Saturday, April 12, 2014

109. බදුලු කෝච්චිය. 3 කොටස. හැටන් දක්වා.

එක්කුස උපන් S12 පරම්පරාවේ සොහොයුරියන් වන  කොළඹ බලා යන උඩරට මැණිකේත්,  බදුල්ල බලා යන පොඩි මැණිකේත් වටවලදී මුණ ගැසී…

ඔන්න ඉතින් අපි පේරාදෙණියෙන් පිටත් වුනා මතකනේ? අමතක නම් මෙන්න පළවෙනි සහ දෙවෙනි කොටස්.

107. බදුලු කෝච්චිය. 1 වන කොටස

108. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා.


පෙරවරු 9.15:ගෙලිඔය පසු කරමින්… පේරාදෙණිහ හන්දියට පස්සෙ මුලින්ම තියෙන නැවතුම ගෙලිඔය. ක්සැන්ඩර් ගෙලිඔය නේද? බෙල්ල කපලා ඇලට දාන සීන් එකක් තියෙනවද ගෙලි ඔය? :D


 පෙරවරු 9.20: සැහැල්ලුවෙන් ගමන් කිරීම. සබ්බ සකලමනාවම දාපු මේ බෑග් එක මගදි ඔලුවට ඇදගෙන වැටෙන බයක් නැතුව ගානට උඩ රාක්කෙට ‍ෆිට් වුනා. 


පෙරවරු 9.24: ගම්පොල. සුපුරුදු විදියට සිග්නල් නෑ. අර ඈත කන්ද උඩ පේන අමුතුම හැඩේ දාගැබ කාගෙත් සිත් පැහැරගත්තා, ඒ හැඩය නිසාම.


පෙරවරු 9.24: තවම ගම්පොල… වෙන කෝච්චියකට ඉඩදෙන්න අපි ආපහු ගිහින් වෙන පාරකට දාලා මග ඇරලා හිටියා.
අපි එහෙමයි.
අපේ කෝච්චිත් එහෙමයි.


පෙරවරු 9.25: මේ වල් වැවුනු රේල් පාරවල්, පාරේ තියෙන උපකරණ ඔක්කොම දේ කෝච්චි වලට පෙම් බඳින්නන්ට අතීත කාමය ගෙනදෙන, හිතට ලෙංගතු බවක් ඇති කරන දේවල්. (සාමාන්‍ය පුද්ගලයෙකුට යකෝ මුන්ට මඤ්ඤංද කියලා හිතුනත්…)


පෙරවරු 9.29: මේ කැමරාව අල්ලන විදිය ගැන, ඔය වෘතීය ඡායාරූපශිල්පියෝ, විශේෂඥයෝ මොනවා කිව්වත්,  කෝච්චියක එල්ලිලා පින්තූර ගන්න පුලුවන් මේ විදියට තමයි. මේ වෙලාවට අපිට ඕනෙ පින්තූරේ විතරයි.
(සාහිත්‍ය/ඉතිහාසය කන්ඩද බං කිව්වලු?) :-)


 පෙරවරු 9.32: අප පසු කරගෙන යන Class M5 එන්ජිමක්…




10.00 AM: නාවලපිටිය.
අර පේන්නේ කැනේඩියන් M4 එන්ජිමක්ද? දන්න කෙනෙක් කියාපල්ලා. කෝච්චියා මොකද කියන්නේ? ට්වින් හෙඩ්ලයිට්. තනි වින්ඩ්ස්ක්‍රීන් එක.


පෙරවරු 10.04: Computer control connector,
broadcasting connector and multiple connector.
මේවා කවද්ද සම්බන්ධ කරන්නේ කියලා ඇහුවනේ. සමාවෙන්න ඕනේ, මම අනිත් පැත්ත විතරයි බැලුවේ. ඒ පැත්ත නිකං තිබුනට දකුණු පැත්තෙන් ඔක්කොම සම්බන්ධ කරලා තියෙන්නේ.


 පෙරවරු 10.12: නාවලපිටිය වැදගත් ස්ථානයක්. මම හිතන්නේ මේ දුම්රිය පාලන ජාලයේ (Railway Network) උඩරට මාර්ගය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ නාවලපිටියෙන් කියලා.


 පෙරවරු 10.15:


පෙරවරු 10.20: තද කොල පයින් ගසුයි පාර අද්දර ලා කොල වල් පඳුරුයි  මවන චිත්‍රය දැක්කද?


 පෙරවරු 10.21:  කඳුකරයේ පයිනස් වගා කිරීම ගැන නොයෙකුත් මත බේද තිබුනත්, මට නම් පයිනස් ගස් අපි කඳුකරයට ඇතුලු වූ බව සිහිගන්වන මං සලකුණක්.
 
පෙරවරු 10.22: Clicking away...


 පෙරවරු 10.22: අඳුරේ සහ එලියේ සංකලනයක්!


 පෙරවරු 10.22: හැම කවුලුවකම සජීවී ස්වභාව සෞන්දර්යය වැඩ සටහනක් පෙන්වමින් තියෙන ගමනක්.


 පෙරවරු 10.23: රේල් පාලමක් උඩින් යද්දී දැනෙන වින්දනය විස්තර කරන්න අමාරු එකක්. ඒක විඳලම බලන්න ඕනේ.


 10.23AM: The mountain side is crisscrossed with
small streams like this.


පෙරවරු 10.23: මට නිතර හිතෙන දෙයක් තමයි, රේල් පාරක් කොයි තරම් හොඳට අවට ස්වභාවික පරිසරයත් එක්ක මුසු වෙලා එහිම කොටසක් වෙනවද කියන එක.
 


පෙරවරු 10.25: ඉඟුරු ඔය කියන්නේ නාවලපිටියත් වටවලත් අතර තියෙන ගම්බද දුම්රිය නැවතුමක්. අපි මෙතන තරමක් වෙලා ‍රැඳිලා හිටියා සිග්නල් එක ලැබෙන තෙක්.


පෙරවරු 10.26 :
සිග්නල් නැතුව බලා ඉන්න එක ඔය හුඟ දෙනෙකුට අප්‍රසන්න දෙයක්.
නමුත් අපිටනම් මේකත් නොස්ටැල්ජියාවෙම කොටසක්.
ඔය දන්න එවුන් මට කියාපල්ලා,
ඔය ප්‍රංසයේ TVG එකේ, එතකොට ජපානේ Bullet Train එකේ එහෙමත්මේ ආතල් එක තියෙනවද කියලා.



පෙරවරු 10.31 : ඇස් ඇරලා අවට බලනවා නම්, (හරි මූඩ් එකේ ඉන්නවා නම්) අප අවටත් මේ වගේ අයස්කාන්ත දර්ශණ තියෙනවා.
Just because you watch you don’t see (ඔබ බලන් හිටියයි කියලා ඔබ දකින්නේ නෑ) කියලා අද උදේ මම බලපු ටෙලි සීරීස් එකක කිව්වා.


 10.31 AM: We're rolling again...
පෙරවරු 10.31: නැවතත් ගමනේ…


 පෙරවරු 10.32:


පෙරවරු 10.33: බොන එවුන්ට මේකත් ඇති. නමුත් ඇල්වතුරත් නිවලා බොන මට හිතුනේ අර ගල උඩ ඉඳං ඇලට කකුල් දෙක දාගෙන ඉන්න තිබ්බා නම් පට්ට ආතල් නේද කියලා…ඇත්තමයි...


 පෙරවරු 10.33: මේ පාර දිගටම මේ වගේ අතෑරලා දාපු කෝච්චි පෙට්ටි ගණනාවක් තියෙනවා අපි දැක්කා...
 



පෙරවරු 10.33:


පෙරවරු 10.35: කලුගල් කඳු ඕනේ තරම්. ඇයි මේ බිම් ගෙවල් විදලා තියෙන්නේ ඒවා අස්සෙන් නේන්නං…


 පෙරවරු 10.35: මේ කඳුකර මාර්ගයේ, බිම් ගෙවල් තුලින් යාම පුදුමාකාර වින්දනයක් ගෙන ගෙන දෙයක්.  ගිහින් නැත්නම් ගිහිල්ලම බලන්න කියලා මම කියවා. අපි මේ වගේ පින්තූරයක් ගන්න පුදුම කට්ටක් කෑවා. කැමරාව Auto mode තියෙනකොට අඳුරෙයි එළියෙයි වෙනසට සෙන්සර් එක ‍රැවටිලා shutter speed/exposure අවුල්  වෙනවා. ඒ මදිවට කෝච්චියත් පැද්දෙන නිසා ගන්න පින්තූරේ බොඳවෙලා නොපැහැදිළි වෙනවා. නමුත් මේක අමාරුවෙන් හරියට ගත්ත ඒවායින් එකක්.


පෙරවරු 10.35: උඹලා කී දෙනෙකුට හිතුනද මේකට පැනලා නාලා බොන්න තිබ්බා එල නේද කියලා? පරචිත්ත විචාරන ඥානය කියන්නේ ඕකට තමයි.
 
පෙරවරු 10.34:
වතුරෙන් තමයි මේ වෙනස. බලන්න ඊ ලඟ පින්තූරේ පාට.



පෙරවරු 10.36: Wild west මතක් වෙනවා නේද. මට නම් එහෙමයි


පෙරවරු 10.36: මම මේ කට්ටියගේ අතින් අල්ලගෙන එක්කගෙන යන්න ඕනේ නෑනේ නේද? යකෝ හැම පින්තූරෙකටම මොකක් හරි කියන්න දෙයක් හිතන්න ඕනෙද?


පෙරවරු 10.36: මම දැන් වතාවකුත් උඹලට කිව්වා, යකුනේ මේ රෝස පාට බෝතලෙයි ටෙඩි බෙයා බ්ලැන්කට් එකයි මේවා ඔක්කොම අර අපිත් එක්ක එස්සරහ සීට් එකේ ගිය පොඩි බබාගේ… මුන්ට යකෝ කොච්චර කිව්වත්…


  පෙරවරු 10.38: සිග්නල් කේස්.  මම හිතන්නේ මේ ගල්බොඩ. ෂුවර් නෑ.
 


 පෙරවරු 10.39: හෙහ් හෙහ් හේ. උඹලගෙන් කී දෙනෙක් පොඩි කාලේ මේ ප්ලේට් දෙක උඩ ගිහින් තියෙනවද? මේ පෙට්ටි දෙකක් අමුණපු තැනක ජොයින්ට් එකේ තියෙන තහඩු දෙක. මේ දෙක පිස්සු හැදිලා වගේ එකට ඇතිල්ලෙනවා, හැප්පෙනවා, සද්ද කරනවා.  මම පොඩි  කාලේ මාර බයයි මේ දෙක උඩින් යනකොට කකුල ඔය දෙක අතරට අහුවෙලා ඇඹරිලා, චුරු වෙලා යයි කියලා. පස්සේ මම ඕක උඩ ආතල් එකට නැගලා ප්ලේට් දෙකට කකුල් දෙක තියාගෙන බය වෙලා කට ඇරගෙන බලාගෙන පොඩි උන්ට පේන්න පැදගෙන යනවා. අන්තිමේදි කවුරු හරි ඔතනින් යන්න ඕනෙ වෙලා බනිනකල්ම  මම නෙවෙයි ඕකෙන් බහින්නේ.


