Friday, February 8, 2013

43. දොඩමලු සේයාරූ - මෙතෙක් කතාව සහ අද එතැන් සිට

මම වතාවක් මට හිතෙන හැටි බ්ලොග් අඩවියට ලිව්වා පෝස්ට් එකක් "ලංකාවෙ ඉන්නෙ මාර වැඩ කාරයො හෙවත් ජාත්‍යන්තරයට එරෙහිව අපි" කියලා.

ඒකෙ පලවුන මේ මමම ගත්ත පින්තූර තුනෙන් සමහරක් මෙන්න මටම එවනවා සමහරු ඊ මේල් හැටියට. විලිලැජ්ජා සන්තෝසෙ බෑ. හැබැයි අපරාදෙ කියන්න බෑ උස්සපු තැනක සටහනක් වත් නෑ.


WordPress වලින් කියවන්න  මෙතන ඔබන්න.

හරි කොපි කරන එක වලක්වන්න බෑයි කියමුකෝ. නැට්ට පිටින් අලි මැරෙන්නෙ. කොපි කරන්නෙ හොඳ දෙයක්නෙ කියලා මාත් හිත හදා ගත්තා. ඒක ලේසියි.

මුලින්ම ඒ පින්තූර තුන මේ.මේ පාර ගැහුවා හංවඩුව.



මෙතෙක් කතාව

මේ පින්තූරේ මම ගත්තෙ සීගිරිය රථගාලේ වැසිකිලියෙ තිබිලා. බලන්න නිර්මාණශීලිත්වය විතරක්. බලන්න අත් තියාගෙන ඉන්න හැටි. පස්සෙ ඒකට තවත් ඊටත් වැඩිය නිර්මාණශීලියෙක් කොටස් පවා එකතු කරලා.

Toilet Symbol Modified. Sigiriya.


වැසිකිලි යාමෙන් පසු සබන් යොදා අත සෝදාගන්න කියන එක ආසියාතික අපට අලුත් දෙයක් නෙවෙයිනෙ. හැබැයි මේ #2 සම්බන්ධයෙනුයි. #2 ට පස්සෙ වතුර සහ වමත පාවිච්චිකරන ආසියාතිකයොත්, කඩදාසි පාවිච්චි කරන බටහිර වැසියොත් එකිනෙකා දිහා අවඥාවෙක් බලනවනෙ ‘තමන් තමයි, හරි අනිකා වැරදියි’  කියන මතයෙ ඉඳගෙන.

#1ට පස්සෙ සබන් යොදා අත සෝදාගැනීම ආසියාතික අපි අතර දුලබ  වුනත් බටහිරයන් අනිවාර්යයෙන් කලයුතු චාරිත්‍රයක්.  #1 සම්බන්ධයෙන් අපිට එච්චර ආඩම්බර වෙන්න බැරි නිසා හෝ බහුතරයක් ඒ ගැන නොදන්නා නිසා හෝ ඒ කාරණය යටපත් වෙලා තියෙන්නෙ කියලයි මම හිතා හිටියෙ පහුගිය දෙසැම්බර්  29 වෙනිදා වෙනකල්. මං කොච්චර වැරදිද!! අපේ පොරවල් අත් විතරක් නෙවෙයි කකුලුත් හෝදනවා කියලා දැන ගත්තම මගෙ හදවත ආඩම්බරයකින් පිම්බුනා. මේකත් කාර් පාක් වැසිකිලියකින්. තැන හරියටම කියනවා නම් නාවින්නෙ අර්පිකෝ සුපිරි වෙලඳ සැලේ රථ ගාලේ වැසිකිලියෙන්.

Good Manners!

සාමාන්‍යයෙන් වින්ඩ්ස්ක්‍රීන් වයිපර්ස් ගැන කවුරුත් දන්නවනෙ. ඊටත් එහාට ගිහින් Volvo, SAAB, Mercedes Benz වගෙ සමහර මෝටර් රථ නිශ්පාදකයො කාලෙකට ඉහතදි හෙඩ් ලයිට් එකටත් වයිපර් එකක් හයි කලානෙ මේ වගෙ.
Courtesy of Google. Source unknown.

අපේ පොරවලුත් නිකං හිටියෙ නෑ. උන්ට එහෙම පුලුවන් නම් අපිට බැරි මොකෝ කියල හයි කලානෙ නම්බර් ප්ලේට් වයිපර් එකක්. මම මේක දැක්කෙ පහුගිය නිවාඩුවෙදි (ලංකාවෙදි. පුදුම ආඩම්බරයක් මට දැනුනෙ.)

License Plate Wipers The Modern Invention. henryblogwalker.



අද එතැන් සිට


 Windows Snipping Tool එක දන්නවනෙ ඔයාලා කවුරුත්? ඒකෙන් පුලුවන් නෙව ස්ක්‍රීන් ෂොට් අරගන්න කැමති විදියකට.නොදන්න අය මේ බලන්නකො. මෙන්න මේ කතුර තමයි අයිකන් එක.

මම කොහොමත් ඔය කාර්මික අංසෙට නැඹුරුයි කියලා ඔයාලා දන්නවනෙ දැනටමත්. මේ ලඟදි මම කම්පියුටර් ලැබ් එකට ගියවෙලාවෙ දැක්කා ඔය Windows 7 තියෙන CPU  එකක් ගලවලා තියෙනවා. මම එබිලා බැලුවා. මෙන්න තියෙනවා Windows Snipping Tool එකේ හාඩ්වෙයා කෑල්ල දිලිසි දිලිසි. ඉතින් මම පට් ගාලා ගත්තා ඒකෙ පින්තූරයක් ඔයාලා වගේ වැඩිය කොම්පීතර් වැඩ නොදන්න අයට බලා ගන්න.

Windows Snipping Tool The Way henryblogwalker Sees It.
 පහුගිය නිවාඩුවට ගෙදර ගිය වෙලාවේ මම ගියා ඉලෙක්ට්‍රීෂන් මල්ලි කෙනෙක් හම්බුවෙන්න පොඩි වැඩක් කරගන්න.  බුවා වැඩ කාරයා. මේ බලන්නකො සීලිං ෆෑන් එක.
පේනවද රිමෝට් එකකුත් තියෙනවා.?
Ceiling table fan with remote control.

 එදා සූර්යග්‍රහණයක් තිබ්බ දවසක්. අනිත් හැමෝම උඩ බලද්දි ඩූඩ් බැලුවේ බිම. අනිත් උන් එක ඉරක් දකිද්දි මං තුමා ඉරවල් දහස් ගානක් දැක ගත්තා.

Dude's Solar Eclipse.
(ඔන්න ගමේ හිතවතා සහ තිසරට සූර්යග්‍රහණය නොතේරුනයි කිව්ව නිසා පොඩි පැහැදිලි කිරීමක් කරලා අප්ඩේට් එකක් දානවා.

