Friday, March 6, 2015

126. අනේ මන් දන්නෑ ඕයි

පි පොඩි කාලේ එක ආණ්ඩුවකින් තීරණේ කලා කෑම අතරින් පට්ටම කෑම දඹලයි කියලා. දඹල මධ්‍යස්ථානයක්ද ආයතනයක්ද මොකක්ද කියලා එකකුත් ඇති කලා මට මතක් විදියට.

ඒ ආණ්ඩුව මාරු වෙලා, බස් හෝල්ට් වලයි, බස් එකේ ගහලා තියෙන ලංගම පටියෙයි පාට මාරු වෙනකොටම ඔන්න දඹල වල තිබ්බ ගුණ ඔක්කොම කැන්සල් වෙලා සෝයා බෝංචි පට්ටෙනුත් පට්ටම, පට්ට පට පට කෑම බවට පත් වුනා. ඊට පස්සේ සෝයා මීට්, සෝයා තෙල්, සෝයා අයිස්ක්‍රීම් වගේ හැම දෙයක්ම සෝයාකරණය වුනා.


තව ‍රැළි ගණනාවක් කාලයේ පාලම යටින් ගලා ගියා. සමහර ඒවා දැන් මතකත් නෑ.

H4
මිනිස්කර්ට්
පොලිඩෝල්
බෙල්බොටම්
වාලක්කඩි
චේ ගුවේරා
මුවන් පැලැස්ස
VCR
ටී පනස් හය
ට්‍රේල් බයික්
ත්‍රී වීලර්
ටෙරාසෝ
ස්කැමල් ඩ්‍රයිවිං
මැද පෙරදිග
පැජෙරෝ
ඩිජිටල් කැමරා
එමිනෙම්
දූ දරුවෝ ටෙලිය
ටයිටැනික්
ස්කී කැප්
ඔෂින්
ඇන්ඩ්‍රොයිඩ්
කොරියන් මෙගා කතා
ගැංනම් ස්ටයිල්
ලැම්බෝගිනි
හයිබ්‍රිඩ්
...
...
...
...
...


ඔහොම කාලෙන් කාලෙට නැගලා යන දේවල් වුනා.

වරින් වර එක එක ‍රැළි ආවා.

එක්කෝ ‍රැල්ලත් එක්ක පීනන්න, නැතිනම් ගොඩට වෙලා බලා ඉන්න සිද්ධ වුනා. ‍රැල්ලට විරුද්ධව පීනන්න ගිය එකාට සොරි ඩොට් කොම්ම තමයි. ඌට නෙලන්ඩ කට්ටියම වට වුනා.

නන්දා මාලනී හිට් වුනා.

මයිකල් ජැක්සන් සහ මැඩෝනා ඩබල සංකරත්වයේ ප්‍රතිමූර්තිය නොහොත් අමරදේව/නන්දාමාලනී කියන යෙදුමේ විරුද්ධාර්ථය බවට පත් වුනා. (ප්‍රබුද්ධ කියන එකේ විරුද්ධ පදේ සංකරද කියලා මට තවම ෂුවර් නෑ, නමුත් ඒක එහෙම වුනා.)

අරියධම්ම හාමුදුරුවන්ගේ බණ ‍රැල්ල ආවා.

ඊට පස්සේ සෝම හාමුදුරුවෝ.

කාලෙකට පස්සේ අසපු බුද්ධාගම හිට් වුනා. භාවනා ‍රැල්ලක් ඒ එක්කම හමා ගියා.

ඊට පස්සේ ආවා උබුන්‍ටු සහ ලිනක්ස්. මාර වැඩේ කියන්නේ, උබුන්‍ටු වලට හරි ලිනක්ස් වලට හරි විරුද්ධව වචනයක් හරි කතා කලොත්, හොඳම යාලුවා වුනත් (උබුන්‍ටු ලිනක්ස් රසිකයෙක් නම්) උන්නා මළා පේන්නේ නැතුව මාරාවේශ වෙන ගන්න හැටි, අපි කට ඇරගෙන බලා හිටියා.

යකෝ මේ ටික කාලෙකට ඉස්සෙල්ලා හරක්නේ හිට් වෙලා හිටියේ. දැන් මෙන්න යකෝ බල්ලෝ හිට් වෙලා. විශේෂයෙන්ම වීදි බල්ලෝ. බල්ලෙකුට විරුද්ධව වචනයක් වැරදිලා කියවුනොත් කී දෙනෙකුට මාරා වේශ වෙනවද කියලා මම කට ඇරගෙන බලා ඉන්නවා මේ දවස්වල. අර කොලු කාලේ බල්ලන්ට වද දීපුවා හරියට ළමා අපචාර, ස්ත්‍රී දූෂණ වගේ, ප්‍රසිද්ධියේ කතාවත් නොකරන රහස් හැටියට වැලලිලාම ගියාදෙන්. මේක ඔටාරගේ වැඩක්ද?

මෙහෙම ගියොත් කවදාහරි දවසක මනුස්සයෝ වන අපිවත් හිට් වෙලා අපිටත් වටිනාකමක් එන්නත් බැරිකමක් නෑ කියලා මගේ ටිකිරි මොලේට නිකමට වගේ හිතෙනවා.


89 comments:

  1. නව රැල්ල ඩූඩ්... :P

    ReplyDelete
  2. මේ රැලි පාලකයන් අාශිර්වාදයෙන් එන්නේ මිනිසුන්ට තිබෙන මූලික ප්‍රශ්න විසඳා දීමේ නොහැකියාව නිසා ඔවුන් ගේ අවධානය වෙනතකට යොමු කරවන්න​. මේවා Fads ලෙස​ හැඳින්වූවත් කමක් නැහැ හෙන්රි

    ReplyDelete
    Replies
    1. ඔව්. Fads! අර අන්තිමට කිව්ව fad එක ඒවිද දවසක?

      Delete
  3. මනුස්ස රැල්ල එන කලින් තව රැලි කෝටියක් විතර එයි ... හැම රැල්ලටම වැනි වැනි ඔහේ යන උන් අන්තිම මනුස්ස රැල්ල වෙනකනුත් ඉතිරි වෙයි .... රැල්ලට විරුද්ද වෙන උන් හැමදාම වගේ නා ගනියි ..

