Sunday, September 30, 2012

08. සබ්මැරීන් චාරිකාවේ ඉතිරිය...



මේ හෙන්රිබ්ලොග්වෝකර්ගෙ අර දුර්ලභ ඡායාරූපය, බ්ලොගර් ප්‍රොෆයිල් පික්චර් එක."කෝ අර සබ්මැරින් එකට නගින්ඩ බලන් ඉන්න බුවාගෙ ෆොටෝ එක නෑනෙ" කියලා අපේ සෙන්නා අහලම තිබ්බා. මෙන්න බඩු. :D

දිය යට සිට මුහුදු මතුපිට දු‍ටු අවසන් හිරු කිරණ වියැකිලා ගියා මතකයිනෙ?
මේ කතාවෙ අගක් මුලක් තේරෙන්නෙ නැතිනම් කියවන්න මේ කතාවෙ පළමු කොටස, "එන්න සබ්මැරීන් එකක යන්න"
 
අද එතැන් සිට...


නියමිත වෙලාවට විනාඩි තිහක් කලින් මාලේ ජෙටි අංක 1 ට ඇවිත් ඉන්න කියලා තමයි උපදෙස් දෙන්නෙ. එතනින් අර අපි ගියාවගෙ සාමාන්‍ය බෝට්‍ටුවකින් තරමක් මුහුද මැද්දට වෙන්න පිහිටලා තියෙන Whale House නමින් හැඳින්වෙන පාවෙන සබ්මැරීන් ජෙටියට (submarines floating dry-dock)  සංචාරකයන්ව එක්ක යනවා.

මේ සබ්මැරීනයේ නම Whale Submarine වුනාට මේක තල්මසුන් නරඹන්න තියෙන සබ්මැරීනයක් කියලා වරදවා තේරුම් ගන්න එපා. ඒක  නමක් විතරයි.

අද නම් ටිකට් එකක් වැඩිහිටියෙකුට USD 80.00 සහ ළමයෙකුට USD 40.00 ක්ද වගෙ මතකයි. 
මේ මිල ගනන් වෙනස් වෙලා තියෙන්න පුලුවන්.


ඔන්න යානය කිමිදෙනවා. සම්බ්මැරීනයේ පිටත සවි කරලා තියෙනවා ඉතාම ප්‍රභල, හාත් පස එලිය විහිදුවන ආලෝක ධාරා. ඒ වගේම ඔය පින්තූරවල පෙනෙන විදියට මාලු සබ්මැරීනයේ කවුලු (Port Holes) ලඟට ගෙන්නා ගන්නට පොඩි උපක්‍රමයක් යොදලා තියෙන්නෙ.


ඒ තමයි කවුලු අසලම තියෙන නොසල් වගයකින් මාලු කෑම සබ්මැරීනය අවට ජලයට නිකුත් වෙන එක. මේ මාලු පොර කන්නෙ ඒවා කන්න.


පුංචි ළමයිට නම් ඉතාම සුන්දර ලෝකයක්!


 මේ කවුලු අසල වීඩියෝ මොනිටරුත් සවි කර ඇති බව ඔබට පේනවා ඇති.


 මේ වේල් සබ්මැරීනය 1994 වසරෙදි, අමරිකානු නාවික කටයුතු පිළිබඳ කාර්යංශයේ (The American Bureau of Shipping and Bureau Veritas) දැඩි රෙගුලාසිවලට අනුකූලව සැලසුම් කොට නිර්මාණය කරලා  තියෙන්නෙ, ජර්මනියෙ Karlsruhe නගරයේ පිහිටි, Bruker Meerestechnik GmbH නිෂ්පාදනායතනයේදීයි.



මේ සබ්මැරීනය මුලින්ම සේවයට යොදවලා තියෙන්නෙ 1994 දි. ටොන් 120ක් බ‍රැති, අඩි 73ක් දිගැති මේ යානයට හැකියාව තියෙනවා, මගීන් පනස් දෙනෙක් සහ දෙදෙනෙකුගෙන් යුත් කාර්‍ය මණ්ඩලයත් ‍රැගෙන, මීටර් 150ක් දක්වා ගැඹුරු මුහුදේ කිමිදෙන්නට.


 එතකොට මේ නවීන සම්බැරීනය ලොවේ ඇති ගැඹුරු මුහුදෙ කිමිදෙන විශාලතම මගී සබ්මැරීනය කියලයි ඔවුන් නම් කියන්නෙ. 


වායුසමීකරණය කර ඇති මේ සම්බැරීනය තුල සාමාන්‍ය වායු ගෝලීය පීඩනය පවත්වාගෙන යන නිසා සාමාන්‍ය ආකාරයට හුස්ම ගන්න පුලුවන්. ඒ නිසාම මේ සබ්මැරීනයේ කිමිදී මතු පිටට පැමිණි වහාම වුනත් ගුවන් ගමනක යෙදෙන එක කිසිම අවදානමක් නැතිබව ඔවුන් සහතික වෙනවා. නමුත් ඔබ ඔක්සිජන් ටැංකියක් බැඳගෙන කිමිදුනා නම් (scuba diving) තත්වය වෙනස් මම හිතන්නෙ.


මේ යානයට නොට් 4.5ක වේගයෙන් ගමන් කල හැකි වුවත් ඔවුන් මේ සංචාරය සඳහා යොදා ගන්නේ නොට් 1.5 ක උපරිම වේගයක් පමණයි. ඒ වගේම මීටර 150ක ගැඹුරක ආරක්ෂා සහිතව කිමිදිය හැකි වුවත් ඔවුන් මීටර් 40 ට වඩා ගැඹුරට යන්නෙ නෑ මේ සංචාරයේදී.


 ඔවුන් මුලින්ම මීටර් 25 කදී නවතිනවා මේ කොරල් පර සහ එහි වාසය කරන නොයෙකුත් විසිතුරු ජීවීන්  දැක බලා ගන්නට. දෙපැත්තෙම නරඹන්නන්ට සමාන අවස්ථා ලබාදීමට ඔවුන් යානය හසුරුවනවා.


