Sunday, May 18, 2014

113. Invisible Dude / ඉන්විසිබල් ඩූඩ්.

අද වැඩට ඇවිත්, ඇඟිල්ල තියලා පඩිපෙල දිගේ ස්ටාෆ් රූම් එකට යනකොටයි මතක් වුනේ ටයි එක දාන්න අමතක වෙලා කියලා. ටයි එක නැතුව වැඩ කරන එක වරදක් වුනත්, අද විභාග නිසා මේක නෝට් නොවෙන්න ඉඩ තියෙනවා කියලා මට හිතුනා. 

 ඒ ඔක්කොමත් හරි ඊයේ රෑ කොණ්ඩේ පොඩ්ඩක් ට්‍රිම් කරන්න ගිහින් දකුණු පැත්තේ ඇහිබැම කැපිලා ගියානේ, චිරිස් ගාලා. යකෝ මටත් වෙන දේවල් අම්මපා. ඒ ගමන ඩැමේජ් කන්ට්‍රෝල් එකක් හැටියට,  ඒ පැත්ත එක ගානට හිටින්න කොටට ට්‍රිම් කලත් ඇහිබැමේ වාටිය ඉතුරු වෙන්න මැද්ද ගෑවිලා ගිය එකට නම් හදන්න බෑ. මම කලේ ට්‍රිමර් එක අරගෙන අනිත් පැත්තත් කොට කරපු එකයි. ඒත් අර අගේට දළඹුවෙක් වගේ තිබ්බ ඇහිබැම ආපහු තිබුණ ගානට එන්න සෑහෙන කාලයක් යයි. 


අයි බ්‍රව් පෙන්සිල් එකක් තිබ්බ නම් හරි. ඒත් කඩේට ගිහින් එක ඇහිබැමක් නැතුව අයිබ්‍රව් පෙන්සිල් එකක් ඉල්ලන්න ගියාම කඩේ එකා මූණ දිහා බලලා දාන කිච හිනාව මතක් වුනාම, ඒකත් අල්ලලා දැම්ම. ඒ මදිවට රෑ එකොලහට කඩ වහනවා. 

උදේම නැගිටලා, සපත්තු පොලිෂ් ටින් එක වත් අරගෙන ටිකක් ටචප් එකක් දානවද කියලා හිතලා ඒක හොයන්න ගියාමයි දැක්කේ අර ලික්විඩ් ෂූ පොලිෂ් එක. කොටන් බඩ් එකක් පාවිච්චි කරලා මේකෙන් ටිකක් මිරිකලා පොඟවාගෙන ඇහිබැම ආපහු ඇඳ ගත්තා. 

දැන් ඉස්කෝලේ අරින්නත් ලඟයි. ඇයිබැමයි, ටයි එකයි නැතුව දවස ගෙවාගත්ත එක ගැන දැන් මට තියෙන්නේ ජයග්‍රාහී හැඟීමක් කියලා උඹලා හිතනවානම් ඒ උඹලට වැරදිලා. 

 දැන් තියෙන්නේ ඊට වඩා වඩා හාත්පසින්ම වෙනස් අදහසක්. ඒක එක්තරා ඉච්ඡා භංගත්වයක්වගේ එකක්. තව විදියකින් කිව්වොත් කිසිම කෙනෙක් මගෙන් මේ ගැන ඇහුවේ නෑ. කොටින්ම දීපාවත් මේක නෝට් කලේ නෑ. ඒ ගැන කිව්වොත් මම අවුරුදු දහයක් - විස්සක් කරේ දාගෙන හිටපු චේන් එකදැන් දාගෙන හිටියා ඇති කියලා හිතිලා පෙබරවාරි මාසේ ගලවලා හැංගුවා. ගෙදරට ෂර්ට් එක නැතුව ඉන්න මගේ කරේ චේන් එක නැති බව තවම ගෙදර කිසිකෙනෙක් දැක්කේ නෑ කිව්වාම! යකෝ මං ඉන්විසිබල් වෙලාද? 






81 comments:

  1. c-)

    හි හි ශෝක් වැඩේ වෙලා තියෙන්නේ.. ඔයා කියපු කතා තුනේම තියෙන සිද්දිය ගැන මාත් හිතලා තියෙනවා අයියේ, .. මටත් ඇහිබැම කැපිලා ගිහින් ටික දවසක් යනකල් සෑහෙන අපහසුතාවකින් ඉන්න වුණා. මං මොන වැඩේ කලත් නිතරම කන්නාඩියක් ඉස්සරහා ඉන්නව වගේ,, .. අක්කට චෙන් එක නොපෙනිච්ච එක පුදුමයි.

    ReplyDelete
  2. උඹ ඉන්විසිබල් වෙලා වගේ තමයි මට නං කොහොමත්‍. කෝච්චි වල ගිය පෝස්ටු දාපු නිසා කියෙව්වෙත් නෑ එහෙමකට

    ReplyDelete
  3. ඔයා අවිස්වාසනබල් කෙනෙක් නොවන හන්දා ඒ ගැන අහන්න නැතුව ඇති. ඔව්ව කවදාවත් ගෑනුන්නට හංගන්න බෑ. ඒ මොනව වුණත් අපේ හිත ඉල්ලනවා නේද ඒ විදියට විය යුතුයි කියලා. එහෙම නැතිවුණාම ඉච්චාභංගත්වයට අපම පත්වෙනවවා.....

