Sunday, May 19, 2013

74. හොර ඇල්ලීම - Exposer

 
මේත් පෝල් ජෙනිංස්ගෙ කෙටි කතාවක්. සරළ කතාවක් වගේ පෙනුනට එහෙමමත් නෑ.


෴හොර ඇල්ලීම - ExPoser෴

අපේ පන්තියෙ ඉන්නවා සල්ලිකාර, දල කාර කොල්ලෙකුයි, කෙල්ලෙකුයි. කෙල්ල සැන්ඩ්‍රා මොරිස්. කොල්ලා  බෙන් ෆොක්ස්.  දෙන්නම අලි  වංසෙන් තමයි ඉන්නෙ. දෙන්නම හිතා ඉන්නෙ අපි උන්ගෙ අත පල්ලෙං වැටිච්ච උං කියලා. උන් දෙන්න ඉස්කෝලෙ එන්නෙ නැව් වගෙ තඩි කාර් වල. ගෙවල් මාලිගාවල් වගේ.  දෙන්නම සද්දෙ වහගෙන, හරියට අපි නැති ගානට උන්ගෙ  ලෝක වල ඉන්නෙ. මම හිතන්නෙ ඕකුන් දෙන්නම මං වාගේ මැර වැඩ කරන  හිපා‍ටුවොත් එක්ක පැටලෙන්න අකමැතියි.

බෙන් ෆොක්ස් හැම තිස්සෙම දාං ඉන්නෙ අලුත්ම ෆැෂන් එකේ  අස්ප ගනං ජිම් ෂූස්. ඌ හිතන්නෙ උගෙ රන්වන් කොන්ඩෙයි, නිල් පාට ඇසුයි නිසා ඌ හෙන නළුවා කියලා. හිතේ ඇති!  මට නං ඕවගේ එවුන් ගැන පව් කියලා හිතෙන්නෙ, නලුවෝ වගේ ඉන්න කන කට්ටට.

සැන්ඩ්‍රා මොරිසුත් ඉතින් ඒ වගේම තමයි. ලෝක රූප සුන්දරී කියලා තමයි ඒකි හිතාගෙන ඉන්නේ. ඇත්තෙන්ම ඒකි ලස්සනයි තමයි. අවුල ඒකි තමන් ලස්සන බව දන්න එක. ඒකිටත් තියෙන්නේ නිල් පාට ඇස් එක්ක රන්වන් කොන්ඩේ.  හමත් නිකං සිල්ක් වගේ තමයි. ඇයි දන්නෑ දෙන දෙයියෝ උඩ පැන පැන තියෙන එකාටම හැම දේම ලබා දෙන්නෙ?

නොද්දකිං. පේන්නැද්ද මට වෙලා තියෙන සන්තෑසිය? මූණ පුරා කුරුළෑ. මම ඕකට නොකරපු වෙද කමක් නෑ. ගාපු නැති ක්‍රීම් එකක් නෑ. ඒත් කුරුළෑ මතුවෙලා, ලොකු වෙලා, පුපුරනවා, මට එපා වෙලා තියෙන්නෙ. මාර අසාධාරණයක් යකෝ මේක.

අද මට ලැබිලා තියෙනවා අසාධාරණේට විරුද්ධව සටන් කරලා,  බිම දාලා, සමානාත්මතාවය රජ කරවන්න අවස්ථාවක්. අද බො‍ෆින් උගේ අලුත්ම සොයා ගැනීම පන්තියට අරන් එනවා. ඒක තමයි බොරු අල්ලන යන්තරේ. Lie detector. සැන්ඩ්‍රා මොරිස් තමයි අපේ ඉලක්කය.  ඒකි කවදාවත් බොරු නොකියන බව හැම එකාම දන්න නිසා, අපේ උන් ඇහුවම, ඒකිත් අනේ කැමති වුනා. ඒකි නොදන්න රහස තමයි බො‍ෆිනුයි මායි ඒකිගේ රෙදි ගැලවෙන ප්‍රශ්ණ සෙට් එකක් අහන්න යන බව.

ඔය බො‍ෆින් ඉන්නවා නේද? පට්ට මීටරේ, ඈ. පට්ටම මීටරේ. ඌ ඔය වගේ එක එක ගැජමැටික්ස් හදනවා. පුදුමේ කියන්නේ, ඒ හැම එකක්ම වගේ වැඩත් කරනවා. ඌ අපේ ටීචර්ස්ලට වැඩිය මීටර්. හැම එකාම ඒකත් දන්නවා. ඕන් අද බුවා ගේන්නේ බුවාගේ අලුත්ම නිර්මාණය. බොරු අල්ලන යන්තරේ.

මූ වයර් දෙකක් සැන්ඩ්‍රාගේ අතට තියලා ටේප් දෙකක් ගහලා අලවනවා. "රිදෙන්නේ නෑ." ඌ කියනවා. "හැබැයි මේක ආයෙ නෑ ඉතින්, කිරි ගහට ඇන්න වගේ තමයි."

බො‍ෆිනා ස්විච් එක දානවා. බොරු අල්ලන යන්තරේ හයි කරලා තියෙන මීටරේ කට්ට සිං ගාලා හරියටම මැද්දට ගිහින් නතර වෙනවා. ඔන්න මූ ට්‍රයල් එකක් කරන්න හදන්නේ.

"ඔයා කෙල්ලක්ද?"

සැන්ඩ්‍රා ඔලුව හොලවනවා.

"ඔව් හරි, නෑ හරි කියන්න ඕනෙ."බො‍ෆින් කියනවා.

"ඔව්," සැන්ඩ්‍රා කියනවා. මීටරේ කට්ට සිං ගාලා TRUTH (ඇත්ත) වලට යනවා. අඩේ මේක ඇත්තටම වැඩ කරනවා වගේ. බො‍ෆිනගේ කට කනේ.

"මේ පාර කියන්න බොරුවක්," බො‍ෆින් සැන්ඩ්‍රට කියනවා. "ඔයා කෙල්ලක්ද?" මූ ආයෙම අහනවා.

සැන්ඩ්‍රා අර ඒකිගේ තියෙන,  මට දැක්කාම ඒකිව ගිලින්න හිතෙන, පට්ට ලස්සන හිනාව දාලා, "නෑ," කියනවා. සමහරු හිකි හිකි ගානවා.  මොහොතකින් කට්ටියටම  "හෑක්!" කියවෙනවා. මීටරේ  කට්ට LIE (බොරු) වලට ගිහින්. මේක මාර භාණ්ඩයක්නෙ යකෝ! බො‍ෆිනා පොරක්!

"හරි," බො‍ෆින් කියනවා. "ප්‍රශ්න හතයි උඹට අහන්න පුලුවන්, මචං. ප්‍රශ්ණ හතකට  පස්සෙ බැටරි බහිනවා."

බො‍ෆින් යන්තරේ ලඟින් ඉඳගෙන ඩයල් එහෙට මෙහෙට කරකවනවා .

"මේක මාර චාන්ස් එකක්. දෙන්නං උඹලට!  සැන්ඩ්‍රා මොරිස්ගෙයි, බෙන් ෆොක්ස්ගෙයි ප්‍රසිද්ධියෙ රෙදි ගලවන්නයි යන්නේ මං.  උඹලට වහ කාල කැලේ රිංගන්න වෙන්නේ, හිටපියව්."

මම පළවෙනි ප්‍රශ්ණය අහනවා.

"ඔයා කවදා හරි බෙන් ෆොක්ස්ව කිස් කරලා තියෙනවද?"

සැන්ඩ්‍රාගේ මූණ රතු වෙනවා. බෙන් ෆොක්ස්ගෙ මූණත් රතුවෙනවා.


