Saturday, July 2, 2016

152. මීටරේ ගැන මොනලොග් එකක්.


සිරාවටම හොල්මං වෙනව ඕයි.

ඉතිං මං කියන්ඩ ගියේ මොකද්ද? ආහ්, අපි  ඔය හොලිවුඩ් මූවීස් ටෙලි සීරීස් බලනවනෙ. විසේසෙංම ඔය ඇක්ෂන් ඒවා, ඔය කොප්, ඩිටෙක්ටිව්, ක්‍රයිම් වගේ ඒවා බලනකොට මම නිතරම හොල්මං වෙන දෙයක් තමයි මචං,  ඒවයෙ චරිතවලට තියෙන මේ පුදුමාකාර මතකෙ.

ඒ මොකෝ කියන්නේ? උඹලා දැකලා තියෙනවද ඕවයෙ චරිත කොයි වෙලාවකවත් ඔය ෆෝන් නම්බර් එකක්, පාස්වර්ඩ් එකක් , දෙපාරක් කියනවා? යකෝ එකම-එක පාරනෙ කියන්ඩෝනෙ.   ඒකට මං. මට නම් ෆෝන් නම්බර් මතක තියා ගන්න බෑ මේ සම්මජ්ජාතියෙදි එක පාරක් අහලා නම්.

අමාරුවෙන් මතක තියාගෙන ඉන්න එකක් හරි මතක තියාගෙන ඉන්න රිද්ම් එක පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් අඤ්ඤකොරොස්. මම අපේ ගෙදර  ෆෝන් නම්බර් එක මතක තියාගෙන හිටියෙ මෙන්න මෙහෙම තුනෙන් තුනට. 011 2 (හරි ඒ කෑල්ල ඕන්නෑ කියමුකො) 123 456. මේක ඔලුවෙ තියාගෙන ඉන්නෙත් ඉංගිරිස් වලින්.  කවුරු හරි සිංහලෙන් ඇහුවොත් ටිකක් වෙලා යනවා හරවන්න.

හරි ඒක නම් කොහොම හරි ගොඩ දාගත්තයි කියමුකො. අර අංක තුනේ රිද්ම් එක  අවුල් වුනොත් නම් විනාසයි.

ඕන් දවසක් අපේ ඒක මාලනී අක්කා අහනවා,

" ඒයි හෙන්රි මල්ලි, උඹේ ගෙදර නම්බර් එක 2 12 34 56 නේද බං?"

මම කිව්වනෙ නෑ කියලා ගත් කටටම.

"එහෙනං කියපං බලන්න හරි එක," කියලා මාලනී අක්ක කිව්ව,

ඉතින් මං හරි එක කිව්වා.

" 2 123 456"

මාලනී අක්කා ඒක ලියාගෙන කොලේ දිහා ඔරවලා බලල නලල ‍රැලි කරං මා දිහා බලලා

"ඉතිං යකෝ මේ ඒකමනෙ"

"ඇත්තද?"

ඕං මගෙ රෑම් එක.


දැන් ඔන්න දැං උඹලා හිතන්ඩෙපා මට ඇම්නීසියා කියලා.

මට සමහර හිතාගන්න බැරි දේ ගැන අසාමාන්‍ය මතකයක් තියෙනවා. ඒකනෙ බ්ලොග් ලියන්නෙ, නැද්ද?  දීර්ඝ කාලීන මතකය.

මට මගෙ NIC නොම්බරේ මතක ඒක සෑහෙන කාලයක් පාවිච්චි කරපු නිසා. නමුත් මට  තිබුනු එක පාස්පෝට් එකකවත් නොම්මරේ නම් කවදාවත් මතක හිටලා නෑ. මොකද ඒවා අලුත් කරන ගානෙ නොම්මරේ වෙනස් වෙන නිසා.

මට මගේ දැන් ෆෝන් නම්බර් එකක් මතක් කරන්න ටිකක් වෙලා ගියත් ඩිස්කනෙක්ට් කරලත් අවුරුදු ගානක් වෙච්ච ලෑන්ඩ් ලයින් නොම්බරේ කටපාඩම්. හෙහ්, හෙහ්. ඒක මේ ලඟදිත් මට ඕනෙ වුනා ටෙලිකොම් එකේ සික්කෙක්ගෙන් බේරෙන්න.



මහ බැංකුවට බෝම්බ ගහන්න කලින්, සෙලින්කෝ එකේ යට තට්‍ටුවේ තිබුන මහජන බැංකුවේ මට තිබුනු, දැන් නැති අකවුන්ට් එකේ නොම්බරේ මට තවම කට පාඩම්. නමුත් දැන් පාවිච්චි කරන නිතර ඕනෙ වෙන අකවුන්ට් නම්බර් එකක්වත් මගේ ඔලුවේ නැති හැටි! මාරයි!!

ඒවා නම් සංකීර්ණයි කියමුකෝ. නමුත් මට ඉලක්කම් හතරේ ATM PIN එකක්වත් මතක තියාගන්න බෑනේ. එයාලා නම් කියන්නේ PIN එක කටපාඩම් කරගෙන ලියුම විනාශ කරලා දාන්න කියලා. කෙරිලා තියෙයි!

මහපාරේ යෝග්‍යතාපරීක්ෂනය

අපේ තාත්තගේ 2 ශ්‍රී BSA මෝටර් සයිකලයේ නොම්බරේ, මගේ මුල්ම මෝටර් සයිකලයේ නොම්බරේ සහ මගේ මුල්ම කාර් කට්ටේ නොම්බරේ මට දැනුත් මතකයි. ඒ වුනාට දැන් තියෙන ඒවයේ නොම්බර මතක හිටින්නෙම නෑනේ.

මේ සමහර පොලිස් කාරයෝ ලඟ මහ හොල්මං තියරියක් තියෙනවනෙ බං මේ වාහනේක අයිතිකාරය  තමංගෙ වාහනේ අංකෙ කට පාඩමින් දැනගෙන ඉන්න ඕනෙ කියලා.

මේ ෂර්ලොක්ලා හිතන්නෙ, අපි මේ දැං, මේ වාහනේ වයර් මාට්‍ටු කරලා ස්ටාට් කරගෙන, වාහනේම තිබිලා ලයිසන්ස් ඉන්ෂුවරන්සුත් හොයාගෙන එන ගමන්, අර වයර් මාට්‍ටු කර කර හිටි හන්දා වාහනේ නොම්බරේ කටපාඩංකරන්න බැරි වෙලා වෙන්න ඇති කියලා. පොරවල් හරී ආසයි ලයිසන්ස් ඉන්ෂුවරන්ස් තමන්ගෙ අතර අරගෙන ඒවා කියවන ගමන් අපෙං "මොකද වාහනේ නොම්බරේ?" කියලා ඔලුව හොල්ල හොල්ල අහන්ඩ.  "දැං මං කිව්වොත් එහෙම, "මට මතක නෑ, ඕකෙ ලියලා තියෙනව නේද නොම්බරේ?" කියලා මල අතේ.   එතකොට මහා ලොකු වංචාවක් , හොරකමක් අල්ලගත්තාම වැ‍රැදද කරපු එකා දිහා බලන්න යොදාගන්න අර බැල්මට් එක දාලා  "හහ්, මතක් නෑ නේද නොම්බරේ?" කියලා අහනවා.


මෙහෙම වෙලාවට පොලිස් කාරයගෙ හැටියට සහ මූඩ් එකේ හැටියට වාහනෙං බස්සවලා, තව තියෙන අයි ඩී එහෙම හොර ඒවද කියලා ලෙව කාලත් බලලා, වාහෙනේ සීට් අස්සේ, පැනල් අස්සෙ හිටං බලන ගානට වැඩේ දුර දිග යනවා හිටං.

මේ හැම දේම වෙන්නේ මට වාහනේ නොම්බරේ කටපාඩං නැති හන්දයිකියහංකො, හිටං.

ඇත්තටම බං මේ දන්නැති හන්ද අහන්නේ. එහෙම නීතියක් තියෙනවද, හිටං ?



ඉතිං මචං මං ඔය වෙලාවට කාකි සූට් එක්ක පැටලෙන්න යන්නේ නෑ.  මම ඕකට කරන්නේ පොඩි කඩදාසි තීරුවක වාහනේ අංකෙ ප්‍රින්ට් කරලා බයික් එකේ නම් පෙට්‍රල් ටැංකිය උඩ සෙලෝටේප් එකකින් ලැමිනේට් වෙන්න අලෝලා තියෙන එක. පොලිසියෙන් නවත්තලා නොම්බරේ ඇහුවාම මම කූල්පිට අරක දිහා බලලා නොම්බරේ කියනවා.  එක දවසක්  පොලිස් කාරයෙක් ඕක  දැකලා මට කියනවා, "හහ්, නොම්බරේ මතක් නැති හන්දා මෙතන අලෝගෙන නේද?" ඒක හරියට කිව්වේ මේ ශතවර්සෙ ලොකුම කුඩු ලෝඩ් එක, එතනෝල් ලෝඩ් එක අල්ලගත්ත වගේ ඕං.  හැබැයි කාර් එකක, වෑන් එකක ඔයිට වඩා ලේසියටනොපෙනෙන්න ඕක ගහන්න පුලුවං.

මං මේ දන්නෙ නැති හන්දයි ආයෙම උඹලගෙං අහන්නෙ. වාහනේ නොම්බරේ කටපාඩමින් කියන්න මතක නැත්නං ලංකාවේ පාරක වාහනයක් එලවන එක වැ‍රැද්දක්ද බංස්ලා?

ඔය ෆ්‍රෙන්ච් ස්පෙලිං තියෙනව නේද?  මම කීප සැරයක්ම ෆ්‍රෙන්ච් ඉගෙන ගන්ඩ ට්‍රයි කලා. පිස්සුම හැදෙන බාසාවක් බං. පිස්සුම හැදෙනවා. 

"Comment allez-vous’(කොමොන්තලේවූ)  මම මතක තියාගෙන හිටියේ 'කමෙන්ට් අලෙස් වවුස්' කියලා. ඇයි ABBA ගෙ
‘Voulez-vous’ (වූලේවූ) මම කොහොමත් මතක තියං හිටීයෙ 'වවුලෙස් වවුස්' කියලා. කවදාවත් කාටවත් මාට්‍ටු වෙලා නෑ හොරකම.

තව තියෙනවා ඔය වගේ ෂෝර්ට් කට් කීපයක්ම

Bureau කියන ස්පෙලිං. මම ඕක මතක් තියාගෙන ඉන්නෙ බුරියෑව් කියලා. කවදාවත් මාට්‍ටු වෙලා නෑ.

