Sunday, October 21, 2012

15. බල්ලා කාපු මගෙ කාරෙක


සෙනසුරාදා කියන්නෙ සතියක් ආසාවෙන් බලා ඉඳලා එලඹෙන දවසක්නෙ. හැබැයි නිවාඩු කිව්වට, සති අන්තයට තමයි වැඩ වැඩි.  ඉදල අරන් සතියක් තිස්සෙ මිදුලෙ එකතුවෙච්ච කොල අතුගාන එක, මගෙ හිතට ඇතිකලේ සැහැල්ලුවක්. හරියට භාවනාවක් වගෙ.


මේ කතාව ඉංග්‍රීසියෙන් කියවන්න මෙතනින්.

ඒ දවස් වල තිබ්බ අපේ පුංචි රතු  කාර් එකට හරි හැටි ගරාජයක් තිබ්බෙ නැත්තෙ,  ඒක කුලී ගෙදරක් වෙච්ච නිසා. නමුත් අව්වෙන් වැස්සෙන් වාහනේ බේර ගන්න, නවපු ගැල්වනයිස් බට වලිනුයි, අර ඉරි ඉරි  ටෙන්ට් රෙද්දකිනුයි මමම හදාගත්ත ගරාජ් එකේ වහල උඩ, අඹ කොළ වගේම වැහි වතුරත් තරමක් ‍රැඳුනා, බොක්ක ගැහිලා. මිදුල අතුගාන්න කලින් වහලෙට අතින් උඩු අතට තට්‍ටු කරලා, අඹකොළ ටික බිම දාන එක මම නොවරදවාම කලා.


කාරෙක වටේට තිබ්බ අඹකොල අතුගාන කොටයි මම දැක්කෙ, ඉස්සරහ බම්පර් එක යටින් එල්ලෙන වයර් කෑලි දෙක. ඉදල බිම දාලා ලංවෙලා බැලුවම මට තේරුනා මේක සිග්නල් ලයිට් එකත් එක්කම එකට බම්පර් එකේ හයි කරලා තිබ්බ පාක් ලයිට් එකට එන වයර් එකක් බව. කාරෙක අන්තිමට ගුරු පාරේ වැස්සෙ පදවගෙන ආපු නිසා, වයර් එකේ ප්ලාස්ටික් ආවරණය මඩ පාටට තිබ්බත්, එලියට මතුවෙලා තිබ්බ තඹපාටින් දිලිසුන කම්බි පොටවල් මට කිව්වෙ මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි. ඒ කියන්නෙ, මේක වෙලා තියෙන්නෙ මෙතන වාහනේ නැවැත්තුවට පස්සෙයි. 





කලබල වෙන්න දෙයක් නෑ. මම  කඩාකප්පල්කාරියා කවුද කියලා එවෙලෙම සැක කරපු නිසා, කාරෙක යටට එබිලා බැලුවා. ඔය ඉන්නෙ කඩාකප්පල්කාරියා, සුපුරුදු බලු සිහිනයක් දැක දැක, කම්මැලි කමට තවමත් නිදාගෙන!

අපේ බලු පැටියගෙ තිබ්බ, මේ හැමදේම හපලා ‍රැල් කරන පුරුද්ද නිසා, අපි සෙරෙප්පු සපත්තු පවා දොරෙන් ඇතුලෙයි තිබ්බෙ. මේකා කොහෝම හරි මේ පාක්ලයිට් එකෙන් තරමක් පාතට එල්ලෙන වයර් එක දැකලා, ඒක කාලා වෙන් වෙන්නම. මම කාරෙකේ  ලාච්චුව ඇරලා, හදිසියකට ගන්න ඒකෙ කවදත් තියාගෙන හිටපු කලු පීවීසී ටේප් රෝල අරන් ආවා. වයර් කෑලි දෙක එකට අඹරලා ගැටගහලා,  ටේප් එක ඔතලා වැඩේ සම්පූර්ණ කලා. ඔය තියෙන්නෙ අලුතෙන් ගත්තා වගේ . ටේප් එක ආපහු ලාච්චුවට දාපු මම, ඒක අමතක කරලා ඉදල අතට ගත්තා.


ඒ දවස් වල තමයි, ලිබර්ටි එකේ මුල් වරට ජුරාසික් පාක් පෙන්නුවෙ. අපේ ගෙදර තුන්දෙනාම හරිම කැමැත්තෙන් බලන්න හිතාහිටිය මේ චිත්‍රපටිය බලන්න අපි, මගෙ අම්මවත් එකතු කරගත්තෙ, ඇයත් ඔය වගෙ අමුතු කතාවලින් සෑහෙන වින්දනයක් ලබපු නිසා. අර සිද්දියෙන් සති ගනනාවකට පස්සෙ,  අපි හතරදෙනාම හවස 3.15වේ දර්ශණය නරඹන්න කොළඹ ගියා.

"කොහොමද ආච්චියෙ ‍ෆිල්ම් එක? ඔයා ආසද?"
චිත්‍රපටිය අවසන් වෙලා සිනමා රථගාලෙ නවත්වලා තිබ්බ කාරෙකට නගින ගමන්, අපේ දුව ආච්චිගෙන් ඇහුවා.

"නියමයි පුතු. හරි ෂෝක්!" අම්මා කියනවා මම අහගෙන.

ඉතින් අපි ආපහු ගෙදර එන්න පිටත් වුනේ ඩයිනසෝරයන් ගැන කතා කර කර. විහාරමහාදේවි උද්‍යානය පහු කරනකොටයි අපි දැක්කෙ, එදා එහි තිබුන විසිතුරු මල් පැල ප්‍රදර්ශණය සහ අලෙවි සැල්. සාමාන්‍යයෙන්, අපි විසිතුරු පැල සේල් වලට ඇදිලා ගියේ නිකම්මයි. වහාම වාහනේ රථගාලට රිංගවපු අපි ගියා ප්‍රදර්ශනේ බලන්න. පැයකට හමාරකට පස්සෙ, අපි ආපහු ප්‍රදර්ශන භූමියෙන් එලියට ආවෙ, රුපියල් දෙතුන් දාහක් සැහැල්ලු කරගෙන, නමුත් තවත් කැලෑවක් වන් විසිතුරු පැල රාශියක් වාහනේ පටවාගෙන.

ගෙදර යන්න බියගම පාර මම ‍තෝරාගත්තෙ, ඒ වෙලාවෙ හැටියට ඒ පාර  බත්තරමුල්ල පාරට හෝ නුවර පාරට වැඩිය තදබදයෙන් අඩු නිසා. අපි කැළණිය පහු කරනකොටත්, විදුලි පහන් නොදල්වා යන්න තරම් එලියක් ඉතිරි වෙලා තිබුනා. නමුත් මානෙල්වත්ත රජමහා විහාරෙ පහුවෙනකොට මම විදුලි පහන් දැල්වුවා. ඒ වෙනකොට අපි අර වංගුවත් එක්කම තිබුන, දැඩි බෑවුමක් ඇති පල්ලම බහිමිනුයි හිටියේ.  එක් වරම කාරය කලු දුමින් පිරුනා.

"හයියෝ අර යකාගෙ  ට්‍රක් එක! මාර දුමක්නෙ!" මම කිව්වෙ එවෙලෙ අධික බරක් පටවාගෙන, කලු දුම් වලාවක් පිටකරමින් කන්ද නගිමින් හිටි ට්‍රක් රථය ගැන.

තවත් මීටර් සීයක් හමාරක් ගියත් දුමේ වැඩිවීමක් මිස අඩුවක් නොපෙනුන නිසා, මට දැනුනා අනතුරක සේයාවක්. මම වහාම කාරය අයින් කරලා නැවැත්තුවා.

කාරය නැවතුන ගමන්ම මම දැක්කෙ බොනට්‍ටුව අස්සෙන් එලියට ගලාගෙන ආපු කලු දුම වලාව. මම වාහනෙන් එලියට පැන්නෙ බොනට්‍ටුවෙ අගුල ඇරෙන ලීවරයත්  ඇදගෙන. වහාම බොනට්‍ටුව එසවූ මතුවූ ප්ලාස්ටික් පිලිස්සෙන ගඳටයි දුම් වලාවටයි මාව පස්සට විසිවුනා. ගිණි ජාලාවක් බැටරිය අවටින් මතුවෙමින් තිබුනා.

"බහින්න, බහින්න කාරෙකෙන් ඔක්කොමලා!" මම කෑ ගැහුවා.

දෙපාරක් කියන්න අවශ්‍ය වුනේ නෑ.


මම ආපහු දුවලා කාරයෙ තිබ්බ රෙදි කඩමල්ලක් ගෙනත් ගිණි දලුවලට පහර දුන්නා. මුලින්ම මම පහරදී නිවා දැමූ ගිණිදලු නැවත නැවතත් ඇවිලෙන්නට වුනත්, දීපාත් මාත් එක්ව දීපු  එකව කල ඒකාබද්ධ ප්‍රහාරය හමුවේ ගින්න පරාජය  වුනා. බොනට්‍ටුවේ සමහර තැන්වලා පින්තාරුව පිලිස්සී බුබුලු නැගී ඇති බව මම දැක්කෙ පසුවයි.

ගින්න සමග කල සටනින් ජයගත් අපට දැන් අවශ්‍ය  වුනේ හැකි ඉක්මනින් ගෙදර යන්නයි. මම ඉග්නිෂන් ස්විචය කරකවා බැලුවා. අච්චර දෙයක් වෙලාත් දෙවියන්ගෙ පිහිටෙන් එන්ජිම වහාම පණගැන්වුනේ අපේ හිත් වලට පුදුමාකාර සහනයක් ගෙන දෙමින්. නමුත් ඒ සහනය වැඩි වෙලා නොතිබුනේ, විදුලි පහන් දැල්වූ වහාම, නැවතත් වයර් හානසයේ තැන් තැන් වලින් දුම් මතුවෙන්න ගත්ත නිසා. මම වහාම ස්විචය නිවා එන්ජිම ක්‍රියා විරහිත කර, මතුවෙමින් තිබූ ගිණිදලු වලට පහර දී නිවා දැම්මා.

"කළබල වෙන්න හොඳ නෑ. ඔලුව අවුල් කරගන්න එපා. කරදරයක් වුනාම ක්‍රියාකරන හැටියට තමයි ඒ මනුස්සයගෙ ගති ස්වභාවය තේරුම්ගන්න පුලුවන්. සංසුන් වෙයං හෙන්රි," මම මටම කියාගත්තා.
 

මම හිතන්න ගත්තා. සරළව මුළසිට  හරියටම  ඉංග්‍රීසි පන්තියක දැන්වීමක් වගෙ.