 පෙරවරු 10.40: කොහොමද අර පේන ඉස්කෝලෙට යන්න ලැබුනා නම්? පේනවද පිට්ටනිය තියෙන තැන ගතිය?



පෙරවරු 10.40: හා, දැන් උඹලාම කියාපල්ලා.


 පෙරවරු 10.41:


පෙරවරු 10.43:


 පෙරවරු 10.43:


 පෙරවරු 10.47: මේ පයිනස් යායවල් මැද්දෙන් යනකොට මට නම් ඒවයේ සුවඳ දැනෙනවා. ඒ මට හිතෙන හැටිද?


 පෙරවරු 10.54: මේ desktop background එක මෙතන තියෙන හුඟක්ම ලස්සන පින්තූර වැඩි හරියක්ම වගේ හිරූෂ ගත්ත එකක්.
 


 පෙරවරු 10.56: මට හමුවෙලා තියෙන සමහර විදේශිකයෝ හිතාගෙන ඉන්නේ මුලු ලංකාවම තේ වත්තක් කියලා tourist brochures වලට පිං සිද්ද වෙන්න :D



පෙරවරු 10.56: සොබා දහමේ වර්ණ සංකලනය!


 පෙරවරු 10.56: කඳු අතරින් වංගු ඔස්සේ යන මේ ගමනෙදි නැට්ටේ ෆෝටෝ ගන්න හුඟක් අවස්තා ලැබෙනවා. මගේම වචනයෙන් කිව්වොත් tail chasing shots.
 10.56 AM: Winding through the mountains
calls for tail chasing shots like this.



පෙරවරු 10.57:



පෙරවරු 10.59:


 පෙරවරු 11.00: Watawala. කොළඹින් කිලෝ මීටර් 162ක දුරකිනුත්, මුහුදු මට්ටමේ සිට මීටර් 993.5ක උසකිනුත් පිහිටි වටවල නැවතුමේ අපි තව කෝච්චියකට ඉඩ දෙන්න සෑහෙන වෙලාවක් හිටියා. මේක සාමාන්‍ය දෙයක් නිසාම වෙළෙන්දොත් කෑම වර්ග අරගෙන එතනට එන්න පුරුදු වෙලා මගින්ට විකුණන්න. අර රේල් පාරේ යනවා පේන මිනිස්සු, අපේම කෝච්චියේ ඇවිත් රේල් පාරට බැහැලා කන්දෙන් බැහැලා නොපෙනී ගියා.



පෙරවරු 11.01: දුම්රිය සංචාරයක අත්විඳිය හැකි සංවේදනා පැකේජයේ කොටසක්ම වන මේ තීන්ත ආලේපනයක් ඉල්ලා හඬාවැටෙන මඩු, වල් වැවුනු රේල් පාරවල් වගේම  හුඟක් තැන්වල දකින්න පුලුවන්...


පෙරවරු 11.02: මේ ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ කෞතුක භාණ්ඩයක්. මට එතන හිටපු කෙනෙක් කිව්ව විදියට, ගල් අඟුරු කෝච්චි දුවපු කාලේ ඒවයේ බොයිලර් වලට දාන්න තිබුන වතුර ගබඩා කරලා තිබිලා තියෙන්නේ ඔය උඩ තියෙන ලෝහ ටැංකියේ. ඔය ලොකු පයිප්පේ අගට රබර් හෝ හම් වලින් හදපු අලි හොඬයක් වගේ කෑල්ලක් සයි කරලා තිබිලා තියෙනවා ඔතන නවත්තපු එන්ජිමේ බොයිලේරුවට වතුර පුරවන්න.

පෙරවරු 11.05: Hello and Goodbye!  Blue meets blue.  මැණිකෙලාගේ හමුවක්. උඩහට යන පොඩි මැණිකේ සහ පහලට යන උඩරට මැණිකේ වටවලදී හමුවූ වගයි.
පෙරවරු 11.05: මමත් ආසාවෙන් හිටපු රස්සාවල් වලින් එකක්. දැන් පවා.


පෙරවරු 11.05: මේ ඩිජිටල් තිරයන් සහිත නවීන පාලක පුවරුවලින් සන්නද්ද Class S 12 එන්ජින් ඇත්තෙන්ම ශ්‍රී ලංකා දුම්රිය වංශකතාවේ සංදිස්ථානයක්.


පෙරවරු 11.06: බලන්න දේ ඕනෙ තරම්.

පෙරවරු 11.07: මේ උඩරට මාර්ගයේ ගම්බද දුම්රිය ස්ථානවල ගෘහ නිර්මාණශිල්පයට මම හරි ආසයි.

පෙරවරු 11.09: නැවතත් ගමනේ.

පෙරවරු 11.10:

පෙරවරු 11.12: ඔන්න සම්පූර්ණ චිත්‍රය. තේ වත්ත. වංගු සහිත පාරවල්, තේ කර්මාන්තශාලාව. ජල මාර්ගය.

පෙරවරු 11.14: සමාන්තර අඩි පාර. ඇත්තටම රේල් පාරේ පයින් යන්න තහනම්ලු නේ?

පෙරවරු 11.15: අවිස්සාවේල්ලේ සිට නුවර එලිය ආසන්නයට දිවෙන A7 මහා මාර්ගය.

 පෙරවරු 11.17:

පෙරවරු 11.17:
පෙරවරු 11.18:
 පෙරවරු 11.18: මොකක්ද අර කන්දට කරලා තියෙන්නේ ඈ?  උඩ ඉඳලා පතුලට ඉරක් ඇඳලා එක පැත්තක් තට්ටේ ගාලා?

පෙරවරු 11.19: නිවාස යෝජනා ක්‍රමයක් වගේ මට නම් පේන්නේ.

පෙරවරු 11.20:
 
පෙරවරු 11.21: කෝච්චිය යනකොට කුස්සියේ පිඟන් රාක්කේ පිඟන්, හැඳි සට සට ගාලා වෙව්ලන එක මේ ගෙවල් වල ඉන්න අයගේ ජීවිතේ කොටසක් වෙන්න ඕනේ.  කෝච්චිය වෙලාවට නොගියොත් කට්ටියට නින්ද යන්නෙත් නෑ කියලා කියන්නේ.

 පෙරවරු 11.22: ඒ මේ අතට ඇඳුනු රේල් පීලි චිත්‍රය…

 පෙරවරු 11.22:රොසැල්ල

පෙරවරු 11.24: සරල ජීවිත. සරල දුම්රිය නැවතුම. රොසැල්ල. මුහුදුමට්ටමේ සිට මීටර් 1140.35යි
 
පෙරවරු 11.25:

 පෙරවරු 11.26:


 පෙරවරු 11.27:පොතු ගැලවෙන සුදු පැහැති කඳන් සහිත යුකැලිප්ටස් (ටර්පන්ටයින්?) ගස් වලින් හමන්නේ ප්‍රසන්න සුවඳක් මට නම්…

පෙරවරු 11.28:
වරින් වර කෙල ගිල්ලේ නැතිනම් කෝච්චි එන්ජිමේ ඝෝෂාවත් නෑසී යනවා අඩු වායු ගෝලීය පීඩනයට  කන් අගුල් වැටීම නිසා…


 පෙරවරු 11.30:: මීටර් 1200ක් උසින්...

 පෙරවරු 11.32:
පෙරවරු 11.33: කෝච්චිය ඉහල නගින්න නගින්න අපේ බඩ ගින්නත් ඉහල නැග්ගා. අපි හිතපු විදියට කෝච්චියේ භෝජනාගාරයෙන් පිහිටක් ලැබුනේ නැත්තේ අවුරුද්දට ටෙන්ඩර් ඉවර වෙලා ඒක වහලා දාලා තිබුන නිසා. කෝච්චියට ආපු වෙළෙන්දොත් කෑම පාර්සල් ගෙනාවේ නෑ, ඉස්සො වඩේ, අඹ වගේ දේවල් ඇර.

 පෙරවරු 11.34:  හැටන් වලට ලඟාවෙමින්…

පෙරවරු 11.35:
හැටන් දුම්රිය ස්ථානයට ඇතුල් වෙද්දී කොළඹ සිට කිමී 175.6ක් දුර ගෙවා තිබූ දුම්රිය මුහුදු මට්ටමේ සිට මීටර් 1260 උසට නැග තිබුනා.



පෙරවරු 11.37පෙරවරු
හැටන් දුම්රිය නැවතුම් පොල අප මගදී පසු කල හුඟක් නැවතුම් වලට වඩා විශාල එකක්.

 

අර උඩ තියෙන හැටන් දුම්රියපොල දැකලා හිතේ කහටක් ඇතිවුනා නම්, කොහොමද ඊට විනාඩි කීපයකට කලින් දකින්න ලැබුන මේ දර්ශනය? අර සඟරා වල, පික්ච පෝස්ට් කාඩ් වල දකින පින්තූර වගේ නේ?




දුර පමණක් නොව උසද ගමනේ තීරණාත්මක සාධකයන් වීම බදුලු දුම්රිය ගමන ලංකාවේ වෙනත් දුම්රිය ගමන් වලට වඩා වෙනස් වන එකක් හේතුවක්. මුහුදු මට්ටමේ සිට උස සෑම දුම්රිය ස්ථානයකම නාම පුවරුවේ පතුලේ සටහන්කර තියෙනවා. අප පේරාදෙණියට ලඟාවන විට ගමනාරම්භ කල මීටර් 10.97 ක උසින් පිහිටි ගම්පහ දුම්රිය ස්ථානයේ සිට මීටර් 473.47ක් ඉහලට නැග තිබුනා.
කෙසේ හෝ පේරාදෙණිය දුම්රිය ස්ථානයේ නාම පුවරුවේ පෙන්වන්නේ එය මීටර් 476.38 ඉහලින් පිහිටි බවයි.
අප පේරාදෙණියේ සිට ක්‍රමයෙන් ඉහල නගිමින් ගෙලිඔය, ගම්පොල, තැඹිලිගල, උලපනේ, නාවලපිටිය, ඉඟුරු ඔය, ගල්බොඩ, වටවල, ඉහල වටවල, රොසැල්ල පසුකර හැටන් කරා ලඟා වනවිට අප නැග තිබූ උස  මුහුදු මට්ටමේ සිට මීටර් 1262ක් වුනා.
ශ්‍රී ලංකා දුම්රිය මාර්ග ජාලයේ  ඉහලම ස්ථානය උඩරට මාර්ගයේ අඹේවෙල සහ පට්ටිපොල අතර පිහිටි මුහුදු මට්ටමේ සිට මීටර් 1898ක් වූ ස්ථානයක්. ඒ නිසාම ගමනේ වඩාත් දැකුම් කලු ස්ථාන ඇත්තේ තවත් ඉදිරියේ.
ගමනාන්තයට වඩා ගමන රසවත් බව මම කිව්වේ ඒ නිසයි.
මීලඟට
110. බදුලු කෝච්චිය. 4 කොටස. Great Western දක්වා. 

 Originally published @ HeyDude in English
Also Published in Sinhala language 

126 comments:

  1. මරුනෙ. අර චෛත්‍ය නම් මරු. සමහර තැන්වලදි එක විනාඩිය ඇතුලෙ ෆොටෝ දෙක, තුන අරගෙන.

