Thursday, January 10, 2013

34. සහාය ගැල් කරුවාට යාලු කම පරදුවට තබා මලෙන් ලියමි

ඔබ සමහරෙකුගේ යෝජනා සලකා බලා මෙම ලිපිය ඉවත් කරන ලදි.
එහෙත්…
මෙම ලිපිය ලිවීමේදී සිද්ධිය මිස අනන්‍යතාවය හෙලි වෙන අයුරුන් කටයුතු නොකලෙමි.
අනික, මේ සිද්ධියේදී මතුකලේ, පෙමින් වෙලී සිටියදී නිරතුරුව අනෙකා ගැන තොරතුරු සොයාබලන පෙම්වතුන්, පසු කලකදී සම්පූර්ණ වටයක් ආපසු හැරී එකිනෙකා නොසලකා හරින කාලකන්නි ක්‍රමය ගැනයි.

මෙය මොවුන් දෙදෙනාට පමනක් පොදුවූ දෙයක් නොව සමාජයේ සුලභව දැකිය හැකි දෙයක් නිසා යම් අයෙකුගේ ඇස් ඇරවීම පිණිස මෙම ලිපිය ඉවහල් වේ යයි උදක් සිතුවෙමි.


P.S.:
මම යටින්ම දාපු කමෙන්‍ටුවත් මෙතනට ගැලපේවි කියලා හිතෙනවා.


ඔන්න අයින් කලා.
මේ මටත් මගේ වැඩක් බලාගෙන, මගේ දේ හරි නිසා අනිත් උන්ට ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා ඇස් පියාගෙන ඉන්න බැරි කමට ලියවෙච්ච ලිපියක්.

කාගෙවත් පෞද්ගලික ප්‍රශ්ණ පැත්තකින් තිබ්බොත්, එදා අතින් අල්ලාගෙන ආරක්ෂා කරපු පෙම්වතිය, අද කෑවද, බිව්වද, ගෙදර ගියාද, නැතිනම් කොහෙවත් මරලා දාලාද, කියලා හොයන්න වත් උවමනාවක් නැතිවීම ගැන ඇතිවෙච්ච කලකිරීමක් විතරයි මෙතන නිමිති කරගත්තෙ.

ඒ වගෙම යම් විදිය‌කට අර අන්තිමට කිව්වා වගෙ සමූහ දූෂනයකට ලක්වෙලා මරලා දාලා තියෙන ගෑනියෙක්ව දැක්කාම හනේ හපොයි කියනවට වඩා එවැනි දෙයක් වලක්වාගන්න පොඩි හරි දෙයක් මට හැකි හැටියට කරන්න මට හිතුනා.

ඉඳගෙන සාකච්ඡා කරන්න අනිත් උන් ගත්ත උත්සාහ අසාර්ථක වෙච්ච බව මම මේ ලිපියෙම සඳහන් කරලා තිබුනා.

‘ලු’ ප්‍රත්‍යයෙන් යොදන්න වෙන පසුබිම් කරුණු මම ලියුවේ නැහැ.

මේ සම්බන්ධයෙන් ‘මල පැනීම’ ගැනවත්, බ්ලොග් පෝස්ට් එකක් ලිවීම ගැනවත් මම පසු තැවිලි වෙන්නෙ නැත්තෙ, තවමත් අනිකා ගැන පොඩ්ඩක් හෝ සංවේදී වීමේ ගතිය බින්දුවක් හෝ මා තුල ඉතිරිවී ඇති නිසා වෙන්න ඇති කියලා හීනියට ආඩම්බර වෙන නිසයි.

පෙම්බස් දොඩන සිප වැලඳ ගන්න පෙම්වතුන් යුවලක් දැක්කාම සමහරුන්ට ආසාත්මික ගතියක් දැනුනත්, මට නම් ඇති වෙන්නෙ සතුටක්. ඒත් අද අත්වැල් අල්ලාගෙන, යන එන පෙම්වතුන්ගෙන් වැඩි හරිය හෙට මේ වගෙ වේවි කියලා හිතෙන කොට ඇතිවෙන්නෙ දුකක්.

ඩූඩ් කියන එකා ඒ ටික විතරක් කිව්වා කියලා මතක් තිබුනොත් ඇති.

48 comments:

  1. අනේ මන්ද හෙන්රි අයියා, මේකට නම් මට මොකුත් කියන්න හිතෙන්නෙ නෑ. ඒත් ජීවිත මෙහෙම වෙනස් වෙනව කියල අහන කොටත් හිත කීරි ගැහෙනව. සතුටෙන් තෘප්තිමත්ව ගත කරන්න පුළුවන් මිහිර විඳින්න පුළුවන් ගෙදර ජීවිතය කළකිරීමෙන් නුරුස්නා හැඟීමෙන් වදකාරී හැඟීමකින් විඳවන්න වෙන තැනට පත්කරගන්න එක මහා කාලකණ්නි කමක් කියල මට හිතෙනව. ඒකෙන් දෙන්නටම වෙන හොඳක් නෑ. දරුවන් කොයිතරම් විඳවනවද ඔහොම සිද්ධි නිසා. අනෙක සමාජය ඉදිරියෙ ඔවුන් පත්වෙන අපහසුතාවය. මේව සාකච්ඡාකරල විසඳ ගැනීමෙ හැකියාව තිබෙන්නෙත් ඔවුන්ටම පමණයි. කොහොමටත් ළිඳේ වැටිච්ච මිනිහ ගොඩට එන්න ඕනත් ළිං කටින්මලුනේ.

