Wednesday, January 2, 2013

32. යුරේකා!!!!!

අද පාන්දර දෙකකුත් ගානකට අපි ආපහු ආවා.

අපිට කලින් ගෙදර ගිය ඉන්දියානුවො අපිට දවස් පහකට පස්සෙ ආපහු එද්දි කප්පාදුවට ලක්වෙච්ච අපේ නිවාඩුව හමාරවෙලා ආපහු එන්න සිද්ද වුනා.

නිවාඩු කාලේ බාස්ලත් එක්කම ගතකරපු නිසා ඇවිදින්න ලැබුනේ අඩුවෙන්. කොහොමත් අපි ගමන් යන්නෙ ක්ෂණිකව ගන්න තීරණ මත නිසාත්, පළවෙනිදා හැන්දෑවෙ ආපහු යන්න තියෙන නිසාත් පහුගිය දෙසැම්බර් තිස්වෙනිදා අපි A4 මාර්ගය දිගේ ඔහේ යන්න තීරණය කලා එක දවසේ රෝඩ් ට්‍රිප් එකක්.







අපි බෙලිහුල් ඔයෙන් ආපහු හැරුනේ දවසෙන් ආපහු එන්න ඕනෙ නිසයි

මුලින්ම කියවලා ඉන්නකො මම දෙදාස් එකොලහේ නොවැම්බර් මාසෙ, 'මට හිතෙන හැටි' වෙනුවෙන් ලියපු  මෙන්න මෙතනිං කපපං මචං' කියන මේ ලිපිය.

මුල් ලිපිය කියවන්න කැමති නම් මෙතන කොටන්න.

මට ඒ මුල් ලිපියට වෙනස්කම් කීපයක් කරන්න වුනා මීට දවස් කීපයකට කලින් සිදුවෙච්ච යම් සිදුවීමක් නිසා. මේ තියෙන්නෙ ඒ සංශෝධිත ලිපිය.


'මෙන්න මෙතනිං කපපං මචං!'

මේ කාලෙ අපි හිටියෙ බලංගොඩ වැලිහරනාව පාරෙ කුලී ගෙදරක. මේක ක‍තෝලිකයෝ වාසය කරපු ප්‍රදේශයක්. නිවාඩු වෙලාවට අහල පහල හිටිය නෙවිල්, ටෙනිසන්, රිචර්ඩ්, ජනක වගෙ යාලුවොත් එක්ක සෙල්ලම් කරන එක තමයි මට තිබ්බ ලොකුම රාජකාරිය. 


දවසක් ජනකලගෙ ගේ පිටිපස්සෙ ඉඳගෙන අපි  සෙල්ලම. ජනකලත් අපි වගේම බස්නාහිර පළාතෙන් ගිහින් කුලී ගේක හිටපු කට්ටියක්. ටෙනිසන්ලා, නෙවිල්ලා, රිචර්ඩ්ලා ගමේම කොල්ලො.

රිචර්ඩ් ඇහුවා, "උඹලා දන්නවද මචං පොල්පිති ගොන්නු හදන්න?” කියලා.

අපි කිව්ව දන්නෙ නෑ කියලා.

“එහෙනං පිහියක් අරං වරෙං, මචං,” රිචා ජනකට කිව්වා. ජනකයා උගේ මනෝමය කාර් එකේම 'බෲම්' කියාගෙන ගිහින්, ආපහු ඇවිත් හෑන්ඩ් බ්‍රේක් එකත් ඇදලා, පාක් කලා කාරෙක. ජනකයා ගෙනත් තිබ්බෙ හොඳට බර තියන කුස්සි පිහියක්.

ඔන්න රිචා ඉස්සෙල්ලම ගොනා පොල්පිත්තෙන් හැදුවා තමන්ටම.

මූ සෑහෙන ලොකු ගොනෙක්!

ජනකයට ඕනෙ වුනේ ඊට වැඩිය පොඩි එකෙක්.

“පෙන්නපං උඹට ඕනෙ සයිස් එක.” රිචා පිහිය අමෝරාගෙන කිව්වා.

ජනකයා ඇඟිල්ල පොල් පිත්ත උඩ එක තැනෙකින් තියලා,

“මෙතනිං කපපං මචං.” කිව්වා.

රිචා 'ඩකාස්' ගාලා කෙ‍ටුවා හරියටම කියපු තැනට. අප්සෙට් එක, ජනකයට ඇඟිල්ල ගන්න බැරිවෙච්ච එකයි. ජනකයගෙ ඇඟිල්ල දෙකට කපාගෙන ගිය මහ පිහිය, ඩකස් ගාලා පොල්පිත්තෙ හිරවුනා.

ජනකයගෙ ල‍තෝනියට ජනකගෙ අම්මා, කුමාරසිංහ ආන්ටි දුවගෙන ආවා. ඇඟිල්ලෙන් ලේ විදිනවා!

ඇඟිලි පුරුක් දෙකක් හමෙන් එල්ලිලා තියෙනවා! මට මතක විදියට ආන්ටිට එතනම සිහිය නැතිවුනා.
රිචා යකෙක් දැකලා වගෙ ගල් වෙලා. මට හැම දෙයක්ම හීනයක් වාගෙ.

එතකොටම කොහෙද ගිහින් ඉඳලා අපේ තාත්තා ආවා එයාගෙ තඩි මෝට බයික් එකෙන්. දැන් මිනිස්සු පිරිලා. හැමෝම කෑ ගහනවා. කවුදෝ රෙදි පටියක් බැඳලා අයිස් තිබ්බා. අපේ  තාත්තා බයික් එකේම ගිහින්
ජනකගෙ තාත්තයි, කාර් එකකුයි අරන් ආවා. පහල ගෙදර මිස්ට අන්දරාජු (මම හිතන්නෙ හරි නම අන්ද්‍රාදි වෙන්නැති), මිස්ට බෙන්ජමින් හෙම වට වෙලා හරියට උදවු කලා.

දවසකට හෝ දෙකකට පස්සෙ ජනක ගෙදර ආවෙ ඇඟිල්ලෙන් පුරුක් දෙකක් නැතිව. කුමාරසිංහ ආන්ටි රිචර්ඩ්ලත් එක්ක කාලයක් යනකල් කතාකලේ නෑ. ඉස්කෝලෙ කොල්ලො ජනකයට “ඇඟිලි කොටා” කියලා නමකුත් දැම්මා. මම මේක ගෙදර ඇවිත් අම්මලට කිව්වාම, අම්ම,

“ඔයා හෙම ජනකට ඇඟිලි කොටා කියලා තිබ්බොත් කට තලනවා,” කියලා පූර්ව අනතුරු හැඟවීමක් කලා.

මේ සිද්ධියෙන් අවුරුදු දෙකකට විතර පස්සෙ අපි බලංගොඩ අතහැරලා බස්නාහිර පළාතට ආපහු ආවට පස්සෙ මම ජනකව දැක්කෙ නෑ මේ අද වෙනකල්. අතේ ඇඟිලි පුරුක් දෙකක් අඩු ජනක ඔබේ නෑදෑයෙක් හෝ යාලුවෙක් නම් එහෙම නැත්නම් ඔබ ජනක නම් කරුණාකර මට ඊයක් එවන්න. නැතිනම් මෙහි කොමෙන්ට් එකක් දාන්න.

ඉතින් ඔන්න ඔහොමයි වුනේ. ඒ හරියටම අවුරුද්දයි මාසෙකට කලින් ලියැවුනු ලිපියක්.

මට තියෙනවනෙ අතීතය හොයාගෙනෙ යාමේ පුරුද්දක්. ඉතින් හරියටම 2012හේ දෙසැම්බර් තිස්වෙනිදා, අර රෝඩ් ට්‍රිප් එක ගියාම, මම අපේ පුතාට මම මුලින්ම ගිය ඉස්කෝල කීපයක් පෙන්නුවා. මම පොඩිකාලෙ කොන්වන්ට් එකකට  ගියා කිව්වාම කොල්ලාට අදහාගන්න බැරිව ගියා. මේ තියෙන්නෙ, ඒ කොන්වන්ට් එක අද.





