Thursday, April 25, 2013

66. Disclaimer අහවල් එක.




මතකද පොඩි කාලේ? එක යුගයක් තිබුනා අපි කතා කරන්නම ආසා කක්කා කතා, චූ කතා. 

ඈක්කා! 

නමුත් ඒ ළමා මනස සංවර්ධනයේ එක අවස්ථාවක්. එහෙම නෙවෙයි කියනවා නම්, එක්කෝ ලැජ්ජාවට, නැතිනම් කුහක කමට, නැතිනම් ඇත්තටම අතීතය අමතක වෙලා.

දැන් අපි සාමයේ අගය ගැන දේශණ පැවැත්තුවට, මතකද ඉස්සර, තුවක්කු, කැටපල්, බෝම්බ, කඩු, කිණිසි, දුණු, ඊතල වලින් සෙල්ලම් කලා.

කවුරු මොනවා කිව්වත්, කොල්ලෝ ඒ දේවල් වලට ආසා කලා. බස් එකේ හරි වෙන වාහනේක හරි යනකොට, හිතෙන් පාර අයිනේ තියෙන ගෙවල් වලට රොකට් වෙඩි, මිසයිල් එල්ල කරලා නැද්ද? පාර අයිනේ ඉන්න මිනිස්සුන්ට මනෝමය මැෂින් තුවක්කුවෙන් වෙඩි තියලා නැද්ද?

නැහැයි කියනවා නම් ඔයාලා මට වඩා හුඟාක් ශාන්ත දාන්ත, සාමය සඳහා ඉපදිච්ච ශ්‍රේෂ්ඨයෝ.

එහෙනම් කරුණාකරලා මී ලඟ කතාව කියවන්න එපා.

මාත් එක්ක එකඟ වෙනවා නම් එන්න, කියවන්න ප්‍රීතිවන්න ඇන්ඩි ග්‍රි‍ෆිත්ගෙ මීලඟ කතාව 'ඈක්කා' පොතේ පළවුන  'විනාශයේ කේක් එක'.


 ඔ.. ඕ...! වැරදුනා! ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් එහෙම පොතක් ලිව්වේ නෑ. බුවා ලිව්වේ Just Disgusting පොත. කතාව Cake of Doom!


හා දැන් කට්ටිය යෝජනා කරමු Cake of Doom වලට හොඳම, ආතල්ම සිංහල  පරිවර්තනය.

'විනාශයේ කේක් එක'?

'නස්පැත්ති කේක්'?

...   ... ???

කියමු බලන්න. හොඳම එක තමයි ඊ ලඟ කතාවේ මාතෘකාව. (නමුත් මෙතන Doom කියන්නේ ලෝක විනාශය නෙවෙයි. විනාශය, හරි?)


එහෙනම් පට්ටාං ගනිමු බලන්න.

 

51 comments:

  1. අමුවෙන්ම නම පරිවර්ථනය කරන්න අමාරුයි... කතාව කියෙව්වනං වෙනමම නමක් වුවත් ගත හැකියි.. මං හිතන්නේ කතාව ලියල ඉවරවෙලා ඔබම හොද නමක් දාන්න.. එය ඔබේ අනුවර්ථනයක් ලෙසින්...ගෙඩිපිටින් පරිවර්ථනය සාර්ථක නෑ.. දැනට ඔබ කරගන යන විදිය ඉතාම රසවත්.

    ReplyDelete
    Replies
    1. අනුවර්ථනය=අනුවර්තනය
      පරිවර්ථනය=පරිවර්තනය
      ඇයි නලීන් අනවශ්‍ය මහාප්‍රාණ

      Delete
    2. වරද පෙන්වාදීම ගැන ස්තුතියි..

      Delete
  2. නිකමට වගේ අපායේ කේක්

    ReplyDelete
  3. "මළ ඉලවු කේක් එක" :D

    ReplyDelete
  4. මාරාන්තික කේක් එක

    ReplyDelete
  5. කෝ අර කලින් Hay Dude එකේදි Count down කරපු කතාව ??

    ReplyDelete
  6. තිසර තමයි මේ වගේ දේකට සුදුස්සා ..බලමු අපි ...