මිස්ට ලියනාරච්චි මගේ ගුරුවරයෙක්.  මට මේ ලඟදි හම්බ වුනා බැංකුවෙදි සල්ලි ගන්න ෆෝම් එකක් පුරෝපුරෝ ඉන්නකොට.  "K.S.P.V. ලියනාරච්චි, නේද සර්?" මම නිකමට ඇහුවා "මට තාම මතකයි මෙච්චර කාලයක් ගිහිල්ලත් ඒ නම."  සර්ට මාර හැපි මගෙ ගුරු ගෞරවයයි, සර් ගැන තියෙන පෞද්ගලික උනන්දුවයි දීර්ගකාලීන මතකෙයි ගැන.  හැබැයි මම කිව්වනං සර්ට මට එයාගෙ නමේ අකුරු ටික මතක තියෙන්නේ 'කනේ සබං පිහදාගෙන වරෙං ලියනාරච්චි' කියන ෂෝට් කට් එකෙන් කියල සර්ගෙ අහිංසක හිනාව නිකං වයිපරේට අහුවෙච්ච කාක් බෙට්ටක් වගෙ නිකම්ම අතුරු දහං වෙලා යයි. (හරි හරි බං. වාසගම වෙනස්කරලා තියෙන්නෙ)

ඔය සැම්සුං, නොකියා, සෝනි, මෝටරෝලා කියන දෙවිවරු ඉන්නව නේද. උන් දෙවිවරුම තමයි.

ඇත්තෙන්ම මේ මෝබයිල් ෆෝන් තාක්ෂනේ තියෙනව නේද? ඒක ජීවිතාරක්ෂා කරනවා.  දෙයියනේ කියලා දැන් ෆෝන් නොම්බර කට පාඩං කරන්න ඕනෙ නෑ. උපන්දින, සංවත්සර හෙම කරපාඩං කරන් ඉන්න ඕනෙ නෑ. ඒකෙන් ජීවිතෙත් ආරක්ෂා වෙනවා, විවාහයත් ආරක්ෂා වෙනවා. තාක්ෂණේට නං දෙයියංගෙම පිහිටයි. ඔය දේවල් හොයාගත්ත නිර්මාපකයෝ නං දෙයියෝම ආරක්සා කොරන්ඩෝනැ.  මං නං කියන්නෙ උන්ට ඒ කරගත්තාවූ කුසල සම්භාරයේ ආනුභාවයෙන් කෙලින්ම දිවියලෝකෙට ටිකට් බුක්, එකෙන්ම.

ඔය සමහර අන්දොස් ස්පෙලිං තියෙන ඉංග්‍රීසි වචන තියෙනව නේද ඔය tongue, relevant, lieutenant, diarrhea වගෙ .දැන් මං ඒවා කිසිම ගේමක් නැතුව ටයිප් කරනවා spelling suggestions, auto correction වලට පිං සිද්දවෙන්න. මම වෙන මොනවහරි වැඩක් කලත් මම MS Word එකක් ඇරගෙන ඉන්නෙ සැක සහිත වචන ටයිප් කරලා රතුවට අන්ඩර්ලයින් වෙයිද බලන්න.

දැං මං ගැන හදිසි තීරණවලට බහින්නෙ නැතුව මේ ටිකත් අහපංකෝ.


මම අර කොළඹ කොට අදින ඉස්කෝලෙ වැඩ කරන කාලෙ GCE O/L, A/L applications ලියන වැඩේට මාට්‍ටු වෙන්න මාව.  ඉංග්‍රීසි බ්ලොක් කැප්ස් වලින් නම් ලියන්න ඕනෙ අර කො‍ටු ඇතුලෙ. 

ඕං විස්වාස කරහල්ලා එක ගෝලයෙක් හිටියා ඒකගෙ නම "අමුර්ත හස්ත ගුණරත්න අනුහස් වාසල මුදියන්සෙ රාළහාමිලාගේ සාලින්ද ධම්මික ඉකිරිවත්ත." හිතහංකෝ ඕක අර කො‍ටුවල ලියන්න ගියාම.

ඔය නම අයිතිකාර කොලුවටවත්, ඒකගෙ මාම කෙනෙක් වෙච්ච ඉස්කෝලෙ අංශ ප්‍රධාන මේධංකර හාමුදුවන්ටවත් ඔය නම මතක් නෑ. හාමුදුරුවෝ හොලමං වෙනවා මම ඔය කට පාඩමෙං කිව්වාම.  ඔය නම අර දීල තියෙන කො‍ටුවල ලියන්න ඉඩ මදි නිසා මම ඒ ලොකු කො‍ටුව තීරු තුනකට බෙදලා එක යට එක පේලි තුනකින් පොඩිම ෆොන්ට් එකෙන් කොහොම හරි ලියනවා. දැං ඕක වෙලා අවුරුදු පහළොවකටත් වැඩියි. දැං මං මේ නම් උඹලට කිව්වෙ මතකෙන්.

ඒක ගැන මොකද කියන්න තියෙන්නෙ උඹලට?  ඔව් කතා කරහල්ල, දීපල්ල උත්තර.



දැෂ් උඹලට මාව ‍ෆ්‍රීක් කෙනෙක් වගෙ පේනවනම්,  ඕං අහගනිල්ල විල්බට්ගෙ කතන්දරේ.

අපේ ක්‍රිෂාන්තය ඇරුනාම අපේ ගමේ හිටියා මාර බුවෙක්. ආ ක්‍රිෂාන්තව උඹ දන්නෙ නෑ? හරි හරි. ඌ මාරම මීටරයක්. ඌ අවිත් CTB database එකක් එකෙන්ම. ඌ දන්නවා කිරිඳිවැල, කැළණිය ඩිපෝවල තිබිච්ච  හැම බස් එකේම පෙඩිග්‍රිය. ඒවයෙ නොම්බර, අර උඩ ගහල තියෙන KD22, KE15 වගෙ ඩිපෝ නොම්බර, ඒවට අලුතෙන් එන්ජින් තිබ්බද, එන්ජින් රිපයාර් කලාද, සෙකන්ඩ් එක පනිනවද, ඩිෆරෙන්ෂල් එකෙන් හම් එකක් ආවද විතරක් නෙවෙයි, ඌට කියන්න පුලුවං ඕව එලවන ඩ්‍රයිවර්ලා කවුද, කොන්දොස්තරලා කවුද උන් කොහෙන්ද,, කසාදැ බැඳලද නැද්ද, බැඳලනම් කාවද යනාදී ඕනෙම දෙයක්, සෙනිකවම.

"KD22 පූගොඩ ගියා තව ආවෙ නෑනේ. "
ඉතිං අපිට පාංද බං වගේ බැල්මකින් අපි ඌ දිහා බැලුවට ඌට ගානක්වත් නෑ.
"ඒයි කැළණිය ඩිපෝවෙ අහවල් බස් එක කතරගම ගියානෙ ඊයෙ රෑ." ඌ කියාගෙන යනවා
 ඒ එක්කම උගෙ අඬෝවැඩියාව,
"යකෝ මේ සිරිලා නං කනවා බස් එක. බලහං ගියර් දාන හැටි ක්ලච් එක දෙන්නෙ නැතුව."
"බලහංකො අරූ ක්ලච් එකේ කකුල තියාගෙන එලවන හැටි විතරක්. ඌට මොකෝ."

විල්බට් ඇවිල්ල මේ අහල පහල ගෙදරක තිබ්බ වී මිරිස් හෙම කොටන මෝලක වැඩකරපු බුවෙක්.   කවදාවත් ෂර්ට් එකක් ඇඳලා ඉන්නවා මම දැකලා නැති, බඩමැද්දෙන් දෙකට කැඩෙන ගානට හිරට සරම ඇඳගෙන ඉන්න විල්බට් ක්‍රිෂාන්තයට වගේම පුදුමාකාර හැකියාවක් තිබ්බ බුවෙක්. පොරට පුලුවං අපේ පළාතෙම තියෙන් සහ තිබුන ඕනෙම වාහනේක නොම්බරේ ඇතුලු සියලු විස්තර පට් පට් ගාල කියන්න. ඒ කියන්නේ දැන් ඒ වාහනේ කොහෙද, කොහොමද, දුවනවද, කන්ඩෙම්ද, කාටද අයිති, හැමදේම. පොරට මතකයි මගෙ පළවෙනි බයික් එකෙයි පළවෙනි කාර් එකෙයි නොම්බරේ. මාරම ෆීඩ් එකක් එක්ක, මාරම up-to-date database එකක් තියෙන්නෙ.

"මම දැක්කනෙ ඔයාගෙ කාරෙක අවිස්සාවේල්ලෙදි."

"අර ඔයාගෙ මස්සිනා අංගොඩට විකුණපු වෑන් එක දැන් තියෙන්නේ කැළණියෙ."

අපරාදෙ,  ආරෙම්වී එකේ වැඩ කරන්න ඕනෙ පොරක් මිරිස් මෝලක වැඩ.

විල්බට්ව හම්බවුනාම හුඟදෙනෙක් විනෝදෙට කරන විදියට එක එක වාහනප්‍රශ්ණ අහලා පොරගෙ වාහන දැනුමපරීක්ෂා කරලා මම දවසක් ඇහුවා මෙහෙම,

"දැන් ඔයාට ඔයාගෙ අයිඩෙන්ටිටි කාඩ් එකේ නොම්බරේ මොකක්ද කියලා මතකද?

"හුටා, ඒක නම් මතක නෑනේ."

පොර බොහොම දියාරු හිනාවක් එක්ක කිව්වා


Originally published as My Ram And Cache @ HeyDude in English Language. . Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.








95 comments:

  1. අයි ඩී එකේ නම්බරේ, වාහනේ නම්බරේ, ෆෝන් නම්බරේ නං මට මතකයි. හැබැයි අර කියල තියෙනව වගේ අපි මතක තියාගෙන ඉන්න රටාවෙන් වෙනස් විදියකට කවුරු හරි ඇහුවොත් ටික වෙලාවක් යනකල් මීටර් කරගන්න බෑ ඒක අපේ එකමද කියල.

    ReplyDelete
    Replies
    1. රටාව බලපානවා බං. ඒක නිකං යතුර නැතිවුනා වගෙ.