දෙවන නැවතුම මීටර් 40ක ගැඹුරේදී සිදුවෙනවා. සබ්මැරීනය මෙහිදී ඇත්තටම කොරල් උද්‍යානයක පිහිටි කොරල් ගුහාවක් අසල වැලි නිම්නයක ගාල් කරනව කිව්වොත් නිවැරදියි. මෙහිදී ඇත්තෙන්ම අර ප්‍රභල ආලෝක ධාරා නිසා විවිධ නම් ඇති දැවැන්ත grouper වැනි මසුන් පවා දැක බලාගත හැකියි.





මේ කිමිදීම් රාත්‍රී කාලයේදී පවා කරනවා.
දිනයේ වේලාව, දියවැල් වල තත්වය හා වෙනත් කරුණු රාශියක් යහපත් නම් සම්බැරීනය, මෝරුන් කෑම කන තැන් (shark feeding areas), ගිලී ගිය නැවක්, හා වෙනත් විසිතුරු කොරල් පර කරාත් ඔබව ගෙනයන්නට ඉඩ තියෙනවා. එදා නම් එහෙම වුනේ නෑ.



 මේ මම සහ ගැඹුරු මුහුද.


 තාත්තයි පුතයි.


 මේ සබ්මැරීනය ප්‍රමිතියට අදාල සියලුම ආරක්ෂක අංගෝපාංගයන්ගෙන් සමන්විත නිසා සහ ඉතා හොඳින් පුහුණු වූ ප්‍රංශ සහ දේශීය නියමුවන් විසින් පදවන නිසා, ඉතාම ආරක්ෂාකාරී සුව පහසු ගමනක් ඔවුන් සහතික වෙනවා. 

ඔබට ඒත් සැක නම් සබ්මැරීනය සියලුම මගීනට සහ කාර්ය මණ්ඩලයට පැය සියයකට සෑහෙන ඔක්සිජන්, ජලය, සහ ආහාර ගෙනයනවා. 
:)
 කොහොමත් නියමුවා මුහුද මතුපිට පාලන මැදිරියත් සමඟ නිරන්තර රේඩියෝ සබඳතාවයක් පවත්වා ගන්නවා.

ආපහු මතු පිටට.

 මේ එදා අපේ සබ්මැරීන් නියමුවා. 

 පොඩි එකත් ආසයිනෙ පයිලට් මේ වැඩේ කොහොමද කරන්නෙ කියලා බලන්න,මං වගේම! :)

අම්මයි දුවයි ඉනිමගේ නගින්න ලෑස්තියි.


 මේ මම සහ මගේ ඩෙනිම ඉනිමගේ, Forever In Blue Jeans. :D
දෙයියනේ අර සෙන්නාට 'මගේ ඩෙනිම' පේන්නෙම 'මගේ වෙඩිම' වගේලුනෙ. :D
 බ්ලොග්වෝකර් පවුලේ අය.

මෙන්න භාණ්ඩේ. දුරකථන අංකය බඳේ ලියලා තියෙන්නෙ තල්මසෙකුට මෝරෙකුට උනත් කෝල් එකක් දීල බුක් කරන්න පුලුවන් වෙන්න.

 අර සබ්මැරින් එකට නගින්ඩ බලන් ඉන්න බුවා නැවතත්

 
 නැවතත් මාලේ නගරය.



ඒක නම් අපූරු අත්දැකීමක්.

96 comments:

  1. අඩේ ඩුඩ්... මේ පින්තූර දකිනකොට පුදුම ආසාවක් ඇති වෙන්නේ සබ්මැරිනයක යන්න.... කවදාවත් ඉටු නොවෙන සිහිනයක් තමයි ඒක.. ඒ නිසා පින්තූර බලලවත් සතුටු වෙනවා..

    ReplyDelete
    Replies
    1. අනේ බං මේ උඹලට දුක හිතවන්න මේ කතාව දැම්මා නෙවෙයි. උඹට ඔච්චරම ආසා නම් මේක ලබා ගන්න බැරි අත්දැකීමක් නෙවෙයි. මෝල්ඩිව්ස් කියන්නෙ ලංකාවට කිට්‍ටු රටක්. මේ ටිකට් එකේ ගානත් මම කියලා තියෙන්නෙ. කීයක් හරි ඉතුරු කරගෙන ඇවිත් සබ්මැරීන් එකේ යන එක ලඟාවිය නොහැකි හීනයක් කියලා හිතන්න එපා බං.

      Delete
    2. ඔවු චමියෝ මෝල්ඩිව්ස් යන්න විසා ඕනෙත් නෑ මම හිතන්නෙ.. පලයන්.. ගිහින් සිහිනය සැබෑකරගන වරෙන්.. මාත් පුලුවන් උනොත් දවසක යනවා..

      Delete
    3. පුළුවන් වුනොත් ඇවිත් යන්න ඕනි. :)

      ඩෙනිමට ආපු පලවෙනි වතාව. හැබැයි මමනම් වර්ඩ්ප්‍රෙස්!!!

      Delete
    4. ඉඳුනිල්ව සාදරයෙන් පිළිගන්නවා මගේ ඩෙනිමට. ආයෙ එන්න ඕනේ! :)

      Delete
  2. අපූර් අත්දැකීමක් නේන්නම්... ඒ ගොල්ලො හැතම්මක් දෙකක් විතරවත් ධාවනය කරන්නැද්ද ? කිමිදෙනවා විතරද ? එහෙම ගියානම් තවත් ශෝක්.. ඔන්න ලංකාවෙ අයියලට සංචාරක ආකර්ශනය දිනා ගන්ඩ ඕන නම් කරන්ඩ වැඩ. කොහොමද ලංකාව වටේ සබ්මැරින් චාරිකාවක් ඕගනයිස් කරොත්. අනිවා බඩු හිට් වෙනවා.

