Wednesday, September 2, 2015

137. මෙතෙක් කතාව සහ අද එතැන් සිට



දශක කීපයකට පෙර දෙසැම්බර් මාසයේ එක්තරා ගිණි මද්දහනක:

 මම ගේට්‍ටුවෙන් ඇතුල්වෙනකොට නිශ්ශංකයා සුදු කිට ගහලා සාලෙ ඉන්නවා මට පේනවා.

"යමං යමං," මම ඌව කුලප්පු කරනවා.

විභාගෙ තියෙන්නේ හවස් වරුවෙ නිසා නිශ්ශංක කලින් කියලා තිබුනා මට උන්ගෙ ගෙදරට එන්න කියලා දෙන්නම එකට යන්න.

"ඔහොම හිටිං. හඩ්ඩෝ වගේ යන්නැතුව පොඩ්ඩක් සුවඳ ගගහ යං නේද බං? අද බස් එකේ විභාගෙට යන බඩු කෑලි හෙම ඉන්න පුලුවං. උන්ගෙ කරුමෙට හරි එකක් වැ‍ටුනොත් හෙම එපා කියන්ඩද," කියන නිශ්ශංකයා මාත් ඇදගෙන නිදන කාමරේකට ඇතුල් වෙනවා.

"අද අම්මලා ගෙදර නෑ," ඌ කියනවා.

දැවැන්ත කන්නාඩි මේසේ උඩ සලෝන් එකක්, නැතිනම් සුවඳ විළවුන් සාප්පුවක්  වගේ. නැති දෙයක් නෑ. Pour Hommeද,  Pour Femmeද කියලා බලන්න වෙලාවක් නෑ.  නමුත් ඒවායින් සීයට අනූවක්ම කාන්තාවන්ට හදපු ඒවා (Pour Femme) බව තව බොහෝම ටික වේලාවකින් මට තේරෙනවා. දෙන්නම අතට  අහුවෙන අහුවෙන විළවුන් බෝතල්වලින් ඉහගෙන ඉහගෙන යනවා.  කොහොමටත් ජාති විස්සක් විතර කලවං වුනාම නිකං කල්පනාව එහෙමෙහෙ වෙන තරම් සුවඳක් එනවා.  බඩු ෂුවර්ම වෙන්න මාපට ඇඟිල්ලෙන් කලිසමේ ඉණ එලියට පළල් කරන මම අන්තිම ස්ප්‍රේ කෑන් එකෙන් බර්ස්ට් එකක් ඇතුලට විදිනවා.


"හෙහ් හෙහ් තව ගහ ගනිං. තව ගහ ගනිං මෙහෙම චාන්ස් හැමදාම හම්බවෙන්නේ නෑ," කියන නිශ්ශංකයා උගෙ කමිසේ ඇතුලට බර්ස්ට් දෙකක් විදගන්නවා..


දෙන්න එක්ක පාරට යනවා. ගිණි මද්දහන නිසාද කොහෙද පාර පාලුයි. ලංගම බස් එකේ සද්දෙ මුලින් ඇහෙනවා. අපි බස් නැවතුම දිහාට දුවන්න පටං ගන්නවා.  වංගුවෙන් මතුවෙන බස් එක අපිට කලින් නැවතුමට ඇවිත් ගමන පටං ගන්නවා.  අපි අත පය වනලා මරුමුස් ලංගම රියැදුරාගෙ ගල් හිත ලාවට උණු කරගන්න සමත් වෙනවා. පොර නවත්තන්නේ නැතුව වේගය අඩු කරනවා. අපි ෆුට්බෝඩ් එකේ එල්ලෙනවා.

ෆුට්බෝඩ් එකෙන් උඩට මතුවෙනකොටම අපිට පේනවා, මුලින්ම ළඟම ඉඳගෙන ඉන්න කට්ටියගේ ඔලුගෙඩිත්, ඉන් පස්සෙ හරියට මුහුදු රළක් ගහනවා වගේ ඊට ඉස්සරහින් ඉඳගෙන ඉන්න කට්ටියගෙ ඔලුගෙඩිත් අංශක එකසිය අසූවට අපි දිහාට හැරෙනවා. ඩ්‍රයිවරයත් ඔලුව පාත් කරලා ඇස් රවුම් කරලා කණ්නාඩියෙන් බලලා මොකක්දෝ මුමුණනවා පේනවා. විමලයයි මායි ආපහු පහත පඩියට බහින්නේ කතාවෙලා නෙවෙයි.

"අපි සෙන්ට් ගහ ගත්තා වැඩියි @#$*!"

"මුං අපි දිහා බලන්නේ හරියට වේසා බඩු දෙකක්  නැග්ගා වගේ බස් එකට."

"මොකෝ බං කරන්නේ. මාර නෝන්ඩිය යකෝ."

"අපිත් වඳුරෝ දෙන්න වගේ අරවා නෑවනෙ බං ඉවක් බවක් නැතුව. ෂික්!"

"බහිමුද ඊ ලඟ හෝල්ට් එකෙන්?"

"බැහැලා මොකද යකෝ කරන්නේ? ඊ ලඟ බස් එකට නැග්ගත් ඔය සින්දුවමනේ. ඔය පස්සේම සීට් එකේ කවුරුවත් නෑ."

අපි  එක පිම්මට පිටිපස්සෙ සීට් එකට පනිනවා.

හුඟක් මිනිස්සු නහයට ලේන්සු තියලා තදකරගන්නවා.

නිදං හිටපු මිනිස්සුත් කඳුළු ගෑස් වැදිලා වගේ ඇහැරෙනවා.

ටිකකින් තව තව මිනිස්සු බස් එකට නගිනවා. මීට ටික වෙලාවකට කලින්, අපි දෙන්නම දාලා දවල්ට කන්ඩ ගිහින් හිටපු ඉස්තානෝචිත ප්‍රඥාව  බඩ අත ගගා ආපහු එනවා. අලුතෙන් නගින මිනිස්සු ඇස් ලොකු කරලා නහය අකුලාගෙන මූලාශ්‍රය හොයනකොට අපිත් ඇස් ලොකු කරගෙන වටපිට බලලා ඒ මිනිස්සුන්ව මුලා කරනවා.

"මොකද්ද බං ඒ ගඳ? පට්ට වේස මඩුවක ගඳක්නෙ එන්නේ." මම කියන්නේ හරියට වේස මඩුවකට නිතර යන එන පුරුදුකාරයෙක් වගේ.

"කවුරු හරි උරුලෑවෙක් සෙන්ට් නාගෙන බස් එකට නැගලා වගේ." නිශ්ශංකයා ඊ ලඟ හෝල්ට් එකේදි කියනවා.

ටිකකින් ප්‍රශ්ණය තත්වය තරමක් යහපත් අතට හැරෙනවා. කලින් දුවන බස් එකේ ඉස්සරහටත් ගමන් කරපු සුවඳ දැන් අපිට දැනෙන්නේ බස් එක හෝල්ට් වල නැවැත්තුවාම විතරයි.

