Wednesday, March 11, 2015

127. “අද නම් මහා චාටර්ම දවසක් අප්පා!”

මට තියෙනවනෙ හිනාවෙනකොට ඇස්වලින් කඳුලු පනිනකල් හිනාවෙන සීන් එකක්. ඔන්න පහුගිය කාලෙ කියෙව්වා අර මියුරු කියන එකී ලියන බ්ලොගක් මුල ඉඳලා. මොකුත් නෑ අර කාලෙකින් දැක්කෙ නැතුව යට ගිහින් තිබ්බ සික්ස් පැක් එකත් ආපහු මතුවේගන ආව හිනා වෙච්ච තරමට. ඔන්නං ගිහින් බලන එකයි ඇත්තෙ.

ඔය විහිලු කිව්වාමත් සමහර විහිලු වලට ඇඬෙනවනෙ, හිනා යෑම කෙසේ වෙතත්. මේ සමහර විහිලු මම ඇත්තටම හිනාවෙච්චා. දීපයි මායි එකම විහිලුව කියවලා ඉස්සෙල්ලම දෙන්නම හිනා වෙනවා. ඊට පස්සෙ දීපා හිනා වෙන එක නවත්තලා මම දිහා බලා ඉන්නවා මොකද මම තාම හිනා වෙන්නෙ කියලා.

සමහර විට මට හිනා යනවා වැඩිද මන්දා!


 
මේ පල්ලෙහා තියෙන්නෙ මම Reader’s Digest සඟරාවක කියවලා , සීන් එක හිතෙන් මවාගෙන පස්සෙත් මතක් කර කර හිනාවෙච්ච කතාවක්.

මේ කතාව ස්ටැන්ඩඩ් කතාවක්. ඒ කියන්නෙ පන්ච් ලයින් එක, නැතිනම් හිනා යන වාක්‍ය එකයි තියෙන්නෙ. ඔව් ඒක තියෙන්නෙ නියමිත ස්ථානයේ – කතාවෙ අන්තිමට.


අමෙරිකාවෙ ග්‍රාමීය පලාතක ජීවත් වුන එක බුවෙක් දර කොට කපලා අට්ටි ගහන එක කලේ. මේක ඉතින් පණ යන වැඩක් කියලා කියන්න ඕනෙ නෑනෙ. හවස බාර් එකට ගිහිල්ල බොන අතරෙදි හම්බවෙච්ච යාලුවෙකුට මේකා මේ දුක කිව්වා.

"බලපං මචං, උදේ ඉඳල නැහිලත් දර අට්ටි දෙකයිනෙ කපලා ඉවර කරන්න පුලුවන් දවසකට".
“උඹ මොකෙන්ද කපන්නෙ?” යාලුවා ඇහුවා.
“කියතෙංනෙ බං, වෙන මොකෙන්ද?”
“කියතෙං ඔයිට වැඩිය කරන්නෙ කොහොමද? ඉතින් ගනිංකො චේන් සෝ එකක්. පට් පට් ගාලා දෙන්න පුලුවන්නෙ වැඩේ බබා වගෙ”
අපේ බුවා ඉතින් හාඩ්වෙයා එකට ගිහින් ගත්ත චේන් සෝ එකක් සල්ලි සල්ලි කියලා බලන්නැතුව.
අරන් ගිහින් සතියකට පස්සෙ බුවා ආවා හාඩ්වෙයා එකට ආපහු චේන් සෝ එකත් අරගෙන, මල පැනලා.
“මොකක්ද ඕයි මේ බම්බුව. මට මේක රිටර්න් කරන්න ඕනෙ.”
“දැන් මොකක්ද සර් මේකෙ අවුල?” කඩේ එකා ඇහුවා.
“මම මේ මගුල නැතුව නිකං කියතෙං කපන කොටත් දවසකට දර අට්ටි දෙකක් කපනවා”
“අහා?”
“මේ චේන් සෝ මගුල ගෙනිහිං ඕං පලවෙනි දවසෙ නම් අමාරුවෙන් අට්ටි දෙකක් ගොඩ දාගත්තා”
“ඉතින් සර්”
“දෙවෙනි දවසෙ මට උණ වගෙ. යාන්තම් අට්ටි එකහමාරක් කපාගත්තා.”
“පුදුමයිනෙ සර්!”
“ඒක තමයි ඕයි. දවසෙන් දවස එන්න එන්න අමාරුයි. ඊයෙ කැපුවෙ දර අට්ටි කාලයි. මගේ මුළු ඇඟම ඇදුම් කනවා ඕයි.”

“මම ඇහුවමයි මෙහෙම කතාවක්. ඕක පොඩ්ඩක් දෙන්න බලන්න සර්.”
අපේ බුවා තිබ්බා චේන් සෝ එක කවුන්ටර් එක උඩින්. කඩේ බුවා චේන් සෝ එකේ කෝඩ් එක ඇදලා එංජිම ස්ටාට් කරා. එංජිමත් ‘බ්බ්බ්බෲම් බෘම් බෘම් බෘම්’ ගාලා බබා වගේ ස්ටාට් වුනා.
අපේ පොර බයවෙලා පස්සට පැනලා,
“අම්මට හුඩු!! මොකක්ද ඒ සද්දෙ?” කියලා අහපි.