ටික වේලාවකින් මම වැලිහරනාව පාරට හරවලා පැරණි මතක මාවත දිගේ රිය පැදෙව්වා. අපි හිටපු ගේ වෙනුවට එතන වෙනත් ගෙයක්. නමුත් නවීකරණය වූ හා නොවූ ගෙවල් මග දෙපසම තිබුනා. (මේ මම අතීත මතක හොයාගෙන මෙතනටම ගිය තුන්වෙනි වතාවයි. අනිත් දෙපාරම කලබලෙන් ගියේ.)



ඔය උස තාප්පේ තියෙන්නෙ ජනකලා හිටපු ගේ වටේටයි.

ප‍ටු පාරේ අපහසුවෙන් රිය නැවතූ මම, මුලින්ම මිස්ට අන්ද්‍රාදි ගැන හොයලා බැලුවා. ඒ මිනිස්සු, මම මුලින් හිතපු විදියට, මා දිහා සැකෙන් බැලුවේ නෑ. අර ඇඟිල්ල කැපුනු සිද්දිය ගැන කිව්වාම ලැබුනේ ඉහල ප්‍රතිචාරයක්. හැමෝටම ඒ සිද්දිය මතකයි.


කොහොමත්  මේ ප්‍රදේශයේ බහුතරයක් වන, බලංගොඩ ක‍තෝලිකයෝ ගැන කිවයුතුම දෙයක් නම්, අපි හිටපු කාලේ, පොසොන් තොරණ ගහන්න මූලිකත්වය අරන් වැඩ කලේ, බෞද්ධයන්ටත් වඩා ක‍තෝලිකයෝ. වෙන මොකුත් කියන්න අවශ්‍ය නෑනෙ.

අන්ද්‍රාදි ගෙදරින් ලැබුන තොරතුර අනුව ඉස්සරහා කඩේ අයිති රිචර්ඩ්ට. මම මුල් ලිපියේ, ඇඟිල්ලට කෙ‍ටුවේ  ටෙනිසන් කියලා ලියලා තිබුනේ මතකයේ තිබුන අඩුවක් නිසා. මම අන්ද්‍රාදි ගෙදරට ගිහින් මේ ගැන අහනවා බලා හිටියේ, කඩේ වැඩ කරමින් හිටිය රිචර්ඩ්ගෙ බිරිඳ. මම කඩේට  ගිහින් මේ ගැන කියනකොටත් ඇයට කතාව ඇහිලා තිබුනේ. මුව පුරා සිනහවෙමින් මා පිළිගත් ඇය, රිචර්ඩ් මේ මොහොතේ ‍රැකියාවට ගොස් ඇති බව කිව්වා. එතනම හිටිය පැට්‍රීෂියා "ඇයි මාව මතක නැද්ද?" යයි මගෙන් ඇසුවා.

රිචර්ඩ්ලගෙ කඩේ. මම තොරතුරු විමසමින්...
කඩේ ඉස්සරහ හිටගෙන ඉන්නෙ පැට්‍රීෂියා. කවුන්ටරයේ ඉන්නෙ රිචර්ඩ්ගෙ බිරිඳ.
ජනක දැන් ඉන්නෙ නුවර බවත්  ඔහු තවමත් ඉඳහිට මේ පැත්තෙ එන බවත් දැන ගත්තා. රිචර්ඩ්ගෙ දුරකතන අංකය ලබාගත් මම, පස්සෙ ඔහුට කතා කලාම, ඔහු මා වගේම සතු‍ටු වුන බව මට කට හඬින්ම තේරුනා. තව දිනකින් ආපසු යාමට තිබෙන නිසා දැක ගන්න අවස්තාවක් නොලැබුනත්, ලබන නිවාඩුවේ අනිවාර්‍ය අංගයක් වන්නේ රිචර්ඩ්ව මුණගැහීම බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඇයි ජනක!

තවත් කිවයුතු දෙයක්නම් මම මුල් ලිපියෙ සඳහන් කරපු මේ වාක්‍යය:
"කුමාරසිංහ ආන්ටි රිචර්ඩ්ලත් එක්ක කාලයක් යනකල් කතාකලේ නෑ."
මම කුමාරසිංහලා ගැන ඇහුවාම රිචර්ඩ්ගෙ ප්‍රිය බිරිඳ ඒ ගැන කිව්වෙ මෙහෙමයි.

"ඒ අංකලුයි ආන්ටියි දෙන්නම නැතිවුනා. නමුත් හරිම හොඳ මිනිස්සු. අච්චර දෙයක් වෙලාත් රිචර්ඩ්ලා එක්ක තරහ වුනේ නෑනෙ."


අන්න මිනිස්සු!

"කෝ අර මෙතන තිබ්බ ටැප් එක?"

 "අඩේ මේ රිචාලගේ ලයිට් මීටරේ නම් එදා තිබ්බ එකමද කොහෙද"

වගේ උදාන වාක්‍ය කිය කිය මම එහෙ මෙහෙ ඇවිදිනවා බලා සිටි දීපා, ඇත්තටම හෙන්රි මෙහෙ ඉන්නකොට ඔයාට කොච්චර විතර වයසද? කියලා ඇහුවා. "අවුරුදු නවයට අඩුයි," කියලා මම කිව්වාම, "ඔයාට පුදුම මතකයක්නෙ තියෙන්නෙ! කියලා ඈ සුපුරුදු ලෙස, පුදුම වුනා.

ප ලි:

එදා රෑ කෑම කෑවේ ඒ කේ එම්ගේ අඩවිය ලියන අකමාගෙ ගෙදරින්. අකමා අකමැති වෙයිද දන්නෙ නැති නිසා මෙයිට වඩා විස්තර ලියන්නෙ නෑ. නමුත් ඒ ආගන්තුක සත්කාරය නම් හරිම ඉහලයි.

ඒ විතරක්ද!

මේ නිවාඩුව ආමාශය හා සම්බන්ධ එකක්. ඒ ගැන මම ඊ ලඟ පෝස්ට් එකෙන් කියන්නම්.


2013, ඔබ සැමට පැතුම් ඉ‍ටුවන, 
වාසනාවන්ත  වසරක් වේවා!








132 comments:

  1. බොහොම හදිස්සියෙන් මේ කොටන්නේ. හරියට කියවන්න එන්නං රැ වෙලා

    ReplyDelete
  2. කොහොමත් ඉතින් අතීතේ සුන්දරයිනේ නේද ?මාත් මේ දවස්වල අතීතකාමයේ ගිලිලා ඉන්නේ ,පොස්ට් ලියන්නෙත් ඒ ගැනමයි

    මුල් යුගයේ ටෙලි නාට්‍ය

    අලුත් අවුරුද්දට පැරණි රසාංග

    ReplyDelete
    Replies
    1. මාත් අතීත කාමයට බොහොම මනාපයි. මම ඔය වචනේ ඉගෙනගත්තෙ සාබිත්ගෙන්.

      මම ඒ පෝස්ට් දෙකම කියෙව්වා හස‍රැල්. මරු. :)

      Delete
  3. නිවාඩුව ඉක්මනින්ම ගෙවිලා ගියා නේද..? ඩුඩ් අයියා බලංගොඩත් පදිංචි වෙලා හිටියා එතකොට..? ඒ වගේ මතකයන් ලේසියෙන් මැකෙන්නේ නම් නෑ තමයි.
    සුබ නව වසරක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. නිවාඩුවට ත‍ටු තිබුනා චන්දන. එන පාරවත් මුන ගැහෙමු. ටික දෙනෙක් නම් මුන ගැහුනා. ඒවත් සුන්දර මතකයන් තමයි. චන්දනටත් වාසනාවන්ත නව වසරක්.

      Delete
  4. ඔයා හොයන්නේ දකුණු අතේ ඇගිලි දෙකක් නැති කෙනෙක්ද , ඒහෙනං ඔයා හොයන්නේ මාව

    ReplyDelete
    Replies
    1. උඹේ ඇඟිලි කැපුනෙ කොහොමද කියල ලියපන්කො..(වල් කමේ ගිහින් නෙවෙයිනෙ..)

