Monday, April 1, 2013

60. මෙම්බර්ස්ලට විතරද අයියා රෙ#@ බර හැදෙන්නෙ?

මේක ජෙනියා කිව්ව කතාවක් කිව්වට වැඩක් නෑ මොකද කොමෙන්ට් දාන බුවාලා අනිවා කියන්නෙ ඕක මට වෙච්ච වැඩක් කියලනෙ. 'අනික, උඹ කොහොමද ඔච්චර විස්තර දන්නෙ, ඕක උනේ උඹට නෙවෙයි නම්' කියලා කියන්න කී දෙනෙක් කටවල් මැදගෙන බලාගෙන ඇත්ද?
කමක් නෑ ඕනෙ එකක්.

මෙන්න කතාව.

කට්ටිය ෂොපිං පාරක් දාලා, ‍තෝසෙ කඩයකුත් වන්දනාමාන කරගෙන, කො‍ටුව හරහා ඇවිදගෙන යනවා. මේ ‍තෝසෙ වලත් තියෙනවනෙ ආවේනික ගති ලක්ෂණ. තිබහ වෙන එකේ ඉවරයක් නෑ. වතුර බොන්න බොන්න පිපිලා එනවා. ඉතින් අන්තිම කෝක් බෝතලේ අන්තිම උගුරත් කටට හලාගෙන, වටේ යන කැහි කූරකින් දුම් උගුරකුත් ඇදපු ටින්ටිනාට තේරුනා බඩ දැන් ටික වෙලාවක ඉඳලා අමුතු විදියට ගුරු ගුරු ගාන බව. තවත් සෑහෙන වෙලා ඇවිදිනකොට තත්වෙ එන්න එන්නම භයානක වෙන බව තේරුන ටින්ටිනා, බැරිම තැන මේක අනිත් උන්ටත් කිව්වා.

දැන් කවුරුත් බැලුවේ ටොයිලට් එකක් හොයාගන්නෙ කොහොමද කියලා. මිලර්ස් එක ඉස්සරහ පොලොව යට තියෙන එකට නම් කලිසමේ බඩු ගියත් යන්න බැහැ කියලා ටින්ටින් අවධාරණය කලා. දැන් කට්ටියම ටින්ටිනාට බොගක් දාන්න තැනක් හොය හොය ඇවිදිනවා. ටින්ටින් දැන් ඇවිදින්නෙ ඇදේට ඇදේට. කකුල් දෙක බයිසිකල් ස්ටැන්ඩ් එකක් වගෙ උඩින් ලං
වෙලා, යටට යන්න ඈත්වෙලා!
ජෙනියා කියනවා,  “මචං, මම නං ඔයවගෙ වෙලාවට කරන්නෙ අත මිට මොලවලා පු*# හොඳවයින් පාරක් දෙන එක. කොරලා බලපං. බෙ$# බය වෙනව ටික වෙලාවකට.”
ජෙනියා කිව්වෙ ෆුල් සිරාවට. මාත් පස්සෙ ඕක අත් හදා බලල තියෙනව. (Copyright © Jeniya’s Theory Of Stunning, Intimidating And Temporary Forced Retreating of Shit/බොගක් ෆුල් හොල්මං කිරීමේ, බිය වැද්දීමේ හා තාවකාලිකව බලෙන්  පසු  බැස්සවීමේ ජෙනියාගේ න්‍යාය.). අනේ, විශ්වාස කරපල්ල ටින්ටිනා අත මිට මොලවලා තමන්ගෙ පශ්චාත් භාගයට දුන්න පාරක් කොර වෙන්න.

“මචෝ ඕනෙවට වඩා හයියෙන් ගහන්න එපා. බෙ*ටෙ ඔලුව තැලෙයි.”

“ඔලුව තැලෙන්න තමයි ඩෝ ඕනෙ. එතකොට ප්ලග් එක ගැහුව වගෙ ටිකක් වෙලා අල්ලන් ඉඳී!”

“ඒ වැඩේ හරියන්නෙ නෑ, දැනටම දිව දාල නම් තියෙන්නෙ. ටින්ටිනෝ දිව දාල වගෙද දැනෙන්නෙ?”

ප්‍රබුද්ධ අදහස් ගොන්නයි.

“මෙහාට දිය ඔය සිගරට් එක,” එකෙක් ටින්ටිනාගෙ සිගරට් එක උදුරගන්න ගමන් කියනවා. "යකෝ සිගරට් බොන්න එපා බොගක් ටයිට් වෙලා තියෙන වෙලාවට, පු# ‍රැවටෙනවා.”

දැන් ටින්ටිනාගෙ තත්වය එන්න  එන්නම භයංකාර වේගනයි එන්නෙ. මූට දාඩිය දාලා. කොන්ඩෙ එකට ඇලිලා, තොල කට වේලිලා, මූණ  සුදුමැලි වෙලා.

“Desperate measures for desperate times” කිව්වලු.
ඔන්න එතකොටම ජෙනියට මතක් වුනා මූ කාලයක් ජුඩෝ ක්ලාස් ගිය අකුරු හතරෙ බිල්ඩිම!!

“හුරේ , ආබාදයක් නෑ. උඹ බයවෙන්න එපා ටින්ටින්. වරෙල්ල යන්න අකුරු හතරෙ බිල්ඩිමට. ඒකෙ තියෙනව නියම ටොයිලට්. මං දන්න සෙක්කොත් ඉන්නවා.”

කට්ටියම ඕවර් ඩ්‍රයිව් එකට දාල විද්දා අකුරු හතරෙ බිල්ඩිමට. ඔන්න ඉන්නවා ඉස්සරහම මේසයක් තියාගෙන සිකියුරිටි අයියලා දෙන්නෙක්ම. කට්ටිය බෑගුත් එල්ලගෙන දඩි බිඩි ගාලා ඇතුලට යන්න යනවා දැක්ක ගමන් එක සිකියුරිටි පොරක් ආචාර කලා.

“ඒයි මල්ලිලා, කොහෙද යන්නෙ ගෙදර  යනවා වගේ?”

ජෙනියා දන්න සෙක්කා නම් නෑ වගේ. කොහොමත් මූ දක්ෂයි සම්බන්ධීකරණ කටයුතු වලට.

“අයියෙ මේකයි. ටොයිලට් එකට යන්නයි බැලුවෙ.”

එතකොට එතන හිටපු වයසින් වැඩි, සීනියර් සිකියුරිටි බුවා  කියවන්න ගත්තා. “මේක පබ්ලික් ටොයිලට් එකක් නෙවෙයි. පාරෙ යන හැමෝටම මේකට යන්න බෑ. මහත්තුරු අපිටයි බනින්නෙ”

දැන් ටින් ටිනා අධි වේගයෙන් ලොබියේ එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා වයින් කරපු සෙල්ලම් බඩුවක් වාගෙ.