    ඩූඩ්ට කොහොම ස්තූතියි කරන්ඩද කියලා මම මේ කල්පනා කෙරුවෙ.. එදා මෙදා තුර බ්ලොග් කියවීමෙදි මේතරම් වටිනා, දුලබ බ්ලොග් පෝස්ට් එකක් මට හමුවුනේ නෑ කියලා කියන්නෙ උඹව බොරුවට නංගන්න නෙමේ හරිද ?

    ReplyDelete
    Replies
    1. හැබැයි අයියේ අර ප්ලේන් කඩාවැටිච්චා වගේ මෙව්වත් ගිලිච්ච හැටි එහෙම ලියන්න එපා හරිද ආසාවකට කියලා යන්න බලාගෙන ඉන්නේ මේකක... ඔව්වා කියවලා මේකක ගියොත් හාට් ඇටෑක් හැදිලවත් මැරෙයි...

      රහසින්(අර රුසියාවේ 118ක් එක්ක මුහුදුබත් වුනු සබ්මැරිනය ගැන ලියලා නෑ නේද??)

      Delete
    2. ගැමියා මලේ..උඹ මරු ඔත්තුවක්නෙ දුන්නෙ... දාපන් පහක්... දැන්ම පටන් ගන්ඩ ඕනා ඒ ගැන හොයන්ඩ..

      Delete
    3. හිතවත් සෙන්නෝ,
      හොඳම අධ්‍යාපනික බ්ලොග් අඩවිය වෙනුවෙන් Buzz Radio සම්මානය ලැබූ උඹට සහ කුරුන්දට මගේ උණුසුම් සුභ පැතුම්!
      තව තවත් නිර්මාණකරණයේ යෙදෙන්නට මෙය දිරියක් වේවා.
      ඒ වගේම මේ තීරණය ඉතාමත් නිවැරදි එකක් බව මම පෞද්ගලිකව විශ්වාස කරනවා. උඹ ආවට ගියාට පෝස්ට් දාන එකෙක් නෙවෙයි. අර සැවුලා කොච්චර කල් හිටියද, හික්ස් :D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
  3. උඹට කියන්න මම අදත් මේක කියෙව්වෙ මගේ වෙඩිම කියලනෙ. මොන මගුලක්ද මංදා මට ඒක දැකපු ගමන් කියවෙන්නෙ මගේ වෙඩිම කියලා. i can't do this wedding :-)

    ReplyDelete
    Replies
    1. සෙන්නා උඹ බැදලද බං? නැත්නම් බඩු හරියාගෙන වගෙයි එන්නෙ. :D

      Delete
    2. හැක් හැක්.. උබ හිතුවෙ මම දහ අටේ පොඩි එකෙක් කියලද ? බැඳලා නේන්නම්... පුත්‍රයා තමා ඔය ප්‍රොෆයිල් ෆොටෝ එකේ ඉන්නෙ..

      මේක එහෙම ලෙඩක් නෙමේ බන්, වෙන ලෙඩක්, ඇස්වල ලෙඩක්ද මංදා :-)

      Delete
    3. අනේ ඇත්තද බං. මම හිතුවෙ උඹේ පොඩි කාලෙ එකක් කියලා. ඒත් මං කල්පනා කලා සෙන්නා ඔච්චර පිං පාට හුරතල් එකෙක් වෙන්න බෑනේ කියලත්. (විහිලු විහිලු.):D එහෙම නම් ඇස්වල මොකක් හරි වෙඩිමක් තමයි. උඹලගෙ ඇනිවර්සරි එකවත් ලඟයිද දන්නෙ නෑ. එතකොටත් ඕක අමතක වෙලා හාමිනේ පෝරියල් දායි කියලා බයට හීනෙනුත් බය වෙනවනෙ! (ඒත් විහිලු විහිලු) :D

      Delete
    4. සෙන්නා අපි වගේ පොඩි එවුන්ව දිරිමත් කරනවනෙ මචන් කියන්න. එතකොට වයස පේන්නෙ නෑනෙ.

      Delete
    5. උඹ කවුද මචන්...? :-)

      Delete
  4. හ්ම්ම්ම්! මේ වගේ ගමනක් මට නම් හීනෙන්වත් යන්න ලැබේවිද සැකයි :( සබ්මැරීන් එකකනෙ..අපූරු අත්දැකීමක් ඩූඩ්....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ළිහිණි. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. අර චමීට දීපු උත්තරේ බලන්නකො. :)

      Delete
  5. Just came to your blog. The post seems to be interesting but as there are two posts to read I will try it tomorrow. I am sleepy now. Good night!

    ReplyDelete
    Replies
    1. No problem Blue Lotus. Take your time and enjoy. Good night!

      Delete
    2. I emailed the following msg to you with the software attached. But it failed due to email address error. You can either search for Singreesi Unicode 1.8 and download or send me a mail to
      henry_jayawardene@yahoo.com

      Hi Mercy,

      This software is very user friendly and easy to use. I write Sinhala with this. Before I got this Sinhala typing was a nightmare to me.
      Just try this. It's not complicated as it seems once you get the hang of it. I blog with this.

      Best regards

      Henry

      Delete
  6. මාව 100%ක් මඤ්ඤං වී ඇත.එක පාරටම කොහෙන්ද මේ ඩෙනිමක් ආවේ?? එතකොට වර්ඩ්ප්‍රෙස් එකේ ආයේ ලියන්නෙම නැද්ද??

    පින්තූර ටික දැක්කම නම් මාර ආසා හිතුනා... ඒක නෙමේ සෙන්නා අයියා මාර මීටරයක්නේ බොලේ මම අද වෙනකන් නිකමටවත් හිතුවේ නෑ ඩුඩිතුමාගේ මේ පොටෝව සබ්මැරින් එකකට නගින්න බලාගෙන ඉන්න එකක් කියලා.... මාර ගති ඈ ඒ පොටෝ එක...

