Monday, July 29, 2013

86. සය වසකට පසු... After Six Long Years...





එදා, අපේ ‍දියණිය රැගත් ගුවන් යානය පැමිණෙන තෙක් මම ගුවන් තො‍ටුපලේ ලතවෙමින් සිටියා. 

කවුරුන් හෝ විසින් ගුවන් තො‍ටුපොළ ජෙටියේ අතැර දමා ගොස් තිබුණු මේ ගමන් මලු ගෙනයන ට්‍රොලිය අහම්බෙන් මගේ ඇස ගැ‍ටුනු මොහොතේ, මගේ හදට නිතැතින්ම නැගුනේ ඉවසිය නොහැකි පාළු හැඟීමක් සහ විස්තර කල නොහැකි දුකක්. මා අත තිබූ කැමරාව නොකඩවා ක්‍රියාත්මක වෙත්දී, මගේ දෑස බොඳ වූ බවත්, උගුරේ  යමක් සිරවී ඇති ලෙසත් මට දැනුනා. සමහර විට මට පිස්සු වෙන්නැති. මොකක්දෝ හේතුවකට මේ ට්‍රොලිය මට සිහි කලේ කාගෙ හෝ තාත්තෙක්ව...



DAD



With you my son,
This is as far as I can come,
Shouldering your burden for you.
Unlike me, my son,
Who's at the end of the line,
Whole new world's waiting for you.
For you my son,
The limit is the sky,
Like a bird soaring high, with a twinkle in yer eye.
For you my son,
I'll be hanging around,
Praying for the day, our paths will cross again.

මා පබැඳූ මේ පද පෙළ, අද දහසය වැනි උපන් දිනය සමරණ අපේ පුත් හිරූෂට පිළිගන්වනවා.

Tuesday, July 23, 2013

85. හරි දේ The right thing to do: Comments better than the post series:


මම කාලෙකට ඉස්සෙල්ලා කියවපු සඟරාවක හරි, පත්තරේක හරි පළවුණු, ප්‍රශ්ණාවලියක තිබුණු මේ ප්‍රශ්ණය මට යන්තමින් මතකයි.



පදික වේදිකාවක් දිගේ ඇවිදගෙන යන ඔබ, බිම වැටී ඇති රුපියල් සියයේ නෝට්‍ටුවක් දකිනවා.  ඔබ...


A. රුපියල් සියය නොදැක්කා සේ ඔබේ ගමන යනවා.

B.රුපියල් සියය හුළ‍ඟේ නොයන ලෙසට කුඩා ගල් කැට දෙකකින් බර තබා ඔබේ ගමන යනවා.

C. රුපියල් සියය අහුලාගෙන සාක්කුවේ දාගන්නවා.

D.රුපියල් සියය අහුලාගෙන, ඉන් පසු මුණ ගැහෙන හැමෝගෙන්ම රුපියල් සියයක් නැති වුනාදැයි විමසමින් යනවා.

E. රුපියල් සියය අහුලාගෙන එහි අයිතිකරුවා සොයා ගැනීම පිණිස රුපියල් එකසිය පනහක් වැයකර පුවත් පතේ දැන්වීමක් පළකරනවා.
රුපියල් සීයක් හොයාගන්න බැරි වුනා.
මේකත් අරන් පාරට දුවලා පේව්මන්ට් එකේ තියලා  ෆෝටෝ එක ගන්න කොට
පාරේ වැඩ කර කර හිටපු කට්ටිය පුදුම වෙලා මං දිහා බලා හිටපු හැටි දැක්ක නම්!

Friday, July 19, 2013

84. ඉංගිරිස් ඉන්ටර්විව්



ඔන්න එකෝමත් එක කාලෙක, හෙන්රිබ්ලොග්වෝකර් අධි සුඛෝපබෝගී ජර්මන්  කාර් වර්ගයක් ගෙන්වන සමාගමක මෝටර් ඉන්ජිනේරු විද්‍යා ආධුනිකයෙක් හැටියට හිටියා. ඕකෙ හිටියා රංග කියලා, අර කටින් වෙට්‍ටු දම දම කතා කරන, කටින් ගහලා ඕනෙ වැඩක් කරගන්න පුලුවන් ඩයල් එකක්. ඒ නිසාම මූට හිටියා සැලකිය යුතු ෆෑන් බේස් එකකුත්. මමත් මුගෙ කට දිහා බලාගෙන ඉන්න හරි ආසයි ඒ දවස් වල. මූත් අපි වගෙම ඇපෙක් වුනාට නිතරම හිටියෙ එන්ජිමක් එල්ලගත්ත ෆෝක්ලිෆ්ට් එකක් කරකවමින්.