හිනා ගියාද මන්දා. ඔන්න දෙවෙනි කතාව. මේක සුප්‍රසිද්ධ කතාවක් ජාලෙ එක එක ජෝක් සයිට් වල කාලෙකට ඉස්සෙල්ල පලවෙච්ච. මේක කියවලා මට අදත් හිනා. හිතෙන් මවා ගන්න ඕනෙ කතාව. මම මේක පරිවර්තනය කලෙත් හිනා වෙවී.
මේ කතාවෙ විශේෂය තමයි. මේකෙ පන්ච් ලයින් එකක් නෙවෙයි තියෙන්නෙ. මේක Multiple Punchline තියෙන කතාවක්. අනිත් කතාවෙ වගේම අන්තිම පේලියෙත් එකක් තියෙනවා. කියවලාම බලන්නලකො.
“අද නම් මහා චාටර්ම දවසක් අප්පා!” කියලා කවදා හරි හිතිලා තියෙනවද? ඇයි නැත්තෙ නේ? මටත් එහෙම හිතිච්ච දවස් කොච්චර තියෙනවද? නමුත් මට දැන් එහෙම හිතෙනවා අඩුයි. මොකද මෙන්නෙ මේ කතාව ඇහුවට පස්සෙ. මේ බුවාට වෙච්ච ඇබැද්දිය ඇහුවොත් ආයි ජීවිතේට එහෙම හිතෙන එකක් නෑ.
නරකම වැඩේ කෙනෙකුට වෙච්ච විපතක් අහලා හිනාවෙන එකනෙ. අනේ ඒ වුනාට මේ කතාව අහපු දවසෙ මම හිනා වුනා හිනාවිල්ලක්, ලොවෙත් නෑ.


පෙදරේරුවාගේ හදිසි අනතුරු වාර්තාව.

ප්‍රිය මහත්මයානෙනි,

මා විසින් ඉදිරිපත් කිරීමට යෙදුන හදිසි අනතුරු වාර්තාකිරීමේ පෝර්මයේ තුන්වන කොටසේ ඉල්ලා ඇති “වැඩි විස්තර” සඳහා වූ ඇමිණුමයි.
එම අයදුම් පතේ ‘අනතුරට හේතුව’ යටතේ මා සඳහන් කර තිබූ “දුර්වල සැලසුම්කරණය” සම්පූර්ණ විස්තර සහිතව තව දුරටත් පැහැදිළි කරන ලෙස ඔබ කල ඉල්ලීමට පිළිතුරු වශයෙන් මා මේ සපයන විස්තරය ප්‍රමාණවත් වේ යයි උදක්ම විශ්වාස කරමි.

වෘතියෙන් පෙදරේරුවරයෙකු වන මා අනතුර සිදු වූ දින අලුත් සය මහල් ගොඩනැගිල්ලේ තනිවම වැඩ කරමින් සිටියෙමි. වැඩ නිමවූ විට වැඩිපුර ගඩොල් සංඛ්‍යාවක් ඉතිරිවී ඇතිබව මා දු‍ටුවෙමි. සිද්ධියෙන් පසුව කිරා බැලූ විට මෙම ගඩොල් තොගය රාත්තල් 240ක් බව සනාථ කරගන්නා ලදි. මෙම ගඩොල් තොගය අතින් පහලට ගෙන නොයා, ගොඩනැගිල්ලේ හයවන මාලයේ අයිනකට වන්නට සවිකර තිබූ පුලිය භාවිතා කර හිස් බැරලයකට දමා බිමට පහත් කිරීමට මා තීරණය කලෙමි.
මේ සඳහා භාවිතා කල කඹයේ කෙලවර ගොඩනැගිල්ලේ මිදුලේ තිබූ අධාරකයක හොඳින් ගැට ගැසූ මා, නැවතත් ගොඩනැගිල්ලේ හයවන මාලයට නැග, බැරලය පුලියේ එල්ලී තිබියදී, ගඩොල් බැරලය තුලට පැටවූවෙමි. ඉන් පසුව ගොඩනැගිල්ලෙන් බිමට බැස කඹයේ ගැටය ගැලවූයේ රාත්තල් 240 ක ගඩොල් පිරවූ බැරලය ඉතාමත් සීරුවෙන් බිමට බෑමේ අදහසින් ලනුව වැරෙන් අල්ලා ගනිමිනි. හදිසි අනතුරු වාර්තා පෝර්මයේ මගේ බර රාත්තල් 135 ක් ලෙස කර ඇති සඳහනට ඔබගේ අවධාණය යොමු කරනු කැමැත්තෙමි.

අනපේක්ෂිතව මා එක්වරම දැඩි ගැස්සීමක් සහිතව පොලොවෙන් ඉහලට ඉපිලී ඒමෙන් ඇති වූ දැඩි කම්පනය නිසාම වික්ෂිප්ත වූ මා හට කඹය අත හැරීමට අමතක විය. මේ නිසා මා අධි වේගයෙන් ගොඩනැගිල්ලේ පැති බිත්තිය ඔස්සෙ සීඝ්‍රගාමීව ඉහලට ගමනාරම්භ කලෙමි.
තුන්වන මහල ආසන්නයේදී, මා ඉහලට ගමන් කර තිබූ වේගයටම ආසන්න වේගයකින් පහලට ගමන් කර තිබූ ගඩොල් බැරලය හා මා එකට හමුවීම, මා හදිසි අනතුරු පෝර්මයේ තුන්වන කොටසේ සඳහන් කර ඇති හිස්කබලේ භග්නය, සුලු සීරීම් හා අකු ඇටයේ (collarbone) බිඳීම යනාදිය සිදු කිරීමට හේතු කාරණා විය.

