Friday, July 3, 2015

131. පිස්සුවෙ හොඳ එක. ටයිල් රටා.

මේ ලෝකෙ ඉන්න තවත් පිස්සු හුටංලා මිලියන්ගානකට වගේම මටත් මට මතක ඇති කාලෙක පටං,  තියෙනවා ටිකක් අමුතු විනෝදාංස හැට හුටහමාරක්.  මේක අර දැන් උඹල සැකකරනවා වගේ මානසික සංකූලතාවයක් නම්, දැන් ඒක ඉබේ හොඳ වෙනවා නම් හොඳ වෙන්න හොඳටෝම කල් ඇති. එහෙම වුනේ නෑ කියන්නේ  දැං තියෙන්නේ ඒකත් එක්ක ආතල් එකේ ජීවත් වෙන්න පුලුවන්.

ඒ වගේම මේ මම කියන්න යන විනෝදාංසෙ වගේ උඹලා කියන්න ලැජ්ජාවට කාටවත් නොකියා තනියෙම යෙදන තවත් මිලියන් ගණනාවක් විනෝදාංස ලෝකෙ ඇති. ඒවයින් සමහරක් මගෙත් විනෝදාංස වෙන්න පුලුවන්.

ඒ වගේම මං මේ කියන්න යන විනෝදාංසේ තවත් මිලියන ගානක් පිස්සු හුටංලා යෙදිලා ඉන්න එකක් වෙන්නෝනෙ.
 

කැටයම් ඇති. කෙලින්ම කතාවට ඇන්ටර් වෙමු.



මේ තියෙන්නේ අපේ බාත් රූම් එකේ ටයිල් එකක්. මේකේ මුකුත් අමුත්තක් පේනවද උඹලට?

මම බාත් රූම් එකට යන ගානේ (ඒ කිව්වේ පොතක්,  පත්තරයක්, ෆෝන් එකක් නැතුව ගිහින් නිදහසේ ක්වොලිටි ටයිම් එකක් ගත කරන ගානේ )  මම ඉස්සරහ තියෙන ටයිල් දිහා බලාගෙන ඒවයේ  රටා වලින් රූප මතුකර ගන්නවා.  ඒ රූප ටයිල් එකේ රටාව නිර්මාණය කරපු බුවා හීනෙකින්වත් හිතපු එකක් නෙවෙයි.  පොරට පිස්සු හැදෙයි  මේවා දැන ගත්තොත් හෙම.

ඔන්න බලාපල්ලා බොරුද කියලා.




උඹලට පේනවද මන්දා මෙතන ඉන්නෙ ප්‍රේමයෙන් වෙලිලා ඉන්න වානරයෝ දෙන්නෙක්.


මම වඳුරු මූඩ් එකේ නොවෙයි නම් ඉන්නේ මට පේනවා මේ ෂවර් එකක් ගන්න නාරි දේහය. පේනවද?  මේ නාරි දේහය තමන්ට කැමති ගානට ලස්සන කරගන්න පුලුවන් අජස්ටබල් එකක්.


 පෝර්න් විතරක් නෙවෙයි ඕයි.
මට තරමක අධ්‍යාත්මික දේවලුත් පේනවා. 

මේ ඉන්නේ (වෙලාවකට) තාපසයෙක්.
තවත් වෙලාවකට අර සීගිරි ලලනාවක් වගේ කොණ්ඩේ ඔලුව මුදුනට කරලා බැඳගත්ත අම්මන්ඩි කෙනෙක්.

තවත් වෙලාවකට පිළිමයක් වගෙත් පේනවා. 

නමුත් ඒ කතාව එතනිං ඇති.  
මේක දකුණු අමෙරිකාවෙ හරි අප්‍රිකාවෙ හරි තියෙන පිළිමයක්  වගේ මට පේන්නේ ඈ.

අර කට කහනවට කියන කියමනක් තියෙනවනේ Think globally, act locally කියලා. ඔතනින් නොනවතින මම ඊටත්  ටිකක් එහාට ගිහින් පිටසක්වලටම යනවා.

මට මේ  පේන්නේ ඈත  ඈත ඈත වෙනත් විශ්වයකින් ආපු
ඒලියන් බුවෙක්.



මට මේ ටයිල් එකේ තව තව දේවල් පේනවා. නමුත් ඒ ඔක්කොම මෙතන දාලා උමලගෙ ආතල් එක කුඩු කරන්න මම කැමති නෑ.  මම ඕන්න උඹලටත් කරන්න යමක් ඉතුරු කරනවා. මේ හිස් ටයිල් දෙක උඹලා වෙනුවෙන්මයි.

මේක ඩවුන්ලෝඩ් කරගෙන  ඕනෙ තරම් වෙලා ඔරවගෙන ඉන්න පුලුවන් ඒක දිහා. ඔන්නම් බාත් රූම් එකටත් අරං යන්න පුලුවන්නේ.  ඊට පස්සෙ MS Paint වලින් ඇරලා, දකින අලුත් දේවල් අර මම කලා වගේ ස්කෙච් කරලා පෙන්නන්න පුලුවන්. 


පරිකල්පනයට සීමා පනවගන්න එපා.

නමුත් මම එහෙම කිව්වයි කියලා ඕක ආපහු කමෙන්ට් එකක් හැටියට අප්ලෝඩ් කරද්දි පෝර්න් නම් දාන්න එපා ළමායි.

මේ නොදන්න අයට. එහෙම කරනවා නම්  ඕක ඉස්සෙල්ලා Picasa Web Album වගේ මොකක් හරි සයිට් එකකට අප්ලෝඩ් කරලා ඉන්න ඕනෙ. ඊට පස්සේ URL එක පින්තූරේ පිටට පනින්නේ නැතිවෙන්න අලවන හැටි අර යට කො‍ටුවේ කියලා තියෙනවා. ඕන්නම් ඔයිටත් වඩා ආතල් එකක් ගන්න පුලුවන් තමන්ගෙම බාත් රූම් එකේ ටයිල් එකකින් රූප මතුකරගෙන.