      Delete
  2. අනික ඔය මෑතකදි වෙච්ච දේවල් මතක නැති උනාට කාලෙකට කලින් වෙච්ච දේවල් හොඳට මතකෙට නගාගන්න පුලුවන්. මම හිතන්නෙ පරන ඒව කාලයක් යනකොට රී පෝස්ට් වෙන සිස්ටම් එකක් මොලේ වැඩ කරනව ඇති.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඇති. ඒ කියන්නෙ යමක් මතක තියෙන්න යම් ප්‍රැක්ටිස් එකක් සහ කාලයක් ඕනෙ කරනව ඇති. උඹ දන්නවද ෆෝන් නම්බර් එකක් කොහෙ හරි ලියාගත්තොත් මොළේ ඒක මතක තියාගැනීමේ කරදරෙන් මිදෙන්න ඒක අල්ලලම දානවා.

      Delete
  3. මං හිතාගෙන හිටියෙ මේව මට විතරක් තියෙන විකාර කියල :)

    ReplyDelete
    Replies
    1. කිසි දේකට බයවෙන්න එපා කසුන්. තව ඕනෙ තරම් කට්ටිය ඉන්නවා. කියන්න ලැජ්ජාව තියෙන්නේ.

      Delete
  4. තමන්ගේ වාහනයේ/වාහනවල නොම්බර කට පාඩම් නැති එක ලංකාවේ මොටර් ට්‍රැපික් ඇක්ට් එකේ හැටියට බරපතල වරදක්.

    ReplyDelete
  5. හෙන්රි ට අපේ තාත්තාවත් හම්බ වෙලා ඇති එහෙනම්... ඔය මහජන බැංකුවේ තමයි තාත්තාත් සෑහෙන කාලයක් වැඩ කලේ... :)

    ReplyDelete
    Replies
    1. අහවලා දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ නම් මට හිතාගතෑකි ඒ කවුද කියලා. එහෙම නැතිනම් අමාරුයි. එතකොට Queen Street Branch එක ගැන මම තව කතාවක් ලිව්වා, Operation Dog pile නොහොත් ‍රැජිණ වීදියේ මහා බලුබෙටි මෙහෙයුම කියලා. මතකද. තාත්තගෙනුත් ඇහුවෑකි කිකමට වගේ.

      Delete
  6. "මීටරේ ගැන මොනොලොගුඈ එකක්" කියල ටොපික් එක දැම්මනං මචෝ මල් හතයි

    කාලෙකට ඉස්සර මම ඇබා ගැන පෝස්ට් එකක් ලියද්දි ඔය වූලේ-වූ කියන එකේ තේරුම හොයල බැලුව.

    It means "Would you like to sleep with me to-night?" heh,heh,

    Voulez-vous (ah-ha)


    Take it now or leave it (ah-ha)
    Now is all we get (ah-ha)
    Nothing promised, no regrets

    Voulez-vous (ah-ha)

    Ain't no big decision (ah-ha)
    You know what to do (ah-ha)
    La question c'est voulez-vous

    Voulez-vous…

    ReplyDelete
    Replies
    1. ආ උඹ ඇබා විදුලි පංකාවක් කියලා මම දන්නවා.

      >>කාලෙකට ඉස්සර මම ඇබා ගැන පෝස්ට් එකක් ලියද්දි ඔය වූලේ-වූ කියන එකේ තේරුම හොයල බැලුව.

      It means "Would you like to sleep with me to-night?" heh,heh,<<

      නෑනෙ බං. ඒකෙ එච්චර ලොකු තේරුමක් නෑ. ඒක නිකම්ම Do you want (to) විතරයි.


      Delete
    2. https://www.youtube.com/watch?v=za05HBtGsgU

      Delete
  7. මටත් 30 පණිනකන් විතර අලි මතකයක් තිබ්බා. දැන් නන් මීට හපං.

    ReplyDelete
    Replies
    1. මීට හපං කිව්වේ? උඹටත් විල්බට්ට වගේ නැතිනං ක්‍රිෂාන්තට වගෙ විශේෂ හැකියාවක් තියෙනවද?

      Delete
  8. එක දවසක් පොලිස් කාරයෙක් ඕක දැකලා මට කියනවා, "හහ්, නොම්බරේ මතක් නැති හන්දා මෙතන අලෝගෙන නේද?" ඒක හරියට කිව්වේ මේ ශතවර්සෙ ලොකුම කුඩු ලෝඩ් එක, එතනෝල් ලෝඩ් එක අල්ලගත්ත වගේ ඕං. ///////// kosso ha ha ha

    ReplyDelete
    Replies
    1. සමහරු Sherlock Holmes පාර දාන්න මාර ආසයි.

      Delete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මම සිතූගෙ ආරක්ෂාවට කමෙන්ට් එක ඩිලීට් කරලා ආරක්ෂාවට තර්ජනයක් නොවන කොටස් විතරක් මෙතන ආයෙම දානවා.

      ඩූඩ්,

      මම පොඩිම කාලෙ, එතකොට අවුරුදු 4ක් විතර ඇති. අපිට තිබ්බ කාරෙක 13 ශ්‍රි 4422. ඕක මම කියවන්නෙ හතර, දෙක, දෙක, දෙක කියලලු. ඒ කියන්නෙ හතරෙ ඒවා දෙකයි දෙකේ ඒවා දෙකයි කියන එකලු. මට මෙච්චර කල් ඕක මතක නෑ. තාත්තා තමයි තාම ඕක මතක් කරන්නෙ. ඉතින් පොලිස් අන්කල් කෙනෙක් මාව මගදි අල්ල ගත්තා නම් මටත් වැඩේ හබක් වෙයි නේද?

      ඉස්සර මොබයිල් ෆෝන් එකක් නැති කාලෙ, ලෑන්ඩ් ෆෝන් එකෙන් කෝල් ගන්නකොට නම් ඔය නොම්බර හොඳට මතක හිටිනවා. එහෙම මතක තියාගත්ත නොම්බර අදත් කට පාඩම්. ඉස්සර මගෙ යාළුවෙක් හිටියා එයාට කාටහරි මොබයිල් නම්බර් එක දෙන්න ඕනෙ වුණාම අහන්නෙ මගෙන්...

      Delete
  10. පොහ්ඃ ඒ පාර ඔහෙත් අර මැරෑටියා, ඇන්ඩියා වගේනේ.

    ඔව් අනේ මටත් ඔය වගේ අටෝරාශියක් ලෙඩ තියෙනව ඉතිං. ෆෝන් නම්බර් මතක නැති එකනම් දරුණුවටම තියෙනව. දැන් පාවිච්චියෙ නැති ඒවත් එක්ක ඒ දවස්වල අවශ්‍ය වුනු සමහර අංක මට මතකයි තාමත්. ඒත් මගේ මොබිටෙල් නම්බර් එක මතකයි, ඩයලොග් එක නම් මතක හිටින්නෙම නෑ. එතකොට ඒ දවස්වල ජාලගතවුනු ඩයලොග් එකේ බිල ගෙවන්න ගියාම පර්ස් එකේ කොලකෑල්ලක නම්බර් එක ලියල දාගෙන තියෙන්නෙ. දැනටත් පාවිච්චි කරන එටිසලාට් එකේ බිල ගෙවන්න යන්නෙ නම්බර් එක තියන ස්ටිකර් කෑල්ලකුත් පර්ස් එකේ දාගෙන. SLT ල නම් මට පුරහඳවගේ රවුම් නම්බර් එකක් දුන්නා, ගෙඩිය පිටින් දැක්ක ගමන් මතක හිටියා, ඒක විතරයි උන් කරපු එකම හොඳ වැඩේ.

    ඔයා අර සර්කාරයගෙ නම මතක තියාගෙන හිටපු හැටියට තමයි ඉස්සර අපි ආවර්තිතා වගුව, සක්‍රියතා ශ්‍රේණිය එහෙම පාඩම්කරගෙන හිටියෙ. ඔය 10 වසරෙ වගේ ඉද්දි පන්තියෙ නැගිට්ටවල ආවර්තිතා වගුව කටපාඩමින් කියන්න කියනව. අරක කියන්න පුළුවනැ, දෙමෝලෙන් පිටිකොටනව වගේ ක්ෂණික පරිවර්තනය හිතෙන් කර කර තමයි කියවන්නෙ. ගණිතයෙදිත් ඒකාලෙ සුළුකරන පිළිවෙල මතක තියාගත්තෙ ‘වන්බෙවැදරි‘ කියල. ඔය ස්පෙලිං වගේම සමහර අඤ්ඤකොරොස් වචන ශබ්ද කරන හැටි මතක තියාගැනිල්ලත් හෙන ගේමක් තමයි. ඉංගිරිස් ගුරෙක් එක්ක ඕව කතාකරන්න පුළුවනැ රෙද්දක් ඇඳන්. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. මට මෙහෙ මගෙ නම්බර් එක මතකයි මොකද ඒකෙ එක්තරා සමමිතික ගතියක් තියෙන නිසා. ඒත් ලංකාවෙ නොම්මර සහ රිලෝඩ් දාන්න අවශ්‍ය අනිත් නොම්මර මාත් ප්‍රින්ට් කරලා කාඩ් එකක් ගානට හදලා ලැමිනේට් කරලා වොලට් එකේ දාගෙන ඉන්නෙ අවශ්‍ය වෙලාවට ඇදලා ගන්න.
      අපිත් ආවර්තිතා වගුවට "පොත්ත බේරුනු කැහැ‍ටු සෝමට..." මතක තියාගෙන හිටියා. හැබැයි ඒවා කියල දුන්නෙ ගුරුවරයම නිසා ප්‍රශ්ණයක් නෑ.

      Delete
  11. ඩයියෙ ඒ වෙලාවට පොලිස් මාමගෙන් අහන්ඩෝනැ ඔයාගෙ යුනිෆෝම් එකේ ගහල තියන ඔයාගෙ නම්බර් එක මොකක්ද කියල..

    පොඩි ට්‍රික් එකක් කියන්නද.. ඒ නම්බර් එක දිහා දෙතුන් පාරක් හොඳට බලපන්.ඊට පස්සෙ අහපන් සර්ල කොහේ පොලිසියද කියල ඩූඩයියෙ.ඇඹරෙනවා එකෙන්ම !! යකඩෙ රත් උන ගමං තලන හැටි කියන්න ඕන නෑනෙ .

