Thursday, January 28, 2016

144. දෙන්නම අධ්‍යක්ෂලා.



Photo from Facebook page of Gamini



මේසෙ උඩ තිබුන පුංචි කාඩ්බෝඩ් පැකට් එක දිහා මම බැලුවේ කුතුහලයෙන් ඇස් පුංචි කරලා. මේ මොකක්ද යකෝ මේ? ඒක අතට ගත්ත මම ලේබලය කියෙව්වා. Engine Oil Temperature Guage. සීල් එකත් කඩලා. පෙට්ටිය ඇරපු මම ඇතුලෙ තිබුන භාණ්ඩය එලියට ගත්තා. අලුත්ම අලුත්. මේක කොහෙන්ද මේසේ උඩට ආවේ? මම ගිය අවුරුද්දේ නිවාඩුවට අලුත් එකක් දැම්මානම් මේ පෙට්ටිය ඇතුලෙ තියෙන්න ඕනෙ කලුතෙල් ගෑවුන වාහනෙන් ගලවපු පරණ කෑල්ල. එහෙමනම් ඒක මේසෙ උඩ තියෙන්නේ මොකද?



    *     *     *     *


කළින්දා රෑ පන්නගත්තු මාරකෙන් පස්සෙ (Read TheNightmare on E01-the Southern Expressway!),, මම පහුවදා උදේම වාර්තාකලා වාහන ඉලෙක්ට්‍රිකල් වැඩ කරන ලක්ෂ්මන් මල්ලිගෙ ගෙදරට.  ලක්ෂ්මන් මල්ලි වැඩ කරන්නෙ ගෙදරම ඉඳගෙන. ගලවපු රියැදුරු අසුන ලඟ තිබුණ ගල් බැම්ම උඩ. ඊට යටින් තියෙන එන්ජින් ආවරණ තහඩුව ගලවපු ලක්ෂ්මන් ඕල්ටනේටරය පරීක්ෂාකරන හැටි මම බලා හිටියේ උකුසු ඇසින්. ඊයේ රෑ සිදුවෙච්ච කලුවරේ ජරමරේට හේතුව මේ ඕල්ටනේටරේ එන්ජිමට හයි කරලා තියෙන ඇණ තුන බුරුලට තිබීමමද කියලා හරියටම දැනගන්න පුදුම කුතුහලයකින් මම හිටියේ. බුරුල් කරපු ඇණ තද කරන්න බාස්ලට සහ ගෝලයන්ට අමතක වීම නිසා කීප වතාවක් අමාරුවේ වැටිලා හිටපු මම, ලක්ෂ්මන් මේ පාර ඇණ තද කලාද කියලා ආයෙම පරීක්ෂා කරලා බැලුවා.  එතකොටයි මා දැක්කේ තෙල් ගෑවුණ ඔයිල් සෙන්සරය.

"ලක්ෂ්මන් මල්ලි, අපි ගිය පාර මේ ඔයිල් සෙන්සර් එක දැම්මද?"

"නෑ."

"එතකොට බ්‍රෑන්ඩ් නිව් සෙන්සර් එකක් තියෙන්නේ මගේ කම්පියුටර් ටේබල් එක උඩ? ඒක කොහොමද වුනේ"

"ම්ම්ම් ඔයා කිව්වා ඒක දාන්න ඕනෙ කියලා. එහෙම කියලා  අලුතෙන් එකක් ගෙනාවත් එක්ක. ඒ වුනාට මා ගාවා ඕක ගලවන්න ආවුද තිබුනේ නෑ ඒ වෙලාවේ. එකෙක් ඉල්ලගෙන ගිහින්.  ඒ ගමන ඔයා කිව්වා දැන් මෙකැනික් ලඟට ගියාම ඒ ගමන්ම දාගන්නම් කියලා. මතකද?"

"ඔව් නේන්නං. ඒ වුනාට ඒක මටත් අමතක වුනා. හරි. දැං ඒක දාන්න ඕනේ එන්ජින් කවරෙත් ගලවලා තියෙන එකේ. නැත්නං අපරාදෙ. ආයෙ මෙහෙම චාන්ස් එකක් එන්නේ නෑ."

නමුත් කොහෙමද ඒක අරං එන්නේ මෙතනට?  සාමාන්‍යයෙන් වෑන් එකේ අලුත් වැඩියාවක් කරනකොට මම ගෙදර ගිහින් බයික් එක අරන් එනවා මොකද සැරින් සැරේට අමතර කොටස් හොයන්න දුවන්න වෙන නිසා.

"අයියේ, මම ඔයාට මගෙ බයික් එක දෙනවා ගෙදරට දුවලා එන්න. ඒ වුනාට ඒක මාරක ලිඳේ යන බයික් එක

වගේ. ඒක පදින්න පුලුවන් මට විතරයි. ඔක්කොටම ඉස්සෙල්ල ඒකෙ බ්‍රේක් කඳුලක් නෑ. ඒ මදිවට හිටපු ගමංමෝල හිටිනව පාර මැද්දෙ. තව එතකොට ..."

"හරි බං හරි." වඩුවගේ ගෙදර පු‍ටුවක් නෑ කියනවනෙ. එතකොටම මට ආවා කල්පනාවක්.  ලඟ තිබිච්ච රෙදි කෑල්ලකින් අත පිහදාගත්ත මම සාක්කුවෙන් ඇදලා ගත්තා ෆෝන් එක.

Gamini Samarakoon – Home

රිංස් පහ හයකට පස්සේ ගාමිණීගේ කටහඬ ඇහුනා.

"මචං ගාමිණී. මේ හෙන්රි. උඹ මේ වෙලාවෙ හෙන බිසිද මචං?"

"මචං මම මේ සීලිමේ පොඩි වැඩක්. මේ බාස්ලා එක්ක වැඩකරන්න ගියාම උඹ දන්නවනේ ඉතිං. හරි ඒකෙන් වැඩක්

නෑ? මොකක්ද මචං කෙරෙන්න ඕනෙ?"

"මචෝ, මම උඹලෑ පාරෙම තව එහා ඉන්න ඉලෙක්ට්‍රීෂන් ලක්ෂ්මන්ලගෙ ගෙදර ඉන්නේ. මගෙ වෑන් එකේ කෑලි ගලවං මේ ඉන්නේ.  උඹට පුලුවං වෙයිද අපේ ගෙදෙට්ට පොඩ්ඩක් දුවලා මගේ කම්පියුටර් ටේබල් එක උඩ පොඩි පෙට්ටියක දාලා තියෙන Engine Oil temperature Sensor එක ගෙනත් දෙන්න?  උඹට බැරි නම් කියාපං ගාමිණී මම ත්‍රී වීලර් එකකට කතාකරගෙන යන්නම්."

"ඕක මොකක්ද මචෝ. පොඩ්ඩක් හිටහං ඔහොම. මං මේ යනවා"

කිව්වත් වගෙ විනාඩි විස්සකට තිහකට පස්සේ ගාමිණියා මතු වුනා ගැජට් එකත් අරගෙන. ගාමිණී දැකපු ලක්ෂ්මන්ගෙ කට ඉබේම ඇරුනා.

