Monday, May 6, 2013

70. පලුප්පු මාතියා. the amazing journey of a torch bulb

බලංගොඩ කුලී නිවසේ ඉස්තෝප්පුවෙ බිම පෙරලිලා, ටෝච් එක කෑලි කෑලි වලට ගලවමින්  හිටිය කුඩා හෙන්රිබ්ලොග්වෝකර්, ටෝච් බල්බ් එක කටේ දාගත්තෙ මොන එකකටද කියන දෙයියෝ තමයි දන්නෙ.

කොහොම හරි, බල්බ් එක දිවෙන් පෙරලමින්, ටෝච් එකේ පිටිපස්සෙ මූඩියේ ස්ප්‍රිං එක එලියට අදින කොටම, අත වැදිලා එක බැටරි කෑල්ලක් රෝල් වේගන, රෝල් වේගන ඈතට ගියා. බ්ලොග්වෝකරුත් බැටරිය පස්සෙන් රෝල් වේගන, රෝල් වේගන, ගිහින් බැටරිය අල්ල ගත්තත්, බල්බ් එක තව දුරටත් කටේ නැති බව එක පාරටම තේරුනා.

 එතකොටම ඔතනින් යන්න ආපු අම්මා, “අයියෝ මේ ලමයා ටෝච් එක කෑලි කෑලි කරලනෙ” කියලා ගේ ඇතුලට  යනකොටම බ්ලොග්වෝකර් කට හඬ අවදි කලා.

“අම්මේ!”

අම්මා නැවතිලා ප්‍රශ්නාර්ථයක් මූණේ තියාගෙන බැලුවා.


“අම්මේ, බල්බ් එක…”

“බල්බ් එක බින්දා?”

“නෑ අම්මෙ, බල්බ් එක ගිලුනා.”

“මොකක්?”
මෙන්න මෙතනෙ ඉඳන් කතාව බ්ලොග්වෝකර්ගෙ වචන වලින්ම.


එතනින් පස්සෙ සිදුවෙච්ච හැම දේම හීනයක් වගෙ.

මාව ඇඳේ නිදි කරවලා. ගෙයි මිනිස්සු පිරිලා. තාත්තත් කොහොම හරි ගෙදර ඇවිත්. ඉස්පිරිතාලෙ ගෙනියන්න කලින් නොයෙකුත් ගොඩවදකම්.

 
“ඔය ලමයට කොහොමහරි කවන්න බාගෙට ඉදිච්ච කෝලිකුට්‍ටු ගෙඩි.  එතකොට ඒකෙ කහට බල්බ් එක වටේ බැ‍ඳෙනවා. එතකොට ලේසියකට බල්බ් එක බි‍ඳෙන්නෙ නෑ.
 
මම බාගෙට අමු කෙසෙල් ගෙඩි කනවා මතකයි.
 
“පොඩි එකාට කිරි තේ එකක් හදලා දෙන්න. බඩගිනි ඇති. හැබැයි හොඳට නිවලා. මොකද රස්නෙට බල්බ් එක බි‍ඳෙන්න පුලුවන්.”

ඇල් වතුර වගේ නිවපු කිරි එකකුත් බොනවා මතකයි.



ඊ ලඟ දර්ශනය: මම ඉන්නෙ ඕලුගන්තොට රෝහල් වාට්‍ටුවක. මගෙ ලඟ තනියට නවත්තලා තියෙන්නෙ බොල්තුඹේ මාමා කියන තාත්තගෙ හිතවත් පුද්ගලයෙක්. ඒ මනුස්සය උදේම අතුරුදහන් වෙලා. හැමෝම මිනිහව හොයනවා. තාත්තටයි අම්මටයිත් හොඳටම කේන්ති ගිහින් බැන බැන ඉන්න කොට ඔන්න බොල්තුඹේ මාමා දුවගෙන ආව හති දාගෙන.
 

“අනේ සර්,” බොල්තුඹේ මාමා කියනවා.  “මම වැසිකිලි යන්න ගෙදර ගියා. මට ඔය වෙන කොහෙවත් එකකට යන්න බැහැනෙ, ගෙදර එකට හැර.” ඒ වැඩෙත් මුව හස‍රැලි සාගරෙත් එක්ක සෙට්ල් වුනා.


මට ටොයිලට් යන්න තහනම්. යන එකක් බෙඩ් පෑන් එකට විතරයි. මේක මහ වාතයක් සහ ආත්ම ගෞරවය පිළිබඳ ප්‍රශ්ණයක් නිසා මම ඒකට කැමති වුනේ නෑ. නමුත් එතන හිටපු කාරුණික නයිටිංගේල් සොහොයුරිය,

“එහෙම නොකලොත් ගොයියො බඩ පලල තමයි බල්බ් එක ගන්න වෙන්නෙ” , කියලා කතුරක් පෙන්නලා තර්ජනය කලා.

මම බඩ පලාගන්නවට වඩා බෙඩ් පෑන් එකට යන එක හොඳයි කියලා වහාම තීරණය කලා.

 
පස්සෙ “ඉවසීමෙන් සැනසීම ලැබේ”, “උත්සාහවන්තයා ජයගනී” සහ “සොයන්නාට සම්භ වේ” කියන ප්‍රසථා පිරුළු තුන පිලිවෙලින් සැබෑ කරමින්, එක් රෝහල් සුළු සේවකයෙක්, මනාව පිරිසිදු කර ජීවාණුහරණය කරන ලද දිලිසෙන කිරි කිරි ටොයියෙක් බඳු ටෝච් බල්බයක් ගෝස් කැබැල්ලක් මත තබා, “මෙන්න පුංචි මහත්තයො, බඩුව” යයි කියමින් මට  පිලිගැන්නුවා.

මගේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා නිරුපද්‍රිතව ගමන් කර තිබූ එම බල්බයේ ලෝහ බඳේ සටහන් කර තිබූ වෝල්ට් ගාන නම් මැකිලා තිබ්බා. මේ ඓතිහාසික බල්බය අදත් අපේ අම්ම රෙදි කෑල්ලක ඔතල, ඇගේ අල්මාරි ලාච්චුවේ තැන්පත් කරලා තියෙනවා. මේ පාර ගෙදර ගිය ගමන් ඒ බල්බ් එක ඉල්ලගෙන ඡායාරූගත කරලා දැනට දාලා තියෙන පින්තූරය යාවත්කාලීන කරන්න බලාපොරොත්තු වෙනවා.

 
මේ සිද්ධියෙන් පස්සෙ මගෙ ජනප්‍රියතාව්ය ඉහල ගියා හි‍ටු කියලා. අර බල්බ් එක ගිලපු ළමයා හැටියට විතරක් නෙවෙයි, බල්බ් එක ගිලපු ළමයාගෙ පවුලේ අය, බල්බ් එක ගිලපු ළමයා යන්න ඉන්න ඉස්කෝලෙ (එතකොට මම ඉස්කෝලෙට දාල නෑ.), බල්බ් එක ගිලපු ළමයාගෙ ගේ ඉස්සරහ තියෙන පල්ලිය, යනාදී වශයෙන් මම සම්බන්ධ හැම දේම නැවත නිර්වචනය වෙන්න ගත්තා. මට සම්මාන දෙන්නත් මගෙ පිලිමයක් බලංගොඩ නගරය මැද්දේ අඹන්නත් කට්ටිය කතා වෙනකොට… 


මම හිතන්නෙ හෙන්රිබ්ලොග්වෝකර් මාතෘකාවෙන් පිට යනවා වගේ…. මයික් එක ඉල්ලගත්තා නම් හොඳයි වගේ.

 
මේ ඔක්කොටම වැඩිය ලොකු අප්සෙට් එක තමයි, හෙන්රි බ්ලොග්වෝකර්ගෙ ගේ ලඟ කඩේ අයිති දෙමල මුදලාලි, බ්ලොග්වෝකර් දකින ගානේ, “ආ පලුප්පු මාතියා, කෝමද ඉතිං?” කියලා අහන්න ගත්ත එක. බ්ලොග්වෝකර් ඔය කඩේ පැත්ත පලාතෙ ගියේ නොගිහින්ම බැරි වුනොත් විතරයි. පස්සෙ පවුලම ඒ පලාත අතෑරලා බලන්ගොඩම වැලිහරනාව පාරේ පදිංචියට ගියා.


අර යකා කියලා තියෙන්නෙ 'පරිප්පු මහත්තයා' නෙවෙයි, 'බල්බ් මහත්තයා' කියන එක බ්ලොග්වෝකර්ට තේරුනේ අවුරුදු බර ගානකට පස්සෙ.

Originally published @ මට හිතෙන හැටි

 

195 comments:

  1. අපේ මලයා රහ කරලා කෑවා හංගොල්ලෙක්...... හි හි...

    ReplyDelete
    Replies
    1. හංගොල්ලා රස චිලී සෝස් එක්ක.

      Delete
    2. ඊයා යකෝ.. මට ඒ කාලෙ හංගොල්ලෙක් අතට පොඩි වෙලා අත ලෙලි යනකල් බිත්තියක ඇතිල්ලුවා...

      Delete
    3. පලයන් බොරු නොකිය, උඹ ඌ කටේ දාගෙන නේද අත ඇතිල්ලුවෙ.

      Delete
    4. සෑමා කෑවනම් ඔහොම කියන්නෑ..... :D

      Delete
    5. මම ලොකු කලුපාට කංකුංඬෙක් පොඩිකරල තිබුන චුරු යන්න.

      Delete
    6. මං ගිල්ලා ප්ලග් එකක අර්ත් වයර් එක සම්බන්ධ වෙන ලොකු කූර... ලොකු අවුලක් උනේ නෑ. පහුවදා උදේ 'ටං' ගාලා වැටුනා.

      Delete
    7. මමනම් මුකුත් ගිල්ලේ නෑ‍, ඒත් වතුර බැරල් ඒකක් මාවා ගිල්ලා :D

      Delete
    8. @ හිරු: ඊටත් වැඩිය රසයි ලුණු මිරිස් එක්ක.

      @සෑමා: මමත් හිතන්නේ උඹ හංගොල්ලව කටේ දාගෙන තමයි බිත්තියේ අත අතුල්ලන්න ඇත්තේ කියලා.

      @වීයා: මගේ ළමයි දෙන්නම කුරුමිණියෝ අහුලාගෙන කාලා, අමාරුවෙන් කට අරවලා එලියට ගත්තේ.

      @තිසර: උඹේ කමෙන්ට් එක කියවනකොට මට මැවිච්ච චිත්තරූපය කිව්වොත් උඹට හිනා යයි. මට මතක් වුනේ අර අර්ත් වයර් එකට සම්බන්ධ කරලා පොළොවට බස්සන්න, හාඩ්වෙයා එකෙන් ගේන අලවංගුව වගේ එක. පස්සෙ ආයේම කියෙව්වාම තමයි තේරුනේ. :))

      @සෙන්නා: වැඩක් නෑ. වැඩක් නෑ. යකෝ කොල්ලෙක් වුනාම මොනවා හරි යකඩ බඩුවක් ගිලලා තියෙන්න ඕනෙ. :(

      Delete
    9. යකෝ බලන් ගිහාම හැම එකාම මොනාහරි ගිලලනේ!

      ඒක නෙමේ ඩෝ...මං පොඩිකාලේ ගිල්ලා අලියෙක් w-)

      Delete
    10. මං හැකරැල්ලෙක් කාලා තියෙනෝ.... කට වනත් වෙලා.... දැන් නම් ගෙදර අය ඒක කියද්දීත් හිරිකිතේ බෑ......