    මොනව කරන්නද, ලබා උපන් හැටි තමා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඩීඩීටී
      අනේ මන්දා... මේ ටිකේම හැමෝම අප්සට් එකෙන් මාත් අප්සට් එකෙන්..
      ජය වේවා!!!
      සිනා බෝ වේවා!!!

      Delete
  2. කලකදි රසලු කලකදි වහ වෙනවාලු...

    සමහර මිනිස්සු ඉන්නවා හිතාමතාඅම තමන්ගේ යුතුකම් පැහැර හරිනවා...දෙවෙනි පාර්ෂවය ගැන බිංදුවක්වත් තකන්නෙ නැතුව. පවුල් ජීවිතයක සොඳුරු බව තියෙන්නෙ මුලදි විතරමද කියලා හිතුන ගමන් ආයෙම ඩූඩ් ගෙයි දීපා අක්කගෙයි පවුල් ජීවිතය ගැන කියෙව්වම හිතුනා ඒක එහෙම නෙමේ කියලා..බලාගෙන ගියාම පවුල් ජීවිතයක් කියන්නෙ සංකීර්ණම සංකීර්ණ දෙයක්..

    ReplyDelete
  3. ම.හි.හැ. එකේ කමෙන්ට් එකක් දැම්මා. ඒ ඇතිනේ.

    ලාලනීගේ පවුලට නැවතත් කිරි ඉතිරේවා!

    ReplyDelete
  4. මේ කතාව කියෙව්වාම මොනවා ලියන්නද හිතාගන්න බැරිවුණා... හෆොයි මේ තරම් හොඳට හිටපු දෙන්නෙක්ට ඔයවගේ ඉරණමක් ඇති වෙන එක නම් කණගාටුවට කරුණක්.. මේකේ අභ්‍යන්තරය අපි දන්නේ නෑ.. ඒත් ඒක දෙන්නට කතා කරලා විසඳගන්න බැරි තරම් ලොකු දෙයක්ද? මොනවා වුනත් සැමියාගෙන් මේ වගේ සැලකිලි ලැබිලත් හොඳම යාලුවෝ වෙන ඩූඩ්ල ඉදිරියේ පවා ඔහු ගැන වචනයකින්වත් නොබැන සිටි ලාලනීගේ ඒ ගතිගුණය අගයන්න ඕන... ගැටළුව පවුල් අවුල් නොවෙන යහපත් ආකාරයකට විසඳෙන්න කියා පතනවා...
    ආ. ඩූඩ්ඩුත් පේරා කැම්පස් බුවෙක්ද?.. පින්තූර ටික දැක්කාම ආයෙමත් පේරාදෙණි ගියා වගේ.. කෝච්ව්යෙන් බැහැලා අර ෆ්ලැට්ෆෝම් එකින් පැනලා රේල්පාරේ දිගේ ගිහින් පාලමින් එගොඩ වෙලා කීපාරක් යන්න ඇතිද? පැණිදෙනිය කිව්වාම මතක්වුනේ සුප්‍රසිද්ධ බත් අක්කාව.. චිකන් කෑම එකම රු 50ක් වත් වුනේ නෑ. දැන් නම් උද්ධමය නිසා බත් ගෙදර තවම තියනවද දන්නෙත්නෑ. තිබුණත් කෑම එක කීයද දන්නෙත්නෑ..

    ReplyDelete
  5. කියවලා ගොඩක්ම දුක හිතුන කතාවක් ඩුඩ්.....මමත් මේ දෙන්නව දන්නවනේ...හරිම දුකයි....ගොඩක් දුකෙන් ලියල තියෙන්නෙ කියල කියවද්දිම තේරෙනවා...

    මේක කියවල ඒ අන්කල් හැදුනොත් හොදයි....මම හැමදාම කියන දේ අදත් කියනව...ඩුඩ් වගේ මහත්තයෙක් ලබන්න අම්මත්...අම්ම වගේ නෝනා කෙනෙක් ලබන්න ඩුඩුත් ගොඩක් වාසනාවන්තයි...

    දුක් වෙන්න එපා හැමදේම හරියයි.....ඒ අන්කල්ටම තේරේවි

    ReplyDelete
  6. මේක කියවල මං ටිකක් වෙලා කල්පනා කළා. දුක් සීන් එකක් නේ. සමහර මිනිස්සු ඉන්නවා ඔහොම ක්ෂණිකව වෙනස් වෙන.. ඒත් තමන්ගේ ජීවිතෙන් බාගයකට මෙහෙම නොසලකා හරිනවා කියන එක නම් හරිම කණගාටුදායකයි. කතා කරන්න පුළුවන් එකම සත්ත්වයා වෙලත් මිනිස්සුන්ට/සමීපතමයින්ට ප්‍රශ්න කතා කරලා විසඳ ගන්න බැරි ඇයි කියල හිතෙනවා. "දුවන මුවන් දැක නොදමන් නෙලූ පලා" කියන්නේ නිකන් යැ.
    සියල්ල හොඳින් විසඳේවා කියල පතමු..!

