Sunday, November 25, 2012

25. Home Sweet Home

අපි ගෙදර ආවා. 
සුභ පැතූ ඔබ සැමට තුති. 
මේ අපි ආ මග ඉතාම සැකෙවින්.

බයිසිකලේ යනවද ස්පීඩ් ලෝන්ච් එකේ යනවද?

ස්පීඩ් ලෝන්ච් එකේම යනවා ඔන්න ඔහේ.

ස්පීඩ් ලෝන්ච් එකේම යනවා ඔන්න ඔහේ.



අභ්‍යන්තර ගුවන් තො‍ටුපොල පිහිටි දූපතේ ජෙටිය

ගමන් මලු සමග
මේ කුඩා ඩොමෙස්ටික් ප්ලේන් එකේ මාලෙට විනාඩි 55යි.
මේකෙ ගියොත් ඒ ගමනම පැය 13 - 14ක් වෙනවා. ගිය පාර රටේ ආර්ථික අර්බුදය නිසා අපිට මේකෙ යන්න සිද්ධ උනා. හොදි ඕනෙ නෑ, හොදි දෙනවා.
මම කලිනුත් කිව්වා වගෙ මේක කුඩා අභ්‍යන්තර ගුවන් තො‍ටුපළක්. හරියට අපේ ගම්බද දුම්රියපළක් වගෙ. පේනවනෙ අපේ බෑග් පටවන්න ගෙනියන හැටි.
ඇවිද්ද පය. රුපියල් දෙදාහක කකුල්. තාත්තගෙයි පුතාගෙයි. අභ්‍යන්තර ගුවන් තො‍ටුපොලේ  පර්යන්තයේ ගුවන් යානාවට නැගීමට කල් මරමින්.
BLOGWALKER PHOTOGRAPHY, බුම්මාගෙන ඉන්නවා කියලා සමහරු බනින නිසා හිනා වෙලා ෆෝටෝ එකක් ගත්තා.



De Havilland Dash 8 කුඩා ගුවන් යානය.
මාල දිවයින් වලට ඉහලින් පියාසර කරමින්. මාල දිවයින් වලට ඉහලින් පියාසර කරමින්.
තවත් මිනිස් වාසයක්.

ඩෑෂ් එයිට් යානයේ රෝද මාලේ ධාවන පථයේ වැදීමට තප්පරයකට පෙර.
හති අරින ගුවන් යානය. ස්තුතියි.
මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොළ.
අභ්‍යන්තර පැමිණීම් පර්යන්තයේ සිට
ජාත්‍යන්තර නික්මයාම් පර්යන්තය දක්වා මග. 
Male International Airport,
From the Domestic Arrivals Terminal
to the International Departures Terminal.   
 













කල් මරමින්.
Add caption

මාලේ සිට ක‍ටුනායක දක්වා අප ‍රැගෙන යාමට බලා සිටින Boeing 777 යානය. 











එමිරේට්ස් කාරයෝ මොන හේතුවක් නිසා හරි අපිට දුන්නනෙ බිස්නස් ක්ලාස්. ඉතින් මම නම් බුරිය උල්වෙන්නම කෑවා. මාර බඩගින්නෙ හිටියෙ අප්පා. අනිත් අය ගැන මට දුකයි. මම ට්‍රේ එකයි පිඟානයි කන්න කලින් ගුවන් සේවකයෙක් ඇවිත් ඒක අරන් දිව්වා.






නැවතත් මව් බිමේ.

89 comments:

  1. හි හි හී...එහෙනම් ඩූඩ් ගම රට බලා ආවා... අපි ඉතින් ආදරයෙන් පිළිගන්නවා ඔන්න... දැන් ඉතින් කොස් පොලොස් ටිකක් එහෙම කාලා ඉන්න තියෙන්නෙ..නේද ඩූඩ්...

    අර එක පින්තූරයක තියෙන මාඒ දූපත් පේන විදිය නම් හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ළිහිණි.

      අඹ කරියක් නම් කෑවා. අද ඉඳලා උයන්න පටන් ගන්න එළවලු හෙම ගෙනාවා ඕන්න.

      ඔව් ඇත්තටම ඔය දූපත් හැදිලා තියෙන්නෙ තනිකර කොරල් වලින්.