එහෙනම් වැඩේ කරමු, ඈ!

Enjoy.





Originally published @ HeyDude in English Language.
Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.

133 comments:

  1. මට පෙනෙන්නෙ බ්‍රා එකක්..

    ReplyDelete
    Replies
    1. උඹ කෙලෙහි ගුණ දන්න පොරක් මෙන්ඩා.

      Delete
    2. නෑ නෑ ඒක ඔ්කගේ රස්සාව...... හම්බ කරන් කන දේනේ.....

      Delete
    3. මම විතරක්ද සදු පොඩි මෙන්ඩා අපි ඔක්කොම කන්නෙ බ්‍රා එකෙනුයි පෑන්ටියෙනුයි..

      Delete
    4. ඩුඩ්ටද? මටද? කූරැට්ටටද? උඔටද අටමෝ?

      Delete
    5. ඇයි මෙන්ඩෝ බෝලාගේ ගෙදර පිගන් නැද්ද

      Delete
    6. ආ..මැලේ මල්ලි උඔ යහතින් ඉන්නවද?

      Delete
    7. එලද බ්‍රා කවදද අර කථාව ලියන්නෙ..හැමදාම කයිය විතරයි...ලියන දවසක් නෑ...

      Delete
  2. dude බාත්රූම් එකට ගිය වෙලාවකට පැය හතරක් පහක් ගත වෙනවා ඇති,, ටයිල් එකේ තියෙන එව්වා බල බලා ඉන්න ගිහින්..

    මාර ටයිල් තමයි හැබැයි..

    ReplyDelete
    Replies
    1. නෑ මොණරි මේක එක පාරින්ම කරන දෙයක් නෙවෙයිනේ. හැබැයි මම ඉස්සර පොත අරං ගියාම නම් ලේසියෙන් එලියට ගන්න බෑ.

      නෑ. ටයිල් නෙවෙයි. පරිකල්පනය.

      Delete
  3. අපි කොච්චර සමානද බන්... !! මම පුදුම වුනා මගේ විනෝදාංශයක් තියන තවත් එකෙක්ව දැකලා...

    ඩූඩේ, කිව්වට පිළිගනින් (කිවම පිළිගනන් බැරිනම් ඊළඟ නිව්වඩුවට ආවම උඹටම කැමතිනම් ඇවිත් බලා ගන්න පුළුවන් ) අපේ ගෙදර සාලේ මේ දැනුත් බිත්තියක් පුරා ඔය වගේ ඇඳපු රූප තියනවා. වෙන මොනවත් නෙමේ පුත්‍රයා ඇඳපු බලි කුරු‍ටු වලට ඔරවන් ඉඳලා මම මතු කරගත්තු ඒවා..

    මේ ටයිලවලින් මට උඩින්ම සර්ප ඔළුවක් පේනවා, යටින් බෙල්ල හරවන් ඉන්න සුනඛ වර්ගයේ සතෙක් පේනවා.. උඹේ අර පොර්න් එකම මට යට කොටසට අස්ස දේහයක් ඇඩ් වෙලා පේනවා.........

    ReplyDelete
    Replies
    1. Welcome to the club සෙන්නා. හරිම සං‍තෝසයි. සමාන අදහස් ඇති වුන් එකට එකතු වෙන එක කොයිතරම් දෙයක්ද. අපි දවසක බලමු උඹ මතුකරගත්ත චිත්‍රත්.

      ඇත්තට? මටත තවත් දහසක් දේවල් පේනවා මේ ටයිල් වල.

      ස්තුතියි අලුත් අදහස් වලට, සෙන්නා.

      Delete
    2. සෙන්නා කියපු එකම තමයි මාත් දැක්කෙ බලපු ගමන්ම. මට පෙනුනෙ ඩයිනොසෝර් ඔලුවකුයි, සමණලයෙක් පස්සෙ ගිහින් ඒකව අල්ල ගන්න බැරුව උඩ බලාගෙන කට පැත්තකින් ඤෑක්... ගාන බළල් පැටියෙකුයි... :)

      Delete
    3. ඒකනේ. අන්න නිර්මාණශීලී හදවත්. :D

      Delete
  4. මම ඔවගෙ රුප ඉස්සර හෙවුවෙ බිත්ති වල බදිල තියෙන දියසෙවල වලින්. ටයිල් වල හොයන එකත් ආතල් :)

    ReplyDelete
    Replies
    1. හරියට හරි පැතුම්. තව සීලිමේ තියෙන වතුර පැල්ලම්, වළාකුල්...හෙවනැලි
      අසීමිත පරිකල්පනය.

      Delete
    2. ගහක පොත්ත (bark)

      Delete
    3. Oh yesss, Pra. වැඩේ දුර දිග ගිහාම වන්දනා නඩත් එන්න ගන්නවා. :D

      Delete
    4. වැඩේ දුර දිග ගිහාම වන්දනා නඩත් එන්න ගන්නවා +++++

      Delete
  5. මට නං රටා හොයන ආතල් එකක් තියෙයි හැබැයි එ ටයිල් වල නං නෙවී. හිහි
    දකින ඕනම එක්ක. සමහර විට ගහක කොල අස්සෙ නැත්තං හුඹහක අර කැරළි කැරළි පස් රටා අස්සෙ නැත්තං වලාකුළක. එහෙමත් නැත්තං බස් එක්ක සීට් එක්ක අර රබර් වගෙ කැන්වස් එකේ මතුවෙලා තියෙන දාර වල. සමහර විට ඔය කැලෑවෙ තියෙන ගලක

