Monday, May 13, 2013

72. මාලු කඩේ කතාවක්. At the Fish Market

ඒ මම කොට අදින ඉස්කෝලෙ උගන්නන කාලේ.  චිත්‍ර ඉගැන්නුවෙ නාලන්ද කියලා අනවර්ත නාමයක් තිබ්බ  බුවෙක්.  නේරු කිව්වම සරනේරුද කියලා අහන්නෙ පොර තමයි. මියුරල් හෙම ලෙසටම කරනවා. ඔන්න ඉස්කෝලෙ බිත්තියෙත් එකක් කරල තියෙනව මම දැක්කා ගිය වෙලාවක.

මොකක්දෝ  දානෙකට මාලු ගන්න, පොර තව බුවෙක් එක්ක ගිහින් පට්ට පාන්දර මාලු මාකට් එකට. (කොයි එකටද කියලා අහන්න එපා, කියන්නෙ නෑ) බලන බලන පැත්තෙ ඉන්නෙ මරුමුස් ඩයල් හින්දා, අපේ ඩයල් දෙක කිට්ටු කලාලු  රෙද්දයි හැට්ටෙයි ඇඳපු, තරබාරු, මාලු විකුනන අක්කා කෙනෙක් ලඟට. 


ඉතින් කට රතුවෙන්න බුලත් විටක් අඹරමින් හිටි පුෂ්ඨිමත් අක්කා මුන්ව දැක්ක ගමන්, 'පෲස්' ගාලා රතු බුලත් කෙළ පාරක් කානුවට විදලා , ගොරෝසු හඬින්,

“ආ එන්න එන්න මහත්තයා..එන්න, එන්න,” කියලා වෙල්කම් කරලා ලෑල්ලෙ ඉන්න මාලු ගැන ගුණ කථනයකුත් කලාලු. 

නාලන්දයත් කතාව අහගෙන ඉඳලා එක මාලුවෙක් පෙන්නලා , "මේක කපලා දෙන්නකො," කිව්වලු.

අක්කත් 'චට-පට' ගාල ඇඟිලි ඇට කඩලා, පිහිය 'චාස්-චාස්' ගාලා ගලේ උලලා, දෙන්න පටන් ගත්තලු ගේම. 

ඔහොම කපාගෙන කපාගෙන යනකොට කට්ටක් අහුවෙලා. 

අක්ක පිහිය උඩටම උස්සලා චකාස් ගාල කොටන්න හදන කොටම… කොහොමද මේක කියන්නෙ...? ම්ම්ම්? , අර හිර හැට්ටෙ යටින් පැන්නලුනෙ ඒ පැත්තෙ රණ තිසරා එලියට!

නාලන්දයටයි, අනිත් එකාටයි,  කරගන්න දෙයක් නැතුව නන්නත්තාර වෙලා, සීන් එක නොදැක්ක වගෙ ඇඹරි ඇඹරි ඉන්නවලු හරියට ගලේ පහරපු බළල්ලු දෙන්න වගෙ . වැරදිලාවත් 'හිකිස්' ගෑවුනොත් හෙම ඉතින් සොරි ඩොට් කොම් තමයිනේ.

දැන් මාලු අක්ක එහෙමම අත් දෙක බාගෙට උස්සගෙන. අත් දෙකේම මාලු ලේ, එක අතක් පිහිය! 


අපේ ඩයල් දෙක අක්කා දිහා නොබලා වෙන හැම දිහාම බලනවලු. අක්කගේ  ලෑල්ලේ තියෙන අනිත් මාලු, අනිත් ලෑලිවල තියෙන මාලු, ඒ මාලු වෙලෙන්දො ඒ අනිත් මාලු විකුණන හැටි, තව වෙළෙන්දෙක් පිහිය මුවත් තියන හැටි, කාක්කෝ ඇවිත් උදේම කරව් කරන දිහා, අනිත් මාලු ලෑලි වලට මාලු ගන්න ඇවිත් ඉන්න මිනිස්සු, දිහා ඔය වගේ මාලු වෙලඳ පොළකට අදාල සියළු දර්ශණ. 

අක්ක ටිකක් වෙලා බලං ඉඳලා කිව්වලු,

“මේ මහත්තයො මේ, බල බල ඉඳල හරියන්නේ නෑ. තරහ නැතුව මෙන්න මේක ඇතුලට ඔබනවද මේ වැඩේ ඉවරයක් කරන්න ඕනෙ නම්,” කියලා.

ඉතින් ඌ එහෙම කලාද නැද්ද කියන එකත් මෙතනට අදාල නැහැ. අනික ඌ අපිට ඕක කිව්වෙ ඌට නෙවෙයි වෙන ඩයල් එකකට වෙච්ච කතාවක් හැටියට. මට නං ඕක විස්වාස නෑ. හරියට මේක මට වෙච්ච දෙයක් නෙවෙයි කියන එක උඹලට විස්වාස නෑ වගේ.
 
