Monday, November 5, 2012

19. සයිකල් ශූර වි. ප. බ‍ටුවංගලතුමා



මිස්ට බ‍ටුවංගලගෙ මඩ පුවක් බැක් අප් එක මතකයිනෙ? කියවලා නැති අය මෙතන ඔබන්නකො.

මෙම බ්ලොග් සටහන මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ මුල් වරට පලවිය.

බ‍ටුවංගල තුමා ඇත්තටම නිල්වන් කඳුකරයෙන් ආපු ඩයල් එකක් නිසා බයිසිකල් කියන ජාතියට ආගන්තුකයි. ඒ මොකද ඒ පලාත් වල තියෙන කඳුවල හැටියට බයිසිකල් වලින් වැඩක් නැහැනෙ. ඉතිං බයිසිකල් ඇත්තෙත් නැහැ. ඒ නිසාම හුඟ දෙනෙකුට බයිසිකල් පදින්නත් බැහැ.
 

නමුත් දෙහිඅත්තකණ්ඩිය කියන්නෙ පැතලි භූමියක් නිසාත්, වෙනත් ප්‍රවාහන මාධ්‍ය දුර්ලභ නිසාත්, බයිසිකල් හරිම සුලභයි. ඉතිං අපේ බ‍ටුවංගල තුමත් බයිසිකල් පදින්න පුරුදු වුනා ටික ටික, වැටි වැටි. වැඩිහිටියෙකුට බයිසිකලයක් පදින්න පුරුදුවෙනවා කියන එක පොඩිහිටියෙකුට වඩා සෑහෙන අමාරු වැඩක් නෙ.

බ‍ටුවංගල එතකොටත් මැදි වයසෙ පුද්ගලයා. සිමෙන්ති කොට්ටයක හැඩහුරුකම තියෙන බුවාව දාගෙන, මුලින් බයිසිකල් වලත්, පස්සෙ මගෙ මෝට බයික් එකෙත්, මම ගිහින් තියෙනවා. අපරාදෙ කියන්න බෑ සිමෙන්ති කොට්ට දෙකක් පටවන් යන එක ලේසියි, බට්ටව දාගෙන යනවට වඩා.

මොකද, ඔය බයික් පදින අය දන්නව ඇතිනෙ බයික් එකක් පදින කොට, විශේෂයෙන්ම වංගුවක් හෙම ගන්නකොට, පිටිපස්සෙ ඉන්න පුද්ගලයා දරදඬුව ඉන්නෙ නැතුව, ඇ‍ඟෙන් පොඩ්ඩක් වංගුව ඇතුලට නැවිලා පොඩි සහයෝගයක් දෙනවනෙ. සිමෙන්ති කොට්ටෙ එහෙම නොකලත්, අඩුම ගානෙ අනිත් පැත්තට බර නොවී, එහෙමම තිබිලා හරි උදවු වෙනවනෙ. බ‍ටුවංගල ඕකෙ අනිත් පැත්ත. දකුණට වංගුවක් ගන්නකොට පොර වමට ඇලවෙනවා. වමට වංගුවක් ගන්නකොට දකුණට ඇල වෙනවා. හදිස්සියෙ යාලුවෙක් දැක්කොත් දුවන බයිසිකලෙන් කකුල බිම ගහලා නැගිටින්න හදනවා. ඉතිං හරිම කල්පනාවෙන් නොගියොත්, බයික් එක පෙරලගෙන අතපය කඩාගන්න පුලුවන්.

ඉතින් අපේ පොරත් කොහොම හරි පුෂ් බයිසිකලයක් පදින්න පුරුදු වුනා. හැබැයි සමබර තාවය කියන එක නම් අන්තිමයි. වැනි වැනි යන්නේ ඇඟ දරදඬු කරගෙන, හැඬල් එක මරු විකාරෙන් වගෙ අල්ලගෙන. සිංහලෙන් ‘DEATH GRIP’ කියන්නෙ. බ්‍රේක් ගහන්නෙ මුලින්ම කකුල් බිම තියලා අද්දගෙන ගිහින්, අන්තිම මොහොතෙ  ඇතිවෙන පසු සිතුවිල්ලක් (after thought) හැටියට. (පසු සිතුවිල්ල කියන වචනෙ මේ දැන් නිර්මාණය කලේ. එහෙම වචනයක් තියෙනවද ඇත්තට? හික්ස් :)

එතකොට ගමනාරම්භය බලා ඉන්නත් භයංකාර දර්ශණයක්.

මුලදි තනියෙම ඉස්කෝලෙ වත්ත ඇතුලෙත්, පස්සෙ පාලු පාර වලත් පුරුදු වෙච්ච බට්ටා, තනියෙම දුර ගමනුත් යන්න පුරුදු වුනා. නමුත් අපි කවුරුත් දැනගෙන හිටපු දෙයක් තමයි, මෙයා නම් කවදාවත් මේ ශාස්ත්‍රය ප්‍රගුණ නොකරන බව. මොකද හුඟක් ශාස්ත්‍ර වගෙ ඕකත් ඇ‍ඟෙන් එන්න එපායැ.


දවසක්, ඉස්කෝලෙ වෙලාවෙ, මම පන්තියක ඉඳලා ඔෆීස් එක පැත්තට එනවා. බට්ටා බයිසිකලේක නැගලා ඔෆීස් එක පැත්තෙ ඉඳලා ගේට්‍ටුව දිහාට පැදගෙන යනවා සුපුරුදු වැනෙන ගමනින්. එතකොටම ළමයෙක් පන්තියකින් එලියට ඇවිත් “සර්, සර්!!” කියලා කෑ ගැහුවා.

කොහොමත් වැනි වැනී යන බට්ටා, හදිසියෙම වඩා වේගයෙන් වැනෙන්න ගත්තා. මමත් නැවතිලා මේකා දැන් වැටෙයි, දැන් වැටෙයි කියලා බලාපොරොත්තුවෙන්, ඇස් අයාගෙන, කට ඇරගෙන බලා ඉන්නවා. 

බට්ටා තිබ්බා කකුල් බිම.  දූවිලි අවුස්සාගෙන කකුල් බිම අද්දාගෙන ටික දුරක් ගිය බට්ටා, අන්තිම මොහොතෙ බ්‍රේකුත් මතක් වෙලා ඒකත් ගැහුවා. බයිසිකලෙත් අන්තිමේදි නැවතුනා. 

බට්ටා බයිසිකලෙන් බැහැලා, ලඟම තියෙන ගහකට හේත්තු කරලා, ආපහු හැරිලා ආවා වෙඩි කාපු ඌරා වගෙ, දත් මිටි කාගෙන. ආපු ගමන් අත දිග ඇරලා දුන්න කනේ පාරක් කොල්ලට. කොල්ලා මොනවද කියන්න කට අරිනවා මන් බලාගෙන. බට්ට තව පාරක් දෙන්න අත උස්සනකොට මම ඇහුවා,

“ඇයි සර් මේ ළමයට ගහන්නෙ?”, කියලා.

“හැයි සෑර් තමයි.” බට්ටට මා එක්කත් මල. “මේක සර් සර් ගෑව. තව පොඩ්ඩෙන් මාව කලබල වෙලා වැටෙනවනෙ.” බට්ට කිව්වා.

පස්සෙ අපි අහලා බලන කොට, වි ප බ‍ටුවංගලතුමාමයි මේ ළමයට කියලා තිබිලා තියෙන්නෙ එයා කළාප කාර්යාලයට යනකොට මොනවද දෙයක් අරන් යන්න මතක් කරන්න කියලා.

 මෙම බ්ලොග් සටහන මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ මුල් වරට පලවිය.

