Tuesday, January 15, 2013

36. ඩයස් 1 – “ඒයි මෝඩයො! තමුසෙ කොයි ඉස්කෝලෙටද යන්නෙ?”


ඩයස් වැඩ කලේ උමේෂ්ගෙ ස්ටාෆ් එකේ. ඉගැන්නුවෙ ගණිතය. ඒ අවුරුද්දෙ අම්පාරට වැස්ස මාර වැස්සක්. කොච්චර වැස්සද කිව්වොත් ඉඟිනියාගල ජලාශය වාන් දමන්න (Spill) පටං ගත්තා. ඕක හරිම ලස්සන බලන්න වටින දර්ශනයක්. ඉතිං මිනිස්සු යනව ඕක බලන්න වැල නොකැඩී. අපිත් ඉතිං අම්පාරට අලුත්නෙ.


දැං අපිත් ජීප් එකක නැගල අම්පාරෙ ඉඳල ඉඟිනියාගලට යනව. ඩයසා හිටියෙ පිටිපස්සෙ දොර ඇරලා, අතින් අල්ලගෙන. ජීප් එකේ ඇතුලෙ හිටියා, උමේෂ්, උමේෂ්ගෙ ප්‍රින්සිපල් සුපිරිපාලතුමා, නාරද (හෙවත් බෝල මියුසික් ඇන්ඩ් පෙට්ටි මියුසික්) සහ මංතුමා.

ඉඟිනියාගල කිට්ටු වදි හම්බ වුනා හරක් රංචුවක්. හරක් පාර පුරාම! දැන් ජීප් එකත් පස්සෙන් ගාටනව. හරක් බලන ළමයත් කොච්චර උත්සාහ ගත්තත් පාරෙ ඉඩ අරන් දෙන්න හරක් ළමයට කීකරු නැහැ. පාරෙ එහාට මෙහාට පනිනව විතරයි.

දැන් ඩයසට මල. මූ කියවන්න ගත්ත,  “අර හරක් බලන එකා ඔක්කොටම වැඩිය ලොකු හරකෙක්නේ. කරන වැඩේ හරියට කරන්න උගන්නලා නැති කමනෙ. ක්‍රමයේ වැ‍රැද්ද බං. මුන්ට උගන්නන එවුන්ටයි ගහන්ඩෝනැ!”

ඩයස හිටගත්ත පිටිපස්සෙ බම්පර් එක උඩ තියෙන ෆුට් බෝඩ් කෑල්ලෙ.  දැන් ජීප් එකේ වහලෙට උඩිං එබිලා කැ ගැහුව,

“ඒයි මෝඩයො! තමුසෙ කොයි ඉස්කෝලෙටද යන්නෙ?”

එච්චරයි. මෙන්න මූ ඔලුව නවාගෙන රිංගුව ඇතුලට දඩි බිඩි ගාල.

“මල කෙළියයි!” ඩයස කියනවා.  “ඌ මගෙ පන්තියෙම ඉන්න ගෝලයෙක්. මං ඇඳිරුවෙ පස්සෙ. චැහ්, ඌ මාව අඳුරගත්තද දන්නෙ නෑ.”


පසුවදන:
දැන් අපි උගන්නන රටේ සහ වෙනත් රටවල් බොහෝමයක ළමයෙකුට ගහන්න, අල්ලන්න, තරව‍ටු කරන්න, අපහාස කරන්න ගුරුවරයෙකුට අවසර නෑ. දැන් ලංකාවෙත් එහෙම වෙන්න ඇති.  අසූව දශකයෙ වෙච්ච මේ සිදුවීම රස විඳින්න ඔබ එය බාදාවක් කර නොගනීවි කියලා මම හිතනවා.

මෙම ලිපිය මුල් වරට  මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ  පලවිය.

83 comments:

  1. දැන් ඉන්නෙ ගුරුවරුන්ට ගහන ලමයි හෙන්රි.. ලමයි මදිවාට බලපුලුවන්කාර තාත්තලත්..

    ReplyDelete
    Replies
    1. සරත්, මෙහෙදි ළමයා ගුරුවරයට ගැහුවා උනත් ළමයට අතතියන්න ගුරුවරයට අයිතියක් නෑ.