Monday, July 15, 2013

83. කලු සහ සුදු BLACK & WHITE


අපායේ ගතකල හොඳම විනාඩි විස්ස මතකද? 


අමතක වෙන්න නම් අමාරුයි. නමුත් එහෙම වුනා නම් මෙතනින් ගිහින් කියවලාම එන්නකෝ. 






 ඔව්, ඉතිං ඒ ජනේලේ එදා බේරුනානේ. මේ ඊට සති කීපයකට පස්සේ වෙච්ච දෙයක්. මේත්, ඒ වගේ නැගීගෙන එන අපා පන්තියක  ජනේලෙට වෙච්ච දේ. හොඳයි හැඳින්වීම ඉවරයි. දැන් මෙන්න කතාව.

Thursday, July 11, 2013

82. කාකි හදවත.

මගේ අතීසාර මිත්‍රයා රංජිත්, බාබර් ලඟට ගියාම ඩබල් චාජ් කරනවා. හේතුව, වර්ග සෙන්ටිමීටරයකට තියෙන කෙස්ගස් ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයෙකුගෙ වගෙ දෙගුණයක් නිසාවත්, කොන්ඩෙ ගනකම වැඩිකමට ආවුද මොට්ට වෙන නෙවෙයි. "Search & Snip" කියන Technique එකට සාමාන්‍ය ක්‍රමයට වඩා දෙගුණයක් කල්ගතවෙන නිසාලු. 

රංජියයි මායි කලාතුරකින් හමු වුනාම, හීනියට, ඔය තැඹිලි වතුර ටිකක්, හොඳින් නිවපු කොත්තමල්ලි වතුර වගෙ ශාක සාර ඩ්‍රින්ක් එකක් හෙම ගන්නවා. (දැන් නම් එහෙම හමුවෙන්නෙ නැතිම තරම්, දෙන්නගෙම පවුල් බරට) මේ, ඔය වගෙ වෙලාවක රංජියා කියපු කතාවක්.

Friday, June 28, 2013

81. මාරක පියසැරිය අවසන් කොටස. Flight Beyond All Hope. Part 3. Dude's Originals.


“So the captain grits his teeth ඉතිං කැප්ටන් දත්මිටි කාගෙන, හෙන ගේමක් දීලා, ෆ්ලැප්ස් ෆුල් දාලා, බ්‍රේක් කෑගස්සගෙන ටයර් පාර බිම ඇ‍ඳෙන්න ප්ලේන් එක යන්තම් නවත්ත ගන්නවා. නවත්තගෙන කියනවා කෝ-පයිලට්ට,  "යකෝ මම ප්ලේන් එකක් බාපු කොටම රන්වේ එක වෙන්නෝනෙ මේක !" කියලා. කෝපයිලට් ඔලුව හරවලා උරෙස්සට උඩින්  සයිඩ් එකේ ජනේලෙන් බලලා කියනවා, "ඒ වගේම පළලම එක."“And the ****ing widest!” 

ඔබ මාරක පියසැරියේ පළමුවන සහ දෙවන කොටස් කියවා නැතිනම් මෙතනින් යන්න.

 මාරක පියසැරිය FLIGHT BEYOND ALL HOPE PART 1
 මාරක පියසැරිය FLIGHT BEYOND ALL HOPE PART 2


Captain Kevin Landers let out a loud guffaw and in fact, a too loud one,  that made the first Officer කපිතාන් කෙවින් ලෑන්ඩර්ස් මහ හඬින්, කොක් හඬලා සිනාසුනේය.
විසිපස් හැවිරිදි සහායක නියමු, ඇල්වින් රොජර්ස් ඔහු දෙස බැලුවේ සැකයෙනි.

