Monday, April 8, 2013

62. ව්‍යායාම පිස්සෝ Health Nuts and Exercise Fanatics!


ඔන්න මේ දැනුයි මම ස්ටේඩියම් එකේ ඉඳලා ආවේ. දැන් මේක නයෙක් කියලා උඹලා හිතනවා නම්, මට කරන්ඩ දෙයක් නෑ. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ. මං ඔය පොඩි කාලෙ ඉඳං එක්සසයිස් කරනවා කිව්වම,  හැම එකාම අහන දේ තමයි, "ඉතිං යකෝ කෝ උඹ ඔච්චර නැහිලා හදා ගත්ත ඇඟ?" කියලා. මම ඉතින් ඔව්වට මොකුත් කියන්න යන්නේ නෑ බං, මෝඩයොත් එක්ක තර්ක කොරලා වැඩක් තියෙනවායැ? එදා අටමත් මාව දැක්ක ගමන් කිව්වේ, "අනේ අයියේ, මම හිතා හිටියේ උඹ හෙන උස මහත, හයේ හතරේ පොරක් කියලා."

දැන් උඹලටත් සැකයක් තියෙනවා නම් මෙන්න මේ පින්තූර දෙක තුන ඇස් දෙකෙන්ම දැකලා උඹලම තීරණය කරපල්ලා.




අපි 2008දි ඔන්න යනවා රෝඩ් ට්‍රිප් එකක්, අනුරාධපුර පාරේ. මග හිතට අල්ලන දෙයක් තිබ්බොත් ඉතින් නතර වෙලා බලනවනේ. එක තැනක තිබ්බ මෙන්න මේ ගල වැටෙන්නෙ යනවා. මම ටක් ගාල පැනලා යන්තම් උස්සලා හරිගස්සලා තිබ්බා. අපරාදෙ තව පොඩ්ඩෙන්.




මේ ඒ  සිද්ධිය බලාගෙන හිටි නරඹන්නො තුන් දෙනෙක්. පේනවා නේද? විමතිය, ආඩම්බර කම සතුට ඔක්කොම තියෙන හැටි ඒ මූණු වල?




ඔය අපේ බ්ලොගර් කෙනෙකුත් (අහන්ඩෙපා කවුද කියලා, කියන්නේ නෑ. හරි නෑනෙ) එක පාරක් දොස්තර ගාවට ගිහින්, කියලා මෙන්න මෙහෙම.

"ඩොක්ටර්, මම නැවිලා,  අත් දෙකේ ඇඟිලි, කකුලේ මාපට ඇඟිලි ගාවා ඉඳලා උඩහට අත ගාගෙන ඉණ ගාවට එනකොට,  මේ තුණටිය රිදෙනවනෙ."

"ඉතින් මිස්ටර් ලියන්නා, ඇයි ඉතින් ඒ වගේ අමාරු එක්සසයිස් කරන්නේ? තමන්ට ගැලපෙන ලේසි එකක් කරන්නකො," දොස්තර කිව්වලු.

"මගුලක් කතාකරනවා. නැතුව කොහොමද  ඩොක්ටර් මම කලිසම අඳින්නේ?"

හරි ඉතින් කවුද බ්ලොගර් කියලා වැඩක්නෑ. කතාව රස විඳපල්ලකෝ. උඹලටත් කාගේ හරි ඕපයක්මයි ඕනෙ!




උඹලා අහලා නැද්ද අර ධනචින්තනගේ කතාව? මේක හැබැයි මේ ලංකාවෙවත්, මේ ලෝකෙවත් වෙච්ච එකක් නෙවෙයි. ලොවෙත් නෑ කියන්නේ ඒකයි! මේක සමාන්තර විශ්වයක වෙච්ච එකක්. පොරම තමන්ගේ නම වෙනස් කරගෙනත් තියෙන්නෙත් ඔය ධනාත්මක චින්තනය ගැන තදින් විස්වාස කරපු හන්දලුනෙ.

ඔන්න ධනාට හැත්තෑ පහකුත් වුනාම, පොර පටන් ගත්තලු දවසකට කිලෝමීටර් පහක් ඇවිදින්න. වැඩේ කොච්චර කැපවීමෙන් උනන්දුවෙන් කලාද කිව්වොත්, වැඩි කාලයක් යන්න කලින් පොරට ආවලු අවුරුදු පනහක බුවෙක්ගෙ පෙනුම. දවසක් ධනාගෙ යාලුවෙක් ධනාව සුපර් මාකට් එකේදි දැකලා කියනවලු,

"යකෝ මේ ධනානේ! මට උඹව අඳුනාගන්නත් බැරි වුනානේ මචං.  පට්ටයිනෙ බං උඹ!"

පොරට මේක කොච්චර හිතට වැදුනද කිව්වොත්, පොර ජිම් එකකට බැඳිලා, අර කිලෝමීටර් පහ ඇවිදිනවට අමතරව, සතියට දවස් හතරක් වර්ක් අවුට් කරන්න ගත්තලු, ජිම් එකේ. වැඩි දවසක් ගියේ නෑලු , පොරට ආවලු අවුරුදු හතලිහක පෙනුම. දවසක් ධනාගෙ පරණ කැච් එකක් ධනාව දැකලා කියනවලු,

"ධනා, මට ඔයාව අඳුනාගන්න බැරු වුනානේ. ඔයා මාරයිනේ අනේ!"

මේකෙන් තව දුරටත් ෆෝර්ම් වෙච්ච ධනා එයරොබික්ස් ක්ලබ් එකකට ජොයින් වුනාලු, එයරොබික්ස් කරන්න. දැන් පොර දිනපතා කිලෝමීටර් පහක් ඇවිදිනවා, සතියට දවස් හතරක් ජිම් එකේ වර්ක් අවුට් කරනවා, සතියට දවස් තුනක් ක්ලබ් එකේ එයරොබික්ස් කරනවා.

මාස හය යනකොට පොරට තියෙන්නේ අවුරුදු තිහක පෙනුමලු. ඒ මදිවට ධනාට අවුරුදු  විසි එකක කෙල්ලෙකුත් සෙට් වුනාලු එයරොබික්ස් ක්ලාස් එකෙන්. පොර අහලා බඳින්න කැමතිද කියලා, කෙල්ලත් හා කියලා.

ඔන්න බැඳලා හනිමූනුත් ගිහින් නුවර එලියේ හෝටලේකට. "
අද මගේ ජීවිතේ ප්‍රීතිමත්ම දවස.  ඉන්න ඩාලිං මම ෂැම්පේන් බෝතලයක් ගේන්නම්," කියලා පොර යන්න හදලා. 

මනමාලි කිව්වලු, "ඇයි අනේ රූම් සර්විස් එක තියෙන්නෙ," කියලා. 

"නෑ ඩාලිං.  මේවයේ තියෙන්නෙ කවලං බඩු. මම අර ටවුන් එකේ තියෙන කාගිල්ස් එකට දුවලා ඔරිජිනල්ම බඩුවක් ගේන්නම්." කියලා, පොර අර තට්‍ටු හතම එලවේටර් එකේ යන්නෙත් නැතුව පඩි පෙල දිගේ දුවලා පාරට දාපු හැටියෙම, ඇමති ආරක්ෂක වාහනයක් මේකාව යට කරන් ගිහින්.