මතකනෙ සිදුරු කැමරාව? ඒකෙ එක පැත්තක තියෙන්නෙ සිදුරක්. අනිත් පැත්තෙ තෙල් ගාපු කඩදාසියක්. මේකෙ ලෙන්ස් එකක් (කාචයක්) නැති වුනත්, අර සිදුර කාචයක් වගේ ක්‍රියා කරලා කැමරාව ඉස්සරහ තියෙන වස්තුවේ ප්‍රතිබිම්බ හදනවා අර තෙල් කඩදාසිය මත.

ඒ ක්‍රමයටමනෙ වහලෙ තියෙන පුංචි සිදුරකින් එන එලියෙන් අඳුරු කාමරේ ඇතුලෙ එලියෙ තියෙන ගස් වැල් හෙලවෙනවා පේන්නෙ.

අන්න ඒ විදියටම මෙතනදි ගහක අත්තක් අස්සෙන් ඉර එලිය බිමට වැටෙනකොට ඉරේ ප්‍රතිබිම්බ දහස් ගනනක් බිම හෝ බිත්තියේ හැදෙනවා කොල අත්තෙ කොල න‍ටු අතරේ ඇති කුඩා පරතර තුලින් ගමන් කරලා, ඒ පරතර සිදුරු කැමරාව වගේ ක්‍රියා කරලා. 

ඕක වෙනදටත් වෙනවා, මෙතනදි ඔය C අකුරු වගේ පේන්නෙ.සූර්යග්‍රහණය වෙලාවෙ පොලොවට පෙනෙන සූර්යයාගේ ප්‍රතිබිම්බ සිය ගානක්.

බොලව් මම ඉංගිරිස් ගුරෙක්, හරිද? (භෞතික) විද්‍යා ගුරුවරයෙක් නොවෙයි. :D)





 
මටත් හොයා දීපල්ලකො මේවගෙ නිදහසේ කරන්න පුලුවං  සිකියුරිටි ජොබ් කට්ටක්. මාරෙ උඹලත් මෙහෙමද බං?

මේ එයාපෝර්ට් සික්‍යුරිටි. කොහෙද කියලා කියන්න ඕනෙ නෑනෙ. :D


ප.ලි:


DDT  මෙහෙම ඇහුවනෙ මේ දවසෙ  February 5, 2013 at 2:39 PM

ඒක නෙවි, ඩූඩ් මොකද මේ දවස්වල මල අතේ තියන් ලියපුවම දාන්නෙ එකදිගට.  

Simulblogged @ මට හිතෙන හැටි

109 comments:

  1. මාර ඇහැක්නෙ...

    අර කකුල් හෝදන වැඩේනම් මෙහෙම වෙන්න ඕනා.. මම දන්න විදිහට මුස්ලිම් අය පල්ලි යන්න කලින් කකුල් හ්O)දලා හොඳට පිරිසිදු වෙනවා.. ඉතින් පහත ටැප් එකක් නැත්නම් වෙන විකල්පයක් නෑ.. එහෙම කරපු එකක් දැකලා ඔය දැන්වීම දැම්මද දන්නෑ.. අපේ ඔෆිස් එකේ හිටියා ඔමාන් කොල්ලෙක්.. ඌ හැමදාම පල්ලි යන්න කලින් ඔය වැඩේ කරනවා මම දැකලා තියනවා.. සින්ක් එකට කකුල උස්සලා හෝදනවා..

    ReplyDelete
    Replies
    1. නාවින්නේ අර්පිකෝ එක ගාවා මුස්ලිම් පල්ලියක් නෑ නේද සෙන්නා? ඒ නැතත් ඔය වැඩේ පල්ලියෙ මිදුලෙදි කරගන්න පුලුවන් මම හිතන්නෙ

      Delete
    2. දන්නැ ඩූඩ්.. මම මගේ අත්දැකීම මත පදනම්ව උපකල්පනයක් කළේ.. එතන මුස්ලිම් පල්ලියක් නැද්ද.. එහෙනම් වෙන හේතුවක් වෙන්ඩ ඕනා..සමහර විට ඩූඩ් කිව්වා වගේ අපේ උන් සුද්දන්ව පරද්දලද දන්නෙත් නෑ... :-)

      Delete
    3. mama hithanne palli giyath, nogiyath pray karanna kalin kakul hodanawa. Samahara wita arpico eke wada karana kawuru hari wenna puluwan

      Delete
    4. ඔව් ඇනෝ, එහෙම වෙන්න ඇති. ස්තුතියි ඔබේ අදහසට.

      Delete
    5. නාවින්නෙ ආර්පිකෝ එක ඉස්සරහා "ෆාතිමා" ලා නම් විශාල පිරිසක් ඉන්නවා මං දැකලා තියෙනවා. හැබැයි ටික කාලෙකට ඉස්සර....

      Delete
    6. සින්ක් එකෙන් වතුර අරන් බිම තෙමන නිසා වෙන්න ඇති මෙහෙම දාන්න ඇත්තේ...

      Delete
    7. හැකිස්.. අර වැන් එකේ වයිපරේ තමා මරු.. හැබැයි ඩුඩ් මං පණු ගොඩක්ම ආස අර උඩින්ම දාලා තියෙන පෙනෙයි කියල blur කරලා තියෙන පින්තූරෙටයි... එකේ අමුතු ගතියක් හෑව්.. ඒත් ඒක blur කිරීම සම්බන්දව මං පනුච්චි නොසතුටින් වන අතරම හෙලාත් දකිමි..
      ජය වේවා!!!
      සිනා බෝ වේවා!!!!

      Delete
    8. ඒක පෙනෙයි කියලම බ්ලර් කරලා නේවෙයි පණූ. කලත්මකව පේන්න effect ekak දාලා. අනික මම හැංහිලා ඉන්න එකෙක්යැ? මගෙ පින්තූර ඔය ඕන තරම් තියෙන්නෙ බ්ලොගේ. ඔය යාලුවො කියන්නෙ බුම්මාගෙන ඉන්නවා කියලා කොච්චරවත්! :)

      Delete
  2. අර වාගේම ෆැන් එකක් තියනවා අපේ ගෙදර , ඔයාගේ ඉලෙක්ට්‍රීෂන් මල්ලිට තරම් මම වැඩ්ඩෙක් නොවෙන හන්දා ස්වීච් තියෙන්නේ බිත්තියේ

    ReplyDelete
    Replies
    1. අපේ අටමා වැඩ කාරයා බව අපි දන්නවා ස්විච් එක කොහෙ තිබුනත්.

      ඕක හයියෙන් ගැටගහලා නේද තියෙන්නෙ?

      Delete
  3. ෆෑන් එක සෙට් කරපු එකනම් මරු..

    ReplyDelete
    Replies
    1. මම ඒකෙ ෆෝටෝ එකක් ගත්තෙ අවසර ඇතුව.
      බුවා අහනවා මොකටද අයියේ කියලා.
      මම කිව්වා ඉන්ටනෙට් එකේ දාන්න කියලා.

