Thursday, November 15, 2012

22.මෙන්න වැඩක්!

මාල දිවයිනේ ජාතික වෘක්ෂය පොල් ගහ. නමුත් මේ මිනිස්සු කන්නෙ වේලිලා කරකුට්ටං වෙච්ච පොල්. ඒවායින් සම්බලයක් හෙම හැදුවම අප්පිරියයි. අමු ගෙඩි කැඩුවත් වේලෙන්න තියෙනවා. ගිය සති අන්තයෙ මම බ්ලොග් ලෝකෙ සැරි සරන අතරෙ අපිට ඇහුන ටොක් ටොක් ගාලා සද්දයක්. බැලින්නම් ලඟ ගෙදරක පොල් ගහක් කපනවා. 

මේක සිද්ද වුනේ ලංකාවට වඩා ටිකක් වෙනස් ක්‍රමයකට නිසා මමත් කැමරාවක් අරන් දිව්වා බලන්න. මාල දිවයින් වැසියන්ගෙ අනිත් කිසිම වැඩක් ගැන අපේ ප්‍රසාදයක් නැති වුනත් මේ වැඩේ නම් ඒ හැම එකකටම වඩා වෙනස් කියලා මට හිතුනා. 

හොඳ ආදර්ශයක් ගන්න තියෙනවා නම් කාගෙන් වුනත් කමක් නෑනෙ. අනික මාල දිවයිනේ ජනජීවිතය ගැනත් මොනවා හරි ලියන්න කියලා මට බ්ලොග් සහෘදයෙක් කිව්වෙ මේ මෑතකදිනෙ. 



අපේ ගස් කපන්නෙකුට කියලා මේ වගෙ වැඩක් කරගන්න ගියොත් තියෙන අමාරුව මම අත්දැකීමෙන්ම දන්නවා. නමුත් මේ වැඩේ කරපු වේගය නම් අපිට අදහා ගන්න බැරි වුනා. මම මේ ඡායාරූප ගත්තෙ මම ගත්ත වීඩියෝවෙන්. 

මුලින්ම බලන්න පාවිච්චි කරන ආරක්ෂක ක්‍රමවිධි. වලල්ලක් නෙවෙයි දාගෙන ඉන්නෙ කකුලට. සේෆ්ටි හානස් එකක්. ගේමක් නැතිව ගහේ හිටගෙන් ඉන්න පුලුවන්.


දැක්කද ඉනටත් තව ආරක්ෂක පටියක් දාලා බැඳගෙන ඉන්නෙ.


මාල දිවයින්  පොරොවත් අපේ ඒවට වඩා වෙනස්. බලන්න හැඩේ.


මේ කාර් එකකුත් රිංගනවනෙ ඒක අස්සෙ.


ගන්ඩකො නෝනා ඔය හුචක්කුව අහකට!


කැපුනා ඇති. පොරොව පාක් කරමු මෙහෙම.


ගැටේ ලෙහෙලා...


ගැට ගහමු පහතට වෙන්න. ඒයි මල්ලි, ඔය ෆෝන් එකෙන්
 මල් කැඩිල්ල පැත්තක තියලා ලනුව ඇදලා අල්ලපං අරිද?


හ්ම්ම්ප්..!


ජර බරාස්..!!




පට්ටයි නේ?


යාආආආහ්...!


කොහොමද වැඩේ?

මේ ගහ කුට්ටි හතරකට නැත්නම් පහකට කපලා බිමට දැම්මෙ ගහ යටම තියෙන ගේ, තාප්පෙ පාර  අනිත් ගස් ඔක්කොම බේරලා.
අනික හෙන කෲ එකක් හිටියෙත් නෑ. ලණුව අදින්න තව එක බුවෙක් හිටියා. ඇ‍ඟේ අමාරුවට කසියාත් නෑ. 

වැඩේ ඉවර වෙච්ච ගමන් මම දුවලා ගිහින් අමු පොල් ගෙඩි ටිකක් මිලට ගත්තෙ හරිම සතුටින්. මම පොල් ඉල්ලුවාම මට ගොඩ ගහල තිබ්බ වේලිච්ච පොල් ටිකක් දෙන්න හැදුවා. මම කොල පාට පොල් පෙන්නලා මේවයි ඕනෙ කිව්වාම කට්ටිය මා දිහා බැලුවෙ අනුකම්පාවෙන්, 'හනේ මෙහෙමත් මෝඩයො ඉන්නවනෙ.' කියන්නා වගෙ.

121 comments:

  1. හිකිස්...... ඩුඩ් අයියේ... මාල දිවයින් කාරයෝ කියන්නේ මොලේ නැති ජාතියක්ද ඔච්චරටම කරවෙච්ච පොල් කන්න. එල එල ඔය පැත්තේ තොරතුරු ටික දාන්නකෝ තව

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ගහ කැපිල්ල කොහොමද?
      අර පොල් නම් අපිට අප්පිරියයි බං.

      Delete
    2. කරකරලා කොහොම කන්නද? මම නම් සම්බෝලේ කිව්වොත් ඒකයි බතුයි කන්න පුළුවන්. අපේ උන්දැට හරි ලේසියි මට කන්න දෙන්න. මොකද සම්බෝලයි බතුයි උනත් කාල ඉන්නවනේ.මෙහෙ තියෙනවා ගාල වේලපු පොල් වතුරටිකක් දැම්මම ගානට එනවා. හැබැයි ලංකාවේ කලටි පොල්ගෙඩියකින් අම්මාආච්චි හදන සම්බෝලේට ගහන්න නම් බැහැ

      Delete
    3. පොල් සම්බෝලේ නම් ඉතින් අමු පොල් තමා. මගේ ආසම කෑමක්.. :)

      Delete
    4. හොඳ කලටි පොල් සම්බෝලෙත් ( උම්බලකඩ දාලා) එක්ක බත් හැලියක් හරි කන්න පුළුවන්නේ.. ඒත් මේ අපේ මහත්තයා හොදි බාස් නිසා මට සම්බෝලයි බතුයි කන්න ඕනේ නම් එයාට පරිප්පු හොද්දක් හදන්න ඕනේ... හි හි...

      Delete
    5. සම්බෝල හොද්දක් හදන්න. අපේ මහත්තයාට ආයේ හොදි ඕනම නැති වෙයි. හැක්

      Delete
    6. @කෝරළයා: කෝරළේ උඹැහෙ වලව්වෙ ඉන්න හන්දාත් පොල් වත්තක් මැද වලව්ව පිහිටලා තියෙන හන්දාත් උඹැහෙට තේරෙන්නෙ නෑ. යකෝ සම්බෝල කියන්නෙ සුඛෝපබෝගී කෑමක් අද. :D

      @ චන්දන: නැතුව මමත් හරි ආසයි තෙත කලටි සම්බලේට. ස්ල්ල්ල්ර්ර්ප්

      @අපේ මහත්තයා විතරක් නෙවෙයි මාත් හොදි බාසෙක් තමයි. අපේ උගුර කට නිතරම වේලිලා තියෙන්නෙ. පව් අපි.

      @දේශකයා: සම්බෝල හොද්ද කියන්නෙ අර ‍තෝසෙ කන්න හදන එක වගෙද? අනේ බං පරිප්පු හොද්දක් අල හොද්දක් වගෙ කොහෙද?

      Delete
    7. මටත් හොඳට හොදි ඕනෙ.. ඒත් කලටි පොල් සම්බෝල අප්පිරියයි.. පැහුණු පොල් වලින් කන්ඩයි ආසා..

      Delete
  2. ඩූඩ් අයියෙ අපේ පැත්තෙත් පොල් ගස් කපන්නෙ ඔහොමනෙ.. මට නම් විශේෂත්වයක් නොපෙනේ..

    අමු පොල් අරන් මෝඩයා වෙච්ච කතාව තමයි මරු.. ඒක තමයි කියන්නෙ රෝමෙට ගියාම රෝමන් කාරයෙක් වෙන්න කියලා.. :)
    මම දැකලා තියෙනවා සමහර පැතිවල ලෙලි ගහපු පොල් කඩේ විකුණන්න නෑ.. එව්වා අරන් අපි ලෙලි ගහගන්න ඕනෙ.. තව වයඹ පළාතෙ පොල් කඩන්න ගස් යන්නෙ නෑනෙ.. කොච්චර උස උනත් කෙක්කෙන්ම තමා..

    ReplyDelete
    Replies
    1. ඇත්තද හරී? එහෙනම් මරුනෙ. අපේ පැත්තෙ උන් නම් පොල් ගහක් කපා ගන්න ගියොත් ගම කනවා. අනික කියනවන්ත් එකසිය ගානට. හරී ඉන්නෙ පොල් ත්‍රිකෝණෙද.
      ඒ කියන්නෙ මේ හලාවත වගෙ?