    මට පිස්සු මං යනව

    ReplyDelete
    Replies
    1. මෙන්න මගෙ ජාතියෙ එකෙක්.
      ඔහොම හිටිං. ඇයි යන්නේ? පිස්සු නං මෙහෙට වෙලා ඉඳිං. මෙතන තමයි හරි තැන. :p

      Delete
  6. චිකේ...............................ඔයා හරිම වල්. මමත් වහාම අපේ බාත්රූම් එකට ගිහින් බැලුවා, මොන විකාරද ඒකේ තියෙන්නේ කොටු මෝස්තරයක්. තුක් විතරක්. අම්මපා අර උඩ ඉඳලා තුන්වෙනි පින්තූරේ තියන ජාතියේ ටයිල් සැට් එකක් හොයාගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. දැං ඉතිං මේ හදිස්සියේ බාත් රූම් ටයිල් අලුතෙන් දාන්න කියලයැ? ඇත්තට එහෙම කලොත් නෝනා මොනවා කියයිද නේ?

      Delete
    2. විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්ගෙ පඩියකුත් ගන්න එකේ අරන් දාපන් හොඳ සැට් එකක් විචාරක.

      Delete
    3. කතාව ඇත්ත. සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව. ආයෝජනයක්නේ. :D

      Delete
  7. මේ...ලොක්කා....මල බද්ධය කියන්නෙ සෙල්ලං කරන අසනීපයක් නෙවෙයි බං ..භගන්දරාවකට ආවොත් උඹට තේරෙයි රඟේ... හොඳද?....බෙහෙතක් ගනිං හැකි ඉක්මණින්....

    ReplyDelete
    Replies
    1. හයියෝ උඹලගෙ කෙස්ස ගියේ ඉඩෝරෙටද මන්දා බං.

      මළ බද්ධයත් එක්ක කරන්න පුලුවන් බෝල සෙල්ලම්ම කීයක් තියෙනවද!

      ඔය මළ බද්ධයයි පාචනයයි හරියට automatic transmission තියෙන වාහනයක් වගේ පෙඩ්ල් දෙකයි. යනවා. නවතිනවා. ගස්ලබු. කෝපි. You should master the proper balance to drive smoothly.

      Delete
  8. tks dude!
    I was really sick of this all political bull -shits!!!
    Rohan

    ReplyDelete
    Replies
    1. Rohan. So am I dude.

      Do you know I purposely avoided writing the post I really wanted to write thinking if I did these days, it would be stereotyped into another political article.

      Nice to meet another guy who hates this bullshit.

      Delete
  9. උඹට කියන්න ඩූඩ්, අපි හිටිය කුලී ගේක බාත් රූම් එකේ පේන්ට් එකක් ගාලා තියෙන්නෙ සිමෙන්ති මැදපු බිත්තියෙ. පොඩි උන් (සමහරවිට ලොකු උනුත්) ඕක හූරනවා අනික්වා කෙරෙනකං. මං ගිහිං බැලුවම අමුතු අමුතු සත්තු, මිනිස්සු වැහි වැහැලා. බල්ලො, උකුස්සො, මකරු, කොටි ඔක්කොම ඉන්නවා. මට ඒ දවස්වල හිතුනා ෆොටෝ අරගෙන ඔය වැඩේම කරන්න. ඒත් කැමරාවක් ෆෝන් එකක් අරං ඕක අස්සට ගියොත් අපේ උන්දැ මාව දික් කසාද කොරයි කියන බයට නිකං හිටියා.

    ReplyDelete
    Replies
    1. හෑහ්! එහෙම රිස්ක් එකක් ගන්නෙපා. කොයිකටත් උඹේ බ්ලොග ඇහැ ගැහෙන්න තියන්නත් එපා එතුමියට.

      Delete
  10. හැනෝයි වල හිටිය ගෙදර බාත් රූම් ටයිල් කළු. ඔය වගේ ලප වැටිලා. මටත් ඒ කාලේ ඔය පිස්සුව තිබ්බ. දැන් නම් සුදට හුරු ටයිල් එකක්. නිකන්ම නිකං .

    ReplyDelete
    Replies
    1. ඕක මානව හිමිකම් කොමිසමට පැමිණිළි කලෑකි චින්තනයේ නිදහස ඇහිරීම සම්බන්ධයෙන්.

      Delete
  11. ඔය විදිහටම වලාකුළු වලින් රටා මවන්න පුළුවන් එලිට බලාගෙන හිටියහම!

    ReplyDelete
    Replies
    1. වලාකුලු දියවෙලා අලුත් වෙන වේගෙ නේද නාඩියා?

      Delete
    2. හයිවේ එකේ යද්දි කරන්න තියෙන හොඳම වැඩක් නේද නාඩියා වළාකුළු රූප හොයන එක?

      Delete
    3. හෑහ්? වාහනේ එලවන ගමන් වලාකුල් මෝස්තර බලන්න!

      Delete
  12. සිවිලිම දිහා ,වලාකුලු ,රෑ අහස දිහා අඩුම තරම ගල් කැටයක වුනත් ඔය වගේ දේවල් බලා ගන්න පුලුවන් මේ වැඩේ මම නම් කරලා නෑ එකත් නියමයි නේ .....මතු කරන්න දෙයක් නෑ සමහර තැන් වල නම් ,,,,,

    ReplyDelete
    Replies
    1. අපේ අම්මා බිත්තියට වැටෙන හෙවනැළිවල නොයෙකුත් රූප හොයන්න දක්ෂයි.