මෙම හමුව නිසාම මඳක් වේගය බාල වූ මුත් මොහොතකින් නැවතත් සීඝ්‍රගාමීව උඩු අතට කල ගමන නැවතුනේ මෙම ලිපියේ සිව්වන පරිච්ඡේදයේ මා සඳහන් කර ඇති පුලියත්, කඹයත් අතර මගේ දකුණතේ ඇඟිලි සියල්ල තුන්වෙනි පුරුක දක්වා සිරකරමිනි. වාසනාවකට මෙන් මේ අවස්ථාව වන විට මා නැවත පියවි සිහියට එලඹ තිබුන අතර, ඒ වනවිට දැනෙන්නට පටන්ගෙන තිබූ ඉවසිය නොහැකි වේදනාවෙන් වුවද කඹයේ එල්ලී සිටීමට සමත් වීමි. 

ආසන්න වශයෙන් මේ කාල පරාසයේදීම, ගඩොල් පැටවූ බැරලය මහපොලොව මත වැරෙන් පතිත වූ අතර බැරලයේ පතුල බැරලයෙන් වෙන් විය. හදිසියේම ගඩොල් වල බරින් සැහැල්ලුවූ බැරලයේ බර දැන් ආසන්න වශයෙන් රාත්තල් 50ක් පමණ විය. මා නැවතත් මගේ ශරීරයේ බරට ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

ඔබ අනුමාන කල පරිදිම මා ගොඩනැගිල්ලේ පැති බිත්තිය ආසනයෙන් නැවතත් පොලෝ මට්ටම බලා අධිවේගයෙන් ගමනාරම්භ කලෙමි. තුන්වන මහල ආසන්නයේදී එම වේගයෙන්ම ඉහලට ගමන්කරමින් තිබූ බැරලය හා මා නැවත වතාවක් එකිනෙකා මුණගැසීම, මා පෝර්මයේ සඳහන් කර ඇති මාගේ වලලුකර දෙකම බිඳීයාමට , දතක් කැඩී යාමට හා ශරීරයේ පහත කොටසට සිදුවී ඇති දරුණු කැපීම් වලට හේතු වේ.
මෙම මොහොතේ පටන් තත්වය මඳක් යහපත් වීමට පටන් ගන්නා ලදි. බැරලය සමග වූ හමුව නිසාම මාගේ ගමන් වේගය සැලකිය යුතු ලෙස අඩාල වූ නිසාම බිම වූ ගඩොල් ගොඩ මතට ඇද වැටීමේදී වාසනවකට මෙන් බිඳී ගියේ කොඳු ඇට තුනක් පමණි.

අවසන් වශයෙන්, මා අධික වේදනාවෙන් පෙලෙමින් , සෙලවිය නොහැකිව, ගඩොල් ගොඩ මත වැතිර, මට තට්‍ටු හයකට ඉහලින් පුලියේ එල්ලෙමින් තිබූ හිස් බැරලය දෙස බලා සිටිද්දී මා මෙතෙක් වැරෙන් අල්ලාගෙන සිටි කඹය අතහැරුනේ හදිසියේම මගේ එලැඹ සිහියද නිවැරදි කල්පනාවද මා හැර ගිය නිසා බව ඔබ වෙත වාර්තා කරන්නේ කණගා‍ටුවෙනි.



 Originally published @ මට හිතෙන හැටි.



93 comments:

  1. ළියුම ලියන්න ඌ ඉතිරි වෙච්චි එකයි පුදුමේ... කලින් එකත් මට චේන් ෂෝ එකක් දැකපු හැම වෙලේම මතක් වෙන ජෝක් එකක්...

    ReplyDelete
    Replies
    1. මූට අර බළලට වගේ පණ නවයක් තියෙනවා මම හිතන්නේ.

      Delete
  2. ඩුඩ් මේ කථා දෙකනම් පට්ටයි කියන්නේ රජෝ.... ඔපීසියේ අලුතෙන් ගත්ත කෙල්ල කාමරේට තාමත් එබීගෙන ඉන්නවා මම හිනා උන හිනා විල්ලට

    ReplyDelete
    Replies
    1. ඒ කෙල්ලටත් ඇහෙන්න කියෝපංකෝ. ඊට පස්සේ දෙන්නම හිනාවෙලා අනිත් උන්ගේ සැකයට භාජනේ වෙයල්ල.

      Delete
    2. අන්න ඒ කියපු ටික මේ දැන් සිද්ද උනා

      Delete
    3. @ මැලේ,
      බොලා තාම ඔතන රස්සාව කරනව නේද?

      Delete
    4. ඕව කාම පැයේ මැලයගෙ වැඩනෙ.

      Delete
    5. මැලේ ඔතන වැඩ කරන්නේ කෙල්ලෝ විතරමයි නේද????

      Delete
    6. මැලයා මැද්දේ..... කෙල්ලෝ තොගේ දෙපැත්තේ.....

      Delete
    7. කාම පැය!!!! :O

      Delete
    8. ඩූඩ් දන්නෙ නැද්ද මැලයගෙ කාම පැය ගැන.