Saturday, June 22, 2013

80. මාරක පියසැරිය. Flight Beyond All Hope. Part 2. Dude's Originals.

Carlos arrived at the rear port side landing gear precisely at the same moment  the crew got the control tower clearance for takeoff. කාලෝස් ගුවන් යානයේ වමේ පසුපස රෝද කට්ටලය වෙත ලඟා වූයේ, යානයේ නියමුවන්ට  ගුවන් ගතවීමේ අවසරය පාලක කුලුණෙන් ලැබෙනවාත් සමඟමය. විශාල රෝද ඉදිරිය බලා ගමන් ඇරඹීය. ඔහුට වම් පසින්, අඩි කීපයක් ඔබ්බෙන්, සුවිසල්  වම් ත‍ටුවෙහි එල්ලා තිබූ  යෝධ ජෙට් එන්ජිමේ පසු පසින් පිටවූ ගිණියම් වායු ප්‍රවාහයේ බලය සුළි කුණා‍ටුවක් මෙන් කාලෝස්ට දැණින. පසු පස රෝද යුගලය අතරින් ලඟාවූ කාලෝස්, රෝද සවිකර තිබූ සිරස් පාදයෙන් පිටතට නෙරා තිබූ කොටසක  එල්ලී උඩට ඇදුනේය. scrambled up. 





කාලෝස් මේ කුමක් කරන්නේ දැයි ඔබට සිතාගත නොහැකි නම්, පසුගිය කොටසට මෙතැනින් යන්න.

 
The wheels started to roll faster, gathering speed, දෑතින්ම වානේ කඳේ එල්ලී සිටි කාලෝස්ගේ එල්ලෙන දෙපාවලට සෙන්ටිමීටර කීපයක් ඔබ්බෙන්, යානාවේ රෝද වඩ වඩා වේගයෙන් කරකැවුනි. වියරුවෙන් මෙන් පය ‍රැඳවුමක්  සොයමින් සිටි දෙපයට  මඳ වෙලාවකින් ලද ඉස්පාසුවෙන්, කාලෝස් වානේ කඳ දිගේ සවිකර තිබූ සිහින් හයිඩ්‍රෝලික් බට වල එල්ලී ඉහලට ඇදුනි. ඔහුගේ බරට බට ඇදවනු අතට දැනුනෙන්, ඔහු වහා විකර්ණව ස්ථානගත කර තිබූ වානේ බටය බදා ගත්තේය. ඉන් පසුව, තවත් උඩට ඇදුනු ඔහු,  විවෘතව  පහලට එල්ලෙමින් තිබූ තහඩු පියනේ උඩ දාරයේ එල්ලී, රෝද කුටීරය තුලට රිංගා ගත්තේය. and climbed into the wheel bay.

Sunday, June 16, 2013

79. මාරක පියසැරිය. Flight Beyond All Hope. Part 1. Dude's Originals.


Dude, Please Don't Try It.

From: henryblogwalker

Dear Carlos,

Dude, I’m writing this to ask you not to do what you are about to do. Maybe... හිතවත්  කාලෝස්, මම මේ ලියන්නේ උඹ ඔය කරන්න හදන වැඩේ කරන්න එපා කියන්නයි. හරි, හරි, අපි කවදාවත් මුණ ගැහිලා නැති එක ඇත්තයි.  ඔව්, අපි මේ මූණු පොතේ යාලුවෝ විතරක් බවත් ඇත්තයි. මම ඇත්තෙන්ම උඹව අඳුනාගත්තෙ උඹ මගේ HeyDude බ්ලොග් එකේ  “Forgive Me Dude, If You Can”. පෝස්ට් එකට දාපු කමෙන්ට් එකෙන්නේ. මම සාමාන්‍යයෙන් නොකරන වැඩක් වුනත්, මට ඒ කමෙන්ට් එක මකන්න වුනා. නමුත් ඒ සිද්ධියන්ම තමයි මම උඹව අඳුනා ගත්තේ.

ඒ යාලුකම අදටත් එහෙමමයි. පිස්සු කෙලින්නේ නැතිව මම කියන එක අහපං.  ඔය වැඩේ කරන්න එපා බං.  ඕක මහාම මෝඩ වැඩක්.trying to do is stupid.