"අයියේ, ඔයා මේ ගාමිණී මහත්තයටද කිව්වේ ඔයිල් සෙන්සර් එක අරං එක්ක කියලා. මට ඇහුනා ඔයා 'ගාමිණී-ගාමිණී' කියලා කතාකරනවා ඒ වුනාම මට හීනෙකින්වත් හිතුනේ නෑ..."

"ගාමිණියි මායි පොඩි කාලෙ ඉඳලම බොක්කෙ යාලුවෝ ලක්ෂ්මන්," මම පැහැදිළි කලා.

ගාමිණිත් අර කාටත් කතාකරන ලෙංගතු හෘදයාංගම විදියට ලක්ෂ්මන් එක්කත් වචන කීපයක් කතා කරලා ඊයේ රෑ අපි එක්ස්ප්‍රස් වේ එකේ ලයිට් නැතුව කාපු කට්ට ගැනත් කෙටියෙන් අහගෙන පිටත් වෙලා ගියා ආපහු සීලිමට නගින්න.

අලුත් සෙන්සරය එන්ජින් බ්ලොක් එකට හයිකරලා හොඳින් තද කරපු ලක්ෂ්මන් වයර් ටික ටර්මිනල් වලට අමුනලා ඩෑෂ්බෝඩ් එකේ ලයිට් පත්තු වෙනවද  කියලා බැලුවා.

"ඇයි ලක්ෂ්මන් මල්ලි පුදුම වුනේ ගාමිණී සෙන්සර් එක අරං ආපු එක ගැන?"

"ඇයි අයියේ, ගාමිණී මහත්තයා කියන්නේ මේ පැත්තේ කවුරුත් හෙනට රෙස්පෙක්ට් කරන මහත්තයෙක්.

වනජීවී එකෙත් තදයෙක් නේද ඒ මහත්තය?"

"ඔව් වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ කෙනෙක්."

"ඒක තමයි."

ඒ වගෙම ගිරිතලේ වනජීවී පුහුණු ආයතනෙත් ගාමිණී දරන නිලය ගැන කියපු මම මෙහෙමත් කිව්වා.

"ඒ ඔක්කොටම වඩා මල්ලි, තනතුරෙන් ඔලුව උදුමවාගත්ත නැති, පොළොවෙ පයගහලා ජීවත් වෙන, එළ

කොල්ලෙක්!."


     *     *     *     *




මගෙ බයික් එක කවදාවත් නැතුව දුම් පරීක්ෂණේ ෆේල් වුනා කියහංකෝ!

මගෙ එකට වඩා හුඟක් අලුත් ඉන්දියන් බයික් නම් දුම් පරීක්ෂනේ ෆේල් වෙනවා මම ඇස් දෙකට දැකලා තියෙනවා

ඕනෙ තරම්.  ඒත් 143 - වුනාට ඔරිජිනල් ජපන් මගෙ හොන්ඩා එක? පුදුමයි ඒත් ඇත්තයි. කොල්ලා කාලෙ ඉඳන්ම මගෙ හීනයක්වෙලා තිබුනේ කවදාහරි  Honda CM125T Custom එකක් අයිතිකර ගන්න.  පස්සෙදි ඒ හීනයනම් සැබෑ කරගත්තා. ගුරුත්ව කේන්ද්‍රය ඉතාම පහත නිසා, ඕනෙ නම් කිසිම අවුලක් නැතුව යන වේගෙන්ම කණට වැලියන්න ඇල කරලා වංගුව ගන්න තරම් සමබරතාවයක් තියෙන, ඉන්දියන් බයික් වගේ පෙට්‍රල් වැඩ නොකලත්, ඕනෙ දුරක් ඇඟට නොදැනී, කාර් එකක වගෙ සැප පහසුවට යන්න හැකි බයික් එක.

එහෙව් බයික් එක දුම් පරීක්ෂණේ ෆේල් වුනයි කියහංකෝ!!

ඒ ඔක්කොමත් හරි, බාස්ලගෙ කියමනුයි ආකල්පයි තමයි මට කාල ඉන්න බැරු වුනේ. උන්ගෙ මන්දෝත්සාහීබවයි, කම්මැලි කමයි, මගෙ සිහින බයික් එකට කරපු මදිපුංචිකමුයි නිසා මට උන්ව එපාම වුනා. සමහරු වහෙං ඔරෝ බාසාවෙන් නොකියා කිව්වේ දැං ජපන් බයික් රජ කරගෙන හිටපු යුගය ඉවරයි, ඔන්න ඕක පැත්තකට දාලා ඔය කවුරුත් කරන්නා වගේ ඉන්දියන් බයික් එකක් ගත්තනං වැඩේ ගොඩ කියලා. සමහරුන්ට මේ වගේ දෙකේ පංතියෙ වැඩක් කරන්න වෙලාවක් නැති බව කිව්වා. සම-හරක් කිව්වේ ඔය තියෙන ඔරිජිනල් ජපන් කාබියුරේටරේ ගලවලා විසි කරලා ඔය ඉන්දියන් හරි චීන හරි එකක් දාමු කියලා. අන්තිමට එහෙම කාබ් එකක්වත් අරන් මමම හයිකරගන්න කියලා හිතාගෙන මෝටර් සයිකල් අමතර කොටස් කඩයක් අරිනකල් ඉන්නකොට තමයි මට මේ අලුත් මෙකැනික් ගැන දැනගන්න ලැබුනේ .

ඇත්තෙන්ම, ගුණවර්ධන මහත්තයා කියලා හැඳිවුනු පාසැල් ගුරුවයෙක් තමයි මට ඒ ආරංචිය දුන්නේ. ගුණවර්ධන මහත්තයා කියන්නේ වාහන ගැන පුදුම උනන්දුවක් ආදරයක් වාහනයක් දක්වන, ඒ නිසාම හුඟක් බාස්ලට දිරවන්නෙම නැති  perfectionist බුවෙක්. ඒ ඒ කාලෙට මොන වාහනේ පාවිච්චි කලත්, ඒ වාහනේට ඇප කැප වෙලා සුපිරිම තත්වයෙන් නඩත්තු කරන, වාහනේට දෙයියන්ට වගේ සලකන, කොච්චර ගනං වුනත් කීය ගියත් කොම්පැනියෙන් ගත්ත ඔරිජිනල් පාට් විතරක්ම දාන, වාහනේ ගැලෙව්වම බාස් බෑ කිව්වොත්, පස්ස ගැහුවොත්,  තමන්ම  හැම කෑල්ලක්ම හොඳට හෝදලා මැදලා, පිහදාලා, දිස්නේ ගහන්න පොලිෂ් කරලා හයි කරන වාහන ලෝලියෙක්. ගරාජ් බාස්ලට ගුණවර්දන මහත්තයා නිකං ඇණයක් නෙවෙයි, පරාල ඇණයක්.

එකපාරක් හොන්ඩා CG125 බයික් එකක් අති සුපිරි තත්වයෙන් අවුරුදු ගාණක් පාවිච්චි කරපු ගුණවර්ධන මහත්තයා දැන් පාවිච්චි කරන්නේ ඒකට කිට්‍ටුවෙන්වත් අපේ වාහනයක් නතර කරන්න අපිට  මොකක්ද වගේ හිතෙනතරම් සුපිරි තත්වයෙන් තියෙන Toyota Townace වෑන් එකක්.

