Monday, March 16, 2015

128. මයි ෆස්ට් ලව්ස්. (My First Loves) - 1

මයි ෆස්ට් ලව්ස්?

නෑ... වැරදිලා ලිව්වා නෙවෙයි. ලව්ස් තමයි.

බඳින්න කලින්
ලව්ස් ඔක්කොම ෆස්ට් ලව්ස් කියලා කියමුකෝ.


අපේ එකෙක් (Blogger පල්ලා මම නෙවෙයි බොලව්) ගැල්ලමයෙකුට හෙන ට්‍රයි එකක් දෙන කාලෙ. ඒකි මූව ගනං ගන්නෙවත් නෑ. හරියට ඌ කියලා එකෙක් නැතුව වගෙ තමයි හැසිරීම. අන්තිමේදි මූ මෙන්න මෙහෙම ඩෙස්පරාඩෝ ප්ලෑනක් ගැහුවා.

"ඒ මචංලා, මං කියන්නද වැඩක්. මං දුවලා ගිහිල්ලා අර එන බස් එකේ එල්ලෙන්නං. උඹලා ඔක්කොම මට හූ කියාපල්ලා."

එතකොට තමයි අනිත් උන්ට දේරුනේ ඉතුරු ටික. හූ කියන කොට හැමෝම බලනවනෙ 'යකෝ කාටද මූං මේ හූ කියන්නෙ?' කියලා. 'Desperate times call for desperate measures' කියලා අර කවුද කිව්වලුනෙ. මේ වර්ණපාල තියරිය නෙවෙයි. වෙනත් ඊට වැඩිය සරළ ප්‍රථමික අහවල් එකක්.

අපි උදේට විවිධ පැති වලින් බස් වලින් ඇවිල්ලා මග ස්පොට් එකක සෙට් වෙලා තමයි යන්නෙ. මෙතන තමයි යුධෝපක්‍රම, යුධ සම්මන්ත්‍රන හෙම පවත්වන තැන. හරිම රසවත් දෙබස් මෙතන යන්නෙ. ම්ම්ම් .. එහෙම කාලයක්!!! ඒ කාලෙ කාපු බූට් වලට ඉතාලියටත් ලැජ්ජ හිතෙන්න ඇති. අනිත් එක අපි කියන දේ අහල පහල ඉන්න අනිත් ජහමනයාට ඇහුනාය කියලා ගානක්වත් අපිට තිබ්බෙ නෑ. අන්න මේ මොහොතේ අයිෆල් කුලුණ පැත්තෙන් කිඹුහුමක් ගියා කියලා රේඩාර් වුනා.

"අඩෝව්, මේ අහගනිල්ල," එකෙක් කියනවා, "පුදුමා...කාර තත්වයක් සහෝදරවරුනි උද්ගතවෙලා තියෙන්නෙ. ග්‍රහයො ඔක්කොම නීච වෙලා. සිකුරා ගැන කත්...තා කරලා වැඩක් නෑ."

දැන් අහල පහල ඉන්න බස් එනකල් ඔහේ බලාගෙන හිටපු ඩයල් ඔක්කොම බලා ඉන්නෙ අපි දිහා. 

"දැන් අලුතෙන් බඩු දාගන්න නෙවෙයි. තියෙන බඩු ‍රැක ගන්න බලාපල්ලා. ඒ තරං නරක කාලයක් ඩෝ."

පාරෙන් එහා පැත්තෙ පිරවුම් හලේ පෙට්‍රල් ගගහා හිටපු පොරත් හිනාවෙලා ඔලුව වනලා නොසල් එක පොම්පේ එල්ලුවා. ඌත් ඒ සන්තෑසියම වෙච්ච පොරක් වෙන්න ඇති.

ඒ වගෙම සපෝටර්ලගෙ සපෝට් එක ගන්න ගිහින් කෙල්ල සපෝටර්ට සෙට් වෙලා චාටර් වෙන අවස්ථා එමටයි.

අද වගේම 50% ලව් ඒ කාලෙත් තිබ්බා.

"ඒයි කොහොමද මචං උඹේ ලව?"
"සීයට පනහක් ගොඩ මචං."
"සිරාවටම?"
"ඔව් මචං හැබැයි ඒ පනහම මගෙ පැත්තෙන්. ඒකි දන්නෙවත් නෑ."
(aka One Way Love Affairs)


තව දෙයක් තමයි ගට නොමැති වීම. ඕක අහන්න ගියොත් මේ තියෙන අහවල් එකත් නැතිව යන්න පුලුවන් කියලා අස්ථාන බියක් ඇතිකර ගැනීම. ඒ නිසාම approach එක දවසෙන් දවසට කල් දැමීම. අද නෙවෙයි හෙට ෂුවර් එකටම අහනවා කියලා කිසිදා නො එන හෙට දවසකට කල් දානවා බාලගිරි දෝශය වගෙ. අන්තිමේදි බොහෝ විට වෙන්නෙ කොහේවත් ඉඳලා පාත් වෙන හැලපයෙක් (බ්ලොග් ලියන හැලපකඩේ එකා නොවේ. පොදු යෙදුමකි) කෙල්ලව ඩැහැගෙන යාම. වැඩේ චාටර්ම වෙන්නෙ පස්සෙ ඒකිත් කැමැත්තෙන් හිටපු බව ආරංචි වීම. එතකොට තමයි පශ්චාත් භාගයට පයිං ගහගෙන දිව විකාගෙන මැරෙන්න හිතෙන්නෙ. 

කෙනෙක් තව කෙනෙකුට ආකර්ශණය වෙන්නෙ මොකක් හරි විශේෂ ශාරීරික ලක්ෂණයක්, නැතිනම් ගතිගුණයක් හෝ ඒවාගෙ එකතුවක් නිසා. සමහරවිට අනෙකා ලඟ ඇති තමා රුචි නොකරන ඍන ලක්ෂණ පවා අර ධන ලක්ෂණවලට ටිකෙන් ටික යටපත් වෙනවා.තවත් විශේෂ දෙයක් තමයි මගේම වචනයෙන් කිව්වොත් "කැත ගෙවී යාම". කවදහරි පුදුමවෙලා තියෙනවද 'ඇයි දෙයියනේ අරූ අර වගෙ හුචක්කුවක් එක්ක යාලු වුනේ. මූට ඇස් පේන්නෙ නැත්ද?" කියලා. ඒක බොහෝ විට වෙන්නෙ දවස ගානෙ දකින මුන ගැහෙන ආශ්‍රය කරන කෙනාගෙ බාහිර ඍණ ලක්ෂණ යටපත්වෙලා, වෙනත් හැඟවිලා තිබ්බ ගතිගුණයක් ඉස්මතුවීම වෙන්න ඇති කියලා මට හිතෙනවා.

