Saturday, September 22, 2012

02. පැඩිඩිලියන්ලා.

අපි අධිරාජ්‍යවාදීන්ගෙන් නොයෙකුත් දේවල් අරන් තියනවනෙ. කමිස, සපත්තු, එතකොට සිල්වා, පෙරේරා වගෙ දේවල් සිංහල නොවන බව නොදන්න කට්ටියත් අප අතර ඉන්නවා. ඒත් අහල තියෙනවද පැඩිඩිලියන්ල ගැන?

මට හිටියනෙ සෙට් එකක්ම පැඩිඩිලියන්ලා. සෙට් එක කියන්නෙ පවුලක්ම. උමේෂ් පැඩිඩිලියන් මට හම්බ උනෙ පේරාදෙනියෙ අපේ පූර්ව සේවා පුහුණුවෙදි, (සිංහලෙන් නම් Pre-service Training) මූ තරමක හැන්ඩියා – ටිකක් මඩුගල්ල වගෙ.


අම්මෝ එහෙම කාලයක්… වැඩි විස්තර කියන්නම්කො පස්සෙ බ්ලොග් වල.

ප්‍රී සර්විස් එකෙන් පස්සෙ උමේෂුයි මායි දෙන්නම දාපි අනිවාර්ය දුෂ්කර සේවයට අම්පාරට. හොඳ වෙලාවට අපි දෙන්නම වැ‍ටුනෙ නගරයෙම තියන ලඟ ලඟ ඉස්කෝල දෙකකට. සාමාන්‍යයෙන් දුෂ්කර සේවයට යන හැමෝම වගෙ දුෂ්කර සේවය දකින්නෙ පන පිටින් අපායකට යෑමක් වගෙනෙ. ගිය දා ඉඳල බලන්නෙ ආපහු මාරුවක් හදාගෙන එන්නයි. අපිත් ඉතිං එහෙමම තමා. හැබැයි  කාලයක් ගියාම ජීවිතේ දිහා ආපහු හැරිල බලනකොට දැන් ඒ පලාත් ගැන තියෙන්නෙ ඇත්තටම  nostalgia  එකක්.

මේ පැඩිඩිලියන් සෙට් එකේ තියෙන කැපී පෙනෙන අංගය තමයි කට. ‘කට නැත්නම් යකෝ මෙලහට බල්ලොත් ඇදගෙන ගිහිල්ලා අපිව’ කියල තමයි  ස්වයං අර්ථකතනය කට ගැන. අනික රස හෝ නීරස ඕනැම කතන්දරයක් ලුණු ඇඹුල් දාලා, ඇදල පැදල, කටෙන් වෙට්‍ටු දාලා, තමයි කියන්නෙ ව්‍යක්ත සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්.

අම්පාරට අපි යන්නෙ නුවර පාරෙ – වංගු 18, මහියංගනය, පදියතලාව හරහා. ඕකෙ යන්නෙත් අර එල්ෆ් රූට් වෑන්, හයි ඒස්, වගෙ බට්ටො. ඒ දවස් වල දන්නවනෙ මග දිගට චෙක් පොයින්ට්. දවසක් පදියතලවෙ හරි මහඔය හරි කට්ටිය බස්සල චෙක් කරනවලු. දන්නවා ඇතිනෙ ක්‍රමය? මුලින්ම වාහනේ නවත්තල කට්ටිය බහිනව. “හා අයිඩෙන්ටිටි කාඩ්, බෑග් අරන් පෝලිමේ එන්න!” කියල අණ ලැබෙනව. වාහනේ චෙක් පොයින්ට් එක පහු කරල ගිහින් නවත්තගෙනෙ බලා ඉන්නව. චෙක් කරල  ඉවර අය එක එක්කෙනා ගිහින් වාහනේට නගිනවා.