      Delete
    11. මම නම් ඔය වගේ සුට්ටන් වටිනාකම් වලින් යුත් ඒවා නෙවේ ගිල්ලේ.මම ගිල්ලේ කෙලින්ම රත්තරන් මුද්දක් ඒත් දුක කියන්නේ වරුවකින් ඕක එලියට ආවානේ ස්වාභාවික විදිහට :(

      Delete
    12. අලි ගිලපු උං, හැක‍රැල්ලො ගිලපු උං, මුදු ගිලපු උං ඔක්කොම මගේ බ්ලොග් එකට එනවා ඈ? කාටද ආඩම්බර! g-)

      Delete
  2. අෑහ් බ්ල්ග්වේකරයා ලේසිපාසු පුතයෙක් නෙවේ බලාගෙනයනකොට. ඔ්ක බඩ අැතුලෙ ගිලුනනම් තමා සෙල්ලම බලන්න තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. * ගිලුනනම් = පිපිරුනනම්

      Delete
    2. ඔව් බං එහෙනම් ලෝකෙ මුල්ම internal hara kari (අභ්‍යන්තර හරාකරි) කරගත්ත ළමයා හැටියට මම ඉතිහාසගත වෙනවා. :))

      Delete
    3. එහෙනං කෝමෙයි අපිමේ වගේ බ්ලොග් කියවන්නෙ..!

      Delete
    4. අපි කොහෙද ජැපනීස් ගැන තර්ක කරන්නේ කෙන්ජිත් එක්ක. ඔව් මම චෙක් කලා. හරා කිරි තමයි. ස්තුතියි කෙන්ජි. :)

      Delete
  3. පට්ට බොල. බැටරි දෙකක් ගිල්ල නම් ඒ එක්කම උඹ අද සම්පුර්න ටෝර්ච් එකක්.

    මතකද මට මිටිය කියල මේ පැත්තෙ හාඩ්වෙයාර් එකේ උන් විහිලු කරපු ස්ටෝරිය. ඒකත් මතක් වුනා මට.. :)

    ReplyDelete
    Replies
    1. කොහොමත් මූ ටොච් එකක් තමා..ස්විච් එක....අක්කා.(නම මතක් වෙන්නෑනෙ අක්කගෙ.)

      Delete
    2. මම කල්පනා කලේ ස්විච් එක දැම්මහම කොයි පැත්තෙන් එළිය එයිද කියලා...

      Delete
    3. උඹලා කට්ටියම ඔය කියන්නේ 'ලකෙන් පුයිට්' කියලනේ. :))
      සෑමා ඔය අර මම කියපු හාඩ්වෙයා එකමද?

      Delete
    4. @සෑමෝ..
      සිරා කතාව..අම්මලා තාත්තලා කලබල නොවී බැටරි කෑලි දෙකකුයි වයර් කෑල්ලකුයි ගිල්ලන්නයි තිබ්බෙ..!!

      Delete
    5. අන්න වචනෙ හෙන්රි අයියා. මේ පැත්තෙ ඉන්නව ඉංග්‍රීසි සර් කෙනෙක්, එයාට ළමයි ඉස්සර කිව්වෙ “ලකේ පුයිට්“ කියල. ළමයෙක් දවසක් කණාමැදිරියට ඉංග්‍රීසියෙන් කියන්නෙ කොහොමද ඇහැව්වම මිනිහ කියල තියෙන්නෙ ලකේ පුයිට් කියල.

      Delete
  4. මම නම් ටක්කෙටම දැනගෙන හිටිය ඔය උන්නැහෙගෙ බඩේ බලුපුහ්ඃ එකක් තියෙනවය කියල. අර මිනිහ පෙන්නන්න ඇත්තෙ වෙන එකක් වෙන්ට ඕන. :D

    බලාන ගියාම හෙන්රි අයියට වඩා ඇන්ඩි හොඳයි වගේ. හෙහ් හෙහ් .... මගේ හිතේ හැම එකාටම පුංචි සන්දියෙදි ඔය වගේ අකර තැබ්බවල් වෙනව.

    අර කෙසෙල් බාගෙට ඉදිල කෑවය කිව්වම, මම නම් තාමත් එහෙමයි අනේ. බාගෙට ඉදිච්ච කෙසෙල් ගෙඩියක් විතරයි මම දැනටත් කන්නෙ, ඉදිච්ච දැක්කම මට වමනෙට එන්න තරම් අප්පිරියයි.

    ReplyDelete
    Replies
    1. අම්මපා DDT .... මොනාද කියපං උඹ කන්නේ .... නොකන ජාති මොනාද කියලා අහනවට වඩා ලේසියිද කොහෙද මේකා කන ජාති ටික අහන එක.... තක්කාලි නම් කනවා කියලා මතකයි.... අනිත් හැම තැනම තිබ්බේ කන්නේ නැති ජාති විතරයි.... හි හි

      Delete
    2. ඔන්න ඉතින් උඹේ conspiracy theoryය. බලාපංකො එතනත් අමතර කාඩ් එකක් ගැහුව හැටි!

      හැම එකාටම වෙනවා. නමුත් ඒවා මතක් කරන්න කවුරු හරි ඕනෙ.

      කහ පාට වෙච්ච ගමන් ඇඹුල් කෙසෙල්, මටත් රසයි බං අර බෙරි වෙච්ච ඒවට වැඩිය.

      ඒයි DDTයා උඹ ඇන්ඩියා කේක් හදපු කාලේ කොහෙ ගිහින් හිටියද බං? උඹ ඒක කියෙව්වේ නෑ නේද?

      Delete
    3. @ හිරූ,

      ගණන් ගන්න එපා අනේ, ඔය මගේ හැටිනේ. මමත් බ්ලොගක් කළා නම් ඔන්න දාන්ට තිබුන මම කනබොන එව්ව ලිස්ට් එකක් අර මාරයිය වගේ.

      Delete
    4. @ හෙන්රි අයියා,

      මම නම් කෙසෙල් වලිනුත් කන්නෙ සීනි කෙසෙල් විතරයි. ඇඹුල් නම් කටේ තියන්නෙ නෑ - උගුරෙ සෙම්ගෙඩි හැදෙනව කෑවම.

      ඔව්නෙ, හුඟ දවසකින් බ්ලොග් පැත්තට ගොඩ බැස්සෙ, මම ඊයෙ දැක්කා ඇන්ඩිගෙ කේක් සීන් එකක් දාල තියෙනව. ටිකක් දිග නිසා වෙලාවක් ලැබුන ගමන් හැකි ඉක්මනින් ඒ කතාව කියවන්න එනව.

      Delete
    5. මූ නං උපන් ගෙයි ලෙඩෙක්ද කොහේද..? අරක කවොත් මේක වෙනවා..මේක කෑවොත් අරක වෙනවා.. :D

      ෂුවර් එකටම මව් කිරි බීලා තියෙන කාලේ මදිද කොහේද...

      Delete
    6. අපි හේමයි අරී .......

      නෑ මාරයියා, මට ඉස්සර ඉඳන්ම සෙමට පොඩ්ඩක් හරි අගුන දෙයක් කෑවහම උගුර අප්සට් වෙනව, දවස් දෙක තුනක් යනකම් ඒක වාත වෙන නිසා මම ඔය හුඟක් ජාති කෑම නිකන්ම අතෑරල තියෙන්නෙ, කූල් කරපුව උනත් පුළුවන් තරම් අඩුවෙන් තමා පාවිච්චිය. තව සමහර දේවල් නොකන්නෙ නම් මොන ලෙඩක්වත් ගැන හිතල නෙවි, මම ඒවයෙ රසට අකමැති නිසා.

      Delete
    7. උඹ බබා අනේ පලයන් DDT යො කෙප්ප නොගහා...උඹ වගේම මගෙ යාලුවෙක් ඉන්නවා...ඌට ලෙඩ නැති දවසක් නෑ...ඔය හැමදේටම මුල හිත...හිත තමයි ගත ලෙඩ කරවන්නෙ...ඉදලා හිටලා ෂොට් එකක් දාලා අපි වගේ හිටපන්කො...

      Delete
  5. ගිලින්න තිබ්බෙ බැටරි කෑල්ලකුත් එහෙම්මම. කොහොමද බඩ දිලිහි දිලිහි තියෙද්දි?

    ReplyDelete
  6. “නෑ අම්මෙ, බල්බ් එක ගිලුනා.”

    මට හිනාව නවත්තගන්න බැරි උනා... :D නියම කතාවක් ..කේක් එක එක්කම යනවා...

    ReplyDelete
    Replies
    1. උඹත් අනන්ත ඔය වගේ දේවල් කරලා ඇති සහන්. ඔය family gathering තියෙන වෙලාවට තමයි ඕවා එලියට එන්නේ. :)

      Delete
  7. මම හිතන්නෙ ටෝච් බලබ් එකක් නිරුපද්‍රිතව ගිය දුරම ගමන වෙන්න ඇති....

    ReplyDelete
    Replies
    1. ඔව් සුමිත්. මග ඇසිඩ් බාත්, සෝනා, දෝනා, උණුවතුර ලිං, සූවර්ලයින් ඔක්කොම පහු කරලා මහා බාධක පරයටම යන්න එපායැ. =))

      Delete
  8. මම නම් නහයට දාගත්තා කොල කෑල්ලක්,ස්පොන්ජ් කෑල්ලක්.හැබැයි ඕවා නම් ගිල්ලෙ නෑ

    ReplyDelete
    Replies
    1. නහයට දාගන්නවා නම් හොඳම දේවල් ලැයිස්තුවේ මුලටම තියෙන්නේ, ඔළිඳ ඇට, මදටිය ඇට, ගල් සියඹලා ඇට, කඩල ඇට තම්යි, emo kella.

      සාදරයෙන් පිළිගන්නවා මගේ ඩෙනිම බ්ලොග් අඩවියට. :-h

      Delete
  9. ගිලින්න වෙන එව්වා නැතුවද මන්දා :)

    අපේ මල්ලි පොඩි කාලේ ගිල්ලා අර දෙහි වතුරට දාලා ඇවිද්දවන ජාතියේ සිප්පි කටුවක් (අර හඳයෝද මොක්කුද කියන්නේ). ඌව නම් හොස්පිටල් ගෙනිච්චේ නෑ. ගෙදර තියාගෙනමයි ඔපරේෂන් එක කරේ..

    ReplyDelete
    Replies
    1. මේක වුනේ සයුරි, මම බල්බ් එක කටේ දාගෙන, බැටරිය පිටිපස්සෙන් බිම දිගේ රෝල් වෙවී ගිය හන්දා. හිතලා ගිල්ලා නෙවෙයි.

      මල්ලි පහුවදා උදේ ඕක එලියට දාන්න ඇති නේ? ඒක නම් අඩුගානේ කැල්සියම්නේ.