මෙතන මෙකැනිකල් ෆෝල්ට් එකක් නෑ. තියෙනවා නම්, එන්ජිම ස්ටාට් වෙන්නෙ නෑ. මේක ඉලෙක්ට්‍රිකල් ෆෝල්ට් එකක්. ඇත්තටම ෂෝට් සර්කිට් එකක්.

මම ගින්න ඇතිවුන තැන් පරීක්ෂා කරලා බැලුවා. සමහර වයර් වල ප්ලාස්ටික් ආවරණය උණුවෙලා තඹ කම්බි පොටවල් මතුවෙලා එකට ඇලිලා තිබුනේ, කොයි කොයි වයර, මොන පාටට තිබුන, කොහේ ඉඳලා ආපු ඒවාද කියලාවත් හොයාගන්න බැරි විදියට. ඒ මදිවට කලුවර!
වැල නොකැඩී ඇදී යන වාහන වල එලියෙන් යමක් හරියට බලාගන්න අමාරුයි. හොඳ වෙලාවට, කවුරු මොනවා කිව්වත් අම්මා ගමනක් යනකොට අරන් යන විට එයාගෙ එයාගෙ අත් බෑග් එකේ දාගෙන යන විදුලි පන්දම, මේ වෙලාවෙ පිහිටට ආවා.

විදුලි පන්දම් එළියෙන් මට පුලුවන් වුනා වෙලා තිබ්බ හානිය වඩා හොඳට බලාගන්න. ඊට පස්සෙ මම පටන් ගත්තා ක්‍රමානුකූල  පරීක්ෂාවක්. Systematic search with checklist.

මුලින්ම මම සියලුම ස්විච නිවා දැම්මා. සහායක නියමු දීපා උකුසු ඇස් එන්ජිම මත රඳවා ඉඳිද්දී චෙක් ලිස්ට් එක ආරම්භ වුනා.

පළමුව මම එන්ජිම පණ ගැන්නුවා.  එන්ජිම හොඳින් දුවනවා, දුමක් නෑ.

දෙවනුව වයිපර් - දුමක් නෑ.

මම බ්‍රේක් පෙඩලය පෑගුවා  - දුමක් නෑ සහායක නියමු දීපා නිවේදනය කලා.

ඊ ලඟට ප්‍රධාන විදුලි පහන් දැල්වුවා.  හෝව්, හෝව්!! මෙන්න දුම් දානවෝ!!

මම වහාම විදුලි පහන් සහ එන්ජිම නිවා දැමුවා.

හොඳ වෙලවට, ඒ වෙලේත් ඇරලා තිබුන හාඩ්වෙයාර් බඩු කඩයෙන්, මම වැඩි පුර පීවීසී ටේප් දෙක තුනක් ගත්තා. දීපා විදුලි පන්දම දල්වාගෙන ඉඳිද්දී මම අර උණු වෙලා එකට ඇලිලා තිබ්බ ‍රැහැන් ගලවලා පුලුවන් හැටියට  ටේප් කලා. වැඩි හොඳට විදුලි පහන් වලට යන සම්බන්ධ ‍ෆියුස් එකත් ගැලෙව්වා. ඇත්තෙන්ම ඒකත් උණු වෙලා නමුත් කවදා හරි දාපු වැරදි අගයක් තියෙන ෆියුස් එකක් නිසා වෙන්න ඕනෙ මෙහෙම වුනේ, මට නිකමට හිතුනා. ටික වෙලාවකින්, මේ වගේ අවස්ථාවක කල හැකි හැම දේම කර ඇති  බව සහතික වුනාට පස්සෙ, අපි ඊලඟ දුශ්කර කාර්යයට සූදානම් වුනා. මේ වනකොට ගිනි ගැනීමේ අවදානමක් නැතුව වාහනේ ආපදා පහන් (hazard lights) පාවිච්චි කරන්න හැකි බව මම හොයාගෙන තිබුනේ.

ඊන් පස්සෙ හැමදෙනාම වාහනයට ගොඩවුනාම, මම එන්ජිම පණගන්වලා ආපදා පහන් දල්වාගෙන ගෙදරට යන්න තියෙන අති දුෂ්කර ගමන ආරම්භ කලා. දීපා මුලින්ම විදුලිපන්දම වාහනයේ ඉදිරිපස වීදුරුව තුලින්ම පාරට ඇල්ලුවත්, අත එලියට දමා විදුලි පන්දම පිටතින් අල්ලන එක වඩා සාර්ථක බව ටික, වේලාවකින් අපි තේරුම් ගත්තා.




රෑක, බැටරි දෙකේ විදුලි පන්දම් එලියකින් කාර් එකක් පදවන එක හිතපු තරම් ලේසි වුනේ නෑ. විශේෂයෙන්ම අපි ඉදිරියටත්, පසුපසිනුත් ආ අනිත් ආත්මාර්ථකාමී රියැදුරන් කිසිම අනුකම්පාවක් නොදක්වන විට. පසු පසින් ආ උන් කන් බිහිරිවන්නට නලා හැඬවූවා මදිවාට, හෙඩ් බීම් දල්වමින් මාව අන්ධ කලා. ඉදිරියෙන් ආ උන් හෙඩ් බීම් පාවිච්චි කලේ මාව හොඳින් දැකගැනීමටත්, මේ කලුවරේ විදුලි පන්දමකින් රිය පදවන මා කරන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට බැරිව බවත් මට තේරුනා.

මට වැඩියෙන්ම වද දුන්නේ බස් රියැදුරෝ. මේ හැම දෙයින්ම වුනේ මගේ අර්බුදය උග්‍ර වීම පමණයි.  නමුත් අර කාලකන්නි ‍රැලට වඩා වෙනස්, එක් මහත්මා රියැදුරෙක් මට ඉස්සර කර, මට ඔහු පසු පසින් ධාවනය කල හැකි සේ හිමින් රිය පදවමින් මට මග පෙන්වීම, මට ඉමහත් අස්වැසිල්ලක් වුනා.

බියගම ෆොන්ටෙරා සමගම අසලදී මම විදුලි කාර්මිකයෙකු සොයා ගැනීමට රිය නතර කලා. ඇත්තෙන්ම ඒ වෙලාවෙ වාහන විදුලි කාර්මිකයන් කිසිවෙක් හිටියේ නෑ. නමුත් එක් නිර්මාණශීලී රේඩියෝ, රූපවාහිණී ඉලෙක්ට්‍රොනික් අලුත්වැඩියා ශිල්පියෙක්, මට පිහිට වෙන්න කැමති වුනා.


ඔහු අර මා කල ආකාරයටම, කොනක සිට විදුලි පරිපථ පරීක්ෂා කලා. ඔහුට අවශය උපකරණ සහ ආලෝකයත් තිබූ නිසා වඩාත් කාර්යක්ෂමව කාර්‍යය කරන්නට හැකි වුනා.  අන්තිමේදී ඔහු වරද සොයා ගත්තා. ඒ තමයි මම එදා උදේ පුරුද්දා ගැට ගැසූ පාක් ලයිට් වයරය.

"ඇයි අයියෙ මේක ගැට ගැහුවෙ?"  ඔහු ඇහුවේ කුතුහලයෙන්.

"ඕක බල්ල කෑවනෙ මල්ලි. මම ඉතින් ගැට ගහලා ටේප් කලා."

"පිස්සු හැදෙන සඳ අයියෙ. මේ ප්ලස් මයිනස් වයර් දෙකනෙ අයියා එකට ගැට ගහලා තියෙන්නෙ."

"හප්පට සිරි යකෝ, මම හිතුවෙ ඕක එකම වයර් එක කියලනෙ. ඇත්තෙනම මම වයර් එකේ පාටෙ වෙනසක් දැක්කෙ නෑ මොකද මඩ ගෑවිලා තිබ්බ නිසා!"

ඔහු බම්පරය අස්සට අත දමා තවත් වයර් කොට දෙකක් එලියට ඇද පෙන්නුවා.

"මේ බලන්න අයියෙ. ඇති ඔයින් ගියා!"

"හරි මල්ලි. මම ඔය වයර් දෙක එකට ඇමුණුවට පස්සෙත් කී පාරක් මේ කාර් එකේ ගියාද? ඇයි මේක මේ අදම වුනේ?"

ප්‍රශ්ණෙ අහනවත් එක්කම මටම හේතුව පැහැදිළි වුනා.

"ඒ ගියේ ලයිට් දාන්න ඕනෙ වුනේ නැති ගිණි දවාලෙ නේද අයියෙ? "

බලං යනකොට මේක කාල බෝම්බයක්. මම කවදා හෝ කොහේදී හෝ ලයිට් දානකල් කල්යල් බලමින් සිටි අනතුරක්!

මේක අද නොවුනා නම්මීට වඩා නරක වෙලාවක වෙන්නත් ඉඩ තිබුනා. ඇත්තෙන්ම, මෙතන ඉඳලා ගෙදරට කිලෝමීටර් 10ක් නැතිනම් 15ක් ඇති. හිතලා බලමු, මේක දුර ගමනක් ගිය වෙලාවක, පාලු පලාතක,  රෑක වුනානම් ඇතිවෙන්න තිබුන තත්වය!

වයර් හානස් එක නොපෙනෙන තැන් වලින් හානි වෙලා විදුලි කාන්දුවක් වෙන්න තියෙන ඉඩ නිසා, ඔහු සැක කටයුතු පරිපථ විසන්ධි කලා. ඉන්පස්සෙ ඔහු බැටරියෙන් ප්‍රධාන ලාම්පුවලට වෙනම ‍රැහැනක් ඇද්දා. ඒ එක්කම ඔහු මට පෙන්නුවා, කාරෙකේ එන්ජිම දුවද්දි බැටරි වයරය ගැලෙව්වාමත්, එන්ජිම ඕල්ටනේටරයේ විදුලියෙන් හොඳින් දුවන බව. මම එතෙක් කල් හිතා හිටියෙ ඒ හැකියාව තියෙන්නෙ මැග්නෙටෝ වලින් දුවන මෝටර් සයිකල් එන්ජින් වලට විතරයි කියලා. පසුව ඔහු බැටරි වයරය සම්බන්ධ කලා. ඔහු මට කිව්වා ගෙදර ගිය ගමන් බැටරි වයරය ගලවලා දාන්න, ඒ වගේම උදේම වාහන විදුලි කාර්මිකයෙක් අල්ලාගෙන වැඩේ හරියට කරගන්න කියලා.