එදා උමේෂය තියාගෙන ප්‍රශ්න කරනවලු. බස් එකේ ඉන්න උන් බලා ඉඳල ඉඳල මල  පැනලලු. ඒත් මූ නෑලු. අන්තිමට සැහෙන වෙලාවක පස්සෙ මූව එවල. මූ මූන රතු කරගෙන ඇවිත් බස් එකට නැග්ගම මිනිස්සු පටන්ගත්තලු මුගෙන් මුල ඉඳල ප්‍රශ්ණ කරන්න.

“මොකද මහත්තයො මෙච්චර වෙලා?”

“ආ.. ඒ මගෙ නම ටිකක් හොල්මන්නෙ. අරගොල්ලාන්ට පොඩ්ඩක් සැකයි”

“ඇයි මහත්තය සිංහල නෙවේද? ” මිනිස්සු ඇහුවලු ටිකක් සැකෙන්.

“සිංහල තමයි ඕයි” දැන් මුගෙත් රතු කට්ට පැනගෙන එන්නෙ.

“හැබෑටම මොකකද මහත්තයගෙ නම?” පොරක් දැන් සාම ටෝක්.

උමේෂ් පැඩිඩිලියන්”

කට්ටියම හොල්මන්ලු දැන්.

“පැඩි.. මොකක්?”

“පැඩිඩිලියන්”

“ඒ මොන නමක්ද මහත්තයො?”

“මේකනෙ, අපේ මී මුත්තා ඉස්පාඤ්ඤ කාරයෙක්නෙ.” මූ කියපි.

“මොන මගුලක්ද මහත්තයො. මනුස්සයෙකුට කියවගන්න පුලුවන් නමක් දාගන්නවකො නිකන් මේ මිනිස්සු රස්තියාදු නොකර!!

මූ පස්සෙ අපිට කතාව කියනකොට පොර හොඳටම කූල් වෙලා හිටියෙ.



ඉතුරු කතා පස්සෙ අහමුකො.

24 comments:

  1. කො මෙකේ ෆලො ගජට්ටුව එක හයි කරන්න

    ReplyDelete
  2. වර්ඩ් වෙරිෆිකෙෂනුත් අයින් කරන්ඩො

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටපං රාජ් මම තාම මේක යට රිංගගෙන, මජං සූට් එකත් ගහගෙන වැඩ. :D
      ස්තුතියි රාජ්.

      Delete
    2. ඕං හයි කරලා තියෙන්නෙ, සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව!
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
  3. හරි ඌත් බ්ලොගර්.. දැන් ඉන්නේ ජනුවා විතරයි...

    ReplyDelete
    Replies
    1. අනේ බං මාරයෝ. මම බ්ලොගර් වුනේ වර්ඩ්ප්‍රෙස් වෙන්න දවසකට කලින් බං. අර HeyDude ඉංගිරිස් බ්ලොග් එක බ්ලොගර්නෙ.

      Delete
  4. ඒක හොඳයි බං ...මේ මල මංගල්ලෙ වදං තදේ එක්ක මල අසූ කෝටියට වෙලාවකට...

    අර උඹෙ ඇන්ඩියගෙ ප්ලාස්ටර් 2 කතාවට මම ටීකාවක් ලිව්ව...දන්නවනෙ මම ලියන්ට ගියාම ආත බූත නෑනෙ....ටීකාව ටිකක් දිගට ලියවුනා නං තමයි...ආය මම නෑ කියන්නෙ නෑ...ඒ උනාව ඒක මගෙ අයිතියක් නෙව...මට ඕන නං කොටට ලියනව...නැත්නම් දිගට ලියනව...හරි ඒ අනම්මනම් වැඩක් නෑ...ඉඳහංකො වෙච්චි දේ කියන්ට..ඔන්න ටීකාව ලියල ටීකා මංජුසාවෙ අලවා පියා කලායයි කියාපංකො...මේක පබිලිස් කොරන්ට ඉස්සර චැක් කොරන්ට එපාය ලිව්ව ඔක්කොම හරියටම වැටුනද කියල...මොන විකාරද?