      Delete
  10. හයියෝ මමනම් ගිල්ලේ 'කටු බොත්තමක්' දන්නවද කටු බොත්තම කියන එක. පින්තූරයක් හොයන්න දැඟලුවා හරිගියේ නැහැ. අපි පුංචි කාලේ වගේම ඉස්කෝලේ සාමාන්‍ය පෙළ පන්තියට (එස්.එස්.සී.) එනතුරු ඇන්ද කලිසම් වල 'සිප් ෆාස්ට්නර්ස්' තිබුනේ නැහැ. ඒ වෙනුවට තිබුනේ 'ස්ටඩ්ස්' කියන බොත්තම් ජාතිය. මේ බොත්තම හරියට කුඩා රෝද දෙකක් එහි මධ්‍ය ලක්ෂ්‍යයේදී සිහින් සිලින්ඩරයකින් එකට යාකල හැඩය තියෙන්නේ.බොත්තමක විෂ්කම්බය සෙන්ටිමීටරයක් විතර ඇති. සුදුපාට ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. කලිසමේ 'ගොල්ෆිය' කියන කොටසේ පලු දෙකේම කාස තියනවා. අර බොත්තමේ එක පැත්තක් එක කාසයකටත්, අනික් පැත්ත ඒ කාසයේම අනික් පැත්තේ කොටසටත් දානවා. කලිසම හොදනකොට මේවා ගලවා අයින් කරන්න ඕනෙ.අනේ චූ කරන්න ගියාම මේ වා එක පැත්තකි ගලවනකොට සමහරවිට එකක් ගැලවෙලා ටොයිලට් වලට වැටෙනවා.

    ඔන්න අපේ අම්මා ඉරිදා හවස මගේ කලිසම මදිනවා. (ඒ කාලේ තිබුනේ ඝන කපුරෙදි කලිසම්. සව් කැඳ දාලා මැද්දම කාඩ්බෝඩ් වගේ :D:D)මම කලිසමට දාන කටුබොත්තම් ඔක්කොම ටික කටේ දාගෙන හිටියේ. අපේ බල්ලා එක පාරටම පැන්නා ගෙදරට ආව අමුත්තෙකුට. 'ඒයි ඒයි' කියාගෙන මම බල්ලට කෑගහනකොට එක කටුබොත්තමක් මගේ ආමාශය බලා වැඩියා. මම කෑ ගැහුවේ හරියට බෝම්බයක් ගිලුනා වගේ. ප්‍රතිකාරය හරි සරලයි. කෙසෙල්බඩ මාළු එක්ක බත් ගුලි ගිල්ලෙව්වා. පැයකට විතර පස්සේ අධෝමුඛයෙන් බොත්තම නිරුපද්‍රිතව එලියට ආවා. අම්මා නිරීක්ෂක ලෙස ක්‍රියා කළා ඒ අවස්ථාවේදී.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. [im] https://lh5.googleusercontent.com/-tNkiVqUsKpg/UYiBSaLvMtI/AAAAAAAAB0o/W5HIaagJxuI/h120/stud.jpg[/im]
      මේකනේ විචාරක ඔය කියන්නේ.ඕකට කියන්නේ ක‍ටු බොත්තමද? අපේ තාත්තා කියන්නේ ඕක ස්ටඩ් එකක් කියලා. ඕවා තිබ්බා අපේ තාත්තගේ කලිසම් වල හුඟක් ඉස්සර. ඒකෙන් අදහස් වෙන්නේ විචාරක අපේ තාත්තගේ වයසේ කියන එක නෙවෙයි, හොඳද? :)) අපේ කලිසම් වල තිබ්බේ බොත්තම් සහ zipperනේ.

      මම මේ ගැන ලියපු ඩ්‍රාෆ්ට් එකක් නිසයි මට මේක මතක් වුනේ. මම මේක ඇන්දා විචාරකට මේක ලියන්න පහසු වෙන්න. ඕක දාන්න කලිසමේ ෆ්ලයි එකේ දෙපැත්තෙම බොත්තම් කාස තියෙන්නෙ ඕනෙ තමයි. තාත්තා ඉස්සර ඇඳපු මේ ජාතියේ කලිසම් වල අනිත් අංගය තමයි, ඉණ දෙපැත්තෙ බකල් දෙකකුයි, කලිසමේ කකුල් වල අග ෆෝල්ඩ් එකකුයි තියෙන එක.

      Delete
    2. මතකයි..! ඔය බොත්තම අපේ කලිසම් වලටත් දාලා තිබුණා.(බොහොම පුංචි කාලෙ) ඒකට ඒකට හේතුව ගමේ ටේලර් ආතා; ඔහු ළඟ තිබුණෙ ඇන්ටික් බඩුමයි.:)

      Delete
    3. ඒක වෙන්න ඇති, සුමිත්.

      නැතිනම් අපේ කලිසම් වල ඔය ජාතියේ බොත්තම් තිබ්බේ නෑ, තාත්තලගේත් ඉස්සර කලිසම් වල මිසක.

      Delete
    4. හරියට හරි. පින්තූරේ තියන හැඩය තමා ඒවාට තිබුනේ.

      නෑ නෑ මම ඔයාගේ තාත්තට බාලයි. ඔයාට වඩා හයමාසයක් වැඩිමල්. :D :D

      ඔව් අපි ඇඳපු කලිසම්වල දෙපැත්තේ යකඩ (නිකල් ප්ලේටඩ්) බකල් තිබුනා. මුලින්ම තිබුනේ මෙන්න මේවා ඊට පස්සේ ආවා D හැඩයේ ලස්සන බකල් එකක්. ඒකෙ පින්තූරයක් හොයාගන්න නැහැ.

      අපිට ඉතිං මේ වගේ අය හත්දෙනෙකුගේ විතර වයස තියනවනේ. :D :D :D


      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    5. අනේ මේ වගේ අතීත මතකයන්ට මම නම් හරිම මනාපයි...විචාරක තුමා / සුමිත් අයියා / හෙන්රි තුමා, ඔවැනි රසබර අතීතය ගැන ලියන්නකො වැඩිපුර යමක්...එදා ජන ජීවිතය ගැන..

      Delete
  11. හප්පටසිරි විවිදාකාර දේවල් ගිලපු ඈයො ගැන අහල තියනවා හැබැයි බල්බ් එකක් ගිල්ල එකෙක් ගැන ඇහුවමද කොහෙද.
    බලං යනකොට ඩූඩ් අයියා ඒ කාලෙ ඉඳන්ම හොඳ හොඳ වැඩ කරල තියෙනවනෙ. :D

    ඔන්න සීමාවාසිකෙත් කට ලඟටම ආව, නිකන් ඉඳල ඇතිවෙලා එහෙමවත් වෙනසක් වෙන එක හොඳයි කියල හිතෙනවා හැබැයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. උඹලෑ ටෙක්ස්ට් බුක් වලට දාගන්න එපායැ මේක.

      සීමාවාසික කියන්නෙ කට කපලා වැඩ නේ? හොඳයි හොඳයි. නිදාගන්න ඒවා හෙම දැම්ම නිදාගත්තානම් හරි. බ්ලොග් පෝස්ට් හැට හුටහමාරක් ලියලා schedule කරල තිබ්බා නම් ඒත් හරි. ට්‍රිප් යන් ඒවාත් දැන්මම ගියානම් තවත් හොඳයි. ඔය තොටියා, සිඳූ හෙම කියන්නේ.

      හැබෑට කෝ ඒකලා දෙන්නා?

      Delete
    2. දැන් ඉතින් ප්‍රමාද වැඩියි ඒවට.
      අහ් උන් දෙන්න ඔය ඉඳල හිටල ඇවිත් යන්නෙ. සිඳුවා නම් ඊයෙත් පෝස්ට් එකක් දාලා තිබ්බා නේද.

      Delete
    3. තොටියා: ප්‍රසන්ට්.... ඔන්න ඩූඩ් සර් රෙජිස්ටරේ මගේ නම මාර්ක් කොර ගන්ඩෝ

      @ ගිමන්: නිකන් ඉඳල ඇතිවෙලා නම් එන්ඩ එන්ඩ. අපි වැඩ දෙන්නම් හිටු කියන්න

      Delete
    4. Ok, Sinndhu?

      (marking the register)

      Delete
  12. මට එක පාරටම හිතුනේ බැටෙරි කෑලි දෙකකුත් වයර් කෑල්ලකුත් ගිල්ලනම් කනා මැදිරියා වගේ ඉන්න තිබ්බා නේද කියලා

    ReplyDelete
    Replies
    1. එහෙනම් හෙන බ්‍රයිට් පොරක් වෙන්න තිබ්බා. :)

      Delete
  13. මෙයත් බලාගෙන යනකොට ඇන්ඩි වගේමයි. :)

    ReplyDelete
    Replies
    1. ඇන්ඩි ගැන දැනගන්න කලින් මගේ ප්‍රියතම චරිතය ටොම් සෝයර්. දැනුත් එහෙමයි, කතුවරී. :)

      දැන් අප්ඩේට් නොවෙන ලෙඩේ හරිද?

      Delete
    2. මටනම් අදටත් ටොම් සෝයර් තමා පොර... ඌට ගහන්න එකෙක් තාම හම්බුන්නෑ මටනම්..

      Delete
    3. යෑෂ්.. ටොම් සෝයර් එක්ක තියන්න එකෙක් නෑ. මතකනේ පොර වැටේ තීන්ත ගාල කොල්ලෙක්ට ලෙලි යන්න නෙලනවා.. අන්න කොල්ලෝ..

      Delete
  14. [co="blue"]මං හිතුවේ බල්බ් එක ගිලෙන්නේ නැතුව බිම වැටෙන්න ඇති කියල බොරුවට බය වෙලා තියෙන්නේ කියල[/co] , බල්බ් මහත්තයා තව ලොකු බල්බ් එකක් ගිලල බලන්නකෝ ගිනස් වාර්ථාවක් වත් තියන්න :D

    ReplyDelete
    Replies
    1. දැන් නම් කොහොමටවත් බෑ ඉමල්ක. මම දැන් ඩයට් කරනවා. කෑම බීම ගැන හරි පරිස්සම් විශේෂයේන්ම බල්බ් වගේ කැලරි වැඩි දේවල්! 5-p

      Delete
  15. මේ කමෙන්ට් හැම එකක්ම අද හරිම රසවත්..! ඒවට අලගු තියන්නමයි හිත.
    ඒත් මේක හෙන්රිගෙ බ්ලොගනෙ..ඇනයක් වේවි මාව.

    හරිම රසවත් මචං..හිනාසාගරයක්..මට මතක් වෙන්නෙ දෙමල චිත්‍රපටිවල මේ වගේ කාරනා කොච්චර උපයෝගී කරගන්නවද..හාස්‍යය මතුකරන්න. ඒකට අපේ චිත්‍රපටි.හැමදාම එකම විහිලු..නරකද චිත්‍රපටියක් කලොත් එහෙම.

    ReplyDelete
    Replies
    1. උඹ කවදාවත් ඇණයක් වෙන්නේ නෑ මචං.

      ඒකත් නරක නෑ, සල්ලි තියෙනවනම්.

      දැන් උඹත් තාවකාලික තනිකඩයා හන්දා, බ්ලොග් කියවමින් ආතල් එකේ ඉන්නවා නේද? නැතිනම් ඒකෙ අනිත් පැත්තද?

      Delete
  16. [im]http://thumbs.gograph.com/gg4148266.jpg[/im]

    ReplyDelete
    Replies
    1. මරු ග්‍රැ‍ෆික් එක. පැරෂුට්ටෙක් නේද? නැතිනම් අපි අර පැතුමාගේ (රයිටරයගේ) බ්ලොගේ කතා වෙච්ච... =))

      Delete
    2. උඹ කියන්නෙ මටත් ඕකම හිතුනා බං.... තේ ගොටු දෙකයි.... :)

      Delete
  17. අපේ ගමේත් හිටිය දෙමල අය බල්බ් එක කියන එකට කියන්නෙ බලුපුක කියලා..බල්බ් එක ඉල්ලගෙන ෆොටෝ එක අප්ඩේට් කරන්න මහන්සි වෙන්ඩෙපා හෙන්රි..ගන්න අර සී එෆ් එල් දඟර තියෙන බල්බ් එකක්..ගිලින්න..පස්සෙ ඒකෙ ෆොටෝ එකක් ගන්න..ඒක වැඩිය ලේසියි...