      ප. ලි. මම හිතුවා, දැන් සරත් ඇවිත්, ඈ බං, මේක කලින් කියවලා තියෙන අපි මොකද කරන්න ඕනෙ කියලා අහයි කියලා. ;P

      Delete
  2. හෙහ් හෙහ් මට නිකමට හිතුනා ගොපලු කොලුවා වාහනේ උදවියගේ ස්කොලේ ළමයෙක් කියලා....

    මේක කියනකොට මතක් වුනේ, අපේ ගමේ කොල්ලෙක්ට දවසක් මොනවා හරි හේතුවකින් හොඳටම මල පැනලා..ඉතින් ඔන්න ඔය අස්සේ මුට කෝල් එකක් එනවා...මු කෝල් එකට ආන්සර් කරන්න සාක්කුවට අත දාන අතර කියනවා "මොන *&^&%*$&" කෝල් කරනවද මන්දා කියලා.. අන්තිමට බැලින්නම් පොරගේ අප්පොච්චා

    ReplyDelete
    Replies
    1. ඕක ඩයසට හිතුනෙ නැති හැටි! සමහර විට මේ ටවුමේ ඉඳලා සෑහෙන දුරක් නිසා පොර හිතන්න නැතුව ඇති.

      අයියෝ අරූට වෙච්ච දේ! තමන්ම අප්පුච්චට අලුත් උප්පැන්නයක් දීලා.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඩයසට මාර වැඩේනේ වෙලා තියෙන්නේ. සරත් කියනවා වගේ අද ළමේකුට වරදකට ගැහුවත් උසාවි යන තත්ත්වයක් ලංකාවේ දැන් තියේන්නේ. ඒ වුණාට ළමයි ගුරුවරුන්ට ගහපු අවස්ථාත් ඕන තරම් තියනවා. මේක පුදුම උපහාස රසයක් ඇති කතාවක් හෙන්රි.

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්ණෙ දෙපැත්තක් තියෙනවා නලීන්. දැන් වෙලා තියෙන්නෙ අයිතිවාසිකම නොමනා විදියට පාවිච්චි කිරීමයි. ගහන්න දුන්නාමත් අපේ සමහර ගුරුවරු ගහනවනෙ ඉවක් බවක් නැතුව.

      Delete
  5. හික්...අයියෝ... ඩයසට මාර වැඩක්නේ වෙලා තියෙන්නේ.... ලැජ්ජාවේ බෑ.....
    //ක්‍රමයේ වැ‍රැද්ද බං. මුන්ට උගන්නන එවුන්ටයි ගහන්ඩෝනැ!//
    අන්තිමට ඩයසට කියන්න දෙයක් ඉතුරු වෙන්න නැතුව ඇති නේද...... :)

    ReplyDelete
    Replies
    1. කියන්න දේවල් අපිටනම් තිබ්බා ඒ වෙලාවෙ ඕනෙ තරම්. :D

      Delete
    2. හිකිස්.. මරු කතාව... මාත් එතන හිටියනං බඩ පැලෙන්න හිනා වෙලා හොඳ ටිකක් කියන්න තිබ්බ..
      ජය වේවා!!!!
      සිනා බෝ වේවා!!!

      Delete
    3. ඩයසගෙ වාසනාවට එතකොට පණූ ඉපදිලා නෑ. සමහර විට ගිය ආත්මේ හොඳටම නාකියට ඉන්න ඇති.

      Delete
  6. බොහොම තරුන කාලෙම බොන්න ඇබ්බැහි වෙච්ච කොලුවෙක් හිටියා... ඌ බීගන ගමේ රණ්ඩු කරලා ගෙදර එනකොට උගේ අම්මා ඌ ට බනිනවා.. පටන් ගන්නේ '' ඈ බොල වේ*ගේ පුතෝ.... " කියලා. අරූ කොච්චර බීල හිටියත් ඉඳලා හිටලා දවසට ඌට මෙතන අවුල තේරෙනවා... ඌ කියනවා "ඈ බං අම්මේ... උඹ ඔය බනින්නෙ උඹටමනෙ.."