ටිකකින් අලුතින්ම නගින මිනිස්සුන්ට හැර අනිත් මිනිස්සුන්ටත් අපිටත් සුවඳ ගානක් නැතුව යනවා. ඒ කියන්නේ සුවඳට අනුවර්තනය වෙනවා. ඒ එක්කම, බස් එකේ මුලින්ම හිටපු මිනිස්සු හුඟ දෙනෙක් බැහැලත් ගිහින්.

අපේ ඇස් වලට නුහුරු ස්කූල් යුනිෆෝම් එකක් ඇඳගත්ත  ලස්සන කෙල්ලෙක් බස් එකට නගින්නේ එතකොට. කෙල්ල බස් එකට ගොඩ වෙනකොටම ඩ්‍රයිවර් නහරයා බස් එක අද්දවනවා.

"අරූට තියෙන අමාරුවක් බලපංකෝ. තව පොඩ්ඩෙන් මේ නංගි වැටෙනවනෙ," මම ලකුණු රස්කිරීම ආරම්භ කරන්නේ මොහොතක්වත් අපතේ නොයවා.

"ඒක තමයි. අපේ ඇඟට එහෙම වැ‍ටුනා නං!"

"හෙහ් හෙහ්, වැටිලා ඔඩොක්කුව උඩ ඉන්දවුනානං හෙම මොන දෙයියන්ට කියන්නද!"

"අරූගෙ නහරයක් වැඩියි කොහොමත්."

මුලදි අපිව ගනං නොගන්නා බව පෙන්නපු කෙල්ලගෙ අයෝමය අයි ඩෝන්ට් කෙයා ආවරණය මේ කතා අහන කොට පොඩ්ඩක් විතර එහෙ මෙහෙ වෙනවා. ඒකි නහය ටිකක් අකුලගෙන වගේ බස් එකේ දකුණු පැත්තේ පස්සම සීට් එකට ඉස්සරහ සීට් එකේ ඉඳගන්නවා. අපි දෙන්නත් ඇඹලයෝ වගේ අන්තිම සීට් එකේ එහා පැත්තට මාරු වෙනවා. අපි කෙල්ලගෙ බෙදලා තියෙන කොණ්ඩ කරල් දෙක මැද්දෙන් පේන බෙල්ලෙ පි‍ටුපස්සෙ රන්වන් ත්‍රිකෝණයට නොයෙකුත් කතන්දර කියනවා. කෙල්ල ටිකින් ටික අපි ගැන උනන්දුවක් දක්වන්න පටං ගන්න බව කම්මුලේ උත්තල හැඩය වෙනස් වීමෙන් කියන්න පුලුවන්.  ඒ එක්කම. අපිත් සෙන්ට් නාගෙන බස් එකට නැගපු උරුලෑවාට ගහන මඩ පාරවල් වලට කෙල්ල ලේන්සුව විකාගෙන හිනාවෙනවා.

නිශ්ශංකයයි මායි යන්නේ අග නගරේ  වැදගත් යයි සම්මත ලේ පාට ඉස්කෝලෙකට. අගනගරේ ඉස්කෝල ඕනෙම එකක කෙල්ලන්ගෙ ඉස්කෝලවල නිල ඇඳුම් කටපාඩමෙන් වමාරන්න හැකියාවක් තියෙන අපිටවත් මේ නිල ඇඳුම අඳුනන්න බෑ.

මේ සයිමොංගෙ පොල්මෝලවත්, දෙලොවක් අතරවත්, බූතයා එන පිත්තල පහනවත්, නෙවෙයි.

ඒක දැනගන්න ගත්ත සියළු උත්සාහ අසාර්ථක වෙන්නේ මේ කෙල්ල හිනා මූණක් දාගෙන ඇහැ කොණින් බැලුවට, එක වචනයක්වත් කතා නොකරන නිසා.

"අනේ බලහං බං, මෙච්චර අගේට සියලු අංගෝපාංගයන් තියෙන ගෑණු ළමයෙක් ගොළුවෙලා ඉපදෙන එක මොන කරුමයක්ද නේද ඈ?"

"අම්මටයි තාත්තටයි  කොච්චර හිතට අමාරු ඇද්ද?"

"ලේ නෑ විවාහයක්ද දන්නේ නෑ නේ?"

"ඉපදුණු ගමංම ඇඬුවෙ නැතුවාම කොච්චර කළබල වෙන්න ඇද්ද, ඈ!"

"අනිත් එක අර කවියෙ විදියට ඔක්කොම ගැජට් බැජට් පිහිටලා තියෙද්දි!!  නෑ මං කියන්නෙ මේ ඉපදෙනකොට පිහිටලා තිබ්බ ඒවා."

"මොන කවියද උඹ කියන්නේ?" නිශ්ශංකයා අහනවා.

"අර කවිය බං. අර රියසකයුරු තිසර තන කියන එක?"

"මොකක්?"

"උඹත් ඉස්කෝලෙ ගියාට  නමට විතරනේ. රියසකයුරු කියන්නේ යකෝ කරත්ත රෝදවගේ. තිසර තන කියන්නේ උඹ හිතන එක තමයි."

"හෑ? කවුද යකෝ කිව්වේ කරත්ත රෝද වගේ දෙකක් පපුව මැද්දෙ  පිහිටලා තියෙනකොට ලස්සනයි කියලා? ඌට නං මොලේ කචල් වෙන්න ඕනෙ."

"ඔව් බං, උඹ හිතලා බලහං, ඔය සාහිත්‍ය කාරයෝ කියන විදියට, නාදලු දෙකක් වගේ තොල් තියෙන, කිතුල් මලක් වගේ කොණ්ඩයක් තියෙන ගර්ල් කෙනෙක් හැන්දෑවෙ පාරෙදි හෙම දැක්කොත් නූල් බඳින්න වෙනවනේ."

"දැන් මේ ඉස්සරහ සීට් එකේ ඉන්න නංගි වගේ නං ඕං කමක් නෑ."

අපේ සාහිත්‍ය විචාරයට කෙල්ලට හොඳට අල්ලලා ගිය බව ඒකිගෙ කම්මුලේ හැඩෙනුයි, හිනාවට ගැහෙන හැටියෙනුයි කියන්න පුලුවං. ඔව් ඒක ලංගම බස් එකේ දෙදරීමට අමතරව.

බස් එක අග නගරෙට ඇතුල් වෙලා දැන් ටික වෙලාවක්.  අපිට ඉස්සරහ හතරමං හන්දියෙන් බැහැලා බස් එකක් ගන්න පුලුවන් වුනත්, අපි දෙන්න කතාවෙනවා කෙලින්ම බලකො‍ටුවෙන්ම බැහැලා ඉඳගෙන යන්න. සීසන් තියෙනවනේ.  ඔන්න හන්දිය පහුවෙච්ච ගමන් කෙල්ල නැගිටිනවා.

අපි දෙන්නගෙ කටවල් ඇරෙන්නේ එකට.

මෙතන  තියෙන්නේ, යක්පුරේ උං කියලා අපි හිතං ඉන්න එවුන් යන ඉස්කෝලයක්. ඔව්. ඩප්පි, කිණිසි, පිස්තෝල, ගංජා වලට රජදහනක් වෙච්ච පරිසරයක තියෙන, 'යක් ඉස්කෝලයක්' යයි සම්මත ඉස්කෝලයක්.