“හරි අයියෙ අපි ඔක්කොටම යන්න ඕනෙ නෑ. අපේ අර යාලුවට විතරක් පොඩ්ඩක් ගිහිල්ල එන්න දෙන්නකො, පව්නේ!”

දැන් තරුණ සෙක්කා කිව්ව, "මල්ලි මට තේරෙනවා, නමුත් මේ ටොයිලට්ස් මෙම්බර්ස්ලට විතරයි. ඒකයි ප්‍රශ්නෙ.”

එතකොටම ටින්ටිනා බ්‍රාස් ගාල ගැහුවා බ්‍රේක්.
“මොනාද අයියා”, ටින්ටිනාගෙ උච්ච, ඇඬි බර, කටහඬ වෙවුලුවා. “මෙම්බර්ස්ලට විතරද අයියා රෙ#@ බර හැදෙන්නෙ?”

කාටවත් හිනා ගියෙ නෑ.සෙක්කගෙ ගල් හිත උණු වුනා.

“ම්හ්, මල්ලි එහෙනම් ටක් ගාල ගිහිල්ල එන්න. අනිත් අය මෙතන ඉන්න..”

ටින්ටිනා එකතැන පික් අප් කරලා ටොයිලට් දිහාට අතුරුදහන් වුනේ පත්තු කරපු අහස් කූරක් වගෙ. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න ඔය ඔක්කොම කලබලේ අස්සෙ  මූ ලයිටර් එකකුයි සිගරට් එකකුයිත් ලෑස්ති කරගෙන ඉඳලාලුනෙ ඔය වැඩේ නියමෙට කරන්න.

 ෴ *DISCLAIMER* ෴
 මේ කතාවට හෙන්රිබ්ලොග්වෝකර් ද ඩූඩ් ගේ කිසිම සම්බන්දයක් නොමැති බව ලෝකවාසී ජහමනයාට ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කර සිටිමි.

මෙය මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ මුලින් පළවූ ඇබැද්දියකි. (මට නෙවෙයි බං!) කියවා ඇත්තෝ කමත්වා!

128 comments:

  1. අද මෝඩයන්ගේ දවස හන්දා ලීව කතාවක් එහෙම නෙමේ නේද? :D

    ReplyDelete
    Replies
    1. හුටා! අද අපි කාගෙත් දවස දවස බව මට මතක් වුනෙත් දැන්! :-O සුභ අපේ දිනයක් වේවා පොඩ්ඩි! :D

      Delete
  2. ඒක නම් සෝයි.... ඔහොම කිව්වම අහපු සික්කෙක් හිටිය නිසා හොදයි.. නැතිවුනානම්??????

    ReplyDelete
    Replies
    1. නැතිනම් ශෝචනීයයි! :(

      Delete
  3. අම්මපා මචන් මේක උඹේ අනික් බ්ලොගේ කියවපු දවත් මට හිතුනේ අද හිතෙන එකමයි.

    "මේකන ෂුවර් එකටම හෙන්රියාටම උන වැඩක්"

    [co="red"]මොන DISCLAIMER දැම්මත් වැඩක් නන මචෝ.[/co]

    ReplyDelete
    Replies
    1. උඹ ඔහොම නොකිව්වොත් තමයි මම පුදුම වෙන්නෙ. ඔය ජෙනියා දැන් සෙක්‍යුරිටි ලොක්කෙක් බව මට මේ දැන් මතක් වුනා.

      Delete
  4. ඔබ කියා ඇති නිසා මම මුකුත් නොකියමි

    ReplyDelete
    Replies
    1. මොනාද බං ඕන්නැති දේවල් හිතන්නෙ? :-O

      Delete
  5. එහෙම හරි යන්න දුන්න හින්ද සෙක්ක බේරුනා. නැත්තං ඌට වෙන්නෙ ලොබියෙ බිම තියෙන *ටි ටික අදිද්න තමයි.

    'ඔක්කොම කලබලේ අස්සෙ මූ ලයිටර් එකකුයි සිගරට් එකකුයිත් ලෑස්ති කරගෙන ඉඳලුනෙ ඔය වැඩේ නියමෙට කරන්න' මේ කෑල්ල දැමීමෙන් අදහස් වෙනව මේ වැඩේ උනේ හෙන්රියටමයි කියල.

    ReplyDelete
    Replies
    1. හික් හික්. ඒක නම් වෙන්න තිබ්බා. :D

      අනේ පලයං යන්න. එතකොට ඔය ශ්‍රේෂ්ඨ ලේඛකයෝ ලිව්ව ඔක්කොම උන්ටම වෙච්ච එව්වා කියලද උඹ කියන්නෙ? :-O

      කඩාකප්පල්කාරියා!

      Delete
  6. දාන්න ඔනේ කමෙන්ට් එක අයියා පොස්ට් එකේ උඩින්ම දාලනේ....

    බෙට්ට භය කරන වඩේ ඇත්තටම සාර්තකද

    ReplyDelete
    Replies
    1. වැඩිය ඕනෙ නෑ. ගෙදර තියෙන්නෙ එක බාත් රූම් එක නම් සහ ඒකට වයිෆ් හරි පොඩි එකෙක් හරි රිංගගෙන මේ එනවා කිය කියා නෑවිත් ඉන්න වෙලාවක උඹම අත් හදා බලාපං. ඕනෙ චන්ඩියෙක් ටික වෙලාවකට පස්ස ගහනවා. :)

      Delete
  7. බොගක් ෆුල් හොල්මං කිරීමේ, බිය වැද්දීමේ හා තාවකාලිකව බලෙන් පසු බැස්සවීමේ ජෙනියාගේ න්‍යාය//
    අම්මට සිරි!

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං. අපි ඔය කොපි රයිට් වලට ගරු කරන්න එපායැ පුලු පුලුවන් වෙලාවටවත්. ඒ තියරිය උගේ තමයි. නම නම් දැම්මේ මම. :D

      Delete
  8. මට හිතුනා අලුත් වැඩක් කරන්න.

    මේ මට මේ සතියේ හිතට අල්ලලම ගිය කතා කීපයක්. කියවලම බලලා එන්නකෝ.