මට මතක් වෙනවා අපේ මලයා දවසක් කිව්ව කතාවක්. ඉතාම කෲශ (painfully thin, a man could get serious injuries on contact) කෙල්ලක්ව අතින් ඇදගෙන පේව්මන්ට් එක දිගේ වේගයෙන් ඇවිදගෙන ගිය ඩයල් එකක් දැකපු අඳුරන්නෙත් නැති පොරක් මල්ලිට කිව්වලු, "සුප් එකකට වෙන්නැති" කියලා.

ඒ වගේම නැලවිල්ලෙන් පැද්දිල්ලෙන්, ඇහැ කොනින් හොරෙන් බැලීමෙන් පටන් අරං අහස උසට බලාපොරොත්තු දීල, (මගෙම වචනවලින් කිව්වොත් Dangling sex in front of your face© මූණ ඉස්සරහ වැනීම), පස්සෙ බලනකොට වෙන කොහෙ හරි යන හාල්පාරුවෙක් එක්ක බස් හෝල්ට් එකක කතා කරකර ඉන්නවා, නැත්නම් මල්වත්තෙ අත් අල්ලාගෙන ඇවිදිනවා දකින කොට කොහොමද පපුවට දැනෙන සනීපේ?
ගෑල්ලමයින්ගෙන් මට ලැබිලා තියෙන උත්තර මම වර්ගීකරනය සඳහා ලැයිස්තුගත කරල බැලුවා.

ප්‍රශ්ණය: "ඇයි ඔයා මාත් එක්ක තරහ වෙලාද/ තරහද/ තරහෙන් වගේ? ඊ ටී සී.

පිළිතුරු: 
 
"තරහවෙන්න අපි යාලු වෙලා හිටියයැ?"
කතාව ඇත්ත. යාලුවෙල හිටියා කියන එක නිර්වචනය කරන්නෙ කොහොමද?

"අනේ ඩූඩ් අයියෙ, එයා කියනවා ඔයා කොච්චර හොඳ කොල්ලෙක් වුනත් ඔයා සීරියස් මදිලු"
මේ පණිවිඩය කියන්නෙ සපෝටර් නංගි. අඩු ගානෙ මං හොඳ කියන කැටිගරියෙ ඉන්නවනෙ

"අනේ ඩූඩ් අයියෙ, අපි සහෝදරයො වගෙ ආශ්‍රය කරමු."
මට කොච්චර නං සහෝදරියො හිටියද ඒ දවස්වල. තාත්තා පුදුම වෙයි දන්නවා නම්!
ඇති ඇති. ඔය ඇති.

ඔන්න ඔහොම එක කේස් එකක් කඩා වැටෙන කොටම තමයි මම අහම්බෙන් ලියපු තරඟ විගාගයකින් සමත් වෙලා ගුරු පත්වීමක් ලැබිලා අම්පාරට ගියේ. අප්‍රේල් නිවාඩුවට ගෙදර ආවම වැඩිපුරත් සතියක් නිවාඩු දාලා ඉන්න ගමන් මම පරන පුරුද්දට ගියා අර බස් එකේ. ඔන්න යකෝ අර ගැන්සිය ඉන්නවා.

මාව වටකරත්ත කෙල්ලො මගෙන් අහනවා:


"අනේ ඇයි ඩූඩ් අයියෙ ඔයා අපිව දාලා ගියේ?"

"ඔයා අපිත් එක්ක තරහද?"

"ඇයි ඔයාට අපිව එපා වෙලද?"

"ඇත්තටම ඩූඩ් අයියෙ ඔයා කොහෙද ඉන්නෙ?"

"මම ඉන්නෙ අම්පාරෙ" මම කිව්වා.

"අම්මෝ අම්පාර තියෙන්නෙ හරී ඇත නේද?"

"අනේ කැලේ නේද අනේ?"

"ඔයා බය නැද්ද ඔය කැලේ මැද්දෙ ඉන්න?"

"එහෙ සත්තුත් ඇතිනේ?" ("හුහ් සුකොමල ලලනාවො ටික!")

"අනේ අලි විමානෙලු නේ?"

"ඉන්නවා ඕනැ තරම්." මම කිව්වා.

"ඉතිං අයියේ එහෙ ඉන්නේ? මේ අපේ ඉස්කෝලෙට එන්නකො ඔයා."
"අනේ, අනේ ඔව් අනේ අපේ ඉස්කෝලෙට එන්න ඔයා." ඔන්න කට්ටියම උඩ පනිනවා දැං.

"නෑ. එහෙ ඉන්න දාර පිඹුරු වග වලස්සු මෙහෙ එවුන් තරම් දරුණු නෑ."
මේක කිව්වම මට මාර සනීපයක් හිතට දැනෙන්න ගත්තා, කාලයක් හිතේ තිබ්බ බරක් නිදහස් වුනා වගේ.

"ඔයා ඔය අපිට නේද කියන්නෙ? ඔයා හරී...නරකයි"

"කැමති විදියකට හිතාගන්න."

"ඒක නෙවෙයි අයියෙ, ඇත්තටම එහෙ අලි ඉන්නවද?"

"නංගි ඔයා මොනවද මේ කියන්නෙ? අලි තමයි උදේට ඇවිත් හොඬවැලෙන් බ්ලැක් බෝඩ් එක පිහදාලා යන්නෙ." මම කිව්වා.