121 comments:

  1. අයියෝ සල්ලි ඩුඩ් අයියේ මටටත් අවුරුදු 10 වෙනකම් බයිසිකල් පදින්න බැරිව හිටියේ.10 එකපාරම ආව සිතුවිල්ලක් මත වැටි වැටි ඉගනගත්තා. දැන්නම් අපේ පවුලේ හැමෝටම වඩා හොඳින් සයිකල් පදිනවා මම. (මෙතනට වාහන ගෑව්වොත් ගහනවා දඬුකඳේ යකඩෝ මම කෝරලේ.... පිත්තල බොත්තම් ටිකයි කෝට් බයයි ගැනවත් හිතල නන්බුව බේරන සේක්වා) :P ඩුඩ් අයියේ ඔය කොහොම හරි මට ලංකාවට යන් තියෙන ආසාව වැඩි කරනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි කෝරළේ මහත්තයෝ පැටියා කාලෙ ට්‍රයිසිකල් පැද්දෙ නැද්ද? ඊට පස්සෙනෙ රෝද දෙකට සෙට් වෙන්නෙ?
      මගෙ පොඩි උන් නම් ගයිඩ් වීල් හයි කරපු බයික්ස් පැද්දට මම නම් චේන් එක පනින, බ්‍රේක් කියලා ජාතියන් නැති, මලකඩ බයිසිකල් කට්ටකින් තමයි වැටි වැටී ඉගෙන ගත්තෙ. ඒකත්, 'පොර කට්ටා' කියලා, ගංජා ගහන බුවෙකුගෙන්, පැයට සත විසිපහකටද කොහෙද හයර් එකට අරං. :D

      Delete
    2. නැහැනේ මට ඒ දවස් වල බයිසිකලයක් තිබුනේ නැහැ. අපි ජීවත් වෙන්නේ ෆ්ලැට් වල නිසා අම්මලා මට බයිසිකලයක් අරන් දුන්නේ නැහැ ලන්කාවට ආව මාසෙට දාන සෙල්ලම් තමයි ඔක්කොම.

      Delete

    3. ඒකත් එහෙමද? ඒ වුනාට සුනාමි දවසෙත් බයිසිකලයක් පැද්දා නේද?

      මම මේල් එකක් එව්වා ලැබුනෙ නැද්ද කෝරළේ මහත්තයො දැන් දවස් කීපෙකට කලින්?

      Delete
    4. ඩුඩ් අයියේ මම මේල් එකක් එව්වා ඔයාට එකටම මට එවන්නකො ඔයාගේ මේල් එකත්

      Delete
  2. මමත් හරිම ආසයි බයිසිකල් පදින්න... දැන් නං බෑ.. කඳු නගින්න..
    ආයෙ ෆ්ලැට් පලාතකට ගියාම ගන්නවා බයිසිකලයක්...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඇල් කම්මැලියා වෙලා. ඇයි අප්පා තාම කොල්ලො නේද?

      අර ගියර් කියලා ජාතියක් තියෙන්නෙ ඒකටනෙ.

      අනික හැම කන්දකටම පස්සෙ පල්ලමකුත් තියෙනවා නේද නියුට්‍රල් යන්න?

      තල්ලු කරන් ගියත් ලාබයි. :D

      Delete
  3. කොල්ලට ගැහුවට පස්සේ බට්ටා ප්‍රස්චත්තාප වෙන්න ඇති පස්සේ. කල් පැන්නට පස්සේ යමක්බුරුදු වෙන්න ගියාම ඔහොම වෙනවා ඩ්‍රඩි.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති. අනික ඔය අසූ ගනන් වල, ඔය වගෙ පැත්තක ලමයෙකුට පාරක් ගහන එක එච්චර ක්‍රිමිනල් කේස් එකක් නෙවෙයි. හැබැයි මම නම් කොයි කාලෙ වත් ඔය වැඩේ කරලා නෑ. කටින් ගැහුවොත් මිසක්.

      Delete
  4. ඔය කියන බයික් එකේ නැගලා ගිහින් බලන්ට ආසයි. මොනවගේ කියලා කියයිද දන්නේ නෑනේ. අනිවාර්යෙන්ම සිමෙන්ති කොට්ට කියන එකකුත් නෑ, බනින එකකුත් නෑ හී හී...

    ReplyDelete
    Replies

    1. ඇයි පොඩ්ඩි අහලා නැද්ද එක බුවෙක් පර්ත් වල ඉඳලා සිඩ්නි වලට පුෂ් බයි එකක් පැද්දා දවස් හැටකින්? බලන්නකො ට්‍රයි එකක් දීලා.

      http://purebound.com/bike/australia/journal/

      Delete
  5. හයියෝ....කොල්ලා ආයෙනම් වි ප බටුවන්ගලයන්ට "මතක්කරන්න" යන්න නැතුව ඇති ජීවිතේට.

    බැලුවම බටූ...ත් හොද කතා නිමිත්තක් වගේ....

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති සුමිත්. ඉල්ලං කන්නෙ මොකටද, නැද්ද?

      බටූගෙ පබ්ලිෂ් කරන්න පුලුවන් එව්වා වැඩිය නෑ, සුමිත්!

      Delete
  6. අනේ අසරණ කොල්ලා...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. නමුත් අද වෙන සමාජ අසාධාරනත් එක්ක බැලුවාම මේක එච්චරම නරක නෑ.

      Delete
  7. මාර අඩුපාඩුවක් තමයි බයිසිකලයක් පදින්න බැරි එක නම්. මාත් හිතන් හිටියට තවම බැරි වුනා . විශේෂයෙන්ම මේ වගේ රටවල හැමෙකාටම පුළුවන් .

    කියන්නත් ලැජ්ජයි. හැබැයි අර කිව්වත් වගේ ඕවා සහජයෙන් එන්න ඕන දේවල් . අපේ ලොක්කිට නම් රෝද දෙකක් තියෙනවා නම් වෙන මුකුත් ඕන නැහැ .

    මට මතක් වුනා දියබෙදුමේ ගිහින් මල්ලි මාව බයිසිකලේ තියන් ගිහින් දෙන්න එක්කම අකුලකට විසි වුන හැටි .

    ReplyDelete
    Replies
    1. හපොයි බින්දි එක්සසයිස් බයික් එකකින් වත් පුරුදු වෙන්න.
      නමුත් දැන් තියෙන තත්වය යටතෙ බින්දි ලංකාවෙ පාරවල් වල නම් බයිසිකල් පදින එක මාරාන්තිකයි.

      අකුලකට වීසි වුන එක හොඳයි ඇලට වීසි වෙන්නෙ නැතුව.

      Delete
    2. ඒයි බින්දි...ඔය කියන්නෙ බකමූණ ගිරිතලේ අතර තියන දියබෙදුම ගැනද?...මොකද බොල එහෙ කලේ?....කොයි කාලෙ ගැනද ඔය කියන්නෙ?

      Delete
    3. අපේ අක්කණ්ඩි දිග ගියේ එහාට . මුල්ම පත්වීමත් ඉරහඳ කෙටු වැවේ ඉස්කෝලෙට හදාගෙන මන් එන්නම් සුදෝ ඔයත් එක්ක ලෝකේ කෙලවරට වුනත් කියල අපේ මස්සිනාට පොරොන්දු වෙලා උන්ද ගියේ නැද්ද එහෙ . වැඩිම වුනොත් අවුරුද්දයි. මස්සිනවත් දොක්කන් ඔන්න කොළඹට පැන්න.

      මන් මේ කියන්නේ බොලේ 95 -96 කාලේ .

      Delete
    4. මෙහෙත් ඉතින් ලේසි නැහැ . හැබැයි අපේ හරියේ තියෙන වැව වටේ නම් අපේ උන්ද බයිසිකල් පදිනවා චුටි කෙල්ලෝ දිහා බල බල

      Delete
    5. පිස්සුද හැටිද පිස්සුවේ හැටිද කිව්වලු....

      මමත් ඔය කාලෙ ඔහෙනෙ බොලේ....අනූ පහේ තමයි බැඳල කාරිය අපෙ ලොක්කිත් කැන්දගෙන ගියේ ඔහාට...ඔයාල කොළඹ ඉඳං එන්න ඇත්තෙ ගිරිතලෙං බැහැල නේද?...මම 95/96 කාලෙ හිටියෙ දියබෙදුමට කිලෝ මීටර් හයක් විතර බකමූණ පැත්තට තියනව අත්තනකඩවල කියල ගමක්..අන්න එහෙ....ඉරහඳේ තමයි අපි ඒ දවස්වල ගොවි රැස්වීම් එහෙම තියන්නෙ...මම ඔය පැත්තෙ නිතරම එනව ඒ දවස්වල...ඈ බින්දි... මතක එහෙම නෑ?.....බොහොම ගාම්බීර පොරක් රැවුලක් එහෙම වවාගෙන බරට අඩි තිය තිය නහයට කෙලින් බලාගෙන යනව එහෙම...හෙහ්, හෙහ්, එහෙම බුවෙක් දැක්කනං ඒ මම තමයි..ආය වෙන ඔය අංග ලක්සන තියන කවුරුවත් හිටියෙ නෑ ඒ පැත්තෙ ඒ දවස්වල :) :)

      අඩේ ඔන්න ඔයා කිව්වමයි මතක් උනේ..හෙහ්, හෙහ්, දැං මතකයි වාගෙ..... ඉරහඳේට යන පාර අයිනෙං තමයි ගිරිතලේට වතුර දෙන ඇළ ගියේ..එක පාරක් කවුද ගෑනු ලමිස්සියක් බයිසිකල් පදින්ට පුරුදු වෙන්ට ගිහිල්ල ඇලට ගිහිල්ල හිටිය නං තමයි...හෙහ්, හෙහ්, අඩේ කියන්ට එපාය..කවුද දන්නෙ ඒ ඔයාය කියල.....