    ReplyDelete
  4. ! යකෝ මං ඉන්විසිබල් වෙලාද? ///
    හි හි ඒක කියන්නත් බෑ තමා...
    ඒ තරං හිතන්න එපා... වැරදි අඩු වෙන් වෙන අයගෙ පුංචි වැරැද්දක් වුණත් ඉක්මණට පේන්නෙ නෑ

    ReplyDelete
  5. ගෙදර අයත් උඹගේ පොටෝ පෝස්ට් ටික හින්දා එච්චර ගානක් ගන්නේ නැතිව ඇති. මොකෝ මම නම් දැන ගෙන උන්නා ඔළුව අප්සට් කියලා. ඉතින් දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා ඇති. සමාන්‍යයෙන් ඔළුව අවුල් උන් කරන වැඩ හොඳ සිහියෙන් ඉන්න මිනිස්සු එච්චර ගනන් ගන්නෙ නෑ. නැත්නම් ඉතින් කොල්ලෝ අයිබ්‍රව්ස් වල සෙල්ලම් දැම්මට. සර්ලා ඒවා කරන්නෙ නෑ නේ.... :) :) :)

    ReplyDelete
  6. පස්ට් පොඩි පොස්ටුවක් උනාට ,,,,ඔවා ඔහොම වෙනවා අපි හිතන විදිය නෙවෙයි හැම වෙලේම හැක්

    ReplyDelete
  7. වෙන්න ඇති බං ඉන්විසිබල් ඩ්‍රයිවර් කෙනෙක් ඩ්‍රයිව් කරගෙන එන වාහනයක් ගැන කලින් වෙනීත් ලියල තිබ්බ නේද.

    ReplyDelete
  8. බලාපන් අයියේ ඇඳුම් නැතිව ගේ ඇතුලේ ඇවිදලා එහෙම!

    ReplyDelete
  9. ටිකක් විතර ඉන්විසිබල් ගතියක් තියෙනවා...ඒක තමා ඇහි බැමි දීපාට පේන්ට නැත්තේ...කොහොමත් ඔයා ඇහි බැමේ පාටනේ හී හී...(ඔක්කොටම කලින් දීපා මට ගහයිද දන්නේ නෑ. )

    කරේ දාගෙන හිටියේ රත්තරන් මාලයක්ද? ඩූඩ් දිලිසෙනවද දන්නේ නෑ ගෙදර අයට මාලේ නෑ කියලා පෙනුනේ නැත්තේ... :D

    ReplyDelete
  10. ඇත්තටම අපි ඇතම් දේවල් වහන් කරන්න හැදුවට අපේම යටි හිත ඉල්ලන්නෙ ඒදේ හැමෝම නැතත් අපිට සමීප කිහිප දෙනෙකු හෝ දකීවි කියලා. එසේ නොමැතිවී අපේ සැඟවීම සාර්ථක උනාමත් අපේ හිතට කරදරයි.

    ඔව්වා ගණන් ගන්‍ට එපා ඩූඩ් අයියෙ.

    ReplyDelete
    Replies
    1. රෑ වෙලා දෙකක් ඇණගෙන එන දාට කවුරුත් ඉන්විසිබල් :D ගෙට එනව පේන්නෙත් නෑ අඩි සද්දයක් වත් ඇහෙන්නෙත් නෑ.. නිකං පාවෙලා වගේ යන්නේ .හැක්

      Delete
  11. // ඒත් කඩේට ගිහින් එක ඇහිබැමක් නැතුව අයිබ්‍රව් පෙන්සිල් එකක් ඉල්ලන්න ගියාම කඩේ එකා මූණ දිහා බලලා දාන කිච හිනාව මතක් වුනාම //

    මේක ආතල්.

    උඹ ඔය තාවකාලික චූන් වල හිටියට ඔය ගෙදරට ඉන්විසිබල් වෙන්නෙ උඹ නෙවෙයි උඹේ එක එක ඇස්පෙක්ට්ස් විතරයි. බොරුනම් නිස්කලංකෙ පොඩ්ඩක් වාඩි වෙලා කකුල් දෙක දිග ඇරගෙන ටොප් ගියර් වගේ ෂෝ එකක් දා ගනින් ටී වී එකේ, ගෑනිට උඹව පෙනිලා උඹට කරන්න කියලා නෙකෙරුනු වැඩත් කෝටියක් මතක් වෙන්නෙ නැද්ද බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔහෙත් එහෙමද, මෙහෙත් එහෙමමයි.

      යකෝ ලෝකෙ කොහෙ උන්නත්, මොන ඉස්කෝලෙ මොන කැමපස් එකෙන් ආවත් ඔක්කොම ගෑණු බැන්දම එකම විදියටම තමා හිතන්නෙ.

      ඒකයි ඔය.

      Delete
    2. මෙහෙත් හරි වැස්ස - එහෙත් හෙම වෙන්ටැ
      අපොයි හරි වැස්ස - වෙලත් උතුරන්නෙ... :-D

      Delete
    3. මචන් ඉන්දික මම දන්න ඩයල් එකක් හිටියා පට්ට quixotic, මූ ගෑනියෙක් හෙව්වෙත් සිරස නොබලන වගේ කොමන් සෙන්ස් දේවල් වලින් පටන් අරන් ධර්මය සිරාවට දන්න, කොන්ඩෙ දනිස්ස ගාවට වගේ ලෙවල් එකට යනකම් කන්ඩිෂන්. ආතල් එක කියන්නෙ කෙල්ලෙක් ගෙ හුලඟක් වත් වැදිල නැති මූ ගෙ කන්ඩිෂන් වල එකක් තිබුනා ගෑනි සතියකට දවස් දෙකක් අම්මල ගේ ගෙදර ගිහින් ඉන්න ඕනෙ කියලා :D

      අපිට තාමත් හිතා ගන්න බෑ මූ ඒ කන්ඩිෂන් එක දැම්මෙ මොන එක්ස්පීරියන්ස් එකකින් ද කියලා. good old days..... අදටත් බුවා සිංගල්.