කෙල්ල ෆුට්බෝඩ් එකේ කණුව අල්ලගෙන හිටගෙන, මෙච්චර වෙලා නොමිලේ නොනවතින වින්දනයක් සපයපු  කොල්ලො දෙන්න දිහා මුල් වතාවට කෙලින් බලනවා. යකෝ ඇත්තටම සුරංගනාවියක් තමයි. ඒත් මේ යක්පුරේ? ලස්සන හිනාවකින් අපිට සංග්‍රහ කරන කෙල්ල ලතාවකට බස් එකෙන් බහිනවා.

අපි දෙන්නගෙ කටවල් තාම ඇරිලා.

"ඒකි උඹ දිහා බැලුවේ."

නෑ, නෑ, ඒකි උඹ එක්ක හිනාවුනේ."

"උඹම තියාගනිං. මට ඕනෙ නෑ ඩප්පි පාරක් කාල මැරෙන්න."

"මටත් ඕනෙ නෑ දැලි පිහියකින් පුක කපාගෙන විඳවන්න."

"අපරාදෙ නේ බං ඒ වගේ කෙල්ලක් මේ වගේ තැනක!"

"මාර බේරිල්ලක් යකෝ අපි බේරුනේ."

කතාව ඉවර නෑ. පටං ගත්තා විතරයි. ඒ වගේම, අපොස සාපෙ කරන කොල්ලෝ දෙන්නෙක්ගෙ පොලිටිකල් කරෙක්ට්නස් එක ගැන වදවෙන්න කලින්, අනිත් කොටස් කීපය කියවලා ඉන්න කියලා මම ඉල්ලනවා.



 Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.


126 comments:

  1. එහෙනම් කළබල නොවී ඉන්න ඕන...

    ReplyDelete
    Replies
    1. මචං මේ උඹ හඬ නගා හිතනවද?
      Are you thinking aloud?

      Delete
  2. Replies
    1. හි‍ටු හි‍ටු.

      Delete
    2. කොහේද කින්ද මන්ද වැඩක් නෑ.. ගණ පිහිටුවල ලියල තියෙන්නේ. මේ දැනුත් ලංගමේ ඩ්ර් ඩ්ර් එකට අහුවෙලා කෙල්ලගේ කම්මුල දෙදරනවා මට පේනවා..

      Delete
  3. දැන් මේකි බැස්සේ වනාතෙන්ද? මොනව වුනත් ලියල තියන ස්ටයිල් එක මරැ. එක දිගට කියවගෙන යන්න හැකියි.

    ReplyDelete
  4. දැන් මේකි බැස්සේ වනාතෙන්ද? මොනව වුනත් ලියල තියන ස්ටයිල් එක මරැ. එක දිගට කියවගෙන යන්න හැකියි.

    ReplyDelete
  5. දැන් මේකි බැස්සේ වනාතෙන්ද? මොනව වුනත් ලියල තියන ස්ටයිල් එක මරැ. එක දිගට කියවගෙන යන්න හැකියි.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... අදත් අයියගෙ තුන වැදිල.

      Delete
    2. ඇයි වනාතෙ හොඳ කෙල්ලෝ නැතිද නලින් අයියා.
      මමත් කාලයක් ඔය "වනාතේ"කියලා කියන පැත්තේ කෙල්ලෙක් ගැන බොහෝම බලාපොරොත්තුවෙන් හිටියා.කෙල්ලගේ හොඳ වෙලාවට එකී මට කැමති වුනේ නැහැනේ.:(

      Delete
    3. කොච්චියේ එද්දි ෆෝන් එකෙන් කියවලා කෙටුවේ. ඒ මගුලෙන් ගහද්දි දෙක තුන වදිනවා බං. මං කලිනුත් කියල තියනවා ඒ ගැන.
      වනාත මොකද නරක අනේ මේ ඩූඩ් කියන දේවල් මමත් අත් විද තියනවා චුට්ටක් වෙනස් විදියට එපමණයි වෙනස. ඩූඩා ගිය පාසලටම තමා මාත් ගියේ. අවුරුදු හයක්ම.

      Delete
    4. තුන තුන වදින එකත් නරක නෑ බං කමෙන්ට් වලට ගෙවීමක් ලැබෙනවා නම් බ්ලොගර්ගෙන්. නෑ මචං වනාතෙ නෙවෙයි. මේ සමාන්තර විශ්වයක කතාවක්. වනාත මොකද අනේ නරක නේද?

      මනෝජ් ඒක නම් ඒ කෙල්ලගෙ වාසනාව වෙන්න ඕනෙ.

      Delete
    5. අඩ්ඩා තුන් කකුල් නලියා තාම ඉන්නවා.. හැක්

      Delete
  6. මේ ඉස්ටයිල් එක මරු....ඉක්මනට.....ඉක්මනට ....

    ReplyDelete
    Replies
    1. මේ කෑල්ල නිකං මේ ඉට්ටැයිල් එකට තියෙන එකක්, ෂෙෆාකි.

      ASAP!

      Delete
  7. කම්මුලේ උත්තල හැඩය?

    හැබෑට ඇයි කොල්ලෝ මෙච්චර සුවඳ දාන්නේ? පොඩ්ඩිට නම් හුස්ම ගන්ටත් බෑ ලංවෙනකොට. අනෙක හච්චුම් යන්ට පටන් ගන්නවා...:P

    කරත්ත රෝද වගේ මොකක් කීවා. ඔයාට කවිය වැරදිලාවත්ද? :O

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි කම්මුලට අත තියාගෙන හිනාවෙලා බලන්න. කම්මුල පිම්බෙනවා නේද? ඒකයි මම අදහස් කලේ උත්තල (convex) කියන වචනෙන්. බස් එකේ ඉස්සරහ බලාගෙන ඉස්සරහින් ඉඳගෙන ඉන්න කෙනෙක් හිනාවෙනවද කියලා දැනගන්න පුලුවන් පිටිපස්සෙ ඉඳගෙන කම්මුල පිම්බෙන හැටි බලා ඉඳලා.

      ඒක නම් කොල්ලෙක්ගෙන්ම තමයි අහන්න ඕනෙ. මට නම් කොල්ලෙක් වෙලා හිටපු කාලයක් මතක නෑ.

      කවිය හරි පොඩ්ඩි. අපෙයි අවුල. අවුල කිව්වට ඔය ඉතිං ජොලියට කියන කතානේ

      Delete
    2. ඔය කවියේ මගේ නමත් තියන නිසා මට යුතුකමක් වගේම වගකීමක් තියනවා මේක පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ හරී....

      රිය සක යුරු කෑල්ල අදාල වෙන්නේ මෙහෙමයි. "නිසි පුළුලුකුල රිය සකයුරු, තිසර තන. රියසකයුරු අදාල වෙන්නේ පුළුලුකුලට. තිසර තන ඉතින් වෙනම කතාවක්... හෙන් රියාට මගේ නම අහෙද්දි ඔය මොන මොනාද මතක් වෙනවලුනේ.. නිකම් මොකටද තව විස්තර කරලා ඌට අයිඩියාස් දෙන්නේ... :)

      Delete
    3. ඔව් බං තිසර. ඒක දන්නවා. මම අර කොමාවෙ තැන වෙනස් කරලා ඒකෙන් කික් එකක් ගන්නවා. එහෙම නොකලනම් කෙල්ලගෙ අවධානය ගන්න බෑනෙ බං.