    ඇත්තටම අර රෝස පාට බෝතලේ කාගෙද? ;)

    මාත් ආසයි අර පෙට්ටි දෙක එකතු වෙන තැන යකඩෙ උඩ යන්න කකුල් දෙක තියන්.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියෙ මේ පෝස්ට් එක බ්ලොග් රෝල් වලයි සින්ඩි වලයි අප්ඩේට් වෙලා නෑ පොඩ්ඩක් බලන්න.

      Delete
    2. මගේ බ්ලොගර් බ්ලොග් දෙකේම එහෙමයි. මේක් schedule කරලා දැම්මෙත් ඒකයි. ඕකට මහන්සි වුනාට වැඩක් නෑ. පස්සේ නිකම්ම හරියනවා. එතකල් ඔන්න ඔහෙ දකින කෙනෙක් දැක්කාවේ කියලා නිකං ඉන්නාවා බං. ස්තුතියි ඒ වුනත්.

      Delete
    3. මටත් ඔය ගැටලුව තියෙනවා. මම කරන්නේ feedburner ගිහිං ෆීඩ් බර්න් කරලා පබ්ලිෂ් කරනවා. එතකොට හරි යනවා. වෙලාවකට හරි වදයක්. මටත් කියල දුන්නේ සඳරු.

      Delete
  2. මුලිම්ම කියන්න ඕන, මේකෙ සයිස් එක වැඩි නිසා බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙලා නෑ.

    ඒ නිසා හරි නොගියොත් හොර පාරක් කපහන්.


    පින්තූර ටික පට්ට. ඔය හරියෙ පොඩි දිය ඇලි කීපයක් තව මගෑරිලද මන්ද! නාවළපිටිය පහු උනාම සුදුගන්නග ඇල්ල උඹෙ වම් පැත්තෙ ( මූණ හැටන් පැත්තට දාල ඉන්නකොට ) දකින්න පුළුවන්. ඒ හරියෙ කෝච්චි පාරයි ගඟයි එකට ගලනව! අනික ගලබොඩට කලින් පොඩි ස්ටේෂන් එකක් තීනව ( නවත්තන්නෙ නෑ මට මතක විදියට එතන ) . ඒක පහුවෙලා ටිකක් ඉස්සරහට ආවම උඩින් ගල්බොඩ ඇල්ල පේනව.

    බලමු හොඳම හරිය වෙන්න ඕන ඊලඟ පෝස්ට් එකේ. මොකද ලන්කාවෙ ලස්සනම කැපුම ඒක නිසා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සයිස් එක වැඩි නිසාද ඉන්දික බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවෙන්නේ? මට එහෙම හිතුනේ නෑ. බල්මු ඊ ලඟ එක කොටට දාලා. අනික මේ පින්තූරම සයිස් එක අඩු කරොත් හරියයිද?

      Delete
    2. උඹ හරි ඉන්දික. ඒක තමයි කේස් එක. ඔන්න ඇරියා හොර පාරක්. උඹට ස්තුතියි.

      Delete
    3. ආයෙ දානකොට jump break කියන එක දෙන්න නිකමට වගෙ. එක පින්තූරයක් අහු වෙන විදිහට.

      Delete
    4. ඇත්තට? එතකොට ලෝඩ් එක අඩුවෙනවද චන්දන?

      Delete
    5. මං හිතන්නෙ ඔව්. දැන් හෝම් පේජ් එකට ගිහින් බලන්නකො. මුලු පෝස්ට් එකම හෝම් පේජ් එකේ පෙන්නනවා. තව අර ෆීඩ් පෝස්ට් කියන තැනට අන්ටිල් ජම්ප් බ්‍රෙක් හරි ශෝට් හරි දීල තියන්න.

      Delete
    6. Jump break දැම්මා චන්දන. ස්තුතියි.

      Delete
  3. අපිත් යන්ට ඉන්නෙ... ගිහින් ඇවිත් දාන්නම් කො මෙහෙම එකක්!

    ReplyDelete
    Replies
    1. හරියට හරි. යන්න ඊ ලඟ නිවාඩුවටම.

      Delete
  4. මල් අටයි ! ඕන අල ගෙඩියක් කියල මටත් යන්න හිතෙනව මේව දැක්කම.

    ReplyDelete
    Replies
    1. පලයං චන්දන. ඕකට ආයෙ නැකැත් බලබල ඉන්නෙපා. වැහි කාලෙට ඕකෙ නාය යන ප්‍රශ්ණත් තියෙනවනේ? දැන් තමයි හොඳම.

      ස්තුතියි උඹේ තාක්ෂණ උපදෙස් වලට.

      Delete
  5. අද පින්තුර ටික නං හරිම ලස්සනයි,හැබැයි මචං පින්තුර වැඩියි ස්ක්‍රෝල් කරල එපාවෙනවා.උඹ දන්නවද මමත් කෝච්චි ප්‍රේමියෙක් බව අවුරුදු තිස් ගාණක් කෝච්චියෙ ගියා කියන්නෙ පොඩි වැඩක්ද.
    උඩරට මාර්ගය එහෙම පිටින්ම පාලනය වෙන්නෙ නාවලපිටියේ ඉඳල,බදුල්ලෙ ඉඳන් එන ඩ්‍රයිවර්ලයි ගාඩ්ලයි කොළඹ ඉඳන් එන අයයි දෙගොල්ලොම නාවලපිටියේදී බහිනව.

    ReplyDelete
    Replies
    1. මචං තවත් කෝච්චි ප්‍රේමියෙක් අඳුනගන්න ලැබීම සතුටක්.

      මට වෙලා තියෙන ප්‍රශ්ණේ මේක කොටස් බර ගානකට කඩන්නත් බෑ උඹලට කරදර නිසා. එතකොට මෙච්චර පින්තූර ඔබලත් බෑ උඹලට ස්ක්‍රෝල් කරන්න බැරි නිසා. කොහොමත් පින්තූර අඩු කරන්නම්.

      මචං කොළඹ ඉඳලා බදුල්ලට යනකල් කෲ එක තුන් වතාවක් හරි හතර වතාවක් හරි මාරු වෙනවා. මට හරියටම මතක නෑ ඒ තැන්.

      Delete
    2. මම දන්නවා අර සකර්බර්ගර් උඹත් එක්ක තරග වෙන බව. පින්තූර ඇල්බම් දාන්න එයාව හරි ෆ්ලිකර් අයියව හරි අල්ල ගනිං.

      Delete
  6. ගොඩක් ලස්සන පෝස්ට් එකක් ඩුඩ්.. g-) ...ෆෝටෝස් තරගයකට යවන්න පුලුවන්....කොහොමත් ඔය තුන් දෙනා ෆෝටෝස් ගන්න හරෛම දක්ශයිනේ..... :-h

    හහ් හහ් හහ් අර රෝස පාට බෝතලේ මල්ලි ලග තිබ්බට මල්ලිට කේන්ති යන්නත් ඇති..... :))

    හරිම ලස්සන තැන්.... තව ෆෝටෝස් ඉක්මනටම දාන්න ඩුඩ්..... y-)

    ReplyDelete
    Replies
    1. අපි ලැබූ වින්දනය බෙදාගන්න තමයි මේ හැදුවේ. නමුත් මේක ඉක්මනට දාල ඉවර කරන්න ඕනෙ, මොකද මේකට සෑහෙන වෙලාවක් ගත වෙනවා. පේනවට වඩා වැඩේ අමාරුයි. මොනවා හරි ලියලා දාන එක හරිම ලේසියි මේකට වඩා.

      Delete
  7. නාවලපිටියෙදි ෆොටෝ අරන් තියෙන්නේ W3 එන්ජිමක්.W1එන්ජිම නවිකරනය කරල හදපු එන්ජිමක්.W1 ගෙන්නලා තියෙන්නේ බටහිර ජර්මනියෙන්,1969දි.නවිකරනය කරල තියෙන්නේ 1997දි.

    ReplyDelete
    Replies
    1. එහෙමද කල්හාර. බොහොම ස්තුතියි. ඔයාට තියෙන්නේ කෝච්චි පිස්සුවේ හොඳම එක නේද? :)

      Delete
    2. ලොකුම ලොකු පිස්සුවක් තිබුනට ඩුක කියන්නේ,අපේ පැත්තට අපු කොච්චියත් නවත්තපු එකනේ....

      Delete
  8. ගම්පොල දී පෙනෙන්නේ අම්බුළුවාව ද? අම්බුළුවාව වී බිස්සාකාර දාගැබක්.
    අර ටෙඩී බෙයා බ්ලැන්කට් එක නම් ඩුඩ් ගේ ම තමයි :D
    මේ සමහර පින්තූර පික්චර් පොස්ට් කාඩ් වලට අගෙයි ඩුඩ්
    මට වයස 3ක් විතර කාලේ අපි දියතලාවේ ගියා කෝච්චියේ.. අර පයිනස් සුවඳ ගැන ඔබ කියල තියන කොටසේදී, මට ඒ ගමනේදී දැනුන පයිනස් සුවඳ මතක් වෙලා නොස්ටැල්ජියාවක් ආවා, ඒ සුවඳ ඔබට පමණක් නොවේ, මටත් දැනුනා, පුදුමේ කියන්නේ මේ පොස්ට් එක කියවද්දී වසර 20 කට පමණ පසු ඒ සුවඳ නැවත දැනුනා
    අපූරුයි, බොහොම ස්තුතියි අපිව හැටන් එක්ක ගියාට :)

    ReplyDelete
    Replies
    1. ඒක නම් මම දන්නේ නෑ මානවිකා. ඒක කොහොම හරි පේන්නේ කණුවක් උඩ හදපු එකක් වගේ.

      ඇත්තටම පයිනස් සුවඳ දැනෙනවා නේද එතකොට. එහෙනම් ඒක මගේ මනෝ විකාරයක් විතරක් නෙවෙයි.

      දැකපු දේ අහපු දේ විතරක් නෙවෙයි, නයයට දැනුනු සුවඳත් මතක ගබඩාවේ තැන්පත් වෙලා නොස්ටැල්ජියාවක් වෙන බවට මට තවත් අත්දැකීම් කීපයක් තියෙනවා.

      Delete
    2. අම්මාපල්ල මේ මානවිකා තමා මානවිකා...:) :) උන්දැ අලුත් දාගැබ් වර්ගයක් අලුතින් හොයාගෙන..වී බිස්සාකාර...හෙහ්,හෙහ්, මට මැරෙන්ට හිනා...වී බිස්සාකාර...

      අපි නං බොල ඉගෙන ගත්තෙ හැඩය අනුව දාගැබ් වර්ග හයයි කියල..ඒ මෙහෙමයි,

      ඝණ්ඨාකාර,ඝඨාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර, ආමලාකාර සහ පද්මාකාර

      දැං මුන්දැ කියන විදිහට හත්වෙනි වර්ගෙකුත් තියනව..වී බිස්සාකාර...නරකද ඔහේ ඔය ගැන මහනායක හාමුදුරුවො එතකොට බො.බ.සේ. එහෙම දැනුවත් කලානම්.

      Delete
    3. ඒ ගොල්ලන්ට කියල වැඩක් නෑ රවි. ඕක හදල තියෙන්නෙ අපේ ගරු බුද්ධ නාසන ඇමතිතුමානෙ.