කෙල්ලො ටික කට ඇරන් මගෙ දිහා බලා ඉන්නවා මගෙ මූනට එබීගෙන මම කිව්වෙ ඇත්තක්ද බොරුවක්ද දැනගන්න. ඇත්තෙන්ම මට ලැබිලා තිබ්බෙ අම්පාර නගරයෙ පිහිටලා තිබ්බ හොඳම පාසැල් වලින් එකක් කියලා මම මුන්ට නොකිව්වෙ ආතල් එක කැඩෙන නිසා.

"හරි නංගිලා, මම යනවා, Good Bye!" කියපු මම ඒ නංගිලාගෙ ජීවිතවලින් ඇත්තටම ඉවතට ඇවිදගෙන ගියා අලුත් ලොවක් කරා.

Originally published @ මට හිතෙන හැටි.


97 comments:

  1. ඒ වගෙම සපෝටර්ලගෙ සපෝට් එක ගන්න ගිහින් කෙල්ල සපෝටර්ට සෙට් වෙලා චාටර් වෙන අවස්ථා එමටයි.// මෙන්න මෙ වැඩේ ඇත්තටම වෙච්ච (අ)වාසනාවන්තයෙක් අපේ ගෙදරත් ඉන්නව.. හි හි...

    ඔය සහෝදරයො වගේ ආශ්‍රය කරමු කෑල්ල මාර කේස් එකක් අප්ප... කොල්ලෙකුත් නැති කෙල්ලො, යාලුවෙන්න අහන කොල්ලන්ට ඔහොම කිව්වම උෟ පැහැදිලිවම හිතා ගන්න ඕනෙ මේකිට තියෙන ප්‍රශ්නෙ මාව අතෑරියොත් පාඩු වෙන එක, ඒත් මෙයා මේ කියන විදියට හිටියොත් තමන්ට පාඩුයි කියන එක... හි හි... පැ

    හැබැයි යාලුවො වගේ ආශ්‍රය කරමු කිව්වොත් ඉස්සරහට පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.... හි හි

    ReplyDelete
    Replies
    1. (අ)වාසනාවන්තයෙක් කිව්වාම ඒ වරහනෙන්ම කියවෙනවා ලොකූ කතාවක්. නැද්ද?

      හිරූ අර පිළිතුරු විශ්ලේෂණය කරපු හැටි අපූරුයි.

      Delete
  2. අද ඔයාගේ නෝනගේ උපන්දිනේද ????

    ReplyDelete
    Replies
    1. නෑ බං මැලේ. එයා ඉපදිලා තියෙන්නේ නත්තල් දවසේ.

      Delete
    2. මම හිතුවේ නෝනට දීපු තෑග්ගක් කියලා මේ පොස්ට් එක ..... හි...හි....හි....

      එහෙනම් සින්දු ඇනෝ එනකන් මගෙන් මේක

      හදවත ඉල්ලා
      නොලැබුන විටදි
      දහසක් සිතුවිලි මා
      හද තුල තෙරපී
      මිතුරිය ඔබ කෙලෙසක හෝ
      අමතක කරමී
      නොපිරු පෙරුමන් පුරලා
      කුමටද ලතැවී

      ඔය නෙතු අග රැදි තිබු
      නිල්මිණි ඡායා
      දැක මා හදවත සසැලි
      සෙනෙහස කීවා

      මතු අප උපදින භවයේ
      යළි හමු වේවා
      ඔය නෙත් අග සිසිල රැදි
      මට ළං වේවා

      Artist : Priya Sooriyasena

      Delete
  3. කැත ගෙවීයාම ගැන කිව්ව හරියටම හරි. ලඟින් ආශ්‍රය කරද්දි කැත ගෙවෙනව.

    ReplyDelete
    Replies
    1. උඹට ඒක උනාද කියලා ඇහුවොත් හෙන ප්‍රශ්ණයක් වෙන්න පුලුවන් නිසා උඹේ නෝනට එහෙම වුනාද කියලා ඇහුවොත් ඊටත් වැඩිය ප්‍රශ්ණයක්ද රාජ්?

      විහිළු හොඳේ?

      Delete
    2. හෙහ් හෙහ් හෙහ්..... මොක උනත් ප්‍රශ්නයක් නෑ බං.

      Delete
    3. හොඳගෙඩි කන්නෙ පණුවොමයි කියල මුගෙ මූණ බලන් කිව්ව කියල මා එක්ක මල පැනල ඕක ඉන්නෙ...හැක්..හැක්...

      Delete
    4. ඒ උනාට ඩූඩ් අයියට වඩා හොද මනුස්සයෙක් කසාද බැදගන්ඩ තිබුනා අක්කට

      Delete
    5. @ ඉන්දික y-)

      @අටම්පහුර =D>

      Delete
    6. කැත ගෙවීයාම තියරිය අනිත් අතට පෙරලෙන්න ගන්නවා සමහර වෙලාවට ,, මට එහෙම වුණා :( සිරාවටම

      Delete
  4. මේකට සිරාවට උත්තරයක් දෙන්න ගියොත් ඩුඩ් මම සතියේ මුල්ම කොටසින් අතිශය උසස් අන්තයෙන් ඉල්ලන් කනවා. ඒ නිසා සරල උත්තරයක් දෙන්නම්කො දැනට.

    කොල්ලන් ඇත්තටම පුදුමාකාර දුකක් විඳින්නේ ඔය කෙල්ලන් නිසා ( ඔය කාලේ ) මම හිතන්නේ කෙල්ලොන්ට ඒක දැනෙන්නේ නැහැ. අනිත් එක කොල්ලෝ හිතල හිතල හිතල හිතල අන්තිමට කරන්න ගියහම ගොඩක් වෙලාවට ලත් තැන ලොප් වෙනවා.

    මමත් දන්නා කොල්ලෙක් හිටියා මම දන්න කාලේ ඉඳල කෙල්ලෝ තමයි හොයන්නේ. පව් දෙය්යනේ කියල හිතෙනවා වෙලාවකට.

    සමහර කෙල්ලොන්ට යාලුවෙනවට වඩා ජොලි පස්සෙන් එන කොල්ලෙක් ඉන්නවා නම්. මම එහෙම ළමයි දැකලා තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් කල් යාලු නොවී ඉන්න තමයි ට්‍රයි එක. නැත්තම් වෙන එකෙක් එක්ක යාලු උනත් පස්සෙන් එන එකාට ( ඌ අහිංසකයෙක් නම් හෝ යාළුවෙච්ච කොල්ල අහිංසකයෙක් නම් ) දැනෙන්න අරින්නේ නැතුව ඉන්නවා. ඒවා නම් සවුත්තු වැඩ.