      Delete
    2. ජා-ඇල.. අනිත් අය කොහොමද මන්දා? අපිට හිතවත් වෘත්තීය පොල් ගස් කපන්නෙක් ඉන්නවා මිනිහා තමයි ඔහොම කපන්නේ.. කපන්නේ කිව්වට කැපුවේ.. මොකද මිනිහාට ගිය මාසෙ රුපියල් කෝටියක් විතර ඇදුනා.. ඒක ඉවර වෙනකන් ගස් කපන එකක් නෑ..

      ඔය විදිහටම තමයි.. හැබැයි අපේ අම්මාගෙන් නම් උන්දැ බැනුම් ඇහුවා ඔහොම කපලා.. මොකද වැඩේ ඉක්මන් උනාට පොල් ගෙඩි, කුරුම්බා ඔක්කොම කුඩු වෙනවනෙ..

      Delete
    3. තව එකක් කපනවාට වඩා උගුල්ලලාම දාන එක තමා කරන්නෙ.

      Delete
    4. ඒකනෙ ඩූඩ්.. මමත් මේ කියන්ඩ කියලා එනකොට හරී ඒක කියලා.. මමත් විශේෂත්වයක් දක්කෙ නෑ.. ඩූඩ්ලෑ පැත්තෙ කොහොමද කපන්නෙ ? වෙන ක්‍රමයක් තියනවද ?

      Delete
    5. හැබැයි එක දෙයක්.. අර අන්තිමට කොටේ අතට ගන්න එක නම් මට අළුත් දෙයක්.. මම එහෙම එකක් දැකලා නෑ.. අපේ පැත්තෙ උන් ඔය වගේ කපලා ටිකක් පල්ලෙහෑට ආපුවම බිම ඉන්න එකා අදිනවා.. අරූව නිකන් වැනෙනවා කොහොමද දන්නවද.....පොඩ්ඩක් හැරි ඇතෑරුනොත් ඌ දුන්නෙන් ඇරපු හීය වගේ යයි..

      Delete
    6. මේ බුවා නම් නීට් එකට වැඩේ දුන්නා කිසිම දෙයක් නොවෙන්න. මම විශ්මයට පත්වුනේ පොර ගහ අවශ්‍ය ප්‍රමානෙට කපලා නියමිත් තැනින් අල්ලලා බදාගෙන ගානට උස්සලා බිමට දාන එක කිසිම අනතුරක් නැතිව.

      මෙතනදිත් ගය උඩින් කමයක් දාලා යන්තමට අදිනවා තමයි. නමුත් කපක පොරම තමයි වැඩි හරියක් කොටේ කන්ට්‍රෝල් කරන්නෙ. ඔය කොටේ බදාගන්නෙ නැතිනම් ඒ පැත්ත උඩ අතට ගැස්සුනොත් හෙම වෙන දේ කියන්න ඕනෙ නෑනෙ.

      Delete
    7. අතින් තල්ලු කරලා දානවා තමා.. මමත් අතින් තල්ලු කරලා දාලා තියෙනවා හැබැයි පොල් ගස් නම් නෙමෙයි අඹ, මුරුංගා, පුවක් වගේ එව්වා.. කෙහෙල් ගස් නම් ගහ පිටින්ම උනත් අතට අරන් දානවා වටේ ගස් නොතලා...

      අපිට මැජික් වගේ උනාට ගස් කපන උන්දැලා දාන වැඩ දන්නෙ නෑ.. වටේ පිටේ ගෑණු ළමිස්සියෙක් හිටියොත් හොඳට බලාගත්තැකි.. මුල ගැලවිලා හෙල්ලි හෙල්ලි තියෙන ගහට නැගලා කඹේ දාන හැටි... තනියම ගහ අදින හැටි.. ඇයි ගහ කපලා වැටෙනකොට යටට ගිහින් අර අපි කෙනෙක් ඇඟේ හැප්පෙන්න එනකොට අයින් වෙන්නෙ ඒ වගේ උරහිස පැත්තට කරලා අයින් වෙන හැටි..

      අපේ ගස් කපපු මනුස්සයා නම් කිව්වෙ හෙල්ලි හෙල්ලි තියෙන ගහට උනත් නඟින්න බය නෑලු වැඩ දන්න නිසා... ගහ කඩාගෙන වැටුනොත් කලබල නොවී ඉඳලා ගහ බිම වදින්න යනකොටම පැන්නම හරිලු.. ඒ මිනිහා එහෙම දෙතුන් පාරක් පැනලා බේරිලා තියෙනවාත් කිව්වෙ..

      Delete
  3. මොකද අනේ ඒ මිනිස්සු වේලිච්ච පොල් වලට ඔච්චරම ආස.......

    අපේ ගෙදර මේ ළඟදි ගහක් කැපුවා..... අගේ කියන්න බෑ ඒ මිනිස්සු වටේ පිටේ තියන ගසුත් නැති බංගස්තාන වෙන විදියට තමා වැඩේ කොලේ.....

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ කම්මැලි කම. පොල් වේලිලා බිමට වැටෙනකල් ඉන්නවා. බණ්ඩක්කා මෝරන කල් ඉන්නවා. මුරුංගත් එහෙමයි.

      අපිටත් හම්බවෙන ගස් කපන්නො හුඟ දෙනෙක් කයිවාරු කාර, විනාශකාරී, බේබද්දො.:)

      Delete
  4. ඒක නම් හරිම වෙනස් ක්‍රමයක්. අඩි 15 විතර කොටසක් වගේ පෙන්නේ ඒ කපන කඳ කොටස. හැබැයි මෙහෙම ගහක් කපන්නත් හොඳ පළපුරුද්දක් ඕන ඇති. ඒ වගේ පොරවක් නම් දැක්කමයි මං.

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙ මේ ක්‍රමය ලංකාවෙ සමහර පැතිවල තියෙනවා, අපේ වගෙ සමහර පැතිවල නෑ. මට හිතෙන්නෙ ඒකයි කමෙන්ට් දැක්කාම. මම දැකපු විශේෂය තමයි කපලා කොටේ බිමදාන්න අතට අරන් පාලනය කරන විදිය. අනික අර වලල්ල නැතුව ට්‍රී ක්ලයිමිං හානස් එක පාවිච්චි කරන නිසා ගහෙන් වැටීමේ අවදානම අමතක කරලම දැම්මෑකි.

      Delete
  5. සුපිරි ගේමක්නේ මු දෙන්නේ. කොහොමද ඒ කොටේ අතට ගන්නේ හිතාගන්නත් බැ වගේ. මේක තමයි ශිල්පීය නිපුනතාවද මොකද්ද කියන්නේ. නියමයි විස්තරය

    ReplyDelete
    Replies
    1. මමත් ඒ විශේෂය දැකපු නිසා තමයි මේක බ්ලොග් කරන්න හිතුවෙ නලීන්. මේ යකාට මේ වැඩේ ගැන මාර කන්‍ෆිඩන්ස් එකක් තිබ්බා,

      Delete
  6. අලේ...මිනිහ වැඩ්ඩනෙ...හරියට පොල් ගහ කපලා අතින් තල්ලු කරන්නේ...මරුනේ..

    ඒ අල්ල පනල්ලෙ මගෙ ඇස් ගියේ වටපිටාවේ තිබ්බ ගස් කොලන් වලට..හි හී මෙහෙ තියෙන ගස් ඔක්කොම තියෙනවනෙ..

    ReplyDelete
    Replies
    1. මේකත් ලංකාව වගේම සමකය ආසන්නයෙ තියෙන රටක් නිසා ළිහිණි, අපේ මුහුදු පලාත් වල තියෙන tropical vegetation තමයි තියෙන්නෙ. පොල්, කෙසෙල්, පැපොල්, මුරුංගා සුලබයි.

      Delete
  7. බුදු අම්මෝ ... මේක ජීවිතය පරදුවට තියල කරන ගස් කැපිල්ලක්... ලංකාවෙ මේ ක්‍රමේ නොකරන තරමට හොඳා..

    මොනව තමන් වැඩකරන ෆීල්ඩ් එකේ ඉහලටම ගිය පොරක්..මේ වගේ ඉහල රස්සාවල් හැමෝටම කරන්න බෑ..