මේ පාර නියම තැනට මම ඇණේ ගැහුවේ. මුන් දෙන්නගේ  මොකක් හරි සීන් එකක් තියෙන බව මට ඉව වැටිලා තිබ්බේ කාලෙක ඉඳන්. අද ගලවන්නම් ඔය බොරු වෙස් මූණු!

"නෑ," සැන්ඩ්‍රා කියනවා. හැමෝම බෙල්ලවල් දික් කරලා බලනවා යන්තරේ මීටරේ දිහා. කට්ට තියෙන්නේ TRUTH වල.

මම බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි මේක. තව ප්‍රශ්න හයයි තියෙන්නෙ. එහෙම ලේසියෙන් ගැලවිලා යන්න දෙන්න බෑ. හිටපල්ලකො.

"ඔයා කවදාවත් එයාගේ අතින් අල්ලලා තියෙනවද?"

"නෑ."

ක‍ටුව TRUTH වල. දැන් මට හෙන අප්සෙට් මේ වැඩේට. මම මේ මොනවද කරන්නේ? ඇයි මම මෙහෙම කරන්නේ?

මම ට්‍රැක් එක වෙනස් කරනවා.

"ඔයා කාට හරි ආදරය කරනවද?"

සැන්ඩ්‍රා රතු වේගන එන්නෙ බෙල්ලේ ඉඳන් උඩට. මම කුරිරු සතුටක් විඳිනවා. ෆොක්ස්ගෙ මූණ හරියට බීට් රූට් ගෙඩියක පාට.

"ඔව්," සැන්ඩ්‍රා කියද්දි ක‍ටුව TRUTH වල.

අනිත් උන්ගේ වදේට මම මේ වැඩේ බාර ගත්ත එක ගැන, මට දැන් දැනෙන්නෙ පසු තැවිල්ලක්. සැන්ඩ්‍රාටයි බෙන්ටයි තව දුරටත් වද දෙන්න මට හිතුනේ නෑ එක පාරටම. මම කෙලින්ම නම නාහ ඉන්න තීරණය කලා. ඔව් සැන්ඩ්‍රා, මම ඔයාට  ඒ චාන්ස් එක දෙන්නම්.

"එයා දැන් මේ කාමරේ ඉන්නවද?" මම අහනවා.

සැන්ඩ්‍රා බෙන් ෆොක්ස් දිහා බලනවා. "ඔව්."

කට්ට TRUTH පෙන්නගෙන ඉන්නවා.


"එයාගේ ඇස් නිල් පාටද?"

"නෑ."

හෑ!

"එහෙනම් දුඹුරු පාටද?"

"නෑ."

මට ඊ ලඟට අහන දේ හිතාගන්න බෑ. මගේ ඇස් කාමරේ සිසාරා දුවනවා, හැම එකාගෙම ඇස් ලඟ නතර වෙමින්. බෙන් ෆොක්ස්ගෙ ඇස් නිල් පාටනේ. මට පට්ට ෂුවර් එකක් තිබ්බෙ සැන්ඩ්‍රාගේ ලව බෙන් කියලා.

"උඹේ මේ හුචක්කුව වැඩ කරන්නේ  නෑ, බං," මම කියන්නෙ බො‍ෆින්ට. "මේ කාමරේ ඇස් වල පාට නිල් හරි දුඹුරු හරි නොවෙන එකෙක්වත් මට නම් පේන්නේ නෑ."

"අපිට නම් පේනවා," බො‍ෆින් කියද්දි අනිත් උන් ඔක්කොගෙම ඇස් යොමුවෙලා තියෙන්නෙ මගේ දිහාට.

ඔන්න දැන් මගේ මූණ රතු වේගන එන හැටි මට දැනෙනවා.  පොළොව හාරගෙන යන්න හිතිලා තියෙද්දිත්,  මම අන්තිම ප්‍රශ්ණෙ අහනවා.

"ඌ මහ ගොං, මෝල්, මැට්ටෙක්ද?"

සැන්ඩ්‍රා මේ ප්‍රශ්ණෙන් අපහසුතාවයට පත් වෙනවා. "ඔව්." ඇය කියන්නෙ ඉතාම පහත් කෙඳිරිලි හඬකින්. "එයාගෙ ඇස් කොළ පාටයි."

 නිමි.

Paul Jennings - Uncovered -Ex Poser.

Simulblogged at මට හිතෙන හැටි for WordPress Lovers.

 පසු වදන



ඊයෙ නිවාඩු දවසේ, සතියටම රෙදි මදින ගමන්, මම හෙඩ් ෆෝන් එක කනේ ගහගෙන ලැපියෙන් බලපු BULLETPROOF කියන මූවී එකේ Adam Sandler මෙහෙම කිව්වා මං අහගෙන. World is not black or white as you think. There is a large area of grey, where most people live. (ලෝකෙ උඹ හිතනවා වගේ කලු සුදු එකක් නෙවෙයි බං. ඒකෙ අලුපාටත් තියෙනවා. හුඟක් මිනිස්සු ඉන්නෙ අන්න ඒ ප්‍රදේශයේ) ඇඩම් කිව්වේ මීට සමාන එකක්. මට මතක තියෙන හැටියට මම දැන් ලිව්වේ. ඒක සබ්ටයිටල් තියෙන මූවී එකක් නෙවෙයි. නමුත් අදහස ඒකයි. මෙන්න මේ නිසාමයි අපි හුඟක් වෙලාවට වැරදි පූර්ව නිගමන වලට එළඹෙන්නේ.

මම මේක මුලින් ලිව්වේ කතාවේ පෙර වදන හැටියට. මාතලන් සහ දේශකයා දෙන්නම කිව්වා මේක කතාවෙ මුලට වඩා  අගට තිබ්බා නම් හොඳයි කියලා. ඒක නිසා පෙර වදන පසු වදනක් කලා ඔන්න.




118 comments:

  1. මම අන්තිම වෙනකම් හිතන් හිටියෙ කතාව කියන්නෙ කෙල්ලෙක් කියලා.. ඒ අර කලින් කතාවෙ මතකය හින්දා..හරි අපූරු කතාවක්...අපි මිනිස්සු ගැන හිතන ඒවා බොහෝ වෙලාවට වැරදියි කියලා මාත් අත්දැකලා තියනවා..

    චිත්‍රෙනම් සුපිරියි ඈ.. මටත් මෙන්න මේ වගේ එකක් තමා හැමදාම අදින්න ඕනා.. ඒත් ඉවර වෙන්නෙ බලි කුරුට්ටක් වෙලා.. :D බලමු.

    ReplyDelete
    Replies
    1. පෝල් ජෙනිංස් කෙල්ලෙක්ගෙ ඇහින් ලිව්ව එකම අර ඈක්කා කතාව විතරයි මම හිතන්නේ. උඹට පේන්නේ නැද්ද ඇන්ඩි ග්‍රි‍ෆිත්ස්ගෙ ශෛලියෙයි පෝල් ජෙනිංස්ගෙ ශෛලියෙයි සමාන කමුත් තියෙන බව? මට නම් එහෙම හිතෙනවා.

      ඔව්. මෙතනදි සමහර කරුණු යටි හිත පිළිගත්තත් උඩු හිත පිළි ගන්න මැලි වෙන හැටි දැක්කද?

      බොහෝම ස්තුතියි සෙන්නා චිත්‍රය අගය කලාට. මම මේක ස්කෙච් කලේ ඉස්කෝලෙ උලුවස්සකට හේත්තු වෙලා හිටගෙන ඉන්න ගමන්, අද උදේ.
      පස්සෙ තව ටිකක් ටචප් කලා.