    ReplyDelete
    Replies
    1. මේකට උත්තරයක් දෙන්න ගිහින් කමෙන්ට් එකේ අන්තර්ගතයේ වටිනාකම බාල නොකර මෙහෙමම නිහඬ වෙනවා.

      Delete
  5. මේ ඔක්කොම ඒවට අමතරව අතී බිහිසුනු ක්‍රියාදාමයන්ගෙන් පිරි ලව්ස් පවා තිබිලා තියෙනවා. කන්නම බැරි එක තමයි තව එකෙක් එක්ක යනවා දකින එක. අම්මපා ඒ වෙලාවට නම් පොළොව පලාගෙන යන්න හිතෙනවා. ඒ වගේම එක සැරයක් අර සීන් එකත් උනා. හොඳම යාළුවා ආවා සමුගැනීමේ සන්දේෂයත් එක්ක. අර අලුතෙන් මෙහේ යන ඇඩ් එකේ වගේ මම ඇහුවා යාළුවගෙන්.
    ඔයාට එක්කෙනෙක් ඉන්නවද ?
    චීයා.. අයියෝ නෑ..
    මම ඔයාට කැමතියි, ඔයා කැමතිද...?
    කෙල්ල ඇඹරුනා. ඔයා විහිළු නේ කරන්නේ.. බොරුවට නේද අහන්නේ...?
    නෑ නෑ බුදු බුදු සිරා.. මොකද කියන්නේ..?
    අනේ යන්න මෙයා යන්න..
    නෑ අනේ ඇත්තට අහන්නේ.. ඔයා කැමතිද කියන්න..?
    ම්... මට සතියක් දෙන්න..
    සතියක් දෙන්න බෑ... හෙට කියන්න..
    හා මම හෙට කියන්නම්..

    පස්සේ උන් දෙන්නා නයයි මුගටියයි වගේ උනා..

    ReplyDelete
    Replies
    1. හෙට කියන්නම් කියලා නයයි මුගටියයි වගේ වෙන්න ඔය අතර මගදි තව හුඟක් විපර්යාස සිද්ද වෙන්නැති බං.

      Delete
  6. හලේ බල්ලල්ලෑ ඒකාලේ ඉලලම ගෑලුළමයි මගේ පස්සෙන් එනවා හිටං. මං ඕං එකෙග්ගෙවත් පස්සෙං ගිහිල්ල නෑ හිටං. දැං ඉල්ල ගෑල්ළමය එක්ක එන්ඩ කලින් 5ක් 6ක් විතර හිටිය හිටං.

    ReplyDelete
    Replies
    1. දල්ලෑ දල්ලෑ. ඕව්වට කට දාල්ල ගීල්ල ...

      Delete
  7. ආදරේ කරන්න ගනිපු කෙල්ල මගෙත් එක්ක පරණ ලව් කරපු එකා ගැන කියද්දී දැනෙන සනීපෙ..

    ReplyDelete
    Replies
    1. හඳුන් පොතට පවං ගහනවා වගේ ඇති නේද ඇනෝ?

      Delete
  8. සැක් මෙව්වා කියවද්දි මාර දුකයි අප්පා... ඒ කාලේ කෙල්ලොත් එක්ක තරහින් හිටියා මිසක් දකින දකින එකා පස්සේ ගිහින් යාළු වෙන්න අහන්න හිතුනේ නෑනේ.. මගේ ෆස්ට් ලව් එක තිබ්බේ මාස හයයි.. ඒකටවත් මෙහෙම කස්ටක් කන්න වුනේ නෑනේ.. අපරාදේ..

    ReplyDelete
    Replies
    1. මටත් ඒ කාලේ කොල්ලෝ වහ කදුරු වගේ. වලින්මයි හිටියේ... අපේ අය්යාගේ වැරදි ආදුරුස අප්පා!!

      Delete
    2. කමියො උඹේ බ්ලොගේ මට අප් ඩේට් වෙන්නෙ නෑ.

      Delete
    3. @ කැන්ඩි

      මගේ ප්‍රශ්ණේ වෙන එකක්.. මේ කෙහෙල්මල් කෙල්ලො කියලා ජාතියක් නිසා උන්ට වහ වැටිල බොක්කෙ ෆිට් එකෙන් හිටපු එවුන් අන්තිමට වලියකටවත් සෙට් වෙන්න එන්නෙ නැති නිසා මටනම් කෙල්ලො අරහං වෙලා හිටියෙ ඕං..

      @ කම්මල
      ඒක අප්ඩේට් වෙන්න ඉතින් මං ලියන්න එපැයි බං.. හැක් හැක්.. (මං ඔය කොම්පිටර් ජිල්මාට් වැඩිය දන්නෙ නැති නිසා උඹට කියන්න වෙන්නේ රී ස්ටාර්ට් කොල්ල බලන්න කියල තමයි.. 90% කොම්පීටර් ලෙඩ වලට ඔය රී ස්ටාර්ට් බෙහෙත හරියනවලුනේ.. :-)

      Delete
    4. //90% කොම්පීටර් ලෙඩ වලට ඔය රී ස්ටාර්ට් බෙහෙත හරියනවලුනේ//

      මහ බබාගෙ වැරැද්ද, මිනිස්සුන්ටත් (අඩුගානේ කාන්තාවන්ට විතරක්වත්) ඔය රී ස්ටාට් බටන් හයිකරල තිබ්බනං මේ ලොකේ ප්‍රශ්න වලින් 90%ක් විසඳෙනවානේ.