      මේකනේ සීන් එක:
      "නිසි පුළුලුකුල රිය සකයුරු, තිසර තන. ."
      "නිසි පුළුලුකුල, රිය සකයුරු තිසර තන.
      හැටියට වෙනස් කරනවා අර කොලු කමට.

      උඹ මේක කිව්වට ස්තුතියි. සමහරු මේක වරදවා තේරුම් ගන්න පුලුවන්. මේකත් අර misheard lyrics categoty එකේම තමයි.

      උඹ උඹේ නම් වෙනුවෙන් ඉදිරිපත් වෙන එක ගැන මම ආඩම්බරයි බං. එල කොල්ලෙක් උඹ.

      Delete
    4. කැම්පස් කවියක් මතක් උනා.

      “කුරුලෑ උවන, කෙටි වරළස උඩ නැගුන
      ඇටකටු උකුළ වැටකොළු වැනි කැහැටු තන
      විසිවන කෝටු දෙකකුල් යන එන ගමන
      ඇසිපිය හෙළන පමණින් නොවෙති හොල්මන“

      Delete
  8. හපොයි දෙයියනේ බොලා දෙන්න බස්සෙකට නැග්ගට පස්සෙ බස්සෙකේ හිටිය මිනිස්සු කොච්චර දුකක් විඳින්න ඇද්ද කියල මැවිල පේනව වගේ.

    ඊගාව කෑල්ලක් ඉක්මනට.

    ReplyDelete
    Replies
    1. අපි බස් එකකට නැග්ගාම කොහොමත් අනිත් මිනිස්සුන්ට කරදරයක් තමයි බං. මොකද ඉතිං කරන්නේ ඒකට.

      ඊගාව කෑල්ල ඉක්මනට කිව්වට ප්‍රසන්න මලයෝ ඒක උඹලා හිතා ඉන්න විදියෙ පාසැල් වියේ යොවුන් ප්‍රේමයක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එලා.

      Delete
  9. වැදගත් කෙල්ලෙක්ටවත් බස් එකක යන්න දීලා නැහැ

    ReplyDelete
    Replies
    1. හැදිච්ච අම්මලා තාත්තලගෙ නැහැදිච්ච පුත්තු ට්‍රෑන්සිල්වේයිනියා.

      Delete
  10. ඔන්න බලාපං! ඉතින් ඉගෙනීමක් පිහිටයිද!

    ReplyDelete
    Replies
    1. හෑ එහෙම පිහිටලා නැත්තං උගන්නන රස්සාව කරයිද නාඩියෝ

      Delete
    2. ඉගෙනීමක් පිහිටන්න හැමදාම ඉස්කෝලෙ යන්න එපායැ බං නාඩියා. අන්න ඒක නාඩි කොලුවලා. ආදුරුසෙට ගන්න ඕනෙ අපි ඔක්කොම. කොහෙද උඹ ඉපදුනේ දසක ගානකට පස්සෙනේ.

      නලීන් මචෝ. උයන්න බැරිනම් තියෙන්නේ අනිත් උන්ට උයන්න උපදෙස් දෙන එක. නැද්ද?

      Delete
  11. ජනතාවට "සුවඳ" සපයන්නෝ :D

    ReplyDelete
    Replies
    1. එක්තරා කාල වකවානුවක සාමාන්‍ය දේවල් මේවා

      Delete
    2. උපන්නාට මේලොව වැනෙනවා විනා කියලා කවියක් තිබ්බ සිංහල පොතේ මට මතක හැටියට. ඉතින් අපි ඒකෙන් ආදර්ශයක් අරන් සමාජයට සුවඳවත් දෙන්න කල්පනා කලා.

      තව තිබ්බා
      මානෙල් සුවඳමය
      කුඩමසු පිළී ගඳමයි
      දෙකට එක දියමය
      හොඳට නරකට දෙකට කටමය

      තව තිබ්බා
      කිරි දියෙනි දෙවියත්
      අඟුරු සුදුවන කලෙක් නම් නැත් කියලා

      Delete
  12. හුරේ...... කමෝන් කමෝන් ඩූඩයියේ.. සුපිරියි හොඳේ.. මහන්සිය කොහෙ ගියාද නෑ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ගස් ලබ්බ. ඒක නෙවෙයි දවසක් මගෙ ළමයි දෙන්න මාත් එක්ක කියනවා, තාත්තගෙ FB පෝස්ට් එකකට ගස්ලබ්බෙකුත් කමෙන්ට් කරලා තිබ්බා කියලා.

      මහන්සිය නැතිවෙන පෝස්ට් ලියන්න පුලුවන් නම් මම ඒ ගැන ආඩම්බර වෙනවා බං. මමත් අප්සෙට් එකේ ඉන්නකොට කියවන සමහර පෝස්ට් වලින් මගෙ අප්සෙට් එක නැතිවෙනවා. නැති අප්සෙට් හදාගන්න හැකි පෝස්ට් මම මග අරින්නේ ඒකයි.

      Delete
    2. කතාවට එකගයි.. පට්ට රහයි කතාව!
      ඒත් මට බර අවුල් මේ වගේ කතා ශෝකන්තයක් වෙනවනං

      Delete
    3. මලියා, උඹ නාඬා ඉඳිං. මේ කතාව ඉවරවෙන්නේ උඹලා හීනෙකින්වත් හිතන්නේ නැති ආකාරයකට.

      Delete
  13. එහෙනං අනික් කෑල්ලත් ඉක්මනටම ලියපංකො.

    ReplyDelete
    Replies
    1. ලියන්නං මචං, නමුත් ඒක ප්‍රේම කතාවක් නෙවෙයි.

      ඒක නෙවෙයි. මම දැක්කා අද තමිල්නාඩු එකෙක් තව එකෙකුට මචං කියලා ආමන්ත්‍රණය කරල තිබ්බා. උඹ ඉන්දියාවෙ හිටපු එකා නිසා අහන්නේ. ඒවගේ දෙමල වචනයක් තියෙනවද?

      Delete
    2. machan kiyanne demala wachanayak.massina.

      Delete
    3. එහෙමද Unknown? මම ඒක උන් කියනවා අහලා නෑ. ඔය ලියලා තියෙනවත් දැක්කාමයි. සමහරවිට අපි තරම් සුලබව පාවිච්චි නොකරනවා වෙන්නැති නේද? තේරුම ඒකමද?

      Delete
    4. ඩුඩ් පිස්සු පීකුදු වෙනවා බං උඹගේ කතාව ඇහුවම..

      Delete
    5. ඇයි අයියෙ චීන්නු.. උනුත් මච්චා..ං ගා ගත්ත ගමන් මයි.
      කන්සල්ටන්ටත් මචං,ලේබර්ටත් මචං.. පව් සමහර වෙලාවට බැනුම් අහනවා කන්සල්ටන් ලොක්කන්ගෙන් මචං කියන්න එපා කියලා.එතකොටත්,
      'ඔකේලා මචං.. ශොරි ශොරි මචං.. පොඩි පොඩි පොබොලොම්.. ඔකේ ලා මචං'
      කියලා මූණ දිහා බලං ඉන්නවා..
      සංසාරේ...