      Delete
  13. මටත් ඔය ලෙඩේ තිබුණ දැනට කාලෙකට කලින්. ටයිල් නෙමෙයි හුණු ගාපු බිත්තියෙ සීරිච්ච, කඩතොලු විච්ච ඒව දිහා බලල ඔය විදියට එක එක ඒව මවන.
    දැං මේක නෝන දැක්කොත් බොලාට වෙන්නෙ බාත්රූම් එකේ ටයිල් ටික ගලෝල අලුතින් ප්ලේන් ටයිල් දාන්න වෙන එකයි. :P

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මේක රෙන්ට් එකට ඉන්න ගෙදරක් බං.

      Delete
  14. එකම ජාතියේ පිස්සෝ... මම වලාකුළුවලත් සම්බහිය කළා නිර්මාණ දකිනවා...

    ReplyDelete
    Replies
    1. යකෝ මම පොඩි කාලේ වලාකුළු පිස්සෙක්...
      ඒවා හරි ඉක්මණට ඉක්මණට වෙනස් වෙලා වෙනස් වෙනස් රූප හැදෙන එක මරු...

      Delete
    2. හෙන ගහන්න යකෝ මගෙත් ආසම එකක් තමයි වලාකුලු වලින් සූප මවන සෙල්ලම.. ඔය වලාකුලු සෙල්ලම කරපු ගොඩ දෙනෙක් පස්සෙ කාලෙ සූස්ති ආතල් එකට සැට් උනා..

      Delete
    3. වලාකුළු නඩයක්ම ඉන්නවනේ යකෝ. දැන් උඹලා ඔක්කොම සූස්ති ආතල් එකට සෙට් වෙච්ච උන්ද පහු කාලෙක?

      Delete
    4. මමත් වළාකුළු ෆෑන් කෙනෙක්. හැබැයි අර අනිත් කැටගරියෙ නෑ.

      Delete
  15. ඔන්න මමත් නාරිදේහයක් මතු කර ගත්තා ඩුඩ්යියේ ටිප්ටොප් එකට.:D

    ReplyDelete
    Replies
    1. මම දන්නවා උඹ මතු කරගත්ත එක. ෂ් ෂ් ෆුල් පෝර්න් නෙහ්?

      Delete
  16. පොඩි කාලෙ ඉස්කෝලෙ පංසලට සතියකට සැරයක් එක්කගෙන යනවා.එතන හඳුන්කූරු පත්තු කරලා තියෙනවා.. ගාථා කියනකන් මම පුදුම වින්දනයක් ලැබුවෙ ඒ දුම ඇතුලෙන් පෙනෙන රූපත් එක්ක.
    පස්සෙ පස්සෙ අභ්‍යවකාශ ගතවෙන්න පටන් ගත්තම ලයිට් ඕෆ් කරලා ෆෝන් එකේ ටෝච් එක සීලිමට ගහලා ඒ එලියට දුම් පිඹින්න පුරුදු උනා...
    මම හිතාගෙන හිටියෙ මට පිස්සු කියලා.ඒ නිසා කාටවත් කිව්ව්වෙ නෑ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. හඳුන්කූරු දුමෙනුත් නියම රටා මැවි මැවි නැතුව යනවා තමයි.
      පිස්සු කිව්වට ඇත්තටම නිර්මාණශීලිත්වය බං.

      Delete
  17. ලෑන්ඩ්ස්කේප් එක බලලා අඟහරු ලෝකේ මිනිස් මූණු පේනවා කියන්නෙත් මේවගේ දෙයක් කියලත් හිතෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙම කියනවද? හඳේ පේන දේ නම් රටින් රටට වෙනස් වෙන බව ඇත්තයි. අපිට හාවා. තව රටකට ආච්චි කෙනෙක්. තවත් කෙනෙකුට වෘකයෙක්. ඔන්න ඔය වගේ...

      Delete
  18. ඔය පිස්සුව නම් හැමෝටම ඇති. වලාකුලක් දැක්කත් ඒකෙ රටාවක් හොයන පුරුද්ද නම් මටත් තියෙනවා. දැන් ඉතින් ආපහු දිගටම පෝස්ට් ටිකක් ලැබෙයි නේද අපට?

    ReplyDelete
    Replies
    1. කැමරාවක් කරේ දාගෙන ඉන්න තමුන්නැහෙට නම් ඒ පුරුද්ද තියෙන්නම ඕනෙ. එහෙම ලියන්න තමයි බොලං හිතාගෙන නං ඉන්නේ.

      Delete
  19. හඳේ හාවා සහ තරු රටා එහෙම උඹේ ඔය පරිකල්පනේම එකස්ටෙන්ෂන් නේද? එහෙට මෙහෙට හැරිල බැලුවා.. පේන්නෙම පෝර්න් වගේ ඒවා නිසා ඕන් මෙතන කියන්න යන්නේ නෑ.. හැක්.
    පෝස්ට් එකයි කොමෙන්ට් ටිකයි කියෝලා පට්ටම ෆන් එකක් ගත්තා.. (ඒක මගේ විනෝදාංශයක්. :)

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න කමියෝ මට නම් ඔය තරු රටා එකක්වත් පේන්නේ නෑනේ. මම සෑහෙන්න ට්‍රයි කරලා තියෙනවා. මොන විදියෙන්වත් හොයාගන්නත් බෑ. මතක් තියාගන්නත් බෑ.
      Maybe I'm not a star person.

      Delete
  20. අර ඒලියන් ෆේස් එකනම් මං කියවන්න පටන් ගනිද්දීම තිබ්බ පලවෙනි ෆොටෝඑකේම දැක්කා . ඔයිට වඩා මරු රටා තියෙනවා මුළුවල බැඳලා තියෙන මකුළුදැල් වල. තව ලයිට් එක දාලා තියෙද්දී ෆෑන් එක වැඩකරද්දී මදුරු දැල අස්සෙන්. හැබැයි වලාකුළු රටා තමයි මගෙත් ෆෙවරිට්

    ReplyDelete
    Replies
    1. වලාකුලු වලට අපි සලකනවා මදිද මන්දා, බං. වලාකුලු හැම එකාගෙම ලිස්ට් එකේ තියෙනවනේ.