අන්තිමේදි, අපි නැවත ගමනාරම්භ කරන්න සුදුසු තත්වයක හිටියා.  අපි හැමෝම, අපිව ගලවාගත් මේ කාරුණික මිනිසාට මුව නොසෑහෙන සේ ස්තුති කරලා ඔහුගේ ගාස්තුවත් ගෙව්වා. නමුත් කිව යුතුම දේ තමයි, ඔහු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අපිව මංකොල්ල කන්න උත්සාහ නොකල එක.  මා ඔහුට අත මොලවන්න හැදූ වැඩිපුර ගානවත් ඔහු පිළිගත්තෙ නෑ. අපි එන විට ඔහු ලෑස්ති වෙමින් හිටියෙ, ඔහුගෙ රේඩියෝ අලුත්වැඩියාපල වහලා ගෙදර යන්නයි. නමුත්, තමන්ගෙ ගමනත් නවත්තලා, තමන්ට අදාල නොවන මේ උදව්වත් කරපු, ඒ වගේම, තමන්ගෙ විෂය පථයෙන් බැහැර ක්ෂේත්‍ර ගැන පවා මනා අවබෝධයක් තියෙන මේ වගෙ මිනිස්සු රටකට වාසනාවක්!

ඉන් පසු කිවයුතු විශේෂයක් නැතුව අපි ගෙදර ආවා. මේ සියල්ලටම වග කිවයුතු අපේ හුරතල් බලු පෝතකයා, තමන් කල හානිය ගැන කිසිම අවබෝධයකින් තොරව, වෙනදා වගේම වලිගය වනමින් අප පිළිගන්නට පෙරමග බලා සිටිනු කාරයේ විදුලි පහන් එලියෙන් අප දු‍ටුවා.






පසු වදන:

මේ කතාවෙන් ඔබට ගත හැකි යමක් තියෙනවද? මම පසුව කල්පනා කලා.


  • කිසිවිට නොසැලකිල්ලෙන් වයර් පුරුද්දන්න එපා. මම තව ටික ඔලුව ඇතුලට දාලා බැලුවා නම් මට අර ඉ‍තුරු වයර් කොට දෙකත් අහුවෙනවා.
  • විදුලි පන්දමක් වාහනයක තිබිය යුතුම අංගයක්,
  • පීවීසී ටේප් අර ආවුද පෙට්ටියෙ තිබිය යුතුම තවත් දේවල් වලින් එකක්.
  • කුඩා ගිණි නිවනයක වටිනාකම කියලා නිම කරන්න බෑ.
  • වැඩිපුර ‍ෆියුස් වාහනේ තියාගන්න.
  • බැටරි වයර් හදිසියකදී ලේසියෙන් ගලවන්න හැකි බටර්ෆ්ලයි නට් එකකින් සවි කරන්න
  •  මම නම් දුර ගමන් යනකොට ස්පෙයා වීල් දෙකක් අරන් යනවා. හිතලා බලන්න රෑ දොළහට ගෙදරින් කිලෝමීටර් තුන්සීයක් ඈතදි තියෙන එකම ස්පෙයා වීල් එක දාගත්තට පස්සෙ තව ටයර් එකක් ගියොත් ඇතිවෙන තත්වෙ.
  • මේ ඔක්කොටම වඩා, අර්බුදයකදී කලබල නොවී කටයුතු කිරීම වැදගත්.
  • අමාරුවේ වැටිලා ඉන්න කෙනෙකුව තවත් අමාරුවේ නොදා ඔහුට කරන්න පුලුවන් සුලු හෝ උදව්වක් කරන එක හරිම උතුම් වැඩක්. මට අවුරුදු ගණනාවක් ගිහිල්ලත් ඒ සිද්ධි අද වගේ මතක හැටි බලන්න
  •  ඒ වගෙම පාඨක ඔබ යෝජනා කරපු මේ දේවල්:
     ජම්පර් කේබල් එකක්. (ඉන්දික)
     ටෝ රෝප්/කේබල් එකක්. (ඉන්දික)


මේ කතාවේ ඉංග්‍රීසි මුල් ලිපිය මෙතනින්
DOG ATE IT @ HeyDude

146 comments:

  1. බොහොම හොඳ පාඩමක් ඉගනගත් ලිපියක්..

    ReplyDelete
    Replies

    1. ඒකනෙ නලීන්, නිකම් නෙමෙයි A lesson learnt the hard way!"

      Delete
  2. ඔය පහලින් දාලා තියන ලිස්ට් එක අපට හිතන්ට කියලා දුන්නා නම් හොඳයි කියලා හිතනවා.:)

    බව්වෝ ගැන නම් කියලා වැඩක් නෑ. එයාලට සපත්තු පෙන්නන්ට බැරි මොකද? හවසට වෝක් එකක් යන වෙලාව හරියටම දන්නවා අපේ එක්කෙනා. ඒ වෙලාවට මගේ සපත්තු උස්සගෙන එනවා වෝක් යමු කියන්ට.:D

    හොඳ මිනිස්සු මේ ලෝකේ ඕනි තරම් ඉන්නවා. අර ඩූඩ්ට උදව් කල අය වගේ. එයාලා අපිට මුණ ගැහෙන්නේ අපේ වෙලාවට .

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම පොඩ්ඩි මට එහෙම නොහිතුනාමත් නොවේ. නමුත් මට ඒ ටික කියන්න හිතුනා. නැතිනම් කට්ටියගෙ උත්තර වල හරි වැරදි බලන්නත් එපායැ ඉස්කෝලෙදි වගේ. ඒත් මෙතන තව තියෙනවා ඔයාලට ඕනෙ නම් අලුතෙන් එකතු කරන්න පුලුවන් දේවලුත්
      හොඳ මිනිස්සුත් ලෝකෙ ඉතිරි වෙලා ඉන්න එක ලොකූ දෙයක් අප්පා.:)

      Delete
  3. ඔන්න ඩූඩ් අයියේ ඔයා උදේ පාන්දර මට ලියන්න මරු කතා ටිකක් මතක් කරලා දුන්නා.. හි හි... ඒ කතාව ලියන්නම් කෝ පස්සේ...

    ඔන්න ඔය වගේ වෙලාවට අපේ මහත්තයා ගාව තියෙනවා ටෝච් එකයි ඉස්කුරුප්පුද අරවද මේවද නැති බයිලයක් නැති ගැජට් එකක්.. ඕක ඕනෙ වෙලාවක කබිහෝල් එකේ තියෙන්නේ.. හි හි..

    ඒ මදිවට බයික් එකේ ස්පාක් ප්ලග් දෙකක් තුනක් වැඩිපුරු තියෙනවා වගේම පීවීසී ටේපුත් ඕනෙ වෙලාවක තියෙනවා... හි හි.. බයික් වල යන අයට මඟ හිටින කරදර වැඩියි නේ ඉතිං... කීප පාරක්ම පැච් ගිහින්, හුළං ගිහින්, පෙට්‍රල් නැතුව නතර උන මහ රෑ වල ගොඩ දෙනෙක් කතා කරලා උදච් කරලා තියෙන නිසා ඔහෙම මනුස්සකම් තියෙන මිනිස්සු තාම මේ රටේ ඉන්නවා කියලා නම් දන්නවා...

    අපෙ බලුස් නං එකපාරයි සෙරප්පුවක් කෑවේ.. අම්මගෙන් සම්බුව හම්බුනා ආයි මදි නොකියන්න.....

    ReplyDelete
    Replies
    1. ///කාරෙකේ එන්ජිම දුවද්දි බැටරි වයරය ගැලෙව්වාමත්, එන්ජිම ඕල්ටනේටරයේ විදුලියෙන් හොඳින් දුවන බව///

      ඔන්න අපේ මහත්තයට මේක පෙන්නුම කිව්වා “පුළුවන් නම් තමයි... ඒත් ඒක හොඳ නෑ.. ඕලටනේටරේ පිච්චෙනවා...” කියලා හොඳේ....

      Delete
    2. හොඳ පොයින්ට් එකක් හිරු. මේකෙ ලොකුම අවධානම තමයි ඕල්ටනේටරෙ පිච්චෙන්න කලින් වාහනයෙ සියුම් ඉලෙක්ට්‍රොනික් කොටස් වලට බඩු බනිස් වෙන එක, විශේෂයෙන්ම නවීන වාහනවල. So, Never try at HOME

      Delete
    3. ඔයාලගෙ මහත්තයා හරිනේ! අපිත් බයික් එකේ යනකොට ඉස්සර ෂුවර් පැච්, කෝල්ඩ් පැච්, අර පාගන පොම්පෙ විතරක් නෙවෙයි, ටියුබ් එකකුත් අරන් යනවා.

      @රීඩර්: ඔව් රීඩර්. ඇත්ත. නමුත් මම මෙතනදි ඉගෙනගත්තා එහෙම පුලුවන් බව. අර මනුස්සයත් එහෙම තියාගෙන එන්ජිම රේස් කලේවත් නෑ. මට පෙන්නුවා විතරයි. මැරිච්ච බැටරියක් හරි කනෙක්ට් කරලා තියන්න ඕනෙ හැම තිස්සෙම.

      Delete
    4. අපේ මහත්තයලට ඉස්සර බස් තිබ්බ (ලු) නේ.... ඔය එක බස් එකක් දවසක් ගිනි අරගෙන... බැහැලා යන කෙනෙක් ඩ්‍රයිවර්ට අතින් කියලා බලන්න කියලා... ඒ පාර ගෝලයා බැහැලා බැලුවාමත් මුකුත් නැති නිසා ඇරලා බලලා.. එකපාරටම බස් එක ඇතුලට ගින්දර ආවලු... ඒ පාර ළග තිබ්බ කඩේකට දුවලා වතුර ඉල්ලුවාම වතරු නෑ කිව්වලු... ඒ පාර “ යකෝ බස් එක ගිනි අරං.... වතුර ටිකක් දියන්.... ” කිව්වම නම් වතුර බාල්දිත් උස්සන් ආවලු ගිනි නිවන්න..... ඔන්න මට දැං කියපු කතාවක් හොඳේ...

      Delete
    5. වාහනයක් ගිනිගන්නකොට CO2 , හරි වැලි හරි ගහන්න ඕනෙ, නැතිනම් කොළඅතු වලින් ගහල ගින්න නිමා දමන්න ඕනෙ. වතුර ගහල නිමන්න යනඑක අවදානම්.

      Delete
  4. //ගෙදර යන්න බියගම පාර මම ‍තෝරාගත්තෙ,//

    ඥානවත් තෝරා ගැනීමක් නිසා හෙන්රියා එදා බේරුනා. මොකද ඔය පාරේ ඉන්නේ සත් ගුනවත් මිනිස්සු ;0)

    මේකද බං අර අපේ පාර පල්ලමේ වුණා කියන සිද්ධිය?

    ReplyDelete
    Replies
    1. ඔය පාරෙ ඉන්න උන්ගෙ සත්ගුණවත් භාවය ගැන කියලා වැඩක් නෑ... මගෙ ඔලුවට යකඩ පොල්ලකින් පැත බෑවෙත් ඔය පාරෙ එකෙක් තමා... ඒ කථාව කියන්න තව ටික කාලයක් ඕනෑ...