    ReplyDelete
    Replies
    1. පොලිසියත් එක්ක ගැටෙන්න යන එක අවම කරලා බං තියෙන්නෙ.
      මම දවසක්නම් ටිකක් ප්‍රසන්න මූණක් තියෙන තරුණ එකෙක්ගෙන් ඇහුවා, "මේ ඔ‍ෆිසර්, මම පොඩි ප්‍රශ්ණයක් අහන්නද? මට තියෙන්නෙ ගුටිකන මූණක්ද?" කියලා. පොර විශ්මයෙන් මං දිහා බලලා "ඇයි මහත්තයා (දැන් පොලිසියෙන් මහත්තයා කියලා තමයි කතා කරන්නෙ) එහෙම ඇහුවෙ කියල ඇහුවා. මම කිව්වා, "වාහන දාහක් හමාරක් එක්ක මම එක පෙලට ගියත් පොලිසියෙන් හිටියොත් මාව නවත්තනවාමයි. මාව දැන් පැයක් ඇතුලත් තුන්වෙනි පාරට නැවැත්තුවෙ," කියලා. ඩී ආර් විජේවර්ධන මාවතේම ඒ මාව නැවැත්තුවෙ දෙවෙනි වතාවට එකම ගමනෙදි.

      Delete
    2. ඩූඩ්ගෙ ප්‍රශ්නය මං හිතන්නෙ "වර්ණ" කේස් එකක්. මූනත් ටිකක් නස්පුක් පාටයිනෙ, හමේ පාටත් එක්ක. ඉතිං නවත්තනව. මම වැඩට යන රූට‍් එකේ බයික් එකේ ගියාට කවදාවත් නවත්වන්නෙ නෑ. මොකද ඔෆීස් කිට්එක දාල යද්දි උන් දන්නව අපි කොහේහරි වැඩකරන එකෙක් කියල. නමුත් ටීඑකයි ඩෙනිමයි දාල යද්දි නං නවත්තල තියනව ඕනතරම්.

      Delete
    3. මට නම් මෙහෙ පොලිස්කාරියක් කෙලින්ම කිව්ව මාව නැවැත්තුවේ උන්ගේ වෝන්ටඩ් ලිස්ට් එකේ තියන ප්‍රොෆයිල් එකකට මගේ පෙනුම මැච් වෙන නිසා කියලා. පොලිස්කාරයා ට නම් වැඩේට අප්සට්, පොර මම මොන රටේද අහලා, ක්‍රිකට් ගැන කතා කරන්න පටන් ගත්තා... දවසක් මාව සිංගප්පූරු එයාර්පෝර්ට් එකේ කාමරයක් අතුලට දාල පැයක් විතර කිසිම දෙයක් අහන්නෙවත් නැතුව තියාගෙන ඉඳලා යන්න කිව්වා...

      මම ඔය ගුටි කන මූණු කේස් එක ගැන රවියට කිව්වහම ඕකා මොනවද දන්නවද කිව්වේ.... "ඔව් මල්ලි එහෙම එවුන් ඉන්නවා, කොච්චර හරි සිදුහත් තවුසා කුස තණ අට මිට අරගෙන බුදු වෙන්න කියලා යන ගමන්, ඔය ජාතියේ එකෙක් දැක්කොත්, අර කුස තණ ටික පැත්තකින් තියලා අරූගෙ හොම්බට දෙකක් ඇනලා ඊට පස්සෙ තමා බුදු වෙන්න යන්නේ" කියලා...

      Delete
    4. එහෙනම් ගුටිකන මූණ හිතලුවක් නෙවෙයි. රවියාත් ඔය අනුමත කරලා තියෙන්නෙ.

      Delete
    5. තිසර,

      මල්ලි ඔය සිදුහත් තවුස හොම්බට අනින කතාව ඇදිල ආවෙ මට මතක විදිහට අර නවමයි කියන පිලිස්තීනුව ගැන කතා කරද්දි ...හෙහ්,හෙහ්

      Delete
    6. හහ්... වනාතමුල්ලෙ වැඩකරපු කාලෙ නාකොටික් එකෙන් දෙපාරක් දරුණු විදිහට අල්ලගත්තා කුඩ්ඩෙක්,පාතාලයෙක් කියලා.හෙණ ගේමක් දීල බේරුණේ.
      මේ තියෙන්නෙ ඒක.
      http://gaslabba.blogspot.com/2015/02/blog-post_21.html
      ඉස්පිරිතාලෙකට ගියත් අහන්නෙ වලි කේස් නේද? බීලද ගෝරිද වගේ ප්‍රශ්න..
      ඒත් අපි හරි අහිංසකයි අප්පා..

      Delete
  12. අන්දොස් ස්පෙලිං -
    ඊස් ලෑන්ඩ්, බස් ඉන් එස් , සිගා රෙට්ටෙ.. ඕහ් සිගාරෙට්ටෙ කියද්දි මතක් වුනේ

    බ්‍රිතාන්‍යය රටේ ඉන්න සුද්දනට තියෙන ඔලු ලොකුයි -BRISTOL - ලොකු ඔලු තියෙන සුද්දො ඉන්න රට බ්‍රිතාන්‍යයි

    පෝස්ට් එකේ සඳහන් සියලුම රෝග + VAT + තව ඒව මට තියෙනවා :D


    ReplyDelete
    Replies
    1. ඕන්න ඔය බ්‍රිස්ටල් කතාව මම අහලා තියෙන බව මතක් වුනෙත් KCJ දැන් කිව්වට පස්සෙ. DPL නම් ඩීසල්, පෙට්‍රල්, ලාම්පුතෙල්.
      >>පෝස්ට් එකේ සඳහන් සියලුම රෝග + VAT + තව ඒව මට තියෙනවා<<
      මේක අහලා මට ඇතිවුන සතුට!

      Delete
  13. ඔය ඩයලොග් මොබයිල් ෆෝන් නම්බර්ස් තියනවා නේ.. මට පේන්ඩ බැරි හුඟක් උන් කරන දෙයක් තමා 0777 කියලා පටන් ගන්න එක. මගෙ නම්බරේ 077-712 33 44. මම ඕක මතක තියන් ඉන්නෙත් ඔහොම තමා. සමහර පොරවල් නම්බරේ කියපු ගමන් මෙහෙම අහනවා.

    "ඔයාගෙ නම්බරේ 0777-123 344 නේද කියලා.. ඔන්න ඔතනදි අර උඹට වෙන සංගෙදිය මටත් වෙනවා.. ඒ කියන්නෙ ෆුල් බ්ලෑන්ක් වෙලා " පොඩ්ඩක් ඉන්න" කියලා අනිත් පැත්තෙන් කියන නම්බරේ ලියලා හරිද කියලා බලන්න වෙනවා...

    ඔය සම්බන්ධයෙන් මගේ මතකය සාපේක්ෂව හොඳයි... අයිඩී නම්බරේ, ගෙදර ෆෝන් නම්බරේ, වාහනේ නම්බරේ, ළඟ පාත ඉන්න උන්ගේ උපන් දින එහෙම හොඳට මතකයි...හැබැයි අතීතයේ වෙච්ච සිද්ධි පිළිබඳ මතකයනම් හරිම හොරයි.. එහෙම නොවුනනම් මට මීට වැඩිය පෝස්ට් ගානක් තලා ගන්න තිබුනා...හෙහ් හෙහ්...

    එතකොට පාස්වර්ඩ් ගැන උඹේ මතකය කොහොමද ?

    ක්ලච් එකේ කකුල තියන් යන කැත පුරුද්ද මේ ළඟදි පත දඩයක් කනකම්ම මටත් තිබුනා...

    ඔය "වුලේවූ" මම දැන් මේක කියනකම්ම මම හිතන් හිටියේ "බූලේබූ" කියලා. ඉතින් මට ඇහුනේ එහෙමනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් බං. මම දවසක් එකෙක්ගෙන් ඇහුවා බින්දුවයි හතේ ඒවා තුනයි කියන්නෙ මොබිටෙල් ද කියලා ඇත්තටම නොදන්න නිසා. උන් කියන්නෙත් බින්දුවයි හතේ ඒවා තුනයි කියලා තමයි.

      මමත් පංතියෙ හිටියා යාලුවන්ගෙ නම් එෆ්බී එකේ සර්ච් කරලා බලනවා. සමහරු නම් මට හම්බ වුනා. සමහරු නෑ.
      පාස්වර්ඩ් ගැන මතකය මම උඩ කිව්වෙ බං. මේ සම්මජ්ජාතියෙදි මතක නෑ. ඒක තවත් දරුණු වෙන්නේ බෑන්ක් පාස්වර්ඩ් එහෙම දවස් අහවල් ගානකට පස්සෙ අලුත් කරන්න වෙන නිසයි.

      දඩයක් කෑව කිව්වෙ ක්ලච් ප්ලේට් ගියාද?

      තව කැත පුරුද්දක් තමයි ඔටමැටික් එලවන උන් වම් කකුලෙන් බ්‍රේක් පාගන එක. ඒක ඩෙඩ්ලි කියලා කියන්න කව්වුරුවත් නෑනෙ බං. එහෙම එකක් පුරුදු වුනාම හැපිලා මැරෙනකල් දන්නෙ නෑ. උඹ දන්නව නේද ඒ ඇයි කියලා

      Delete
    2. ආයෙත් අහලා, ක්ලච් ප්ලේට්, ප්‍රෙෂර් ප්ලේට් ඔක්කොම දාන්න ඕනා කිව්වා..තාම 45000 යි දුවලා තියෙන්නෙ... (මමනම් ඔය මගුල ගැන එච්චර දන්නෙ නෑ..හැබැයි වාහනේ අදින්නැතුව ගියා...)

      // උඹ දන්නව නේද ඒ ඇයි කියලා //

      කියහන් බලන්න.. මට හිතාගන්න අමාරුයි...

      Delete
    3. මැනුවල් වාහනේක වුනත් වම් කකුල ක්ලං එකටත්, දකුණු කකුල ඇක්සලරේටත් බ්‍රේක් එකටත්නෙ වෙන් කරලා තියෙන්නෙ. වාහනේ නවත්තන්න ඕනෙ නම් ඉස්සෙල්ලම කකුල ඇක්සලරේටර් එකෙන් ගන්න වෙනවා බ්‍රේක් පාගන්න. ඒ නිසා කොහොමත් ස්ලෝ වෙන්න පටන් ගන්නවා. කිසිම වෙලාවක ඇක්සිලරේටරේ පෑගිලා තියෙද්දි බ්‍රේක් වෙන්නෙ නෑ. ඒක හොඳ පුරුද්දක් ඔටමැටික් එකක වුනත්. ඒකෙනම් සමහරු පෙඩල් දෙකට කකුල් දෙක පාවිච්චි කරනවා එක්කෝ නොදැනුවත් කමට, නැතිනම් මෝඩකමට, නැතිනම් කම්මැලි කමට. මේක පුරුදු වෙච්ච එකාට හදිස්සියකට බ්‍රේක් ගැහෙන්න පුලුවන් ඇක්සලරේටරේ පාගගෙන ඉන්දැද්දිම. මේක මාරාන්තිකයි.