    ReplyDelete
    Replies
    1. තව ඔයවගෙ ඉහල යන්න පුලුවන් රස්සාවක් තමයි ලකීසිරි,
      විදුලි සෝපාන ක්‍රියාකරු. :D

      Delete
  8. ඕවට කියන්නේ දක්ෂකම කියලා. අපි ඔහොම කපන්න ගියොත් කපපු කොටේ ඇඟ උඩ. ගල් කඩන අයත් ඔහොම්මම තමයි. ඒ ගොල්ලෝ ගල් කඩන්න ඉස්සෙල්ලා කියනවා පතුරු විසික් වෙන්නේ කොයි පැත්තටද කියලා. වැඩේ කියන්නේ අපි කියන කොයි තැනට ගැහුවත් පතුරු විසික් වෙන්නේ කියපු පැත්තටම තමයි.

    ReplyDelete
    Replies
    1. මේ මිනිහගෙ දක්ෂතාවයත් ආත්ම විශ්වාසයත් කැපී පෙනුනා, AKM. අර 'He knows what he is doing,' කියන්නෙ.

      Delete
  9. පොල් ගහ කපපු විදිය නම් නියමයි. අනතුරුත් අඩුයි නේද ඔය විදියට කපන එකේ.

    කොහේ හරි රටක පොල් කඩවන්ට වඳුරෝ යවන කතාවක් කවදා හරි කියෙව්වා. ඒක ඇත්තද?

    සම්බෝලවලට ගන්නේ අමු පොල්ද? මම කියන්නේ කුරුම්බා වගේ. හපොයි ඒවා නිකං වතුර වතුර වගේ නැද්ද?:D

    ReplyDelete
    Replies
    1. පොල් කඩන්න වඳුරො යවන්නෙ ඉන්දුනීසියාවෙද? මට හරියට මතක නෑ.

      සමාන්‍යයෙන් ගන්නෙ අමු පොල් තමයි. නමුත් කලටි පොල් සම්බලත් කාලම බලන්න ඕනෙ. අපේ පුතා නම් ඒකට අකමැතියි.

      Delete
    2. ලංකාවෙත් වඳුරො යවන තැන් තියෙනවා..

      කලටි පොල් සම්බෝල.. ඊයා.. මට වමනෙට වගේ.. අර පොල් කෑලි කෑලි වතුර වගේ හැපෙනකොට මාරම අප්පිරියයි..

      Delete
  10. අපේ පොල් ගස් කපනවද මම නම් අහලා නෑ. පෙරලන එක නේද කරන්නේ. හැබයි වෙන ගහක් කපනවනම් දැක්කා මේ ළඟදි අඩි දෙකේ දේකේ කෑලි වලට චේන් සෝ එකෙන් බලාගෙන ඉන්න ලස්සනයි.. කුරුම්බා මතක් උනේ මම වෑවර මතක් කරපු නිසාද....?

    ReplyDelete
    Replies
    1. පොල් ගස් පෙරලන්න පුලුවන් මාතලන්, ඉඩකඩ තියෙන තැනක නම්. එහෙම කලාම මුල ඉතුරුවෙන සීන් එකක් නෑ. දතක් ගැලෙව්වා වගෙ තමයි. මේවගෙ ඇහිරිච්ච තැනක නම් ඉතින් කුට්ටි කරලා මේවගේ කරන්න තමයි වෙන්නෙ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අපේ පොල් ගහක් තියනවා පැත්තෙන් වලක් කපලා පෙරලපු එකක්. දැන් L අකුර වගේ වෙලා. ගහ හොඳට තියනවා. ගෙඩිත් හැදෙනවා. ඊට පස්සේ දෙක තුනක් එහෙම කළා. ඒවා නම් මැරුණා කරටිය ගැස්සිලා. ඒත් ඉතින් ලොකු ඉඩක් ඕනි ඒ වැඩේටත්.

      Delete
    4. ඔය කරන්නෙ පැත්තකට ඇලවෙලා තියෙන එකක් අනිත් පැත්තට හරවන්න වෙන්නෑති නේද, චන්දන

      Delete
    5. ගෙයක් ළඟ එහෙම තියනවා නම් අනතුරුදායක පොල් ගහක් ඒක අනිත් පැත්තට පෙරලන එක කරන්නේ. ගහේ උඩින් කඹයක් දා ගන්නවා මුලින්ම.පෙරලන්න ඕනි පැත්තෙන් ගහ වටේට තුනෙන් දෙකක් විතර කානුවක් කපනවා. ගහට අඩි තුනක් විතර දුරින්. ඒක අඩි හතරක් පහක් කපලා ඊළඟට ගහ තියන පැත්තට හාරනවා වටේටම. ඒ අතර අර කඹේ ටික ටික තද කර ගන්නත් වෙනව ගහ පෙරලන්න ඕනි පැත්තේ වෙනත් ගහකට දාලා. ඔය අතර ඉතින් වලෙන් ගොඩට පනින්න බලාගෙන ඉන්නත් ඕනි. ඊට පස්සේ කඹයක් දාල ඇද්දම පස් කුට්ටියත් එක්කම ඒ පැත්තට පහත් වෙනව පොල් ගහ.
      පස්සේ පොඩි වතුර පාරක් හරවනවා ගහ මුලට.
      මං හිතන්නේ දෙපැත්තට කඹ දෙකක් දා ගන්න පුළුවන් නම් ගහ ගැස්සෙන්නේ නැතුව පහත් කර ගන්න පුළුවන් වඩාත් සාර්ථකව.

      Delete
  11. මචං ඩූඩ්..ඔයිට වැඩිය වැඩ්ඩො මම දැකල තියෙනව බං..!
    බලපිටියෙදී යාලුවෙකුගේ ගේ ගාව අඩි ඕන්නම් 10ක් දුර ඇති. පොල්ගහ කොටස් 5කට කුට්ටිකරල කැපුවේ. සමහර උඩ කුට්ටි කරට අරන් ඔසවලා බෑවෙ. දැන් අවුරුදු ගානක් වෙනව අපි කකුල් වෙව්ල,,වෙව්ල බලන් හිටියෙ.සුපර් මෑන්ල පරාදයි.
    හැබැයි අර කකුලට දාපු මෙව්ව නම් නෑ. ඉනේ කඹයක් ගැටගහල තමා ගේම දෙන්නෙ.
    හැබැයි කුලිය...$%%&*

    ReplyDelete
    Replies
    1. කුට්ටිය කරට අරන් ඔසවලා බෑවෙ? ගහ උඩ ඉඳං ඒක කලේ කොහොමද කියලා මම මේ කල්පනා කරන්නෙ වීයා.

      Delete
    2. බොරු නෙවේ මචං...!
      පල්ලෙහා ඉන්න ගාමිණි අයියත් ඕය දාල තියෙන්නෙ. දැක්ක කියල.
      උන් මචං මාර ටෙක්නික් එකකට කරන්නෙ.

      යම්කිසි ආනතියකට තමා උස්සන්නෙ. ඒවගේම ටයිමිං වලට..වටහල දෙන්න තේරෙන්නෑ බං.

      Delete
    3. තව එකක් හරහට පොල්ලක් ගහේ ගැට ගහනව ඒවගේ බර වැඩක් කරනකොට..ඒකෙ ඉඳන් ඉන්නෙ අපි පොලොවෙ ඉන්නව වගේ.

      Delete
  12. ඔය ගස් කැපිල්ලේ නියම කොටස තමා අර තමන්ගේ පැත්තට පොලාපනින්න බැරි වෙන්න කදට දෙන බලය. ඒකත් ලෙසි නෑ. මොකද ගානට කැපෙන්න ඕන නැත්තං අදින කොට කද ඉක්මනට කැඩුනොත් ලොක්කගේ මූන පොල් කද ඇතුලේ තමා. මාල දිවයින් වැසියන්ගේ මගුල් ගෙයකට එහෙම ගියේ නැත්ද? ඒවයේ පට්ට සින්දු ඩාන්ස් එහෙම තියෙනවා නේ. ඇයි මාල දිවයින් කෑම. බලයි මාලු හොද්දයි. (ඒක හොද්දක් කියල කියන එකටත් අවනම්බුවක් මං හිතන්නේ) තව තියෙනවා මාල දිවයිනේ බාසාව. කරවල කාරයොන්ගේ පස්ට සිංහල.. ඔන්න අයිඩියා ඩිංගක්

    ReplyDelete
    Replies
    1. මට හිතෙන හැටියට නං මේ මෙතඩ් එකේ යම්කිසි අනතුරුදායක බවකුත් නැතුවම නෙවේ. උඹ කියන කාරණාව පෝස්ටුව කියවද්දිම මට මතක් උනා. අපේ ක්‍රමයේදී අවට ටිකක් විනාශවුනාට පුද්ගල අනතුරු අඩුයි.