    ඩෙනිම ගැන කියනවනම් මගෙ ප්‍රියතම ඇඳුමක් තමා ඒක.ඕක හොයාගත්තේ කවුරු වුනත් උපහාර කරන්නම වටිනවා.... එහෙන් මෙහෙන් පනින්න එහෙම ගිහිල්ලා ඩෙනිම ඉරුණත් ලැජ්ජාවක් නැතුව අඳින්න පුළුවන් එකම වටිනවා...

    මට එන්න බැරිවෙච්චි ටිකේ මාර වෙනස්කම් වෙලානේ බොලේ....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ගැමියා. වර්ඩ්ප්‍රෙස් එක බැකප් එකක් හැටියට පාවිච්චි කරනවා. ගැමියා අහපු නිසා මෙන්න ආයෙම කියනවා මේක

      "මෙන්න මගේ අලුත්ම බ්ලොගර් සිංහල බ්ලොග් එක. මේක ඇත්තටම මේ වර්ඩ්ප්‍රෙස් ‘මට හිතෙන හැටි’ සයිට් එකේ බැක් අප් එකක්. නම මගේ ඩෙනිම My Blue Jeans
      බර වැඩි නැතිනම් ඔයාලගෙ බ්ලොග් රෝල් වල එල්ලගෙන දෙන්නකො මගේ ඩෙනිමටත් පොඩි බැක් අප් එකක්.
      හැමදාම මට තියෙන චෝදනාවක්නෙ, ‘උඹේ වදන් තදයට (WordPress-Thanks Ravi) එන්නත් අමාරුයි, කමෙන්ට් දාන්නත් අමාරුයි,’ කියලා. ඔන්න තියෙනවා බඩු!
      දැන් මට හිතෙන හැටි බැකප් එකක් හැටියට පසුබිමින් ක්‍රියාත්මක වෙත්දි වර්ඩ්ප්‍රෙස් වලට බැන බැන හිටපු හිතවතුන්ට පුලුවන් මේකෙන් මගෙ අලුත්ම ලිපි වගේම මම කලින් මට හිතෙන හැටි බ්ලොගේ පළකරපු, ඔයාලට මග හැරුණු පැරණි ලිපිත් කියවන්න."


      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    2. මමත් එකපාර බැලුවා මේ මොකක්ද මේ ලෝඩ් වෙන්නේ කියලා..

      Delete
  7. ඔන්න ඔය හදල තියෙන්නේ රාවන රජාගේ යන්තරේ කොපියක් කියල ජයරත්න උන්නැහේ කියාවි.

    ReplyDelete
    Replies
    1. හැබෑමයි සරත්. උන්නැහෙ මේ පැත්තෙ ඇවිත් නෑ කවදාවත්. :)

      Delete
  8. නියමයි ඩූඩ් මටත් මේපැත්තේ රවුමක් දාන්න හිතෙනවා මේ පිංතුර ටික දැක්කම.වියට්නාමේ ගිහින් එන්නයි මේ දවස්වල සූදානම. එහේ ගිහින් ඇවිත් මේ ගැන හිතලා බලනවා.

    ReplyDelete
    Replies
    1. උඹ කරන වාසනාවන්ත රස්සාව නිසා මේක ගේමක් නෑ උඹට නම්. වියට්නාමයට සුභ ගමන් නලීන්!

      Delete
  9. blogger සම්ප්‍රාප්තිය හරි අපූරුවට කරලා තියනවා.
    …මගේ නම් මූදු ගමන් වලට එතරම් කැමැත්තක් නෑ ඒත් මේක බැලුවට පස්සෙ අදහස වෙනස් උනාද මන්දා.

    ReplyDelete
    Replies
    1. ඇත්තද ජෝනා. බොහෝම ස්තුතියි. මම සම්ප්‍රාප්තියෙන් නැතිවෙන දේවල් ගැන හිතීම අත හැරලා, තවත් ප්‍රමාද වෙන්න කලින් ක්‍රියාත්මක වුනා. උඹට කියන්න, මම ගොඩ බිම හා ගුවන් ගමන් වලට ආසා වුනාට, මුහුදු ගමන් නම් පේන්න බෑ. ඔය ස්පීඩ් බෝට් වල ෆෙරි වල හෙම යන්නෙ, නොකර බැරි වුනාම විතරයි. නමුත් මේක වෙනස් බං. වතුර යටින් නිසා ගැස්සෙන්නෙ, පැද්දෙන්නෙ නෑ.

      Delete
  10. විහිළු නෙවෙයි අප්පා මටත් මේක මුලින්ම පෙනුනේ වෙඩිම වගේ තමයි නොකිව්වට.... හි හි
    ඩූඩ් අයියා.... මාර ලස්සනට ලියලා තියෙනවා කතාව.... හි හි.. අද අපේ මහත්තයටක් පෙන්නනම්කෝ ආවම....

    ReplyDelete
    Replies

    1. හිරු, මට පේන්නෙ ඔයාටත් වෙඩිම නිතර මතක් වෙනවා වගෙ. ඇනිවර්සරිය නම් පහු වුනානෙ. කම නෑ. බ්ලොග් රෝලෙ එල්ලන්නකො මගේ වෙඩිම කියලා වරහන් ඇතුලෙ දාලා හරි. එතකොට කවුරුත් ආකර්ෂණය වෙයි. :D

      Delete
  11. ඒක හරි අපූරු ගමනක්... මං පනුච්චි නම් මුහුද යට යන්න බයයි අප්පා... තඩි බුවල්ලෙක් එහෙම ඇවිත් සබ්මැරීන එකට ප්‍රහාරයක් හෙම එල්ල කළා නම්.... :O (මං පනුච්චි ෆිල්ම් බලලා වැඩිද මන්ද විකාරමයි හිතන්නේ )

    ReplyDelete
    Replies
    1. පනුච්චි මූවීස් බලලා වැඩියි. මමත් අර Sting Rayලා Jelly Fishලා ගැන කියෙව්වට පස්සෙමුහුදට බහින්න බයයි වගේ! ඇයි JAWS බැලුවාමත් ඕක වුනානෙ :D

      Delete
  12. දුර්ලභ ෆොටෝ ටිකක් සහ විස්තරයක්. ප්‍රොෆයිල් ෆොටෝ එක නම් දැකපු වෙලේ මටත් හිතුනේ නෑ මෙහෙම තැනකදී ගත්තු එකක් කියල. සබ්මැරීන් එක කිමිදෙන කොට එකේ තියන ටැංකියකට වතුර පිරවෙනවා කියන්නේ ඇත්තද..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි චමින්ද. ඔව්නේ. සබ්මැරීන් එකක් කිමිදෙන්නෙ බැලස්ට් ටෑන්ක් වලට වතුර පොම්ප කිරීමෙන් තමයි.