      Delete
    2. ඇතුලට බ්ලේඩ් එකක් දාලා තියෙන්න ඇති...

      Delete
    3. උඹේ ඇඟිලි දෙකකට මොකක්ද හුටප්පරයක් වෙලා තිබ්බ බව පුතායි මායි දැක්කා.
      නමුත් ඇහුවේ නෑ උඹේ හිත රිදෙයි කියලා හිතලා.

      Delete
  5. බිස්නස් පාට්නර් මුලිච්චි වීමට නොපැමිණීම ගැන බලවත් කණගාටුව ප්‍ර‍කාශ කරමි.

    ReplyDelete
    Replies
    1. ඔබට සහ පවුලේ හැමෝටම සුභ නව වසරක් වේවා !

      Delete

    2. සිරා මට සමාව දීපං බං මේ පාරටත්. ලබන සැරේ එහෙම වෙන්නෙ නෑ. උඹටත් පවුලේ සැමටත් දුකින් තොර සැපෙන් බර නව වසරක්.

      Delete
  6. 2013, ඩූඩ්ටත් ඩූඩ්ගෙ පවුලෙ අයටත් වාසනාවන්ත සුභම සුභ අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොහෝමත්ම. Chamsටත් බලාපොරොත්තු ඉ‍ටුවන නව වසරක් පතනවා.

      Delete
  7. සුභ අලුත් අවුරුද්දක් ඩූඩ් අය්යටත්...

    පරන යාළු මිත්‍රකම් අලුත් කරගන්න එක බොහොම හොඳ දෙයක්...

    ReplyDelete
    Replies
    1. මීගොඩයාටත් පවුලේ සැමටත් ප්‍රීතිමත් නවවසරක්!

      Delete
  8. යන්තම් ඇති මම එක කියලා උඩ පනින මෝඩ රැල අද නැති නිසා හිතේ සතුටෙන් කොමෙන්ට් එකක් ලියන්න පුලුවන්.
    කොමෙන්ට් මැකුවට තරහ නෑ. සුභ අළුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඇනෝ. මම සාමාන්‍යයෙන් කාගෙවත් කමෙන්ට් එකක් ඩිලීට් කරන්නෙ නෑ. නමුත් මෙතනට එන කාගෙවත් හිත රිදවන්න මම කැමති නෑ. ඇනෝගෙ උනත්.

      ඇනෝටත් සෞභාග්‍යමත් නව වසරක් පතනවා. ආයෙ එන්න.

      Delete
  9. නිවාඩුවත් ඉවරයි වගේ එහෙනම් .....

    ReplyDelete
    Replies
    1. දුකේ බැරුවා. විශ්වාස කරන්න සන්ජය ලංකාවට එද්දි ෆෝටෝස් හැට හුටහමාරක් ගත්තත්, ආපහු එද්දි එකක්වත් ගත්තෙ නෑ. හිතලා නෙවෙයි.

      Delete
  10. නිවාඩුව ඉක්මනින් ගෙවිලා ගිහින්... අර කිව්වත් වගේ ඩූඩ් මේ නිවාඩුව ගත කලේ බාස්ලා සහ මකබාස්ලා එක්කනෙ.. :

    ඉතින් නිවාඩුවේ වගතුග දැනගන්න අපි බලාගෙන ඉන්නවා...තව තව බාස් කතා ඇතිනේ...

    ඩූඩ් ඇතුළු පවුලේ හැමෝටම සතුට ..නිරෝගිකම රැඳුන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා !

    ReplyDelete
    Replies
    1. සන්ජයට කිව්වා වගේම ලංකාවට එද්දි ෆෝටෝස් හැට හුටහමාරක් ගත්තත්, ආපහු එද්දි එකක්වත් ගත්තෙ නෑ.ඒක නොහොතාම වෙච්ච දෙයක්.

      බාස් කතා කියවලා කට්ටියට තිත්ත වෙන නිසා වෙන මොනවා හරි දාන්න කල්පනා කලා. හැබැයි මේ පාර පොලිස් කතා නම් එකක්වත් නෑ. ඒ කියන්නෙ ට්‍රැ‍ෆික් වැරදි කලේම නැති තරම්.

      ළිහිණිටත් අර කවුද කිව්වා වගෙ උසට සරිලන, හිතට ගැලපෙන සහකරුවෙක් මේ වසරේදීවත් ලැබේවා.

      Delete
  11. ඔක්කොම අතීතේ ජීවත් වෙන්න හරි ආසයි නේද...

    මං කිව්වා අපේ මහත්තයට මෙන්න ඩූඩ් අයියලා ආපහු ගිහිල්ලා කියලා.. ඇහ්.. මෙච්චර ඉක්මණට ලු... හි හි

    ReplyDelete
    Replies
    1. අනාගතය වර්තමානය අමතක කර අතීතය තුලම ගිලී ජීවත්වීම නම් වැරදියි.
      මෙහෙම කරන එක නම් හරි ජොලි.
      මටත් කියන්න තියෙන්නෙ අපේ මහත්තයා කිව්ව එකමයි.
      අන්තිම අසාධාරණයක් වුනේ.

      ඔබ දෙපලත්, දෙන්නා තුන්දෙනා වේවා! ප්‍රීතිමත් නව වසරක් හිරු.

      Delete
  12. ඔන්න දැන් තමයි මේක හරියටම කියෙව්වේ. ඉතින් ලංකාවේ හිටි කාලේ සතුටින් සිටි බවක් මේ පෝස්ටුවෙන් පේනවා.ඔබේ මතකය නම් බොහොම අපූරුයි.හතර දෙනාටම සුබ නව වසරක් වේවා....යළිත් හමුවෙමු දෙසැම්බරයේ දී.

    ReplyDelete
    Replies
    1. නලීන්, අපි ලංකාවෙ ඉන්නෙ කොහොමත් ප්‍රීතියෙන් තමයි. අනිවා නැවත හමුවෙමු. නලීන්ගෙ මුලු පවුලටම සුබ අලුත් අවුරුද්දක් වේවා.

      Delete
  13. බලංගොඩ කියන්නෙ මම ලංකාවෙන් කැමතිම පැත්ත,විශේෂයෙන්ම බෙලිහුල්ඔය (ඒ පැත්තෙ මිනිස්සු හුගාක් හොදයි).

    හෙන්රිටත් පවුලේ හැමෝටමත් සුබ නව වසරක් වේවා.....!

    ReplyDelete
    Replies
    1. සුමිත්, මමත් ආසම පැත්තක් තමයි බලංගොඩ. දේශගුනයත් නියමයි, නැද්ද?
      නිරිඇල්ල පවුලටම වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා.

      Delete
  14. බලාපොරොත්තු ඉටුවන happy 2013 ක් වේවා !!! සුලෝහිතේ හෙම පෙන්නුවෙ නැතේ ?

    ReplyDelete
    Replies
    1. කොල්ලා සුලෝහිතේ දැකලා තියෙනවා කලින්.

      ජෝන් පවුලටමත් වාසනාවන්ත, පැතුම් ඉ‍ටුවන නව වසරක් වේවා!

      Delete
  15. දෙවැනි පින්තූරෙ ඉන්න දෙන්නගේම කාට දැවිල්ල අල්ලලා වගේ. දාඩියත් බේරෙනවා.... :P

    පොඩි පොඩි දේවල් අල්ලලා දාන්න හෙන්රි අයියේ. ඔයාලා ගියායින් පස්සේ අපේ ගෙදර ප්‍රශ්ණ පත්තරයක්. කරුණු කාරනා පැහැදිලි කරලා හේ ඩියුඩ් එකේ,
    63. HAPPY BIRTHDAY, DEEPA!" එකයි,
    "54. Tongue Twister Family."එකේ අන්තිමට තියෙන “What the f***** Hell,"කෑල්ල ඇරෙන්න ඒකයි (ඒක ටාර් ගාලා ස්ක්‍රෝල් කරා. හි හි)දෙකම අකුරක් නෑර අයන්නේ ඉඳන් "Z" වෙනකම්ම කියවන්න දීලා තමයි බ්ලොග් කියන්නේ මොකක්ද? යාළුවො අඳුන ගන්නේ කොහොමද? කියන පුරස්නෙන් ගොඩ ගියේ.
    අම්මටත් මාර හැපී ඔයාලා අඳුර ගන්න ලැබුණු එක ගැන. (අර පොස්ට් දෙක කියෝලා ඉවර වෙනකන් ඇඟේ ලේ වතුර වෙලා හිටියේ බ්ලොග් රෝලේ තියෙන එව්වත් කියවයි කියලා)

    රිචඩ් වැඩ කරන්නේ ලංගමේ ද?

