගත්තු හෝහල් සේවකයො කෝල් කරල සුවදුක් අහනව. එකපාරට හිතවත් වුන සමහරු නෑදෑයො වගේ සලකනව.
මුලින් තාත්ත ගොඩාක් දුක් වුනා කාටවත් උදව් කරල වැඩක් නෑ පසුතැවිල්ල විතරයි කියල. ඒත් ඔයා කරපු උදව්ව, උදව් අබපු කෙනාගෙන් නැතත් වෙන කාගෙන් හරි ඕනෑම මොහොතක ඔයාට ආපහු ලැබෙනව.
spelling mistake ගොඩයි. කලබලෙන් ටයිප් කල නිසා. ගණන් ගන්න එපා ටීචෝ....!!
Deleteස්තුතියි බස්සි. නමුත් මට එහෙම විශ්වාසයක් නෑ. මම් අදහස් කරන්නේ හොඳ දෙයක් කලාම හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවයි කියන එක. නමුත් ඔයාගේ කතාව නම් රසවත්. දැන් එහෙම ප්‍රශ්ණයක් නෑනේ. බස්සිට ලයිසන්ස් තියෙනවනේ දැන් නේද?
Deleteමම ඉහල නිල් මානෙල්ට ලියපු පිළිතුරත් පොඩ්ඩක් කියවන්නකෝ.
උඹ මොන මඟුලකට ඔය පරණ කතා මතක් කරන්න ගියාද?දන්නෙ නෑ වගේ යන්න යනව නං යන්න දීල නිකං හිටිය නං ඉවරනෙ.
ReplyDeleteYes Yes, My bad. My bad. :)
Deleteබං මේක අහපං..බණ්ඩාරෙට අතීතය මතක නැතුව ඇති..මෙන්න බලාපං උඹ කරල තියෙන එක...
ReplyDelete/ මම බණ්ඩාරේව හොලවමින් කතා කලත් බණ්ඩාරේ හිටියේ සිහි සුන්ව. /
යකෝ ගහකිං වගෙ වැටිල සිහියක් පතක් නැතුව ගැහෙන එකක්ව හොල්ලන්ට අන්තිම නරකයි. චිකුන්ගුන්යා හැදෙන්ට පුලුවන්...නැත්තං මතකය නැතිවෙනව..ඔය බන්ඩාරෙට වෙලා තියෙන්නෙ ඒක තමයි…
උඹලට බං ගුරු විද්දියාලෙ වත් කියල දුන්නෙ නැද්ද ප්‍රතමාදාර කරන පිලිවෙල? මොනවද ආය කතා දෙකක් නෑ..අනිවා...ප්‍රතමාදාර කියල දෙන වෙලාවෙ උඹ අර ලමය එක්ක පානිය දාගෙන යන්ට ඇති රේල්පාර දිගේ මීවතුර දිහාට..ඉතිං කොහෙද එව්ව දන්නෙ..
මේ ඔන්න අදවත් දැනගං ගහකිං වැටිල කම්පනයෙන් ගැහෙන එකෙක්ට දෙන්ට ඕන ප්‍රතමාදාර...ඔය ඉන්න දිහා එහෙම එකක් උනොත් වැඩ්ඩා වගෙ පැනල මේ විදිහට කරපං අද්දුටුවයි..සත්තයි..ඒකාන්තයි..බඩුම තමයි..ඉස්සෙල්ල හොඳ හයිය ලනුවකින් ගහෙං වැටිච්ච එකාගෙ වලලුකර ගැට ගහපං..ඒ කරල ඌ වැටිච්චි ගහේම අත්තක එල්ලල එහාට මෙහාට හෙමිහිට පද්දපං..ඒ අතර වහාම වයිද්දියවරයෙකුට පනිවිඩයක් යවපං...හරිනෙ නේද? අන්ඩස්ටෑන්ඩ්... ඕකේ?
/ කොහොමද පරචිත්ත විචාරන ඥානය. /
පරචිත්ත විචාරන ඥාණය නෙවෙයි බං පරචිත්ත විජානන ඥාණය...අනික ඔතෙන්ට එන්න ඕන නියම වචනෙ ඒකත් නෙවෙයි..නේවසඤ්ඤා නාසඤ්ඤායතනය..ඒ කියන්නෙ දඬුලේන්නු ඉන්න තැන් දිවැසින් පේන්නෙ ඒ ඥාණෙට…
අකුරක් නෑර පිළිගන්නවා මචං. එක අකුරක් නෑර.
Delete(තමන්ටම) පණ්ඩිතයෝ දාහක් එක්ක තර්ක කරලා දිනන්න පුලුවන්, එක..(හඬ ක්‍රමයෙන් නෑසී යයි -fades out)
/ (තමන්ටම) පණ්ඩිතයෝ දාහක් එක්ක තර්ක කරලා දිනන්න පුලුවන්, එක..(හඬ ක්‍රමයෙන් නෑසී යයි -fades out) /
Deleteඋඹත් එක්ක තර්ක කරල ඔහොම තමන්ටම කියාගෙන යන්ට ගියේ කවුද බං?
