Sunday, January 6, 2013

33. ඉතින් ආයුබෝවන් දුම් වැටිය මරු!

 Simulblogged at මට හිතෙන හැටි. Originally published at HeyDude.

හැම දෙසැම්බර් 31 වෙනිදාටම මම සිගරට් බීගෙන බීගෙන යන්නෙ පිස්සු හැදිලා වගේ. ඒකට හේතුව, හැම ජනවාරි පළවෙනිදටම, අලුත් අවුරුදු අධිෂ්ඨානයක් හැටියට, මම සිගරට් බීම නවත්තන නිසයි. කිව්වත් වගේ වැඩේ නැගලා යනවා. 

මම ජනවාරි පළවෙනිදට සිගරට් දිහා බලන්නෙ වත් නෑ. බොහෝවිට දෙවෙනිදත් එහෙමයි. ඔය තුන්වන දිනයත් හැටවන දිනයත් අතරෙදි තමයි වැඩේ චොර වෙන්නෙ. මට ඕනෙ වෙනවා, මම ඇත්තටම සිගරට් බීම අතෑරලා, නිකොටීන් ලෝලිත්වයෙන් මිදිලද කියලා දැනගන්න. ඉතින් මම සිගරට් එකක් බීලා බලනවා. පස්සෙ තව එකක්... ඊටත් පස්සෙ තව එකක්... මම තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරගෙන ඇති බව මටම ඔප්පු කරන්න. ටික දවසකින් බැලින්නම් ආයෙම මම හිටපු තැනමයි.
මට මතකයි මම දවසක් ජගත්ට කියනවා, (ජගත් දැන් ඉන්නෙ පැරීසියේ), මම සිගරට් එකක් පත්තු කරන ගානෙ, මම මේ වැඩේ  ඉක්මනින්ම නවත්තන්න ඕනෙ කියලා හිතන බව.

ජගත්ටත් තිබුනෙ ටිකක් වෙනස් විදියකට, සම්මතයෙන් ඔබ්බට , හිතන ගතියක්.

"උඹට ඇත්තෙන්ම සිගරට් බීමෙන් කික් එකක් තියෙනවද?" ජග්ගා ඇහුවා.

"නැත්නං යකෝ, සිගරට් බොයිද?"

"එහෙනං මචෝ, සිගරට් බීම නවත්තන එකේ තේරුමක් නෑ. මේ ජීවිතේ, නීති විරෝධී නොවන,  යම් දේකින් තමන්ට කික් එකක් ලැබෙනවා නම් ඒක නවත්තන එක මෝඩ කමක්."

මම ජගත් එක්ක කිසිසේත්ම එකඟ නොවුනත්, මම සිගරට් බීම නවත්තපු හැම විටම මට ඔය කතාව මතක් වුනා. (ජගත්, උඹ මේක කියවනබව මම දන්නවා. කියාපං බලන්න දැනුත් මොනවා හරි.)

ඔය දුම් විරෝධී සංවිධාන මොනවා කිව්වත්, ඇත්තෙන්ම මම සිගරට් බීමෙන්, ලොකු තෘප්තියක්, රසයක්, සහනයක්, සරලව කිව්වොත් ආතල් එකක් ලැබුවා. ඇතැම් විට කාලය ගෙවා ගන්න, තවත් විටෙක, ගෙදරින් පිට සිටින සාංකාව නැති කර ගන්න  සිග‍රැට්‍ටුව හිතේෂී මිත්‍රයෙක් වුනා මට. එතකොට ඔය ආතතිය, ජීවිතය ගැන බලාපොරොත්තු රහිතව හිටි යුගවල දැනුන ඉච්ඡා භංගත්වය, සමනය කරගන්නත් සිගරට් උරන්න මම පුරුදු වෙලා හිටියා. කොටින්ම දුකට, සතුටට දෙකටම සිගරට් උදව්වක් වුනා. මම ඉන්න ඕනෙම මානසික තත්වයකට, සිග‍රැට්‍ටුව නියමෙට ගැලපුනා.

මිත්‍ර  සමාගම තවත් රසවත් කරපු සිගරට්,  නැතුව 'සෙට් වෙන්නෙ' කොහොමද කියන එක හිතාගන්නවත් බැරි වුනා. ආහාර වේලක් සම්පූර්ණ වුනේ සිගරට් එකක් බිව්වට පස්සෙයි. තේ, කෝපිත් එහෙමයි. සමහර වෙලාවට, සිගරට් එකක් බොන්න  නිදහසට කාරණයක් හැටියට, අමතර තේ කෝප්පයක් බීපු වෙලාවල් ඕනෙ තරම්. සිගරට් එකක් නැතිව වැසිකිළියට යාම හිතාගන්නත් බැරි භයංකාර දෙයක්.  තවත් දෙයක්. සිගරට් එකක් ඉතුරුවෙලා තිබුනොත්, මහ රෑ නැගිටලා හරි ඒක ඉවර කරලා තමයි ආපහු නින්දට යන්න පුලුවන් වුනේ.

සිගරට් බීම නවත්තන්ම අවංක චේතනාවක් මට තිබුනා. සිග‍රැට්‍ටුවක් දල්වාගන්න හැම විටකම මම සිගරට් බීම නවත්තන්නට සුදුසු, ජනවාරි පළවෙනිදා, මගේ උපන් දිනය, දරුවන්ගෙ, බිරිඳගෙ  උපන් දින, විවාහ සංවත්සරය වගෙ,  ඊ ලඟ නැකැත් දිනය, ගැන හිතුවා.

වතාවක් මම සිගරට් බීම නවත්තලා අවුරුද්දකට වඩා හිටියා  අන්තිමේදි කාලෙකට පස්සෙ මුණ ගැහුන මගේ මචං කාරයා එක්ක 'සෙට්' වෙනකල්ම.

සිගරට් බීම මගෙ සෞඛ්‍යයට වගේම, ආර්ථිකයටත් මරු පහරක් වුනා. මට නිතරම තිබුන අර "smokers' cough" නැතිනම් 'සිගරට් කැස්සෙන්' මම පීඩා වින්දා. එක් වතාවක් මගේ පෙනහල්ලකින් ආ වේදනාවකට කරන්නට සිදුවූ  වෛද්‍ය පරීක්ෂනයේ  වාර්තාව එනකල්, මම හිටියේ නොමැරී මැරෙමින්. මට නොහිතුන දෙයක් නෑ. අන්තිමේදි ඒ සෙම අවහිරවීමක් බවත්, එක්ස්පෙක්ටරන්ට් සිරප් එකකින් විසඳිය හැකි තත්වයක් බවත් දැනගත්තාම මට දැනුන සහනය, ඇති වූ ප්‍රීතිය වචනයට නගන්නට බෑ.

දුම්බීමෙන් ඇතිවූ ළය පිළිකාවක් ගැන පොතක් කියවූ හෝ, චිත්‍රපටියක් හෝ වාර්තා වැඩසටහනක් නැරඹූ හෝ හැම විටෙකම, මගේ දුම්බීමට ආයුබෝවන් කීමේ ඕනෑකම දැඩිවුනා.

ඒ වගේම නිකොටීන් වලින් කහ පැහැ ගැහුණු මගේ දකුණතේ නිය සහ දත්වල පසු පස දකින හැම විටෙකම මම සිතෙන් දුම්බීම හා යුද වැදුනා. එමෙන්ම දුම්බොන්නාට ගානක් නැති වුනත්, ඔහුගේ ඇඳුම් වලින් සහ, කටින් හමන සිගරට් ගඳ නිසා, අවට සිටින්නන්ට අලු බඳුනක් (ash tray) ලඟට පැමිණියාක් මෙන් දැනෙන බවත් මම නොදැන හිටියා නොවේ.

සිගරට් බොන කාලයේ මගෙ අතේ මාරු කාසි කියන දේ නම් ‍රැඳුනේම නෑ. 

ලංකාවේ සිගරට් නිෂ්පාදනයේ ඒකාධිකාරය දරන සිලෝන් ‍ටුබැකෝ සමාගමේ නිතර ඇතිවුනු වැඩවර්ජන නිසා, දිවයින පුරා උග්‍ර සිගරට් හිඟ විටින් විට ඇතිවීම සාමාන්‍ය දෙයක් වුනා. එවැනි තත්වයන් වලදී කඩ හිමියන් කලේ තමන්ගේ නිත්‍ය ගණුදෙනුකරුවන්හට පමණක්, හිඟයේ බරපතල කමට සමානුපාතිකව, කළුකඩ මිලට, සීමිත සිගරට් ප්‍රමාණයක් අලෙවි කිරීමයි.

මේ කලුකඩ මිලත් තීරණය කලේ කඩ හිමියායි. "මමත් මේ අපෙන් හැමදාම සිගරට් ගන්න මහත්තයලට ඕනෙ නිසා හෙන ඈත ගිහින් බ්ලැක් මාකට් ගානට තමයි ඕක හොයාගෙන ආවේ," යයි ඔහු  එය සාධාරණීකරනය කරන්නට තැත් කලත්, එහි ඇත්ත නැත්ත ගැන අපි නිතර සැක කලා. සිගරට් හිඟය අති උග්‍ර වෙද්දී, අන්න අර පලාතේ අහවල් කඩේ සිගරට් තියෙනවා, මෙන්න මේ ගානට යන දූෂමාණ ආරංචිය ඔස්සේ, කිලෝමීටර් විස්ස, තිහ රෝද දෙකේ හෝ හතරේ වාහන වලින් කෙනෙක් ගමන් කිරීම එතරම් අරුමයක් නෙවෙයි. මේ පුදුමාකාර කැපවීමත්, උනන්දුවත්, ජීවිතේ අනිත් රාජකාරි වලටත් දැක්වුවානම්!

වැඩිහිටියකු වුවත්, මා කිසිදා මගේ දෙමාපියන් ඉදිරියේ සිගරට් බිව්වේ නැහැ. මා සිගරට් බොන බව ඔවුන් දැන සිටියා වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඔබ ලාංකිකයෙක් නිසා (ඔබ මෙය සිංහලෙන් කියවන බැවින් මා එසේ උපකල්පනය කලා) අපේ දෙමාපියන්ට ගෞරව කිරීමේ වෙනස්ම ක්‍රම ඇති බව වටහාගන්නට අපහසුතාවයක් නෑනේ. අම්මලා, තාත්තලා, පුතාලා එකට වටවෙලා මත්පැන් තොල ගාන, තාත්තා පුතාගේ සිගරට් එකෙන් ගින්දර ඉල්ලාගෙන තමන්ගෙ සිගරට් එක දල්වන පවුල් ලංකාවේ හිටියත්, මම එන්නේ එහෙම පවුලකින් නොවේ.

මම මෙයින් අදහස් කලේ අපි හරි බවවත්, එහෙම කරන අය වැරදි බව දක්වන්නවත් නෙවෙයි. ඊ ලඟට මට කිවයුතු දේ වඩා පැහැදිළි වෙන්නයි.

ඒ වගේම. මම කිසිදා අපේ දරුවන් ඉදිරියේ සිගරට් බිව්වේ නෑ. එකක්, අක්‍රීය දුම් පානය, සක්‍රීය දුම් පානයටත් වඩා බයානක බව කියැවෙන නිසා එහි ඇති සෞඛ්‍යමය තර්ජණය. අනික නරක ආදර්ශය.