කවුරු හරි කියනවනම් ඕක තමන්ටයි වුනේ කියලා, දාන්න කමෙන්ට් එකක්, අනේ කිසි ප්‍රශ්ණයක් නෑ. නාලන්දයත් නිර්දෝශි වෙනව.  

දෙන්න හඬ – මෙන්න ඉඩ.

ඔය කියන දවසෙම මාලු ටිකත් අරන් මාකට් එකෙන් එලියට ආපු හීන්දෑරි පොරවල් දෙකක් හිනාවෙලා හිනාවෙලා තව පොඩ්ඩෙන් ඉල ඇට කීපෙකුත් කැඩිලා, හකු දෙකකුත් පැන්නා කියලයි ආරංචිය


ප.ලි: මේක උඹට තමයි වුනේ යන ප්‍රකාශය හුදෙක් යල් පැනගිය පිළුණු වූ විහිලුවක් ලෙස සලකනු ලබන බව කරුණාවෙන් සලකන්න.

මෙය මට හිතෙන හැටි බ්ලොග් අඩවිය සඳහා ලියූවක් වුවත්, මුල් වරට අන්තිම පේලියේ (The Last Row) මවිසින් පළ කල කතාවක් බව කරුණාවෙන් සලකන්න. 

104 comments:

  1. ඔව් නේන්නං හෙන අමාරුවෙන් හරි දාන්න එපායැ නැත්නං කොහොමෙයි මාළු ගෙනියන්නේ.. පට්ට රස කතාව...

    ReplyDelete
  2. අපොයි මේක උනේ හෙන්රිට නෙවෙයි කියලා 1000%ක් සුවර්..මොකද කවුරුවත් දැක්කෙ නෑනෙ හෙන් රිගෙ අතක් පයක් කපලා දාපු සීන් එකක්..මම අන්තිමට දැකපු වෙලාවෙ නම් කකුල් හතරම තිබ්බා සෝක් එකට..
    මොකද අර අක්කා "මහත්තයා මේක ඇතුලට දාන්න " කිව්වෙ හෙන් රිට නම් එහෙම ඕක වෙන්නෙ මෙහෙමයි.. අර පැනපු රණ තිසරාව අල්ලලා හැට්ටෙ යටින් පොඩ්ඩක් ඈත් කරලා දාන්න හදන කොට ඕක ලිස්සලා යනවා..යාළුවට කියනවා හෙන්රි "මචන් මේ හැට්ටෙ ඇදලා අල්ල ගනින් මේක ඇතුලට දාන්න" කියලා..එහෙම යාළුවගෙ උදව් ගත්තත් මේ වැක්කෙරෙන තනේ ඇතුලට දාන්න බැරි වෙනවා මේ ඩබලටම..අතගාලා රවුම් කරලා දාන්න දඟලන කොට අක්කට තේරෙන්නෙ වෙන දෙයක්.."ඈ යකෝ මන් කිව්වෙ ඇතුලට දාන්න මිසක් ඕක හුරතල් කර කර ඉන්න නෙවෙයිනෙ" කියලා අක්ක මාළු කපන පිහියෙන්ම දෙනවා හෙන්රිගෙ අත දෙකට කැපෙන්නාම..එහෙම උනේ නැති නිසා සුවර් මේකට මූණ පෑවෙ වෙන ඩබලක්ම තමයි..

    ReplyDelete
    Replies
    1. වෙනි අයියාගේ කමෙන්ට් එකත් හරියට ඇන්ඩිගෙ කතාව වගේ,

      Delete
    2. කතාවත් හරි.. මේ කමෙන්ට් එකත් හරි... හි හි

      Delete
    3. දවසේ කියමන..වෙනී අයියගෙ අත් දෙකත් හොදට තිබුනා මමත් අන්තිමට මෙයාව දකිනකොට...ඒ හින්දා මෙයා වෙන්නත් බෑ...

      Delete
    4. අඩුම ගානේ එකෙක් හරි මාව විශ්වාස කරපු එකම මට ඇති. ස්තුතියි වෙනී. කොක්කෙන් බැරි නම් කෙක්කෙන් කිව්වලු.

      Delete
    5. හි හි...
      හි හි...
      හි හි...
      හි හි...

      Delete
  3. අනේ බං හෙන්රියෝ ඔය මාලු විකුණන වයසේ අක්කලාට කොහෙද බං රණ තිසරු.. ? අනික එහෙවු එවුවා කොහෙද බං එලියට පනින්නෙ එලියට වැක්කෙරෙනවා මිස ? අනේ හෙන්රි මල්ලියෙ මෙන්න මේක එකතුකරලා ඔබාපන්කො කියල නං කිවුව කියල හිතාගන්න පුලුවං..