    ReplyDelete
    Replies
    1. එළ චිත්‍රය බං... උඹට මීහරකගේ මුහුණුවර ගැන හොඳ අවබෝධයක් තියනවා.. :D

      Delete
    2. ඔය සම්ප්‍රදායික බැනුම් වචන පාරාවලල්ලක් වෙනවා තමයි ඔය වගේ. බැලුවම අරූට අදාල වෙන්නෙ 'පුතා' කියන එක විතරනෙ.
      චිත්‍රය අගය කිරීමට ස්තුතියි බං. ඇත්තම කිව්වොත් මීහරකගෙ මුහුණුවර අඳින්න මම යොදාගත්තෙ කාගෙ පින්තූරෙද කියලා හෙළිදරව් කරලා යාලුවො තරහ කරගන්නෙ මොකටද කියලා හිතුනා. :D

      Delete
  7. දැන් ඉස්කෝලවත් ගුරුවරු අඩුයි ගුරු හොරු වැඩියි. ඒ වගේමයි ළමයිනුත් අඩුයි ළමා තාත්තලා වැඩියි :D

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් හසිත, ඕක කවදත් තිබුන තත්වයක්. ජනගහනය වැඩි වුනත් අනුපාතයෙ වෙනසක් නම් නැතුව ඇති. :D

      Delete
  8. මුන්ට උගන්නන එවුන්ටයි ගහන්ඩෝනැ! කියපු හරිය ගෝලයට ඇහුනනං ගුරාට එවෙලෙම හරක් දක්කන කෙවිටෙං කන්න තිබ්බ. :D

    ReplyDelete
    Replies
    1. අර චිත්‍රෙනං නියමයි.

      Delete
    2. සමහරවිට ඩයසටත් ඒක හිතුන නිසා වෙන්නැති ඉබ්බා ක‍ටුව ඇතුලට රිංගන්නා වගේ ජීප් එක ඇතුලේ හැංගුනේ.

      ස්තුතියි බං චිත්තරේ ඇගයුවට. අමාරුවෙන් ඇඳපු එකනෙ.

      Delete
  9. හික්ස්ස්ස්....

    ඩූඩ් අයියේ ඒ පැත්තෙ ඉස්කෝලවල ගරක් දක්කන්නත් උගන්නනවද ?

    ReplyDelete
    Replies
    1. මටත් ආවා මේ ප්‍රශ්නෙම... :p

      Delete
    2. ඔය ඔය ඉතිං, ඕකනෙ උඹලත් එක්ක බැරි. උඹලාට මෙව්වා කියන කට හොඳයි ගලක උලා ගන්න එක. ඇල්ලුවොත් වල්ගෙන්. ගියොත් නොපිට. කවදා හැදෙයිද මන්දා.;P

      Delete
  10. මී අයිය අහපු එකම තමා මටත් අහන්න හිතුනෙ මාමෝ.....^_^

    ReplyDelete
    Replies
    1. හනේ අම්මෝ බොලව්. ගව පාලනේ කරන හැම එකාම ඉස්කෝලෙක ලමයි පාලනේ කොරලා නෑ. ඉස්කෝලෙක ලමයි පාලනේ කොරන හැම එකාම ගව පාලනේ කොරලා නෑ. ඒ වුනාට එහෙම කොරලා තිබ්බා නම් ලේසියි තමයි. නමුත් නැතුවත් ඔය අගේට කොරන්නෙ.
      (උපහාසය මිස අපහාසය පිණිස නොවේ.)

      Delete
    2. හිකිස්...හයියූ..................^_^

      Delete
  11. //ක්‍රමයේ වැ‍රැද්ද බං. මුන්ට උගන්නන එවුන්ටයි ගහන්ඩෝනැ!//

    හි හි හී...මම හිටියා නම් පොල්ලක් අරන් ඩයසට ගහනවා. ඌනේ අයිඩිය එක දෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මේකි හරි දරුණුයි නෙව! හොඳ වෙලාවට මේක වෙනකොට ළිහිණි ඉපදෙන්න ඔන්න මෙන්න වගේ වෙන්නැති. :D

      Delete
  12. මිනිහා ඊට පස්සෙ ගුරු සේවයෙන් අස්වෙන්න ඇති නේද හැහ් හැහ්..