ඉතිං ගුණවර්ධන මහත්තයාගෙ අනුමැතිය ලැබුණ ගරාජ් එකක් කියන්නේ හොඳම එකක් වෙන්න එපායැ.

ඇත්තෙන්ම ඒම මම දැකපු පිරිසිදුම වැඩපලක්.  කට්ටිය වැඩ කරන්නෙ ඕවරෝල් ඇඳගෙන. ඒ වගේම කොච්චර වැඩ තිබුනත් අපේ ප්‍රශ්ණවලට ඉවසීමෙන් උනන්දුවෙන් ඇහුම්කන් දෙන්න එයාලට වෙලාව තියෙනවා. ඒ ඔක්කොටම වඩා එතන ඉන්න වැඩ්ඩා නොහොත් ලොක්කා අපේ වාහනවලට ගෞරවයෙන් සැලකුවා, නිකං දෙකේ කොලේට දාලා කතාකලේ නෑ. ඇත්තෙන්ම බුවා මගේ බයික් එක අගය කලා.

ඒ වගේම අපි නිතර දකින "බාස්" කෙනෙකුට වඩා න්‍යායාත්මක දැනුමක් තිබුනා. ඇත්තෙන්ම බුවා හුඟක් බාස්ල වගේ කනාබල්ලං නොගහා මගෙ අසමත් වෙච්ච දුම් සහතිකය කියවලා කාබන් මොනොක්සයිඩ්, ඒ වගේම කාබන් PPM ප්‍රතිශතය ගැන අවබෝධයෙන් බැලුවා.

මුලින්ම කාර්බියුරේටරය ගලවලා පිරිසිදු කරලා  අලුත්ම අලුත්වැඩියා කට්ටලයක් (repair kit) වගේම ෆ්ලෝටරයක් දාලා  හයි කරලා මට කිව්වා යම් කිලෝ මීටර් ගානක් පැදලා ආපහු එන්න කියලා දෙවෙනි ටියුනප් එකකට.

"දුම් පරීක්ෂණේ පාස් වෙන්න උනත්, ඔය ඔරිජිනල් ජෙට් අයිං කරලා පුංචි ජෙට් දාලා එන්ජිමට එන පෙට්‍රල් ගෑස් එක අඩුකරන එක හරි වැඩක් නෙවෙයි. කොම්පැණියෙක් ඔරිජිනල් එවන සයිස් ජෙට් එකම දාලා ඊට පස්සෙ බලන්න ඕනෙ පෙට්‍රල් නාස්තියක් නැතුව නියම ගානට පිච්චෙන්න ටියුන් කරගන්න."  ඒ කතාවෙන්ම මට බුවාව හිතට ඇල්ලුවා.

"ඔව් මල්ලි, මට ඕනෙ එමිෂන් ටෙස්ට් එක කොහොම හරි පාස් කරගන්න විතරක් නෙවෙයි. මට ඕනෙ බයික් එක හොඳට අදින ගානට පවර් එකත් තියාගෙන, එමිෂන් ලෙවල් අඩුවෙන් පවත්වගෙන , ඒ වගේම මේ මොඩල් එකේ වැඩකරන උපරිම ගානට පෙට්‍රලුත් වැඩකරන විදියට ටියුන් කරගන්න."

"අන්න හරි මහත්තයා. ඒක තමයි වෙන්න ඕනෙ හරි දේ. නමුත් මෙතනට එන හුඟක් කස්ටමර්ලට ඕනෙ මොන

විදියෙන් හරි ටෙස්ට් එක පාස් කර ගන්න විතරයි. පෙට්‍රල් වහලා ගෙනිහිං ටෙස්ට් එක පාස් වුනාට පස්සෙ ආපහු ඇවිත් පෙට්‍රල් අරිනවා එමිෂන් ලෙවල් යකාටම පලයක් කියලා."

අර මං කලින් කිව්වා වගේ, එක වාහනයක් හදන්න වාහන දෙකක් අරන් ගරාජ් එකට යන්න එපායැ කෑලි හොයන්න යන්න වෙන නිසා. ඉතින් එදත්, බයික් එක ගෙදර ගෙනියන්න කලින් වෑන් එක ගෙදර දාලා එක්කෝ බස් එකක හරි ත්‍රී වීලර් එකක හරි ආපහු එන්න ඕනෙ.

ඔන්න එතකොටම මට හමු වුනා එතනට මොකක්දෝ වැඩකට ඇවිල්ලා හිටපු මගෙ මිත්තරයා ශ්‍රී ලංකා අහවල් මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ සජිත් මොකද්දාරගම.

මට වෑන් එක ගෙදරට දාලා බස් එකක හරි ත්‍රීවීලර් එකක හරි ආපහු එන්න කම්මැලි හිතුනේ මොන කරුමෙකටද කියලා මම තවම කල්පනා කරනවා. අර කලින් ගරාජ් එක වගේ අස්සක මුල්ලකත් නෙවෙයි නෙවෙයි මේක

තියෙන්නේ ජනාකීර්ණ මහ පාරක් අයිනේ.

"මචං මම දැං වෑන් එක දාල එන්න ගෙදර යනවා. උඹට ඊලඟ අපොයින්ට්මන්ට් එක නෙවෙයිනම් තියෙන්නේ උඹට පුලුවන්ද මචං උඹේ බයික් එකෙන් මට ලිෆ්ට් එකක් උඹ එනවද මාත් එක්ක අපේ ගේ ගාවට උඹේ බයික් එකේ මට ඉක්මනට උඹත් එක්ක ආපහු එන්න."

"සුළු දෙයක්නෙ මචෝ. ඕක මොකක්ද?"

වෑන් එක වැරදි පැත්තට මූණ දාලා නවත්තලා තිබුන නිසා මම ඒ පැත්තටම ගිහින් හරවගෙන ආපහු ගරාජ් එක ලඟට ආවම සජිත් මට අත වනලා "උඹ පලයං මං එන්නම්," කිව්වා.ගෙදර මිදුලේ වෑන් එක නතර කරපු මම ඉක්මනින් ආපහු පාරට ගියා. සජිතයගෙ සලකුණක් වත් නෑ. ෆෝන් එක අතට ගත්තු මම බුවාගෙ නොම්මරේ ඩයල් කලා.

"හෙලෝ"

"මචං, උඹට කරදරයක් නම් මම බස් එකක හරි ත්‍රී වීලර් එකක හරි එන්නම්."

"උඹට පිස්සුද යකෝ? හිටහං විනාඩියක් මම මේ එනවා. මට යාලුවෙක් හම්බවුනා ඒකයි පොඩ්ඩක් පරක්කු වුනේ."

එතකොටම මම දැක්කා වංගුවෙන් මතුවුන බස් එක. මම බස් එකේ එනවා උඹ එන්න එපා කියන්න මම ෆෝන් එක කනට ලං කලා.

"ඕං බලහං මචං අපිට හම්බවෙන කුණු කොන්තරාත් වල හැටි.  ඇහුවාම බෑයි කියන්නත් නෑ. දැං බලහංකෝ

මගෙ වැඩේ තාම පටං අරගෙනත් නෑ. උගෙ වැඩේ හරිනෙ. දැං ඕකා මට ටටා බයි බායි කියලා යන්ඩ යයි.  අපි මෙතන ඉඳගෙන වාත වෙවී බල ඉන්න ඕනෙ අච්චර වැඩ තියෙද්දි...ඕං අපිට හම්බවෙන යාලුවෝ!"