    ReplyDelete
    Replies
    1. මනුස්ස කමට තැනක් එන ‍රැල්ල ඉක්මනට ආවොත් හොඳයි නේද, පැතුම්? නේද?

      Delete
  4. උදේම ඩෙනිම හෝදලා වනලා තියෙනවා දැකලා ආවේ. අපේ ඩුඩයියා ඉන්නවා බොලේ.

    රැල්ලක් ඇවිල්ලා හරි කමක් නෑ මිනිස්සුන්ට වටිනාකමක් එනවනම් .

    ReplyDelete
    Replies
    1. රෑ බං හේදුවේ. වනලා තියෙනවා උඹ දකින්න ඇත්තේ උදේ.
      අන්න ඒකමයි මෙතන කතාව.

      Delete
  5. කොහෙද බොල මෙච්චර කල් හැංගිලා හිටියෙ ? අටොල්ලකට වෙලා මාළු ඇල්ළුවාද ?

    ඒයි.. උඹට අමතක උන ටිකක් ලියන්නං.
    ගෙම්බ මැෂින්
    වී ඕ සී කාසි
    මිනි ස්කර්ට් ..

    ReplyDelete
    Replies
    1. හැංගිලා හිටියේ නෑ බං. කියන්න බැරි තරම් කාර්යබහුල වෙලා හිටියා.

      ඇයි බං මිනිස්කර්ට් ඔය උඩින්ම තියෙන්නේ.

      Delete
  6. හප්පොච්චියෙ මම හිතුවේ ඩෙනිම ගලවලා සරමක් ඇඳගෙන ඉන්නේ කියලා. ඔය ආපහු ඩෙනිමට බැහැලා තියෙන්නේ.

    රැලි එනවා යනවා. අනුර බණ්ඩාරනායක උන්නැහෙත් එයාගේ අක්කගේ රැලි ගැන වරක් කිව්වා කිසිම හිරිකිතයක් නැතුව. ඊළඟට රැල්ලක් එයිද දන්නෑ පිදුරු බොහොම පෝෂ්‍යදායකයි එව්වා කමු කියලා.

    ReplyDelete
    Replies
    1. එයි එයි දැනටමත් තණකොළ කනවා. විට් ග්‍රාස් කියලා. තිරිඟු පැල ද කොහෙද. මාත් අද පැකට් එකක් ගෙනාවා. ජුස් හදල බොන්න.

      Delete
    2. ඇත්තෙන්ම මුකුණුවැන්න, ගො‍ටුකොල, කංකුං, සාරණ ඔක්කොම තෘණවර්ග තමයි නේද?

      Delete
  7. දඹල පර්යේෂණ ආයතනය බිහි කරේ අපේ දක්ෂතම විද්යා්ඥයෙක් සහ ජනාදිපති විද්යාd උපදේශක තනතුරේ හිටපු සිරිල් පොන්නම්පෙරුම මහත්තයා. එතුමා ගැන වැඩි විස්තර මෙතනින් බලන්න පුළුවන්.

    http://nalakagunawardene.com/tag/%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A-%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1-%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA-ifs/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජනිත් ලින්ක් එකට. ආචාර්ය පොන්නම්පෙරුම නාසා එකේ වැඩ කරා නේද?

      Delete
  8. සංගීත් සංදර්ශන රැළි... අන්ප්ලග් රැළි... ඇයි අප්පේ ෆේස් බුක් රැල්ල...
    රැල්ලෙන් රැල්ලට මුදලාලිලා නම් 'සර්ෆ්' කර කර ආතල් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ගස්ලබ්බා. පොඩ්ඩක් බඩ බුරුල් කරවලා ගියාට ගස්ලබු මම කැමති කෑමක්. හැබැයි සමහර ගස්ලබු වර්ග දියරහයි.

      Delete
  9. ඇයි බොලේ යහපාලන රැල්ල.. බොට මොකක් හරි නිසි හිත රිදිල වගේ.

    ReplyDelete
    Replies
    1. නෑ බං. එහෙම විශේෂ හිත රිදිල්ලක් වුනේ නෑ. අනික මේක බල්ලන්ට විරුද්ධව ලියපු එකකුත් නෙවෙයි. මම හරි කැමතියි බල්ලන්ට.

      Delete
  10. .
    බොරු කියන්න එපා ඔටාරගෙ කිසිම රැල්ලක් නෑ .
    දඩාවතේ යන බල්ලො හින්ද අනතුරට පත්වෙන වාහන විශේෂයෙන් මෝටර් බයිසිකල් ගැන බලපුවහම මිනිස්සුන්ට අනුකම්පා කරනවද ? , බල්ලොන්ට අනුකම්පා කරනවද කියල තීරණය කරන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. බල්ලගේ හොම්බෙන්. හරකගේ නැට්ටෙන්. දකුණත් නීතිය ක්‍රියාත්මක නොවේ

      Delete
    2. වැරදියි නේද ඩූඩ් , මාරු වෙලා. සිංහලෙන් කියන්නෙ "බලු වලිගෙන්, හරක් පුකෙන්" බලල නැට්ට පැත්තට පටස් ගාල ආපහු හැරෙනවා. හරක ඉස්සරහටමයි දුවන්නේ කලබල උනාම..

      Delete
    3. ඇයි සජ්ජෝ, නැට්ටයි පුකයි දෙකම එක පැත්තෙනෙ බොල තියෙන්නේ. බල්ල රිවර්ස් කරනවා. හරකා පෙරටම යනවා. ඒකම තමයි උඹ කියන්නෙත්. එතකොට ගණං හදලා බැලුවාම හරි නේද? ස්තුතියි සජ්ජා.

      Delete
    4. 'බලු හොම්බෙං හරක් පුකෙං' වගේ කිව්වොත්..?

      Delete
    5. ගස් ලබ්බ හරියටම හරි , අපේ සෑම ඔයගැන පොස්ට් එකක් ලිවුව වගේ මතකයි .