      Delete
    4. මට මෙන්න මේක කියහංකෝ... ඇයි බං වාහන වල ඇක්සලරේටර් එක බ්‍රේක් එකට වඩා පහල ලෙවල් එකකින් තියෙන්නේ? ඇක්සලරේටර් එක පාගන එකාට බ්‍රේක් ගහන්න වුනොත්, කකුල පොඩ්ඩක් උස්සලා තමයි බ්‍රේක් එක පාගන්න වෙන්නේ... ඒ වගේම සපත්තු එහෙම දාගෙන ඩ්‍රයිව් කරනකොට බ්‍රේක් එකෙ කකුල තියවිලා තියෙන්නෙ යන්තම් වගේ නම්, කකුල ලිස්සලා ගිහින් කෙලින නවතින්නේ ඇක්සලරේටර් එක උඩ...

      Delete
    5. Thisara, I was contemplating what you said all this time. You have a point there. Actually yours is a patent idea. Why not design this with maybe Styrofoam and ask for patent. I'm dead serious. This will prevent accidents.

      Delete
    6. මම හිතන්නේ මේක අපි සීට් එක ඇජස්ට් කරන ප්‍රමාණයට සාපේක්ෂව හදලා තියෙන්නේ. අපි සීට් එක ඇජස්ට් කරන්නේ බ්රේක් එකට කැකුලා තියාගෙන. එතකොට බ්රේක් ගහන්න පහසු ගාන එනවා. ඉතිං ඒ පහසු ගානේ ඉඳගෙන ඇසෙලරේටර් එක පාගන්න ටිකක් උවමනාවෙන් කරන්න වෙනවා. මොනවා වුණත් බ්‍රේක් එකට කකුල ආවම ගානට බ්රේක් වදිනවා. මං හරිද ?

      Delete
    7. උඹ හරිද දන්නෙ නෑ සුදීක. නමුත් බ්‍රේක් එකට වඩා පහල, බ්‍රේක් එකෙන් කකුල ලිස්සුවොත් ගිහින් ඉබේම පෑගෙන විදියට ඇක්සලරේටරේ පිහිටලා තියෙන එකට ඊටත් වඩා ප්‍රබල හේතුවක් ඕනෙ මම හිතන්නෙ.

      Delete
    8. මට මෙහෙම හිතුණා මචං. දැන් බ්රේක් එකේ කකුල තියෙනවා කියන්නේ වාහනේ වේගය අඩු කරමින් යන්නේ, තකොට ආයි අසේලරේටර් එකට කකුල ගියොත් වේගය වැඩි වෙන එක වෙන්නේ. මිනිහට කකුල ආපහු අරං බ්රේක් කර ගන්න පුළුවන්. අනිත් පැත්තට හිතුවොත් අසේලරේටර් එක උඩින් තිබිලා බ්රේක් එකට කකුල ගියා කියලා. වේගයෙන් යන ගමනක් එක පාර නවත්වන්න ගියොත් හානිය වැඩියි කියලයි මට හිතෙන්නේ. ට්‍රැෆික් එකක නම් දෙකේදීම අනතුරු වෙනවා. හැබැයි දෙවෙනි විදියට වුණොත් පස්සෙන් එන එකා අමාරුවේ වැටෙනවා. පලවෙනි විදියේ(දැන් තියෙන විදියේ) අමාරුවේ වැටෙන්නේ අදාළ වාහනයේ එකාමයි. වැඩේ තියෙන්නේ නිවැරදි කර ගන්න චාන්ස් එක වැඩියි.

      Delete
    9. මම දකින විදිහට දැනට තියන සෙටප් එකට හේතුව මෙන්න මේ වගේ එකක්. ඇක්සලරේටරය කියන්නේ නිතරම අඩුවැඩි කර කර පාලනය කල යුතු දෙයක්. ඇක්සලරේටරය පොලව (වාහනයේ) මට්ටමේ ඉඳලා බ්‍රේක් එක තරම් උඩින් තිබ්බොත් ඇක්සලරේටරයට ඉහල පහල යන්න තියන ගැප් එක වැඩියි... ඒ කියන්නේ ඒක අඩු වැඩි කරන්න කකුල මූව් කරන්න ඕන ප්‍රමාණය වැඩියි. මේක කරදරකාරී දෙයක් වෙන්න පුළුවන්. වාහනයක් පදවනකොට අපේ කකුල වැඩියෙම තියෙන්නේ ඇක්සලරේටර් එකේ. අනික අපේ පොලවට කිට්ටුවෙන්න වෙන්න ඇක්සලරේටර් පැඩල් එක අපේ කකුලේ නැචුරල් පිහිටීම එක්ක ගැලපෙනවා. විලුඹ බිම තිබ්බට පස්සේ කකුලේ ඇඟිලි කොටස පිටිපස්සට අරගෙන බ්‍රේක් පැඩල් ලෙවල් එකට ගේනවට වඩා බොහොම පහසු ලෙවල් එකක තමයි ඇක්සලරේටර් එක තියෙන්නේ. අනික හදිස්සියකදී බ්‍රේක් එක ටිකක් බර දාලා පාගන්න අවශ්‍යයි. කකුලට පහසු ලෙවල් එකක ඉඳලා ඒක කරනවට වඩා කකුල ටිකක් ඉහලට අරගෙන පාගනකොට යොදන්න පුළුවන් බලය වැඩියි. ඔන්න ඕහොම තමයි මට හිතුනේ.. දැන් තියන විදිහට ඔය දෙක පිහිටලා තියෙන්නේ ඇයි කියන එකට.

      මම කියපු කාරණයට එනවා නම්... අපේ දකුණු කකුලනේ බ්‍රේක් එකටයි ඇක්සලරේටර් එකටයි දෙකටම තියන්නේ... ඒ නිස බ්‍රේක් එකේ දකුණු පැත්තෙන් කකුල ලිස්සලා ගිහින් දකුණු පැත්තේ පහලින් තියන ඇක්සලරේටර් එක උඩට කකුල යන්න තියන හැකියාව වැඩියි. අනික තමයි ඇක්සලරේටර් එකේ ඉඳලා බ්‍රේක් එකට කකුල ගේනකොට දකුණට ගේනවා වගේ කකුල උස්සන්නත් ඕනේ... ඒ නිසා බ්‍රේක් එකේ හරියට කකුල නොතියවෙන්න වැඩි චාන්ස් එකක් තියනවා.

      මෙහෙමයි සුදීක, අපි කල්පනා කලොත්, අපිට ඉතා හදිසියෙන් නවත්ත ගන්න ඕන අවස්ථාද එන්නේ, ඉතා හදිස්සියෙන් වේගය වැඩි කරගන්න ඕනේ අවස්ථා ද තියෙන්නේ? ඒ වගේම අපිට නවත්තගන්න බැරි වුණොත් එතන අනිවාර්ය ගැටුමක්... හැබැ‍යි වේගය වැඩිකරගන්න බැරි වුණොත් ගැටුම අනිවාර්ය නොවෙන්න පුළුවන්, ඒ වගේම සමාන්යයෙන් කල්පනා කලොත්, එතරම් දරුණු නොවෙන්නත් පුළුවන්. එක්සෙප්ෂන්ස් තියනවා, මම කියන්නේ බහුතරය. අර ලින්ක් එකේ පැහැදිලි කරලා තියෙන්නේ බ්‍රේක් එකයි ඇක්සලරේටර් එකයි දෙකම පෑගුවොත් (හෝ ඇක්සලරේටර් එක ස්ටක් වුණොත්) එතනදි බ්‍රේක් එකේ ක්‍රියාකාරිත්වයට ප්‍රයෝරිටි එක ලැබෙනවා කියන එක.

      දැනට මට හිතෙන්නේ, ඉහලින් කිව්ව වගේ ඇක්සලරේටරය උඩින් තිබ්බොත් ඩ්‍රයිවිං කියන එක කකුලට හරි අපහසුවක් දනවන අත්දැකීමක් වෙයි කියලා... ඒත් ඩූඩ් කිව්ව වගේ කීප දෙනෙකුට කියලා බලන්න වටිනවා....

      Delete
    10. ඔයාගේ කමෙන්ට් එකේ උත්තරය තියෙනවා. අසේලරේටර් එක විලුඹ බිම තියලා අඩු-වැඩි කරන්නේ. බ්‍රේක් එක විලුඹ බිම නොතියා පාන්නේ(බර දාලා).

      Delete
    11. පාන්නේ = පාගන්නේ

      Delete
    12. මෙන්න අර පැඩල් ටිකේ පොසිෂන් එක ගැන හොඳ සාකච්ඡාවක්.

      https://www.reddit.com/r/explainlikeimfive/comments/353dgj/eli5_why_is_the_brake_pedal_in_a_car_higher_than/

      Delete
  14. සමහර උන් ඉන්නවා පළවෙනි වාහනේ ඉඳන් අද වෙනකන් ගත්ත ඒවා මතක... ෆෝන් නම්බරුත් එහෙමයි... උඹ කියපු විදියටම තමයි මාත් ෆෝන් නම්බර් මතක තියාගෙන ඉන්නේ... වෙන ක්‍රමේකට කිව්වොත් හොල්මන්ද බෙරේ...

    අර බෑන්ක් එකවුන්ට් එකේ තිබ්බ සල්ලි ටික අපරාදේ නේ.... දැන් ඒ බැංකුව එතන නෑ නේ.. ඊට පස්සේ ගෙනියපු තැනත් නෑ නේ...

    ReplyDelete
    Replies
    1. ඒ සල්ලි කිසිසේත්ම අපරාදෙ නෑ බං, මොකද අපේ බැංකු ගිනුම් වල මාසෙ අන්තිමට තියෙන්නේ Minimum Balance Fine එකෙන් බේරෙන ගාන විතරයි.

      ඊට පස්සෙ ඒක ගෙනිච්චා ඩී ආර් විජේවර්ධන මාවතේ පාළු තැනකට නමුත් ඒකෙ නම් කිසිම ගැම්මක් තිබ්බෙත් නෑ, මම ටිකෙන් ඒක ඒකෙන් ඈත් වෙලා ඊට පස්සෙ නොයාම ගියා.