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ යාලුවෝ ඉන්නකල් අනාගතේ ගැන බයක් නෑ මචං. ඇත්තෙන්ම ඔය අපාය සහය මිත්‍රයො කියන වචනේ පොඩ්ඩක් අවුල් කරගෙන තියෙන්නේ අපේ සාහිත්‍ය කාරයෝ. අපාය සහය මිත්‍රයා කළ්‍යාණ මිත්‍රයෙක්. ඒ කියන්නේ අපායට ගියත් අතෑරලා යන්නේ නෑ, උදව් කරනවා දිගටම කියන එකයි අදහස.

      Delete
  18. හේ හේ... පොඩි උන් බොත්තං නං ගිලිනවා කියලා අහලා තියෙනවා.. පලුප් එකක් ගිල්ලා කියලා ඇහුවමයි..
    දැන් ඉතින් ඩූඩ් =පලුප්පු ඩූඩ්....

    ReplyDelete
    Replies
    1. කට! කට! බණ්ඩෝ! :-O

      Delete
    2. ප්ලූඩ්... :D

      Delete
  19. අඩේ බැටරි කෑලි දෙකකුත් ගිල්ලනං උඹෙන් අදටත් වැඩක් ගන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. කලාමැදිරියා වගේ ඉන්න තිබුනා.. ලකේ පුයිට්...

      Delete
    2. ඔය 'බඩ එලිය යනවා' කියන සිංහල යෙදුමේ මට උඹලට නැති අමතර අර්ථයක් තියෙන්නේ ඒකයි මචං.

      Delete
  20. හපේ අප්පේ.. "පලුප් මාතියා", රෙජිස්ටර් වෙයි වගේ....

    ReplyDelete
    Replies
    1. මට ඩූඩ් ගේ අම්මා එව්වා ඇක්ස් රේ එක...

      ඕන කෙනෙක් ඉන්නවා නම් මෙතනින් බලන්න.

      https://i.chzbgr.com/maxW500/3675130880/h67AA9CD4/

      Delete
    2. [im] https://i.chzbgr.com/maxW500/3675130880/h67AA9CD4/[/im]

      උඹලා වගේ, යාලුවන්ගේ පරණ X-ray පවා අරං තියන කල්‍යාණ මිත්‍රයො ඉන්නකල්, අපි මොනවට බය වෙනවද මචං?

      [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_thank_you.gif [/im]

      Delete
    3. කොහොමද බන් පින්තූරෙ කොමෙන්ට් එකට දාන්නේ. උඹ කියලා තියෙන විදියට කොරාට ආවේ නෑනේ.. සෙද්ද....

      Delete


    4. [im]https://lh4.googleusercontent.com/-pghU85SIc2U/UYiX4O3zVfI/AAAAAAAAB04/RjN6u7sMj54/h18/Capture.JPG[/im]

      Delete
    5. බලුප් එකේ විදුරු ඔලුව පල්ලෙහට හැරිල ආවනම් සීසර් කේස්ම තමා.
      ඔහොම ගිය එක ඇති නොදරුව.

      Delete
    6. කෙන්ජි උඹත් මාර කතා තමයි කියන්නේ. ඇයි බං ත්‍රෙඩ් එක පැත්ත කලින් ඇවිත් පිට පොට ගියොත් හෙම මොන දෙයියන්ට කියන්නද? :-O

      Delete
    7. හහහා....පට්ට පොටෝව! :)

      Delete
    8. ඇයි බන් හෙන්රි පිට පොට යන්න අනිත් එකෙත් ත්‍රෙඩ් තියනවද?

      Delete
    9. අනික මචං පොට වමටද දකුණටද දන්නෙත් නෑනෙ බං. අනිත් එක මෙට්‍රික් ත්‍රෙඩ් එකයි BS ත්‍රෙඩ් එකයි තිබ්බොත් බඩුම තමයි නේද? y-)

      Delete
  21. දැං හිනා උනත් උඹේ අම්මල කොච්චර ගින්දරකින් ඉන්න ඇද්ද ඒ වෙලාවෙ. පොඩි එවුන්ට ඔයවගේ ගැජට් දෙන්න ඕන බොහොම පරිස්සමින්. (මගේ පොඩ්ඩත් ඔය කාලෙට ලංවෙමින් ඉන්නෙ).

    ඉස්සර අපිට නොතේරෙන කාලෙ අම්මල දෙන්න අකමැතිම දේ තමයි ජිල් බෝල. ජිල් බෝල ගිලපු කීප දෙනෙක්ම ගැන මට මතකයි. එක සැරයක් අපේ නංගි ටිකක් ලොකු මුතු ඇටයක් නහයේ දාගත්ත. ඉස්පිරිතාලෙ යන්න ඔන්න මෙන්න තියා කන් හැන්නදක් නහයට දාල මුතු ඇටේ ගන්න තාත්ත සමත් උනා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, රාජ්. උඹ ඇහැ ගහගෙනම හිටපං. ගෙදරක් කියන්නේ පොඩි ළමයි අනතුරු වලට මූණ දෙන්න පුලුවන් උගුල් වලින් පිරිච්ච තැනක්.

      මම ඔය ගැනත් පෝස්ට් එකක් ලියලා තියෙන්නේ.

      මුතු ඇටේ ගන්න පුලුවන් වෙච්ච නිසා හොඳයි. බැරි වුනා නම් ඒකටත් බැණුම් අහන්න වෙනවා වෛද්‍ය උපදෙස් වලින් තොරව භයානක වැඩක් කරන්න ගියා කියලා.

      Delete
  22. මරු කතාව බලුබ් මහත්තයා. මම වෙන එකක් හිතාගෙන ආවේ බලුබ් මහත්තයා ඒ උනාට කියෙව්වේ වෙන රසම එකක් බලුබ් මහත්තයා.. (බස් එකේ මහත්තයා මතක් උනා.. හැක්..)

    ReplyDelete
    Replies
    1. හා මහත්තයා. ඔහොම යං මහත්තයා. :)

      Delete
  23. අපරාදෙනෙ අච්චර දඟලල ඕක එලියට ගත්තෙ. කටටයි *කටයි වයර් දෙකක් දාල බැට්රි කෑල්ලක් ඇල්ලුවනං යසට ඕක පත්තුකරගෙන ඉන්න තිබ්බනෙ.

    නරකද මේ කාලෙ ආසාවට වගේ අඩි හතරෙ ටියුබ් ලයිට් එකක්වත් ගිලින්න ට්‍රයි කළොත්.

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල උඹ හිටියෙත් නෑනේ ඕක කරන හැටි අහගන්න හරියටම. :))

      ටියුබ් ලයිට් ගිලින පොරවල් ඒ වැඩේ කරනවා දකින ගානේ මම පුදුම වෙනවා ඇයි අපි කලබල වුනේ කියලා මේ ටෝර්ච් බල්බ් එකක් ගැන. :-?

      Delete
  24. ඕක ගන්න ඉස්පිරිතාල ගානේ දුවන්නේ නැතුව ගිනස්කමිටුවට දැන්නුවන්ම් මක් වෙනවයි....

    ReplyDelete
    Replies
    1. වැඩක් වෙන්නේ නෑ මනෝජ්. මෝරෙක් ඒ වෙනකොටත් ඒ වාර්තාව කඩලා ගව් ගානක් ඉස්සරහින් හිටියේ. උගේ බඩේ තිබිලා තියෙන බඩු තොගෙන් එකක් කාර් එකක නම්බර් ප්ලේට් එකක්ලු.

      Delete
  25. Replies
    1. සංජීවටත් ජයම වේවා. :-h

      Delete
  26. වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක් ද ලු. එතකොට බල්බ් එක ගිල්ල එකාට ??

    ReplyDelete
    Replies
    1. මේක ටිකක් අමාරු ප්‍රශ්ණයක්. පාස්! :)

      Delete
  27. ඔය බලුබ් එක ගිලුන නිසා ඇග පුරාම එලිය තියෙන නිසා තමයි,හොද කතා ලියල අපිව විනෝද සාගරෙ ගිල්වල අපේ ජිවිත වලටත් එලිය ලැබෙන්නෙ කියල හිතනව.
    බලුබ් ගිල්ල එකා මෙහෙම ලියනවා නම්,බැට්රි කෑල්ලක් ගිලුන නම් මොනව ලියයිද කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්ජි.

      ඉස්සර, මිනිස්සු ඔය පරණ බැටරි කෙසෙල් ගස් වලට හොඳයි කියලා, ඒවා යට වල දානවා මම දැකලා තියෙනවා.

      දැන්නේ දන්නේ ඒවා අන්තිම විෂයි කියලා.

      Delete
    2. නෑ, ඒ කතාවෙ ඇත්තක් තීනව. මොකද පරණ බැටරි වල තිබ්බෙ ඇමෝනියා, ඒව ගස් වල වර්ධනයට හොඳයි. ඒත් දැන් එන ඒවගි තියෙන්නෙ රසදිය, කැඩිමියම් වගේ මිනිසාට අහිතකර ලෝහ.

      Delete
    3. ඇත්තට? ඉන්දික, නිකං ටෝච් බැටරිවල තියෙන දේවල් වෙනස් වෙලා නෑ මම හිතන්නේ. ඔය නිකල් කැඩ්මියම් ලිතියම් හෙම තියෙන්නේ විශේෂ කැමරා බැටරි රිචාජබල් බැටරි වල හෙම නේද?

      Delete
  28. හෙහ් හෙහ් බල්බ් එක බඩ ඇතුලේ පත්තු වෙනවද බලන්න කරන්න තිබ්බේ බැටරියක ධන අග්‍රය දිවට සම්බන්ධ කරලා සෘණ අග්‍රය වම් කනට හයි කරානම්.

    අපේ මල්ලිටත් බොත්තමක් ගිලිලා "හිලිච්චා අම්මේ, ගිලිච්චා" කිව්වා, මට අද වගේ මතකයි මම හෝ ගාලා කඳුළු පෙරාගෙන ඇඩුව මලයට මොකක් හරි වෙයි කියලා. දෙයියන්ගේ පිහිටෙන් උදේ පාන්දර මිදුලේ කොලේකට දාපු කක්කා ගොඩේ බොත්තම තිබුන.

    ReplyDelete
    Replies
    1. >>මම හෝ ගාලා කඳුළු පෙරාගෙන ඇඩුව මලයට මොකක් හරි වෙයි කියලා.<<

      උඹේ කමෙන්ට් එකේ මම ආසම කෑල්ල මේක. ආදරය උතුරා යනවා.


      >>දෙයියන්ගේ පිහිටෙන් උදේ පාන්දර මිදුලේ කොලේකට දාපු කක්කා ගොඩේ බොත්තම තිබුන.<<

      මේක ගැන ලස්සන කතාවක් ලියන්න මතක් වුනා. පෝස්ට් එකක්ම ලියන්නම්.

      ඔන්න මේ පාර උඹ පාර වරද්දා නොගෙන මගේ ඩෙනිමටම ඇවිත් තියෙනවා. මතක තියාගනින් පාර.

      Delete
  29. Matath eka paarak ara button cell kiyana jaathiye batteriyak gilila thiyanawa..
    Gilila thiyanawa newei. Hithalama gilla! Monawa unaada kiyala ada wenakam danne na.

    ReplyDelete
    Replies
    1. ඒක යන්න ඇති. කොහොමත් අඟහරුවා ඒ ජාතියේ බැටරි ගිලෙන එක මාරාන්තික වෙන්නත් පුළුවන්. සමහර ඒවයේ මර්කරි තියෙනවා මම හිතෙන්නෙ.