පොර කෙලින්ම දිවිය ලෝකෙ. පොර දෙවියන්වහන්සේට කිට්‍ටු කරලා ඇහුවලු. "ඇයි දෙවියනේ මෙහෙම කලේ? ඇයි මාව මේ අදම ගෙන්න ගත්තේ?  අද මගේ ජීවිතේ ප්‍රීතිමත්ම දවස වෙන්න තිබුනකොට! ඇයි ඔබ වහන්සේ මෙහෙම දෙයක් කලේ?

දෙවියන්වහන්සේ ධනා දිහා හොඳට බලලා කියනවලු,

"ධනා!! මේ ධනාද? මට අඳුනාගන්න බැරි වුනානේ. නියමයිනේ!"



මේක මේ ලංකාවෙවත් මේ ලෝකෙ ලෝකෙ වත් වෙච්ච එකක් නෙවෙයි. මේක සමාන්තර විශ්වයක වෙච්ච එකක්!


Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers

139 comments:

  1. හි හි... අර ගල් උස්සන්න දඟලන්නේ වෙස්සගිරියේ නේද... මගෙත් තියෙනවා ඔහොම ෆොටෝ එකක්... හි හි...

    ව්‍යායාම නේ.. හාපෝ.. මතක් කරන්න එපෝ.... හි හි....

    ReplyDelete
    Replies
    1. වෙස්සගිරිය කිව්වට මම දන්නේ නෑ හිරු. මේ අනුරාධපුරේ'

      හා හොඳයි. අල ගෝනියක් වගේ ඉන්න.

      Delete
    2. අනුරාධපුරේ තමයි අනේ වෙස්සගිරිය තියෙන්නේ.. තනිකර ගල් ගොඩක්...

      මේ දවස් ටිකේ බෙල්ල කඩාගෙන එක්සයිස් කරනවා ඩූඩ් අයියේ.. ඒකයි මතක් කරන්න එපා කිව්වේ.. හි හි

      Delete
    3. හි..හි..!ඔච්චරම අමාරුද ඈ..ලේසි ඒව කරන්නකො..!

      Delete
  2. බොලාටත් ඉතින් කොහෙ හරි ගලක් දැක්කොත් ගිහින් උස්සන්නමයි ඕන නේ?? :D

    ReplyDelete
    Replies
    1. මේ වගේ ලොකු ගලක් දැක්කාම කාටද ඉතින් උස්සන්ට හිතෙන්නේ නැත්තේ? :D

      Delete
    2. අපි නම් කැමති උස් කඳු වලට... :)

      Delete
    3. හොඳයි මුහුදු, උඹ නං මොකද කරන්නේ?

      Delete
    4. ගල්වලට කදුවලට ආස නැත්තෙ කවුද බං.

      Delete
  3. ධනාගේ කතාවනම් මරු ඈ!
    දැන් එතකොට ඩූඩ්ට තියෙන්නෙ අවුරුදු කීයක විතර පෙනුමක්ද?

    ReplyDelete
    Replies
    1. දහ අටක විස්සක වගේ නෙවෙයිද, ඉමල්ක? :P

      Delete
  4. ඩූඩ් දන්නැති වුනාට, සමාන්තර විශ්වයෙත් වෙන්නෙ මෙහෙ වෙන ඒවමයි.. ඒ කියන්නෙ සමාන්තර විශ්වෙත් අපි වගේම උන් ඉන්නවා, අපි කරන එකම ඒ වෙලාවටම උනුත් කරනවා. උදාහරණයක් හැටියට ඩූඩ් අතක් ඉස්සුවා කියමුකො, එතකොට සමාන්තර ඩූඩුත් ඒ වෙලාවෙම, ඒ අතම උස්සනවා..

    දැන් ඕක රිවර්ස් කරලා අපි හොයා ගන්න ඕනා කාටද මේ අබග්ගය වුනේ කියලා..

    ReplyDelete
    Replies
    1. මොකද බොල මං නොදන්නේ. ඒකෙත් සමාන්තර සෙන්නෙක් ඉන්නවා. උඹ කරන දේම කරන. ඌත් සමාන්තර බ්ලොගක් ලියනවා සමාන්තර කුරුන්ද කියලා.

      රිවර්ස් කලාට හොයන්න බෑනේ බං. ඒ සමාන්තර ධනචින්තනයෙක්. සමාන්තර ඩූඩ් වෙනම පොරක්. d-)

      Delete
    2. හැක් හැක් සමාන්තර සෙන්නා... අඩේ ඌව හම්බෙන්න ඇත්නම්.. :-SS

      Delete
  5. ඔහොමත් ගල් උස්සනවද මම අහන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ, සීමාව දැනගෙන බං කරන්නේ. සීගිරිය වගේ ඒවා උස්සන්න යන්නේ නෑ. තමන්ගෙ තරම දැන්ගෙන එපෑ වැඩ කරන්න, නැද්ද? :))

      Delete
  6. බොලා දෙදරු පියෙක්ද?මම හිතාගෙන හිටියෙ එක් දරු පියෙක් කියල.ලිපිවල පුතා ගැන විතරනෙ ලියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නෑ කෙන්ජි මට හිතෙන්නෙ තිදරු පියෙක්, දුවල දෙන්නයි, පුතයි..

      Delete
    2. @Kenji: මම දෙන්නම ගැන ලියලා තියෙනවා, මචං. නමුත් වැඩියෙම ලියන්නේ නෑ පෞද්ගලිකත්වය ආරක්ෂාවෙන්න ඕනෙ නිසා.


      @ Nadini: උඹේ ඔය කතාවට එක්කෝ දීපා සන්තෝස වෙනවා කෙල්ල වගේ පෙනුමයි කිව්ව කියලා. නැතිනම් හොයන්න පටන් ගන්නවා කවුද ඒ එයා නොදන්න මගේ අමතර දුව කියලා.

      Delete
    3. නෑ නෑ මම මේ ෆොටෝ එක බලල කිව්වෙ ඒ නිසා බය වෙන්න එපා සන්තෝස වෙන්න කියන්න.. (By the way අයිය ගෑනු ගැන හොදට තේරුම් අරගෙන ඉන්න බව පේනවා හික්ස්,,,)

      Delete
    4. හෙන්රි,දරුවන්ගෙ පින්තුරු දැමිල්ල වහාම නවත්වන්න.අපි ඔබල අකුරු ලියල මිත්‍ර වෙනව වගේම හැම දේම සල්ලි කරන්න බලන් ඉන්න ලංකාවෙ සක්කිලි ටිකක් ඉන්නව.හෙට අනිද්දා එවුන් මේකෙත් පහරන්න බැරි නැහැ.

      Delete
    5. පුතානම් හෙන්රියගෙ කපාපු පලුව.නැත්තෙ ත්‍රාඩ මුණ විත‍රයි.
      දෝණි නම් ඉතින් දීපා නගාගෙ සරුවාන්ගෙම ඇග පුරා.

      Delete
  7. මටත් නම් ඔය ජිම් යන පිස්සුව තියනවා. ගිය නැත්නම් නිකං ඇඟට දවසම හරි නෑ. අනෙක ජිම් එකට එන හැන්ඩි කොල්ලෝ දවසකට දකින්නේ නෑ කියන්නේ ඉතින් ලෙඩක් හැදුනා වගේ තමා. :-D

    හැබෑට අර ගල හරි බරද? :-)

    ReplyDelete
    Replies
    1. මම ඇත්තටම ජිම් නම් යන්නේ නෑ. නමුත් හැමදාම ජොග් කරන්න යනවා. මටත් එහෙම නොගියොත් කෑවෙ නෑ වගේ තමයි. ඒකට ඇබ්බැහි වෙලා.