    ReplyDelete
    Replies
    1. උඹ ඕක කලින් කියලා තිබ්බා නම් එහෙම වෙනස් කරන්නත් තිබ්බා. ඕකටනෙ කියන්නේ අත්දැකීම් කියලා. අපි දන්නේ මොනවද! :))

      Delete
  4. ඔය මාළු අක්කල ඔය තරම් හොදින් ඕක කියයිද කියලයි මට සැක... ඔහොම නෙමෙයි, "කොහෙද මහත්තයෝ ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ වටපිට බලන්නේ? අද මාළු ගෙනියන්න ඕනිනම් හදාපිය .......... මගේ හැට්ටේ හරියට සේරම ඇතුලට දාලා" වගේ වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන් නදිනි. ඉතින් අහිංසම මං ලිව්වේ අරූ කිව්ව විදියටනේ. :-SS

      Delete
    2. @Nadini Abenayaka,
      හුඟක් අය එහෙම කතා කරන්නෙ නැහැ , ඔයාට සමාජය ගැන වැරදි වැටහීමක් තියෙන්නෙ.

      Delete
    3. @ Uwiniran
      අපෝ මම එක මහා සමාජ විග්‍රහයකින් දාපු කමෙන්ට් එකක් නෙමෙයි, ඒක විහිළුවක් විතරයි අනික එයාල සැර පරුෂ කට්ටිය හැටියටනේ ප්‍රසිද්ධ. ඒකයි එහෙම දැම්මේ...

      Delete
  5. ඔය වැඩේ උනේ ඉතින් මේ ලියන ඇත්තන්ට නෙමේ. ඔය කියලා තියෙන අර අහිංසක චිත්‍ර ගුරාටයි. ඒකනේ බලා ඉඳලා වගේ විස්තර කරලා තියෙන්නේ. කාක්කෝ කරව් කරපු හැටියි, අල්ලපු ලෑල්ලේ මාලු කපපු හැටියි. ඒ ඔක්කොම මතක තිබිලා තියෙන හැටි නේද? :)

    ReplyDelete
    Replies
    1. කතුවරීට ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්යැ. ඒ ඉතින් නිර්මාණාත්මක හැකියාවනේ. හික් හික්. :)

      Delete
  6. ටන් එලියට දාන කතාව මතක් උනා....

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ කටේ ටන් දැම්මලු නේද ...

      Delete
    2. මම එක ලියන්න කියලා හිතා උන්නේ. ඒත් කට්ටිය දන්නවා එහෙනම්

      Delete
    3. ඕක දුකා ලියලා තිබුනා කාළෙකට කලින්. ඌ දැන් කොමෙන්ට් තියා පෝස්ට් එකක්වත් දාන්නේ කළාතුරකින්... මම කිව්වා ආයෙත් දාන්න කියලා... කෝ තාම නෑ.. හිතුනොත් මමත් ලියන්න ඉන්නේ.. දන්නෙ නැති අය ඉන්නවනේ..

      Delete
    4. ඔව් බං ඉතින් කවදාවත් කවුරුවත් අහපු නැති කතා විතරක් ලියන්න ගියොත්, ඒක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි. අපි මොන කතාව කිව්වත් කවුරු හරි ඒක අහලා තියෙන්න පුලුවන්. එහෙම වෙන්නත් එපායැ හරි නම්.

      Delete
  7. හම්මේ මාළු මාකට් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ.. එහෙ තියෙන්නේ වෙනමම සංස්කෘතියක්.

    මගේ හිත කියන්නෙම මේක වුනේ සමාන්තර ලෝකෙක ඩුඩ් කියන මනුස්සයෙකුට කියලා..!

    දවසක් මුදලාලි කෙනෙක් මගේ අතින් ඇදන් ගිහින් බලෙන් මාළු ගනින් කිව්වා. මම පැනලා දුවලා ගියා

    ReplyDelete
    Replies
    1. සමාන්තර ලෝකෙක ඩූඩ් කෙනෙකුට වෙන්න බෑ. සමාන්තර ලෝකෙක නාලන්දයෙකුට වෙන්න පුලුවන්.

      උඹ මාර බේරිල්ලක්නේ බේරිලා තියෙන්න! :))

      Delete
  8. රණ තිසරු එලියට පනිනවට වඩා වේගෙන් අර උඩ චිත්‍රතේ ඉන්න ඩයල් දෙකේ ඇස් ගෙඩි දෙක එලියට පැනලානේ:-O

    අපි මාළු ගන්න ගියාම ඔය සින් වෙන්නේ නැහැනේ:((

    ReplyDelete
    Replies
    1. ඔව්, පස්සෙ අමාරුවෙන් ඇස් ඇතුලට අරන් තමයිලු අර අහක බලලා තියෙන්නේ. :D

      අපිට වෙන්නෙත් නෑ මනෝජ්. කොටින්ම අපි මාලු ගන්න මාකට් එකට යන්නෙත් නෑනේ. :)

      Delete
  9. දැන් එතකොට තාම එළියේද?? ඇතුලට දැම්මේ නැද්ද???