    ReplyDelete
  7. මචන් හෙන්රි පොර "පිවිතුරු සමාජයක්" හදන්න වෙහෙසෙන කෙනෙක්ද? මේක මා නිතර දකින දෙයක්. පවුද්ගලික ජිවිතයේ අර පිවිතුරු සත්ත්වයා පලා යනවා. අප කිසි කෙනෙක් පරමාදර්ශී නැහැ කියන්නා වගේම. ඕනේ කෙනෙකුට ප්‍රශ්න තියෙන්න පුළුවන්. විශේෂයෙන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් ජිවිතයට හවුල් නම්. ඔබ මේක ලියුවා කියා එයා හැදෙන්නේ නැති බව මට විශ්වාසයි.

    ReplyDelete
  8. //If one man called you a donkey
    pay him no mind
    if two men called you a donkey
    buy yourself a saddle.//

    මේකෙන් ඔයා යාලුවට දෙන්ට ඕනි පණිවිඩේ දීලා කියලයි මට හිතෙන්නේ.

    හැබැයි මට නම් විශ්වාසයි ඔයා මොනා කීවත් එයා හැදෙන්නේ නැතිබව. ඔච්චර ආදරෙන් හිටපු තමන්ගේ වයිෆ් අමතක කරපු කෙනෙක් යාලුවෙක් කියන එකක් ගනන් ගනීද?

    ඉතින් එයා ඔයාට මොනවත්ම කීවේ නැද්ද?

    ReplyDelete
  9. පවුලක ප්‍රශ්න කොහොමද බං ඔච්චර පොඩි දේවල් වලින් තීරණය කරන්නේ... ප්‍රශ්නයක් නෑ කියලා කියනවා නෙමෙයි.. ඒත් ඇතුලේ තියන ප්‍රශ්නය බොහොම සංකීර්ණ එකක් වෙන්න පුළුවන් නේද? මම නං හිතන්නේ උඹ යාලුවට කෙලින්ම කතා කලා නම් හොඳයි...

    උඹලගේ ඉතිහාසය... ගතිගුණ, හුරුපුරුදු නොදන්න අපි ඉස්සරහ මේක කියලා, අපි පොඩි කොණක් දැකලා දාන කොමෙන්ට් එක සාධාරණ නැහැ කියලා මට හිතෙන්නේ... මගේ යාලුවෙක් මගේ වැරැද්දක් මූණට කියලා බනින එක මට ඉවසන්න පුළුවන්.. හැබැයි ඌ මේ වගේ වැඩක් කලා නම් මට ඉවසන්න අමාරු වෙයි.

    උඹට මල පැනලා හිටියා නම් අනිවාර්යයෙන්ම නෝනාට මේක පෙන්නන්න තිබ්බා... අපි මල පැනපු වෙලාවට කරන දේවල් සමහර විට කාටවත් ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ... තියන තත්වේ තවත් අවුල් වෙනවා මිස...

    උඹට හිතෙනවා නම් මේ කොමෙන්ට් එක උඹේ යාලුවා දකින එක හරි නැහැ කියලා, නොදා ඉඳපන්... මගේ කිසීම අවුලක් නෑ... after all, it's about you and your friend... not me...

    ReplyDelete
    Replies
    1. තිසර එක්ක සීයට සීයක් එකඟයි. මම හෙන්රි අයියගෙ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකේ මේ ලිපියට ලියූ දේම නැවත මෙතන ලියන්නම්. අකමැති නම් ඉවත් කළාට කිසිම අවුලක් නෑ..

      /හ්ම්!!!
      ඉස්සෙල්ලම හිතුණෙ වෙනද වගේ කමෙන්ට් නොකර යන්ඩ.. ඇත්තටම අයියෙ එහෙම ගිහින් ආයෙත් හැරිල ආවෙ…
      මං කැමති නෑ මේ ලියල තියෙන දේ ගැන යමක් කියන්ඩ… ඔයා මේ ලියල තියෙන දේවල් විතරයි අපි මේ දෙන්න ගැන දන්නෙ… අනික ඔයා දන්නෙ අතීතයේ හිටපු හොඳම යාලුවො දෙන්නව…එයාලගෙ ජීවිත කොහොම ගලා ගියාද?? කියල මේ කියවන අපි දන්නෙ නෑ…
      ඒ දෙන්නගෙ අතරේ ඇත්තටම තියෙන දුරස්වීම මොකද්ද කියල අපි කවුරුත් දන්නෙ නෑ.. දන්නෙ ඔයා මේ ලියන සිද්ධිය සහ ඔයා කියන දේවල් විතරයි…
      ඒ නිසා තුන්වන පාර්ශවයක් විදියට මං ඒ දිහා බලනව විතරයි
      අන්න ඒ හන්ද මම මේ දෙන්න ගැන මොනවත් තීන්දු දෙන්ඩ යන්නෙ නෑ..