    ReplyDelete
    Replies
    1. එයාල හරි හොද පවුලක් නේද , අද කාලේ එහෙම අය ඉන්නවද කියලත් හිතාගන්න බෑ , ඒ අයියා හිටියේ එයාගේ ගෙදර ඉන්නවා වාගේ

      පැය බාගයක් විතර මම එව්වා වාගේ කතන්දර ටිකක් අහගන හිටියා akm

      Delete
    2. @ඔය බ්ලොග් රෝලෙ යන සමහර පින්තූර වෙලාවකට මටත් ප්‍රශ්ණයක් අකමා.

      අම්මා හොඳ ඉම්ප්‍රෙෂන් එකක් ඇති කරගත්තා නම් හොඳයි. අඩේ දැන් අම්මාත් බ්ලොග් කියවන්න ගනීද දිගටම?

      ඔව්, රිචර්ඩ් ලංගමේ තමයි වැඩ කරනවා කිව්වෙ. ජනකවත් හොයාගත හැකි රිචර්ඩ් මාර්ගයෙන්.

      @ලක්මාල්: උඹලව දැකගන්න ලැබීමත් අකමා දැක්කා වගේම අපිට සතුටක්.

      Delete
    3. අටමෝ, බය නැතුව ආශ්‍රය කරන්න පුළුවන් කට්ටියක්. ලොකුකමක් ගෑවිලාවත් නෑ.

      @Dude: ජනක ගැන විස්තරයක් හොයලා දෙන්නම්කෝ...

      Delete
  16. ලංකාවේ පළාත් හතරක නගර 7,8 ජීවත්වෙලා තියන මටත් ඔය පරණ මතකයන් හොයාගෙන යෑමේ උණක් තියනවා. ඕකට කියන්නෙ අතීතකාමය (Nostalgia) කියලා මම හිතන්නේ.

    ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුභ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. Nostalgia තමයි තිසර,. තවත් එහෙම එකෙක් හඳුනාගන්න ලැබීමත් ලොකු දෙයක්. Common interests.

      තිසරටත් ප්‍රීතිමත් නව වසරක් පතනවා.

      Delete
  17. පැරණි මතක!!! තව ටිකක් නාකි උනාම මාත් ලියනවා පැරණි මතක ගැන...:) සුභ අලුත් අවුරුද්දක්!!

    ReplyDelete
    Replies
    1. ඇයි කැරළීස්, ඔයාට පුලුවන්නෙ ඔය දණගාපු කාලෙ, ඉස්සෙල්ලම ඉස්කෝලෙ ගිය දවස වගේ දේවල් ගැන ලියන්න.

      කැරළිකාරිටත් ජීවිතය වෙනත් මගක් ගන්නා අලුත් අවුරුද්දක් වේවා!

      Delete
    2. @ කැරලිකාරී

      නාකි උනාම????? තව මොනවා නාකිවෙන්නද??? ගිනස් රෙකෝඩ් එකක් වෙයි ඔයා ඔයිට වඩා නාකි උනොත්. :P

      Delete
  18. Replies
    1. ගයනිටත් (නම ගයානිනම් කියන්න), නිරෝගී, ප්‍රීතිමත්, පැතුම් ඉ‍ටුවන නව වසරක් වේවා!

      Delete
  19. ජය වේවා ඩුඩෙ. ආයිත් ගියානං ඉතිං දැං හැකි විසිදට කොට බාන එක හොදා..

    ReplyDelete
    Replies
    1. උඹටත් පවුලේ සැමටත් සුබ නව වසරක් දේශකයෝ!
      ඔව් මේ පට්ටාං ගත්තා. උඹලා මාර ලියවිලක්නෙ ලියලා තියෙන්නෙ පහුගිය ටිකේ.

      Delete
  20. බ්ලොග්වෝකර් පවුලේ සැමට සුබ 2013 ක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා. අර චිත්‍ර ශිල්පියා ඇතුළු පවුලේ සැමටත් ලැබුවාවූ නව වසර වාසනාවන්ත එකක්ම වේවා!.

      Delete
  21. පවුලේ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
    Replies
    1. වීයාටත් පවුලේ සැමටත් සෞභාග්‍යමත් නව වසරක් වේවා!

      Delete
  22. ඩූඩ් පවුලේ සැමට සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න ඇතුලු පව්ලේ සැමටත් සිහින සැබෑවන 2013ක් වේවා.
      අපි එදා ප්‍රසන්නලගෙ ගෙවල් ආසන්නයටම ඇවිත් ඇති බව අකමාගෙන් දැනගත්තා. :)

      Delete
  23. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් හෙන්රි අයියේ. ඔය කුස්සියෙ තියෙන ලොකු පිහියා වලට අපි කියන්නේ වක් පිහිය කියලා. උච්චාරණය කරන්නෙ වප්පිහිය කියලා. ආයිත් එන්නේ අවුරුද්දකින්ද?

    ReplyDelete
    Replies
    1. අපේ රතූටත් පවුලේ සැමටත්, අරමුණු අපේක්ෂා මල්පල ගැන්වෙන නව වසරක් වේවා.
      වක් පිහිය කියන වචනෙ අහල තිබ්බට අපි පාවිචි කරන්නෙ මහ පිහිය කියන වචනෙ බං. ඕං ඉස්සර අපේ ගෙදර තිබ්බ ප්‍රසිද්ධ පිහි තුනක් තමයි ලොකු මහ පිහිය, පොඩි මහ පිහිය, පොඩි පිහිය.
      ඔව්.

      Delete
  24. අලුත් අවුරුද්දට සුභ පැතුම් ඩූඩ්

    ReplyDelete
    Replies
    1. පිණිබිඳුවටත් පවුලේ සැමටත් ප්‍රීතිමත් නව වසරක්වේවා!

      Delete
  25. දකින්න බැරි උනත් ආමන්ත්‍රණය කරන වචනෙ (මචං)හොයා ගත්තා මදැයි දුරකතනෙ පිහිටෙන්.. අටමා නම් දැක ගත්තා හැබැයි ඌ හිටියේ කරකවලා අතෑරලා වගේ..(ඌ හොර ගමනක් ගිහින් ආව වෙලාවෙ හින්දාද මන්දා)

    ReplyDelete
    Replies
    1. සරත් දැකගන්න නොලැබිච්ච එක මටත් ලොකූ අඩුවක් . කාලය පිළිබඳ ලොකූ අර්බුදයකට මූණ දීලා හිටියේ අපි.ඒ අවස්තාව ආයෙ උදාවේවි නේද? ලබන අවුරුද්දෙත් මේ කාලෙට ලංකාවට ඒවි නේද සරත්? මචං වගෙ හෘදයාංගම වචනයක් තව තියෙනවද? ටිකක්කල් ගිහිල්ලා මචං වලට බහින්නෙ නැතිව කෙලින්ම මචං වලින්ම, පටං ගන්න පුලුවන් චරිත මම ඉවෙන් දන්නවා මචං.

      අපිත් අටම්පවුලම හම්බවුන බව මම කිව්වද?

      Delete
  26. හෙන්රි අයියා දීපා අක්කා ඇතුළු පවුලේ සැමටම සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. අපේ රාජ් පවුලටත් ඉතාම ප්‍රීතිදායක, සෞභාග්‍යමත් නව වසරක් වේවා!

      Delete
  27. සුබ නව වසරක් වේවා !!!!!!!!! ඩුඩ් පවුලේ සියලු දෙනාටම. හදිසියේ නිසා සලකන්න බැරි වුනා ඒකටනම් සමාවෙයන් අය්යෙ.