ෆෝන් එකෙන් ඇහුන මේ කොටස මම අහගෙන හිටියේ කට ඇරගෙන වෙන්න ඕනෙ.  කලින් කෝල් එක විසන්ධි කරන්න දෙන්නටම අමතක වෙලා.

ඇමතුම විසන්ධි කරපු මම ආයෙම ඩයල් කලා. මට ඕනෙ වුනේ මම බස් එකේ එන්නම් කියලා කියන්න. මම මේකාගෙන් උදව්වක් එල්ලපු එක ගැන පුදුම පසුතැවිල්ලක් සහ කම්පාවක් මට තිබුනේ.

නමුත් මේ පාර උත්තරයක් නෑ. ෆෝන් එක දිගටම රිං වුනා. 


බස් එකට නගිනවද නැද්ද කියලා මම මොහොතක අතීරණයකට පත් වුනා. නමුත් සජිත් දැනටත් එන්න පිටත් වෙලා වෙන්න පුලුවන් නිසා මම අදහස අතහැරියා.  බස් එක යන්න ගියා.  විනාඩි කිහිපයකට පස්සේ සජිත් ආවා හිනා කටක් පුරෝගෙන, අත වනාගෙන. "නැගපං මචං." හෙල්මට් එක දාගත්ත මම බයික් එක පිටිපස්සට නැග්ගා. යූ ටර්න් එකක් ගහපු අපි ආපහු පිටත් වුනා. මේ අර පොඩ්ඩ වෙලාවකට කලින් මා ගැන අර විදියට කතාකරපු එකාමද කියලා මට අදහගන්න බැරි වුනා.  සජිතා හිටියේ විහිලු තහලු කරමින් උපරිම ජොලි මූඩ් එකක.

ආපහු ගරාජ් එකේදි මම බයික් එකෙන් බැස්සා.  බිල ගෙවපු මම යන්න පිටත් වෙලා සජිත්ට ස්තුති කලා.

"අයියෝ, ඕක මොකක්ද බං? යාලු කමෙන් ඇති වැඩේ මොකක්ද එහෙමවත් උදව්වක් නැතිනං. උඹ වුනත් ඔය උදව්ව මට කරනවනේ බං මම උඹේ තත්වෙ හිටියනං. අල්ලලා දාහං බං."

"එහෙනං ටටා බයි බායි මචං." මම කිව්වා නෙවෙයි මට කියවුනා. සජිත්ට පි‍ටුපාලා බයික් එකට නැග්ග මම බයික් එක පාර හරහා දාලා පල්ලම පැත්තට වේගයෙන් පිටත් වෙද්දි, සජිත් ලඟ හිටපු අනිත් බුවාට ඇහැක් ගහනවා මම මනසින් දැක්කා.

පසුගියදා උපන්දිනය සැමරූ මගේ මිතුරු, , බ්ලොග් රචක, ලේඛක, වනජීවී අධ්‍යක්ෂ ගාමිණී සමරකෝන් සොයුරාට ප්‍රමාදවී පිදෙන උපන්දින  තිළිණයයි.




Originally published @ HeyDude in English Language. 
Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers. 




88 comments:

  1. සෑහෙන කාලයකට පස්සේ නේද.කොහේද මේ අන්තරස්දනා වෙලා හිටියේ

    ReplyDelete
    Replies
    1. වැඩ අධික කමයි, මූඩ් එකක නොහිටීමයි, ඉන්ටනෙට් අවුලකුයි වගේ ප්‍රශ්ණ කීපයක් ආවා මනෝ. ඒ මදිවට නිවාඩුවට ගමරට ගියා.

      Delete
  2. සිංහලේ එක කියවන්න ආසාවෙන් තමා හිටියේ. අර ප්‍රවීණ ඉංගිරිසි ගුරුතුමාගේ ලිපිය බෝම ලස්සනට පොළවේ පය ගහලම පරිවර්තනය කර තිබේය.

    ආවේණික ගෙම්බායියාට නැවතත් සුභ උපන්දිනයක් පතමි..

    ReplyDelete
    Replies
    1. නෙද්දකිං මේ අමුඩය® මගෙ ඉස්සරහිංමයි. හැක්..

      Delete
    2. ස්තුතියි දේශකයා.

      මොකක්ද බං ඒ අමුඩ® කේස් එක?

      Delete
    3. මේ යකා යන යන තැන මගේ පසන්සෙමයි බං. හරියට මට වහ වැටිල වගේ.. රට්ටු නං කියන්නේ එකාම කමෙන්ට් දාගන්නවා කියලායි. අනේ මන්දා ඕවා නං.. හැක්

      Delete
  3. බයික්කෙට ඉස්සෙල්ල ඩෙනිමෙ එමිෂන් ටෙස්ට් එකක් ගත්තොත් නරකද? මොකද මේකෙ මොන මොන පුස් වර්ග තියෙනවද කියල එතකොට අපිට සැක හැරගත්තැහැකිනෙ.

    ඔය ගාමිණී අයියගෙ නමට ගෙම්බෙකුත් ඉන්නව කියල අර බාස් ගොයියට කිවුවෙ නැත්තෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට ඒක අමතක වුනා ප්‍රසන්න මලයා. එක අතකට ඒක එහෙම වෙච්ච එක හොඳද මන්දා, දන්නවනේ ඉතිං?

      Delete
  4. හම්මට උඩු මෙන්න කලු අයිය ආයිත් වැඩල.. හුටා ... නෑ .. නෑ... ආයිත් ඇවිල්ල.. මේ දවස්වල සඟ රුවනගෙ සර්කස් වලට ඔලුව ගොහිං ඒවමයි කියවෙන්නෙ හිටං.හි‍ටු කියවල එන්න...

    ReplyDelete
    Replies
    1. උඹ අර සංගීත වල යන වලි ගැන ලියපු එක කියවලා මගෙ ඔලුවට ඒවමයි එන්නේ දැං. :D

      Delete
  5. ආහ්, එහෙනං මෙච්චර කල් ලිව්වේ නැත්තේ දුම් පරීක්ෂණේ පාස් වෙනකං වෙන්න ඇති....

    ඔහොම පොරවල් ඉන්නවා, සමහර වෙලාවට උන් කාට කියන දේ විශ්වාස කරන්නද මන්දා... උඹට ෆෝන් එකෙන් ඇහුණ කෑල්ල ඌ උගේ යාලුවාට කිව්වේ නිකං උන්ගේ කතාව මැද්දට උඹ කෝල් කරලා කරපු 'බාධාව' යාලුවා ඉස්සරහ ඇක්නොලේජ් කරන්න වෙන්න පුළුවන්. සමහර වෙලාවට යාලුවන්ට පොරොන්දු වූ දෙයක් කරන්න ප්‍රමාද වුණහම, අපි ඒවා වයිෆ් උඩින් යවනවා නේද? "කොහෙද බං අපේ ගෑණිත් එක්ක බෑනේ", "යංතං ගැලවිලා ආවා" ඔය වගේ දේවල් අපි කියනවනේ නිකං කියමනට...

    ReplyDelete
    Replies
    1. මේක මේ පාර වෙච්ච දෙයක් නෙවෙයි බං. 2013 නිවාඩුවෙ වෙච්ච දෙයක්.