      Delete
  13. නියම චාරිකාවක්. ලංකාවෙත් මේ වගේ දෙයක් පටන් ගන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. වටිනවා. ඇත්තටම හික්කඩුවේ, අරුගම්බේ, ත්‍රිකුණාමලයේ හෙම කොච්චර තැන් තියෙනවද? කවුද ඕවා හිතන්නෙ? කවුද ඕ වගේ දේවල් වලට අත ගහන්නෙ?

      Delete
  14. ආ .... අද මුල් තැන ‘මගේ වෙඩිමට‘ දීල තියෙන්නෙ.

    මේ අර ප්‍රභල ආලෝක ධාරා නිසා කළුවර මූදු පතුලෙ ඉන්න මාළු කලබල වෙන්නෙ නැත්ද හැබෑට.

    ReplyDelete
    Replies
    1. නැතුවෑ බං DDT, වැදගත් තැනක මුල් තැන, වෙඩිමට නොදී ඒ තැන?

      නෑ DDT,උන්ටත් මේක පුරුදුයි.

      මුන් සබ් එක එනකොට කියනවා ඇති, "ආන්න කෑම වෑන් එක එනවා, වරෙල්ලා වරෙල්ලා" කියලා. :D

      Delete
    2. අන්න කතාව "ආන්න කෑම වෑන් එක එනවා, වරෙල්ලා වරෙල්ලා"

      Delete
    3. උඹලා කොහොමද මන්දා ඇලෙක්ස්, අපි පොඩි කාලේ නම් කෑම වෑන් එක කිව්වෙ පොලිස් ජීප් එකට. මොකද අහුවුනාම කන්න වෙනවනෙ අම්බානක! :D :D

      Delete
    4. "ආන්න කෑම වෑන් එක එනවා, වරෙල්ලා වරෙල්ලා" :D

      දැන් නම් මේ පැතිවල ඔය සද්දෙ දාගෙන කෑම අරගෙන යන ත්‍රීවිලරුයි ඩීමෝ බට්ටොයි යනව. පොඩි එවුන් නම් කියන්නෙ ‘චූන් පාන්‘ කියල.

      Delete
  15. කොහොමත් බටයක් අස්සට නැගලා මුදු පතුලට යද්දි පොඩි ව්‍යාකූල මෙව්වා එක්ක හිතට ඇතිවෙන්නෙ නැද්ද? අනිත් හැම වාහනයක්ම තියෙන්නෙ නිදහස් අවකාශෙයෙනේ? මේක වතුර යට. සබ්මැරීන් එකක තියෙන ජිවිතාරක්ෂක උපකරණ මොනවද? ආය ඉතින් සේෆ්ටි ජැකට් දාගෙන අල කන්ඩැයි ඔය මහ මුහුදු පතුලේ!!!

    මේ අද්දැකීම බෙදාගත්තු ජේත්තුකාරයා ඇතුලු පවුලේ සැමට මගේ ප්‍රණාමය. නම්බරේ ලියා ගත්තා බලමු කෝල් එක්ක දීලා. සමහර විට එක්කගෙන යන්ඩ ගෝල්ෆේස් එක ගාවට උනත් එන්ඩ බැරි නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම බුද්ධියෝ. මට ඒක එහෙම බටයක් කියලා හිතුනෙම නෑ. පොඩ්ඩක් පින්තූර බලපං. ඔය සබ් එක ඔය කියන තරම් පළලින් අඩුත් නෑනෙ. අර මැද්දෙ ඉඩත් ඉතුරු වෙලා තියෙන්නෙ ඇවිදගෙන යන්න. මේක ලෝකෙ තියෙන ලොකුම මගීන් ගෙනයන සබ්මැරීන් එකලු.

      උඹට ප්ලේන් එකක යනකොට එහෙම හැඟීමක් ඇතිවෙලා තියෙනවද හරියට බටයක් ඇතුලෙ ඉන්නවා වගේ කියලා? මට නම් එහෙම හිතෙන්නෙම නෑනෙ බං. ඇයි ඔය ආසන විසි හයේ රෝසා බස් එකක යනකොටත් නිකං බටයක් වගේ නැත්ද? මේකෙ මගීන් පනහකට යන්න පුලුවන්. අර බස් එකේ වගෙ අහුරලා නෙවෙයි, ඔය විදියට තනි පේලි වලට ඉඳගෙනත්.

      මේක නිරන්තර රේඩියෝ සබඳතාවයක් පවත්වාගෙන යනවා. කිසිම අනතුරක් නැතිව කිමිදීම් දහස් ගනනක් කරලා තියෙනවා. පැය සීයකට ප්‍රමාණවත් ඔක්සිජන්, කෑම, ආහාර ගෙනියනවා හැමෝටම. ඒක නිසා ගලවා ගැනීමේ මෙහෙයුමකට කාලය තියෙනවා.

      ලයිෆ් ජැකට් ගැන කිව්වොත් බුද්ධි ප්ලේන් එකක තියෙන ලයිෆ් ජැකට් එකත් වැඩක් වෙන්නෙ මුහුදට වැ‍ටුනොත් විතරනෙ, බං.