      Delete
    2. අන්න ඒකම තමයි මම මෙතනදි දැක්ක නිපුනතාවය. පොර දන්නවා බිම ඉඳං යන්තමට අද්දිදි කැඩිලා එන්නත් ඊට කලින් කඩා නොවැටෙන්නත් කොයි තරම් ගැඹුරට කැපුම දාන්න ඕනෙද කියලා. පොර මගදි කැපිල්ල නවත්තලා. හා දැං ඇදපං බලන්න. හෝව් හෝව් පොඩ්ඩක් හිටපං තව මදිවගෙ කියලා කොයි වෙලාවක වත් කිව්වෙ නෑ.

      අනික ඔය පොලා පනිනවට තමයි පොර කඳ අරවගෙ බදාගන්නෙ. අර හානස් එකේ තියෙන ස්ටිරප් එක ඇතිල කකුල් ඔබාගෙන ඉන්නකොට බිමට වැටෙන එක විතරක් නෙවෙයි ඉඩට හෝ පැත්තකටත් විසිවෙලා යන අවදානම අඩුයි.

      මේ මිනිහා තාක්ෂනයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.

      Delete
    3. ඒක හරි. හැම එකා ගාවම වගේ ස්මාර්ට් පෝන් එකයි, ලැප්ටොප් එකයි, මලයි තියෙනවනේ. බරා බරෝ හැක්..

      Delete
  13. ඩූඩ්ට කියන්න ඊයෙ උදෙත් මම දැක්ක පොල් ගහක් කපන හැටි. අපේ ගෙදර ඉස්සරහ තියෙන පන්සලේ ධර්මශාලාව අයිනෙම තිබුණු උස ගහක් කැපුවෙ, මම අහම්බෙන් දැකල ටිකක් වෙල නැවතිල මිදුලෙ ඉඳන් බලන් හිටියා. පහුගිය දවස්වල මහ වැස්සට මගේ කාමරේ උඩට ඇලවුනු පොල්ගහෙත් වහල උඩ තිබුණු කොටස කපල අයින් කළේ චේන් සෝ එකකින් චූටි චූටි කෑලිවලට කපල. අනෙක අර දකුණු පළාතෙ තිබුණු පොල් රෝගෙ නිසා මාස දෙක තුනකට කලින් අපේ ගෙදරත් පොල් ගස් 4 කි, තව ඇලවෙච්ච ගහක් එක්ක ගස් 5 ක් කැපුවා. (ගස් 4 ට රජයෙන් 8000 ක් ගෙව්ව, අම්ම නම් ඒත් කැමති උනේම නෑ, ඉස්සරහට පොල් කන්න වෙන්නෙ කඩෙන් කියල)

    මේ පැත්තෙ පොල් ගස් කපන්නෙත් ඔය විදියටම තමයි, අත් පොරව නම් ටිකක් වෙනස්. ගහ වැටෙන්න ඕන පැත්තට වැඩියෙන් කපල අනෙක් පැත්තෙන් යන්තම් කපල එයා පොරව ඉනවටේ තියෙන කඹේ අස්සෙ ගහගන්නව. ඊටපස්සෙ බිම ඉන්න අය කඹේ අදිද්දි එයා ඔය ඡායාරූපවල තියෙනව වගේම ගහ පද්දල බිමට විසිකරනව. ඔය සීන් එක මම සිය වතාවකට වඩා දැකල තියෙනව. අනෙක ඔය ගස්කපන අය හැම වෙලාවෙම පහළින් තියෙන ගෙවල්, තාප්ප, වෙනත් වටින ගස් එහෙම බේරල තමයි පොල් ගහ බිම දමන්නෙ.

    අපි පොඩිකාලෙ නම් ඔය බිම දමපු පොල් කුට්ටි පැළුවෙ යකඩ කුඤ්ඤවලට පොල් කුට්ටියකින්ම හදාගත්තු ලොකු මිටියක් වගේ එකකින් ගහල. දැන්නම් චේන් සෝ එකකින් කපාගෙන කපාගෙන යනව.

    ඔය ෆොටෝවල පේන අනිත් ගස් ජාතිත් මෙහෙත් මුහුදුබඩ පළාත්වල තියෙන ඒවමයි වගේ. අර තාප්පෙත් හුනු ගල්වලින් බැඳපු එකක් වගේ. අවුලකුත් නැහැ ඉතිං, මහ දුරකින් තියෙන රටක්යැ.

    ReplyDelete
    Replies
    1. ඒ පොල් රෝගෙ තවම තියෙනවද? මම හිතුවෙ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරි පොල් පර්යේෂනායතනය හරි ඒකට ප්‍රතිකාරයක් හොයාගත්තා කියලා.

      මට පේන්නෙ මේක පොල්ගස් බහුලව තියෙන පැතිවල සුපුරුදු දර්ශනයක් වගේ.

      ඔව් අරක හුණුගල් තාප්පයක් තමයි. ඒක කාලෙකට කලින් මෙහෙ සුලබ බිත්ති බඳින ගොඩනැගිලි ද්‍රව්යය. නමුත් දැන් පරිසර නීති වලට අනුව ඒක තහනම් මම හිතන්නෙ.

      Delete
  14. එල ස්ටොරිය මචං ...

    තාක්ෂණය හා අත් දැකීම තමයි මෙතන පේන්නේ. අල්ලුව (කැපුම) කපන්නේ ගහ පෙරල ගන්න ඕන පැත්ත ගැන හිතලා. කැපුමේ පැත්තයි මිනිහා ඉන්න පොසිශන් එකයි බැලුවහම ඒක තේරෙනවා. වී පොකුරා කිව්වා වගේ කඳ පොඩි කෑලිවලට කපලා කරට අරගෙන බහිනවා මමත් දැකලා තියෙනවා. හතර වටේම ගෙවල් තියෙන තැන්වල තමයි එහෙම කරන්නේ.

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නෙ තාක්ෂණය හා අත්දැකීම් තමයි මෙතන තියෙන්නෙ, මචං. මේ කපන්නෙ අඩි දොලහක් පහලොවක් විතර දිග ගහක් මැද්දෙ වගෙ අවදානම් තැනක ඉඳං කොහොමවත් මිනිහෙකුට උස්සන්න බැරි කෑලි.

      Delete
  15. අනේ මන්දා පහුගිය දවසක මෙහෙත් පොල් ගහක් කැපුවා වැඩි වෙනසක් නෑ පොරව විතරයි වෙනස. ගහේ උඩ කොටස බිමදාගන්න හැටි හෙම කොහොමද දන්නෙ නැ


    ..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. ජෝනා, ගෙඩි කඩලා, අතු කපලා, කරටිය වෙනම කපලා බිම දාලා හිටියා ඉස්සෙල්ලම.

      Delete
    2. එහෙනම් අපේ පැත්තෙ ඔයිටත් වඩා ඉදිරියෙන්නෙ.. එච්චර බේරන්න දෙයක් නැත්නම් උඩට අතවත් නොතියා කෙලින්ම ගහ මැදින් කපලා බිම දාන්නෙ..

      Delete
  16. ඔහොම තමා ඩූඩ් අයියේ මෙහෙත් ගස් කපන්නේ... කොස් ගහකුත් කැපුවේ ඔහොම.. ( හැබැයි ඒක ළපටි ගහක්ලු.. නැත්තම් කුට්ටි කරන්නේ නෑ නේ...) හැබැයි ඉතිං කෂ්ටිය පොඩ්ඩක් වැඩ පෙන්නන්න සද්දේ එහෙම දාන එක තමයි නරක... හි හි

    ReplyDelete
    Replies
    1. අර අන්තිමට කඳ බදාගෙන ක්‍රමයට බිමට එවන එකත් කරන්නෙ එහෙමද? ඇත්තෙන්ම හිරු මම දැකලා තියෙන ගස් කැපිලිවල නම් එහෙම කලේ නෑ. පලාතෙන් පලාතට ක්‍රමවේද වෙනස් වෙනවනෙ.

      Delete
    2. යෑස්.. ඉස්සෙල්ලම අතු ටික කපලා, කරටිය කපලා දානවා... ඊට පස්‌ෙස් හරියටම ගහ මැදට ටිකක් උඩින් තමයි කපන්නේ.. එච්චර ඉඩක් නැත්තම් පොඩියට කපලා, ඔය විදියටම කඳ බදාගෙන, ලණුවක බැඳලා තමා බිමට පාත් කරන්නේ.. කොහොමත් ගහ උඩ ඉන්න මනුස්සයට මාර ශක්තියක් වැය කරන්න වෙන වැඩක්... ඒත් මට නම් හි‌ෙතන්නේ බෝතලේ බලේ තමා කියලා.. මොකද ඒ මිනිස්සු පුදුම විදියට කෙට්ටුයි...