      Delete
    4. අඩේ සමාවෙන්ට ඕන. මානවිකාස් කියල තියෙන්නෙ ඇත්තම නෙවෙන්නං. අම්බුලුවාවෙ ඔතන දාගැබක් ගහන එක අපේ කුඩු කන්ටේනර් තුමාගෙ සංකල්කයක්ලු. එතුමා සුට්ටංකාලෙ ඔය හැලි වලං වලිං හොරාකාල අහුවෙලා මහ එකා ගහන්ට පන්නනකොට වී බිස්සෙ තමයි හැංගිලා බේරිලා තියෙන්නෙ. ආන්න ඒ හොරාකාපු කාලෙ සිහිවෙන්ටලු ඔය දාගැබ වී බිස්සක හැඩේට හදල තියෙන්නෙ. ඔන්න බලන්ටකො ඒ අහල පහල ඉඳගෙනත් මම ඔය විස්තරේ දන්නෙ අද නෙව. ස්තූතියි මානවිකාවනි..:)

      Delete
    5. අද දවසෙම අවුරුද්දට ලක ලැහැස්ති වෙන්න ගිහින් දැනුයි මේ පැත්තට ගොඩ උනේ. මම නැති අතරේ කතිකාවතක් ගිහින් නේ මගේ කොමෙන්ටුව ගැන, හරිම සතුටුයි.
      රවී තුමා, මමත් ඔබතුමා වගේම දාගැබ් වර්ග 6ක් ඉගෙන ගත්ත. නමුත් මේක මේ අලුතින් හදපු දාගැබක් නෙව. ඔබතුමාල අපි ඉගෙන ගත්තට පස්සෙ මේ ලඟකදි තමයි දාගැබ හැදුවේ මම හිතන්නේ :)
      අපේ යාළුවො නම් දාගැබ බලන්න ට්‍රිප් එහෙමත් ගියා අනේ මම නම් තවම ගිහින් නැහැ. මම අහල තියන විදියට අපේ ගොවි මහත්වරුන් වෙනුවෙන් තමයි ඔය වී බිස්සාකාර සංකල්පය ඇවිත් තියෙන්නෙ.
      එතකොට තව ඔය ගැන අහපු ඕපාදුප තව තියනව. තරුණ පෙම්වතුන් යුවලක් ඔය දාගැබ බලන්න ගිහින් තරුණිය බිමට ඇදවැටිල ජීවිතයෙන් සමුගත් අනුවේදනීය සිදුවීමක් කලකට ඉහතදී මම ඇහුව.

      හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙන බව ඔප්පු කරන කතාවක් නේ ඔබතුමා කියල තියෙන්නෙ :)

      Delete
    6. අඩේ මානවිකා..සමාදිය..සමාදිය..සමාදිය..ඇත්තටම මම හිතුවෙ මේ උඹ විහිලුවක් කරනව කියල. ඔය වී බිස්සාකාර කතාවක් මම ඉත්තේරුවෙන්ම දැනං හිටියෙ නෑ. අනික අවුලකුත් නෑ. එදා ඉඳං තිබ්බෙ දාගැබ් ආකාර හයයි කියල අපි දිගට ඒ හයේම එල්බගෙන ඉන්ට ඕන නෑනෙ. අලුත් අලුත් ආකාර වලට දාගැබ් හදන්ටයි තියෙන්නෙ..නැද්ද?...කෝම්පිට්ටුආකාර, පිට්ටුබම්බුආකාර, හකුරුබෑආකාර, ඔය තියෙන්නෙ තව එව්ව...

      Delete
    7. හෙහ් හෙහ් :D
      (ඉහත සිනහවේ කොපිරයිට් රවී තුමා සතු බව කරුණාවෙන් සලකන්න) :)
      ඔය දාගැබ හදපු කාලේ ඒ ගැන පත්තරේක පල වෙච්ච දැන්වීමක් මම දැක්ක රවී තුමා, ඒකෙන් තමයි මම ඔය බව දැනගත්තේ.
      ආයේ මොකට සමාව අයදිනවද, මේ අපි අපි නෙව..
      පෙර රජවරු දාගැබ් හැදුවේ රට ස්වයංපෝෂිත කරලා ඉවර වෙලා නෙව, අලුත් අලුත් ආකාර වලට දාගැබ් හදන්ට කලින් මේ නය ටික ගෙවල ඉන්ට වෙයි :)

      Delete
    8. ඇයි බන්...බ්‍රෙසියරාකාර....ඒකෙන් පටන් ගත්තානම් තව උප ප්‍රභේදත් හදතෑකි.

      Delete
    9. එහෙම උනොත් එක ළඟ දාගැබ් දෙකක් හදන්න වෙයි කියල මට හිතෙන්නෙ ඇයි?
      දෙදනගල/දෙතනගල ගැන අහල දැකල තියනවද?

      Delete
    10. නැහැනේ මානවිකා...

      Delete
    11. ඔය බ්රෙසියරාකාර කිවුවම මතක් උනේ.. දෙදනගල/දෙතනගල කියන්නේ බලන්ගොඩ ප්‍රදේශයේ තිබෙන කඳුවැටියක්. එක ළඟ, ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් සමාන කඳු මුදුන් දෙකක් මෙහි තිබෙනවා..
      කවුදෝ කුමාරයෙක් (මට කවුද කියල හරියටම නම මතක නැහැ) මේ කඳුවැටි දෙක මත දනිස් දෙක තබාහෙන සටනේ යෙදුනු නිසා මේ කඳුවැටිය "දෙදනගල" ලෙස නම් වූ බවට එක ජනප්‍රවාදයකුත්,
      මේ කඳු මුදුන් දෙක, උඩුබැලි අතට නිදා සිටින තරුණියකගේ ලැම ප්‍රදේශය මෙන් නිසා "දෙතනගල" ලෙස නම් වූ බවට තවත් ජන ප්‍රවාදයකුත් තිබෙනවාලු.
      මේ තියෙන්නේ මේ කඳුවැටිය තරණය කරපු ගැන ලියවුනු බ්ලොග් පොස්ට් එකකුත්
      ඔය බ්රෙසියරාකාර දාගැබ් හැදුවොත් මේ වගේ පෙනේවි කියල මට හිතුනු නිසා තමයි දෙතනගල ගැන මතක් උනේ... අන්තිමට පොස්ට් එකට කොහෙත්ම අදාළ නැති කොමෙන්ටු දමල ඩුඩ් ට තරහ යාවිද දන්නේ නැහැ :)

      Delete
    12. ස්තූතියි මානවිකා ලින්ක් එකට සහ පැහැදිලිකිරීමට. ඩූඩ් එහෙම තරහ ගන්න මොඩ්ල් එකේ කෙනෙක් නෙමෙයි මගේ හිතේ.

      Delete
    13. මම අහලා තියෙන්නේ මෙහෙමයි. බුබ්බුලාකාර, ඝණ්ටාකාර, ඝටාකාර, ආමලාකාර, ධාන්‍යකාර සහ පද්මාකාර කියලයි.

      Delete
    14. මම අහලා තියෙන්නේ මෙහෙමයි. බුබ්බුලාකාර, ඝණ්ටාකාර, ඝටාකාර, ආමලාකාර, ධාන්‍යකාර සහ පද්මාකාර කියලයි.

      Delete
    15. තව මන්දිරාකාර, පුදුමාකාර, මහ පුදුමාකාර, නිරහංකාර ආදී වශයෙනුත් තියෙනවා සුදික...

      Delete
    16. ඔය අම්බුලුවාවෙ දාගැබේ මැදක් වෙනකන් ඇතුලෙන් යන්න තියෙන්නෙ. ඉතිරිහරිය දාගැබ වටේට රවුමට.. උඩට නඟින්න බොහොම පටු මාර්ගයක් තියෙන්නෙ. අපි ගිය වෙලාවෙ සුළඟත් තදයි. ඒ ඇරුනාම නඟින්න බය උනු අනික් කාරණාව තමයි ඉහළ තිබූ අත්වැල් වල සවිශක්තිය අඩු බව පෙනීම. ඒවා දිරලා වගේ තිබුනෙ..

      Delete
    17. ඕකට මිනිස්සු කියනවා ජයරත්න මහත්තයාගේ රොකට් එක කියල, දාගැබක් මොකක්ද කියන්න එහෙමට මිනිස්සු දන්නේ නෑ. මටත් ඔය කතාව කිව්වේ 2005 විතර ඔතනින් පහල ගම්පොල ස්ටේෂන් එකේ කඩල විකුණපු සීයා කෙනෙක්. :D

      මොකක් වුනත් අම්බුළුවාව ගැන මට තියෙන්නේ ලස්සන මතකයක් නෙවෙයි. ගෙදරට අහල පහල තිබ්බත් මට යන්න ඕනේ තැනකුත් නෙවෙයි. මොකද ඔතන තිබ්බ මහා දාර ගස් කපල ගෙනියන හැටි මට මතකයි තවමත්..

      Delete
  9. ආ, මේ දාල තියෙන්නෙ ඉතිරිටික , :) නියම ෆොටෝස් ටික ඈ, :D :D
    අර 9:24 දාගැබ අම්බුළුවාව,
    10:38 ශුවර් & ශොට් ගලබොඩ,(ගලබොඩ ලස්සන දිය ඇල්ලක් තියෙනව,2km විතර පයින් යන්න ඕනෙ බලන්න.)
    11:12 කැරොලිනා තේ කර්මාන්ත ශාලාව,

    ReplyDelete
    Replies
    1. ගොළු හදවත, මේ කමෙන්ට් වලින් පේන්නේ ඔයා ඔය අවට ජීවත් වෙන බවයි. ඒත් මේ පින්තූර දකින්න කැමතියි කිව්වම මටත් පුදුමයි.
      ඒ අම්බුලුවාවද? ස්තුතියි පැහැදිළි කිරීමට. කැරොලිනා?
      ඒකේ නම නම් එච්චර ඈතට පෙනුනේ නෑ.

      Delete
    2. නැහැ ඩූඩ්,:(
      ඒත් මම ඔහෙ ගොඩක් තැන්වල ඇවිදල තියෙනව.. :)

      Delete
  10. පව් ඕයි මූ. තනිකර නිල් පාට පොටෝ ටිකක්. ජීවීතෙට කෝච්චියක ගිහින් නැති උන්ට හොඳයි. මාර ගති කියලා බොරුවට අගේ කරයි. මට නම් මෙලෝ රහක් නෑ. මාව මරාගෙන කාපන්. ඒත් මේ තමයි මගේ කොමෙන්ට් එක. අයි ලව් ද ඩියුඩ් හූ රයිර්ස් මාවලස් තින්ග්ස් දැට් නෝ වන් කැන් රයිට්ස්. බායි ඩියුඩ්.. සමහර වෙලාවට ගුරුවරුන්ටත් වරදිනවලු....

    ReplyDelete
    Replies
    1. //සමහර වෙලාවට ගුරුවරුන්ටත් වරදිනවලු....//
      ඔව්...සමහර වෙලාවට මහාචාර්ය වරුන්ටත් :P

      Delete
    2. අයාල් සිත් පව් ඔයි.... දී කිරට බලල්ලුත් සාක්කිලු.. :)

      Delete
    3. හා..... :P මේ මාතෘකාව ඔබතුමාට දිරවන්නේ නැති වෙන්න පුළුවන්....ඒක ඔබතුමාගේ උපැස් අනුවනේ.......පරෙස්සම් කරලා තියාගන්න.... :)

      Delete
    4. @මාතලන්. උඹට මේ ෆෝටෝස් නිල් පාටට පේන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ. මගේ කනෙක්ෂන් එකට නම් Firefox, Google Chrome, Internet Explorer තුනටම නියමෙට පේනවා. නිකෝ එකේ පින්තූර වල අර පල්ලෙහා ඇනොනොමස් කිව්වා වගේ බ්ලූ ටින්ට් එකක් යාන්තමට තියෙන්න පුලුවන්. ගැලැක්සි S5 පින්තූර නියමෙටම තියෙනවා. ඒ උඹට මාතෘකාව දිරවන්නේ නැති නිසා වෙන්න ඇති.