    සීයාගේ ස්වයංක්‍රීය පිළිතුරුදීමේ යන්ත්‍රය

    "පිස්සු ලාබයි " Episode 1 : Facebook Marketing

    පිස්සු ලාබයි - එපිසොඩෙ 2- ඉස්ටිකර් Man

    ReplyDelete
    Replies
    1. එකක්වත් ඕපන් වෙන්නෙ නෑනේ අයියේ... :(

      Delete
    2. පොඩි අවුලක් තියෙනවා වගේ. මෙන්න අමුවටම

      http://bingunada.blogspot.com/2013/03/blog-post_28.html

      http://pinchpoints.blogspot.com/2013/03/episode-6-facebook-marketing.html

      http://pinchpoints.blogspot.com/2013/04/episode-2-man.html

      Delete
  9. කොළඹදි ඔය හදිස්සියක් වෙලාවට ගානක් නැතුව තරු හෝටලේකට රිංගලා ලොබියේ ඉදගන ඉදලා ශේප් එකේ වැඩේ කරගන එන්න හැකියි ඩූඩ්.

    ReplyDelete
    Replies
    1. මමත් ට්‍රේඩ් එකට ආවට පස්සෙ දැනගත්තේ.. කිසි අවුලක් නෑ..

      පරණ කවියත් මතක් උනා. හැන්‍රිගේ රසකියයන්ගේ පහන් සංවේගය උදෙසා මෙසේ ළියා පලකරමි

      රෙන්න බරවූ විට
      දුවගෙන ආපු පලියට
      වට පිට කැත නොකොට
      රීලා පලයන් හිතේ හැටියට

      මොකෝ කළබලේ ගිහින් රෙන්නේ, රෙන්න ඕන තැන නෙමෙයි. ඉතින් ඊළඟට යන එකාට මළ බද්දය හැදෙනවා...

      Delete
    2. කවියනං පට්ට මාතලන්

      Delete
    3. ඒ තියරිය හරියනවා වැදගත් විදියට ඇඳගෙන ඉන්න එක්තරා වයස් කාණ්ඩයකට. මේ අපි වගේ හමගිය ජීන්ස්, ටී ෂර්ට් ඇඳගෙන, අත්වල රබර් බෑන්ඩ් දාගෙන, බල්ලො බඳින සයිස් සුදු යකඩ චේන් බෙල්ලෙ අතේ දාගෙන බෑග් එල්ලගෙන, දාඩිය පෙරාගෙන යන කොල්ලො රංචුවකට ඕක කරන්න අමාරුයි.

      තෑන්කූ මාතලන්. ඒ ටොයි අවවාදය සහ රුවන් වැකි කෑල්ලට.

      Delete
    4. අපි බැන්නට මුස්ලිම් පල්ලිය තමයි පිහිට.

      Delete
  10. Replies
    1. උඹටත් දැනිලා ඇතිනෙ ඔය වේදනාව, කවදාහරි, නැද්ද?

      Delete
  11. ඔය කියන්නෙ කොටුවෙ බ්‍රිස්ටල් විදියෙ අකුරු හතර තැනද?එතන කැන්ටිමේ උදේ සහ දවල් කෑම කාල තියෙනව සමහර දවස් වලට.ඒ කාලේ හැටියට ලෙවල් තැනක්.
    වල යට වැසිකිලිය තිබුනෙ හේමාස් බිල්ඩිමට එහා පැත්තෙනේ.
    හැබැයි ඉතින් සිගරට්/ලයිටර් අතේ තියන් හිටපු එකා ලියන එකාම තමයි.

    ReplyDelete
    Replies
    1. මූ මාට්ටු වෙන්නේ ඒකෙන්...

      Delete
    2. ඔය ඉන්නෙ ඒ සොඳුරු මතකයන් අතර සැරි සරපු තවත් කට්ටිය!

      මාතලන්, හා ඈ! :)

      Delete
  12. 'ජෙනියාගේ න්‍යාය!' ඒ වගේ න්‍යායක් අදමයි ඇහුවේ..

    ගමනක් යන කොට/කෑමකදී වගේ බොගක් සෙට් වෙයි කියලා හිතෙන කෑම නොකා ඉන්නවානම් ඔය වගේ කේස් වලින් බේරෙන්න පුළුවන්.හැබැයි ඒ කෑම මොනවද කියලා දැනගන්නත් කලින් ඒ වගේ වෙලා තියෙන්නන ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඉෂාන්, ඒ න්‍යායත් හරියට හරි.

      ඒ වගේම බොග සෙට් වෙන කෑම එක එකාට විවිධාකාරයි. මට රොටි, පිට්‍ටු කෑවොත් ගෙදරදි වුනත් බඩ රිදෙනවාමයි. වැඩේ කියන්නෙ, ඒ ලිස්ට් එකට අමතරව, සමහර වඩේ, එතකොට විනාකිරි මිරිස්කුඩු හෙම දාපු අඹ අච්චාරු වගේ දේවල් වලටටහ් පත්තු වෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙලා තියෙනවනෙ මට. :-O

      Delete
  13. ඇත්ත නේන්නම්, ‘මෙම්බර්ස්ලට විතරද අයියා රෙ#@ බර හැදෙන්නෙ?‘

    ඒ උනාට බුවාගෙ දර්ශනය ටිකක් දේශ ද්‍රෝහීයි වගේනේ. මොකද ඔය පාරෙ තව ටිකක් ඉස්සරහට ගියොත් ඔය වචන වෙනුවට ආදේශවෙන එව්ව ඇහුවම අපේ දේශ හිතෛශී, ආණ්ඩු හිතෛශීයින් ටික ඇවිත් මෙතන ඩෙඟා නටයිනේ. ඔන්න ඩූඩ්ව ඒ අනතුරෙන් බේරා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මම පාඩුවෙ ඉන්නව. :D

    ReplyDelete
    Replies
    1. නිහඬතාවය රන් වටී කියන්වනේ සමහර වෙලාවට, නැද්ද ඩීඩීටී?

      Delete
  14. කොහොම උනත් කියන්න කටට එන්නෙම මේක හෙන්රි අයියට උන වැඩක් කියලනේ අම්මපා.
    "ජෙනියාගේ න්‍යාය"
    සාර්ථකව අත්හදා බලා තියෙනවද? හිකිස්

    ReplyDelete
    Replies

    1. ඕක මම කලින්ම දැක්ක හන්දා තමයි ඩිස්ක්ලේමර් හිට දැම්මේ. :((

      ජෙනියාගේ න්‍යාය වැඩ කරනවා.විශ්වාස නැතිනම් කරලම බලාපංකෝ.

      Delete
  15. යකෝ මේ කියෝපු එවුවා ආයිත් ලිවුවාම කියවන අපි ලියන්නේ මොනවද.. වෙලාව තිබ්බා නං ඒකට ලියපු එක කපල අලවන්න තිබ්බා.
    ලක්සල යට ‍තෝසෙ කඩෙන් බඩ පැලෙන්න සයිවර සාම්බාර් ඩයට් එක දාල මිලර්ස් එක ලඟ පොලෝ යට ටොයිලට් එකේ බොගක් දාන එක තරං සැපක් කොහෙද ඩෝ?

