Friday, January 25, 2013

40. දෙවන කොටස මෙන්න පිටවුනා.


වර්ඩ්ප්‍රෙස් පිටපත "සැරද ගුරුතුමණි: බණ ටෝකිං!" සඳහා 'මට හිතෙන හැටි වෙත මෙතනින්.

පහුගිය ලිපියේ ඔබේ ප්‍රතිචාර වලට මම කිසිවක් කියන්න නොගියේ ඉන් සමහරකට පිළිතුරු දෙන්න ගියොත් ඔබ දැන් කියවන්න යන මෙම දෙවෙනි කොටසට ඉන් බලපෑමක් ඇතිවිය හැකි නිසායි. නමුත් ඉන් මතුවූ සමහර කරුණු මේ කොටසට ඇතුලත් කරන්න මම හිතුවා.
ප්‍ර: තත්වය ඔබ සතු බළතල වලින් ඔබට පාලනය කල නොහැකි විට ශිෂ්‍යයා සුපවයිසර් ගාවට යැවීම තමයි කරන්නෙ එහෙම නේද? මේක හැම විටම කරන්න පුලුවන්ද?

උ: සීමාවක් තියෙනවා. ඔබ නිතර ශිෂ්‍යයන් සුපවයිසර්වරයා ලඟට යවනවා නම් විදුහලේ පරිපාලනය ඔබේ පන්ති පාලන හැකියාව ගැන අසතුටට පත් වෙනවා. මෙය කෙලින්ම ඔබේ ‍රැකියාවට බලපානවා.

ප්‍ර: දැන් ඔය කියන විදියට පන්ති පාලනයක් කියලා එකක් තියෙනවද?
 

උ: හපොයි ඔව්. මේක ගුරුවරයාගේ පළපුරුද්ද, දක්ෂතාවය, උපායශීලීභාවය මත තමයි ‍රැඳී පවතින්නෙ.

ප්‍ර: ළමයි කීකරුද?

උ: විවිධාකාරයි. මෙහි තියෙන අංක එකේ ප්‍රශ්නය විනය ප්‍රශ්නයයි. ළමයි කීකරු කර ගැනීම, ඒ කියන්නෙ ගහන්නෙ, බනින්නෙ, තර්ජනය කරන්නෙ නැතිව තමාගේ අණට අවනත කරගැනීම ගුරුවරයාගේ වගකීම. ඒකත් ගුරුවරයාගේ පළපුරුද්ද, දක්ෂතාවය, උපායශීලීභාවය මත තමයි ‍රැඳී පවතින්නෙ. ළමයින්ගෙ නොමනා හැසිරීම ගුරුවරයාගේ වරද ලෙස තමයි පරිපාලනය දකින්නෙ.

ප්‍ර:ළමයි ගුරුවරයට ගරුත්වයක් දක්වනවද?

උ: ගරුත්වයක් යනුවෙන් ඔබ අදහස් කරන්නෙ මොකක්ද?

ප්‍ර: දැන් ලංකාවෙ නම් ගුරුවරයාට නිතැතින්ම ගෞරවය හිමියිනෙ. එයට සාපේක්ෂව?

උ: ගරුත්වය රටින් රටට වෙනස්. ගුරුවරුන්ට දෙමාපියන්ට බුලත් හුරුළු දී වඳින්නෙ ලංකාවෙනෙ. ඔබට ඕස්ට්‍රේලියාවේ කැනඩාවෙ හෝ එක්සත් ජනපදයේ පාසැලකින් මේ දේ බලාපොරොත්තු වන්න බෑ. ඔබට ගෙදරදි ලැබෙන ගෞරවය විදෙස් රටකදීත් බලාපොරොත්තු වුනොත් ඒක විශාල ඉච්ඡා භංගත්වයක් වෙයි.

ප්‍ර: මෙහෙම අහමු. ඔබ විදෙස් රටක ගුරුවරයෙක් වෙන්න යනවා නම් ඔබ ළමයින්ගෙන් බලාපොරොත්තු නොවිය යුත්තේ කුමක්ද?

උ: ඔවුන් සමහර දෙනෙක් ඔබට 'සර්' හෝ 'මැඩම්' යනුවෙන් අමතාවි. සමහරු නිකම්ම නම කියාවි. ඔබ එක පන්තියකට උගන්නන නිසා ඔබ උගන්නන්නේ නැති පාසැලේ වෙනස් පන්තියක සිසුන් ඔබට 'සර්' කියා අමතාවි කියා බලාපොරොත්තු වෙන්න බෑ හැමවිටම.

ඔබ පන්තියට යන විට ඔවුන්නැගිට ආචාර කරාවි ඔබ ඔවුන්ව එහෙම පුරුදු කලොත් පමනක්. ඔවුන් ගුරු පු‍ටුවේ වාඩිවී හෝ ගුරු මේසය මත වාඩිවී සිටියොත් පුදුම වෙන්න වත් සිහි මුර්ච්ඡා වෙන්නවත් එපා. ගුරු මේසය ඔවුන්ට පූජනීය දෙයක් නෙවෙයි. ලංකාවේ පාසැලක ගුරුමේසයට ඇති තැන මෙහි දකින්න බෑ. එය තවත් ගෘහභාණ්ඩයක් පමණයි. නමුත් ඔබට කියන්න පුලුවන් එසේ නොකරන ලෙස.

ඔබ ඔවුන් ලඟට යන විට ඔවුන් නැගී සිටීයයි බලාපොරොත්තු වෙන්න එපා.
ඔවුන් ඔබ කියන දේට එකට එක කියනවා යයි ඔබට හැ‍ඟෙයි.  නමුත් ඒ ඔවුන් කතාකරන හැටි

ප්‍ර: උදාහරණයක් හැටියට.

උ: ඔබ පන්තියට යන්න විනාඩියක් ප්‍රමාද වුනොත්.
"Sir, you are late," ඔවුන් කියාවි.

ඇයි පොත ගෙනාවේ නැත්තේ යයි ඔබ ඇසුවොත්, කිසි චකිතයක් නැතිව. මට අමතක වුනා.
ඔබ ඔවුන්ට කිව්වොත් මම ඔබ ගැන සුපවයිසර් වරයාට දැනුම් දෙනවා කියා "I don't care!" යයි ඔවුන් කියන්නත් පුලුවන්.

ඒ වගේම ඔබ ඔවුන්ට "Don't be stupid" කිව්වොත් "You called me stupid, you insulted me" යයි මොරදෙන එම සිසුවාම "You are stupid. You don't know anything"  යයි ඔබට කියන්නට කිසිසේත්ම පසුබට නොවෙන්න පුලුවන්.

ඔබ ලංකාව ඉන්දියාව වැනි රටක උගන්වා පලපුරුදු ගුරුවරයෙක් නම් මේ හැසිරීම ඔබට දරාගන්න බැරි තරම් පීඩනයක් ඇති කරාවි

අවවාද කිරීමෙන් මේ තත්ව පාලනය කරගන්නත් ඔබට පුලුවන්.

ප්‍ර:සංස්කෘතික වෙනස්කම් ගුරු ගෝල සම්බන්ධයට බලපාන්නෙ කොහොමද?