    ReplyDelete
    Replies
    1. ඔය දෙන්නෙ සයි ඔප් පාරක්. අපි නම් අහුවෙයි ඕවට! :))

      Delete
  10. මම මාළු ගන්න ගිය වෙලාවක ලස්සන අක්කා කෙනෙක්ට ඔහොම අකර තැබ්බක් උනොත් එහෙම ඒ වගේ උදව්වක් කරන්න මම කැමැති ..හික් හික්

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් කොයි කාටත් උදව් කරන්න කැමති Good Samaritan නේ. :))

      Delete
  11. ඈහ්හ් එහෙමත් වෙලාද...හරිපුදුම ජනකයි !!

    ඩූඩ් අන්තිම පේලියෙ ලියන වගක් මම දැනන් උන්නෙ නෑනෙ..

    ReplyDelete
    Replies
    1. මම ඒකෙන් තමයි සෙන්නා, ඇත්තටම සිංහල බ්ලොග් වලට ඇබ්බැහි වුනේ. ඔබා, ජයියා, ඕනයා, අවංක පැට්ටා, උකුස්සා හෙම අඳුනාගත්තේ, ඉස්සෙල්ලම කතාවක් දෙකක් ලිව්වේ.

      Delete
  12. අසරණයෝ..... මේ වෙලාවට මතක් වෙන්නේ ඒකාවනේ හික්ස්

    ReplyDelete
    Replies
    1. මතක් වෙන්නේ කොයි එකාවද රාජ්?

      Delete
  13. හපෝයි !! ලැජ්ජ වෙන්න ඕන අය නෙවෙයි නේ ලැජ්ජාවෙන් පොලොව පලාගෙන යන්න හදල තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. ඔය මම ආශ්‍රය කරන කවුරුත්, මම වගේම ලැජ්ජා බයට හැදිච්ච කට්ටිය තමයි මානවිකා. s-)

      Delete
  14. ඕක වෙලා තියෙන්නෙ මෙහමයි කියලයි මාළු අක්කා කියලා තියෙන්නෙ මගෙ හොදම යාළුවෙක් එක්ක.
    නාලන්දයා මාළු අක්කගෙ ඉල්ලීම ඉටු කරන්න හදනකොට ම, ඩූඩ් කිව්වලු ‘ඒක හරිම අසාධාරණයි නෙ අක්කේ. ඔයා අනිත් එකත් එළියට දාන්න. අපි දෙන්නටම පුළුවන් එතකොට ඇතුලට දාන්න‘ කියලා.

    ReplyDelete
    Replies
    1. අපේ මාමත් කන් පාත් වෙන්න අනුමත වෙලා ඉන්නකොට නිතර කිව්ව වාක්‍යයක් තමයි, "ශමාජේ අපි ඔක්කොම ශමාණයි," කියන එක.

      Delete
  15. ඕක උනේ ඩූඩ්ට නෙමෙයිම කියමුකෙ. ඊටපස්සෙ ඒක අල්ලල ඇතුලට දැම්මද?

    අර චිත්‍රෙ වැරදි ඈන්ගල් එකකින් ඇඳපු එක ගැන බලවත් විරෝධය.

    ReplyDelete
    Replies
    1. උඹට මතකද කලින් පෝස්ට් එකේ බලු බෙට්ටට වෙච්ච වැඩේ? ඈන්ගල් එක වෙනස් කලානම් ඒ සන්තෑසියමයි වෙන්නේ. h-(

      Delete
  16. දාන්න දන්නා එලියට පැන්නද දන්නේ නෑ ?

    ReplyDelete
    Replies
    1. නාලන්දයා තමයි මචං දන්නේ. මම හිටියේ නෑනේ. :-?

      Delete
  17. කියන්න එපා කියලා තියන හන්දා කියන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. අඩු ගානේ එකෙකුට හරි තේරුනා. :D

      Delete
  18. සිත්තරේ ගැන නම් එච්චර සතුටු වෙන්න බෑ ඩූඩ්..සෑහෙන්න ඔළුව පාවිච්චි කරලා තියනවා!!

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ නෙට් එකෙන් ගත්තු එකක් කියලා. රූගෙ කමෙන්ට් එක දැකලා හොඳට බැලුවම තමා හණ ගහලා තියනවා දැක්කෙ.. අද අමුතුම එකක්. ඉංග්‍රීසි පත්තර වල කාටුන් තියනවා ඔය වගේ..