      Delete
  17. පොල්ගස් කැපීම කියන්නේ 100%ක්ම විද්‍යාත්මක ක්‍රමයක්. අපේ ක්‍රම උනත් නරක නෑ. උදාහරණයක් විදියට දකුණු දිශාවට ඇලවුන ගසක් නිරිත සහ ගිනිකොන දිශා අතරෙ ඕන තැනකල ලෑන්ඩ් කරවන්න පුළුවන්.
    'වේලුන පොල්' වගේ උන්ගෙ තවත් ගොන්කම් තියනව නං ලියපං. අපි ඉතිං කොහොමත් අනුන්ට හිනාවෙන ජාතියනේ :)

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත රාජ්.
      එව්වා නම් එමටයි රාජ්, නමුත් මට ලියන්න පුලුවන් ඒවත් බැරි ඒවත් දෙකම තියෙනවා. පුලුවන් ඒවා ලියන්නම්.
      අනිත් උනුත් එහෙම තමයි. අයිරිෂ් ජෝක්ස්, ලයිමි ජෝක්ස්, ඔසී ජෝක්ස් හැදුනෙ කොහොමද?

      Delete
  18. නියමයි විස්තරේ...මම දැක්කමයි මෙහෙම එකක්!!

    ReplyDelete
    Replies
    1. දැන් වී පොකුර වීයා. අසරනයා අසර්, පොඩි කුමාරිහාමි පොඩ්ඩි වගේ කැරලිකාරි කැරලිද?
      underestimate කලේ නෑ හරි? :)

      Delete
    2. හික් හික් ... කැරලි... ඕන එකක් කියන්නකෝ... :)

      Delete
  19. පවි කියල හිතල අයේ ඇවිල්ල පහලට ගියාම ආය් “පව්නේ ඩුඩ්“ කියනවා. මොන ලබු ගෙඩියක්ද බං තව ලියන්නේ. “මොනව හරි කියලම යමු නේද? පව්නෙ ඩූඩ්!“ ට ජෝක් එකක් හරිනේ.. හැක්

    ReplyDelete
    Replies
    1. අඩෝ උඹ දැක්කද රජාගෙ කමෙන්ට් බොක්ස් එක ගාවා ලියලා තියෙන එක. මේක හොඳයි කියලා හිතෙයි ඒක දැක්කනම්. :D

      Delete
    2. දැක්කා. දැක්කා. ඒකා තාම චූ කරනවනේ මන්දිරේ ගාව බිල්ඩිමකට වෙලා...

      Delete
  20. ඔය කපන විදිය දකිද්දී නිකන් බයයි වගේ..උන් ගහේ කොටසින් කොටසද කපන්නේ එහෙනම් අවුලක් නැහැ ..ඇයි බං උන් වේලිච්ච පොල් කන්නේ.. අමු පොල් කන්න පුළුවන් කියල දන්නේ නැද්ද.. උබ අමු පොල් ගෙඩියකින් සම්බෝලයක් හදලා කන්ඩ දියන්කෝ උන්ට ..

    ReplyDelete
    Replies
    1. ලඟ රටක් වුනාට කෑම රටාව හරි වෙනස් බං චමී. අපි ආපු ගමන් මුන්ගෙ කෑම කාලා අසනීප වෙලා වමනෙ දාලා...හයියෝ පෝස්ට් එකක්ම ලියන්නම්.

      මුං සම්බල් කන්නෙ නෑ බං. බෝංචි / ලීක්ස් කිලෝව රු‍ෆියා 75යි. 8.45න් වැඩි කරලා බලාපංකො. කොහොමද සනීපෙ?

      Delete
  21. මෙහෙත් ඔහොම තමා පොල් ගස් කඩන්නෙ. මට නං ඇගේ ලේ නෑ බලාගෙන ඉන්න. බැරිවෙලාවත් උඩ කෑල්ල එහා මෙ‍හාවෙලා උඩ ඉන්න පොරගේ මූණෙ වැදුනොත් පොර කෙලින්ම රොකට් එක වගේ උඩ ගිහින් හ‍‍ෙඳ් ඇනෙයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඒක තමයි ඌ ෆුල් කන්ට්‍රෝල්ඩ් ඩිස්සෙන්ඩ් එකකට ගහ බදාගන්නෙ. ගානට වෙලාවට කොටේ අතාරින්නෙ.

      මේ ඒක නෙවෙයි. උඹ අර කොලොප්පමක් නේද කරන්නෙ බ්ලොගේ වහනවා කියලා? මට ඇත්තටම මල පැනලා ඉන්නෙ උඹත් එක්ක. ඇයි බං වහන්නෙ? ඔය ඉන්නෙ යලට මහට ලියන උන් තව. උඹට වෙලාවක් ඇත්තෙම නැතිනම් පුලුවන් වෙලාවට එකක් දාපංකො.
      උඹ ඕක වැහුවොත් නම් මම ඇවිත් උඹේ හොම්බට හැටක් අනිනවා. වැඩි කරලා බලාපං හැට සියලුම ප්‍රේක්ෂක ජනතාවගෙ මුලු එකතුවෙන්.

      නැතිනම් අර සිංහල දෙමල ඉංග්‍රීසි ප්‍රසන්නයට බාර දීපං. :D

      Delete
  22. පොර නිකන් හර්කියුලිස් වගේ ගහ බදලා පෙරලන්නෙ. හප්පා මේක කියෙව්වම මට හොඳ කලටි පොල් වලින් හදපු පොල් සම්බලයක් කන්න හිතුන. කාපු කාලයක් මතක නෑ. කලටි පොල් ඉල්ලුවම ඩුඩ් ට ලැබුණු ලුක් එක මට හිතා ගත්තහැකි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මුහුදු මම ඉල්ලුවෙ කලටි පොල් නෙවෙයි. ලංකාවෙ අපි කවුරුත් කන වතුර අඬන පොත්ත කොලපාට පොල්. මුං කන්නෙ දුඹුරු පාට කොට්ට පොල් වෙන්න ආසන්න ලෙල්ලත් ‍රැලි වැටිච්ච පොල්නෙ.

      Delete
  23. පරිස්සමට ක්‍රමේට කැපුවට අන්තිමට කරන දේනම් ටිකක් අනතුරුදායකයි වගේ. අපේ පැත්තෙත් ඉන්නවා වයසට ගිය වෘත්තීය ගස් කපන්නෙක්. වයස නිසාම දැන් මිනිස්සු වැඩ දෙනවා අඩුයි, වැඩි හරියක් කුලී වැඩ කරන් ඉන්නේ. ළඟදී මම දැක්ක උන්නැහේ පොල් ගහක් කපනවා, ගහ තිබුනේ කරන්ට් , ෆෝන් ලයින් දෙකක් මැද්දෙන්, පොඩ්ඩක් ගහ පැද්දුනොත් ඒවගේ පැටලෙනවා. ඒත් ටිකක් මේ වගේ, පොල් ගහ හරහට පොල්ලක් බැඳලා ඒක උඩ හිටගෙන (සේෆ්ටි හානස් එකක් නැතිව ඒක අතකින් කඳ අල්ලාගෙන) , වැඩේ කලේ.ඉතුරු හරිය ඉතින් මෙහේ පුරුදු විදියට ඇදලා බිම දැම්මේ.

    ගෙයක් ළඟම තිබුණු පොල් ගහක් අඩි දෙකේ විතර කෑලි වලට කපල අයින් කරනව දැකල තියෙනවා.

    ඔය කවුරුවත් නැතිව වේයෝ අපේ පොල් ගහක් බිම දැම්මා. කරටිය වයසක ජෝඩුවක්‌ විතරක් හිටපු ළඟ ගෙදරක ඉස්තෝප්පුවේ. වෙලාවට දෙන්න ඒ වෙලාවේ ගේ ඇතුලේ ඉඳල තියෙන්නේ. ඒ සිද්දියෙන් පස්සේ අල්ලපු ගෙවල් ලඟත්, අපේ ගේ ළඟත් තිබුණු පොල් ගස් ඔක්කොම අර කෙනාට කියලම කපල දැම්මා.

    ReplyDelete
    Replies
    1. වේයොත් වෘතීය ගස් හෙලන්නො වෙලානෙ. ඇති අර වයසක් ජෝඩුව බේරුනා.

      රාමා අපේ ගේ ලඟ ඉන්න ත්‍රී වීල් නඩේ ලිං ඉහිනවා, ගස් කපනවා. මේ ලඟදි මැරිච්ච බල්ලෙකුත් වැලලුවා. මෙහෙ නෙවෙයි ලංකාවෙ, ඈ

      Delete
  24. ම්..අපේ පැත්තෙ එච්චර පොල් ප්‍රසිද්ධ නැති නිසා ගස් කපන්නෙ කලාතුරකින්..ඒක නිසා මේ පොටෝ වලින් ගොඩක් දැනගත්තා..