      Delete
  4. මට නම් ලස්සනට පෙනුනේ අර ඉරවල් ගොඩක් පෙනුනු පින්තූරෙට.

    අර නිදාගන ඉන්න කෙනා හිටියේ බණ්ඩාරනායක air-port එකේද? :D

    ReplyDelete
    Replies
    1. නෑ පොඩ්ඩි බණ්ඩාරනායක එකේ නෙවෙයි. :)

      Delete
  5. ෆෑන් එකනම් මරු.

    පකිස්තාන් නෝනලා නම් එයාලගේ අවුරුදු කාලෙට අර විදිහට කවුරු හිටියත්, කිසිම වගක් නැතිව කකුල් හෝදන බව අපේ ගෙදර උන්දැ මගෙත් එක්ක කීවා.

    සුර්යග්‍රහණ වැඩේ නම් වැඩිය මීටර් වුනේ නැහැ. හැබැයි ඉතිං හිතිච්ච විදිහ නම් මෙතන ලියන්නත් බැහැ වගේ.:D

    ReplyDelete
    Replies
    1. ගමේ හිතවතා, ඔන්න මම උඩ ඒක පැහැදිලි කරලා අප්ඩේට් එකක් දැම්මා පෝස්ට් එකේම

      Delete
  6. මචං මටත් මේවා ඊමේල් වලින් ඇවිත් තියනවා... අර කකුල් හෝදන්න එපා කියන එක නම් හොඳටම මතකයි... ඒ වගේම අර හෙඩ් ලයිට් වයිපරේ.... කවුද දන්නේ උඹේ ෆොටෝග්‍රෆි කියලා... උඹ ඕවා අප්ලෝඩ් කරන වෙන තැනක් හේම තියේද? ෆ්ලිකර් වගේ? මාත් ඉතින් පොඩ්ඩක් ඔය පැත්තට ආසයි.

    ඒක නෙමේ අර ඊක්ලිප්ස් එක මොකද්ද බං මෙලෝ දෙයක් තේරුනේ නෑ ඒකෙ..

    ReplyDelete
    Replies

    1. ඒකනෙ බං තිසර. කාටද ආඩම්බර, නේද? මේ පාර හංවඩුව ගැහුවා. බෑ බං ෆ්ලිකර් එකේ නෑ. පස්සෙ හිතලා බලන්න ඕනෙ. ඔන්න මම සූර්යග්‍රහණය පෝස්ට් එකේම පැහැදිළි කරලා අප්ඩේට් කර්ලා උඹයි ගමේ හිතවතයි අහපු නිසාම.

      හෙඩ්ලයිට් වයිපරේ මගේ නෙවෙයි. ගූගල් දෙවියන්ගෙ. Source unknown. නම්බර් ප්ලේට් වයිපර් එක මගේ. මගේ කිව්වට මගේ පුතා හරි දීපා හරි ගත්තෙ.

      Delete
  7. ආර්පිකෝ ගිය වෙලාවක ඕක නම් බලන්න ඕනෙ.. හි හි..

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්දෙ තියෙනවදකියලා මට බලන්න බැරි වුනා හිරු. ඕක ගත්තෙ, මතකද අපි Express Way එකේ ගිහින් ඇවිත් පෝස්ට් එකක් දැම්මා. අන්න එදා ඒකෙ ගිහින් ඇවිත් ගෙදර එන ගමන්. ඊට පස්සෙ ඕක ඊමේල් වලින් හැමතැනම ගිහින් හෙම තියෙන නිසා එයාලා දැකලා අයින් කලාද දන්නෙ නෑ. බලලා මටත් කියන්නකො. කා පාක් එකේ හරි?

      Delete
  8. ලංකාවෙ අපෙ ඔ‍ෆිස් එකෙ ටොයිලට් එකේ කොමොඩ් එකට උඩින් ගහල තිබ්බ මේක.. "job is not complete until paperwork is done"

    ReplyDelete
    Replies
    1. අපේ නම් සරත් paperwork නෙවෙයි waterwork කියලා සංශෝධනය වෙන්න ඕනෙ, නැද්ද?

      Delete
    2. සරම ඇඳන් නෙවෙයිනම් ඉන්නෙ waterwork පස්සෙ paperwork කරන්නම වෙනවා.

      Delete
  9. ඇයි ටොයිලට් වල තියෙන ශෘංගාර වදන් සහ ටෙලිෆෝන් නම්බර්..දැන් නම් බොහොමයක් එව්වා කාලෙන් කාලෙට අයින් කරනවා..

    ReplyDelete
    Replies
    1. ගාමිණීගේ විජිතයෙ තිබ්බේ බං ටොයි අවවාද හා රුවන් වැකි කියලා පෝස්ට් එකක්. පව් අසරණයා බැනුමුත් අහලා බං අපේ නිම් වළලු පුලුල් කලාට.:D

      Delete
    2. කවුරු හරි ඔය ටොයිලට් සාහිත්‍යය ගැන රිසර්ච් එකක් කරල පොතකුත් ලියල තිබුන. විස්තරයක් හොයා ගන්න පුළුවන් වුනොත් මෙතන ඒක දාන්නම්.

      Delete
    3. ස්තුතියි රාමා ලින්ක් එකට.

      Delete
    4. කථා අතර කථාවක් කියනවා නම් වැසිකිළි වල ගඩොල් කැට හිර කරනවා ඒ කරලා පාරවල් අයින් වල අවශ්‍යතාවය සපුරා ගන්නවා.පිටකොටුව දෙස යන විට නාසයට දැනෙන වෙදනාව.නිතී පොතෙ නම් අදටත් එයට දඩය ශත 50 ක් ලෙස තියෙන්නෙ සංශෝධනය නොව් තවත්
      මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

      Delete
    5. ඒක ඇත්ත ගයනී. අපේ උන් පොදු දේපල වනසලා පුදුම ආතක් එකක් ගන්නෙ.

      Delete
  10. ෆෑන් එකේ සින් එකට තමා මාත් මනාප :)

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. අපේ බුවාලා වැඩ කාරයෝනෙ බං.

      Delete
  11. පස්ට ඇහැක් තියෙන්නේ අනික මේකා කැමරාව ඇහේ තියාගෙනද කොහේද යන්නේ.. අර හෙඩි ලයිට් වයිපරෙයි නම්බර් ප්ලේට් වයිපර් එකයි මාත් දැකල තියෙනවා... නියමයි ඩුඩෙ.. තව හිතුවොත් තව සීන් කෝන් දෙක තුනක් මතක් වේවි..බලමු ආයේ මතක් උනෝත් දාන්නංකෝ...

    ReplyDelete
    Replies
    1. මම කොහොමත් කැමරාවක් නිතර අතේ තියාගන්න ට්‍රයි කරනවා ඉස්සර ඉඳන්ම.