      Delete
    2. උඹලා දන්නවද මේක ඇන්දේ කොහොමද කියලා? ග්‍රැ‍ෆික්ස් ටැබ්ලට්, ස්ටයිලස්, කොළ පැන්සල් මොකුත් නෑ. ඕෆ් පීරියඩ් එකකදි, ස්ටාෆ් රූම් එකේ ඉන්න ගමන් MS Paint වල මවුස් එකෙන් ඇන්දෙ අමුවටම. නරකම නෑ නේ? මම නම් හිතුවටත් වැඩිය හොඳට ආවා.

      Delete
  19. ඩූඩ් හොඳටම නරක් වෙලා. කෝ මේ දීපා? :D :D

    ReplyDelete
    Replies
    1. නරක් නොවී තියෙයියෑ ආශ්‍රය කරන උන් බැලුවම.

      පිටි ගෝනියක ගුල්ලො දෙතුන් දෙනෙක් ඉන්න එක සාමාන්‍යයි.
      ගුල්ලෝ ගෝනියක පිටි චූට්ටක් කී දවසක් තියෙයිද?

      මේ ඉන්නෙ. මේ ඉන්නේ. :p

      Delete
  20. ඔය කියන ගෑනු පරාන ඉන්නෙ මිගමු,හලාවත කලපු ලග තියෙන මාළු මාකර්ට් වල.
    අම්මණ්ඩි ල කියපු දේ නොකෙරුවොත් මන්න පාර ෂුවර්.
    මම කියපු ලෙසටම කරල ආපු වාර ගාන මතකත් නැහැ.

    ReplyDelete
    Replies
    1. >> මම කියපු ලෙසටම කරල ආපු වාර ගාන මතකත් නැහැ.<< =))

      NO COMMENT.

      Delete
    2. කේවල් නොකර කියපු ගාන දීල මාළු අරගෙන ආපු එක.

      Delete
  21. බොහෝම කල්පනා කාරීව කමෙන්ටුවක් නැතහොත් දෙකක් පමණක් දැමිය යුතු වර්ගයේ පෝස්ටුවක්.මගේ ඊළඟ වාරය සඳහා පසුව පැමිණෙන්නම් ...

    ReplyDelete
    Replies
    1. සහන් ආරක්ෂාකාරී ඉරියව්වක් අනුගමනය කරමින් පාදයක් පි‍ටුපසට ගෙන... :D

      Delete
    2. මොකෝ මේ ලැජ්ජා හිතිලා ... හි හි

      Delete
  22. ඔච්චර මාලු ගන්න යන අපට කවදාවත් ඔහොම උදව්වක් කරන්න වෙලා නෑනෙ බං,
    උඹට නෙවෙයි මේක සිද්ද උනේ කියල නං බුදු ෂුවර්,එහෙම කියන්න කියල උඹ කිව්වත් මම නං කියන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. මීට පස්සෙ යනකොට ඕනෑම අවස්තාවකට මූණ දෙන්න හැකිවෙන ආකාරයට ග්ලව්ස් ජෝඩුවකුත් අරං පලයංකො.

      උඹ බුද්ධිමත් එකා බව මම දන්නවා මචං, ඒකනෙ උඹට ඔච්චර ෂුවර්.

      Delete
  23. මම නම් මස් මාළු විකුනන්න තියන තැනක හතර මායිමක පස් පාගන්නේ නෑ.. ඉතින් මට නම් මෙහෙම දේවල් වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. අඟහරු පැටියට නම් ඉතින් මෙහෙම වෙන එකක් නෑ කවදාවත්. හික් හික්! y-)

      Delete
  24. ෂෙහ්...අපරාදේ නේ චෑන්ස් එක. මම කියන්නේ ඔයාට මිස් වෙච්ච :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. චෑන්ස් එක??????????? හපොයි බං! :-O

      Delete
    2. ඩූඩ් උඹට තේරුනා නේද මුන්ට කබ්බො කියන්නෙ ඇයි කියලා?

      Delete
  25. මැවිලා පෙනේවි රූපේ :D

    ReplyDelete
    Replies
    1. ඇයි ඔය ඇඳලත් තියෙන්නේ. :)

      Delete
  26. සරත් ලංකාප්‍රිය කිව්වා වගේ, ඔව්වා රණ තිසරු නෙවේ. රණ (තඩි) කළුකුන්. :D :D අත් දෙකෙන්ම උස්සලා කිලෝ පහේ හාල් මල්ලක් ලොකු ගෝනියක් ඇතුලට දානවා වගේ දාන්න වෙන්නේ. ඩූඩ් ට මතකද 1970 දශකයේ සිංහල චිත්‍රපටියක තියනවා, ලිලියන් එදිරිසිංහ හෝ පර්ල් වාසුදේවී දෙන්නාගෙන් එක්කෙනෙම් එළවලු වෙළෙන්දියක් ලෙස එළවලු වට්ටිය ඔළුවේ තියාගෙන යනවා. දොන් සිරිසේන හෝ බී.එස්. පෙරේරා ඇඟේ හැප්පීම නිසා වට්ටිය වැටෙනවා. වට්ටිය ආපහු උස්සලා දීපන් කිව්වම වෙලේන්දියගේ චීත්තෙයත් එක්කම අල්ලලා තමයි උස්සන්නේ. මේ වනචර අධ්‍යක්ෂවරයා එතනින් ජවනිකාව කැපුවනේ උගේ..........