සමහර විට සිගරට් එකක් නිසා මම බස් රිය වරද්දාගත් අවස්ථාත් එමට තිබුනා. ඔය බස් වලටත් තිබූනනෙ අර මර්ෆිගේ නීතියෙන් (Murphy's Law) අපිට හැකි හැම විටම නෙලන පුරුද්දක්. ඒ කියන්නෙ , වරු ගානක් බලා ඉන්නවා බස් එක එනකල් සිගරට් එකක් වත් නොබී. අන්තිමේදී, බැරිම තැන, එකක් පත්තුකරලා උගුරු දෙක අදිනකොට ඔන්න බස් එක වංගුවෙන් මතුවෙනවා.

ඒ කොයි හැටි වෙතත් බස් එකේදී සිගරට් බීම තහනම් කරපු එකට, මම ඒ කාලෙත්, ඒ කියන්නෙ සිගරට් බොන කාලෙත්, කැමතියි.

මම කිසිදාක මගේ දරුවන්ට බොරු කියලා නැහැ.  නමුත් දවසක් අපේ චූටි පුතා මම සිගරට් බොනවද කියලා අහපු දවසේ ඉතාම අකමැත්තෙන් මට පළවෙනි බොරුව කියන්න සිදුවුනා. නමුත්, මට, මම හිතූ තරම් වරදකාරී හැඟීමක් ඇති නොවුනේ, වෙනදා වගේම, මම නුදුරු අනාගතයේදීම,  සිගරට් බීම නවත්තන්න හිටි නිසා වෙන්න ඕනෙ. පුතා ඊ ලඟට ඇහුවෙ ඇයි මම සිගරට් නොබොන්නෙ කියලා. ඒක පිළිතුරක් හැටියට මම සිගරට් බීමේ ආදීනව ගැන දිග කතාවක් පැවැත්තුවා. චූටි පුතත් හැම වචනයක්ම හරිම උනන්දුවෙන් අහගෙන හිටියා මට මතකයි.

ඔන්න මගේ ජීවිතේ ඉරණම වෙනස් කල ඒ තීරණාත්මක දවසටත් එලිවුනා.

එදත් බාස් උන්නැහේලා අපේ ගේ හදමින් සිටි දවසක්.  මමත් උකුස්සා වගේ ඒ අය කරන දේ බලාගෙන හිටියේ. (ඒ ඇයි කියලා කියන්න ඕනෙ නෑනෙ.) ඉතින් ගෙදර දූවිල්ල වැඩි නිසාත්, නිතර හැමතැන දුව පැන දඟලන දරුවන්ට අනතුරුදායක නිසාත්, දරුවො දෙන්නාම මගේ නංගිලාගෙ ගෙදරට යවලා තිබුනේ සෙල්ලම් කරන්න.

මම ගේ අසලම කඩයට ගියේ සිගරට් කීපයක් මිලට ගන්නයි. සිගරට් සාක්කුවේ දමාගෙන, එකක් කඩයේ එල්ලා තිබූ ලයිටරයෙන් දල්වද්දීයි මට ඇහුනේ වාහනයක බ්‍රේක් හඬකුත්, ඒ එක්කම වෑන් රියක ලිස්සන දොරක් ඇරෙන හඬත්, මගේ පසු පසින්.




දැල්වෙන සිග‍රැට්‍ටුව දෙතොල් අතර රුවාගෙනම මම ආපසු හැරුනා. මගෙ මචං කාරයා එයාගෙ වෑන් එකෙන් අපේ දරුවො දෙන්නා ආපහු ඇරලවන්න ඇවිත්! චූටි පුතා දැල්වෙන සිග‍රැට්‍ටුවක් කට කොණකින් එල්ලාගෙන සිටි මා දිහා බලා සිටියේ විශ්මයෙන්. කට උත්තර නෑ.

ම්ම්ම්... නැත්තෙම නෑ.

"You smoke!" (ඔයා සිගරට් බොනවා!),මේ ඊයෙ පෙරේදා සිගරට් බීමේ ආදීනව ගැන දේශනයක් පවත්තපු තාත්තා, සිගරට් එකක් බොනවා දැකපු  පොඩි එකා මොර දුන්නා විශ්මයෙන්. මම වැ‍ටුනේ පුදුම අපහසුතාවයකට.

මට ගණදෙවි නුවණ පහලවුනා.

"No, This is for one of the builders. He can't come because he's too busy and I lit it for him to save the trouble of looking for a lighter." (නෑ. මේක අර බාස් කෙනෙකුට. එයාට එන්න බෑ වැඩ නිසා. මම ඉතින් ඒක පත්තු කරලම ගෙනියනවා, එතකොට ලයිටරයක් හොය හොයා දඟලන්න දෙයක් නෑනෙ   එයාට."

එයාගෙ මූණෙ ඉරියව් වෙනස් වෙනවා මම බලා හිටියා.

"Oh, I thought for a moment you smoked" (ආ, මම ඒත් හිතුවා ඔයා සිගරට් බොනවාවත්ද කියලා.)

"Naah!" (නෑ...හ්. පිස්සුද?)

මම වේගයෙන් ගේ දිහාට ඇවිදගෙන යන ගමන් කිව්වා. ඔහු ඉඳික‍ටුවට ඇමිණූ නූල වගේ, මා පස්සෙන් ඇදිලා ආවා. ඇඟිලි අතර රඳවාගත් දැල්වෙන සිග‍රැට්‍ටුවත් අරගෙන බාස් ගෝලයෙක් ලඟට ගිය මම,

"ආ, මෙන්න ඔයාගෙ සිගරට් එක." කියමින් සිග‍රැට්‍ටුව ඔහුට දික් කලා.

ගෝලයා ලොකූ ප්‍රශ්ණාර්ථ ළකුණක් මූණේ ඇඳගෙන මා දිහා බලා හිටිය නිසා, මම බුවාට ඇහැක් ගැසුවා.

මම සාක්කුවේ තිබුන අනිත් සිගරට් සියල්ලත් බුවාටම දීලා දැම්මා.

හදිසියේ කඩා වැ‍ටුන මේ වාසනාව ගැන උද්දාමයෙන් බාස් ගෝලයා මට ස්තුති කලා.

මේ ගණුදෙනුව ඇස් අයාගෙන බලා සිටි පොඩි එකා."I thought for a moment you smoked" (මම ඒත් හිතුවා ඔයා සිගරට් බොනවාවත්ද කියලා.) කියා නැවතත් කිව්වා.

"Well, I don't smoke." (මම කිව්වනෙ, මම සිගරට් බොන්නෙ නෑ කියලා.) මම ඒ පාර කිව්වෙ බොරුවක් නෙවෙයි. සහතික ඇත්ත. මොකද මම ඊට මොහොතකට පෙර සදහටම සිගරට් බීම නවත්තපු නිසා.


ඉතින් විශ්වාස කරන්න, මම එදා සිට මේ දක්වා සිගරට්‍ටුවක් කටේවත් තියලා නෑ. අනික මම සිගරට් බීම අතහැරියේ ජනවාරි පළවෙනිදා වගේ විශේෂ දවසකත් නෙවෙයි. මට මගේම පුතාට බොරු කියලා කුහකයෙක් වෙන්න ඇති  අකමැත්ත විතරයි නිමිත්ත වුනේ.

මගේ දරුවාට ස්තුතිවන්ත වෙන්න අද මම සිගරට් වලින් නිදහස්.  දරු සෙනෙහසට කල නොහැකි දෙකක් නැහැ.


පසුවදන:

ඒ අවුරුදු හයකට (මේ වනවිට හතකට) පෙර.  මම ඒ පොරොන්දුව කිසිදා බිඳින අදහසක් තුන් හිතකවත් නෑ. මට ලැබුන ඒ අවස්ථාව නොලැබී, තවදුරටත් සිගරට බොන බුවාලා ගැන මගෙ හිතේ අද තියෙන්නෙ අනුකම්පාවක්.  අද මට සිගරට් දුම ඉවසාගෙන ඉන්නත් අමාරුයි. දුම් බොන්නෙක් එක්ක කතා කරද්දී කටින් හමන දුම් ගඳ මට අප්‍රසන්නයි. දුම් බොන්නෙක් ලඟ ඉඳිද්දී මගේ හුස්ම හිරවෙන ගතියක් දැනෙන්නෙ.

ප. ලි. : දුම්බීම ගැන කවුරුහරි බ්ලොගර් කෙනෙක් සඳහන් කරන ගානෙ මම මේ ලිපියට ලින්ක් එකක් දුන්නෙ, මේ  මා විසින්ම ලියැවුනු ලිපියක් වුනත්,  දුම්බීම අතහැරීම ගැන ලියැවුනු අව්‍යාජ අත්දැකීමක් බව මම විශ්වාස කරපු නිසා.
ප්‍රශ්ණෙකට තිබුනෙ මම මේ ලිපිය මුලින්ම ලිව්වෙ ඉංග්‍රීසියෙන් වීමයි. HeyDude බ්ලොග් අඩවියට 'How I quit smoking' යන මාතෘකාවෙන්, 2012 මාර්තු 10 වන දින පල කල මේ ලිපියෙන්, සිංහල පමණක් කියවන සහෘදයන්ට ප්‍රයෝජනයක් ගත හැකි වෙන අයුරුන් සිංහලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය මට දැනුනේ කලක සිට. 

ඉතින් මේ එයට විසඳුමක්.

නමුත් මෛ ලිපිය කියවා හමාරකර , ඉංග්‍රීසි ලිපියත් කියවන්න කියා මම ඔබට ආරාධනා කරන්නේ, ඇතැම් දේ පරිවර්තනයේදී විනාශ වෙන බව අත්දැකීමෙන් දන්නා නිසයි

142 comments:

  1. සියල්ලනී,

    අප හිතවත් විචාරක මහතා ඩෙංගු රෝගයෙන් ඔත්පලව රෝහල් ගත කොට ඇති බවත්, එබැවින් ඔහුගේ නවතම ලිපියෙහි ප්‍රතිචාර වලට පිළිතුරු දීම අතපසු වන බවත් ඔහු විසින් සියළු බ්ලොග් සහෘදයින් වෙත දන්වා සිටී.

    අපි ඔහුට ඉක්මන් සුවය පතමු !

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තද සෙන්නා. ස්තුතියි පණිවිඩය දුන්නට.

      විචාරකට ඉක්මන් සුවය පතමු.

      Delete
    2. විචාරකට ඉක්මන් සුව ලැබේවා..!

      Delete
    3. අපේ කොල්ලට (ඉතාමත් ගෞරවයෙනි) ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා කියලා කියන්න සෙන්නා...

      Delete
    4. අයියෝ පව්

      Delete
    5. විචාරක මහත්මයාට ඉක්මනින්ම සුවවෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනවා.

      Delete
    6. ඉක්මන් සුවය ලැබේවා විචාරකයාණෙනි....

      Delete
    7. විචාරකට ඉක්මන් සුව....

      Delete
    8. මම දැක්කා සෙන්නා කියලා තියෙනවා සිරාගේ බ්ලොග් එකෙත්... තොරතුරක් ලැබුනොත් කියන්න සෙන්නා.. ඩෙංගු මේ දවස්වල ආයිත් තදට පැතිරෙනවා වගේ...

      Delete
    9. විචාරකට ඉක්මන් සුවය ලැබේවා....