    // දැන් අපි උගන්නන රටේ සහ වෙනත් රටවල් බොහෝමයක ළමයෙකුට ගහන්න, අල්ලන්න, තරව‍ටු කරන්න, අපහාස කරන්න ගුරුවරයෙකුට අවසර නෑ. //

    ඕවා පිස්සු නීති.. ළමයින්ට දඩුවම් කිරීමේ ( අමානුශික ලෙස පහරදීම නෙමේ ) අයිතිය ගුරුවරුන්ට තියෙන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. අමතක වුනා.... සිත්තරේ සුපිරියි ආ...

      Delete
    2. ඔව් ඔව් ඔය වෙච්ච සීන් එකේ අප්ෂැට් එකටම මෑන් ගුරුකොමෙන් අස් වෙලා වෙන එහෙකට ගියාළු.. හරක් බලන එක හරියට උගන්නන්න බැරි උනාට මොකද මෑන් දැන් කරන වැඩේනං ටොප් එකට කරනවළු... ආන්න දැන් මාල දිවයින පැත්තේ කරෝල වේලන්න උගන්නනවළු...

      :D :D :D

      Delete
    3. මටත් ඕකම හිතුනා :ඩී :ඩී :ඩී

      Delete
    4. මාර තෙමේ... එතකොට එහෙමද වැඩේ වෙලා තියෙන්නෙ ? පවු අප්පා.. දුකේ බෑ..

      Delete
    5. දී කිරට මන් බලලත් සාක්කි ඕන්.

      Delete
    6. This comment has been removed by the author.

      Delete


    7. මෙතනට මමත් මොකුත් කියන්නම ඕනෙද බංස්? රට ගම අතෑරලා යන්නෙ කේස් එකක් වුනාමද? අර මාරයගේ "කොතැනක සිටියත් මා මෙලොවේ" පෝස්ට් එක "තේරුනේ දැන් තමයි". :D

      Delete
    8. ස්තුතියි සෙන්නා. :)

      Delete
  13. මරු චිත්‍රෙ.. හි හි

    ReplyDelete
    Replies
    1. මේ පාර හැමෝටම මේ චිත්‍රෙම පේන්නෙ මොකෝ? මේක නිකම්ම අතින් ඇඳපු එකක්. ග්‍රැ‍ෆික් ටැබ්ලට් අහවල් එක ගන්න ඉස්සර.

      Delete
  14. ඩයස්ට වෙච්ච දේ.. චිත්‍රෙ නම් මරු...

    ReplyDelete
    Replies
    1. ඩයසගෙ හොඳ ලක්ෂනයක් තමයි අර හුඟක් ලාංකිකයො වගේ තමන්ටම හිනා වෙන්න තියෙන හැකියාව. වැඩියෙම එන්ජෝයි කලේ ඩයසානෙ, බණ්ඩා.

      Delete
  15. ඔය ටයිප් එකේ පොඩි එකෙක් මෙහෙත් ඉන්නවා. ඌ විතරක් නම් මදෑ.. ඒකාගේ තාත්තා හරක් පාරේ අරන් යන්නෙත් ඔහොම තමයි.
    ඩයස් ට ඒ පොඩි එකා හම්බ වෙන්න ඇති ඉස්කෝලෙදි. සර් අර පාඩම කියල දෙන්න කියල කිව්වේ නැද්ද දන්නේ නෑ නේද :D

    ReplyDelete
    Replies
    1. ඩයසගේ කතාව පැත්තකින් තිබ්බොත්, හරක් ටිකක් පාර දිගේ දක්කගෙන යනකොට ඒ පිටිපස්සෙන් බඩ ගගා යනවා ඇර වෙන විකල්පයක් තියෙන්නෙ කලාතුරකින්. ඇත්තටම ඕක හරි අමාරු වැඩක් වගේ තමයි පේන්නෙත්. කොච්චර මහන්සි වුනත් කියන දෙයක් අහන එකක්යැ?

      Delete
  16. ඒකාලෙ කතාවක් නිසා තමයි මේකෙ වටිනකම වැඩි. දැන් මෙහේ ගුරුවරුන්ට තියනව ළමයින්ට දඬුවම් කලහැකි සීමාවක්.
    අඩියක්ද කොහෙද දිග වේවැලකින් අංශක 90ක උපරිම ආපාතනයක් සහිතව පහරදීමට.... විහිළු නෙවේ බං. මම දැක්ක චක්‍රලේඛයක්!