      Delete
  2. ජය වේවා!
    වෙල්කම්බැක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සමී. ජයම වේවා.:)

      Delete
  3. අඩේ කොල්ල ලොකුයිනේ බං..!එකම සපත්තු සයිස්...ආඩම්බර වෙයන්..!

    හපොයි... පිඟාන කන්න හැදුවද...!මාලෙ ..බොලාට කන්න දෙන්නැත්ද..??
    :))))

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඉතින් කොල්ලො ලොකු වෙන්න එපායැ.

      මට පිඟාන කන්න තරම් බඩ ගින්නක තමයි බං හිටියේ. උදේ ඉඳලා කන්න වෙලාවක් තිබ්බෙ නෑනෙ. ඇත්තමයි ඔලිව් ඇට දෙකක් විතරයි ඉතුරු වුනේ.

      Delete
  4. හිකිස්. ඔන්න අපේ ඩුඩ් අයිය ලංකාවට ඇවිත්. එල එල. ඉක්මන් කොරල පොස්ට් ටිකක් දාන්න පටන් ගන්න. බයික් වලටයි වෑන් එකටයි උම්මා එකක් දුන්නද? හිකිස්....... මේ අර හිනහ වෙලා ගත්ත කිව්වා ෆොටෝ එකේ මූණක් නැහැනේ නියම හිනහව හැබැයි.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් කෝරළේ මහත්තයෝ. ගෙදර එන දවස ගැන හීන මවලා මවලා යන්තම් ගෙදර ආවා. උම්මා කේස් එක හරි. අඩේ අර ජම්ප් කේබල් කියලා මගුලක් තියෙනවා නේද? ඒක පට්ට බොරුවක්. ප්‍රෝඩාවක්. මම පස්සෙ කියන්නම් කතාව.

      හරි බං. හිනාව හොඳයි කියල හරි කිව්වනෙ.

      Delete
  5. Welcome back Dude!!!!
    "මාල දිවයින් වලට ඉහලින් පියාසර කරමින්" කියල දාලා තියෙන පින්තූරෙ නම් හරිම ලස්සනයි. එහෙනම් දැන් ඉතින් අර ලිස්ට් එකේ තියෙන වැඩ ටික කරගන්න පටන් ගන්නකො :)

    ReplyDelete
    Replies
    1. ඔව් Chams. ඔව් දැම්ම පටන් ගන්න ඕනෙ. තවම පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය යන්නෙ. බොහෝම ස්තුතියි.

      Delete
  6. වෙල්කම් හෝම්.... දැන් ඉතිං අර ලැයිස්තුව අරගෙන වැඩ පටාන් ගන්න තමා තියෙන්නෙ.. :)
    පැය 14 කතාව කිව්වාම මට මටත් එකක් මතක් වුණා. ගෙදර ගිය දවසක ටවුමේදී ක්ලාස්මේට් කෙනෙක් හම්බවෙලා පොඩි චැටක් දැම්මා. මිනිහා ඉන්ජෙක්. දැන් ඉන්නේ සිගප්පූරුවෙලු. දවස් හතරක නිවාඩු හම්බවෙලා ගෙදර ඇවිල්ලා. බලනකොට මම මෙහේ ඉඳලා පැය 12 තිස්සේ ගෙදර ගාටනවට වඩා අඩු වෙලාවකින් මිනිහා සිංගප්පූරුවේ ඉඳලා ගෙදර එනවා. විලිලැජ්ජාවේ සංතෝසේ බෑ. මොන මගුලකට මේක කොරාද කියලා හිතුණා.

    ReplyDelete
    Replies
    1. හපොයි ඒක ලැජ්ජා වෙන්න දෙයක් නෑ තොටියා. අරකෙ ස්පීඩ් කෲසිං ස්පීඩ් එක පැයට කිලෝමීටර් හත්සියගානක් වෙන කොට ට්‍රැ‍ෆිල් පිරුන පාරක යන අපිට තරඟයක් නෑ.
      ඉතින් මේ ගමනම අපි ගිය අවුරුද්දෙ පැය දහතුනක් තිස්සෙ ආවනෙ මුහුදෙන් අර දූපතේ ඉඳලා මාලෙට.