උ: අපේ රටේ නම් පාසැල් පෙම් සබඳතා පවත්වාගෙන යන්නෙ ගුරුවරුන්ට රහසින්නෙ. නමුත් මෙහිදී  සිසු සිසුවියන්  ඔබට ඔවුන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් හෝ බෝයි ෆ්‍රෙන්ඩ් හඳුන්වා දේවි පාරේදි පවා. ඊට අමතරව අද ගර්ල් ෆ්‍රෙන්ඩ් සමග ඇතිවූ අමනාප කමක් නිසා තමන් ඉගෙන ගන්න මූඩ් එකේ නොමැති බව ඔබට කෙලින්ම පවසාවි.
තවත් වෙනස් කම් බොහෝමයි.
ඔබ ඔවුන්ගේ සිත් දිනාගත් ගුරුවරයෙක් වූ විට ඔවුන් ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්න, ගෙවල්වල ප්‍රශ්ණ පෙම් හබ වැනිදෑ පවා ඔබ සමග සාකච්ඡා කරන්න අවසර ඉල්ලනවා. සමහර විට ඔබට මහා හිරිහැරයක් වන තරමට.

ප්‍ර: ළමයි නරක වචන පාවිච්චි කරනවද?

උ: ඒක ළමයා එන පරිසරය අනුවයි. මෙහෙමයි. මෙහි සේවය කල ලන්ඩනයේ එක් ප්‍රදේශයක පාසැලක උගන්වමින්සිට මෙහි පැමිණි ස්වේච්ඡා ගුරුවරියක් අපට කීවේ ඇය ලන්ඩනයෙන් මෙහි ඒමට හේතුව ඇය සේවය කල පාසැලේ ළමයින් හැම වාක්‍යයකටම fucking යන වචනය කිහිප වරක් පාවිච්චි කරන නිසා බව කීවා. ඇය මෙහි පැමිණ මාස කීපයකින් ආපසු ගියා.

බොහෝ විට වෙන්නෙ දුර්වලම, විනයක් නොමැති නොහික්මුණු ළමයින් සමහර විට වෙනත් අයගෙන් වෙන් කර වෙනම පන්තියකට දමන වෙලාවල් තියෙනවා. එවැනි පන්තියකට යන ගුරුවරයා ඉතාම අප්‍රසන්න අත් දැකීම් විඳිනවා.

ප්‍ර: ඔබ එවැන්නෙක්ද?

උ: මමත් එවැනි එක පන්තියක් කරනවා.

ප්‍ර: කොහොමද එහි වැඩ කටයුතු.

උ:මම ඒ තරම් ආගමික නැඹුරුවක් ඇති පුද්ගලයෙක් නොවුනත් එ පන්තියට යාමට පෙර මම මෙහෙම පොඩි යාඥාවක් කරනවා හිතෙන්. දෙවියනේ මම මහ දෙයක් ඉල්ලන්නෙ නෑ. මට මේ පීරියඩ් එක විශේෂ සිදුවීමකින් තොරව නිම කරන්න පිහිට වෙන්න. බැලුවාම ඒ පන්තියට යන අනිත් ගුරුවරුත් එහෙම කරනවලු.




 

ප්‍ර: ඔවුන්ට කිසිම දඬුවමක්  ලැබෙන්නෙ නැතිද?

උ: දැන් මම ඔවුන්ටත් ඔවුන් මටත් හුරුවීම නිසා වැඩේ හොඳින් යනවා. නමුත් මෙය කොයි වෙලේ පුලුරා යාවිද කිව නොහැකි ගිණිකන්දක් මත ඉන්නවා වගේ තමයි. මුලදී එක ළමයෙක් මට fucking asshole යයි කීම නිසා මම පැමිණිළි කල විට ඔහුව සති දෙකක් පන්ති තහනම් කලා.

 ප්‍ර: එපමණයි?

උ: ඔහු මගෙන් සමාව ගත්තා. තව දෙයක් මොන තරම් වැ‍රැද්දක් කලත් ශිෂ්‍යයාව සුව පහසුවට පු‍ටුවක හිඳුවා තියලා තමයි ප්‍රශ්න කරන්නේ.

ප්‍ර: පන්ති තහනම් කිරීමෙන් ඔවුන් පාඩමක් ඉගෙනගන්නවද?

උ: සමහරවිට. සමහරුන් නම් එයින් වීරත්වයට පත් වෙනවා. සමහරු වැඩි කාලයක් පන්ති තහනම් කල ගමන් තමයි.

ප්‍ර: දෙමව්පියගේ බලපෑම කොහොමද?

උ: දෙමාපියෝ ඉතාම බලවත්. ඔවුන්ගේ ඉල්ලීම් බොහෝවිට ඉ‍ටුවෙනවා. ලංකාවේ මෙන් දෙමාපියන් ලවා පාසැලේ ඩෙස්ක් බංකු තීන්ත ගෑම වගේ ශ්‍රමදාන දකින්නට නෑ, පාසැලේ සියලුම කටයුතු වලට සේවකයන් සිටිනවා.

ප්‍ර: ළමයින් දෙමාපියන්ට කීකරුද?

උ: වැඩි හරියක් ඔව්. නමුත් ගුරු දෙගුරු සිසු හමුවලදී අර මා කිවූ පන්ති වල
දෙමාපියන් කියන්නේ ළමුන් ඔවුන්ට පාලනය කල නොහැකි බවයි. දෙමාපියන්ටත් ගුරුවරුන්ට  වගේම ළමයින්ට ශාරීරික දඬුවම් දීම, තහනම්.


ප්‍ර: ඉතින් මේ ආකාරයට ගියාම ගුරු වෘතිය ‍රැකියාවක් පමණක් වෙලා නේද?

උ: හපොයි ඔව්. ඔවුන් ගුරුවරයාට සලකන්නෙත් තවත් ‍රැකියාවක් කරන පුද්ගලයෙක් හැටියට තමයි. මම නම් කරන්නේ ‍රැකියාවක්. ඒ වුනත් මම සාරධර්මත් හැකි පමණ කියා දෙනවා.

ප්‍ර: ප්‍රතිඵල තියෙනවද?

උ: හපොයි ඔව්. නැතිනම් මේ ‍රැකියාව දිගටම කරගෙන යන්න බැහැ.  මේ ලඟදී අපි කලින් සේවය කල පාසැලේ ළමයි කීප දෙනෙක් දුවගෙන ඇවිත් කිව්වා ඔවුන් රෝහලට ආවලු. අපි අද මාකට්‍ටුවටෙ ඒවි කියලා හිතලා මග ‍රැක ගෙන හිටියලු අපිට හලෝ කියන්න. ඒ දෙමාපියන් තවම කියනවා ළමයි අපිව නිතර මතක් කරන බව.

ප්‍ර: දැන් මේ ආකාරයට මේ රස්සාව කාන්තාවන්ට ගැලපෙන්නෙ නෑ කියලයි මට පේන්නෙ.

උ: ඔබ වැරදියි. මගේ බිරිඳ අර මැර පන්ති ඉතාම හොඳින් පාලනය කලා. ඇය කටින් හා බැල්මෙන් පමණක් පාලනය ගෙනයන හැටි මටත් පුදුමයි. කලින් පාසැලේ සමහර මැර යයි සම්මත ළමයින් ඇයට නිතර දුරකථන ඇමතුම් දී පාඩම් වල අමාරු දේ අහගන්නවා, එක් එක උත්සව වලට සුභ පතනවා. සමහරු ‍රැකියාවල් කරනවා. ඒත් නිතර ඇගේ සුවදුක් විමසනවා. වෙලාවකට මටත් අදහාගන්න බෑ.