      ඔයා මේක ලියපු එක වැරදියි කියල කියන්ඩ එහෙම නෙවෙයි මං යන්නෙ..
      මේ දෙන්නගෙ හොඳම යාලුවෙක් විදියට, මට දැනිල තියෙන විදියට මොන දේකදිත් තමන්ගෙ පවුලට මුල්තැන දෙන කෙනෙක් හැටියට ඔයාට ඔයා ඉස්සරහ වෙච්ච ඒ නොසැලකිලිමත්කම සහ ඔයා ඒ මනුස්සය ගැන අහල තිබුණ කාරණා ඔප්පුවෙන විදියෙ දේවල් වුණාම ඒ ගැන තරහ එන්ඩ ඇති..
      ඒක හරි…සාධාරණයි
      ඒත් මට හිතෙනව ඔයා මේක ඉස්සෙල්ල එයාට පෞද්ගලිකව ඊමේල් කරන්ඩ තිබුණ කියල.. බ්ලොග් එකේ දාන්ඩ කලින්!!
      හොඳම යාලුවෙක් විදියට ඔයාට ඒ පියවර මේකට කලින් අරගන්ඩ තිබුණ කියල මට හිතෙනව…
      මේක කිසිසේත්ම ඒ මනුස්සයට පක්ෂපාතව කියන දෙයක් හෝ ඒ මනුස්සය කරල තියෙන, කරන කිසිම දෙයක් සාධාරණීකරණය කරන්ඩ ලියන දෙයක් නෙවෙයි…
      මේක බ්ලොග් ලෝකෙ මට ඉන්න සීමිත හිතවතුන්ගෙන් කෙනෙක් වෙච්ච ඔයාට බොහොම ගෞරවයෙන් කියන මගේ අදහස පමණයි../

      ඊට අමතරව තිසර කියන්නා වාගේ මේක දීප අක්කට පෙන්නල පල කරන එක තීරණය කළා නං හොඳයි කියල හිතිලත් ලිව්වෙ නෑ...

      Delete
  10. මිනිහා වෙනුවෙන් මෙච්චර වචන නාස්ති කරපු එක අපරාධයක්. කමකට නැති එකෙක්.

    ReplyDelete
  11. දීල තියෙන කරුණුවලින් නම් හිතා ගන්න අමාරුයි ඔය තත්වෙට හේතුව මනුස්සයගෙ වරදයි කියලා. ටිකක් ගොබිලාගෙ සාමාන්‍ය ගති පැවතුම් ගැන කිවුවා නම් අපිට හිතා ගන්න තිබුණ. ඒත් හෙන්රි ඉතින් එයා ගැන දන්න නිසාත් හෙන්රිගේ නිගමනයට හේතුවෙන සාධක ගොඩක් ඇති කියලා හිතන නිසාත් මේ යකා කො‍ටු පනින ගමන් තමුන්ගේ බිරිඳ මේ විදිහට නොසලකා හරිනවා නම් ඌ අර කියපු විදිහට සෑදලයක් දාන්න වටින එකෙක්.

    අනිත් පැත්තට දෙන්න දෙමාල්ලෝ අතරේ අපි නොදන්න ප්‍රශ්න නිසා විරසක වෙලා මේ විදිහට කරුණු සිද්ද වෙනවා නම් ඒක වෙනම කතාවක්.

    මං දන්න විදිහට සමහර වෙලාවට මෙවුවා සිද්ද වෙන්නෙ දෙන්නාගෙම වරදින් නෙවෙයි.. එහෙම නැත්නම් දෙන්නාගේම වරදින්..

    අන්න අර දකින දකින ගෑනු පස්සෙ වැටිලා තමුන් ගත්ත ගෑනි තුට්‍ටුවට දාන එකා නම තිරිසනා. ඕං කිවුවා.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා වක්‍රාකාරව කියන්න තතනන්නේ කොටුවක් දෙකක් පැන්නත් කමක් නෑ ගෑනිටත් හරියට සලකනවනම් කියලාද?

      Delete
    2. නෑ නෑ දරුවෝ.. කොටු පැනිල්ල කොහොමටත් තුන්වෙනි සිල්පදේ කැඩීල්ලනේ .එක සපුරා වැරදියි .. හැබැයි පවුලක ඔහොම තත්වයක් එන්න වෙනත් හේතු ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් අපි කෙලින්ම හිතුවොත් මේ යකා කොටු පනිනවා ඇති ඒකයි ගෑනිට නොසලකන්නේ කියලා එක හරි නිගමනයක් නෙවෙයි.. (හැබැයි හෙන්රිට එහම හිතන්න හේතු ඇති )පසෙක ඉඳගෙන කරුණු නොදැන අපිට තීන්දුවලට එන්න බැහැ.. එහෙම හේතු කිසිවක් නැතුව දුරාචාරයේ යන එක හින්දා අර විධිහට වෙනවා නම් සාදලයක් දාන්න ඕනේ කියලයි මන් කියන්නේ. නිකමට හිතන්න අපි නොදන්නා පැත්ත බැලුවොත් කාන්තාව එහම දෙයක් කරනවා වෙන්නත් පුළුවන් නේද? මගේ තර්කෙ කරුණු ඔක්කොම නොදැන නඩු විසඳන්න එපා කියලයි.. මේක ලොකු පොස්ට් එකක් ලියන්න ඕන එකක දරුවෝ..