      Delete
  21. උබ දන්නවද අයි‍ෙයෙේ මමත් ඔ‍ෙහෙොම දකිනව ඒත් ඇදල ‍ෙපෙන් නනපෙන්නන්ඩ සිත්තර අදින්ඩ පුලුවන් එකක් යැ.උඹ දන්නවද මට හින ‍ෙපෙේනව ‍ෙකෙොටස් වශ‍ෙයෙන් කලින් ඇහැරුන තැනට ගානට කන්ටිනියඅටියුටි තියල.බත් එකක් බා‍ෙගෙට කාල ඇහැරැනත් තව මා‍ෙසෙකින් ‍ෙදෙකකින් බුගිං ඩයල් එකකි් ඇවිත් කාල නවත්තපු තැනදි බත් එක උදුරල මුනට ගහනව

    ReplyDelete
    Replies
    1. උඹ එක්කෝ හීන බුක්මාක් කරලා. නැතිනම් උඹ හීන බලන්නේ GOM Player හෝ සිමිලර් ඇප් එකකින්. ඒකෙ ඔප්ෂන් එකක් තියෙනවනේ කලින් නවත්තපු තැන ඉඳං පටං ගන්න.

      Delete
  22. Mama hithuwe mata witharai pissu mongal kiyala. Ey gelawichcha paint wala, walaa kulu wala, wathura beerena biththi wala. Ammoo psycho wage.. Lol

    ReplyDelete
    Replies
    1. ටික්කා උඹ කිසිම සැකයක් තියාගන්න එපා උඹ තනි වෙලා කියලා. අපි හෙන රංචුවක් ඉන්නවා උඹ එක්ක.

      Delete
  23. සිමෙංති දාපු පොලවෙත් ඔය කේස් එක තියෙනව.

    ReplyDelete
  24. සිමෙංති දාපු පොලවෙත් ඔය කේස් එක තියෙනව.

    ReplyDelete
    Replies
    1. හරි බං තියෙනවා. දෙපාරක් කියන්න ඕනෙ නෑ මමත් දැකලා තියෙනවා.
      උඹේ හක්කේ දතක ලොකු කුහරයක් ඇති ස්‍රංග. :D

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. නිකං මොකටද ආයෙ.... මටත් පේන ජාති ඔක්කොම ඇන්දා... චිත්‍ර ඇඳීමේ හැකියාව සෘණ මට්ටමේ නැත්තං තව ටිකක් අඳින්න තිබ්බා.... මම ඉතිං පැත්ත මාරු කරලා, පෙරළලා එහෙමත් ඇන්දා ආතල් එකට වගේ....

    1. උඩරට නැට්ටුවෙක්... කොල පාටින් ඇන්දේ, පස්සෙ කලු පාටින් අඳින්න හැදුවා, මේ ගාණට ආවෙ නෑ.
    2. පොඩි මකර පැටියෙක් කියමුකෝ...
    3. ඩූඩ් කොම්පියුටරේ ලඟ වාඩි වෙලා ඉන්නවා...
    4. තවත් ඒලියන් බුවෙක්...

    ... උඩයට මාරු කරන ලදී..

    5. තවත් වානර ජෝඩුවක්...
    6. බඩදරු අම්මා කෙනෙක්

    7. හෑ..... මේ කවුද? මම නම් නෙමෙයි මේක ඇන්දේ....

    [im]http://i57.tinypic.com/11tyhyd.jpg[/im]

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. 7.ඒ මම මතු කරගත්තු ටිප් ටොප් එකනේ හිටං :D

      Delete
    3. තිසර මේක නම් මාරයි. මම පැත්ත හරවලා හෙම බැලුවේ නෑ. උඹ නම් මාරම නිර්මාණශීලී යකෙක්. කියන්න වචන නෑ.

      Delete
    4. නියමයි තිසර අයියේ යටම තියෙන එක මරු,

      Delete
  27. දෙක කරන්න ගියාම ටයිල් බලන්න වෙන්නෙ බඩ වේලිල්ල තියෙන බුවාලටයි..ඇයි ඉතින් පැයක් විතර කොමෝඩෙකට බර වෙලා ඉන්න වෙලාව තියෙනවානෙ.ඕකට වැඩියෙන් ෆයිබර් තියෙන කෑම කාපන්.. (විහිළුවක් බං)
    තමුන් බලන හැටියටයි පෙනෙන්නෙ. ඔන්න අටමා බැලුවාම පෙනෙන්නෙ මහන මැෂින්මයි.මෙන්ඩා දකින්නෙ බ්‍රා. මාතාට පෙනෙන්නෙම සුද්දො ..දේශකයාට පෙනෙන්නෙම .... එක්කො ඕනෙ නෑ.
    ඉස්සර අහස දිහා බලං නිදහසේ ඉන්න කාලෙතිබ්බ දවස්වල මට ඔහොම පිස්සුවක් තිබුණා. වලාකුළුවල එක එක රූප දකින ..

    ReplyDelete
    Replies
    1. නෑ බං. හරි ෆයිබර් ඩයට් කෑවාම පරිමාව වැඩිහන්දා වෙලා යනවා.

      People see what they want to see.

      Delete
  28. මේික දිහා බලං ඉන්න කොට පේනවනෙ, අතින් අත අල්ලෙගන මූණට මූන බලාගෙන ඉන්න සුරංගනාවියකුයි, යක්ෂෙයකුයි...

    ReplyDelete
    Replies
    1. කෝ කෝ? දැන් මම තමයි අමාරුවේ වැටෙන්නේ. යකෝ ඔය තිසර කලා වගේ අප්ලෝඩ් කරහංකෝ.