      කොහොමත් බයවෙන්න දෙයක් නෑ හිටපු ආමි කාරයෙක්නෙ...ඔරොත්තු දීමේ හැකියාව වැඩියි.

      Delete
    10. විචාරකට ඉක්මන් සුවය පතනවා...!

      Delete
    11. ඉක්මනින් සුවය ලැබෙන්න පතනවා

      Delete
    12. මැලේරියාව එක පාරක්වත් හැදුන නැති ආමිකාරයෝ ඉන්නවනං ඒ කොළඹම හිටිය උදවිය වෙන්න ඕන... එහෙවු එකේ ඩෙංගුත් මොන කජ්ජක්ද..? ලොක්කා නැගිටියි ගේමක් නැතිව..

      Delete
    13. විචාරකට ඉක්මන් සුවය පතනවා.

      Delete
    14. ඉක්මන් සුවේ නෙමෙයි ගස්ලබූ ජූස් එක පොවපන්.. මමත් එළෝ ගිහින් මෙළෝ ආවේ ඒ පිහිටෙන්... අපි විෂ් කොලාට ඌ සෙවවෙන්නෙ නෑ නොවැ...

      Delete
    15. විචාරකට ඉක්මන් සුවය පතනවා...

      Delete
    16. විචාරක මහතාට ඉක්මන් සුවය පතනවා..

      Delete
    17. ඉක්මන් සුව ලැබේවා...

      Delete
    18. විචාරක මහත්තයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.

      Delete
    19. අය්යෝ ඇත්තද . ඔහුට ඉක්මන් සුවය ලැබෙන්න ඕන

      Delete
  2. පුරුද්දක් විදියට සිගරැට් බොන්නෙ නෑ..ඒත් පාටියකදි ශෙයාර් වෙන එකක් විතරයි..සිගරැට් එකක් බොන වෙලාවට වඩා නොබී ඉන්න වෙලාවට මට නම් ලැබෙන ආතල් එක වැඩී...
    ආදර්ශමත් කතාවක් ඩූඩ් !

    ReplyDelete
    Replies
    1. මේවා මට අමතක වෙන්නෑ හරී! :D :D

      Delete
    2. එළ කිරි පූසා අතාරින්න එපා...

      Delete
    3. ස්තුතියි වෙනියා. බලාපං උඹ ගැන කීදෙනක් සෙවිල්ලෙන් ඉන්නවද කියලා. කෝ උඹ හොයන ඒ පෞද්ගලික නිදහස, ස්වාධීනත්වය අරක මේක? :D

      Delete
  3. ඇත්ත….අපි කිසිම දවසක දැකල නෑ තාත්ත සිගරට් බොනවා…..මල්ලිට ගොඩක් ස්තුතියි තාත්තව සිගරට් යකාගෙන් බේර ගත්තට….

    මෙහෙත් ගෑනු පිරිමි බේදයක් නැතුව කට්ටිය එකට හිටගෙන සිගරට් බොනවා…..පුදුම වැඩේ තමා එයාල දොස්තරලා වෙන්න ඉන්න අය…. ඒක නම් සීතලට කියමුකො ඒත් මෙහෙ ලෙඩ්ඩු!!!!:O

    ලෙඩ්ඩුත් එහෙමයි….පෙනහලුවල ලෙඩ්ඩු ඉන්නෙ වෙනම ෆ්ලොර් එකක [ හැම ලෙඩේම වෙන් කරල තියෙන්නෙ]….ඉතින් අපි ගිහින් case history ලියන්න විස්තර ගනිද්දි අපිට කියනවා ඉක්මන් කරන්නලු එයාලගෙ සිගරට් බොන වෙලාව ඇවිත්ලු…. :O :O :O

    ඩුඩ් අපිට ඔයා ගැන හරිම ආඩම්බරයි…..අනිත් අයත් මේක කියවල හැදෙයි කියල මම බලාපොරොත්තු වෙනව

    PS: had to delete the above comment because i forgot to type "case history" before adding it :D :D :D

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලිට තමයි ඒකෙ ගෞරවය හිමි.

      ඒ ලෙඩ්ඩු නම් මාරයිනෙ. ඇත්තෙන්ම මමත් දැකලා තියෙනවා සිගරට් බොන දොස්තරලා. ඒ ආදීනව නොදැන නෙවෙයිනෙ. ඒ ඇබ්බැහිය.

      ස්තුතියි හිරූස් තියරීස්.

      Delete
  4. උඹ නම් නියම තාත්තෙක්...!
    නුඹට මා ගෞරව කරමි..!

    මගේ යාලුවෙක් හිටියා හොඳම...මීට අවුරුදු 15කට විතර කලින් ඕහු මට වඩා වසර ගනනාවක් වැඩිමහල්,‍රැකියාවක් කල අතර අපට ඒ දිනවල මුදල් අතින් අඩුපාඩු තිබුන නිසා ක්‍රිකට් මැච් වලට එහෙම ගියාම සෑහෙන්න උදව් කලා...හැබැයි ඕහු සිගරට් බීමට තදින් ඇබ්බැහිවෙලා හිටියෙ...නිතරම සිගරට් පැකට් එක සාක්කුවෙ.

    මට යම් දැනුම් තේරුම් තියෙන වයසට ආ පසු ඔහුගෙ මේ පුරුද්ද ගැන වැටහීමක් ඇති උනා...මම ඔහුට මේක නොකල යුතු පුරුද්දක් ලෙස පැහැදිලි කලා...
    මට උදේට ටොයිලට්වත් යන්න බෑ බං මේක නැතිව කිව්ව...
    මම පුවත් පතක දු‍ටු දෙයක් නිසා හිතාගත්ත මේක කොහොම හරි නවත්තනව කියල...

    මම කලේ ඕහුට තැන නොතැන නොබලා සිගරට් බොන එක ගැන කියලා අපහාස කිරීමයි... ඉතා නින්දිත ලෙස ඕහුගෙ පෞර්ශය බිඳදැමුවා....
    උඹට කොන්දක් නෑ අය්යෙ..පුලුවන් නම් ඕය දුම නවත්තපං...
    ගෑණු ලම්යි ඉන්න තැන පවා කිව්ව...උඹ...දුර්වල මිනිහෙක් කියල...
    දවසක් මට ගහන්න ආව...ඒත් මම ගන්න් ගත්තෙ නෑ...ඌ ලැජ්ජාවට්ම පත්කලා...

    අන්තිමට මාත් එක්ක අමනාප උනා....ටිකකාලෙකින් මම කොලඹ ආවා

    පස්සෙ ගෙදර ආපු දවසක ඌ මාව හොයාගෙන ඇවිත්..මට කිව්වෙ මල්ලි උඹ නිසය් අද ම්ම ඉන්නෙ..උඹත් එක්ක තරහ උනාට පස්සෙ මම සිගර්ට් අතහැරල..මම මිනිහෙක් වෙලා උඹට පෙන්නන්නම් කියල හිතාගත්තලු...

    ඊට පස්සෙ තමා ඌට කසාදෙකුත් හරි ගියේ...දැන්නම් ගමේ නැහැ..කොහේ ඉන්නවද දන්නෙත් නෑ....!

    ReplyDelete
    Replies
    1. ඒකත් නියම කතාව. ඇත්තෙන්ම උඹටත් ආඩම්බර වෙන්න පුලුවන් මේ සිද්ධිය ගැන. අපි සමහර විට කෙනෙක්ගෙ හිත රිදෙයි කියලා මෙච්චරදුර යන්නෙ නෑ. අනික බුවාටත් පස්සෙ හරි තේරුනානෙ උඹේ චේතනාව.
      ස්තුතියි වීයා.

      Delete
  5. සිගරට් බීම අත්හැරපු අය හරිම විරලයි.. ඕකට හොඳ කොන්දක් තියෙන්න ඕනා. දාරක ප්‍රේමය ඩූඩ්ට හොඳ තෑග්ගක්නෙ දීලා තියෙන්නෙ.

    මේක හරිම ආදර්ශවත්, සුපිරි කතාවක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම සිගරබ් බීම අත් හැරපු අය විරළ තමයි. මගේ මචං කාරයෙක් මටත් කලින් සිගරට් බීම නැවැත්තුවා. ඔන්න මේ පාර මම දැක්කා ඌ වැල නොකැඩී සිගරට් බොනවා ආයෙම.

      බොහෝම ස්තුතියි සෙන්නා.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. අපේ තාත්තත් සිගරට් බිව්වත් කවදාවත් අපිට පේන්න බොන්නේ නැහැ ,මමවත් අය්යාවත් සිගරට් බොන්නේ නැහැ .හැබැයි ඉතින් මං දන්නවා මං පලවෙනි සිගරට් ඒක බොනදවස තමයි තාත්තා සිගරට් නවත්තන දවස කියලා .ඔය දෙකම කවදාවත් එන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඕකට මොකුත් උපක්‍රමයක් නැද්ද හස‍රැල්? තාත්තගෙන් සිගරට් එකක් ඉල්ලුවොත් මොකද?

      Delete
    2. අපිටත් කරදරයක් නැති එකේ තාත්තගේ ජීවිතේ දැන් තියෙන එකම ජොලියට කකුල් මාට්ටු දාන්න හිතෙන්නේ නැහැ .

      Delete
  8. අපේ අප්පච්චිත් සිගරට් බීමට තදි ඇබ්බ්හිව ඉන්න කෙනෙක්.බොරු කියන්න ඕනෙ නෑ. මම දැක තියෙනවා එයා සිගරට් බොනවා. ඒත් මමවත් මගේ මල්ලිලාවත් කවදාවත් සිගරට් බීමට පෙළඹුනේ නෑ. කට්ටිය සෙට් වෙන වෙලාවට ශෙයාර් වෙන සිගරට් එකක් පවා මම බොන්නේ නැ.මට තේරෙන්නේ නෑ සිගරට්ටුවකින් ලැබෙන ආතල් එක මොකද්ද කියලා?

    ReplyDelete
    Replies
    1. ඕක හරිම අමාරු වැඩක් වුනත් කරන්න බැරි වැඩක් නෙවෙයි.
      අන්තිම කාරණාව ගැන නම්, සිගරට් බොන කෙනාට ඒකෙන් උපරිම රසයක් දැනෙනවා. පොඩි 'high' එකක්නෙ. ඒක නොබොන කෙනෙකුට හිතාගන්න බෑ. උත්සාහ කරන්නත් එපා.

      Delete
  9. අන්න එල තාත්තෙක්!!!

    කෝ අර මල්ලි? මලයට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :)

    ReplyDelete
    Replies
    1. තැංකූ රජතුමා. ඇයි බොල අර පින්තූර වල ඉන්නෙ. දැන් එයාට අවුරුදු 15 ක්.

      Delete
  10. බොහොම සන්තෝෂයි ඔබ ගැන... මම නම් කිසිම දිනයක දුම්වැටියක වහළෙකු වෙලා නෑ... දුම්බොන මගේ යාලුවෙක් හරි එයින් මුදවා ගන්න වෑයම් කලා මිස.... සිගරට් බොන උන් සහ ඒ ගද මමත් පිලිකුල් කරනවා

    ReplyDelete
    Replies
    1. නියමයි සිරා. කොහොමත් නූතන පරම්පරාවල කොල්ලො, අපි තරම් වැරදි වැඩවලට ඇබ්බැහිවුනේ නෑ කියලා හිතෙනවා. මම කියන්නෙ සිගරට් බීම වගේ.