      Delete
    9. මන් දැන් EMAIL එකක අමුණල ඔපීසියෙ අලුතෙන් ආව කෙල්ලට යැව්වා ඒකි හිනා උනේ නෑනෙ බන්

      Delete
  3. හපෝ...යි... මේවට හිනා යන්නෙ නැත්තං උන්ට ලෙඩක්.. හෙහ් හෙහ් හේ.... මටත් කං දෙකේ කෙල ගෑවෙන්න හිනා යනවා පුෂ්ප සුගන්ධය දැනුනාම නං...
    කැතම වැඩේ කියන්නෙ මම වැඩ කරපු තට්ටු ගොඩනැගිල්ලකට මම අකමැති බාස් කෙනෙක් ආදේශ වෙලා දෙවැනි කතාව මැවුන එක නෙව...
    අගෙයි ඩූඩ් අගෙයි...!
    (අපට හොරෙන්ම රසවින්දනය උගන්නන්නව නෙහ්?)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ගස් ලබ්බා. (උඹත් දාගෙන තියෙන නමක්! මට නිකං මොකක්ද වගේ තෑන්ක්ස් ගස්ලබ්බා කියලා කියනකොටත්. :D)

      අම්මපා තරහා කාරයෙකුට හිතින් දඬුවම් දෙන්න හොඳ අවස්තාවක් මේක නේහ්?

      ඒක නෙවෙයි මොකක්ද බං අර හොරෙන්ම රසවින්දනය උගන්නනවා කිව්ව හරුපේ?

      Delete
    2. ගශ් ලබ්භා කියන්න අවුල් වගේනං 'පපායා' වගේ පොස් කරල ගන්නත් පුලුවන්.. හෙහ් හේ...
      රස වින්දන කතාව මේකයි.මෙතන පන්ච් ලයින්,මල්ටිපල් පන්ච් ලයින් වගෙ සීන් හීනියට දාල තියෙන්නෙ ඕන නම් කියවපන්.. නැතත් අවුලක් නෑ ගානට.අනිත් පෝස්ටු වලත් තැනින් තැන රයිටිං ටෙක්නික් ගැන මතක් කරලා තිබුනා.ඒවා කතාවට හානියකුත් නැතිව දාලා තියෙන්නෙ.ඒවා අපිට නං පට්ට වටිනවා. ජය වේවා..!

      Delete
    3. මචං............ අවුල් ම වගේ නම් ලස් ගබ්බා කියලා කියපං............

      Delete
    4. ලස් ගබ්බා.. ඒක නිකං ප්‍රංශ නමක් වගේ.. හෙහ් හේ..

      Delete
    5. Les Miserable වගේ නේ?

      Delete
  4. දෙවනි කතාවෙ එකා මට මැවුනෙ ඩෙනිස් එකේ වින්සන්ට් මාමව ආදේශ වෙල.... හි හි......

    ReplyDelete
    Replies
    1. අමතක උනා.. මියුරුගෙ බ්ලොග් එක මුල ඉඳලා කියෝපු එකාට ඉල ඇට ටික කඩෙං ගන්න වෙනව මට මතක හැටියට... හි හි...

      Delete
    2. පව් වින්සන්ට් කාරයා. මොන වරදක් කලාටද? අන්න හරි මියුරුගේ බ්ලොග් එක කොනක ඉඳන් කියවනකොට ඒ දේ නම් වෙනවා.

      Delete
  5. මේකා මුකුත් නොලියා සද්දෙ වහලා ඉන්නෙ ඇයි කියල මං හිත හිත හිටියෙ,.. එහෙනං මේකයි හේතුව.. තාම නැගිටගන්න අමාරුද මචෝ ?

    ReplyDelete
    Replies
    1. නෑ සරත් අයියෙ. මෙයා අර චේන් සෝ එක ආය අරන් ගිහිල්ල ඇරියස් කවර් කළාලු පහුගිය දවස් වල.

      Delete
    2. අන්න ප්‍රසන්නට වැඩේ තේරුණා. දැන් වැඩේ අල්ලගත්තට පස්සේ හොරෙනුත් ගස් කපනවා.

      Delete
  6. පළවෙනි කතාව නම් කලින් අහල තිබුනා ඩූඩ්, දෙවෙනි කතාව නම් මම අදම ද කොහෙද ඇහැව්වෙ. නිකන් ඩිස්නි කාටුන් එකක් වගේ - නිකන්ම චිත්ත රූප හිතේ ඇඳෙනව කියවනකොට.

    කාටහරි වෙන විපතක් දැකල හිනාවෙන එක නරක උනාට මේ වගේ දේකට ඒක අදාල නෑ මම හිතන්නෙ, සමහර විට මේක විහිළුවක් කියල අපි මුලින්ම අවබෝධ කරන් ඉන්න නිසා වෙන්න පුළුවන්. සත්‍ය ජීවිතයෙදි නිකමටවත් ඔහොම දෙයක් දැක්කොත් අපි හිනාවෙවී ඉන්නකන් නෑ, ඒ මනුස්සයට උදව් කරන්න දුවාවි. ඔහු අනතුරුදායක තත්ත්වයෙන් ගලවගත්තට පස්සෙ පුළුවන් ඕන්නම් ඒ ගැන මතක් කරල හිනාවෙන්න. මම හිතන්නෙ ඒකයි වෙනස.