      Delete
    2. @සෑම්: නැහ්නං. මියගම පාරේ විශේෂයෙන්ම ඔය බොල්ලෑගල පැත්තෙ මිනිස්සු හරීම සත්ගුණවත් කියලා ගූගල් දෙයියංගෙන් ඇහුවත් කියයි.
      නෑ බං මේ උඹලගෙ පල්ලම නෙවේනෙ. ඒකෙම අනිත් එකනෙ. අරක මම පස්සෙ කියන්නම්කෝ.
      @හප්පට සිරි, සිරා යකඩ පොලු පාරකුත් කාල තියෙනවද? :O ඔය හුරතල් මූණ බලාගෙන කොහොම ගැහුවද බං? දැන් මට ඒ කතාව දැනගන්නකල් ඉන්න බෑ. :(

      Delete
    3. මොකද ඔය පාරේ ඉන්නේ සත් ගුනවත් මිනිස්සු

      අම්මේ ඔව්

      Delete
  5. මාර කට්ටක් නේ කාලා තියන්නේ. අර කාර්මික ශිල්පියා නම් නියම බුවෙක්.

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයානම් නියම මිනිහෙක් තමයි! ඔන්න බියගම මහා විද්‍යාලෙ ගාව හිටියෙ.

      Delete
  6. අහ්, අපිත් වරක් ඔයිට ටිකක් කිට්ටුවෙන් යන සිද්දියක් හින්දා නුවර එළියෙ ඉඳන් මහනුවරට ආවා ටෝච් එකක් අල්ලගෙන. ගෙදර ආව ගමන් ආයෙ ස්ටාට් කරන්නවත් බැරුව කාරෙක එහෙමම හිටියා.

    අර කතාවෙන් උගත යුතු පාඩම්නම් බොහොම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ආ ඔය තියෙන්නෙ තව අත්දැකීම්. දැන් කියනකොට ගති වුනාට ඒ වෙලාවට ඇ‍ඟේ ලේ වතුර වෙලා තමයි එලවන්නෙ.
      ස්තුතියි නලිනි.

      Delete
    2. මහ රෑ ජාමෙ කාරෙක කැඩුනොත් කොහෙන් හරි උදවුවට කෙනෙක් නම් පහල වෙනවා පුදුමෙ කියන්නෙ. බස්සි-ඩැඩා නම් කියන්නෙ ඒ කාරෙකේ වාසනාව කියලයි. හික්ස්!

      Delete
  7. ඔය වගේ අතර මගදී වාහන කැඩිලා ආපදාවට පත් වෙච්ච අවස්ථා නම් එමටයි ඩුඩ්. ඒ වගේ වෙලාවට අපිව සුරගෙන කාපු අයත් කිසිම ප්‍රතිඋපකාරයක් නැතුව අපිට උදව් කරපු අයත් හම්බ වෙලා තියනවා. අපි ගොඩක් වෙලාවට ගමන් බිමන් යන්න රෑ තෝර ගන්න එකත් එකට හේතුවක් වෙන්න ඇති. ඒ වෙච්ච කරදර නිසාම දැන් අත්‍යවශ්‍යම වෙලාවක ඇරෙන්න නිශාචර ගමන් අඩු කරලා තියෙන්නේ.
    රිවර්ස්ටන් ගිහින් එන වෙලාවක වාහනේ ලයිට් වැඩ කරන්නේ නැතුව බයේ ගැහි ගැහි වංගු වල ආපු හැටි මතක් වුණා මේ කතාව කියෙව්වම.

    ReplyDelete
    Replies
    1. අපිත් රෑට ගමන් යන්න බොහෝම ප්‍රියයි. ඒක භයානක බව නම් ඇත්ත තමයි. නමුත් ඔය කරදරයක් වුනොත් කියලා තියෙන බයයි, නින්ද යයි කියලා තියෙන බයයි ඇරුනාම රෑ ගමනුත් මාර ගති නේ? රිවර්ස්ටන් ගිහින් එහෙම එකක් වුනොත් නම් හොදි ඕනෙ නෑ.:-/

      Delete
  8. මරුව අතේ තියාගෙනනෙ ගිහින් තියෙන්නේ.... හිතන්නෙවත් නැති පුංචි පුන්චි දේවල් නිසා මහ විනාස වෙන්න පුළුවන් නේ

    අය්යේ අර බලු කුක්කට ඇතිවෙන්න කන්න දෙන්න.. පව් සත්තුන්ට කන්න නොදී හදන එක මහ පව් වැඩක්.. බඩගින්න උහුලන්න බැරුව ඌ වයර් කන්න ඇති පව් අසරණයා

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත මී ගොඩයා, පුංචු අතපසු වීමකින් හදාගන්න බැරි විනාශයක් වෙන්න පුලුවන්.
      යකෝ උඹලා ඔක්කොම අනුකම්පා කරන්නෙ බලු කුක්කටනෙ. මට අනුකම්පා කරෙන්න බල්ලෙක්වත් නෑ. :-/

      Delete
  9. මගෙ අය්යගෙ පුතා සරපයෙක් බ්‍රේක් පැඩලය යට තියාන කාරය එලෙව්ව කතාව මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ඉතින් මාතෘකාව විතරක් දැම්මෙ? ඒ කතාව කිව්වනම් කවි කාරි? :)

      Delete
  10. ඔයවගේ චාටෙර් කෙස් එකක් මටත් උන ලියල දාන්නම්කො පස්සේ. අයියේ ඔයින් ගියා නම් ඇති

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හහ් අර හෑන්ඩ් බ්‍රේක් එක අඳුරන්නෙ නැති එකා. උඹට දැනටමත් උන චාටර් ටික මම කියවලා තියෙන්නෙ, උඹට වාහනයක යතුරක් තියා, අල්මාරියක යතුරක්වත් දෙන්න එපා කියලනෙ කියන්නෙ, නැද්ද?

      Delete


    2. හා හා කට කට...... අයියෝ සල්ලි..... මේවා මේ ප්‍රසිද්දියේ කියන දේවල්ද අප්පා.??????? මන් ඔලුවේ ගහන් ඉන්න නැමි පනාව කාල මැරෙන්න හිතෙන්නේ මේ වෙලාවට තමි හම්මපා.... :).. මෙහෙම කිව්වොත් කෝරලේ පට්ටමත් කපෝතියි පුතෝ

      Delete
  11. මට පොඩි පුරස්නයක් තියේ! කතාව සම්බන්ධව නෙමෙයි...
    දැන් හෙන්රි අයියාගේ වස්තරේ බ්ලොග් එකෙයි(මගේ ඩෙනිම), හෙන්රි අයියාට හිතෙන හැටි බ්ලොග් එකෙයි(මට හිතෙන හැටි) ලියන්නේ එකම එව්වද?

    ReplyDelete
    Replies
    1. පූස් මේකයි කතාව. මම මේ ඩෙනිම පටන් ගන්න ප්‍රධාන හේතුව බ්ලොගර් බ්ලොග් තියෙන මගෙ සගයො අර වර්ඩ් ප්‍රෙස් එකේ කමෙන්ට් දාන එක අමාරුයි කියලා මට වාත කරන්න ගත්ත එකයි.
      මම ඒකත් නවත්තලා නා. පව්නෙ බං. අනික ඒක සින්ඩි වලයි බ්ලොග් රෝල් වලයි දැනටම තියෙන එක හන්දා මම ඒකෙන් ලින්ක් එකක් දානවා මේකට.

      ඩෙනිම අලූත්ම කතාවල් සහ මට හිතෙන හැටි එකෙන් සංක්‍රමණය කරන පරණ කතාවලුත් දෙකම දානවා.
      උඹට කම්මැලි නම් ඩෙනිමට වරෙන් කෙලින්ම!

      Delete
  12. අපේ හමුදාවේ තියෙන්නේ ඉස්තරම්ම වාහනනේ. :D :D :D
    එව්වා කවදාවත් පාරේ කැඩෙන්නේ නෑනේ :D :D :D :D :D
    එව්වා කැඩිලා මහරෑ එළිවෙනකල් අපි කවදාවත් පාරේ රස්තියාදු වෙලා නෑනේ. :D :D :D :D :D :D :D

    ඒ නිසා මම මගේ කාර් එකේ ප්‍රථමාධාර කට්ටලයක් ගෙනියනවා. හමුදාවේ තියනවා FAMTO කියලා දෙයක්. ඒ කියන්නේ First Aid Mechanical Transport Outfit = FAMTO. අමතර බල්බ්,ඉන්දන,ෆිල්ටර්,වැනි දේවල් ගොඩක් ඊට ඇතුළත්. මගේ වාහනයේ අදටත් FAMTO BOX එකක් තියනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අපේ හමුදාවේ තියෙන්නේ ඉස්තරම්ම වාහනනේ. : එහ්හෙනං, එහ්හෙනං, විචාරක තුමෝ :D
      එව්වා කවදාවත් පාරේ කැඩෙන්නේ නෑනේ - නැතුව නැතුව! :D
      එව්වා කැඩිලා මහරෑ එළිවෙනකල් අපි කවදාවත් පාරේ රස්තියාදු වෙලා නෑනේ. - පිස්සු කතාකරනවද?