Carlos checked his gear for the last time with his checklist. කාලෝස් අවසන් වතාවටත් සිය ආම්පන්න කිහිපය, ලැයිස්තුවත් සමඟ සසඳා බැලීය. උණුසුම් බෝතලය, පැරණි වාහන ආසන පටියකින් ඔහුම සකසාගත් ආරක්ෂක බඳ පටිය, කන් ඇබ, උණුසුම් අත් වැසුම්...ear plugs, winter gloves,…

Wednesday, June 12, 2013

78. මා මෙතෙක් ලියූ අසීරුම බ්ලොග් ලිපිය. The Flight Beyond All Hope!



The jet is soaring high...ඉහල අහසේ පියඹන ජෙට් යානාවෙ මම ඉඳගෙන ඉන්නේ, ඕනෙම වාහනයක මගේ ප්‍රියතම අසුන වන කවුළුවක් අසලයි. ඉදිරි අසුනේ ඇන්දේ සවිකර ඇති LCD තිරය වෙත මගේ දෑස් යොමු වෙනවා. මුහුදු මට්ටමේ සිට උස අඩි 37000 යි. යානයෙන් පිටත අහසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘන  37යි. (-37˚C). ජනෙල් කවුලුවෙන් පිටත බලන මගේ ඇස  ගැටෙන්නේ,  වායුගෝලයේ ඇති කැළඹුමට හසුව ගැහෙන ගුවන් යානාවේ ත‍ටුව. මේ මොහොතේ ගුවන් යානාවෙන් පිටත සිටින ඕනැම කෙනෙක්, ඔව්, සුපර්මෑන් වුනත් සීතලෙන් මිදිලා මියයනවා සිකුරුයි...even the super man would have frozen to death.


Suddenly, I think of the ‘Drama In real Life’ story... මම වසර ගණනාවකට පෙර,  රීඩර්ස් ඩයිජස්ට් සඟරාවක කියැවූ,  ගුවන් යානාවක රෝද කුටීරය තුල සැඟව වෙනත් රටකට පළායන ළමුන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් මගේ හිතට එන්නේ නිතැතින්ම. ඉන් එකෙකුගේ නම මිගෙල් වැනි ස්පාඤ්ඤ නමක් බවයි මට මතක... it had some Spanish ring to it. 

The landing gear bay or the undercarriage compartment or wheel well, whatever you call it is neither heated nor pressurized..  ගුවන් යානාව ගුවන් ගතවූ පසු හැකිලී ඇතුලට එන රෝද තැන්පත්වීමට ඇති කුටීරය වායුගෝලීය පීඩනය රඳවාගැනීමක්  හෝ ඔක්සිජන් සැපයුමක් හෝ නොමැති තැනක්.  එවැනි තැනක ඔවුන් දිවි‍ රැකගත්තේ කොහොමද? ගෙදර ගිය විට මගේ පැරණි රීඩර්ස් ඩයිජස්ට් සඟරා එකතුව  අවුස්සා ඒ ලිපිය නැවත කියවා බැලීමට මම හිතාගන්නවා. මට ඒ කතාව ඇසුරෙන් මගේ ඉංග්‍රීසි සිංහල බ්ලොග් දෙකටම කතාවක් ලියන්නත් පුලුවන්!... Well I can blog it in HeyDude and My Blue Jeans.

Friday, June 7, 2013

77. බෝම්බයද? ඔබද? BEAT THE BOMB! අවසන් කොටස.


ඩැනී හිනාව නතර කරලා මා දිහා ඔරවාගෙන බලා ඉන්නේ මට පිස්සුද කියලා වෙන්න ඕනෙ.

(මේ කතාවේ අගක් මුල තේරෙන්නේ නැතිනම්, මෙතනින් යන්න මුල් කොටසට.)

"මොකක්? ඩැනී අහනවා.
   
මම අතින් කියනවා ඩැනීට කට වහගන්න කියලා.