      Delete
  11. මම නම් සිගරට් බොන අයට එපා කියන්නෙ නෑ. සිගරට් බොන්නේ මොන්ටිසෝරි ළමයි නෙමෙයිනේ. අපි තේරුම් කරලා දෙන්න ඕන නෑ ඒවයේ ආදීනව කියලයි මට හිතෙන්නේ. මම නම් සිගරට් බොන්නේ නෑ නොබොන්නෙත් නෑ. මම දවස් කීපයක් ට්‍රයි කරලා බැලුවා. ඒත් සිගරට් කියන්නේ නිකම් ඉන්න වෙලාවට බොන්න මට සෙට් වෙන දෙයක් නෙමෙයි කියලා මට දැනුනා. විෂේශ අවස්ථා වලදී ඉතාමත් අඩුවෙන් භාවිතා කරනවා :D

    ReplyDelete
    Replies
    1. ඒ ටිකත් ඕනෙ නෑ පූස්. මොකද ඇබ්බැහිවීම වැඩි ඈතක නෙවෙයි තියෙන්නෙ. ඉංග්‍රීසියෙන් කියන්නෙ get hooked කියලනෙ. ඒක වඩා අර්ථාන්විතයි, නැද්ද? කොක්කෙ පැටලෙයි. බලාගෙන.

      Delete
    2. අපි ඕනෙම දේකට ඇබ්බැහි වෙන්න පුළුව්න්. අරක්කු වලට ඇබ්බැහි උන මිනිස්සු, කසිප්පු වලට ඇබ්බැහි උනු මිනිස්සු, කුඩු වලට ඇබ්බැහි උනු මිනිස්සු, සෙක්ස් වලට ඇබ්බැහි උනු මිනිස්සු, බ්ලොග් වලට ඇබ්බැහි උනු මිනිස්සු :D ඔහොම තමයි. අනික මං විශ්වාස කරන විදිහට යමක් අව්බෝධයෙන් කරනවනම් කවදාත් දේකට ඇබ්බැහි වෙන්නෙ නෑ. මම දකින විදිහට මිනිස්සු විවිධාකාර දේවලට ඇබ්බැහි වෙන්නේ වේදනාවල් අමතක කරන්න. ඇබ්බැහිවීම් වලින් සුළු මොහොතකට ඇති කරන ආශ්වාදය පාළුව කාන්සිය වේදනාව දුරු කරනවා. මම විශ්වාස කරන අනික් දේ ඕනම මිනිහෙක්ගේ ඇබ්බැහි වීමක් නවත්වන්න පුළුවන්. ඒකට ඕනේ ආත්ම විශ්වාසයවත් වෙන කිසි දෙයක් නෙමෙයි. හොඳ හේතුවක්! හෙන්රි අයියට වගේම බොක්කටම වදින හේතුවක්! හොඳ හේතුවකට පුළුවන් මිනිහෙක්ව "ජීවත් වීම" කියන ඇබ්බැහි වීමෙන් හිටන් ගලවලා දාන්න!

      Delete
  12. මේ කරලා තියන දේ ගැන මම අමුතුවෙන් කියන් නැ . මොකද මම කොහොමත් මේ දවස්වල උඹ ගැන හිත හිතා ඉන්නේ

    ReplyDelete
    Replies
    1. හෙන්රියා පවුල් කාරයා... ලස්සනට ජිවත් වෙනවා..උඹ වෙන අතක් බලා ගනින් ඌ ගැන හිත හිත ඉන්නේ නැතිව.. ඇයි යකෝ අර ස්ටේෂන් එකේ පොරවල් දෙක හොයා ගංකෝ මේ බැදපු මිනිස්සු අමාරුවේ නොදා.. :D

      Delete
    2. අනේ අටමො දැන්වත් ජෝන් පස්සෙ යන එක නවත්තපන්....

      Delete
    3. ඔය මාරයයි, සිරයි කියන ඒවා උඹ ගනං ගන්න එපා අටං.

      Delete
  13. ගොඩාක්ම ආඩම්බර කාර තාත්තෙක් අයියේ ඔයානම්....ජයවේවා....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි උමා. ආඩම්බර..? ඔව්. මේ සම්බන්ධයෙන් නම්.

      Delete
  14. ඩූඩ්, මම මේ ළඟදිත් දවසක කිව්වා, ආයිත් කියනව, ඔයා නම් මාරයි !

    ඔබ වගේ තාත්ත කෙනෙක් ලැබුණු ඒ දරුවො වාසනාවන්තයි හෙන්රි අයියා, දරුවට දුන්නු වචනය වෙනුවෙන් උනත් කාලාන්තරයක් තිස්සෙ තමන් යම් තෘප්තියක් ලබපු පුරුද්දක් එක්වරම අතාරින එක ලේසි වැඩක් නෙවෙයි. ඒක දරුවන් වෙනුවෙන් වගේම ඔබේ ජීවිතය වෙනුවෙනුත් ගතිපු නිවැරදි තීරණයක්.

    අපේ තාත්තත් සිගරට් බොනව, කොච්චර එපා කිව්වත් ඒක නම් නවත්තන්නෙ නෑ. ළඟ ඉන්න වෙන කෙනෙක් බොන සිගරට් එකෙන් එන දුම කොයි තරම් වදයක්ද ඉසරදයක්ද කියල මම හොඳටම දන්නව, බොන මිනිස්සු කොහොම ඔය දුම උරනවද කියල මට හිතාගන්නත් බෑ. වරක් මහාචාර්ය කාලෝ ෆොන්සේකා කිව්වා ඔහුත් ඔහුගෙ සහෝදරයත් කුඩා කළ ඔවුන්ගෙ පියා ඔවුන් දෙදෙනා උකුලෙ ඉද්දි සිගරට් බිව්ව නිසාම පස්සෙ කාලෙ ඒ දෙන්නම ඇදුම රෝගීන් උනා කියල. මම නම් ඉස්කෝලෙ යන කාලෙම ඉඳල හිතාගෙන හිටියෙ කවදාවත් ඔය ජරාවල් බොන්නෙ නෑ කියල. ඒ වගේම අද වෙනකන් මට ඒව නැතුව කිසි අඩුවක් දැනිලත් නෑ.

    මම හිතන්නෙ නරකම දේ මත්පැන් දුම්වැටි භාවිත කරන්නන් ඒව සාධාරණීකරණය කරන්න හදාගතිපු ජනප්‍රිය මිත්‍යාමත කීපයක්ම තියෙනව. ඒව ඇත්ත විදියට කොයි තරම් සමාජගතවෙල ද කිව්වොත් නොබොන්නන් පවා මේව අත්හදා බලන්න ගිහින් නිකන්ම ඇබ්බැහිවෙනව.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, DDT . ඇත්තෙන්ම තමන් රසයක් ලබපු, දීර්ඝකාලීන පුරුද්දක් අත්හැරදමන එක මානසික වධයක් මුලදී.

      මෙහෙමයි. දුම් හෝ මත්පැන් නොබොන කෙනෙකුට බොන කෙනා එයින් ලබන රසය හිතාගන්න අමාරුයි. ඕක එක දුම් උගුරක් ඇදලා හරි එක මත් පැන් උගුරක් බීලා හරි තීරණය කරන්න බෑ. පළවෙනි දුම් උගුරට කැස්ස හැදේවි. පළවෙනි බියර් උගුර තිත්තට දැනේවි. නමුත් කාලයක් ගියාම තමයි ඕවයෙ තියෙන අනිත් රස මතුවෙන්නෙ. හරියට නෙල්ලි ගෙඩියක් වාගේ. එහෙම නැතිනම් මිනිස්සු අච්චර සල්ලි ගෙවාගෙන ඕවා බොයිද?

      මම මේ කිව්ව දේ වරදවා තේරුම් ගන්න එපා. මම ඕක දන්නෙ මම ඕකෙ දෙපැත්තෙම හිටපු නිසායි. අන්න ඒකයි ඕවායෙ තියෙන භයානක කම.

      Delete
    2. මෙන්න ඩූඩ්ගෙන් ඇඩ් එකක්. (කීයක් හම්බ උනාද මේකට)

      Delete
  15. මටත් පෙන්න බැරි දෙයක් තමා සිගරට් කියන්නෙ.මටත් ගද ආවොත් ඉවසන්න බැරි ඔලුවෙ කැක්කුමක් එනවා.ඒත් බොන අය ඒක පිලිගන්නෙ නෑ.මොනවා වුනත් ඩූඩ් අයියා ඕක නැවැත්තුව එකනම් හරිම හොද වැඩක්. මුල ටික කියවද්දි මට හරි අප්‍රසන්න හැගීමක් ඇවිත් අන්තිම හරියට එද්දි හරි සතුටක් දැනුනා.:)

    ReplyDelete
    Replies
    1. නිසූට අන්න එහෙම හැඟීමක් ආවා නම් මම සාර්ථකව ලියලා තියෙනවා.
      දැන් මේ ලියන්න ඇත්තෙ අලුත්ම lenovo ලැපියෙන් වෙන්න ඕනෙ. ඉතින් එහෙනම් තව තව අලුත් පෝස්ට් කියවන්න බලාගෙන ඉන්නවා.

      Delete
  16. මට මේක දකිද්දි හැමදාම දුකයි... මොකද ‌‌ඩූඩ් අයියගේ ජාතියෙම තමයි අපේ මහත්තයත්.. අද නවත්තවා හෙට නවත්තවා කියනවා විතරයි.. නවත්තන්නේ නෑ... හැම මාසෙම පොරොන්දු වෙනවා පළවෙනිදා ඉඳලා බොන්නේ නෑ කියලා.. ඒත් එදාටත් මගේ වටේට කැරකෙනවා ඕනෙ එකක් කරගන්න කියලා කියනකම්... මට දැං කියලම එපා වෙලා අතෑරලා දාලා ඉන්නේ..

    මට සිගරට් ගඳටත් අසනීප වෙනවා..ඒත් එයාට ඒවා ගානක් නෑ...

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා හිරු තව අවස්ථා ගොඩක් දීලා බලන්න , කියන තරම් ලේසි නෑ කොරන ‍එක , මම බුලත් හපයෙක් උනෙත් ඔය සිකරට් හන්දා තමයි .

      ඩූඩී පවුල (දුව හැර) දැකිමේ අවස්ථාව මට ලැබුනා . ජිවිතයේ නියම සතුට විදින පවුලක් කියලා මට හිතුනා .

      එහෙම වාසනාවන්ත පවුල් දකින්න ලැබෙන්නේ කලාතුරින්.

      (ලොක්කා වගේ හිටියට මූ හෙන මිට්ටා)

      Delete
    2. අටමො, ඔය දෙකම අතහැරපන්කො...මළ වදේ..
      මට නම් වැඩියෙන්ම පේන්න බැරි බුලත් විට...(අජූවයි)

      Delete
    3. වැඩක් නෑ අටම්... අවුරදු 11ක් තිස්සේ කිව්වා.. දැං නං එකම දෙයයි ඉතුරු වෙලා තියෙන්නේ.. මම පෙරෙදා අපේ ෆැමිලි ඩොක්ටට කිව්වා.. ඩොක්ට කිව්වා කතා කරලා බලන්නම් කියලා.. ඒකෙනුත් නැවැත්තුවේ නැත්තම් මම ආයිත් කියන්‌ෙන් නෑ...