      ඔයා දන්නවද ඔය හැම ජිම් එකේම ප්‍රදශනේට වාගේ ඉන්න ලස්සන ඇඟවල් තියෙන පිරිමි ගැන තිත්ත ඇත්ත?

      They are unemployed!

      නෑ මේක එච්චරම බර එකක් නෙවෙයි.

      Delete
    2. හැබෑටම හෙන්රි අයියේ බොලා පිලි ගන්නවද
      ඔය කතා ...?

      මම කිව්වේ මේ unemployed කතාව ...

      Delete
    3. ඔබට වගේම ප්‍රවීනා ජිම් එකේ ඉඟ සුඟ වුව ගත හැකි මිටින දකින්න වත් අනෙක් පාර්ශවයත්, යනවා නම් හෝ හෙන්රි වගේ ගල් වත් උස්සනවා නම්, ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් 60% ක් තරබාරු ඝනයට අයිති වෙන්නේ නැහැ. අනික ප්‍රවීනා සමහර බඩු වල දවටනය හොඳ වුනාට, ඇතුලේ තියන දේවල් එතරම් හොඳ නැහැ. :)
      හෙන්රි මචන් මෙවුන් අය කරන ගණන් වලට අනුව රැකියා විරහිත තියා සහිත එවුන්ටවත් මේවට යන්න අමාරුනේ. අනික මචන් මේ වගේ රටක රැකියා විරහිත වීමට තරම්ම කම්මැලි නම්, (හැම වෙලාවෙම නොවුනත්) ජිම් ගිහින් එක්සසයිස් කරාවිද?

      Delete
    4. // අනික ප්‍රවීනා සමහර බඩු වල දවටනය හොඳ වුනාට, ඇතුලේ තියන දේවල් එතරම් හොඳ නැහැ.//

      රයිගමයෝ, දැන් මට තේරෙනවා පිරිමි බඩුවක් මිලට ගන්ට කලින් ඔච්චර හොයන්නේ ඇයි කියලා... w-)

      Delete
    5. @සහන් / රයිගම්: ඒක ප්‍රසිද්ධ විහිලුවක්.

      මොකද හෝර්මෝන් ගහන්නේ නැතුව ඒවගේ සික්ස්පැක් බයිසෙප්ස් නඩත්තු කරන්න නම් දවසේ සෑහෙන පැය ගානක් ජිම් එකේ ජීවත් වෙන්න ඕනෙ වර්ක් අවුට් කර කර. ඉතින් රස්සාවක් කරන එකෙකුට කොහොමද එහෙම කාලයක්? ඒකයි ඒ විහිලුවට හේතුව.

      Delete
  8. ඈ ඩූඩො,
    මේකෙ මාතෘකාව එලෙසම දැම්මේ පාරේ තියෙන ගස්-ගල් අර විදිහට උස්සලා පින්තූර ගන්න හිතෙන නිසා වද්දෝ?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බං. මම එහෙම දකින දකින එක උස්සන්න යන්නේ නෑ. මේක වැටෙන්න යන නිසා උස්සලා තිබ්බා. කොහොමත් ඕනෙවට වැඩිය බර උස්සන එක පස්සට හොඳ නෑලු. ඔව් ඔව් උඹ හිතපු පස්ස තමයි.:P

      Delete
  9. බලන් ඉන්න අයගේ රඟ පෑමුත් අති විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, කතුවරී. අපිත් ඉතින් බලා ඉන්නේ මේ කතුවරී නම දානකල් අර කිව්ව විදියට. :)

      Delete
  10. මචං ඔච්චර අමාරුවෙන් ඔය ගල මොකට උස්සන්න ගියාද? 50 පැන්නට පස්සේ කොලු වැඩ කරන්න යන්න එපා.. මට කිව්ව නම් මම ඇවිත් ඕක උඩින් තියලා දෙනවනේ.

    වෙනී අයියා සරමක් ඇඳන් මෝටර්සයිකලේ ගිහින් වෙච්ච ඇබැද්දියට පස්සෙ වෙන්ටැ කලිසං අඳින්න ගන්න ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. උඹ කියන කතාව ඇත්ත. හැබැයි මම ගනං හදලා බැලුවා දෙදාස් අටේදි මට පනහ පැනලා නෑ. අනික මම උඹට sms එකක් ගහලා හරි කෝල් එකක් දීලා හරි උඹව ගෙන්න ගන්නකොට ගල බිම. මම ඉතින් quick calculation එකක් කරලා, ටක් ගාලා කර දුන්නා. හැබැයි උඹට කිව්වා නම් උඹ මග අරින්නේ නැති බව මම දන්නවා මචං.

      වෙනී අයියා කිව්වේ? ඇයි උඹට වෙනීව මතක් වුනේ?

      Delete
    2. අනේ අම්මපා මේ තිසරයටත් අතීතෙ මෙච්චර මතකයිනෙ..

      Delete
  11. ඩුඩ් අයියා වෙලාවට ගල උස්සලා පැත්තකින් තිව්වෙ ;)
    ඔයත් ජිම් ගිහින් මහන්සි වෙන්නෙ 20ක විතර පෙනුම ගන්නද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මඩයා. ගල ඕක උඩ තමයි තිබිලා තියෙන්නෙ. තද හුලඟක් තිබ්බ හන්දා වෙන්න ඇති මේක බිමට වැටෙමින් තිබ්බේ. මම කලේ උස්සලා ආපහු තිබ්බ විදියටම සෙට් කරපු එකයි.

      විස්සක වගේ කිව්වා? මට එච්චර වයස පේනවද? :-O

      Delete
  12. ඔය බර උස්සන්න ගිහින් බරක් ආවොත් වහුං වෙන්න තැනක් තියෙනවාද කියල හොයල බලල වැඩේ පටන් ගන්න. C-)

    කලින් පෝස්ට් එක කියෙව්වෙත් අද

    ReplyDelete
    Replies
    1. ඉරිසියාකාරයො! s-)

      Delete
  13. ඇයි බන් උඹට විතරද ගල් උස්සන්න පුළුවන් මෙන්න බලපන් මම ගල් කඳු දෙකක් දෙපැත්තට තල්ලු කරලා පාරක් මතුකරගත්ත හැටි. [im]http://4.bp.blogspot.com/-FOIGmjf_TbU/UOFdU9aH9zI/AAAAAAAAAO4/XeouIOwSQPM/s320/DSCF7450.JPG[/im]


    //ඔන්න බැඳලා හනිමූනුත් ගිහින් නුවර එලියේ හෝටලේකට.//

    සමාන්තර ලෝකෙත් නුවර එළියක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. හරි හරි, උඹ ඔය තල්ලු කරන ගල් දෙක ඉස්සර එකක්. ඕක දෙකට පැලුවේ කවුරුයි කියලද හිතන්නේ? :P

      මොකද බං සමාන්තර විශ්වයේ නුවර එලියක් නැත්තේ. ඒකෙ සමාන්තර අයිලාස් කියලා එකෙකුත් බොගක් ලියනවා සමාන්තර සැමරුම් කියලා. d-)

      Delete
    2. අයිලෂ් අය්යේ මේ දඬු බස්නාමානය ගහපු තැන ද ?