      එහෙමද...එහෙමත් නැත්තං..... ඉරහඳ ඉස්කෝලෙ පහු කරනවත් එක්කම තියනව සපත්තු පාලමක්..ඕකෙං පල්ලට දෙරි ගහල මඩ නාගෙන හිටියයි කියලත් ආරංචි උනා ඒ දවස්වල ඒත් බයිසිකල් පදින්ට පුරුදු වෙන්ට ආපු දැරිවියක්...හෙහ්, හෙහ්, එයාද මංදා ඔයා...

      අක්කල නැවතිල හිටියෙ කොහෙද?.....ඉස්කෝලෙම ක්වාටස් තිබ්බ නේද?

      Delete
    6. අය්යෝ නුලෙන්නේ මිස් වෙලා තියෙන්නේ . අය්යලගේ ගෙවල් දියබෙදුම හන්දියේ . ඔව් ඔව් ගිරිතලෙන් බැහැල තමයි. ලස්සන පාර නේද .

      අපි ආපහු එන්නේ හන්දියෙන් පාන්දර පටන් ගන්න බස් එකේ . එක එන්නේ මාතෙල් පාරේ ඇවිත් දඹුල්ලෙන් කොළඹ පාරට වැටිලා .

      Delete
    7. අඩේ ඔය කියන්නෙ ඉළුක්කුඹුර බස් එක....හපොයි ඕකෙ ඇවිල්ල ඇති මම අනන්ත...කොළඹට එනව දහය වෙනකොට...ඔය බස් එක එන පාරෙමයි තියෙන්නෙ අත්තන කඩවල....කවුද බොලේ මේ මස්සිනා?....දියබෙදුමෙ හන්දියෙ ඉන්න කස්ටිය ඔක්කොම වගෙ මම අඳුනනව...හෙහ්, හෙහ්,

      ගිරිතලේ දියබෙදුම පාර හරිම ලස්සනයි තමයි...ඔය හරියෙ හිටිය අලිත් ඕසෙට...

      ඔය අපෙ ලොක්කි මට කොක්ක ගැහුවෙත් ඔය පාරෙ ( මාතලේ ඉඳං බකමූණට ) වැඩට යන්ට ගිහිල්ල නෙව.....:) :).

      What a small world ..isn't it Bindi?....heh, heh,

      Delete
    8. මොනවා බින්දි මාත් ඔය කාලෙ හිටියනේ අත්තන කඩවල ගුරුනිවාසෙක

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. අපේ මස්සිනා නේවි එකේ . හන්දියෙමයි ගේ .විවින් එක කිව්වම ඕන කෙනෙක් දන්නවා . හොස්පිටල් එකක් තියෙනව නේද . ඔය ඇතුලේ ගම වලින් බෙහෙත් ගන්න එන උදවිය අනිවා තේ කෝප්පයක් බොන්න ගෙදරට ගොඩ වෙනවා . අපේ අක්කන්ඩි ට ඕකත් ඇල්ලුවේ නැහැ .
      ඒ අම්මට ගමේ හැමෝම ආදරෙයි .

      නලින්...කොයි ඉස්කෝලේද .ඔන්න බලන්න ලෝකේ කොච්චර කුඩාද

      Delete
    11. මමත් හොට දාන්නද? නලින් ඉස්කෝලෙක හිටියා කිව්වෙ කවුද ඉගැන්නුවෙ? නලීන්ද ප්‍රියම්බිකාවද?

      Delete
    12. @ Bindi,

      ඔන්න කණෝ පිනුං කිව්වලු...අඩේ බං දියබෙදුමෙ තිබ්බෙ පර්යන්ත ඒකක කියල කියන්නෙ..අන්න ඒකක්...වාට්ටුත් තිබ්බ දෙකක්..පිරිමි සහ ගැහැණු....මම නිතරම යනව ඕකට..ඕකෙ රෙපරාර් ඔක්කොම කලේ මහවැලියෙන්...මචංගෙ ගෙදර ඔය හොස්පිටල් එකට යන පාර අයිනෙ දකුණු පැත්තෙ තිබ්බ ගෙදරද?...ම්හු..නේවි පොරක් නම් නොදනිමි. අඩේ ඔන්න මතක් උනා..එක පාරක් නේවි එකේ පොරකට අපෙ ඩ්‍රයිවර්ල වගයක් ඔය බාර් එහෙක කචල් එහෙකදි අල්ලගෙන නිල් වෙන්ට නෙලල මාර කෙලියක් උනා...යාන්තං ගොඩිං බේරගත්ත වැඩේ..බිංදි නෝනො..මස්සිනා පොඩ්ඩ එහෙම නෙවෙයි නේද ඒ?...හෙහ්, හෙහ්,

      Delete
    13. අපොයි මෙයා වැලි වලට නැත . ඒවාට අපේ අක්කා සිටි

      Delete
  8. මටත් මතක් උනා බයිසිකල් කතන්දරයක්.... පෝස්ට් එකක්ම දාන්නම්කෝ.. හි හි...

    ReplyDelete
    Replies
    1. දාමු දාමු හිරු, එකක් ලියනකොට තව හැටක් මතක් වෙයි බයිසිකල් කතාවල්. මටත් එහෙම වුනා.

      Delete
  9. උඹගෙන් මාර රස වෑහෙන ළිපි ඉස්සරහට එයි කියලා මම අනිවාර්යයෙන් දැන ගත්තා දුෂ්කර සේවයේ උන්නා කියල දැනගත්තම. අනික උඹ නගරෙ ඉඳලා ගමට ගිය එකෙක්නේ. ජීවීත කාලෙම ලියන්න උනත් කතා ඇති. ඇයි එතකොට දැන් ඉන්න පරිසරය, උඹේ රැකියාව. බ්ලොගර්ට පින් සිද්ද වේවා.

    ReplyDelete
    Replies
    1. ගුරු සේවයේ පට්ට කතා තියෙනවා මාතලන් ඔය අනිත් හැම සේවයකම වගේ.

      මම මචං නගරෙ නෙවෙයි තදාසන්න ප්‍රදෙශයකින්. Suburbs.

      දෙහිඅත්තකන්ඩිය ඒ කාලෙ ගම්මානයක් කිව්වට අමු ශුෂ්ක කැලෑවක්.

      දැන් ඉන්න පරිසරය ගැන හැම දේම කියන්න බැරි මම තාම මෙහෙ වැඩ කරන නිසා. පුලුවන් ඒවා ලියන්නම, මාතලං.

      Delete
  10. පව් බට්ටා තුමා... අර බයිකල් පදින විදියනං මැවිලා පේන්න ලියලා තියනවා...
    අර බට්ටගෙ ඇත්ත පෙනුමද? චන්ඩි පෙනුමක්නෙ තියෙන්නෙ ...

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් ලකීසිරි, සමහර චිත්‍ර අඳිනකොට යටි හිතේ තියෙන දේවල් චිත්‍රයට අඩංගු වෙනවා නොදැනීම. මම ඔය චිත්‍රෙ අඳිනකොට මගෙ යටි හිතේ ඇඳිලා තිබිලා තියෙන බට්ටගෙ නියම රූප ස්වභාවය ඔය චිත්‍රයට ඇවිත් බව මම දැක්කෙ පස්සෙ. මටත් පුදුම හිතුනා.

      බට්ටා ඔය වගේමයි ඒ කාලෙ.

      චන්ඩි පෙණුම තියෙන්නෙ මල පැනලා ඉන්න නිසා. නැතිනම් හරි ස්ලෝ කෝච් එකක්.

      ඔය වැඩේම තවත් අවස්ථා කිහිපයකදි වෙලා තියෙනවා.

      Delete
  11. පරක්කු වෙලා බයිසිකල් පුරුදුවීම භයානකයි. මොකද වැටිල ඇටයක්වත් කැඩුනොත් නැඟිටිනව බොරු කාලෙකට. ඒවගේ දේවල් අවුරුදු 5න් 10න් පුරුදු වෙන්න ඕන.
    මට හිතෙන හැටියට මේ බ්ලොග් සටහන "මට හිතෙන හැටි" බ්ලොග් අඩවියේත් තිබුන!