    ReplyDelete
    Replies
    1. ඉතින් මචං කාගේ බ්ලොග් එකේද අර පරණ වයින් රස කතාවක් තියෙන්නෙ? :D

      ඇත්තෙන්ම සරත් ඔය අඩියෙම මට හිතෙන හැටි බ්ලොග් එකට තියෙන ලින්ක් එකට කෙ‍ටුවම කෙලින්ම ඒ අදාල පෝස්ට් එකට යන්නේ. ඒකම අරන් කොපි ඇන්ඩ් පේස්ට් කලානම් කාලේත් ඉතුරුයි. ඇයි උඹ මට බනින්නම වෙනම කාලයක් වැය කරනවනේ. හික් හික්!

      අන්න අන්න පැරණි මතක ඇවිස්සිලා. නැතුව නැතුව! ඇත්තටම මම ඒ පොළොව යට තියෙන එකට ගිහින් නෑ මචං ඔය වැඩේට.

      Delete
    2. ෂික්.. දාඩිය ඉහින් කනිං පෙරාගෙන අලි පපඩං දෙකක් එක්ක බැදපු මිරිස් සාම්බාර් හොද්ද එක්ක අලි බත් එකක් කෙලල ඇරලා එන්ඩ පුදුම ආසාවක් තියෙන්නෙ. ඕක තාම ඇති එතන.. දෙමල සහෝදරවරුන්ගෙ ඔය හෝටල් නැතිදාට කීදෙනෙක් බඩගින්නෙද ?

      Delete
  16. ඉතා වැදගත් අත් බෙහෙත් කීපයක් උගතෙමි :)

    කොටුවේ අවුරුදු දොළහක් වැඩ කල නිසාවෙන් වලේ සයිවර කඩය හොඳින් හඳුනමි . එතනින් එහාට ගියාම බි අයි එක , වයිට් හෝස් එක ...අකුරු හතරේ තැන උදේ කෑම එකනම් මරේ මරු .

    වාසනාවකට , මිලර්ස් එක ඉස්සරහ පො වැ නම් ඇතුලට ගොස් නැත්තෙමි .

    ReplyDelete
    Replies
    1. ඔය අත් බෙහෙත් අත්දු‍ටුවයි සත්තයි. පොඩ්ඩ වෙලාවකට ස්ටන්ට් වෙනවා.

      බලං ගියාම මේ සයිවර් කඩ වලින් නොකාපු එකෙක් නෑනෙ අපේ උන් අතර.

      මමත් නෑ ජේපී. :(

      Delete
  17. මේක ඩූඩ් කලින් කොහේ හරි දැම්මද? මටත් අන්තිමේදි හිතුන මේක ඩූඩ්ට වෙච්චි දෙයක් නෙමෙයි කියල. ඩූඩ් නේද පොර වගේ අරූව එක්කගෙන ගියේ?

    ReplyDelete
    Replies
    1. ඔව්නේ බං. යට යටිනුත් දාලා තියෙන්නෙ 'මෙය මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ මුලින් පළවූ ඇබැද්දියකි. (මට නෙවෙයි බං!) කියවා ඇත්තෝ කමත්වා!' කියලා.

      නෑ උකුස්. ඒ ජෙනියා. ඌ එයාපෝට් සෙක්‍යුරිටි ලොක්කෙක් අද. මම මේ අහක හිටපු එකෙක් බං.

      Delete
  18. හප්පා වනේ වන හතුරෙකුටවත් ඔය ඇබැද්දියනම් වෙන්න එපා !

    ReplyDelete
    Replies
    1. මගේද ප්‍රාර්තනය එයමැයි!

      ඒ වුනට මේක සෑහෙන දෙනෙකුට වෙලා තියෙන, වෙන සහ වෙන්න නියමිත (කට කට) දෙයක් බව කමෙන්ට් වලින්ම තේරෙනවා

      Delete
  19. හිහ් හිහ් හිහ්....පව් අනේ ඒ මනුස්සයා.... can happen to anybody .... LOL :D :D :D

    ReplyDelete
  20. copied only half of the comment above by mistake so had to delete...:D

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. සමහර වෙලාවට පුදුම අසරණ වෙනවා මිනිස්සු. :(

      Delete
  21. අනේ යන්ඩ හෙන් රි අයියෙ...මෙතන හැම වාක්‍යයකට සැරයක්ම දාලා තිබ්බත් මට නෙවෙයි උනේ කියලා ඕක උනේ ඔයාට කියලා හැමෝම දන්නවා..අප්‍රේල් පලවෙනිදා මේ අපිවනෙ ගොනාට අන්දන්න හදන්නෙ ! හුහ්...

    ReplyDelete
    Replies
    1. හා, ඈ. මට තමයි වුනේ! කිව්වා නාහන... :(

      Delete
  22. මේක පොදු දැවෙන ප්‍රශ්නයක් නොවැ :P

    ReplyDelete
    Replies
    1. මාත් දැවිලා තියෙනවා කීප වතාවක්ම. කීප නෙවෙයි සෑහෙන... :p

      Delete
  23. ඔයා කක්කා කතාවක් ලිව්වා නේද එහෙනං?

    මාත් ගිහින් තියෙනවා ඔය අකුරු හතරේ බිල්ඩින් දෙකටම ජූඩෝ කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔයා ගිය වග මාත් කියෝල තියනවා..

      Delete
    2. කකාට සන්තෝසයි නේ?
      ඔයා ඒකෙ ජූඩෝ කරපු බව මම දන්නවා.

      Delete
  24. ඔය වගේම ඇබැද්දියක් අපේ බැචෙකුට උනා සිරීපාදේ වන්දනා කරන්න ගිහින්. හෝදන්න වතුර නැතුව ස්ප්‍රයිට්වල පිහිටත් පැතුවලු...හි හි හී

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි! පෙණ දම දම හෝදන්න ඇති! :D

      Delete
    2. >> පෙණ දම දම හෝදන්න ඇති <<

      හයියූ ....... =))

      Delete
  25. අර න්‍යාය ටෙස්ට් කරලා බලන්න ඕනේ. කවද හරි ප්‍රයෝජනවත් වෙයි නේ. :D

    ඔය අමාරුව නම්.. හප්පා කියල වැඩක් නෑ. හීන් දාඩිය දාල කොර වෙලා ඇඬෙන සීන් එකක්. :((

    ReplyDelete
    Replies
    1. චන්දන මේක වැඩ කරනවා ටික වෙලාවකට. ඇත්තමයි!