      Delete
    6. චීන්නු නම් කියනවා ඇත්තේ අපෙන්ම අහුලගෙන. අනික ච සද්දෙට උන් ආසයිනේ. මට මතක් වෙන්නේ හුඟක් විදේශිකයෝ මචං අහුලගෙන ඒක වැරදි තැන පාවිච්චි කරලා වැටෙන අමාරුව.
      උදාහරණ පස්සෙ ලියන්නම්.

      Delete
    7. කාගෙද? හැක් හැක් හැක්....

      Delete
  14. අනික් එක කියවලාම කමෙන්ට් එකක් දාන්න ඕන...
    මේකට කමෙන්ට් එකක් දැම්මේ නෑ කියලා අර කළු ඩූඩා තරහ වෙයිද?
    එක්කෝ කමෙට් එකක් දානවා , මොනවා වුනත් සිරාවට ලියලා තියෙනවනේ ..
    අප්පට සිරි..
    ඩුඩයියා කොහිඔම්ද මේ සීන් එක දන්නේ ..
    එදා මිනිහා බස් එකේ ගිහින් ද එතකොට ...
    කමෙන්ට් එකක් දාලා එක අහන්න ඕන .ඉස්සෙල්ලම ..විනාසයි
    එක්කෝ ඕන නෑ එතකොට අනික් එවුනුත් දැනගන්නවනේ ...
    එක්කෝ ඕන නෑ
    සද්ද නැතුව ඉන්න ඔනෙ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, උඹ කලබල නොවී ඉඳහං ඉවානයා. මම මේ ලියන්නෙ ලංකාවෙ වෙච්ච එකක්වත්, මේ ලෝකෙ වෙච්ච එකක්වත් මේ විශ්වයේ වෙච්ච එකක්වත් නෙවෙයි . මේක සමාන්තර විශ්වයක වෙච්ච එකක්. ඉතිං සමාන්තර විශ්වයක වෙච්ච දෙයක් කාලයෙනුත් සමාන්තර වෙන්න ඕනෙ නැතුව ඇති.

      අර කේස් එක ගැන මම දැනගන්න විදියක් නැත්තේ මම ඔහෙ හිටියෙත් නැති නිසා එදා.

      Delete
  15. බැස්සේ ආමර් වීදියෙන්.ඉස්කෝලේ වුල්ෆ්වෙන්ඩල් ,නැත්තං සෙන්ටල් එකේ

    ReplyDelete
    Replies
    1. උඹ නලියව ආශ්‍රය කරන එක නතර කරහං අටං. උඹටත් දැන් දෙක දෙක වදින එක බෝවෙලා. ලඟදිම තුන තුන වදින ගානට රෝගෙ උත්සන්න වෙන්නේ නැද්ද බලහං.

      Delete
  16. බැස්සේ ආමර් වීදියෙන්.ඉස්කෝලේ වුල්ෆ්වෙන්ඩල් ,නැත්තං සෙන්ටල් එකේ

    ReplyDelete
    Replies
    1. උඹටත් ඉස්කෝල ගැන මනා අවබෝධයක් තියෙන බව පේනවා. නමුත් මම මේ ලියන්නේ සමාන්තර විශ්වයක් ගැන හන්දා ඒක අදාල නෑ බං. එතකොට ප්‍රශ්ණ අඩුයි.

      Delete
  17. ඈත ගමක සීයා කෙනෙක් කොළඹ යනවලු බස් එකේ. හැමදාම වැඩට යන පොස් කෑල්ලකුත් ඉන්නවලු සීට් එකේ. නාවින්නෙ කුණුකන්ද ලඟදි අර ගෑනුළමයා සෙන්ට් එකක් අරං ලේන්සුවට ස්ප්‍රේ කරලා නහය වහ ගන්නවලු. සීයා අහනවලු “හප්පා එහෙමත් ගඳක්. මොකද්ද නෝනා ඔය මළඉලව් සැං එක?“

    ඩූඩයියා ලියන දේවල් එක මොහෙතක් නොනැවතී කියවන්න ඇහැකි. නිතර ලියන්න කියලා නැවතත් නැවත නැවතත් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිනවා.

    ReplyDelete
    Replies
    1. ඒක මරු කතාව බං. අපි පොඩි කාලෙ කොළඹට ඇතුල්වෙන්නේ අලුත් පාලමෙන් හරි පරණ වික්ටෝරියා පාලමෙන් හරි තමයි. අපේ බස් එක යන්නේ වික්ටෝරියා පාලමෙන්. එතන තිබුනා ග්‍රෑන්ඩ්පාස් නොහොත් තොටලඟ කුණුවල කියලා එකක්. උඹ කියන්නේ බස් එකේ නින්ද ගිහින් තිබ්බත් පට්ටාස් ගාලා ඇහැරනවා ගඳට. කොළඹට ඇතුලුවුනා කියන සංකේතය කුණු ගඳ.

      අපිට පුදුම ඒ අවට හෝටල් හෙම තියෙනවා. මිනිස්සු ඒවයෙ ඉඳගෙන කෑම කනවත් පේනවා. අපිට අදහගන්න බෑ ඒක දැක්කම.

      Delete
    2. 1. ඇඹිලිපිටිය පැත්තට රත්නපුර හරහා යන එවුන් ඇහැරෙන්නෙ මාදම්පෙ මාළු මාකට් එකේ සුගන්දෙට.

      2. හොස්පිටිතාලෙ ලස්සන නෝස් නෝනලාත් ඔය නෝස් නෑ වගේ හොස්පිටිතාලෙ අස්සෙම කෑම කන්නෙ..

      Delete
  18. මම දාන්න හිටපු කමෙන්ට එක මධාවියා දෙවැනි පරිඡ්ඡේදයට ලියලා තියෙන්නෙ..මු නම් මගේ වෛරක්කාරයෙක්..
    ආය ඉතිං කියන්න දෙයක් නෑ එල ද බ්‍රා
    මගෙත් පාසල් මතකයක් තියනවා සිරා හැමදාමත් කරදර කරනවා ඒක ලියලා ඉල්ලලා..

    ReplyDelete
    Replies
    1. ඌට මදාවියා කියන්නේ නිකංයැ.

      උඹත් හැමදාම මට කරදර කරන එකෙක් තමයි ලියන්න කියලා. වෙලාවක් නෑ බං. මේ දවස්වල මිඩ් සෙමෙස්ටර් බ්‍රේක් එක. ඒකයි මේක ලියන්න පුලුවන් වුනේ.

      සිරත් කියන එකේ ඒක ලියමුකෝ. මාත් ඌට සපෝර්ට් කරනවා.