      Delete
    6. අප්පා වැරදුනා හදිස්සියට, බලු ඔළුවෙන්, හරක් පුකෙන්.. වැරදුන වැරදුනා... සොරි සොරි

      Delete
  11. මං හිතුවේ රුසියාව ගැන ලියලා කියලා.
    ඔව්ව ඔහොම තමා. මිනිස්සුන්ට එල්ලෙන්නත් මොනා හරි තියෙන්න එපාය. මට නම් ඔය ඕසේට දුවන්නන් වාලේ දුවන රැලි පස්සේ යන්න නම් ආසම නැහැ. කලින් ආස දෙයක් වුනත් ඕනවට වඩා නැගල යද්දී පැත්තකට වෙන්නයි ඕන.
    මැදින් හිටියම කොයි කාලෙටත් ඔරොත්තු දෙනවා.
    ඩුඩ් පාරේ යන බලු කුක්කෙක්ට ගලකින් ගහලා කවුරු හරි බණක් කිව්වද
    මතකද සමරපාල . මල්ලිගේ විත්ති පොතේ බෝඩිමේ බල්ලා

    ReplyDelete
    Replies
    1. රුසියාව ගැන ලියන්න ඕනේ තරම් දේවල් තියෙනවා එහේ හිටියේ සති දෙකක් විතරක් වුනාට.
      නෑ නෑ බින්දි. මගේ නෑ බල්ලො එක්ක කිසිම ගැ‍ටුමක්. මම උන්ට ආදරෙයි.

      මම එහෙම පොතක් බලපු බවක් මට මතක නෑ.

      Delete
  12. ටිකිරි මොලේට අනුව වයසක මිනිස්සුන්ට වටිනාකමක් ආවොත් හොදයි..
    ඡැක්සන් රැල්ල කාලේ ඡැකාට බැන්නානම් ඒත් මරාගන්නවා.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. සීනියර් සිටිසන් ‍රැල්ලක් ගැනද උඹ කියන්නේ?

      ජැකාගේ මුල් යුගයේ රඟපෑම් වලට නම් මමත් ප්‍රිය කලා.

      එල ද බ්‍රා

      Delete
  13. සීතල වැඩි කමට හිතෙන දේවල් තමා ඔය. අපෙ ඉස්කෝලෙ අයියලා කාලයක් අතුල අදිකාරි මහත්තයා වගේ කලිසම වැඩිපුර උස්සලත් ඇන්දා? Y2K වසර 2000 ලබන්න තියෙද්දි ලොකුම භීතිකාව උනේ. අන්තිමේ y2K ටී ශර්ට් රැල්ලකුත් ගියා. රිකී පොන්ටින් මෙහේ ආවට පස්සෙ නේද පොන්ටින් කට් එක ජනප්‍රිය වුනේ....

    ReplyDelete
    Replies
    1. උඹේ විස්තරේ කියෙව්වාම පේන්නේ මට ‍රැලි ගොඩක් මග ඇරිලා බවයි. ඇත්තටම අතුල අධිකාරි කලිසම්, රිකී පොන්ටින් කට් මට නෝට් වෙලා නෑ.

      Delete
  14. රැල්ලක් නැත්තම් කික් එකක් නැහැ. හරියට අර හැමදාම තඩිබාන තමුන්ගේ කසාද මනුස්සයා පොලිසියෙන් ගෙනිච්චම අන්තිමට මෝල් ගහක් එල්ලගෙන තඩිබාගන්නවා වගේ රැල්ලක් හොයාගෙන යන්නේ වැඩිදෙනෙක්. ඒ හින්ද එන රැල්ල හොඳද නරකද කියල හොයනවට වඩා කික් එක තියෙන්නේ ඒ රැල්ලට හුරේ දාන එක.

    දැන් ඔහොම බල්ලොන්ට ගියපු රැල්ලක් ආවේ ODEL බ්‍රෑන්ඩ් එකත් එක්ක තමයි. මලාට තමුන්ගේ ගෙදර බල්ලව නාවන්නේ වත් නැති පොෂ් කෑලි තමයි ඕක ප්‍රමෝට් කරන්නේ. මනුස්සයෙකුට මනුස්සකමක්වත් පාන්නේ නැති අය තමයි ඔය බල්ලන් ( වීදි බල්ලන්) ගැන මහා කැක්කුමකින් සහ කැකෑරුමකින් බෙරිහන් දෙන්නේ. වෙන මොනවටවත් නෙවෙයි, බ්‍රෑන්ඩ් එකට.

    ඒක නෙවෙයි ඩුඩ් , ඔය උඩ පින්තුරේ ඉන්න බල්ලා වීදි බල්ලෙක්ද? ( branded ) වීදි බල්ලන් ගැන ප්‍රසාදයක් නැති උනත් උන් අතරත් හෙන කියුට් පෙනුමවල් තියෙන උන් ඉන්නවා. බල්ලෝ ගෙදර හදන්න බැහැ, වෙන මොකවත් හින්ද නෙවෙයි.. උන්ගේ බල්ලකුගේ මුලික අයිතිවාසිකම් මට දෙන්න හැකියාවක් නැහැ ( කුඩුවක් නැතුව නිදැල්ලේ ඉන්නට දීම, කන්න වෙලාවට දීම, පිරිසිඳු කිරීම, ලෙඩට දුකට බෙහෙත් දීම, අසල්වාසීන්ට කරදරයක් නොවෙන ලෙස තබාගැනීම වගේ.)

    ReplyDelete
    Replies
    1. චේද 3 ම සඳහා +++++++++++++++++++++++++++++

      බල්ලොන්ට කරනවටා වඩා ආධාර කරන්න කරන්න තැන් ඕනෑතරම් තියන එකේ. බල්ලොන්ටම කරන්නේ සංසාරගත බැඳීමක් නිසා වෙන්න පුළුවන්

      Delete
    2. [im#]http://2.bp.blogspot.com/-6IsMIlYb15s/VPvW_vw6pXI/AAAAAAAADhM/VQ-bmS4mjJg/s1600/DSCN7130.JPG[/im]

      මේ බල්ලා හිටියේ මෙන්න මෙතන. වංගු දහ අටේ පහලම වංගු දෙකෙක් අතර. වීදි බල්ලෙක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. මම එහෙම කිව්වේ අහල පහල ගෙදර එකෙක් වෙන්නත් ඇති. අපි මෙතන නැවතිලා කෑම කෑවා.

      Delete
    3. ආ... මේ වැදගත් ප්‍රාදේශීය බල්ලෙක්නේ..... චා චා.. ඔයා කතාවේ හොඳම කොටස වහල නේ...

      ඔය ට්‍රිප් ගිහින් ගම්බද පලාත්වල නතර කරහම, ඒ ප්‍රාදේශීය අධිපති බල්ලෝ තමයි මුලින්ම අපිව 'චැක්' කොරන්නේ...