      Delete
    3. මේ මාලිගාතැන්න අරණ්‍ය, මෙතනින් ගිහින් විස්තරයි ෆොටෝ ටිකයි බලන්න.
      ශ්‍රී දළදා පහස ලත් මාලිගාතැන්න අරණ්‍ය සේනාසනය

      Delete
  14. මට දුවන්න, ජිම් යන්න එහෙම ඕනි කියල හිතෙන්නෙ ඇගට ටිකක් හිර ඇදුමක් ඇන්දම... ඇයි ඉතින් කන ප්‍රමානය බඩට දරාගන්න බැරුව Enlarge වෙනකොට... නැත්නම් ඉතින් "I'm very thin in my head" තමයි..

    ReplyDelete
    Replies
    1. ඔය ටීවී එකේ ප්‍රවෘති කියන්න බැ‍ඳෙන ඇට ගැහිච්ච නිවේදිකාවෝ අවුරුද්දෙන් දෙකෙන් ටීවී ස්ක්‍රීන් එකෙන් එකයි කියලා නෝට් කරලා නැද්ද, නදිනි? උඹලටත් ඒ ආනිසංසෙම තමයි. උඹේ නමෙත් නිකං මහත සද්දයක් තියෙන්නෙ. හික් හික් =D>

      Delete
  15. දෙවෙනි රූප රාමුවෙන් පෙනෙන්නෙ ඔය ගල් උස්සන්න ගිය ඩූඩගෙ පශ්චාත් භාගයෙන් මොනවද පිටවෙනවා දුටු අර කුඩේ යට සිටි කපල් එක තමා සතු සියලු දේ දමා පන එපා කියමින් පලාගිය අයුරුයි.

    [co="red"]ඇත්තටම කවුද අර 'මිස්ටර් ලියන්නා'. මිනිහට තිබුණනෙ කලිසම අඳින්නෙ නැතුව සරමක් අඳින්න. බාගද මිනිහගෙ සරං නහයට කිට්ටු කරන්න බැරි හින්ද ඒවත් ඔලුවෙන් දාන්නෙ නැතුව කකුල් දෙකෙන් දාලද දන්නෑ අඳින්නෙ. :D[/co]

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නෙ. උඹලා දකින්නේ උඹලගේ හිතේ තියෙන දේ. අපි යනකොට මිනිස්සු ඒ ප්‍රදේශය අතෑරලා ආරක්ෂක ස්ථාන කරා ලඟාවෙමින් තිබ්බේ ජීවිත හානි අවම කරගන්න. y-)

      කවුද බං ලියන්නා? හිටිං බලන්න. හුටා! මම මිස්ට ලියන්නා කියලා නේද ලියලා තියෙන්නෙ? අනේ අර වෙනියා දකින්න ඉස්සර මේක මැකුවනම් හරි නේද? ඒත් වැඩක් නෑ. ඊ මේල් සබ්ස්ක්‍රයිබ් කරපු උන්ට දැනටමත් ගිහින් ඇති. :-?

      ඕකනේ කියන්නෙ. අපිට ලියවෙන්නෙ අපේ හිතේ තියෙන දේ.

      Delete
    2. මන් සරම් අඳින්නෙම නෑ ප්‍රසා..ඔව්ව නෙවෙයි ඩොකා ළඟට අහවලා ගිහින් වෙච්ච දේවල් තියෙනවා මන් මෙච්චර කල් නොකියා නොකියා හිටියෙ..මෙදා පාර දෙන්නම් !

      Delete
  16. හැකස්....මගෙත් තියෙනවා ඔහොම ගහපු පොටෝ හෙන තොගයක්...

    මම ඉස්සලා තියෙනවා ගල්, පාලමක්, අම්බලමක් ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. g-) ආ එහෙනම් උඹ දන්නවා ඇතිනෙ වැඩේ තියෙන බරපතලකොම! ඕක පිට ඉඳන් බලනකොට නම් මහ දෙයක් නෙවෙයි වාගේ.

      Delete
  17. මේ ඩුඩ් අයියේ ඔයයි මමයි උස්සන ගල්............. මේ ඩොකා ලඟට ගිහින් තියෙන්නේ වෙනී මාමා නේද? අර ධනා ගැන කතාවනම් පට්ට ජෝක් එක

    ReplyDelete
    Replies
    1. හනේ බං උඹ ගාවා රිනාත්මක චින්තනයක්නෙ තියෙන්නෙ. හිතුවොත් නොහැක්කක් නොමැති කියලා අහලා නැද්ද?

      :-O

      ඇයි බං උඹලා මේ අර අහිංසක වෙනියට මඩ ගහන්නේ? ලියන්නා කියන්නේ වෙනියා විතරක්යැ? ලියනපතිරන. ලියනාරච්චි. කොව්වර ලියන්නො ඉන්නවද? පව් අර අහිංසකයා.

      උඹත් ජිම් යනවා නේද? :D

      Delete
    2. අනිත් එක මේ බ්ලොග් ලියන උන් ඔක්කොම ලියන්නොනෙ... මොකෝ වෙනි අයියව විතරක් අල්ලන්..!!! අර මාලුවෙක් බලාගෙන ඉන්න අහිංසක මනුස්සයා.. :P

      Delete
    3. ඔව්වට යථා කාලෙදි තථා යෝගෙන් ලැබෙයි රිටන් එක ! එදාට එන්නකො සෙන්නායි කොඅරලෙ පුතයි මගෙ අහ !

      Delete
    4. හප්පට සිරි ඩුඩ් අයියත් දැන් ධනාත්මක පොරක් වෙලානේ. හික්ස්........

      හප්පේ දැන් නම් ජිම් යන් තියා හිතනන්වත් වෙලාවක් නැහැ බඩේ සික්ස් පැක් වන් පැක් වලට අඩුකරලා තියෙන්නේ ඉස්සර වී ශේප් විතරයි දැන් නම් ඉංග්‍රීසි හෝඩියම මගේ ඇඟේ ..... :P

      හනේ නැහැ. අපි ඔය මඩ කියන දේවල් අහලකින්වත් යන්නේ නැහැනේ. කොහොම වෙතත් වෙනී මාම මේකේ කොනක හෝ ඉන්නවා කියල මට හිතෙනවා. :P

      @සෙන්නා
      මේකනේ සෙන්නයියේ අපි ලියන්නෝ උනාට ලියන්නා කිඅන නම ඔෆිශියලි තියෙන්නේ වෙනි මාමට තමයි.

      @ වෙනී (මාමා):D

      අනේ අප්පේ මම හිතන්නේ අර දිය බරියා කාපු එකේ විසද කොහේ ඇඟේ දුවන්නේ. :P


      Delete
  18. "Hustikutchi" "sirsagabo" hisa dan duna tana. hari neda?
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. මේ අනුරාධපුරේ සංජීව. තැන හරිද? අර අත්තනගල්ලෙ නෙවෙයිද?

      Delete
    2. meka tami harima tana. Anurdhapura rajadaniyan pitath una magiya tamange bat eka sirisagabo rajatumata puja karalu. kukula adlana isra pitath una kenukta ea welawata Atanagalata ena baha.
      Jayawewa.