      Delete
  19. ඒ කියන්නෙ ඩප්පි පාරක් හරි දැලි පිහි පාරක් හරි ඉස්සරහදි කන්න හම්බවෙයි කියන එකනේ...
    ඉස්සර වගේ දිගටම මෙහෙම ලියන්න කියලා හැමදාම ඉල්ලනවා. ඒත් වැඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔවු බං කැමරා කටෝ. ඔය සමහර කෙල්ලන්ට අනං මනං කිව්වාම උංගෙ අයියලා, බෝයි ෆ්‍රෙන්ඩ්ලා තාත්තලා හෙම එනවා දැලිපිහි හෙම අරගෙන. සමහර විට ගැංසි පිටිං එන්නේ. අපි ඉස්සර බොහොම පරිස්සම් ඒවගේ කක්කා බාල්දි වලට අත නොදා ඉන්න.

      Delete
  20. ලෝකල් ඇන්ඩියාගේ රසබර කතාවක්. උදේම හොඳට හිනා වෙලා, වැදගත් රාජකාරි ටික ඉවර කරලා, තේ බොන ගමන් තමයි මේ කොමෙන්ටුව දාන්නේ. අපේ සිත්තර පැංචා සෙන්ට් දාන විදිහ තමයි බලන්න ලස්සන, බොට්ල් එක නැතත් ප්‍රෙස් කරන්න වගේ ඇඟිලි ටික හදාගෙන 'පෝං පෝං' ගාලා කටිනුත් සද්දයක් දාලා සෙන්ට් ගහගන්නවා අපිට පේන්න. අපිටත් ඇවිල්ලා ගහනවා. :D

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලෝ. මගෙ කොල්ලා දැන් අවුරුදු 18ක් වුනාට ඔය වගේ තමයි පොඩි කාලෙ. මෙන්න පහල තියෙනවා මම ඒක ගැන ලියපු HeyDude සටහනක්. කොල්ලා සහ සුවඳ විළවුන් පාවිච්චිය ගැන.

      When he was in grade one, he was getting ready to go to school. The dude and I used the same cologne. Usually mom is the one who sprays it on his collar. As usual she sprayed a bit on one side of his collar. He said “Spray on the other side, too, ‘cos the class teacher approaches from both the sides."
      If you want to read more about my boy click this link / මගෙ කොලුවා ගැන වැඩි විස්තර කියවන්න මෙතන ඔබන්න.

      ඉංග්‍රීසි ඇලර්ජික් උන් සඳහා මේකයි කතාව. මගෙ චූටි පුතා එකේ පන්තියෙ ඉන්න කාලෙ, ඉස්කෝල් යන්න කලින් කොල්ලයි මායි පාවිච්චි කරන්නෙ එකම කොලෝන් ස්ප්‍රේ එක. සාමාන්‍යයෙන් අම්මා තමයි උගෙ කොලර් එකට ඕකෙන් තරමක් ස්ප්‍රේ කරන්නෙ. වෙනද වගේම ඔන්න එදත් අම්ම කොල්ලගෙ කොලර් එකට කොලෝන් සාත්තුව දුන්නාම මූ කියනවා, "අනිත් පැත්තටත් ගහන්න අම්මේ. දැන් ඉන්න ක්ලාස් ටීචර් දෙපැත්තෙන්ම එනවා."

      Delete
  21. හිනා වෙලා පන ගියා වගේ ඩුඩ්.....

    මේක නම් නියමයි. මොකද්ද අනේ අවාරෙට පොල් වගේ ලියන්නේ... ලියන්නකෝ මේ වගේ ඒවා ඉස්සර වගේ

    ReplyDelete
    Replies
    1. වෙලාවක් නෑ උපේක්ෂෝ. මේ දවස්වල mid semester break දැන් ඒකත් ඉවර වෙන්නයි යන්නේ ඊ ලඟ කොටස් පට් පට් ගාලා ලියන්න ඉන්නේ.

      වෙනද වගේම ස්තුතියි අගය කිරීමට.

      Delete
  22. නියමයි ඩුඩ් අය්යේ ..අනිත් එකත් ඉක්මනට දාපන් ..

    ජීවිතේ තරුණ කාලේ - එක සේ නොරැ‍ඳේ
    සොයමී සැම වේලේ - සිතු දේ පැතු දේ
    ආදර රසේ සිතුදේ ලබන ලෙසේ
    බමරා බමන සේ යමි මං නිදහසේ
    සතුටයි දුකයි එක සේ දැනේ
    අනන්ත සුන්දර දිවි මල් උයනේ
    රෑ ගණදුරේ දිලෙනා පහන සේ
    බාධා මැද මෙසේ බලමි ලොව රසේ
    අහසයි බිමයි නිවසයි මගේ
    හෙටක් කෙරේ නෑ විශ්වාසේ
    දාවල රැයේ වෙනසක් මට නැතේ
    ඔබගේ මඳහසේ ඇතිවී නැති වෙතේ
    උන්නු ගමන් යන්න යතේ
    මිනිස්සු මෙලෙසයි මේ ලෝකේ

    ගීපදමාලාව: කරුණාරත්න අබේසේකර
    ගී තනු: ආර්. මුත්තු සාමි
    සංගිතය: පී.එල්.ඒ.සෝමපාල
    ගැයුම: එච්.ආර්.ජෝතිපාල

    ReplyDelete
    Replies
    1. ඌ උඋ- ඌඌ

      උඋඋ - උඋ- උඋ - ඌ උඋ ඌඌ

      උඋඋ - උඋ- උඋ - ඌ උඋ ඌඌ ඌ

      කියන කෑල්ල කෝ.

      උඹට ස්තුතියි සින්දුවා.

      Delete
  23. මරු මරු.
    මේ අර පහනෙන් බූතයා ආපු ඉස්කෝලෙ කියන්නෙ කෝකද?

    ඊගාව කොටසෙන් ඩප්පි පාරක් වදීද දන්නෑ. හෙට දානව නේ ඊගාව කොටස?

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් ස්තුතියි බස්සි

      පහනෙන් බූතයා ආපු ඉස්කෝලෙ මොකක්ද කියලා ඇහුවට මේක සමාන්තර විශ්වයක කතාවක්. මේ සමාන්තර විශ්වයේ නම් කොළඹ 4, බම්බලපිටියේ, වජිර පාරේ ඔහොම පරණ පිත්තල පහනක් එල්ලාගත්ත ටයි පොලු බැඳපු ගෑල්ලමයි යන ඉස්කෝලයක් තියෙනවා. නමුත් ඒ සමාන්තර විශ්වයේ. ලංකාවෙ නම් කොහොමද දන්නේ නෑ මොකද අපි ඕව හොයන්න යන එකක්යැ.

      හෙට? මේකට කමෙන්ට් දෙසිය පනහ වැටිච්ච ගමන් දානවා. :D

      Delete
  24. තොපි දෙන්න ඔය කරපු වැඩේ එන්නෙ Eve Teasing යටතට. දැන් කාලෙ නම් දඬුවම් ලැබියහැකි වරදක්...:)

    ReplyDelete
    Replies
    1. මේකට උත්තර දෙන්න කලින් Eve teasing කියන්නේ මොකක්ද කියලා ගූගල් කරලා බලලා හිටියා.