      Delete
  7. ආ ඩූඩ් අයියා... එහෙනං දැං ලංකාවේ නේ.... එළ එළ... කොලු පැටියනං තාත්තා වගේමයි නේ... හි හි...
    මට පෙන්නේ පවුලෙන්ම සද්ද බද්ද අඩු මනුස්සයා එයාද කොහෙද.... හි හි..

    ReplyDelete
    Replies
    1. ඒ හිරු එයාව හරියට දන්නෙ නැති නිසා.
      බොහෝම ස්තුතියි. :)

      Delete
  8. කෝ ඩූඩ්ගෙ මූන? ඒක නෙවෙයි? අර 4ටෝ 1ක් තිබ්බෙ? [ඩෑෂ් එයිට් යානයේ රෝද මාලේ ධාවන පථයේ වැදීමට තප්පරයකට පෙර.] මට ප්‍රශ්නෙ ඩූඩ් ප්ලේන් එක නවත්තන්නත් කලින් එලියට පැනලා 4ටෝ 1 ගත්තද?


    සුබ නිවාඩුවක් වේවා. ටයර් පන්චර් හෙම නැති සුබ නිවාඩුවක් වේවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ස්පයිඩර්. උඹ ඩිටෙක්ටිව්නෙ. බලාපං ඩෑෂ් එයිට් එකේ ත‍ටු තියෙන්නෙ පෝට් හෝල් (ජනෙල්) වලට ඉහලින්. එතන ඉඳගෙන ඉන්නකොට රෝද පේනවා.
      නමුත් ලොකු ජෙට් වල (එයාබස්, බෝයිං වගෙ) පෝට් හෝල් තියෙන්නෙ ත‍ටුවට උඩින්. එතකොට පේන්නෙ ත‍ටුවෙ උඩ විතරයි. රෝද පේන්නෙ නෑ.

      අපි ගාවා තියෙනවා ඔය රෝද බාන බොම වදින අකුලන පින්තූර හෙන ලොට් එකක්. අපේ ආසම genre එකක් තමයි aircraft.

      Delete
    2. රෝද ගැන මාත් අහන්නමයි ආවේ. ඔය තියන්නේ උත්තරේ

      Delete
    3. ආ. ඒක තමයි එහෙනම්. මම ප්ලේන් ගැන දන්නෙ නෑනෙ ඩූඩ්. හැබැහින් දැකලා තියෙන්නෙ අහසෙ යනකොට තමයි. ඒකත් ගෙදර මිදුලෙ ඉඳන්. අර දාල තිබ්බෙ Boeing 777 කියලා? අන්න ඒ ඩිසයින් එක තමා මගෙ ඔලුවෙ තියෙන්නෙ. මුල්ම 4ටෝ ටිකේ අර ප්ලේන් එකේ 4ටෝ තියෙනවනෙ. ඒත් මම උඩින් පල්ලෙන් බැලුවා මිසක් සැලකිල්ලෙන් බැලුවෙ නෑ. මොකද මෙතන කේස් එකක් එම නෑනෙ සැලකිල්ලෙන් බලන්න. :D

      Delete
  9. අහසේදී ගත්ත පොලවේ පොටෝ දෙක තුන පංකාදු පහයි ඩුඩ් අයියේ.....එහෙනම් ගම රට ආවනේ. දැන් නිදහසේ හුස්ම ඩිින්ගිත්තක් ගන්නකො ් ඈ... ගේම් ගහන්න ස්ටීරින්ග් වීල් එකක බොක්ස් එකක් වගේ එකක් දැක්කා පොටෝ එකක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්. අහසෙදි ගත්ත ෆෝටෝස් අපි ගාවා හුඟාක් තියෙනවා. සමහර ඒවා මගෙත් ප්‍රියතම ඒවා. පස්සෙ දාන්නම්.
      ඒ ස්ටියරිං වීල් එක ලංකාවෙන් ගත්ත එකක්. (ඔය කැඩිච්ච දෙවෙනි එක.) ඕකත් වමට අදිනවා. වොරන්ටි පීරියඩ් එක තවම තියෙන නිසා ගොඩදාගන්න හැකි වේවි කියලා හිතනවා.

      Delete
  10. එල එලෝ..