      (දවසක් මම බලා ඉන්දැද්දි හමුදා ට්‍රක් එකක ටයි රොඩ් එක ගැලවුනා හසලක පල්ලමේදි. මම ඈතට දැකලා අත වනලා කෑ ගැහුවාම තමයි නවත්ත ගත්තෙ)

      Delete
  13. දැන් තමා වෙච්ච දේවල් හරියටම දැන ගත්තෙ...ඒ දවස්වල මම පොඩි නිසා වුනේ මොකද්ද මතක නෑ...ඒත් මේ දේ වුනේ මල ගෙයක් ගාව කියලා නම් හොදට මතකයි....මම ගෙදර ඇවිල්ලත් කාමරේකින් තව කාමරේකට යන්න බයේ හිටියෙ මිනිය අපිත් එක්ක කාර් එකේ නැගලා ඇවිත් ඇති කියලා :D :D :D

    හරිම වටින පාඩම් ගොඩක් තියෙනවා...පහලින් ලියලා තියෙන වැදගත් කරුනු ඔක්කොටම වඩා වටිනවා...මම නම් මේවා කොහේ හරි ලියා ගෙන තියා ගත්තත් පාඩු නෑ

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්නකො ඉතින්,. මටනම් මළගෙයක් තිබුන බවක් මතකත් නෑ ඕං! :O

      Delete
  14. පාක් ලයිට් පරිපථයට අදාල විලායකය (Fuse) නියමිත අගයෙන් තිබුනානම් මෙවනි අනතුරක් සිදුවීමෙ හැකියාව ඉතාම අඩුයි නේද ?. රථවාහන විතරක් නෙවෙයි නිවසෙ විදුලි පරිපථ සම්බන්ද do it your own අලුත්වැඩියාවන් වලදී අපේ නොසැලකිල්ල නිසා හෝ සමහර මකබාස්වරුනගෙ ප්‍රමිතියකින් තොර අලුත්වැඩියාවන් නිසා අපි නොදන්න අනතුරු කීයක් නම් අප වටේ ඇත්ද? වාහනයෙ විදුලි පරිපථය ගැන වැඩි විස්වාශයක් නැත්නම් මෙන්න පොඩි විසදුමක්. මේකෙන් සම්පුර්න පද්ධතියම හදිසියකදී විදුලියෙන් විසන්දි කරන්න පුලුවන්.
    http://www.ebay.com/itm/Battery-Disconnect-Kill-Cut-Off-Switch-Solid-Brass-300AMPS-Car-Truck-Terminal-/280850579233?pt=Motors_Car_Truck_Parts_Accessories&hash=item4163ffbf21&vxp=mtr

    මේ තව එකක්

    http://www.ebay.com/itm/2-UNIVERSAL-BATTERY-TERMINAL-CUT-OFF-KILL-SWITCH-DISCONNECT-SWITCH-LINK-NEW-/120998017354?pt=Motors_Car_Truck_Parts_Accessories&hash=item1c2c0b394a&vxp=mtr

    ReplyDelete
    Replies
    1. රීඩර් බොහෝම ස්තුතියි මේ ලින්ක් දෙකට. කිල් ස්විච් එකක වටිනාකම කියන්න බෑ.

      අර කිව්වත් වගේ කවුරු හරි බාස් කෙනෙක් කරපු මකබාස් වැඩකින් තමයි ඕක වුනේ. DIY Dude ලා එච්චර ඩැමේජ් කරන්නෙ නෑ රීඩර්. මක බාස්ලා තමයි වැරදි ‍ෆියුස් ගහන්නෙ, කම්බි දාලා ෂෝට් කරන්නෙ, ‍ෆියුස් බයිපාස් කරලා හොර ලයින් අදින්නෙ වගෙ වැඩ කරන්නෙම. මමත් හිතන්නෙ එහෙම කෙලියක් තමයි. නැතිනම් ‍ෆියුස් එක ගිහින් නතර වෙන්න එපායැ. වැඩේ ඕක සෙකන්ඩ් හෑන්ඩ් කාරෙකක්නෙ. කලින් අයිතිකාරකා මොනවා කරලා තියනවද කියලා කවුරු දන්නවද?

      Delete
    2. ඔය කිවුව වගේ බූරුවෙක් හන්දා මගේ බයික් එකත් ගිනිගත්තා. පියුස් එක වෙනුවට තිබුණෙ කම්බියක්. ඒ ගින්නේ පශ්චාත් ආපදා තවම විඳවනවා. :(

      Delete
  15. වටින කියන අදහස් ටිකක්... මම හිතන්නෙ කුඩා ගිනි නිවනයක් ගෙදරක එහෙම නැත්නම් වාහනේක තියෙන්නම ඕන... ගින්න නිවා ගන්න බැරිවුනොත් සේරම ඉවරයි...

    ReplyDelete
    Replies
    1. කයිය ගැහුවට මමත් මේ පාර එකක් ගන්නම ඕනෙ. ඔව් ලකී ගින්න නිවාගන්න පුලුවන් උන නිසා තමයි ඔයින් ගියේ. මම දැකලා තියෙනවා එහෙම බැරිවෙච්ච වාහන ගිණි ගන්න හැටි. ටයර් පුපුරන්නෙ ඩෝං ගාලා. අම්මෝ!

      Delete
    2. මම දන්න විදියට ගොඩක් රටවල වසරකට සැරයක් වාහනේ බලපත්‍රය අලුත් කරන ටෙස්ට් එකේදී, කල් ඉකුත් උනේ නැති ගිනි නිවනයක් තිබීම අනිවාර්යයි...

      Delete
  16. බලු පැටවු දත් එන කාලෙට ගොඩක් දේවල් හප කරනව. අපේ ලොකු අම්මලාගෙ ගෙදර හිටිය බලු පැටිය හප කරේ අළුතින් ගත්ත මොබයිල් ෆෝන් එකක්.

    මාත් වැරදීමකින් එක සැරයක් පවර් ස්ට්‍රිප් එකක (+) (-) එකතු කරල පාස්සල තියෙනව. ඊට පස්සෙ වෙච්ච හරිය හිතාගත්තැහැකිනෙ...?

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්, හිතාගත් හැකි! බලං ගියාම මකබාස් වැඩක් නොකරපු එකෙක් නෑ වගේ නේ?
      අර මෝබයිල් ෆෝන් එක ගැන කතා නොකර ඉමු නේ? වැඩක් නෑනෙ! උන්ගෙ දත් එනවට දුප්පත් අපිනෙ පලි!

      Delete
  17. වටිනා ලිපියක් හෙන්රි අයියා... Volks wagen Jeta එක්ක නේද ඔයාගෙ වාහනේ... මමත් මගේ බයිසාමොටෝවෙ වයර් වලින් ඔය වගේ පරිප්පු සෑහෙන්න කාලා එහි විදුලි පරිපථය ගැන දැන් යම්කිසි අවබෝධයක් ලබාගෙන තියෙන්නෙ...

    බයිසිමොටෝවෙ ප්ලග් එකට යන වයරය අතින් අල්ලගෙන කික් කලා වගේ ආතල් එකක් දැනෙන්නෙ ඇති නේද එදා බොනට්ටුව අස්සෙන් දුම් දානකොට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා. මේ දාලා තියෙන පින්තූරෙ Volkswagen Golf එකක්. මගෙ සිහින කාර් එක කාලයක්. නමුත් මගෙ තිබ්බෙ වෙන යුරෝපියන් කාර් එකක්. ඔය වගෙම. ඒක හොඳයි සිරා, කරලම ඉගෙන ගන්න එක. ඕකට කියන්නෙ Hands on experience කියලනෙ.
      මේ පස්සෙ අර මුල් ඇඳුමෙ ප්ලෑන එවන්න එවන්න මට ඊයක් එවහං මෙන්න
      මේකට.
      henry_jayawardene@yahoo.com

      Delete
  18. උගත් පාඩම් ටිකනම් හරිම වටිනවා ඩූඩ්. මමම මේ අත්දැකීම ලැබුවා වගේ හිතෙන්ඩ ලියලා තියන නිසා මට දැන් නිකන් මේක මට උන සිද්ධියක් වගේ..

    මම් මේ දවස්වල මෙහෙ ඩ්‍රයිවින් ලයිසන් එක ගන්ඩ වලිකනවා.. තියරි ක්ලාස් වලදි පුන පුනා කියපු අංග දෙකක තියනවා ඩූඩ්ගෙ උගත් පාඩම් ලයිස්තුවේ.. ඒ තමා;

    කුඩා ගිණි නිවනයක වටිනාකම කියලා නිම කරන්න බෑ.
    වැඩිපුර ‍ෆියුස් වාහනේ තියාගන්න.

    අවසාන වශයෙන් ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. හයියෝ, වැඩේ පහසුවෙන් කරගැනීම සඳහා මෙහෙන් එක්සැමිනර්ලා ගෙන්නලා ඔහේ රස්සාව දුන්නම් ඉවරනේ. වැඩිය කරදර වෙන්න ඕනේ නෑ එතකොට. ලයිසන් ගන්න පුළුවන් කිලෝ ගානට.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    2. උඹට එක පාරින්ම ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්න ලැබේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා.
      ඔව් සෙන්නා, ඔය වගෙ සර්වයිවල් කිට් එකක් ඕනෙ. අර මං කිව්ව ඩබල් ස්පෙයාවීල් ක්‍රමෙත් හොඳයි. ඒ වගෙම ‍ෆියුස් තිබ්බටම වැඩක් නෑ බං. ඉස්සෙල්ල ‍ෆියුස් යන්න හේතුව හොයාගෙන වරද හදලා හරි අගය තියෙන ‍ෆියුස් එක දාන්න ඕනෙ. ඒවයෙ පාටත් තියෙන නිසා ලේසියි.

      Delete
    3. විචාරක මහතා,

      ඇත්තෙන්ම මෙහෙ බලපත්‍රය ගන්ඩ ආවම තමා දැනගත්තෙ ලංකාවෙ කරන්නෙ මොන බොරුවක්ද කියලා.. ලන්කාවෙ ඇක්සිඩන් දවසින් දවස වැඩි වෙන එක පුදුමයක් නෙමේ..මෙහෙ මාර ක්‍රමවත් වැඩ පිළිවලකට සැකසුනු පාඨමාලාවක් කිව්වත් නිවැරදියි...අපේ ඔය ජරාව අරන් ඩ්‍රයිවින් පුළුවන් බැරි හැම එකාවම පාස් කරන ක්‍රමේ කවදා නතර වෙයිද ? මෙහෙ ඩ්‍රයිවින් ලයිසන් එක ගන්නවා කියන්නෙ උපාධියක් ගත්තා හා සමානයි..

      ඩූඩ්,

      සුබ පැතීමට ස්තූතියි. බලමු එක පාරින්ම පුළුවන් වෙයිද කියලා.. මේ දවස් වල කුකුළා අතින් අරන් පුරුදු වෙන්න යනවා එක පාරින්ම ගොඩ යෑමෙ අරමුණින්.. :-)

      ඔයා හරි ඩූඩ්, මම ඔය පොඩි සඳහනක් විතරයි කළේ, ඔය වගේ තව ගොඩක් කරුණු කියලා දුන්නා..

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  19. අම්මෝ මදැයි අප්පා ඔයින් ගියා..
    ගොඩක් හොඳ උපදෙස් ටිකකුත් තියෙනවා අපිට.
    (ඇති යන්තම් මේද සැරේ කතාව එකෙන්ම ඉවර කරලා)
    ජය වේවා!!
    සිනා බෝ වේවා!!

    ReplyDelete
    Replies
    1. අන්න පොඩි පණු ටොක්කකුත් ඇනලා. මේක මගෙ කතාවනෙ. මේකෙ මොකටද කොටස් දෙකක්? අර කැමරා සිහිනය සැබෑ වේවා! අමාරුවෙන් ලබාගන්න දේක අගේ වැඩියි පණුච්චි!

      Delete
  20. දවසක් මමත් කාර් එකෙ වයර් පුට්ටුවක් කරන්න ගිහින් පිපිරීමක් වෙලා කර ගඳක් එහෙම ආවා. මම හිතන්නේ මම බැටරිය හරි පැත්තට තියන කොට කාර් එක වැරදි පැත්තට තිබිල තියෙන්නේ. :D

    වෙලාවට පිච්චිලා තිබුනේ මොකක්දෝ පොඩි ගැජට් එකකුයි , ෆියුස් ටිකකුයි විතරයි.