      Delete
    3. ඔය කියන හස්තිකුට්චි වල කියන විදිහට නම් ඒ කතාව ඇත්ත කියලා හිතෙනවා.. අනික සිරිසඟබෝ කතාවට අනුව තියන සේරම ස්ථාන එහෙම මෙතන තියනවා.. පුදුම ලස්සන තැනක්.. තාමත් මිනිස්සුන්ගෙන් ජරා උනේ නැති තැනක්.
      ෆොටෝස් වගයක් සැමි අයියා ලගනම් ඇති අහල බලන්න ඕනි.

      Delete
  19. මටත් වස කම්මැලි වැඩක් ජිම් යන එක .වැඩිය කැමති ඇවිදින්න . මාසෙකට දවස් දෙක තුනක් pilates . එකියන්නේ යෝගා වගේ යෝගාත් නොවෙන එකක් කරනවා . ඒ පැය ගෙවාගන්න විඳින දුකක් . අය්යෝ .

    ව්‍යායාම කරන එක අත්‍යවශ්‍යයි ඇත්තටම . පොඩි කාලේ ඉඳන් කම්මැලි වෙලා හරිම අමාරුයි හිත හදාගන්න .

    දස මහා යෝධයින් කල වැඩ නේ මෙයා කරලා තියෙන්නේ . නන්දිමිත්‍ර යෝධයා නේද පොඩි කාලේ ගලක් ඇදගෙන කුඹුරට ආවේ

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, Bindi. ඕක කැමැත්තෙන් නොකරනවා නම් ඒ හැටි ප්‍රතිඵලයකුත් තියෙයි කියලා හිතන්න බෑ. මේක නිකං ගෙවතු වගාව වගේ විනෝදාංසයක් වෙන්න ඕනෙ. ප්‍රතිඵල දැකලා සිතට සතුටක් දැන්නෙ ඕනෙ.

      Delete
  20. ගල් උස්සන් ඉන්න පින්තූරෙ දැක්කම මතක් උනේ පන්සලේ වාමන රූපෙ. :P

    ReplyDelete
  21. //මේ ඒ සිද්ධිය බලාගෙන හිටි නරඹන්නො තුන් දෙනෙක්. පේනවා නේද? විමතිය, ආඩම්බර කම සතුට ඔක්කොම තියෙන හැටි ඒ මූණු වල?//
    පිටිපස්සෙන් ඉන්න කෙනාගෙ මුනෙ තියෙන්නෙ නං "අනේ අපොයි!" වගේ අදහසක්.

    මාත් ඉස්සර හිතාගෙන හිටියෙ හෙන්රි අයිය හයේ හතරෙ පොරක් කියල! කොහේදෝ පිංතූරෙකයි ඇත්ත තත්තෙ දැක්කෙ.

    ReplyDelete
    Replies
    1. බීලා ඉන්න එවුන් එක්ක මම මූණ වල් වල හැඟීම් විග්‍රහ කරන්න යන්නේ නෑ. අනික එකම දේ එකෝ වෙන්න ගත්තොත් හෙම.

      මොකක්ද බොල ඇත්ත තත්වේ කිව්වේ? අනේ මගේ කට! s-)

      Delete
  22. හීනි මඩේ වෙනියට නේදෝ....

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඔච්චර ප‍ටු විදියට හිතන්නේ. ලියන්නලා ඉන්නේ වෙනියා විතරද? අනික උමත් ලියන්නෙක් නේද? උඹලෑ කන්තෝරුවෙම කොච්චර ලියන්නො ඉන්නවද? උඹලා මේ අර අහිංසකයත් එක්ක මොකක්දෝ ග්‍රජ් එකක් තියෙනවා. :(

      Delete
    2. ඉවසන් ඉන්න නලින් මල්ලි ඔව්වට දෙන්නම් ළඟදීම..කෙටුවෙ කෙහෙල් ගහකට මෙදා පාර !

      Delete
  23. ඔන්න අදයි මගෙ හිතේ තිබ්බ ප්‍රශ්නෙට උත්තරේ ආවෙ.. ඔය ලොකු සෑයවල් හදන්න මහ කලු ගල් ඔච්චර උසට ඉස්සුවෙ කවුද ? ඔන්න ප්‍රශ්නෙ.. කවුද ඉතිං.. අපෙ ඩූඩ්ගෙ සීයල මුත්තල තමයි.. හැබැයි ඒ කෂ්ටිය අට අමුඩ කොටේ එහෙම තද කරං තමයි උස්සන්න ගන්නෙ. ඩූඩ් කාරයා එහෙම නොකලා නං ඉතින් සකල සාමානං ටික වීල්බැරෝ එකකයි අරං යන්න වෙන්නෙ ඕං.. දැනටමත් ඇවිදිනකොට එහෙම දෙපැත්තට අඩිය තියෙනවා එහෙම දැක්කද අටමෝ ?

    ReplyDelete
    Replies
    1. අටමගෙන් අහපු එකට මං උත්තර දෙන්නෙ මොකටද?

      මීට පස්සෙ එහෙම ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න එපා මචං අහපං. මේ කට්ටියට උත්තර දෙන්න බැරි ප්‍රශ්ණයක් මම හිතන්නෙ නෑ ඇතිය කියලා. :)

      Delete
  24. මමත් කැමති ඇවිදින්න . මෙහෙ ආච්චිලා සීයලා පවා මහා පාන්දර නැගිටගෙන ඇවිදිනවා . බැඩ්මින්ටන් ගහනව . එක වැඩයි . සුද්දෝ සුද්දියොත් ඉතින් පන කඩාගෙන බයිසිකල් පදියි ..නැත්නම් දුවයි . එක්කෝ ජිම් යයි . මන් නම් ඔය යාන්තමට හදවතේ නිරෝගී කම තියාගන්න ඉඳහිට පොඩ්ඩක් ව්‍යයාම කරනවා විතරයි . අපි කම්මැලි වෙලානේ .

    අර බලා ඉන්න තුන්දෙනා ගේ මුණු වලින් කියවෙන දේවල් ගැන සමීක්ෂණයක් කලොත් නරකද . දීපාගේ මුනේ නම් තියෙන්නේ '' අනේ මන්දා මෙයාට පිස්සුද කොහෙද . '' වගේ ලුක් එකක් .

    ඔය වගේ පින්තුර ගන්න හැකි ත්‍රිමාන කලාගාර වල . නැද්ද . මේ මන් කිවේ ඔයා ඇත්තටම ඔය ගල ඉස්සුවේ නැහැ කියල හෙම නෙමේ

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ලංකාවේ ජොගිං ට්‍රැක් හදන එකට මම කොන්දේසි විරහිතව කැමතියි. තවම අපේ මිනිස්සු පාරේ ව්‍යායාම පිණිස ඇවිදින, දුවන කෙනක් දිහා බලන්නෙ අර ලාංකික දූපත් නයි මෝඩ චූන් සෝබන මානසිකත්වයෙන්.

      හා, ඈ.

      >>මේ මන් කිවේ ඔයා ඇත්තටම ඔය ගල ඉස්සුවේ නැහැ කියල හෙම නෙමේ<<
      මා කෙරේ තැබූ විස්වාසයට ස්තුතියි, බින්දි.

      Delete
  25. මචන් උඹේ අනික් බ්ලොග් එකටත් අර ලෙඩේ ඇවිත් වගේ, පොඩ්ඩක් චෙක් කරපන්. එක මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හරි මචං අයිලාස්. ඒක ලෙඩක් නෙවෙයි. ඒ වර්ඩ්ප්‍රෙස් වලට ආවේනික දුර්වල කමක්. ඒක දවසකින් දෙකකින් හරි යනවා. ස්තුතියි මචං.