      Delete
    4. ඇනෝ, මචන් මාත් නොදන්න කාලෙ ඔහොම හිතං උන්න. ඒත් පස්සෙ ගෑණු ළමයින්ගෙ අතින් අත ගිහින් සල්ලං :v උනාම තේරුනා ඔයි සේරටම වඩා වටින එක දෙයයි තියෙන්නෙ කියල බලන්න :D

      බුරා, උඹ මේ මේවට හොට නොදා ඉඳින්. යකෝ පීනන්න වතුරට බැහැල හිටහන් මුලිම්ම :P

      Delete
  12. ඔය වෙලා තියෙන්නේ ඔයා ඉන්විසිබල් වීම නෙවි ... අටේන්ෂන් නැතිවීම ඕක ඔහොම වෙන්නේ වයසට යනකොට .... එක සුනිල් පෙරේරා කියලා තියෙන්නේ මෙන්න මෙහෙම
    Video: http://www.youtube.com/watch?v=Ld1mr_NIBAo

    ReplyDelete
  13. හික්... ඕවා ගනං ගන්න එපා ඩූඩ් අයියෙ.. අර තියෙනව නේ නිතර දකින කුකුලගෙ කරමලේ කතාවක්... හි හි... බඳින්න කලින් හැරෙන පරක්කුවට නෝට් වෙන ජාති බැන්දට පස්සෙ පොඩ්ඩක්වත් ගානක් නෑ... හැබැයි පුතෝ චේන් එ‌කේ කේස් එක නං නෝට් වෙච්ච දවසට ප්‍රශ්න කෝටියකට උත්තර දෙන්න වෙයි හරිද... චේන් එකට මොකද කළේ, උකස් තිබ්බද.. කාට හරි දන් දුන්නද... කොහේ හරි වට්ටගත්තද... කොහෙද මුන්දැගෙ සිහිය නෑ නේ ඉති... දැ ඉතිං ගේ පෙරලං හොයපන්කෝ.... හි හි....

    ReplyDelete
    Replies
    1. මගෙං ඕව මුකුත් අහන් නෑ..

      " උගස් තියාගන්න දුන්න නල්ලමලේ යාලුවට කියන්ඩ සින්න වෙන්න කලින් බේරල දෙන්ඩ කියලා හොඳ හිතිං "
      කියල කෙලින්ම කියනවා :D

      ඕක ගේ පෙරලං හොයනවට වඩා එයාටත් ලේසියි මට්ත් ලේසියි..

      Delete
  14. හොඳටම ශුවර් නේද මේ දවස්වල ගෙදර කරන්ට් එක තිබුණ කියල. නැත්තං ඉතිං විසිබල් උනත් පේන එකක්යැ.
    වයසට ගියාමවත් ඔය ඇහි බැම වලට පාඩුවෙ ඉන්න දුන්නනං හොඳ නැද්ද?

    ReplyDelete
  15. ගනන් ගන්න එපා ඩූඩ්. වයසට යනකොට අනිත් අයගෙ තියෙන අවධානය අඩු වෙනවා තමයි.

    මම ඉස්කෝලෙ යන කාලෙදි බයිසිකලෙන් වැටිලා ඉස්සර දතක් ගැලවිලා, බොරු දතක් දාගෙන ඉන්නේ. මේක මම පුරුද්දක් හැටියට රෑට ගලවලා, මැදලා පැත්තකින් තියෙලා, උදේට නැගිට්ට ගමන් දා ගන්නවා. මේ ලගදී (ටිකක් වැඩිවෙලා) ගෙදර ආපු වෙලාවක ඕක ගලවල තියල. වෙනදා තියෙන තැන බඩුව නැහැ. මම දවස් දහයක් විතර ඕක නැතිව හිටියෙ. වයිෆ් නෝට් කලෙත් නැහැ, ඔෆිස් එකේ එවුන් නෝට් කලෙත් නැහැ. අන්තිමට කොට්ට උරේ යට තියලා හම්බ උනේ.

    ReplyDelete
  16. මං නං හැම සතියේම කොණ්ඩේ නැට්ටටම කපනවා, නමුත් ඇහි බැමට නම් කිසිම අනතුරක් වෙලා නෑ!

    ReplyDelete
    Replies
    1. කකා , තට්ටෙන් සොමිය දීම ලින්ක් එක දාන්ඩ.. බාගෙට කමෙන්ට් කරන්ඩ එපා !!

      Delete
    2. //කොණ්ඩේ නැට්ටටම කපනවා,// :D :D

      Delete
  17. ඩූඩ් අංකලුත් රස්ති ලුක් එකක් ගන්න අනිත් ඇහැබැමත් කපාගත්තනම් සෝයි නේ

    ReplyDelete
  18. ඕක ඉන්විසිබල් වීම නෙවෙයි ඩූඩ්.. අටෙන්ෂන් නැති වීම.. පොඩි බබෙක් ඇවිදින්න ට්‍රයි කරනකොට වැටුනාම කවුරුහරි දැක්කොත් කෑ ගහලා අඬනවා.. කවුරුවත් දැක්කේ නැත්තම් ආපහු නැගිටලා ආයෙ ඇවිදින්න ට්‍රයි කරනවා.
    අටෙන්ෂන් නැති වුණාම තමයි ලොකුම අවුල. ගොඩක් අය මැද්දේ ඉන්නකොටත් තනි වෙලා වගේ දැනෙන්නේ... එහෙම අටෙන්ෂන් නැති වුණාම තමයි පොඩි ලෙඩ ලොකු ලෙඩ වෙන්නෙත් බොරු ලෙඩ ගන්නෙත්.