    ReplyDelete
    Replies
    1. ඔව් බං රාජ්. පිහිනීම, ගස් නැගීම, කාර් එලවීම, ඔක්කොම ඔහොම තමයි.

      ඔව් බං මේ ඒකෙන් තමයි. බලපං කියවපු නැති යාලුවො කීදෙනෙක් ඉන්නවද කියලා.

      Delete
    2. පිහිනීම නම් අවුලක් නැහැ . මන් මෙහෙ ඇවිත් පුරුදු වුනේ , හැබැයි වතුරට බය නැති වෙන්න ඕන

      Delete
  12. ඌ මහ බල්ලෙක්නේ බං

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බං අටං. පොර එහෙම නරක බුවෙක් නෙවෙයි. තද වෙන්නෙත් නෑ ලේසියකට. මේක ඉඳලා ඉඳලා මලම පැනපු වෙලාවක්. අනික මේකා මේ ළමයගෙ දෙමව්පියන් හෙම පෞද්ගලිකව අඳුනන, හවසට ගිහින් ලඟ නවන ගේක එකෙක්. ඒක ගානක් වත් නෑ කොල්ලට මට අමාරු වුනාට ඒක බලං ඉන්න.

      Delete
    2. එහෙනං ඉතින් ගහන්ඩ අයිතියක් තියනවා , නිතර යන එන තැනක් කියුවනේ

      Delete
  13. එක පුක් බෑයක් විතරක් බයිසිකල් සීට් එකේ තියන් රුයිතෙට ඉඳගෙන සී 90 බයික් එකක් අවුරුදු විස්සක් විතර පැදපු එකෙක් අපේ ඔ‍ෆිස් එකේ හිටියා. මේකා දැන් වැටෙයි දැන් වැටෙයි කිය කියා පි ඔට්‍ටු ඇල්ලුවාට කවදාවත් වැ‍ටුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. කේක් ගෙඩි අප්පුද දන්නෙ නෑ සරත්! :D

      මමත් නෝට් කරලා තියෙන දෙයක් තමයි, සමහර බුවාලා බයික්ස් පදිනකොට ඉඳගෙන ඉන්න විදිය, කකුල් ෆුට් රෙස්ට් එකේ තියාගෙන ඉන්න විදිය හෙම.

      අපේ පැත්තෙ බුවෙක් හිටියා, සරම ඇඳලා හෙලුවෙන් CD 200 TWIN එකක් පදින. පොර සමහර වෙලාවට වයිෆුත් දාගෙන යනවා.

      Delete
    2. අපොයි සරත් අයිය බයිසිකල් පැදිල්ල ගැන දන්නෑ වගේ. එක බෑයක් සීට්එකේ තියාගෙන යන උදවිය ඕන තරම් ඉන්නව. මාත් එහෙම ගියපු වෙලාවල් තිබුන බයිසිකල් පදින කාලෙ. මොකද්ද දන්නවද හේතුව? එක සීට් වර්ගයක් තියනව බොහොම පොඩි ඒවගේම කුෂන් නැති. ඒ සීට්එක තියන බයිසිකල් වල සාමාන්‍ය විදියට ගියොත් පුකට පත්තු බඳින්න වෙන්නෙ. ඉතිං කකුලේ උඩම හරිය සීට්එකේ තියාගෙනයි යන්න ඕන.

      Delete
    3. බොරු කියන්න එපා එහෙම ගියෙ එක් බෑයක ගෙඩියක් හින්ද නේද ?

      Delete
  14. ඩුඩෙගේ කතා නං මසුරං. කොහොමෙයි බං ඔච්චර ලස්සනට ලියන්නේ. නවත්තන්නේ නැතුව එක හුස්මට කියවන්න පුළුවං වගේම මීටරේටම වදිනවා නෙව. චිත්තර නං අප්පේ එළම කිරි. අපිව පිස්සු වට්ටන්න එපා බං

    ReplyDelete
    Replies
    1. මේවා කතා කිව්වට ප්‍රබන්ධ නෙවෙයි දේශකයා. පෙරාපු ඇත්ත. වෙලා තියෙන්නෙ මේ කතාවම දන්න තව කීපදෙනෙක් හිටියත්, උන් එකෙක්වත් බ්ලොග් ලියන්නෙ වත්, කතාව මතක තියාගෙනෙ කාටවත් කියන්නවත් උනන්දුවක් නැතිකම. අනික බං මතක ශක්තියත් විවිධාකාරයිනෙ. සමහර බුවාලට මේ ඊයෙ වෙච්ච දේ අද මතක නෑනෙ.

      Delete
  15. අර කොල්ල පව් අප්පා...බටටා තමයි බට්ටා

    අපේ ගමෙත් ඔහොම ඩයල් එකක් ඉන්නවා. පව් අප්පා මනුස්සයා. මේ ලඟකදී කසාද බැන්දා..මන් හිතන්නේ ගෑනු මනුස්සය කියන්න ඇති බයිසිකල් පදින්න පුරුදු වෙන්න කියලා. ඔන්න දැන් මිනිහා පාරේ බයිසිකල් පදිනවා..කොළඹ හැටන් පාරනේ වාහන එච්චරමත් නැති වුනාට සැලකිය යුතු වාහන ගොඩක් දවසකට පාරේ යනවා.. ඉස්සෙල්ලම පොල්ල උඩ ඉඳගෙන පදිනවා..ඊට පස්සේ වාහනයක් නැති වෙනකම් ඉඳල සීට් එකට යනවා. හැබැයි පැඩල් එක පාන්නේ නෑ ..බයිසිකලේ නතර වෙන්න වගේ ආපුහාම ආයෙ පොල්ලට බැහැලා පාගනවා. වාහනයක් ආව ගමන් එක පාරට පාර අයිනට කපලා පාරෙන් පිට යනවා. හැබැයිි කවදාවත් මනුස්සයට පාරේ හරවන්න නම් බෑ ...බැහැලා තමයි හරවන්නේ ....පව් ඉතින්. හිනා වෙන්නත් හොඳ නෑ..එත් හිනා යනවා.

    ReplyDelete
    Replies
    1. පව් බං අර බුවා. යකෝ මෙච්චරට බයිසිකල් පදින්න බැරිවුන් එන්නවද අපේ රටේ? පුදුමයි නේ?

      අර පොල්ල යටින් කකුල දාලා මාත් පුරුදුවෙලා තියෙනවා. මේකෙ වැඩේ පැතුම් මේ කාලෙ වගෙ අපි පොඩි කාලෙ BMX, MTB 12 Speed, guide wheel හෙම තිබ්බෙ නෑ.

      තිබ්බෙ ස්ටෑන්ඩඩ් බයික් එකයි, තුන්කාලයි බාගෙයි. මට අර තුන්කාලෙ ස්පෝර්ට්ස් බයික් එකක් අරන් දෙන්න ඉස්සර මම ඔය තඩි ස්ටෑන්ඩට් බයික් වලින් තමයි පොල්ලට යටින් කකුල දාලා පුරුදු වුනේ. ඒවත්, චේක් පනින, බ්‍රේක් නාමයක් නැති ලඩි. ඕක හෙන ඇඩ්වෙන්චර් එකක් තමයි.

      Delete
  16. හික් මරු ස්ටොරිය .. මට මැවිලා පෙනුනා .. උබටත් හොද හොද මිනිස්සු එක්ක වැඩ කරන්න ලැබිලා තියෙනවනේ.. බට්ටාගේ තව කතා නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් බං මේ දැං ආශ්‍රය කරන්නෙත් නියම මලයාලි සෙට් එකක්. කතන්දර කෝටියයි.

      බට්ටගෙ ප්‍රසිද්ද කරන්න පුලුවන් ඒවා ටිකයි බං තියෙන්නෙ. ඒවා දාන්නම්.

      Delete
  17. හපොයි.. මට බයික් වල දාන් යන්න එපාම වෙන එවුන් තමයි ඩෝපර් ලා. උන් නැග්ගම උන්ගේ හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ඕනි. උන් දඟලන දැඟලිල්ල ට නොවැටී බයික් එක අරන් යන්නත් ඕනි. සමහරු පිටිපස්සේ ඉඳන් බෙල්ලත් මිරිකන්න හදනවා..:D මට පහුගිය කාලේ ටිකක් වයසක මනුස්සයෙකුට බයික් පදින්න පුරුදු කරන්න යන්න "වාසනාව" ලැබුනා. :) බයික් මෑන් ගේ මයි. වැඩේ ලේසි නෑ. ඔය කියපු ක්‍රමේට තමයි යන්නේ.
    නවත්තන්නේ නම් බයික් එක හරහා දාලා. ඒ ක්‍රමේ කොච්චර කිව්වත් අල්ල ගන්න අමාරුයි මං හිතන්නේ වයස පැන්නාම. පව් ඉතින්..!
    චිත්‍රය මරු. දැක්ක ගමන් කියන්න පුළුවන් කාටහරි නෙලන්න තමයි යන්නේ කියලා..:)

    ReplyDelete
    Replies
    1. අන්න චන්දන අත්දැකීම වලින් කතාකරන්නෙ.