      ඔය ගලවා ගැනීමේ මෙහෙයුම ගැනත් තව විස්තර උන්ගෙ ලීෆ්ලට් එකක තිබ්බා. තව එකක් ඩොක් කරලද මොකක්දෝ කතාවක්. ඒ විස්තර මම ගාවා දැන් නෑ බං.

      ස්තුතියි බුද්ධි

      Delete
  16. මගේ වෙඩිම හික්ස්

    ReplyDelete
    Replies
    1. උඹත් ඔහොම කියන දවස වැඩි ඈතක නෙවෙයි. නොවැම්බර් දෙසැම්බර් දැම්මොත් අපිත් එනවා කතා කලොත්.

      Delete
    2. ඩූඩ් දෙසැම්බර් ලංකාවට යනවද ? බලමු හම්බෙන්ඩ පුළුවන් වෙයිද කියලා..

      Delete
    3. නොවැම්බර් යනවා. දෙසැම්බරුත් ඉන්නවා. අපි බලමුද ඇත්තටම හම්බවෙන්න සෙන්නා!

      අන්න උඩින් මම සෙන්නාගේ ජයග්‍රහනයට සුභ පැතුවා. කුරුන්දෙත් කමෙන්ට් එකක් දැම්මා. ආයෙමත් සුභ පැතුම් සෙන්නෝ!

      Delete
    4. සුබ පැතුමට ගොඩක් ස්තූතියි ඩූඩ්...

      මම දෙසැම්බර් අන්තිමේ තමා දේශගත වෙන්ඩ හිතන් ඉන්නෙ.. පුත්‍රයගෙ මංගල පාසල් දවසට සහභාගී වීමේ අරමුණෙන්.. ඩූඩ් එච්චර කල් ඉඳීවිද..? අනිවාර්යයෙන් හමුවෙන්න උත්සහා කරමු. බ්ලොග් අවකාශයෙන් හඳුනා ගත් තව දෙතුන් දෙනෙකුවම හමු වීමේ බලාපොරොත්තුවක් තියනවා.. බලමු අපි.

      මොකෝ මේ අකුරු ලොකු කරලා.. ?

      Delete
  17. "දුරකථන අංකය බඳේ ලියලා තියෙන්නෙ තල්මසෙකුට මෝරෙකුට උනත් කෝල් එකක් දීල බුක් කරන්න පුලුවන් වෙන්න."

    මෙන්න මම කැමතිම ටික..

    ReplyDelete
    Replies
    1. බිස්නස් කාරයො හැම පැත්තම හිතනවනෙ බං. :)

      Delete
    2. හක් හක්!!!
      මාත් කැමතිම ටික තමයි මේ!!!

      Delete
    3. අන්න ජනූ ලමයා උඹෙන් කම්මැලි කමෙන්ට් එකක්. :D

      Delete
  18. බ්ලොගර් එකට පැමිනීම ගැන සතුටුයි! ඇල්කේමියාත් බ්ලොගර් වැලඳගෙන..මාලේ වලට යන්න ඕන කීයක් හරි හොයන්න ගත්තු දවසක!

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක්. ස්තුතියි සාබිත්!:)

      Delete
  19. ඔන්න ඩූඩ්ගෙ පිහිටෙන් අපිත් සබ්මැරීන් චාරිකාවක් වැඳ පුදාගත්තා..සාදු සාදු..
    පින්තූර ටික නම් අපූරුයි..විස්තරෙත් එක්කම..

    ReplyDelete
    Replies
    1. සබ්මැරීන් චාරිකාවක්වැඳ පුදා ගත්තා! ඔන්න පින් අනුමෝදන් වුනා!
      බොහෝම ස්තුතියි රූ.

      Delete
  20. මට මේ ෆොටෝ ටික දකින කොට හරිම ආසයි....බොහොම ස්තුතියි ඩුඩ් සුන්දර මතකයන් මතක් කර දුන්නට...ලස්සනට ලියලා තියෙනවා...:D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ.
      බොහෝම ස්තුතියි. :)

      Delete
  21. ෂාහ් කොටස් දෙකම කියෙව්වා. මටත් ආසයි . මාර අත්දැකිමක්නේ. ඉස්සර ඔව්වයේ ගියේ ඔත්තුකාරයෝ වගේ අය නේද . ස්තුතියි ඩුඩ්

    ReplyDelete
    Replies
    1. බින්දි අද පවා සබ්මැරීන් වැඩි පුරම පාවිච්චි කරන්නෙ මිලිටරි, සහ පර්යේෂන කටයුතු වලට. මේ වගේ සංචාරකයන් සඳහා වූ සබ්මැරීන් තියෙන්නෙ කීපයයි.

      Delete
    2. ඇත්තෙන්ම මම මේක මගෙ සංචාර වලට ලියන්න හිතලත් නයා කියයි කියල ලිව්වෙ නැහැ. මම වීඩියෝ කලා ගොඩක් කොටස්

      Delete


  22. ඕ...ඩුඩ්, මෙ සමහර බ්ලොග්ර්ස්ලා මෙ සබ්මැරීන් එකේ යන්න පොඩ්ඩක් බයයි වගෙ හිතුවාට ඇත්තටම අපිත් ඒ ජිවිතේ පලමු වරට ගිය ගමන වුවත් අපිට ඒ ගැන කිසිසෙත්ම මතක් වුනේවත් නෑ. ඒවගෙම පොඩ්ඩක්වත් ඇගට අමාරුවක් දැනුනේත් නෑ , මොකද කිසිම ගැස්සිමක් , පැද්දිමක්, කරදරයක් මුකුත් නැතුව අපිව එක්ක ගෙන ගිය නිසා.

    ReplyDelete
    Replies
    1. ඔව් නේ. අපිට බයකට වඩා ලොකු කුතුහලයක් තිබ්බේ මේක මොනවගෙ අත්දැකීමක්ද කියලා දැනගන්න, :)

      Delete
  23. බ්ලොග් දෙකෙන් කොයි එකේ කමෙන්ට් කරන්නද කියල හිතාගන්න බැරුව හිටියෙ. මේක ප්‍රයිමරියද? බැකප් එකද?