      මේකනේ මචං. මම අනිත් උන් කැමති නිසා ඒ විදියට ජීවත් වෙන්න අකමැති එකෙක්. කෝච්චි ගැන කතාකරන්න කවුරුවත් කැමති නැතිවෙච්ච දාකටත් මම කෝච්චි ගැන මගේ බ්ලොග් එකේ දායි. මොකද උඹ මාව සතු‍ටු කරන්න කමෙන්ට් දාන්න අකමැති වගේම මම අනිත් උන් සතු‍ටු කරන්න ලියන එකෙක් නෙවෙයි. මම කැමති මට රසයක් ලැබෙන දේ කරන්න කියන්න.

      @අයාල්. හපෝයි ඔව් බං ගුරුවරුන්ට විතර වරදින්නේ නෑ කාටත්. ඇයි බං පිඟං බි‍ඳෙන්නි පිඟං හෝදන එකා අතින්නේ.

      මේ ගුරුකමත් මම කිසි සේත්ම කැමත්තෙන් කරන දෙයක් නෙවෙයි. අනිත් උන්ට ඕනේ හැටියට ඉඳලා ඇති වෙලා තියෙන්නේ ගුරු කම නිසා. ඇයි බං අනිත් උන්ට තියෙන පෞද්ගලික නිදහසවත් නෑනේ.

      Delete
    5. මාතලන්ට ඡායාරූප දිරවන්නෙ නෑ වගේ...ඒ උනාට එයාම ආරම්භ කරපු ෆොටෝ බොගකුත් එයාට තියෙනවා දැන් යාවත්කාලීන වෙන්නෙ නැති.

      Delete
    6. මම ෆොටෝවලට එකසිය ගානට කැමති එකෙක්. කෝච්චිවලටත් මාරම ආසයි. ඔය බදුලු ගමන් නොගිය එකෙක්ගෙන් ඇති වැඩකුත් නෑ. ඒත් පින්තූරෙකට ලොකු කතාවල් කියන්න පුළුවන් කියන කතාවනම් අමු බේගලයක්.

      Delete
    7. // ඒත් පින්තූරෙකට ලොකු කතාවල් කියන්න පුළුවන් කියන කතාවනම් අමු බේගලයක්.//

      මාතා මේ කියන්නෙ මෙතන පින්තූර ගැනද, එහෙම නැත්නම් ජෙනරලි ඔක්කොම ඡායාරූප කලාව ගැනද? මොකද මම හිතන්නෙ කතා කියන්න පුලුවන් පින්තූර තියනව. මේක බලපන්.

      මෙතන තියන පින්තූර වලින් ලොකු කතාවක් කියවෙනව කියල හෙන්රි ක්ලේම් කරල තියනව මම දැක්කෙ නෑ. එක එක ජාති වල පින්තූර තියෙනව නේ, මේව නිකන් බදුලු ගමනක ලස්සන පින්තූර ටිකක්. මම නම් මේ පෝස්ට් එක එන්ජෝයි කරා. වෙන වෙනම ගත්තම මේ ෆොටෝස් මාස්ටර්පීසස් නොවෙන්න පුලුවන්. අනික් පැත්තට ඔය ටුවර් ගැන දන්න එකෙක්ට මේක නිකන් බේසික් විස්තර ටිකක් වෙන්නත් පුලුවන්. ඒත් මචන් ට්‍රැවලෝග් එකක් කියන්නෙ කලාකෘතියක් වත් ලෝංලි ප්ලැනට් ගයිඩ් බූක් එකක් වත් නෙවෙයි. මම නම් මේ ලිපි පෙල ට්‍රැවලොග් එකක් හැටියට එන්ජෝයි කරනවා. උඹ මචන් රට වටේ ටුවර් යන පොර. උඹට මේ පින්තූර දෙවේලෙ දකින කුකුල ගෙ කරමලේ වගෙ වෙන්න පුලුවන්. ඒත් හැමෝටම එහෙම නෑ.

      පින්තූර උනත් එක එකා එක එක මට්ටමෙන් රස විඳිනවා. මොකුත්ම ලබ්බක් නොතේරෙන එකෙක් නිකන්ම ලස්සන පින්තූරයක් කියලා රස විඳින එක, ටිකක් දන්න එකෙක් "කිසි රහක් නෑ" කියල හිතන ගමන්, ඊට වඩා තව ටිකක් හොඳට දන්න එකෙක් ඩයිනමික් රේන්ජ්, ලයිට් ඈන්ගල්ස් පැත්තෙන් හිතල අගය කරන්න පුලුවන්. මම නම් ලොකුවට දන්නෙ නෑ ඒත් මේ පින්තූර ටික හෙන්රිය හදිසියට පබ්ලිෂ් කරල තියන විදියෙන් පේනවට වඩා සෑහෙන තත්ත්වයක් තියනව.

      Delete
  11. මං මේ දවස්වල 5.55 නිතරම යන එකා....අනන්තවත් මේ දේවල් දැකල තියේ.....ඒත් මේ ෆොටෝ ටික දිහා ගොඩක් බලන් හිටිය.....කොච්චර හැබැහින් දැක්කත්,ෆොටෝ වලින් දැක්කත් එපා වෙන්නේ නැහැ...ට්‍රේන් එක මහා ලොකු පරක්කුවක් නැහැ....11.14 කිව්වට ඕක කොහොමත් එන්නේ 11.40 තමයි.....එකම එක දවසක් 11.12 ට ආව....එදානම් මට පුදුමෙනුත් පුදුමයි.....මං කොළඹ ඉඳන්ම ආව නිසා කලින් දවසේ ඔය වෙලාවට එන්න තිබුන කෝච්චිය කියල හිත හදාගන්න ව්දියකුත් නැහැනේ... :D

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට ට්‍රේන් එක වරදින්නෙ වෙලාවට ආව දවසට තමයි :v :v .

      Delete
    2. ඕක ඉතින් කල්ප කාලාන්තරයකට වතාවක් වෙන වැඩක්නේ.... :D

      Delete
    3. මට මතක් වුනේ එකෙක් ඇහුවලු කෝච්චිය හැමදාම පරක්කු නම් මොන මගුලටද ඕයි මේ දුම්රිය කාල සටහන කියන මගුලක් මෙතන ගහලා තියෙන්නේ කියලා.

      එතකොට ස්ටේෂන් මාස්ටර් කිව්වලු "දැන් ඔය කාලසටහන නොතිබුනානම් ඔයා කොහොමද කෝච්චිය පරක්කුයි කියලා දැනගෙන අපිට බනින්නේ" කියලා.

      Delete
  12. You've no idea how much I'm missing Badulla after seeing these pics Dude.. Feels like "long long ago, in a far far away land.."

    Thnx for sharing these.. :-)

    ReplyDelete
    Replies
    1. Thanks Bura, I was there last December and am already missing it. I very well understand what you say.

      Delete
  13. පිස්සු පීකුදු මචෝ. ලංකාවෙ ඔය වෝටර් ටවර් එකක් දැක්කමයි.

    මචෝ උඹේ පට්ට පින්තූර සෙට් එකට සාධාරණයක් ඉෂ්ට වෙලා නෑ පෝස්ට් ප්‍රෝසෙසිං වලින්. නිකොන් එකේ පොඩි බ්ලූ ටින්ජ් එකකුත් තියනව. පින්තූරයක් දෙකක් එඩිට් කරාට කමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. මමත් දැක්කමයි ඇනෝ. ඒකේ තව ෆෝටෝස් කීපයක් තිබුනා මේකේ ඔබන්න ඉඩ නෑ.

      යාන්තමට බ්ලූ ටින්ට් එකක් තියෙනවා කිව්වා. යාන්තමට නේද? ඊට වැඩි අප්සෙට් එකක් නෑනේ.

      මට මේ පින්තූර මීට වඩා සයිස් එකක් අඩු කරල දාන්නත් පුලුවන්. එතකොටත් ගතියක් නැතිවෙයි කියලයි නිකං හිටියේ.

      උඹ ඔච්චර ඩීසන්ට්ව අහලා තියෙනකොට කොහොමද එපා කියන්නේ. එඩිට් කරාපං ඇනෝ. ප්‍රශ්ණයක් නෑ.

      Delete
    2. ඊමේල් එක දීපන් ලින්ක් එකයි පාස්වර්ඩ් එකයි එවන්න. නැත්නම් මෙතන දාන්න ද?

      සයිස් අඩු නොකරපු එක හොඳයි බන්. අනික පින්තූර වැඩි එකත් මට නම් අවුලක් නෑ මම පින්තූර බලන්න ආස නිසා ද මන්දා.

      Delete
    3. henry_jayawardene@yahoo.com
      පාස්වර්ඩ් එක එවන්නේ මොකටද බං. උඹට ඇත්තටම මොකක්ද ඕනේ?

      Delete
    4. පාස්වර්ඩ් එකක් දැම්මේ සර්ච් එන්ජින් වලට ඒ පින්තූර දාපු පේජ් එක ඉන්ඩෙක්ස් වෙන එක නවත්තන්න, මගේ පින්තූර නෙවෙයි නිසා. ලින්ක් එක උඹට ඊමේල් කරන්නම් කිව්වේ පින්තූර උඹේ කොපිරයිට් නිසා. මේල් එක බලපන්.

      Delete
    5. මේල් එක බැලුවා විතරක් නෙවෙයි, පින්තූර ඩවුන්ලෝඩ් කරගත්තත් එක්ක. උඹට බොක්කෙන්ම ස්තුතියි. මාර ලස්සනයි කලර්ස් ඇවිත් තියෙන විදිය.

      ඒ විතරක් නෙවෙයි.මම Gimp set up එකත් බාන ගමන් මේ. :-h

      Delete
  14. මම නම් ඔය පයිනස් ගස් යට හොදට බීල,කාල ඇල දොල වල නාල ආතල් අරං තියෙනව .... දුරින් දකිනවට වඩා සැප කනේ මචෝ....
    බුලට් ට්‍රේන් එකේ ලගට පේන දේවල් සිං ... සිං ...ගාගෙන පසු වුනත් දුරට පේන දේවල් නරඹන්න බාධාවක් නැහැ....
    මම ආසම එහෙම යන වෙලාවට ෆුජි සාන් (ෆුජි කන්ද)බලන එක....එය කොච්චර දැක්කත් එපා වෙන්නෙ නැහැ...අයිස් වලින් වැසී තියෙද්දී එක ලස්සනක්.....අයිස් දිය වේගන යද්දී තව ලස්සනක්....
    බොහෝ දියුණු සහ දියුණු වේගන යන රටවල ඔහොම දොර ජනෙල් ඇරගෙන යන්නෙ නැහැ......
    හොදට AC කරල නැවතුමට ආවම කන්ට්‍රෝල් රූම් එකෙන් දොරවල් අරින ක්‍රම තිබෙන්නෙ ....
    ජපානය ඇතුළු සෘතු වෙනස් වන රටවල ට්‍රේන්/බස් ඇතුලත උණුසුම/සිතල ඒ ඒ කාලවලට ගැලෙපෙන පරිදි නොමදව ලබා දෙනව ...
    ජපානයෙ නියමිත වෙලාවට ......තප්පරයක් වෙනස් නොවී පොට් එකට බඩු එනව ...
    ඔහොම සුන්දර දසුන් බලමින් යන්න වෙනම ට්‍රේන් තියෙනව කදුකර පැතිවල බොහොම සෙමින් ගමන් කරමින් මගියන්ට පරිසරය නරඹමින් රස විදින්න බොහොම ආරක්ෂාකාරී ලෙස.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්ජි විස්තරයට.