      Delete
    2. අඟහරුවෝ.. සිංහලෙන් කොටපන් මචෝ.. මං උඹේ කමෙන්ට් දැක්කම දුවනවා. :)

      Delete
  30. උඹ දන්නවනෙ ඉතිං මං අපේ මලයට ගිල්ලෙව්වෙ ගලක්!! මං ගිල්ලෙ හූණු බිත්තරයක්!! තාත්ත නං කියනව ගිලින්ඩ කලිං ඒක එළියට ගත්ත කියල එයා පැනල.. .ඒත් ඒක ඇහුව දවසෙ ඉඳල මට හිතෙන්නෙ මං ඒක ගිල්ලම කියලයි.
    මගේ ලොකුම වලිය තියෙන්නෙ ගෙදර ඉන්න හූණො එක්ක තමා ඒ හන්ද අදටත්.
    අඩු ගානෙ ගලයි බල්බ් එකයි නං ආපහු ආවනෙ...හූණු බිත්තරේ???

    ReplyDelete
    Replies
    1. මම දන්නවා බං ඒ කතාව.

      මම හිතන්නේ ඒක කටේදිම කැඩෙන්න ඇති කියලා. හූණු බිත්තරයක් කැඩෙන්නෙ නැතිව කටෙන් ගන්න කොච්චර අමාරුද! තාත්තා ලොකු බල්ලගේ හිත හැදෙන්න එහෙම කියන්න ඇති. බිත්තර කරු උඹේ දත් අස්සෙ හිරවෙලා තියෙන්නත් ඇති. කහ මදේයි සුදු මදේයි උගුර දිගේ පල්ලම් බහින්න ඇති... y-)

      Delete
    2. හූනුනොන්ටත් කහ මදයක් තියේ ද?

      Delete
    3. අපරාදෙ.. තාත්තට තිබුණෙ ඒක පරිස්සමට අරගත්ත එකේ ඒකෙන් බුල්ස් අයි එකක් වගේ හදල දෙන්ඩනෙ මට.. නැද්ද බං... එහෙම වුණා නං සොඳුරු අක්කට හරි හමං උත්තරයක් දෙන්ඩ තිබුණ.. කහ මදේ ගැන.. මේ ඩූඩා කියන දේවල් ගැන අබ මල් රේණු තුං කාලක විස්වාසයක් නෑ මට....

      Delete
  31. කොහොම වුනත් මහ කලු සිංහලයාට සුදු වෙන්න තියන අවස්ථාව නැති වෙලා නෙව..අපරාදේ..ඉන්ටර්නල් බල්බ් එළියෙන් හරි සුදු වෙන්නයි තිබුනේ..!!

    කොමෙන්ට් ටිකත් පලිප්පු ඩූඩ්‍ ගෙ කතාවටම මැච් වෙනවා..

    ReplyDelete
    Replies
    1. Back lit, LED Dude වෙන්න තිබ්බ අවස්තාවක්නෙ මම නැතිකරගෙන තියෙන්නේ? :((

      මමත් කමෙන්ට් ටික තාම රස විඳිනවා, රූ.

      Delete
  32. බොරු කියන්න එපා .. මං කියන්නං උන විදිහ...ඔන්න මූ බලුපුක් එක ගිල්ලා. ඩොකා මූව පක්ශාගාත දෙකෙන් කක්කොට්ටා වගෙ ඉන්දලා අධෝමාර්ගෙන් ඒක ගන්න කියල අර මොකක්ද එක දාල එහෙම පටන් ගන්නකොටම ඩොකාගෙ මූනට වැදුනලු ටෝච් පාරක්.. බැලින්නම් ඩුඩ්ඩා බැට්ටියත් ගිලල..

    ReplyDelete
    Replies
    1. මේවා නම් මේ මෙඩිකල් ටෙක්ස්ට් බුක්ස් වලට දාන්නම ඕනෙ කතා. මට ඇඬුනා ඒක කියවලා. :(( ඔය ඩොකාටමද මන්දා ඔය පැත්තක් රවලා බැලුවයි කියලත් කියනවනේ. :))

      Delete
  33. මං නම් මොකුත් ගිලල නෑ මතකේ හැටියට. දෙළුම් ඇටයක් නම් නහය අස්සේ දා ගත්ත ලු.

    ReplyDelete
    Replies
    1. දෙළුම් ඇටෙත් නහයේ හිරකර ගන්න සුදුසු ඇට වර්ගයක් තමයි, චන්දන. Well done!

      Delete
    2. ඇයි කළාඳුරු මල්!! එව්වත් නියමයි!!

      Delete
  34. //“අම්මේ, බල්බ් එක…”

    “බල්බ් එක බින්දා?”

    “නෑ අම්මෙ, බල්බ් එක ගිලුනා.” //

    ඔයා මැරෙනවා...

    //මම බාගෙට අමු කෙසෙල් ගෙඩි කනවා මතකයි. //

    අමු කෙසෙල් ගෙඩි හිරවෙලා ඔයා මැරෙනවා.

    //“පොඩි එකාට කිරි තේ එකක් හදලා දෙන්න. බඩගිනි ඇති. හැබැයි හොඳට නිවලා. මොකද රස්නෙට බල්බ් එක බි‍ඳෙන්න පුලුවන්.”//

    තේ රස්නෙට බල්බය බිඳී ඔයා මැරෙනවා.

    //“එහෙම නොකලොත් ගොයියො බඩ පලල තමයි බල්බ් එක ගන්න වෙන්නෙ” , කියලා කතුරක් පෙන්නලා තර්ජනය කලා. //

    බඩ පලා බල්බය ගැනීමට තැත් කරද්දී ඔයා මැරෙනවා.

    //මගෙ පිලිමයක් බලංගොඩ නගරය මැද්දේ අඹන්නත් කට්ටිය කතා වෙනකොට… //

    ඒ පිලීමේ අඹද්දි ඔයා මැරෙනවා. හී හී…..

    (මාරක කේක් වට්ටෝරුව - Cake of Doom ආශ්‍රිතව රචනා කරන ලදී.) :D

    ReplyDelete
    Replies
    1. බුවාහ හා හා හා

      ++++++++

      Delete
    2. පොඩ්ඩි, මේ කමෙන්ට් එකේ තියෙන නිර්මානශීලී භාවයට මට තනි ඇහැට ඇඬුනා. ඇත්තමයි. මේක හොඳම නිර්මාණශීලී කමෙන්‍ටුව හැටියට නොමිනේට් කරන්න වටිනවා. w-)


      ඌරගේ මාලු ඌරගේ පිටේම තියලා කපලා තියෙන ලස්සන! :)

      Delete
  35. අපේ මලයා ගිල්ලේ නැද්ද අර ඉන්ජෙක්ෂන් එන තුනී බෝතලයක්. අපි ලේ වතුර කරලා හිටියේ. අන්තිමට ආපු එකේ බත් ඇට පිරිලා තිබ්බ.

    ReplyDelete
    Replies
    1. කොහොමද බං ඒ වයල් එකක් ගෙදරට ආවේ? ඒවා කෙලින්ම ඉස්පිරිතාලෙ කුණු බාල්දියට දානවා නේද එවෙලෙම?

      Delete
  36. ප්ලූඩ් අයියේ, අම්මො.. මම මෙච්චර හිනා උනේ කොච්චර කාලේකින්ද මතක නෑ.. මදෑ දැන් ඉතින් නමකුත් වැටුනනේ..ඒත් මම නම් පුංචි අයට එක එක දේවල් ගිලෙනවට හරි බයයි. ඔයාල දන්නවනෙ මල්ලිය බැලුම් බෝල කෑල්ලක් නිසා නැති උන එක.

    ReplyDelete
    Replies
    1. කොච්චර හොඳද හිනාවෙන එක. :)

      අර කතාව මට මතකයි. ඉස්සර අපේ අම්මලත් අපි බැලුම් පුම්බනවටත් වඩා අර පුපුරපු බැලුම කට උඩින් තියලා ඇතුලට ඇදලා පොඩි බැලුම් පුම්බනකොට කෑගහනවා ඔය වැඩේ කරලා ළමයි මැරිලා තියෙනවා කියලා. මම ඔයාගේ කතාව අහනකල් ඒක විශ්වාස කලේ නෑ. ඒක හරිම අවාසනාවන්ත සිද්ධියක්නේ!

      Delete
  37. මම නම් මුකුත් ගිලල නැද්ද කොහෙද.. ඒත් මගේ පෙර පාසලේ යාළුවා නම්, මකන කෑල්ලක් නහයේ හිර කරගත්ත. එයා ඒක හිර වුන වෙලාවේ "අම්මා අම්මා" කියල කෑගැහුව හැටි මට අද වගේ මතකයි. මොන්ටිසෝරියේ අපි ඔක්කොම බය බිරාන්ත වෙලා ඉන්නකොට, ටීචර් ල දෙන්නෙක් එයාව එක්කගෙන එහා පැත්තේ තිබුණු දිස්පැන්සරියට ගිහින්, මකන කෑල්ල අරගෙන තිබුණ.

    ReplyDelete
    Replies
    1. ඔන්න මම නම වෙනස් කළා පලුප්පු මාත්තියා ගේ උපදෙස් අනුව. :D දැන් ලස්සනයි නේද :)

      Delete
    2. අවංකවම මේ නම ලස්සනයි මානවිකා. දැන් කිසි අවුලක් නැතිව අමතන්න පුලුවන්. මොකද අප්පේ අර බ්ලොගේ පොස්ට් කීයක් ඩිලීට් කරලද? මට හිතෙන්නේ එකකට වැඩියි කියලා.

      අනේ පව්. බය වුනාම අම්මා කියලා තමයි කෑගහන්නේ හුඟදෙනෙක්, නේද?

      Delete
    3. එක පොස්ට් එකක් ඩිලීට් කරන්න සිදු වුනා.
      ජීවිතයේ අපට හරි ගිය සහ වැරදුනු අවස්ථා, ජීවිතය පහසු කල සහ දුෂ්කර කල මිනිසුන් ගැන ලියන්න හිතන් උන්නත්, එහෙම ලියන්න ගියොත් ප්‍රශ්න ඇති වෙයි කියල හිතුන. :D
      ඔව් මකන කෑල්ල නහයේ හිර වුනාම මගේ යාළුවාත් අපිත් ගොඩක් බය වුනා. හොඳ වෙලාවට එතනම දිස්පැන්සරියක් තිබුණ. :)

      Delete
  38. දැන් ඉතින් අපටත් පලුප් මාතියා තමා..... ඒ මතක සටහන අම්මා තියාගන ඉන්න එකෙන් තේරෙන්නේ මෙකක් කියලද පලුප් මාතියා හිතන්නේ

    ReplyDelete
    Replies
    1. මොකද පේන්න හිටියෙ නැත්තෙ ලොක්ක?
      බලුප් එක විතරක් නෙමේ තව ගිලපුව ගොඩක් ඇති.ඒකයි අම්ම එකතු කරල අල්මාරියෙ තියන් ඉන්නෙ.

      Delete
    2. කෙන්ජි කියපු උත්තරේද හරි එක නලීන්?

      මට මතක් වුනේ, එක කාන්තාවක් අල්ලපු ගෙදරට ගියාලු මල පැනලා,

      "මේ, ඔයාගෙ පුතා ගඩොල් බාගෙකින් ගහලා අපේ සාලේ ජනේලෙ කුඩු. ගඩොල් බාගේ ටීවී එකේ නොවැදි බේරුනේ අනූ නවයෙන්. අන්න තාම ඒක එතන. මම ඒක එහෙමම තියෙන්න ඇරියා."