    මාව ඒ DIY ප්‍රොජෙක්ට් එකට සෙට් කලේ මී අප්පුහාමිලා. මී කරදරේ එන්න එන්නම වැඩි වීමත් , කිසිම වෙනත් ප්‍රතිකර්මයක් පුස් / මී කතුරු/ මී පෙට්ටි සාර්ථක නොවීම නිසා අවදානමක් අරගෙන (උන් ඇතුලක මැරුනොත්) පොඩි කෑමක් උන්ට තිබ්බා. ඒකෙන් ඒ වැඩේ හරි ගියත්, අනාථ මී පැටවූ දෙන්නෙක් කාර් එක ඇතුලේ ඉතිරි උනා. දවස් කීපයක් උන්ට කිරි පිටි (දිය නොකර) දී දී තියා ගත්තත් කොහේදෝ යන පුසෙක් ඇවිත් ප්‍රොජෙක්ට් එක අවසන් කරල ගිහින් තිබුන.

    ReplyDelete
    Replies
    1. බැටරිය හරි පැත්තට තියන කොට කාර් එක වැරදි පැත්තට තිබිල තියෙන්නේ. :D සම්පූර්න ඇත්ත. එහෙම්පිටින්ම එකඟයි. ඒත් ඔය ටර්මිනල් දෙකක් සයිස් දෙක නේද?

      රාමා, මට ඔහොම වැඩේදුන්නෙ මීයො විතරක් නෙවෙයි ලේන්නුත්. එක පාරක් නෙවෙයි තුන් පාරක් දුන්න අර ගරාජ් ඩෝර් මෝටරේකට. පස්සෙමම කරපු වැඩේ පස්සෙ බ්ලොගේ දාන්න ඉන්නෙ.

      හෝව් හෝව් රාමා, මට බ්ලොගර් අවුලක් තියෙනවා. මම රාමාගෙ කලින් කමෙන්ට් එකට දාපු රිප්ලයි එකෙත් ඒක කිව්වා. පොඩි සපෝට් එකක් ඕනෙ. මට මේල් එකක් එවාපංකො අර උඩින් සිරාගෙ කමෙන්ට් එකට දාලා තියෙන ඇඩ්‍රස් එකට.

      Delete
    2. ඊ මේල් එකක් දැම්මා අයියේ. අර වැඩේට පාවිච්චි කලේ මමම පුට්ටු කර ගත්ත වයර් ටිකක්.. :)

      Delete
  21. //තමන්ගෙ ගමනත් නවත්තලා, තමන්ට අදාල නොවන මේ උදව්වත් කරපු, ඒ වගේම, තමන්ගෙ විෂය පථයෙන් බැහැර ක්ෂේත්‍ර ගැන පවා මනා අවබෝධයක් තියෙන මේ වගෙ මිනිස්සු රටකට වාසනාවක්! //
    සම්පූර්ණ ඇත්ත...
    අර පසු වදනෙ තියෙන කරුණු ටික නම් හරිම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම එහෙමමිනිස්සු හුඟක් ඉන්නවා. අපිට අහම්බවෙන්නෙ නෑ Chams ඒකයි අවුල.

      Delete
  22. මේ කතාව කියවනකොට මතක් වුනේ අර වෑන් එකක් ගිනි අරගෙන වෙච්ච විනාසේ. කතාව පුරාම ගන්න ඕනේ ආදර්ශ ගොඩක් තියනවා, අර අන්තිමට සාරාංශ කරලා දාපු පොයින්ට් ටික නම් 100% වැදගත් වෙනවා. ඩුඩ් අයියා කතාව ලියන විදිහට අමතර වෙහෙසක් වැය කරන්නේ නැතුව නිදහසේ කතාව කියවන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. වෑන් එකේ කතාව මම දන්න නෑනෙ. පැතුම් බොහෝම ස්තුතියි. මේ ඒක නෙවෙයි. අර සිතුම් පැතුම් එකේ තියෙන අකුරු ලොකු කරන විජට් එක මම දාන්න හැදුවා. හරි ගියේ නෑනෙ.

      Delete
  23. හොදම හොද වැඩේලු ඈ.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඕං බලහංකො රෙජෙක් කිව්ව කතාවක්! තව පොඩ්ඩෙන් හම්බවෙනවා රාජ සම්පත්, හුම්!

      Delete
  24. බවුවට අනින්න තිබ්බෙ ටොක්කක්.... හැබැයි අනිවාර්යයෙන්ම බුවා දැක්කාම හිතේ තිබ්බ මහන්සිය කේන්තිය නිවෙන්න ඇති.... අපිටනම් එහෙම එකක් තියෙනවා අපේ බුවී දැක්කාම.... එක අතකට ඌ බලු වැඩ නොකර අහවල් වැඩ කරන්නයෑ

    ReplyDelete
    Replies
    1. ඔව් බං නරකයා. බලාපංකො මූනෙ හැටි. ඉතින් කොහෙද ටොකු අනින්නෙ?

      Delete
  25. හොදවයින් දෙකක් කියන්න හෙට එන්නයි ඉන්නෙ... දැන් වෙලාව අවුල්. හැබැයි නියම ලිපිය!

    ReplyDelete
    Replies
    1. හික් හික්, ආ හෙට ඇවිල්ලා කියාපංකො එහෙනම්!

      Delete
  26. It's a good lesson for all of us who do things in a hurry.As you said it's our duty to help others when they are in trouble as we don't know when we'll need their help.You are lucky to be able to save your lives without a fatal accident.

    ReplyDelete
    Replies
    1. That's right Blue Lotus. We never know when we need the other guys help. Well, Thanks for the comment.

      Delete
  27. හෆ්ෆා...ඔව්වා මහ බලු වැඩ නේද....බල්ලටත් ඕනි නැති දෙයක් නෑ...

    ReplyDelete
    Replies
    1. බලූම බලු වැඩක් තරුවා. ඒ වුනාට එදා රෑ පාරෙ බස් එලෙව්වෙත් ඔක්කොම වගෙ උං තමයි!

      Delete
  28. මේ සැරේ ලංකාවට ගියපු වෙලේ ගෙදර හැමෝමත් එක්ක කතරගම ගියා එද්දී වාහනේ පොඩි ප්‍රශ්නයක් වුනා වාහන හදන ගැරේජ් බාස්ල වැඩේ ගැන ඒ හැටි උනන්දුවෙන් කලේ නැහැ මොකද පොඩි දෙයක් නිසා. අමාරුවෙන් තව කිලෝමීටර් 10 වගේ යද්දී තිබුන බයිසිකල් හදන තැනක් එතන හිටපු දෙන්න වාහන ෂොප් එක ඇරලා අඬු බඩු ආයෙත් අරන් හදල දුන්නේ එහෙම කරලත් අපෙන් ගත්තේ රුපියල් 60යි.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං, අදාල උන් නෙමෙයි උදව් කරන්නෙ. ඒක නම් මාර වැඩක් තමයි. ඔය ගරාජ් බාස්ලා මටත් කරලා තියෙන හානි නම් ගනනාවක් තියෙනවා අසරණයා.
      අඩේ උඹ මේ ඩෙනිමට ආවමයි නේ?

      Delete
    2. කාලෙකින් බ්ලොග් ලියන්න පටන් ගත්තේ. මොකක්ද මේ වෙනස. මට තෙරුන්ම් ගන්න බැරුව ඉන්නේ.

      Delete
  29. ඔය පිතූරෙ තීන විදියෙ ජී ටී අයි ගොල්ෆ් ලංකාවෙ තියෙනවද?

    උඹේ ඔය ලිස්ට් එකට ජම්පර් කේබල් එකකුයි ඇදගෙන යන්න පොඩි කේබල් එකකුයිත් ඇඩ් කරහන්. මොකද දැන් වැඩිය තීන්නෙ ඔටෝ ගියර් වාහන නිසා.

    ReplyDelete
    Replies
    1. තියෙනවා ඉන්දික ඕවා VW Golf MK1 GTI 1979 / 1980 වගෙ මම හිතන්නෙ.4 door version එක තිබ්බා.

      මේක නම් මට තිබ්බ එකක් නෙවෙයි. මේක දොර දෙකේ එකක්නෙ.

      මේක වුනේ අනූ හයේ හතේ වගෙ. එතකොට කොයින්ද අපි ලඟ ඩිජිටල් කැමරා?
      ඔව් උඹ කියන දේ ඇත්ත.ජම්පර් කේබල්, ටෝ රෝප් දෙක පස්සෙ අරකට දාන්නම්.

      Delete
    2. තැන්කියු කීව මගෙ සතපහට දුන්න තැනට.

      උඹේ ඔය සීන් එක වෙලා තීන්නෙ අනූ හතරෙ වෙන්න ඕන ( ඉස්සෙල්ල ජුරාසික් පාක් ආවෙ අනූ හතරෙ ). එතකොට ඩිජිටල් කැමර තිබ්බෙ බොන්ඩ් ෆිල්ම් වල විතරනෙ :)

      Delete
  30. මැදෑ ඔයින් ගියා, මට මැවිල පේනව හෙන්රි අයිය, අරහෙට දුවනව, මෙහෙට දුවනව, දෙකට නැවිල බොනට්ටුව අස්සට හූ....ස් ගාලා ගින්න නිවන්න පිඹිනව, ආයෙම කාරෙක වටේ දුවනව, කිට්ටුව පාතින් හිටියනම් අයිය ගින්න නිවනකම් මට ආතල් එකේ බලන් ඉන්න තිබුණ. :D

    ගිනි ගන්නත් අපිට කොහෙද කාර් කටු. ඔන්න කම්පූටර් එකේ ගැජට් නම් ගිනිගන්නව අත්දැකීම් තියේ. හාඩ් තුනක් ගිනිදැල් විහිදෙමින් දැවී ගියපු හැටි මේ දැනුත් මැවිල පේනව. තව දවසක් යාළුවෙක් කම්පියුටර් එක ගලවගෙන මොකක් හරි මඟුලක් කරල “හරි මචං, වයර් ටික ගහපු හැටි හරිද බලපං“ කිව්ව. මම ඉතිං කරපු වැඩේ කර කරම “ගැහුව නම් මක්ක බලන්නද, ඕක ඕන් කරපං“ කිව්ව. ඌ ඕන් කරා විතරයි හෙන දුමක් දාගෙන ආවා පැන්න ගමන් බිත්තියෙන් ස්විච් එක ඕෆ් කරා, ඒත් කොහෙද හෙන ගහන්නැහෙ දුමයි කරගඳයි එන්න එන්නම වැඩි වෙනව, එතකොටනේ මතක් වුනේ යකෝ යූපීඑස් එක කියල. මේසෙ යට රිංගල ඒක ඕෆ් කරන කොට පෙරහැර ගිහින්. පවර් සප්ලයි එකේ වයර් තිබිච්ච තැනක්වත් නෑ, තඹ කම්බි නම් අළුත් පිට තියෙනව තැනින් තැන උණුවෙල වැක්කෙරිච්ච රබර් ලාටුත් එක්ක.