      වයසත් එකක්. සමහර මිනිස්සුන්ට අර බැලන්ස් එක කියන එක ඇ‍ඟේ නෑ.

      ඇත්තටම අරවගෙ සහයෝගයක් නැති පොරක් බයික් එකක පටවාගෙන යන එක මාරාන්තිකයි.

      මේ චිත්‍රය මම අතින් ඇන්දේ ග්‍රැ‍ෆික් ටැබ්ලට් එක ගන්න ඉස්සර. දැන් වුනත් අතින් චිත්‍ර අඳින එකේ මාර ගැම්මක් තියෙනවා.

      Delete
  18. අපොයි මාර මනුස්සයෙක්නෙ බට්ටා! තව මතක් වෙන හැටියට බට්ටා ගැන ලියමුකෝ. (චිත්‍රෙත් මරු )
    මට මතක් වුණේ මම බයිසිකල් පදින්න පුරුදු වෙච්ච හැටි. මුළින්ම තනි කකුලෙන් ගිහින් ගිහින් ඊට පස්සෙ මැදින් කකුල දාලා පදින්න පුරුදු වෙන්න කියලා තමයි උපදෙස් ලැබුණෙ. ඒත් අන්තිමට මැදින් කකුල දැමිල්ල කරගන්නම බැරි වුණා. අන්තිමට සීට් එකේ වාඩිවෙලා පදින්න ගත්තා. අන්න එතකොට හරිගියා.

    ReplyDelete
    Replies
    1. ඇත්තට? මම හිතුවෙ මේ අපේ පරම්පරාවෙඋන් විතරයි පොල්ලට යටින් බයිසිකල් පැද්දෙ කියලා. මුලින්ම පෙඩල් එකේ නැගලා යනවා.
      ඊට පස්සෙ පොල්ලට යටින් රවුම් බාගෙ කොට කොට යනවා.
      ඊටත් පස්සෙ පොල්ලට යටින් ෆුල් රවුම ගන්නවා.
      ඊට පස්සෙ තමයි පොල්ලෙ යන්නෙ.
      අන්තිමට සීට් එකේ අග්ගිස්සෙ ඉඳන් මිරිස් අඹරනවා.
      අන්තිමට තමයි සීට් එකේ ඉඳගෙන යන්න පුලුවන් වෙන්නෙ.
      මාර ප්‍රොසීඩියර් එකක්. :D

      Delete
  19. / ඇ‍ඟෙන් පොඩ්ඩක් වංගුව ඇතුලට නැවිලා පොඩි සහයෝගයක් දෙනවනෙ. /

    අඩේ මල්ලි වැරදිම හොයනවයි කියල හිතන්න නම් එපා...ඒත් මේක නම් නොකියම බෑ..වංගුවක් ගනිද්දි පස්සෙ යන එකා හරි එකී හරි වංගුවෙ පිට පැත්තට නේද ඇල වෙන්න ඕන...ගුරුත්ව කේන්දරය බැලන්ස් වෙන්නෙ එහෙම උනාම නේද?

    බට්ට කරල තියෙන ක්‍රමේ හරියි කියලයි මට හිතෙන්නෙ...වමට වංගුව ගන්නකොට ඌ දකුණට ඇල උනා කියන්නෙ ඒක තමයි නිවැරදි ක්‍රමේ.....

    උඹේ ලිවිල්ල නම් මචං Absolutely Incredible.......චිත්‍ර ඊට එහා..ඒ දවස්වල සිත්තර පත්තරේ එකෙක් ඇන්ද මේ උඹේ වගේම චිත්‍ර..මතක් වෙන්නෙම නෑ..ඉඳහං අද රෑ යමක් කරලම බලන්නංකො මතක් වෙයිද කියල..:) :)

    ඉස්කෝලෙදි උඹේ මේ දක්ෂතා ඉස්මතු වෙන්ට නෑ මම හිතන්නෙ...එහෙම උනා නං අනිවාර්යයෙං බිග් මැච් සුවනියර් එකේ Caricatures අඳින්ට උඹට චාන්ස් එකක් එනව ෂුවර් ඇන්ඩ් ෂොට්....:)

    ReplyDelete
    Replies
    1. දෙකම වැරැදියි. වමට හැරෙව්වත් දකුණට හැරෙව්වත් පස්සෙ යනඑකා ඉන්න ඕන ඌ ඉන්න විදියටම බයිසිකලය තියන තලයේම. මොකද බයිසිකලේ පදින එකාට අනිත් එකාගෙ චලනයන් ගෙස් කරගන්න බෑ.
      අවුරුදු විසිපහක නොකඩවා බයිසිකල් පැදීමේ අතක්දැකීමෙන් කියන්නෙ හරිය! :)

      Delete
    2. රාජ් ඔතන මෙහෙම දෙයක් වෙනව..පළවෙනි වංගුව ගන්නකොට ඕනම පළපුරුදු රයිඩර් කෙනෙකුට ඉබේම දැනෙනව පස්සෙ ඉන්නෙ කොහොම එකෙක්ද කියල..ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්න එකයි තියෙන්නෙ....

      ප්‍රධාන ඔප්ෂන්ස් දෙකක් තියනව.

      1. මොකද අනේ ඔය සීට් එකේ පස්සට වෙලා. ෆිසික්ස් වලට කලේ නැද්ද වස්තූන් දෙකක් එකට කිට්ටුවෙන තරමට ගුරුත්ව කේන්ද්‍රය ස්ථාවර වෙනවයි කියල..ඔහොම ගිහිල්ල ගුරුත්ව කේන්ද්‍රය අස්ථාවර වුනයි කියන්නෙ දෙන්නම ඉඳී පාර අයිනෙ බෝක්කුවක් පල්ලෙ...හා, හා, කෝ ඉස්සරහට වෙන්න හොඳට ..දැන් මගෙ පිටට හේත්තු වෙන්න පුලුවන් තරම්..කෝ අත් දෙක ..දාන්න බඩ වටේට ..හරි තද කරක්ල අල්ල ගන්ට...කෝ බලමු..ම්ම් දැං හරි ගුරුත්ව කේන්ද්‍රය...කිසි අවුලක් නෑ...යමු එහෙනං..

      2. මොනවද යකෝ...බයිසිකලේක යන්ට වත් දන්නෙ නැද්ද?...මයෙ කරේ එල්ලිලම යන්ට ඕන නෑ..ටිකක් පස්සට වෙයං....එහෙම නැත්තං මම සල්ලි දෙන්ටද උඹ වරෙං බස් එහෙක...

      Please be advised that option selection is entirely gender based.

      Delete
    3. හප්පට සිරි මෙතන ‍ෆිසික්ස් පාඩමක්ම ගිහින්නෙ.

      රවියා වංගුව් ඇතුලට තමයි ඇල වෙන්න ඕනෙ. රාජ් කියනවා වගෙ වගෙ බයිසිකලයත් එක්ක එකම තලයෙ හිටියත් මුලු යුනිට් එකම වංගුව ඇතුලට ඇලවෙනෙ. එහෙමනෙ බං කනට වැලි යන්න වංගුව ගන්නෙ. අර කේන්ද්‍රෝපසාරී බලය (centrifugal force) නිසා එලියට විසිවෙන එක නතර වෙන්නෙත් ඒක නිසාමනෙ. අල්ලලා දාහං ‍ෆිසික්ස්.

      ඒදවස් වල බිග් මැච් සුවනියර් එකේ ඇන්දෙ ජනක රත්නායකනෙ බං. ඌ ඒක නියමෙට කලානෙ. මගෙ ෆේවරිට් බුවෙක් තමයි.

      Delete
  20. අර මනුස්සයා නම් මාරයිනේ.. හි හී... පව් අර කොල්ලා..