    ඇහිබැම නැති වෙච්ච එක නම් ඩූඩ් අපහසුතාවයට පත්වෙයි කියලා අහන්නේ නැතුව හිටියද දන්නේ නෑනේ...

    ReplyDelete
  19. ඉන්විසිබල් ද නැත්ද කියලා බලාගන්ට පුලුවන් පැය කීපයකට හරි MWOWP උනානං :-)

    ReplyDelete
  20. මේක මරු අනේ...මේ වගේ රියල් කථා ඒවා සිදුවෙලා උණුසුම පහව යන්න කලියෙන් ලියද්දි හරිම රසවත්...ඒකට ඔයාගෙ ආවේණික වට්ටෝරුවත් එකතු උනාම රස ඩබල් වෙනවා...සාමාන්‍යයෙන් බිරිදට සැමියගෙ ඇහිපිය හෙලද්දි ඇතිවෙන වෙනස පවා දැනෙනවා නේද....අපේ අම්මා නම් තාත්තා පොඩියට අඩියක් ගහලා...අහිංසකයා වගේ ඇවිදින් සද්ද නැතුව ඉදගෙන හිටියට...විනාඩි 5 ක් යන්න කලින් කියනවා...අද නිකං ඉදලා නෑ නේද කියලා...නරකද නෝනගෙ ඇස් පෙනීම පොඩ්ඩක් චැක් කෙරෙව්වොත්....

    ReplyDelete
  21. ඕන්න පේනවා නේද කට්ටියගේ තියන සැලකිල්ල... ඉතින් කොහොමද නේද වැඩක් කරන්නේ... උන්නද මලාද නෑ. ආය ඉතින් මෙහෙත් එහෙම තමා..
    සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ.

    ReplyDelete
  22. ඉන්විසිබල් වීමත් මාර ආතල්නේ හෙන්රි අයියෙ, මන් ඉස්සර (දැන් උණත්) කොච්චර හිතනවද ඉන්විසිබල් වීමේ වැදගත්කම. එතනින් එකක් ඔයාටත් කියන්නම් පොඩ්ඩක් ටැස් කොරල බලන්නකො කොච්චර චෑන්ස් එකක්ද කියල. දැන් පොඩ්ඩක් හිතල බලන්නකො ඇඳුම් වලට යටකරන සල්ලිම කොච්චරක් කියලද..... ;)

    ReplyDelete
    Replies
    1. පරණ පෝස්ට් ටිකත් කියෙව්වා. කමෙන්ට් නොකලෙ පරක්කු වැඩිවෙච්ච නිසා. නැතුව අකමැත්ත නිසානම් නෙවෙයි. මොකද සංචාරය කියන්නේ මගේ ජීවිතේම කොටසක් නෙව. ගිය සතියේ සර්වේ ඩිපාර්ට්මන්ට් එකටම ගිහින් රෝඩ් මැප් එකකුත් ගත්තා. සංචාරක මැප් එකේනම් තියෙන්නේ අපි හැමදාම දන්න ටික විතරයි. ඊට වඩා තැන් ගැන මං දන්නවා. :)

      Delete
    2. සීයයි තුනට උණුසුම් සුබ පැතුම්!

      Delete
  23. මට පොඩ්ඩක් කියපං ඉස්කෝලේ බිත්ති වල කළු ගෑවද කියලා ?

    ReplyDelete
  24. ඔන්න මමත් බ්ලොග් එකක් පටන්ගත්තා. කට්ටිය ඒ පැත්තෙත් ගොඩවෙලා යන්නකෝ http://pakispettiya.blogspot.com/

    ReplyDelete
  25. හෙඩිම දැක්කම මං මේ හිතුව ඩූඩ් අර මිස්ටර් ඉන්ඩියා වගේ පොරක් වෙලා කියල. බැලින්නම් මේ ඇන්ඩියට වෙන තාලෙ වැඩක් වෙලානේ.

    ReplyDelete
  26. මං නං දකුණු ඇහි බැමේ තිරස් අතට ඉරි දෙකක් ඇරල දානවා සැලුන් එකෙන් ඉඳ හිටලා.. ඩූඩ් අයියත් එහෙම කරන්ඩ.. ඔන්න එතකොට දීප අක්කට නෝට් වෙලා කියයි
    "මේ නහින දෙහින කාලෙ මේ මිනිහට මක් වෙලාද මන්දා "
    කියලා.. කාටද ආඩම්බර ??????

    ReplyDelete
  27. හාපෝ................අපේ උන්දැට මගේ කකුලේ නියපොත්තක් අඩු වුනත් පෙනෙනවා. ආමි කාරයන්ගේ ගෑණු හරි හෙවිල්ලෙන් ඉන්නේ මිනිහගේ එව්වා අඩු වැඩි වෙනවද කියන එක ගැන.