      "ඇත්තද? හරි නෝටියා නේ? අනේ මිසිස් සිල්වා, අපිට ඒ ගඩොල් බාගේ ගෙනත් දෙන්නකො. අපි එයාගේ නෝටි වැඩ මතක් වෙන්න ඒවගේ සිහිවටන එකතු කරලා තියාගන්නවා."

      Delete
  39. ඩුඩ් හිහ් හිහ් හිහ්....ඇත්තටම බල්බ් එක මොන රසද? යකඩ රහයිද? :-D :-D

    මට පේන්නේ genetically එන දෙයක්ද කොහෙද...ඒක තමයි අම්මයි ඔයයි කියන්නේ මමත් පොඩි කාලේ කුරුමිනියෝ, සෙල්ලම් කර් රෝද එහෙම කනව කියල :-?

    මේ කෑල්ල කියවලා තව පොඩ්ඩෙන් හිර වෙනව හිහ් හිහ් හිහ් :-D :-D :-D

    " මට සම්මාන දෙන්නත් මගෙ පිලිමයක් බලංගොඩ නගරය මැද්දේ අඹන්නත් කට්ටිය කතා වෙනකොට… "


    මේකටත් පින්තුරයක් අදින්න තිබ්බේ....පොඩි ඩුඩ් බල්බ් එක ගිලල ඉන්නව වගේ... y-)

    හරිම ලස්සන මතකයන් දැන්නම්...ඒත් ආච්චීයි ආතයි කොච්චර බයේ ඉන්න ඇත්ද.... :-O

    ReplyDelete
  40. ඇයි මේ ටික...හි හි හි

    "පස්සෙ “ඉවසීමෙන් සැනසීම ලැබේ”, “උත්සාහවන්තයා ජයගනී” සහ “සොයන්නාට සම්භ වේ” කියන ප්‍රසථා පිරුළු තුන පිලිවෙලින් සැබෑ කරමින්, "

    =)) =)) =))

    ReplyDelete
    Replies
    1. බල්බ් එක මෙටැලික් රහයි. ඇඹුල් රහකුත් තිබ්බද මන්දා.

      හම්මෝ ඔයා ඇක්සල් එකත් එක්ක රෝද සෙට් එකමනේ ගිලින්නේ. අම්මා තමයි ඔයාව ගොඩ දාන්නේ. :-O

      ඒ වෙලාවට මුලු ගමේම ඉන්න අය දෙන උපදෙස් අහගෙන ඉන්නත් එපායැ. හැබැයි ඉස්පිරිතාලෙට ගෙනිච්ච එක ලොකු දෙයක්.

      හයියෝ, පින්තූර අඳින්න වෙලාවක් තිබ්බේ නෑ. හැබැයි ඔය මරු පින්තූර ටිකක් තියෙන්නේ කමෙන්ට් වල.

      Delete
  41. මමත් පොඩි කාලේ සත විසිපහේ කාසියක් ගිලල තියෙනවා. අපේ අම්මත් ඒක තවම තියාගෙන ඉන්නවා. තව මැයි පළවෙනිදා දවසක බෝංචි ඇටයක් නහයට දාගෙනත් තියනවා.

    ReplyDelete
    Replies
    1. ඒ අම්මලගේ හැටියක්ද කොහෙද.

      මේ වැඩේට ලැයිස්තුවක් හදන්නම වෙනවා. මට කොහොමත් listmania තියෙනවනේ.

      නහයට දමා සිරකර ගැනීමට නිර්දේශිත ඇට වර්ග පහත් දැක්වේ.
      ඔළිඳ ඇට,
      මදටිය ඇට,
      ගල් සියඹලා ඇට,
      කඩල ඇට,
      දෙළුම් ඇට,(චන්දන විසින් යෝජනා කරන ලදි)
      බෝංචි ඇට ( සිතුවිලි සිතූ විසින් අලුතින්ම එක් කරන ලදි.)

      Delete
  42. අප්පා...ඩුඩ් එසේ මේසේ කෙනෙක් නෙමෙයි ඈ..... මට මේ සීන් ටික මැවිලා පෙනුනා හරියට කතාවක් වගේ..... හිනා ගිහින් පණ ගියෝ.... =))

    ReplyDelete
    Replies
    1. මේවා සමන්ළී, Drama in Real Life® !
      ඉහත ලැයිස්තුවට මොකුත් එකතු කරන්න දෙයක් කරලා නෑ නේ?

      Delete
    2. අර උඩින්ම තියෙන හිරු අක්කගේ කමෙන්ට් එකට දැම්මේ හැකරැල්ලෙක් කාලා තියෙනෝ කියලා..... දැක්කේ නැතෙයි....... :-?

      Delete
    3. සමාවෙන සේක්වා. මේ අනිත් උන් ගිලලා තියෙන දේවලුයි, නහයේ හිරකරගෙන තියෙන දේවලුයි කියවලා මාව ෆුල් හොල්මං වෙලා හිටියේ මේ කමෙන්ට් එක දානකොට. හැක‍රැල්ලානම් නිකම් පැණි වලලු ටෙක්ස්චර් එකට බැදපු ඉස්සො රහට තියෙන්න ඇති ලුණු අඩුවට. :-?

      Delete
  43. එක එක ජාතියේ ඒවා ගිලපු එවුන් දැකල තිබුණත් බල්බ් ගිලපු එකෙක් ඇහුවාමයි. හැබැයි අපි දැනුත් වෙන විදියකට බල්බ් ගිල්ලවනවා. බල්බ් එක විතරක් නෙවෙයි ඒකත් එක්ක කැමරාවකුත් තියන 'එන්ඩස්කෝප්' කියලා කියන ගැජට් එක. මේක බාගවෙලාවට ඩූඩ් ඒකාලේ එන්ඩස්කෝප් එකක් හදන්න මූලික අදියරේ පරීක්ෂණ දියත් කරද්දී වුන අත්වැරදීමක්ද දන්නෙත් නෑ නේද?

    ReplyDelete
  44. අර පිළිමේ හැදුවාම මෙන්න මේ වගේ තියේවි නෙහ් [im]http://cyberloom.files.wordpress.com/2009/01/lightbulb-man-on-pedestal_0.jpg?w=545[/im]

    ReplyDelete
    Replies
    1. මේ ටෙක්ස්ට් බුක් නම් අලුතින් ලියන්න කාලේ හරි වගේ. ඒ සිද්දියෙන් තමයි එන්ඩොස්කොපි වලට පාර ඇරුනේ. ඔය සිද්ධිය ගැන දිගින් දිගටම හිතපු කෙනෙක් තමයි බල්බ් එකට අමතරව ලේසර් එකයි කැමරාවයි වැක්‍යූම් ක්ලීනරෙයි ඔප්ටික් ෆයිබර් තාක්ෂණයි ඔක්කෝ එකට එකතු කරලා වැඩේ දුන්නේ. :)

      තොටියා, මේ පින්තූරේ නම් පට්ට පට පට. ඔය වගේම තමයි ඒ හදන්න සැලසුම් කරපු එක. නමුත් එකම වෙනස බල්බ් එක තිබ්බේ ඔතන නෙවේ. :))

      Delete
  45. අර මැජික් කාරයෝ කඩු ගිලින එකේ බල්බ් නම් මොනාද පලුප් මාතියා! :D
    තව අපේ පැත්තේ එකෙක් ඉන්නවා සල්ලි ඔට්ටුවට දාලා ටියුබ් ලයිට් හපලා කනවා.පොඩි කාලෙම ඕක පුරුදු වුනා නම් සරටත් අද හොඳ ගානක් හොයාගන්න තිබ්බා :)

    ReplyDelete
    Replies
    1. මම ඉස්සෙල්ලම ඔය ටියුබ් ලයිට් කන ගල් ගිලින බුවෙක් දැක්කේ මරදානේ New Olympia එකේ සෙකන්ඩ් ක්ලාස් පෝලිමේ ඉන්න කොට. ඔය ඉස්කෝලෙන් පැනලා ‍ෆිල්ම් බලන්න යන කාලේ.

      Delete
  46. මේක මම නම් විහිලුවක් වගේ දැක්කෙ නෑ....මේ වගේ දෙයක් වුනාම දෙමාපියන්ගෙ හිතේ ඇතිවන චකිතය..භය වගේ දේවල් තමා මම කල්පනා කලේ (දෙමාපියෙක් වෙන්න කල වයස හරිද මන්දා) බල්බ් එක බඩ ඇතුලෙ බිදෙයිද ? ඔපරේෂන් එකක් කරන්න වෙයිද...ඔය වගේ ගැටලු ගොඩක් අද වුනත් ඇති වෙන එක පුදුමයක් නෙමෙයි.

    මම අවුරුදු 8ක විතර කාලෙ මට වඩා අවුරුදු 3 වයසින් අඩු මගේ මලයා එක්ක දිගටම ෆයිට්...දවසක් මේකා මට උල් කරපු ගමන් අලුත්ම පැන්සලකින් මූණට ඇන්නා...හරියටම මගේ වම් ඇහැට අගලකට විතර යටින්...පැන්සල එළියට අදිනකොට ඒකෙ මිනිරන් තුඩ නෑ...දොස්තර මහත්තයා කිව්වා මිනිරන් ඇගට අගුණ නෑ ඒ නිසා ඕක එළියට ගන්න වදවෙන්න අවශ්‍ය නෑ කියලා...ඒ පැන්සල් තුඩ අදත් මගෙ මූණෙ පේන්න තියෙනවා...මාව හම්බවෙච්ච දවසක් මතක් කරලා අහන්න...

    ReplyDelete
    Replies
    1. සිරා, පැන්සල් තුඩ එළියට ගන්න මහා සර්ජරියක් අවශ්‍ය නැති නිසා ගත්තා නම් හොඳ ඇති. මොකද විෂ නැති වුනත් ආගන්තුක ද්‍රව්‍ය වටේට පිළිකා සෛල වැඩෙන්න ඉඩ තියෙනවා නේද. ගනිං බලන්න සෙකන්ඩ් ඔපීනියන් එකක් වෙන ඩොකෙක්ගෙන්.

      Delete
    2. හොද අදහස..මම මගේ යාලු ඩොකෙක්ගෙන්ම අහලා බලන්නම්...

      Delete
  47. මන්නම් ටොනික් මූඩියක් ඇරෙන්න වෙනමුකුත් ගිලලා නෑ ...

    ReplyDelete
    Replies
    1. සයිස් එක නම් අවුලක් නැතුව ඇති, නමුත් දාර ටික තමයි අවුල නේ? :))

      Delete
    2. ඒකනම් ගත්තේ අනිත් පැත්තෙන් නෙවේ.මග හිරවෙලා හුස්ම යන්නේ එදාලු.අපේ පොඩි අය්යා ඇගිල්ල දාලා කටෙන්මයි අරන් තියෙන්නේ.මට එච්චර මතක නෑ.ගොඩක්ම පොඩි කාලේ

      Delete
  48. පොඩි කාලෙ කාන්දම් කෑල්ලක් ගිල්ලා මතකයි. මම තක්බීර් වෙලා බලන් ඉන්න කොට ලග ඉන්න එකෙක් කියනවා බඩ දිගේ උඩට යකඩ කෑල්ලක් අල්ලගෙන යන්නලු. ඒතකොට කාන්දම් කෑල්ල ආපහු කටින්ම එළියට ඒවිලු. :D :D ඔය වගේ සීන් එකක් උනාම මුලු ගමේම ඉන්නෙ MBBS කරපු උන් :D

    ReplyDelete
    Replies
    1. සිරාවටම? ඒක නම් මරු උපදේසෙ තිළිණ.