    ReplyDelete
  7. ඔන්න ඕකට තමයි කියන්නේ ඇතා ගත්තට හෙන්ඩුව ගන්න බෑ කියලා. අච්චර පොතක් අනුවර්ථනය (?) කරන්න පුළුවන්. නම හරෝගන්න බෑ. 5-p

    ReplyDelete
    Replies
    1. යකෝ බැරුව නෙමේ හිතවතුන්ටත් දායකවන්න අවස්ථාවක් බං.... (ජොලියට අකමෝ)

      Delete
    2. නමක් දාලා කොපි රයිට් මෙව්වා එකකුත් ගත්තනම්... කාටද ආඩම්බර..... (කොලර්ස් අප්) {සැක් ඒකට එමෝටිකොන් එකක් නෑනේ... :( }

      (@ නලීන්: අපි මූණ රතු කරගනියි ඔව්වට.. පුහ්.... :D )

      Delete
    3. අනුවර්ථනය=අනුවර්තනය
      ඔන්න අකමාටත් ලෙඩේ බෝවෙලා නලීන්ගෙන්

      Delete
    4. තොපි සේරටම අමතක වෙලා හැන්රි කොරන්නේ හැන්රියාවර්තන විතරයි.. හැක්..

      Delete
    5. @ හැලප අයියා; අපි සිංහලද? :( (ඉංගිරිසියේනම් මේවට කියන්නේ රජා මරනවා කියලා. සිංහලේ කියන්නේ පොරක් කියලද මන්දා....)

      වරද පෙන්වා දුන්නට ස්තුතියි.

      @දේශා; අන්න උඹේ ඩික්ෂනරියෙ තියෙන තවත් වචනයක්. මට අමතක උණානේ දෙචකගේ ඩික් එක බලන්න.

      Delete
  8. ඕක කේකක් ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. රෝලෝ කියලා දාන්න ඒ තරම් ජරා කේක එකක් මම දැකලා නැ

    ReplyDelete
  10. ඕපු. කතාව කියමු අයියා :D

    ReplyDelete
  11. කරුම කැවුම

    Cake වලට සිංහලෙන් කියන්නේ කැවුම්.. හරිය !!

    ReplyDelete
  12. 'නස්පැත්තියේ අතිරසය' හී හී...
    ඒකේ නම් ගතියක් තියෙනවා නේද ඩූඩ්... :)

    ReplyDelete
  13. මාගේ ෛදවය කුජිත කල කේක් එක.
    කේක් එකේ තීන්දුව.
    කේක් එක නිසා මට වූ නස්පැත්තිය.
    අවසානය ලගා කල කේක් එක.

    ReplyDelete
  14. ඩූඩ් හදපු කේක්!

    ReplyDelete
  15. සිංහලට පරිවර්තනය කරනවානම් ඉතින් කේක් කියන එකත් පරිවර්තනේ කරන්නෝන...

    ම්ම්ම්... වන්ඩුව වගේ එකක් හරි යාවිද

    කරුම වන්ඩුව :ඩි

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ, සයුරිගෙන් ඉගෙනගනිල්ලා අක්ෂර වින්‍යාසය

      Delete
  16. කේක් ගෙඩි අප්පු.. කේක් ගෙඩි අප්පු ..කේක් ගෙඩි අප්පු ..කේක් ගෙඩි අප්පු ..කේක් ගෙඩි අප්පු ..කේක් ගෙඩි අප්පු ..කේක් ගෙඩි අප්පු ..කේක් ගෙඩි අප්පු ..කේක් ගෙඩි අප්පු ..කේක් ගෙඩි අප්පු ..කේක් ගෙඩි අප්පු ..කේක් ගෙඩි අප්පු ..කේක් ගෙඩි අප්පු ..කේක් ගෙඩි අප්පු ..කේක් ගෙඩි අප්පු ..කේක් ගෙඩි අප්පු ..කේක් ගෙඩි අප්පු ..කේක් ගෙඩි අප්පු ..

    ReplyDelete
  17. සුන්නද්ධූලි පූපය...., බෝම්බ කැවුම... :)

    කල්පනාවට එන්නේ නෑ.. ඔන්න ඔහේ ඩූඩ් අයියම ඒකත් දාන්න.

    ReplyDelete
  18. ammata hik*** cake eks!