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇඟ කීරි ගැහෙනවා විචාරකගේ විශ්ලේෂණය ඇහුවම. හයියෝ! :-O

      Delete
  27. ඔය මාළු වැව් මාළු වෙන්න ඇති. ඒකයි හංසයා බලන්න ඔළුව දාල මාළු කපන දිහා. :D

    ReplyDelete
    Replies
    1. වෙන්නැති බං. අරූගෙන් තමයි අහන්න ඕනෙ. ඒ වුනාට වැව් මාලු තියෙනවද ඔය මාළු මාකට් වල?

      Delete
    2. කොහොමද චන්දන අයියා කැත නැතුව සාහිතයෙන් කමෙන්ට් කරපු ලස්සන...

      Delete
  28. අන්තිම පේලියෙන් කතාව කියවා ඇත. ඒත් ඉතින් ඒකෙ චිත්තරේ තිබ්බෙ නෑනෙ. මේක හොඳා

    ReplyDelete
    Replies
    1. උකුස්, චිත්තරේට අමතරව මේක තව එඩිට් කලා අතින් පයින් කෑලි දාලා, ඔය කාක්කෝ කරව් කරන ඒවා හෙම. :D

      Delete
  29. ඈ බන් ඩූඩ් අයියෙ ඔය රණ තිසරා සාමාන්‍යයෙන් දාන භාජනේ එදා මාලු අක්කට අදින්න අමතක වෙලාද ?

    ReplyDelete
    Replies
    1. එයාල යටට බොඩිය අදින්නෙ නැහැ මලේ.තදට හැට්ටෙන් තමා වසාගෙන ඉන්නෙ.ඉතින් එයාලගෙන් කපන මාළු ගන්න යන වල් එව්වන්ට් තමයි එහෙම අකරතැබ්බ වෙන්නෙ.මම නම් එයාලගෙන් ගන්නෙ පොඩි කූරි මාළුමයි.

      Delete
    2. කියන්න අමතක වුනා ඉස්සර බොඩිය තමා දැන් එලද "බ්‍රා" කියන්නෙ.

      Delete
    3. මම සිරාට කියන්න හැදුවේ මම කොහොමද යකෝ දන්නේ කියලා. ඔය කෙන්ජි කරලා තියෙන්නෙ අධයාපන වටිනාකමක් ඇති පැහැදිලි කිරීමක්. :D

      Delete
    4. කෙන්ජි අයියා තමයි ඉතිං මේ වගේ දෙයක් අහගන්න අපට ඉන්න හොදම කෙනා...

      Delete
  30. අම්මෝ හිනා වෙලාම පන ගියා.. හැබැයි ඔතන ඩූඩ් අයියා හිටිය වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..

    කොහොමහරි මං නම් හිටියෙ නෑ අයියෙ හරිද??? :ඩී

    ReplyDelete
    Replies
    1. උඹ එතන හිටියේ නැති බව මට ෂුවර් සචින්, මොකද මේක අරූ මට කිව්වේ 1994 නැතිනම් පහේ වගේ. උඹ පොඩියට ඉන්න ඇත්තේ.

      Delete
    2. අපෝ නෑ අයියෙ මං ඉපදුනෙත් 1995.. දැන් නම් ඩූඩ් අයියා කියනවද අංකල් කියනවද කියලත් හිතන්න වෙනවා වගේ.. :P

      Delete
  31. මමත් වැල්ලට යනවා මාලු ගේන්න. අම්මෝ මේක මතක තියෙනකල් නැන්දාගෙන් නම් මාලු ගන්නෙ නෑ. බය හිතුනත් ජපන් පන්සලේ වහලේ වගේ රැවුල තියෙන මාමලාගෙන් මාලු ගන්නවා මිසක්කා......!

    ReplyDelete
    Replies
    1. අර මං කිව්වා වගේ ග්ලව්ස් දෙකක් අරං යමං බය නැතුව.

      ජපන් පන්සලේ වහලේ වගේ ‍රැවුල! =))

      යකෝ අපි කිව්වේ බයිසිකල් හැඬල් එක වගේ කියලා. මේ කෑල්ලට කොපි රයිට් ඇති නේහ්?

      Delete
  32. උඹ මෙව්වා ලියනකොට මට ආයේ අරවා ලියන්ඩ හිතෙනවා

    ReplyDelete
    Replies
    1. මේ, උඹත් ඔය වෙසක් කලාපයක් වත් දාහං. හිත නිවෙන කතාවක් තියෙන.