    Baby's Day Out එකේ, Home Alone එකේ එහෙම අර හොරුන්ට වෙන චාටර් සීන් ටික බලල මමත් හොඳටම හිනාවුනා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඩීඩීටී. මේක කොච්චර අප්සෙට් වැඩක් වුනත් මට මේකට හිනා යන එක නවත්තගන්න බෑ.

      ඔව්. මම හිතන්නේ ඒ පෑහැදිළි කිරීම හරි. මේක විහිළුවක් කියලා මුලින්ම අවබෝධ කරගන්න නිසා වෙන්න ඇති එහෙම හැකියාවක් ලැබෙන්නේ.

      Delete
  7. ඔය මුල් විහිළුවට නම් සිරාවටම මටත් කීප දවසක් මතක් වෙලා හිනා ගිය සීන් එකක් ... දැන් කියෙව්වත් ඒ ආතල් එක එහෙමමයි ... දෙවෙනි එකේ ආතල් එක තියෙන්නේ මවා ගන්න විදිය අනුව නේද .. ඔය වගේ ආතල් දෙනවා අර රෝඩ් රනර් කාටුන් එකේ නරියා .. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. මට නම් පැතුම් ඒ ලියුම කියවනකොට අනායාසයෙන්ම පින්තූර හිතේ මැවෙනවා.

      Delete
  8. හිනා යන්නෙ නැත්තෙ මොකද බොල මේවට. හැබැයි දෙවෙනි එකට වඩා පළවෙනි එක වගේ අන්තිම වෙනකල් බුම්මගෙන ඉඳල අන්තිම මොහොතෙ බකස් ගාල හිනා එන ඒව තමයි කොළිටි වගේම වටේ පිටේ බලාන ඉන්න එවුවන්ව පිස්සු වට්ටන්න පුලුවන් ඒව.

    //මගේ දකුණතේ ඇඟිලි සියල්ල තුන්වෙනි පුරුක දක්වා සිරකරමිනි.//
    බුවා වමත් කාරයෙක් වෙන්නත් බෑනෙ. මිනිහ හුරු අතෙන්නෙ කඹේ අල්ලගෙන ඉන්න ඇත්තෙ. එතකොට කවුද ඔය ලියුම ලිවුවෙ. ඔය ෆෝර්මයෙ හතරවෙනි කොටසටත් මිනිහට උත්තර බඳින්න වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. >>අන්තිම වෙනකල් බුම්මගෙන ඉඳල අන්තිම මොහොතෙ බකස් ගාල හිනා එන ඒව තමයි කොළිටි වගේම වටේ පිටේ බලාන ඉන්න එවුවන්ව පිස්සු වට්ටන්න පුලුවන් ඒව.<<
      උමට මතක් වුනේ නැද්ද මිස්ට බීන් කෝච්චියේ යනකොට එක පොතක් පොතක් කියව කියවා ඔහොම හිනාවෙලා බීන්ට දෙන ආතල් එක?

      ඔන්න උඹ මේ වමත්කාර කතාවක් ඇදලා අරගෙන මට ආයෙම මුල ඉඳලා ආතල් දෙනවා.

      Delete
  9. මරු මරු හිනා ගියා.. අනේ බං අරූට ලියුම ලියන්න අත නොකැඩුන එක කොච්චර වාසනවක්ද ඉදගෙන

    ReplyDelete
    Replies
    1. උඹ මේ මගුලක් කතා කරනවා. ඌ ජීවත් වෙච්ච එක මදිද ලියුම ලියන්න?

      Delete
  10. කතා දෙකම කලින් අහල තිබුණට ආයෙම කියවල රස වින්දා.දෙවෙනි කතාවට නං හිනා යනවට වඩා දුකක් ඇතිවෙනවා නේද?හිටපංකෝ මා ලඟත් කතා දෙකතුනක් තියෙනව කියන්න හිටං.

    ReplyDelete
    Replies
    1. දුකක් ඇතිවෙන්නේ උඹේ උඹ හිතේ මවාගන්න මූවී එකේ genre එක වැරදි හන්දා. එතන තියෙන ඩ්‍රොප්ඩවුන් බොක්ස් එක ඇදලා animation, comedy සිලෙක්ට් කරගෙන බලාපං.

      Delete
  11. පළවෙනි එක නං අහල තියනව. දෙවනි එක නං මැවිල පෙනුන.

    ReplyDelete
    Replies
    1. මටත් මැවිලා පෙනුනා රාජ්. ඒකයි උඹලටත් කිව්වේ.

      Delete
  12. කියාලා ලියාලා වැඩක් නැත. සුපිරියි. දවල්ට කෑම කා මේක කියවමින් ඉන්නා අතරේ හිනාගිය නිසා, කටේ තිබුන ටූත් පික් එක මිසයිලයක් මෙන් ගොස්, මොනිටරයේ වැදී කිසිම හානියක් නොවී මේසයට පාත්විය.

    ඉංගිරිසි කතා සැට් එකක් මගේ ලඟත් එකතුවී තිබේ. කීප විටක් සිංහලට පරිවර්තනය කල නමුත්, මුල් කතාවේ රසය එන්නේ නැති බව පෙනෙන නිසා ඉංගිරිසියෙන්ම පල කිරීමට සිතා සිටිමි.