      දොරවල් ඇරගෙන මෙහෙම යන කෝච්චිවල තියෙන්නේ වෙනම ආතල් එකක්. ඒක නෙවෙයි මට නම් හිතුනේ. ඔක්කොටම ඉස්සෙල්ලා වෙනස් කරන්න ඕනෙම දෙයක් තියෙනවා අපේ කෝච්චි වල. ඒ තමයි 21වන සියවස වෙලත් පීල්ලට බොග වැටෙන්න සෙට් කරලා තියෙන එක.

      Delete
    2. ඒසී දාගෙන දොරවල් ජනෙල් වහගෙන යනව වගේද ෆුට් බෝඩ් එකේ වාඩිවෙලා යනකොට තියෙන ආතල් එක. හැබැයි පුතෝ බුලට් එකේනං ඒ වගේ යන්න හිතන්නවත් එපා. වැටුනොත් එහෙම කෑලිවත් හොයාගන්න හම්බවෙන එකක් නෑ. :D

      Delete
  15. අම්මෝ ඇල්බම් එකක්ම බැලුවා.. මට පට්ට ආසයි ඔය වගේ ගමනක් එන්ජිමේ යන්න.

    ReplyDelete
    Replies
    1. ඇයි මම? මාත් ආසයි. මම Train Simulator game එකකුත් ගගහා හිටියා පහුගිය කාලේ.

      Delete
    2. මම ඒ දුලභ අවස්ථාවත් ලබපු කොල්ලෙක්. මමයි මගේ යාළුවයි තමයි නාවලපිටියට යනකං හෝන් එක ගැහුවේ. කුරුලන්ටත් හෝන් ගැහුවා. මිනිස්සු පාරට දුවගෙන ඇවිත් බැලුවේ. පෙරහරේ නලා ගහනවා වගේ හින්දා. කොහෙද ඒ කාලේ දැන් වගේ ෆේස්බුක් කාමර ෆෝන් තිබ්බේ නෑනේ.

      Delete
  16. අවසානයට දාලා තියෙන පිංතූරෙ ගැනනම් කියලා වැඩක් නැහැ..... උඹ ඇත්තටම හොඳ ඡායාරූප ශිල්පියෙක්.

    ReplyDelete
    Replies
    1. ඒක මාර ගති නේද බං? නමුත් මම හොඳ ඡායාරූප ශිල්පියෙක් කියන එක නම් කියන්න බෑ. අනික මේ පින්තූර වලින් සමහර ඒවා මගේ පුතයි වයිෆුයි ගත්තුවා.

      Thank you very much Uwiniran

      මට පේන්නෙම උඹ ජුකී මැෂිමක් ලඟ ඉඳගෙන මහනවා වගේ.) :))

      Delete
  17. ලස්සන පින්තූර කතාවක්.. වචන ගොඩකින් කියන දේවල් එක පින්තූරෙකින් කියන්න පුළුවන් කියන්නෙ ඕකෙනෙ.. කෝ තාම බදුල්ලට ආවෙ නෑ නෙ... ඊලඟ පෝස්ට් එකිනුත් අපිට ලස්සන පොටෝ ටිකක් බලන්න පූලුවන් වේවි නේද?.. අහ්.. කෝචිචිපාර දැක්කම මතක් වුනේ, ඉස්සර පොඩිකාලෙ අපි රේල් පාරෙ ඉදිකට්ටක් තියලා ඈත ඉඳන් බලන් ඉන්නවා.( කවුදෝ මෝඩයෙක් කිව්වනෙ ඉදිකට්ටක් තිබ්බම කෝච්චියට බැලන්ස් නැතිව යනවා කියලා..) ආ. තව තියනවා. සත10 කාසියක් කෝච්චියට තියලා ඈතට වෙලා ඉඳලා කෝච්චිය ගියාට පස්සෙ බලනවා කාසියට මොනාවෙලාද කියලා.. නොස්ටැල්ජියා කෑලි නෙහ්
    ඩූඩ් ඇතුළු පවුලේ සැමට සියළු දෙනාට සියළු බලාපොරොත්තු ඉටුවන සුභම වාසනාවන්ත සුභ නව වසරක් වේවායි පතනව...!

    ReplyDelete
    Replies
    1. තොටියට මම දාපු රිප්ලයි එක මිසිං. වස වැ‍රැද්දයි. Poison mistake!

      ඉඳිකට්ටේ කතාව නම් මම අහලා නෑ. නමුත් අපිත් කාසි තියන එක නම් කරනවා. ඇයි රේල් පාරටම තමයි ටොයිලට් එකෙන් බඩු වැටෙන්න සෙට් කරලා තියෙන්නේ කියන කතාව කොච්චර ඇහුවත්, රේල් පීල්ලට කන තියලා අහගෙන ඉන්න එකත් කරනවා.

      සුභ නව වසරක් තොටියා ඇතුළු පවුලේ සැමටම.

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පෙරවරු 10.23: මට නිතර හිතෙන දෙයක් තමයි, රේල් පාරක් කොයි තරම් හොඳට අවට ස්වභාවික පරිසරයත් එක්ක මුසු වෙලා එහිම කොටසක් වෙනවද කියන එක.
      ලංකාවෙ බොහෝ ග්‍රාමීය බස් මාර්ගත් (අපේ ගෙවල් වලට ටිකක් උඩිං තියෙන එකත් එක්ක) ඔය වගේ තමයි. බස් එකේ ගානට තමයි පාර තියෙන්නෙ.

      පෙරවරු 9.29: මේ කැමරාව අල්ලන විදිය ගැන,
      ඔය විදියට කැමරාව අල්‍ලගෙන පාලමක් වගේ තැනකින් ගියොත්නං සොරි තමයි.

      පෙරවරු 10.33: මේ පාර දිගටම මේ වගේ අතෑරලා දාපු කෝච්චි පෙට්ටි ගණනාවක් තියෙනවා අපි දැක්කා
      ඇයි අර යකඩ හොරාට තාම මේව පෙනුනෙ නැත්තෙ.

      පෙරවරු 10.35: උඹලා කී දෙනෙකුට හිතුනද මේකට පැනලා නාලා බොන්න තිබ්බා එල නේද කියලා?
      ඇයි බොලාට හිතුනෙ නැත්තෙ එහෙමනං ඔතන තත්වෙ ඔයිට වඩා සෝචනීය වෙනව කියල. අපේ මිනිස්සු බොන්න ගියාම එතන රීලනෙ එන්නෙ.

      පෙරවරු 10.56: කඳු අතරින් වංගු ඔස්සේ යන මේ ගමනෙදි නැට්ටේ ෆෝටෝ ගන්න හුඟක් අවස්තා ලැබෙනවා.
      එතකොට නැට්ටෙ ගියොත් ඔලුවෙ ෆොටො ගන්න අවස්තා ලැබෙන්නෙ නැද්ද?

      පෙරවරු 11.06: බලන්න දේ ඕනෙ තරම්.
      මට පේන්නෙ ඩූඩට හෝටලයක් සෙට් වෙලා වගෙයි.

      පෙරවරු 11.37 හැටන් දුම්රිය නැවතුම් පොල අප මගදී පසු කල හුඟක් නැවතුම් වලට වඩා විශාල එකක්.
      මම හිතන්නෙ සිරීපාදෙ කාලෙට යන්න මිනිස්සු එන හින්ද වෙන්න ඇති ඕක ලොකුවට හදල ඇත්තෙ.

      කියල වැඩක් නෑ නියම ෆොටෝ ටික ඩූඩ්. ඔය හැලප අයිය කිවුවට ෆොටෝ අඩු නොකර ඊගාව එකත් මේ වගේ දාහං.

      Delete
    2. උඹට ස්තුතියි මේ තරම් දිග කමෙන්ට් එකක් ලිව්වට.

      >>ලංකාවෙ බොහෝ ග්‍රාමීය බස් මාර්ගත් (අපේ ගෙවල් වලට ටිකක් උඩිං තියෙන එකත් එක්ක) ඔය වගේ තමයි. බස් එකේ ගානට තමයි පාර තියෙන්නෙ.<<
      ඔව් ඒ වගේ බස් පාරවල් ලංකාවේ බොහොමයක් පළාත් වල තියෙනවා.

      >>ඔය විදියට කැමරාව අල්‍ලගෙන පාලමක් වගේ තැනකින් ගියොත්නං සොරි තමයි.<<
      නෑ බං. ඔහොම කැමරාව අල්ලන්නේ වටපිට බලලා. ඔය පින්තූරේ ගන්නකොට නම් කෝච්චිය සිග්නල් වලට නවත්තලා තිබ්බේ

      >>ඇයි අර යකඩ හොරාට තාම මේව පෙනුනෙ නැත්තෙ.<<
      ඇත්තරම අර ඓතිහාසික එන්ජින් පරණ යකඩ වලට කිලෝ ගානට විකුණපු උන් මේවා ඉතුරු කලේ ඇයි දන්නේ නෑ.

      >>ඇයි බොලාට හිතුනෙ නැත්තෙ එහෙමනං ඔතන තත්වෙ ඔයිට වඩා සෝචනීය වෙනව කියල. අපේ මිනිස්සු බොන්න ගියාම එතන රීලනෙ එන්නෙ.<<
      හනේ ඔව් බං. අපේ උන් නාලා කාලා බීලා රීලා තමයි එන්නේ. ඔය කිව්වට ඔය දිය පාරවල් වලට කකුල දාන එකත් භයානක වෙන්න පුලුවන්.

      >>එතකොට නැට්ටෙ ගියොත් ඔලුවෙ ෆොටො ගන්න අවස්තා ලැබෙන්නෙ නැද්ද?<<
      නැට්ටේ ගියොත් ඔලුවේ ෆෝටෝස් ගන්න ලැබෙනවා ප්‍රසන්නයා. ඇත්තෙන්ම පවර් සෙට් එකේ වෙනස හොයන්නත් බෑ. නුවරට යනකල් නැට්ටේ ගිය අපි එතන ඉඳ ඔලුවේ ගියේ කෝච්චිය අනිත් පැත්තට ගමන් කරන්න පටන් ගත්ත නිසා.

      >>මට පේන්නෙ ඩූඩට හෝටලයක් සෙට් වෙලා වගෙයි.<<
      හෝටල් දාන්නේම නෑ බං. මට ඒ car sickness, motion sickness, sea sickness, air sickness එකක්වත් නෑ හොඳ වෙලාවට.

      >>මම හිතන්නෙ සිරීපාදෙ කාලෙට යන්න මිනිස්සු එන හින්ද වෙන්න ඇති ඕක ලොකුවට හදල ඇත්තෙ. <<
      ඒ වුනාට ඒක තව හොඳට නඩත්තු කරන්න පුලුවන් කියලයි මට නම් හිතුනේ.