      "ආ... නෝනා... මාත්තියා... බෑරක්ද " - ඒ බල්ලා ( ප්‍රාදේශීය)

      "අහ්.." ( ඔහොම වෙල්කම් එකක් බලාපොරොත්තු නොවුණු අපේ එකෙක්)

      "කොහේ යන ගමනද ඈ... නියම වාහනේ බ්‍රෑන්ඩ් නිව්ද ?" ( ටයර් එකට වැඩේ දෙයි. මුකුත් කියන්නට බැරිය. අපේ ටෙරටරිය නොවේය)

      "කමුද මොනවා හරි?" ( අපේ සෙට් එකේ වැඩිහිටියෙක්)

      "පිස්සුද අනේ... දාන්න එපා කෑම. කොළ හැමතැනම හුළගේ යනවා. ජරා වෙනවා." ( නුතන පරපුරේ එකෙක්)

      "පව් අනේ... ඉංජු ... ඉංජු... ආ ඔය කන්නේ යස අපුරුවට..." ( කෑම දාපු වැඩිහිටියා, අනිත් උන් කට පියා ගනී)

      ඔන්න කොහේ ඉඳන් හරි පුසෙක් කඩා පාත්වෙනවා

      "ඕන්න ආව මෙතන.... යනවද ගම කන්නේ නැතුව?" ( බල්ලා)

      "අනේ මේ... යන්න මෙයා... මට මේ ගෙදර හුරුල්ලෝ කාල ඇති වෙලා.... කෙලවල්ලෝ දැක්ක කාලයක් මතක නැහැ. එහාට වෙනවද පොඩ්ඩක්?" ( පුසා)

      "අන්නේ... හරි සුවීට් අනේ... ( නව පරපුරේ කොමෙන්ටු වැටෙනවා හෝ ගාල)



      ps: ඩුඩ් : ඔය ගම්බද බල්ලන් හරිම පිරිසිඳුයි. එක හේතුවක් තමයි උන් බොහෝ වෙලාවට ඇලේ බැහැලා නා ගන්නවා. හොරි හැදිලා ඉන්නෙත් අඩුවෙන්.

      Delete
    4. මේක පට්ටම කමෙන්ට් එකක්නේ බං. උඹට මෙහෙම ලියන්න පුලුවන්ක්කම තියෙද්දිනේ අර කම්මැලි කමට පේලි හතරේ පෝස්ට් දාන්නේ.

      මේක වහාම පෝස්ට් එකක් හැටියට පළකරන්න කියලා මම උඹට බලකරලා කියා හිටිනවා. මේ අදම. මේ දැන්ම.

      Delete
    5. PS. උඹට ඔන්නම් ඔය පින්තූරෙත් දාගත්තෑකි. ඔන්නම් බල්ලගේ පින්තූරෙත් දාගනිං.

      Delete
  15. බල්ලන්ට ගිය රටක බල්ලන්ට වටිනාකමක් තියෙනවා මිසක් මිනිස්සුන්ට කොහෙද වටිනාකමක්..

    වෙල් කම් බැක් කිව්වා.. රැල්ලක් ආව මතකෙයි ඉපිල් ඉපිල් කියලා.. බොහොම රස කතාවක් තියෙනවා වෙලාවක ලියන්නම්

    සත්තරනේ ඇන්ඩියගේ එකක් දියන්කෝ....

    ReplyDelete
    Replies
    1. //සත්තරනේ ඇන්ඩියගේ එකක් දියන්කෝ....//
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ‍රැල්ලට බල්ලන්ට ආදරය කරන එක ගැනයි මම අදහස් කරන්නේ මාතේ. දැන් අම්මලත් එක්ක රණ්ඩු වෙලා ගෙදරින් එලවාගත්ත උන් මව්ගුණ ගැනයි දෙමාපිය උපස්ථානයේ අගය ගැනය් එෆ්බී එකේ පෝස්ට් දානකොට ඇතිවෙන හැඟීමවගේ එකක් ඒක.

      Ok Ok.

      Delete
  16. මෙන්න ඩූඩ් අයියා කාලෙක්න් මේ පැත්තෙ ඇවිත්. ඔය කොයි රැල්ලටත් වග කියන්න ඕනෙ එකම කට්ටිය තමයි. රැල්ල ඇති කරගෙන ඒකටම ගහගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. එකම කට්ටියද? ඒ ගැන නම් මට සැකයි, ගිමන්.

      Delete
  17. මොකදැ අයියෙ, පාන්දරම ඔළුව වත් වැදුනද බිත්තියක.

    මෙව්වට මොකුත් කියලත් බෑ, නොකියත් බෑ. :)

    ReplyDelete
    Replies
    1. ඔලුව වැදිච්ච එක නම් අද ඊයෙක වෙච්ච දෙයක් නෙවෙයිනේ බං.

      එහෙම නම් මොකූත් නොකියා හි‍ටු.

      Delete
  18. වැල්කම් බැක් කිව්වා.මොකද අප්පා වෙලා තිබ්බේ.රැළි ගොඩත් එක්ක මාවත් අතීතයට ගියා බං.

    ReplyDelete
    Replies
    1. එකක් කියලා නෑ බං. බොහෝම බිසි වෙලා හිටියා.
      උඹ මේ ‍රැළි හුඟක් දැකලා තියෙන බව දන්නවා. (පිටරටක ඉන්නකොට මග ඇරිච්ච ඒවා ඇර)

      Delete
  19. මොන රැල්ලක් ගැන කතාකරන්න හරි ආය ආපු එක ලොකු දෙයක් ඩූඩ් .
    අර 'ඩයනා කට්' රැල්ල හා 'චැලි බයිසිකල්' රැල්ල මතකද ?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. පුදුම වැඩේ කියන්නේ ඩයනා කොන්ඩේ කැපුවෙත් ඒකාලේ තිබ්බ එක විලාසිතාවකට. ඒ කියන්නේ ඊට කලිනුත් පැවතුනු ඒ විලාසිතාව ඩයනගේ නමින් රිජිස්ටර් වුන එක. ඔයවගේ තව සිද්ධි ගොඩක් තියෙනවා. මුලින්ම කොණ්ඩේ හයිලයිට් කලේ මාලිංග නෙවෙයිනේ. නමුත් ඒක මාලිංග ස්ටයිල් එක වුනා.