      Delete
  15. මම ලඟදි ටීවී ප්‍රෝග්‍රෑම් එකක් බැලුව.. එකේ තිබුනේ ඔය සයිබර් සෙකියුරිටි ගැන.. එකේ කියන්නේ දැන් තියෙන කිසිම පාස්වර්ඩ් එකක් ආරක්‍ෂිත නෑ.. ඉස්සරහට එන පාස් වර්ඩ් හැදෙන්නේ අපිට රටාවක් හුරු කරලා ඒ රටාව ආපහු චෙක් කරලා බලන විදියකට කියල.. උදාහරනෙකට ගිටාර් එකේ මොකක් හරි රිදම් එකක් මම ප්ලේ කරන විදියයි, ඩුඩ් ප්ලේ කරන විදියයි වෙනස් කියල..අන්න ඒ වෙනස පාස් වර්ඩ් විදියට පාවිච්චි කරන්න පුළුවන් කියල.. හෙහ් හෙහ්

    මමත් ලොකු නම්බර් එහෙම ඔය රටාවලට මතක තියා ගන්නවා..

    මේ සැරේ ලංකාවට ගිය වෙලාවේ අක්කගේ දුව (තාම අවුරුදු 10යි) මම හොඳට බයිට් කළා එයාගේ ඉස්කෝලේ නම කියල.. දුව යන්නේ මියුසියස් එකට..ඕක ඉංගිරිසියෙන් ලියන්නේ Musaeus කියල.. අකුරු ටික මලාට මතක හිටින්නේ නෑ.. මම ඕක මතක තියා ගන්නේ මුසාඑස් කියල..

    දැන් කෙල්ලව බයිට් කරනවා අපෝ ඔය ඉස්කෝලේ නම වැරදියටනෙ ලියල තියෙන්නේ කියල.. කෙල්ල ෆුල් හොල්මන්.. හෙහ් හෙහ් ...අකුරු හරි කියල ඔප්පු කරන්න මාර ගේමක් දුන්න.. අන්තිමට අතෑරලා දැම්ම හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. කිසිම පාස්වර්ඩ් එකක් ආරක්ෂිත නෑ තමයි. නමුත් දිග වැඩි වෙන්න වෙන්න හැක් කරන්න යන කාලය වැඩි වෙනවා, දුශ්කරතාවය වැඩි වෙනවා. මියුසියස් වගේමයි බං මියුසියම් ලියන්න ගියාමත්. ඒක මියුසියස්ට වඩා ලේසිවුනත් පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා.

      ඇයි ජුලියස් සීසර්! අපේ තාත්තා සීසර් මතක තියාගෙන ඉඳලා තියෙන්නෙ කා-එ-සාර් කියලා. ඒක වැඩ. Caesar! Works for me, too.

      Delete
  16. මට අයිඩී නම්බර් එක මතක නෑ නෙ...:D

    ReplyDelete
    Replies
    1. ඉතිං හොඳයිනෙ. මොනවට වද වෙනවද ඔය කුණු කන්දල් ඔලුවෙ පුරවන් ඉන්න?

      Delete
    2. අයිඩී එකේ අන්තිම ඉලක්කම් හතර විතරයි මතක තියාගන්න ඕනේ.. ඉතුරු නොම්බර ටික උපන්දිනේ අනුව තියෙන්නේ...

      Delete
    3. ඔව් බං. මුල ඉලක්කන් දෙක උපන් අවුරුද්දෙ අග ඉලක්කන් දෙක. ඊලඟ ඉලක්කන් තුන අවුරුද්දෙ තමන් ඉපදිච්ච දවස උදාහරණයක් හැටියට මම ඉපදුනේ අවුරුද්දෙ 178වෙනි දිනේ. ගැහැණු කට්ටියගෙ ඔය සංඛයාවට නියත සංඛ්‍යාවක් එක්කො එකතු කරනවා නැතිනම් අඩුකරනවා.

      Delete
  17. මේක කියවලා මම මතක් කරා මට මොනවද ඔය වගේ මතක තියන දේවල්.

    මගේ උපන් දිනේ.

    අමතක වුනොත් ගුටිකන්න වෙන නිසා අපේ උන්දැගේ උපන් දිනේ.

    මම හිරේ ගිය දවස.

    දරුවන්ගේ උපන් දින.

    මගේ හැඳුනුම්පත් අංකය.

    මගේ දුරකථන අංකය.

    ගෙදර දුරකථන අංකය.

    කාර් එකේ නොම්මරේ වෙලාවකට මතක නෑ.

    බයිසිකලේ නොම්මරේට ඉස්සරහින් එන ඉංගිරිසි අකුරු තුන වෙලාවකට මතක නෑ. ආයේ වෙලාවකට අකුරු මතකයි නොම්මරේ මතක නෑ.

    හෙහ් හෙහ්, අමතක නොම්මර ඔක්කොම පොඩි කොලේක ලියලා මගේ වලවෙට්ටු වොලට්ටුවේ දාගෙන ඉන්නවා. සිම් එකේ කොපියක් කොම්පියුටරේට දානවා අලුතෙන් නොම්මරයක් දාගත්ත හැම වෙලාවේම.

    ReplyDelete
    Replies
    1. හෑ.............පාස් වර්ඩ්? දොරටුපාල වචන? මොන විකාරද එව්වා ඔක්කොම ෙපාං එකේ දාගෙන ඉන්නේ.

      Delete
    2. නමුත් සමහර සින්දුවල වචන අපිට මතක තියෙන හැටි බලමුකො, නේද?

      Delete
  18. ඔය ටෙලිපෝන් නම්බර් අවුල උඹට විතරක් නෙවෙයි මටත් තියෙනවා අපි කාටත් ඇති.මෙහෙ තියෙන්නෙ නම්බර්ස් අටනෙ.මම මත තියාගෙන ඉන්නෙ තුනයි දෙකයි තුනයි වශයෙන්.වෙන විදියකට ඇහුවොත් එහෙම අවුල්.ෆ්‍රෙන්ච් ගැන නං කතා කරන්න එපා.මුල වචනේ ලඟට ඊළඟ වචනෙ මුලට වවල් සවුන්ඩ් එකක් ආවොත් සද්ද වෙන්නෙ නැති මුල වචනෙ අග අකුර වවල් එකට එකතු වෙලා සද්ද වෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙ අංක හතයි නමුත් මට මගෙ එක විතරක් මතකයි ඒක තරමක් සමමිතික නිසා. තව එකක මතකයි ඒක 911 emergency number එකෙන් පටන් ගන්න නිසා.

      ෆ්‍රෙන්ච් ගැන කිව්වොත් ඔව් මට මතකයි ඒක. ඉංග්‍රීසි වල, ඒ කියන්නෙ r අගට ආවොත් සද්ද නොකරන British/Aussie/KIwi වගේ ඉංග්‍රීසි වලත් ඔය සින් එක තියෙනවා. How faR is it?

      Delete
  19. මට ටෙලිෆෝන් නොම්බර මතක හිටිනවා හොඳට! හැබැයි අලුත් එව්වා මතක හිටින්නේ නෑ! මොකෝ මේ ෆෝන් වල සේව් කරන්න පුලුවන් නේ! ඉස්සර මෝබයිලා නැති නිසා ඔක්කොම මතක තියාගෙන හිටියේ...

    නම් අමතක වෙනවා සැරටම!

    ReplyDelete
    Replies
    1. Out of sight out of mind කියනවනෙ බං. හිටපු ගමන් නමක නොම්බරේ බලාගන්න ගියාමත් මෙන්න ඩයල් වෙනවා. ඒක නැවැත්තුවම බැටරි ඉතිරි කරන්න ස්ක්‍රීන් එක නිවෙනවා. ඔය ෆෝන් නම්බර්ස් මිනිස්සුන්ට අකැපයි. පළවෙනි වතාවට save කරාම ඇති.

      කරුමෙ එකම නමෙන් PIA 1, PIA 2 කියලා save කරාම කොයි Pain In The Ass ද මේ කියලා හිතාගන්න ටිකක් වෙලා යන එකයි.

      Delete
  20. අම්මප මට වෙලාවකට මගෙ ටැලිපෝන් නම්බරේ මතකත් නෑ ...

    ReplyDelete
    Replies
    1. උඹ මේ මගුලක් කතාකරනවා. මොකටද බං? අනිත් උන්ට ඕනෙ නම් උඹට කතාකරයි. උඹ උඹේ පාඩුවෙ මේ බිබී ඉඳිං.

      Delete
  21. මෙන්න මං වගේම තව එකෙක්. සන්තෝසයි එකෙන්ම!
    *ගෑණු ළමයාගේ උපන්දිනේ ෆේස් බුක් එකෙන් බලාගෙන ඉන්නේ. ඔය ෆෝන් එකේ රිමයින්ඩර් වැඩේ මට යාදෙන්නේ නැත්තේ එක ෆෝන් එකක් මාස ගාණකට වඩා පාවිච්චි කරන්න බැරි හින්දයි. අන්තිමට තිබ්බ ෆෝන් එක කැඩුනේ උඩ තට්ටුවක ඉඳල පොලවට පත බෑවිල හිටං.
    *ෆෝන් නම්බර් මෙලෝ මල දානයක් මතක නෑ
    *අයි ඩි නම්බර් එක අහපුවහම මම කාර්ඩ් එක අරන් දෙනවා. ඒක නං මක් කරලවත් මතක හිටින්නේ නැහැ
    මගේ මතකේ හින්ද වෙලා තියෙන දේවල් නං.....
    දවසක් ආර්පිකෝ එකේ ඉද්දි දැකල පුරුදු ඩයල් එකක් එනවා. මූ මාත් එක්ක කතා කලාට මුට තේරුනා මට තාම බුවාව මීටර් නෑ කියල. ඉතින් මූ අහපි මාව අදුන ගත්තා නේද කියල. ඔන්න එතකොට මගේ මොලේ ෆන්ෂන් වෙන්න ගත්තා. මං කිව්ව, මොකෝ මතක නැත්තේ , හමීඩියා එකේ මට එදා ෂර්ට් එක තෝරලා දුන්නෙත් ඔයානේ කියල. බලද්දී මූ කමර්ෂල් එකේ මැනේජර් කියහන්කෝ

    ReplyDelete
    Replies
    1. උඹට යා දෙන්නෙ නැත්තෙ රිමයින්ඩර් වැඩේ නෙවෙයි රොටියා, ස්මාට් ෆෝන්. උඹ ලෑන්ඩ් ෆෝන් එකක් හරි CDMI එකක් හරි අරං පලයං යන යන තැන.
      අයි ඩී නම්බර් එක ටොයිලට් දොරෙයි, ෂවර් එක ලඟ බිත්තියෙයි අලවගෙන දෙකෙන් දෙකට හරි තුනෙන් තුනට හරි මතක තියාගනිං. අන්තිමට V කියලා මතකද? දැන් 9/10ක්ම මතකයිනෙ.එක්කෝ අල්ලලා දාහං බං. මොනවට පාඩං කරනවද අයිඩී නොම්බරේ.