      ඇත්තෙන්ම ඒ වෙලාවට ලැබෙන උපදෙස් ටිකෙන් බ්ලොග් පෝස්ට් ලියන්න පුලුවන් හැට හුටහමාරක්!

      Delete
  49. මම ගිලල තියෙන්නේ බට්ටා ඔරලෝසුවක දැති රෝදයකුයි ශත 5ක් විතරමයි.

    ReplyDelete
    Replies
    1. සත පහ නම් GST හරි VAT හරි කියමුකෝ. දැති රෝදේ ගිල්ලේ, වැඩි කරන ජනතාව සංකේතවත් වෙන්නද, නැතිනම් වෙලාවට වැඩ කිරීම ගැන ආදර්ශයක් බවට පත් වෙන්නද?

      කොහොමත් උඹ ටික් ටික් ගාන්නේ නෑ නේද ඔලුව වන වන? :))

      Delete
    2. පොඩි කාලේ පොඩි ටින් ටින් ගතියක් තිබුල තියෙනවා . :P

      Delete
  50. ඔය අතරේ මට මෙන්න මෙහෙම කතාවකුත් මතක් වුනා... අනික් දවසේ මොනවා කෑවත් මැනලා බලන්න පුරුදු වෙන්න.. මෙන්න මේ වගේ .......... =))

    "එක් පුද්ගලයෙක් අවන්හලට ගොඩවූයේ වඳුරෙකු ද සමඟය. මත්පැන් ඇණවුම් කළ ඔහු එය පානය කරමින් සිටියදී වඳුරා සෑම තැනම දුවන්න පනින්න පටන් ගත්තේය. බාර් කවුන්ටරයේ තිබූ ඔලිව්ස් ගෙඩි කිහිපයක් ඩැහැගත් වඳුරා එය ගිල දැමුවේය. ඉන්පසු එතැන තිබූ දෙහි පෙති කිහිපයක් කෑවේය.
    අනතුරුව කුඩා බිලියඩ් මේසය මතට පැන්න වඳුරා එහි තිබූ බෝලයක් ඩැහැගෙන එය උගේ කටට ඇතුළු කර ඉන්පසුව එය සම්පූර්ණයෙන් ම ගිල දැමුවේය.
    බාර් කීපර් පුද්ගලයාට කෑගැසුවේය. “ඔබ දැක්කද ඔබේ වඳුරා මේ දැන් කළේ මොකක්ද කියලා?”
    ”නැහැ, මොකක්ද?” පුද්ගලයා ඇසුවේය.
    ”ඌ මේ දැන් මගේ බිලියඩ් බෝලයක් සම්පූර්ණයෙන් ම ගිල්ලා” බාර්කීපර් පැවසීය.
    ”ආ... ඒක මට පුදුමයක් නෙවෙයි.” පුද්ගලයා පිළිතුරු දුන්නේය.” පේන්න තියෙන හැම දෙයක්ම ඒ මෝඩයා කනවා. බිලියඩ් බෝලෙටයි අනෙක් ඒවටයි මම ගෙවන්නම්” යැයි පැවසූ ඔහු සිය බිල ගෙවා දමා පිටත්ව ගියේය.
    දෙසතියකට පසුව ඔහු යළි ඒ අවන්හලට පැමිණියේය. එවිටද ඔහු සමග ඒ වඳුරා සිටියේය. ඔහු මත්පැන් ඇනවුම් කළ අතර වඳුරා යළි බාර් එක වටේ දුවන්න පටන් ගත්තේය.
    පුද්ගලයා බීම පානය කරමින් සිටින අතරදී වඳුරාට චෙරී ගෙඩියක් හමුවිය. එය ඩැහැගත් ඌ චෙරී ගෙඩිය පස්සා පැත්තට ඇතුළු කර, යළි එළියට ගෙන එය කා දැමුවේය.
    බාර්කීපර්ට මහත් පිළිකුලක් ඇති විය. “ඔබේ වඳුරා දැන් කළ දේ ඔබ දුටුවාද?” ඔහු එම පුද්ගලයාගෙන් විමසුවේය.
    ”ඒ පාර මොකක්ද?” පුද්ගලයා පෙරළා ප්‍රශ්න කළේය.
    ”ඌ චෙරී ගෙඩියක් උගේ පස්ස පැත්තෙ ගහලා, ආයෙත් ඒක එළියට අරගෙන කෑවා” බාර්කීපර් කීවේය.
    ”ආ... ඒක මට පුදුමයක් නෙවෙයි” පුද්ගලයා පැවසීය. “ඌ තාමත්, පේන්න තියෙන හැම දෙයක්ම කනවා. නමුත් අර බම්බු බිලියඩ් බෝලය කාපු දවසේ පටන් යමක් කන්න ඉස්සෙල්ලා ඌ ඒක මැනලා බලනවා.” =))

    ReplyDelete
    Replies
    1. :)) මේ සංකල්පයෙන්ම තමයි මම හිතන්නේ "උගත් පාඩම් හා ප්‍රතිසංවිධානය" ගැන අදහසක් පහල වෙන්න ඇත්තේ කට්ටියට.
      මේ කමෙන්ට් එක ලියන්න වෙච්ච්ච මහන්සිය මම ඉහලින් අගය කරනවා :-h

      Delete
  51. ඈ මචෝ, තව ගිලපු ඒවා තියෙනවද උඹේ ලැයිස්තුවේ ?

    ReplyDelete
    Replies
    1. නෑ මචං. නමුත් ටොපියක් ගිලුනාම උඹට ඇතිවෙන හැඟීමත් මට ඇතිවෙන "අපරාදේ!" කියන හැඟීමමද කියලා මම දැනගන්න කැමතියි.

      Delete
    2. එක මචං ගිලෙන ටොපියේ හැටියට තමයි

      Delete
  52. අනිත් ඒවනං මං දන්නේ නැහැ.. ඒත් උඹ ලෝකයේ පහල වෙලා දැනටත් ඉන්න ශ්‍රේෂ්ඨම පුග්ගලයෙක් උපන්න ඉස්පිටිතාලේ දවසක් හරි ඉන්න පින් කොරපු එකෙක් කියලා පොරකාස කොරනන් ඇහැකි.. :D

    ReplyDelete
    Replies
    1. කුතුහලය අවුස්සන්නේ නැතිව කියහංකො කවුද ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලයා කියලා. මම නම් නෙවෙයි, මම ඉපදුනේ බො‍රැල්ලේ.

      Delete
    2. හෙහ් හෙහ් හෙහ්.... වෙන කවුද බොල ඉතිං මං තුමා මිසක්.

      (වෙලාවට මාරයා එයාගේ නම දාගන්න ඉස්සෙල්ලා මං දාගත්තා. ඇති යන්තම්... හ්සූසූසූ.....)


      ...
      හෙන්රි අයියේ, අපේ මාරයත් බලන්ගොඩ ඉඳලා තියෙනවා...

      Delete
  53. අපේ නෑදෑ වෙන පොඩි එකෙක් ගිල්ලෙ මැජික් බෝල. දන්නවනෙ මැජික් බෝල. පහුගිය කාලෙ හරියට ජනප්‍රිය වෙලා තිබ්බෙ. පාට පාට ඇට වගෙයි තියෙන්නෙ වතුරට දාපුවම ජිල් බෝල විතර සයිස් එකට ලොකු වෙනවා. ජෙලි වගේ. ඒවා වීදුරු භාජන වල දාලා තියෙනවා ලස්සනට. මේ පොඩි එකා ගිල්ලෙ නැද්ද ඒවා අහුරක් අරගෙන. පොඩි එකාගෙ අම්මල තාත්තලා මේකව උස්සගෙන දිව්ව ඉස්පිරිතාලෙ. ඉස්පිරිතාලෙ අයටත් හිතාගන්න බෑලු මූට මොන බෙහෙතක් දෙන්නද කියලා කලින් ඔහොම දේවල් වෙලා නැති හන්දා. කොහොම හරි දවස් දෙකක් විතර ඉස්පිරිතාලෙ ඉඳලා කොල්ලා ගෙදර ආවා යහතින්. මම මුගෙන් ඇහුවා මොකද කොල්ලො ඒවා කෑවෙ කියලා. මූ කියපි ඒව ටොපි රහද කියල බලන්නලු කෑවෙ.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒවා ටොපි රහලුද? :)

      2006දි මැජික් බෝල පුරවපු වතුර බෝතල් දෙකක් තාම අන්න අපේ ගෙදර තිබ්බ. ඒවා බෝල කිව්වට මේ එක එක සත්තුන්ගේ හැඩේටත් තියෙනවා නේද?

      Delete
  54. අර ඇන්ඩිගෙ කතාව කියවන්න ආවම තමයි මේ කතාව දැක්කෙ.
    //“අම්මේ, බල්බ් එක…”

    “බල්බ් එක බින්දා?”

    “නෑ අම්මෙ, බල්බ් එක ගිලුනා.”

    “මොකක්?” // =)) =)) =))
    කතාව කියවන්න පටන් ගත්තෙම ඇතිවෙන්න හිනාවෙලා. මට මැවිල පේනවා මේ වෙලාවෙ ඩූඩ්ගෙ අම්මා ඩූඩ් දිහා බලන්න ඇති විදිහ.

    //ඔය ලමයට කොහොමහරි කවන්න බාගෙට ඉදිච්ච කෝලිකුට්‍ටු ගෙඩි. එතකොට ඒකෙ කහට බල්බ් එක වටේ බැ‍ඳෙනවා. එතකොට ලේසියකට බල්බ් එක බි‍ඳෙන්නෙ නෑ//

    කවුද දන්නෙ නෑ ඊට කලින් බාගෙට ඉදිච්ච කෝලිකුට්‍ටු ගෙඩියක් කෑවම බල්බ් එක බිඳෙන්නෙ නෑ කියල හොයා ගත්ත කෙනා :-? මම නම් එහෙම එකක් ඇහුවමයි.

    මම නම් ඔහොම දේවල් මොකුත්ම ගිලල නෑ. වෙන එකක් තියා මහන්සි වෙලා උයන කෑම ටික කවන්න හැදුවත් ඒකවත් ගිලින්නෙ නෑ කියල තමයි මම බැනුම් අහන්නෙ :D

    ReplyDelete
    Replies
    1. Chams, ඒ කෙසෙල් කතාව නම්, මමත් ඊට කලින් වත්, ඊට පස්සෙවත් අහලා නෑ. ඒක සමහරවිට කෙනෙකුට එවෙලේ ආපු brainwave එකක් වෙන්නැති. මම guinea pig වෙන්නැති. :D

      අනේ අපේ ළමයිනුත් නොකන දේවල් වැඩියි කන දේට වඩා. ඒකට අපි! :))

      Delete
  55. ඔය තරම් බරපතල නොවුනත් අහම්ඹයෙක් දවසක ගිලල...පස්සෙ විනෝදෙට ගිලපු දේවලුත් තිබ්බා.අපි පුංචි කාලේ...කෙල්ලොම තුන් දෙනා.මම වැඩිමලා.මට බොහෝ කලකට පස්සෙ තමා නංගිලා උපන්නේ. නංගිල පුංචි සංදියේ මම ස්කෝලෙ දෙකේ තුනේ විතර.
    ඔන්න තිං දවසක්. පුංචිම එකා මම දහම් පාසල් දාගෙන යන සුදු පබළු මාලේ කඩල.ගේ පුරා ඉහිරවලා. මං එනකොට මේකා ඒව අහුල අහුල කටේ දානවා. මම මගේ මාලෙ ගැන තැවුලෙන් කෑගහද්දි ,අම්ම ඇවිත් පොඩි එකාව කුදලන් ගියා.
    ඊට පස්සෙ අම්මගෙ පූර්ව අධික්ෂණය යටතේ පොඩි එකාගේ කක්ක නිරීක්ෂණය කරන්න සිද්ධ වුනත් , පබළුවක් දැක්ක ගමන් ඒක ගමම දැන ගන්නේ පුංචි සහෝදරියන්ගෙ ඝෝෂාව නිසා...