      ඔව් මතක් වුනොත් කියාපංකො.

      Delete
  12. සීලිං ෆෑන් වලට ලයිට්බිල වැඩියෙං යන හින්ද වෙන්න ඇති අර වගේ ගැජට් එකක් හයිකරන්න ඇත්තෙ.
    අර නම්බ‍ප්ලේට් වයිපරේ ජපනෙක් දැක්කනං අනිව ඊගාවට එන වාහනවලට ඕක හයිකරල එවනව. :D

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති බං. ඔය බාස් උන්නැහෙලා කරන වැඩ දැක්කාම පිස්සු හැදෙනවා. ලස්සන නෙවෙයි ඕනෙ. වැඩේ විතරයි.

      Delete
  13. කොමෝඩ් එකේ උඩ නගින්න එපා කියල ගහපු බෝඩ් එකකුත් ළඟදී දැක්කා මම.. :)

    මේක දුරියන් නෝටිස් එකක් (මැලේසියාවේ ලිෆ්ට් එකක).

    ReplyDelete
    Replies
    1. හයියෝ රාමා, ඉතින් ෆෝටෝ කෑල්ලක් ගත්තෙ නැද්ද?
      දූරියන් නෝටිස් එක දැක්කා. කතාව ඇත්තනෙ.

      Delete
    2. සමහරු ලිෆ්ට් එකේ ඉඳලා ගියාම දූරියන් ගෙනිච්චා වගේ තමා... ඊළඟට යන එකාට අබ සරණයි... උන්ද බහින තැන ඒකට නගින්න තව කවුරු හරි හිටියොත් 'අනේ මං නම් නෙවේ දූරියන් ගෙනාවෙ' කියන්නයි වෙන්නෙ...

      Delete
  14. මරු ෆොටෝ ටික මචං.

    එකපාරක් ඔය snipping tool එකක් operation කරපු ලෙඩෙක් ගේ බඩ ඇතුලේ තිබිලා ලැබුනා මතකද?

    ReplyDelete
    Replies
    1. ප්‍රවීන ඡායාරූප ශිල්පියෙක්ගෙන් ඒ වචන ටික අහගන්න එක කොච්චර ලොකු දෙයක්ද මචං!

      ඔව් එක පාරක් ස්නිපිං ටූල් එක ඇතුලෙලු. ඊ ලඟ පාර ස්කැල්පල් එක දාලා වහලලු. ඒ අරන් මහපුවාම පුලුන් කෑල්ල ඇතුලෙලුඉ. ලෙඩාට මල පැනලා කිව්වලු ඩොක්ට, ඔන්න ඕකට zipper එකක් හයි කරනවකො කියලා.

      මචං ඕකයි එක නර්ස් කෙනෙක් බඩු ඔක්කොම ගනින්නෙ සර්ජරි එකක් කරනකොට.

      Delete
    2. //ප්‍රවීන ඡායාරූප ශිල්පියෙක්ගෙන් ඒ වචන ටික අහගන්න ....//

      අපොයි මචං මම එහෙම එකෙක් නෙවේ...

      Delete
  15. සුනිත්‍ය බලශක්ති අධිකාරියෙනුත් මණ්ඩලෙනුත් නිතරම අපිට කියන්නෙ, සීලිං ෆෑන් වෙනුවට ටේබල් ෆෑන් පාවිච්චි කරන්නයි කියලා.
    අවශ්‍ය තාවය සීලිං ෆෑන් එකක් වුනත් භාවිතා කරලා තියෙන්නෙ ටේබල් ෆෑන් එකක්;එතකොට දෙපාර්ශවයේම කාරණා කටයුතු ඉෂ්ඨ සිද්ධවෙලා තියෙන නිසා කාටවත් මොකුත් කියන්න බෑ..... :D

    ReplyDelete
    Replies
    1. Think globally, Act locally කියනවනෙ සුමිත්.

      Delete
  16. පට්ට කළා ඇහැක් නේ...... අර කකුල් හෝදන්න එපා කියන්නේ හම්බයොන්ට තමයි.

    ReplyDelete
    Replies

    1. කලා රිටක් නොවී කලා ඇහැක් වෙච්ච එක ලොකු දෙයක් නෙවෙයිද කෝරළේ මහත්තයෝ.

      Delete
  17. මාත් ඔය ෆොටෝ වැඩිහරියක් දැකල, හිනාවෙලා තියෙනව... කවුද දන්නෙ අයිතිකාරයා ඩූඩ් කියල.... අර නම්බර් ප්ලේට් වයිපරේ ඇත්තටම පස්සෙ වින්ඩ්ස්ක්‍රීන් එකට තිබ්බ එක කඩා වැටිලා නේද... දන්නැති හින්ද අනේ අහන්නෙ...අර සීලින් ෆෑන් එකයි රිමෝට් එකයි තමයි නියමම... කාගෙ හරි ඔළුවට කඩන් වැටුනොත් තවත් නියමයි.... අර සික්කා පව් අනේ... ගෙදර නිදාගන්න හම්බ වෙන්නෙ නැතිව ඇති එයාට... මාත් අර සූර්යග්‍රහණය පින්තූරෙ බලද්දි අඤ්ඤකොරොස් උනා මොකක්ද කියල හිතාගන්න බැරිව... පැහැදිලි කිරීම දාපු එක හොඳයි මං වගේ මොළකාරයින්ට...

    ReplyDelete
    Replies
    1. ඉතින් බලාපංකො මියුරු නෝනෙ, අපිට එන ඔක්කොම වගේ ඊ මේල් ඔයවගේ කාගෙන් හරි උස්සපුවා වෙන්න එපායැ.

      ඔව් ඔව් ඒ වයිපර් එක කඩා වැටිලා බං. අපිත් ඉතින් මොකකට හරි හිනා වෙන්න බලාගෙන ඉන්න නිසා ඕවගේ ඒවා පට් ගාලා දකිනවා.

      අර ෆෑන් එක කඩා වැ‍ටුනොත් බුවාගෙම ඔලුවට තමයි, මොකද ඒක හයි කරලා තියෙන්නෙ බුවාගේ වර්ක් බෙන්ච්/කැෂියර් ටේබල් එකට උඩින්.

      මාත් හිතන්නෙ අර සික්කා වදක බාරියක් බැඳගෙන ඇති කවුරු වගේද කියලා කියන්න ඕනෙ නැති. :D

      තමන්ගෙ මොලේ අවතක්සේරු කරගන්න එපා බං තමන්ම. එතකොට අපිට කියන්න දෙයක් නැතුව යනවා.

      Delete

  18. පින්තූර ටික නම් නියමයි.