      Delete
    4. එහෙම අධෛර්යය වෙන්න එපා හිරු. මම කියනවට එක්ක යන්නකො මහරගම කැන්සර් හොස්පිටල් එකට ලෙඩෙක් බලන්න කියලා.
      තව දේවල් තියෙනවා.

      අටං. අනේ බං ඔය හපේ ගැහිල්ලත් අඩු කරපං. මමත් සිගරට් නවත්තන්න චුවිංගම් හපලා, පස්සෙ දෙකටම ඇබ්බැහි වෙලා තියෙනවා.

      Delete
    5. ඒ මාත් හපේ ගහනවනෙ ඉඳල හිටල...!

      Delete
    6. @අටම්: ++++++

      @ හිරු: සිගරට් එක අස්සට ගම්මිරිස් කුඩු ටිකක් දාලා බලන්න. හැබැයි ඔහොම අපේ මාමගේ සිගරට් එකට ගිනිකූරු වල වෙඩි බෙහෙත් දාලා දීලා කිසිම ප්‍රතිඵලයක් අත් උනේ නම් නෑ.

      Delete
  17. පුතෙක් ඉන්න තාත්ත කෙනෙක් හැටියට ඩූඩ් හොඳයි.. සිගරට් කියන්නෙ විනාශයක්.ආතල් එකක් නෙමේ.. නියමයි ඩූඩ්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ළිහිණි. පුතෙක් සහ දුවෙක් දෙන්නෙක්ම ඉන්නවනෙ.

      Delete
  18. සිගරට්....
    බීපු කෙනෙක් ලඟින් එන ගඳ තමයි ඉවසන්නම බැරි. වැසිකිලිය ඇතුලේ සිගරට් බිව්වම ආයේ ඊ ලඟට යන කෙනාට තමයි වැඩිම අපහසුව දැනෙන්නේ. බෝඩිම් වල එහෙම ඉන්න කොට ඔය අත්දැකීම විඳින්න වෙනවා.
    ඩූඩ් අයියා ඕක නවත්තපු එක නම් හොඳයි. පින්තූරේ හිනා වෙලා ඉන්නේ මේ කතාවේ වීරයා ද ?

    ReplyDelete
    Replies
    1. වැඩේ චන්දන, බොන එකාට ඕක තේරෙන්නෙ නෑනෙ. සිගරට් එකක් නැතුව 'බොග චාජ් වෙන්නෙ' නෑ බං කියලා තමයි කියන්නෙ.

      ඔව් පින්තූරෙ ඉන්නෙ එයා තමයි, ඒ කාලෙ. දැන් අවුරුදු 15ක්.

      Delete
  19. සිගරට් නවත්තපු එකනම් නියම වැඩක් සහෝ.., මාත් පාවිච්චියක් නෑ.

    අපේ යාළුවෙක් හිටියා අවිස්සාවේල්ලෙ, නම බන්දුල,දක්ෂ ආටිස්ට් කෙනෙක්.
    ඉස්සර ඩිජිටල් ප්‍රින්ට් නොතිබුණ කාලේ නාට්‍යකට චිත්‍රපටයකට කටවුට් එකක් අවශ්‍ය වුනොත් ඒක ඇන්දෙ අතින්මයි...මිනිහත් කළේ ඒ වැඩ,10x8 කටවුට් එකක් අඳින්න එයාට බ්‍රිස්ටල් 20 පැකට් එකක් ඕන. මුලින්ම සම්පූර්ණ පැකට් එකම කඩලා සිගරට් ටික පේලියට අතුරගන්නවා,ඊට පස්සෙ එයින් එකක් පත්තු කරගෙන වැඩේ පටන් ගන්නවා.(20 ටම එක ගිණිකූරයි) සිගරට් 20 ඉවරවෙනකොට වැඩෙත් ඉවරයි....සිගරට් කොච්චර හොඳද කියනවානම් අවුරුදු 46 දී මිනිහත් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් සුමිත්ට පෝස්ට් එකක් හැටියට ලියන්න පුලුවන් එකක්නෙ ප්‍රහාරයෙ. මරු කතාව. ඔහොම පොරවල් මාත් දන්නවා.
      ඇයි දැන් ප්‍රහාර එල්ල කරන්නෙ නැත්තෙ?

      Delete
  20. හිතට වදින්න ලියලා තියනවා හෙන්රි අය්යා ඒත් මම දුම් බීම ගැන ලියපු එකට ඔයා මේ ලින්කුව දාලා නෑ ඒ උනාට මේක දාන්න වටින ලියුමක්. ඒ හන්දා මම දැම්මා කමක් නෑනේ ?

    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් බං. මට අමතක වුනා. ඒ විතරක් නෙවෙයි. එතකොට ඒ ආටිකල් එක තිබ්බේ ඉංග්‍රීසියෙන් විතරයි. දැන්නෙ මෙහෙම පරිවර්තනය කලේ.

      කමක් නැද්ද නෙවෙයි. උඹට ස්තුතියි ලින්ක් එක දැම්මට. :)

      Delete
  21. මේ සටහන මා කලින් කියෙව්වා මචං, අර මලලසේකරගේ ශබ්දකෝශේ අතේ තියාගෙන. මෙයට ඉතාම සමිපාත්දැකිමක් මට තියනවා. :)

    ReplyDelete
    Replies
    1. අන්න රයිගම මට හෙමීහිට ටොක්කකුත් ඇන්නා. හැබැයි වැඩිය රිදුනෙ නෑ.:)

      ඉතින් ඒ අත්දැකීම මොකක්ද කියලා අපි දැනගන්නෙ කොහොමද මචං?

      Delete
  22. සිගරට් බොන එක කොච්චර බයානකද කියලා සටහනින් ඔප්පුවෙනවා.

    ඔයාගේ පුතා ගැන හරි දුකක් හිතට ආවේ. අපිට එහෙම නම් ඔයාට ඒ වෙලාවේ කොහොම හිතෙන්ට ඇතිද නේද?

    පුතාට ඒ විදියේ ආදරයක් තියෙන පියෙක් වීම ගැනත්, ඒ ජරාව බීම නැවැත්තීමට තරම් ආත්ම ශක්තියක් තිබීම ගැනත්, ආඩම්බරයි ඩූඩ්.
    හොඳ ආදර්ශමත් සටහනක්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි පොඩ්ඩි. අර කිව්වත් වගෙ දරු සෙනෙහසට කල නොහැක්කක් නෑ.

      Delete
  23. මම නම් මේ දක්වා කිසිම දවසක සිගරට් එකක් බීලා නෑ. නිකමට කටේ තියලා උරලා වත් නෑ කොහොමද බලන්නවත්. ඇත්තටම සිගරට් දුම අප්පිරියයි. මගේ සිගරට් බොන යාළුවන්ව නිර්දය ලෙස විවේචනය කරනවා.

    ඩූඩ්, උඹ සිගරට් බොන එක නැවැත්තුව එක ගැන සතුටුයි. ඒත් උඹ හොඳ වැඩක් කලා කියලා මම උඹට ක්‍රෙඩිට් දෙන්නෑ හරිද? මොකද උඹ කරලා තියෙන්නෙ නරක වැඩක් නවත්වපු එකයි.

    ReplyDelete
    Replies
    1. එහෙමනම් තිසර, අත් හදා බලන්න යන්නත් එපා. මමත් පටන් ගත්තෙ අලුත් අත්දැකීමක් ලබන්න වගේම peer pressure කියන දේ නිසා.

      ඉතිං බං නරක දෙයක් අත් හරින එක හොඳ දෙයක් නෙවෙයිද? :D

      Delete
  24. සිගරැට්... ජීවිතේටම විස්සක්වත් බීලා නැතිව ඇති... ඒ ටිකත් බීලා තියේනනේ ඒ කාලේ සංගීත වලට ගියාම තමා.. ඒ ඇර අදටත් බොන්න හිතෙන්නේ නැති මෙලෝ රහක් නැති දෙයක් මටනං.. හැබැයි ඉතිං අර පුසා කිව්වා වගේ බොන උන්ව හදන්න යන්නේනං නැහැ.. මොකද අපිට නරක් උන පලියට හැම එකාටම ඒක නරකයි කියලා හිතලා බණ කියන්න ගියොත් උන්ට නරක අපිට හොද දේවලුත් ඕන තරං තියෙයි... කොයි දේත් මැදුම් පිළිවෙතේ තියා ගත්තම වැඩේ ලේසියි... මොන මගුලක් හරි වෙලා නවත්ත ගත්තනං ආයේ ඕනත් නැහැ...

    හැබැයි ඔය සිගරුට් වලට මගේ ලොකුම අකමැත්තක් ඇති උනේ ඔය කියන පිලිකා අරක මේක හින්දා නෙවෙයි... අපේ අයියා කාරයා..(මහප්පගේ පුතා) අන්න ඌ හින්දා... ඌත් එකක් නිවෙනකොට එකක් පත්තු කරන එකෙක්... අවුරුදු පහක් රට ඉදලා එද්දී මූ ගෙනාවේ ටීවී රේඩියෝ සහ සිගරැට් විතරයි... ඒ ගෙනාපුවත් මූ සති දෙකෙන් බීලා ඉවර කලා... හැබැයි ඉතිං ඌත් සුපිරි වැඩ කාරයා.. බැරි දෙයක් කියලා එකක් ඌට නැහැ..ඕන මගුලක් කරන්න පුළුවන්.. සිගරැට් එකත් කටේ ගහගෙන එක අතකින් ඒක නඩත්තු කරන ගමන් අනිත් අතින් ඌ නොකරන මගුලක් නැහැ.. උගේ හැම දේම කොපි කරපු මං කොපි නොකරපු එකම දේ ඕක විතරයි... උගේ තොල් නිකං කාපට කල පාරක් වගේ කලු වෙලා.. එහෙම තියෙද්දී කොහොම කොපි කරන්න හිත හදාගන්නද...

    කොහොම උනත් හොඳ කාරණයක් ගැන ලස්සන රටාවකට ලියවුන ලිපියක්...

    ReplyDelete
    Replies
    1. උඹත් බලං කියාම දියරෙන් කිරි වෙන් කර ගන්න හැකි හංසයෙක් නෙ බං මාරෙ!
      ඔව් බං මැදුම් පිලිවෙත් හරි වුනාට සිගරට්, එක්ක නම් ඒක වැඩ කරන්නෙ නෑ.

      ස්තුතියි මාරේ.

      Delete
  25. හොද ලිපියක් උබේ ලිපිය මේ දවස් වලම කියවන්න ලැබුණු එක නම් වැදගත්.. මමත් ජනවාරි ඉදලා වැඩ ඇල්ලුවා බලමුකො කොයිතරම් දුරට සාර්තක වෙයිද කියලා ..

    ReplyDelete
  26. සිගරට් බීම නවත්වලා අවුරුදු එකහමාරයි .... ඒ අවුරුද්දකට විතර පස්සෙ හදන්න ප්ලෑන් කරගෙන හිටපු දරුවා වෙනුවෙන්... තව මාස තුනකින් මම ආඩම්බර තාත්තෙක්....