    ReplyDelete
    Replies
    1. කවුද යුරේකා කියන්නෙ ....ඔය උඩින්ම දාල තියෙන්නෙ එයත් හොයන්න ගිය යාලුවෙක්ද ඈ ....................D

      Delete
    2. කම්මල් මල්ලිටත් සියලු අපේක්ෂා මුදුන්පත් වෙන සුබ 2013ක් වේවා.

      මොනවද බං සැලකුවා මදිද කියන්නෙ? අපි ආපහු එයාපෝර්ට් එකට ආවෙත් ඒ රෙස්ටෝරන්ට් එක ලඟින්. වහාම උඹව මතක් වුනා කට්ටියටම.

      අරකත් හරියට, 'කවුද තාත්තෙ අර නැපෝලියන්ගෙ පිට උඩ නැගලා ඉන්න එකා?' කියලා ඇහුවා වගේ. :D

      Delete
  28. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඩූඩ්ටත් පවුලේ හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. පරිකල්පන ඇතුළු පවුලේ සැමටත් ඉතාම ප්‍රීතිදායක නව වසරක් පතනවා, ස්තුතිපූර්වකව. :)

      Delete
  29. අඩේ A4 කියන්නේ...අයියා ගිහින් තියෙන්නේ අපේ ගේ ඉස්සරහින්නොවැ ඈ......පරණ මතකනම් සෑහෙන්න වටිනවා. කාලකින් ඉස්සර හිටපු තැන් වලට යනකොට හිතට දැනෙන හැගීම මාරයි....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ තරුවා. ඉතින් මම දන්නවා නම් හොට දාගෙන යනවා. ආයෙ එන්න කලින් මට ෆෝන් නම්බර් එක එවාපංකො මේල් එකට.

      ඔව් තරුවා. ඒකට කියන්නෙ nostalgia කියලා. සල්ලි වලට ගන්න බැරි, හරිම සුන්දර හැඟීමක්.

      Delete
  30. හප්පේ අපේ ඩුඩ් කොලුවා දැක්ක කල් කොහෙද ගිහින් හිටියේ මම මේ පොලිස් නිවේදනයක් දෙන්නදෝ කියල කල්පනා කලේ. ලංකාවට ගියාම පොඩිකාලේ කල්ගේවපු තැන්වලට ගියාම ඒ කාලේ සුන්දර මතක මැවෙන එක නවත්වන්න කාටවත් බැහැ එක පොදු දෙයක් කොහොම හරි කියන්නකෝ දැන් ඉන්නේ මාලේද කියල.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. අඩේ උඹ මගේ වයසත් සෑහෙන අඩු කරලනෙ කෝරළේ මහත්තයෝ. ඔය කියන කාලෙ නම මම ඩූඩ් කොලුවා තමයි.

      ඔව් ඒවා හරිම සුන්දර මතක. අනික කලක් මිදෙන්නෙ කවදද කියලා හිතාගෙන අසතුටෙන් හිටපු තැන් පවා පස්සෙ සුන්දර මතකයන් ඇති තැන් බවට පත්වෙන්නෙ හරිම පුදුමාකාර විදියට.
      ඔව් බං.

      ආපහු ආවා.

      Delete
    2. කොලුවා කිව්වේ මොකද ඔය මගේ ප්‍රොෆයිල් පින්තූරේ හැටියට මගේ වයස අඩුම 70ක් විතර වෙන්න ඕනේ නේ. ඩුඩ් අයිය එච්චර වයස නැහැනේ................

      Delete
    3. අඩේ........... අතමක උනානේ. විශ් කරන්න :P ඔන්න ඩුඩ් අයියටයි පවුලේ හැමෝටමයි සුභ අලුත් අවුරුද්දක් වේවා.

      Delete
  31. පරණ මතක වලට අවතාරුත් මාර කැමතියි.හැපි නිව් ඉයර් ඩියුඩ් ටත්

    ReplyDelete
    Replies
    1. We are in the same boat, then, Avatar! A very happy prosperous New Year to you and your family! :)

      Delete
  32. ඒ කියන්නෙ ආයෙ අවුරුද්දකින්ද ගම් රට එන්නෙ. කොහොම උනත් ඊයෙ වෙච්ච දේ අද මතක නැති මිනිස්සු අතර ඔයා නම් මාරයි හෙන්රි අයියා, හැමෝටම එහෙම අතීතෙ ගැන මතකයක්වත් පස්සෙ කාලෙක ඒ මතක සටහන් ඔස්සෙ යන්නවත් ඕනකමක් නෑ. ඔය ඒ අතින් විශේෂයි.

    ප්‍රමාද වී හෝ ඔබ ඇතුළු පවුලේ සියළු දෙනාට සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. ඔව් DDT අවුරුද්දකින්. ඒ කියන්නෙ මේ අවුරුද්දෙම තමයි.

      අනේ බං මටත් හුඟක් වෙලාවට උදේට කාපු දේ නම් මතක නෑ. නමුත් මිනිස්සු නම් එහෙම නෙවෙයි. මම මීට කලිනුත් අතීතය හොයාගෙන ගිහින් තියෙනවා. ඇයි දෙහිඅත්තකණ්ඩියට දෙතුන් වතාවක් ගියේ. මට තියෙහ දොළදුකක් තමයි අපි හිටපු ක්වාර්ටර්ස් එකේ දවසක් ගත කරන එක. ප්‍රශ්ණෙ ඒකෙ කට්ටියක් ඉන්නවනෙ දැන්. කතා කරලා බලන්න ඕනෙ වෙලාවක.

      මට තියෙන තවත් දොළදුකක් තමයි උඹව හම්බවෙන එක. මම එන්න කිට්‍ටුව ෆෝන් නම්බර එක එවාපංකො මේල් එකේ.

      DDTටත් පවුලේ සැමටත් සෞභාගයමත් නව වසරක්. කම්පියුටරේ ඉස්සරහ අඩුවෙන් ඉඳගෙන ඉඳලා වැඩියෙන් ව්‍යායාම වල යෙදෙන්න අපි දෙන්නම අධිශ්ඨාන කර ගම්මුද බං?

      Delete
    2. හරි හෙන්රි අයියා, හම්බුවෙමුකෝ. මේක මෙතන කිව යුතුද නැත්ද මන්ද, ඔන්නොහෙ ලියනව, මම මෙහෙම කිව්වම කාටහරි ප්‍රශ්නයක් වෙයිද දන්නෙ නෑ මම කියන දේවල් පරස්පරයි කියල, මොකද මම කලින් කීප වතාවක්ම අතන මෙතන කමෙන්ට් කරල තියෙනව බ්ලොග් අවකාශයෙන් එහා ගිය පුද්ගලික හිතවත් කම් ඇතිකර ගැනීමේ බලාපොරොත්තුවක් නෑ කියල. ස්වයංවාරණ පනව ගත්තට සමහර අවස්ථාවලදි ඒ නිසාම හරි අසීරුතාවලට මුහුණ දීමට සිදුවෙනව. පසුගිය අප්‍රේල් මාසෙ අහඹු සිදුවීමක් නිසා මට ඔබා මාමා මුනගැසීමේ අවස්ථාවක් ලැබුණත් පොඩි ඊ මේල් හුටපටයක් නිසා ඒ අවස්ථාව මඟහැරුනා, මේ අවුරුද්දෙ අප්‍රේල්වල අනිවාර්යෙන්ම හමුවෙමු කියල පසුව ඔබා මාමා මට මේලක් එවල තිබ්බා, ඉන් දින කීපයකට පස්සෙ සිදුවුන ඒ අවාසනාවන්ත සිදුවීම නිසා මම හුඟක් කම්පා වුනා, ලැබුණු අවස්ථාව මඟහැරීම ගැන. කොහොම උනත් මම පහුගිය කාලෙ කිහිප අවස්ථාවකම ඒ ගැන නැවත හිතුව. කිසිම දෙයක් හිතට බරක් කරගන්න මම කැමති නෑ, ඒ නිසාම හැම දෙයක්ම වෙන හැටියට වෙන්න අරින එක තමයි හොඳම දේ. මම මේ පැත්තකට වෙලා බොහොම නිස්කලංක ජීවිතයක් ගත කරන්නෙ, ඒ නිසාත් මම හිතනව ඒක හොඳයි කියල. එහෙනම් මම ආරාධනා කරනව හෙන්රි අයියලට අපේ ගෙවල් පැත්තෙ අනිවාර්යයෙන් ඇවිල්ල යන්න එන්න කියල. ඔන්න ඔයාගෙ ලිස්ට් එකේ උඩින්ම ඒක ලියා ගන්න.