      අරකට නම් මටත් ඇඬෙනවා. :((

      ඔන්න චන්දන කිව්ව පාරෙ ගිහින් දැම්මා මාති ඉමොටිකොන්! ස්තුතියි චන්දන! :)

      Delete
    2. //චන්දන මේක වැඩ කරනවා ටික වෙලාවකට. ඇත්තමයි!// ඒ ගුටිය වදින හරියේ තියනවා මට මතක විදිහට.., ඔය අවශ්‍යතාවය දන්වන ප්‍රධාන ස්නායුවක්. ඒකෙන් මොකක් හරි වෙනවා ඇති.

      එක දිගට කිවිසුම් යනකොට එහෙම, දඩාන් ගාල කොන්ද ට එකක් ගහපුවාමත් ලෙඩේ සනීප වෙනවා නේ.

      ඉමොටිකොන් ගත්ත පාරේ ගියාම තව තව ඒවා ටිකක් තියනවා නේද..? වැඩ කෑලි වැඩි වුනාම කරදර නිසා මං දැම්මේ නෑ. හැබැයි මගේ "ඒරියා 51" වල ටෙස්ට් කරලා බලනවා ඕවා හොයා හොයා ඉඩ තියන වෙලාවට. :)

      Delete
    3. අන්න මම නම් ෆුල් වැඩ දාලා තියෙන්නෙ.. දැන් තොරණ වගේ.. :D වෙන එකක් තියා ඇනෝලගෙ මූනත්තහඩුවත් වෙනස් කළ... :D

      Delete
    4. @සෙන්නා

      දුටුවෙමි දුටුවෙමි... :)

      මං දැක්කා සෙන්නා ඒ බ්ලොග් එකේ කමෙන්ට් එකකුත් දාල ඇවිල්ලා තිබුන. සෙන්නාගේ යාලුවෙක් තව කමෙන්ට් එකක් දාල තිබුන ඊට යටින්. දැක්කේ නැද්ද ඒක. :D

      Delete
  26. කමෙන්ට් වලින් ගොඩක් අය ඔයාටම මේක වෙලා කියන හින්ද පිලිගන්නත් හිතෙනවා ඩූඩ් :D

    ReplyDelete
    Replies
    1. එක අතකට මේක මටම උනා කියලා ලිව්වා නම් වැඩේ ගොඩ කියලා මටත් හිතෙනවා ප්‍රමුදි! ඔයත් ඕනෙ එකක් හිතාගන්න! :D

      Delete
  27. බොගක් ෆුල් හොල්මං කිරීමේ, බිය වැද්දීමේ හා තාවකාලිකව බලෙන් පසු බැස්සවීමේ ඩුඩියාගේන්‍යාය.

    ReplyDelete
    Replies
    1. අනේ මම නෑනේ බං අන්සතු දේට ලොබ කරන්නෙ! ජෙනියගේ න්‍යාය. මගේ නම විතරයි. :)

      Delete
  28. මහා මෙරක් උසට
    හැදුණු %න්න බරට
    අකුරු 4 බිල්ඩිමකට දිව්වා

    ගත්තා සරම අතට
    දැම්ම බෙට්ට වලට
    ඩූඩ් ඩෙනිමෙ $ක පිහිදා ගත්තා.......

    ReplyDelete
    Replies
    1. ආජි තපර ලාහිලා
      බීජි තපර ලහිලා
      ආජි තපර බීජි තපර
      බිස්කු බිස්කු ලාහිලා

      එළ ඈ!

      Delete
  29. ඉතින් අර පරණ කතාවේ හාවා කරා වගේ පිටකොටුවේ කඩේකින් පොල් මුඩ්ඩක් අරන් ගහලා බලන්න තිබුනා.

    ලේක් හවුස් එක ලඟින් පහලට බැස්සනම් රේල් පාරේ දාන්න තිබුනා.

    ත්‍රී වීල් එකක් අරන් ගෝල්ෆේස් එකට කියානම් වැල්ලට බහින්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. යකෝ, ඔය තියෙන්නෙ ඕනෙ තරම් ඔප්ෂන්! මේ ටික කියෙව්වාම පුදුම සනීපයක් දැනෙනවා ඇනෝ!
      තෑංකූ වේවා! තෑංකූ වේවා!

      Delete
  30. රෙන පුකට මොන මෙම්බර්ෂිප් ද බං ?

    ReplyDelete
    Replies
    1. මොන මෙම්බර්ෂිප්ද, මොන විච්චූරණද කිව්වට ඔය අවයවය ඔය වගක් දන්නෙ නෑනෙ බං සෑමා කොහොමත්ම!

      Delete
    2. එහෙනම් ඉතිං මක්ක කොරන්නද, *ක පරිස්සම් කරගන්නව ඇරෙන්න. හෙහ් හෙහ් හෙහ් .....

      Delete
  31. හයියූ හිනා කාලා මැරෙනවා මේක ලියලා තියෙන විදියට

    ReplyDelete
    Replies
    1. හිනා විතරක් නෙවෙයි. මෙතන අත් බෙහෙතුත් තියෙනවා නිශාන්. දවසක මට ස්තුති කරන්නත් ඉඩ තියෙනවා.

      Delete
  32. මිලර්ස් එක ඉස්සරහින් අවුරුදු විස්සකට කිට්ටු කාලයක් එහාට මෙහාට ගියත් පොළොව යට පොට් එකට යන්න වාසනාව පෑදිලා නැතිය.
    ඒක නෙවෙයි මචං උඹ තාම සිගරැට් බොනවද.

    ReplyDelete
    Replies
    1. ඒක තාම තියෙනවා මම හිතන්නෙ. බලන්න ඕනෙ ගියාම මේ පාර.

      >>ඒක නෙවෙයි මචං උඹ තාම සිගරැට් බොනවද.<<

      මේක කියවපංකො තරහ නැතුව.

      ඉතින් ආයුබෝවන් දුම් වැටිය මරූ

      Delete
    2. පොළොව යට පොට් එක කිව්වෙ වළේ කඩේ නෙවෙයි මචං
      වළේ කඩේ නං අපි ඩේලි කස්ටමර්ලා

      Delete
  33. ඕක නම් වෙලා නැති කෙනෙක් නැතුව ඇති..හිහි

    පව් අප්පා..මැවිලා පේනවා බයිසිකල් ස්ටෑන්ඩ් එකක් වගේ ඇවිදින හැටි

    ReplyDelete
    Replies
    1. එක පාරක් එක ගෑණු කෙනෙක් ටීවී එකක් (LCD, LED නෙවෙයි) දණහිස් අතර හංගාගෙන සාප්පුවකින් එලියට එනකොට අහුවෙච්ච විඩියෝ එකක් මම බලලා තියෙනවා. මට ඒකත් මතක් වුනා. :(

      මේක හුඟක් සුලබ සිද්දියක්, සයුරි.