      මේකට අපි වරදකාරයෝ නොවෙන්නේ මේ හේතූන් නිසා
      1. මම (අපි) ඒ වචනේ තේරුම දන්නෙත් දැන්
      2.එදා ගූගල් තිබුනේ නෑ ඒ වගේ එකක තේරුම දැනගන්න
      3.Eve teasing තියෙනවා කියන්නේ ඉන්දියාව ඇතුලු දකුණු ආසියාවේ රටවල. මේ කතාව සිද්ද වෙන්නේ සමාන්තර විශ්වයක.

      Delete
  25. හොඳ හෝටලේකින් කන්න යන ඩූඩ්ට සහ යහළු තෙමේට සියළු දෙවි දේවතාවුන්ගේ පිහිටයි, ආරස්සාවයි

    ReplyDelete
    Replies
    1. බලං හිටපං, හුහ්!

      නමුත් ප්‍රාර්ථනාව හොඳයි.

      I'll take a rain check on that.

      Delete
  26. හා.. හරිම සැහැල්ලු කතාවක් ලියල. බොහොම ස්තුතියි මූඩ් ෆික්ස් කලාට.

    ReplyDelete
    Replies
    1. අනේ අනිත් අයත් මේ විදියට මගේ මූඩ් ‍ෆික්ස් කරනවා නම් දේශපාලනේ ගැන නොලියා.
      නමුත් මේ කතාවෙ දෙවෙනි කොටසෙන් මූඩ් එකට මොනවා වෙයිද කියලා මම කල්පනා කලේ.
      ස්තුතියි මානවිකාස්.

      Delete
  27. //කලිසමේ ඉණ එලියට පළල් කරන මම අන්තිම ස්ප්‍රේ කෑන් එකෙන් බර්ස්ට් එකක් ඇතුලට විදිනවා.//

    වාසනාව ගැන අධි තක්සේරුවකින් ඉන්න ඇත්තෙ නේ? ඒ වයසෙදිත් ? හ්ම්ම්
    Had high hopes of getting lucky?

    ReplyDelete
  28. හෙහ් හෙහ් මරු කතාවක් වගේ..

    ReplyDelete
    Replies
    1. එහෙමද? බලමු ඉතුරු ටික කියෙව්වාම පැතුම් මොනවා කියයිද කියලා.

      Delete
  29. එළ එළ ශ්‍රංග.. වැරදුනා .. ඩුඩ්.. ඔහොම යන් ඔහොම යන්.. (අම්මප පැටලුනා දෙන්නව මගක් කියෝගෙන යද්දී..) ඩ්‍රයිවර්- ඩැයිබර වගේ වචන වල වෙනසින් තමයි වෙන් කර ගත්තේ..
    රිය සක යුරු තන දෙකක් පපුවේ එල්ලෙනකොට අම්මප කොහොම ඇද්ද නෙහ්?
    හරිනේ එහෙනම්. ASAP!

    ReplyDelete
    Replies
    1. ශ්‍රංග කියන්නේ අමුතුම රයිටිං ස්ටයිල් එකක් තියෙන බ්ලොග් රචකයෙක් බව මම ඕනෙ තැනක පිළිගන්නවා. ඒ ප්‍රතිභාව මට නෑ.

      ඕව් නේ? නිකං හිතලා බලහං.

      Delete
  30. මොකද රියසකයුරු තිසර තන හොඳ නැත්තේ? හදිස්සියකට එහාට මෙහාට කරකවන්න පුළුවන්නේ.

    නෙද්දකින් විතරක් අපිනම් ඔහොම සෙවල හැලුවේ නැහැ (හලපු සෙවල පිහදාගත්තා මිසක්)

    ReplyDelete
  31. කොමෙන්ට්

    ReplyDelete
  32. සම්පූර්ණ

    ReplyDelete
  33. උත්සාහයකි

    ReplyDelete
    Replies
    1. ඇනෝට ගස්ලබ්බාගේ සැලියුට් එක..!!!!

      Delete
  34. හෙහෙ ඇනෝ. අනේ බං විහිළුවට කිව්වේ. මම ඉන්නේ කමෙන්ට් දෙසිය පනහක් එනකල් නෙවෙයි. මම හැකි ඉක්මනින් ලියලා දාන්නම්.

    ReplyDelete
  35. කෝච්චියෙ ඉස්කෝලෙ ගිය කාලෙ මතක් වුණා ඩ‍ූඩයියෙ... ඒක‍ාලෙ මගෙ නමත් ප්ලස් මාක් එකක් එක්ක කෝච්චියෙ ලියල තිබුණ කියහංකො... මම+...ෂා කියලා හැක්

    ReplyDelete
    Replies
    1. මට මෙන්න මේ සුප්‍රසිද්ධ කියමන මතක් වුනා උඹේ කමෙන්ට් එක දැක්කාම
      When I see lovers' names carved into a tree, I don't think it's cute; I just think it's strange how many people take knives on a date.
      උඹ කෙ‍ටුවෙ පිහියකින් ගහක නෙවෙයි හන්දා මේක උඹා අදාල නෑ. :D

      Delete
  36. තව ටිකෙන් මිස් වෙනවා ඉදගෙන.. අපේ මල්ලි ඇඳුම් හෝදන්නේ නෑ අපේ සෙන්ට් ඔක්කොගෙන්ම ගහගෙන යනවා.. අම්මා කෑගහනවා..එත් අදටත් ඒ වැඩේ කරනවා.

    මං ඉස්සර ලැජ්ජයි සෙන්ට් වලට.. දැනුත් ආස හොඳ ඩියද්රෝන්ට් එකකට තමයි .. මේ කතාව කියවද්දී අපිටත් ඉස්සර ඒවා මතක් වෙනෝ

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි. එක කාලෙකදි ඕවා ගෑණු ඒවද, පිරිමි ඒවද කියන එකත් ගානක් නෑ තමයි නිකං හම්බවෙනවා නම්. හෙහ් හෙහ්.

      අපි කොල්ලෝ කාලෙ අපේ ප්‍රියතම විළවුන් වර්ගය Love's Blue. අනික Green Grass

      Delete
  37. [co="red"]අඩේ කස්ටිය තාම බ්ලොග් ලියනවා කියවනවනේ නෙහ්........[/co]

    ReplyDelete
  38. උදව්වක් දෙන්ඩ මල්ලිලා තව කොමෙන්ට් 152යි!!

    ReplyDelete
    Replies
    1. බස්සි අක්කා හැමවෙලාවෙම මඤ්ඤං වෙන පෝස්ට් දැම්මට මොකකද,අදයි දැනගත්තේ ඇත්තටම පොඩි අස්පට් එකක් තියෙනවා කියාලා.හිකිස්!