    ReplyDelete
  19. ඩුඩ් මම හිතන්නෙ ඔයා කියපු ' නස්පැත්ති කේක් එක්' තමයි හරියටම හරියන්නෙ.... :D :D :D

    ReplyDelete
  20. විනාශයේ බටර් පාන් ගෙඩිය. කේක්වලට සිංහලෙන් කියන්නේ බටර් පාන්. :D

    ReplyDelete
    Replies
    1. බටර් කියන්නෙ සිංහල වචනයක්ද ඇ. සිරාවටම නොදන්නකමට අහන්නෙ

      Delete
    2. බටර් වලට සිංහලෙන් කියන්නේ වෙඬරු නේද? අර කියන්නේ හිත වෙඬරු පිඬක් වගේ උණු වෙලා ගියා කියලා..:)

      Delete
  21. කෙලවන (කෙලවපු )රට කැවුම.. සෙත්තපෝච්චි කේක්කුව ..

    ReplyDelete
  22. ඩූමයේ පූපය
    නම නෙවෙයි කතාවයි වැදගත්,ඉක්මනට ලියපං

    ReplyDelete
  23. කේක් වලින් වෙන්න පුලුවන් හොදම විනාශෙ බන්ඩි බුලුල් වෙලා යන එකනෙ. ඒ නිසා "බඩ යන කේක්" කියල වත් දාපන් අයියෙ.
    නමක් නැතුව හරි ඉක්කනට දාන්ට ඇ

    ReplyDelete
  24. ඩුඩේ පිප්‍රඩක්ෂන් පාරක් දාල හෙම වැඩ පටාන් ගන්නයි හදන්නේ.. හැක්.. මොන උනත් උඹ කතාව ලියල පැත්තකට වෙලා වීදුරුවෙක් මුද දිහා බලං ඉදල ඔළුවට එන දෙවැනි නම දාපං.. ඒ ඇති. තෝ නමක් දැම්මත් නැතත් අපි ආසාවෙන් කියවන ඒවා නොවැ ඔය හැන්රියාවර්ත. ජය වේවා.. බුරි කැව්ම

    ReplyDelete
  25. අහුබුදු දියණිය අමතන්නකෝ.....:D
    ලොවෙත් නැති නමක් දේවි...:P

    ReplyDelete
  26. "කරුම කැවුම
    මේක හරි ගියොත් මට කියහන්, ගැලපෙන පින්තුරෙත් කියන්නම්

    ReplyDelete
  27. "හුට්ටපර්රේ ඇවටියෙල් කේක් එක"

    එල එල...නම මොකක් වුනත් කමක් නෑ කතාව ආතල් නම් ඩුඩ් අයියේ.

    අර හිතෙන් පිස්සු කෙලපු එක.පාරේ ඉන්න මිනිස්සුන්ට වෙඩි තියපු එක ඉස්සර විතරක් නෙමෙයි මම දැනුත් කරනවා හාහ් හාහ් හා

    ReplyDelete
    Replies
    1. "හුට්ටප්පර වූ ඇවටියෙල් කේක්"

      Delete
    2. "ඇවටියෙල් පුපය" පුපය = Cake (Madhura Dictionary)


      කමෙන්ට් තීරුව අජපල් කරාට සමා වේවා ඈ

      Delete
  28. ඇයි බන් " කක්කා කේක් "

    ReplyDelete
    Replies
    1. මමත් කියන්න ගියේ ඕක. "කක්කා කේක්" නිකන් අප්ෂට් වගේනම්...

      "කක්කි කේක්"

      Delete
  29. කේක් බැරිනං පාං උනත් කමක් නෑ හෙන්රියො කතාව දාන එකයි ඇත්තෙ.

    ReplyDelete
  30. Cake of doom කියන්නේ මං හිතන විදියේ කතාවක් නම් “ වදයක් වෙච්ච කේක් එක” ව‌ෙග් එකක් හරි යයි කියලා හිතනවා.. කොහොමත් නමක් කියන්නේ කොහොමද කතාව කියවන්නේ නැතුව.. ඩූඩ් අයියත් මාර වැඩ තමයි කරන්නේ...

    ReplyDelete
  31. " ඔයා නම් හරිම නරක කේක් එකක් අනේ " කියල දාමු .. :P

    ReplyDelete
  32. ඕක ඉතිං කතාව නොදැන කියන්නත් අමාරුයි..

    Cake කියන එකට මම කැමතියි මේ මාතෘකාවේ හැටියට බිබික්කම කියන්න.. එහෙම හිතුවොත්..

    විනාශයේ බිබික්කම
    නස්පැත්ති බිබික්කම

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>