      මේවගේ චිත්‍රයක් උඹටත් අඳින්න පුලුවන්. වැඩේ ඉවසීම තියෙන්න ඕනෙ. අනික මීට පස්සෙ ම්නිස්සුන්ගේ මූණවල් නිරීක්ෂණය කරපං හොරෙන්, නොතේරෙන්න. :D

      Delete
    2. සමහර තැන්වල ටිකක් සමානයි වගේ තමා. මමනම් ඇන්ඩිගෙ ඒවට වැඩිය පෝල්ගෙ ඒවට ආසයි වගේ..මිනිහා ටිකක් හිතන්ඩ දෙයක් ඉතුරු කරන පාටයි.

      හප්පා මූණවල් නිරීක්ෂණය කරන්න යන එකනම් ගුටි කන වැඩක්.. :D

      උළුවස්සකට හේත්තු වෙලා මෙහෙම එකක් අදින්න පුළුවන්නම් මාරයිනෙ.. මම ඇත්තටම පෙන්සිල් ස්කෙච් වලට මාර ආසයි ඩූඩ්, කලර් කරලා අඳින ඒවට වැඩිය. ඒවයෙ මාර ගතියක් තියනවා.. මේක දිහාත් මම සෑහෙන වෙලාවක් බලන් හිටියා.

      Delete
  2. නියම කතාව අයියෙ.. මං නම් මාර විදිහට රස වින්දා..

    කතාව මුල් හරියෙ කියවන් යද්දි මට හිතුනෙත් කෙල්ල ආදරේ ඇත්තෙ අර සල්ලිකාර කොල්ලට කියලයි.. අන්තිමට යද්දි දෙපැත්ත මාරු වුනානෙ.. හැබැයි අවසානයට මං ගොඩක් කැමතී..

    සිරා.. මටත් හිතෙනවා පෝල් ජෙනිංග්ස්ගෙයි ඇන්ඩි ග්‍රිෆිත්ගෙයි ලියන ශෛලියෙ සමානකමක් තියනවා කියන එක අයියෙ..

    අහන්න ප්‍රශ්නයක් තියනවා සහෝ.. මේ දෙන්නගෙන් කාගෙහරි පොත් සිංහලෙන් පරිවර්තනය කරලා නැද්ද? මට කියවලා බලන්න ආසයි..

    ReplyDelete
    Replies
    1. සචින්, මම හිතන්නේ නෑ. හිතන්නේ නෑ කියන්නේ මම හරියට දන්නේත් නෑ, මොකද මම ලංකාවේ නෙවෙයිනේ අවුරුද්දෙන් මාස දහයාමාරක්ම ඉන්නේ. නමුත් මේ කතා කියවපු කවුරුවත් මෙට කලින් මේවා කියෙව්වයි කියලා කිව්වේ නම් නෑ.

      Delete
    2. සචින්, පොඩ්ඩක් ඉවසලා හිටියනම් මෙතනින්ම කියෙව්වෑකි.. වෙන කොහෙවත් යන්න ඕනා නෑ.. දැනටම කියවනවනම් කතා හත අටක්ම ඇති..

      Delete
    3. අනිවා අනිවා සෙන්නා සහෝ.. මේ ඉන්නෙ බ්ලොග් ලෝකෙ පුස්තකාලයක්ම.. :ඩී නෙට් කනෙක්ට් කරපු ගමන් මං හෙන්රි අයියගෙ බ්ලොගේ පැත්තෙ එනවා අලුත දැම්ම කතා මොනාද බලන්න..

      Delete
  3. ඔය ලංකාවට ගෙන ඒම තහනම් යන්ත්‍ර ගැන ලියන එකත් ?????

    හැමදාම අති විශිෂ්ඨයි කියන්න බෑ. නොකිව්වට වෙනසක් නෑ. රහස රචකයාගේ සැබෑ චරිතයට සමාන චරිත මේ පොත් වල තිබීම වෙන්න අති සමහර විට... :)

    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. රාමා, ඕවා ඔය මූවීස් වල නම් තියෙන්නේ. ඇත්තටම අපේ සී අයි ඩී එකෙත් ඇති නේද? ම්ම්ම්... එක්කො ඒ කතාව මම ඉල්ලා අස්කරගන්නම්. ඒක මෝඩ කතාවක්. එයාලට මොකටද lie detectors? හික්ස්.

      බොහෝම ස්තුතියි රාමා.

      විහිලුවට කිව්වත්, ඒ කතාව ගැන වැඩි දුරටත් හිතලා බලද්දි, මම වඩා ප්‍රියකරන්නේ මගේ හා සමාන අත්දැකීම් තියෙන, මං වගේ චරිත වලට තමයි.

      Delete
  4. මේ කතාව තියෙන්නෙ "Thirteen Unpredictable Tales" පොතේ නෙමේ ද? නැත්තං හැම එකතුවකම (collection) සමහර කතා නැවත මුද්‍රණය කරනව ද?

    ReplyDelete
    Replies
    1. අමතක උනා කියන්න, පරිවර්තනය රසවින්ද ලෙසටම.

      Delete
    2. මම හිතන්නේ එහෙම වෙනවා ඇති. මම නම් මේක ගත්තේ Un- සීරීස් එකේ Uncovered කියන පොතෙන්.
      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට ඇනෝ.

      Delete
  5. උගත්, හොඳට මොළේ තියෙන, අහිංසක, බුද්ධිමත් ගෑනු ළමයි ඉතින් ඔයවගේ රැවටෙනවලු. :D

    කතාව නිකං ඔයාගේ එකක් වගේ දැනෙන්නේ මොකද මන්දා...:)

    ReplyDelete
    Replies
    1. අපරාදේ නේ උගත්, හොඳට මොළේ තියෙන, අහිංසක, බුද්ධිමත් ගෑනු ළමයි එකම පන්තියේ ඉන්න (බො‍ෆින් වගේ) නූගත්, මොලේ නැති, නපුරු, මොට්ට කොල්ලොත් එක්ක පැටලෙන එක. ඒ වෙලාවට ඒ බුද්ධිය සහ මොළේ කොහෙද දන්නේ නෑ තියෙන්නේ නේද?

      මගෙ කුරුළෑ ආවේ නෑ පොඩ්ඩි.

      Delete
  6. \\ලෝකෙ උඹ හිතනවා වගේ කලු සුදු එකක් නෙවෙයි බං. ඒකෙ අලුපාටත් තියෙනවා. හුඟක් මිනිස්සු ඉන්නෙ අන්න ඒ ප්‍රදේශයේ\\
    සහතික ඇත්ත බන් අයියෙ...ඕක මම නම් හොඳටම අත්විඳලා තියෙන දෙයක් !

    ReplyDelete
    Replies
    1. ඔව් බං. මාත් ඉන්නේ ඔය අලුපාට හරියේ කලු පාට බෝඩර් එකට කිට්‍ටුව. :))

      Delete
    2. ආයි පිස්සුවක් ඇතෑ..ඔය පට්ට/කට්ට කළු පාටට අළු පාට කියන්න...ඕක කළු බන් ලෝකෙම තියෙන මේ වගේ කතන්දර පරිවර්තනය කලත් ඔය පාට අළු වෙන්නෙ නෑ..
      :-D

      Delete
  7. අද කතාවට වඩා චිත්‍රය පට්ට.
    දැකල හුරු මුණක් වගේ නිසා ගොඩක් වෙලා බලන් හිටියට නම මතකෙට ආවේ නැහැ:).

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මචං. උඹ චිත්‍ර රස විඳිනවා නේද?