    නවත්වන්න පොඩ්ඩක් හරි ආසාවක් තියන හැමෝටම මම මේ කියන්නෙ.... අර දවස මේ දවස වෙනකන් නවත්තන්න හිතන්න එපා... නවත්තන්න මේ දැන්...මේ දැන්මම... ඇදගෙන යන්න කොහොමහරි දවස් 45ක් එක දිගට....

    මුල් 15 හිතේ ගටට ඇදන් ගියාට ඉතුරු 30 තමයි අදින්න අමාරු... ඇග නිකොටින් ඉල්ලද්දී හරිම අමාරුයි.... ඒත් කොහොම හරි අදින්න... 45 පැන්න ගමන් වැඩේ ඉවරයි.... මම මිදුනෙමි කියන නිදහස් හැගීමනම් නවත්තපු එකෙක් ඇරෙන්න වෙන එකෙකුට ෆීල් වෙන්නෙ නෑ.....

    ReplyDelete
    Replies
    1. නියමයි ඇනෝ නියමාආආආයි!

      අලුත් ආඩම්බර තාත්තට මගේ ප්‍රණාමය. ජය වේවා. ආපහු හැරෙන්න හිතන්නවත් එපා. තව දුරටත් කිව්වොත්...

      සිගරට් සම්බන්ධ මතක වස්තු, ඒ කියන්නෙ ලයිටර්, ඈෂ්ට්‍රේ වගේ දේවලුත් ඉවත් කරන්න.
      තව, සිගරට් බොන්න ගිය තැන් වලට නොයා ඉන්න බලන්න තාවකාලිකව. උදාහරණ ගේ ලඟ කඩේ.
      අනික වැදගතම් දේ තමයි අර craving එක, ඒ කියන්නෙ ඇඟ නිකොටීන් ඉල්ලීම, ටික වෙලාවයි උත්සන්න වෙලා පවතින්නෙ. ටිකකින් ඒක අඩුවෙලා යනවා. ඒ වෙලාව පන්නගත්තාම ගොඩ. නමුත් ඒ වෙලාවට ඒක තේරෙන්නෙ නෑ.

      අන්තිම වාකයයට 100%ක් එකඟයි.

      Delete
  27. පොඩි එකා තමයි නියම වීරයා. තාත්තාව එක වාක්‍යයකින් දනගැස්සුවා !

    ReplyDelete
    Replies
    1. හරියටම හරි සරත්. ඒකම තමයි වුනේ.
      "I thought for a moment you smoked," කියන එක බොක්කටත් එහා වැදුනා.

      Delete
  28. නියම ලිපියක් ඩූඩ්.
    මොන ක්‍රමයකින් හරි ඔය වැඩේ නවත්තගත්ත එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ප්‍රසන්න.
      ඇත්තෙන්ම ඒක තමයි වෙන්න ඕනෙ.

      Delete
  29. ලියමන කෙටි කතාවක් වගේ ලස්සනයි ඩුඩ් අයියේ..මම ගොඩක් ආසාවෙන් කියෙව්වේ..කෙටි කතාවක් කියල මම හිතුවේ.

    මනුස්සයෙක්ට ඔනෙම දෙයක් නවත්තන්නත්, පටන් ගන්නත් පුළුවන් අධිෂ්ථානය තියනවනම්...මම ඉස්සෙල්ලම සිගරට් එකක් බිව්වේ මට විසි වෙනි උපන්දිනය ලබන දවසේ හරියටම රෑ දොළහ පහුවෙලා විනාඩි ගානකට පස්සේ....එත් පටන් ගත්ත දවසේ ඉඳන් උපරිම පහක් බීල ඇති, ඊට අමතරව සිරීපාදේ යනකොට මළුවට එකයි ඒවායින් දෙක තුනක්...පස්සේ මට හිතුනා මේක නවත්තන්න ඕනි කියලා.එදා නවත්තපු පාර අද වෙනකම් එකක්වත් බීලා නෑ.

    ReplyDelete
    Replies
    1. ජයවේවා පැතුම්. ඒක ඒ විදියටම තියාගන්න.

      බොහෝම ස්තුතියි පැතුම්.

      Delete
  30. අම්මලා තාත්තලාගේ ආදරේට ගොඩක් දේවල් කරන්න පුළුවන් කීවට දරුවන්ගේ ආදරේටත් ගොඩක දේවල්කරන්න පුළුවන් කියලා ඩූඩ්ගෙ පුතා ඔප්පු කරලා...

    සාමාන්‍ය තාත්තලාගෙන් වෙනස් විදිහට හිතලා හැඩ ගැහුනු ඩූඩ්ට සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. දරුවන්ගෙ ආදරෙත් දෙපාපියන්ගෙ ආදරේ වගේම බලවත්.
      බොහෝම ස්තුතියි රූ ඒ පැසසුමට.

      Delete
  31. අපෝ...මටත් පෙන්නන්නම බැරි දෙයක් තමයි සිගරට් බොන එක.... ඒ ගද මතක් වෙද්දීත් එපා වෙනවා. අපේ තාත්තා නම් සිගරට් බොන්නේ නැහැ. ඒත් අපේ පොඩි මාමා හරියට සිගරට් බොනවා. එයා අපේ ගෙදර ආපු වෙලාවට නම් මගෙන් හොදට අහ ගන්නවා. ඒ නිසා මට පේන්න බොන්නේ නැහැ. ඒත් ඉතිං වැඩක් නෑනේ. අනිත් වෙලාවට බොනවනේ. කිව්වට අහන්නේ නැහැ.

    ඩුඩ් ඕක නවත්තපු එක නම් ලොකුම දෙයක්.....

    ReplyDelete
    Replies
    1. සිද්දිය සම්පූර්නෙන්ම කියවද්දී නම් මචන් මාවත් අවුට් යනවා .
      තනිකර හිර වෙනවා .මම නම් සිගරට් බොන්නේ නැහැ .නමුත්
      ඉඳල හිටලා මට "එක අවස්ථාවක් එනවා ", ඒ වෙලාවට මම බොනවා
      unlimited.හැබැයි මේ අවස්තාව මන් O/L කරාට පස්සේ මේ වනතුරා
      ආවේ 6, 7 පාරයි .අපේ තාත්ත ඉස්සර මට අවුරුදු 4 වගේ වෙනකම්
      බිව්වා.ඊට පස්සේ මේ වනතුරු එයා බොනවා දැකල නැහැ .මේ ගත උන
      මුළු කාලෙටම එයා උනත් සිගරට් 5 වඩා අරන් නැතුව ඇති.
      මට සිගරට් බීම එපාම( superlative) උනේ දවසක් මන් දැක්ක ගොඩක් කෙට්ටු
      කෙනෙක් පට්ට අව්වේ දවල් දෙකට 2pm විතර සිගරට් එකක් බොනවා .මට එදා
      හිතුන ඇයි මේ කියල .

      කොහොමත් මන් අර කිව්වා විශේෂ හේතුව ඇර මට සිගරට් අරහන්.

      දැන් මාස 4 කට වගේ කලින් මන් සිගරට් එකක් ගත්ත අවුරුදු 2 වගේ පස්සේ .
      ඒක පත්තු කරන් කටට ගද්දිම මෙන්න එක පාරට වැස්සක් කඩන වැටිලා ඒක නිවුන:(
      කමක් නැහැ කියල මන් ආයේ ඒක කාමරෙන් තිබ්බා:)
      පස්සේ ඒක මතක් වෙලා බොන්න ගියාම මෙන්න ඒක පුස් කාල ..:D

      ඔන්න ඔහොමයි මගේ අවසාන සිගරට් එකට උනේ....

      Delete
    2. සිගරට් බීම නවත්තන එක පටන් ගන්නවා වගේ ලේසි වැඩක් නෙවෙයි සමනළී. ඒකයි ඔය ප්‍රශ්ණෙ. හොඳම, සාර්ථකම දේ අලුතෙන් පටන්ගන්න අයව වලක්වන එකයි.

      Delete
  32. සිද්දිය සම්පූර්නෙන්ම කියවද්දී නම් මචන් මාවත් අවුට් යනවා .
    තනිකර හිර වෙනවා .මම නම් සිගරට් බොන්නේ නැහැ .නමුත්
    ඉඳල හිටලා මට එක අවස්ථාවක් එනවා , ඒ වෙලාවට මම බොනවා
    unlimited.හැබැයි මේ අවස්තාව මන් OL කරාට පස්සේ මේ වනතුරා
    ආවේ 6, 7 පාරයි .අපේ තාත්ත ඉස්සර මට අවුරුදු 4 වගේ වෙනකම්
    බිව්වා.ඊට පස්සේ මේ වනතුරු එයා බොනවා දැකල නැහැ .මේ ගත උන
    මුළු කාලෙටම එයා උනත් සිගරට් 5 වඩා අරන් නැතුව ඇති.
    මට සිගරට් බීම එපාම( superlative) උනේ දවසක් මන් දැක්ක ගොඩක් කෙට්ටු
    කෙනෙක් පට්ට අව්වේ දවල් දෙකට විතර සිගරට් එකක් බොනවා .මට එදා
    හිතුන ඇයි මේ කියල .කොහොමත් මන් අර කිව්වා විශේෂ හේතුව ඇර මට
    සිගරට් අරහන්.

    දැන් මාස 4 කට වගේ කලින් මන් සිගරට් එකක් ගත්ත අවුරුදු 2 වගේ පස්සේ .
    ඒක පත්තු කරන් කටට ගද්දිම මෙන්න එක පාරට වැස්සක් කඩන වැටිලා ඒක නිවුන .
    කමක් නැහැ කියල මන් ආයේ ඒක කාමරෙන් තිබ්බා .පස්සේ ඒක මතක් වෙලා
    බොන්න ගියාම මෙන්න ඒක පුස් කාල ..:D

    ඔන්න ඔහොමයි මගේ අවසාන සිගරට් එකට උනේ....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් කෙට්‍ටුකෙනෙක් පට්ට දවාලෙ සිගරට් බොන්නෙ නිකොටීන් නිසා මිසක් සීතල නිසා නෙවෙයි සහන්.
      කොහොම හරි සයිලන්ට්සහන්ගේ අවසාන සිගරට් එක ඒකම වේවා කියා පතන්නම්.
      පටන් ගත්තා වගේ නෙවෙයි පුරුද්ද කඩන එක ලේසි නෑ.