    ReplyDelete
  28. මේ මිනිහට හැමදාම කියනවා නාපන් කියල.කෝ...කනකට ගන්න එකක්යැ.ඒ ගමන කරේ තිබිච්ච චේන් එකත් වැහෙන්නම කුණු තට්ටුව.ඒකත් මදිවට හාර මාසෙකට කලින් ගිය කෝච්චියේ ගඳ තවම ඇඟේ.ලඟින් යන්න බෑ.ආඩම්බරේට කියන ලස්සන.ඩීසල් පුස්ඹ.අනේ මගෙ කට.
    හුහ්...එනව තව මෙතන ඇහිබැම ට්‍රිම් කරල මොඩ් වෙන්න.ඈ යකෝ...ඕක ඇතා නැතා කියල කාටවත් පේන එකක්ය.ඕන්න සුදු හුණු කූරකින්වත් ඇඳගෙන කිව්වනම් තව කමකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. හහ් හා , දවසේ කමෙන්ටුව :P

      Delete
  29. අනිවාර්යෙන්ම ඉන්විසිබල් වේලා..ෂුවර්...ටෙස්ට් කරන්න ඕනෙනං ඇඳුම් නැතුව දවසක් කඩේට ගිහින් එන්න

    ReplyDelete
  30. ඩූඩ් ඉන්විසබල් වීම දරුනු රෝගයක්. නිච්චිටයටම බලන්න එක ක්රමයයි තියෙන්නේ, මගුල් මුද්ද පොඩ්ඩක් ගලවලා පැත්තකින් තියන්න,දීපා අහන්නේ නැත්ද කියලා බලන්න

    ReplyDelete
  31. මම හිතුව පරිවර්තනයක් ලියාගෙන එනව කියල.....
    ඕව තමන් කරගන්න යන වැඩද බං ......?මම නං කෙස් වලට පිට කෙනකුට කියල තමයි සේවය ලබා ගන්නෙ .....
    කෙස් කැපෙන එක ඕන රෙද්දක් කියමු...... යකෝ ටයි එක අමතක වෙනව කියන එක නම් පුදුමයි.....
    දීපා නංගිට උඹ ගැන තැකීමක් නැහැ කියන්නෙ ලොකු ප්‍රශ්නයක්....... නිවාඩුවක් දාල ඉක්මනට තනියම ඩොකෙක් හම්බ වෙයං මචෝ..... හෙක්.....හෙක්....

    ReplyDelete
  32. මං දන්න පවුලක් කැඩුණේ ඔය විසිබිලිටි එක වැඩි වීම හින්දා. අද මොකද මේ ජැන්ඩියට ඇඳගෙන ? කෙල්ලක් වත් ඉන්නවද බලන්න ? හ්ම්ම් සෙන්ට් දාගෙන යන්නෙ කෙල්ලන්ට දැනෙන්නද ? මං ඔය කතාව බ්ලොගේ ලිව්වා. අර මනුස්සයා මිනිහාව සැක නිසා හැමවෙලේම බැළුවෙ මොනවද අමුතු කියලයි..අන්තිමට ඉවර උනේ උසාවියෙන්.. දීපාට එහෙම එකක් නැතුව ඇති.. මේකා ඉතිං මගෙ කළුකුම්බර දේවතාවානෙ.. මූ කොහේ යන්නද කියල වැඩි විස්වාසෙට බලනකොට මුකුත් පෙනෙන්නෙ නෑ.

    ඔව්ව පෙනෙන්නෙ දුවලාට. ඔන්න මගේ කෙල්ල ගියපාර නිවාඩුවට ආවම මගෙන් අහනවා මොකක්ද මේ ඇහැට උඩින් තියෙන් කලු පැල්ලම ? කියලා. වයසට යනකොට ඔහොම තමයි කියල මං කිව්ව. දැන් ඒකට පින් සිද්ද වෙන්න ක්‍රීම් එකකුයි ඊටත් උඩින් සන් බ්ලොක් පාරකුයි හැමදාම උදෙට භාර්යා සුපවිෂන් යටතේ ගාගෙන එන්නයි වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  33. මෙහෙමයි මචං උඹ දැකලා ඇති නේද අර ඊමේල් එක, අර වචනේ මුල් අකුරයි අන්තිම අකුරයි හරි නම් මැද අකුරු අනලා තිබ්බට අපිට කියවන්න පුළුවන් කියන එක. අන්න ඒවගේ තමයි බං කාලයක් යනකොට අපිව නිකං ඒ වගේ වෙනවා ඇති. කකුල් දෙකෙන් ඇවිදිනවා නම්, ඔළුව කෙලින් තියනවා නම්, මැද තියන ඒවා එහෙ මෙහෙ උණාට අවුලක් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. මැද තියෙන හැම එකම අවුල් උනොත් නම් පෙනෙයි !

      Delete
  34. හැබැයි ගැලපෙනේ ටයි එකක් දාලා, ඇහි බැම පෙන්සිල් එකෙන් ඇදලා ගියානම් ඇදයක් කියයි.

    ReplyDelete
  35. ඔයා ඉන්විසිබල් තමයි ,එදා දැක්ක වෙලාවේ දත්ටික පෙනුන නිසා අඳුර ගත්තා ,නැත්තම් කොහෙද? ඇහිබැම පෙන්නේ නැති එකනම් ගණන් ගන්න දෙයක් නෑ තිබබත් පේන්නේ නෑනේ

    ReplyDelete
  36. හපොයි ..ඔව්ව ඔහොම තමයි. ..

    ReplyDelete
  37. හවස 4.30 ට කලින් ගෙදර අවිත් බල්න්න. එතකොටත් පෙනුනෙ නැතිනම් ඉන්විසිබල් තම්‍යි

    ReplyDelete
  38. //ගෙදර කිසිකෙනෙක් දැක්කේ නෑ කිව්වාම! යකෝ මං ඉන්විසිබල් වෙලාද?// හැමදාම දකින කුකුළා නෙව ඒකයි

    ReplyDelete
  39. ඇත්තටම ඩුඩා ඉන්විසිබල් වෙලාද?

    ReplyDelete
    Replies
    1. පට්ට කළුවර වෙලාවට කොහොමද නලින් මල්ලි මූව පෙනෙන්නෙ ?