      ඔව් උඹ කියන දේත් ඇත්තක් තියෙනවා තමයි. නමුත් මෙතන නම් වෙන්න ඇත්තේ මම හිතපු විදියට වෙන්න ඕනෙ. එතකොට මාර කම්පනයක් බං දැනෙන්නෙ.

      Delete
  6. ඉන්දියන් වාහන, ඉන්දියන් බයිසිකල්, හෙට අනිද්දට ඉන්දියන් ගෑනුත් ගෙන්නයිද දන්නේ නැහැ.

    ජපන් බඩු ලංකාවට අපු කාලේ අපි පොඩි කොල්ලෝ. යුරෝපීය වාහන, බයිසිකල්, රේඩියෝ, පාවිච්චි කරපු වැඩිහිටියෝ ඒ ජපන් බඩු දිහා බැලුවේ අප්පිරියාවෙන්, අවඥාවෙන්.

    මමත් අවුරුද්දකට වතාවක් අර බොරු වැඩේට යන්න කලින් ගැරේජ් එකට ගිහින් ඩීසල් වගගෙන යනවා. ටෙස්ට් එක පාස්වෙලා ඇවිත් ආපහු තිබුන විදිහට ඇජස් කරවාගන්නවා. කාටද මේ විහිලු කරන්නේ? ආණ්ඩුවට ගතම් එකක් හොයාගන්න විතරයි. වාහන වායු විමෝචනය බලාපොරොත්තුවන මට්ටමේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ ආපු කොරියන් වාහන දිහාත් බැලුවේ එහෙමනෙ.

      ඩීසල් වහගෙන ගියාම හරියනවද? මට වෑන් එකට නම් එහෙම අවුලක් වෙලා නෑ. හැබැයි සමහර වෙලාවට එයා ක්ලීනර් එක සුද්ද කරගෙන, ඔයිල් හෙම මාරු කරගෙන යනවා. තව ටිකක් දුවලා හෙම ගියාම හොඳයි.

      Delete
    2. වතාවක් මගේ වාහනේ දුම ෆේල් උනා, මමනම් වැඩිවැඩ මුකුත් කලේ නැහැ, පලවෙනි පාරෙන් පස්සේ සයිලන්සරේ හේදුවා, ඒත් දෙවෙනි පාරත් ෆේල්.
      පස්සේ දුමේ ඉන්න කොල්ලන්ට පොඩ්ඩක් ටෝක් කරලා මේ ටෙස්ටින් කරන මෙතඩ් එක වැරදියි, දැන් බලන්න වාහනේ මීටරේ තියෙන RPM එකටත් වඩා ඔයාලගේ රිපෝට් එකේ තියෙනවනේ, අනික අපි වාහන පදිනකොට එක තැන තියාගෙන රේස් කරනවා වගේ රේස් වෙන්නේ නැහැනේ, අනික ඔයාල එක පාරට රේස් කලාම කොහොමත් දුම එනවනේ සහ හරිනම් ඕව චෙක් කරන්න ඕනේ වාහනේ එක තැන තියාගෙන ස්පීඩ් ටෙස්ට් කරන්න තියෙන උපකරණයක් වගේ එකක දාල පාරේ වාහනේ පදිනවා වගේ ගියර් මාරුකර කර යම්කිසි කාලයක් තුළ ක්‍රමානුකුලව රේස් වෙලා ලංකාවේ උපරිම වේගෙට ඒ කියන්නේ 100 ට රේස් වෙනකල් දුම චෙක් කරන එකයි වෙන්න ඕනේ කියල කිව්වම උන් අර කුර එලියට අරගෙන නිකන් වාහනේ රේස් කරලා හොඳ සුපිරිසිදු සහතිකයක් ලබා දුන්නා...

      Delete
    3. දුං සහතිකේ ගන්න පොත තිබ්බම මදෑ :D :D

      මං දිව්වා … හැක් හැක්

      Delete
    4. දිව්වට වැඩක් නැහැ බීපු වෙලාවක අහු වෙයන්

      Delete
  7. සජිත් ලඟ හිටපු අනිත් බුවාට ඇහැක් ගහනවා මම මනසින් දැක්කා.

    ඒකත් නරකයි හරිය

    ReplyDelete
    Replies
    1. ඒකෙ තියෙන නරක මොකක්ද අටං. පරචිත්ත විචාරන ඥානය නොහොත් සැකයනෙ ඔය.

      Delete
  8. හලෝ, ගොඩක් දවසකින්...

    මේක කලින් දාපු එකක් ද???

    ReplyDelete
    Replies
    1. නෑ චතුරංග. නමුත් සුද්දගෙ බාසාවෙන් හෙල බාසාවට නගපු අලුත්ම එකක් එකක්. නමුත් සිද්දිය අවුරුදු දෙක තුනක් පරණයි.

      Delete
  9. ගස්ලබ්බගෙත් බොහොම තද මනාපයක් තියෙනවා ජපන් බයිකෙකකට.
    ගුඩු ගුඩු ගාල යන එකක්.
    යාළුවන්ට උදව් කරනකොට කොන්දේසි විරහිතව හිටියත් උදව් ලබනකොට කොන්දේසි සහිත වෙන්න වෙලා තියෙනවා දැන් කාලෙ හැටියට.
    කොහොම වෙතත් අනිකා හරි කියන පූර්ව නිගමනයෙ හිටපුවාම ලේසියි...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කොහොම වෙතත් අනිකා හරි කියන පූර්ව නිගමනයෙ හිටපුවාම ලේසියි...

      If one man man calls you a donkey
      Pay him no mind
      If two men calls you a donkey
      Buy yourself a saddle

      Delete
  10. මේ ඩූඩා ඉංග්‍රීසියෙන් ලිව්වම (ඩික්ෂනරියක් අතේ තියන් ) කියවන්නත් ඕන, ආපහු සිංහලෙන් ලිව්වම කියවන්නත් ඕන. දෙකේ වෙනස් කම් තියෙනවද කියල කල්පනා කරන්නත් ඕන. අපිට වෙන වැඩ නැහැ කියල හිතුවද දන්නේ නැහැ.. යක් ! මේක ඩූඩ දැක්කොත් මල කෙලියයි. අනික් මූන ඉච්චාවට කමන්ට් දාන අය හොඳයි මම නරකයි කියයි. හැක්

    ReplyDelete
    Replies
    1. :D ඉතිං බං උඹත් සින්දු ඒ විදියට ලියපංකෝ. සිංහලෙන් ලියක්න එකම ඉංග්‍රීසියෙනුත් ලියනවා. ඔය ඇබා හෙමත් කලේ. ඉංග්‍රීසි සින්දුවෙ ස්වීඩිෂ්, ස්පැනිෂ්, ජර්මන් වර්ෂන් තියෙන්නේ. මාකට් එකත් හොඳයි.

      Delete
    2. මම අදහස් කරපු යටි අරමුණ වැටහුනා යයි සිතමි. :)

      Delete
    3. ඩුඩ් අය්යාගේ ඉංග්‍රීසි කාතා කියවනවට වඩා ලේසි සදු එක්ක ෂොපින් යනවා

      Delete
  11. ඇති මෙහෙමවත් ලියන්න හිතුනා ..
    ගාමිණි අයියට සුභ උපන්දිනක් පතනවා .....