      ඇත්තට කවුද බං මේ? මම දන්නෙත් නෑ. හින්දි නිලියක් කියලා නම් කියන්න එපා මම හින්දි බලන්නේ නෑ. එතකොට කවුද මේ? කට නිකම් දැකලා පුරුදු ගතියක් තීයෙනව මටත්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  8. උඹ මුලින් ලියලා තියෙන එක අන්තීමට ලිව්වා නම් කතාව මීට වඩා රහයි. ඒ නිසා මැදක් යනකොට වැඩේ තේරෙණවා. ඔය කතාව ඇත්ත මචෝ. මූණූ කැටලොයිඩ් පේස්ට් දාලවත් හදන්න බැරි යක්කු වගේ උන් කිරි ටොයියෝ වගේ කෙල්ලොත් එක්ක ඉන්නවා අනන්ත මම දැකලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තත්. ආදරේ අන්ධයි කියන්නේත්. කවරෙන් පොත ජජ් කරන්න එපා කියන්නෙත් නිකංම නෙමෙයිනේ....

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹ කිව්ව දේ පිළි අරන් පෙර වදන පසු වදනක් කලා.

      >>මූණූ කැටලොයිඩ් පේස්ට් දාලවත් හදන්න බැරි යක්කු වගේ උන් කිරි ටොයියෝ වගේ කෙල්ලොත් එක්ක ඉන්නවා අනන්ත මම දැකලා තියෙනවා<<

      අඩෝ උඩ බලාගෙන කෙල ගහන්ඩෙපා හරිද? S-)

      උඹ දන්නවද ඉස්සර ස්ටූඩියෝ වල එලියේ වෙඩිං ෆෝටෝස් ප්‍රදර්ශණය කරලා තියෙන්නෙත් ඔය හේතුවටමයි කියලා. කට්ටියගේ හිත හදන්න. y-)

      Delete
  9. අවංකවම මාත් රැවටුනා මේ කතාව කියන්නේ කවුද කියන එක ගැන. මාතලං කිව්වත් වගේ අර පුර්විකාව අවසානෙට ආවනං මාර ගතියක් තියෙනවා... ජය වේවා හැන්රියෝ...

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹයි මාතලනුයි දෙන්නම කියපු දේ කලා. දැන් ඒක පසු වදනක්.

      ස්තුතියි දේශකයා. :)

      Delete
    2. හැක් හැක්.. දැං ඒක උඩට දාපං. ඊට පස්සේ මේලක් දාපං.. මම කියෙව්වම ආයේ පහලට දාපං.. ඕක දිගටම කරපං. හැක් හැක්..

      Delete
  10. අපොයි ප්‍රශ්න අහන්න ගිය එකාට අන්තිමට වෙලා තියෙන සන්තෑසිය.
    හැම දේකම අන්ත දෙකට අතරමැද ගොඩක් දේවල් තියෙනව තමයි.

    චිත්‍රෙත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඒ සන්තෑසියත් නරකම නෑ නේද බං ප්‍රසන්න.

      ස්තුතියි ප්‍රසන්න. චිත්‍රේ ඇන්ද හැටි ඔන්න උඩ කමෙන්ට් එකක මම කිව්වා.

      Delete
  11. Replies
    1. බොහෝම ස්තුතියි සංජීව. රස වින්දා නම් මට ඉහටත් උඩින්!

      Delete
  12. ඔය ඉතින් ලෝකේ හැටිනේ ..අර කුණ්ඩලකේශී පල්හොරෙක්ට ආදරේ කලේ . සමහර විට කෙල්ලෝ කැමති ඇති පර්ෆෙක්ට් වගේ පෙනෙන උන්ට වඩා ටිකක් වෙනස් උන්ට ...
    ලස්සනයි කතාව .

    කලින් කතා දෙකටම කමෙන්ට් කරන්න බැරි වුනා . ඇත්තටම මන් කියෙව්වෙත් නැහැ . කියෝපු කෙනෙක් කතා දෙකම කිව්වා . කොච්චර ලේසිද බලන්න . මන් වෙන වැඩක් කරන ගමන් අහගෙන හිටියා .

    ReplyDelete
    Replies
    1. එහෙම නොවුනා නම් අපි හුඟ දෙනෙකුට වැලේ වැල් නෑ නේ? :))

      ඔය මිස්ට බින්දු ඉන්නවා නේද? මම ඔය ගෙදරින් කැමතිම බුවානේ. හැබැයි ඉතින් අර ඉහත කී විදියට ලෝකෙ වැඩ නොවුනානම් ඉතිං ඇපත් නෑ...මට වගේ (ආත්මාරක්ෂාව සඳහා පසුව එකතු කරන ලදි.)
      y-)

      Delete
  13. අපේ ඇස නොගැටෙන මෙවැනි රසවත් කථා අපට කියවිය හැකි ලෙස බොක්කෙන්ම පරිවර්තනය කර ඔබ කරනා සේවය මම අක්මාවෙන්ම අගය කරමි. අපිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. කොළ බොක්කෙන්ම ස්තුතියි පාට්නර්. :)

      Delete
  14. අඩේ!!! ඌ වාසනාවන්තයි යකෝ!!!!!

    ReplyDelete
    Replies
    1. කවුද නෑ කිව්වේ යකෝ! :D

      Delete
  15. හොඳ ගෙඩි කන්නෙ පණුවොනෙ කියන අප්තෝපදේශය මතක් උනා.

    වෙනද වගේම උඹෙ පරිවර්ථනේ ඉස්තරම්!

    ReplyDelete
    Replies
    1. එහෙමත් ආප්තෝපදේශයක් තියෙනවද ඇත්තට? හැබැයි කතාව ඇත්ත.

      බොහෝම ස්තුතියි ඉන්දික. :)

      Delete
  16. මුගේ අන්තිම ප්‍රශ්නේ මරු නේද...?

    ඕකට තමයි හෙන්‍රියෝ කියන්නේ කන්න පින තියේ නං ඉබ්බ තුනපහ පිටේ බැඳගෙන එනවා කියලා.

    - පෝල් ජෙනිංස්ගෙ කථාවල අමුතු ගතියක් තියෙනවා නේද? හැබැයි ඉතින් මම කියවලා තියෙන්නෙ උඹේ පරිවර්තන විතරයි.

    ReplyDelete
    Replies
    1. අන්තිම ප්‍රශ්ණෙ සෑහෙන හැඟීම්බරයි නේ?

      අඩේ uwiniran ඒක මරු කියමනනේ බං. මම ඒකත් අහලා නෑ කලින්. නමුත් අද ඉඳලා පාවිච්චි කරන්න ඕනෙ. >>කන්න පින තියේ නං ඉබ්බ තුනපහ පිටේ බැඳගෙන එනවා <<. :))

      හරි තව ඉඩ තියෙන තියෙන හැටියට දාන්නම්කෝ.

      Delete
  17. වාසනාව දොර ඇරලා බලනවා :D

    ඔහොම මැෂින් එකක් තිබුනා හින්දි ෆිල්ම් එකක. ඒකටත් අදහස ගත්තෙ ඔය පොතේ කතාවෙන් වෙන්නත් පුලුවන්. අර චිත්තරේ ත් සිරා.. !

    ReplyDelete
    Replies
    1. මේකෙදි නම් දොර ඇරලා නිකං බලලා නෙවෙයි කිහිල්ලට හිරකරගෙන හොම්බට හැටක් දීලා.

      ඇයි බං ඉංලිෂ් ‍ෆිල්ම් වලනේ මේක නිතරම තියෙනවනේ. එක රියැලටි වැඩ සටහනක් තියෙනවා මේක අමුනාගෙන ගෙදර අයත් ඉස්සරහ ඉඳන් අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න ඕනෙ. සමහර පවුල් එතනම කැඩෙනවා. හොඳ වෙලාවට American Idol වලින් මෙගා ස්ටාර් කොපි කලාට අපේ උන් මේක ගැන දන්නෙ නැද්ද කොහෙද.