    හප්පේ...බයිසිකලයක් පදින්න බැරිනම් වැඩකුත් නෑ කිව්වලු. මම නම් බයිසිකලයක් පදින්න ඉගෙන ගත්තේ තුන වසරෙ ඉද්දිද කොහෙද... තනියම පුදුරු වෙද්දී තමා ජොලි. වැටවල් ගානෙ පෙරළිලා කකුල් අතපය සූරගෙන...අයියෝ...දැන් නම් බයිසිකලය ගේමක් නෑනෙ....

    බට්ටගෙ පින්තූරය නම් නියමයි...

    ReplyDelete
    Replies
    1. මේ කතා ඇහුවම මට බයිසිකල් කතා වැල නොකැඩි මතක් වෙන්න ගත්තා. බයිසිකල් සම්බන්ධ ලස්සන මතකයන්නෙ කට්ටියටම තියෙන්නෙ. අයියෝ මමත් ලෙලි ගහගෙන තියෙනවා අතපය, බොරලු පාරවල් වල වැටිලා. ඇයි තාර පාරෙ වැ‍ටුනාමත් මාර සනීපයි. හපෝයි හිටගෙන පාගනකොට චේන් එක පැන්නම තියෙන සනීපෙ. බුදු අම්මෝ!!!

      Delete
  21. බයිසිකල් පැදිල්ල පුරුදු වෙන එකම වීර ක්‍රියාවක් වගේ එකක්. බයිසිකල් පැදිල්ල පුළුවං උනත් මං හිතන්නෙ දැන් අවුරුදු පහ හයකින් මං බයිසිකලයක් පැදල නෑ. මායි යාළුවෙකුයි ඩබල් දාල අංශක හතලිස් පහක විතර පල්ලමක බ්රේක් නැතුව කිලෝමීටර් බාගයක් විතර ගිය දවසෙ ඉඳල බයිසිකල් ගැන තියෙන ආසාව නැති වෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. මටයි චූටි පුතාටයි බයික්ස් දෙකක් ගත්තා නිවාඩුවට ගියාම පදින්න. වැඩේ ප්‍රධාන පාරවල්වල පදින එක හරිම භයානකයි. ඉතින් වාහන අඩු අතුරු පාරවල්වලම තමයි යන්නෙ. මම නම් තාම ආසයි ඔය වැඩේට.

      Delete
  22. හැබෑට අර මෑන් ඉස්සර ඇන්දෙ හෙන්රි අයියගෙ නම කකුලෙ ගහපු කලිසන්ද? :)

    බයිසිකල් පදින්න පුරුදු වෙච්ච හැම එකාටම ඔය වගේ අත්දැකීම් තියෙනව නේ. මමත් 3 වසරෙ ඉද්දිද කොහෙද ඔය වැඩේ පුරුදු උනේ. ඒ දවස්වල අපිට බැලන්ස් එක ගැන එච්චර වැටහීමක් නෑ. වැටෙන එකේ සීමාවක් නෑ, කොච්චර වැටුනත් එපා වෙන්නෙත් නෑ. අපේ ගෙදර මිදුලෙ ඉස්සර කිතුල් ගහක් තිබ්බ, කීප දවසක්ම මම පැදගෙන ඇවිත් ඔය ගහේ වැදිල තියෙනව. හරි සුමට මතුපිටක් තියෙන නිසා හූරගෙන ගිහින් කෑලි නෑ. :) ආයෙත් ඉතිං බයිසිකලයක් දැක්කම නලියනව, අනෙක ඉස්සර ඉතිං පොල්මුලක් කණ්ඩියක් එහෙම පේන්න බෑ යන්නෙම ඒවයි උඩ. බයිසිකල් ඉවරයි, අපි පුරුදු වෙල ඉවර වෙනකොට.

    ReplyDelete
    Replies
    1. ඇත්තට බං DDT මම හරිම කැමතියි උඹේ තියෙන ඔය නිරීක්ෂන හැකියාවට. බලාපං ඒක දැක්කෙ උඹ විතරනෙ.

      අන්න මාවත් අතීතයට ඇදිලා යනවා. මාත් බයික් එක පඩි පෙලවල් දිගේ නග්ගන්න. පන්නන්න ගිහින් ෆ්‍රේම් එක කැඩුනා. එක කම්මල් කාරයෙක් හැදුවනෙ ඒක මාර හැදිල්ලක්. අන්න වැඩ කාරයො.

      ඇත්තට මමත් පාර තියෙද්දි යන්නෙම කණ්ඩි දිගේනෙ.

      Delete
  23. මම බයිසිකල් පදින්න පුරුදු වෙච්ච හැටි තාමත් ගෙදර අයට Legend එකක්..(එක වෙලාවකට ප්‍රස්ථා පිරුලකුත් වෙනවා!!)

    අර ඉස්කෝලේ ලමයට නම් පව් අප්පා..වදින්න ගියදේවාලේ ඉහේ කඩා වැටීමක්නෙ වුනේ..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ "රූ බයිසිකල් පදින්න ඉගෙනගත්තා වගෙයි" කියලද?

      කෝ ඒ කෑල්ල යට ගහලනෙ. :)

      Delete
    2. හපොයි නෑ..අපේ මලයො දෙන්නා ඒක කියන්නෙ හරිම “ආදරෙන් ගෞරව පෙරදැරිව“!!
      “අපේ අක්කා බයිසිකල් පැද්දා වාගේ“ කියලා..!! හික්ස්..

      Delete
  24. ඩූඩ් සර් ඉතින් අපිව අතීතෙට අරගෙන යනවා.. පොල්ල යටින් වවුලා වගේ එල්ලිලා බයිසිකලේ පැදලා, මුලින්ම පොල්ල උඩින් බැලන්ස් කරන්න පදින්න පුරුදු වෙච්ච දවසෙ දැනුන සන්තෝශය තාමත් මතකයි. ඒක ජීවිතයේ එක විජයග්‍රහණයක් ලබපු දවසක්.

    අර පොඩි එකාටනම් වදින්න ගිය දේවලේ ඉහේ කඩන් වැටෙනවා කියන එක හොඳටම අවබෝද වෙන්ඩ ඇති.

    මටත් සර් කෙනෙක් දවසක් ඔය වගේ ගැහුවා, මට අදටත් ඒකට හේතුව හිතා ගන්ඩ බෑ. ඒ වුනාට ඒ ගුරුතුමාට අපි අදටත් ගරු කරණවා.

    ReplyDelete
    Replies
    1. මම නෙමෙයි සෙන්නා අතීතයට අරං ගියේ. මම එක කතාවයි කිව්වෙ. පේනවද කට්ටිය කියලා තියෙන දේවල්. මමයි ඒකෙන් අතීතයට ගියේ.
      අර ගැන මම මම ලකීටත් කිව්වෙ:

      මුලින්ම පෙඩල් එකේ නැගලා යනවා.
      ඊට පස්සෙ පොල්ලට යටින් රවුම් බාගෙ කොට කොට යනවා.
      ඊටත් පස්සෙ පොල්ලට යටින් ෆුල් රවුම ගන්නවා.
      ඊට පස්සෙ තමයි පොල්ලෙ යන්නෙ.
      අන්තිමට සීට් එකේ අග්ගිස්සෙ ඉඳන් මිරිස් අඹරනවා.
      අන්තිමට තමයි සීට් එකේ ඉඳගෙන යන්න පුලුවන් වෙන්නෙ.
      මාර ප්‍රොසීඩියර් එකක්. :)

      Delete
  25. සිත්තරේ නම් මරු ඇයි බටු කතන්දරේ ඊට එහා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජෝනා. ඇත්තම කිව්වොත්, මාත් ඔය චිත්‍රයට හරි ආසයි. :)

      Delete
    2. ඔව් ඒකෙ feelings නියමෙට තියනවා අනික වර්න ගැලපීම මරු

      Delete
  26. පොඩි කාලෙ කරේ නැති සෙල්ලන් පහුවෙලා කරන කොට, වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට ආතල් සැපයෙන එක නවත්තන්න අමාරුයි.
    සුපිරි කතාව. මැවිලා පේනවා. :ඩී :ඩී

    ReplyDelete
    Replies
    1. ස්තුතියි de Silva. මේක ඇත්තටම භූ විෂමතා ගැටලුවක්. අර කඳුකරය නිසා තමයි ඔය ප්‍රශ්ණෙ.

      Delete
  27. අපෙත් ඔහොම ගොබිලෙක් හිටියා. තව පොඩ්ඩෙන් මිනිහා නිසා දවසක් මායි මිනිහයි දෙන්නම බස් එකකට අඩයක් වෙනවා

    ReplyDelete
    Replies
    1. අර මොකක්ද හසිතයෝ...