      මටත් මූණවල් මතක නෑ බං. ඒ ඒ මූණට ගැලපෙන නම මතකත් නෑ. මොනව කරන්නද.

      Delete
  22. ඩුඩ් අයියා. මතකද ෂර්ලොක් හෝම්ස් පොතක හෝම්ස් කියල තිබ්බ මිනිහ සූර්යයා වටේ පෘථිවිය කැරකෙනව කියන කතාව දන්නෙ නෑ, දැනගත්තත් ඒක අමතක කරගන්නවා කොහොම හරි කියල. පොර එකට කිව්ව දෙයක් තමයි අපේ මොලය කියන්නෙ ගබඩාවක් නම් වෙනත් වල පල වලින් එක පිරෙව්වම වැදගත් දේවල් වලට ඉඩ නැතිව යනව කියල. පොඩි කාලෙ හැම දෙයක්ම අපට අකුරක් නෑර මතකයි. මට මතකයි තාමත් වාසගම් සහිතව අපේ පංති වල ඉගෙනගත්තු කොල්ලන්ගේ නම් තාමත්. සමහර එවුන්ගේ උපන්දිනත්. එකෙක් හිටිය ඌට තමයි මම අහල තිබ්බ දිගම නම තිබ්බෙ . W.M.R.P.T.B. වික්‍රමසිංහ. වික්‍රමසිංහ මුදියන්සේලාගේ රුවන් පරාක්‍රම තීක්ෂණ බණ්ඩාර වික්‍රමසිංහ. හැබැයි අපේ ගෑනිගේ උපන්දිනේ මතක තියන් ඉන්නේ බොහොම අමාරුවෙන්. ඕක මිස් උනොත් පවුල කැඩෙන්න ඉඩ තියන නිසා. විවාහ සංවත්සර , අනං මනං දේවල් අදටත් මට මතක නෑ. ඔය ගැන කියල අපේ උන්ද කින්ඩිය දානව. මොනවා කරන්නද. තාත්තගෙ මුලින්ම තිබ්බ කබල් බයිසිකලේ නොම්මරේ අදටත් මතකයි. අද තියන එකක වත් නොම්මර මතක නෑ. මට හිතෙන්නෙ නොයෙක් වල පල වලින් අපේ ඔලු පිරිලා. වගකීම් බැඳීම්, මානසික පීඩනත් එක්ක එව්ව කලවං වෙලා මොළේ කොලොප්පන් වෙලා. ඒකයි ඕව එකක් වත් මතක නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. අපි මේ ලඟදි ෂර්ලොක් සීරීස් එක බැලුවා. ඒකෙත් ඔය කතාව තිබ්බද කියලා මම කල්පනා කලේ. එහෙම මතකයක් තියෙනවා.

      අපේ මොළේ කොලොප්පං නොවී තියෙයිද සජ්ජා මේ යන විදියට. සමහරුන්ට ක්‍රිකට් ඉතිහාසය, මැච්වල ස්කෝර් පවා මතකයි. තවත් උන්ට පාර්ලිමේන්තුවෙ න්න ඇමති සෙට් එකේම නමුයි උන්ගෙ අමාත්‍යාංශයි නියෝජ්‍ය ඇමතිලයි මතකයි. තවත් උන්ට එක්දාස් නමසිය හතලිස් අටේ ඉඳලා හිටපු ඇම අගමැති කෙනෙක්ම සහ ආණ්ඩුවක්ම මතකයි, හැබැයි ඒ ඒ ආණ්ඩුව යටතෙ තිබිච්ච භීෂණය මර්දනය මතක නෑ. යුද්දයක් තිබුන බව මතක නෑ.

      ඒක මහ අමුතු සීන් එකක් බං.

      Delete
  23. මටත් ඔයවගේ කේස් තියනව.
    01.බාලාංශ පන්තියේ නම් ලකුණු කරන ලිස්ට් එකෙන් භාගයක් විතර දැනටත් මතකයි. නමුත් මහා විද්‍යාලයේ ලිස්ට‍් එක නං මොකුත් මතක නෑ.
    02.මම සම්බන්ධ සිද්ධි නං හුඟහරියක් මතකයි.
    03.ෆෝන් නම්බර් කෙසේ එක මටත් තියනව. මොබිටෙල් එකට ගිහිල්ල බිල ගෙවන්න කොල කෑල්ලෙ නම්බර්එක ලියල දුන්නම එතන ඉන්න ගෑල්ලමය අහනව සර් බින්දුවයි හැත්ත එකයි....... නේද? නමුත් මගේ ඔලුවෙ තියෙන්නෙ 0715 XXX XXX ටයිප් එකට. දැං, නම්බරේ ඉතාම පැහැදිලිව ලියල ආයෙ ඇහුවොත් මල පැනපු ලුක් එක දාල කියනව "ඔය මම ලියපු නම්බර් එකට දාන්න" කියල.
    04.මතකයට බලපාන්නෙ කාලය. පොඩි කාලෙ සමහර දේවල් අදත් මතකයි. අලුත් දේවල් මතක තියෙන්නෙම නෑ. ඒ වගේම මතකය කියන දේ ප්‍රගුණ නෙ‍ාකලොත් ඒත් අමතක වෙනව. මතකයට විතරක් නෙවේ, අනිත් හැම දේටම අදාලයි මේක. උදාහරණයක් විදියට අපේ කලින් ඔපිස් එකේ පියන් මහත්තයෙක් හිටිය. ඕනම කෙනෙකුගෙ නම්බර්එක මතකයි. ෆෝන් බුක් එක පාවිච්චි කරන්න නොදැනීම තමයි හේතුව. කඩයක මුදල් ගන්න කෙනෙකුට තරම් වේගයෙන් ඉලක්කම් එකතු කරන්න හොඳ ගනංකාරයන්ටවත් බෑ.

    ReplyDelete
    Replies
    1. //මොබිටෙල් එකට ගිහිල්ල බිල ගෙවන්න කොල කෑල්ලෙ නම්බර්එක ලියල දුන්නම එතන ඉන්න ගෑල්ලමය අහනව සර් බින්දුවයි හැත්ත එකයි....... නේද?//

      හුඟක් වෙලාවට නම්බර් එක ලියල දුන්නම උන් අහන්නෙ බිල තියෙන නම. ඒක නම් අවුලකුත් නෑ බං, මොනා හරි අවුලක් වෙලා ඉලක්කමක් හරි වැරදියට ලියල තිබුනොත් නම චෙක් කරගත්තම වෙන කාගෙ හරි බිලක් ගෙවල එන එක වැළකෙනව.

      Delete
    2. ෆෝන් බුක් එක පාවිච්චි කරන්න නොදැනීම නිසා මතක තියෙන එක අපූරු සංසිද්දියක් බං. ඇත්තෙන්ම මේ රටවල විභාග වලට කැල් එක පාවිච්චි කරන්න දෙනවා. සීයට අනූවකට පහයි පහයි දහයයි කියලා ගාන හදාගන්න බෑ කැල් එකක් නැතුව. කඩවල් වලත් එහෙමයි, බං. අතන වෙලා තියෙන්නෙත් ඒකමයි.

      රිලෝඩ් දානකොට නම්බර් එක තමන්ම ගහගන්න ඒ ෆෝන් එක අතට දෙනවා නේද කඩවල්වල?

      ඩීඩීටියගෙ කතාව ඇත්ත. මාත් ඔන්ලයින් ගෙව්වත් හොඳට බලනව අංකෙ.

      Delete
    3. මගේ යාලුවෙක් ඉන්නවා වාහන පිස්සෙක්... ඌ අහන්නේ මචං කාර් එක කොහොමද කියලා නෙමේ.. කොහොමද මචං හැත්තපහයි විසිදෙක, අවුලක් නැතුව දුවනවද?

      ඔය ටෙලිෆෝන් නොම්මට කියවද්දි සමහරු බින්දුවට කියන්නේ "ඕ" කියලා... ඉංග්‍රීසියෙන් කියනකොට ඕ එකයි ෆෝ එකයි සමහර වෙලාවට ඇහෙන්නෙ එක වගේ...

      Delete
    4. එහෙම උන් ඉන්නවා. අර ක්‍රිෂාන්තයා අහන්නෙ එහෙමයි. එක්කො අර ඩිපෝ අංකෙ නැතිනං. "මචං හතලිස් හතරයි හතලිස් හතර පිටකො‍ටුවට ගියාද අද?"
      මට ඒ නොම්බරේ මතක තියෙන අපූරුව බලපං එච්චර අමාරු එකක් වෙලත්

      Delete
  24. මටත් ඔය ගොඩක් උන්දෙ උපන්දින එහෙම මතකයි.නිතර,නිතර භාවිතා වෙන ටෙලිෆෝන් නම්බර් එහෙමත් අවුලක් නැහැ.කල් ගිහින් හරි මතකයේ තියෙනවා.
    වාහන නම්බර්ස් උනත් එහෙම තමයි.ඔය වාහන නම්බර්ස් හිතෙන් එකතු කරන එකත් මගේ ආතල් එකක්.උදහරණයක් විදියට 8812 කියලා වාහන අංකයක් තිබ්බ කියලා හිතමු මම ඕක එකතු කරනවා 88+2 =90+10 =100 වගේ.

    අපේ එකෙක් ඉන්නවා ඌටත් ලෝකේ හැමදේම මතකයි.හැබැයි ඌගේ අයිඩෙන්ටි නම්බර් එක පොරට මතක නැහැ.අර උඩ රොටියාට,උඹට වගේ ඩුඩයියේ මටත් ඔය මූණවල් මතක නැති කේස් එක තියෙනවා.ඔය සමහරු අතවනාගෙන යනවා.මමත් එහෙම අත වනාගෙන යන උන්ට අත වනනවා එත් ඩයල් එක මතක නැහැ කියහන්කෝ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර වාහන අංක හිතෙන් ඔටෝ එකතුවෙනවා අර දහතුනේ ප්‍රශ්ණෙ හන්දා.