      Delete
    2. The Moment of Truth ඒකෙ නම, Star World වල පෙන්නුවේ

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  18. ඩූඩ් අයියේ, මම හිතන්නෙ නෑ පොත කියෙව්වත් මේ වගේ රසවත්ව මට දැනෙයි කියලා.,ඒකේ සම්පූර්ණ වටිනාකම ඔයාගේ පරිවර්ථනයෙන් ලැබිල තියන බව නම් කියන්න ඕනිමයි...
    එච්චර පහසු ආකාරයෙන් නෙමෙයි කියෙව්වේ ඒත් හොදටම රස වින්දා..

    ReplyDelete
    Replies
    1. ඒක ඉහලම වර්ණනාවක්. නමුත් පෝල් ජෙනිංස් තමයි මෙතන නියම වැඩ්ඩා.

      එච්චර පහසු ආකාරයෙන් නෙවෙයි කියෙව්වේ කිව්වේ ඇයි කියලා මම තාමත් කල්පනා කරනවා. :-?

      Delete
  19. ඒ ගසුත්, ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේ. :)

    ReplyDelete
  20. /* "ඌ මහ ගොං, මෝල්, මැට්ටෙක්ද?" */

    මං කතාවෙ ආසම කොටස :)

    ReplyDelete
    Replies
    1. මාත් ආසම කොටස පරිකල්පන. ඒකෙ වචනාර්ථයට වඩා හුඟක් දේ තියෙනවා නේද? :)

      Delete
  21. ඒ කියන්නේ කථාව කියන කොල්ලටද කෙල්ල කැමැති ?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ කියන්නේ. උඹ මේක කියවලා තියෙන්නේ පාරේ යන කෙල්ලො දිහා බල බල. :D

      Delete
    2. හිටු එහෙනම් ආයෙත් කියවන්න. ප්‍රසන අහන එකාට කැමති වගේ තේරුනේ ..එත් කොලපාට ඇස්,

      Delete
  22. ගැහැණුන්ගෙ හිත් දැන ගැනීම අතින් පිරිමි සීයට අනුනමයයි දශම නමයයි නමයයි නමයයි නමයයි නමයක් ඉන්නෙ අඳුරෙ තමයි... මාත් එහෙමයි.. එහෙම නූනා නම් පීචං නොවී අපේ හාමිනේ මං ලඟට බාගයක් දුරවත් එනකල් ඉන්න තිබ්බ. ගොං මෝල් මැට්ටෙක්ගෙ ගණයෙ තමයි..

    ReplyDelete
    Replies
    1. ගොං මෝල් මැට්ටො, Welcome to the club! (3.5 billion members) =))

      Delete
  23. වෙනදාට වඩා හිතට වැදුන කතාවක් පාසැල් කාලේ මතකෙට ආවා (ටියුශන්)මම ගිය පන්තියක ඔය කතාව වගේ සිදුවීමක් උනා

    ReplyDelete
    Replies
    1. ඉතින් ලියපංකො පැණි බේරෙන බ්ලොග් පෝස්ට් එකක්. :)

      Delete
  24. අන්තිම ප්‍රශ්නෙට මැසිම උත්තර දුන්නේ නැද්ද ඩුඩ් අයියේ..?

    අඩේ ඒ කතාවල පුදුම රසයක්නේ තියෙන්නේ..කෙටි වුනාට කොච්චර දෙයක් තියනවද...හිතා ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඔය පහළ කමෙන්ට් එකේ උකුස්සා කියලා තියෙන්නේ. ඒක තමයි වෙන්න ඇත්තේ.

      ඇත්තෙන්ම මේ කතාව කියෙව්වාම මමත් කල්පනා කලේ මේකේ ඇති දේකුත් නෑ, නැති දේකුත් නෑ නේද කියලා. :)

      Delete
  25. "ඌ මහ ගොං, මෝල්, මැට්ටෙක්ද?"
    කට්ට ටෘත් එකේ කොනටම ගිහින් නවතින්න ඇත්තෙ

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ ගිහින් අර පොඩි පින් එකක් වගේ තියෙන්නෙ, අන්න ඒකේ වැදිලා ඒක ඇද වෙන්නත් ඇති කියලා. :D

      Delete
  26. මං මේ කතාවට කමෙන්ට් එකක් දැම්මා ඊයේ..හැබැයි දුඹුරුපාට බ්ලොගයක.

    ReplyDelete
    Replies
    1. දුඹුරු මොකද නිල් මොකද මචං! කියන්න තියෙන දේ කිව්වනේ. :D

      Delete
  27. හරිම ලස්සන කතාව ඩුඩ්….මට හිතුනෙම එයා බෙන් ෆොක්ස්ටයි කැමති කියල…ලස්සන අවසානයක්…. d-)

    මේ වගෙ මෙශින් එකක් හැමෝම ගාව තිබ්බනම් හොදයි නේ??? හිහ් හිහ් හිහ් w-)

    ලස්සන පෙරවදන…මමත් ඕක අහල තියෙනව….ඒක ඇත්තක්…හැමෝම ගාව හොද නරක දෙකම තියෙනව වැදගත් වෙන්නෙ අපි දෙකෙන් කොයි එකද වැඩි කරගන්නෙ කියල…. :-f

    ලස්සන් පින්තුරෙ…..හරිම කෙටි ගැබුරු කතාවක්…. :-h

    ඇයි බෙන් රතු වුනේ…. සමහර විට එයා දන්නව ඇති අනිත් ලමයි එයයි සැන්ඩ්‍රායි අතර සම්බන්දයක් තියෙනව කියල හිතනව කියල…:D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මම පෙරවදන කිව්වට පසුවදන වෙන්න ඕනෙ.... g-)

      Delete
    3. බොහොම ස්තුතියි. :)

      හපොයි නෑ. මේකෙන් නැති අවුල් හුඟාක් ඇති වෙන්න පුලුවන්. නැති තරමට හොඳයි මේ වගේ Lie Detectors.

      පින්තූරේ ඇන්දේ ඊයේ ඉස්කෝලෙදි උලුවස්සකට හේත්තු වෙලා ඉන්න ගමන් හිටගෙන.

      බෙන් රතු වුනේ එයා ස්වභාවයෙන්ම ලැජ්ජා ශීලී කොල්ලෙක් නිසා වෙන්නැති, කතා නායකයා අරෙහෙම හිතුවට.

      Delete
  28. නියමයි !!!! Short and sweet.
    බලන්න ඉතින් අපරාදේ නේ අර අහිංසක ගෑනු ළමයට හිතින් බැන බැන මෙච්චර කල් ජීවත් වුනේ :D
    නිකන් වැඩක් නැතිව ලේ පුච්චගෙන !
    පසුවදනේ අපේ ජීවිත සහ ලෝකය ගැන කියල තියෙන දේ; නියමයි. කියන්න වචන නෑ..

    ReplyDelete
    Replies
    1. අපේ තියෙනවනේ default values. ඉතින් සල්ලි කාරයෝ ආඩම්බර කාරයෝ. ලස්සන එවුන් අපිට අල්ලන්න බැරි ඔලුව ඉදිමිච එවුන් වගේ. ඕක ඔතනින් නවතින්නේ නෑනේ. තව හුඟාක් දුර යනවා.

      බොහොම ස්තුතියි මානවිකාව.