      Delete
  33. අතීතය අමතක නොකරන එක නම් ගොඩක් වටිනවා හෙන්රි අයියේ.. ඇත්තටම ඒ ගැන සතුටුයි..

    පරක්කු උනත් අයියටයි,පවුලේ අයටයි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
    Replies
    1. මල්සරා, ලැජ්ජා වෙන්න ඕනෙ සහ හංගන්න ඕනෙ අතීතයක් නැති නිසාදෝ මම අතීතයටටත් පරණ සම්බන්ධකම් වලටත් බොහොම ප්‍රියයි.

      මල්සරාටත්, පවුලේ සැමටත් ප්‍රීතිමත්, පැතුම් ඉ‍ටුවෙන නව වසරක් පතනවා.

      Delete
  34. සුභ අළුත් අවුරුද්දක් වේවා ඩූඩී (මගේ ඉශ්‍රායල් යාළුවෙක්ගෙ නම ඩූඩී)

    ReplyDelete
    Replies
    1. මගේ නොදු‍ටු මිත්‍රයා මාතලන් තුමාටත් සෞභාග්‍යමත් නව වසරක්!

      අනේ අපි තොරණ හන්දියෙන් නම් දහවතාවකට වැඩිය යන්න ඇති මේ පාර.

      Pls. Give my regards to Dudee.

      Delete
  35. පරණ මතක අලුත් වෙනකොට හිතට දැනේන සිතුවිලි මහ පුදුමාකාරයි තමයි ඔබ සහ පවුලේ සැමටම සුබ නව වසරක්

    ReplyDelete
    Replies
    1. උඹත් මගෙ පරණ මතකයක් තමයි. (මෙච්චරටම පරණ නොවුනත්) කෝ ඉතින් එන පාරවත් හමුවෙමු රාජ්. රාජ් පවුලටත් සාමයෙන් සතුටින් පිරි නව වසරක් වේවා.

      Delete
  36. නිවාඩු නම් ගෙවෙනවා නෙමේ මචෝ දුවනවා . .. ගිය 7 වෙනිදා ගිය ම්ගේ නිවාඩුව මේ හැරිලා මේ බලනකොට 22 දෙක වෙලා මට එන්න දවසත් හරි ගිහින් . .

    මටත් තියෙනවා ඔය අතීතයේ කට්ටිය හොයා යෑමේ මාර ආසාවක් දුක කියන්නේ වෙලාව හොයා ගන්න තියෙන අමාරුව තමා.

    අසනීප වෙලා හිටි පුංචිව බලන්න යන්න බැරි උනා අවුරුදු ගානකින් මේ සැරේ කොහොම හරි ගියා . .
    උඹටත් සුභ නව වසරක් වේවා මචෝ . .

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මචං දුකා. නිවාඩු මාස වලට දවස් එකොලහක් වගෙ තමයි තියෙන්නෙ සතියට දවස් තුනක් වගෙ.

      ඒකට වැඩ කරන මාස වල දවස් 46ක්ද කොහෙද තියෙනවා. සතියකට දවස් 12ක් නම් තියෙනවාමයි.

      මචං මෙහෙමයි. අධිශ්ඨාන කරගත්තොත් බැරිම නෑ. මට නම් වුනේ බාස්ලට කො‍ටු වෙලා හිටියනෙ.
      උඹේ මුළු පවුලටම දුකෙන් තොර, සැපෙන් බර, නව වසරක් වේවා.

      Delete
  37. මේ බ්ලොග් එක කියවද්දි මටත් එතන ඉන්නවා වගේ හැගීමක් ආවා..... හරිම සතුටියි ඩුඩ් සහ පවුලට ටිකක් හරි ඇවිදින්න ලැබුන එක ගැන.....මට අපි අම්පාරෙ ගිය ගමන කවමදාවත් අමතක වෙන්නෙ නෑ..... මම ආවමත් අපි යමු ඔය ගමන් ඔක්කොම.....

    තව තවත් පරන යාලුවෝ හොයාගන්න ලැබේවා!!! :D :D :D

    සුබම සුබ නව වසරක් ඔයාලට!!!! :D :D :D

    ReplyDelete
    Replies
    1. Don't think that we don't miss you, when we travel. We do.
      ලැබුවාවූ නව වසර, ජයකණු පසු කරන, ප්‍රීතිමත් එකක්ම්න වේවා.

      Delete
  38. ඇයි යකෝ දවස් කීයද ලංකාවේ හිටියේ. French Leave දෙන්නේ නැද්ද එහෙ? උඹ තමුන්නාන්සේ සෙන්ට් ඇග්නස් එකටද ගියේ? 1989 - 90 කාලේ ඔතන ටීචර් නෝනා කෙනෙක් ලෙස වැඩකරපු ලංකාවේ ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකුගේ දුවක් මගේ මිත්‍ර හමුදා නිලධාරියකු සමග හදවතින් අක්මාවෙන් පිත්තාශයෙන් උණ්ඩුක පුඡයෙන් සම්බන්ධයක් ගෙන ගියා. අනේ පස්සේ ඒක වැලේ වැල නැතිව ගියා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත විචාරක. ඇත්තෙන්ම අපේ නිවාඩුව කප්පාදුවට ලක්වුනා. අපි වැඩ පටන්ගන්න ඕනෙ ජනවාරි 14. ඒ වුනාව ජනවාරි පළවෙනිදම එන්න වුනානෙ කෙහෙල්මල් ෆ්ලයිට් ෂෙඩ්‍යූල් එක හන්දා.

      ෆ්‍රෙන්ච් ලීව් ගත්තොත් අතින් ගෙවාගෙන එන්න වෙනවා. එහෙම වුනොත් ආර්ථිකේ ඉවරයි.

      අන්න අඳුනාගෙන තියෙනවා ඉස්කෝලෙ හරියටම. මම ඕකට ගියේ පුංචිම කාලෙ. අසූ නවය, අනූව, වෙනකොට මමත් දෙහිඅත්තකණ්ඩියේ උගන්නනවා. හැබැයි ඔය කාලෙ 'තෑග්ග'ට කියන තවත් නමකින් හැඳින්වුනු මගෙ යෙහෙළියක් හිටියා ඔය ඉස්කෝලෙ.

      අර හමුදා නිළධාරියා ඔහොම බේරුනා ඇති එක අතකට.:O

      Delete
    2. හරියටම එයා. නම ඒක තමයි. ඒ සමග තව ගුරුවරියකුත්, ගුරුවරියක් නොවන එහෙත් එතන සේවය කරන කෙනෙකුත්, නිතර අපේ කඳවුරු වල කරක් ගැහුවා. එතනින් එහා ඒ කතාව නවත්තමු.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  39. ඇවිදලා වගේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇවිද්දා නේන්නම් මහරජ. රජාටත් මල් පැණි හැලෙන නව වසරක් වේවා!

      Delete
  40. බලංගොඩ?? ඔන්න අපිටත් ටිකක් කිට්ටු උනා.....


    කොහොමද ඩූඩ් නොස්ටැල්ජියාව?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ ස්පයිඩර්. ඕක කලින් කියන්න එපායැ. වැඩේ අපිත් කොහෙද යන්නෙ කියලා තීරණය කරන්නෙ පාරට බැහැලනෙ. නෝස්ටැල්ජියාව එහෙම සනීප වෙන්නෙ නෑ. ඊ ලඟ කොටස ලබන අවුරුද්දේ.