      Delete
    2. රෙජී රණතුංගට අපේ තාත්තා කිව්වේ 'නෙගටිව්' එකක් වගේ කියලා. මොකද නෙගටිව් එකේ සාමාන්‍ය මිනිස්සුන්ගේ මූණු කළුයි කොන්ඩේ, ඇහි බැම, රැවුල සුදුයි. ඩූඩ් ඩයි කරන එක නැවැත්තුවහම ඌත් අනිවා නෙගටිව් එකක් වගේ හිටියි...

      Delete
  40. සමහරු ඉන්වින්සිබල් කියල හිතාගෙන හිටියට ඈත්තටම ඉන්විසිබල් !

    ReplyDelete
  41. උඹ දුක් වෙන්න එපා අයියේ බලපාන් දීපා අක්කා උඹ ගැන නොසෙව්වාට අපි කොයි තරම් උඹ ගැන හොයලා බලනවාද කියලා.උඹ අලුත් පොස්ට් එකක් දලාද,අපේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරලාද ඔය වගේ අපි කීදෙනෙක් උඹ ගැන නොට් කරන් ඉන්නවාද.?

    මට මතකයි එක පාරක් සෙන්නයියා උඹට තර්ජනේ කරලා පවා තිබ්බා.උඹව භංග කරන්නද,ලියනවාද වගේ එකක්.ඔන්න ඔහමයි අපි උඹලා ගැන හොයා බලන්නේ.ඉතින් නාඩා ඉදින් දැන්.

    ReplyDelete
    Replies
    1. තවත් දෙයක් අයියේ සාමාන්‍යා ඉන්විසිබල් වෙන්නේ එක්කෝ දෙයියෙක් වෙන්න ඕනේ නැතිනම් ප්‍රේතයෙක් වෙන්න ඕනේ ඇත්තටම උඹ ඉන්විසිබල් නම් අයියේ උඹ මොකෙක් වෙන්න ඇතිද...?

      Delete
  42. උඹ ඉන්විසිබල් වුන එක ගැන වොරි වෙනවා වගේම උඹව ඉන්විසිබල් වුන එක ගැනත් වොරි වෙන එක හොඳයි කියන එකයි මගේ අදහස... උඹේ කරේ නොතිබුන චේන් එක ගැන ගෙදර අය වද නොවුනේ සමහරවිට ඒ වෙලාවේ ඊට වඩා සීරියස් කාරනාවකට ගෙදර අය වද වෙමින් හිටි බව, උඹට ඉන්විසිබල් වෙලා තිබුණ නිසා වෙන්න බැරිද...?

    "ආර් යූ ඕකේ..?" කියලා උබ අන්තිමට ඇහුවේ කවදාද..? උත්තරය "මේ ඊයෙත් ඇහුවා..."නම් මගේ කමෙන්ට් එක ඉග්නෝර් කරපන්... :)

    ReplyDelete
  43. සැක් දුක් සීන් එකක් නේ

    ReplyDelete
  44. දීපා: (සිතමින්)
    අනේ මන්දා මේ මනුස්සයාට මොනවා වෙලාද කියලා..තියන නොසැලකිල්ලට ඇහිබැම කපාගෙන ...මම ඕක කලිනුත් කිව්වා ටිකක් කල් ඇතිව නැගිටලා හෙමින් සීරුවේ රැවුල කපාගෙන අතපය මූණ කට හෝදගන්න කියලා..දැන් ඉතින් ඕක කියන්න ගියොත් නැති කතන්දර අහගන්න වෙනවා..ඊට මීට වැඩිය හොඳයි කට පියාන දැක්කෙ නෑ වගේ ඉන්න එක..

    ආ..කරේ තිබ්බ චේන් එක අදත් දාගෙන නෑනේ..සුවර් එකට දාපු තැන අමතක වෙලා වෙන්ටැති..ඉන්ඩකෝ ආයේ ඕක හොයාගෙන ආවාම මම කරන්නම් වැඩේ...දැන් හංගපු තැන මාලේ නෑ කියලා දැනගත්තාම තමා මුන්දැට ගිනි රත්වෙන්නේ..මමත් බලං ඉන්නේ ඒ දවස එනකං...

    ReplyDelete
  45. ඩූඩ්....ඇහිබැමි නෙමේ කොන්ඩෙම කැපුවත් නෝටිස් වෙන එකක් නැහැ ඔය පාටේ හැටියට.
    ඉන්විසිබල් වෙලා ඉන්න තියෙනවානම් කොච්චර හොඳද ගෙදර ඉන්නකොට.

    ReplyDelete
  46. ඉන්විසිබල් වීම නෝට් නොවීම හෙන නඩුවක් බං..

    කොන්ඩෙ වෙනස් කරපු පවුලගේ කොන්ඩෙ නොදැක්ක සෑමා කාලාන්තරයක් කතන්දර ඇහුවා. හැමදාම ගෙදර ඉන්න එකේ වෙනස්කම් හොයන්න යන්නෙ කවුද බං?

    ReplyDelete
  47. (කලුවරේ යන දීපා , ඩූඩ්ගේ ඇඟේ හැපෙයි. )

    'අනේ මනුස්සයෝ කී දවසක් කියලා තියෙනවද කලුවර වැටුනාම ටිකක් එලිය තියෙන තැනකට වෙලා ඉන්ට කියලා. නැත්නම් ඔයාව පේන්නේ නෑ මෙයා. අනෙක මාලේ නැතිවෙයි කියලා තියන්ට දුන්නා මතක නැද්ද? අනේ මන්දා මේ බ්ලොගයක් හන්දා මේ මනුස්සයට පිස්සු හැදිලද කොහෙද...'

    හීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ.......

    ReplyDelete
  48. ඩූඩ් හරි beauty concious නෙ. මං බොහොම කැමතියි ඒ වගේ අයට.හැබැයි ඉතින් ඕනෑවට වඩා නෙමේ.