    බඩජාරියෝ !

    ReplyDelete
    Replies
    1. බඩජාරියෝ කියන්නෙ? මොනාද බං, බඩගිනි වෙලාවට කන්න ලැජ්ජා වෙන්න ඕනෙයැ?

      මම අර මුහුදු වෙරලෙ අයිස්ක්‍රීම් කන හැටි කියවපු එකෙක් හරි?

      Delete
    2. //මම ට්‍රේ එකයි පිඟානයි කන්න කලින් ගුවන් සේවකයෙක් ඇවිත් ඒක අරන් දිව්වා//

      උඹේ ආහාර රටාව කව්ද බං ඒ යකාට කියලා තියෙන්නේ .

      අළුත් බිස්නස් එක පටන් ගන්නේ කවදාටද

      Delete
  11. එල කිරි ඈ...

    මෙව්ව දකිද්දි ඉරියාව පොඩ්ඩක් ඇතිවෙනවා ඩූඩ්

    ReplyDelete
    Replies
    1. මොනවා දකිද්දිද බං මී ගොඩයා? කෑම ට්‍රේ එකද? :D මුහුද නම් වෙන්න බෑ, මොකද මුහුද අපිට එපා වෙලා තියෙන්නෙ.

      Delete
  12. මේ පෝස්ට් එක දැක්කාම පුදුමාකාර සතුටක් ඇතිවුණා හෙන්රි.... ඔබට ජයෙන් ජයම වේවා....ලක් මවගේ අතිජාත පුත්‍රයෙකුගේ ආගමනය... හරිම සුන්දරයි....
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන්.

      එන්නම්. පහුගිය දවස් වල නම් නිවාඩුවක් තිබ්බෙ නෑ බ්ලොග් වල ඇවිදින්න.

      Delete
  13. ඒයි තුන් දෙනාම ගිය අවුරුද්දෙ හිටියා වගේමයි ..මන් හිතුවා මීට වඩා වයසට ගිහින් ඇතියි කියලා... අපි ඉතරද මන්දා නාකි වෙන්නෙ... ???
    කොළඹ පැත්තෙ ආවහම එන්න ඕන්න ඕනි දවසකට ...2-3 කට හරි හැමදාටම හරි ආරාධනා කලා...තුන්දෙනාටම ..

    ReplyDelete
    Replies
    1. උඹත් නාකි වුනාටම වඩා අර සිහිනයලා, සිරාලා එක්ක අම්පාරෙ ගිහින්නෙ වැඩේ අන්ජබජල් වුනේ. උඹට ප්‍රොමෝෂන් එකකුත් හම්බවුනානෙ එකපාරටම. :D

      එනවා එනවා. උඹ එපා කියනකල්ම එනවා. ස්තුතියි උඹට.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  14. නියම රූප කතාව... කෝ අර හිනාවෙලා ගත්තයි කිව්ව ෆොටෝ එක ?

    මම මේ කල්පනා කරන්නෙ Abu Dhabi - Colombo රූප කතාවක් දානවද කියලා..

    ReplyDelete
    Replies
    1. මාත් ඔය වගේ වැඩක් ගැන තමා මේ ටිකේ කල්පනා කරන්නේ.. ඒත් ඒකට අපේ මහත්තයගේ හෙල්ප් එක ඕනේ... කෝ එයාව අල්ලගන්න බැනේ....

      Delete
    2. මොනවද සෙන්නා බල බලා ඉන්නෙ? අනිවා දාපං. අපිත් දෙයක් දැකබලා ගන්නවනෙ. අනික තමන් අත්විඳපු දෙයක් තමන්ට සාමාන්‍ය දෙයක් බවට පත් වුනාට, අනිත් හැමෝටම එහෙම නෑ.

      හිරූ, අපේ මහත්තයගෙ ඇල්බම් එක උස්සන්න.

      Delete
    3. එහෙනම් පොඩ්ඩක් හිටහන්.. ඉස්සෙල්ලම කැමරාවක් ගන්ඩ ඕනා.. :-)

      Delete
  15. ගෙදර එනව තරං දෙයක් තවත් නෑ... වෙල්කම් හෝම් ඩූඩ්! :)

    ReplyDelete
    Replies
    1. There's no place on earth like home, dude.
      නැද්ද මං අහන්නෙ?
      ස්තුතියි පරිකල්පන.