      Delete
    5. උඹට කියන්න වෙන්නේ රී ස්ටාර්ට් කොල්ල බලන්න කියල තමයි//
      උඔත් අපේ අයි ටි මැනෙඡරයා වගේ

      Delete
    6. මාස් හයක් කියන්නේ වයසේ හැටියට දිග කාලයක් තමයි බං කල්‍යාන මිත්‍ර

      Delete
  9. ලොල්.. ජිවිතේටම එකම කෙල්ලෙකුගෙනුයි ඈහුවෙ බන්. එකි ගත් කටටම කියපි, ටිලාන්.. අනේ මට මාවම ට්‍රස්ට් කරන්ට බෑ කියල. හයියො.. පව් බන් මට... ලොල්.. Passe okkoma kollo eki dakinakota kiyanta gathipi mata maawama trust karanta be tilaaan kiyala.. Kohomada ekita sepa.. Hahaaaaa... Baala kaale aye enne neee... Eth mama ekita thawama love. Lol

    ReplyDelete
    Replies
    1. මට මාවම ට්‍රස්ට් කරන්න බෑ කියන එක මොන විදියේ disclaimer එකක්ද කියලා මට තවම හිතා ගන්න බෑ.

      Delete
  10. //මට කොච්චර නං සහෝදරියො හිටියද ඒ දවස්වල. තාත්තා පුදුම වෙයි දන්නවා නම්!
    ඇති ඇති. ඔය ඇති.//

    දීපා දන්නවානම් තව කොච්චර පුදුම වෙයිද? :P

    මේ පොස්ට් එක කියෙව්වට පස්සේ, ලව් ඉල්ලගෙන ආපු කොල්ලෝ ඔක්කොම මතක් වෙලා පුදුම දුකක් දැනුනේ... :))

    ReplyDelete
    Replies
    1. එහෙම සහෝදරියෝ ඉන්න එක තාත්තටයි හොඳ නැත්තේ.

      මටත් උන් ගැන නම් දුකට වඩා තියෙන්නේ මාරකයකින් බේරිච්ච එවුන් ගැන අපිට ඇතිවෙන විදියේ හැඟීමක්.

      Delete
  11. අම්මෝ කාපු බූට් මතක්වෙනකොට එන සනීපෙ !! නැද්ද මචං..?

    ReplyDelete
    Replies
    1. මේ මොනවා කියනවද මචං!

      Delete
  12. ෆස්ට් ලව් එකද , ෆස්ට් ට්‍රයි එකද?
    ට්‍රයි කරපන් ඒත් යාළු වෙන්ඩ අහන්න එපා කියන තියරියේ එකෙක් අපිත් එක්ක හිටිය. මූ කොච්චර හොදට මේ සීලෙ රැක්කද කියනවනම්, කෙල්ලොන්ටම ඉවසීම නැතිවෙලා මූට පනිවිඩ දෙද්දි ඒක අතහැරල වෙන කෙල්ලෙකුට ට්‍රයි කරනව.
    මගෙ ෆස්ට් ලවු එකනම් මම ප්‍රසිද්දියේ බ්ලොග් ගත කරල උනුසුම තාම තියන හින්ද ඒ ගැන මුකුත් කියන්නෙ නෑ.
    අර අලිය හොඩෙන් කළු ලෑල්ල පිහදාන එක නම් සිරා කතාව, ඒක කියල හෙන්රි කොල්ල නක්කලේට හිනා උන විදිහ මැවිල පේනව.

    ReplyDelete
    Replies
    1. එක කාලයක් එක එක අවස්ථාවට ගැලපෙන උත්තර කටට එන්නේ නිරායාසයෙන්. දැන් ඉතින් කටට එන දේ කියන්න කලින් දහසක් දේ හිතන්න ඕනේ. ඉතින් වැඩිපුර ඉන්නේ සද්දේ වහගෙන.

      Delete
  13. එකෙක් කෙල්ලෙක්ගෙන් ඇහුවාම කිව්වා "මට අම්මාගෙනුයි තාත්තාගෙනුයි ලැබෙන ආදරේ ඇති" කියලා.
    මූ ගත් කටටම අහපි අම්මයි තාත්තයි අහවල් එකත් කරලා දෙනවද කියලා.

    ReplyDelete
    Replies
    1. හපොයි. ඒ වුනාට ඒක නම් සැර වැඩියි.

      Delete
  14. බොට මාර ඔලුවක් නේ බං තිබිල තියෙන්නේ. නංගිල හරි කැමතියි ඒවාට.. දැං මං ලියාගෙන (හිතින් ගොතාගෙන ගොතාගෙන යන) යන කතාවෙත් ඔහොම බුවෙක් ඉන්නවා. හැක්.. කැත ගෙවී යාම නං අපුර්වයි.. හැක්

    ReplyDelete
    Replies
    1. උඹ දේශිකාගෙ කොණ්ඩෙ ද හිතං ගොතන්නෙ ඉඳගෙන.

      Delete
    2. මේ කැත ගෙවී යාමට හුඟ දෙනෙක් සාක්කි දරනවානේ බලා ගියාම.

      Delete
  15. මදි හොදටම මදි..තව ටිකක් දිගට ලියන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඇයි බං මයි ෆස්ට් ලව්ස්. (My First Loves) - 1 කියලා තියෙනවාදැක්කේ නැද්ද?

      Delete
    2. සමාවෙයන් අයියන්ඩි උඔ ලියන දේ කියවන්න අපි කැමති..
      එල ද බ්‍රා
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  16. හැක්.. මටනං ඒ කාලෙ කෙල්ලො ගැන ඉන්ටරෙස්ටිං එකක් එච්චර තිබුණෙ නෑ.
    ඕ ලෙවල් ලියල නිවාඩු හම්බවෙන්න කිට්ටු වෙනකොටනං කෙල්ලෙක් පස්සෙන් ආව ඒකටත් එ හැටි සෙතක් උනේ නෑ.
    හොඬවැලෙන් බ්ලැක් බෝඩ් පිහිදාන අලි බලන්න කට්ටිය ආවනං තමයි වැඩේ වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හොඬවැල ගැන කතාවක් මම ඊළඟට ලියන්නං.

      Delete
    2. හොඩාලා ගැන වෙන්ඩෑ හැක්

      Delete
    3. ඉතිං බලාන්ට කොයි තරම් පිටිසර පැත්තක්ද කියලා.
      ඔහොම පැත්තක් තියෙනවලු මීදුම තියෙන. මී දුම හින්දා තවම හොයාගන්න බැරිවුනාලු ඒ කොහෙද කියලා. රවියා දන්නවා.