      Delete
  33. හපොයි දරුණු තත්වයක් නොවැ උදාවෙලා තියෙන්නෙ:D.
    මම හිතන්නෙ ඩූඩ් අයිය ඔතන ඇසින් දුටු සාක්ශි කාරයෙක්ද මන්දා.

    ReplyDelete
    Replies
    1. ඉතාම අර්බුදකාරී තත්වයක්. උද්ධමනයේ ප්‍රතිඵලයක්.

      එහෙම හිතෙන්න තමයි ලියලා තියෙන්නේ. හික්ස්.

      Delete
  34. එක පාරින් ඇතුලට දාලා දුන්නද දන්නේ නෑනේ?

    ReplyDelete
    Replies
    1. නිකං හි‍ටු කටට උත්තරේ දීලා ඔව් කියවා ගන්න ට්‍රයි නොකර.

      Delete
  35. මගේ පළමුවෙනි විරෝධතාව, මගේ නම අනිසි විදිහට පාවිච්චි කිරීම...

    දෙක. චිත්‍රය වැරදි කෝණයෙන් ඇඳීම...

    තුන. ඌ ඕක ඇතුලට දැම්මද නැද්ද කියලා අපිට නොකීම. දැම්මද නොදැම්මද, අක්කගේ ප්‍රතිචාරය මොකද්ද කියන එක කිව්ව නම් අනාගතයේ මාළු ලෑලි වල ඉන්න අක්කලගේ ඕවා එලියට පැන්නහම මොකද කරන්නේ කියලා ඉගෙනගන්න තිබ්බා.

    බළල් බෙටි කතාවත් කියෙව්වා... උඹලා මැෂින් වගේ ලියනවා, කියවන අපි හතිදාගෙන අදින්න ඕනේ. දවසක් දෙකක් නිවාඩු දැම්මොත් අනාථයි.

    ReplyDelete
    Replies
    1. ප්‍ර: මගේ පළමුවෙනි විරෝධතාව, මගේ නම අනිසි විදිහට පාවිච්චි කිරීම...
      පි: ඉස්සෙල්ලම ඕක කලේ සිතුම් පැතුම් රයිටරයා.

      ප්‍ර:චිත්‍රය වැරදි කෝණයෙන් ඇඳීම...
      පි:උඹට මතකද කලින් පෝස්ට් එකේ බලු බෙට්ටටේ පින්තූරෙට වෙච්ච වැඩේ? ඈන්ගල් එක වෙනස් කලානම් ඒ සන්තෑසියමයි වෙන්නේ.

      ප්‍ර:ඌ ඕක ඇතුලට දැම්මද නැද්ද කියලා අපිට නොකීම. දැම්මද නොදැම්මද, අක්කගේ ප්‍රතිචාරය මොකද්ද කියන එක කිව්ව නම් අනාගතයේ මාළු ලෑලි වල ඉන්න අක්කලගේ ඕවා එලියට පැන්නහම මොකද කරන්නේ කියලා ඉගෙනගන්න තිබ්බා.
      පි:උඹ හිතුවද මේක අර උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කමි‍ටුවේ වාර්තාවක් කියලා. මම ඔය දේශපාලනේට නෑනේ.


      >>උඹලා මැෂින් වගේ ලියනවා,<<
      ඉතින් උඹත් ලියහංකෝ කම්මැලියෝ.

      :D

      Delete
  36. හයියෝ..... මාළු.... හික්... හික්...

    ReplyDelete
    Replies
    1. මාළු තෙල් වල ඔමේගා බී සංයෝගය අඩංගුයි. හිනා වෙන්න එපා.

      Delete
  37. //“මේ මහත්තයො මේ, බල බල ඉඳල හරියන්නේ නෑ. තරහ නැතුව මෙන්න මේක ඇතුලට ඔබනවද මේ වැඩේ ඉවරයක් කරන්න ඕනෙ නම්,” //

    මචන් ඔය ඇතුලට ඔබන්න කියලා තියෙන්නේ, මල්ලක් අස්සට අර කපාපු මාළු ටික නේද?