ඉතින් ලිපිය අහාවර කරන්න කලින් තිබස් ප්‍රසන්න කියූ මේ ප්‍රකාශය ඔබේ අවධානයට යොමු කරනවා



Praසන්ன January 23, 2013 at 3:23 PM

>>ඉස්සෙල්‍ල ඔය රටේ ගුරුවරු සහ ළමුන් අතර ඇතිවෙන්න ඇති ප්‍රශ්න ගැන සලකල බලල වෙන්න ඇති සමහරවිට ඔය නීති දාන්න ඇත්තෙ.
මොකද මෑතක ඉඳං ලංකාවෙ ගුරුවරු අතිං ළමයින්ට ලිංගික අතවර වෙන ප්‍රවණතාව වැඩිවෙලා තියෙනව.

නමුත් ලංකාවෙ ඔය නීති තිබුණත් ඔච්චර තදිං ක්‍රියාත්මක වෙයි කියල හිතන්න අමාරුයි.<<

ප්‍රසන්න හරියට හරි කියලා මටත් හිතෙනවා. සමහර මිනිස්සු සීමාවල් නොදන්න නිසා වෙච්ච දෙයක් වෙන්න පුලුවන් මේක.

එතකොට මේ දිනවල දීර්ඝ නින්දකින් අවදිවී සිටින මියුරු කිව්වා මෙහෙම.


Miyuru January 24, 2013 at 5:49 AM

>>කියන්න අමතක උනු තවත් දෙයක් තියෙනවා... එක සැරයක් මෙහේ බටහිර ඕස්ට්‍රේලියාවෙ විවිධ රස්සාවල් ගැන කරපු රිසර්ච් එකකදි වැඩිම ආතතියක් ඇති රස්සාවල් අතුරින් අංක එකට තේරිලා තිබ්බෙ ගුරුකම....<<

මගේ පුතා නිතර කියන කෑල්ලක් තමයි "හා, එහෙම තමයි හිතන්න ආසා... ඒ වුනාට" කියන කෑල්ල. මමත් එහෙම තමයි හිතන්න ආසා. නමුත් මියුරු මම අවංකවම හිතනවා හීත්‍රෝ වගේ ගුවන් තො‍ටුපලක  ATC රස්සාව (Air Traffic Controller) මීට වඩා ආතතිය පොඩ්ඩක් වැඩියි කියලා.

 
ඇත්තම කිව්වොත් ස්ට්‍රෙස් එක අඩු කරගන්න තමයි මේ බ්ලොග් කෙරුවාවත් කරන්නෙ.

85 comments:

  1. මාව හොම්මං වුන පාරට තාපොඩ්ඩෙන් බිත්තියෙ ඔලුව වදිනව..............:O

    ReplyDelete
    Replies
    1. හයියෝ බලාගෙන, බලාගෙන, අග්නි ධාරා. :D ඔලු පලාගන්නෙපෝ!!

      Delete
  2. මේ ලිපියෙන් මම, ඩූඩ් රැකියාවෙන් විදින පීඩාව හොඳින්ම දැක්කා.. මොකා කොහොම කිව්වත් මම නම් ඔය තත්ත්වය ධනාත්මක දෙයක් විදිහට දකින්නෑ..පොරවල් කියයි මම ගෝත්‍රිකයෙක් කියලා.. මෙහෙම ළමයි ඉන්න සමාජෙකට වඩා ගෝත්‍රික සමාජ හොඳයි කියලා මට හිතෙනවා..

    එකක් කියන්න ඕනා ඩූඩ්, මගෙ රැකියාව ඔච්චර ස්ට්‍රෙස් නෑ.. තමන්ගෙන් දෙයක් ඉගන ගන්න ළමයෙක්ගෙන් You stupid කියලා අහන්ඩ වෙන එක, අපේ රැකියවල් වලදි උදේ හවා හම්බෙන අටෝරාසියක් හිපාටුවන්ගෙන් දවසම කුණුහරුප අහනවට වැඩිය වේදනාකාරී අත්දැකීමක් කියලයි මට හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒක අතිශය වේදනාකාරී අත්දැකීමක් තමයි සෙන්නා. සමහර විට ආත්මානුකම්පාව දරා ගන්න බෑ. නමුත් ලෝකෙ හුඟක් තැන් වල එහෙමයි. අන්න ඒකයි මේක ස්ට්‍රෙස් එක වැඩිම රස්සාවක් හැටියට ලැයිස්තුවේ ඉහල තැනක වැජඹෙන්නේ.

      Delete
  3. පිස්සුම හැදෙනවා නේ හෙන්රි මේක කියවනකොට. මට හිතාගත්තැකි ඔබ පන්තියක් පාලනය කරගන ඉන්න ආකාරය...

    ReplyDelete
    Replies
    1. නලීන්, කාලයක් ගියාම කම්මලේ බල්ලා වගේ වෙනවානේ. දැන් ලංකාවේ ඕනෙම තැනක උගන්නන්න පන්නරය ලැබිලා තියෙන්නෙ.

      හැබැයි ඔහෙදිත් මම හිටියෙ කොටහේනෙ. ;p

      Delete
  4. ඔක්කොම කියෙව්වට පස්සේ අර අන්තිමටම කියපු කතාවට මම හරි කැමතියි.
    …බ්ලොග් ලියන බොහොම දෙනෙක් බ්ලොග් ලියන්නේ තමන් කරන රස්සාවේ ස්ට්‍රෙස් එක නැතිකරගන්න කියලා මට හිතෙනවා.

    …මම බලපු මරු චිත්‍රපටියක් තියනවා http://moviebalamu.blogspot.com/2012/10/dead-poets-society-1989.html ළමයි ගුරුවරු දෙමාපියන් ගැන. මම් හිතන්නෙ ඩුඩ්නම් බලලා ඇති

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං මම ඔය ඔලුව තවත් අවුල් වෙන දේශපාලන, ශාස්ත්‍රීය, මතවාද පෝස්ට් හෙම මග අරින්නෙ. තියෙන ස්ට්‍රෙස් එක ඇති. :)

      ජෝනා Dead Poets Society බලලා තියෙනවා මම.

      Delete
  5. ඩූඩ් අයියා කියවලා ඇති To sir, With love කියලා පොතක් තියෙනවා.. ඇත්ත කතාවක් ආශ්‍රයෙන් ලියපු එකක්.. (ෆිල්ම් එකකුත් තියෙනවා මං හිතන්නේ) ඒකේ කතාව පොඩ්ඩක් වෙනස් උණත් ( වර්ගවාදී කතාවක් ) ඒකේ මේ තත්වය හොඳට විස්තර කරලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හිරු මට ඒ චිත්‍රපටියත් මේ ලිපිය බලද්දි මත්කෙට ආවා මා ගාව ඒ චිත්‍රපටිය තියනවා

      Delete
    2. ඔව් හිරූ, මම To Sir, With Love බලලා තියෙනවා.