    මම නම් ඔය ඉලෙක්ට්‍රික් වැඩ ගැන මෙලෝ දෙයක් දන්නෑ අනේ. අපේ අයියට නම් ගෙවල් වයරින් කරන්නත් පුළුවන්, මට වයර් දෙකක් හරියට අමුනගන්න බෑ ඕං, මම ඒ තරම් දක්‍ෂ කොල්ලෙක්. :)




    ReplyDelete
    Replies
    1. මාත් එකෙක්ගේ හාඩ් එක පුච්චලා තියෙනවා... එතනදි මාත් කලේ උඹ ඕක අමුනගන්න දන්නැති එකෙක්ද කියලා ඔන් කරපු එක වෙලාවට එක හාඩ් එකයි හැබැයි 160 ද කොහෙද...

      Delete
    2. අර හාඩ් තුන නම් තැන් තුනකදි වෙච්ච සිද්ධි තුනක්, අන්තිමට ගියපු එක 500 GB එකක්. දැන්නම් මම මගේ මෙෂින් එක ඇරෙන්න වෙන කාගෙවත් එකක හාඩ්වෙයා පැත්තට අතවත් තියන්නෑ. සොෆ්ට්වෙයා කේස් එකක් නම් දන්න හැටියකට උදව්වක් කරනව විතරයි.

      Delete
    3. ඔන්න ඉතින් මට ඉන්න යාලුවො. උඹ දන්නවද ඔය කතාව වෙනකොට තව බ්ලොගර් කෙනෙක් ඔය හරියෙ හිටියා. ඌට වයස අවුරුදු දහයන් විතර වෙන්න ඇති. දන්නවනෙ බුවා. අර උඩ කමෙන්ට් එකකුත් දාලා තියෙන්නෙ.
      ඔය උඹත් කොරලා තියෙන්නෙ. බලං ගියාම මුං ඔක්කොම මකබාස්ලනෙ. දන්නෑ කියන්නෙ නැතුව ඉගෙන ගනිංකො වයර් එකක් වත් අමුණා ගන්න.

      Delete
  31. මට මතක් වුනේ ඩුඩිතුමා කාලෙකට කලින් ලියලා තිබ්බ මේ වගේ කතාවක්.අර මැප් එකක් එහෙම දාලා පැහැදිලි කරලා තිබ්බේ කතාව.මේ විදියේ ඉවසීමක් තියෙන එක නම් සෑහෙන්න වටිනවා.මට නම් නැත්තෙත් ඕකමනේ.

    උදව්කරපු මනුස්සයනම් හැබෑම වැඩකාරයෙක්.ඒ වගේම උතුම් මනුස්සයෙක් කියතෑකි.අන්න ඒ වගේ මිනිස්සු තාමත් අපි අතර ඉන්න එක ගැනනම් ගොඩක් සතුටුයි... ඒක නෙමේ ඒ බලු පැටියට හරියට කන්න දීලා නැති පාටක් පේන්න තියෙනවා හෙනම කෙට්ටුයිනේ.පව් අප්පා වයර් කාලා හරි ඔහොම ජීවිතේ රැකගත්ත එක ලොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. මම කල්පනා කලේ කොයි කතාවද මේ ගැමිතුමා කියන්නෙ කියලා (හිටපංකො මමත් උඹට ගැමිතුමා කියනවා) අර බයික් එකට 2T දාලා කෙලවාගත්ත එකද? ඒක තිබ්බෙ HeyDude එකේ ඉංගිරිස් වලින් නේද?
      අනේ ඔව් බං. මේ බල්ලට කන්න නොදී ඉතිරි කරලා ගහපු තට්‍ටු බිල්ඩිං එකකුත් තියෙනවා කුලියට දෙන්න. හික්ස්. බොල මේ ඒ බල්ලා නෙවෙයි. මේ ඊට පස්සෙ හිටපු එකෙක්.. අරූ දුඹුරු බල්ලෙක්

      Delete
  32. ඩුඩ් අයියේ කට්ටියට පට්ට වැදගත් මේ ටික.වාහන කෙරුවාව මේ දැන් නොකලත් කරන කාලෙට වැදගත් දේවල් ගොඩක් ගත්තා
    "අර්බුදයකදී කලබල නොවී කටයුතු කිරීම වැදගත්." මේක තමා හැමදාටම වැදගත් වෙන කාරණේ

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඉස්සෙල්ලාම මම මටම උපදෙස් දීගත්තා. මම එහෙම මටම උපදෙස් දෙනවා. උඹ දන්නවද මම මටම කතාකරන්නෙ ඩූඩ් නැතිනම් හෙන්රි නැතිනම් හෙන්රියො කියලා. :D

      Delete
  33. රෑක ලයිට් නැතුව යනවා කියන්නේ බ්‍රේක් නැතුව යනවා වගේ වැඩක්. මොකද ඉස්සරහින් එන එකා හද්ද අමාරුවේ. ඒ වගේ වෙලාවකට පාවිච්චියට ගන්න රු.500කුත් ලියුම් කවරෙකට දාගෙන යන්න. නැත්නම් රස්තියාදුව වැඩිවෙයි.

    දවසක් මං ඉස්සෙල්ලා වැඩ කරපු තැන ඉඳන් (කලවාන) රත්නපුරේට ඇවිත් එපා කියද්දීම රෑ ආයේ යන්න ගියා. කරවිටදී පැච් එකක්. වින්කලයක් හෙව්වා ඒක වහලා. පස්සේ ඔපීසියේ යාලුවෙකුට එන්න කිව්වා. උගෙත් පැච් එකක්. දෙන්නම රෑ ළඟ ගෙදරක ඉඳලා (ඒක වෙනමම කතාවක්) උදේ වින්කලේට ගියා. එතන බුවා මාව දැක්කා විතරයි කිව්වා (කිව්වා නෙවෙයි කියවුනා)

    "ආ ඔයාද ඊයේ රෑ පැච් එකක් ගිහින් හිටියේ"

    කියලා. %$$@%$^&**$#$@@#%$$^% හිතුනත් වැඩේ කරගන්න ඕනි නිසයි, නොදන්නා පලාතක නිසයි කට වහන් හිටියා.

    ReplyDelete
    Replies
    1. නොදකිං, මාර කස්ටමර් සර්විස් එකක්නෙ! AKM ඒක කිව්වම මටත් මතක් වුනා මම ලයි‍ටුත් නැතුව බ්‍රේකුත් නැතුව පුශ් බයිසිකලේක පාර මැද්දෙන් ගිහින් වෙච්ච කෙලියක්. හික්ස්! පස්සෙ ලියන්නම්!

      Delete
    2. රෑක ලයිට් නැතුව යනවා කිව්වම මට කලින් අහපු කතාවක් මතක් වුනා. සමහරවිට අහලත් ඇති, නිකන් ඉන්න බැරුවට කෙටියෙන් කොටන්නම්.

      ඔය වගේම වාහනේ ලයිට් නැතුව, නගරෙන් පිට කරුවල පාරක යාගන්න බැරුව ලත වෙවී හිටපු මෑන් කෙනෙක් තමන්ට ඉස්සරකරල ගියපු කාර් කාරයගෙ පානෙං එළිය බලාගෙන පස්සෙන් තියල අල්ලගෙන ගිහින්. දැන් මිනිහත් කාර් කාරය ස්ලෝකරන තැන්වල ස්ලෝකරන්, පාගන තැන්වල පාගල ලස්සනට වැඩේ කරගෙන ගියාළු. මෙන්න එකපාරටම කාරෙක හිට්ටලු. බලාපොරොත්තු නොවුන වැඩෙන් අපේ බුවා ගිහින් පස්සෙන් ‘දොහ්‘ ගාල හාද්දක් දීලම නවත්තගෙන. උගේ වැරැද්ද පැත්තක තියෙද්දි මෑන් වාහනේ ඉඳගෙනම කාර් කාරයට හෙන සද්දයක් දානවලු “ඇයි ඕයි ඔහොම හිතුන හිතුන හැටියෙ පාර මැද වාහන නවත්තනවද“ බ්ලා .. බ්ලා .. කියල. කාර් මෑනුත් දඩබඩ ගාල බැහැල අරූ ළඟට ඇවිත් දැම්මලු සද්දයක්,

      “මගේ ගෙදර මගේ ගරාජ් එකේ මගේ වාහනේ නවත්තන්න මම මොන ලබ්බකටද යකෝ කාගෙන්වත් අවසර ගන්නෙ“.

      Delete
    3. හෙහ් හෙහ් DDT මමත් ඔය කතාව අහලා තියෙන්නෙ අපේ තාත්තගෙන්. හිතලා බලාපං කොයි කාලෙ වෙච්ච එකක් වෙන්න ඕනෙද කියලා. අපේ තාත්තත් කතා ෆැක්ටරියක්. ඕක අහනකොට මට මැවිලා පේනවා සිද්ධිය. හැබැයි එල කතාව නේ?

      Delete
  34. කියන්න කණගාටුයි... ඒ වගේම සංතෝෂයි... ඒවගේම ලැජ්ජයි... ඒ වගේම ආඩම්බරයි... මගේ සර්වයිවල් කිට් එක මොබයිල් ෆෝන් එක තමයි... ඒකේ ඉන්නවා අපායට උනත් එන යාළුවෝ කීපදෙනෙක්...
    මෙච්චර කල් තුන්පාරක් මඟ හිටලා තියෙනවා, තුන්පාරම උන්ගෙන් මොකෙක් හරි ඇවිල්ලා තියෙනවා මාව ගන්න...