      Delete
  29. හප්පේ එක වගේ තවත් පිස්සෙක් දැක්කම තියෙන සංතෝසෙ. මට මතක් වුනේ, ඔන්න ඉස්සර දවසක් මම ඉස්කෝලෙ යන්න ලෑස්තිවෙලා බාත් රූම් එකෙන් එලියට එනවා.

    "තාත්තේ, මං අර උළුවස්ස පල්ලෙහා හිටපු ගෙම්බව කිඹුලෙක් කලා."

    "චැහ්! මොකද්ද ඕයි. මං ගෙම්බව දැක්කෙ නෑනෙ තාම."

    "කමන්නෑ තාත්තෙ නැට්ට කෑල්ල නොබල පොඩ්ඩක් ඔලුව ඇල කරල බලන්න."

    ඊට ටික වෙලාවකට පස්සෙ, තාත්තා බාත් රූම් එක ඇතුලෙ ඉඳන් කෑ ගහනවා.
    "අක්කියා මෙන්න ටැප් එක ගාව ඉන්නවා මන්තරකාරියෙක්."

    "කොස්ස අඳින්නෙ මම ඈ."

    අපේ අම්ම පරාණ බයේ ඉන්නෙ වටේ ක්වාටර්ස්වල මිනිස්සු අපිව කුදලගෙන ගිහින් අංගොඩට දාල එයි කියලා.

    ඔයවගේම ආතල් වැඩක් තමයි කෝපි බීලා ඉතුරුවෙන මණ්ඩි වලින් පින්තූර හදන එක. මම ඒ වැඩේ කරනව මුලින්ම දැක්ක දවසෙ තාත්තත් සුටුස් ගාලා එයාගෙ කෝපි කෝප්පෙත් අරන් එතෙන්ටම සෙට් උනා පින්තූර හදන්න.

    දැන්නම් මගේ ප්‍රියතම එක වළාකුළු. වැඩේ තියෙන්නෙ සේරම පින්තූර ටික බලන්න කලියෙන් ඒවා වෙනස්වෙන එක. අනික බස්සට පෙන්නන්න හදනකොට බල්ලා සමනළයෙක් වෙලා, නැත්නම් මන්තරකාරි තොප්පියක් වෙලා.

    ReplyDelete
    Replies
    1. බස්ස මොකෙක් වෙයිද දන්නෙ නෑ

      Delete
    2. මරුම පවුලක්නේ බං. Runs in the family, huh!
      කෝපි මණ්ඩි වලින් රටා මවන්නේ කෝප්පේ අඩියෙ තියෙද්දිද නැතිනම් මේසෙ උඩට හලලද? ඕක නෙස්කැෆේ, මොකාටේ වගේ ඉන්ස්ටන්ට් කොෆී වලින් කරන්න බෑ බස්සී. ඒකෙ මණ්ඩි කියලා ජාතියක් නෑනේ හරිශ්චන්ද්‍ර කොෆී වගේ.

      @Pra Jay: ගේන්න ඉන්න බසු පැටියා???? :O

      Delete
    3. කෝපි අඩියෙ තියෙද්දි ඩූඩ්. මණ්ඩි එක්ක යාන්තම් දියරමය ගතියක් තියෙන්න ඕනෙ කරකවලා පින්තූරෙ වෙනස් කරන්න.

      නෙස්කැෆේවල තියෙන ලොකුම අවාසිය තමයි ඒක.

      Delete
  30. බාත්රුම් ගිහින් අහවල් වැඩේ කොරේ නැතෙයි. . .

    ReplyDelete
    Replies
    1. මතක් වුනොත්, වෙලාවක් තිබ්බොත් ඒකත් කොරනවා මල්කොබා. :D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. [im#]http://i60.tinypic.com/jb62ar.jpg[/im]
      [im#]http://i58.tinypic.com/144gev.jpg[/im]
      ලාවට වගේ හිතුන දෙයක් ඔපීසියෙ නිසා ටික වෙලාවයි යොදවන්ඩ පුලුවන්.

      Delete
    5. ෂෝයි,,

      Delete
    6. අපූරුයි සුරේෂ්. ඇත්තෙන්ම මේවා නම් මම දැක්කෙත් නෑ. දැන් අද ඉඳන් මගේ පාඨක ජනතාවක් දකින රූප හොයන්න ගිහින් තවත් වෙලා ගත කරන්න වෙනවා.
      බොහෝම ස්තුතියි සුරේෂ් කම්මැලි නැතුව පින්තූරම අප්ලෝඩ් කලාට.

      Delete
  31. මං හිතුවේ බස්සිට මට වගේ පොඩි වුන්ට තියෙන මානසික සීන් ලොකු අයට නෑ කියලා. ඩුඩ් අයියගේ අර හොටු නහයෙන් පරිස්සමට එලියට ගන්න පෝස්ට් එක කියෙවුවට පස්සේ ... ආයේ මේකෙන් පස්සේ තේරුණේ ඒ වගේ ලොකු අයත් ඉන්නොනේ කියලා.. මං මුලින්ම ටයිල් කියවන්න පටන් ගත්තේ මොන්ටිසෝරි යද්දී. අම්මා රට ඉද්දි අච්චි අම්මා හෝ පුංචි අම්මා කෙනෙක් මාව මොන්ටිසෝරි ඇරුනම ගෙනියම්ම එනවා ඒත් එයාලා එන්නේ ගොඩක් පරක්කු වෙලා පැයකට වඩා හැමදාම මං තනියෙන්.. කවුරුත් එක්ක කතා නොකර දාඩිය පිරුණු ,කිලුටුවෙච්ච යුනිෆෝර්ම් එක ඇඳන් ,, කඳුළු පයින්න ඔන්න මෙන්න වෙච්ච තොල පිට පෙරලිච්ච මුණෙන් බිත්තිවල ටයිල් අත ගගා ඇඟිල්ලෙන් රූප මතුකරන්න හදපු හැටි කවදාවත් අමතක වෙන්නේ නෑ...