    නියම ලිවිල්ල යාළු...........නියමම නියමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සොසී. මගේ ඩෙනිමට බෙර ගසා, නලා පිඹ, හුරේ දමා පිළිගන්නවා. :-h

      ඒ අම්මාගේ පූර්ව අධීක්ෂණය යටතේ කක්කා නිරීක්ෂනය කෙරෙනකොට නංගිලාගේ හුරේ දැමිල්ල නම් හරිම රසවත් සිද්ධියක්. ඒක ඔයාට තවත් කැටයම් දාලා, වැඩ දාලා බ්ලොග් එකේ ලියන්න තිබ්බනේ. :))

      මටත් සොඳුරු සිත පැත්තේ ගොඩ වදින එක අතපසු වුනා කොහොම හරි. යන්න ඕනෙ බලන්න.

      Delete
  56. අපොයි පොඩි බ්ලොග් වෝකර් ටත් වෙච්චි වැඩ....පලුප්පු ගිලලා නම් ආපි කෙනෙක් තාම මුණ ගැහුනේ නෑ., ඒත් හෙණ දඟ පොඩි එවුන් එනවා, ජිල් බෝල ටීක් බෝල ගිලලා එහෙම නැත්නම් මකන කෑලි ගිලලා. තවත් අයියෙක් ආවා නහය දිගටම කඩල ඇට දාගෙන නංගිගේ නහයටත් එහෙමම කඩල ඇට දාලා.. ඔන්න දඟ මලු වල තරම... හොඳ කතාව ඩූඩ් !

    ReplyDelete
    Replies
    1. නංගිගේ නහයටයි එයාගේ නහයටයි දෙකටම කඩල ඇට පුරවලා!! මේකා අදහන්න වටිනවනේ? :-O

      Delete
  57. පොඩි කාලෙ මට ඔහොම මොනාවත් ගිලිලනං නෑ. ඒත් වෙන වෙන ‘අ‘ යනු, ‘ම‘ යනු ‘න‘ යනු වැඩනං ගොඩක් කරල තියෙනව :-)

    ReplyDelete
    Replies
    1. ‘අ‘ යනු, ‘ම‘ යනු ‘න‘ යනු වැඩනං අපි කවුරුත් කරන්නේ. ඔය ලොකු ලොක්කොත් කරන්නේ! හැබැයි අකුරු ගිලපු වුනුත් ඉන්නවා. බින්දුව 'O' අකුර නම් එච්චරම අවුලකුත් නෑ. :D

      Delete
  58. උඹට විදුලි බල ඇමතිකම දෙන්න වටිනවා!

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බං බල්බ් එකක් ගිල්ලට. අනික මේක DCනේ. අර වැඩේට අඩුම ගානේ බලාගාරයක්වත් ගිලින්න ඕනෙ. :D

      Delete
  59. මේ බුලත්ගම පල්ලිය ගැනද කියන්නේ? ඩූඩ් කොහෙද එහේ?

    ReplyDelete
    Replies
    1. නෑ රංගි. මේ බලංගොඩ පල්ලියක්. යල්කුඹුරද කොහෙද වගේ මතක.

      Delete
  60. අපොයි .... හරිම වැඩ තමයි කරන්නේ නේද, අපේ අය්යත් එක පාරක් මට මතකයි ඇණයක් ගිලල ගෙදර එකම කාලගෝට්ටියක් උනා. මට ඇත්තටම එදා හිතුනා මමත් මොනවා හරි ගිලින්නම ඕනේ කියල. මොකද එතරම් සැලකිල්ලක් ලැබුනේ අපේ අය්යට..... අපරාදේ මට ටික දවසකින්ම ඒක අමතක වෙලා ගියානේ.....

    ReplyDelete
    Replies
    1. දැන් මතක් වුන එකේ උපේක්ෂා වහාම ක්‍රියාත්මක වෙන පරිදි මොනවා හරි ගිල දාවි කියලා මම අපේක්ෂා කරනවා. :D

      සාදරයෙන් පිළිගන්නවා මගේ ඩෙනිමට. :-h

      Delete
  61. Ape iskole ekek 3 wasaredi Swimming gihin awith kiyanawa "mama ada pool 1e wathura tikak gilla" kiyala. Ehayin hiti ekek panapu gaman kiwwa "eeya mama ada okata c*u karath ekka.."
    aroo thawa monawado kiyan aawath meka panthiya 2k wenna andanna gaththe nadda? Passe mamath pora wage kiwwa "hari ehenam bada kapala wathura tika aran daamu" kiyala. Moo baya una paara kelinma gihin nathara une iskole "Sick Room" eke. (Ethana thama leda unu ayawa nawaththanne)
    Passe ethana Matron kohoma hari shape karala ewwa hawas weddi :-)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට නම් හරිම හුරතල් කතා පොඩ්ඩක් ඒක. අමතක නොවන අත්දැකීම්නේ? :)

      Delete
  62. මං දැක්කා කනේ කිනිතුල්ලෙක් හිරකරගත්තු පොඩි එකෙක්. පව්. ගන්න ගිහිං තවත් ඌ අස්සේ හිරවෙලා ඒ මදිවට කණ කනවලු.

    ReplyDelete
    Replies
    1. යකෝ ඌ මහ අවස්ථාවාදී කිණිතුල්ලෙක්නේ, නේද?

      Delete
  63. බුදු කිරි අප්පච්චියේ බල්බ් එකක් ගිය දුර... ඇඬෙනවා.. නියම පෝස්ටුව ඩූඩ් අයියේ..

    මම අලුතෙන් බ්ලොග් එකක් පටන් ගත්තා.. වෙලාවක් තියනවා නම් පොඩ්ඩක් ගොඩවෙලා යන්න..

    http://mathakamawatha.blogspot.com/?m=1

    ReplyDelete
    Replies
    1. ඔන්න මම ඒ පැත්තේ ගියා සචින්. අලුත් බ්ලොගට ජයවේවා!

      දන්නවද, කෙනෙක් අලුත් බ්ලොගක් පටන් ගන්න ගානේ, අවම වශයෙන්, අපි අතරේ ඉන්න "මොකක්ද බං බ්ලොග් එකක් කියන්නේ?" කියලා අහන උන්ගෙන් එකෙක් ස්ටිරවම අඩුවෙන බව? :))

      Delete
  64. හෙන්රි සහෝදරය;
    දැන් මේ රසවත් කතාන්දරය කියපු ගොඩක් අය වෙන්න අම්මල/තාත්තල තමයි ඉන්නෙ.අපි වගෙ රවීන්ද්‍රලා/මාලනිලා නෙමේනේ.
    දරුවන් ලැබෙන්න සහ ඉදිරියේදී බලාපොරොත්තු වන අයට ප්‍රයෝජනය පිණිස,
    >>ළදරුවකු අනවශ්‍ය යමක් ගිල දැමු විට,උගුරයේ හෝ මග සිර වුන විට ළදරුවාගේ ශරීරය නිල් පැහැ ගැන්වීමට ප්‍රථම,කකුල් දෙකෙන් ඉහලට ඔසවා පිටට තට්ටු කර දෙන ප්‍රථමාදාර ගැන ලිපියක් ලිව්වොත් ලොකු දෙයක්<<.
    නැත්නම් සම හරක් හෙන්රිගේ රෙකෝඩ් කඩන්න කියල පොඩි එව්වන්ට එක එක දේවල් ගිලින්න කියල වීඩියෝ කොරයි කියල බය නිසයි කිව්වෙ අප්ප.

    ReplyDelete
    Replies
    1. උඹ බය නොවී ඉඳින් කෙන්ජි. එහෙම වෙන්නේ නෑ.:)

      අනික ප්‍රථමාධාර ගැන කියාදෙන එක සුදුසුකම් ලත් කෙනෙක්ම කරන එකයි සුදුසු. මොකද නොදන්න දෙමලෙට ගිහින් වරිගේ නහගන්නේ.

      Delete
  65. දිවුල් කාපු අලියා වගේ නෙව.. හෙහ් හෙහ් හෙහ්...

    ඒක නෙව මං එදත් බැලුවේ පලුප්පු මාතියා මෙච්චර කළු මොකද කියලා. බලනකොට ජීවනාලෝකය පශ්චිම යාමයෙන් එලියට ගත්තු නිසානේ එහෙම වෙලා තියෙන්නේ. ශරීර කූඩුවම අඳුරු වෙලා. දුකේ බෑ. :(

    වයර් එකක් පාස්සලා ඕක ගිල්ලනම් කොහොම තියෙයිද? වයර් එකේ එක කොනක් කටින් එලියට අරන් අනික් කොන බල්බ් එකත් එක්ක *කෙන් එලියට අරන්. එහෙම උනානම් හදිස්සියකට අම්මලාට ඔයාව බැඳලා තියලා කොහේ හරිගිහින් එන්න උණත් තිබුනා.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා බං. අලියා කාපු දිවුල වගේ නෙවෙයි. මේකෙ කෑලි ඔක්කොම තිබ්බා ඒ විදියටම.

      උඹත් මේ වර්ණබේදවාදී ප්‍රකාශ ඉගෙන ගන්න ඇත්තේ අර වෙනියගෙන් වෙන්න ඕනෙ. :(

      එක පුලියේ දාගෙන යන්නේ කොහොමද බං යන යන තැන! :D

      Delete
  66. අය්යෝ. මට පම්පෝරි ගහන්න දෙයක් නැනෙ.මං පොඩි කාලෙ මොකුත්ම ගිලල නැ.

    හැබැයි ලොකු කාලෙ නම් නූලෙන් කැරපොත්තෙක් කනව, ඉන්දිආප්පයි මස් හොදියි කද්දි.
    ගෙදර අය නම් කියන්නෙ මන් ඌව කැව කියල. කව්ද ඕව ගනන් ගන්නෙ. ඊරිසියාවට කියන කතා!

    ReplyDelete
    Replies
    1. ඒ කැරපොත්තා ගිලපු නිසා ඒ විලි ලැජ්ජාවෙන් බේරෙනවා! මාත් හිතන්නේ ඌව කැවන්න ඇති. දත් අස්සෙ අඬු හෙමත් හිරවෙලා තියෙන්න ඇති රෑ දත් මදිනකල්. s-)

      Delete
  67. ඊට පස්සෙ බලුප් එක ටෝච් එකකට දාල බැළුවෙ නැද්ද පත්තු වෙනවද කියලා ?

    ReplyDelete
    Replies
    1. බැලුවා බං. නියමෙට පත්තු වෙනවා. අන්න බල්බ්!

      Delete
  68. ඔයාගේ මේ පොස්ට් එකේ කමෙන්ට්ස් වලන් අනික් බ්ලොගර්ස්ලාට පුංචි කාලේ වෙලා තියෙන කතා හුගක් දැන ගන්න ලැබුනා y-)

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>