මම ලිව්වෙ මේ කතාව. ලින්ක් එකට කොටලා ආයේ ආපහු යන්න නැතිවෙන්න ඔන්න ඒක මෙතනම දැම්මා ආරම්භයක් විදියට. මොකටද නිකම් රස්තියාදු කරවන්නෙ! ඒක කියවපු අය රතු පාට අකුරු ටිකට පන්නලා කියවන්න ගන්නකෝ.
ඉස්සර සුද්දො ලංකාව පාලනය කරන කාලේ, පොලීසියෙ ලොක්කා. නඩු කාරයා, දිසාපති හෙම හැටියට ඉඳලා තියෙන්නෙත් බොහොමයක් සුද්දොනෙ. මේ සමහරක් සුද්දො, ටික ටික සිංහල ඉගෙන ගෙන තියෙනවා ඒ කාලෙ, රාජකාරිය පහසු වෙන්න. ඉතින් මේ කියන පොලිසියෙ ලොක්කත් සුද්දෙක්ලු.මගේ ඩෙනිම
දවසක් කසියා පෙරලා මදිවට, හරකෙකුත් හොරකම් කරලා අහුවෙච්ච අයියෙකුයි මල්ලියෙකුයි පොලිසියට අරං ඇවිත්. සාජන්ට් දැන් විස්තර ලියාගන්නවලු. සුද්දා ඉණට අත්දෙක තියාගෙන බලා ඉන්නවලු සීන් එක.