Saturday, September 22, 2012

01. Forever In Blue Jeans

හිතවතුනේ,

මම කවදත් ආසා නිල් ඩෙනිම් වලටයි ටීෂර්ට් වලටයි නිසා මේ බ්ලොගයටත් ඒ නමම දාන්න හිතුවා. අනේ උඹේ හඩු ඩෙනිම කියලා අනිත් උන් කියද්දී මම කොච්චර සතු‍ටු වුනාද? මේ බ්ලොග් අඩවියත් මගෙ ඩෙනිම වගේම හැමදා මා ලඟ ඉඳීවි.

Dude
aka henryblogwalker

24 comments:

  1. After a sad but busy week without the access to my beloved computer, I just stated browsing the NET and the first e-mail I read was yours. The name of the blog is very authentic and I like it. It's like a nae of a fairy tale (to me).I think it has so many things to tell us and I am especially happy for another reason because since I have missed blog posts in 'mata hithena heti' I can read all of them here and quench my thirst for your yarns.

    ReplyDelete
    Replies
    1. Why a sad week? Anything wrong?
      Well thanks Blue Lotus. I love Blue Jeans. That is never ending, unconditional love! :)
      Well happy reading!

      Delete
  2. අද උදේ මුලින්ම කියවපු ලිපිය ගෙනාපු ආරන්චිය හරිම සුබයි! මේ බ්ලොග් එක කොයි නමින් ලිව්වත් ලියන්නෙ ඩුඩ්ම නිසා හැමෝම කැමති වෙයි. නම නම් හරිම ලස්සනයි...short and sweet but yet says it all.... අලුත්ම නමට අපේ සුබ පැතුම් ඩුඩ්!

    ReplyDelete
    Replies
    1. කොයි නමින් ලිව්වත් ලියන්නෙ ඩූඩ් නිසා හැමෝම කැමති වෙයි! කාටද ආඩම්බර! කාටද ආඩම්බර නැත්තෙ මෙහෙම කතා අහනකොට! මාත් කල්පනා කරලා කරලා තමයි මේක දැම්මෙ.

      Delete
  3. Replies
    1. ස්තුතියි කවිකාරි! :)

      Delete
  4. හි හි..හොඳයි හොඳයි අන්කල්..මමත් ඩෙනිම්ම තමා :)
    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. තවත් ඩෙනිම් ලෝලියෙක්!
      Nice to meet you again! (as a denim fan) :)

      Delete
  5. කොච්චර දෙයක්ද පරක්කු වෙලා හරි බ්ලොගර් එක්ක සෙට්වෙච්ච එක. මල ඉලව් වර්ඩ්ප්‍රෙස් හින්ද සයිට් වලට යන්න හිතෙන්නෙ නෑ. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ් මේ පැත්තෙ ආවට.
      හයියෝ රාජ් මගෙ HeyDude බ්ලොග් එක Blogger තමයි. ඒක පටන් ගත්තෙ මට හිතෙන හැටි පටන් ගන්න දවසක් කලින්. පොඩි පොඩි අප්සෙට් තිබ්බට WordPress එකෙත් තිබ්බා හොඳ ෆීචර්ස්.

      Delete
    2. සහතික ඇත්ත බන්. මාත් කැමතිම නැති ජාතියක් තමා වර්ඩ් ප්‍රෙස්.

      Delete
  6. Blue Jeans...... නියම නම හෙන්රි...මගෙත් ප්‍රියතම යුනිෆෝම් එක...උඹට කියන්ට මම හාහාපුරා කියල රස්සාවක් කරල ඉස්සරෝම ගත්තු පඩියෙං කලේ මොකද දන්නවද Levi's ඩෙනිමක් ගත්තු එක...ඒ ද්වස්වල ඒ හැටි පඩියකුත් නෑ නෙව . මට මතක විදිහට හා හා පුරා කියල ගත්තු පඩියෙන් තුන් කාලක්ම ගියා ඒකට..