ඔව්ව ගණං ගන්ට එපා බං....කියන්ට දෙයක් නැතිඋනාම ඔහොම කියල ෂේප් වෙන එක හුඟ දෙනෙක්ගෙ සිරිත.... :D
ඔව් රවී.. කියන්ට දෙයක් නැති උනහම ඒත් සමහරු 'යන්නේ කොහෙද මල්ලේ පොල්' වගේ වෙන දිගම දිග කතාවක් කියල අපිව කරකොල අතාරිනවා.... නෑ මම මේ කිව්වේ සමහරු...
Deleteඒක නෙවෙයි.. ඔය 'ඤ්ඤා' කෑල්ල ගැහුවේ කොහොමද අප්පා....
Upeksha,
Delete/ ඔව් රවී.. කියන්ට දෙයක් නැති උනහම ඒත් සමහරු 'යන්නේ කොහෙද මල්ලේ පොල්' වගේ වෙන දිගම දිග කතාවක් කියල අපිව කරකොල අතාරිනවා.... නෑ මම මේ කිව්වේ සමහරු…/
එහෙම සබ්ජෙක්ට් එකට මෙලෝ සම්බන්දයක් නැති ය.කො. ම. පො. ජාතියෙ කතාවක් කියන එකෙත් තියනව අමුතුම මෙව්ව එකක් නැද්ද?...
හතේ අටේ පන්තිවලදි විතර මම හරියට ඔය වැඩේ කලා. ඔන්න සර් හරි මැඩම් හරි පාඩම කියවනව කියමු. අපි ඔක්කොම ඔලු නමාගෙන ලියාගන්නව. වචනයක් හරියට ඇහුනෙ නැතුවම ඊට කලින් වචනෙ ශබ්ද නඟල කියන සිරිතක් තියනවනෙ..උඹ දන්නවනෙ? " ආමාශයික බිත්ති වලින් වෑහෙන ශ්‍රාවය ආමාශයික යුෂ නමින් හැඳින්වේ." සර් ඔය වාක්‍යය කිව්වම ඔන්න මට " නමින් හැඳින්වේ"කියන කොටස හරියට ඇහුනෙ නෑ කියල කියමුකො.. මම ඔලුව උස්සල හයියෙන් කියනව " ආමාශයික යුෂ අ... අ... අ ...අ" කියල එතකොට සර් " නමින් හැඳින්වේ" කියල වාක්‍යය සම්පූර්ණ කරනව. එතකොට මම ඒ කෑල්ල ලියාගන්නව.
මම කරන්නෙ සර් කියපු වාක්‍යයට කිසිම අදාලත්වයක් නැති මොකක් හරි කියනව..ඔන්න අර කලින් කියාපු වාක්‍යයම සර් කිව්වය කියල කියමු. " ආමාශයික බිත්ති වලින් වෑහෙන ශ්‍රාවය ආමාශයික යුෂ නමින් හැඳින්වේ."මම හයියෙන් කියනව "කළාඳුරූ ඌ...ඌ..ඌ...ඌ... "කියල.
ඔක්කොමල හිනාවෙනව. සර්ටත් කටකොනකින් හිනා යනව. ඒත් එක දවසක් එක මැඩම් කෙනෙක් දුන්න මට කණ රතුවෙන්ට. එදත් එදයි ඒ බම්මන්නගෙ භූමිකාව රඟපෑම මම නැවැත්තුව.ඔන්න ආයම ලියන්ට කතන්තරයක් මතක් උනා..ඉස්තූතියි හෙන් රි සහ කැන්ඩි... :)
/ ඒක නෙවෙයි.. ඔය 'ඤ්ඤා' කෑල්ල ගැහුවේ කොහොමද අප්පා..../
උඹ යුනිකෝඩ් නං ගහන්නෙ ඤ් හගන්නෙ KN අකුරු දෙකෙන්. GN ගැහුවම ඥ් එක. විජේපාල යතුරු පුවරුවනං පාවිච්චිය වැරි සොරි. අයි ඩොන්නෝ..
Ravi, I adore the way you took my joke. Only a few can take it in that spirit without getting pissed off. Hats off machan. :-h
Delete//යකෝ ගහකිං වගෙ වැටිල සිහියක් පතක් නැතුව ගැහෙන එකක්ව හොල්ලන්ට අන්තිම නරකයි. චිකුන්ගුන්යා හැදෙන්ට පුලුවන්.//
Deleteඅම්මපා...කොමෙන්ට් එහෙක කොටන්න කියලා හිතේ තියාගෙන හිටපු ඔක්කොම ගහල ගියා මේක දැක්කට පස්සේ. මූඩ් fix කරන්න මරු කමෙන්ට්ස් රවී අයියාස් ගෙන්.... :)
@රවි
Deleteප්‍රථමාධාර පාසලක් දාපං. මං එනව උඹ ගාව වැටිලා ඉඳං ඉගෙන ගන්න.