    අර ෆෑන් එක හොඳට හිර වෙන්න බැඳලා නැත්තම් බලාගන්න තිබ්බ වෙන දේ ... හි හි හී

    කකුල් හෝදන වැඩේනම් කාට ලිව්වද කියලා හිතා ගන්න බෑ. මුස්ලිම් අයට නම් ලඟ පාතක පල්ලියක් වත් නෑනේ. ඔතනින් කකුල හෝදගෙන තව කොච්චර දුර යන්නද..

    ReplyDelete
    Replies
    1. ෆෑන් එක කම්බියකින්ද කොහෙද බැඳලා තිබ්බේ. ඉතින් දන්නෙ නැද්ද බාස් උන්නැහෙලගෙ වැඩ.
      ළිහිණිට දැන් අමාරු අඩු ඇති නේ? ප්ලේට්ලට් ගාන හරිලුද දැන්?

      Delete
  19. අර සින්ක් එකේ කකුල හෝදන්න නම් මාර ගේමක් දෙන්න ඕනනේ. සූර්යග්‍රහණයවෙලාවේ මමත් ඔයවගේම පින්තූරයක් ගත්තා ගෙදර ගහක්යට සෙවනැලිවලින්. අර එයාර්පෝට් එකේ අපටත් වේකන්සි තියෙනවද දන්නෑ නේද? ඔය බ්ලොග් ලිපි හොරකම නම් මහ පිළිලයක්. මම දවස් ගානක් මහන්සිවෙලා ආසනපටි භාවිතය ගැන විද්‍යාත්මකව ලියපු ලිපියකුත් කැත නැතිව හොරකම් කරලා හතරවටේම දාල තිබුණා ටික කාලෙකට කලින්. මොන හේතුවක් නිසා ද මන්දා එදා එපා වුනාට පස්සේ අද වෙනතුරු ඒ වගේ හරබර ලිපියක් මගේ අතින් ලියවුනේ නම් නෑ. කොච්චර ලියන්න හිතුවත් මාර කම්මැලියි...

    ReplyDelete
    Replies
    1. කරාටේ, යෝගා හෙම කලානම් ඕක ගේමක් නෙවෙයි තොටියා. ඇත්තටම තොටියාත් එහෙම එකක් ගත්තද? මේ වෙලාවෙම ගත්ත තවත් ෆෝටෝ කීපයක්ම තියෙනවා මා ගාවත්.
      තොටියා මම නම් හිතා ගත්තේ හොඳ නිසානේ උස්සන්නෙ කියලා.
      ඒත් ගත්ත තැනක නමක් නොදාන එක නම් කැත වැඩේ.

      Delete
  20. හිහ් හිහ් හිහ්…….. ඩුඩ්ට පින්සිද්ද වෙන්න අද දවසම පටන් ගත්තෙ හිනා වෙලා….. : D දවසම හොදයි…. මමනම් ආසම ස්නිපින් ‍ටුල් එකේ පින්තුරෙට…ඇයි අර ෆෑන් එක්…

    මෙහෙත් ඉන්නව එක්කෙනෙක් කුලර් එකක් වෙනුවට ටේබල් ෆැන් එකේ ඉස්සරහ පියන ගලවල, ෆැන් එක මේසෙ උඩ නිදි කරවල, ඒක උඩ ෆෑන් එක තියාගෙන ඉන්නෙ….ඒ ලැප් එක කවදාවත් රත් වෙන්නෙ නෑනෙ….:D

    ReplyDelete
    Replies
    1. අම්මෝ, අර ෆෑන් එකේ අත වැදුනොත් හෙම ඇඟිලි කැපිලා වීසි වෙයිනේ. අනික ලැප්ටොප් එකෙන් එලියට යටට තල්ලු කරන එයා ෆ්ලෝ එකයි ෆෑන් එකෙන් උඩට ගහන එකයි කන්ෆ්ලික්ට් වෙනවා ඇතිනේ.

      Delete
    2. කූලර් එක නිසා ලැප ඇතුලට දූවිලි වැඩිපුර යන්න පුළුවන් කියලා කවුද කිව්වා (මෙහේ ඉතින් දූවිලි විමානනේ). ඒත් ලැප රත් වෙන එක අඩු කරන්නත් ඕනනේ. මේ ඔක්කෝම සලකා බැලූ තොටියාස් සිම්පල් ප්ලෑන් එකක් කිරියාත්මක කොලා. බෙලෙක් පිඟානක් ඇඳඋඩ මූනින් අතට නවලා ඒකේ උඩතමා ලැප තියන්නේ. ලැපේ රස්නේ බෙලෙක් පිඟාන උරා ගන්නවා + ලැපයි ඇඳයි අතර දැන් ලොකු ගැප් එකක් නිර්මාණය වෙනනිසා ලැප යටිනුත් රස්නේ එලියට යන්න පුළුවන්. කොහොමද ටිකිරි මොළේ?

      Delete
  21. අඩේ අර Snipping ටූල් එක මොකක්ද අප්පා. මට මීටර් නෑනේ,...

    හැබැයි ඩුඩ් අයියා කියන කතාව නම් තේරුනා...

    අර ෆෑන් එක පට්ට අප්පා. මමත් බෝඩිමේ පාවිච්චි කලේ වෝල් ෆෑන් එකක් ටේබල් එකකට තියලා ගැට ගහලා.

    ReplyDelete
    Replies
    1. ඇයි බං Start > All Programs > Accessories > Snipping Tool ඔය තියෙන්නෙ භාණ්ඩෙ. ඒ Windows 7 තියෙනවා නම්. Windows 8 වලනම් Snipping Tool කියලා search කරාපං.

      වෝල් ෆෑන් එක වෝල් එකේ තිබ්බා නම් හුලං මදිද? :D

      Delete
  22. බස්වල නිර්මානශීලී තරුනයො කරලා තියන නිර්මාන ගැන හප්පේ තියන ආඩම්බරේ. මම ලොකු දුවත් එක්ක බස් එකක් නගින්නෙ හොඳට හොයලා බලලා ..

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ සීට් පිටිපස්සෙ හෙම ලියලා තියෙන එව්වා වෙන්නැති නේද ජෝන්?

      Delete
    2. නැතුව . විලි ලැජ්ජාවෙ බෑ

      Delete
  23. කකුල් ෆොටෝව දැක්ක ගමන් බකස් ගාලා හිනා ගියා....පස්ට ඈ...

    ReplyDelete
    Replies

    1. අපේ ඉස්කෝලෙ ටොයිලට් එකෙත් ගහලා තියෙනවා බං තරුවෝ නෝටිස් එකක්. මම සෑහෙන ආතල් එකක් ගන්නවා ඒක නැවත නැවත කියවලා.

      Delete
  24. මරු පිංතුර සෙට් එක...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන්. LIFE හරි National Geographic හරි තමයි මචං ට්‍රයි කරන්නෙ. Lake House නෙවෙයි. :D

      Delete
  25. ඕ .... ඩූඩ්, මගේ කමෙන්ට් එකත් උස්සල දාලා තියෙන්නෙ. හි හි .. ගනන් ගන්න එපා විහිළුවක්නේ.