      චැලී ‍රැල්ල. ඒ කාලේ ලංකාවේ ජාතික බයික් එක ඒකද කියලා හිතුනා.

      Delete
  20. ඇයි යෝ යෝ රැල්ල.

    ඩෙනිම ඩ්‍රයි ක්ලීන් කරලද ගත්තෙ හදිස්සියට. තව ටික කාලයක් තිබ්බනං පුස් කනව.

    ReplyDelete
    Replies
    1. යෝ-යෝ අමතක් වුනානේ. ඇත්තට ඒ යෝ-යෝ දැන් කෝ?

      Delete
  21. රැළි රැළි මුහුදු වෙරළේ
    තුරුළු කරගෙන කිටි කිටියේ
    රැළි රැළි මුහුදු වෙරළේ
    තුරුළු කරගෙන කිටි කිටියේ
    ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා
    ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා
    මම රැල්ල පාග පාගා ඇවිද්දා

    ඉන වටා අත දාගෙන
    පන්සලේ පඩි නගිද්දී
    ඉන වටා අත දාගෙන
    පන්සලේ පඩි නගිද්දී
    ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා
    ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා
    මම පඩියෙන් පඩිය ගැන්නා
    පඩියෙන් පඩිය නැග්ගා
    පඩියෙන් පඩිය ගැන්නා
    පඩියෙන් පඩිය නැග්ගා

    කොටු කොටු පදික වේදිකාවේ
    අත්වැල් බැඳන් යනකොට
    කොටු කොටු පදික වේදිකාවේ
    අත්වැල් බැඳන් යනකොට
    ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා
    ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා
    මම කොටුවෙන් කොටුව ගැන්නා
    කොටුවෙන් කොටුව පැන්නා
    කොටුවෙන් කොටුව ගැන්නා
    කොටුවෙන් කොටුව පැන්නා


    ගායනය, සංගීතය, ගී පද - චින්තක ගීතදේව, ගෝෂා

    ReplyDelete
    Replies
    1. ඔය එකම දේ දෙපාරක් කියන්නේ එක්කෙනාමද. අන්තිමට කොටුව පැනලා . අහල නම් නැහැ මේ සින්දුව. අලුත් එකක් වගේ.

      Delete
    2. කාලෙන් කාලෙට එන වසංගතේ නෑ අඩුපාඩූ...
      අසාවට ගත්තම මේකු අපි කුඩේ කුඩූ..

      නිහාල් නෙල්සන්ගෙ මේ සින්දුවෙ ඉතිරි ටික හොයල දාහන් මලේ.

      Delete
    3. සින්දු ඇනෝ, මම නම් අහලම නෑ මේ සින්දුව. ඇත්තෙන්ම උඹ ගාවා සින්දු ගබඩාවක්ම තිබ්බත්, ඒ ඒ වෙලාවට අවශ්‍ය දේ හොයාගන්න හැන්ඩල් එක උඹේ හිතේ ඇත්තේ නේද?

      Delete
  22. ඔයාගේ හොටු පෝස්ට් එක කියෝලා දැන් හොටු කෑල්ලක් නහය ඇතුලට ඇගිල්ල දාලා අල්ලද්දී අත ආපහු එනවා එලියට තැන්ක්ස් හොදේ...


    අතීතයේ මෝසෙස් ගේ කාලෙත් ඔය වගේ රැළි ආවා... ඒවාට මිනිස්සු නතු වුණා,, ආයෙම ඒ වලින් ඈත් වුණා.. මොකක්ද මට තේරෙන් නෑ මේ මනුස්ස ජිවිතේ

    ReplyDelete
    Replies
    1. ඇත්තට? ඔය නහයට වද දෙන එක නොකරන කෙනෙක් ඉන්නවද? මම හිතන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨයි කියල චරිතත් නහය හාරනවා පපරට්සි කැමරා වලට අහුවෙලා තියෙනවා.

      Delete
  23. රැල්ලක් ගහල හරි කලු අයිය උඩ ආපුඑක ගැන සතුටුයි

    ReplyDelete
    Replies
    1. උඩට ආවා සුදු මල්ලියේ.

      Delete
  24. එක එක කාලෙට එක එක රැලි.. හයිබ්‍රිඩ් රැල්ලට අහු වෙච්ච මගෙ යාලුවෙක් ඉන්නවා. හයිබ්‍රිඩ් නෙවෙයි නම් ඒක වාහනයකුත් නෙවෙයි කියන මතයෙ තමයි එයා ඉන්නෙ..

    ඩූඩුත් මකුලු දැල් කඩල ඉවරයි වගේ... :)

    ReplyDelete
    Replies
    1. මකුළු දැල් කැඩුවා. නමුත් පවත්වාගෙන යාම තමයි වැඩේ.

      හයිබ්‍රිඩ් වාහන නෙවෙයිනම් ඒවා මොනවා කියලද යාලුවා කියන්නේ? හයිබ්‍රිඩ්ද?

      Delete
  25. වාහන රැලි
    ----------------------------
    වොක්ස්වැගන් රැල්ල
    ජීප් රැල්ල
    මිනි මයිනර් රැල්ල
    ඇලියොන් රැල්ල
    හයිබ්‍රිඩ් රැල්ල
    වෙසල් රැල්ල
    ට්‍රේල් බයික් රැල්ල--මමත් ඔය රැල්ලට ගියා
    CBR රැල්ල
    පල්සර් රැල්ල
    පල්සර් නැති සමහර උන් කලුපාට වයර් ටේප් ගහලා පස්සේ ලයිට් එක දෙකට බෙදලා පල්සර් පෙනුම ගන්න රැල්ල
    ස්කුටර් රැල්ල


    දුරකතන හා පරිගණක රැලි
    --------------------------------------------
    නොකියා 3310 රැල්ල
    ලංකා බෙල් සන්ටෙල් ෆෝන් රැල්ල
    ඩොන්ගල් රැල්ල
    බ්ලුතුත් රැල්ල
    ලිනක්ස් රැල්ල
    ඩොට් නෙට් රැල්ල
    ටැබ් රැල්ල
    ඇන්ඩ්‍රොයිඩ් රැල්ල

    කාන්තා රැලි
    --------------------------
    කුකරි පන්ති රැල්ල
    රුපලාවන්‍ය කොස් කරන රැල්ල
    ඇසබැම හදන රැල්ල
    කකුලේ මයිල් ගලවන රැල්ල
    ස්කුටර් රැල්ල

    වෙනත් රැලි
    -------------------------
    පටිජෝකා රැල්ල
    බියර් රැල්ල
    එනර්ජි ඩ්‍රින්ක් රැල්ල
    -------------
    --------------
    --------------
    --------------
    --------------->to infinity

    ReplyDelete
    Replies
    1. >>පල්සර් නැති සමහර උන් කලුපාට වයර් ටේප් ගහලා පස්සේ ලයිට් එක දෙකට බෙදලා පල්සර් පෙනුම <<
      එහෙමත් එකක් තියෙනවද? :D

      මහ කලු සිංහලයමද මේ ලාංකිකයා වුනේ මම නැති අතරේ? ඒක පිටිපස්සේ මොකක්හරි කතාවක් ඇති සමහරවිට.