      Delete
  26. / මේ ඒ  සිද්ධිය බලාගෙන හිටි නරඹන්නො තුන් දෙනෙක්. පේනවා නේද? විමතිය, ආඩම්බර කම සතුට ඔක්කොම තියෙන හැටි ඒ මූණු වල? /

    බම්බුව තමය... ආච්චිගෙ ****....සතුට ආඩම්බරය කොහොම වෙතත් විමතිය නම් තියෙනව මදි නොකියන්ඩ..

    Spectator No. 1 - - මොනව කරන්නද?...අපෙ තාත්ති ඕක කිව්ව හූණ කියන්නැහෙ..." අනේ දුවේ..ඕකගෙ ඔය නුහුගුණ ගතිය අරින්න හම්බවෙන්නෙ නෑ මේ සම්මජාතියෙ...උඹට ඕනම නං ඕක කොරගනිං...හැබැයි බොහොම ඉක්මනට උඹට තේරෙයි මම මේ කට කැඩෙනකල් කියන එක...ඒත් එතකොට පරක්කු වැඩියි... " පූරුවෙ කරුම කියන එව්ව ගල ගාල වත් ගෙවන්ට පුලුවනෑ. විඳවලාම එපාය ගෙවන්ට...මට දුක මේ පොඩි එවුං දෙන්න ගැන...පහුගිය ආත්මෙ අපි තුං දෙනා සුවල්ප කරුමයක් එහෙම නෙවෙයි කරල තියෙන්නෙ...

    Spectator No. 2 - හොඳ වෙලාවට මගෙ යාලුවො කවුරුත් නෑ මේ අහල පහල. නැත්තං වහ කාල කැලේ රිංගන්නයි වෙන්නෙ...ටිකක් විතර මොලේ කොලොප්පං කියල අපි කොහොමත් දන්නවනෙ...ආය ඕක ඔප්පු කරල පෙන්නන්නත් ඕනද?

    Spectator No. 3 - මෙතනනං ගල් උස්සල වැඩ දායි. ඒත් කිලෝ දොලහමාරෙ ගෑස් සිලින්ඩරේ කුස්සියට අරං යන්ට අඩුගානෙ දෙපාරක්වත් බිම තියනව. ඒකනෙ පුදුම වැඩේ...

    ReplyDelete
    Replies
    1. නියම කොමෙන්ට් එක.

      Delete
    2. I choose not to answer this kind of දෙඤ්ඤං බැටේ විචාරස්. :((

      Delete
    3. රවි +++++++++++++++++++++++

      Delete
  27. යකඩෝ සමාන්තර ලෝක වලත් අපේ වගේ ඇමති ආරක්ෂක මගමරුවෝ ඉන්නවා එහෙනම්.

    ReplyDelete
    Replies
    1. නැහ්නං! අපි වගේ අමන ඡන්දදායකයොත් ඉන්නවා. ඒකනෙ මනෝජ් ඒකට සමාන්තර ලෝකය කියන්නේ.

      Delete
  28. කමෙන්ට්සුත් පොස්ට් එක වගේම රසවත්. විශේශයෙන්ම රවීගෙ.මටත් හිතුනෙ ඒකම තමයි.මූන නම් ඇත්තටම හරි මරුමූස් පාටටි.ඒ ස්වභවෙද? නැත්නම් මූඩ් එක අනුව වෙනස් වෙනවද?අපි ඉතින් රසිකයො නිසා හැම දේම දැන ගන්න එපැයි.

    අනේ පව් අර ධනා! දෙය්යොත් බලද්දි හරි ඉරිසියා කාරයෙක්නෙ. මම නම් කියන්නෙ දෙය්යො ඕක දැනගෙනමයි කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ටොන් අච්චර ගානක් උස්සනකොට ඔයිට වඩා ආකර්ශනීය විදියට මූණ තියාගන්න අමාරුයි. ඔය මූවීස් වල වාගේ ස්ටයිරෆෝම් කුට්ටි උස්සනකොට නම් එහෙම පුලුවන් ඇති.

      නෑ, නෑ, ඒක දෙවියන්වහන්සෙටත් මේකාව අඳුනන්නම බැරුව ගිය නිසා වෙච්ච දෙයක්. ටිකක් අඩුවෙන් එංසසයිස් කරන්න කියන්නේ ඒකයි. ඔය Age Lift, Age Miracle වුනත් ඕනෙවට වඩා හොඳ නෑ. :D

      Delete
  29. ඉස්සෙල්ල කියන්න අමතක උනානේ. උඹේ කෙරුවාවල් මොනව උනත් ලියන්නට මඩ ගහපුඑක වැරදියි.

    ....හරි ඉතිං ලියන්න කියන්නෙ අපේ වෙනී අයිය කියල මම කිව්වෙ නෑනේ!

    ReplyDelete
    Replies
    1. කවුරු වුනත් ලියන්නට මඩ ගහනවානම් වැරදියි මල්ලි, ආයෙ ඒකෙ මේ මමෙයි කියලා වෙනසක් නෑ. අපි අසාධාරණ චරිත ඝාතන වලට විරුද්ධව පෙල ගැහෙන්න ඕනෙ මල්ලි. උඹට ආරංචියක් ආවොත් එහෙම කවුරු හරි අපේ ලියන්නට....ටොක් ටොක් ටොක්.. මේ මයික් එකේ කෙල පිරිලද කොහෙද..

      Delete
  30. හැක හැක හැක... ඇඟ පට්ටෙට හදා ගන්න බුදු ගේමක් දෙන්නේ අයියේ. මං විඳින දුක දන්නේ මං විතරයි. දඟලලා දඟලලා හදාගත්තොත් කාටද..මටයි මගේ......!

    අර කතාවේම වෙන වර්ෂන් එකක් අහලා තියනවා..මම සමාන්තර ලෝකෙක ජීවත් වෙන කාලෙකදී..අයියෝ අර බුවා පව්.අප්පා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. මේ කමෙන්ට් එකකත් තිබ්බා තමයි තව වර්ෂන් එකක්.

      උඹ ඇඟ හදා ගත්තොත් කාටද කියලා උඹම දන්නවනේ. පොඩී උපදේශයක් දෙන්නද? උඹේ අර කොට්ටේ හෝදපං. එතකොට උඹ දවසකට පැය 6-8 සිහි මුර්ඡා වෙලා ඉන්න එක නැතිව ගිහින්, ඒ කාලෙත් උඹේ සෛල රිපෙයා වෙන්න පටං ගන්නවා. අර කඩෙං පුස් කෑම කන එක, එක්ස්පයර් වෙච්ච කිරි බොන එක, එක්ස්පයර් වෙච්ච ටූත් පේස්ට් වලින් දත් මදින එක පවා උඹට හොඳ නෑ මම නං කියන්නේ.

      Delete
  31. මමත් යනවා ඇඟ හදා ගන්න.දවස් දෙකක් ගියොත් මාසයක්ම යන්නේ නැහැ. ආයේ මුල ඉඳල පටන් ගන්න සිද්ද වෙනවා. තදබල උනන්දුව පේනවා නේ.