    ReplyDelete
    Replies
    1. පිස්සු විකාර බන්..... නිකන් කරන්නම් වාලේ කරන වැඩ ඕවා.. ගුරුවරුන්ට කෝණපාමක ටිකකුත් බෙදලා දුන්නනම් හොඳයි එහෙනම් අංශක 90 මැන ගන්න.

      ගුරුවරයෙක් ළමයෙක්ට දඩුවම් කරන්නෙ නරකට නෙමේනෙ.. අපිනම් හොඳට ගුරුවරුන්ගෙන් ගුටි කාලා තියනවා.. ඒ වුනාට ඒ ගුරුවරයෙක්ව අද දැක්කත් බොහොම ගෞරවයෙන් තමා කතා කරන්නෙ..

      Delete
    2. ඇත්ත, එහෙම ගහන්න පුළුවනුත් පාරවල් දෙකයි.කෙල්ලන්ගෙ තට්ටමට අතනට මෙතනට ගහන්න බෑ, ගහන්න අවසර අත්ලට විතරයි.

      අපට නම් ගැහුවෙ අංශක 360 ෂොට්.

      Delete
    3. @රාජ්: ඇත්තටම තවම එහෙම චක්‍ර ලේඛයක් වලංගුව තියෙනවද? හිතන්න අමාරුයි. සමහර විට ඔය කාලෙකට ඉස්සර ආපු පස්සෙ අවලංගු කරපු එකක් වෙන්නැති.

      අපිත් කාලා තියෙන්නෙ අංශක 360 එක තමයි.

      Delete
  17. පස්ටයි :D :D ,duda මාමට මේ වගේ සීන් වලට එහෙම මුහුණ දෙන්න සිද්ද වුනේ නැද්ද [ගෝලයෝ පිලිබදව ] ?

    ReplyDelete
    Replies
    1. ගුටි දෙන සීන් කෙසේ වෙතත් ඉමල්ක, වෙන සීන් නම් ඕනෙ තරම්. තාමත් ඒ ජොබම කරන නිසා තවමත් "LOADING. PLEASE WAIT..."

      ඇයි මම ඔය ලියලා තියෙන්නෙ සමහර ඒවා. :)

      Delete
  18. මම නම් කියන්නෙ ලමයකුට තරව‍ටු කරන්න ගුරුවරයකුට අවසර තිබිය යුතුයි.
    නැත්නම් ලමයි හදන්න බෑ..!
    හැබැයි තරව‍ටු කිරීමයි පහර දීමයි..අහසයි පොලව වගේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං වීයා. ඕක අහසට පොළොව වගේ වුනාට හිටපු ගමං අහසයි පොළොවයි එකතුවෙනවා උසාවියෙන් කෙළවර වෙන විදියට. අන්න ඒකයි ඕකෙ භයානකකම.

      Delete
  19. කිවුවට කමක් නෑනේද අයියන්ඩි. ඉක්කෝලේ ප්‍රාථමික පන්තිවලදිනම් හැමදාම උදේ ‍රැස්වීමෙදි මම ගුටි කනවා. අනේ මන්දන්නෑ හවස කොල්ලන්ට මම ගහනවා කියලා මට උදේට ගහනවා. ඉතින් ආයෙත් මම හවසට ගහනවා.. ඔන්න අදයි තේරුනේ කෙරේමේ තමයි වරද තිබිලා තියෙන්නේ නේද..මුන්ට උගන්නපු උන්ට................... එක්කෝ ඕන නෑ නේද ආයිබොවන්...

    ReplyDelete
    Replies
    1. ළමයෙක් සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන කරන ඕනෙ නසරානි වැඩකට අම්මා බැනුම් අහනවලු.
      යුනිෆෝම් ඇඳගෙන යද්දි කෙසෙල් ලෙල්ලකට ලිස්සලා වැ‍ටුනත් ගුරුවරයා බැනුම් අහනවලු පාරෙ යන්නවත් හරියට උගන්නලා නෑ කියලා.
      මේක කිව්වෙ අපේ ඩිරෙක්ටර් කෙනෙක්.