මිනිස්සු කියන ජාතිය ඔහොම්මමයි බං අයියේ
ReplyDeleteගනං ගන්ටෙපා නාඩියා. ගනං ගන්ටෙපා.
Deleteලංකාවෙ ජාතික සත්වයා දඬුලේනාය. කූඩුවල ඇති කරන්න නීතිමය වශයෙන් බාධාවකුත් තියෙනවා. බණ්ඩාරෙට ඒ වගේ විශාල උදව්වක් අමතක වෙලා නම් මිනිහට අමතක වෙන රෝගයක් ඇති. කොහොම නමුත් මිනිස්සු ඔහොම තමයි...උදව්වක් ගත්තට පස්සෙ ඒ උදව්ව කරපු මනුස්සයාගෙන් නැවත උදව්වක් අවශ්‍ය නැති නම් අමතක කර දැමීම තමයි කරන්නෙ. මිනිහා ගහෙන් වැටුන වෙලාවෙ කොන්ද නොකැඩි බේරුන එකම මදැයි...
ReplyDeleteඅපේ ගෙවල් පැත්තෙත් මම රට පැටවෙන්න ආසන්න කාලයක අතරමං වෙච්ච දඬුලේනෙක් ගැවසුනා. සමහර විට ගෙදරක හදපු එකෙක් වෙන්න අැති. ඒ පළාතෙ මේ වර්ගය නැති නිසා කපුටො ඒ සතා යන යන තැන කොටන්න ගත්තා...ලේනා සමහර වෙලාවට වේදනාවෙන් කෑ ගැහුවා. කන්න පළතුරක්වත් නැති නිසා මමයි මලයයි කොමඩු ගෙඩියක් ගෙනල්ලා ඒක උස උණබට දෙක තුනක අග රදවලා ගස් දෙක තුනකට හේත්තු කලා.....දවසකට විතර පස්සෙ ඒකා ආගිය අතක් නැති උනා.
ස්තුතියි සිරා දඬුලේනා ගැන විස්තරයට. ජාතික සත්වයා කියන කතාව මම දැනගෙන හිටියේ නෑ. උඹ එහෙම කිව්වාම මට මතක් වුනේ, දඬුලේනා මුද්දරයක් තියෙනවා නේද?
Delete//ලංකාවෙ ජාතික සත්වයා දඬුලේනාය.//
Deleteයකෝ වැලි කුකුළා නෙමේද ?
වලිකුකුළා කියන්නේ ජාතික 'පක්ෂියා'
Deleteඇත්තනේ "පක්ෂියායි" "සත්වයායි" දෙන්නෙක්නේ...:)
Deleteඅප්පටසිරි එහෙමද? මේකෙනම් දාල නෑ වගේ දඬු ලේනා ගැන...
Deletehttp://en.wikipedia.org/wiki/National_symbols_of_Sri_Lanka
ජාතික සත්වයා කියලත් සංකල්පයක් තියෙන වග මමත් මේ ලඟකදි තමයි දැනගත්තෙ.
Deleteඩුඩ් ඔය වගේ වැඩක් මේ කොලොන්නවේද කොහේද උනා නේද කාලෙකට ඉස්සර , මට හරියටම මතක නෑ ;)
ReplyDeleteUh huh! ;)
Deleteපින්තූර කෙසේ වෙතත්..ඳඬුලේන්නු නැති එකමයි හොඳ....!!ගහක කිසිදෙයක් තියාගන්න බෑ හරිම පන හය්ය සතෙක් කියනවනෙ. මරන්න පුලුවන් කියන්නෙ වෙඩි තියලලු. ඒත් ගහබදාගත්ත අත් කකුල් ගලවන්න බෑලු කපලලු ගලවන්න වෙන්නෙ.
ReplyDeleteජීවිතේට අල්ලන්න පුලුවන් සතෙක් නොවේ...ඌට හදිසි අනතුරක් වෙලා අකර්මන්‍ය උනේ නැත්තං.
උයා වෙනස් වෙලානෙ මෙයා..!
මම දඬුලේන්නු ගැන සෑහෙන්න ඉගෙන ගන්නවනේ අද. ස්තුතියි විස්තරයට.
Deleteඔව් බං අලුත්ම ෆෝටෝ එකක් දැම්මා.
අනික ආපහු ගූගල් ප්‍රොෆයිල් එකට ගියා.
//පන හය්ය සතෙක් කියනවනෙ.// හ්ම්ම්.. මං දැකල තියනව අඩි පනහක් විතර උඩ ඉඳල උන් බිම වැටෙනව. මොකුත් වෙන්නෙ නැ. පොඩ්ඩක් වෙලා ඉඳල දුවනව. තව එක දවසක් දැක්ක වෙඩි වැදිල බඩවැල් එලියට ඇදිල තියද්දිත් ගස් වලින් පැන පැන දුවන එකෙක් ව. ඒක නම් මහ කාළකන්නි දර්ශනයක්.