    අපේ රටේ වැඩි හරියක් නිර්මාණශීලියො ඉන්නෙ මගේ හිතේ වැසිකිලි ආශ්‍රිතව. ඔව්ව ඔහොම තමා.

    හුඟක් තැන්වල ‘බීමට පමණයි - මුහුණ සෝදන්න එපා‘ කියල ගහල තියෙනව නම් මම දැකල තියෙනව. ඒත් මට හිතාගන්න බැරි මනුස්සයෙක් කොහොමද අර විදියට කකුල් සෝදන්නෙ කියල.

    අර වාහනේ නම්බර් ප්ලේට් එක උලා කෑවෙ මොකාද? අයිතිකාරයට කොච්චර ආඩම්මබර හිතේද දැක්ක නම්.

    කම්පියුටර් එකක් සම්බන්ධයෙන් නම් කතුරක් අනවශ්‍යම උපකරණයක්. මම දැකල තියෙනව මෙහෙත් සමහර අයියල පවර් සප්ලයි එකේ වයර් මගින් තුවාල කරල වෙන වෙන වැඩ කරල තියෙනව. මහම මහ ගොන් වැඩක් !

    අර විදියෙ ෆෑන් එකක් නම් කාලයක් අපේ අයියත් ඇඳට උඩින් එල්ලගෙන හිටියා. මම නම් හිතන් හිටියෙ ඕක කඩන් වැටෙයි කියල. කිසිම අතුරු අන්තරාවක් නැතුව අවුරුදු දෙකක් විතර තිබුන.

    සූර්යග්‍රහණය වෙලාවෙ ගත්තු ෆොටෝ එක නම් මරු, කොහොමද එහෙම එකක් කම්පනාවට ආවෙ.

    අර සිකියුරිටි බුවා නම් තිතට රාජකාරිය කරනවනේ. මේකත් ජංජාලෙ සැරි සරන්න ගත්තොත් බුවාගෙ ජොබටත් කෙලවෙයිද මන්දා. කෝකටත් හෙන්රි අයියා ඊළඟපාර ගෙදර එද්දි කල්පනාවෙන් ඔය හරිය පහුකරන්නෙ, හංවඩුවත් ගහල තියෙන එකේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනෙ. මම ඒක විහිළුවක් හැටියට තමයි බොල ගනං ගත්තේ.

      >>අපේ රටේ වැඩි හරියක් නිර්මාණශීලියො ඉන්නෙ මගේ හිතේ වැසිකිලි ආශ්‍රිතව.<<
      වැසිකිළිවලදි බාත් රූම් වලදි තමයිනෙ පට්ට අදහස් පහල වෙන්නෙ. ඒකයි.

      >>අර වාහනේ නම්බර් ප්ලේට් එක උලා කෑවෙ මොකාද?<<

      කවුද ඉතින් මං තුමා මිසක්. හෙහ් හෙහ්.

      >>කම්පියුටර් එකක් සම්බන්ධයෙන් නම් කතුරක් අනවශ්‍යම උපකරණයක්.<<

      ඇත්තටම කතුර මොකටද කියලා මම ඇහුවේ නෑ. සමහරවිට ඉන්ස්‍යුලේෂන් ටේප් කපන්නද දන්නෙ නෑ.

      >>සූර්යග්‍රහණය වෙලාවෙ ගත්තු ෆොටෝ එක නම් මරු, කොහොමද එහෙම එකක් කම්පනාවට ආවෙ?<<

      මම ස්මාට් බුවා බව තොපට අමතක වුනෙහිද? ඔන්න බලාපං DDT මම simulblog කියලා වචනයක් ඇත්තෙන්ම නිර්මාණය කලා. නමුත් පස්සෙ ගූගල් කරලා බලනකොට තවත් එකෙක් ඒක පාවිච්චි කරලා තිබ්බා ඒ වෙනකොට. වැඩේ පත්තු වුනේ නෑ. අල්ලලා දැම්මා. දැන් මම උපුටා ගැනීම් වලදි >>උපුටාගැනීම<< පාවිච්චි කරලා බලනවා, අනිත් උන් කරන //උපුටා ගැනීම// වෙනුවට. බලමු මේක පත්තු වෙලා අනිත් උන් අතරටත් යයිද කියලා. ඔන්න නෝට් කරගනිං ඈ.

      >>ඊළඟපාර ගෙදර එද්දි කල්පනාවෙන් ඔය හරිය පහුකරන්නෙ, හංවඩුවත් ගහල තියෙන එකේ. <<

      ඉතිං බං මම කොහෙද කියලා කියලා නෑනෙ. මේක JFK හරි හීත්‍රෝ හරි වුනත් වෙන්න පුලුවන්නෙ.

      Delete
    2. >> බලමු මේක පත්තු වෙලා අනිත් උන් අතරටත් යයිද කියලා. <<

      මේක හොඳයි ඩූඩ්..ඒත් ශිෆ්ට් එකත් ගහන්ඩ වෙන හින්දා කම්මැලියි. එහෙම කියලා ඩූඩ්ගෙ සොයා ගැනීමක් අහක දාන්ඩ පුළුවනෑ ඔන්න මාත් අද ඉඳලා පාවිච්චි කොරනවා.. :)

      Delete
  26. ඉතාම ලොල් සහගතයි හෙන්රි අයියේ..මට
    බකස් ගාල හිනා ගියා...

    ReplyDelete
    Replies
    1. තැංකූ තැංකූ සහන්. කාගේ හරි ලේ පිරිසිදු වෙනවා නම් ඒකම ලොකු පිනක්නෙ, නැද්ද? :)

      Delete
  27. නියමයි ඩුඩ් අයියා..
    මට ටිකක් පහලට එනකල් හිතා ගන්නත් බැරි වුනා මොකක්ද මේ පෝස්ට් එකේ කියන්න යන්නේ කියල. වයිපර් කතන්දරේ කියවද්දී තේරුනා වැඩේ.. ඒත් ඊළඟ ෆොටෝ එක දකිද්දී මට ආයේ හිතුනේ ස්ක්‍රීන් ෂොට් අරගන්න හැටි කියන්න තමයි යන්නේ කියල.. :)
    සූර්යග්‍රහණය සම්බන්ධ ෆොටෝ එක පැහැදිලි කලේ නැත්නම් මට නං මොකක්ද කියල හිතාගන්නවත් බැරි වෙනවා..
    (ස්ක්‍රීන් ෂොට් අරගන්න තව ක්‍රමයක් තියනවා නේද.. print screen sysrq ප්‍රෙස් කරලා paste කරනවා paint වලට )

    ReplyDelete
    Replies
    1. චන්දන මේක ඕනෙවට වැඩිය සිරාවට ගන්න ඇති, ඒකයි. හෙහ් හෙහ්.
      ඔව් චන්දන අරෙහෙමත් පුලුවන්. මේකත් ඉතින් Windows Accessory එකක් හැටියට එන එකක්. අනික ඕනෙ හැඩේකට කෑල්ලක් කපලා ගන්න පුලුවන්.