    ජයවේවා !!!

    අමුතු ඇඳුම් ඇඳ හඬවන
    රබානකි අතේ
    පොළොවෙ ඉඳන් අඩි දහයක්
    විතර උස ඇතේ...
    ආකාසෙ ඔළුව වදියි
    කියල බය හිතේ...
    බොරු කකුල් කාරයෙක් එනවා
    අන්න අර පුතේ...

    උණ බම්බු දෙකක් උඩ
    මිනිහා ඉන්නෙ කොහොමද
    එයා අපි වාගේ මහ පොළොවේ
    පයින් යනවද
    මට තේරෙන්නෙ නෑ
    තාත්තෙ කියල දෙනවද...
    එයා උඩින් යන්නේ ඇයි
    පහළින් යන්න බැරුවද...

    බොරු අහංකාරකම්
    කෙනෙකුගෙ නැතිවුණොත් හිතේ
    එයා උඩින් නොවෙයි බිමින්
    ගියත් වැරැද්දක් නැතේ
    බොරුකකුල් මෙයා වාගෙ
    බැඳල නැති නමුත් පුතේ...
    ඔය වාගෙ උඩින් යන ඈයෝ
    හුඟක් ලොව ඇතේ...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය : සනත් නන්දසිරි
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. Don't play me a symphony
      A simple song will do...

      Baccara

      Delete
  12. උඹ ආපහු ලියපු එකම මදෑ...
    ගාමිණි අයියට සුබ උපන් දිනයක් පතනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු පුතේ.

      Delete
  13. ගාමිණී සෑර්ට සුභ උපන් දිනයක් වේවා !! අන්න මිනිස්සු…

    මට ඉන්දියන් බයික් දිරවන් නෑ ඩූඩයියෙ.ලොකු සීන් එකකට නෙමෙයි අපි දුප්පත් මිනිස්සු.ඒත් දේක කොලිටිය කියල දේකුත් තියනවනේ.
    වාහනයක් ගලෝල නේද ?? ෂහ් :D කට්ට උණාට ඒ තරං සැපං නෑ ආයිබෝං..නොකා නොබී හරි එතනට වෙලා හිටියෑකි.ඕ යේස්

    ReplyDelete
    Replies
    1. ඩූඩයියෙ ගාමිණී සෑර්ගෙ අර වනජීවී බ්ලොග් එක දැං ලියන්නෙ නෑ නේද??

      Delete
    2. උඹටත් රතගාය සනීප වෙන්නෙම නෑ නේද? එක අතකට පව් බං අපි.

      ගාමිණී ඒක ලියයි පෙන්ෂන් ගියාට පස්සෙ මට පේන විදියට.

      Delete
    3. පත්තර මල්ලි එක්ක වාහන ගැනයි මාත් එක්ක බ්‍ර ගැනයි කාතා කරමු

      Delete
  14. ඔබ නැවත ආපු එක හොඳයි

    ReplyDelete
    Replies
    1. නමුත් ඔබ වගේ වේගයක්නම් පවත්වාගෙන යන්න බෑ.

      Delete
  15. ඒ බ්ලොග් එක නම් මම දැකල නෑ. ඒත් මනුස්සයා හොඳ කෙනෙක් වගේ. අද ඔය වග එකෙන් හොයන එක හරි අමාරුයි. අර වාහන යුස් කරන එක්කෙනත් හරියට මම ෆෝන් යුස් කරනවා වගේ තමා (ටච් නම් නෙවේ හැබැයි) මමත් මගේ නොකියා 1200, 6220c දෙකට කොච්චර ගණන් උනත් ඔරිජිනල් පාට්ස්ම තමා ගෙනත් දැම්මේ. 1200 එකට නම් හවුසින් එක විතරයි. ඒත් 6220c එකට මෙහෙ නැති වෙච්ච ඔරිජිනල් හෙඩ් සෙට් එකක් මම එංගලන්තෙන් ගෙන්නගත්තා! කීපෑඩ් එකක් හිටං ගෙනාවා (ඒක තාම මග). එහෙම තමා. අපි දෙයකින් සර්විස් එකක් ගන්නවානම්, අපිත් ඒවාට හොඳට සලකන්න ඕනේ. එතකොට තමා ඒවත් අපිට උපරිම සර්විස් එක දෙන්නේ..

    ReplyDelete
    Replies
    1. http://gaminievijith.blogspot.com/2012/05/18.html

      Delete
    2. එහෙම කරන්න පුලුවන්නම් හොඳයි අඟහරුවා. නමුත් මෙකැනික්ලට අර යාලුවා ඇලර්ජික්. නමුත් එයාගෙ වාහන නම් සුපිරි තත්වයෙන් තියෙන්නේ.

      ස්තුතියි ක‍ටුසු හදවත. ඒක මම කරන්න ඕනෙ වැඩක්.

      Delete
  16. ගාමිණි අයියට පමාවූ සුබ පැතුම් !

    ඩූඩ්, උඹ ඔය කියන දෙවෙනි අධ්‍යක්ෂක ගැන අහිතක් හිතෙන්න තරම් මිනිහට එරෙහිව උඹ ගොනු කරලා තියන සාධක මදි.

    ReplyDelete
    Replies
    1. මට ඕනෙ පොඩි සංසන්දනයක් කරනන් විතරයි බං පොරව දඬුකඳේ ගහන්න නෙවෙයි.

      Delete
  17. හුඟ කාලෙකින් හෙන්රි අයියා ...

    හ්ම් ... සමහර යාළුවො නිසා ඔය ඉඳල හිටල හිත් රිදීම් ඇති වෙනව තමයි. අපි උනත් වැඩිය හිතන්නෙ නැතිව හරි, විහිළුවට හරි කියන දේකින් තවත් කෙනෙක්ට හිත් රිදවීමක් ඇති වෙන්න පුළුවන්. මම හිතන්නෙ නියම යාළුවො නම් අර අහම්බෙන් ඔයාට ඇහුන ටික මූණටම උනත් කියන්න පුළුවන්කම තියෙන අය. දැන් තව කාටහරි කියන්න පුළුවන් නියම යාළුවෙක් නම් එහෙම කියන්නෙ නෑ කියල. එහෙම සර්වසම්පූර්ණ මිනිස්සු නෑ අප්පා මේ ලෝකෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්. පොර ඒ ටික මගෙ මූණටම කිව්වා නම් කිසිම ප්‍රශ්ණයක් නෑ තමයි බං. මෙන්න මෙහෙම..

      "යකෝ මගෙ වැඩේ තාම පටං අරගෙනත් නෑ. උඹේ වැඩේ හරිනෙ. දැං ‍තෝ මට ටටා බයි බායි කියලා යන්ඩ යයි. අපි මෙතන ඉඳගෙන වාත වෙවී බල ඉන්න ඕනෙ අච්චර වැඩ තියෙද්දි...ඕං අපිට හම්බවෙන යාලුවෝ!, හුහ්! හා කමක් නෑ. යමං යමං!"