      Delete
  34. නොදකින් අපේ එකාලනං..කොච්චර නෑ කිව්වත් මුං ඒක පිළිගන්නෙම නැහැනේ.. හැබැයි ඔන්න මංනං පිළීගත්තා මේක උන් හෙන්රි ලොක්කට නොවන වග...

    //දැන් ටින්ටිනාගෙ තත්වය එන්න එන්නම භයංකාර වේගනයි එන්නෙ. මූට දාඩිය දාලා. කොන්ඩෙ එකට ඇලිලා, තොල කට වේලිලා, මූණ සුදුමැලි වෙලා.//

    ඔය අන්තිමට වෙලා තියනවා කිව්ව එක හෙන්රියට මක් කොරලවත් වෙන්නේ නැහැ කියලා දැක්ක ගමන් කිව්වැකි... ආයේ ඉතිං විහිළුවටවත්... :P

    ReplyDelete
    Replies
    1. උඹේ වර්ණබේදවාදී ප්‍රකාශය එක පාරක් හෙලා දැකලා තවත් පාරක් හෙලා දකිනවා. :((

      Delete
    2. ඔය ඉතිං..ඕකට තමා කල ඔඳ පෂ්ෂෙන් එලෝනවා කියන්නේ... මෙච්චර එවුවෝ අස්සේ මං විතරයි හෙන්රි අයියට සප් එකට ටෝකක් දුන්නේ.. ඒකම මේකා හෙළා දැක්කනේ.. නෙද්දකින්... :p

      Delete
  35. මම නෙවේ..මට නෙවේ කියලා ඔච්චරම කියන නිසා ඒකෙත් මොකක් හරි ඇත්තකුත් ඇති.

    ජෙනියාගේ න්‍යාය නම් අම්භානක් වටිනවා දැන ගත්ත එක. කවදාහරි ඕක අත්හදා බලන්ටත් පුලුවන් වෙයි :)

    ඇ බන් ඩුඩෝ.. අර සෙක්කා නම් කවදා හරි නිවන් යයි.. එදා කර ගත්ත පිනටම..:D

    ReplyDelete
    Replies
    1. මම උඹලට තව පාරක් කියනවා, මේවා මේ උඹලා ඉස්කෝලෙදි හති දාගෙන ඉගෙනගත්ත ප්‍රමේයයන්ට, වාදයන්ට, න්‍යායයන්ට වඩා කවදහරි උඹලට ප්‍රයෝජනවත් වෙන්නෙ නැත්ද කියලා බලපංකෝ දවසක. :p

      ඌ එක්කෝ මානව හිතවාදියෙක්, නැතිනම් බොග් ටයිට් අමාරුව විඳපු එකෙක්.

      Delete
  36. පව් වැඩේ. අර සිකියුරිටි ගාර්ඩ් හොඳ නිසා හොඳයි...

    ReplyDelete
    Replies
    1. සංවේදී සිකියුරිටි ගාඩ්ස්ලා මටත් මුණ ගැහිලා තියෙනවා, Chams.

      Delete
  37. ඕය ඉතින් ''හෙන්රිලා '' තරුණ කාලේ . පොඩි එවුන් එක්ක හෙම ගමනක් යද්දී උන්ට ඕන වුනහම කොහොමද සනීපෙ . මන් මේ කිව්වේ ඕක වුනේ හෙන්රිට කියල හෙම නෙමේ . අපි කාටත් වෙන්න පුළුවන් නැද්ද . නගර වල ජංගම වැසිකිලි හයි කලොත් හොඳයි නේ . මෙහෙ තියෙනව . මන් ගිහින් නම් නැහැ . හෙන්රිගේ ලිපියක් කියෙව්වට පස්සේ මමත් විශේෂ කොමඩ් එකක් දැක්කොත් පින්තුරයක් ගන්නවා .

    ReplyDelete
    Replies
    1. බින්දි මම ඔය කාරණාව ගැන දැනටම ලියලා තියෙනවා ඉංග්‍රීසියෙන් නම්. මට තාම ඒක පරිවර්තනය කරන්න බැරිවුනා. HeyDude බ්ලොග් එකට ලිව්ව මෙන්න මේ ලිපිය:

      NIGHTMARE FOR ROADTRIPPERS

      ජංගම ප්ලාස්ටික් වැසිකිලි හයි කරනවා ඔය ලොකු සැණකෙළි හෙම ත්යෙනකොට නම්.

      Delete
  38. මට අර න්‍යාය ප්‍රැක්ටිකල් කරලා බලන්න ආසාවක් ඇති වුනා...හාහ් හාහ් හාහ්...ටොයිලට් එක මෙම්බර්ස් ඔන්ලි කියලා කිව්වම අරුට එතන බොග දාන්න හිතෙන්න ඇති.

    තර්ජනය කළා නම් හරි " අයියේ බොග දාන්න යන්න දුන්නේ නැත්තම් මම මෙතන දානවා ඈ කියල"

    ReplyDelete
    Replies
    1. ඉතින් අදම පුලුවන්නෙ ප්‍රැක්ටිකල් එකක් කරලා බලන්න. කාගෙන් තහනමක්ද?

      තර්ජනය කරන්න දෙයක් නෑ. ඒක තමයි වෙන්නෙ තව චූට්ටක් පරක්කු වුනා නම්. අනික ඔය බොගටත් තියෙන්නෙ මහ අරුම පුදුම ආවේනික මුරණ්ඩු ලක්ෂණනේ. අච්චර වෙලා ඉඳලා ටොයිලට් එකේ දොර වහගෙන කලිසම පාත් කරලා ඉඳගන්න තප්පර කීපය ඉවසන්න බෑනේ. :-O

      Delete
  39. ඕකේ අමාරුව තේරෙන්න එකක් හැදෙන්නම ඕනේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනිවා! උඹ දන්නවද රජෝ මගෙන් ඔය පන්තියෙ ඉන්න වුන් ටොයිලට් යන්න අහපු ගමන් මම ඇත්තද බොරුද කියලා හොයන්න යන්නේ නෑ. පට් ගාලා අවසර දෙනවා. :)

      Delete
  40. අම්මෝ...........උඹ නම් කොමිට් රජෙක් බං....
    හිනාවෙල පනගියා...මල ගෙදරක යන්න හදන්නෙ..මට එහෙදිත් මතක් වෙලා හිනා යයිද මන්දා..?