    ඒ වගේම සරුංගල් අරින කාලෙට සරුංගලේ උඩටම ගියාට පස්සේ ගහක හරි වෙල මැද්දේ තියෙන ඉන්නක හරි ගැටගහලා මමයි අපේ මාමගේ පුතාලයි අහස දිහා බලන් ඉන්නවා තරගෙට රූප හොයාගන්නේ.. ඒක හරි ෆන් වැඩේ ..

    ReplyDelete
  32. මාත් මේ දැන් රූප අදිනෝ අප්ලෝඩ් කරන්නේ කෝමද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මම මේක දැක්කා. නමුත් මට ගෙදර යන්න හදිසි නිසා වැඩේ කල් දැම්මා. මම නැති අතරේ උපේක්ෂා උදව් කරලා තියෙන්නේ. ඇයි බොලව් අර පෝස්ට් එකේ අග සහ කමෙන්ට් වැලේ පහත් දීලා තියෙන්නේ ඕක කරන හැටි විස්තර ඇතුව.

      මෙතන ටයිල් කතාවක් සහ කඳු කතාවක් යන දෙකක්ම තියෙනවා.

      මනෝ විකාර වලට වයස බලපාන්නේ නෑ බං. ඒවා පොඩි කාලේ ඉඳම්ම අඩුවැඩි වශයෙන් තියෙනවනේ. :D

      Delete
  33. [im#]https://picasaweb.google.com/106688095507280949303/DropBox?authkey=Gv1sRgCKmpwq_d3pGyuAE#6168297579412074242[/im]

    ReplyDelete
  34. අනේ මෙව්වා වගේ පික්ෂු දේවල් කරනවද ආ? අපිට නම් ඔහොම පින්තුර පේන්නේ නැහැ.

    ( බාත්රූම් එකේ ටයිල් එකට උඩට තියෙන කොටසට මම නාන්න ගියාම රටාවට වතුර ඉහනවා. ඒකෙන් චිත්‍ර මැවෙනවා. ඔහොම කරලා මම දවසක් බල්බ් එකට වතුර විදලා බල්බ් එක 'තොහ්' ගාල පිපිරුව. අදටත් කවුරුත් දන්නේ නැහැ කොහොම පිපිරුනාද, මම මොකක් කලාද කියල.... රටේ මොකක් හරි රහසක් තියෙන්න එපෑ නේද?)

    ReplyDelete
    Replies
    1. හොහ් හොහ්. එහෙම රහස් තියෙනවා සහ තියෙන්න ඕනේ, නැද්ද? ඔය සීලිමට ෂවර් එකෙන් වතුර අල්ලන්න හේතු කීපයක් බලපානවා.

      1. මකුළු දැල් කැඩීමට.
      2. මකුළුවා පැන්නීමට.
      3. මදුරුවන් දඩයම් කිරීමට.
      4. මැස්සෙකු බිම දැමීමට.
      ...යනු ඉන් කීපයක් පමණයි.

      ඔය කොයික කලත් බල්බ් එක සෙත්තපෝච්චි වෙන්න පුලුවන.

      Delete
    2. "ආ තෝ නානව නේද?" අහන්නා වාගේ ඇස් ඩොගිත්තාගෙන බලා ඉන්නා හූනාව එළවීමට.

      Delete
  35. [im]https://picasaweb.google.com/106688095507280949303/July62015#6168323414181823138[/im]

    ReplyDelete
    Replies
    1. Try to upload through this site
      http://tinypic.com/

      I think since its https it wont come properly

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. [IM]http://i59.tinypic.com/voylio.jpg[/IM]

      Delete
    4. [IM]http://i62.tinypic.com/iw291c.jpg[/IM]

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. උපේක්ෂා මේකත් ඕනේ,,

      Delete
    7. බලන්නකෝ මෙයාල සහයෝගෙන් වැඩ කරන හැටි! ආදර්ශමත් පාඨක ජනතාව.

      Delete
    8. [im]http://i60.tinypic.com/2yl4a48.jpg[/im]

      ඔන්න ඔමා

      Delete
    9. ඩුඩ් :
      කරන එකාට සප් එක දෙන්න එපෑ. නැද්ද? මට ඔව්ව අඳින්න පට්ට කම්මැලියි

      Delete
  36. උපේක්ෂා තෑන්ක්ස් පැටියෝ... උම්ම්මා ...... අනිත් අය ඇඳපු ඒවා ස්කිප් කරලා අලුතෙන් දෙක තුනක් නිකමට ඇන්දේ...

    ReplyDelete
  37. [IMG]http://i60.tinypic.com/2yl4a48.jpg[/IMG]

    ReplyDelete
    Replies
    1. [im#]http://i60.tinypic.com/2yl4a48.jpg[/im]

      Delete
    2. thaanks අනා :)

      Delete
    3. Thank you too for all the trouble you took.

      Delete
  38. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මාත් එකක් දැක්කෝ...
      [im]http://tinypic.com/view.php?pic=sv5avn&s=8#.VZtX_3c49e4[/im]

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. [im]http://oi58.tinypic.com/sv5avn.jpg[/im]

      Delete
    4. තව බලපියෝ. :D

      Delete
  39. මාත් මේ වගේමලු.... හි..හි...

    මම වැඩිපුරම කරන්නේ වලාකුළු රූප අඳින එක තමයි. තව එතකොට කඳු පන්ති, අතු පතර විහිදුනු ගස්, මුහුදු රළ පේලි දැක්කහම මට එක එක දේවල් හිතෙනවා.

    බැලුවහම මම වගේ කට්ටිය ගොඩක් ඉන්නව නේද.. සතුටුයි සතුටුයි...