      Delete
  39. ලස්සනයි..... කත‍ාව
    ඉතුරු ටිකත් ඉක්මනට ලියන්ඩෝ

    ReplyDelete
  40. When the mornin' sun
    Streaks across my room
    And I'm wakin' up
    From another dream of you
    Yes, you know I'm on the road
    Once again it seems
    All that's left behind
    Is a chain of broken dreams

    ReplyDelete
  41. But you know that I love you
    You know that I love you
    Oh, I love you
    But you know that I love you
    You know that I love you
    Oh, how I love you
    But you know that I love you
    You know that I love you
    Oh, how I love you

    But you know I love you
    But you know I love you
    Oh, I love you
    But you know that I love you
    But you know that I love you
    Oh, how I love you
    But you know that I love you
    But you know that I love you
    Oh, how I love you

    ReplyDelete

  42. Well, I met an old man walkin' down the street
    His clothes were torn and tattered
    With sandals on his feet
    And I stopped to help him
    And lend him a hand
    He said, I love you so much
    But you must understand

    ReplyDelete
  43. Silver and gold might buy you a home
    But things of this world
    They won't last you long
    And time has a way of turning us old
    And time can't be bought back with silver and gold

    ReplyDelete
  44. And he said to me, let's rest for awhile
    For I have some good news to share with you, child
    He said, you can't change this old world
    The people need to know
    That a dear savior died here
    A long, long time ago

    ReplyDelete
  45. Silver and gold might buy you a home
    But things of this world
    They won't last you long
    And time has a way of turning us old
    And time can't be bought back with silver and gold

    ReplyDelete
  46. His eyes shown like diamonds
    And his smile was heaven sent
    His hair was long and flowing
    And his back was slightly bent
    And I knew he knew it
    For that day I changed
    As I watched him walk on
    I forgot to get his name

    ReplyDelete
  47. He said, silver and gold can't buy you a home
    When this life has ended
    And your time is gone
    But you can live in a world where
    You'll never grow old
    And things can't be bought there with silver and gold

    ReplyDelete
  48. Oh, the pain of loving you
    Oh, the misery I go through
    Never knowing what to do
    Oh, the pain of loving you
    You just can't stand to see me happy
    Seems you hurt me all you can
    Still I go on loving you
    But I never understand
    To love and hate at the same time
    The line between the two is fine
    The two have bound me heart and soul
    So strong that I can't let you go
    To love and hate at the same time
    The line between the two is fine
    The two have bound me heart and soul
    So strong that I can't let you go

    ReplyDelete
  49. You packed in the morning
    I stared out the window
    And I struggled for something to say
    You left in the rain without closing the door
    I didn't stand in your way
    Now I miss you more
    Than I missed you before
    And now where I'll find comfort, god knows
    'Cause you left me
    Just when I needed you most
    Yes, you left me
    Just when I needed you most
    Now most every morning
    I stare out the window
    I think about where you might be
    I've written you letters that I'd like to send
    If you would just send one to me
    'Cause I need you more
    Than I needed before
    And now where I'll find comfort, god knows
    'Cause you left me

    Just when I needed you most
    Yes, you left me
    Just when I needed you most
    You packed in the morning

    ReplyDelete
  50. Dolly Parton ගේ ආස සින්දු ටිකක ලිරික්ස්

    ReplyDelete
  51. This comment has been removed by the author.

    ReplyDelete
  52. ඩුඩ් අයියේ කලබලයක් නෑ...වෙලාව අරගෙන හොදම නිර්මානයක් එලියට දාන්න..
    අපි බලාගෙන ඉමු..
    දන්නවද හංගොල්ලෙක් දැකලා මේ ලගදි පොඩි මෙන්ඩා කෑ ගහනවා “මෙන්න ඩුඩ් අංකල් බිම හදලා බිපු එකෙක්“ කියලා..
    පත්තරේක “ඉතිරි කොටස 13 වෙනි පිටුවේ“ කියලා දකින කොට ඉවානයා මතක් වෙනවා.
    බොරැ කථා එකතු කර කර පොඩි මෙන්ඩට කතන්දර කියනකොට ඩ්‍රෑකි මතක් වෙනවා..
    පොලගෙක් දැක්කොත් දේශකයා..
    කොන්ඩම් / ක්‍රිකට් සුදික අයියන්ඩි..
    එහම නිර්මානයක් දෙන්න...බලන අපිට විතරක් නමෙයි පවුල් වල අයට යාලුවන්ටත් මතක හිටින විදිහට

    ReplyDelete
  53. අනේ අප්පේ අද තමයි කියවන්න වෙලාවක් ලැබුනේ. ජොලි පහේ ලස්සන කතාවක් . ඒ නංගී ආයේ හම්බුනාද ?දෙවැනි කොටසත් බලමු

    ReplyDelete
  54. අනේ අප්පේ අද තමයි කියවන්න වෙලාවක් ලැබුනේ. ජොලි පහේ ලස්සන කතාවක් . ඒ නංගී ආයේ හම්බුනාද ?දෙවැනි කොටසත් බලමු

    ReplyDelete
  55. ඩුඩ් , මම මේ කතාව කියවන්න සති අන්තයටම තියා ගත්තා රස විඳින්න . තවම මේ කොටස විතරයි කියෙව්වේ . ඔබේ සුපුරුදු රටාව . මේ කතාවේ තව පොඩි ගැඹුරක් තියෙනවා .

    අපේ බැචෙක් ගිය සුමානේ මළා (ඒකට ඊට වඩා කැටයම් දාන්න ඕනේ නෑ ). උගේ චරිතයද ඔබ ලිව්වේ කියලා හිතුනා . මේ ඔහු ගේ මරණය ආරංචි වුන එකෙක් ලියු සටහනක්

    "හිතවත හිතවතිය අද දින වෙන්න සමා
    කියනව අපේ දුක ඔහෙලට සිරස නමා
    උරුමය වෙන්න තිබුනේ මේ දුකම තමා
    පිහිටක් වෙලා යනවද පින් පතමි මෙමා"
    උදේ 6 ට ගම්පහ ටවුම මැද්දේ ඉඳගෙන උඹ කියනවා සුදු ඇඳුමෙන්.. මම අත්වැල අල්ලන්නවා ලඟ ඉඳගෙන..දේවි විශාඛා කෙල්ලො ඇඹරි ඇඹරි යන්නේ සත 5 ක් වත් නොදා..

    ඊට පස්සේ සෙට් උනා 5.56 කෝච්චියට ගම්පහින්..
    "කෝ මේ කොට හාදයා"..උඹ මාව හොයනවා ස්ටේෂන් එකේ..මොකද උස හාදයා එන්නේ වේයන්ගොඩ ඉඳලා..
    ගණේමුල්ලට යනකොට සින්දු 2 කුයි විහිළු 5 කුයි ඉවරයි.. ගණේමුල්ලෙදි ඔන්න ලස්සන නංගියෙක් නගිනවා අම්මා එක්ක.. ඔන්න අපේ සද්දෙත් වැඩී උඹේ විහිලුත් වැඩී..
    මරදානෙන් බැහැලා ගාමිණී හෝල් එක ලඟින් නගිනවා 120 ක.. කොන්දා කෑ ගහනවා "හොරණ, හොරණ" කියලා..
    ඊට වඩා වේගෙන් උඹ කෑ ගහනවා " හොර නෑ, බොරු නෑ, වංචා නෑ" කියලා........"

    මට ඔබ ඌව ආයෙත් මතක් කළා

    ReplyDelete
  56. අද තමයි බලන්න පටන් ගත්තේ. පහුගිය කාලේ Quarantine වෙලා හිටියා නේ. ෂාහ් ! මාව අතීතෙට ඇදගෙන ගියා. සමාන්තර විශ්වයක් නිසා මුකුත් කියන්න බෑ.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>