      Delete
  20. මැවිලා පේනවා සිද්ධිය....
    අපට සිනා සාගරයක් වුනාට, ඩයසට නම් ඒක හෙන සංවේගජනක අවස්ථාවක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. නෑ සුමිත්, ඌත් හිනා වුනා ඇති වෙන්න.

      Delete
  21. හෙහ් හෙහ් .... මුලදිම හිතුන අන්තිමට වෙන දේ.

    ගුරුවරු ළමයින්ට ද්වේෂයෙන් තොරව සද්භාවයෙන් වැරැද්දකට සුළු දඬුවමක් කළාට නම් කමක් නෑ, මම එහෙම කිව්වෙ මම දැකපු ටීච කෙනෙක් ළමයෙක්ගෙ කන පලල වැඩ තහනම් වෙල හිටිය කාලයක්. එහෙම සිදුවීමක ඉතිං විය යුතු පරිද්දෙන්ම දෙපැත්තක් තියෙන්න ඕන, මොකද අපිත් දන්නව නෙව අපි සමහර ගුරුවරුන්ව කෝප ගන්වපු හැටි. ඩූඩ්ට කියන්න අපි 6 වසරෙදි අපේ ඉංගිරිසි මිස්ට ‘පාචනේ‘ කියල මුළු පංතියෙම පිරිමි ළමයි ප්‍රින්සිපල්ගෙන් ගුටි කෑවා. :) කොහොමටත් ගහල බැනල උගන්නන ක්‍රමේ දැන් යල්පැනල ගිහිල්ලනේ, අර ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගෙ ‘දඬුබස්නාමානය‘ ටෙලි නාට්‍යයෙ නම් තිබුන ඉස්කෝලෙ නොගින් කට්ටි පනින එවුන්ට ගුරුන්නාන්සෙ ගෙදරට ගිහිල්ල වේවැලෙන් දෙසන සීන් එකක්. ඒ, ඒ කාලෙ නෙව.

    අයියගෙ චිත්‍රය ගැනත් මොකුත් කියන්නෙපාය. ඔය අර ග්‍රැෆික් ටැබ්ලට් අහවල් එක ගන්න කලින් ඇඳපු එකක්ද? නිකන් පෑනකින් ඇඳල පැස්ටල් මාධ්‍යයෙන් නිම කරපු එකක් වගේ. වෙනදට තදට උලන පාට යස අපූරුවට ලා පාටට තියෙන්නෙ, හරියට සමහර තැන්වල පාට පැන්සල්වලින් පාට කරපු වගේ. අනෙක මම කැමතිම දේ නිකන් කටුසටහන් වගේ ගතියක් තියෙනව. රියල් පරිසරයක් මවන්න උත්සාහ කරනවට වැඩිය ඒක අපූරුයි.

    ReplyDelete
    Replies
    1. උඹ ගැන මම හැමදාම පුදුම වෙනවා. විශේෂයෙන්ම මේ චිත්‍ර රස විඳින ආකාරය ගැන.
      ඔව් DDT, මේක පූර්ව ග්‍රැ‍ෆික් ටැබ්ලට් අවදියෙ තමයි. මේක පෑනකින් කොලේක ඇඳලා, පාට පැන්සල් වලින් පාට කරලා, ඒකෙ ෆෝටෝ එකක් අරන් JPEG ‍ෆයිල් එකක් හැටියට්ට අප්ලෝඩ් කරපු එකක් තමයි.
      මේක මගෙ සාමාන්‍ය ශෛලිය නෙවෙයි. මගෙ සාමාන්‍ය ශෛලිය මීට වඩා රියලිස්ටික්. මේක තනිකර කාටූන් ශෛලියෙන් ඇඳපු එකක්. අවශ්‍යම දේ විතරයි ඇඳලා තියෙන්නෙ පසුබිම පුරවන්න උත්සාහ නොකර.
      ඇත්තෙන්ම හුඟාක් ස්තුතියි අගය කිරීම ගැන.