      බොහොම ස්තුතියි බං ප්‍රසන්නයා.

      Delete
  19. ආයෙ අමුතුවෙන් මේ ගමන යන්න ඕනි නෑ..පෝස්ට් එක කියවලා ඉවර උනාම ගියා වගේ තමයි ඉතින්... :)

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා නිකං ඉන්න එපා. ගිහින් තිබ්බත් නැතත්, ආයෙම නිවාඩුවක් ලැබුනාම යන්න. සමහර ඒවා දැනෙන්නම ඕනෙ. කෝච්චියේ වයිබ්‍රේෂන් එක, සද්දේ...

      Delete
  20. මම නම් රසවින්දා මේ ඡායාරූප සියල්ලම...උඩරට කදුකරයට යන හැම වෙලාවකම ඒ අසිරියෙන් මගේ සිත මන්මත් වෙනවා කියලා මට හිතෙනවා...කොච්චර බලා හිටියත් මීදුමෙන් වැහුනු කදු මුදුන් දිහා ඇති වීමක් නෑ...ඔයාට වගේම ෆයිනස් ගස් සෙවනදි මටත් ඒ සුවද දැනිලා තියෙනවා සිංහරාජ ගමනෙදි...සුවදක් කිව්වට නිකං මිනී වලට ගහන සුවද විලවුමක් වගේ හරිම හිස් බවක් තමයි ඒ සුවදෙ දැවටිලා තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ සිරා. සුවඳත් අනිත් සංවේදනා වගේම මතකයේ ‍රැ‍ඳෙනවා තමයි. නමුත් උඹට අවමගුලක් මතක් වෙන්න හේතුව මම දන්නවා. උඹට මතකද මම කියලා තියෙනවා මම බලංගොඩ කොන්වන්ට් එකකට ගියා කියලා පොඩිම කාලෙදි? අන්න ඒකේ එක තැනකදි මට මල ගෙයක් මතක් වෙනවා. පස්සේ මල ගෙවල් වලදි මට කොන්වන්ට් එක මතක් වෙන්වා. ඒකා හේතුව අර මල් වඩමට රවුමට වටේට හයි කරන කොල පාට අතු පයිනස් අතු වීමයි. ඒ සුවඳ එන්නේ ඒවායින්.

      Delete
    2. මටත් පයිනස් ගස් වලින් එන්නෙ මලමිනී සුවඳක්.

      Delete
  21. //මට නිතර හිතෙන දෙයක් තමයි, රේල් පාරක් කොයි තරම් හොඳට අවට ස්වභාවික පරිසරයත් එක්ක මුසු වෙලා එහිම කොටසක් වෙනවද කියන එක//

    ඔව් පරිසරයට වන හානිය අවමයි , සමහරක් වෙලාවට පරිසරය ලස්සන කරනව

    ReplyDelete
    Replies
    1. මටත් ඕකමයි හිතුනේ. ඇත්තෙන්ම කැලේ අස්සෙන් යන රේල් පාරක් මට නම් ලස්සනයි.

      Delete
  22. මම හිතන් හිටියේ පවර් සෙට් වලට ඔය කඳු වල අදින්න ශක්තියක් නෑ කියලා. දැන් බලන් ගියාම එහෙම නෙමේනෙ.. කොහොම වුනත් මමනම් කැමති අනිත් ඇන්ජිමට. ඒක හරි නිර්භීත පාටයි.

    මෙච්චර ෆොටෝ ගොඩක් දාලා මේක බ්ලොග් රෝල් වල අප්ඩේට් වුනානම් තමා පුදුමේ.. හැබැයි මෙහෙම එකට දාල මේ වගේ වෙන ලින්ක් එකකින් මෙහෙට ඩිරෙක්ට් කරවන්න. කෑලි කෑලි දානවට වැඩිය ඒක හොඳයි.

    අපි ඔය ගමන ගියේ මහ රෑකනෙ, ඉතින් ගමනේ අසිරිය විඳින්න ලැබුන්නෑ.. මෙහෙම හරි බලා ගන්න ලැබෙන එක හරි වටිනවා..

    ReplyDelete
    Replies
    1. මේ පවර් සෙට් එකේ එන්ජිම ගැන මට ගාඩ් කිව්වා. මම ඒකට එබිලා බැලුවත් එක්ක. ඒක අර පරණ ඒවා වගේ නෙවෙයි හයි ස්පීඩ් එන්ජිමක්. rpm වැඩියි ඒ කියන්නේ. අවාසිය වඩා ඉක්මනින් ගෙවී යාමයි.

      මම අර චන්දනයා කියන විදියට jump break එක දැම්මා. දැන් හරියයි.

      දවාලක පලයල්ලා බං.

      Delete
  23. මචං ලස්සන ෆොටෝස් බන්...10.22 ෆොටෝ එකේ තියෙන මස්කට් ඩියුටි ෆ්‍රී බෑග් එක මොකක්ද? මට මස්කට් මතක් වුනා. උඹලා මස්කටුත් කියාද? මස්කටු....මස්කට්..

    ReplyDelete
    Replies
    1. ඔවු ඒ බෑග් එකේ තමයි අපේ ඩුඩ් ගේ ටෙඩී බෙයා ප්ලැනල් බ්ලැන්කට් එකයි සිඟිති වතුර බෝතලෙයි අනිත් අඩුම කුඩුමයි (කිරි බෝතල්, සූප්පු, බෝනික්කෝ එහෙම) දාගෙන ගිහින් තියෙන්නේ.. ඔය බ්ලැන්කට් එක බෑග් එක උඩින්ම තියල තියෙන්නෙ, පේනවා නේද :D

      Delete
    2. යකුනේ. ඒ අපේ ඒවා නෙවෙයි. අපිට ඉස්සරහ සීට් එකේ අපිත් එක්කම ගිය අනිත් පුංචි පවුලේ පොඩි එකාගේ බඩු. ඒ පොර මිඩ්ල් ඊස්ට් වැඩ කරන්නේ. අපි වගේම නිවාඩුවට ගෙදර ඇවිත් වයිෆ්ගෙ ගෙදර යනවා ට්‍රේන් එකේ.

      Delete
  24. මේක බොහොම වටින බෙදාගැනීමක් අයියේ. ගොඩක් ස්තූතියි. මම ලිපි තුනම බැලුවා. ගමනේ ඉතිරි පිංතූර ටිකත් බලලම මගේ බදුලු කෝච්චි ගමන් ගැන කියන්නම්කෝ. සුභ අළුත් අවුරුද්දක් වේවා පවුලේ හැමෝටම! :)

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.

      ඒ කතාවත් අහන්න මේ බලාගෙන ඉන්නේ.

      Delete
  25. පින්තුර කතාවක් බැලුවා වගේ. හරිම ෂෝක්. මම මේ කල්පනා කරේ පරිසරයේ පින්තුර ගද්දි වාහන එහෙම මග අරවලා ගහන්න ට්‍රයි කරාට කෝච්චියක් පින්තුරේට අහු වෙන එකනම් වාසනාවක් හැටියට තමා සැලකෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තට එහෙම විශ්වාසයක් තියෙනවද? මම ඒක අහලා නෑ.
      සුභ අලුත් අවුරුද්දක් වේවා.

      Delete
  26. පේන හැටියට නිවාඩුවට කෙලි පැටියා ඉඳල නෑ වගේ.. හ්ම්ම් ලබන අවුරුද්දෙ මටත් ඔය සංගදියම වෙනවා..

    ReplyDelete
    Replies
    1. නෑ මචං. අපේ නිවාඩු කාල යෙදෙන්නේ එකම කාලේ නෙවෙයි. දෙසැම්බර් වල දූලා වැඩ. නිවාඩු ජනවාරි.

      ලබන අවුරුද්දේ ඔය සංගදියම වෙනවා කිව්වේ මොකක්ද මචං?

      Delete
    2. කෙල්ලට අවසාන විභාගෙ ඉවරවෙලා ජුනිවල අගදි සීමාවාසික වැඩ පටන් ගන්න නිසා දෙසැම්බර්වල නිවාඩු එන්න වෙන්නෙ නෑ අපි එක්ක. එතකොට අපි තුන්දෙනයි..මායි සන්ධ්‍යායි පැතුමුයි.. පාළුයි තමයි..

      Delete
  27. හරි අපුරු පින්තුර ටික ඩුඩ් අයියේ,ඔය කොච්චි ගමන මමත් ගියා.හැබැයි ඔය තරම් පොටෝස් ඇල්ලුවේ නැහැ.

    පෙ.ව 9.20 මොකෑ ඩෙනිම නිකන් රැක් එකේ දාලා තියෙන්නේ.හුළං වදින්නටද...?:D

    ReplyDelete
    Replies
    1. අල්ලන්නෙපෑ මනෝජ්. අන්තිමට එච්චරයි ඉතුරු වෙන්නේ. අර ජැකට් එක බොල. කලිසම නෙවෙයි.

      Delete
  28. මේ ගමන ගිහිං තියෙන නිසා ආපහු රස වින්දා. එන ගමනේදී ඔහියේදී කෝච්චිය කැඩිලා පැය දෙකක් හිටියා. ඒවා රසවත් අත්දැකීම්. මම කෝච්චියට වඩා රේල් පාරට පෙම් කරපු එකෙක්. ඉස්සර කොච්චි මාස්ටර් කරපු කාලයක් තිබ්බා. මම වැඩිම ආස අර ට්‍රැක් මාරු වෙන විදිය බලන්න. මට කොච්චි අත්දැකීම් ගොඩයි. වෙලාවක ලියලා දාන්නම්.

    ReplyDelete
    Replies
    1. වෙලාවක ලියමු බලන්න. මටත් කෝච්චි කතා ඇති වෙන්නේ නෑ.

      Delete
  29. පින්තුර බලා සැනසෙමි ..ආයේ දවසක යනතෙක්

    ReplyDelete
    Replies
    1. වියට්නාමෙත් ලස්සන කෝච්චි ගමන් තියෙනවනේද බින්දි?

      Delete
  30. ෆොටෝ ටික හරිම ලස්සනයි.. අර තේ ෆැක්ටරියේ ෆොටෝ එක මා ලඟත් තියෙනවා.. ඒක නෙමෙයි, කැමරා වල බැටරි බැස්සේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අපි phone chargers නොගෙනිච්ච එක ගැන පසු තැවුනා. අපි කලේ එක ෆෝන් එකක් බැටරි බහිනකල්ම පාවිච්චි කරලා ඊ ලඟ එකට ගිය එක. කැමරාවට ස්පෙයා බැටරි සෙට් එකක් තිබ්බා හොඳ වෙලාවට.

      ඇත්තට? මොකක්ද දන්නේ නෑ ඒ ෆැක්ටරියේ නම.

      Delete
  31. ලස්සන පින්තූර කතාව ඩූඩ්...
    පත අත්සන නිසා ලස්සන ඒවා තෝරලා ඩෙස්ක්ටොප් එකට වත් දාගන්න විදිහක් නෑ..
    පුළුවන් නම් 10.23 යි 10.31යි පින්තූරු පොටෝ ෂොප් කරලා (වයර් එක එහෙම අතුරුදහන් කරලා) අත්සන චූටි කරලා ආපහු අප්ලොඩ් කරන්නකෝ..අපිට හොරකම් කරන්න..!!