    කොහොම වුනත් කාලකින් ඩූඩ්ට පොල් සම්බෝලයක් කන්න ලැබිලා වගේ..නරකද පොල්ටොපි ටිකකුත් හැදුවානම්..!!

    ReplyDelete
    Replies
    1. බලන්න රූ අමු පොල් ගෙඩියක් හොයාගන්න ගහක් කපන්නම වෙන කාලයක් මේක. මම ගහේ පොල් ටික ඔක්කොම ගන්නවා, නමුත් දවස් දහයකින් ගෙදර එන නිසා දවසට එක ගානෙ දහයක් ගත්තා.

      කොහෙද රූ ඔය පොල් ගස් වැඩිය නැති පැත්ත? අකමැතිනම් කියන්න ඕනෙ නෑ.

      Delete
  25. මෙහේ ඉන්නවා ඩූඩ් ඔයිට වඩා වැඩකාර‍යෝ, ඔය කමෙන්ට්වල කියලා තියෙන්නෙ.

    මදි මදි හොදටම මදි...මාලේ ජන ජීවිතය ගැන ඔයිට වඩා විස්තර ඔන. දිවෙහි භාෂාවයි හෙළ බසයි හැම අතින්ම සමානයි නේද.. "ප" ශබ්දයට "ෆ" ශබ්දය හැරුනාම ?

    ReplyDelete
    Replies
    1. සුමි‍තෝ. ඔක්කොම එක පෝස්ට් එකේ ලියන්න බෑ. මේක මාල දිවයින් වැසියෙක් පොල් ගහක් බිම දානවා විතරයි. මම ලියන්නම් පුලුවන් දේවල් ටික ටික. බැරි දේවලුත් තියෙනවා.

      Delete
  26. බලාපල්ලකො ඒකෙත් හැටි!!!
    පොල් ගහ කපන්ඩ ආව මිනිහ හන්ද කොහොමිං හරි උඹට පෝස්ට් එකක් තලා ගන්ඩ පුලුවන් වුණා නේද??
    උඹ ට කියන්ඩ අයියෙ ඔය අමුපොල් ගන්ඩ ගිහින් උඹට වෙච්ච දේම මට වුණා චීනෙදි වේලපු පලතුරු ගන්ඩ ගිහින්...
    චීන ගෑනියෙක් මට නක්කලේ දැම්ම!! හපොයි මුන්ගෙ මොලේ මැටිද මන්ද තියෙන්නෙ.. මේ ගස් යට කුනු වෙලා යන ගඩාගෙඩි වේලපුවට මුන් මහ සල්ලියක් දීල අරන් යනවනෙ හැබෑට?? කියල තමා ඒ කියන්ඩ ඇත්තෙ මට නොතේරුණාට..
    ඔය කලටි පොල් ලිව්වාම මට මතක් වුණේ අපේ පෙම්බරයගෙ අම්ම හදනව හුන්සල් බත් ඔය කලටි පොල් දාල...
    ආයෙ නෑ උදේට කෑවාම... ආයෙ රෑට කනකල් ඇති...!! ඒ තරං කෑවහැක් අපිට නං!!!
    හිටපං.. මං අද හෙටම ඒ ගැන ලියන්නං... ඔය කොලපාට පොල් තියෙන වෙලේ හාල් ටිකක් අඹරගෙන හරි හදාගන්ඩ බැරියැ අක්කට කියල...

    ReplyDelete
    Replies
    1. යකෝ පොල් ගහ කපන්න ආපු මිනිහා නිසා පෝස්ට් එකක් තලා ගන්න පුලුවන් වෙන තරම් පෝස්ට් බංකොලොත් භාවයක් පේනවද? :D
      හප්පේ උඹේ චීන කතාව අපි කියෙව්ව ඒ දවස්වල. අර කුකුල් ඔලුව මතකද? උඹ කියන්නෙ මට මාලු ඔලුවක් තිබ්බත් - විශේෂයෙන්ම ඇස් තිබ්බොත් කන්න බෑ. මෝඩ කම් තමයි. නැතිනම් මොනවද?
      හුන්සාල් මෙහෙ නෑ බං. අනික මේවා කලටි පොල් නෙවෙයි බොල, හොඳට පැහිච්ච අමු පොල්.

      Delete
    2. හේ බොලේ මෙන්න මෙයත් මං වගේ ලු. මටත් ඔළු විතරක් දකින්න බෑ. මේක මොකක් හරි ෆෝබියාවක්ද දන්නෑ කියලා හිතිලා තිබුණෙ. මොකද අනිත් අය ඔය තෝර ඔළු එහෙම රස කර කර කෑවට මට නම් දැක්කත් ඇති.

      Delete
  27. ගහ පෙරලන හැටි දැක්කම ටිකක් විතර බය හිතෙනව ඩූඩ්. පොඩ්ඩ එහා මෙහා උනොත් ගහේ උඩ කොටසෙ බර ඇඟට එන්න බැරි නෑනෙ. කොහොම උනත් පොර වැඩ කාරය. ඒ වගේම වැඩේ නීට් එකට කරන පොරක්. හැක් ගහන්නැතුව ගහ කපල තියෙන විදිහෙන්ම ඒ බව පේනව.

    ReplyDelete
    Replies
    1. ඔව් පරිකල්පන හැක් කිරිල්ලක් නෑ. නීට් සර්ජිකල් කට් එකක්. අනික මේ පොරොවත් නියමෙට කැපෙනවා මං හිතන්නෙ.

      Delete
  28. ඒ.. මේ ක්‍රමේ මරු නේ.. මාත් ට්‍රයි කරන්න ඕනේ බලන්ට...
    ජය වේවා!!!
    සිනා බො වේවා!!!

    ReplyDelete
    Replies
    1. හනේ මේ පණු. ඔයා පැත්තකට වෙලා ඉන්නවද නිකං ගහට යට වෙන්නෙ නැතුව. ඔය අම්මා නැති වෙලාවක කෙහෙල් ගහකින් පුරුදු වෙන්න. :D

      Delete
  29. හෙන්රි මහත්තයෝ හෙන්රි මහත්තයෝ.. ඔය විදිහට පොල්ගස් කපන මිනිහෙක් ලංකාවෙත් හිටියා.තව මම නොදන්න අයත් ඉන්න ඇති එයත් ඔහොම ගහෙ මගක් ගිහින් හිටගෙන කැපෙන කෑල්ල අතට අරං විසිකරනවා. ඕනෙම ගෙයක් අස්සෙ තියෙන පොල් ගහක් කපන්න එයාට පුලුවන් ඔනේ එක මිනිහෙක් විතරයි ලනුව අදින්න. ඒ මනුස්සයා ඔය වැඩේ කරනකොටම සමබරතාවය නැතිවෙලා වැටිලා බරපතල තුවාල වෙලත් හොඳ වෙලා ඇවිත් ඒකම කලා. ආඅඩම්බරයි නේද ? අපි එහෙම සෙකන්ඩ් වෙන් ජාතියක්ද ?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව සරත් මහත්තයෝ. අපි කාටද බය, අපිට කවුද බය? හෙහ් හෙහ්. :D

      Delete
  30. සික් පොල් බොඩේ ඉල්ලා ගන්න තිබ්බේ . ඔවුන් වේලලා කන හින්දනේ අපට උම්බලකඩ ලැබුනේ . පුවක් වෙලල සිනි දාල කනවනේ . මගේ යාළුවො සෙට් එකක් හිටියා . උන්ගේ නම් ඇඩ්රස් මතක නැහැනේ . අපරාදේ

    ReplyDelete
    Replies
    1. //පොල් බොඩේ ඉල්ලා ගන්නනෙ තිබ්බෙ.// මම පොල් ගන්න කල් එතන ඉඳගෙන ඉන්නකොට ඒ මිනිස්සු පොල් බොඩ කකා හිටියෙ. බින්දි, ඔයාත් නෝට් කරලා ඇති තමන් කන දේ අනිත් මනුස්සයටත් පොඩ්ඩක් දීලා කන්නෙ අපේ රටේ මිනිස්සු විතරයි. විදේශිකයො එහෙම කරන්නෙ කලාතුරකින් නේද? නමුත් වයසක මිනිහෙක් හිටියොත් පොඩි ලමයෙකුට කෑල්ලක් දෙන්නෛඩ තිබ්බා.

      තව ලාංකික මිත්‍යාවක් තමයි ඒ මිනිස්සු උම්බලකඩ කනවා කියන එක. උන් ඉස්සර උම්බලකඩ හැදුවේ ලංකාවට යවන්න. දැන් අපි උම්බලකඩ ගන්නෙ ලංකාවට ගියාම සතොසෙන්.(Co-op City) මෙහෙ උම්බලකඩ කෑල්ලක් දකින්නවත් නෑ. තියෙන්නෙ මාලෙ කරවල මාකට් එකේ විතරයි අපිට හොයාගන්න. ඉතින් අපි උම්බලකඩ කන්නෙ ලංකාවෙදි විතරයි.