"ස්තුතියි මාර්වි,"  මම කියනවා.  මේ තෑගි මුදල ඔබ අතට පත් කරන්නේ කොහොමද කියන එක, අපි ඉදිරි දින කීපය ඇතුලත ඔබ අපට ලබා දීපු ලිපිනයට දැනුම් දෙනවා.

"ක්‍රිස්," මාර්වි කියනවා. "ඔයා අද මගේ මමීගෙයි, මගෙයි සිත් මේ තරම් සතු‍ටු කලාට ඔයාට කොහොම ස්තුති කරන්නද මන්දා."

"සුළු දෙයක් මාර්වි," කියන මම රිසීවරය තියනවා.

"උඹට පිස්සුද බං? ඩැනී කෑගහනවා. "උඹට මඤ්ඤංද?"

"මාර්වින්ගේ තාත්තා නෑ."

Saturday, June 1, 2013

76. බෝම්බයද? ඔබද? BEAT THE BOMB!

ඩැනියි මායි අද උදේ ඉඳන්, මහන්සි නොබලා, පුදුමාකාර කැපවීමකින් මේ සෙට් වෙන්නේ, ඉතිහාසයේ පජාතම විහිළුව කරන්නයි. ඇත්තෙන්ම මේ අදහස මට පහල කර දීමේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕනෙ, අම්මට.

අම්මගේ වැඩේ රේඩියෝ එක අහන එක.  කුස්සියේ තියෙන මේ රේඩියෝ එක හැම තිස්සෙම වැඩ.  අම්මා මොකක් හරි කැත නැතුව අහගෙන ඉන්න පුලුවන් චැනල් එකක් අහනවනම් කමක් නෑ කියාපංකෝ. අම්මා අහන්නෙම අර ගෝල්ඩන් ඕල්ඩීස් , තව විදියකට කියනවානම් පැරණි රසාංග යන BBB FM චුරු චුරුව . B කියන්නේ බෝරිං මිසක් වෙන මොකක්ද? අනික මේ දුක් අඳෝනාවල්! . ඒවා කොච්චර කොච්චර අහං ඉන්න කම්මැලි ඇඬියාවල්ද කිව්වොත්, එයාලා මේ එක එක තරඟ තියලා, මිනිස්සුන්ට අල්ලස් දෙනවා ඒවා අහං ඉන්නවට.

Monday, May 27, 2013

75. අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි. Dude's Wisecracks


දැන් අපි අපේ ළමයින්ට පළතුරු කවන්න පුදුමාකාර සටනක් දෙනවනෙ.
එයාලා පළතුරු ඇරෙන්න ඕනැම කෘතිම ආහාරයක්, තුන් වේලටම රස කර කර කයි, ඉඩ දෙනවා නම්. පොටේටෝ චිප්ස්ද, ෆ්‍රයිස්ද, ටිපි ටිප්ද, කොකා කෝලාද, රෙඩ් බුල්ද ඕනැ එකක්, ඕනැ වෙලාවක ඔට්‍ටුයි.

නමුත් පළතුරු අනිවාර්ය කරලා තියෙන නිසා, වැඳලා වගෙ තමයි කවා ගන්න වෙලා තියෙන්නෙ. ඇහැ ගහගෙන හිටියෙ නැත්තම්, ශීතකරණයෙ හංගන්න බලනවා. කෑ ගැහුවම වෙන විකල්පයක් නැති නිසා, මූණ ඇඹුල් කරගෙන, තිත්ත කසායක් බොනවා වගෙ අප්පිරියාවෙන් ගිල දමනවා. හරියට මම ඉස්සර කරවිල කෑවා වගේ.

Sunday, May 19, 2013

74. හොර ඇල්ලීම - Exposer

 
මේත් පෝල් ජෙනිංස්ගෙ කෙටි කතාවක්. සරළ කතාවක් වගේ පෙනුනට එහෙමමත් නෑ.