      Delete
  29. දැන් වැඩේ කියන්නේ ඔහොම මැෂීන් එකක් තියෙන කතාවක් තිබ්බ හින්දි ෆිල්ම් එකක් මතක් උනේ... හැබැයි වැදගැම්මකට නැති එකක්.. සීඩී ගොඩේ අන්තිම හරියේ ඇති...

    අම්මපා අර කෙල්ලගේ ඇස් නිල් පාට උනාට නම් වැඩක් නෑ.. ඒකිට ඇස් පේන්නේ නැතුව ඇති.... හි හි...

    ReplyDelete
    Replies
    1. අර මම උඩිනුත් කිව්වා වගේ, හොලිවුන් ඩිටෙක්ටිව් මූවීස් / සීරීස්, කොප් සීරීස් වල හෙම නිතරම තියෙන ගැජට් එකක් ඕක. ඒ වගේම එක රියැලටි ෂෝ එකකුත් තියෙනවා ඕක ගහලා ගෙදර අය සහ නරඹන්නෝ ඉස්සරහ ප්‍රශ්න වලට උත්තර දෙන. ඒකෙ නම් The Moment of Truth. පවුල් අවුල් වෙන්නේ බලා ඉන්දැද්දි. මම කිව්වේ හොඳ වෙලාවට අපේ උන් ඕක ගැන දන්නේ නැද්ද කොහෙද තාම.

      අපේ මහත්තයගේ ඇස් මොන පාටද? =))

      Delete
    2. හි හි...
      හි හි...
      හි හි...
      හි හි...

      Delete
  30. උඹගෙ චිත්‍රෙ ඉන්න කෙල්ල කොහෙදි හරි දැකල පුරුදු ගතියක් තියනව මචං...
    අර පාට ගැන කිව්වොත් මම අලු ගොඩේ ඉන්නෙ කියල හිතාගෙන හිටියට කවුරුත් කියන්නෙ මම කලු ගොඩේ කියලනෙ බං...ඇයි ඒ...
    කතාව සුපිරියි මචං...ඇත්තටම රස වින්දා

    ReplyDelete
    Replies
    1. චිත්‍ර වලින් එලියට එන්නේ අපි නොහිතන දේවල් මචං. ඇත්තටම ඔය කවුද කියලා මටත් හිතා ගන්න බෑ. නමුත් දැකලා පුරුදු ගතියක් තියෙන්නේ මටත්.

      ඔන්න මම කියනවා උඹ අලු ගොඩේ ඉන්නේ කියලා මචං. මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද?

      බොහෝම ස්තුතියි මචං රස විඳලා ඒ බව මටත් කියපු එක ගැන.

      Delete
  31. අඩේ අයියේ මේක නම් පට්ටම,සුපිරික් කාථවක් බන් අයියේ d-)
    හ‍රියට රස වින්දා..d(
    අර කිවත් වාගේ උගේ අන්තිම පුරස්නය තමයි මාරම ප්‍රශ්නය....

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රශ්ණේ බොක්කෙත් ගැඹුරුම තැනින් එන එකක් මනෝජ්. :)

      උඹලා මේ කතාව මෙච්චර රස විඳිනවා කියන එකෙන් අදහස් වෙන්නේ, මම එහෙම වෙයි කියලා කරන අනුමාන සාර්ථකයි කියන එකනේ.

      ඇත්තෙන්ම ස්තුතියි මට ඒ බව කිව්වට මනෝජ් හිතේ තියාගෙන ඉන්නේ නැතුව. d-)

      Delete
    2. අයියටත් ස්තුතියි මේ වගේ අපුරු කථා පරිවර්තනය කරනවට...:)

      Delete
  32. Adath kathaawa niyamayi. Anthimedi awasaana kala widiya thamayi niyamama. Aththenma me loke (Angaharu newe) api hithanawata wadaa wenas dewal thamayi wenne balan giyahama. Ara kawdo kiyala thiyanawane saakshi nodaka poorwa nigamana walata yanna epa kiyala..

    ReplyDelete
    Replies
    1. ඒක ලෝකෙ හැටිනේ අඟහරුවා. මේ මම පවා යම් යම් මිනිස්සු ගැන පූර්ව නිගමන වලට ඇවිල්ලා ඉන්නේ නිතැතින්ම.

      ස්තුතියි කමෙන්ට් එකට.

      Delete
  33. මගේ මූනෙත් කුරුලෑ වලවල් ටිකක් හදාගන්න ඕනේ බලන්න

    ReplyDelete
    Replies
    1. වයර් බ්‍රෂ් එකකින් කම්මුල් දෙකට ගස්සා ගත්තා නම් ටික හීනි වලවල් හුඟක් හදාගන්න පුලුවන් වෙයි. තව අර මස් මෘදු කරන්න කොටන්න තියෙන්නේ ඇණ ගහපු හෙයා බ්‍රෂ් එකක් වගේ එකක් අන්න ඒක තමයි මම හිතන්නේ නියම භාණ්ඩේ.

      ඇත්තට දැන් මොකටද උඹට කුරුළෑ වලවල්? :-O

      Delete
  34. ලස්සන කතා ගොන්නක් ම තියෙනවා මේ බ්ලොගේ.
    පොතක් එහෙම ගහන්න අදහසක් නැද්ද ඩූඩ්..?
    මේ වගේ කතා කියවන්න ලැබෙන්නේ හරි අඩුවෙන්.

    ReplyDelete
    Replies
    1. ඉතින් ප්‍රමුදි ඉඩ තියෙන තියෙන හැටියට ඇවිත් කියවන්න කියලා මම ආරාධනා කරනවා.

      පොතක් නේද? ඕක මෙහෙ ඉඳන් කරන්න පුලුවන් වැඩක්ද කියලා මට සැකයි.

      මම තව කතා පරිවර්තනය කරලා දාන්නම්කෝ.

      Delete
  35. මේ කතා වල ඊබුක් හොයාගන්න තියනවද හෙන්රි..?
    නැත්නම් හැමදාම මේවා පරිවර්තනය කරන්න කියන්න තමයි වෙන්නේ!!

    ReplyDelete
    Replies

    1. රූ, ඇත්තෙන්ම මමත් සර්ච් කරලා බැලුවා ‍ෆ්‍රී ඩවුන්ලෝඩ් තියෙනවද කියලා ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් සහ පෝල් ජෙනිංස් දෙන්නම. නමුත් මට නම් හම්බ වුනේ නෑ. ඊ බුක්ස් තියෙනවා ඔය මෙම්බර්ෂිප් එක අරන් ගෙවන්න වෙන සයිට් වල. රූත් සර්ච් කරලා බලලා හම්බවුනොත් මටත් කියන්නකො.

      Delete
  36. Anith ewa wagema patta sira story eka.maru maru thawa liyapan aiye.api kiyawannam ubata pin di di.

    ReplyDelete
    Replies
    1. පින් දෙන්න ඕනෙ නෑ දමිත්. මෙන්න මෙහෙම උඹලගේ කැමැත්ත අකමැත්ත කිව්වාම ඉහටත් උඩින්.

      තව දෙයක් තමයි දමිත් ඔය පොඩි කාලේ අපි කතන්දර අහනවා නේද? අම්මාගෙන් තාත්තගෙන් සීයාගෙන් හෙම? අපි කතාව අහලා විඳින රසය වගේම රසයක් කතාව කියන්නාත් එහෙම කරලා ලබන බව අපි හිතුවේ නෑ නේද?

      මාත් එහෙමයි. උඹලට මේ කතාවක් කියලා මමත් රසයක් විඳිනවා.

      Delete
    2. Lassanata rasa karala kathawak kiyana eka maara talent ekak.eka hamotama pihitanne ne.