    සබ්මැරීන් කියන්නෙ මගේ ප්‍රියතම යන්තර වර්ගයක් (කවදාවත් ගිහිං නැති උනත් :D). හැබැයි පොඩි ඇහිරිච්ච ඉඩකඩ වල ඉන්න බය අයට ඕවගෙ යන්න බැහැ කියල කියනව. ඩූඩ්, ඔය සබ්මැරීන් එකේ ‘පෙරස්කෝප්‘ එකක් තිබ්බෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පරිකල්පන මාව සිංහල බ්ලොග් ලෝකයේ යම් තැනකට අරන් ආපු මට හිතෙන හැටි බ්ලොග් එක මට අත හැරලා දාන්න හෙන දුකයි. මම ඒක බැකප් එකකට තියාගන්න තීරණය කලා. කමෙන්ට් මේකට දාන්න. මම අරකෙ කමෙන්ට් බ්ලොක් කලා වැඩේ ලේසි වෙන්න.

      මගේ ඩෙනිම හුඟ්හක් සින්ඩි වල නෑ. මට හිතෙන හැටි වල පෝස්ට් එකේ ස්ටබ් එකක් දාලා ලින්ක් එක දැම්මාමත් සෑහෙන ප්‍රතිඵල තියෙනවා. ඒ මදිවට මේක හුඟ්හක් යාලුවන්ගෙ බ්ලොග් රෝල් වලත් නෑ. අන්න ඒකයි දැනට තියෙන අවුල.

      මට පෙරිස්කෝප් එකක් ගැන නම් මතකයක් නෑ, පරිකල්පන. ආයෙ ගියොත් බලන්නම්.

      claustrophobia තියෙනවා නම් මේ ලිෆ්ට් එකකවත් යන්න බයයිනේ. මේක එහෙම ඇහිරිච්ච ඉඩ කඩක් නෙවෙයි. බලන්න පින්තූර දිහා.

      Delete
  24. මමනම් තාම ගිහින් තියෙන්නේ බිමින් විතරයි. හෙන්රි අයියා උඩිනුත් ගිහින් යටිනුත් ගිහින් නේ. හිකිස්...
    පතලකට බහිද්දී දැනෙන හැගීම සබ්මැරීන් එකේදිත් දැනෙනවා ඇති නේද? මොනා උනත් අත්දැකීම් බෙදාගත්තට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම AKM, මම මුහුදු ගමන් වලට නම් එච්චරට කැමති නෑ. නමුත් මේ රටේ මම හිතන්නෙ 95%ක් ද කොහෙද මුහුද නිසා මුහුද මග අරින්න අමාරුයි.
      පතලකට බහිද්දි? අනේ මම පතලකට බැහැලා නෑ බං. කොහොමත් මේක බය හිතෙන අත්දැකීමක් නම් නෙවෙයි කොහොමවත්. ප්ලේන් එකකට වඩා වැඩි වෙනසක් මට නම් තේරුනේ නෑ.

      Delete
  25. නියම ටුවර් එකක්...

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න. වෙනස්ම එක කියලා කියන්න පුලුවන්. තව මේවගේ ඒව තියෙනවා. ඒවත් දාන්න ඕනෙ. මෙහෙම ප්‍රතිචාරයක් මම බලාපොරොත්තු වුනේ නෑ.

      Delete
  26. කොරල්පර ටිකයි මාළුන්වයි සජීවීව මේවිදියට දකින එක නම් නියම අත්දැකීමක්ම තමා.. ඒත් අපරාදේ.. මීටර 150ක් කිමිදෙන්න පුළුවන් යන්තරෙන් මීටර 40 විතරක් ගියේ.. ඩ්‍රයිවර් උන්නැහේව පොඩ්ඩක් ශේප් කරලා මීටර් 100 වත් ගියානම් තව ලස්සන ඒවා බලන්න තිබුණා.. ඩූඩ් සර්ගෙන් මම අහන්නම හිටියේ , ඇයි මේකට මගේ ඩෙනිම කියලා නම දැම්මේ හැබෑටම?

    ReplyDelete
    Replies
    1. ඔන්න තොටියාස් නිදි ගැට කඩලා හයිබනේෂන් එකෙන් අවදි වෙලා.
      මේකට මගේ ඩෙනිම කියලා දැම්මෙ ඇයි කියලා මේකෙ පළවෙනි පෝස්ට් එකේ (Forever In Blue Jeans) ඉතාම කෙටියෙන් සඳහන් වෙනවා තොටියා.

      Delete
  27. 'තාත්තයි පුතයි' පින්තුරේ තාත්තා ඉන්නේ බයවෙලා හුස්ම හිරවෙලා වගේ. පොඩි එකා ඉන්නවා වගේ වගක් නැතුව. :D

    ඉතාම වටිනා විස්තරයක් හෙන්රි, බොහොම ස්තුතියි මේ ආකාරයට ඔබේ අත්දැකීම් බෙදා හදා ගැනීම පිළිබඳව.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  28. අන්න විචාරකට විතරයි තේරුනේ. හෙහ් හෙහ්. :D
    ස්තුතියි විචාරක.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  29. ඉරිසියා හිතෙනව බං...!!
    අපිටනම්....හීනයක් තමයි...!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න වීයා. බලපං උඩම තියෙන කමෙන්ට් එකයි රිප්ලයි එකයි! :(

      Delete
  30. අඩේ සිරා බං..