      Delete
    2. ඉතිං ඒකනෙ හසිත. සිරස්තලය විතරක් දාන්නෙ අනෙතුව කියමුකො වෙච්ච සන්තෑසිය.

      Delete
    3. @ Imalka de silva, Dude

      වෙසක් කාලෙක දන්සල් වන්දනාවේ යන ගමන් ඌව දාගෙන තමා මම බයිසිකලේ පැද්දේ. මූට බයිසිකල් පදින්න බැරි වුණත් හැඩ්ල් එකක් පොඩ්ඩක් අල්ලගෙන යන්නද කියලා ඇහුව නිසා මම ඉතින් හා කිව්වා. මූට අන්තිමට හැඩ්ල් එක කන්ට්‍රෝල් කරගන්න බැරුව පාරේ දකුණු පැත්තට බයිසිකලේ යන්න පටන් ගත්තා. බස් එකක් එනවා ඉස්සරහට. මම ඉක්මණට හැඩ්ල් එක උගෙන් උදුරලා අල්ලාගෙන වම් පැත්තට කැපුවා හදිසියට අපි දෙන්නා වම් පැත්තේ කැලේ කඩාගෙන ගිහින් සුළු තුවාලවලින් බේරුණා :D

      Delete
  28. හේ හේ..මට නම් බයිසිකල් පදින්න බැරියෝ.....මරු කතාව අන්කල්..ජය~

    ReplyDelete
    Replies
    1. හයියො හයියෝ හිරුවෝ, ලැජ්ජයි ලැජ්ජයි! වහාම පට්ටාං ගත්ත නම් හරි. නැත්නම් ඉතින් බට්ටා වගේ වෙයි.:D

      Delete
  29. හිකිස්... ඉස්සර බයිසිකලේ තමයි මගේ ආසම සෙල්ලම් බඩුව.. පදිනවා ඉවරයක් නෑ.. දැන් කම්මැලි වෙලා අප්පා..
    අපෝ අර ළමයා පව් අනේ.. මං වගේ නම් රෝද දෙකේම හුලං යවනවා ඇත්තමයි...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. මම මේ පණුච්චියක් බයිසිකල් පදින හැටි හිතෙන් මවාගන්න ෆුල් ට්‍රයි එක!

      Delete
  30. කලකට ඉස්සර නම් බයිසිකලේ තමයි කොයි ලෝකෙ යන්නත් පාවිච්චි කරේ.. වෙසක් බලන්න යන්න පාදුක්කේ ඉදන් කොළඔ ගිහින් ගල්කිස්සෙ රත්මලාන පැත්තෙත් ගිහින් එලිවෙලා තමයි ගෙදර එන්නේ.. දැන් නම් බයිසිකල් පදින්න හිතන්නවත් බෑ.. ඒ තරමට ඇග හොර වෙලා...

    පව් අර පොඩි එකා..
    චිත්‍රයත් නියමයි..


    ජය..

    ReplyDelete
    Replies
    1. අපිත් ඉස්සර මාර ඈත යනවා බයිසිකල් වල. අපේ සෙට් එකක් එකපාරක් කොළඹ ගියා වෙසක් බලන්න. එකෙකුට මගදිම හැදුනා හයිඩ්‍රොසිල් කියලා ලෙඩක්. පස්සෙ මෙන්න මූට වෙසක් ලබ්බා කියලා කාඩ් එකක් වැදිච්චි.

      ස්තුතියි බණ්ඩා. (බණ්ඩා කිව්වම බණ්ඩක්කාමනෙ මතක් වෙන්නෙ)

      Delete
  31. මටත් ඉන්නව ඔය වගේ යාලුවෙක්..!
    අඩුම තරමින් ඌට පුෂ් බයිසිකලේ පොල්ලෙ වාඩිවෙලා යන්නවත් තේරෙන්නෙ නැහැ පදින එකාට කරදරයක් නොවෙන ආකාරයට.

    බයිසිකලයක් පැදපු කාලයක් මතක නැහැ.
    ඉස්සර බයිසිකලෙන් පොල්ගස්වල විතරයි නොගියේ..!

    ReplyDelete
    Replies
    1. ඒ බං ඔය බට්ටගෙ පොඩි වර්ෂන් එකක් වෙන්න ඇති. මගෙ යාලුවෙක් හිටියා ඌ බයිසිකලේ පදින්නෙ ඉස්සරහ රෝදෙ දිහා බලාගෙන. වැටිලා ඉවරයක් නෑ බං.

      Delete
  32. මමත් බයිසිකල් වලින් වැටිලා ඇති අම්බානට.. අරහෙම ගහපු එක නම් හරිම අසාධාරණයි.. අපිට ඒ කාලෙ ඉගැන්වුවා බොහෝම සැර පරුෂ ගුරුතුමෙක්.. ඒ සර් පන්තියෙ ඉන්නකොටත් කකුල් වෙවලනවා.. හැබැයි සර් නම් කිව්වෙ මම ගහන්නෙ ළමයිනෙ ඔයාලව හදන්න.. එහෙමයි කියලා මම කවදාවත් මගේ පෞද්ගලික තරහාවල් ඔයගොල්ලන්ගෙ පිටින් යවන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. හරී, මම නම්කොහොමත් ළමය්න්ට ගහන්නෙ නෑ. නමුත් බට්ටත් මෙතනදි මලම පැනපු නිසා ගැහුවා මිසක් සාමාන්‍යයෙන් ළමයින්ට ගහන්නෙ නෑ. මේක විශේෂ අවස්තාවක්.

      Delete
  33. මට නම් බයිසිකල් පදින්න පුළුවන් ආයේ උපරිමේටම.බැක් වීල් වීල් ගහලා බයික් කීයක් රීම් ගියාද ඒ මදිවට එකපාරක් කෙල්ලෙක් දාගෙනත් ගිහින් වැටුනා ඒ කතාව මම බ්ලොග් එකෙත් ලිව්වා.

    ReplyDelete
    Replies
    1. අම්මෝ උඹ බැක් වීල් එකෙන් වීල් ගහනවද? පොරක්නෙ. මම දැකලා තියෙනව කොල්ලො මේ ස්ටෑන්ඩඩ් බයික් එකෙන් වීල් කරනවා පාරෙ.

      Delete
  34. පව් අර අසරණ කොල්ලා......

    මටත් කේස් එකක් තියෙනවා බයිසිකල් පදිනකොට....ළඟ හරවන්න බෑ..... දුක තමයි ඉතිං :(

    ReplyDelete
    Replies
    1. අට ගහන්න පුරුදු වෙන්න සමනළී පිට්ටනියකට ගිහිල්ලා. ටික ටික රවුම පුංචි කරන්න.

      Delete
  35. අසරන බට්ටා සහ කොල්ලා. මමත් බයික් පදින්න පුරුදු වෙන කාලෙ වැටෙන්න යන කොට දැනෙන බොක්ක රත් වෙන හැඟීම විඳලා තියෙනවා. තාමත් මතකයි.

    ReplyDelete
    Replies
    1. හම්මෝ ඔව්. ඒක නම් මටත් ඔන්න මතක් වුනා. ඒකත් මාර හැඟීමක් තමයි.:O

      Delete
  36. අනේ අනේ මරු බට්ටා , ගැලපෙනම නමක් තමා තියෙන්නේ (/*ඔරලෝසු බට්ටා */පැද්දී පැද්දි බයිසිකල් ) , බට්ටා මේ බ්ලොග් එක වැරදිලා වත් කියෙව්වොත් duda මාම ට සොරි ම තමයි ...

    ReplyDelete
    Replies
    1. ඉමල්ක, ඇත්තටම පොරගෙ නියම නම ඕක නෙවෙයි. ඕකට ටිකක් ආසන්නයි. මේ පෞද්ගලිකත්වය රකින්න වෙනස් කරලාතියෙන්නෙ.

      අනේ බට්ටයි මායි බලන බ්ලොග්! :)

      Delete
  37. හිහ් හිහ්...මේක කියවද්දි මතක් වුනා මම පොඩි කාලේ බයිසිකලෙන් වැ‍ටුනම පුගොඩ ආච්චි ඇවිත් කෑ ගහයි කියන බයට මුලින්ම බලන්නෙ තුවාල වුනාද් කියලා නෙමෙයි...ආච්චි ඉන්නවද කියලා....දකින්න කලින් ගෙදර දුවලා තමයි බලන්නෙ මොකද වුනේ කියලා...