      Delete
  12. මට නං හැන්රියෝ. රුහුණු පුත්තරයා ගැන වත් ලාලණි ගැනවත් වෙනසක් දැනෙන්නේ නෑ. මොකද ඒවා සමාජයේ සම්මත වෙච්චි ශෛලීන්.. වරද තියන දේ හිතට ආවට එතැනයි වරද කියල හිතන එක අවුලක්. ඒක පැත්තක තියමු. මට ආඩම්බර උඹල ගැනයි ඩුඩෙ. ජය

    ReplyDelete
  13. මේ ලිපිය දැක්කමවත් මිනිහ මොනවහරි තේරුම්ගනී කියල හිතනව.

    ReplyDelete
  14. යාලුවා ගැන මේ ලියලා තියන ටිකෙන් හරි දෙයක් හිතාගන්න බැරි උනත් ඔබ ඒ දේවල් කිරලා මැනලා මේ ටික ලියන්න ඇති කියලා හිතනවා.ඒ මනුස්සයා හැදෙයි කියලා මම හිතන්නේ නැහැ.වයසට ගිහින් අසරණ උනාම සමහර විට තේරුම් ගයි. එත් ලංකාවේ බොහෝ ගැහැණු තවමත් මොන වැරදි කලත් ස්වාමියාට සලකන නිසා එහෙම අවස්තාවක් නැති වෙන්නත් පුලුවන්.

    කොහොම වුනත් මේක බොහොම සුලබ දෙයක්. බ්ලොග් එකක උනත් මෙහෙම කරන්න හොඳ නැහැ අරකයි මේකයි කියලා කමෙන්ට් කරන කීදෙනෙක් තමන්ගේ බිරිඳව නොසලකා හරිනවද කියලා දන්නේ නැනේ..මන් දැකලා තියනවා ගොඩක් පිරිමි එක හරි ලොකු කමක් විදිහට සලකනවා!

    ReplyDelete
  15. හ්ම්ම්ම්.... අනේ මන්දා මොනා කියන්නද කියල.... මගේ හිතට එක පාරටම ආවේ "ඇයි ආදරේ කරන කාලේදී වගේ බැන්දට පස්සෙත් දෙදෙනාට ආදරෙන්, විශ්වාසයෙන්, එකිනෙකාව තේරුම් අරගෙන ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙනියන්න බැරි" කියල. මෙහෙම ඉන්න කීප දෙනෙකුත් ඉන්නවා හැබැයි බහුතරය ඩුඩ් ඔය සදහන් කරලා තියෙන ගනයේ කියලයි මට හිතෙන්නේ. අනේ මන්ද.....

    සියල්ල පෙර පරිදි හොදින් විසදෙන්න කියල පතනවා!

    ReplyDelete
  16. මොනවා කියන්නද මන්දා ඩූඩ් අයියේ.... එයාලා දැනගන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා බැරිනම් මරාගෙන හරි ප්‍රශ්නෙ විසඳගන්න.. ගෑණුත් මොක්කුද වගේ කටවල් වහගෙන, මොනා කරන්නද මේක මගේ කරුමේ කිය කිය හිටියොත් මේවා විසඳෙන්නේ නෑ.. ඇයි මෙහෙම කරන්නේ කියලා කතා කරලා බලන එකයි හොදම දේ...

    අනිත් එක ඔය වගේ පිරිමි වෙනස් වෙන්න හේතුව එයාලා පිළිගන්නෙත් නෑ කවදාවත්... එයාලා ගෑණුන්ට බැන බැන ඉන්නවා.. යාලුවෝ කිව්වමත් ගෑණි තමයි වැරදි...

    යාලුවට ඉක්මණට මොළේ පැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  17. හැදෙනව නං හැදෙන්න කියපු ටික හොඳටම ඇති.

    ReplyDelete
  18. අපි ඒ අයගේ දේවල් නොදැන අදහස් දක්වන්න බෑ.. කෙසේ නමුත් ගෙයි ගිනි පිටතට නුදුන් ඇය මෙන්ම ඔහුත් උසස් මිනිසුන් ලෙසයි මට නම් පේන්නේ... (අද රටේ තත්වය අනුව.- මල පනින පිරිස වැඩියි....)

    ReplyDelete
  19. කතාවෙ අන්තර්ගතය ගැන මොකුත් නොකියමි,හදවත පාරන විදියට ලියවුණු කතාවක්

    ReplyDelete
  20. වැරැද්ද කාගේ වුවද කම් නැත...පෙම්බස් දොඩමින් එදා කල්ගෙවූ තැන් පසුකර දෙන්නා දෙමංසලේ යන විට නම්,මේ චරිත මගේ කවුරුවත් නොවූවත් සංවේගයක් දැනේ...

    හෙන්රි අයියත් මාර ලව්වෙක්නෙ බොලේ...ඒ අතීත අන්දරයක් දෙකක් ලියන්නකො වෙලාවක...