    මම ඉස්සර ආස කළේ අර ‘දොස්තර හොද හිත‘ චව් චව් ලගෙද කොහෙද තිබ්බ ගැජට් එකට.. සබ්මැරින් එකක්ද මන්දා :)

    ** මේ දාල තියෙන ඩෙනිම හෝදපං.. ගදේ බෑ.. ;)

    ReplyDelete
    Replies
    1. දොස්තර හොඳ හිත කියන්නෙ හඬ කැවීම ඔරිජිනල් එකට වඩා සාර්ථක වෙච්ච නිර්මාණ අතරින් එකක්නෙ, නේද?
      අඩෝව් මේවා නියමෙට හෝදපු ඩෙනිම් හරිද. ඔන්නං මොනිටරේ ඉඹලා බලපං.

      Delete
  31. සතියයි ගෙදර හිටියේ නැත්තේ සමහරු ගෙවල් මාරු කරලා.
    ඩෙනිම ලස්සනයි. ලිපියත් ලස්සනයි....:D

    ReplyDelete
    Replies
    1. ඒ ගමන කොහෙද පොඩ්ඩි ගිහින් හිටියේ?
      ඔව් ගෙවල් මාරු කලා. නමුත් ඔය හොයාගෙන ඇවිත් තියෙන්නෙ.
      හොඳ වෙලාවට ෆෝර්වර්ඩිං ඇඩ්‍රස් එකක් තියලා ගියේ.
      ඉතින් සාදරයෙන් පිළිගන්නවා පොඩ්ඩිව මගේ අලුත් නිවහනට. :)

      Delete
    2. ෆිලිපීනේ ගිහින් එන්ට ගියා. අනේ මටත් මේ වගේ ලස්සන ඇඳුමක් ගෙදරට අන්දන හැටි කියලා දෙන්ටකෝ...:D

      Delete
    3. හපොයි කියන්නම් පොඩ්ඩි. අපි ලඟ ඔය ගුරු මුට්ටි නෑනෙ.

      DESIGN > TEMPLATE > CUSTOMIZE > BACKGROUND > BACKGROUND IMAGE > DROP DOWN MENU ARROW > SELECT BACKGROUND IMAGE > UPLOAD IMAGE

      හරිනෙ? හැබැයි මහා ලොකු ඉමේජස් අප්ලෝඩ් වෙන්නෙ නෑ. මම මේක compress/downsize කරලා ගත්තෙ.

      අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න.

      Delete
  32. ඔන්න මමත් ඩෙනිමට ආවා !! කියන්න ඕනේ "කවදා හෝ කරනවා" කියන මගේ ලිස්ට් එකට මාලේ - සබ්මැරීන් සවාරියත් එකතු උනා... (කිරියා@ අපේ)

    ReplyDelete
    Replies
    1. කිරියා, මං මේ දැන් ගියා උමේ බ්ලොගේ පැත්තෙ. තාම සිමෙන්ති කොට්ට, වැලි ගොඩවල්, ගඩොල් හැමතැනම. බාස් උන්නැහේලා කෑමට ගිහින්ද කොහෙද.

      උණුසුම් සුභ පැතුම් වනගත ලෝකයට. ඉක්මනින්ම ගෙවදින්න ලැබේවා. එහෙම උනාම පොඩ්ඩක් කියාපං.

      ඉතින් අර අන්තිම පේලියෙ සර්ප පෝස්ට් එකෙන් පටන් ගනින්කො.

      Delete
    2. HELP needed.... :D

      මම සර්ප පොස්ට් එක ලිව්වා..

      Delete
    3. කෝ සචී මට ඒක හොයා ගන්න බෑනෙ. මොකෝ අර උදේ තිබ්බ පට්ට කොල පාට බ්ලොගට උඹ කලේ. අර මරු පින්තූරවගයක් හෙම තිබ්බෙ උඩම.
      මෙන්න මගෙ මේල් එක. henry_jayawardene@yahoo.com
      Send a mail.

      Delete
  33. මරුනේ. ඒත් මම දැක්ක විදියට හෙන්රි අයිය නිදි වගේ.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති බං. මට සැපටම නින්ද යන්නෙ බස්වල. ඉතින් සබ්මැරීන් ගැන මොන කතාද? :D

      Delete
  34. පට්ටයි ඈ
    ඉරිසියාවේ පැලෙනවා :/

    ReplyDelete
  35. "දුරකථන අංකය බඳේ ලියලා තියෙන්නෙ තල්මසෙකුට මෝරෙකුට උනත් කෝල් එකක් දීල බුක් කරන්න පුලුවන් වෙන්න."
    හෙලෝ මේ මෝරා කතාකරන්නේ ට්‍රිප් එකකට බුක් කරගන්න බැරිද ඩුඩ් උන්නැහේ ඔහේගේ සබ්මැරීනය? හිකිස්....... ට්‍රිප් එකනම් එළයි. පොස්ට් එක බැලුව දැන් ගොඩදවසකට කලින් නමුත් කොමෙන්ටුවක් දැම්මේ නැහැ. මොකද තව සැරයක් නිවාඩු පාඩුවේ කියවන්න ආස හිතුන නිසා ඔන්න කියෙව්වා. මටත් ආසහිතුන යන්න නම්

    ReplyDelete
  36. මගෙ යාලුවෙකුත් ඉන්නවා මාලෙ වල එයාගෙ මූණු පොතෙත් මම දැක්කා ඔය සබ්මැරීන් ඡායාරූප වගයක්..

    ඔය ගමනෙදි කන්න බොන්න එහෙම දෙන්නෙ නැද්ද ? මට ඩෙනිමක් ගන්න ඕනෙ ඩෙනිම් ලාභද හෙන්රි මුදලාලි ?

    ReplyDelete
  37. අප්පා මම සෑහෙන පරක්කු වෙලානෙ පෝස්ට් එක දැක්කෙ. ෆොටෝ වලින්ම දාපු නිසා පෝස්ට් එක වටිනවා ගොඩක්. මේ දවස් වල අනිත් බ්ලොග් වැඩිය බලන්න උනෙත් නෑ. බ්ලොග් පෝස්ට් එකක් ලියාගන්නෙත් හරිම අමරුවෙන්. අන්තිමට කරපු වැඩකුත් නෑ. අයියෝ සල්ලි.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>