    චැක් කොරන්ට දෙන්නෙම නෑනෙ මේ කුප්පිදු වදං තදය....පලවෙනි චේදෙයි දෙවෙනි චේදෙයි විතරයි බලන්ට පුලුහං..ඊට පහලට යනකොට ඉබේම ආයෙම මුලට එනව...ඊට පස්සෙ ඕන මඟුලක් කියල පබිලික් බොත්තම ඔබල නිකා හිටිය. වෙලාවට අවුලක් නෑ..යස අගේට තියනව බැබලි බැබලි..අනික් මට වදං තදේ පේන්ට බැරි කෙහෙල්මල තමයි ටීකාවක් දැම්මොත් දැම්ම තමයි...අයිති කාරය මකල දැම්මොත් මිස දාපු එකාට එහෙම කරන්ට බෑ...හදිස්සියෙං වත් වැරදුනොත් කෙලියම තමා. මේ වදංතදේ අයිති කාරය කැකිල්ලෙ රජ්ජුරුවංගෙ බාප්පගෙ පුතාද කොහෙද..හෙහ්, හෙහ්,

    Wecome Henry, Welcome....Its better late than never...So at last you saw the light...:) :)

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවද රවී, මං උඹේ කමෙන්ට් කියවන්න මාර ආසයි. බ්ලොග් ප්පස්ට් එකකට වැඩිය ගති. උඹටත් කියන්න තියෙන්නෙ අර මාරයට කිව්ව එකම තමයි "මම බ්ලොගර් වුනේ වර්ඩ්ප්‍රෙස් වෙන්න දවසකට කලින් බං. අර HeyDude ඉංගිරිස් බ්ලොග් එක බ්ලොගර්නෙ."
      ඒ වගෙම වදන්තදෙත් සමහර එල ෆීචර්ස් තියනවා මේකෙ නැති. මම WordPress, Blogger දෙකම පාවිච්චි කරන නිසා කියන්නෙ.

      Delete
  5. \\පැඩිඩිලියන්// ඔහොම එකක් ඇහුන නම් මමත් කියන්නේ බස් එකේ මිනිස්සු කියපු කතාවම තමයි. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන. මාත් එහෙමයි.

      Delete
  6. ඔන්න මාත් ආවා මේ පැත්තට ඩූඩ් :D

    ReplyDelete
  7. සාදරයෙන් පිළිගන්නවා ළිහිණිව. :)

    ReplyDelete
  8. කලින් අමතක උනානෙ. උඩ චිත්‍රයෙ ඉන්න කෙනාගෙ දිවට ඔහොම උනේ යාලුවගෙ නම කියන්න ගිහිල්ලද ? :)) ඒ චිත්‍රයෙ තියනව මුලු කතාවම...

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන. මම ඕක ඇන්දෙ මේස් එකක් ගැට ගහලා ඒක දියා බලාගෙන, ඒ ගැටේ තාත්වික වෙන්න. :)

      Delete
  9. ඇත්ත නේන්නම්... ඒ නම කියවන්න ගියාම දිවට වෙන්නෙ අර චිත්‍රෙ තියෙන එකම තමා... හික්ස්...
    මං ඒත් බැලුව ඩූඩ්ගෙ කතා පොතට මොකද වෙලා තියෙන්නෙ කියල... බ්ලොගර් එකට ඇවිත් අළුතෙන්ම පටන් ගන්න වගේ හදන්නෙ... ඒක හොඳා... එතකොට අර වර්ඩ්ප්‍රෙස් එක අයින් කරලම දැම්මද....