      Delete
  6. හ්ම්ම්ම්ම් ඒකත් එහෙමද... කලින් ලිපියට ලොකු උත්තරයක් දීලා මේකටත් දිග උත්තරයක් ලියන්න කම්මැලියි වගේ.. අර මැර පංති පාලනයටත් එක අතකට අමුතුම ටැක්ටික්ස් ඕන කරනවා වගේ.. මට හිතෙනවා ඩූඩ්ට ඒවගේ සම්‍යක් ප්‍රයෝග කීපයක් Mrs.Dude ගෙන් අහගත්තා නම් හොඳයි කියලා... අර කටින් පාලනයට අමතරව බැල්මෙන් පමණක් පාලනය ගෙනයන හැටි වගේ ඒවා...
    අන්තිමට මේක කියපු 'මට හිතුන හැටි' එක පිඬක් කලවිට--- පිටරට උගන්න එක අර අතුරේ යනවා වගේ වැඩක් හෆ්ෆා

    ReplyDelete
    Replies
    1. අන්තිමට මේක කියවපු 'මට හිතුන හැටි' එක පිඬක් කලවිට--- පිටරට උගන්න එක අර අතුරේ යනවා වගේ වැඩක් හෆ්ෆා

      Delete
    2. තොටියා මම ඒ කලින් පෝස්ට් එක එවෙලෙම බැලුවා. ඒක කොතැනත් දකින්න තියෙන තත්වයක්. බටහිර රටක පදිංචියට යන දෙමව්පියන්ටත් ඔය වික්ෂිප්ත වීම සිදුවෙනවා තමාගෙම ළමයින්ට අවවාද කිරීම් දඬුවම් කිරීම් හමුවේ. දෙමව්පියෝ ගැහුවොත් අමතන්න පුලුවන් අංක ඉස්කෝලෙන් ළමයට දීලා තියෙන්නෙ.
      ඒ සම්‍යක් ප්‍රයෝග ඇත්තෙන්ම ඕනෙම තැනකට යොදාගන්න පුලුඅවන්. මම පස්සෙ කියන්නම්.

      Delete
  7. මේක් නම් ඇත්තටම දුක හිතෙන, කලකිරෙන තත්වයක් තමයි... ලමයින්ට නිදහස වැඩි නිසාද මන්දා.....

    අර කතා කරන්න මග් ‍රැකගෙන ඉන්න, කෝල් කරලා දුක සැප හොයන ලමයින්ගෙන් හරි අර අනිත් නරක ලමයින්ගෙන් එන ආතතිය අඩු වෙනව ඇති කියල මම ප්‍රාර්තනා කරනවා!

    මම හැමදාම දැක්ක දෙයක් තමා, ඔය දෙන්නටම කොච්චර නරක පන්තියක වූනත් " class control" කියන එක තියෙනවා, ඒකම ලොකු දෙයක් ඩුඩ් :D

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තටම අනුකම්පාව දුක ඉල්ලලා ලිව්ව එකක් නෙවෙයි.

      මේක ලියන්න හේතු වුනේ මම ලිව්ව "මං කවුරු වෙන්නද ආසා" කියන පෝස්ට් එකේදි මම ගුරු කමට අකමැතියි කිව්වාම ලැබුන ප්‍රතිචාර වලට පිළිතුරක් හැටියටයි.

      හුඟ දෙනෙක් මේ තත්වය දන්නෙ නෑ.

      ඔවුන් දකින්නෙ ගුරුකම කියන්නෙ නිකම් අයිස් ගගහා ඊඳලා එකහමාරට ගෙදර යන කූල් ජොබ් එකක් හැටියටයි.

      Delete
    2. ඒක අපි දන්නව ඩුඩ්....ඒත් නැවත නැවතත් කියන්න තියෙන්නෙ ඔහොම තත්වයක් යටතෙ වුනත් ඔය දෙන්න කරන සේවාව, අතිවිශිශ්ටයි....ඒකට තමා ඩුඩ් හැකියාව කියන්නෙ

      as I always say Dude, " Everything happens for a reason..."

      Delete
    3. ඩුඩ්,

      ඔව්,මේ රස්සාව හරියට කරනවා නම් ඇත්තටම හරිම වෙහෙස කරයි.

      මොකද අපි වැඩ කරන්නේ විවිධ පරිසර වලින් එන ,විවිධ ගති පැවතුම් ඇති ,විවිධ අදහස් හා සිතුම් පැතුම් ඇති , විවිධ වයස් තල වල සිටින, විවිධ ආර්ථික මට්ටම් හා පවුල් පසුබිම් වලින් එන නොමෙරුයයි සමාජය පිලිගන්නා ළමයි සමග. ඉතිං මේ වගේ අය විසි තිස් ගානක් එක කාමරයක කො‍ටුකරගෙන උගන්න ගියාම එන ගැටළු දන්නේ ගුරුවරුන්ම තමයි.

      මට මතකයි මම ලංකාවේ වැඩ කරන කොටත් මෙ වගෙ ළමයි හිටියෙ නැත්තෙම නෑ. නමුත් ඒ ළමයි දන්නවා ඒ අයට මොකක් හරි දඩුවමක් විදින්න වෙන බව ඒ කරපු වරදට. මෙහේ මට හිතෙන විදියට ක්‍රියාත්මක කරන්නේ සමහර බටහිර රටවල තිබෙන අසිමිත නිදහස මෙ අයට ගැලපුනත් නැතත්.

      ඉතිං ඔයා කියන වගේ ඒ ක්‍රමයට හැඩ ගැහෙන්න හා එයින් පිට නොයා වැඩ කරගෙන ඉන්න එක හරි අමාරුයි තමයි.

      Delete
  8. ඔන්න ඔය වෙලාවට තමා හිතෙන්නේ අපි කොච්චර වාසනාවන්තද කියලා

    ReplyDelete
    Replies
    1. හැම දේම සාපේක්ෂයි අටමා. මීට වැඩිය අන්ත ජොබ් ඕන තරම් ඇති.

      Delete
  9. අන්තිම චිත්‍රය දැක්කම දුක හිතෙනවා අප්පා..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්තටම HeyDude එකේ වෙනත් පෝස්ට් එකකට ඇඳපු එකක් වුනත් මේකටත් ගැලපෙයි කියලා මට නිකමට හිතුනා.

      Delete
  10. ''උ: ඔබ වැරදියි. මගේ බිරිඳ අර මැර පන්ති ඉතාම හොඳින් පාලනය කලා. ඇය කටින් හා බැල්මෙන් පමණක් පාලනය ගෙනයන හැටි මටත් පුදුමයි. කලින් පාසැලේ සමහර මැර යයි සම්මත ළමයින් ඇයට නිතර දුරකථන ඇමතුම් දී පාඩම් වල අමාරු දේ අහගන්නවා, එක් එක උත්සව වලට සුභ පතනවා. සමහරු ‍රැකියාවල් කරනවා. ඒත් නිතර ඇගේ සුවදුක් විමසනවා. වෙලාවකට මටත් අදහාගන්න බෑ.
    ''

    උඩම ටික කියෝලා ඔබ ගැන විස්සෝප වෙලා ඉන්නකොට මෙන්න මේ ටික දැකල යන්තම් හුස්මක් ගත්තා .

    දිපාට සැහෙන එක්ස්පිරියන්ස් තියෙන හැඩයි මැර පාලනයට ..D.
    ඔන්න මන් කාටවත් මැරය කියල කිවේ නැහැ හොඳේ .........................
    ආයේ එන්නම් කතාවක් තියෙනවා කියන්න. වෙලා නැහැ දැන්

    ReplyDelete
    Replies
    1. //දිපාට සැහෙන එක්ස්පිරියන්ස් තියෙන හැඩයි මැර පාලනයට ..D.
      ඔන්න මන් කාටවත් මැරය කියල කිවේ නැහැ හොඳේ .........................//

      +++++++++++++++++++++

      Delete

    2. බින්දි විහිලුවට කිව්වත් ඒකෙ මෙහෙම දෙයක් තියෙනවා. මම ඉස්සර ප්‍රශ්ණ විසඳන්නෙ අතපය වලින්. යමක් කරලා තමයි හිතන්නෙ. මම එක පාරක් පාඩමක් ඉගෙනගෙන තාත්තට පොරොන්දුවක් වුනා. දැන් නම් සෑහෙන දියුණුවක් පෙන්නනවා.

      @ නිසූපා: දීකිරට සාක්කි කියන්න ඔය ඉන්නෙ ඕනෙ තරම් බළල්ලු

      Delete
  11. ඔන්න වරෙං අයියේ ලංකාවේ ඇම්බැට්ටයොන්ට මොනා හරි කොටබාන එක හොදා... හෙහ්..

