Saturday, September 29, 2012

07. එන්න සබ්මැරීන් එකක යන්න!


මීට අවුරුදු කීපයකට කලින් අපි ගියා සබ්මැරීන් එකක. ජර්මනියෙ නිෂ්පාදනය කරපු මේ සබ්මැරීනය,  මාල දිවයිනට පැමිණෙන සංචාරකයන් සඳහාම වෙන් වූවක්.  මුලදි මුලදි නම් මේ සබ්මැරීනය පැදවූයෙ ප්‍රංස ජාතික නියමුවන්, දැන්නම් දේශීය නියමුවො පුහුණු කරලා තියෙන්නෙ. කතාව පින්තූරෙන්ම කිව්වා නම් ඉවරයි නේ?




මම එහෙම කිව්වට ටිකට් කලින් අරන් තියෙන්න ඕනෙ. අපි දවස් දෙකක් කලින් ටිකට් ගත්තෙ.








මීට වැඩිය පින්තූර පැටෙව්වොත් බ්ලොග් පෝස්ට් එක ලෝඩ් වෙන එකකුත් නැහැනෙ. ඒක නිසා ඉතිරි කොටස ඊලඟ පෝස්ට් එකෙන්. 

 මේ ලිපිය මුලින්ම,  'එන්න සබ්මැරීන් එකක යන්න!' නමින් 'මට හිතෙන හැටි' බ්ලොග් අඩවියේ පළ වුනාම රාජ් අහලා තිබ්බා ඇයි මේක මගේ ඩෙනිමෙ දැම්මෙ නැත්තෙ කියලා. ඇත්තටම කල්පනා කරලා බැලුවාමත්, ලිපියට ලැබුනු පාඨක ප්‍රතිචාරත් කියෙව්වාම එහෙම තමයි කල යුතුව තිබ්බෙ කියලා මටත් තේරුනා. ඔන්න එහෙමත් කලා.

ස්තුතියි රාජ්!

මේ දිනවල, අපි උගන්නන ඉස්කෝලෙ 'Open Day' එක තියන්න දිවා රෑ මහන්සි වෙන නිසා, කාල වේලාව පිළිබඳ ගැටලුවක් තියෙනවා. රස්සාව කරලා එපායැ ඔක්කොම කරන්න, නේද?

ඊ ලඟ කොටස හැකි ඉක්මනින් පළ කරන්න අදහස් කරනවා. 


ඔබේ ඉවසීමට ස්තුතියි.

15 comments:

  1. ලබාගන්න බැරි අත්දැකෙමක්... මෙහෙමවත් ලබලදුන්නට උබට තැන්කිව්

    ReplyDelete
    Replies
    1. ලබාගන්න බැරි අත්දැකීමක් නෙවෙයි මීයා. උඹටත් ඕනෙ නම් මේ පාර එනකොට ඔන්ලයින් බුක් කරලා, මාලෙ හරහා ඇවිත් සබ් එකෙත් ගිහිල්ලා ගෙදර යන්න පුලුවන්.

      Delete
  2. හෙහ් හෙහ් ... දැන් අයියට එකපාර දෙක දෙක දාන්ට වෙලානේ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං DDT පැමිණි දුක් පැණි රසයි කියලා හිතාගෙන ඉන්නවා. :D

      Delete
  3. ඕඕඕඕ, කීයක් ගන්නවද ඕකෙ යන්න? මෙහෙත් තියෙනවද දන්නෑ ඔය වගෙ සවාරි. :(

    ReplyDelete
    Replies
    1. නලිනි, මම ඒක චෙක් කරලා මේකෙ දෙවෙනි කොටසට දාන්නම්. ලංකාවෙ නම් සම්බැරීන් එකක් නෑ නේ? ඕකෙ තියෙන්නෙ කාටවත් ඕනෙ නැතිකමයි.

      Delete
  4. මේ ගමන මට අද වගේ මතකයි….හරිම සුන්දර අත්දැකීමක්….පාට පාට මාලු…ලස්සන කොරල් එහෙම….ආයෙම දවසක යන්න ඇත්නම්…

    ReplyDelete
    Replies
    1. ඔයාටත් දැන් මම පෝස්ට් දෙක දෙක දානකොට කමෙන්ට් දෙක දෙක දාන්න වෙලා නේ? හික් හික්.

      Delete
  5. මොකද ඩුඩ් එකෙන්ම දෙක ගානේ...අරමුන අපැහැදිලියි...

    ReplyDelete
    Replies
    1. නලීන්, මම බ්ලොග් දෙකක් ලියනවනෙ
      HeyDude (Blogger)
      මට හිතෙන හැටි (WordPress)
      අවුරුද්දක් ගියාටත් පස්සෙ බැලුවාම අනිත් උන් ඔක්කොම වගෙ බ්ලොගර් වල විතරයි බ්ලොග් කරන්නෙ. කට්ටිය අඬනවා වර්ඩ්ප්‍රෙස් එකේ කමෙන්ට් දාන්න ගියාමත් වාතයක්ලු,ලෝඩ් වෙන්න වෙලා යනවලු යනාදී වශයෙන්. පස්සෙ මම ආයෙම පටන් ගත්තා මගේ ඩෙනිම/My Blue Jeans කියන මේ සිංහල Blogger සයිට් එක. හරි ඉතින් මම අච්චර මහංසි වෙලා ලියපු පෝස්ට් (ඇත්තටම සමහර ඒවා ලෑන්ඩ්මාක් පෝස්ට්) මම මේකට සංක්‍රමණය කරන්නත් ඕනෙ. ඉතින් ඒකත් කරන ගමන්, අලුත්ම පෝස්‍ටුත් මේකෙ දානවා වර්ඩ්ප්‍රෙස් මට හිතෙන හැටි එකට සමාන්තරව. ඉතින් ‍රැඳීහිටපං... :)

      Delete
  6. ආයේ යනකොට මාවත් එක්ක යමන්කෝ ..ජිවිත කාලෙට සබ්මැරින් එකක්නම් යන්න ලැබෙයි කියලා හිතන්න අමාරුයි මටනම්..

    ReplyDelete
  7. සංචාරක කර්මාන්තය හරියට කරන්න අපේ අයට ගොඩක් ඔහෙන් ඉගෙනගන්න පුළුවන් වගේ..

    ReplyDelete
  8. ඩුඩ්,

    ෂා.....................! මේ ගමන නම් අපුරු අත්දැකිමක්.ඔයාට ගොඩක් ස්තුතීයි අපිට මෙ වගෙ රසවත් අත්දැකිමක් ලබා දෙනවට. :D

    අර පුතූ කියලා තියෙනවා වගෙ ආයෙමත් මෙ සබ්මැරීන් එකේ ගියොත් හොදයි චුටි පුතාටත්. මොකද එදා එයාට ඒ ගමනින් තේරුන දේවලට වඩා හුගක් දෙවල් අද තේරුම් ගන්න පුළුවන්නේ.

    හැබයි ඉතිං මෙක කරන්න අමාරු වෙන්නේ පුතූටයි අපිටයි එකම කාලයට නිවාඩු ලැබෙන්නේ නැති එක. :(

    ReplyDelete
  9. ෂා... නියම ගමනක්නේ.. මටත් ආසයි ඔරු පදින එක අතහැරලා සබ්මැරීනෙක යන්න..

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>