    ReplyDelete
    Replies
    1. මේ මොහොතේ නම් අමාරුයි. පස්සේ දෙන්නම් හොරකම් කරන්න. ස්තුතියි රූ. දැන් රූ සිරිනි බ්ලොගේ අතෑරලාම දාලා නේද?

      Delete
  32. මමත් ඇතිවෙන්න මුහුදුබඩ දුම්‍රියෙ නම් ගිහින් තියෙනව.මෙ පාරෙනුත් දෙපාරක් ගියා.එත් මෙ විදියට වින්දෙ නැ බන්.
    මොනව වුනත් මම උබට ආදරෙට අවවාදයක් දෙන්නම් .ය නහින දෙහින කාලෙ කොච්චිවල එල්ලිල යනව වගෙ දෙවල් කොරන්න එපා බන්.අතපය ශුවර් නැනේ.:

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ මේ විදියට වින්දේ නැත්තේ? එකත් එකටම මුහුද දැකලා ඇති වෙලා ඇති උඹටත් මට වගේ.

      නහින දෙහින කාලේ ඈ? මෙච්චර ‍ෆිට් එකේ ඉන්න මට උඹ කරපු අපහාසයක්! :-O

      Delete
  33. මේ ටිකේ අටෝරාශියක් වැඩ හින්ද බ්ලොග් කියෙව්වෙත් විඩෙන් විඩේ. ඒත් මොනවත් නොකියන එක හොඳනෑ කියල හිතුන කමෙන්ට් බලල.

    මේ පොටෝ ටික බලල...මට හිතුනෙ උඹෙ ඇහැ මොන වගේද...මොන වගේ රසවින්දනයක් තියෙන එකෙක්ද කියල තෙරුම් ගන්න උත්සාහ ගත්ත එකයි. සමහර වෙලාවට අපිට ඇහැයන්නෙ නැති තැන් වලට උඹ ගිහිල්ල. එතකොට අපිට හිතෙනව...බොලේ අපි මෙහෙම දැක්කට අපි ඒගැන අවදානයක් යොමු කලේ නෑහෑ නේ කියල. ඔය උඩහ පලාතෙ..වලාකුලක් දැක්කත් හිත පිනා යනව මටනම්.

    ReplyDelete
    Replies
    1. වීයා. මචං මේ ෆෝටෝ වලින් බාගෙට බාගයක් මගේ පුතා ගත්ත ඒවා. අපි හුඟක් වෙලාවට බැලුවට දකින්නේ නෑ තමයි. ඒකයි රහස.

      උඹට ස්තුතියි. තවම ඒ වැඩ අධික කාලේ නේ?

      Delete
  34. පින්තූර සැට් එක කදිමයි..අන්තිම එකනං උපරිමයි.. මට බනින්ඩ නං එපා අර දොල පාර අයිනෙ ඩිංගක් සැට් වෙලා ඩොල්කි පාරක් ගහන්ඩ තියනවනං !! පුහ්

    ReplyDelete
    Replies
    1. බනින්නේ මොනවටද පත්තරයෝ? ඩොල්කි පාරක් ගහපං. ඒකට තහනමක් නෑ. ඔය සිගරට් කොට, පැකට්, බයිට් පැකට් හිස් බෝතල්, බෝතල් මූඩි ඔක්කොම ආපහු අරන් පලයං.
      සැ යු: වමනේ නම් කොහේට දැම්මත් කමක් නෑ bio degradable නිසා. :D

      Delete
  35. අවුරුදු හයකට ඉස්සර නැරඹුම් මැදිරියෙ බදුල්ලට ගිය ගමන මතක් උනා. ඒ කාලෙ පොඩිම පොඩි කැමරාවක් තිබ්බත් එච්චර ෆොටෝ ගත්තෙ නම් නෑ... ෆොටෝ වලට ලියලා තියෙන විස්තරෙත් ටොප්..

    ReplyDelete
    Replies
    1. දැන් හොම්බ දිග ඒවයි, දිය යට ගෙනියන ඒවයි ඔක්කොම තියෙන එකේ ආයෙම ගියෑකිනේ ෆෝටෝ චාරිකාවක්.

      Thanks dude.

      Delete
  36. උඹේ ෆොටෝ ඇල්ලිල්ලේ තියෙන්නේ අමුතු ගතියක්. අනන්තවත් ගිහිල්ලා තියෙන මේ කෝච්චි පාරේ මෙච්චර එව්වා මේවාව් තියෙනවා කියලා හිතුවේ නෑනේ. පරක්කු උනාට කමක් නෑ , උඹටත් අඹු දරුවන්ටත් සුබ අලුත් අවුරුද්දක් පතනවා

    ReplyDelete
    Replies
    1. උඹේ ලිවිල්ලේ තියෙන්නෙත් අන්න ඒ ගතිය තිලකේ. අපිත් දන්න දේමයි උඹ ලියන්නේ අපිට ඇස් ඇරෙන විදියට.

      උඹලටත් සුබ අලුත් අවුරුද්දක්!

      Delete
  37. අනේ ඩූඩ්, මේක දන්නේ නැතිවම බ්ලොග් රෝලේ පහලට ගිහින්. ටික දවසක් එන්නේ නැතිව හිටපුවාම මෙහෙම තමයි. :(

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බ්ලොග් රෝලෙ පල්ලම වගේ ඇත්තේ. මටත් අමතක වුනා මේකට අඩයක් තියන්න. ඇති ඔයින් ගියා. :)

      කෙහෙද පොඩ්ඩි ගිහින් හිටියේ

      Delete
  38. ගෙලිඔයේ තියෙන්නේ බෙලි කපපු කතාවක් නෙවෙයි.. :D ඔන්න මම ඒ කතා දැම්මා වර්ඩ්ප්‍රෙස් එකේ,. මොකද මට අප්ඩේට් වෙන්නේ ඒ බ්ලොග් එක විතරක් නිසා.. උස්සල මෙතන දාන්නද ?

    ReplyDelete
    Replies
    1. ආයේ මොනවා අහනවද? උස්සලා මෙතන දාපං. ඒක නෙවෙයි. අපේ පැත්තෙත් තියෙනවනේ බෙල්ල කපාපු හන්දිය කියලා එකක්. වස කැත නම් වුනාට මිනිස්සු හරි ආසයි ඒ නම කියන්න.

      Delete
    2. ඔන්න උස්සලා දැම්මා..

      ඔය බෙල්ල කපාපු හන්දිය මං අහල තියනවා ඩුඩ්, මතක නෑ කොහෙද කියල.. ගම්පහ ද?

      ඔය ගෙලි ඔය කියන එක හැදිලා තියෙන්නේ ගෙරි ඔය කියන එකේ ලොප් වීමක් නිසයි කියල මම අහල තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔය දිගේ (අද තියෙන්නේ ඇලක් කියන එක වෙනම කතාවක්. ඒත් මම පොඩි කාලේ වුනත් ඔය ඔතන ඔය විශාල එකක් කියල මතකයි.) හරක් මළකුණු ඇදිලා ඇවිල්ල රැඳී තිබිල තියනවා එක්තරා කාලයක. ගම්පොල වික්‍රමබාහු රජතුමා කොහෙද යනගමන් මෙතනින් යද්දී කිව්වලු මේ ගෙරි ඔයක් නොවෑ බොල කියල..

      ගෙලිඔයට මදක් එහා තියන කරමඩ ගම පහු කරද්දී රජ්ජුරුවෝ දැක්ක නිලමේ කෙනෙක් කුඹුරේ ඉඳල මඩ හෝදාගෙන ඇවිත් හිටියලු. ඒ මනුස්සයාට කරේ මඩ ටික හෝදන්න අමතක වෙලා. හා.. උඹ කර මඩ කළා නොවේද? කියල ඇහුවලු රජතුමා.. ඔන්න ගම කරමඩ..

      ඔහොම ගිහින් රජ්ජුරුවෝ ගමන ඉවර කරලා එද්දී ටිකක් එක තැනක විවේක අරගෙන. එතන තිබුණු ගලක ඉඳල දවුල්කාරයෝ තම්මැට්ටම් කාරයෝ දවල් කෑම කාල තියෙන්නේ. ඉතිං කාලා බීලා ඉවර වෙලා ටිකක් විවේක අරගෙන රජ්ජුරුවෝ ගමන පටන් ගත්තලු.. ඒ යනකොට දවුල්කාරයෝ නැතිලු පෙරහැරේ. දවුල්කාරයන්ට ටිකක් වැඩි වෙලා දවුල දාලා ඇවිත්.. කෝ බොල දවුල? කියල රජ්ජුරුවෝ ඇහුවාම දවුල් කාරයෝ කියල අනේ පස්වාන් දහසක් බුදුවන්න දේවයනි දවුල් ගලේ කියලා.. ඔන්න ඒ ගම දවුලගල..

      ගෙලිඔය ආසන්නයේ තිබුණු කුඹුරු එක්ක අපේ ගමේ ගොඩක් කුඹුරු තිබ්බා. ඒ කාලේ අඩහැර පාන ගොවියෝ, හීයක් කරන ගොවියෝ වගේම කමතේ රෑ එළිවෙනකන්ම් ගොයම් මඩවන කාලයක් තිබ්බා. මට මතකයි ඉස්සර සුද්දෝ පටවපු ලොකු බස් පාර අයිනේ නවත්තලා හීයක් කරන ගොවියෙක් ෆොටෝ ගන්නවා. ඒ මනුස්සයට කීයක් හරි මිට මොලවනවා..

      අද නම් කුඹුරු තියෙන්නේ උපරිම 10ක් විතර. ටවුම කිට්ටුව නං එකක් දෙකක්.. ඒවත් තියනවද දන්නේ නෑ. අද ගෙලිඔය නගරයක්. ඉස්සර ගමක්.. සුන්දර ගමක්..

      Delete
  39. හරිම ඉවසීමකින් පොස්ට් එක කරල තියෙන්නෙ. පොටෝ හොය හොය දානකොට එපා වුනේ නැද්ද? සමහර පොටෝ හරිම කලාත්මකයි. සඟරාවල අපි දකින ඒව වගේ.

    අපි ගියෙ night mail. දැන් ආයෙ දවල් යන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිල් මානෙල්. ඇත්තෙන්ම ෆෝටෝ බ්ලොග් පෝස්ට් එකක් දාන්න කන්න ඕනෙ කට්ට දන්නේ එහෙම කරපු එකෙක් විතරයි.

      ඇත්තෙන්ම මේක දවල් කාලයක යන්නම ඕනෙ ගමනක්. අපි ඕනෙ කමින්ම එහෙම සෙට් කලා.

      Delete
  40. ඒකත් හරි, බැලුවා සහ කියෙව්වා.

    අපේ අක්කල කාලයක් ගම්පොල හිටපු නිසා අපිත් කීපපාරක්ම මාතර ඉඳන් ගම්පොලට කෝච්චි ගමන් ගිහින් තියෙනවා. ඒ දවස්වල ඔය මානවිකා කියන ජයරත්න උන්නැහැ හදපු අම්බුළුවාවෙ වී බිස්සාකාර දාගැබ නම් තිබුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අපි නම් 2000හේ ගියාට පස්සේ ගියේ නෑ. ඔය දාගැබ මම පින්තූරෙකින් වත් දැකලා තියෙන මතකයක් නෑ.

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>