Deleteඕකුන් අල්ලන්න බෑ අත හපනව. හැබැයි උන්ට හරි ලස්සන ලස්සන ඉරියව් නම් තියනව. උන්ගෙ ඇඟ පුරාම ඉන්නව මැක්කො වගෙ සත්තු ජාතියක්. අපේ කොල්ලෙක් දවසක් දඬු ලේනෙක් අල්ල ගන අරන් ආපු වෙලේ දැක්කෙ. අපේ කටේ බලේට ඌව නිදහස් කලේ.
ගහෙන් වැටුන වෙලාවෙ ඔලුව වැදිලා අමතක වෙලා යන්න ඇති ඒ කොටස
ReplyDelete.
ඕවට හිත නරක් කරගන්න හොඳ නෑ. උපේක්ෂටත් ඒ ටිකම මම ඊයෙ කියන්න හිතල ඒක අති සංවේදී සිදු වීමක් නිසා මොකුත් නොකිය හිටිය.
අපි අපේ අතින් කෙරෙන්න ඕන දේවල් කරන එක මිසක්, කිසි කෙනෙක්ගෙන් දශමයක දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. මේ ලෝකෙ යන විදියට, එහෙම බලාපොරොත්තු වුනොත් නිකම් අපේ හිත් රිදෙනව
අපි උදව්වක් කලා කියලා ඒ මනුස්සයාගෙන් ප්‍රශංසා බලාපොරොත්තුවෙන් උදව් නොකරන තරමට හොදයි....මගේ අදහස එහෙමයි. උදව්වක් කලා...හිතෙන් අයින් කලා....දුකක් කණගාටුවක් නෑ එතකොට....
Deleteඒ වුනාට.සිරා උඔ ගම්පහ ගෙට්ටුවෙදි මට දුන්න හිතවත්කම සදු, පොඩි මෙන්ඩා මම මතක් කරනවා..
Deleteමගේ සිද්ධිය?? අනේ ඕව මොනාද සිඳු.... ඒ දවස්වල නම් පොඩ්ඩක් විතර ඕක ගැන දෙන්නෙකුට විතර කිව්වා. දැන් නම් මෙලෝ ගානක් නෑ. තවත් කැම්පස් සෙට් එකකට මම කරපු උදව් වලට උනුත් මට මාරම රිටන් එකක් දීලා ගියේ. අනේ ඔව්.... අදටත් මම උන්ට කතා කරනවා, ඕනේ නම් උදව් කරනවා. කිසි වෙනසක් නෑ
Deleteඔන්න මම ඉහල ලියපු ප්‍රතිචාරක් මෙතනටත් දානවා.
Deleteමේ වැඩේ කරනකොට මට අවුරුදු දොළහක් හෝ පහළොවක් ඇති. ඒ කියන්නේ පොඩි ළමයෙක්නේ.
සිද්ධියට පස්සෙ ප්‍රසංසා කලේ අනිත් මිනිස්සු. මේ ළමයා කලේ ප්‍රසංසා නිහඬව දරාගෙන යම් තෘප්තියක් ලබපු එක විතරයි.
නමුත් මේ ළමයගේ හිතේ අර පුද්ගලයව රැඳිලා තිබුනේ ලේ පෙරාගෙන, පඳුරු ගාලත් එක්ක ගැහි ගැහි හිටපු පුද්ගලයා හැටියටයි. මේ දැනුත් එහෙමයි. ඒක හෙම වෙන්නේ ඒක අමතක කරන්න බැරි භයානක දර්ශනයක් නිසයි.
ඊට පස්සේ මේ ළමයා වැඩිහිටියෙක් වෙලා අර මනුස්සයව දැක්කාම ඉස්සෙල්ලම ඔලුවට ආවේ අර ලේ පෙරාගෙන හිටපු දර්ශණයයි , ඒකයි ඒකයි අර ප්‍රශ්ණේ ඇහුවේ, නැතුව ප්‍රසංසාවක් බලාපොරොත්තුවෙන් නෙවෙයි.
මේ ළමයා කවදාවත් ඒ සිද්ධිය මතක් කරලා ප්‍රසංසා ඉල්ලලා නෑ. බලපෑම් කරලා නෑ. කොටින්ම ඒ ගැන වචනයක්වත් කතා කරලාත් නෑ ඔය සිද්දිය වෙනකල්.
නමුත් තමන්ගේ ජීවිතේ වැඩගත්ම සිද්ධියක් අමතක වීම ගැන කළකිරීමක් ඇතිවුනේ මම පෘතග්ජන පුද්ගලයෙක් නිසා
ඩුඩ්.... සමහර වෙලාවට අපි කියන දේ වෙනස් විදියකට අනිත් අයට තේරුම් යනවා වගේම, අපිට එයාල කියන දේත් 'වෙනස් විදියට' තේරුම් යනවා. ඒ හින්ද මේ සිද්ධියෙන් ජනිතවන අදහස ( ඔබ අදහස් කල) පසෙක තියාගෙන වෙනත් දේවල් ගැන හිතන එක අපි මොහොතකට නතර කරමු.