      Delete
  37. අන්තිම ප්‍රශ්න වලට උත්තර ලැබෙද්දී තමන් ගොන් මෝල් මැට්ටෙක් කියලා තමන්ටම හිතිච්ච එක පුදුමයක් නෑ :) කතාව ඉවර කරලා තියන විදිය ගති. ඊට පස්සෙනම් සැන්ඩ්රා ගැන එහෙම හිතන්න නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. මාත් ඒ ප්‍රශ්ණෙට මාර කැමතියි සයුරි. ඒකෙ අදහස් දාහක් තියෙනවා නේ?

      Delete
  38. කාවවත් අමාරුවේ දාන්න ගිහින් කොල්ලම අමාරුවේ වැටුනා නේද අන්තිමට!
    මාත් හිතුවේ මේක කියන්නේ කෙල්ලෙක් කියලා!

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම අමාරුවේ වැටිලම නෑ නේ? :D

      Delete
  39. ත්‍රීවීල් එකක් අරං කොමෙන්ටුවක් දාල යන්න ආවේ ඩූඩ් මා එක්ක තරා වෙලාද කියල හිතිලයි..
    ඇත්තම කියන්නම්කො.. ඔයා පෝස්ට් දාන වෙලාවේ වැරද්දක්ද මන්දා මං එන හැම වෙලේකම මේකේ කොමෙන්ට් දිග.................ට තියෙන නිසා පල්ලෙහාට එන්න හිතෙද්දි මයේ කකුල් දෙකම රිදෙන්න ගන්නවා. අපේ තාත්තා නම් එකට කියන්නේ කම්මැලි කම කියල.. මොක හරි මාත් ඉතිං දැන් වැඩ කරන ජනතාවට නේ අයත්.. ඒ නිසා වෙලාවකුත් නෑ..
    මට කියන්න ඕනේ උනේ.. කොමෙන්ට් නොකලට ඩූඩ්ගේ කතා ඔක්කොම මං රස කර කර කියෝනව කියලයි..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හලේ එහෙම කොරාන්ට එපා අප්පා. ඇපල් ගෙඩියෙන් ඔලුව එලියට දාලා සිනා බෝවේවා කියලා හරි යන්ට පනුච්චි. :D

      Delete
  40. මචං උඹේ මේ කතා සෙට් එකේම අමුතු ගතියක් තියෙනවා. ඒ හැටි දිගත් නැහැ . එත් මාරු.

    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අසරණයා.
      ඒක නෙවෙයි මොකෝ දැන් මාස ගානකින් උඹේ පෝස්ට් එකක් වත් තිළිණිගේ සිත්තරයක්වත් දැක්කේ නැත්තේ?

      Delete
    2. තිළිණි දැන් රැකියාවක පහුගිය ටිකේම වැඩ ටිකක් තිබුනා. ලියන්න තරම් හිතේ ෆිට් එකක් නැතිව ඉන්නේ. ඉක්මනින් ආයේ පටන් ගන්නවා.

      Delete
  41. ඕනෑම විදේශීය ආහාර සපයන්නෙක් යම් රටක ඔවුන්ගේ භෝජන ශාලාවක් දානවා නම්, ලෝකල් ටේස්ට් එක ඇතුව තමයි ආහාර නිමවන්නේ. ඩුඩාගේ මේ පරිවර්තන වලත් මා දකින්නේ ලෝකල් ටච් එක. ඒක නිසා හරිම රසවත්. ඉතාම ආසාවෙන් රසවින්දින්නේ මචෝ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සුදීක. පාන් පරිප්පු එක්ක කන්න දුන්නට පාන් ගෙඩිය හදන්න දාපු අමු ද්‍රව්‍ය, ක්‍රමවේදය හෙම වෙනස් කලේ නෑ.

      Delete
  42. Star World චැනල් එකේ Moment of Truth කියන ප්‍රොගැම් එකේ ඇත්තටම මෙ ලයිඩිටෙක්ටර් එකක් පාවිච්චි කරා. :-O එකට එන අය පුදුම අපහසුතාවයකට පත් වෙනවා ඒ අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න ගියාම. :((
    පෞද්ගලිකත්වයක් ඇත්තේම නෑ. b-( හුගක් දෙනකුට තම පවුලේ අයත් සමග තියෙන සම්බන්ධකමත් නැතිවෙලා යනවා ඒ ප්‍රොගැම් එක ඉවර වෙන කොට. =D>

    ReplyDelete
    Replies
    1. මම නම් ඒ වැඩ සටහනට කවදත් අකමැතියි. හොඳ වෙලාවට ලංකාවේ කට්ටිය තාම ඒක පටන් අරගෙන නෑ.

      Delete
  43. සමාවෙයන් මචං පරක්කු උනාට.

    පරිවර්තනය අගෙයි, උඹේ චිත්‍ර කලාව එයටත් වඩා අගෙයි.

    ReplyDelete
    Replies
    1. උඹත් ඉතින් අලෝකය උපයෝගී කරගෙන කරන්නෙත් ඇඳිල්ලක්නේ. ස්තුතියි අයිලාස්

      Delete
  44. [im#]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/579312_4183601927269_1643651340_n.jpg[/im]

    [co="red"].[si="6"][ma]ඔබ සැමටත් සුබ වෙසක් මංගල්‍යයක් වේවා![/ma][/si][/co]

    ReplyDelete
  45. කොලුවගේ වා....සනාව :) කතාව නම් උපරිමයි තමා ආයේ අටුවා ටීක ටිප්පණි ඕනේ නැහැ (Y)

    ReplyDelete
    Replies
    1. වාසනාව නේන්නං. මම කියන්නේ ඒ වයසට සාපේක්ෂව. :p

      බොහෝම ස්තුතියි හසිත.

      Delete
  46. සුපුරුදු ලෙස ප්‍රමාදයි... කතාව හොඳයි... උඹේ චිත්‍රය ඉතා හොඳයි කියලා කියන්නම්. කතාව ටිකක් මදි මදි වගේ...

    එහෙම කියද්දි මතක් උනේ... ඊයේ බුකර් සම්මානේ දිනපු ලේඛිකාව (Lydia Davis) ලියන කෙටි කතා සමහර ඒවාට තියෙන්නේ එක ඡේදයයි. වාක්‍ය දෙකේ කතාවකුත් තියනවා මං හිතන්නේ. හොයලා බලපං....

    ReplyDelete
    Replies
    1. Better late than never, Dude.
      බොහෝම ස්තුතියි ඇගයීමට.

      කතාව ගැන කිව්වොත්, මම ඒක දකින්නේ මෙහෙමයි.
      දැන් මම පාරේ ඇවිදගෙන යනකොට මම සාප්පුවක කවුලුවක දකිනවා අපි කියමුකෝ ටී ෂර්ට් එකක් කියලා. මගේ ගමන නතර වෙලා මාව ඉබේම ඇදිලා යනවා සාප්පුව ඇතුලට. ඇතුලට ගියාම මම දකින්නේ ඒක ඇර තවත් විශාල හිත් ඇදගන්නා ටී ෂර්ට් ඇති බවයි. දැන් මට ගැටලුවක් කොහොමද එකක් ‍තෝරාගන්නේ කියලා. එතකොට මම පාවිච්චි කරන උපක්‍රමය තමයි මේ ෂෝට් ලිස්ට් කරපු ටී ෂර්ට් කීපයම අර කවුලුවෙන් පේන්න තිබ්බද කියන එක. බොහෝ විට ඔව්. එහෙනම් මගේ තේරීම තමයි මම ඉර ඉස්සෙල්ලම දැකලා, මගේ ගමනත් නතර වෙලා, මාව සාප්පුව ඇතුලට අරන් ගිය ටී ෂර්ට් එක.