      Delete
  28. හරි අපූරු ජයාරූප එකතුවක්නේ නියමයි සර්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශාන්. මට සර් කියන්න එපා බං. විලි ලැජ්ජාවෙ බෑ.

      Delete

  29. The first photo is very artistic.You are a very observant person, it seems. You see things which many don't notice.I like that solar eclipse photo very much and thank u for the explanation.If not, like game hithawatha and thisara, I too won't be able to comprehend it. Yes. I agree. Sri Lankans are a very peculiar race.

    ReplyDelete
    Replies
    1. Thanks Blue Lotus for all the compliments.

      Yes, I thought that solar eclipse would need an explanation.

      Sri Lankans have their own logic and methodology.

      Delete
  30. මාර ෆොටෝස් ටික ..දැක්කම ඇදෙනවා .. අර නම්බර් ප්ලේට් එකට වයිපරේ දාලා තියෙන එකනම් මාරු .හික් හික් හික් .... මම හිතන්නේ ඒකනම් කැඩිලා පහලට වැටුණු එකක්ද කොහෙද .. ඩුඩ්

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ඒක මේ මගේ තියෙන කුප්ප කමට වාහනේ ලං කරලා ගෙදර අයට කෑ ගහලා අමාරුවෙන් ගත්ත එකක්.

      Delete
  31. ඩූඩ් මචං පින්තූර ටිකට නං මාර ඉරිසියයි උඹත් එක්ක.
    දවසක් දා මෙහෙ වොෂ් රූම් එකක හම්බයෙක් අමාරුවෙන් සින්ක් එක ඇතුළට කකුල දගෙන හෝදනව දැකල මට මල පැන්න.
    ඒ වුණාට ඒක සාමාන්‍ය දෙයක් දැන්නං.

    ReplyDelete
    Replies
    1. තැංකූ මචං හැලපේ. මෙහෙ කිව්වෙ මචං දැනුත් උඹ ඉන්නෙ වෙන රටකද නැතිනම් ලංකාවෙද?

      Delete
  32. හයියෝ හිනාකාල පන ගියා.............^_^

    ReplyDelete
    Replies
    1. කොච්චර හොඳද අග්නි ධාරා.
      මාත් අද උදේ අටමගේ ඊයේ පෝස්ට් එකේ කමෙන්ට් බලලා ඔය දේම කරගත්තා. :D

      Delete
  33. එතකොට අපි බලල හිනා වුන ෆොටෝස් වල අයිතිකාරයා අපේ යාලුවෙක් නේද?

    උඩම තියෙන ෆොටෝ 3 මට ඇවිල්ලා තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අසරණයා කොයිතරම් නම්බුවක්ද නේහ්? :D

      Delete
  34. මන් මේ කල්පනා කලේ....ගෙදර අය බඩුමුට්‍ටු ගන්න අතරෙ ඩූඩ් පැපරාසියෙක් වෙලාද කියල..?

    ReplyDelete
    Replies
    1. වීයා මේවා අවුරුදු ගානක් තිස්සේ එක එක තැන්වලදි ගත්ත ඒවා නිසා එහෙමම කියන්නත් බෑ නේද බං?

      Delete
  35. අපේ ස්ටේඩියම් එකේ කකුල්හෝදන්න එපා කියලා ගහලා තියෙනවා. ඒකාලේ අපිට වඩා ලොකු අයියලා ට්‍රෙනින් ඉවර වෙලා ඇවිල්ලා බාත්රූම් වල ‍කස්ටිය වැඩිනම් ඕව්වයින් හෝදගන්නවා. කකුල් උස්සලා ඔය බේසටම බස්සලායි එයාලා කකුල් හේදුවේ. ඒකෙන් වෙන්නෙ ඕවායේ ශක්තිමත් කම අඩුවෙලා හෙලවෙන්න අරං කාලෙකදි කැඩිලා යන එක.... දැන්න ම් ඔය තත්වෙ වෙනස් දැන් හැදෙන එවුන් එදාය වඩා විනය ගරුකයි සමහර වෙලාවට.

    අද දවසේ ප්‍රස්ණය.

    අර ලයිට් වලට වයිපර්සවි කිරිමේ ඒ හැටි ප්‍රයෝජනයක් ඇතිධ?

    ReplyDelete
  36. බුද්ධි, හෙඩ් ලයිට් වයිපර් එක හිම පතනය තියෙන වෙලාවට හරිම ප්‍රයෝජනවත් ඇති හිම ගල් වෙලාම නැති නම්.

    ඇත්තෙන්ම පස්සෙ වීදුරුවේ හීටිං එලිමන්ට් එකයි වයිපර් එකෙයි වටිනාකම තියෙන්නෙ රෑ වැස්සෙ යනකොට නේද?

    ReplyDelete
  37. මාත් ඉස්සර අපේ ටීවී එකට රිමෝට් එකක් හයි කළා. ඒක දැකපු අයගෙන් කට්ටියක් හිනාවෙලා ගියා. තව කට්ටියක් බැනලා ගියා මැරෙන්න හදනවද කියලා.

    මං දැක්කා කොමඩ් එකක් උද ගහලා තියෙනවා "කරන්න එපා" කියලා ලිස්ට් එකක්. ඇර සීගිරි චිත්‍රෙ වගේ සිම්බල් වලින්. ඒකෙන් එකක් තමයි කකුල් දෙක කොමඩ් එක උඩින් තබා ගැනීම.

    ඒ අස්සේ මට මතක් උණේ ඔබා මාමත් එක පාරක් දාලා තිබුණ පෝස්ට් එකක එක්කෙනෙක් ක්ලබ් එකකට ගිහින් සිස්ටන් එකට අහවල් කාරිය කරපු කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ රිමෝට් ආවේ නැති මොඩල් එකකටද?

      අර චිත්‍රෙ මම දැකලා තියෙන්නෙ සඳරුවාගේ පෝස්ට් එකෙන්.

      Delete
    2. අපේ ගෙදර black & white TV එක මට අයිති උණා 2003 football මැච් එක දවස්වල. මැච් ටික තියෙන්නේ රෑ දෙකට තුනට විතරනේ. ඉතිං ඇඳ පාමුල උස ටීපෝ එකක් තියලා ටීවී එක තිබ්බා.ඈම්ප් එක ඇඳේ පැත්තක. එතනම මල්ටි ප්ලග් එක.