      Delete
  41. අතීත මතක හරි සුන්දරයි නේද? පොඩි කාලේ ඒකට හිටපු අයව සෑහෙන කාලයක් ගිහින් දකිනකොට ඇති වෙන සතුට ඉතිං අයේ කියන්න වචන නෑ.... :)
    පවුලේ සැමටම සුභ නව වසරක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. අන්තිම සුන්දරයි සමනළී. ඒ අය වෙනස් වෙලා තියෙන හැටි. එතකොට වෙන්වුනාට පස්සෙ සිද්දවෙච්ච දේවල්... දවස් ගානක් කතාකරන්න දේවල් තියෙනවා.

      Delete
  42. ආවට වඩා ඉක්මනින් ගිහිල්ලනේ දුකේ බෑ අප්පා...

    අතීත මතක හොයනවා කියන්නේ පුදුමාකාර සතුටක් ගෙනත් දෙන වැඩක්.... සමහර වෙලාවට ඒ අතීත මතක මතක් කරන් ඒක විඳින්න මං මාර ආසයි...

    කමල් අද්දර ආරච්චිගේ උන්මාද වූ මේ රාත්‍රියේ සිංදුව මට ඇහෙන හැම වෙලාවකම මගේ පුංචි කාලේ මං ඒ සිංදුව ටීවි එකේ දැක්ක හැටි මතක් වෙනවා සමහර විට අවුරුදු 3ක් 4ක් වෙද්දි විතර වෙන්නැති ඒක දකින්න ඇත්තේ ඊට පස්සේ ඒ දවස්වල මම හිටිය හැටි අපේ කටු මැටි ගෙදර මතක් වෙනකොට ඒ මතකෙම ඉන්න ආසා හිතෙනවා.....

    ඊළඟට අළුත් ටෙනිස් බෝල වල සුවඳයි අළුත් පොත් වල සුවඳයි තරම් හිතක් අතීතෙට අදින තවත් දෙයක් නෑ.....

    අතීත මතක හොයන්න ගිහින් තමා මගෙ ආදරීවත් හම්බුනේ... අපි හැමෝම අතීක මතක අතගාන්න ආසයිනේ නැද්ද....

    සුභ නව වසරක් වේවා ඩුඩිතුමාටත් ඩුඩිතුමියටත් පොඩි ඩුඩිටත් ඩුඩි අක්කටත්.... ජයම වේවා ඈ

    ReplyDelete
    Replies
    1. ඒක පුදුමයි මලේ ...කමල් අද්දරාරච්චිගේ "උන්මාද වූ ප්රෙමාදරේ " සින්දුව ඇහෙනකොට ඔය විදිහටම ඉස්සර මතක් වෙනවා.

      Delete
    2. ගැමියා ලියන කමෙන්ට් මම කවදත් ආසාවෙන් කියවන්නෙ, ඒවායෙ තියෙන හෘදයාංගම ගතිය නිසයි. කියලා තියෙන හැම දෙයක්ම ඇත්ත තමයි. අපි සමහරවිට සුවඳ ඔස්සෙත් අතීතයට යන වෙලාවල් තියෙනවා.

      ගැමියාටත්, ආදරියටත්, පවුලේ සැමටත්, ප්‍රීතිමත් නව වසරක්. ඒ වගේම, ඉගෙනුම වැඩවලට මුල් තැන දෙන නව වසරක් වේවා.

      @පැතුම් ඕකට කියන්නෙ coincidence කියලා නේ?

      Delete
  43. එසේම වේවා එසේම වේවා :D

    ReplyDelete
    Replies
    1. ඇයි හසිතටත්. ඉතාම සෞභාගයමත් නව වසරක් වේවා.

      Delete
  44. ඩෙනිමටත් 2013න කිරි පැණි ඉතිරේවා!!!

    ReplyDelete
    Replies
    1. දූපත් වැසියාටත් සතුටෙන්, සාමයෙන් පිරි නව වසරක් වේවා.

      Delete
  45. Wish u the same with all my heart. I am very angry with myself for losing the chance to talk with u all. I think that is a punishment for one of my bad habits; Postponing things. THE OTHER REASON IS MY UNEXPECTED TRANSFER. ANYWAY NO USE OF GIVING EXCUSES AS YOU HAVE ALL GONE BACK.It is very sweet to meet one's old friends and you are lucky to meet them. I read your bas story and will give it a comment later.

    ReplyDelete
    Replies
    1. Blue Lotus, Very happy and prosperous New Year to your whole family.

      Oh, no. Let's make it a point meet the next time. Actually i met several bloggers this time and cherish those moments.

      Unexpected transfer to where? Hope it;s a good school and you are traveling from home.

      Delete
  46. හයියෝ.... ඩූඩ් ආපහු ගියාද? මම හිතුවේ තව ගොඩාක් කල් ඉඳියි කියලා... මෙන්න මෙතනිං කපපං මචං! කෑල්ල කියෙව්වාම මටත් පොඩි හිනාකාල මැරෙන සිද්ධියක් මතක් වුනා... මෙතන ලියනවද නැද්ද කියලා බලලා හිතලා අතහැර දැම්මා... පස්සේ හිමිහිට කියන්නම්

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි තොටියා. හරිම අසාධාරනයි. ඒත් මොනවා කරන්නද.
      තොටියාටත් ප්‍රීතිමත් නව වසරක් පතනවා.
      ඒ කෑල්ල මෙතන නොදැම්මත්, තො‍ටුපොල අයිනේ දාන්නට තොටියාට හිත් පහල වේවා, අලසකම නැති වේවා.:D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඒ කෑල්ල ඩූඩ්ට දැනටමත් එවලා තියෙන්නේ. පොඩ්ඩක් වටපිට බැලුවනං....

      Delete
    4. දැක්කා දැක්කා. ඒක කෑල්ලක කතාවක් තමයි අප්පා. :D

      Delete
  47. අම්මෝ ඇඟිල්ල...
    ඔය අතීතේ හොයන පුරුද්ද මටත් තියෙනවා.. මාරයි නේද ඒ මතකයන්..
    ජය වේවා ඩුඩ්!!!
    සිනා බෝ වේවා!!!


    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ ඇඟිල්ල, තමයි. මටත් ඇඟ හිරි වැටෙනවා ඒක මතක් වෙනකොට.

      Delete
  48. සුභ අලුත් අවුරුද්දක් වේවා ඩුඩ් අයියේ..

    අපේ ගමේ ඇලේ, ගඟේ නාන්න ගියාම, පරණ යාලුවෙක් හම්බුනාම, හිතට මාර හැඟීමක් එන්නේ...

    ලයිට් මීටරේ මතක තිබ්බා කියන්නේ සුපිරි මතකයක්නේ අයියේ

    ReplyDelete
    Replies
    1. අපේ පැතුම්ත් පවුලේ සැමටත් පැතුම් ඉ‍ටුවන නව වසරක්ම වේවා.
      පැතුම්, ඇත්තෙන්ම මට ලයිට් මීටරේ නම් ඒකමද කියන්න බෑ. නමුත් ඒ මීටරේ හද්දා පරන එකක් නිසා ඒ කාලෙ තිබ්බ එකක් වෙන්න ඉඩ තියෙනවා. අර පරණ තාලෙ රවුම් එකක්. :)

      Delete
  49. සුබ අලුත් අවුරුද්දක් ඩූඩ් හා පවුලේ හැමෝටම.

    අර වාහනේ යන ගමන්ද කන්නේ?

    කට දන ගතියක් පේනවා ඩූඩ් ගේ මූන දිහා බලපුවාම. බත් රහයි වගේ පේනවා පිඟන් දිහා බලපුවාම. බඩගින්නකුත් ආවා....:)

    මතක මාවත ඔස්සේ අතීතයට යෑම මාත් ප්‍රිය කරන දෙයක්...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිටත්, සහකරුවාටත්, පවුලේ සැමටත් වාසනාවන්ත නව වසරක්ම වේවා.

      නෑ පොඩ්ඩි, දොරත් ඇරගෙන නවත්තලා කන්නෙ. ඔය රත්නපුරේ නගර සීමාවේ. කට දෑවා තමයි, මොකද අනිත් දෙන්නගෙ බැදපු මිරිසුත් මගෙ එකට දැම්මනෙ., අනික කොච්චි දාලා හදපු දෙල් කරියක් තිබ්බා... ඇත්තෙන්ම මැල්ලුමක්. අම්මෝ ඒකෙ රස! ඔය පාර අයිනෙ වෙළෙන්දෙක්ගෙන් ගත්ත බත් පැකට් වගයක්.