      මුලින් කිව්ව දේ ගැන කිව්වොත් >>ගුරුවරු ළමයින්ට ද්වේෂයෙන් තොරව සද්භාවයෙන් වැරැද්දකට සුළු දඬුවමක් කළාට නම් කමක් නෑ<<, ඔය සීමාව කොතනද කියලා අමතක වෙනවා සමහරුන්ට. මමත් ගුටිකාලා තියෙනවා සමහර ගුරුවරුන් විතරක් නෙවෙයි සබ්ජෙක්ට් එක පවා එපා වෙන්න. :O

      ඉතින් මම නම් ළමයින්ට ගහන්නෙම නැති තරම් ලංකාවෙ ඉන්නකොටත්.

      Delete
  22. මම අහලා තියනවා ලංකාවේ ගුරුවරුන්ට 'මීහරක්' කියනවා කියලා. ඔන්න අත්තම්මා තමා කීවේ. මගේ එක්ක තරහා වෙන්ට ඔට්ටු නෑ. අත්තම්මා එක්ක තරහාවෙන්ට.:D:D:D

    ReplyDelete
    Replies
    1. මමත් අග ඉඳලා මුලට පිළිතුරු දෙන්න හිතුවා. අත්තම්මට පොඩ්ඩක් ටැපලිලා මම හිතන්නෙ. මට මතක විදියට නම් ඔහොම කියන්නෙ උපාධිධාරීන්ට. මම මේ ඒක අනුමත කරනවා හෙම නෙවෙයි. ඒක කාගෙ හරි ද්වේෂ සහගත ගොං ආතල් එකක්.

      Delete
  23. ඩුඩ්,

    මම මෙකේ තියෙන ලින්ක් එකෙන් 'මට හිතෙන හැටි' බ්ලොග් එකට ගියාම තමයි දැක්කේ මෙ පොස්ට් එකට ඒ බ්ලොග් එකේ කමෙන්ට් කරලා නැතිබව. :D

    ඔයාට මතකයිනේ අපේ චුටී පුතාත් මාස තුනක වැනි කෙටි කාලයකට ලංකාවේ කොළබ තියෙන ජාතික පාසැලක ඉන්ගිලිෂ් මිඩියම් එකෙන් ඉගෙන ගන්න ගියාම ඒ ඉස්කෝලෙ ගුරුවරුන් ළමයිට කතා කරන විදියයි තර්ජනය කරන හැටියි දැකලා එයා කිව්වා අනේ මට නම් බෑ මෙහේ ඉන්න අපි ආපහු යමු කියලා. අදටත් අපේ චුටී පුතාට ඒ ගුරුවරුන් ගෙ කතාව හා දඩුවම් දිම නයිට් මෙයාර් එකක්. මොකද මෙහෙදි කිසිම ශිෂයකුට දඩුවම් කිරිම තියා වචනයකින් සැර කිරිමත් සම්පුර්ණයෙන්ම තහනම්නේ.

    ReplyDelete
    Replies
    1. ගුටි බැට දෙන තරව‍ටු කරන පරිසරයක් ඉඳන්, ළමා අයිතිවාසිකම් තියෙන පරිසරයකට අනුගතවෙන එක ලේසියි ඒකෙ අනිත් පැත්තට වැඩිය. ඉතින් ඒක පුදුමයක් නෙවෙයි.

      Delete
  24. මම නම් කියන්නේ ගුරුවරයෙක්ට අයිතියක් තියෙනවා ළමයෙක්ට ගහන්න බනින්න එතනයි ගුරු ගෞරවය ඇති වෙන්නේ (වරදකදී පමණයි)

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි කෝරළේ මහත්තයෝ. ගුටි දීලා බය කරගෙන පාලනය ගෙනියන්න එච්චර දක්ෂකමක් අවශ්‍ය නෑ. නමුත් ගුටි නොදී, හොඳින් කියලා විතරක් පාලනය කරන්න හැබෑම දක්ෂයෙක් වෙන්න ඕනෙ.

      උඹ ගිය මැද පෙරදිග ඉස්කෝල ගැන කිව්වෙ නෑනෙ අපිට. ආසයි දැනගන්න.

      Delete
    2. ළඟදීම දාන්නම් මම විනය භාර ශිෂ්‍ය නායක උනේ කොහොමද කියල.

      Delete
  25. හෆ්ෆටසිලි වස ලැජ්ජාවනේ.

    ReplyDelete
    Replies
    1. හොදි ඕන්නෑ දිනේෂ්.