    උඹ මේක දිව කාගෙන කිව්වත්...මට නම් ශුවර් උඹට ම තමා උනේ..)))
    ඇයි බං අපිටත් වෙලා තියෙන්නෙ........හම්මේ............... ඒ වෙලාවට දැනෙන සනීපෙ.#@$$%%$^

    ReplyDelete
    Replies
    1. සැප කනේ නෙවෙයි. සැප සාපේක්ෂ බව හොඳාකාරව තේරෙන වෙලාවක්නෙ ඒ වෙලාවට ටොයිලට් එකේ ගතකරන පළවෙනි තප්පර කීපය. හම්මෝ එහෙම සැපක්! =))

      Delete
  41. Replies
    1. තොටියාගේ සිනහව වදන් දහසක් වටී! ඔයාටත් වැඩේ වුනා නේ? g-)

      Delete
  42. මමනං පාවිච්චි කලේ රුපියල් දෙකේ ෆ්ලැට් ෆෝම් ටිකට් අරන් තව දෙකක් දී ල යන්න තියෙන කොටුවෙ ඉස්ටේසමේ ඉස්ථානෙ. ඉස්සරනං දෙකේ එව්ව එකතු කරන එකා සුද්ද කරන් උන්න. දැන් කොහොමද මන්ද!

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ප්ලැෆෝම් ටිකට් කිව්වාම මතක් වුනේ ඉන්දික, මේ පහුගිය දෙසැම්බර් මාසේ චූටි පුතයි මායි පේරාදිණිය ස්ටේෂන් එකට ගියා කෝච්චි වල ෆෝටෝස් ගන්න. මම ප්ලැට්ෆෝම් ටිකට්ස් ඉල්ලුවාම මෙන්න යකෝ සරසවි උයණට ටිකට් දෙකක් දුන්නා.

      Delete
    2. කවුද අනේ පේරාදෙණියේ ප්ලැට්ෆෝම් ටිකට් ගන්නේ? ඔය එන්නේ ගාල කඩාගන. උන්ට ගානකුත් නෑ අපිට වගකුත් නෑ.,

      Delete
  43. //“මචං, මම නං ඔයවගෙ වෙලාවට කරන්නෙ අත මිට මොලවලා පු*# හොඳවයින් පාරක් දෙන එක. කොරලා බලපං. බෙ$# බය වෙනව ටික වෙලාවකට.”//
    පුදුමයි "ටින් ටින්"ට හිනා ගිහින් පස්ස පැත්තෙන් "චුරුස්" නොගෑවා..... :D :D

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම බං තිළිණ, ඔය වෙලාවට පොඩි පෙළඹවීමයි, පොඩි තල්ලුවයි ඕනෙ. කැස්සක් හරි කිඹුහුමක් හරි ගියත් බඩුම තමයි. :-O

      Delete
  44. චීයා. මෙයා කියන කතා මේ ලේඩීස්ල ඉන්න තැන.මගෙ වොකැබ්ලරි එක සැහෙන්න දියුනු වුනා මේ ටිකේ.සිංහල භාෂාව නම් උපරිමයි.

    “මොනාද අයියා”, ටින්ටිනාගෙ උච්ච, ඇඬි බර, කටහඬ වෙවුලුවා. “මෙම්බර්ස්ලට විතරද අයියා රෙ#@ බර හැදෙන්නෙ?”

    පව් කියල හිතුනා. මොන තරම් අසරනකමක්ද?ඩුඩ් ඒ සීන් එක නියමෙට ලියල තියෙනවා. මට මැවිල පේනවා අවුරුදු විස්සක විතර, පොඩ්ඩක් දැලි ‍රැවුල ආපු කොලු ගැටයෙක්ගෙ අහින්සක, දුක්බර මූන!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ස්තුතියි. එහෙනම් උත්සාහය සාර්ථකයි.

      දැන් මොකද මේ ආයෙම බ්ලූ ලෝටස් වෙලා? මම හිතුවේ දැන් නිල් මානෙල් කියලා.

      Delete
  45. කන්ද උඩරට ඉන්න කාලේ රාත්තිරියේ සංගීත සාජ්ජයක් බලලා පයින්ම බෝඩිං වලට යන අතර තුරේ අපේ එකෙකුටත් හැදුනනෙ ඔය උවමනාව.... බය කිරීමේ උපක්‍රම දැනගෙනහිටියෙත් නෑනෙ ඒ කාලේ... උදව්වට ආවේ නගරයේ මැද තියන ජලාශයක්... ඒකෙ පූජනීය බව ගැන හිත හිත ඉන්න වෙලාවක් තිබ්බේ නෑ, අරූ අයිනක ඉඳගත්තා. හෝදන්න ගියාම තමයි පොරට තරු පෙනුනේ. පශ්චාත් භාගය වතුරට පහත් කරන හැම සැරේකම ඒකෙ ඉන්න මාළු ටික රැවටෙනවා කෑමක් කියලා. උඩ ඉඳන් බලන් ඉන්න අපිට මාර ආතල්.. ඔය අස්සේ එකෙක් කිව්ව "මචං හෝදන්න මහන්සි වෙන්න එපා නිකං පාත් වෙලා විනාඩියක් ඉඳගෙන ඉඳිං" කියලා.

    ReplyDelete
    Replies
    1. අඩේ, scavenger fish කියන්නෙ මූ තමයි එතකොට නැද්ද? ඕක කාට හරි කල්පනා වෙයිද දන්නේ නෑ ව්‍යාපාරික මට්ටමෙන් කරන්න. මම කියන්නේ මේ [si="4"][hi="yellow"]ඔය ජාතියේ මාලු පුරවපු බිඩේ එකක් © ®[/hi][/si] වගේ එකක්.

      දැම්මම කොපිරයිට්© අරන් තියාගත්තා තිසර.

      උඹටත් 50%ක් දෙන්නම් මාව එතනට යොමු කලාට.

      Delete
  46. මේ වගේ දෙයක් නම් කාටවත් සිද්ද වෙන්න එපා දෙයියනේ..!!

    ටින්ටිනාට ටොයිලට් එකක් පූජා කරලා ප්‍රාර්ථනා කරන්න කියන්න හරි හමන් ටොයිලට් එකක් නැති තැන්වලදි මේ වගේ දෙයක් සිද්ද වෙන්න එපාකියලා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ටොයිලට් හදලා සමාජයට පූජා කරන්න පුලුවන්නම් ඒක උපරිම සමාජ සත්කාරයක් වේවි.
      අර ගැබිණි වාට්‍ටුවේ ඇඳන් වල ගහලා තියෙනවා වගේ නෙවෙයි අහවල් වෙද මහත්තයාගේ වැඩක් කියලා කැත නැතුව ගහන්නත් පුලුවන්. y-)

      Delete
  47. මෙවන් දුකක් කාටවත් අත් නොවේවා .....ලංකාවේ public toilet වලට යනවට වැඩ හොදයි වස ටිකක් බොන එක.