    ReplyDelete
    Replies
    1. ඇයි මෙච්චර සමාන අදහස් ඇති සමාන පිස්සෝ මෙච්චර රංචුවක් ඉන්නවා කියලා දැනගත්තාම මට ඇතිවෙච්ච සතුට! :D

      Delete
  40. ගහට ගහක් මොරටුවෙදි වගේ, පිස්සො සේරම ඩූඩ්ගේ බ්ලොග් එකේ සෙට් වුන එකනේ වැඩේ.. මටත් ඔය ලෙඩේ තියනවා, හැබැයි ටයිල් විතරක් නෙමෙයි, බිම බලාගෙන හිටියොත් පොළවේ, උඩ බලාගෙන හිටියොත් අහසේ හැම තැනම එක එක විකාර රූප පේනවා.. ඒ වගේම මටත් හීන continue කරන්න පුලුවන්, අද බලපු එකේ ඉතිරි ටික හෙට...

    ReplyDelete
    Replies
    1. අර මම ඉහත කමෙන්‍ටුවකට කිව්වා වගේ ඔයා හීන බලන්නේ GOM Player හරි සමාන ඇප් එකකින් හරි වෙන්නැති. එතකොට කලින් වතාවේ නවත්තපු තැන ඉඳන් play වෙනවා. එහෙම නැතිනම් ඔයාගේ ඔලුවෙන් ඒවා බුක්මාක් කරනවා ඇති.

      සතු‍ටුයි කාලෙකින් දකින්න ලැබීම ගැන.

      Delete
  41. අයියෝ මටත් තියනවා ඔය ලෙඩේ. කරුමෙට එකකවත් ෆොටෝ නම් ගහගෙන නැහැ. මම වැඩිය මේසේ එහෙම පිහදාන්නේ නැත්තේ එකෙ තියන දූවිලි තට්ටුවේ එක එක රූප මැවිලා පේන නිසා :D

    ReplyDelete
    Replies
    1. මේසේ පිහ නොදෑමෙන් තියෙන තව වාසි:

      අනිත් අයට note එකක් තියලා යන්න.
      බඩු ලැයිස්තු ලියන්න.
      ඉවර වෙච්ච සහ වේගන එන බඩු ලියලා තියන්න
      චිත්‍ර අඳින්න
      ඩූඩ්ල් කරන්න

      Delete
  42. [im]https://lh3.googleusercontent.com/-u74NS_Wv_wc/VZzt97Q6KPI/AAAAAAAAAmg/VLtFmciDlZ8/s640/The%252520Tile%2525206.png[/im]

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක්ගෙ මුනකින් බාගයකුයි දෙකට නැවිල ඉන්න sunny යි

      Delete
    2. නියමයි. සනී කවුද කියලා හිතාගන්න මට විනාඩි කීපයක් ගියා. හෙහ් හෙහ්

      Delete
  43. වෙල්කම් ටු ද ක්ලබ්. මටත් ඔය ලෙඩේමයි ටයිල් වල රටා හොයන එක .

    ReplyDelete
    Replies
    1. දැන් නම් වෙලාව අඩු ඇති රටා හොයන්න මම හිතන්නේ. ආපසු දකින්න ලැබීමත්න් සතුටක් පිණිබිඳු.

      Delete
  44. මම එද්දි ලිපිය නැගලම ගිහිල්ලා නේද...හෙන්රි අයියා පුංචි දේකින් මේ ලිපිය ලියලා තියෙන විදිය අපූරුයි..මම ටයිල් වලින් නෙමෙයි...ඔය එක එක තැන් වලට ලංකාවෙ ගියාම වැහි වතුරට පැල්ලං ගැහුන පරණ සීලින් තියෙන්නෙ සුදු පාට ලොකු කොටු සීලිම...අන්න ඒවායින් නම් රූප මවලා තියෙනවා...

    ReplyDelete
  45. ඔන්න එකක් කියලා දුන්නා. දැන් ඉතින් කොහෙ බැලුවත් රූප මැවෙන්න ගනී. හැබැයි ඒක මරු වැඩක් කම්මැලි වෙලාවට.

    ReplyDelete
  46. මමත් ඔය වැඩේ කරනව​. මමත් කරන්නෙ බාත් රූම් එකේ ටයිල් වල රූප මවන එක තමයි. සමහර වෙලාවට කවුරු හරි කෑගහනකන් එලියට එන්න මතක නෑ.

    ReplyDelete
  47. ඕක අනාදිමත් කාලෙක ඉඳන් එන මානව පුරුද්දක් මම හිතන්නෙ. ඔය තරු රටා බිහිවුනේ ඉස්සර මිනිස්සු අහස දිහා බලාගෙන එක එක රූප සිතුවම් කරන්න හදනකොටලු නෙ. ඒත් අද මිනිස්සු ඉන්න අර විසිඑක්වැනි මොකේද කියන එකේ අයට අහස දිහා බලං ඔය වැඩේ කරන්නෙ වෙලාවක් නෑ නෙ. ඔහොම රටාවක් ටයිල් එකේ හිතින් හරි අඳින්න අදහසක් එන්නෙ ඩූඩ් වගේ අතලොස්සකට තමා

    ReplyDelete
  48. හිම්බිජ්ජ කාලෙ මම වලාකුළු වලින් රුප මවනව. දැන්නම් වැඩි වෙලා ඉන්න වෙලාවට හැම එකේම රටා පේනව. ඇයි ඔයි වැඩට එන්න පටන්ගතත කාලෙ, අක්කලාගෙ නැන්දලගෙ ඇඳුම් වල හැඩ තල මවනව ට්‍රේන් එකේ එනකන්ම. සමහර කට්ටිය රවන විදියට බයේ බෑ ගිලි කියල.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>