      Delete
  33. ලිපිය කියෙව්වෙමි.. මට කියන්න ඇත්තේ මිතුරා කියු දේ පමණි. ඉන් ඔබ තෘප්තිමත්ද.... යන්න පමණයි...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මචං උඹ තාම සිගරට් බොන බවනේ.
      මම නම් සිගරට් වලින් මිදීම ගැන අප්‍රමාණව සතු‍ටු වෙනවා අදත්.
      ඇයි බං සිගරට් එකක් රුපියල් විසිපහක්ද කොහෙද නේ දැන්? :O

      Delete
  34. අපි ඉස්කෝලෙ යනකාලේ කුප්පියාවත්ත හන්දියෙ සාන්තසිරියේ වාඩිවෙලා ආශ්‍රය කරපු බ්‍රිස්ටල් එක දශක ගණනාවක්ම දුකට සැපට අපිත් එක්ක හිටියා. (මට මතක හැටියට උඹ බිව්වෙ ගොල්ඩ් ලීෆ් විතරයි). කසාද බැඳලා පැටව් ලැබිලා උන් නඩත්තුවට සල්ලි නැති උනහම තමයි මචං මම සිගරට් බීම නැවැත්තුවේ. මම ගණං හදලා බැලුවා දවසකට, මාසෙකට, අවුරුද්දකට, අවුරුදු දහයකට සිගරට්වලට කීයක් වැය වෙනවද කියලා. එතකොට ඒක එපා උනා. (අද මිල ගණන්වල හැටියට දවසකට සිගරට් දහයක් බොන එකෙක් අවුරුදු දහයකදි ඒකට රු. ලක්ෂ නමයක් වැය කරනවා, මිල වෙනස් නොවුනොත්)

    ReplyDelete
    Replies
    1. අන්න හරි මචං.
      ඔය මතක තියෙන්නෙ.
      අනික මේ ද්‍රරිද්‍රතාවයෙ පතුලෙ ඉන්න උන් සිගරට් එක නම් කොහොම හරි ගහනවා ලමයින්ට කන්න පාං රාත්තල ගන්න සල්ලි හරි වියදම් කරලා හරි. කුලී වැඩ කරන එකා දවසක් කට්ට කාලා හම්බ කරන එක සිගරට් වලටයි, කසියා වීදුරුවටයි වියදම් කරනවනෙ ඇ‍ඟේ අමාරුව යන්න කියලා

      Delete
  35. මන් මේ ලගදී ඇහුවා ලංකාවේ මුල් මාස තුනේ සිගරට් බිම අඩුවෙනවා ආයේ අන්තිම මාස වෙද්දී වැඩි වෙනවා කියලා ඒක ඇත්ත වෙන්න ඇති මොකෝ හැමෝම ජනවාරි පළවෙනිදා සිගරට් බිම නවත්තලා ආයේ මැදවෙද්දී ආයේ පටන් ගන්න නිසා.කොහොම හරි අවුරුදු 6කට කලින් සිද්ධ කල ඒ නුවණැති ක්‍රියාවට ජය වේවා....මං නම් උපන් දා ඉදන් සිගරට් බිලා නෑ .හැබැයි පොඩි කාලේ ආසාවට කඩදාසි කොළ පත්තු කරලා නම් බිලා තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. ඒකනම් පට්ට කතාව මඩයා.මරු සොයා ගැනීමක්! ඕක ඇත්ත වෙන්න හොඳටම ඉඩ තියෙනවා.
      ඇයි පාවට්ටා කොල?

      Delete
  36. මමත් දැන් නිදහස් මිනිහෙක් ....

    ReplyDelete
    Replies
    1. Born Free. Living Free.

      The Land of the Free.
      The Home of the Brave.

      Delete
  37. සම්පුර්ණ ගෞරවය පුතා සතුයි. මට සිගරට් එකක් බිවුවොත් ඇගට පුදුම අපහසුවක් ඇතිවෙනව. ඒක හින්ද සිගරට් බොන්නෙ නෑ. බොන උන් හදන්න මම කවදාවත් උත්සාහ කරන්නෙ නෑ , උන්ගෙ සිගරට් වල ෆිල්ටර් වලට හොරෙන් එයර් ෆ්රෙශ්නර් ගහන එකනම් පුරුදක් විදිහට කරනව.

    ReplyDelete
    Replies
    1. අනිවා, සම්පූර්ණ ගෞරවය පුතා සතුයි කම්මල.

      එයා ෆ්‍රෙෂ්නර් ගැහුවාමමොකද බං වෙන්නෙ?

      අපි ඉස්සර කට්ටකින් සිගරට් එක තැනින් තැන හිල් කරලා තියනවා. දුම් එන්නෙ නැතුවාම කුණුහරප ඉවරයි.

      Delete
  38. හ්ම්ම්ම් මාත් ජීවිතේටම ඇත්තම කියනවනම් විසි තිස් පාරක් විතර බීලා තියනවා. හැබැයි මීට අවුරුදු තුනකට විතර එහා පැත්තේ. මට ඔය කිව්වා වගේ කිසිම මෙව්වා එකක් දැනුනේ නෑ. මටම එපා වෙලා නවත්තලා දැම්මා. දැන් මටත් ඕකක් දැක්කත් අප්පිරියයි. ඒ ගදත් ඉවසන්න අමාරුයි. සිගරට් විතරක් නෙවෙයි. අනිත් බොන එව්වටත් ඒ සෙතේමයි උනේ..

    ReplyDelete
    Replies
    1. උඹ වාසනාවන්තයි. ඒ උඹ ඒ හැටි දුරක් නොගිය නිසයි. ඔහොමම යමු දිගටම.

      Delete
  39. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් මේ වීඩියෝ එක බලලා තියනවද? මේ ලිපියටත් ගොඩාක් සම්බන්ධවෙන දෙයක් තමා ඉදිරිපත් වෙන්නේ
      www.youtube.com/watch?v=CO0qwl5k9R4

      Delete
    2. නියමයි තොටියා. එහෙම කරන්න.
      හැබැයි ඔයා මේ දාලා තියෙන යූටියුබ් වීඩියෝ ලින්ක් එක යටින් වෙනම දාන්න. ඔයා උඩ කමෙන්ට් එක ඩිලීට් කලාම ඒකත් ඩිලීට් වෙන්න ඉඩ තියෙනවා ඒක ත්‍රෙඩ් එකක් නිසා. මොකද ඔයා ඒක දාලා තියෙන්නෙ ඔයාගෙම කමෙන්ට් එකට රිප්ලයි එකක් හැටියට.

      Delete
  40. මං මේ පෝස්ටුව කලින් කියවලා තියනවා ඩූඩ්....ඔබට ජයෙන් ජය..

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසියෙන්නෙ නලීන්. මේ ඉංග්‍රීසියට හොර සහ ඇලර්ජික් උන්ට විශේෂයෙන් පරිවර්තනය කල එකක්.
      නලීන්ටත් ජය.

      Delete
  41. ඔය ඇබ්බැහිවෙන කතාවනම් බොරු මං හිතන්නේ ,මං මේ වෙනකොට සිගරට් හැර ලංකාවේ තියෙන හැම මත්ද්‍රව්‍යයක්ම වගේ පාවිච්චිකරලා තියෙනවා (නරකම ඒවා පවා )අත්හදාබැලීමට .ඒත් මං ඒ එකකටවත් ඇබ්බැහිවුනේ නැහැනේ .සිගරට් නම් බිව්වේ නැත්තේ අපේ තාත්තා බොන නිසා

    ReplyDelete
    Replies
    1. ඇබ්බැහිය බොරුවක් නෙවෙයි හස ‍රැල්. ඒක යමක් පාවිච්චි කල කාලය, ප්‍රමාණය සහ එහි ප්‍රබලතාවය මත රඳා පවතිනවා. ඒ වුනත් ඔය හෙරොයින් වගේ දේවල් අත්හදාබලන්න යන එක නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ.

      Delete
  42. මේක කියෙව්වාම මතක් උනේ.. මම ජීවිතේට සිගරට් එකක් බීලා නෑනෙ.. අපේ සීයලා බිව්වට අපේ තාත්තලා, බාප්පලා මාමලා කවුරුත් බොන්නෙ නැති හින්දා වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. ජීවිතේට සිගරට් එකක් බීලා නැතිනම් ඔහොමම ඉන්න එකයි තියෙන්නෙ හරී. එක අතකට ඒක පින වෙන්න ඇති. :)

      Delete
  43. ජය වේවා ඩූඩ්!

    සිගරට් ගඳ කියන්නෙ මට උහුලන්නම අමාරු දෙයක්. මම සිගරට් අරක්කු පාවිච්චියක් නැති නිසා ඒවගෙං ‘ආතල්‘ එකක් ගන්න පුළුවන්ද බැරිද කියන්න දන්නෙ නෑ. ඒත් පිටින් බැලුවම මටනං පේන්නෙ සිගරට් අරක්කු බොන අය තමංගෙ දුර්වලකමක් වහගන්න බොරුවට රඟපානව කියල විතරයි.

    ReplyDelete
    Replies
    1. සමහර කමෙන්ට් වලට මට උත්තර දෙන්න අමාරු, ඒක මම සිගරට්, අරක්කු ප්‍රොමෝට් කරනවා වගේ පේන්න පුලුවන් නිසා. නමුත් සිගරට් අරක්කු වලින් ආතල් එකක් ලැබෙන්නෙ නෑ කිව්වොත් ඒක බොරුවක්. නමුත් ඒ වෙනුවෙන් ගෙවන්න වෙන වන්දිය ජීවිතය වෙන්න පුලුවන්.
      අන්තිම කාරණාව ඔය සිගරට් විරෝධී සංවිධාන පවා අනාගත්ත එකක් නිසා මම මොකුත් නොකියා ඉන්නම්.

      Delete
  44. You are a really loving father.I am impressed of your determination.(is it of or with?)You describe the incident like a short story.My husband never smokes so I am free from that foul smell.

    ReplyDelete
    Replies
    1. Thanks Blue Lotus. It's 'by' I guess though I wasn't trying to impress anyone 'with' it. :D

      Sometimes they are stranger than fiction, yeah. And you are lucky to have a non smoking partner.

      Delete
  45. ඇත්තටම මම සිගරට් බොනවා. මාසෙකට සිගරට් එකක් විතර. විශ්වාස කරන එකක් නැහැ. කිසිම ඇබ්බැහි වීමක් නැහැ. සමහර විට මාසෙකට එකක් බොන එකකුත් නැහැ.

    බොරු නේද බං ඇබ්බැහි වෙනව කියන්නේ. හිත හයිය නම් නවත්තන්න බැරි කමක් නැහැ.

    මේ උබේ ලිපියට මම දාපු පිලිතුර. උබට මිස් වෙලා මම හිතන්නේ..
    http://www.samindikasrimantha.blogspot.com/2012/12/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. සෑම ඔක්කොටම ඉස්සෙල්ලා මට සමා වෙයන් මේ පෝස්ට් එක උඹ කියන කල්ම දැක්කෙ නැතුවට, මේක මම මග බලාගෙන හිටපු පෝස්ට් එකක්. මිස් වෙන්න හේතුව උඹ දන්නවනෙ. නිවාඩු කාලෙ නොහිතපු විදියට කලබලකාරී වැඩ අධික කාලයක් වීම.

      හරි. ඉස්සෙල්ලම දෙසීයට බොක්කෙන්ම සුබ පැතුම්. දෙසීය වෙනි පෝස්ට් එක මේ ගැන වීම මට ඊටත් වැඩිය සතුටක් බං.

      එතකොට මම බය වුනු විදියටම ඒ සුවිශේෂී පුද්ගලයා ජීවතුන් අතර නෑ? අපරාදෙ. උඹ ජැනට් සහ රවීට පෙන්නුවෙ නැද්ද මේ අපි දෙන්නගෙ පෝස්ට් දෙක? එහෙම කලොත් ඒ දෙන්නටවත් සතුටක් දැනෙයි, යමෙක් කල යම් හොඳ වැඩක් කවුරුහරි අගය කරනවා දැකලා. අනේ ඒක නොවරදවාම කරපං සෑමො. හරි ආසයි එයාලගෙ ප්‍රතික්‍රියාව දැනගන්න.

      උඹට බොහෝම ස්තුතියි මේ පෝස්ට් එකට සෑමො.