      සෑහෙන ‍රැලි මෙතන සටහන් වෙලා තියෙනවානේ. ඉතා හොඳ මතකයක් තියෙනවා මහ කලු ලාංකිකයට.

      Delete
  26. කාලෙන් කාලෙට ඉතින් මොනා හරි හිට් වෙලා යන එක ඉතින් හැටියක්නේ..

    ReplyDelete
    Replies
    1. මම ඒකේ වරදක් කිව්වා නෙවෙයි. අපිටත් ‍රැල්ලක් වරෝ කියලා පැතුවා විතරයි

      Delete
  27. හෙන්රි
    දඹල ,සෝයා වගේම තවත් ‍රැල්ලක් ආවා සෝගම් කියල මතකද?ඊට පස්සෙද කලින්ද කියල මතක නෑ හරියටම කව්පි ‍රැල්ලකුත් ගියා.වීපින් විලෝ,ඉපිල් ඉපිල්,බෝගන්විලා,මුස්සැන්ඩාස් වගේ ගස් ‍රැලි.ඔය මිනි ස්කර්ට් කිව්වෙ මිනි ගවුමටද?මතකද 70 ගනන්වල ලංගම බස්වල සමහරක එක පැත්තක බංකු සීට් එකක් ගහල තිබුන කෙල්ලො ඔය මිනි ගවුම ඇඳල ඒ සීට් එකේ වාඩි වුනහම හරිම ලස්සනයි. ඔය අරියධම්ම හාමුදුරුවොන්ගෙ බෝධි පූජා ජනප්‍රිය වුන කාලෙ වික්ටර්ගෙ "ස" නැගල යනව.කොල්ලො කිව්වෙ අරියධම්මගෙ "බ",වික්ටර්ගෙ "ස" කියල.හාමුදුරුවො ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක්.75/76 වගෙ කාලෙ පොයට බන කියන්න ඉස්කෝලෙට ආව අර පරන පැවිලියන් එක ඉස්සරහ බන කිව්වෙ සුගුනදාස විදුහල්පතිතුමාගෙ කාලෙ.
    තව චොපර් බයිසිකල් ‍රැල්ලකුත් ගියා.
    ඔය අපේ රුවන් දොස්තර මහත්තය කියල තියන එක ඇත්ත මම හිතන්නෙ මොකද ඔය ග්‍රීස් යකා වගෙ ඒව බැලුවහම.
    ඔය ලංගම බස් එකේ සීට් කතාවෙ තව කෑල්ලක් තියනව.ඒ කාලෙ ලංගම විතරනෙ.වැඩිවෙන මගීන් ගෙනියන්න විසඳුක හැටියට දෙපැත්තෙ තනි සීට් පේලි දෙකක් විතරක් තියල මැද අල්ලගෙන යන්න පොලු ගහල බස් දැම්ම ඔය සෙනග වැඩි දුර අඩු රූට් වලට ,103 වගෙ.මේක සැහෙන්න සාර්තක වුනා.මේ සංකල්පය තවත් ඉස්සරහට ගෙනියන්න කවුරුහරි යෝජනා කලා මීට් එකක් වත් නැති හිටගෙන යන බස් දාමු කියල. හොඳ වෙලාවට
    RMV එක යෝජනාව චකබ්ලාස් කලා සීට් නැති වාහන බස් හැටියට රෙජිස්ටර් කරන්න බෑ කියල .

    පද්මකුමාර

    ReplyDelete
  28. හෙන්රි
    දඹල ,සෝයා වගේම තවත් ‍රැල්ලක් ආවා සෝගම් කියල මතකද?ඊට පස්සෙද කලින්ද කියල මතක නෑ හරියටම කව්පි ‍රැල්ලකුත් ගියා.වීපින් විලෝ,ඉපිල් ඉපිල්,බෝගන්විලා,මුස්සැන්ඩාස් වගේ ගස් ‍රැලි.ඔය මිනි ස්කර්ට් කිව්වෙ මිනි ගවුමටද?මතකද 70 ගනන්වල ලංගම බස්වල සමහරක එක පැත්තක බංකු සීට් එකක් ගහල තිබුන කෙල්ලො ඔය මිනි ගවුම ඇඳල ඒ සීට් එකේ වාඩි වුනහම හරිම ලස්සනයි. ඔය අරියධම්ම හාමුදුරුවොන්ගෙ බෝධි පූජා ජනප්‍රිය වුන කාලෙ වික්ටර්ගෙ "ස" නැගල යනව.කොල්ලො කිව්වෙ අරියධම්මගෙ "බ",වික්ටර්ගෙ "ස" කියල.හාමුදුරුවො ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක්.75/76 වගෙ කාලෙ පොයට බන කියන්න ඉස්කෝලෙට ආව අර පරන පැවිලියන් එක ඉස්සරහ බන කිව්වෙ සුගුනදාස විදුහල්පතිතුමාගෙ කාලෙ.
    තව චොපර් බයිසිකල් ‍රැල්ලකුත් ගියා.
    ඔය අපේ රුවන් දොස්තර මහත්තය කියල තියන එක ඇත්ත මම හිතන්නෙ මොකද ඔය ග්‍රීස් යකා වගෙ ඒව බැලුවහම.
    ඔය ලංගම බස් එකේ සීට් කතාවෙ තව කෑල්ලක් තියනව.ඒ කාලෙ ලංගම විතරනෙ.වැඩිවෙන මගීන් ගෙනියන්න විසඳුක හැටියට දෙපැත්තෙ තනි සීට් පේලි දෙකක් විතරක් තියල මැද අල්ලගෙන යන්න පොලු ගහල බස් දැම්ම ඔය සෙනග වැඩි දුර අඩු රූට් වලට ,103 වගෙ.මේක සැහෙන්න සාර්තක වුනා.මේ සංකල්පය තවත් ඉස්සරහට ගෙනියන්න කවුරුහරි යෝජනා කලා මීට් එකක් වත් නැති හිටගෙන යන බස් දාමු කියල. හොඳ වෙලාවට
    RMV එක යෝජනාව චකබ්ලාස් කලා සීට් නැති වාහන බස් හැටියට රෙජිස්ටර් කරන්න බෑ කියල .