    ReplyDelete
    Replies
    1. දේශකයා, අපි ලංකාවෙත් ගුරුකම සෑහෙන කාලයක් කලා බං.

      Delete
    2. eka thama kollo thama pissuma kelinne. ha...ha...

      Delete
  12. උගුර ලේ රහ වෙනකන් කෑ ගහලා උගන්නලා දැනුමෙන් පෝෂිත කරලා තව අර වගේ වචනත් අහන්න වෙන එක නං ඉතාම ශෝචනීයයි ..!

    ReplyDelete
    Replies
    1. ඔව් රෙහානි.

      ඇත්තෙන්ම අපි ඒ දේශන ක්‍රමයෙන් ( උගුර ලේ රහ වෙනකන් කෑ ගහලා උගන්නලා )ඈත්වෙලා තමයි ඉගැන්විය යුත්තේ.

      Delete
  13. මට නිකන් කැරකිල්ල වගේ මේක කියවලා .... ලංකාවෙනම් ගුරුවරුන්ට හොදා , මෙහෙ වර ...

    ReplyDelete
    Replies
    1. ඇත්තද බං? ඒ වුනාට අපි ඔහෙ කොච්චර කල් වැඩ කලාද?

      Delete
  14. මා හිතනවා මේ තත්වයේ අනාගතය වන්නේ පරිගණක සහ රෝබෝ ඇසුරෙන් ස්වයං අධ්‍යයන තත්වය දක්වා වෙනස්වීම බව. මිනිසකුට තවදුරටත් දැරිය නොහැකි ලෙස සිසු හැසිරීම වෙනස්වනු ඇති. තමන්ගේ අනාගතය සම්පූර්ණයෙන් තමන් අතට ගෙන තමන්ගේ මතු පැවැත්ම තීරණය කරන්නට සිසුවාට සිදුවනු ඇති.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරකගෙ අනාවැකිය නම් හරියාගෙන තමයි එන්නෙ.

      Delete
  15. අප්පා මාර කතාවක් නේ...
    පිස්සු හැදෙනවා !

    ReplyDelete
    Replies
    1. සමහරවිට සත්‍යය ප්‍රබන්ධය අභිබවා යනවා මින් විසිතුරු.

      මම මේ ඔක්කොම කියලා නෙවෙයි.

      Delete
  16. ලංකාවෙ ඉස්කෝල උගන්නල පුරුදු වෙලා ඔය ඉස්කෝලෙකට එක පාරට ගුරුවරයෙක් වැටුනොත් මොකකිං මොකක් වෙයිද කියල හිතාගන්න බෑ. සමහරවිට මිනිහ හිරේ ගිහිල්ල තමයි නවතින්නෙ. ඒ අතිං හෙන්රි මේ තත්වය පාලනය කරගෙන යනවයි කියන එකට සතුටුයි.

    'ඇය කටින් හා බැල්මෙන් පමණක් පාලනය ගෙනයන හැටි මටත් පුදුමයි.' ඒ කියන්නෙ හෙන්රිත් පාලනය වෙන්නෙ එහෙම වෙන්ටැ. :D

    අර අන්තිමට කියල තියෙනව වගේ කාර්ය බහුල ගුවන් තොටුපලක ATC රස්සාව කරන කට්ටියටනං සෑහෙන්න ආතතියක් ඇති තමයි මොකද පොඩ්ඩක් අහක බැලුවොත් දෙකක් ඇනගනීද දන්නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම හැඟීම් වලට ඉඩ දුන්නොත්, වැඩි වෙලා රස්සාව කරන්න බෑ.

      ඇත්තෙන්ම මෙතන තියෙන්නෙ පන්ති පාලනය අභිබවා ගිය ස්වයං පාලනයක් කිව්වොත් හරි මම හිතන්නෙ.

      ඔව්, කියවලා හෙම තියෙනවද Arthur Haily ගේ AIRPORT ? අන්න ජොබ් එක.

      Delete
  17. හ්ම්ම්.... අනේ මන්දා.... ඔච්චර නීති ගොඩක් මැද්දේ ඔය රස්සාව කරන එකත් අදහන්න වටින දෙයක්. ඇත්තටම මං ඔහොම දෙයක් ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. සතු‍ටුයි මේ ගැන අහලවත් නැති අය පවා මේ ලිපියෙන් දැනුවත් වුනානම් මේ වගේ රස්සාවලුත් තියෙන බව.

      Delete
  18. සමහර චිත්‍රපට වල එහෙම අපි දකින දේ සැබෑවටම....

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම. අපි මෙහෙදි ඒවායේ හැබෑවටම රඟපානවා.

      Delete
  19. මෙච්චර කාලයක් මේ වගේ ජොබ් එකක් කරන එක පැසසිය යුතුම වැඩක්..දැන් මේ ලිපිය ලියලා ස්ට්‍රෙස් අඩු කර ගත්ත නිසා ඩූඩ් ගුරු වෘත්තියේ මෙච්චර කාලයක් රැඳිලා ඉන්න හේතුවෙන FAQ ලිව්ව නම් වටිනවා...

    ලිපි දෙකේම දේවල් කැටි කරලා අර අන්තිමට තියන සිත්තරේට ගන්න පුළුවන්..ඒ තරම් ඒක තාත්විකයි..හික්ස්..

    ReplyDelete
    Replies
    1. ඒක නම් කෙටියෙන් කියන්න බෑ රූ. ඒක ටික ටික පස්සෙ ලියන ලිපිවලට අන්තර්ගත කරන්නම්. කොහොමත් යම් පාරක හුඟාක් දුර ගියාට පස්සෙ ආපහු හැරෙන්න බැරි තත්වයක් එනවා. You are at the point of no returning. අනික අර ලිං කටින්ම ගොඩ වෙන කතාව.

      ස්තුතියි චිත්‍රය අගය කලාට. නමුත් ඕක මේ පෝස්ට් එකට ඇන්ද එකක් නෙවෙයි. තොප්පිය හරි හන්දා දැම්මා. :)

      Delete
  20. මට නම් එකෙම්ම කියන්න තියෙන්නේ මෙන්න මෙහෙට
    ඇවිත් හොඳ ඉංග්‍රීසි පන්තියක් පටන් ගන්න දෙයියනේ කියල.
    එහෙම නැත්නම් සංචාරක වැඩ සම්බන්ද දෙයක් පටන් ගන්න
    ටිකක් ඔයාට contacts ඇතිනේ ඕනේ තරම් ?
    දැන් ඔය ජොබ් එකෙන් මාසෙකට ලක්ෂ 2, 3 වත් පඩියක් එනවද ?
    ( දන්නේ නැති නිසයි ඇහුවේ ) එහෙම නැත්නම් ඇයි ඔය තරම් පීඩනයක්
    ලබන්නේ ගුරු කමෙන් අවංක සතුටක් නැත්නම් ...


    මන් නම් කියන්නේ වෙන දේකට move වෙන්න අයියේ.


    මේක බලද්දී අම්මප මට බෝම්බයක් බැඳන් ඇවිත් ඔය ඉස්කෝලෙට පනින්න හිතෙනවා ..

    ReplyDelete
    Replies
    1. සහන්, ඒ ප්‍රශ්ණවලට උත්තරේ එහෙම දෙන්න අමාරුයි. උඩ රූට කිව්වා වගේ We are at the point of no returning මම ඕක තමයි අර මම කවුරු වෙන්නද ආසා පෝස්ට් එකෙන් කියන්න උත්සාහ කලේ. මට විතරක් නෙවෙයි වෙනත් රස්සාවල් කරන හුඟ දෙනෙකුත් සතුටින් නෙවෙයි ඉන්නෙ. නමුත් වෙන එකකට යන්නත් බෑ.