      Delete
  26. //මුන්ට උගන්නන එවුන්ටයි ගහන්ඩෝනැ!”//
    ඉතින් මචෝ උඹලා එකතු වෙලා ඩයසයාට ගැහුවද?

    මොනවා උනත් dude නියම චිත්‍රය බන්. ඇත්තටම මාර ලස්සනට ඇඳලා තියෙනවා.

    ReplyDelete
    Replies

    1. හරි නම් ඌට ටොකු දෙන්න තමයි තිබ්බේ. නමුත් හිනාවෙ සැරකමට අමතක වුනා බං.
      ස්තුතියි අයිලාස්. චිත්‍ර අඳින්න ඉගෙනගෙන නම් නම් නෑ. ඔහෙ ටිකක් වනාගන්න පුලුවන්.

      Delete
  27. හොකෑස් පව් අෆ්ෆා කාගේ උනත් සර් කෙනෙක්නේ...
    ආ...චිත්‍රෙ ලස්සනයි ඈ...හැබැයි පාට කරද්දි කලබලෙන් ඉවරකරන්න හදිස්සියෙන් කලා වගේ..මට පේන හැටිද මන්දා....:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරුවා. වෙන්න ඇති. මේක අතින් ඇඳලා පාට කරපු එකක්නෙ. හැබැයි ඉතින් කාටූන් ශෛලිය හන්දා ඔහෙ කමකුත් නෑ නේ?

      Delete
  28. අපූරු කතාව. අම්පාර ඉඟිනියාගල පැත්තේ වනජීවීන් ගැන අත්දැකීම් ටිකකුත් ලියන්න. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. වන ජීවී කතා නම් මහ ගොඩක් නෑ ඩිල්ෂාන්. ඔය එකක් දෙකක් විතරයි. ගුරු සේවයේ රස කතානම් තියෙනවා. ඒ ඇරෙන්න අම්පාරෙ ජන ජීවිතය, එතකොට දුශ්කර සේවයේ කට්ට කෑම හෙම...

      Delete
  29. ඩයසාගේ කතා සෑහෙන්න ඇති නෙව. දාපිය බං...

    ReplyDelete
    Replies
    1. ආං දැම්මා. බොරුනම් ගිහින් බලාපං.

      Delete
  30. සිත්තරේ නම් හරිම අපූරුයි කතාව වගේම..

    ReplyDelete

  31. My! Another hilarious story! I too had to face a similar situation.If you can tolerate what the students do,they tend to respect the teacher. but we have to be strict with them when necessary but have to show love and affection when it is needed.Those students will never forget you.

    ReplyDelete
  32. Oh! I forgot to comment on your sketch. It is very beautiful and I can see that you are gaining popularity as a novice artist!

    ReplyDelete
    Replies
    1. Blue Lotus, Here, we have a little choice but tolerating what they do.

      Yes, when I see my old Sri Lankan students I almost never miss the big grin and the affection they radiate.

      Thanks about the sketch. This is a pre-graphic-tablet era one.

      Delete
  33. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා. කලින් අයට වගේ මටත් එකපාරට හිතුනේ ඒ කාලේ ටීචර්ලා හරක් දක්කන්නත් උගන්නවද කියලා තමා හැක් හැක්.. ආ.. චිත්‍රේ නම් මරු ඈ...

    ReplyDelete
  34. චිහ් ලැජ්ජාව....දැන් ඉතින් හෙමින් වාහනේ ඇතුලට් වෙලා සද්ද නොකර ඉන්නව ඇරෙන්න කරන්න දෙයක් නෑ.... :D :D :D

    ලස්සන කතාව වගේම චිත්‍ර ඩුඩ්.....:D

    ඒ ලමය හිත යටින් හැමදාම පන්තියේ හිනා වෙනවා ඇති

    ReplyDelete
  35. ලොක්කයියේ සිත්තරේනං සුපිරියි

    ReplyDelete
  36. හරක් රංචුවකට කො‍ටු උනොත් නම් ඉතින් බේරිලා බොරු. :ඩී. ළමයෙක් නෙවේ පලපුරුදු ගොපොල්ලෙක්ට උනත් කලබල වෙච්ච හරක් ගාලක් ලේසියෙන් ආම්-බාන් කරන්න බෑ.
    චිත්‍රෙ නම් සුපිරී .......

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>