      Delete
  16. ඒ කියන්නෙ හෙන්රි අයියා දැන් ඉන්නෙ ලංකාවෙ.. මරුනෙ..

    මාලෙ අල්ලපු රට උනාට වාහන කීයක ඇවිත් කටු කාලද අප්පේ එන්න ඕනෙ.. අර බෝට්ටුව පැය 13 කොහේ යනවද? මාලෙ එච්චර ලොකු නෑනෙ.. පැටවුම් බෑම් වලට හිටෝ හිටෝ ද යන්නෙ..

    ReplyDelete
    Replies
    1. හරී. මෝල්ඩිව්ස් කියන්නෙ භූමි ප්‍රමානයේ එකතුව ඉතා කුඩා වුනත් විශාල ප්‍රදේශයක විසිරිලා තියෙන රටක්. අපේ යාපනේ ඉඳලා දෙවුන්දරට තියෙන දුරට වඩා කිහිප ගුණයක් දුරයි මෙහෙ උතුරු දූපතේ ඉඳලා දකුණු දූපතට තියෙන දුර.

      ඒ බෝට්‍ටුව කොහෙවත් නවත්තන්නෙ නෑ. රෑ තිස්සෙ යනවා. සීට් නෙවෙයි ඇඳන් තියෙන්නෙ. අර පින්තූරෙ තියෙන්නෙ ඒවගෙ ලොකු බෝට්‍ටුවක්.

      Delete
  17. ඉතින් උඹ කිව්වෙ නැතෙයි, උබ කරන බිසිනොස් එකක් නැතෙයි, ගුරුවරයෙක්ය කියලා හිටන්.. මහ වල් යක්කු වගයක් නෙව. මේ මනුස්සයට කොල්ලා තියෙන අපරාධයක්. ඕන් අනිත් දවසෙ කියහන් මතක ඇතුව. ඕන නම් කියන විදිය මම ඉන්ගිරිසියෙන් කියලා දෙන්නම්...

    ReplyDelete
    Replies
    1. අනේ මම ඕක කියන්න ඉංගිරිස් දැනගෙන හිටියෙ නෑනෙ. නැතිනම් අපිව එවන්න ඕනෙ ටීචර්ස් ක්ලාස් එකේනෙ නැද්ද?
      මට හරි අප්සෙට් අප්පා. මේ පස් පවින් වැලකිලා ඉන්න මට (උඹලා ආශ්‍රය කිරීම හැර) එපා කියද්දි ලස්සන ගෑල්ලමයි දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලගෙන ෂැම්පේන් පෙව්වනෙ බං.
      පව් බං මම.

      Delete
    2. ටීචර් ක්ලාස් නෙමෙයි බන් මාස්ටර් ක්ලාස්.... උඹ මාස්ටර් කෙනෙක් නේ...

      Delete
  18. ඔන්න එහෙනම් ආව. :)
    කෝ අප්පා අර හිනා වෙලා ඉන්න ෆොටෝ එක. ඔන්න මම නම් එහෙම එකක් දැම්ම. :):)
    //මම ට්‍රේ එකයි පිඟානයි කන්න කලින් ගුවන් සේවකයෙක් ඇවිත් ඒක අරන් දිව්වා.// හූ...... :D
    අද මගේ කමෙන්ට් එකේ මෙච්චර හිනා තියන්නේ ඇයි දන්නවද..? මේ පෝස්ට් එකෙන් ඩුඩ් අයියලාගේ සතුට මටත් දැනුනා. ඒකයි..!! :)

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් දැම්මා?
      බලමු ගිහින්.
      ස්තුතියි චන්දන. අපේ සතුට විඳගන්න හවුල් වුනාට. ඒ වුනාට ඒ බඩගින්න දැනුනා නම් උම අඬනවා.

      Delete
    2. //ඔන්න මම නම් එහෙම එකක් දැම්ම// ඒ කිව්වේ මගේ මේ ප්‍රොෆයිල් ෆොටෝ කබල. :)

      Delete
  19. අර දෙන්නා මුනට මුණ බලන් ඉන්න පින්තුරේ හරි රොමැන්ටික් නේද .