    ReplyDelete
    Replies
    1. අඩේ මේ මියුරුනේ? මොකද අප්පේ මේ වෙන්නෙ? ඔයා මේ ඉන්නවා. මේ නෑ. මේ පාර කොහෙද ගිහින් හිටියෙ?
      කතා පොත කිව්වෙ ඇන්ඩි ග්‍රි‍ෆිත්ස්ගෙ එකද? ඒ එක පොතක් නෙවෙයි මියුරු. කෝ මම ඊට පස්සෙත් දැම්ම ඒකෙ දෙවෙනි කොටස. ඊට පස්සෙ ප්ලාස්ටරයක් ගැන ඔයා පැත්ත පලාතෙ ආව නෑනෙ. ඇත්තට කොහෙද ගිහින් හිටියෙ?
      ම්ම්ම්. වර්ඩ්ප්‍රෙස් එක අයින් කරලා නෑ. ඒක දිගටම වැඩ. ඒකෙ පොඩි පොඩි අවුල් තියෙනවා, ලෝඩ් වීම, අප්ඩේට් වීම, යාලුවො බර බර ගෑම වගෙ. ඒ වුනාට ඒක දිගටම් වැඩ. :)

      Delete
  10. අඩේ ඒක සිරා නම අප්පා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. සතියක් මට කල් දෙන්න. ඊට පස්සේ ඇවිත් මේ ඔක්කෝම එක කෙළවරක ඉඳන් කියවලා කමෙන්ට් දාන්නම්කෝ... මේ දවස් වල නම් රොම්බ බිසී..

    ReplyDelete
    Replies
    1. එලමකිරි ඩූඩ්.. බ්ලොගර් වලට බැස්ස එකනම් හොඳවැඩක්.. අපිටත් ලේසියි කමෙන්ට් දාන්න.. ඉස්පාඤ්ඤ නොවුනත් මමත් වාසගම වෙනස් කරන්න ඕන :P. ඉස්සර නම්ලකුණු කරද්දී කීයෙන් කීදෙනාද මේක හරියට කියවන්නේ..

      "සාමාන්‍යයෙන් දුෂ්කර සේවයට යන හැමෝම වගෙ දුෂ්කර සේවය දකින්නෙ පන පිටින් අපායකට යෑමක් වගෙනෙ" - මේකට නම් මගෙන් නෝ කමෙන්ට්ස් ආ...
      "හැබැයි කාලයක් ගියාම ජීවිතේ දිහා ආපහු හැරිල බලනකොට දැන් ඒ පලාත් ගැන තියෙන්නෙ ඇත්තටම nostalgia එකක්".- ඕක නම් අපේ අම්මා තවම කියනවා. ඒ පලාතේ ළමයින්ට ඉගැන්නුවේ පුදුම ආසාවකිලු. සල්ලිබාගෙ නොතිබුනත් ඒ මිනිස්සු සලකපු විදිය හිතාගන්න බැරිලු.. සතියකට කලින් කමෙන්ට් කලා ඕන්
      -තොටියා--

      Delete
  12. ඩුඩ්,

    ඕ.... සොරි කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට මෙ පොස්ට් එකටත්. මේ දවස් වල හෝ ගාලා වැඩ අර ඔපන් ඩේ එකට [ ඔයාත් ඒ බොට්‍ටුවෙමනේ P]

    උමෙෂ් කවදා මෙ පොස්ට් ටික දකිද දන්නෑ නේද?

    ReplyDelete
  13. ඔන්න මාත් ආව ඔයාගෙ ඩෙනිම බලල යන්න. (කතාව නම් කලින් එකේ කියවල තිබුණෙ)

    ඇත්තටම කෂ්ටියගෙ වදේ හින්දද මේක පටන් ගත්තෙ.

    ReplyDelete
  14. කෝ බන් ලුණුයි, රායි ?

    ReplyDelete
  15. මට හම්බුන් නෑනේ ඔයින් එකෙක් නම වෙනස් කරන තැනට හරි වහ බොන තැනට හරි පත් කරන්ඩ

    ReplyDelete
    Replies
    1. නම කොහොම වෙතත් වහ නම් බොයි hikizzzz

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>