      අර අන්තිම කතාව... සමහර රටවල එහෙම ඔය ගන්මන්ලා ඇවිත් ඉස්කෝල වලට වෙඩි තියාගෙන තියාගෙන ප්‍රවෘති ඇහුවාම මට හිතෙනවා උන් කවදා හෝ ගුරුවරු වෙලා හිටියා වත්දෝ කියලා.

      Delete
    2. ඒක ඇත්ත මන් මේ පැත්තේ ඉඳන් කියන දේ ඔය පැත්තට
      වලංගු නම් නැහැ තමයි.ඒත් ඔය දේ ඇහුවම මට හරි පීඩනයක්
      එන්නේ .ඔයා කොහේ හරි කුලී වැඩක් කර කර

      " අනේ මට හරි අමාරුයි " කියල කිව්වත් මට ඔය තරම්
      පීඩනයක් එන්නේ නැහැ .මෙතන ප්‍රශ්නේ ඔයා ගුරුවරයෙක්
      විදිහට විඳින දුක ගැනයි.

      ඔහොම උන්ට තව තව දැනුම දෙනවා කියන්නෙත් පුදුම සමාජ බෝම්බ
      ටිකක් හැදෙන්නේ ..( මන් කියන්නේ උගන්නන්න එපා කියල නෙවේ ,
      ඒත් හිතන්න දුෂ්ටයන්ට පණ පෙවීම වෙන්නේ ඔතන .ඔයාගේ ඉස්කෝලේ
      100% point කරනවා නෙවේ හොදද , මන් කියන්නේ සමස්තය )

      ගුරුවරයෙක්ට ගරුත්වයක් නැතිවම ( ලිඛිතවම එහෙම නිර්දේශ කරාම තව මොනවද
      එතනින් එහාට ? ) පටන් ගන්න මිනිස්සු මොක්කු වේවිද ? මට නම් හිතාගන්න බැහැ .
      මහ විකාරයක් අයියේ ඔතන වෙන්නේ .
      මානව හිමි කම් විකාරෙක තව ගොන් පාර්ට් එකක් ඔය.

      මෙන්න මෙහෙට ඇවිත් මයියොක්ක අලයක් තම්බන් කාල ඉන්න අනේ..

      ( yeah yeah i knw "We are at the point of no returning" ) :D

      Delete
  21. හැබැයි ඩුඩ් මේ මෝල්ලු ඉස්කෝලෙදි ගුටි කන්නේ නැති හින්දා වෙන්න ඇති එළියේදී මේ තරම් ගුටි කන්නේ.

    ReplyDelete
    Replies
    1. නිශාන්ත ඒක හොඳ හැටි දන්නවා නේහ්? හෙහ් හෙහ්. මම අර පණිවිඩය සේනකට දුන්නා

      Delete
  22. පිටරටක වෙලා ලක්ෂගනන් හෙව්වත් මොටද කියල හිතෙනව බං...!
    ලංකාවෙ ඉස්කෝලවල ගුරුවරුන්ට සලකන හැටි දැක්කම.

    හැබැයි අපේ රටටත් මේ ආනිසංසය දුර නෑ.

    ReplyDelete
    Replies

    1. මටත් හිතෙනවා වීයා. We are on the fast lane.

      Delete
  23. 'මගේ බිරිඳ අර මැර පන්ති ඉතාම හොඳින් පාලනය කලා. ඇය කටින් හා බැල්මෙන් පමණක් පාලනය ගෙනයන හැටි මටත් පුදුමයි'
    ඒක ඇත්තටම උඹට පුදුමයක්ද මචෝ ...?

    ReplyDelete
    Replies
    1. වසර ගණනක් තිස්සේ මැරයෙක් පාලනය කිරීමෙන් ලැබුණු පළපුරුද්ද ඇයට තිබීම ඒ සාර්ථකත්වයට හේතුවයි..

      Delete
    2. Not at all මචං. උඹ ඒක වර නගන්න නොගිය එක හොඳයි. :D

      Delete
  24. ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ඉවසිය යුතුම තැන..........

    ReplyDelete
    Replies
    1. මම ඕක ඉගනගත්තෙ තරමක් පහු වෙලා යසිත්. ඔය වයසටත් යසිත් ඕක දැනගෙන ඉඳීම ලොකු දෙයක්.

      Delete
  25. පිස්සු හැදෙනවා

    ReplyDelete
  26. //ඒ වගේම ඔබ ඔවුන්ට "Don't be stupid" කිව්වොත් "You called me stupid, you insulted me" යයි මොරදෙන එම සිසුවාම "You are stupid. You don't know anything" යයි ඔබට කියන්නට කිසිසේත්ම පසුබට නොවෙන්න පුලුවන්. //

    කියවදිදිත් මට නං කේන්තියි:/
    උංටම ගිය රට එහෙනං

    ReplyDelete
    Replies
    1. මේ එක පන්තියක්, පාසැලක්, රටක් නෙවෙයි, සමී. ලෝකෙ දියුණු රටවලත් දැකිය හැකි තත්වයක් මේක. කේන්ති ගන්න එපා. මේක ලියලා මම ඊ ලඟට යන්නෙ ඒ පන්තියට. :D

      Delete
  27. ඉස්කෝලේ කාලේ සහමුලින්ම මැවිලා පෙනුනා. බටහිර රටක හැදුනු, වැඩුනු කෙනෙකුට මෙය සාමාන්‍ය දෙයක්. ඒ වගේම බටහිර රටක කෙනෙක් අපේ රටේ පාසැලකට ගෙනිච්චොත්, කලන්තේ දාලා වැටෙයි අර ගුරුවරු එන වෙලාවට නැගිටලා 'ආයුබෝවන් ටීචර්' කියනකොට.:D

    හොඳ ලිපි පෙලක් ඩූඩ්. ගුරුවරුන්ගේ රැකියාව ගැන වගේම රටවල් අතර තියන වෙනස්කමුත් මින් හොඳින්ම පැහැදිලි වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මගේ පුතා එකම එක වතාවක් ලංකාවට ආපහු ගිහින් කොළඹ ලොකු ඉස්කෝලෙකට ගියා එක අවුරුද්දක්. එක ටීචර් කෙනෙක් තර්ජනය කරනවලු තමුසෙලාව ගිහින් සීලිමේ ඇලවෙන්න ගහන්නෙ කියලා. ඒ වගේම කොල්ලන්ගෙ කනෙන් ඇදිලි, ගුටි දිවිලි දැකලා කිව්වා අනේ මට නම් බෑ මෙහෙ ඉස්කෝලෙ යන්න කියලා . පස්සෙ ආපහු ආවා. මාස කීපයයි හිටියේ. :D

      මගෙ දුව නම් රටවල් දෙකේම ඉස්කෝලවලට ගිහින් ඇති නිසා ඒක ප්‍රශ්නයක් වුනේ නෑ.