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා.ස්තුතියි බින්දි. මේ දවස්වල රොමෑන්ටික් මූඩ් එකේවත්ද ඉන්නේ?

      Delete
    2. මේ දවස්වල ගෙදර යන මුඩ් . ලංකාවේ ප්‍රශ්න හෙම ටික ටික දැනෙන මුඩ් . හෙන රොමැන්ටික්

      Delete
  20. අපිට මොනාද ගෙනාවේ?
    මේ පෝස්ට් එක හදිසියෙන් වගේ ලියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශාන්. මේ දවස්වල නැති හදිස්සිය කලබලේ මොකක්ද?
      වැඩ වල ඉවරයක් නෑ.

      ගෙනාවෙ නම් සුබ පැතුම් තමයි බං.

      Delete
  21. අහ් හා... ලංකාවට ඇවිත්නෙ කට්ටිය.... එළ එළ.... :)
    එහෙනම් දැන් යන එන තැන් වල විස්තර ටිකක් බලා ගත්ත හැකියි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනළී. එහෙම කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.

      Delete
  22. මං හිතන් හිටියේ maldives වල දූපත් එක ලග එක ලග තියෙයි කියල බලන කොට කිලෝමීටර් 500 ක් විතර දුර වල නොවැ , duda මාම හිනා වුනේ වැරදි පැත්තට නොවැ එම නිසා මගේ උපකල්පනය duda මාම හිනාවීමට නොදනී.......... :D :D :D , දැන් කොහේ කොහෙද යන්න බලාපොරොත්තු වෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඔය වෙලාව යන්නෙ මුදුනෙ ඉඳලා පහතට යන්න නෙවෙයි. මුලු දුරෙන් බාගෙකට අඩුවෙන් යන්න.

      ඉමල්ක අපි පාරට බැහැලා යන ගමන් තමයි කල්පනා කරන්නෙ කොහෙද යන්නෙ කියලා.

      Delete
  23. අඩේ .... අදත් මම පරක්කු වෙල, මේ දවස්වල චුට්ටක් වැඩ.

    එහෙනම් ඔන්න ආයුබෝවන් කියල පිළිගන්නව, හැබෑට මමත් හිතන් හිටියෙ ඔය සූටි දූපත් අතර යන්න මහ වෙලාවක් යන එකක් නෑ කියල. පැය 13 ක් ! පැය ගාන ඇහුවම හිතුන ඇයි යකෝ .... ලෝකෙ වටේ රවුමක් ගිහින් එන්න බැරිය ඒ වෙලාවෙ කියල.

    ඉතිං ඩූඩ් දැන් ලිස්ට් එක අතේ තියන් ගේ වටේ දුවනවද, කාලයක් වහලදාලා තිබුණු තැනක් නැවත පදිංචියට සකස්කර ගන්නව කියන්නෙ මට නම් එපා ..... වෙන වැඩක්. ඔයාල හැම අවුරුද්දෙම ඔය වදේ විඳිනවය කියල ඇහුවම මට නිකන් පිස්සු වගේ. දැන් වාහනේ ගැලවිච්ච වයර් කෑලි එහෙම අමුනල ඉවර ඇතිනේ. ආයිත් පොඩ්ඩක් බලන්න වැඩිපුර වයර් තව ඉතුරු වෙල තියෙද කියල, හෙහ් හෙහ් හෙහ් ....

    ReplyDelete
  24. අර තියෙනවයි කිවුව ලිස්ට් එක ඉකමනින් ඉවර කරගන්න ලැබේවා.

    ReplyDelete
  25. මම කලිනුත් කොතැනක හරි දාලා ඇති අනාගත ව්‍යාපාරික යෝජනාව. උම්බලකඩ සෑදීමේ උසස් අධ්‍යාපන ආයතනයක් පටන් ගැනීම සඳහා බ්ලොග් වෝකරයා හෝ වෝකරී ඔහෙදී පාඨමාලාවක් කළොත් නරකද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක. මම ඒකට දීපු පිළිතුර මෙතන නැවත අලවන්නම්,

      උම්බලකඩ ගැනත් කියන්න තියෙන්නෙ අර contrary to the popular belief... කියලා පටන් ගන්න වාක්‍යයක්. හේතු කිහිපයක් තියෙනවා. මේ මිනිස්සු උම්බලකඩ කන්නෙ නෑ. හදන උම්බලකඩේ හැදුවේ ලංකාවට එවන්නයි. ලංකාවෙ ඇර වෙන කිසි රටක උම්බලකඩ කනවද කියලා මට දැනගන්න බැරි වුනා.