      Delete
  17. අඩේ කාලයක් යනකොට කැත ගෙවිල යන කතාව දන්නවනං ඒ කාලෙ මාත් කෙල්ලො පස්සෙ යනවා.අපරාදෙ.

    ReplyDelete
    Replies
    1. කැත ගෙවිල යන කතාව කියල තිබුනෙ දීප අක්ක එයාගෙ ගෙදර අයට. : D

      Delete
    2. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්නබෑ කියලා ඉස්සර සිංහල පාඩමට ඉගෙන ගත්තා මතක් වුනා මට.

      Delete
    3. හෙන්රි අයියා පොඩ්ඩක් කලු උනාට කැත නෑ...දැකුම් කළුයි...එක එක පද හදන්න එපා. අරිද...

      Delete
  18. One Way Love Affairs aka ඒකාංශාදරය. ඩූඩ් කියවලා තියේද...ඒ නවකතාව?
    අපි සක්‍රියව බ්ලොග් ලෝකෙට ආවෙ දැන් මාස 5-6 කට කලින්. ඒ වෙනකොට ඔබ ටිකක් අක්‍රියව හිටියෙ. ඒ වුනාට ඔබ ඉස්සර ලියපු හැම ලිපියක්ම වගේ කියවලා තියෙනවා. ගුරු සේවයේ රස කතා සහ අර කොටස් වශයෙන් යන අමුතු කතාත් බොහොම රසවින්දා. ඇත්තටම මේක වෙනස්ම ආරක්. අවසානය දක්වා එක හුස්මට කියවන්නත් පුලුවන්. ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. මේ නං මධුමාධව... සුවර්. හැක්

      Delete
    2. මොන පිස්සුද. ඒ කාලේ තමයි හෙන්රිය ගොඩක් සක්‍රීය වෙලා අර චේන් සෝ එකෙන් දර කැපුව කාලෙ. :D

      Delete
    3. දේශා, ඔහොම ගෙස් කර කර යමුකො. අහුවෙයි කවදහරි.
      ප්‍රසන්න, හැක්...හැක්...

      Delete
    4. බොහෝම ස්තුතියි මධුමාධවී. මම රස සරණිය පැත්තේ කැරකිලා ආවා එහෙම කිව්වාම කුතුහලයක් ඇති වෙලා. අපි අහලා තියෙන කතා හුඟක් කවියෙන් තියෙනවා දැක්කා. සාමාන්‍යයෙන් කවෛ නිකියවන මමත් ඒවා කීපයක් කියෙව්වා. පෝස්ට් හෙන තොගයක් තියෙන නිසා නිවාඩුවේ කියවන්න හිතාගෙන ඉන්නේ මුල ඉඳන්.

      Delete
  19. හේහේ නියම කතාව ඩුඩයියේ.:D
    ඇත්තටම ඔය කෙල්ලන්ට හිතක් පපුවක් නැතිද මන්දා?(පපුවක් නැති වෙන්න බැහැනේ.:D )හිතේ තෙතමනයක් නැතිද අහිංසක කොල්ලෝ මඩවන්නේ.
    ඇයි කෙල්ලෝ කියන අනෙක් (අ)සුන්දරම කතාව."ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබේවි අයියේ"ඒ කියන්නේ එකී හොඳ එකියක් නෙමේ කියලා එකිම පිළිගන්න එකද?

    ReplyDelete
    Replies
    1. මනෝ සිරා කතාව ....

      Delete
    2. ඒ කියනවා වගේම එහෙම වෙනවා මනෝජ්. අපිට ඒ වෙලාවට ඒක හිතාගන්න බෑ.

      Delete
  20. අපේ යාලුවෙක් හිටිය ඕන වෙලාවක ඇණ කිලෝ එකක් දෙකක් අතේ.
    එච්චරට කෙල්ලන්ගෙන් අහල ඇණගෙන

    ReplyDelete
    Replies
    1. සිරාම කතාව ප්‍රා ජේ.
      He was on the road side keeping nails.
      ඔහු පාර අයිනේ ඇණ තියාගෙන සිටියේය.

      Delete
  21. ඔය වටේ පිටේ ඉන්න මිනිස්සු මොනවා හිතයි ද කියන හැඟීම ඔය කාලෙට එන්නෙම නෑනේ .. හෙහ් හෙහ් ..

    මම දවසක් බස් එකේ එකෙකුගේ ඔඩොක්කුවේ වාඩි වෙලා ඒ කියන්නේ යාලුවෝ දෙන්නෙක් සීට් එකේ ඉඳගෙන මම උන් දෙන්නගෙම ඔඩොක්කුවේ හරහට ඉඳගෙන ඉස්සර සීට් එකේ හරි ඒ ළඟ පාතක හිටපු පොඩි ලයින් එකක් වැඩ කරපු නංගි කෙනෙක් ට ෆුල් ට්‍රයි එකක් දිදී යනවා .. යාලුවෝ දෙන්නත් ඉතින් ෆුල් සපෝර්ට් එක .. අපි තුන් දෙනා කොහොමහරි 15km විතර නන්ස්ටොප් කෑගගහ බස් එකේ ආවා .. අන්තිමට බහිනකොට කොන්ද කියනවා කමෝන් මල්ලි ඔය විදියටම කරපන් ගොඩ දාගන්න පුළුවන් කියල .. පිටට තට්ටුවකුත් දැම්ම ... එතකොටත් ෆුල් ආතල් .. හෙහ් හෙහ් එතකොට 9 වසරේ හරි 10 වසරේ හරි වගේ ඇති ...

    අන්තිමට ඉස්කොලෙනුත් අස්වෙලා පස්සේ කාලෙක අර සීන් එක මතක් වුනාම පට්ට ලැජ්ජයි .. යකෝ බස් වල මොන මොන විදියේ මිනිස්සු ඉන්නවද කියල .. හෙහ් හෙහ් ... හැබයි ඉතින් ඔය වටේ පිටේ ඉන්න උන් ගැන හිතන්නේ නැතිව හිතට එන දේ කෙලින් ම කරන ඒ කාලේ තරම් ආතල් එකක් කවදාවත් කවදාවත් එන්නේ නෑ ...