    ReplyDelete
  21. http://emailkavikaari.blogspot.com/2012/11/blog-post_26.html

    මමත් ඔහොම එකක් ලිව්වා. දැං තත්වෙ වෙනස් වෙලාලු. ඩුඩ්ට මතක ඇති කොමෙන්ට් කරලත් තිබුනා.

    ඇත්තටම හොඳ යාලුවෙක් දැනෙන්ට ඇන්න පහරක් මේක. හොඳට පෙරලුනොත් ඉතා හොඳවෙයි. කවුරු උනත් දෙපැත්තෙම කතාව ඇහුවොත් මිසක් මේකට මුකුත් කියන්න බැහැ.

    නමුත් අදාල පුද්ගලයා තම හර්දය සාක්ෂියෙන්ම අහන එක තමා වඩා හොඳ. තමා කුමක් කලයුතුද යන වග. වැරදි මාවතක ගියානං හරි පාර පෙන්නන්න මෙහෙම මිතුරෙකු ඉන්න එකම ලොකු දෙයක්.

    ReplyDelete
  22. හෙන්රි අය්යෙ, ඔයාලට තිබුනෙ දෙන්නම එකතැන ඉද්දි ප්‍රශ්නෙ කතාකරන්න, සුළු දෙයක් ලොකු කරගෙන , ඒක මත්තෙම එල්ලිලා ඇති.
    රේල් පීලිත් පාර මාරු වෙනතැනදී එකතු වෙනව වගේ යාළුවො දෙන්නටත් උත්සාහ කලොත් එකතු වෙන්න පුළුවන් ....

    ReplyDelete
  23. හැම දේම නොදැන කිසිම දෙයක් කියන්න බැහැ... ෆෝන් එකේ නිහඩතාවය වගේම ඇගේ නිහඩතාවයත් බොහෝ දේ කියන්න ඉඩ තියෙනවා... ගෙයි ගිනි පිටට නොදීම කියන්නේ එකක්..ඒ හැර නිහඩතාවයන්ට හේතු තියෙන්න පුළුවනි... ඒ එකක්වත් නොදැන අවවාද දෙන්න යෑම ඒ හැටිම හොද දෙයක් නෙවෙයි...

    ReplyDelete
  24. මම කියන්නෙ උඹට තිබ්බෙ ඌත් එක්ක කතාකරල සැබෑ විස්තරය දැන ගන්න...ඔයවගේ දේවල් වහෙන් ඔරෝ බෑ..කෙලින්ම ඩිරෙක්ට් කතාකරන්න ඕන.තරහ උනාම මොකද වැරදි කරුවෙක් නම්.

    ඇතුලෙ සැබෑ තත්වය දෙන්නා එක්කම කතාකරල බලන්න ඕන.

    ReplyDelete
  25. යාලුව තරහ උනත්, කියන දේ නොඇහුවත්, කෙලින්ම කතා කරානම් වඩාත් හොදයි.......

    ReplyDelete
  26. ඩුඩ් මේක එච්චර හොඳ වැඩක් නෙවෙයි. කෙනෙකුගෙ පෞද්ගලික ප්‍රශ්නයක් ඒ කෙනා නොදැන මෙහෙම පොදු මාතෘකාවක් විදිහට කථා බහට ලක් කිරීමෙන් ඒ අය වගේම ඔවුන්ගෙ දරුවන්ට පවා අපහසුතාවයක් වෙන්න පුලුවන් නේද? ඔබලා ඔයතරම් සමීප මිතුරන් නම්, ප්‍රශ්නයෙ කොනක් පමනක් දැක සහ 'ලු' කතා ආශ්‍රයෙන් උපකල්පන කර මෙහෙම ආවේගශීලි නොවී, මැදිහත්ව කථාකර උදව් කරන්න බලන්න. මේ ලිපිය ඉවත් කලොත් හොඳයි කියලයි මම පෞද්ගලිකව හිතන්න්නෙ

    ReplyDelete
  27. මොන ප්‍රශ්න තිබ්බත් එක ගෙදර ඉන්නවා නම් ඉතින් පොඩ්ඩක් සොයා බලන්න ඕන . ඔය වගේ කතන්දර කීපයක්ම මන් දන්නා අය අතර වුනා . ඔබගේ සැකය හරි නම් ඉතින් සැදලය දාන්න වෙන්නේ ලාලනිට .



    හැබැයි ඉතින් කවුරුත් කිව්වා වගේ පුද්ගලිකව කතා කරලා බලන්න පුළුවන් නම් හොඳයි හෙන්රි . අපරාදෙනේ පොඩි එකෙකුත් අසරණ වෙනවනේ නැත්නම් .

    ReplyDelete
  28. ඇතුලතින් මොන මොන දේවල් තියෙනවද කවුද බං දන්නෙ.

    ඒත් උබ ලියපු ලිවිල්ලෙ මහා පුදුමාකාර හැගීමක් තියෙනවා. ඇතැර ගිය හැම දේම ගැන..

    ජය !

    ReplyDelete
  29. උගෙ පැත්තෙනුත් කතාව අහලා ඉඳින්...