    ReplyDelete
    Replies
    1. එහෙමනං උඹට වෙන්නේ ඔය කොන්ක්‍රීට් වගේ දේකින් හදාගන්න තමයි. :D

      Delete
  32. ශෝක් කතාව ඩුඩ්....ඇත්තටම මම හිතුවේ දනා තව එක්සසයිස් කරල කරල අවුරුදු පහක වගේ පෙනුමක් ගනී කියල හිහ් හිහ් :D

    ඩුඩ් මේ ෆොටෝ නම් ක්ලැසික්.... (Y)

    මේවා ගත්ත කියල අමතක වෙලා තිබ්බේ...

    ReplyDelete
    Replies
    1. ධනා හිටියා නම් එහෙම වෙන්නත් තිබ්බා තමයි. හරියට අර The Curious Case Of Benjamin Button වගේ. ඔයා බලලා තියෙනවද ඒක?

      Delete
  33. //ඩූඩ්? මේ ඩූඩ්ද නියමයිනේ මට අඳුර ගන්න බැරිවුනානේ නියමයිනේ//

    ඩූඩ් මේ අවස්ථා සම්බන්ධය කියන්න පුළුවන්ද බලන්න..!!:P

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ මම තමයි.

      මොන අවස්ථා සම්බන්ධයද රූ? :-?

      Delete
  34. ඩූඩො මටත් ඇඟ ටිකක් හදාගන්න ඕනැ මචං,බඩත් වැඩියි ඇඳුනුත් හිරයි.
    උඹ නං නියමෙට වී ෂේප් එක තියාගෙන ඉන්නව නේද,ඔය සයිස්මද ඇඟ තාමත්

    ReplyDelete
    Replies
    1. මචං මමත් මේ බඩ වැටියත් එක්ක මාර සටනක් බං දෙන්නෙ. V shape කෙසේ වෙතත් O shape නොවී ඉන්න.

      ඕකට වැඩ දෙකක් තියෙනවා. එක්කො අලුත් ඇඳුම් ගන්න ඕනෙ XXX Large නැතිනම් කම්මැලි නැතුව සටනට බැහැපං ඇඟ අඩු කරගන්න. ඒක වැඩක් කියලා හිතලා කලොත් නම් හරියන්නේ නෑ. ඒක විනෝදාංශයක් කරගනිං, එතකොට හරි.

      >>ඔය සයිස්මද ඇඟ තාමත්<<
      ඇයි බං ඔය මගේ ප්‍රොෆයිල් පික් එකේ ඉන්නේ මම මේ මාස හතරකට කලින් ඔය ටී ෂර්ට් එකම ඇඳගෙන වෙනියගෙ කැන්ටිමේ ඉඳලා ගත්ත එකක්.

      Delete
    2. හැලපයා අයියෙ..උපදෙස් ගත්තට කමක් නෑ ව්‍යායාම කරන්න...හම්බ වෙන්න යනවා එහෙම නෙවෙයි..උඹව කාගෙන කාගෙන යයි..මන් නොකීවයි කියන්ඩෙපා ඕන්..

      Delete
  35. ඩූඩ් කියන්නේ ලේසි පහසු පොරක් නෙවෙනේ බලන් යද්දී.නිකන් හල්ක් වගේ.ලියන්නාගේ චරිතේ සමූල ඝාතනය කරා නේද? හික්ස්.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ කියන්නේ. උඹලා ඔක්කොම බලා ඉන්නේ අපේ ලියන්නට මොකක් හරි වෙනකල්. ලියන්නලා ඉන්නෙ එකාද?

      Delete
  36. මුල් රූපෙ ආතල් එකේ ගල උස්සනවා..
    දෙවෙනි රූපෙ නිකං තටමන ලුක් එකක් තියෙන්නෙ... :පී

    අෆ්ෆා... හෙන රැජිණි ඛාන් ලුක් එකක් තියෙන්නෙ... බය හිතෙනවා

    ReplyDelete
    Replies
    1. පස්සෙ බලනකොට ඒ දෙවෙනි පින්තූරෙ ගන්නකොට ගල උඩ කාක්කෙක් වහලා හිටියා.

      මම ඔය ඉන්දියානු නලුවොත් එක්ක වැඩි ඇයි හොඳයියක් නැති නිසා, උඹ මේ කරන්නෙ ප්‍රසංශාවක්ද, අපහාසයක්ද කියලා හිතා ගන්න බෑ. පස්සෙ චෙක් කරලා බලන්න ඕනෙ.

      Delete
  37. ඇයි අපේ සමහරක් අයියලා ඉන්නේ ලොකු ගල් වලට පොඩි කොටු තියන හික්ස්

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම ඒ වගේ ගත්ත ෆෝටෝස් එච්චර පැහැදිළි නෑ. ආයෙම ගන්න ඕනෙ.

      Delete
  38. //පොර අර තට්‍ටු හතම එලවේටර් එකේ යන්නෙත් නැතුව පඩි පෙල දිගේ දුවලා //
    මම හිතුවා ඒ දුවපු දිවිල්ලට, ආපහු රූම් එකට ආවනම් කෙල්ලට අදුරගන්න බැරි වේවි කියල... :D :D :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් මූ ගෑණිගෙන් ගුටිකාලා මැරෙනවා. :D

      Delete
  39. මම ඔතෙනට ගිය වෙලාවේ බෙට්ටක් තිබුනා.. අදයි දැන ගත්තේ කාගෙද කියලා.

    ReplyDelete
    Replies
    1. Old Spice, Denim Musk වගේ සුවඳ තිබ්බ බෙට්ටක් නම් මගේ තමා මචං. :))

      Delete
  40. මම මේ කල්පනා කලේ මේ වගේ පින්තූරයක් කොහේ හෝ දැකල තියෙනව...ම්ම්ම්.....!

    ආ...හරිනෙ..රුවන්වැලිසෑයෙ පවුර වටේම ඔහොම කට්ටිය ගොඩක් ඉන්නව නෙවින්නම්..උහුලන්න බැරි බර උහුලාගෙන..:)

    ReplyDelete
    Replies
    1. රුවන් වැලි සෑයට ග්‍රීක මූර්ති ශිල්පයේ ආභාශය තිබ්බ බව මම දැනගෙන හිටියේ නෑ. කොටින්ම ඇට්ලස් යෝධයගේ පිළිම තිබ්බ බව මම දැනගෙන හිටියේ නෑ. ස්තුතියි වීයා.5-p

      Delete
    2. අනේ බං උඹට අපහාසයක් කරන්න කිව්ව නෙවේ...විහිලුවටනෙ...!

      Delete
  41. සමාන්තර විශ්වයේ කතාව මෙහේ ටිකක් වෙනස් විදිහටත් වුණාලු. ආච්චි කෙනෙක්ට මාරයා [අපේ එකා නෙමේ] කියලා තව අවුරුදු 30 ක් ජීවත් වෙන්න පුලුවන් කියලා. ආච්චි සැලූන් එකකට ගිහින් ෆුල් හැන්ඩි වෙලා එළියට ආවා විතරලු වාහනේකට හැප්පිලා මලාලු. ආච්චිත් මාරයාට කම්ප්ලේන් කළාමත් මාරයා කිව්වලු ආහ් මේ ඔයාද අඳුරගන්න බැරිවුණානේ කියලා :D

    ReplyDelete
    Replies
    1. ඒ තව වර්ෂන් එකක් නේද හසිත? ඒක මේකප්, ගැන බ්ලොගකට රිංගවන්න පුලුවන්. මේක එක්සසයිස් ගැන එකක්නෙ.