      Delete
  18. හෙන්රි අයියා.. මමත් ජපන් බයිසිකල් පෙරේතයෙක්.. මගෙත් තිබුනා cm එකක්.. තිබුන කිව්වෙ දැනුත් තියනව මහගෙදර ගරාජ් එකේ දිරල බිමට පාත්වෙලා.. එව්ව වල සැප කියල වැඩක් නෑ... සුපිරි බයිසිකල්.. තාත්තගෙ රෝඩ් මාස්ටරේ, බාප්පගෙ ට්වින් එක, මල්ලිගෙ රෝඩ් මාස්ටරේ සහ මගේ සුසුකි වොල්ටිය.. අපේ පවුලටම ඉන්දියන් බයික් අරහං..

    ReplyDelete
    Replies
    1. Nice to meet you again. :D
      මොකද බං සජ්ජා CM එක බිමට පාත් වෙන්න ඉඩ දීල තියෙන්නේ? මේ වොල්ටිය ගැන මට කියහං. වොල්ටියක් වැන බ්ලොගක් ලියන එකෙකුත් ඉන්නවා. ඔය බයික් එක දැක්කාම මට ඇතිවෙන්නේ මිශ්‍ර හැඟීමක්. දෙපාරක් බලන්න හිතෙනවා. නමුත් මම ඇත්තටම ඒකට කැමතිද කියලා හිතාගන්න අමාරුයි. ඇත්තටම ඕක හොඳයිද?

      Delete
    2. හෙන්රි අයියා cm එක දැන් පැදලම් ඉවරවෙලා.. විකුනන්න හිතෙන්නෙ නෑ.. පදින මට්ටමට හදන්න ලොකු ගානක් යනව.. වොල්ටිය අවුලක් නෑ අයියෙ. සුසුකි GN250 එන්ජින් එක තියෙන්නෙ..යකා වගේ යනව.. හැබැයි කාලයක් යද්දි cam shaft එකේ ප්‍රශ්න එනව . නැත්තන් කිසිම අවුලක් නෑ.. මරු බයිසිකලේ..

      Delete
  19. කාලෙකින් දැක්කෙ,,ජපන් බයික් අහලකින්වත් තියන්න බෑ ඉන්දියන් කසි කබල්..
    ඔය අලුත් ස්මාර්ට් පෝන් වල තියන ලෙඩක් තමා ගොඩක් අයට පෝන් වහන්න අමතක වීම,,සොරිම තමා

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ ඩිලාන්. සමහර වෙලාවට තාම කෝල් එක කනෙක්ට් වෙලා තියෙනවද කියලා හොයාගන්නත් බෑ ස්ක්‍රීන් එකට අව්ව වැටිලා තියෙනකොට.
      උඹව දකින්න ලැබීමත් සතුටක් ඩිලාන්.

      Delete
  20. ඩූඩ් සෑර්ව දැක්ක කල් ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. වැඩිය මේ පැත්තේ එන්න බැරිවුනා දිනේෂ්, නොයෙකුත් කරුණු නිසා.

      Delete
  21. වෙල්කම් බැක් කිව්වා. යාළුවො හැම එකාම උඹ වගේ කියල හිතන මෝඩ අදහස නැතිකර ගනිං එතකොට හරියයි.

    ReplyDelete
    Replies
    1. හැමෝගෙන්ම එකම ක්වොලිටිය බලාපොරොත්තුවෙන්න බැරි බව දන්නවා මචං. නමුත් තවම මෝඩ හිත රිදෙනවා.

      Delete
  22. ගොඩක් ගරාජ් වල එවුං කියන දෙයක් තමා ඕක විකුණල දාලා ඉන්දියන් එකක් ගන්නෙයි කියන එක. මොන එකක්ද මංදා මටත් හිතෙන්නෙම නෑ ඔයි ඉන්දියන් ජරාවල් පදින්ඩ. මොකෝ, ජපන් බයික් නිකං ඇත්තටම මගියගෙ සැපපහසුව උපරිමේටම සළකලා හදල තියෙන හිංදා. ඒ වගේම එයිට ගැළපෙන්න ඉන්ධන කාර්යක්ෂමතාවයත් තියෙනවා. බයික් විතරක් නෙමේ. ඕනෙම වාහනයක් ගැන ඕක තමයි ඇත්ත.

    මං දැනං උන්නෙ නෑ ගාමිණි සෙනරත් මහත්තයා ඔය තරම් මනුස්සයෙක් කියලා. ෆේස්බුක් පෙ1ාෆයිල් එක උනත් හෙන සාමාන්‍යයි...

    එහෙනං උන්නැහැටත් හැපි වේවා!!!

    තව දෙයක්. ඩූඩ් නොලිය ඉන්න එපා ආයෙ. ඩූඩ් ලියන් නැති ඩෙනිම හරියට, හැලපයියට ගොඩ්ප්‍රි හම්බුනා වගේ...

    ReplyDelete
    Replies
    1. පිස්සු පීකුදු.. ගාමිණි සෙනරත් නෙමෙයි බං..

      https://www.facebook.com/gaminie.samarakoon?fref=ts

      Delete
    2. ගරාජ් බාස්ල ඔටමැටික් හදන්න දන්නෙ නැතිනම් ඕටමැටික් හොඳනෑ. හයිබ්‍රිඩ් දන්නෙ නැතිනම් හයිබ්‍රිඩ් ජරාවල්. ඒක ලේසිනෙ බං.

      දෙය්යෝ සාක්කි! මේ ගාමිණී විජිත් සමරකෝන් බං අර ගාමිණීගෙ විජිතය ලියපු. එතකොට පොත් ගණනාවක් ලියලා තියෙනවා.

      ස්තුතියි දේශකයා. ස්තුතියි ඩ්‍රැකී!

      Delete
  23. වෙල්කම් බැක් ඩූඩ්!!

    ReplyDelete
    Replies
    1. Thanks Bassi! Ah, now you are in the welcome committee, huh?
      Just kidding.

      Delete
  24. යාළුවොත් අපි වගේම හිතනවා කියන එකනම් මහා ගොන් කමක් සහ නිතර වෙන වරදක්. නැවත ලියන්න පටන් ගත්ත එක සතුටුයි. Dude is back in the mood eh? :-)

    ReplyDelete
    Replies
    1. අන්න ඒ නිසයි යාලුවෝ සිය දහස් ගානක් හිටියත් බොක්කෙ යාලුවෝ අතේ ඇඟිලි ගානටත් අඩු. මූඩ් එක විතරක් නෙවෙයි උදය තව හුඟක් සාධක තිබුනා, වෙලාව පිළිබඳ හෙම.
      ස්තුතියි උදය.

      Delete
  25. වෙන කතාවක කැල්ලක් වෙන්න බැරිද? ඔන්නොහෙ ඇත්තටම කියුව උනත් අමතක කරලා දාමු. බැන බැන හරි උදව්ව කලානේ ඕනේ වෙලාවේ.. එක නෙවෙයි වැදගත්ම කෑල්ල.. අර ගැරේජ් එක කොහෙද තියෙන්නේ? විස්තර කියන්න බැරිද? එහෙම තැනක් අඳුන ගන්න එක පට්ට වටිනවා..

    ගාමිණී මහත්තයට සුභ උපන් දිනයක්!!!

    ReplyDelete
    Replies
    1. වෙන කතාවක කෑල්ලක් නෙවෙයි බං කන්ටෙක්ස්ට් එකට අනුව.