Deleteමමත් මම කරපු 'හොඳ' වැඩ ගැන ලියලා තියෙනවා. මොකද ඒ පොඩි දරුවෙක් විදියට ඒ පුංචිම පුංචි සිද්ධි අපිට මහා ලොකුවට තෘප්තියක් එක්කරපු හින්ද. මෙන්න බලන්න මම මෙහෙම ලිව්වා දවසක.... ඒ සිද්ධියේදී මට දැනුන හැඟීම තව කාටවත් ජනිත කරවන්න තියෙන අමාරුව, අපහසුව මට තේරෙනවා. අපි කාටත් 'උපදෙස්' දෙන්න පුළුවන්.
අපි නම් උදව් මතකේ තියන් ඉන්නේ.. අනිත් උන් එහෙම නෑ
මම තරම් උදව් කරලා කෙල වෙච්ච එකෙක් වෙන කොහෙවත් නැතුව ඇති
ආ.. ඕව ඔහොම තමයි බන්.. අමතක කරපන්
වගේ වාක්‍ය මටත්, අනිත් හැමෝටමත් පොදු උත්තර සෙට් එකක්. මමත් ඔය වගේ කතා ලියාගෙන යනකොට මගේ හිතෙත් ඇතිවෙන්නේ මම ගැන තියෙන මගේ ආකල්පය.
උදව් දීලා ඊට පස්සේ ප්‍රති උපකාරයක් බලාපොරොත්තු වෙන්න එපා කියන එක තමයි අන්තිම ඉලක්කය. ඔව්.... අපි 'ඔක්කොම' ( මමත් ඇතුළුව) ඉන්නේ ඒ ඉලක්කයෙන් බොහෝ මේ පැත්තේ. නැත්තම් මමත් අර 'පොර ටෝක්' කතා නොලියන්නෙක්! ඔබට වඩා මම ඒ අතින් අන්තිම පහළ ඉන්නේ...
.////////// සමහර වෙලාවට අපි කියන දේ වෙනස් විදියකට අනිත් අයට තේරුම් යනවා වගේම, අපිට එයාල කියන දේත් 'වෙනස් විදියට' තේරුම් යනවා///////////////////////
Deleteඅනේ ඔව් අප්පා ඔහොම වෙනවා....මූණක් දිහා බලාගෙන කතා කරනවා වගේ නෑනෙ.
මම රස්සාව නැතුව අතේ සතේ නැතුව ටවුමේ ඉන්නකොට මාත් එක්ක කාපු බිපු යාලුවෝ සිගරට් දෙකක් අරන් එකක් පත්තු කරගෙන..
ReplyDeleteඅයියන්ඩි..ගිහින් එන්නම් කියලා යනවා...මට කතා කරලා සිගරට් එකක් ඉල්ලන්න හිතෙනවා..ඔය කාලේ බෝයා කියලා යාලුවෙක් හිටියා ඌ යන හැමතැනකම මාව එක්කරගෙන ගියා, කන්න බොන්න දුන්නා..සිගරට් එකක් ගන්න ඔින වුනාහම කවදාවත් සල්ලි අතට දෙන්නේ නෑ පර්ස් එක අතට දෙන්නෙ..ගෙදර යන වේලාවට සිගරට් දෙක තුනක් ඉතුරැ කරලා පැකට් එක අතට දෙනවා..මට ගෙදර ගෙනියන්න බෑ උඔ අරන් පලයන් කියලා..(ඌ කරපු දේවල් මතක් වෙනකොට අදටත් මට දරා ගන්න බෑ).
අදටත් මම බොනකොට ඌ මම වෙනුවෙන් කරපුවා එකක් හරි මතක් කරනවා..ඒ වේලාවට ඌ මට බනිනනවා..
ඕවා අමතකක කරහන් හු**..අපි යාලුවෝනේ..කියලා..
මරු කතාව බං.
Deleteමම මේ ලඟදි FB එකේ දැක්කා මෙහෙම එකක්.
Play broke to get rid of the fake friends හෝ Play broke to get to know your real friends හෝ මීට සමාන අදහසක් දෙන එකක්.
කතාව සහතික ඇත්ත නේ.
මමත් මේ වෙනකොට යාලුවෙක් කියලා ආශ්‍රය කරන්නේ එකම එක්කෙනයි. ඒත් ඔය මෙන්ඩා කියන වර්ගයේ පොරක්!!
Deleteසමාර විට හෙන්රි අය්ය මිනිහ ගහෙං වැටුණ වෙලේ අමතක වෙන්න මොකක් හරි වුණාද දන්නෑ නෙව.. සමහර විට ඔය හින්දි පිලුම් වල පෙන්නනව වගේ ආයෙ මතක් වෙලා හොයං එන්න බැරිත් නෑ...
ReplyDeleteහෙක් හෙක්...
අපි මතක තියාගත්තට ඒ වගේ දේවල් හැම කෙනාටම එහෙම මතකත තියාගන්න ඕන නෑ හෙන්රි අය්ය...
ඒ ඉතිං මනුස්ස සොබාවය නෙව අමතක කරල දාන්න...