    ඒ ළමය මම හිතන්නේ ඊට පස්සේ හැරිලාවත් බැලුවේ නැද්ද කොහෙද .. :D

    ReplyDelete
    Replies
    1. ඒක තමයි පැතුම්. එහෙම හැම එකාම හිතන දේවල් වලට සංවේදී වෙන්න ගියානම් ඒ කාලේ ඔය විදියට ගතකරගන්න ලැබෙන එකකුත් නෑ නිදහසේ.

      ඒ ළමයා හැරිලාවත් බැලුවේ නැත්තේ ඇයි කියලා තේරෙන්නේ පරක්කුවෙලා නේද?

      Delete
  22. මොකො උබ මෙ දවස්වල සොසොලොගි එක්ස්පරිමන්ට් එකක්ද

    ReplyDelete
    Replies
    1. නෑ බං මේ පරණ කතා. මේ දවස්වල ඉතින් අමාරුවෙන් ජීවත් වෙනවා.

      Delete
  23. අනේ මගේ දුසිමක් දෙකක් විතර වූ සහෝදරියන් පිරිස දැන් කොහේ කොහේ ඉන්නවා ඇත්ද ?උන්ට හොඳක්ම වෙන්න ඕනි

    ReplyDelete
    Replies
    1. උන්ට යහපතක්ම වේවා.

      Delete
  24. පරණ පෙටිටගං අදිද්දි පරණ බූට් සපත්තු අහු වෙනව තමයි ඩූඩ්.

    හැබැයි මෙහෙම දෙයක් වෙනව. ඔය පස්සෙන් ගිහිං ආදරේ ඉල්ලුවම ‘බැහ්!‘ කියන කෙල්ලො පස්සෙ කාලෙකදි දැක්කම හිතෙනව ‘මොන කෙහෙල්මලකට ඒ කාලෙ මේ කෙල්ල යාළු කර ගන්න අච්චර නැහුනද?‘ කියල. එහෙමත් නැත්තං ‘වෙලාවට මෙයා බෑ කිව්වෙ‘ කියල.

    එක්කො ඒ මිදි තිත්තයි කියල හිත හදා ගන්න ඕනි නිසා වෙන්න ඇති. එහෙමත් නැත්තං අර ගෙවිච්ච කැත ආයෙ පේන්න පටන් ගන්න නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හැබැයි මෙහෙම දෙයක් වෙනව. ඔය පස්සෙන් ගිහිං ආදරේ ඉල්ලුවම ‘බැහ්!‘ කියන කෙල්ලො පස්සෙ කාලෙකදි දැක්කම හිතෙනව ‘මොන කෙහෙල්මලකට ඒ කාලෙ මේ කෙල්ල යාළු කර ගන්න අච්චර නැහුනද?‘ කියල. එහෙමත් නැත්තං ‘වෙලාවට මෙයා බෑ කිව්වෙ‘ කියල.

      උඹේ කටේ මසුරං දාන්න ඕනේ මේ කතාවට. මේක නම් පරම සත්‍යයක්.

      ඕකෙ අනිත් පැත්තට උන්ටත් එහෙමම හිතෙනවා ඇති නේදෝ???

      Delete
  25. මෙහෙම විහින්ම හූ කියා ගන්න වෙන එවුනුත් ඉන්නවද කියලා මම මේ කල්පනා කලේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තට එහෙම ඉන්නවද JP? මට නම් කල්පනා වුනේ නෑ.

      Delete
  26. සමහර කෙල්ලෝ ඉන්නේ බං... උන්ට විහිලුවක් වත් කරන්න හිතෙන්නේ නෑ... මගදි දැක්කත් ඉබේටම අපේ ෂර්ට් එක යට වෙනවා, ගමන පිළිවෙල වෙනවා, කට සංවර වෙනවා... පුදුම ගෞරවයක් ඇතිවෙන්නේ... අනේ ඒ වගේ දාහකින් හොයාගන්න බැරි කෙල්ලක් අපිට කවදාවත් යාළු කරගන්න බැරි වෙයි කියලා හිතෙන්නේ... මෙන්න බොලේ ටිකක් කල් යනකොට ඒකි, කොහේ හරි ඉන්න චාටර්ම පොරක් එක්ක යාළු වෙලා යනවා පේනවා... අනේ දෙයියනේ...

    මගේ යාලුවෙකුට බෑ කියපු කෙල්ලෙක් පස්සෙ කාලෙක හම්බවුණාම ඇහුවලු, බෑ කිව්වට මම කැමැත්තෙන් හිටියේ, ඇයි ආයෙ ඇහුවේ නැත්තේ කියලා. උන් දෙන්න දැන් බැඳලා.

    ReplyDelete
    Replies
    1. ඕන්න ඔය කතාව ඉන්දිකයා සහ රාජ් අතර ඇතිවෙච්ච සංවාදයකට ටිකක් සමානයි. හොඳම ගෙඩි පණුවන්ට කියලා ඔයින් එකෙකුට අනිත් එකත් එක්ක මල පැනලාලු ඉන්නේ. මන්ද බං උන්මයි එහෙම කියන්නේ.

      Delete
  27. හි හි ඉස්සර කොල්ලෙක් යාලුවෙන්න ඇහුවොත් හිතෙන්නෙම අපෝ ඒ කොල්ලා හරියන්නේ නෑ කියලා, ඊට පස්සේ මු මට වඩා ලස්සන කෙල්ලෙක් එක්ක ඉන්නවා දැක්කම අපරාදේ ශික් නිකමට හරි මුට කැමති වෙන්න තිබ්බා,... කොල්ලා හැඩයි ,ඇගපත හරි උස මහතට තීනෝ නේ කියලත් හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඕන්න මිනිස් සිතේ ස්වභාවය. ඉතින් මොකෝ කරන්නේ!

      Delete
  28. කොහොම හිටපු කොල්ලෙක්ද නේද ?:D

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ගිමන්!