      අනික මෙහෙ උම්බලකඩ හොයාගන්නවට වඩා බොහෝම ලේසියෙන් ලංකාවෙ උම්බලකඩ ගන්න පුලුවන්. මමත් ලංකාවට ආවාම තමයි උම්බලකඩ කන්නෙ. මම මෙහෙදි උම්බලකඩ දැකලා නෑ අවුරුදු පහ හයකින්. තියෙන තැනක් තියෙනවා මාලෙ විශේෂ මාකට් එකක. ඒක ටාගට් කරලා තියෙන්නෙ ලාංකිකයන්ටයි.

      මාල දිවයින කියලා කියන්නෙ කරවල වාඩියක් කියලා ලාංකිකයො හිතා ඉන්න එක දෙවෙනි වෙන්නෙ ලංකාව කියන්නෙ තේ වත්තක් කියලා සමහර මාල දිවයින් වැසියෝ හිතාගෙන ඉන්න එකට විතරයි. :)

      Delete

      Delete
    2. මන් කරපු රිසර්ච් වලට අනුවත් උම්බලකඩේ කන්නේ ලංකාවේ විතරමයි. ජපානේ තියෙනව ටිකක් ඔයිට සමාන එකක් .

      Delete
  26. මොනදේ තිබුනත් කවදාකවත් අමතක කරන්න බැරි තැනක් තමයි තමන්ගෙ ගෙදර . මම ගෙදර කියුවේ මේ ලංකාව . ගෙදරට සාදරයෙන් පිලිගන්නවා ...!!!

    ReplyDelete
    Replies
    1. There's no place like home, John.
      Thanks very much.

      Delete
  27. ප්‍රමාදවී පැමිණීම ගැන කනගා‍ටුව. දැන් අපි නැතත් මොකද අයියන්ඩී. උපන් බිමේ තමන්ගේ ගෙදර ඉන්නකොට. කරන්න වැඩ ගොඩකුත් තියෙන එකේ අපි ඇවිත් කරදර කරන එක හරි නෑනේ . ඕං අපි ගියා...! ජයවේවා හැමෝටම.......!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රමාද වී හරි පැමිණියානෙ බං. අනික ඒ හැටි ප්‍රමාදයකුත් නෑ. අනික කිසිම කරදරයකුත් නෑ එන එක. ස්තුතියි සරත් මලයා.

      Delete
  28. ඇයි ඩූඩ්, Emirates Business Class එකේ නිකන් හම්බ වෙන මසාජ් එක ගත්තෙ නැද්ද? :D

    ReplyDelete
    Replies
    1. හික් හික්. මම මේ ගැන කිසිත් නොකියමි. ස්තුතියි අහවලා. :)

      Delete
    2. ඩූඩ් නම් මොනව හිතා ගත්තද මංදා... :P
      ඒත් මං කිව්වෙ Emirates flight from Colombo to Dubai (via Male), Business Class seat වල ඇත්තටම තියෙන body massage function එක ගැන... මටත් ඕකෙ යන්න කනා පල්ලමක් සෙට් උනා එක පාරක්... ඒ ගියපු පැය 4ම මං body massage එක on කරගෙන ගියේ... :D

      Delete
  29. එහෙනං ඩුඩෙ වැඩ ටික හරියට කොරගෙන යන්න. Happy vacation.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයා.:)

      Delete
  30. සුබ පැතුම්. හැම වැඩක්ම සාර්ථක වේවා කියල පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න මලයා. උඹටත් එසේම වේවා

      Delete
  31. හොඳා .... හොඳා... එහෙනං ඇවිදලා කරලා තව මොනව හරි ඇඩ්වෙන්චරස් ටිකක් ලියමු... ඩුඩ් අයියා ලංකාවෙ මාසයක්වත් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ඔව් ලකී ලියමු ලියමු.
      ඔව් දෙසැම්බර් ඉන්නවා.
      බොහෝම ස්තුතියි.