      Delete
  50. ආයෙත් දෛනික රාජකාරි වලද අයියන්ඩි....? ඒ උනාට හරිම නිදහස් ඇති කියලා හිතෙනවා මට. මොකද අද ගිය හැම තැනම වගේ මම ඔයාගේ කොමෙන්ට් දැක්කා. ඒත් ඔයාගේ නිවාඩු දවස්වල එහෙම තිබුනේ නෑ නේ. හැබෑවටම නිවාඩු කියලා ගියාට ඔබ කාර්ය බහුලවෙලා තිබුනේ ඒ කාලයේ කියලයි මට හිතෙන්නේ. කොහොම උනත් ජයෙන් ජයම වේවා, ලැබූ නවවසර සුභම සුභ වෙන්න ඕන කියලා පතනවා මම dude පවුලේ හැමෝටම.

    ReplyDelete
    Replies
    1. සරාටත්, නංගි බබාටත් කෙලි පොඩ්ඩටත් වාසනාවන්ත නව වසරක් වේවා.

      ඕව් සරා, නිවාඩු කාලෙ වගේ කාර්‍ය බහුල කාලයක් තවත් තිබුනෙ නෑ,

      මේ දවස්වල එකක් මට හෙම්බා ගහලා ඉන්නෙ.
      අනික අපිව පලවෙනිද මෙතනට ගෙන්නා ගත්තට ඉස්කෝලෙ පටන් ගන්නෙ 14. ඉතින් මේ ටිකේ ජාලෙ කිමිදෙනවා.

      Delete
  51. ආවත් හරි එකම එක දවසක් විනාඩි 2-3කට මූන පෙන්නලා ගියා තුන් දෙනාම..ආයි එන්නම් කියලා බොරු පොරොන්දු දීලා මෙතන... හුහ්... අහු වෙයකො ආයි දවසක !

    ආ අර මක බාසලට අහු වෙලා හිට්ටා කිව්වනෙ..

    ReplyDelete
    Replies
    1. බනින්නෙපෝ! මක බාස්ලට බැනපියෝ.

      ඊලඟ පාර උඹට එපා වෙනකල් එන්නම්. :D

      Delete
  52. සන්තෝෂ හිතෙන සිද්දියක්.ලබන සැරේ ඒ ආශාව ඉෂ්ඨ වේවා!!

    සුභ අළුත් අවුරුද්දක් වේවා හෙන්ද්‍රි..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසරණයා. නොවැම්බර්-දෙසැම්බර් ලංකාවට එන්නෙ නැද්ද?

      අසරණයාටත් පවුලේ සැමටත්, අර චිත්‍ර ශිල්පිණියටත් සුබ නව වසරක් වේවා.

      Delete
    2. මේ අවුරුද්දේ දෙසැම්බර් එන්න හිතන් ඉන්නවා..

      Delete
  53. සිරාවට මේක යුරේකා කතාවක් තමා..පාරේ දුවගෙන ගියේ නැති එක විතරයි..:D

    ඒ කාලයේ මතක සුවඳ තාමත් ඩූඩ් ගාව තියනවා කියලා කියවන්න ලැබීමත් සතුටක්..සැවොම යහතින් ආපසු යන්නට ඇතැයි සිතනවා..

    නොදුටු මිතුරන් මුණ ගැසෙන සුභ අළුත් අවුරුද්දක්..

    ReplyDelete
    Replies

    1. රූ. ඇත්තෙන්ම පරණ යාලුවෙක් ආපහු දැක්කාම යුරේකා කියලා දුවන්න පුලුවන් තමයි. මම ඒ මානව සම්බන්ධතා වලට හරිම කැමතියි. අනික මේ කෙනෙක් රවට්ටන්නවත්, දෙයක් ලබාගන්නවත්, කරන දෙයක් නෙවෙයිනෙ. අනික හිතලා බැලුවාම මේ යාලුවො මගේ දැනට ඉන්න හොඳම යාලුවො දෙන්නාටත් වැඩිය පරණයි. විශ්වාස කරන්නත් අමාරුයි නේ. ආපහු මතක අලුත් කරගන්න දුර කතර ගෙවාගෙන, යන්නෙ එහෙමත් කෙනෙක්. මම එහෙම කෙනෙක්. ඒකයි වෙනස.

      ඔව් රූ අපි පරෙස්සමීන් ආවා.

      ඔව්, රූත් මට නොදු‍ටු මිතුරියක් තමයි. මේ අවුරුද්දෙ. මම අදහස් කරන්නෙ ගිය අවුරුද්දෙ අග, නොදු‍ටු මිතුරු මිතුරියෝ කීප දෙනක්ම මට මුණ ගැහුනා. හරිම සුන්දරයි.

      රූටත් පවුලේ සැමටත් වාසනාවන්ත නව වසරක්.

      Delete
  54. ඒ කියන්නේ මේ සැරේ රෝඩ් ට්‍රිප් එක මතක මාවත දිගේ ...?

    ReplyDelete
    Replies
    1. Beautifully said.
      Road trip down the memory lane.

      Very happy and prosperous new year to you, dear JP.

      Delete
  55. ජනකව ඉක්මනින් හමුවෙන්න කියල පතනවා ..කාලෙකින් හමු නොවුන කෙනෙක් හමු වුනහම ඇත්තටම ඒක ලොකු සතුටක් ! අපේ දෝණි පොඩි කාලේ ඔය විදිහටම ඇගිල්ලක් කැපුන තැඹිලි ගෙඩියක් තනියෙන් කපන්න ගිහින් ..ඒ වුනාට ඒ ඇගිල්ල නම් පෑස්සුවා ,හැබැයි ඇගිල්ල දැන් චුට්ටක් ඇදයි

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ සත්තලංගෙ ලොකු අක්කගෙ දෝණි නේද? නැත්නම් මේ ගිය මාසෙ කසාද බැඳපු එකීට කොහෙන්ද ඔහොම ඉතිහාසයක්? :D

      ඉතාම සුභ අලුත් අවුරුද්දක් රෙහානිටත්, සත්තලංටත්!

      Delete
  56. සුභ අලුත් අවුරුද්දක් ඩූඩ්! සියලු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
    Replies
    1. සිහින සැබෑවන වාසනාවන්ත නව වසරක් සිතූටත්!

      Delete
  57. ඔබටත් සුබ නව වසරක් වේවා!!!
    http://hithru.blogspot.com/
    හිතුවක්කාර පන්හිඳ

    ReplyDelete
  58. අතීතය කියන්නෙ මැණික් පතලක් මචං. හාරනකොට එකෙ එක ජාතියෙ මැණික් හම්බවෙනවා.

    අවුරුද්දකට පස්සෙ හම්බවෙලා එකට ගතකළ කාලය කෙටි උනත් ඉතාම රසවත්. මේ අවුරුද්දෙත් එකට එකතුවෙලා ආප්ප කන්න ලැබේවා කියලා පතනවා...!

    ReplyDelete
  59. එත් තවම ඒ යාළුවෝ දෙන්නා දකින්න බැරිවුන නිසා මම හිතන්නේ ඔයාට ආයෙමත් බලංගොඩ පැත්තේ යන්න වෙවි.

    සමහර විට අකමා ජගත් ගැන තොරතුරක් හොයලා දෙන්න පුළුවන් ඊළග නිවාඩුවට යන්න ඉස්සෙල්ලා. අකමා ඔයාටයි, ඔයාගෙ අම්මටයි, නංගිටයි ස්තුතියි.

    ReplyDelete
  60. අතීතයේ මතක මාවත දිගේ පොඩියෙන් හරි ගිහින් ආව කියල අහපුවාම මටත් හුගක් සංතෝෂ හිතුනා. උබේ අර මිනිස්සු බය කරන පොර තාම ඉන්නවද " උඹ හිතන්නෙ මං ...... " කියල ලියල තිබුනෙ ඉස්සර ?

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>