      අර සුපාරි කියන පුවක් වලට රසකාරකයි තව මොනවාහරි මත් ද්‍රව්යකුයි දාලා හදන ජාතිය ගේන්නෙ පාකිස්තානෙන්. නමුත් මෙයාලා ඇඩික්ට් වෙලා ඉන්නෙ.

      Delete
  31. අපේ ගෙදරත් තිබ්බ පොල් ගහක් ඔය විදිහට කැපුවා මතකයි..වැඩි විනාසයක් නෑ...ලස්සටන වැඩේ ඉවරයි...එත් කරුමෙට වගේ කඳ මැදින් කැපෙන කෑල්ල කකුල දිගේ හෙම ඇදිලා ගියොත් මොන දෙයියන්ට කියන්නද....? මේ ගොල්ලෝ වැඩේ ප්‍රගුණ කරලා තියන හින්දා අවුලක් නැතුව ඇති..අඩේ පොල් බොඩ..පට්ට රස කෑම...


    ReplyDelete
    Replies
    1. පොල් බඩ නියම කෑමක්..
      http://bandarammsl.blogspot.com/2012/09/blog-post.html

      Delete
    2. මාත් හරි ආසයි බොලව් පොල් බොඩ වලට. මොනවා කරන්නද නැති කොට? පොල් කුරුමිණියො වාසනාවන්තයො නැද්ද?

      Delete
  32. කසියා නැති වෙන්න බැහැ නේද හෙන්රි? කලටි පොල් සම්බෝලයක් කාපු කලක් මතක නැහැ. මේකට නම් පොල් ගෙඩිය පැහෙන්න කලින් ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. විශ්වාස කරන්න රයිගම් කසියා නෑ.
      මේ කමෙන්ට් වල දැක්කද? කලටි පොල් වලට අකමැති යාලුවොත් ඉන්නවනෙ. මමත් ආසයි.

      Delete
  33. මේක ලොකු අවදානමක් අරන් කරන වැඩක්නෙ...සමබරතාවය තියාගෙන ඔය විදිහට ඉන්න එකත් ලේසි නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් Chams. මේක වෘත්තීය නිපුනත්වය අර 'අතැඟිලි ශිල්පියා' වගේ. :D

      Delete
  34. පොල් ගස් කැපිල්ල නම් මන් දැකලා නෑ, පොල් ගෙඩි කඩනවා නම් දැකලා තියෙයි.

    ReplyDelete
    Replies
    1. අනේ බං ස්පයිඩර්. උඹේ කමෙන්ට් එක දැකලා මමයි, දීපයි එකටම "අනේ පව් දෙයියනේ" කිව්වා.:D

      Delete
  35. එහෙනම් පොල් ගහකුත් කැපුවා ඈ...! මාල දිවයිනේ උන් වේලලා හරි පොල් කනවා. ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් වල උන් එහෙම පොල් කන්නෙම නෑලු Dude. උන්ට පොල් දාපු කෑමක් දුන්නත් උන් කන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමනෙ සරත්, තමන් කන්නෙ තමන්ගෙ පලාතෙ වැවෙන දේවල් විතරයි. ඉන්දියාවෙත් බත් කන සහ තිරිඟු කන දෙකොට්ටාශයක් ඉන්නවනෙ.

      Delete
  36. මේ පැත්තෙත් පොල් ගස් කපන්නේ ඔයිට බොහොම සමාන විදිහකට. බණ්ඩටත් පොල් ගස් පෙරලලා නම් පුරුද්දක් තියෙනවා.
    කියවලා බලන්නකො මේක http://bandarammsl.blogspot.com/2012/09/blog-post.html

    ජය..

    ReplyDelete
    Replies
    1. නියම බණ්ඩෙක්නෙ එහෙමනම්. හැමදේටම ටික ටික දක්ෂ වුනාම ඒක ලොකු වාසියක්.
      අරක කියවනවා දැන්.

      Delete
  37. මාල දිවයින් පැත්තට ගියානම් පාර්ට් ටයිම් පොල් වේලන රස්සාවක් වත් හොයා ගන්න තිබුණා. ගහේ හිටපු එක්කෙනා බලන්න ඇති මොකද මේ කවුදෝ පික්ෂු හාදයෙක් අමුතු දෙයක් බලන්නා වගේ කැමරාව මානං කරන්නේ කියලා. මිනිහාගේ සැකේ තහවුරු වෙන්න ඇති කොලපාට පොල් ඉල්ලුවාම හැක් හැක්. ඔය පැත්තේ අනිත් වර්ගයේ පොල් කැඩිල්ලත් ඔයවගේම අමුතු වෙන්ඩැ?

    ReplyDelete
    Replies
    1. නෑ තොටියා. මේ මිනිහා හිටියෙ ගහේ. පොල් ගත්තෙ ගෙදර මිනිස්සුන්ගෙන්. මිනිහා බැලුවා තමයි අර විදියට මං දිහා. මම වීඩියෝවෙන් දැක්කෙ.

      අනිත් වර්ගයේ පොල් කැඩිල්ල මොකක්ද කියලා කල්පනා කරලා අතෑරලා දැම්මා.;D

      Delete
  38. අපේ රටෙත් පොල් ගහම වට්ටන්න බැරි තැන්වල කොටස් වශයෙන් කුට්ටි කුට්ටි නේද සර් කපන්නේ?.

    මම නම් ඔය මාල දිවයින් ජාතිකයෙක් දක්කමද කොහෙද.පොරත් අපේ රටේ අයගේ පෙනුමමයි.
    වේලිච්ච පොල් වලට ඒ මිනිස්සු හුරු වෙලා වගේ..

    ReplyDelete
    Replies
    1. මොකෑ... ඇයි බං මේ අල්ලපු රටේ මිනිස්සු දැකල නැත්ද බං උඹ පහුගිය අවුරුදු විස්සටම. අර පහුගිය කාලෙ ඒ රටේ උදවිය එයාලගෙ ජනාධිපතිව ගෙදර යැව්වෙ, ඒ දවස්වල මෙහේ නිව්ස්වලටවත් පෙන්නුව උඹ දැකල නැත්ද. සාක්වලටත් මෑන් ආවෙ, කලින් හිටිය තට්ට සීයා ඔය ජේ. ආර් සීයගෙ කාලෙ ඉඳල සාක් කාලෙට ටීවී එකේ පෙන්නන්නෙ, දැන් මතකයිනේ ... හොරගෙඩියා, බොරු කිව්ව. :)

      Delete
    2. ඒකනෙ නිශාන්, ඔය DDT කියන්නෙ. පහුගිය කාලෙ සෑහෙන ප්‍රසිද්ධ වුනානෙ ඔය සිද්ධිය.

      Delete
  39. අඩේ photo දිහා බලාගෙන page down ගහනකොට slide එකක්බලනව වගේ...

    අපේ එවුන් ගහේ ඉන්නෙ නැහැ නේද ලනුව අදිනකොට..

    ReplyDelete
    Replies
    1. මාත් හිතුවෙ එහෙමයි බං සෑමා අපේ එවුන් ලණුවෙන් අදිනකොට ගහේ ඉන්නෙ නෑ කියලා. අප්පේ පැත්තෙ එහෙමයි නේ?

      Delete
  40. Replies
    1. කවිකාරි, මම වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ගිහින් මෙගාබයිට් එකසිය ගානක් වියදම් කරගෙන අන්තිම මොහොතෙ මොකුත් නොවී නවතින නිසා අල්ලලා දැම්ම වැඩේ. මේ අන්තිම ඩේටා ටික.

      Delete
  41. ශා මෙන්න වැඩ....අපේ ගෙදර පොල් ගස් ටික කපන්න ගිහින් වින්ද වදේ මතකද?

    ලස්සන ෆොටෝ ටික....ශෝක් කතාව.... :D :D :D

    ReplyDelete
    Replies
    1. අන්න, මතකද කාපු කට්ටක්? මම මේකෙ විශේෂයක් දැක්කෙ අන්න ඒකයි.
      මේ වීඩියෝ එකෙන් ගත්ත ස්ක්‍රීන් ෂොට්නෙ. අම්මගෙ කැමරාවෙන්.