      Delete
  29. sahodarage119@gmail.com ඩි.ඇස් එකෙද අම්පාරේ හිටියේ ...ආයේ අම්පාරේ යනවා නම් සතියකට කලින් මට මෙලක් කොටන්න කැමැති නම් ... :D අදර්ශ ගන්න ඕන මෙවා,

    ReplyDelete
    Replies
    1. සහෝදර. මම හිටියේ සද්ධාතිස්සේ. සමහරවිට උඹලෑ තාත්තට හෙම ඉගැන්නුවද දන්නෙත් නෑ. :)) උඹ කියන ඉස්කෝලෙ හිටපු සුපිරිපාලතුමා ගැන හෙම මම කලින් ලියලා ඇති. ඕන්නම් බලාපං.

      මම අනිවාර්යයෙන් එන්න කලිම් මේලක් දාන්නම්. මම හරිම ආසයි ආයෙත් ඔයපැත්තේ පොඩ්ඩක් ඇවිදලා දන්න කියන අය තවම ඉන්නවද කියලා හොයලා බලන්න.

      Delete
  30. "ඔව් මචං හැබැයි ඒ පනහම මගෙ පැත්තෙන්. ඒකි දන්නෙවත් නෑ."

    මෙන්න මේක තමයි කතාව.. හම්මේ ඔහොම ඒවනම් කීයක් තිබුනද ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ දිනේෂ්. ඒ වගේ සිදුවීම් හුදෙක් හුදකලා සිදුවීම් නෙවෙයි. කස්ටිය ඉන්නවා ඕනේ තරම්.

      Delete
  31. හොඳ වෙලාවට එස් එක දැම්මේ කලින්ම. අලි බ්ලැක් බෝඩ් පිහින එක කලින් කියෝලා තියෙනවා.
    මෙව්වා කියෝන කොට අම්මපා කොල්ලෝ පව් කියලා හිතෙනවා. ඩුඩ් ආයේ ලියන මුඩ් වෙච්ච එක හොඳයි.
    කෙල්ලෝ කැමති ටිකක් ආඩම්බර, මොනවා හරි කැපී පේන දක්ෂකමක් ඇති කොල්ලන්ට ඔය වයසේදී. හැබැයි එක පාරට ඇහුවොත් නම් බැහැ තමයි.
    ඒ වගේම අපේ සමහර කෙල්ලෝ හිටියා අහිංසක කොල්ලන්ට ඇහැක් හෙම ගහල ඇවිල්ල පස්සේ උන්ද පස්සෙන් එද්දී ගණන් ගන්නේ නැතුව හිටපු.
    ඩුඩ් ට වගේම මටත් ඉස්කෝලෙන් අයින් වුන ගමන් ගුරු පත්වීමක් ලැබුණ.

    ReplyDelete
    Replies
    1. ඉතින් බලන්නකෝ බින්දි, අපි මේ බව දැනගන්නකොට පරක්කු වැඩියිනේ. හොඳටම පරක්කු වැඩියි.

      ඒ කියන්නේ ඔයා තවම උගන්නනවද?

      Delete
    2. නැහැනේ ඩුඩ් . අවුරුදු දෙකක් විතර හිටියේ. ඊට පස්සේ වෙන ජොබ් එකකට ගියා

      Delete
  32. කැත ගෙවෙනවා.. ඒක හරි..
    මටත් නිතර ඇහෙන කතාවක් 'තැඹිලි වල්ලෙ කපුටෙක් වහලා' කතාව.. මක් කොරන්නද?
    තව දිගට රස කතා කියවන්න අපි පෝලිමේ එනවා ඔන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස් ලබ්බා. අනිවාර්යයෙන්ම කැත ගෙවෙනවා.

      Delete
  33. අපේ හෙන්රි සෑර් සාමාන්‍යයෙන් ලියන්නෙ නැති ආකාරයේ ලිපියක්. මම ඉතිං ඉහළ සිට පහළට කියවගෙන එද්දි මගේ සාටර් ආදර ලෝකයේ නටඹුන් තැන් තැන් වලින් මතුවෙන්න ගත්තා. පළමුවෙනි ආදරය වඳ විඳලා ප්‍රකාශ කරගත්ත හැටි මට තවමත් මතකයි...ඒ වගේම ආදරේ හිතේ තියාගෙන ඉදලා ගට නැතුව ඇහිල්ල පස්සට දාලා කෙල්ලව දන් දුන්න යාලුවොත් මට හිටියා. මම ආදරය ඉල්ලපු එ‍ක කෙල්ලෙක් මට කිව්වා මම ඔයාට කැමති නෑ කියලා..හේතුව ඇහුවාම හේතුවක් නෑ කිව්වා...මුන් දෙන්නෙ ඔය වගේ අපංභ්‍රංශ උත්තර තමයි...මේවා මතක් කරද්දි මාව මානසිකව වැටිලා තුවාල වෙන්න පුලුවන් නිසා මම මේ හරියෙන් නතර වෙනවා... බූට් මාසයකුත් තියලා හිතේ දුක ඉතින් පා කර හැරියා නොවැ....අපිට ජය වේවා !

    ReplyDelete
  34. මේවා කියව්වම හිතෙන්නේ මන් ඒ කාලේ මොන ලෝකෙද හිටියේ කියලා.. ටියුෂන් වල හිටපු එක කොල්ලෙක්ගේ වත් මුනක්වත් මට මතක නැනේ..ඒ කාලේ අපිට ලව් කරන්න ස්පෙල් බයින්ඩර් එකේ පෝල්, ඕෂන් ගර්ල් එකේ ජේසන්, මිත් ක්වෙස්ට් එකේ ඇලෙක්ස් හිටපු හින්දා වෙන්න ඇති. කොහොම උනත් කොල්ලෝ ඔච්චර වැඩ වෙනවා කියන එක ගැන කෙල්ලොන්ට හාන්කවිසියකවත් තේරුමක් නෑ මන් හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇයි දෙයියනේ මේ හිත් මේ තරම් ගල්..????
      -බ්‍රෑන්ඩ් එක ගල්-

      Delete
  35. //"නංගි ඔයා මොනවද මේ කියන්නෙ? අලි තමයි උදේට ඇවිත් හොඬවැලෙන් බ්ලැක් බෝඩ් එක පිහදාලා යන්නෙ."//
    ලේ පිරිසිදු උනා

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>