    පද්මකුමාර

    ReplyDelete
    Replies
    1. උඹ අවධාරණය කරන්නද කොහෙද දෙපාරක් ලියලා තියෙන්නේ. :D
      සෝගම් ඇතුලු ගස් ‍රැල්ලක් තිබ්බා තමයි.

      මිනිස්කර්ට් කිව්වේ මිනි ගවුමට තමයි මචං.

      උඹ ඔය කියන බස් මචං ඔස්ටින් ලොරි චැසියට ගහපු බස් නේද? ඕව කඩුවෙල හෙම දිව්වා මට මතකයි. උඹට ඕක මිනිස්කර්ට් අස්සේ මතක් වුනේ ඇයි කියලා හිතලා බලපං, ඒ මැද්දේ පොලු ගහපු ෆ්‍රේම් එකේ කලු රෙද්දක් දැම්ම හරි දාන්න යෝජනා වුනා හරි මිනිස්කර්ට් එක ඇඳලා මූණට මූණ බලාගෙන බෝක්කු ඇරන් යන එකට විසඳුමක් හැටියට.

      RMV එකත් වැදගත් වැඩ කරනවා එහෙනම්. අඩේ ඔය උඩ තියෙන සීට් දෙපැත්තෙන් තිබ්බේ ඔය subway\metro එකේ සීට් තියෙනවා වගේ. උඹ කියන්නේ අර ඉස්සරහ බලාගෙන යන තනි සීට් ගැන නැම්, ඒවා දිව්වා 103, 171 රූට් වල හෙම.

      Delete
  29. හ්ම්,ඔහෝම තමයි බං ඩුඩ්යියේ,කාලෙන් කාලෙට එක,එක රැළි එනවා,යනවා.
    ලෝකේ වෙනස් වීම් වලට අපිත් අනුගත වෙන්න ඕනේ බං.නැතිනම් වෙන්නේ අපි වඳ වෙන එකයි.

    උඹ කියලා තියෙනවා වගේ ඩුඩ්යියේ මිනිස්සුන්ට වටිනාකම් ලැබෙන දිනයක් වැඩි කල් නොගිහින්ම එවි.කරන්න තියෙන්නේ අපේ ආකල්ප සුබවාදී විදියට වෙනස් කරගන්න එකයි.:)

    ReplyDelete
    Replies
    1. නැචුව නැචුව! අනුගත වෙනවා බං. නමුත් එක්තරා සීමාවකට. දැන් කොණ්ඩේ වැව්වට පෝනිටේල් දැම්මේ නෑ. කොණ්ඩේ කොටට කැපුවට තට්ටේ ගෑවේ නෑ. ආසාවක් තිබ්බට පච්චයක් කොටාගෙන කණට ඉයර්රිං එකක් දැම්මේ නෑ. (almost දැම්මා හැබැයි. :D ) දැන් කලිසම තරමක් හීනියට ඇන්දට එල්ලලා අඳින එක නම් දිරවන්නේම නෑ.

      Delete
  30. Replies
    1. නියම රසල් යෝ යෝ , සුපර් යෝ යෝ, ගැලැක්සි යෝ යෝ

      Delete
    2. සජ්ජට කොහොමද බං යෝ-යෝ බ්‍රෑන්ඩ් මතක තිබ්බේ?
      ඔ‍ටු පැටික්කි වෙල්කම් කිව්වා.

      Delete
  31. රැළි වෙනස් වෙන විදිය යනගමන් සිංදු අහන්න වොක්මන්, ඩිස්ක්මන්, අයිපොඩ්,ස්මාට් ෆෝන්
    ෆිලුම් බලන්න VHS , VCD , DVD , බ්ලූ රේ

    ReplyDelete
    Replies
    1. මගේ වෝක්මක් එකක් තාම තියෙනවා. audio cassette විතරයි නැත්තේ.

      Delete
  32. තවලම, සුදු නෙළුම වගේ ඒවත් කාලයක් නැගලා ගියා නේද සුදා...

    ReplyDelete
    Replies
    1. බරබාගේ, බයිසිකලේ වගේ ඒවායේ නම් නැගලා ගියා. තවලමෙත් නැගලා ගියා කියමුකෝ. සුදු නෙලුමෙත් නැගලා ගියාද?

      Delete
    2. නැගලා ගියාද කියලා චන්ද්‍රිකාගෙන් හරි මංගලගෙන් හරි අහලා බලන්න...හරියටම කියයි....එතකොට.

      Delete
  33. ඔන්න ඔහොමලු ඉතින් උනේ ........ ඇයි සිංහල බොග් රැල්ල අමතක උනාද

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම දෙදාස් මුල ගනං වල මම බ්ලොග් කියලා දෙයක් දැනගෙන හිටියේ නෑ තමයි.

      Delete
  34. හිටියා උදාර කොල්ලෙක්
    ඌට හිටියා උදාර බල්ලෙක්
    උගෙ ඇඟේම නෑ එක මැක්කෙක්
    උගෙ ඇඟේම නෑ එක මැක්කෙක්

    දවසක් දා ඌ දික් කරගෙන උගෙ හොම්බත්
    හිටියා හොඳටම මැලවුනු ගතියෙන් හෙම්බත්
    ඌ කන්නෙ බොන්නෙ නෑ, ටනා නානනා ටනා නානනා ටනා නානනා (වචන මතක නෑ)
    බල්ලා බල්ලා බල්ලා

    උඹට මස්කටු ඕනෙද?
    පපඩම් ඕනෙද?
    බලුසුප් ඕනෙද?
    බල්ලා බල්ලා බල්ලා

    ReplyDelete
    Replies
    1. අවුරුදු තුන හතර කාලෙ මගෙ ප්‍රියතම සින්දුව ඕක.