    ඕක මම ඇන්ද මට මතක විදිහට අවුරුදු පහක් විතර....අන්තිමට ඒක වැලේ වැල් වෙලාම ගියා....එදා ඉඳල හැමදාම මා ළඟ Levi's ඩෙනිම් අඩුගානෙ දෙකක් වත් තිබුන දිහටම...

    ටී ෂර්ට් නම් බං මම කැමති කොලර් සහ සාක්කු සහිත එව්වට...ඒ දෙක නැත්තං මම අඳින්නෙ නෑ.....

    අඩේ උඹ ලියන ලියන එව්වයිං මටත් පරන කේස් මතක් වෙනව නෙව ඕසෙට...මගෙ හමගිය ඩෙනිම ගැනත් ලියන්ට ඕන...තෑන්ක්ස් හෙන්රි...හෙහ්, හෙහ්,

    Levi Strauss මහතා මෛත්‍රී බුදු රදුන් දැක නිවන් දකිත්වා!!!....සාධූ! සාධූ!! සාධූ!!!

    ReplyDelete
    Replies
    1. බලං ගියාම අපි දෙන්නත් හොඳ බාන බං. උඹට කියන්න මාත් ඔය වැඩේම කලානෙ බං. මාත් ගත්තා රුපියල් හාරදාස් ගානක් දීලා ඔරිජිනල් ලීවයිස් එකක්. ඒ කාලෙ ඒක අහස පොලොව නුහූලන ගානක් බං. හැබැයි ඒක ඇන්දා ඇඳිල්ලක්, හයියෝ. ගාන පාඩු නැති වෙන්නම.
      මම නම් කැමති කොලර් නැති ටී ෂර්ට් වලට, නමුත් අරවත් අඳිනවා.
      ඉතිං ලියහංකො ඩෙනිම්ගැන, අපි එපා කිව්වයැ?
      එසේම වේවා. Levi Strauss මහතා වගේම බිල් ගේටස් මහතා, ගූගල් මහතා, ස්කයිප් මහතා...හෙන සෙට් එකක් ඉන්නවා මචං අපේ පවුල් ජීවිත බේරලා දෙන පිනෙන්ම මෛත්‍රී බුදු රදුන් දැක නිවන් දකින්න ඕනෙ!

      Delete
    2. / මාත් ගත්තා රුපියල් හාරදාස් ගානක් දීලා ඔරිජිනල් ලීවයිස් එකක්. /

      යකෝ....හාරදාහක්!!!...දෙයියංටම ඔප්පු වෙච්චාවෙ....ඔය උඹ කියන කාලෙ හාරදාහක් කියන්නෙ බොල කඩුවෙල දිහාවෙං බොට ගන්ට තිබ්බ පර්චස් තුන හතරක් ඇහැ පියාන.... අර ජේ. ආර්. ලොක්ක කිව්වැහෙ උඹට ගෝල්පේස් ගෙනල්ල වෙඩි තියන්ටයි වටින්නෙ...හෙහ්, හෙහ්,

      ඒත් එව්වයෙ හැටි එහෙම තමයි බං...මොකෝ කඩුවෙලිං පර්චස් තුන හතරක් ගත්ත කියල ඒකෙ ඔප්පුව ලැමිනේට් කරල ඉස්සරහිං අල්ලං යන්ටය දීප එක්ක පැණිදෙණියෙ ඉඳල මීවතුර දිහාට රේල් පාරෙ ඇවිදිනකොට නැද්ද මචෝ....හෙහ්, හෙහ්,

      ඔරිජිනල් Levis තමයි බං මාත් ගත්තෙ....මං ඔය වැඩේටම ආව අනුරාදපුරේ ( එතකොට අපි හිටියෙ එහෙ ) ඉඳල නයිට් මේල් එකේ කොළඹ...දෙවෙනි හරස් වීදියෙ තිබ්බ පෙසන්ස් කියල..තාම තියනවද නම් මන්ද...උං තමයි ලීවයිස් සෝල් ඒජන්ට්ස්ල...මට දුන්න බං ඩෙනිම ඉක්මනට ෆේඩ් කරගන්ට ඕන නම් හෝදනකොට දාන්ට කියල මොකක්ද කෙමිකල් එකක් ටියුබ් එහෙක දාපු...මම එව්ව දැම්මෙ නෑ...ලීවයිස් වල නැචුරල් බ්ලූ එකට තමයි මම ආස...හෝදනකොට ෆේඩ් වෙන එක වෙනම කතාවක්....