      පුලුවන් බං. උඹ මට පහත එ මේල් එකට මේල් එකක් දාපං.

      නමුත් මෙහෙම දෙයක් තියෙනවා. මට හිතට අල්ලලා ගිය එකා තව එකෙකුට හිතට අල්ලයිම කියන්න බෑ. මට පේන්න බැරි එකා තව කෙනෙකුට හිතට අල්ලන්න පුලුවන්. ඒක නිසා ප්‍රසිද්ධියෙ ඇඩ් දාන්න බෑ. මගෙ මස්සිනාට මම පොරව රෙකමෙන්ඩ් කලා. මම හිතපු වේගෙන් වැඩේ උනේ නෑ. අපි ආපහු එන දවසෙත් ගරාජ් එක වහලා. මස්සිනාට කතා කරලා අහන්න ඕනෙ මොකද වුනේ කියලා.

      උඹ මට මේල් එකක් දාහං.

      Delete
    2. කෝ නෑනෙ බං ස්පෑම් ෆෝල්ඩරේ වත්

      Delete
  26. ඔය ගාමිණී සමරකෝන කීවෙ අර පොත් හැටහුටාමාරක් ට්‍රාන්ස්ලේට් කරල තියෙන එක්කෙනාද..
    නෑහ්... සිරාවටම හම්බවෙන්න හෙන කැමැත්තෙන් ඉන්නෙ..
    ෂෙල්ඩන්ගෙ ඩූම්ස්ඩේ එක හම්බෙලා කියෝගන්න ඉංගිරිස් දන්නෙ නැතුං ඉද්දි ගාමිණි සමරකෝන් පරිවර්තනයක් හම්බුණා (සංක්ෂිප්තයි තමා ඒත් අවුලක් නෑ) කියන්නකො හම්මේ තිබ්බ හැපි එක..

    ගාමිණි මහත්මයාට සුභම සුභ උපන් දිනයක් වේවා

    ReplyDelete
    Replies
    1. ගාමිණී විජිත් සමරකෝන් නම් පොත් පරිවර්තනය කලේ නෑ, ස්වතන්ත්‍ර නිර්මාණ කලා මිසක. නමුත් ගාමිණීගෙ සමහර පොත් වෙනත් කෙනෙක් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා නම් තියෙනවා.

      උඹ කියන්නේ වෙනත් ගාමිණී කෙනෙක් ගැන. ගාමිණීගෙ සයිට් එකට යන්න උඩ ලින්ක් එකක් තියෙනවා. සමහර පොත් ගැන ඒකෙ තියෙනවා.

      Delete
    2. එහෙනං එයා නෙවෙන්න ඇති
      මං බලන්නං
      ස්තූ!තියි

      Delete
  27. නිල් පාටයි,සුදු පාටයි yamaha FZR බයික් එකක් අපේ මල්ලි ගාවත් තිබ්බා,කවුලින් ගහලා නියම ලස්සන පෙනුම.වැඩේ කියන්නේ එකේ පොත නැහැ.පස්සේ මල්ලි එක කට හරි අඩු ගාණකට දුන්නා.දෙන්නාම අධ්‍යක්ෂලා වුනත් දෙන්නාම මහත්තුරු නෙමේ වෙන්න ඇතිනේ ඩුඩයියේ.ඒ වගේම තවත් පැත්තකින් හදිසි වෙලා ඒ මනුස්සයා ගැන වැරදි වැටහීමක් කර ගන්න උනත් හොඳ නැහැ.අපි දන්නේ නැහැනේ ඒ වෙලාවේ මිනිහා හිටිය තත්වය.

    ගාමිණි මහත්මයාගේ අර පොත මොකක්ද කිවේ අර ඩුඩයිලාගේ පස්සෙන් අලියා පන්නපු ?

    ReplyDelete
    Replies
    1. ඒක තනි කොළයක් වුනත් තවම කියන්නෙ පොත කියලනේ නේද?

      ගාමිණී දැන් පොත් කීපයක්ම ලියලා තියෙනවා මනෝජ්. ඒ සයිට් එක මගෙ බ්ලොග් රෝල් අඩියෙම තියෙනවා. ගිහින් බලාපං.

      Delete
  28. නෑහෙන්න බනින ගොඩක් යාළුවො ඇති අපිටත් . උන්ගෙනුත් පුළුවන් වැඩක් ගන්න ඕනි . ඒ වගේම ගාමිණී වගේ යාළුවො එකෙක් දෙන්නෙක් හරි ඉන්නවානම් අපි ඇත්තටම වාසනාවන්තයි මචං

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට ගාමිණී වගේ යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා, මූණටම බැණලා උදව් කරන. අම්මරුවේ වැ‍ටුනාම දාලා නොයන.

      Delete
  29. සෑහෙන කාලෙකින්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට ගාමිණී වගේ යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා, මූණටම බැණලා උදව් කරන. අම්මරුවේ වැ‍ටුනාම දාලා නොයන.

      Delete
  30. "ඒ ඔක්කොටම වඩා මල්ලි, තනතුරෙන් ඔලුව උදුමවාගත්ත නැති, පොළොවෙ පයගහලා ජීවත් වෙන, එළ කොල්ලෙක්!."
    මෙන්න මේකට නං එකෙන්ම එකගයි...

    ReplyDelete
    Replies
    1. එහ්හෙන...ඔලුව ඒ ගානටම තියාගන්න එක හැමෝටම බෑ.

      Delete
  31. ම එනකොට පෙරහෙර ගිහින් නොවැ. ඔහොම තමයි මිනිස්සු කියන ජාතිය. කොච්චර එකට හිටියත් තේරුම් ගන්න මොනම විදිහකින්වත් බෑනෙ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු තේරුම් ගන්න ඔහොම අමාරු නම් ගෑණු කොහොම තේරුම් ගන්නද කියලා හිතහං... :D

      Delete
  32. මටනම් වාහන වල මැකනියික් පැත්ත ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට බ්‍රා එකක පෑන්ටියක නම් ඕනෙ කෑල්ලක්...නැද්ද?

      Delete
  33. සෑහෙන කාලෙකට පස්සේ. ඩුඩ් ද උඩ ඉන්නේ. ගාමිණී ගේ බ්ලොගය දැන් ලියන්නේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. නෑ අජිත්. උඩ පින්තූරේ ඉන්නෙ ගාමිණී සහ ගාමිණීගෙ භාරකාරි.

      Delete
  34. උපේක්ෂා තමයි කිව්වේ අලුතින් ලිපියක් දාල කියල.

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා ඉඳලා හිටලා වැඩක් ඇති වැඩකුත් කරනවා එහෙනං.

      Delete
  35. ඔව් , ගිය වර ලියු කතාව කතාව තදින් හිතට වැදුන නිසා ඒ පින්තුරයත් එක්කම.
    http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2714-2016-02-02-21-26-42

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි අජිත් අපි වගේ බ්ලොග් කරුවන්ට දෙන තල්ලුවට.

      Delete
  36. ඔන්න මාත් ආවා. බාර ගන්නවද එලවනද???

    ReplyDelete
    Replies
    1. ඉඳගනිං සිංහ මචං. ලයන් ලාගර් එකක් ගහනවද සිංහලේ ස්ටිකර් එකක් ගහගන්නවද?

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>