      හම්මේ බලු රැල්ලක් යනව තමා! මටත් හොල්මන්ද පොල්කොල වෙලා ඉන්නෙ. ඉස්සර ඉස්කෝලෙ කාලෙ බල්ලෙක් දැක්කම ගඩොල් බාගෙන් පතබාපු උන් දැන් අනා හලි සුවිට් කියල ඔෆිස් ඇඳුමෙන්ම බල්ලව වඩාගන්න සයිස්. ඔටාරගෙ වැඩක් වෙන්නත් බෑ දැන් එම්බාර්ක් ඇවිත් සෑහෙන්න කාලයක් නෙ.

      මෙහෙමයි සමහරු නම් උපතින්ම බලු ලෝලියො. මම පූස්ලෝලියෙක්. සමහරු ඉබි ලෝලියො, සමහරු හා ලෝලියො. ඒක කෙසේ වෙතත් මේ රැල්ලට ලව් කිරිල්ල තමයි පිස්සු හැදෙන සඳ!

      බලු කතා ගොඩක් මතක් වෙනව ඩූඩ්! වැඩ ගොඩක් තියෙනව. පස්සෙ එන්නම් ඈ...

      Delete
    2. ඌ කෑම කන්නේ නෑ, නගුට වනන්නෑ, ලෙවකන්නේ නෑ, නාන නාන නා

      Delete
    3. හිටියා උදාර කොල්ලෙක් ඌට හිටියා හොඳ සැර බල්ලෙක්
      පළාතෙ එන්නෑ බිල්ලෙක් උගේ ඇඟේම නෑ එක මැක්කෙක්

      දවසක්දා ඌ දික්කරගෙන කළු හොම්බත්
      සිටියා පණනැති මැළවුන ගතියෙන් හෙම්බත්
      කෑම කන්නේ නැ බුරන්න යන්නෑ නගුට වනන්නැ ලෙව කන්නේ නැ
      නෑ ....... හරිම ලෙඩක් ..

      බල්ලට වැඩියෙන් කොල්ලයි දැන් ගොරවන්නේ
      කොල්ලට වැඩියෙන් බල්ලයි දැන් ඔරවන්නේ
      තොට මස් කටු ඕනද බලු සුප් ඕනද ගස් ලබු ඕනද පපඩම් ඕනද
      ඌ ...... උපවාසේ ..

      මේ මොන දෙයක් ද කියලා දැවෙනවා කොල්ලා
      නොකා නොබී ඉඳ හොම්බෙන් යනවා බල්ලා
      තොට දම්වැල එපාද කුදුව එපාද තලන්න එපාද කරන්න එපාද
      කෝ ....කියන්නේ නැ

      මේ ගැන හිතලම කෙට්ටුයි දැන් අපේ කොල්ලා
      දවසින් දවසම දිරාලා යනවා බල්ලා
      දෙන්නද බුල් වැක්කෙරෙන කන් දෙක එල්ලෙන ඇස් දෙක නටවන සුනඛ ධේනුවක්
      නෑ ....කියන්නේ නැ

      දැන් දැන් බල්ලගේ තත්වය තරමක් උග්‍රයි
      මාරයා සමගත් දැන් මු හොඳ හැටි මිත්ත්‍රයි
      අදින ගමන් මූ වනලා දෙකන්
      කියනවා මු දැන් මෙහෙම බොලන්
      ඒ ....අහගල්ලා ...

      ස්වාමියාට ඇති කීකරුකම අපි අරින්නේ නැ
      එනමුත් බල්ලා කියනා නම රැක ගන්නත් නැ
      මිනිසුන් අතරේ පොකැට් ගහන්නේත් බෙලිද කපන්නෙත්
      උන්ට කියන්නෙත්.........
      බල්ලා බල්ලා බල්ලා බල්ලා
      බල්ලා බල්ලා බල්ලා බල්ලා ...

      ගායනය - ෆ්‍රෙඩි සිල්වා

      Delete
    4. මේ කමෙන්ට් රිප්ලයි එක ලියලා නැගිටලා යනකොට මට හිතුනා අනේ සින්දු ඇනෝ, ඇවිත් මේ සින්දුව හරියට දාලා පලයං කියලා ආරාධනා කරන්න. ඔය තියෙන්නේ වෙඩි වගේ. ඇත්තෙන්ම කොහෙද බං ඔය නිවැරදි ලිරික්ස් තියෙන්නෙ? අතින් ලියලා එකතු කරපුවද? ඇතිනම් පීසී එකේ තියෙනවද ඕනෙ වෙලාවක කොපි කරලා අලවන්න?

      Delete
    5. පරණ සින්දුනම් අහලා තමයි මචෝ ලියන්නේ ...පීසී එකෙත් ටිකක් තියනවා .ගුගල් දෙයන්ගෙන් ඉල්ලා ගන්නවා ....
      "බල්ලා " සින්දුව අහලා ලිවේ .බලපන් තියන උන ...හැක් හැක්

      Delete
  35. ඔය රැලි වලට ගහගෙන යන්න මිනිස්සු හරි ආසයි. මිනිස්සුන්ට වැදගත් රැල්ලෙ හොඳ නරක නෙවෙයි. රැල්ල කොයි පැත්තට ගියත් ගොඩ දෙනෙක් දෙපාරක් හිතන්නෙ නැතුව ඒකට පනිනව. මට තියන හොඳම උදාහරණෙ තමයි ඔය පීසා, බර්ගර්, EGB වගේ ‘සීතාම්බර කෑම රැල්ල‘.

    ඔය කෑම ජාතියකින් එක වේලකට ගෙවන ගානෙං මටනං අඩුම තරමින් දවස් තුනක්වත් තුන් වේලම හොඳට කන්න පුළුවන්. අනිත් අතට අවංකවම කියන්න මොනම පීසා එකකටත් වැඩිය හොඳ පොල් රොටියක් මට රසයි වගේම කෑවට පස්සෙ “අපරාදෙ සල්ලි“ කියල හිතෙන්නෙ නෑ. :)

    ReplyDelete
  36. හප්පේ උඹ බ්ලොග් ලියන එකෙක් බව දැන ගැනීම සතුටට කරුණක්...

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>