      ටීවී එකේ වගේම ඈම්ප් එකේ පවර් ස්විච් එක තමයි මල්ටි ප්ලග් එක. ටීවී එකට හයි කරපු මංම ගොතලා හදාපු ස්ටීරියෝ කේබල් එක එක්කෝ කෙලින්ම හෙඩ් ෆෝන් එකට. නැත්නම් ඈම්ප් එකට. (ඔය ටීවී එකට අහු උණේ එක ජාතිකේ විතරයි)

      ඔය වයර් මල්ටි ප්ලග් අස්සේ මට නිදාගන්න තිබුණේ බැංකුවක වගේ පොඩි ඉඩක් විතරයි. ආ.. ඈම්ප් එක මේඩ් ඔෆ් මයින්. 8" ස්පීකර්ස් දෙක ලොකු මුට්ටි දෙකක් අස්සේ.

      Delete
  38. ඩුඩ්ගේ ඇහැ නම් නියමයි ඈ......
    අර කකුල් හෝදන එක දැක්කම මට හිනාත් ගියා. මං ඒක දැකල නෑනේ. ගිය වෙලාවක බලන්න ඕනි.
    ෆෑන් ඒකත් මරු. අපේ රටේ මාර වැඩකාරයෝනේ ඉන්නේ.....

    ReplyDelete
    Replies
    1. මටත් ඕවා දැක්කාම ඉස්සෙල්ලම හිනා යන්න එනවා. නමුත් හිනාව ගිලගෙන ඉන්නවා මොකද හිනාවෙන එක හරි නැති නිසා. :D

      Delete
  39. කොහොම ගියත් ඇත්ත එලි වෙනවා නේද මගේ සුදු බබී? ඔච්චර විවෘත වෙන එකේ ඔයාගේ නීත්‍යානුකූල අවි වෙළදාම ශ්‍රී ලංකා යුධ හමුදාවට කරපු,එක පතුරමකින් හම්බුන ගාන , එක යුද්ධ ටැංකියකින් හම්බ කරපු ගාන,night club ගැන,TV channel එක , අර තානාපතිට කරපු දේ,ඔයාගේ නඩු අහපු ජජ් ල එක පාරට පවුල් පිටින් රට ගිය හැටි ඒ ගැනත් කියන්නකෝ.ආසයි දැනගන්න ඒවා ගැනත් සුදු බෝලයෝ.

    ReplyDelete
    Replies
    1. මොන මල හත්තිලව්වක්ද මචං ඈනෝ මේ? මේක මෙතන වැරදිලා දැම්මද?

      Delete
  40. නියම ෆොටො ටික ඩූඩ්... vivid imagination at its best.....

    ReplyDelete
    Replies
    1. Vivid imagination at its best කියන එක මට කලින් මතක් වුනා නම් ඒක පෝස්ට් ටයිටල් එකට දානවා. බොහොම ස්තුතියි අනිත් කොණ.

      Delete
  41. හෙන්රි මහතා මම හිතනවාට වඩා බොහොම දාර්ශණික පාටයි...මේ වගේ තව ඒවා දාන්න....

    ප.ලි

    ඩී.ඩී.ටියා බීලා ඉන්න වෙලාවකද අර කමෙන්ට් එක ගහලා තියෙන්නෙ... මල අතේ තියෙන්නෙ වතුර කපපු වෙලාවක වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පාට්නර්. දාර්ශනික ඈ? හුහ්!

      ඩී ඩී ටියා මගේ අංක එකේ රසිකයෙක් සහ මග පෙන්වන්නෙක්. ඒ වගේම මගේ චිත්‍ර රේඛාවක් නෑර විමසිල්ලෙන් බලලා ඇත්තම කියන එකෙක්. බ්ලොග් ලෝකෙ පැවැත්මට බලපාන ඔයවගෙ බ්ලොග් නොලියන කමෙන්ට් කරන උන් කීප දෙනයි තව ඉන්නෙ.

      Delete
  42. සීලිං ෆෑන් එක නම් ජොලි මචං ... ඔය වගේ නිර්මාණශීලී යමක් කෙරුවොත් ඉතිං දොම්පෙ එකෙක් තමයි ..!

    ReplyDelete
    Replies
    1. උඹටත් එච්චර ඈතක නෙවෙයි මචං ඔය වර්ක්ෂොප් එක තියෙන්නෙ. හික්ස්.

      Delete
  43. ඔය සින්ක් එකෙන් කකුල් සෝදන්න එපා කියපු දැන්වීම නුවර ප්‍රධාන රථගාලෙත් තිබුණා වගේ මතකයි. ඒත් මීට අවුරුදු 5කට විතර කලින් නිසා හරියටම් කියන්න මතක් නෑ. ඒ පැත්තේ ගියොත් බලන්න.

    ඊමේල් වලින් දැකපු පින්තූර වල ඇත්ත අයිතිකාරය අදනෙ දැනගත්තෙ. හොඳ කලෙක්ෂන් එකක් හදා ගත හැකි ඔයි වගේ පින්තූර වලින්.

    ReplyDelete
    Replies
    1. මම ඔය නුවර කා පාක් එකට ගිහින් නෑනෙ. ඕක තියෙන්නෙ පොලොව යටද? (underground car park)

      මම හොඳ වෙලාවටනෙ මේක ආපහු බ්ලොග් කලේ බලාගෙන යනකොට. හික් හික්

      Delete
  44. simulbogged කියන්නෙ අනිත් වෙබ් අඩවියෙත් ලියලා තියනවා කියන එකද?

    කොහොම වුනත් අපූරු පින්තූරු ටික..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ. මේ මම DDT ට දාපු රිප්ලයි එකේ කොටසක්:

      >>මම simulblog කියලා වචනයක් ඇත්තෙන්ම නිර්මාණය කලා. නමුත් පස්සෙ ගූගල් කරලා බලනකොට තවත් එකෙක් ඒක පාවිච්චි කරලා තිබ්බා ඒ වෙනකොට. වැඩේ පත්තු වුනේ නෑ. අල්ලලා දැම්මා<<

      මේ වචනේ inderline වෙන්නෙ එහෙම වචනයක් ඇත්තේ නැති නිසා. මේක හැදුවේ simutaneous කියන වචනෙන් කෑල්ලක් අරගෙන. ඔයත් පාවිච්චි කරන්න කල් නොයවාම මේක ජනප්‍රිය වචනයක් වෙලා ශබ්ද කෝෂ වලට ඇතුල් වේවි. සයිමල්බ්ලොග් කියලා උච්චාරණය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

      Delete
  45. This comment has been removed by the author.

    ReplyDelete
  46. නියම ෆොටෝ ටික ඩූඩ්... ඒක නෙවේ සීගිරියෙ ටොයිලට් එකේ "කාන්තා වැසිකිලිය"ට තිබුන සංකේතෙත් ඔයවගේම මොඩිෆයි කරපු එකක්ද???? :D :D

    ReplyDelete
    Replies
    1. අනේ ඒකට රිංගුවේ නෑ බං. නිකං ගුටි කන්න.

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>