    ReplyDelete
    Replies
    1. හැබෑටම ! ඔන්න උඹ තව කැමරා ඈන්ගල් එකක් පාවිච්චි කරලා. :D

      Delete
  38. මාත් අහුවුනා හෙන්‍රියෝ මාකට් එකේදි බොරු නෑයෙකුට,

    මාළු මාකට් එකට ගියේ නැති කට්ටිය ගිහින් බලන්න, නෑයො ගොඩක් හම්බ වෙයි, මටත් එහෙම හම්බ උනා, නෑදෑ කමට කිලෝ 1යි ග්‍රෑම් 300ක්ම අඩුවෙන් දාල තිබ්බ.
    චිත්‍රෙ අගෙයි[ ඇඳලා තියෙන ක්‍රමය බැලුවහම]

    ReplyDelete
    Replies
    1. ඔව් බං, නෑදෑයෝ ගොඩයි. සමහරවිට උං නෑදෑයොත් වෙන්න ඇති බං. ඒකනේ අපිට එහෙම කරන්නේ.
      c-)
      ස්තුතියි බං. තිබිච්ච පහසුකම් වල හැටියට චිත්‍රය ඉහටත් උඩින් කියලා මටත් හිතුනා. මොකද මවුස් එකක් ඔය පැන්සලක් වගේ කන්ට්‍රෝල් කරන්නත් අමාරුනේ.

      Delete
  39. අනේ පනේ තනේ පෙනේ තමා ඉතිං...

    ReplyDelete
    Replies
    1. තනි පදේ කවිය නේ?

      ඕක ගජමන් නෝනට කිව්ව එකක් මම හිතන්නේ.

      Delete
  40. Kora wenna hina.mata nikan mavila penuna.thawa dekakuth kiyewwa.lesatama liyanawa.maru

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දමිත්. හරිම සතු‍ටුයි අලුත් පාඨකයෙකුගේ අදහස් දැනගන්න ලැබීම ගැන. මගේ ඩෙනිමට සාදරයෙන් පිළිගන්නවා. :-h

      Delete
  41. හයියූ... උන් දෙන්නා ඊට පස්සේ ආයේ මාර්කට් ගියාද දන්නෑ..
    මාර වැඩේ කියන්නේ වූඩ් මම මේ ලිපිය කියවන්න පටාන් ගන්න කොටම තියන අර මුල්ම වාක්‍යයේ 'ට'යන්නක් වැඩිපුර එක්කනේ කියෙව්වේ. ඇස් චෙක් කර ගන්න වෙයිද මන්දා.
    ආ.. දැන් තව අතුරු ප්‍රශ්නයක් ඩූඩ්ට යොමු කරනවා. අද ඊයෙ මෙහේ පත්තර වල තිබුනා ගුරුවරියන්ට සාරිය ඔසරිය වෙනුවට 'වඩාත් සංවර' ඇඳුමක් යෝජනා කරන කතාවක්.ඕකට අර හංසයොත් වක්‍රව සම්බන්ධයි. මේකත් කියවන්නකෝ
    සාරිය-ඔසරිය වෙනුවට ගුරුවරියන්ට නිල ඇඳුමක්
    රටවල් දෙකක උගන්නපු ටීචර් කෙනෙක් විදියට ඩූඩ්ගේ අදහස් මොකක්ද?

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඇස් චෙක් කරන්නම වෙනවා. නැතිනම් හිතේ තිබ්බ දෙයක්ද දන්නෙත් නෑනේ දෘශ්ඨි මායාවක් වගේ ආපු.

      ඔය ප්‍රශ්ණෙට මම අත දාන්න කැමති නෑ තොටියා. ඕක කක්කා බාල්දියක්. අනික මම තවත් ලංකාවේ වැඩ නොකරන නිසා ඔය ගැන මත ප්‍රකාශ කරන එක සදාචාර සම්පන්න නෑ මම හිතන්නේ.

      නමුත් මූලික වශයෙන්, මම නම් නිළ ඇඳුමක් ඇඳගෙන වැඩ කරන්න කැමති නෑ.

      සාරිය කලිසමකට වඩා ඩීසන්ට් ඇඳුමක් කියලා හිතලා ඉස්කෝලෙට යන අම්මලටත් සාරි ඇඳගෙන යන්න බල කරන රටේ මේ මොකද වෙන්න යන්නේ කියලා මට හිතාගන්න බෑ. ඒ මොකද සාරිය ඔය කියන විදියෙ සංවර ඇඳුමක් කියලා මම කවදාවත් විශ්වාස නොකරපු නිසා. අනික සාරිය මාරක ඇඳුමක් මෝටසයිකල්වල, බස් වල යන කාන්තාවන්ට.

      නමුත් එහෙම කියලා මුන්දලා යෝජනා කරන්නේ මොකක්ද කියලා මට හිතාගන්න බෑ. බලමු.

      Delete
  42. තිසරු ඔහොම හිරකරගෙන ඉන්න එක හොදයැ. :O පව් නිදහසේ ඉන්න ඕන සත්තුනෙ.... ;) :D

    ReplyDelete
    Replies
    1. ලංකා සත්ව වේදීන්ගේ සංගමය.

      The American Humane Society.

      Delete
  43. මේ කතාව නාලන්දාත් දැකලා කමෙන්ට් කරයිද දන්නෑ. :D

    ReplyDelete
  44. පුදුමයි අතක් පයක් කඩා ගන්නේ නැතුව බේරිලා ආවා. :D

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>