    ReplyDelete
  30. ඔබේ දක්ෂ කමින් බොහොම දෙයක් අපට දැනෙන්න සලස්වලා තියනවා. ඒත් මං මේ කතාව ගැන යමක් කියන්න යන්නේ නැ. හේතුව අපි ඒ දෙන්නගේ අභ්‍යන්තර කතාව නොදන්න නිසයි.

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. ඩූඩ් අයියා මල පැනලා වැඩේ වණ කර ගෙන නේද? මේ යන විදියට සැඩ්ල් එක ඔබතුමාට ගන්න වෙන සෙයියාවක් නේද.. හා?
    පෝස්ට් එක අයින් කරලා අරූගෙන් සමාව භජණය කරලා දෙන්නව සෙට්ල් කරන වැඩේ පටන් ගන්න.
    ඔයා පිස්සු හුටන් හින්ද, වැදගත් පොරවල් දෙතුන් දෙනෙක් සෙට් කරගන්න.
    ලෝකෙම ඉන්න එවුන් එකතු කරන්න කලින් හොඳ යාලුවො දෙන්නෙක් එකතුවෙන්නකෝ.
    උගේ කතාව අහන අතරෙ දීපව දාල ලාලනිගෙ කතාව අහලා පස්සෙ දෙන්නව එකතැනක ගෙනැල්ල විසඳුමක් දෙන්න ට්‍රයි කරන්න.
    ඒක අසාර්තක වුනොත් ෆුල් ස්ටෝරි එක පබ්ලිශ් කරල දාන්න,ලෝකයාගේ අවධානයට.

    ඩුඩා මේ කරපු එකනම් වැසිකිලි වලකට බොම්බ් කරා වගේ තමා.මෙලාකටත් අර ගෑනි ඉවරද දන්නෙ නැහැ.

    ප්ලස් පොයින්ට් එක, ඩුඩාගෙ ලිවීමේ හැකියාව නම් එලම කිරි. මට ජෙලස් ඕයි.
    දුක පොයින්ට් එක, මේ කතාව ප්‍රබන්ධයක් නොවීමයි.යථාර්තයක් වීමයි.

    ReplyDelete
  33. හෙන්රි අයියේ, මම හැමදේටම හරියි කියන මිනිහෙක් නෙමයි. නමුත් මේ ප්‍රශ්නෙදි ඇත්තටම ගැටළුව මොකද්ද කියලා උඹත් හරියටම දන්නේ නැහැයි කියලා පේනවා. සමීප මිත්‍රයෙක් නිසා උඹේ හිතට ආවේගයක් එන එක සාමාන්‍ය කාරණාවක්. නමුත් මේක උඹට බ්ලොග් පෝස්ට් එකක් දාලා නිවරදි කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි. කෝ හෙන්රි ? කවුද මේ ප්‍රශ්නෙට විසදුමක් දීලා තිබුණු කෙනා? මම නම් කියන්නේ මෙය තව තවත් පිරිසක් කියවන්නට මත්තෙන් ඉවත් කරන එකයි වඩා සුදුසු.

    ReplyDelete
    Replies
    1. එහෙම අවශ්‍ය නෑ. මේ ලෝකේ එක ලාලනී ද ඉන්නේ...

      Delete
    2. මහසෙන් මොනරවිල දාපු කමෙන්ට් එක මකලා ආයෙම රතු රජ රට ඒක දානවා... ඈ බං රත්තෝ අපි මොනවැයි දැන් හිතන්න ඕන..? :D :D :D

      Delete
    3. හි හි.... මාරයියට අහුඋන එක..

      Delete
    4. මාත් දැක්කා. එක්කො කොපි කරනවා.......... නැත්තං............

      Delete
  34. ඔන්න අයින් කලා.
    මේ මටත් මගේ වැඩක් බලාගෙන, මගේ දේ හරි නිසා අනිත් උන්ට ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා ඇස් පියාගෙන ඉන්න බැරි කමට ලියවෙච්ච ලිපියක්.

    කාගෙවත් පෞද්ගලික ප්‍රශ්ණ පැත්තකින් තිබ්බොත්, එදා අතින් අල්ලාගෙන ආරක්ෂා කරපු පෙම්වතිය, අද කෑවද, බිව්වද, ගෙදර ගියාද, නැතිනම් කොහෙවත් මරලා දාලාද, කියලා හොයන්න වත් උවමනාවක් නැතිවීම ගැන ඇතිවෙච්ච කලකිරීමක් විතරයි මෙතන නිමිති කරගත්තෙ.

    ඒ වගෙම යම් විදිය‌කට අර අන්තිමට කිව්වා වගෙ සමූහ දූෂනයකට ලක්වෙලා මරලා දාලා තියෙන ගෑනියෙක්ව දැක්කාම හනේ හපොයි කියනවට වඩා එවැනි දෙයක් වලක්වාගන්න පොඩි හරි දෙයක් මට හැකි හැටියට කරන්න මට හිතුනා.

    ඉඳගෙන සාකච්ඡා කරන්න අනිත් උන් ගත්ත උත්සාහ අසාර්ථක වෙච්ච බව මම මේ ලිපියෙම සඳහන් කරලා තිබුනා.