ඔව් එහෙම වෙච්ච ඒවා ඕනෙ තරම් තියෙනවා නේ. එක පාර ෂොක් ට්‍රීට්මන්ට් එකක් ලැබුනාම ආපහු මතක් වෙනවා.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete*&^$%&*(^%&^)_^$$&*)%*(^*(%(&$
Delete[im#] http://1.bp.blogspot.com/-gLVpHFxbhtY/VE3nKiXoAfI/AAAAAAAABGg/6GqIcuLHG6w/s1600/20140704_144607.jpg [/im]
Deleteබොට හරියට කේන්ති යනවනේ රාජ්. :D මේ තියෙන්නේ.
Deleteතැංකූ වේවා
රාඡ්..මෙන්න උඔගේ කමෙන්ටුව ආතර් මතලා.
Deleteආ තව එකෙක්... දඬු ලේන්නුම කීයක් ද මෙතන දැන් :D
Delete[im]http://4.bp.blogspot.com/-ujib8CguIo4/UEMYerh88-I/AAAAAAAAAlw/mG5CP8SZkv0/s320/Indian+giant+squirrel+2.jpg[/im]
මේ දඬුලේන්නු බ්ලොග් හෙම ලෑටි ගාන එකක් නෑ නේද? :D
Deleteමේක අපි ගහක් යට අඩියක් ගහන වෙලාවක ඒ ගහට ආපු එකෙක්.
Deleteඅප්පේ අර ගලේ පන්සලට යටින් තියෙන රබර්කෑල වෙන්ටැති මේ
ReplyDeleteඅන්න හරි රාජ්. ඒක තමයි. දැක්ක කල්!
Deleteමිනිස්සු කියන්නෙ ලෙහෙසියෙන් කෙලෙහිගුන අමතක වෙන කොට්ටාශයක් කියල ගුරුතුමා දන්නැද්ද? ඕක මොකද්ද අයිය ගිලෙන්න ගිහින් ගොඩ දාපු එකෙක් ඉන්නව දැන් ලොකු පුටුවක ඌ මාව නොදැක්කවගේ යනව.
ReplyDeleteඅම්ම තාත්ත මැරුන දඩු ලේන් පැටවු දෙන්නෙක් මම හැදුව, අන්න උන්ට නියම ගුනේ තියනව, කෑලේට අත ඇරියත් පවුල් වෙලත් මාව බලන්න එනව වගේම අපේ බලු රාලට අරියාදු කරලත් යනව.
මෙතන කතා ගනනාවක් තියෙනවනේ කම්මල. දැන් කොහොමද ඒවා විස්තර ඇතුව දැනගන්නේ අපි? බියර් එකක් තොලගාන ගමන්ද? කට කට! බ්‍රෑන්ඩ් එක ගල් කියලනේ කියන්නේ.
Deleteකතා ගොඩක් කම්මැලි කමට කොට කලාම ඔහොම තමයි. හෙක්, හෙක් අපිට බියර් පත්තියම් වෙන්නෑ. බ්‍රෑන්ඩ් එක ගල් ම තමයි.
Deleteඅඩුගාණේ බණ්ඩාරේ අමතක වෙච්චා වගේ රැඟුවා හෝ ඇත්තටම අමතක වෙලා..සමහරු ඉන්නේ බඩවැලේ තියෙන එකත් දෙන ෆිට් එකෙන් සේරම උදව් කළාට පස්සේ මූණට කෙළ ගහල යන..:D
ReplyDeleteසමහරවෙලාවට අපි අවංකව සද්භාවයෙන් කරන උදව් ඉහේ කඩවැටිච්චි දේවාල වෙනවා..මට නම් අනන්ත අප්‍රමාණ ලෙස වෙලා තිබෙනවා.. :( ලැබීමද මංදා..:) කණගාටුව එහෙම කරන එකයි...ඒ කිව්වේ මම රහත් වෙලා නෙවෙයි..ඒ වුණත් උදව් ගත්තු අය ඒවා මතක තියාගන්නවා කියන බලාපොරොත්තුවක් අපේ හිතේ ඇතිවෙනවා පෘථග්ජන මිනිස්සු හැටියට...ඒත් ඒක කළකිරීමක් ඇතිකරගන්න කියාපු බෙහෙත..
වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙන එක නිතරම වෙන සීන් එකක් මටත්, තනි තරුව. ඇයි එහෙම වෙන්නේ?
Deleteඅරක කළකිරීම ඇතිවෙන්න අඩි තාලම තමයි.