    ReplyDelete
    Replies
    1. ඉංගිරිසි ටිකක් ඉගෙන ගෙන ආවා නං මොකෝ වෙන්නේ මයේ මාමන්ඩියෝ..හැක්

      Delete
    2. විචාරකත් කරගන්න වැඩ! මට පේන්නේ ටූත්පික් ගැනත් ඩිස්ක්ලේමර් දාලා ලියන්නවෙයි වගේ.

      ඉතින් ලියමුකෝ. ඇයි ලතවෙන්නේ?

      Delete
  13. මුල කතාවට නම් හොඳටම හිනාගියා. අනෙක් එක නම් හිනාවෙන්ට කලින් තව පාරක් කියවන්ට ඕනිලු. :D

    ReplyDelete
    Replies
    1. මේක රාජකාරි ලිපියක්නේ. ඒක වෙන්නැති.
      අර ඇනෝ දීලා තියෙන ලින්ක් එකෙන් යූටියුබ් ගිහින් බලන්න තේරෙයිද කියලා.

      Delete
  14. දෙවෙනි එක පට්ට ක්‍රියේටිවු විහිලුවක්.

    ReplyDelete
    Replies
    1. ඕක හුඟක් ප්‍රසිද්ධ කතාවක් බව මමත් දැනගත්තේ අර ඇනෝ දීලා තියෙන ලින්ක් එකෙක්න් YouTube ගිහාම.

      Delete
  15. හෙන්රි අයියා අපිට ආයෙම අන්තිම පේලිය මතක් කරලා දෙනවා වගෙයි....

    පෙදරේරුවා මොනව උනත් පිලිවෙලට වැඩ කරන එකෙක්...

    ReplyDelete
    Replies
    1. උඹ එහෙම කිව්වාම තමයි මම ආයෙම කියාලා බැලුවේ අන්තිම පේලියක් තියෙන්නේ කොහෙද කියලා.

      පුදුම පිළිවලක් තියෙන්නේ. පිළිවෙල වැඩි වෙලා තමයි මේ ඔක්කොම. :))

      Delete
  16. https://www.youtube.com/watch?v=EaoqJ6hr1Dc

    ReplyDelete
    Replies
    1. දෙවෙනි කතාව sinduwakin

      Delete
    2. ස්තුතියි ඇනෝ ලින්ක් එකට. ඒකට ගියාම තමයි මම දැනගත්තේ මේ ගැන සින්දුත් හැටහුටහමාරක් තියෙන බව.

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. මේ තමයි පෙදරේරුවට ව්‍යාපෘති කළමනාකරුගෙන් ලැබුනු පිළිතුර................

    ...................... මහතා,
    පෙදරේරු,


    ඔබ මුහුණදුන් අවාසනාවන්ත සිද්ධිය සහ ඉන් ඔබට සිදුවූ හානිය පිළිබඳව මගේ සාතිශය සංවේගය පළමුව පළකරමි.එළෙසම ඔබ ඉදිරිපත් කල හදිසි අනතුරු වාර්තාව සාවධානව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පහත සඳහන් කරුණු කෙරෙහි ඔබහේ අවධානය යොමු කරවමි.

    1. ගඩොල් පිරවූ බැරලය ක්ෂණිකව මහල් හයකින් පහළට ඇදවැටීම හේතුකොටගෙන ගඩොල් 122 ක් යලි භාවිතයට ගත නොහැකි අයුරින් විනාශවී ඇති බව වැඩබිම භාර සුපරීක්ෂක මහතා මා වෙත වාර්තා කොට ඇත. එසේහෙයින් එක් ගඩොලක පිරිවැය ශ්‍රී ලංකා රු. 4.50 ලෙස ගණනය කොට විනාශවූ ගඩොල් සඳහා ශ්‍රී ලංකා රු. 549.00 ක් මුදලක් ( රු 4.50 x 122 ) ඔබගේ වේතනයෙන් අයකොට ගන්නට වැටුප් සහ වේතන අංශය වෙත උපදෙස් දුනිමි.

    2. එළෙසම එම පතිත වීමෙහිදී බැරලයෙහි පතුල ගැලවී යලි ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස හානිවී ඇත. එහි ඇස්තමේන්තුගත පිරිවැය වන ශ්‍රී ලංකා රු. 750.00 මුදලක්ද ඔබට හිමි වේතනයෙන් අයකොට ගැනීමට උපදෙස් දුනිමි.

    3. වැඩබිමෙහි කළමණාකාරිත්වයෙන් නිසි පූර්ව අවසරයකින් තොරව වැඩබිම් පරිශ්‍රය තුල සර්කස් සහ එවන් වෙනත් විනෝදාත්මක කටයුතු ප්‍රදර්ශනය කිරීම මෙන්ම එහි නියැලීමද සපුරා තහනම් කරමින් මවිසින් නිකුත් කල අංක 8 දරණ චක්‍රලේඛයට ඔබගේ අවධානය මෙයින් යොමු කරවමි. ඔබ යලි සේවයට වාර්තාකල වහාම උක්ත චක්‍රලේඛය උල්ලංඝනය කිරීම පිළිබඳව ඔබට විරුද්ධව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කෙරෙනු ඇත.

    අවසාන වශයෙන් වැඩබිමෙහි කළමණාකාරිත්වය වෙනුවෙන් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.