      ඒ මූණු මතක නැති එක නම් කරුමයක් බං. සමහරු ටිකක් කතාකරලා අහනවත්නෙ ඔයාට ඇත්තටම මාව මතක නෑ නේද කියල.

      Delete
  25. අපේ ඉස්කෝලේ කෙනෙක් හිටියා වාසගම KKV

    අපි කියන්නේ කාපු කාපු තැන විනාශකාරී කියල... :D ඇත්ත වාසගම කුකුල් කෝරළ විදානෙලාගේ ..තවමත් මතකයි ඉතින්
    මගේ ෆෝන් නම්බර් එක මට මතක නෑ ..අර රටාව වෙනස් උනහම මඥ්ඥන් වෙන එක මටත් තියේ
    හැමෝටම පොදු කේස් එකක් නෙහ් බලනකොට ... :D

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්කෝලෙ, බාලිකාවක් වීම ගැන දෙයියන්ට ස්තුති කරන්න කියල යාළුවට කියන්න. (මගේ ඔලුවට අාපු නම ගැන හිතල කිව්වෙ)

      Delete
    2. කමෙන්ට් දෙකම කියවා නිහඬ වෙමි

      Delete
  26. ස්මාර්ට් ෆෝන් නිසාද කොහෙද ඔය වගේ දේවල් දැන් මෙලෝදෙයක් මතක හිටින්නෙ නෑ. ඇත්තම කිව්වොත් මතක තියාගන්න ට්‍රයි කරන්නෙ නෑ. එච්චරට මීටරේ කම්මැලි වෙලා.

    ReplyDelete
    Replies
    1. ෆෝන් ස්මාට් වෙන්න කලිනුත් නොම්මර මතක නැතිකම තිබ්බා ගිමන් මොකද ඒ ෆෝන් වලත් නමනෙ පෙනුනෙ.

      ඇත්තෙන්ම නොම්මරේ ඕනෙ වෙන්නෙ ෆෝම් එකක් පුරවන්න රිලෝඩ් දාන්න වගේ දේට විතරයි.

      Delete
  27. කොටසක් මතකයි කොටසක් නැහැ...

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකේ කොටසක් වැටිලා කොටසක් වැටිල නැද්ද බං?

      Delete
  28. කතාවල තිබුනට photographic මෙමරි කියල ඇත්තටම එකක් නෑ කියනව. ඒත් eidetic මෙමරි තියෙන්න පුලුවන්ලු.

    ReplyDelete
    Replies
    1. Pra Jay කිව්වාමයි දෙවෙනි වචනෙ ඉගෙන ගත්තෙ. මම ඒක සර්ච් කලාම මෙහෙම කිව්වා.
      Eidetic memory is the ability to recall images with vividness bordering on actual visual perception; total recall; also called photographic memory. Eidetic memory, to use the clinical term, is the ability to recollect an image so vividly that it appears to be real. Dictionary.com's 21st Century Lexicon.

      Delete
    2. Although the terms eidetic memory and photographic memory may be used interchangeably, they are also distinguished, with eidetic memory referring to the ability to view memories like photographs, and photographic memory referring to the ability to recall page or text numbers, or similar, in great detail.[3][4] In the case of distinguishing the concepts, eidetic memory has been documented while photographic memory is a popular culture myth that has never been demonstrated to exist.

      https://en.wikipedia.org/wiki/Eidetic_memory

      Delete
    3. Thanks, Dude. Very informative.

      Delete
  29. පෝස්ට් එකයි කොමෙන්ට් ටිකයි කියෙව්වම මට හිතුනේ මම කොච්චර හොඳයිද කියල.. හැක්. නේවි එකෙන් අයින් වෙලා අවුරුදු 7 කට පස්සෙ තාමත් සමහරු කතා කරල අහනව අහවලා මොන ඉන්ටේක් එකේද, ඔෆීශියල් නම්බර් එක මොකක්ද ඉනීශියල්ස් මොනවද වගේ ඒවා.. හික්. මට ඉනිශියල් විතරක් නෙවෙයි ඒවයෙ නමුත් එක්ක මතකයි. ඕනෙම පාරක එක වතාවක් ගියොත් දෙවෙනි වතාවේ අහන්නේ නැතුව යන්න තරම් මතකයි. විශේෂ අවස්තාවල හම්බවෙන මිනිස්සු ඔක්කොගෙම මූනු මතකයි. හැබැයි පන්තියේ හිටපු සමහරුන්ගේ නම් මතක නෑ. උපන්දින් ෆෝන් නොම්මර වගේ දේවල් හිතා මතා අමතක කරන්වා. ඒත් මීට අවුරුදු දහයකට කලින් තිබ්බ මතක ශක්තිය දැන් දැන් වේගයෙන් නැති වෙලා යනවා..

    ReplyDelete
    Replies
    1. මේ කල්‍යාන මිත්‍ර.
      එයා හොඳ කෙනෙක්.
      කල්‍යාන මිත්‍ර වගේ හැදෙන්න.

      Delete
  30. මටත් ටෙලිපෝන් නොම්මරෙ ඉලක්කම් දෙක දෙක කිව්වම හොයාගන්න බෑ. කොලඹ ගියාම හැමදාම බහින හෝල්ට් එක එහා මෙහා වුනොත් කරකෝල අත ඇරිය වගේ. දවසක් පුතාගෙ උපන් දිනෙත් අමතක වුනා!

    ReplyDelete
    Replies
    1. සති දෙකක් විතර නිවාඩු දාලා කොළඹ ගවේෂණය කලොත් මොකද පුතත් එක්ක?

      Delete
  31. ටෙලිෆෝන් නොම්බර - මතක නැත
    වාහන නොම්බර - මතක නැත.
    එකවුන්ට් නොම්බර - ඒ මොනවාද?

    මේ ඊයෙ පෙරේදා සම්පත් විශ්ව එකවුන්ට් එකක් හැදුවා.දෙපාරක් බැංකුවට යන්න උනා පාස්වර්ඩ් අමතක වෙලා. දැන් සියල්ල ගස්ලබ්බිට බාරදීල තියෙන්නෙ.ඒ.ටී.එම් එක ලඟට ගිහින් කෝල් ලරන්න විතරයි තියෙන්නෙ.හැබැයි මගෙ ෆෝන් එකෙන් විතරයි.අඩු ගානෙ ගස්ලබ්බිගෙ ෆොන් නොම්මරේ වත් මතක නෑ... කුජීත තත්තයක් අප්පා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මටත් මෙහෙ ATM පෝලිම් වල ඉන්නකොට මල පනින දේ තමයි අහල පහල දූපත් වල උන් කාඩ් රංචුවක් අරන් ඇවිත් කෝල් දිදී PIN අහ අහ සල්ලි ගන්න එක.

      Delete
  32. ඔන්න මං ඇවිත් ගියා මචං

    ReplyDelete
  33. Thanivelaa naa kiyala hithenakota maara saneepayi appaa....

    pot+at+oes dannawane.. oya ekak witharayi

    ReplyDelete
  34. මට නම් සහ උපන්දින මතක තියෙන්නේ නැහැ.

    phone එකේ reminder එකක් දාල alarm එක වැදිලා title එක පෙන්නුවට reminder එක දාපු කාරණේ මතක නැහැ..
    ඉතින් කෝමද රටක් දියුණු වෙන්නේ..

    ReplyDelete
  35. මටත් ඔය මතකේ කියන එක තමා නැත්තේ ම ...
    /*ඇත්තෙන්ම මේ මෝබයිල් ෆෝන් තාක්ෂනේ තියෙනව නේද? ඒක ජීවිතාරක්ෂා කරනවා. */
    එක නං සහතික ඇත්ත බං ... අම්මප ලොවෙත් ...

    ReplyDelete
  36. ෆෝන් නම්බර් කියන්නෙ බං මට මගේ ෆෝන් එකේ නම්බර් එක මතක නෑ බලාපොරොත්තු නැති වෙලාවක කවුරු හරි ඉල්ලුවොත්... ලැජ්ජාවෙ පණ යනවා.... ඒ මිනිස්සුන්ගෙ මූණු ඇදවෙලා යනවා මං ඒක දෙන්න අකමැතිකමට බොරු කියනව කියලා හිතලා... ඒ නිසා මං කරන්නෙ එයාලගෙ නම්බර් එක ඉල්ලගෙන හැකි ඉක්මනට ඒකට ටෙක්ස්ට් එකක් ගහන එක...

    "මම අපේ ගෙදර ෆෝන් නම්බර් එක මතක තියාගෙන හිටියෙ මෙන්න මෙහෙම තුනෙන් තුනට. 011 2 (හරි ඒ කෑල්ල ඕන්නෑ කියමුකො) 123 456. මේක ඔලුවෙ තියාගෙන ඉන්නෙත් ඉංගිරිස් වලින්. කවුරු හරි සිංහලෙන් ඇහුවොත් ටිකක් වෙලා යනවා හරවන්න."
    මං ගෙදර නම්බර් එකයි මනූගෙ නම්බර් එකයි මතක තියාගෙන ඉන්නෙ මේ කියපු විදියටමයි... හැබැයි සිංහලෙන්... ඉංග්‍රීසියෙන් කියන්න ගිය වෙලාවට අර කිව්ව වගේ අඤ්ඤකොරොස්... සමහර වෙලාවට නොම්මර පටලවාගෙන එක විකාරයයි...

    "නමුත් මට ඉලක්කම් හතරේ ATM PIN එකක්වත් මතක තියාගන්න බෑනේ."
    මං කරන්නෙ සල්ලි ගන්න ඉස්සෙල්ලා මනූට කෝල් කරලා අහගන්න එක... ඒකෙන් හරි පාඩුයි බං... සමහර වෙලාවට අකවුන්ට් එකේ තියෙන සල්ලි බහිරවයා ගිලිනවනෙ... හැබැයි චෙක් කරනකොට කාඩ් එක ගානට තිබ්බ තැනම පර්ස් එකේ තියෙනවා... :D

    මං ලියලා ඇති ඔය දිග නම් නිසා මට වෙච්චි හරියක්... ළ්ඟදිම පෝස්ට් කරන්නම්කො. මේක කියවනකොට ඒකත් මතක් වුණා.... :D

    ReplyDelete
  37. මටත් මගේ එදා සිට අද දක්වාම සියලු දුරකථන අංක මතකයි...ඒක නෙමෙයි කාරණේ...දැන් කෝ 2 ශ්‍රී BSA එක ?

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>