      මම මේ උඹලට කියන කතාවලුත් අන්න ඒ වගේ. මට හිතුනොත් මේ කතාව උඹලට කියන්න තරම් හොඳ එකක් කියලා, ඉතින් මම ඒක උඹලටත් කියනවා. මම මේ කතාවත් උඹලට කියන්න හොඳයි කියලා හිතපු කතාවක්. :)

      බොහෝම ස්තුතියි තිසර,ඔත්තුවට. මම Lydia Davis සර්ච් කරලා බලන්නම් ඉඩක් ලැබුනාම.

      Delete
  47. අපරාදෙ මචං, මගෙ ගොං මෝල් කමට කී දෙනෙක් මිස් උනාද දන්නෙ නෑ ..!

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මචං, කියලා වැඩක් නෑ.
      ඇරත් ඕවා දැං කතාකරලා වැඩක් තියේද?
      ගුටිකන මාතෘකා! :))

      Delete
  48. කතාව නම් නියමයි. කලින් දවසක කියෙව්වේ ඒත් එදා වැඩ වැඩි නිසා කමෙන්ට් කරන්න බැරි වුණා.
    කතාව උපරිමේටම රස වින්දා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සිතූ. මේක එකට එක කිරීමක් නෙවෙයි. :)) නමුත් අපිටත් මේ දවස්වල ටර්ම් ටෙස්ට් නිසා ඔලුවටත් උඩින් වැඩ. ඒකයි මේ අද වෙනකල් උත්තරයක් දෙන්න බැරි වුනේ.

      Delete
  49. අදනම් මුලින්ම ඇහැ ගියේ පිංතූරෙට. ඒකෙ ඉන්න කෙල්ලගේ මූණේ අමුතුම ලස්සනක් තියෙනවා. චාම් හැබැයි ටිකක් දුක්බර. වයස ඉස්කෝලෙ කෙල්ලෙකුට වඩා අවු:28ක විතර පෙනුමක් වගේ. (මේක අඳිනකන් කවුරුවත් හිටෝලා තියන්නනම් නැතුව ඇති නේ.)

    මමනම් හිතන්නේ අරූ මහ ගොන්, මැටිමෝල්, මීහරකෙක්. නැත්නම් අච්චර දැනගෙනත් ඒක තහවුරු කරගන්න අර අන්තිම ප්‍රශ්නේ අහන්නේ. අන්තිම ප්‍රශ්නේ විදියට ඊට වඩා වැදගත් දෙයක් අහන්න තිබුණනේ. ඒත් මේ ප්‍රශ්නෙන් කොල්ලා කලබල උණු තරම ලස්සනට මතුකරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් වලින් සිත්තරේ රහස් නම් එලි කර ගත්තා. මං හිතුවා හරි.... w-)

      Delete
    2. ඔය හුඟාක් දේවල් තියෙන්නේ බලන්නාගේ ඇස් වල අකමා. උඹට මේ කෙල්ල අවුරුදු 28ක් වගේ පේන හේතුව මට හිතා ගත්තෑකි. හික් හික්. :))

      උඹ මේ කෙල්ල ඉස්කෝලෙ යන කෙල්ලක් කියලා හිතලා බැලුවොත් එහෙම පේනවා. අනික යුරපියන් ළමයි හුඟක් වෙලාවට ශාරීරික වර්ධනය අතින් අපේ ළමයින්ට වඩා ඉස්සරහින් ඉන්නේ.

      මේ දවස් වල වාර විභාගේ. මම invigilation ගිහින් ඉන්නකොට මම නිකමට බැලුවා හතේ පන්තියේ ළමයින්ගේ මූණු දිහා, චිත්‍ර ශිල්පියෙක් හැටියට. උඹට කියන්න, සමහර මූණවල් මට වඩා වැඩිමල් ගෑණුන්ගේ මූණවල්. මම එක එක මූණු වලට වයස් දාලා බැලුවා. අවු 52, 48, 35 වගෙ මූණවල් බං හතේ පන්තියේ හුඟක් ළමයින්ගේ තිබ්බේ. :(( මීට අවුරුදු තුනකට කලින් මම උගන්නපු ගෑණු ළමයෙක්ගේ තිබ්බේ ආච්චි කෙනෙක්ගේ මූණක්. ඇයි දන්නේ නෑ එහෙම වෙන්නේ.

      දැන් උඹ මාව වරදවා වටහාගන්න එපා. මම දේවල් දිහා බලන්නේ චිත්‍ර ශිල්පියෙකුගේ ඇස් වලින් චිත්‍ර ශිල්පියෙකුගේ කුතුහලයෙන්. මට නිරුවත් ගැහැණු ඡායාරූපයක් ප්‍රතිමාවක් දිහා උනත් එහෙම බලන්න පුලුවන්. ඒ කර්ව්ස්, ඒ හෙවනැලි වල තද සහ මෘදු බව වගේ. :)

      මොකක්ද යකෝ සිත්තරේ රහස? :-O

      Delete
    3. වරහන් අස්සේ තිබුණු නිසා පේන්න නැතුව ඇති. ...//(මේක අඳිනකන් කවුරුවත් හිටෝලා තියන්නනම් නැතුව ඇති නේ.)//.....

      මගේ ඇස් මාරයි නෙහ්. අංකල් අයියා කලෙත් ඕකෙන්මනේ.... :D කලින් පෝස්ටුවේ කමෙන්ට් එක බැලුවනම් රහස එලි වෙන්නත් තිබුණා.

      Delete
  50. මදැයි කොළා.... ඒත් කමක් නෑ අප්පා, කොහොම හරි ඇත්ත දැනගන්න ලැබුණානෙ.... තමුන් තමුන්වම හොඳට විග්‍රහ කරගෙන තියෙන්නෙ.... තමන් ගැන තමන් එච්චර හොඳට දැනගෙන ඉන්න එකත් ලොකු දෙයක්නෙ, නැද්ද මං අහන්නෙ...?
    පළවෙනි ඡේද දෙක තුනේ තියෙන්නෙ අමුම අමු ඉරිසියාව... හික්ස්...
    නියම භාෂා ව්‍යවහාරය.... ඒක නිසා හොඳට හිතට වදිනවා කතාව ආගන්තුක එකක් නොවී.... හරිම ලස්සනයි ඩූඩ්, පරිවර්තනය.... අර යටින් හණ ගහපු එකයි, චිත්‍රෙයි දෙකමත් හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. හප්පා, උඹව දැකපු කල් මියුරු. මම 'මිහිරීඊඊඊඊඊ!' කියලා කෑ ගහන්න හැදුවේ උඹලෑ අම්මා කලා වගේ.

      දැන් වැඩ අධික සමය පහු වුනාද?

      ඉරිසියාව නේන්නම්. නැතිනම් වෙන මොකක්ද? නමුත් සමහර වෙලාවට ඇත්තත් නිකම්ම කියවෙනවා. දැක්කද මේ ටෙස්ට් එකට ඇන්ඩ්‍රාව ‍තෝරාගන්න හේතුව කියලා තිබ්බ හැටි? මේක උඩු හිතයි යටි හිතයි අතර conflict එකක්.

      ස්තුතියි මියුරු. අපි උඹ නැති අතරේ සෑහෙන දේවල් කලා. බළල් බෙට්ටක් කටේ දාගත්තා. මාරක කේක් එකක් හැදුවා. ඇන්ඩියව වැලලුවා. හරි හරි දේවල් කලා ඉන්න ගමන්.

      Delete
  51. අන්තිමටත් ක‍ටුව truth පැත්තට තමා යන්න ඇත්තේ. සමහර කෙල්ලො පෙන්නන්නේ නැහැනේ ආදරය කරන්නේ කාටද කියලා.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>