    පව් අනේ බට්ටා...ලැජ්ජාවට එහෙම කියන්න ඇති...ලස්සනයි චිත්‍ර ටිකත්... :D

    ReplyDelete
    Replies
    1. අන්න තවත් බයිසිකල් කතාවක්. මට තාම මතකයි ඔයාගෙ චූටි බයික් එකේ ගයිඩ් වීල් ගලවලා දාපු දවසෙ ඔයා වැනි වැනි යන හැටි.

      Delete
    2. හිහ් හිහ් හිහ්....මතකද ඒ දවස්වල මට පින්ක් පවුඩර් එකක් ඕනෙ වෙලා තිබ්බා...ඔයාල මගෙන් ඇහුවම පින්ක් පවුඩර්ද ඕනෙ , බයිසිකලයක්ද ඕනෙ කියලා , මම කිව්වෙ පින්ක් පවුඩර් එකක් කියලා....දැන් නම් මතක් වෙනකොටත් හිනා යනවා.... :D :D :D

      Delete
  38. ඩූඩියෝ මට බයිසිකල් කතාවක් මතක් උනා , ළගදී ආතල් කතාවක් කෙටුවෙත් නැති එකේ හිටහං කොටලා දාන්නං

    ReplyDelete
    Replies
    1. අන්න හරි අටං, දාමු වෙඩි වගෙ බයිසිකල් කතාවකුත්!

      Delete
  39. අස්පට සිලි! මරු බට්ටා. මොකක්ද අප්පේ බට්ටා අර බයිසිකලේ ටයර් එකේ ගැටගහලා අතින් ඇදගෙන එන නූල.

    කමෙන්ට් බලන්න හෙට එන්නම්. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හික් හික්, යකෝ ඒක මම දැන්නෙ දැක්කෙ. ඇත්තටම මොකක්ද ඒ නූල? :D

      Delete
  40. හික්..හික් හික්..හරිම මාන්දමිකයි... Dude මහත්තයා නැද්ද තව එකක් මේ ජාතියෙන්ම..? හොහ් හොහ් හොහ්......!!!!!

    ReplyDelete
    Replies
    1. තව පිස්සු කෝච්චි ඔය ඕන තරම් ඉන්නෙ. පව් බං උඹලාටත් ඕනෙ බට්ටාවම තියාගෙන මඩවන්න. :D

      Delete
  41. කාලයක් තිබ්බ දවසට එක පාරක්වත් බයිසිකලේ නැග්ගෙ නැත්තන් කෑවෙ නෑ වගේ වෙන. දැන් බයිසිකලයක් අල්ලපු කාලයක් මතක නෑ! :(

    ReplyDelete
    Replies
    1. ඇයි බං මුහුදු උඹලට The National Cycle Network කියලා වෙන වාහන යන්නෙ නැති සයිකල් ලේන් පද්ධතියකුත් තියෙනවා නේද?

      ඒවයෙ බයිසිකල්, ප්‍රෑම් තල්ලු කරන අම්මලා තාත්තලා, රෝද පු‍ටුවල යන අබාධිතයො, එතකොට පයින් යන මිනිස්සු හෙම කරදරයක් නැතුව යනවා කියලයි මම දැනගෙන හිටියෙ.

      ඒ නැතත් සයිකල් ලේන් නැද්ද?

      Delete
  42. බටු මහත්තයට වැරැද්දක් කියන්න බෑ..පව් ඒ මනුස්සයා බයිසිකල් වල යන්නයි , බයිසිකල් පදින්න පුරුදු වෙන්නයි පටන් අරන් තියෙන්නෙ වැරදි මනුස්සයෙක්ගෙන්...නැත්නම් අර වගේ බ්‍රේක් කරන්න උගන්වයිද අප්පා ???
    :-D

    ReplyDelete
    Replies
    1. වඳින්න නොගිය දේවාලත් ඉහේ කඩා වැටෙනවා කියන්නෙ මේවට තමයි. වෙනී මස්සිනා. :D

      Delete
  43. අපරාදේ කොලූවා තමා අන්තිමට වැරදි කාරයා වුනේ.. කටින් වචන පිට නොවුනත් කොල්ලා ඒවෙලාවේ (තම සිතින්)සර්ගෙ දෙමාපියන් බොහෝම භක්තියෙන් මතක් කරන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. බොහෝ විට එහෙම වෙන්න ඇති කියලා මටත් හිතෙනවා. නැතිනම් තමයි පුදුමේ. දැන් ටයි ගැන මොකුත් කිව්වෙ නෑනෙ තොටියා කාලෙකින්. MOH ද ඊටත් එහාද? :)

      Delete
    2. මමයි තව ටයි ඇලජික් එකෙකුයි එකතුවෙලා දැන් නම් යුනිට් එකම ගානට හදලා තියෙන්නේ. අනිත් යුනිට් වල වල එවුන් ටයි දැම්මත් අපේ එකේ එකෙක්වත් දැන් දාන්නේ නෑ.. :)හැබැයි පොඩි ඇණ ගැනීමක් නම් ලඟදි වුනා. ගෙදර ආපු වෙලාවේ අපේ ඉස්කෝලෙ තිබුණ වෛද්‍ය සායනයකට ගියා. පුරුද්දට ඒකටත් ටයි නොදා ගියා.මෙන්න බොලේ ආපු ඔක්කෝම ටයි දාලා ඉන්නවා.

      Delete
    3. එතකොට හෙන අප්සෙට් තමයි. නිකං ඇඳුම් නැතුව ඉන්නවා වගේ දැනෙනවා පොඩ්ඩක් වෙලා යනකල්.

      ඕකෙ මෙහෙම පැත්තකුත් තියෙනවා තොටියා. ඕක පුරුදු වුනාම ගානක් නෑ. මෙහෙ ටයි එක අනිවාර්‍යයි. අපි නොට් එක බෙල්ලට හිටකරගෙන හිටියට ලමයින්ට පුලුවන් දෙවනි බොත්තම ගාවටම ඇදගෙන අඳින්න. මම කරන්නෙ කොලර් බටන් එක නොදා ටයි එක පෝඩ්ඩක් ලූස් එකට අඳින එක.

      දැන්නම් ගානක් වත් නෑ ටයි එක ඇඳගෙනද ඉන්නෙ නැද්ද කියලා. ඒකත් අර ඉස්සර අපි ෂර්ට් එකේ බොත්තමක් ඇරගෙන ඉන්නව වෙගේ තමයි. බොත්තම දාගෙන ඉන්න පුරුදු වුනාම ගානක් නැතුව යනවා.

      Delete
    4. //එතකොට හෙන අප්සෙට් තමයි. නිකං ඇඳුම් නැතුව ඉන්නවා වගේ දැනෙනවා// Well said Dude! Had the same feeling that day

      Delete
  44. මමත් පොඩි කාලේ පැද්දේ අර දෙපැත්තට රෝද 2ක් හයි කරගෙන.. පස්සේ ‍එක රෝදයක් හයි කරන්.. එතකො‍ට නිකන් ස්ටෑන්ඩ් එකක් තියනවා වගේ.. නවත්තන කොටත් පොඩ්ඩක් ඒ පැත්තට ඇල කරා නැවැත්තුවා... දැන් තමයි මෝටාර් එකෙත් තනි රෝදෙන් යන්න ට්‍රයි කරන්නේ.. හික්ස්..

    ReplyDelete
    Replies
    1. ගයිඩ් වීල් දෙකක්. අපි පොඩි කාලෙ නම් මොන ගයිඩ් වීල්ද? අපේ ළමයිනම් ගයිඩ් වීල් වලින් පුරුදු වුනේ. ඒක ගලවපු දවස තාත්තෙකුට අමතක නොවෙන දින.

      තනි රෝදෙන් යන්නෙ බලාගෙන!

      Delete
  45. බට්ටගෙ බයික් පැදිල්ල කියවනකොට හිතේ ඇඳුනෙ අර මොකුන්ද කුරුල්ලො ජාතිය ලෑන්ඩ් කරන හැටි. :D

    ReplyDelete
    Replies

    1. කවුද නලිනි ඌ? කාටූන් කුරුල්ලෙක්ද?
      මට නලිනි පොකු‍ටු කොන්ඩෙට සපෝට් කරපු එක මතක් වුනා, මාරයා කොට අමෙරිකානු ජනාධිපති අපේක්ෂකයට සපෝට් කරනවා අහලා. :D

      Delete
  46. ආසයි මෙ බට්ටාව දකින්නත්. ඇත්තටම කොහෙද දන්නැ ඉන්නේ. දැන් අර චුටී දු පැටියාත් රස්සාවක් කරනවාත් ඇති.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>