      Delete
    2. අන්න එකයි පොඩ්ඩි මම ලංකාවට ආදරේ

      Delete
  28. ඩූඩ්, අර මං කලින් කියපු කතාවෙ රිසර්ච් එක කරල තිබ්බෙ මුළු ලෝකෙම තියෙන රස්සාවල් ගැන නෙවෙයි... ඒක මෙහේ විශ්වවිද්‍යාලෙකින් බටහිර ඕස්ට්‍රේලියාව ඇතුලත කරපු එකක් විතරයි... :D

    ඔය රස්සාවෙත් මොකක්ම හරි හොඳක් ඇතිනෙ ඩූඩ්... අර ජීවිතේට යමක් එකතු කරගත්තු පිරිසක් තවමත් ගෞරවයෙන් ඒකට සලකන එක හෙම (හෙලෝ කියන්න ආව ළමයි, තවමත් ආදරයෙන් මතක් කරන අය ).... ඒ නිසා දුක හිතෙන පැත්ත ගැන වැඩිය හිතන්නෙ නැතිව අර දකින පුංචිම හොඳෙන් දැනෙන සතුට ගැන වැඩිපුර හිතන්න කියන එක තමයි කියන්න තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මම දන්නවා මියුරු. ඔයා ඒක කියලා තිබුනේ. නමුත් ගුරු වෘතිය අන්තිම ඉහල ආතතියක් තියෙන රස්සාවක් තමයි කොහෙත්. ඒ වගේම Air Traffic Controller අවිවාදයෙන්ම වැඩිම ස්ට්‍රෙස් එක ඇති රස්සාවක් කොහෙත්. විශේෂයෙන්ම කාර්‍යබහුල ගුවන් තො‍ටුපොලවල.

      දෙවෙනි කාරණාව. මම එහෙම තමයි මියුරු කරන්නෙ. තව විනාඩි කීපයකින් මම ඒ අහවල් පන්තියට යනවා.

      අනික මියුරු කිව්වත් වාගේ මම ජීවිතයේ සතු‍ටු දායක පැත්ත ගැන වැඩියෙන් හිතනවා. දුක්බර පැත්ත අමතක කරන්න උත්සාහ කරනවා. මියුරුගෙ බ්ලොග් පෝස්ට්සුත් අපි දෙන්නගෙම ස්ට්‍රෙස් එක අඩු කරන්න දිව්‍ය ඖෂධයක් වුනා. ඉතින් ඒ වගේ හිනාවෙන්න හැකි පෝස්ට් තව ලියාපියෝ.

      (ඔයා මගේ නිවාඩුවට ගෙදර යන පෝස්ට් කියවලා තියෙනවා නම් දැන් තේරෙයි දැන් ඒවයෙ added meaning එකක් තියෙන බව. හරියට හිරකාරයෙක් නිදහස් වෙලා ගෙදර යනවා වගේ)

      Delete
  29. අකමැත්තෙන් කලොත් මොනදෙවත් හරියන්නේ නැහැ. ඔක්කොම පෙන්නේ රුයිතෙට. මම අද වෙනකල් ගුරුවරයෙක් එක්ක ආගිව් කරලා නැහැ. බැනුම් අහලනම් තියෙනවා. මගෝඩි වැඩ වලට.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උඹ ඉගෙනගත්ත ඉස්කෝලෙ ගැන උඹ හරියට කිව්වේ නෑනෙ අපිට. අර හිරූ උඹෙන් ඇහුවත් එක්ක.

      දැන් සිගරට් නොබී දවස් කීයද? මම උඹට මේල් එකකුත් එව්වා ඒ ගැන.

      Delete
  30. ආනේ මන්ද, මට කම්මැලියි දැන් දිග කමෙන්ට් කොටන්න, ඒ නිසා ඔන්න මම මොකුත් කියන්නෙ නෑ. මටත් හිතෙන්නෙ කලින් තිබුනු ප්‍රශ්නවලට උත්තර හොයන්න ගිහින් තමා දැන් ඔය තත්ත්වෙට පත්වෙල තියෙන්නෙ.

    හික් හික් .... ඔන්න අද නම් කියන්න වෙන්නෙ චිත්තරේටත් වැඩිය අයිඩියා එක මරු කියල. ලෝකෙම එපා උනාම පස්ස උඩදාගෙන පොළොවෙ පස්කන්න වැළපෙන එකත් නරකම නෑ.


    ReplyDelete
    Replies
    1. කලින් තිබුනු ප්‍රශ්නවලට උත්තර හොයන්න ගිහින් තමා දැන් ඔය තත්ත්වෙට පත්වෙල තියෙන්නෙ.

      මේ කෑල්ල හරියට හරි.

      ඕක HeyDude එකේ වෙනත් කතාවකට ඇන්ද එකක් නමුත් මේකටත් ලෙසටම ගැලපෙනවා.:D

      Delete
    2. \\\කලින් තිබුනු ප්‍රශ්නවලට උත්තර හොයන්න ගිහින් තමා දැන් ඔය තත්ත්වෙට පත්වෙල තියෙන්නෙ.///

      mage jeewithetath ekemma galapenawa...

      Delete
  31. විදේශයක උගන්වනවනනම් ඒ දේවල් වලට අමතරව පේපර් 1ට ලකුණු අඩුනම් මූණට දමලා ගහනඑක නැවත එවීමත් බාරගන්න වෙනවා.. විශේෂයෙන් ගණිතය වගේ විෂයකදි. ඊට අමතරව විවිධ නම් පට බඳීවි. විනයක් නැති කම ගැන ඒ ගැන ඉගැන්වීමට ප්‍රමාද වීම ගැන යුරෝපයේ වගේ රටවල ගුරුවරුන් දැන් දුක්වෙනවා. ඔවුන්ට අපේ වගේ යුනිෆෝම් එකක් නැහැ. නිදහස් කාල පරිච්ජේද වල ගුරුවරුත් සමග සිගරට් බීම සුලබයි. ඒත්.. විශ්වාස කරන්න ලංකාවෙ ගුරුවරු තරම් වාසනාවන්ත, ළමයින්ගෙන් ඇගයීමක් ලබන්න අපේ ලංකාවේ ගුරුතුමන් වාසනාවන්තයි..! පාසැල්වල ගුරු උපහාර දිනයන් නැහැ. ඔවුන්ට එපා වුණොත් ගුරුවරයෙක්ව අත්සන් මගින් ලිපියක් යොමුකල හැකියි සභාපතිතුමාට මාරු කිරීමට. ඒත් ආසියාතික රටක තියෙන සංවරකම හැදියාව විශේෂයෙන් ලංකාවෙන් ඉගෙන ගන්න යන (නහට නහන්නෙ නැති අයත් ඉන්නවා තමයි) :D ළමයිගෙ ඒ හැදියාව ගැන ගුරුවරු ඉන්නෙ ලොකු භක්තියෙකින්.. වෙලාවකට ඇස්වලින් කඳුළු එන්න තරම්.. :)

    ReplyDelete
    Replies
    1. නන්ඳුට මේ සම්බන්ධ සෑහෙන අව්‍යාජ අත් දැකීම් තියෙන බව පේනවා මට.

      Delete
  32. ....//ඇත්තම කිව්වොත් ස්ට්‍රෙස් එක අඩු කරගන්න තමයි මේ බ්ලොග් කෙරුවාවත් කරන්නෙ.//....

    මේ කතාව කියවගෙන යද්දී මට හිතුණු දේ අන්තිමට අකුරු කරලා තියෙනවා.

    අපේ අම්මත් ඉංග්‍රීසි ගුරුවරියක්. අදටත් එයාට තියෙන සැනසීම තමයි ගෝලයෝ. සමහර අය මහා පාරේම දන ගහලා වඳිනවා. මට තාම හිතා ගන්න බෑ එයාලගෙන් කෙනෙක් බැරි වෙලාවත් "තෝ තමයි මාව කෑවේ" කියලා කිව්වොත් වෙන දේ.