    මොකක්ද "ඇඟිල්ල තියලා පඩිපෙල දිගේ ........" තේරුම?

    සමහර වෙලාවට මටත් එහෙම වෙනවා. මගේ සැමියත් අම්ම දුන්න චේන් එක කරෙන් ගලවන්නැතුව හිටියා. දවසක් බලන කොට චේන් එක නෑ. මං ඇහුවා කෝ කියල.එතකොට කිව්වා කොය් කාලෙද ගලවල. දැන්ද දැක්කෙ කියල. :)

    ReplyDelete
  49. අෆොයි, ඩූඩ්ගෙ කරමල සුදුවෙලා :( :( :(

    ReplyDelete
  50. ටික කාලෙකින් මේ පැත්තේ ආවේ.. කට්ටියම කාර්ය බහුල නිසා පුංචි දේවල් මග හැරෙන එක සාමාන්‍යයි නේද ඩුඩ්

    ReplyDelete
  51. මම මේකට පොදු පිළිතුරක් දෙන්න කල්පනා කලා. එකක්, මේ දවස්වල පට්ට බිසි. අනික මෙතනට පොදු පිළිතුරක් ගැලපෙනවා.

    මම මේ කතාවෙන් කියන්න අදහස් කලේ මිනිස් හිත ක්‍රියාකරන ආකාරයයි.

    කතානායකයා මුලින්ම බලාපොරොත්තු වෙන්නේ තමන්ව අනුන්ගේ අවධානයට යොමු නොවේවා කියන මූලික සරළ අරමුණ විතරයි. නමුත් ඒක සාර්ථක වුනාට ඔහු ඉන් සෑහීමකට පත් වෙන්නේ නෑ. ඉන් පස්සේ මිනිස් සන්තානයේ සැඟවී සිටින අන් අයගේ අවධානයට ලක්වීමේ සහජ ආශාව අර තාවකාලික අරමුණ පරාජයට පත්කරනවා හරියට අඳුරේ ඇවිත් පිටට පිහියෙන් ඇන්නා වගේ. ඇත්තෙන්ම අන් අයගේ අවධානයට ලක්වීම වයස් බේදයකින් තොරව, ගැහැණු පිරිමි බේදයකින් තොරව, සදාකාලිකවම මිනිස් සන්තානයේ මුල් බැසගත් දෙයක්. යුදෙව්වෝ නට්සින්ගේ අවධානයට යොමු නොවී ඉන්න උත්සාහගන්න කාලෙත් ඔවුන් පෞද්ගලිකව තමා අවට සිටින්නන්ගේ අවධානය බලාපොරොත්තු වෙන්න ඇති.

    අපි සුවඳ විලවුන් පාවිච්චි කරන්නේ, විලාසිතා අනුගමනය කරන්නේ, සහ තව එකී නොකී දේවල් කරන්නේඅන් අයගේ අවධානය ලබා ගන්න. සමහරවිට හොඳින්. සමහරවිට නරකින් වෙන්නත් පුලුවන්. (මතකද අපි ඉස්සර අනිත් අයගේ අවධානය ලබාගන්න බොරුවට ප්ලාස්ටරයක් අලවගෙන යනවා? එතකොට බොරුවට ක්‍රේප් බැන්ඩේජ් එකක් ඔතාගෙන යනවා?

    ඒ එක්කම හුඟ දෙනෙක් දැකලා තියෙන්නේ කතාවේ එක පැත්තක් බව මම දැක්කා. ඒ පැත්ත නම් බිරිඳගේ අවධානය අහිමි සැමියෙක් සහ සැමියා නොසලකා හරින බිරිඳක්.

    ඇත්තෙන්ම මෙතන ලේඛකයා කියන්න අදහස් කලේ ඒක නෙවෙයි. ඔහු බිරිඳව යොදාගත්තේ ඔහුගේ කතාවෙන් කියැවෙන පණිවිඩය අවධාරණය (emphasze)කරන්න විතරයි.

    බලන්න, ඇහිබැම කැපීයාම සහ ටයි පටිය පැළඳීමට අමතක වීම ඉතා පහසුවෙන් අන් අයගේ අවධානයට ලක්වෙන දේවල්. රාජකාරි කටයුතු, දරුවන්ගේ ප්‍රශ්න, රාශියකට නිරන්තරව මුහුණ දී සිටින බිරිඳ පැත්තකින් තිබ්බොත්, ලේඛකයාගේ පුතාත් ඒ ගෙදරමයි ජීවත් වෙන්නේ. ඒ වගේමයි ඔහුත් බිරිඳත් සේවය කරන තැන ඔහුට පසෙකින් වාඩිවී සිටින බිරිඳට වඩා ඔහුට ඉදිරියෙන් වාඩිවී සිටින්නන්නට ඇහිබැම සහ ටයිපටිය ලෙහෙසියෙන්ම පෙනෙනවා. ඒ එක්කම පාසැලක් කියන්නේ සාමාන්‍ය කාර්‍යාලයක් වගේ නෙවෙයි කිසි දෙයක් මිස් නොවෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල සංඛ්‍යාවක්, විශාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයකින් යුක්ත තැනක්. අනික ගුරුවරයෙක් එක තැනක් ඉඳගෙන ඉන්න පුද්ගලයෙකුත් නෙවෙයි.