    ReplyDelete
    Replies
    1. අමාරුව වැඩි වෙන්න වෙන්න අපි බලාපොරොත්තු වෙන පහසුකමුත් අවම කරගෙන කරගෙන යනවා . ඒ කියන්නෙ ප්‍රතිලෝමව සමානුපාතික වේ. ඔන්නෙ බොලේ තව තියරියක්. ඒක මගේ නමින් නම් කරපල්ලා, කට්ටියට ඇහුනා නේද? :D

      Delete
  48. සිකියුරිටි නිසා හොඳට ගියා. ලංකාවෙ පොදු වැසිකිලි ගැන නම් ඉතින් කවර කතාද?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පොදු වැසිකිලි වල තත්වය නිසා අර ජෙනියාගේ න්‍යායට සමාන ප්‍රතිඵලයක් ගන්න පුලුවන් බව් අර පහලින් මියුරුවා කියලා තියෙන්නෙ. :D

      Delete
  49. ජෙනියගේ න්‍යාය සාර්ථකයි වගේ එහෙනම්.. මතකේ තියා ගන්න එක හොදයි වගේ..

    ReplyDelete
    Replies
    1. මේක නෝට් පෑඩ් එකේ හරි සේව් කරලා තියාගනිං දිනේෂ්! :)

      Delete
  50. 'මට නෙවෙයි උනේ බං' කියලත් බ්ලොගක් පටන් ගත්ත නම් කොහොමද ඩූඩ් මේ වගේ කතා දාන්න...
    හැබැයි සික්කා යන්න නොදුන්නා නම් පොර (ඩූඩ්) ඒක දාන්නෙ සික්කගෙ මේසෙ උඩ... හයියෝ ඔයා ඇවිදපු හැටි මැවිලා පේනවා..... :D

    ඔය අකුරු හතරෙ තැන මාත් ඕන තරම් කෑම කාල තියෙනවා කොළඹ වැඩ කරද්දි...හික්ස්...

    ඔය වැඩේට හොඳම බේත තමයි හොඳ පබ්ලික් ටොයිලට් එකක තත්වය සිහි කර ගැනීම.... එතකොට වැඩේ හමාරයි ආයෙ දවස් දෙකකට විතරම... මට මේක කියෙව්වම කකා කලින් එයාගෙ නැන්ද කෙනෙක් කීව කියලා දාපු කතාවකුත් මතක් උනා....

    මෙහෙත් තියෙනව ජංගම වැසිකිළි... දවසක් බයෙන් බයෙන් පෝලිමකත් ඉඳලා ගියා උත්සවයක් දවසක පොඩ්ඩිට යන්න ඕන වෙලා... ඒවා හරිම පිරිසිදුයි වගේම කිසිම ගඳකුත් නෑ... කිසිම අපහසුවක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒක නම් එළම අදහස. 'මට නෙවෙයි උනේ බං' කියලා ටැග් එකක් දැම්මෑකි නේන්නං. ඒකට වහාම ක්‍රියාත්මක වෙන්න ඕනෙ. මුලින්ම දාලා තියෙන ඒ යටතේ ටැග් කලෑකි.

      උඹත් එක්ක තර්ක කරලා නම් වැඩක් නෑ කියලා කියමුකෝ මොකද උඹ ස්ත්‍රී පරාණයක් හන්දා.
      අර රවියා එක්ක වාද කරලා දිනන්නත් බෑනේ බං. =D>

      Delete
  51. කොච්චර උනත් අරඑ සික්කා වගේ උන් මුලින් ඔහොම කියද්දිනම් එලියට එන්න දගලන එකකින් ඇදලා දෙන්න හිතෙන්නේ...ඇයි යකෝ...

    ReplyDelete
  52. හැක් හැක්! තරුවෝ, ඔය ‍තෝසෙ කාලා බඩ ගුරු ගුරු ගානකොට එන්න හදන ඒවා පොලු මුගුරු හැටියට පාවිච්චි කරන්න නම් අමාරු වෙයි. :))

    ReplyDelete
  53. ආ ඔය සීන් එහෙකට කවදාවත් මූණ නොදීපු එකෙක් ඉන්නවනම් හෙන්රි අයියට බනින්ඩලා "පච කෙලින්නැතුව හිටපන්" කියලා.

    ReplyDelete
    Replies
    1. අන්න අකමා උඹට තේරුනා අර කාටද වගේ. ටැංකෝ.

      Delete
  54. පොරක් දවසක් මහ රෑ දුර ගමනක් ගොහින් බරක් ඇවිල්ලා ගියාලු වෙරළට. එතනින්ම හෝද ගන්න බලාගෙන. රැල්ල එනවා බලල හෝදන්න පටන් ගත්තත් රැල්ල මගින් හැරිලා ගියාලු,

    ReplyDelete
    Replies
    1. ඔයිල් නැතුව දුවලා එන්ජිම සීස් වුනා වගේ තියෙන්නැති. :))

      Delete
  55. ඔය මගේ බෝඩින් ප්ලේස් එක නේ. අවුරුදු 3ක් ඔතන මං හිටියා. සික්කා දන්නේ නැති එකෙක්ට යන්න දෙන්නේ නෑ නේ. වැඩේ කියන්නේ මං බෝඩිම් වෙච්චි අලුත මං ආවෙම රෑ 10ට පස්සේ. ඒ වෙලාවට සික්කා ගේට්ටුව වහල නිදි. හනේ සික්කා අයියා ඇහැරවල ගත්තම සොරි තමා. දවසක් මටත් වැඩේ ටයිට් පිටම බෝඩිමට ආවා මේ කියන අලුත. සික්කා මාව දන්නෙත් නෑ. ඒ මදිවට වෙලාව රෑ 12 වගේ. නිදිමතේ මේ මනුස්සය නැගිටලා මට එතනින් එහාට යන්න දෙන්නේ නෑ. අප්පේ ඒ වෙලාව මට මතක්වුනා මේ කතාව කියවද්දී...

    ReplyDelete
    Replies
    1. එතනම බෑවා නම් තමයි ඩිප්ලොමැටික්.

      Delete
  56. හප්පේ ඔයින් ගියා මදැයි :D නුගේගොඩ තියෙනවා එක්තරා කෑම කඩයක්(ටවුන් හෝල්වල ශාඛාව තියෙන්නේ ඒ කඩේ නමින්ම හෝල්ට් එකේ කිව්වම දන්නවනේ) ඕකේ වැසිකිලිය කස්ටමර්ස්ලට විතරයි කියල නෝටිස් එකක් තියෙනවා, පිටින් ආවොතින් ගෙඩි රුපියල්ම සීයක්!

    දැනේද බෙට්ටක අගේ!! :D

    ReplyDelete
    Replies
    1. ඒක විතරක් අවපාත වෙලා නෑ නේ? :D

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>