    ......................
    ව්‍යාපෘති කළමනාකාර.

    ReplyDelete
    Replies
    1. ඔය ලියුම ආවට පස්සෙ මිනිහ ඉස්පිරිතාලෙ 4 වෙනි තට්ටුවෙන් බිමට පැන්නයි කියල තමයි ආරංචිය.

      Delete
    2. 3 ඉඩියන්ට්ස් වගෙ... හි හි ( හැබැයි ඒකට නං දුක හිතෙනව..)

      Delete
    3. ඔන්න ඉතින් තට්ටු 6 උඩින් වැටිච්ච මිනිහාට ගොනා ඇන්නා.:D

      Delete
    4. හි හි මෙවුවා අහන්න මේ මනුස්සයා නොමැරී ඉතුරු වෙන්න තරම් පව් කල්ලා තිබ්බ කෙනෙක්

      Delete
    5. සිරාවට ඇත්ත.. තමා ලංකාවේ උනානං..

      Delete
    6. අපේ රවීට යසට පුරුදුයිනේ ඔය ලියුම් ලියලා.... ඔය ලියලා තියෙන්නේ ටිප් ටොප් එකට. රවී... ඇත්තටම ඕක ටෙම්ප්ලේට් එකක් නේද? නම්ගම් එහෙම පොඩ්ඩක් මාරු කරලා පොඩි පොඩි දේවල් ටිකක් වෙනස් කරාම හරිනේ? නැත්තම් ඔය ලියුම් ඔපමණ ගානක් දවසකට කොහොම ලියන්නද?

      Delete
    7. පෝස්ට් එකට වඩා නිර්මාණශීලී කමෙන්ට් එකක් වෙනද වගේම. මේක comments better than than the post ටැග් එකට දාන්න වෙනවා.

      Delete
  19. කතා පට්ටම පට්ටයි මචෝ....................... උපරිමයි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කුරුටූස්. මේ ලඟදි උඹලගේ පවුරෙ කුරු‍ටු ගාලා එක කේස් එකක් වුනා නේද?

      Delete
  20. පළවෙනි කතාව නම් අහලා තියෙනවා.දෙවැනි කතාව නම් ඇහුවමයි.
    කොඳු ඇට තුනක්ම කැඩුනා කියන්නේ බුවාට සොරි.කොම්නේ.:(

    ReplyDelete
    Replies
    1. එහෙම වුනත් මේකට කොමඩි කියන එක සිලෙක්ට් කරගෙන බැලුවාම හරි.

      Delete
  21. මරු. අන්තිම කතාවට නං මගෙත් ඉල ඇදුණද කොහෙද?

    ReplyDelete
    Replies
    1. බලාගෙන බලාගෙන ඩිල්ෂාන්. වෛද්‍ය රක්ෂණයත් නෑ නේද?

      Delete
  22. නියමායි ඩූඩ්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ෂෙෆාකි.

      Delete
  23. මාත් මේ ටිකේම හිනා යන කතා කියෙවුවා. කියතේ කතාව මරු. අර කතාවේ කාටුන් එක තමයි මං කියවුවේ ( ඔයා ලියපු එක කියෝනගමන් හිතෙන්) දැන් මේක කියෝලා පස්සේ අහම්බෙන් මතක් වුණාම තනියම හිනා යනවා. ඔහොම තනියම හිනා ගිය වෙලාවක අපේ පුංචි අම්මා කෙනෙක් අපේ අම්මට කියල තිබ්බා මං ගැන ටිකක් හොයල බලන්න මොනාහරි පටලගෙන වගේ කියලා මට මැරෙන්න හිනා අයියේ,, එයාගේ හිතේ ලව් සීන් එකක් කියලා තනියම හේතුවක් නැතුව හිනාවෙද්දි ,, මට ආයේ හිනා

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔහොම තනියෙම හිනායන්නේ මොකක් හරි පටලාගත්තාම තමයි. ටිකක් හොයලා බලන්න තමයි තියෙන්නේ. ;p

      Delete
  24. මෙන්න මේ වගේ ඒව දවසටක දෙක තුනක් කියවන්න තිබ්බ නම් නියමෙට ලේ පිරිසිදු වෙනවා.

    ReplyDelete
    Replies
    1. එතකොට ඩොකාලටත් ලේසියේ නේද?

      Delete
  25. මං නම් කතා දෙකම අදමයි ඇහුවේ.. ඉදලා හිටලා මෙන්න මෙහෙම ඒවත් දාන්න ඕන මම නම් කියන්නේ..

    ReplyDelete
    Replies
    1. මගේ තියෙන දුර්වල කමක්ද මන්දා දිනේෂ්, මම කොහොමත් පත්තරේක වුනත් ඉස්සෙල්ලම කියවන්නේ විහිළු කෑලි ටික.

      Delete
  26. මට හිතුනේ අඩිය පුපුරපු බැරල් එකේ ගඩොල් ඔක්කොම එළියට යන්නේ නැතුව, හතරෙන් එකක් විතර ඇතුලේ ඉතුරු උණා නම් මීටත් වඩා අතල් කියලා...

    ReplyDelete
    Replies
    1. :(( උඹ මහාම sadist කෙනෙක්නේ තිසර. (කතාව ලියපු එකාට ඕක මතක් වෙන්න නැතුව ඇති. )

      Delete
  27. ඉල ඇදෙනවා... තව එව්ව දැම්මොත් අනිවාර්යෙන් බලනවා...