මටත් හරියටම හේතුවක් හිතාගන්න අමාරුයි ඩූඩ්..එහෙම වුණ වෙලාවට හිතෙනවා ආයෙත් නම් කාටවත් මුකුත් කරන්න යන් නෑ මොකද අවසානේ මටම නරක නාමයක් එනවානේ කියලා..ඒවුණාට ඕවා අමතක වෙලා කවුරුහරි උදව්වක් ඉල්ලුවම ආයෙත් ලැජ්ජ නැතුව උදව් කරනවා...:D
Deleteඔය චක්‍රය නැවතීමක් නෑ..මං හිතන්නේ ඩූඩ් එක සංවේදනය සහ සහකම්පන මට්ටම පිළිබඳ ප්‍රශ්නයක් කියලා...:)
මේ හම්බුනේ වෙන දෙන්නෙක් වෙන්නැති බන්... :D
ReplyDeleteඑහෙම වෙන්නත් ඇති බීට්ල්. මම මේ dramatic effect එකට වැරදි සීන් දෙකක් එකට පුරුද්දලා ඇති වෙච්ච අවුලක්. :D
Deleteමෙන්න මේකයි වෙලා තියෙන්නේ ..
Deleteඩූඩ්: ආනේ දැක්ක කල්.. කොහොමද කොහොමද... දැන් සෑහෙන මහත් වෙලානේ... හැබැයි සුදුත් වෙලා... කොණ්ඩේ නම් ගිහින් නේද.... බණ්ඩාර හොඳටම වෙනස් වෙලානේ....
***: මම බණ්ඩාර නෙමෙයි ගුණපාල
ඩූඩ්: ආ නමත් වෙනස් කලාද.... ඒක නෙමෙයි මතකද අර දඬු...............
මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
ReplyDeleteමිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන්
ඇසේය මිනිස් පුරවරෙන්
කල්පනා සොඳය මනුපුර බෝසතුන් මවන තරමට
කල්පයේ දැවෙන සිත් නෙත් නිවාලන ලෙසා
කප්තුරෙත් සැදෙයි පිළිලද මල් මගෙත් සිටිත් දෙබරුද
සහසකුත් අසති දෙව්දත් දනන්ගේ මුසා
පිල් හැලී හඬන මොණරුද බල බිඳී තැවෙන කෙසරුද
කලි යුගේ හොඳත් නොහොඳැයි නිගා දෙනු අසා
නියඟයත් වැසිත් සදන අහස සේම විඳිමු ගැරහුම්
මුණිවරුත් බොරළු කටු මග ඇවිද ගිය නිසා
මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන්
ඇසේය මිනිස් පුරවරෙන්
ගායනය හා සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - වසන්ත කුමාර කොබවක
බ්ලොග් ලෝකයේ රසවතා සින්දු ඇනෝගේ ආගමනයෙන් චිත්තප්‍රීතියට පත් මංතුමාටත් රොඩ් ස්‍ටුවර්ට් ගේ සින්දුවක් මතක් වුනා
DeleteIt's good to see you
So good to see you
Oh how I missed you
Sindhu ano
අර විදිහට ගස් ගල් පෙරලාගෙන බෝතල් කටු කටු කම්බි වැටවල් උඩින් අපි දිව්වෙ නූල කැඩිච්ච සරුංගල් පස්සෙ.. එහෙම ගිහින් මාත් හොම්බෙන් ගියා වතාවක්.
ReplyDeleteඅර යකාට ගහෙන් වටීමෙන් අමතක වීමෙ ආබාධයක් හැදුනද ? වයසට යනකොට පරණදේ අමතක වෙන්නත් පුළුවන්..
මේ අවුරුද්දෙ එන්නෙ නැද්ද නිවාඩුවට ?
මං එන්නෙ බොහොම කෙටි කාලෙකට.. මේ දවස් වල ඇවිත් ඉන්න නවාතැනක් හොයමින් ඉන්නෙ.
එ අර බන්ඩාඅරෙ නෙමෙයි බන් වෙන බන්ඩාරෙ කෙනෙක්.
ReplyDeleteමිනිස්සුනේ බං ඩුඩ්යියේ,මතක අමතක වෙන එක සාමන්‍යයි..:) අනික කවුද බං දන්නේ අර උඩිනුත් කියලා තියෙනවා වගේ බණ්ඩාරේට පස්සේ ඔයිට වැඩි දේවල් වෙලා තියෙනවාද දන්නේ කවුද ?
ReplyDeleteඑහෙමයි කියලා ඔන්න දැන් ආයෙමත් මැරෙන්න වැටිලා ඉන්න මිනිහෙක් දැක්කොත් උඹ මඟ ඇරලා යනවා නෙමෙයි..:D
මිනිහා කියන සතා ඔහොම තමයි බං. මම නම් පුදුම වෙන්නේ නැහැ. පණ බේරලා දුන්න එකාව මරන්න පස්සෙන් එලවන් එවුනුත් ඉන්න පුළුවන්. ජීවිතයම ගොඩ දාලා පවුල් පිටින් කෙලින් වෙන්න උදවු කරපු එකාගේ, පවුල් පිටින් මහපාරට වැටෙන දේවල් කරන එවුන් ඉන්නේ. මට මහා භයංකාර අත්දැකීම් තියෙනවා.
ReplyDeleteඅර දුමින්ද සින්ඩ්‍රෝමය කියල ලෙඩක් තියනවා නේද? මම හිතන්නේ බණ්ඩාරේට ඒක හැදිලා තියනවා. ඒකයි ඔය.