෴හොර ඇල්ලීම - ExPoser෴

අපේ පන්තියෙ ඉන්නවා සල්ලිකාර, දල කාර කොල්ලෙකුයි, කෙල්ලෙකුයි. කෙල්ල සැන්ඩ්‍රා මොරිස්. කොල්ලා  බෙන් ෆොක්ස්.  දෙන්නම අලි  වංසෙන් තමයි ඉන්නෙ. දෙන්නම හිතා ඉන්නෙ අපි උන්ගෙ අත පල්ලෙං වැටිච්ච උං කියලා. උන් දෙන්න ඉස්කෝලෙ එන්නෙ නැව් වගෙ තඩි කාර් වල. ගෙවල් මාලිගාවල් වගේ.  දෙන්නම සද්දෙ වහගෙන, හරියට අපි නැති ගානට උන්ගෙ  ලෝක වල ඉන්නෙ. මම හිතන්නෙ ඕකුන් දෙන්නම මං වාගේ මැර වැඩ කරන  හිපා‍ටුවොත් එක්ක පැටලෙන්න අකමැතියි.

බෙන් ෆොක්ස් හැම තිස්සෙම දාං ඉන්නෙ අලුත්ම ෆැෂන් එකේ  අස්ප ගනං ජිම් ෂූස්. ඌ හිතන්නෙ උගෙ රන්වන් කොන්ඩෙයි, නිල් පාට ඇසුයි නිසා ඌ හෙන නළුවා කියලා. හිතේ ඇති!  මට නං ඕවගේ එවුන් ගැන පව් කියලා හිතෙන්නෙ, නලුවෝ වගේ ඉන්න කන කට්ටට.

Thursday, May 16, 2013

73. අඩෝව්! මෙන්න මූ හුලං ගහනවෝ!!!

 පිදුම 

හිරුණිට

මොරයා මුලින්ම මට දුන්නේ උගේ පොල් අඩියක්. මම වැඩි ආයාසයක් නැතුවම පහත් වුනා. උගේ දෙවෙනි එකත් ඒ වගෙම ගොං, පොල් අඩියක්. ඒකත් අමාරු එකක් නෙවෙයි.  මම පහත් වුනාම, එකත් මගෙ හිස් මුදුනට පවන් සලාගෙන නිදහසේ ඇදිලා ගියා. නමුත් වැදුනා නම් හාන්සි තමයි.
මේ මොහොතෙ, මම මේ ඉස්කෝලෙට අලුත්ම අත්දැකීමක් වන බොක්සිං  පන්ච් එකක් එල්ල කලා  නිරාවරණය වෙලා තියෙන මොරයගෙ බඩට විදුලි වේගයෙන්. මොරයාගෙ හුස්ම වූ...ෂ්  හඬකින් කටින් එලියට ගැලුවා. අධි වේගයෙන් මගෙ දෙවෙනි වමත් පාර  මොරයගෙ පැතලි, පලල් නාසය සමතලා කලා. මොරයා කවදාවත් එහෙම වේදනාවක් අත් විඳලා නැතිව ඇති.
 

අනිත් උන් කෑගහනවා මට ඇහුනා.

"ඒයි මෙහෙ වරෙල්ලා, මේ බලාපල්ලා. මූ හුලං ගහනවා!"


කට්ටිය වට වුනා.

Monday, May 13, 2013

72. මාලු කඩේ කතාවක්. At the Fish Market

ඒ මම කොට අදින ඉස්කෝලෙ උගන්නන කාලේ.  චිත්‍ර ඉගැන්නුවෙ නාලන්ද කියලා අනවර්ත නාමයක් තිබ්බ  බුවෙක්.  නේරු කිව්වම සරනේරුද කියලා අහන්නෙ පොර තමයි. මියුරල් හෙම ලෙසටම කරනවා. ඔන්න ඉස්කෝලෙ බිත්තියෙත් එකක් කරල තියෙනව මම දැක්කා ගිය වෙලාවක.

මොකක්දෝ  දානෙකට මාලු ගන්න, පොර තව බුවෙක් එක්ක ගිහින් පට්ට පාන්දර මාලු මාකට් එකට. (කොයි එකටද කියලා අහන්න එපා, කියන්නෙ නෑ) බලන බලන පැත්තෙ ඉන්නෙ මරුමුස් ඩයල් හින්දා, අපේ ඩයල් දෙක කිට්ටු කලාලු  රෙද්දයි හැට්ටෙයි ඇඳපු, තරබාරු, මාලු විකුනන අක්කා කෙනෙක් ලඟට.