      ඔය ඩෙනිම එක්ක යන්ට මයෙ තව තිබ්බ පියෝ ලෙදර් ට්‍රැවලිං බෑග් එකක්...තනිකරම මී හරකෙක්ගෙම හමෙං හදල තියෙන්නෙ....නුවර ඒ දවස්වල තිබ්බ මාකට් එකේ ඔව්වටම ස්පෙෂලයිස්ඩ් කඩයක්...අපිට ඔන්නම් එයාල එක්ක ගිහිල්ල මී හරකෙක් තෝරගන්න ඔප්ෂන් එකත් තිබ්බ ඒ දවස්වල..සික්...මම නං ගියේ නෑ......මි හරක් තමයි මල්ලි හයියම ලෙදර් එක....හොඳට පදං කරල ගත්තම ආයෙ අවුරුදු විස්සක් පාවිච්චි කලෑකි කතාවක් නැතුව...ඔය මයෙ බෑග් මල්ල මාර ජනප්‍රියයි මයෙ යාලු මිත්තරයො අතර...පොර කනව ඕක ගෙදර යනකොට අරගෙන යන්ට....හෙහ්, හෙහ්...අන්න තව මාතෘකාවක්...මගේ මී හරක් හම් ගමං මල්ල....My Travelling Bag made from a whole buffalo,

      Delete
  7. //බිල් ගේටස් මහතා, ගූගල් මහතා, ස්කයිප් මහතා...හෙන සෙට් එකක් ඉන්නවා මචං අපේ පවුල් ජීවිත බේරලා දෙන පිනෙන්ම මෛත්‍රී බුදු රදුන් දැක නිවන් දකින්න ඕනෙ!//

    සාධූ! සාධූ!! සාධූ!!!

    ReplyDelete
  8. ආයේ අහල... අපිට ඉතින් ඩෙනිම් තමයි නේ...

    ReplyDelete
  9. ඔයා කිය කියා හිටියා වගේම බ්ලොගර් එකෙත් පටන් ගත්ත සිංහල බ්ලොග් එකට මෙන්න අපි තුන්දෙනා ගෙ ආශිර්වාද සහ සුභ පැතුම් !!!! P

    ඒ වුනාට වර්ඩ් ප්‍රෙස් එකේ මට හිතෙන හැටි වලටත් පුලුවන් නම් දිගටම ලියන්න. D

    ඔයාගෙ මගෙ ඩෙනිම My blue Jeans බ්ලොග් එකත් දිගටම සාර්ථකව කර ගෙන යන්න හැකියාව හා ශක්තිය ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනවා!!!!!

    ReplyDelete
  10. අලුත් බ්ලොග් එකට සුභපැතුම් ඩූඩ්!!!!!

    ReplyDelete
  11. හරි එහෙනම් පටා....න් ගත්තා. දැන් ඉතිං කොපි පේස්ට් කරන් යමු. :)

    ReplyDelete
  12. ආ... එතකොට ඒක තමා ඩෙනිමට නමදාන්න වස්තු බීජය වුනේ.. හයියූ...

    ReplyDelete
  13. බ්ලොග් ලෝකේ ඩූඩ්ව දැකලා තිබ්බට, අද තමා ඩෙනිම පැත්තට ආවේ. ඒ ආවෙත් කුරුන්ද හරහා සබ්මැරීනයකට. ඉතින් හිතුවා පළවෙනි පෝස්ට් එකෙන්ම පටන් ගන්න කියලා. ඉඩ ලැබෙන හැටියට පෝස්ට් ටික බලන්නම්.

    ReplyDelete
  14. ඔන්න එහෙනම් අපිත් සුභ පැතුවා දිග ගමනක් යන්න..... ;-)

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>