    ‘ලු’ ප්‍රත්‍යයෙන් යොදන්න වෙන පසුබිම් කරුණු මම ලියුවේ නැහැ.

    මේ සම්බන්ධයෙන් ‘මල පැනීම’ ගැනවත්, බ්ලොග් පෝස්ට් එකක් ලිවීම ගැනවත් මම පසු තැවිලි වෙන්නෙ නැත්තෙ, තවමත් අනිකා ගැන පොඩ්ඩක් හෝ සංවේදී වීමේ ගතිය බින්දුවක් හෝ මා තුල ඉතිරිවී ඇති නිසා වෙන්න ඇති කියලා හීනියට ආඩම්බර වෙන නිසයි.

    පෙම්බස් දොඩන සිප වැලඳ ගන්න පෙම්වතුන් යුවලක් දැක්කාම සමහරුන්ට ආසාත්මික ගතියක් දැනුනත්, මට නම් ඇති වෙන්නෙ සතුටක්. ඒත් අද අත්වැල් අල්ලාගෙන, යන එන පෙම්වතුන්ගෙන් වැඩි හරිය හෙට මේ වගෙ වේවි කියලා හිතෙන කොට ඇතිවෙන්නෙ දුකක්.

    ඩූඩ් කියන එකා ඒ ටික විතරක් කිව්වා කියලා මතක් තිබුනොත් ඇති.

    ReplyDelete
    Replies
    1. අපිත් හරිම සංවේදී තමයි.ඒකනේ මේකෙ කමෙන්ට් කලේ විසඳගන්න විදියක් හොයන්න.
      ඕවා මල පැනල කරන්න බැහැනෙ ඩුඩ් තුමා.එතකොට සැඩ්ල් තමා.
      අනිත් අයට බැරි වුනාට ඔයාට පුලුවන් වෙන්න බැරිද?
      ඉස්සෙල්ල ප්‍රශ්නෙට හෙතුව හොයා ගන්න. ඕක දීපාට පුලුවන් වෙයි.
      ඊලගට විසඳුම හොයන්න බලන්න.
      ඕව ප්‍රොෆෙෂනලි කරන කවුන්සෙලර්ස් ල ඉන්නව,වැඩේ අමාරුනම්.
      ගොඩක් වෙලාවට මානසික රෝගත් ඕවට හෙතු වෙනවා.
      වැඩේ අතහරින්නෙ නැතුව උන් දෙන්නට උදවු කරන්න ප්ලීස්

      Delete
  35. ඩුඩ් මේක අයින් කරන්නවුන එක ගැන කනගාටුවෙන්නවත් කේන්තිගන්නවත් එපා. ඔබ හොඳ චේතනාවෙන් උනත් කේන්තියෙන් ගත්තු තීරනයක් බව පෙනුනු නිසයි ඉවත් කරන්න කියලා මමත් ඉල්ලුවෙ. "කේන්තියන් තිරන ගන්නත්, හැගීම්බරව පොරොන්දු දෙන්නත් හොඳ නැති" බව අපි හැමෝම දන්නවනෙ :). හැබයි යාලුවො දෙන්නගෙ ප්‍රශ්නෙට විසදුමක් හොයන්න ඔබට තියෙන උනන්දුව ඉවත දාන්න එපා. වැඩිහිටියෙක්, ගුරුවරයෙක් විදිහට ඉවසීමෙන් බලා උදව් කරන්න. අනිත් හැමෝටම නොපෙනුන විසඳුමක් ඔබ ගාව තියෙන්න ඉඩතියෙනවා. කාට ඇහුම් නොදුන්නත් ඔබේ මිත්‍ර යුවල ඔබ යුවලට ඇහුම් කණ් දෙන්න ඉඩ තියේවි. උත්සහය අතාරින්න එපා. ඒ දරුවන්ට දෙමාපිය උනුසුම රැක දෙන්න බලන්න. ජය !!!

    ReplyDelete
    Replies
    1. රීඩර් හිත හොඳ එකෙක් කියලා මට තේරෙනවා. මම බලන්නම් මට පුලුවන් දෙයක් කරන්න. ආටිකල් එක මල පැනලා ලිව්වත්, මේ මොහොතෙත් මගෙ හැඟීම් නම් එලෙසමයි.

      ඇත්තටම මේ ගැන දක්වන උනන්දුව මම අගය කරනවා රීඩර්.

      Delete
  36. ලිපිය මිස් වුනයින් මොකක්ද උනේ කියලා හිතා ගන්න බෑ ඩුඩ් අයියේ මට

    ReplyDelete
    Replies
    1. :)
      ඒක අල්ලලා දාලා අලුත් ඒවා බලන්න පැතුම්.

      Delete
  37. ඩුඩ්,

    ඇත්තටම විවාහකයින් හැටියට හැම කෙනෙක්ම තමන් ගෙ යුතුකම් හා වගකිම් දැනගත යුතුයි කියලා මම නම් හිතන්නෙ. මෙ යාළුවන් දෙන්නාට සුභ වසරක් වගෙම සුභම සුභ අනාගතයක් වේවා!!!!!!!!

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>