    මිනිහෙක්ගේ සාර්ථකත්වය රැඳෙන්නේ කටපාඩම් කරන පොත් ගානෙන් නෙවෙයි කියලයි හිතෙන්නේ. "
    ගමකට ගියාම තමන්ගේ බොක්කේ තියෙන දේත් දීලා සලකන නූගත් ගැමියා ස්පෙෂල් ඩිග්රියක් කරලා න්‍යෂ්ටික බෝම්බයක් හදන විද්‍යාඥයෙකුට වඩා උතුම්" කියන එක තමයි මගේ තියරිය.

    ReplyDelete
    Replies
    1. අකමගෙ අම්මත් ඉංග්‍රීසි ගුරුතුමියක් නේ? ඒක තමයි HeyDude බැලුවේ නේද?

      මගෙ යාලු ඩොකෙක්, මෙඩිකල් කොලේජ් ඉන්න කොට එක ප්‍රොෆෙසර් කෙනෙක් කියපු කතාවක් බුවා මට කිව්වා. "යකුනේ. දොස්තරල වෙන්න කලින් මනුස්සයෝ වෙයල්ලා. ඒකයි වැදගත්!"

      මගෙ ඔලුවේ ඕක කොච්චරවත් තියෙනවා. ඕක දොස්තරලට නෙවෙයි, කාටත් ගැලපෙනවා, නැද්ද?

      Delete
  33. දැනට වසර ගණනාවක කලින් මට යුරෝපයේ එක්තරා අති සුඛෝපභෝගී රටක ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පරිඝනක ගත කිරීමේ කාර්යය පැවරුණා. එම කටයුත්ත සඳහා මාස නවයකට ටිකක් වැඩි කාලයක් එම රටේ නැවති සිටීමට සිදුඋනා ( සියලුම නිලධාරීන් පුහුණු කිරීමත් කරන්න උන නිසා). සති කීපයක් තානාපති නිල නිවසේ රැඳී සිටිමින් ෆුල් ඔෆීෂියල් ජිවිතයක් ගත කරන්නත් උනා. මේ අවස්ථාවේදී ඔය තානාපති තුමා මට පැවසුවේ ඔහුට ස්ථිර පරිඝනක නිලධාරියෙක් පත්කරගැනීමට ප්‍රතිපාධන ඇති බවත්, ඒ සඳහා මා පත්කරගැනීමට තීරණය කර තිබෙන බවත්, මගේ බිරිඳ සහ දරුවා ද එම රටට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු ඔහු සිදුකරන බවත්ය. ඒ වෙලේ මම ඔහුට කියුවේ "අනේ සර් මේ ප්ජෝජේක්ට් එක ඉක්මනට ඉවර කරලා මම යන්න ඕනේ. ඔය වැඩේට වෙන කෙනෙක් හොයාගන්න"

    අදත් මම ඒ තීරණය ගැන සතුටු වෙනවා, මොකද මම ඒ හිටපු සුළු කාලයේ දීම අත්දැකීමෙන් දැනගත්තා ඔය වගේ රටක හිටියොත් දරුවන්ගේ සාර ධර්ම රැකෙන්නේ නැති බව.

    ReplyDelete
    Replies
    1. මට අයිලාස්ගෙ තීරණය ගැන මොකුත් කියන්න බෑ. හැදෙන එකා කොහෙ හිටියත් හැදෙනවා. හිපා‍ටුවො කොහෙත් ඉන්නවා, එලකිරි බුවාලත් එහෙමයි.

      Delete
  34. හරිනෙ මචෝ... මම කියපු දේ හරිනේ.. උඹලා දෙන්නම දන්නවා ලස්සනට යකාගේ හැටියට විමානේ හදාගන්න. වවුලගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න.. ඊට වෙනස්ව යනවනම්. මෙහේ ඇවිත් ගෝත්‍රිකයොත් එක්ක ගල් යුගේට යන්න සෙට් වෙන්න පුළුවන්. මතක තියාගනින්.. ඒ නිදහස තමන්ගේ දරුවන්ටත් ලැබෙන බව. මට හොඳටම විශ්වාසයි උඹේ ළමයි මෙහේ උන්ට වඩා මනුස්සකමින් ඉස්සරහ ඉන්න බව. මොකෝ උන් ආශ්‍රය කරන්නේ වැඩිහිටියෝ නෙමේනේ ඒ වයසෙම සෙට් එකක්. අපේ ගොන් බූරූ දෙමව්පියෝ දරුවන්ගේ ඒ නිදහස අහුරලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. උඹයි අයිලාසුයි කියලා තියෙන්නෙ හාත්පසින්මම් විරුද්ධ මත දෙකක් වුනත් මේකටත් ඒ උත්තරේම ගැලපෙන හැටි බලාපං.

      >>හැදෙන එකා කොහෙ හිටියත් හැදෙනවා. හිපා‍ටුවො කොහෙත් ඉන්නවා, එලකිරි බුවාලත් එහෙමයි.<<

      හැබැයි මචං මේ ස්ට්‍රෙස් එක නම් දරාගන්න හරිම අමාරුයි. අපිට හමුවෙන යුරෝපීය සහ අමෙරිකානු ගුරුවරු හුඟ දෙනෙකුත් ඒකමයි කියන්නෙ. උඹ දන්නවද මෙහෙ ඉන්න ළමයි, සීයට අනූපහක්ම ගුරුවරු වෙන්න අකමැතියි. වෙනවානම් කැමති කින්ඩගාර්ටන් ක්ලාස් හරි ප්‍රයිමරි හරි කරන්න. ඉහල පන්ති ගැන ඇහුවාම හයියෝ එපා වෙනවා කියනවා.

      Delete
    2. කටාර් හරි සයිප්‍රස් හරි ට්‍රයි කරපන්, කැනඩා වැන්කූවර් වලත් චාන්සස් තියෙනවා උඹලා දෙන්නට. කරන දෙයක් ඔහේ ඉඳන් කරපන්. මෙහේ ඇවිත් කරන්න අමාරුයි.

      Delete
  35. ලබන ආත්මෙදි ගුරෙක් වෙන්න හිතුවා මදැයි..

    ReplyDelete
  36. හෙන්රි අය්යා මේ විස්තර කියන තුරු මමනම් කිසිම විටක හිතුවෙ නෑ ගුරුකම මෙච්චර අමාරු දෙයක් කියලා...මෙවැනි පරිසරයකදි ඇතිවෙන පීඩනය ගැන මට නම් හිතාගන්න පුලුවන්... නරකද ඔබට ඉංග්‍රීසි හැකියාවත් හොදින්ම පිහිටා තියෙන නිසා හොද වාහනයකට ආයෝජනය කරලා ලංකාවෙ සංචාරක මග පෙන්වන්නෙක් වුනොත්...

    ReplyDelete
    Replies
    1. ආ මග දුරයි ආපහු යන්න බං. කම්මලේ බල්ලො ඉන්නවා නේද.... :D

      Delete
  37. මේ පොස්ට් දෙකෙන් තමා මම දැනගත්තේ ගුරු කමේ තියෙන ආතතිය. මේක කියවද්දී මෙහෙම වේදනාවක් දැනෙනවානම් රැකියාවක් විදියට මේ දේ කරද්දී සතියේ දින පහක් කොහොම වේදනාවක් දැනෙනවා ඇතිද? එත් මාල දිවයිනේ මෙච්චර ධරුනු සමාජයක්ද තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බොලං අසරණයො, මෙහෙ විතරක් නෙවෙයි. දියුණුයි කියන හැම රටකම වාගේ මේ තත්වය දකින්න පුලුවන්.

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>