      Delete
  42. අල්ලුව තියලා කැපිල්ල තමා රහස... ඕක ඒ හැටිම කේස් එකක් නෙවෙයි..ටිකක් ඉවසීමෙන් අල්ලුව තියන්න ඕන.. ඒ වගේම අල්ලුවට විරුද්ධ පැත්තේ කැපුම අල්ලුවට වඩා අගල් දෙකක් විතර උඩික් තියන්න ඕන.. එතකොට කොගේ ස්ලිප් වෙලා ඒ පැත්තට යන්නේ නැහැ.. අල්ලුව ගානට බේරපුවාම දෙපැත්තට ඇලවෙන්නේ නැහැ..හරියටම අල්ලුව තිබ්බ පැත්තට විතරයි යන්නේ... අත තියන්නේ කොටේ ගහෙන් එලියට පන්නන්න විතරයි... ඕකෙදි යට ඉන්න එකා අතේ වැඩක් තියෙනවා.. ඌ හරකා වගේ ඇගේ හයියෙන් ඇද්දොත් මෑණියන්ට හෑම්බ්රේක් වදිනවා...

    ඈ බොල... කො පාට පොල් හොයන වෙලේ ඕකේ කරටිය ඉල්ල ගත්තේ නැද්ද පොල්බඩ කන්න... හූහ් හුහ් හූ.. ඔන්න මාත් බොට නෝන්ඩියට හිනා උනා... අනේ මෙහෙමත් හෙන්රියෙක්...

    ReplyDelete
    Replies
    1. මාරේ, කට්ටිය පොල් බොඩ කකා හිටියා මම යනකොට. මට දුන්නෙ නෑ. මම ඉල්ලුවෙත් නෑ. කනබොන දෙයක් අමුත්තන්ටත් දීලා කන්නෙ ශ්‍රී ලාංකිකයො විතරමද කොහෙද බං.

      හූහ් හුහ් හූ.. :D

      Delete
  43. මාලදිවයින් ජාතිකයෝ අපි වගේ කුරුම්බා බොන්නේ නැතිලු. ඒක ඇත්තද?

    මහත්තයා ඔය ළමයින්ට උගන්නන අතරේ නරකද උම්බලකඩ සෑදීම පිලිබඳ උසස් පාඨමාලාවක් කලොත්? මෙහෙ ඇවිත් කෙලින්ම The Collage of Maldive Fish කියලා උසස් අධ්‍යාපන ආයතනයක් පටන්ගන්න පුළුවන් නේද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක, මේ මිනිස්සුන්ගෙ ප්‍රියතම බීමක් කුරුම්බා. එයාලත් කුරුම්බා කියන වචනෙමයි පාවිච්චි කරන්නෙ. මෙයාලා අමුත්තො පිලිගන්නත් සමහරවිට මල් එක්ක කුරුම්බා ගෙඩියක් දෙනවා අපි බුලත් දෙනවා වගෙ,
      උම්බලකඩ ගැනත් කියන්න තියෙන්නෙ අර contrary to the popular belief... කියලා පටන් ගන්න වාක්‍යයක්. හේතු කිහිපයක් තියෙනවා. මේ මිනිස්සු උම්බලකඩ කන්නෙ නෑ. හදන උම්බලකඩේ හැදුවේ ලංකාවට එවන්නයි. ලංකාවෙ ඇර වෙන කිසි රටක උම්බලකඩ කනවද කියලා මට දැනගන්න බැරි වුනා.

      අනික මෙහෙ උම්බලකඩ හොයාගන්නවට වඩා බොහෝම ලේසියෙන් ලංකාවෙ උම්බලකඩ ගන්න පුලුවන්. මමත් ලංකාවට ආවාම තමයි උම්බලකඩ කන්නෙ. මම මෙහෙදි උම්බලකඩ දැකලා නෑ අවුරුදු පහ හයකින්. තියෙන තැනක් තියෙනවා මාලෙ විශේෂ මාකට් එකක. ඒක ටාගට් කරලා තියෙන්නෙ ලාංකිකයන්ටයි.

      මාල දිවයින කියලා කියන්නෙ කරවල වාඩියක් කියලා ලාංකිකයො හිතා ඉන්න එක දෙවෙනි වෙන්නෙ ලංකාව කියන්නෙ තේ වත්තක් කියලා සමහර මාල දිවයින් වැසියෝ හිතාගෙන ඉන්න එකට විතරයි.

      Delete
  44. Sorry I am late. I can see all others have commented and gone. It's interesting to read about the life of other nations.There's a lesson on Male in Grade 9 English text.I hope that u would be able to tell us more about Maldive Islands in your future posts. The most interesting part is your captions for the photos. Now to the other post.

    ReplyDelete
    Replies
    1. Better late than never.

      Is there a lesson on Male on Grade 9 text book? I'd like to read that. Actually I haven't seen a Sri Lankan textbook since 2001. maybe this is a new edition.

      And thanks very much for your comment.

      Delete
  45. ඩූඩ් ට හොඳටම විස්වාසද බොලේ ඔය වේලිච්ච පොල් කතාව? මගේ ගෝලයෙක් ඉන්නවා, මාලදිවයින් ජාතිකයෙක්. එයාගෙන් මම ඔය කතාව ඇහුවම එයා පුදුම වුණා. විස්තර කරන්නත් ටිකක් අමාරු වුණා.Dried Coconut කිව්වම මනුස්සයා එකපාරටම කිව්වෙ "We don't eat stale coconut" කියලා. පස්සේ තමයි අව්වට වේළුණු පොල් කියලා විස්තර කළේ. අන්තිමට මට ඔයාගෙ බ්ලොග් එක එයාට පෙන්නන්නත් වුණා. එයාට සිංහල බෑනෙ. හොඳ වෙලාවට ඒ පන්තියෙ හිටියා එක මුස්ලිම් ළමයෙක් (අනිත් අය දෙමළ. එයාලටත් සිංහල බෑ. :D ) ඒ ළමයාට සිංහල කියවලා සෑහෙන දුරකට තේරුම් ගන්න පුළුවන්. ඒ ළමයා සාක්කියට හිටියා.
    කොහොම වුනත් මාලදිවයින් ජාතික ගෝලයා නම් කිව්වෙ ඒ ගොල්ලෝ කන්නෙ Fresh ම Fresh coconut කියලා.

    ReplyDelete
    Replies
    1. ලකී, මේක සීයට සීයක් ෂුවර්. ඔය යාලුවට මේ කන්සෙප්ට් එක නොතේරුන එකයි වෙනස.
      මෙහෙමයි කතාව. අපි කුරුම්බා බොනවනෙ. මෙයාලත් කුරුම්බා බොනවා. ඊලඟට ලාංකික අපි පොල් පාවිච්චි කරනවනෙ, ඒ පොල් ගෙඩියෙ ලෙල්ල කොල පාටනෙ. ඒක අපි බොහෝ විට ගහෙන් කඩවා ගන්න එකක්නෙ, වැටෙනකල් ඉන්නෙ නෑනෙ. අන්න එතනයි වෙනස.

      මේ මිනිස්සු ලෙල්ල කොලපාට පොල් නෙවෙයි කන්නෙ. ලෙල්ල දුඹුරු පාටට වේලුන පොල්. ලෙලි ගැහුවාමත් අමු පොල් ගෙඩිය වගෙ ලා පාට නෑ. තද දුඹුරු පාටයි. මිහිහා කියන කතාව ඇත්ත. ඒ පොල් stale වෙලා නෑ තමයි. අපි කනවට වඩා වේලිලා විතරයි.

      අනික මෙයාලගෙන් ලෙල්ල කොලපාට පොල් ගෙඩියක් ඉල්ලන්න ගියොත් අනිවාර්යයෙන් කුරුම්බා ගෙඩියක් තමයි දෙන්නෙ. මෙයාලට ලෙල්ල කොලපාට නම් ඒ කුරුම්බා.

      හුඟාක් වෙලාවට ඕක කොච්චර කිව්වත් මෙයාලට තේරෙන්නෙ නෑ.

      Delete
    2. ඒකත් විස්තර කළා අප්පා! ඒත් මනුස්සයා කියන්නේ ඒ ගොල්ලො පාවිච්චි කරන්නෙ ලෙල්ල කොළපාට ඒවා කියලනේ. එහෙම නැතුව වේලිච්ච පොල්වලින් පොල් කිරි එහෙම ගන්නෙ කොහොමද කියලත් මිනිහා මගෙන් ඇහුවනෙ! :D

      Delete
  46. හොදටම පරක්කුයි , එත් ඉතිං කමෙන්ට් එකක් දැම්මෙ නැත්තම් මට හිතට හරි නෑ. :ඪ්

    ආහ්! අපි තුන්දෙනාට මෙ ක්‍රමය අළුත් වුනාට හුගක් දෙනෙකුට එහෙම නැති බව පේනවා කමෙන්ට් කියෙව්වාම. :)

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>