      Delete
  32. ආයේ යන්නේ ලබන අවුරුද්දේද .. ඒක නෙමේ මොනවද අපිට ගෙනාවේ කියපන්කො

    ReplyDelete
    Replies
    1. හොඳ හිත. ආදරය, කරුණාව, මෛත්‍රිය වගේ දේවල් තමයි බං. :)

      Delete
  33. සන්තෝසයි ඩුඩ්. මගෙත් නිවාඩුව රබර් වගේ ඇදිල ඇදිල අන්තිමට ඔන්න ලබන මාසේ 15 ට සෙට් උනා. දැනගත්ත දවසේ ඉඳන් වෙලාව යන්නේ හෙමින්.

    ReplyDelete
    Replies
    1. නිශාන්තත් ඉන්නෙ මාලෙ නේද?
      පට්ට ඇත්ත බං. නිවාඩු මාසෙට තියෙන්නෙ දවස් දොලහක් විතර . ඔහෙ ඉන්න වැඩ කරන මාසවලට දවස් හතලිස් පහක්ද කොහෙන්ද තියෙනවා.

      Delete
  34. හරි එහෙනං ඕං දැන් සුභ නිවාඩුවක්! :D

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි පූස්!

      Delete
  35. වෙල්කම් ටු යුවර් මදර් ලෑන්ඩ්.... ජයවේවා!

    ReplyDelete
  36. සතුට සපිරි නිවාඩුවක් ලැබේවා.....!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුමිත් ඒ පැතුමට.

      Delete
  37. ammata siri... biz class in emirates neda. mar ne :-)
    matath pina chance ekak waduna USA to Dubai 15 hours flight eka biz class yanna. amme... ethakota thama therenne wenadata economy eke widina duka :-)

    ReplyDelete
    Replies
    1. මේකත් පිනා චාන්ස් එකක් තමයි ඇනෝ. නැතිනම් අපි කොහෙද බිස්නස් ක්ලාස් යන්නෙ. හරියට හුරතල් කරනවා අප්පා. වෙනදට ප්ලේන් එකට නගින කොට බහිනකොට බිස්නස් ක්ලාස් එක හරහා ඇවිදගෙන යනකොට හිතෙනවා , "යකෝ මුන්ට තියෙන සැප!" කියලා.

      Delete
  38. සමාවෙන්න ඔයාව පිළිගන්න එන්න බැරි උනා ඩූඩ්.. අනේ මේ ලිපිය මගෑරිලා.. :(
    ෆොටෝ ටික නම් ලස්සනයි ඩූඩ්. අර උඩ ඉඳං ගත්ත ඒවා සෝයි... මං ඉතිං කැමතිම නැත්තේ ප්ලේන් එකේ කාමජාති වල ෆොටෝ දානවට තමයි අප්පා.. ඇයි හත්තිලවුවේ මටත් බඩගිනි හැදෙනවා ඔවුව දැකල..
    ජය වේවා ඩූඩ්..
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  39. Oops!!! අපරාදේ ඔයා කියලා තියෙන සමහර විස්තර වලට මැච් වෙන පික්චර්ස් මං ගත්ත ෆොටොස් වල තිබිලා කියලා අපි දැක්කේ ඔයා මෙ පොස්ට් එක පබ්ලිෂ් කරාට පස්සෙනේ. :(
    [අර ඔක්කොම කෑවා කියන කියන එක එහෙම :) ]

    ReplyDelete
  40. අනේ මම මේක දැක්කෙ අදනේ!!!! :O මම ඒත් තරහ වෙලා හිටියෙ එක ෆොටෝ එකක් වත් දැක්කෙ නැති එකට..... දැන් නම් සතු‍ටුයි....

    හරිම සතු‍ටුයි ඩුඩ්....හරිම ලස්සන ෆෝටෝස්....

    මෙහෙ නිවාඩුවට ගිහින් එනකොටත් අපේ යාලුවෙ දෙන්නෙක්ට එමිරේට්ස් එකෙන් බිස්නස් ක්ලාස් දුන්න....අපි හරිම ඉරිසියාවෙන් ආවේ....:D :D :D

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>