      Delete
    2. ඇයි තව කතාවක් තියෙන්නෙ, මනුස්සයෙක් විනෝද වෙන්න එලියට යන්නෙ නැතුව නිදාගෙන ඉද්දි සුරඟනක් ඇවිත් තව අවුරුදු ගානකට මැරෙන්නෙ නෑ ඒ නිසා එලියට ගිහින් විනෝද වෙන්න කියල කිව්වලු. එලියට ගිය ගමන් වාහනයකට යටවෙලා මැරිල දිව්ය ලෝකේ ගියාලු.. අර මනුස්සය සුරඟනගෙන ඇහුවලු ඇයි මට එහෙම කරේ කියලා. එතකොට සුරඟන කිව්වලු අනේ සොරි මෙයා ඊයේ Month end එකනෙ, ටාගට් එකට එක්කෙනයි මදි වෙලා හිටියෙ කියලා.
      මේක ටාගට් බ්ලොග් එකකට දාන්න පුලුවන්.. :D

      Delete
  42. මමනම් ජොබ් එකට ගිහින් හැම අවුරුද්දටම ඉනට අගල ගානේ එකතුකරන් තියෙනවා.ජොබ් එකට එනකොට ඉන අගල් 28 යි,දැන් අගල් 36 යි ,කාටද ආඩම්බර ????

    ReplyDelete
    Replies
    1. හසරැල් දේශපාලුවෙක්ද ? කඳ බඩ මහත් වෙන්නේ උන්ගේ තමා.

      Delete
    2. නෑ බං අයිලාස් මූ සල්ලි පොලියට දෙන ගිණිකන බැංකුවේ වැඩ කරන්නේ.

      හස‍රැල් උඹ අවුරුදු පනස් පහ වෙනකල් නම් ඔය ජොබ කරන්න එපා බං. :D

      Delete
  43. දවසක් මං ඔතනින් යද්දී වැස්සක් ආව. තෙමෙන්නේ නැතුව ඉන්නයි මං ඔය ගල උස්සල උඩින් තියල හදා ගත්තේ. ඒක පස්සේ ටිකක් ලෙස්සල පහලට ඇවිත් ද කොහෙද :P :D

    ReplyDelete
    Replies
    1. මම ඒත් හිතුවා උඹ වෙන්නැති කියලා. අර පොඩි ගලකින් අඩේකුත් තියලා තිබ්බේ. ඉතින් බං එතනම එහායින් හබරල ගාලක් තිබ්බේ. උඹට එයික් කොලයක් කඩාගෙනත් ගෙදර යන්න තිබ්බා නොපෙනී. :)

      Delete
  44. පින්තුරේ දැක්කම මතක් වුනේ අර අන්දරේගේ කතාව . ගල උස්සලා දෙන්න කිව්වේ . ඒ දවස් වල ඩුඩ් හිටියානම් අන්දරේ පරාදයි

    ReplyDelete
    Replies
    1. අන්තරේව ආප්ප හැන්දෙන් සූරලා ගන්න වෙන්නෙ එහෙනං.

      Delete
  45. hmmm still reading the comments...you just wait..dude..

    ReplyDelete
  46. hmmm still reading the comments...you just wait..dude..

    ReplyDelete
    Replies
    1. So where are you, dude? We are waiting...

      Delete
    2. හිටියා හිටියා බන් වැඩ වැඩ වැඩ..! (වචන අනුග්‍රහය - කතන්දර )
      හිටින් ඔහොම සීටීකේ රහස් පරීකශක මහතාත් ඉල්ලන් කෑවා..මතකයිනෙ..!
      වීදුරු ගෙවල් වල ඉඳන් රෙදි මාරු කරන්ඩෙපා කියලා අහලා නැද්ද අයියෙ ?

      Delete
  47. හැක්.. උඹට වැඩිය කෙහෙල් පිත්ත පොරක් යකෝ.. පාරට‍ හොදටම ඇලවෙල වැටෙන්න වගේ තියෙන පොල් ගස් වැටෙන එක නවත්තන්නත් අපි තියන්නේ කෙහෙල් පිත්තක් හිටවල තමා..

    ReplyDelete
    Replies
    1. දැන් මේ වැඩ කාරයා උඹද ඇනෝ උඹද?

      Delete
  48. ඇත්තට ඩූඩ්, ඔය exercise කරන වැඩේ නම් මටත් පෙන්නන්නම බැරි වැඩක්. දැන් නම් ඒකේ ආනිසංස තේරිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මගේ නම් ප්‍රියතම වැඩක්. ඒකෙත් ආනිසංස තේරෙනවා.

      Delete
  49. අඩේ ඔය ගල ගොඩක් බරද බං

    ReplyDelete
  50. ඩුඩ්,

    ඕ!! ඩුඩ් මට හිතෙනවා අපරාදේ ඔයා ධනා මැරුන කොටස ලිව්වේ. :( මෙ පොස්ට් එක ප්‍රොපගැන්ඩා එකක් හැටියට යොදා ගන්න තිබුනා අනික් අයවත් එක්සසයිස් කරා පෙලඹ විමට මෙ ධනා වාගේ. :)

    ReplyDelete
    Replies
    1. අනේ අනිත් උන් කරන එක්සසයිස්! බලන්නකො කමෙන්ට් වලම මොන තරම් ඇඟ හොරුද ඉන්නේ කියලා. :))

      Delete
    2. හික් හික් .... ඒකනේ .... මම විතරයි අඩුවෙලා තියෙන්නෙ.

      Delete
  51. ඩූඩ්ට කොච්චර දුවන්න උනාද ඔය පෙනුම ගන්න? අවුරුදු 10ක්?

    ReplyDelete
    Replies
    1. පහුගිය අවුරුදු 90වම කලේ දුවන එක තමයි බං.

      Delete
  52. හයියෝ ඔය ගල උස්සන්ඩ ඔච්චර නැහුනේ ඇයි? දැනට අවුරුදු ගානකට කලින් මමත් මිහින්තලේ මුදුනේ මහ ගල පෙරලෙයි කියලා බයට, පුංචි කෝටු කෑල්ලකින් මුක්කුවක් ගහලා ආවා. ඒකෙ බලෙන් තවම ගල තියනවා පෙරලෙන්නේ නැතුව.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  53. "ගල්" උස්සන එක මහ අමාරු වැඩක් නෙවෙයි.ඊයෙ මාත් එකක් ඉස්සුවා...

    ධනා ගැනනම් මට මාර දුකයි. පොරට තිබුණෙ 40හේ නැවතිලා කොටු පනින්න....

    ReplyDelete
  54. මම නම් ඔහොම වැඩ කොරන්න ටිකක් විතර අකමැතියි දැන්. අර ආප්ප වාටියට අත කැපිලා ඉස්පිලිතාලේ ගිය වෙලාවේ දොස්තර මහත්තයා කිවුවනේ වැඩිය බර දේවල් උස්සන්න එපා මැහුම් කැඩෙයි කියලා.

    ධනා අතට ගත්ත දේ කටට දාගන්න චෑන්ස් එකක් නැති එකෙක් නෙව.


    සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා අයියන්ඩි ඔබට සහ පවුලේ සැමට...!!

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>