    ReplyDelete
    Replies
    1. ඉල නං ඇදගන්නෙපා සජ්ජා. මොකද අවුරුදු පහළොවකට වඩා පරණ මොඩල් වලට පාර්ට්ස් ගේන්නේ නෑ.

      Delete
  28. dewani kathawa patangaththu wele idan hina yanawa dude ayye.........niyamaaaaaaaaaaai

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං කිව්වේ. multiple punch lines කියලා. මොකද උඹ වැඩිය දකින්න නැත්තේ? ඒ මදිවට උඹ එක පාරටම වයසට ගිහින්.

      Delete
  29. අප්පච්චියේ...අර හා හා හරි හාවා එකේ නරියට වෙන වැඩ නේ අර මනුස්සයට වෙලා තියෙන්නේ...:D

    ReplyDelete
    Replies
    1. හරියට හරි. අන්න ඒ වගේ තමයි.

      Delete
  30. එල ද බ්‍රා..
    අද ටි ටෙබල් එකට ගෙනියනවා මේ කතා දෙක

    ReplyDelete
    Replies
    1. හරි. දැන් ටික දවසක් වුනානේ ටී ටේබල් එකට කතාව ගෙනිහිං. ඉතින් මොකද වුනේ?

      Delete
  31. ඔය අන්තිම කතාව වගේ ඒව අපිට නිතර දකින්න ලැබෙනව.

    මෙහෙ එක බිල්ඩින් එකක එලියෙ හීට් රෙසිස්ටන්ට් ඉන්සුලේෂන් එකට දාල තියෙන්නෙ පොලියුරෙතීන් මැටීරියල් එකක්. බිල්ඩිම හදල, ඇතුලෙ බඩුත් දාල, ඕපන් කරන්න ඔන්න මෙන්න තියෙත්දි ඒසී මිකැනික් කෙනෙක් වෙල්ඩ් කරල බටයක් ඒ ඉන්සුලේෂන් එක කපල, එතනින්. විනාඩි ගානකින් ඩොලර් මිලියන 9ක බිල්ඩිමේ කොන්ක්‍රීට් විතරයි ඉතුරු උනේ.

    තව පාරක් අපේ සයිට් එකක එකෙක් උඩින් වැටෙනවට හාන්ස් එකක් ඇඳල, ඒක ක්ලිප් කරන්න උඩ තැනක් නෑ කියල, බිම කණුවකට ගැට ගහපු ලණුවක් උඩට දම්මගෙන, ඒ ලණුවට හානස් එක අමුනල වැඩ කරල තිබ්බ වැටිල කොන්ද කැඩෙනකල්.

    තව එකෙක් වුඩ්වර්කින් ෆැකට්‍රියෙ ඩස්ට් කලෙක්ටර්, එහෙම නැත්තන් කැපෙන ලීකුඩු එකතු කරන මැෂිමෙ එලියට තහඩුවක් වෙල්ඩ් කරල. වෙල්ඩ් කරත්දි ගින්දර කෑලි ඇතුලෙ කුඩු වලට වැටිල හිමීට ගිනි අරන්, පස්සෙ මැෂිම ඔන් කරහම එන මහා හුළඟට පත ගිණි ජාලාවයි. අන්තිමේ හෙලිකොප්ටර් ගෙනාව නිවන්න.

    මම කියන්නෙ ඔය මින්හ ෂුවර් එකට බංගලියෙක්. උන්ට ඕව නෝමල්.

    ReplyDelete
    Replies
    1. පව් බං බංගලි.

      ඒක නෙවෙයි ඉන්දික. මට උඹේ කතා ඔක්කොම තේරුණා. උඩම කතාව එච්චර පැහැදිළි වුනේ නෑ.

      හානස් එක බිමට ගැට ගහලා උඩ වැඩ කරන උන් ගැන මොනව කියන්නද මන්දා බං. අර අන්තිමට කරනවා වගේ වැඩ කරන මකබාස්ලා හරීයට ඉන්නවා තමයි.

      Delete
  32. හෆ්ෆටසිරි කිව්වලු... කතා දෙක කියවල ඉවර වෙද්දී මට මතක් උනේ අර මවුස් එකෙන් ෆයිල් කොපි කරන්න ගිය කෙල්ලගේ කතාව..

    ReplyDelete
    Replies
    1. අඟහරූස් කියන්නේ අර රයිට් ක්ලික් කරලා කොපි කරලා මවුස් එක ගලවලා අනිත් පීසී එකට ගහලා රයිට් ක්ලික් කරලා ... ඒක නේද?

      Delete
  33. දෙවෙනි කතාව නම් ටිකක් අහල තියෙනව වගේ මතකයි.ඒ වුනාට ඇතිවෙන්න හිනා වුනා. ඒකටම හරියනව රවි ගෙ උත්තරෙ.

    ReplyDelete
  34. නින්ද ගෙන ආවෙ දැන් නිදිමත කොහෙන්ගියද මන්ද. පට්ට ආතල්. දඟය එකේ විල්සොන් අන්කල් මතක් උනා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලහිරු ප්‍රතිචාරයට. මේක මටත් හොඳටම හිනා ගිය කතාවක්.

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>