ReplyDeleteහැබැයි ඉතින් මනුස්සයා ඊට පස්සේ ගත කරපු ජිවිතේ ඔයිට වඩා බරපතල සිද්ධි උනානම් එහෙම ඕක ඇත්තටම මතක නැති වෙන්නත් ඉඩ තියනවා. එහෙම නැතුව අනේ මන්දා, බොරුවට ඕක මතක නෑ කියලා කියන්නේ මොන හේතුවක් හින්දද?
දඬු ලේනා සහ බණ්ඩාරේ ; මිනිස්සුන්ගේ හොඳ නරක ගැන අවබෝධයෙන් සරලව විවුර්තව හිටියත් අපේ හිතත් රිදෙනවා මේ වගේ වුනාම. උඹ ඒක ඉතාම රසවත්ව ලියල .
ReplyDeleteමට මතක් වුණේ මහගමසේකරගෙ ප්‍රබුද්ධ පොතේ තියන නිසඳැසක්... තේරුම මේ වගේ....
ReplyDeleteපොරක් පාරෙදි හම්බ වෙලා සේකරගෙන් සිගරට් එක පත්තු කරගන්න ගින්දර ඉල්ලනවා.. සිගරට් එක පත්තු කරගත්ත පොර මොනවත් නොකියම හැරිලා යනවා. සේකරට අප්සට් යනව මිනිහා ස්තූතියි වත් කිව්වෙ නෑ කියලා. ඕක ගැන හිත හිත ඉන්නකොට සේකර හිතනවා එහෙම ස්තූතියි කියලා බලාපොරොත්තු වෙච්ච එක වැරදියි කියලා... ඒක තේරුම්ගන්න උදව් කලාට සේකර ආපහු හැරිලා ඈත යන අර පොර දිහා බලලා "ස්තූතියි" කියනවා...
බණ්ඩාර ගැන නම් හරියටම කියන්න දන්නේ නෑ... හැබැයි මචං මෙන්න මෙහෙම දෙයක් කියන්න පුළුවන්. කරපු උදව්වකට කෙනෙකුට ණයගැතියි කියලා මනුස්සයෙකුට දැනෙන සිතුවිල්ල නම් හරිම වදයක් වෙන වෙලාවල් තියනවා. මාත් යම් යම් අවස්ථාවල එහෙම දේවල් අමතක කරන්න උත්සාහ කරලා තියනවා. එහෙම කරන එක හරිම ආත්මාර්ථකාමීයි කියන එක දැන දැනම එහෙම කරන්න උත්සාහ කරලා තියනවා.
මමත් උඹ ඉන්න තැන හිටියා නම් අනිවාර්යයෙන් කණගාටුවක්, කේන්තියක් ඇතිවෙනවා... නමුත් යම් කිසි තත්වයන් උඩ, මම බණ්ඩාරගෙ තැන හිටියා නම් ඌ කරපු දේම මමත් කරන්න ඉඩ තියනවා.
ඩූඩ්, අර බණ්ඩාරෙයට අමතක උනාට, ජීවිතයක් බේරුවා කියලා ඔයාගෙ හිතේ තියෙන තෘප්තිය නැති වෙන් නෑනේද ?
ReplyDeleteමට හිතෙන්නේ ඩූඩ් අයියාට ඒ සිද්දිය ඔච්චර හොදට මතක තිබුනේ පොඩි කාලේ හැමෝම අගය කරන හිත සන්තෝස වෙන දෙයක් කරපු නිසා... බණ්ඩාරට ඒ සිද්ධිය මතක් කරද්දි හිතේ තිබුනේත් ඒ හැගීම, ඒත් බණ්ඩාරට ඒක මතක නැති බව කිව්වම රිදුනේ නම් ඔයාගේ වැඩිහිටි හිත...
ReplyDeleteඅපි කාගේ කාගේත් ජිවිත වල ඔහොම මතකයන් තියනව dude...ඇත්තෙන්ම මේ වගේ දෙයින් හිත රිදෙන්නේ අපි සංවේදී නිසා...මොනවා වුනත් ඔයාගේ කතාව ඔස්සේ...මහා කතා ගොඩක් මටත් මතක් වුනා.....
ReplyDeleteසමහර උන්ට ඔහොම තමයි..තමන්ගේ ජීවිතේ බේරපු එක අමතක එකාට වෙන මොන කතාද නේද අයියේ.....?
ReplyDeleteහම්බෝ ඩුඩ් දැක්ක කල් ..... ඉතින් ඉතින් ??
ReplyDeleteඩුඩ් ඩුඩ් ගේ වයස හැටියට කරපු දේ සැහෙන්න වටිනව ඉතින් ,, මිනිස්සු ඒත් වයසට යනකොට ,, තමන්ට වුන දේවල් අමතක වෙනවනෙ,,
දැන් වැඩිය බ්ලොග් පැත්තේ එන්නෙ නැද්ද ?? මම මගේ ඩෑෂ් බෝඩ් එකේ පහාලම කෙලවරට ගිහින් යන්තං හොයා ගත්තෙ ...