      Delete
  46. හුග දවසකට කලින් මං ඒ ඉංගිරිසි එක කියෙව්වා.. ඒ වගේ තමා හෙන්රියාවර්තනයත් සුපිරියට තියෙනවා. මේක impressive story එකක්. කරුමෙට ඩුඩෙ මගේ කොල්ලට මම තාම මාට්ටු වෙලා නෑනේ බං..

    ReplyDelete
    Replies
    1. hey dude, have you invented a word "simulblogged"??? Yet another word that I never heard.. Thanks

      Delete
    2. උඹව නුදුරු අනාගතයේදීම උඹේ කොල්ලට අතේ කෝට් වේවා යනු මගේ අවංක ආදර පැතුමයි.

      About simulblogging: Actually dude I had never heard such a word. When I was writing the same story for HeyDude and මට හිතෙන හැටි in English and Sinhala, I invented this word and used it proudly. Some time later I wanted to check if it was already used by someone. Truly enough in no dictionary I could find it. But when I Googled that I saw some dude had already used it before me. So I accepted the defeat. Thanks for asking.

      Delete
  47. අපේ තාත්තත් සිගරට් බොන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකටත් එක්ක පුතා. බැරල් එකක් කපන්න ගියත් වැඩේ දෙනවා හික්..

      Delete
    2. @රාජ්: අපි පුතා ගැන කතා නොකර ඉමු.

      @දේශකයා: මොනාද බං බාගෙට කතාව කියලා අපේ කුතුහලය අවුස්සන්නෙ?

      Delete
    3. ඔය ගැන රාජ්ගේ කතාවක් තිබුනා හොයාගන්න බෑ ඩුඩේ. මේකගෙන්ම අහල බලමු..

      Delete
    4. http://raj1st.blogspot.com/2012/09/blog-post_5.html ෙම්ක වෙන්ටෑති :)

      Delete
  48. නියම තාත්තෙක් . අපේ තාත්ත සිගරට් බීවා . නවත්වන්න බැරි වුනා . අකාලයේ ලෙඩ වී මිය ගියා . මේ කතාව දුක වුනත් මා ඉඩක් ලද තැන කියුවාට තාත්තා මා එක්ක අමනාප වෙන එකක් නැහැ . මොකද මේ ලෝකේ මන් අකමැතිම දෙයක් , තාත්ත මන් කි දේ ඇහුවේ නැති නිසා එක්කෙනෙක් හරි වලක්වන්න පුළුවන් නම් මේ කතාව සිය පාරක් වුනත් කියනව .

    ඕනෑම තැනක ඕනෑම රටක මා ළඟ කෙනෙක් දුම් පානය කලොත් අනිවාර්යයෙන් එයාට එක්කෝ ඈතට යන්න වෙනවා . එක්කෝ නිවා ගන්න වෙනවා . මොකද මා කෙලින්ම කියන නිසා . තරහින් නෙමේ හොඳින් .

    ReplyDelete
    Replies
    1. සමහර විට අපිට අවශ්‍ය හැමදේම ලබාගන්න බෑ බින්දි. ඇබ්බැහිය ඔක්කොටම වඩා ලොකු වෙන්න පුලුවන්. හරිම කණගා‍ටුයි තාත්තා ගැන.

      ඔව්. ඒක අපේ අයිතියක්. නමුත් සමහරවිට අනවශ්‍ය කරදර ඇතිවෙයි කියලා හිතලා අපි සද්ද නැතුව ඉන්න වෙලාවල් තියෙනවා.

      Delete
  49. මාත් අටේ පන්තියෙ ඉඳල අවුරුදු විසි හත වෙනකල්ම සිගරට් බිව්ව. ඒත් එක දවසක් හිතුන නවත්තන්න. නැවැත්තුව, එච්චරයි. පහුගිය අවුරුදු එකොළහට වෙලා තියෙන දේ තමයි උඹට වගේම සිගරට් බොන එකෙක් ගාව ඉන්න බැරි වෙන තරන් ඒක අපුල වෙන එක. සිගරට් බොන එක නවත්තන්න හිතුන මොහොතෙම නවත්තල, ඒ එක්කම ඒකට යා වෙච්චි අනික්වත් නවත්තන්න ඕන. මම කරේ නිතර සිගරට් එක්ක ප්ලේන්ටි බීපු එක. සිගරට් එක්ක ප්ලේන්ටි බොන එකත් නැවැත්තුව. ඉන් පස්සෙ සිගරට් බොන්න සෙට් උන යාළුවො නිතර හම්බු නොවෙන්න ජොබ් එක මාරු කලා. කෙල්ලෙක් හොයා ගත්ත ( එකෙක්ම නෙමෙයි ). බයික් එකක් ගත්ත. ටී වී එකකුයි හෝම් තියටර් එකකුයි ගෙනත් කාමරේ සෙට් කර ගත්ත, කම්මැලි හැම වෙලාවෙම හොඳ මූවි බලන්න. බීම මාස කීපෙකට අතෑරිය. ට්‍රිප් යාම නැවැත්තුව. මේ වගේ එන්න එන්න සිගරට් මතක් වෙනකොට අමත වෙන්න නොයෙක් දේ කලා. අන්තිමට කසාදයක් බැන්ද, රට ගියා. අඩේ තීන්දුයි, නිවාරණයි. කොටිම්ම ඉස්සර දව්සට සිගරට් විස්සක් විතර බීපු මම දැන් එකක් බොන්නෙ නෑ වගේම තමයි සතියකට දවස් තුනක්වත් බීපු මිනිහගෙ ගෙදර දාසය අවුරුද්දක් සහ දාහතර අවුරුද්දක් පරණ බෝටල් තියෙනව. ඉඳ හිට සවුදි ඉඳල එන එකෙට බොන්න ගේන බියර් බියර් ඉතුරුවෙලා කල් පැනල විසි කරනව.

    සිගරට් බොන උන් ගැන පට්ට දුකයි. මෝඩ කමට බෙහෙතක් කියලනෙ හිතන් ඉන්නෙ. මොනා කරන්නද.

    හිතුවොත් ඕන නරක පුරුද්දක් වෙනස් කරගතෑකි මචං.

    ඔහොම යමන්, ජය වේව!

    ReplyDelete
    Replies
    1. හරියට හරි මචං. ඔය මතක් වස්තු ගැන මමත් අන්න උඩ ඇනෝට කිව්වා ඔයිට සමාන දෙයක්. උඹ කරපු දේනම් නියමයි. මම ඇත්තෙන්ම අගය කරනවා. අපි වගේ උන්ගෙ අත්දැකීම් තමයි ඔය දුම් විරෝධී සංවිදාන ඇත්තෙන්ම පාවිච්චි කරන්න ඕනෙ. නැතුව මේ අභව්‍ය, හිනායන, පොඩි එකෙක්වත් විශ්වාස නොකරන දැන්වීම් නෙවෙයි.

      උඹටත් ජයම වේවා.

      Delete
  50. ඩුඩ් මේක දැක්කද දන්නේ නෑ http://youtu.be/CO0qwl5k9R4

    ReplyDelete
    Replies
    1. මම ට්‍රයි කලා බලන්න. කෝ මේ යූ ටියුබ් එකක්වත් ලෝඩ් වෙන්නෙ නැති අවුලක් තියෙනවා මේ මෑතක ඉඳලා. මගෙම කනෙක්ෂන් එක.
      ස්තුතියි ජාලිය. ආයෙ ට්‍රයි කරන්නම්.

      Delete
  51. චුටී පැටියා හුගාක් පිං ඔයාට මෙ පුරුද්දෙන් මිදෙන්න උදව්වුන එකට.
    ඒ වගෙම ඔයාගේ දැඩි අධිෂ්ඨානය නිසා තමයි අද ඔයාට ඒ පුරුද්දෙන් මිදිලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. :D

    ReplyDelete
  52. Hat off ඩූඩ් අයියේ... "දුම් බොන්නෙක් ලඟ ඉඳිද්දී මගේ හුස්ම හිරවෙන ගතියක් දැනෙන්නෙ." මටත් එහෙමයි අයියේ.. හැබැයි මොකා උනත් මම අහනවා සිගරට් එකක් බීලද අවේ කියලා..

    ReplyDelete
  53. ඇබ්බැහිය නම් මහා ඇමතු දෙයක් හෙන්රි අයියේ, අපි හැමෝම එක එක දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. මේ දවස්වල මගේ ලොකුම ඇබ්බැහිය බ්ලොග්. වෙන වැඩක් ඇත්තෙම නෑ.

    ඔයාගේ කොලු පැංචා හින්දා ඔයාට ඒ වගේ තීරණයක් ගන්න පුළුවන් වෙච්ච එකට/ ඔයාගේ දැඩි අධිෂ්ඨානයට ඔයාට මගෙන් ආචාරය!

    ReplyDelete
    Replies
    1. මන් මුලින්ම සිගරට් එකක් බිව්වේ අට වසරේදී. මාස හයක් විතර නන්ස්ටොප් අද්දා. (ගෙදරට හොරෙන්) අන්තිමේදී ඉස්කෝලත් මාරු උණා. දැන්නම් අවුරුද්දකට එකක් දෙකක් විතර.

      කොච්චර බිව්වත් හොඳටම වදින්න සිගරට් දෙකයි බීලා තියෙන්නේ. දෙවෙනි එක මීට මාස 8-10කට විතර කලින්. කි.මී.60-70ක් විතර ඈතින් මං අර මුලින් කියපු ඉස්කෝලේ තියෙන නගරේ පැත්තේ රවුමක් ගියා. (රාජකාරි වැඩකට)උදේ 5ට විතර ගිහිං දවසම ඇදලා හවස පහට විතර ඒ හරියෙන් ආවේ. පරණ ඉස්කෝලේ පැත්තේ ගියා. ඒ අස්සේ පරණ ලවත් මතක් වෙලා ඒ පැත්තෙත් ගියා. හිත පුදුම විදියට හිස් වෙලා තිබුණේ. සාන්කාවට. මහන්සියත් ඒ වගේම.
      එනගමන් මග ගඟක් අයිනේ පොඩි කඩේකින් කට දන්න ලුනුමිරිසක් එක්ක ආප්පයක් කාලා වැඩි සීනි ප්ලේන්ටියක් බීලා සිගරට් එකක් ගැහුවා. (කඩේකදී සිගා එකක් ගහපු එකම අවස්තාව) ඔක්කොටම පැය බාගයක් විතර ගියා. පස්සේ පුටුවෙන් නැගිටින්න බෑ මත් වෙලා.

      ආයේ ඒ ෆීලින් එක ආපු දවසට තමයි ඊළඟ එක.

      ඇබ්බැහිය නම් බොරු.

      Delete
    2. අඩේ අර නෙස්ටා.. මොකක්ද එක ගැනද මන් මේ කිව්වේ... :D

      Delete
  54. මගෙත් යම් ප්‍රගතියක් තියෙනවා රාජගේ චැලේන්ජ් එකට පින්සිද්ද වෙන්න. නමුත් දැන්මම මම උද්දාම වෙන්න යන්නේ නැහැ මොකද ඩුඩ් අයියත් ඊට කලින් අවුරුද්දක් නවත්වල ඉඳලත් ආයේ පටන් අරගෙන තියෙන්නේ.
    කෝරලේ වලව්ව

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>