    මෙවන් තත්වයක් යටතේත්, ඇහිබැම සහ ටයි පටිය නොමැතිබව කිසිවෙකුගේ අවධානයට ලක්නොවීම ඇදහිය නොහැකි දෙයක්. ඔහුව අපහසුවට පත්වෙයි කියා කෙනෙක් නොකියා හිටියා කියන අදහස මෙතැනට නොගැලපෙන්නේ මේ පිරිසේ විශාලත්වය නිසයි. මෙයින් ලේඛකයා ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්නේ ඔහුගේ විමතියයි. ඔහු මාලය නොමැති බව කිසිවෙක් නොදු‍ටු බව මෙයට එකතු කිරීමෙන් අදහස් කරන්නේ ඔහුගේ අදහස තීව්‍ර කිරීමයි. මාලය නැති බව දැකිය යුත්තේ බිරිඳ පමණක් නොවෙයි. ඇයි ගෙදර සිටින දරුවා? සාමාන්‍යයෙන් දරුවන්ගේ අවධානයට මෙවැනි වෙනස් කම් වහාම ලක් වෙනවා වුනත් ඒ බව බොහෝ දෙනෙකුට මතක් නොවීම පුදුමයක් නොවේද?

    ReplyDelete
    Replies
    1. ඩූඩ් බොස් මේමයි... දැන් ඔය ලේකකයා කියන මෑන්ස්ට කියන්න අනිත්පාර ඔහොම දෙයක් කරනවනම් සබ්ජෙක්ට් එක මේකයි කියලා පෑදිලිව කලින් කියන්න කියලා... මේ පාටක මෑන්ස් ඇවිල්ලා අහිංසකයා.. එදාවේල කීයක් හරි හොයාගෙන කාලා... ජොයින්ට් එකක් ඒම ගාලා රෑට පුල් ආතල් එකේ බොස්ගේ බ්ලොග් එකට එන්ටර් වෙන්නේ කඩු පයිට් සේරම බලන්න... මේ චිත්ත සන්තානම් සීන්ස් බුවාට තේරෙන්නෑ බොස්...

      just kidding bro...keep it up... :D

      මම මොකක් හරි කාර් රේස් ප්‍රෝග්‍රෑම් එකක් බැලුවා... ඒ රියදුරා කියනවා කාර් එක හොඳටම පුරුදු වුනාම එක අවස්ථාවක් එනවා කියලා කාර් එක ඇඟේ කොටසක් විදියට දැනෙන... අතපය ඔලුව හසුරවනවා වගේ ඇඟේ කොටසක් විදියට කාර් එකත් හසුරවන්න පුලුවන් වෙන... ඉතිං ඩූඩ්ගේ බ්ලොග් එකේ හැමදාම පුද්ගලික අත්දැකීම්ම අපි කියවලා ඒකටම ඇහැ හුරුවෙලා ඇත්තේ... එකපාරම ඩූඩ් අයින් කරලා ලේඛකයෙක් එතනට දාලා එයා කියන්න හදන්න මොකද්ද කියලා ගැඹුරින් කල්පනා කරන්න කාටවත් එකපාර හිතුනේ නැතුව ඇති... හැබැයි මේක හොඳ පාඩමක්...

      Delete
    2. ඩූඩ් මචං...එම්ෆේස් සහ එම්ෆසයිස් දෙකක්ද? ඇත්තටම දෙයක් නොදන්නා නිසා අහන්නේ.

      Delete
    3. බීට්ල්, g-)

      Delete
    4. බීටලේ. උඹ හරි තමා. මේකට වෝනිං එකක් දාන්න බැරිවුනා.

      වාහනේ ඇ‍ඟේ කොටසක් බවට පත්වෙනවා රේසිං ඩ්‍රයිවර් කෙනෙක් නොවුනත්. ඒකනේ බං පෙඩල් දිහා නොබලා එලවන්න පුලුවන් වෙන්නේ සහ ඉබේම බ්‍රේක් පෑගෙන්නේ.

      ඇත්තට මේ ලේඛකයා කොහොමද මගේ තැන ආක්‍රමණය කලේ?

      අරූ. ඇත්තමයි මම දන්නේ නෑ එම්ෆේස් කියන්නේ මොකක්ද කියලා.

      Delete
  52. ඩුඩ් ඉන්විසිබල් නෙවෙයි....ඕක මනුස්ස මොලේ ප්‍රෝග්‍රැම් කරපු විදිහ. අපිට ටික කාලයක් යද්දි බෙල්ලෙ තියෙන මාල, වලලු වගේ දේවල් ගොඩක් කල් දාගෙන හිටියම ඒක පේන්න නැති උනත් නෝට් වෙන්නෙ නෑ මොකද මෝලේට පේන්නේ තියෙනව වගේ.....ඒකයි ඒ.....ටයි එකත් එහෙමයි..... :))

    අම්මටයි මල්ලිටයි නෝට් වෙන්නෙ නැත්තේ ඒකයි.....අනික තමයි කාර්යබහුල කම.....හිතන්න ඩුඩ්ට වුනත් ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් පේන්නෙ නෑ මොකද කාලයක් තිස්සෙ එකම දේ දකිද්දි අපි ඒ දේවල් එතන නොතිබුනත් ඒවා මිස් වෙන්නෙ නෑ.. .. y-)

    අනික මේ වගෙ පොඩි දේවල් නෙමයි ඩුඩ් ඔයා පොඩ්ඩක් හරි අප්සට් එකෙන් හිටියොත් අපිට කොච්චර ඉක්මනට තේරෙනවද :-f ......ඉතින් ඒ ඉන්විසිබල් කමක් නෙමෙයි මොලේ ප්‍රෝග්‍රැම් කරල තියෙන හැටි..... :D

    ReplyDelete
  53. වෙලාවක් හොයාගෙන කියවන්න අවේ. කෝ උබ තාම ඉන්විසිබල්නේ.....

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>