    ReplyDelete
    Replies
    1. අන්න වාසනාවන්තයෝ. ෆෝන් චාජර් එකක් වාහනේ ඇතිනෙ නේ? :D

      Delete
  35. කතාව කියවගෙන යද්දී [ෆිල්ම් එක ගැන එච්චර මීටර් උනේ නැහැ]මම හිතුවේ ලංකාවට ගිහිල්ලද කියල.අවුරුදු 15කට කිට්ටු දෙයක් මතක හිටින එකත් ලොකු දෙයක්නේ මචන්!දීල තියෙන උපදෙස් ටිකත් වටිනවා.ලංකාවේදී නම් ඔයිල්,වතුර,බැටරිවතුර බලනවා ඇරෙන්න වෙනදෙයක්නම් කරන්න ගියේ නැහැ.මෙහෙනම් ෂෙඩ් එකට ගියාම වාහනේ බල්බ් ,වයිපර් [පවුල නෙමේ]බ්ලේඩ් එක පවා ඔවුන් සොයාබලා කරන නිසා අවුලක් නැහැ.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි මට පොඩිම කාලෙ සිද්ධිත් මතකයිනෙ මචං. ඔය බල්බ් ගිල්ල ඒවා හෙමත් ලියලා තියෙන්නෙ. කෙන්ජි කිව්ව කතාවට මට මතක් උනේ ඔය වගෙ කාර් එක පිරවුම් හලේ නවත්තපුවාම එකෙක් වින්ස්ක්‍රීන් එක පිහදාන්න හදන කොට වාහනේ එලවපු හස්බන්ඩා කියනවාලු අර බුවාට "Clean that side. Most of the driving is is done on that side!" කියලා වයිෆ්ගෙ පැත්ත පෙන්නලා.

      Delete
    2. මේක නං ඇත්ත කතාව ඩූඩ් අයියේ.. අපේ මහත්තයගේ ගෙදර කට්ටියත් එක්ක ගමනක් යන්න ගියාම මට එපා වෙනවා.... වීල් එකේ ඉන්න ඩ්‍රයිවර් ඇරුනම අඩුම ගානේ තව දෙන්නෙක් වත් වාහනේ එළෝනවා.. මගේ නැන්දම්මයි නෑනයි... හි හි...

      හපෝ... මම නං ආසම නෑ එයාලත් එක්ක ගමන් යන්න.... අපේ නං එළොන කෙනාට පාඩුවේ ඒ වැඩේ කරගන්න දීලා නින්දක් ගහගෙන තමා ඕනෙ දිහාවක යන්නේ.... මේක නං මළ කරදරයක්......

      Delete
    3. හිරු දන්නවද අර මහත්තය නෝනට බිත්තර බදින හැටි උගන්නපු කතාව?

      Delete
  36. මේ කතාවෙන් ගන්න ඕන පාඩම් ලේඛකයාම අපට ඉදිරිපත් කරලා ඉවරයිනේ. ඒ උනාට ලොකුම පාඩම තමයි. නොදන්න මලදාන කොරන්න යන්නේ නැතුව දන්න කෙනෙකුට කියලා කරගන්න එක. ඕක අපේ කැත් අපුරුද්දක්. වෙලාවයි මුදලුයි ඉතුරු කරගන්න ගිහින්. අන්තීමෙදි ඒ දෙකම නැති කර ගන්නවා...

    ReplyDelete
    Replies
    1. හනේ එහෙම කියන්න එපා බං මාතලං. සමහරුන්ගෙ ඇ‍ඟෙන්ම එනවා තාක්ෂන ඥානයක්. ඒ නැතත් මම මෝටර් එන්ජිනියරිං ඉගෙනගෙනත් තියෙනවා. හැබැයි මෙකැනිකල් සයිඩ් එක මිසක් ඉලෙක්ට්‍රිකල් සයිඩ් එක නෙවෙයි. මේකත් වෙච්ච පොඩි අතපසුවීමක් ඕනෙ කෙනෙකුට වෙන්න පුලුවන්. ඔය අදාල බුවාලටම දීලා උන් කෙලින පිස්සුවලින් මම දැනුත් කොච්චර මට්‍ටුවෙනවද කියලා වෙනම බ්ලොග් එකක් ලියන්න පුලුවන්. :D

      Delete
    2. එහෙමනම් අවුලක් නෑ. සාමාන්‍යයෙන් ලංකාවේ උන්ගේ වටිනාකමත් ඒකයි. වෙන රටවල උන් අපේ ටැලන්ට් දැක්කම බය වෙනවා. ඇයි හැම දානෙම දන්නවා නේ. නමුත් අපේ නරක් පුරුද්දක් ගැනයි මම ලිව්වේ. සමහර වෙලාවට මක බාස් වැඩත් කරනවනේ....

      Delete
  37. අම්මෝ මාර අත්දැකිමක්නේ . අපි බනිලගේ සීයාගේ කාරෙක බලෙන් වගේ ඉල්ලගෙන තනියම තමයි පැණි හඳේ ට්‍රිප් එක ගියේ . ඔන්න නෙලුන් දෙණිය හරියේදී පිටිපස්සෙන් දුම් දානවා . සයිලන්සරේ ලෙඩක් . පොඩි ගරාජ් එකක කෙනෙක් පැය ගානක් අරගෙන හදල දුන්නේ . මේක සර්විස් කරලා හෙම නැහැලු අවුරුදු ගානකින් . වාහනේ කලින් සර්විස් නොකළ එකට දඬුවම .

    වහනයක් කියන්නේ හොඳ වගේම මහා කරදරයක් නේද . මෙහෙ අපට වාහන පදවන්න එපා කිව්වා සේවා ආයතනයෙන් . මොකද පොඩි හරි අනතුරක් වුනොත් හැපුනකෙනාට ජීවිතේටම මෙඩිකල් බිල් ගෙවන්න වෙනවා .

    ReplyDelete
    Replies

    1. බින්දිගෙ කතාව කියවනකොට මම ඒත් බැලුවා යකෝ පිටිපස්සෙන් නැතුව වෙන කොහෙන්ද දුම් දාන්නෙ කියලා. හික් හික්. වාහනයක් මහා කරදරයක් කිව්වට, ඒකට ඇබ්බැහි වුනාම නැතුව බැරි එකක්. ඒ නැත්ත සතෙක් හැදුවත් ඒකත් වගකීමක්නෙ නැත්ද?

      මගෙ අම්මෝ අරක මාර නීතියක්නෙ. එතකොට ඉන්ෂුවරන්ස් කම්පනි වලින් එවන්නෙ නැත්ද? ඒ වගෙම ලෝකල්ස්ලටත් ඒ නීතියමද? එතකොට බින්දිලාට තානාපති වරප්‍රසාද නැත්ද?

      Delete
    2. නිති කියන්නේ හෙන්රි හැපිලා කෙනෙක් මැරුණත් නවත්වන්නේ නැත්තේ ඕකයි . නිදහස් සෞඛ්‍ය නැති නිසා රෝහලකට ගෙනියන කෙනා අමාරුවේ . හැමෝටම රක්ෂණ නම් ඇති. ඒ වුනාට ඕවා කරදර වැඩ . තානාපති ...?? අපොයි අපි මේ කොම්පැනි වල රස්සා කරන අයනේ .

      කොම්පැනියෙන් වාහනෙයි රියදුරයි දීලා තියෙනවා . අනික ෆැක්ටරිය තියෙන්නේ මාර දුරක . මන් තුමී ඉතින් ටැක්සි තමයි වැඩිපුර . අපාර්ට්මන්ට් එකෙත් ශටල් බස් එකක් දුවනවා ඉස්කෝලෙට සහ නගරයට . පොඩි පොඩි දුරවල් කකුල් දෙකින් . ඇඟටත් හොඳයිනේ .

      ඔය දුම් දාන වැඩේ තව දවසක් වුනා . නිවාඩුවකට ගිහින් නුවර ගිය වෙලාවේ. එකත් ඉතින් සීයාගේ කාරෙක . හැබැයි මේක වෙන එකක් . උන්දා ඔය හන්දියට යන්නයි පන්සල් යන්නයි මිසක් වෙන කොහේ යන්නද . සර්විස් එක ගේ ළඟ . මේ අසරණ කාර් කට්ට ඒ පැත්තේ යන්නේ හාවා හඬ දකින්න වගේ . නුවර ගමන අපුරුවට අල වුනා . ගිය වෙලේ ඉඳන් වාහනේ රෙපෙයාර් කල එක විතරයි.

      Delete
  38. ඩූඩ්,
    මුලින්ම මට තිබුනේ ටොයොටා කොරල්ලා වගේ එකක්. ඒක පැදලා පැදලා එපා වුනාම පැත්තකට දාලා ගෙනාවා පෙජරෝවක්. ඊට පස්සෙ නයිට් රයිඩර් කාර් එක වගේ මොඩිෆයි කරපු නියම භාණ්ඩයක්. මම ඒකේ දොරවල් ඇරගෙනත් පඳිනවා. හැබැයි ඩූඩ් මට වුනේ උඔට වෙච්ච එකේ අනික. දවසක් බලද්දි මොඩිෆයි කරපු කාර් එකේ වයින් හිරවෙනවා. බලද්දි මගේ සෙල්ලම් බඩු ටික දාලා තිබුනු පරණ ෂෝ කේස් එක පිටිපස්සෙන් මීයෙක් ඇවිදින් වාහන වලට වැඩේ දීලා. එකක්වත් වැඩ කරන්නෙ නෑ. සමහර ඒවල ප්ලාස්ටික් කොටස් ඔක්කොම කාලා. ඒ හින්දා මම සෑහෙන්න පරිස්සම් උනා වාහන සත්තුන්ගෙන් ‍බේරාගන්න.

    ඊට සෑහෙන කාලෙකට පස්සෙ අපි ඈත ගමක නෑදෑ ගමනක් ගියා. ගිහින් සතියක් විතර ඉදලා ආවේ. ඇවිල්ලා බලද්දි වාහනේ බොනට් එක අස්සෙන් ජුමංජු ෆිල්ම් එකේ වගේ සැරින් සැරේ සද්දයක් එනවා. ඇරලා බලද්දි ලේන් කූඩයක්. ඒකේ හිටියේ පැටියෙක් විතරයි. අවාසනාව කියන්නෙ මම ඕක දැක්කෙ දවස් තුනකට පස්සෙ. එතකල් ඌ බඩගින්නෙ ඉදලා තියෙන්නෙ. පස්සේ අපි කූඩූව බොනට්ටුවන් අයින් කරලා ගෙදරට අරගෙන පොරට සාත්තු කලා. මේ තියෙන්නෙ එයාගේ පින්තූර.

    01

    02

    03

    04

    05

    නමුත් එයා සති දෙකක් විතර ඉදලා නැති වුනා. අම්මගේ උණුසුම නැති හින්දද මන්දා?

    තවත් දවස් ගාණක් ගියාට පස්සෙ වැස්ස දවසක මම වයිපර් දැම්මා. මෙන්න ටිකකින් හිර වුනා. කිසිම හේතුවක් නෑ. පස්සෙ බාස් කෙනෙක් දම්මලා ගලවලා බැලෙව්වා. බලද්දි මෙයාලා ඇතුලට ගෙනියපු කොහු කෙදි වයිපරේ මෝටරේ එතිලා. තවත් අලාභ හානි ගොඩයි. ඒ අතර බරපතලම එක එසීෆිල්ටර් එකෙන් කොටස් කිහිපයක් මූං අතුරු පසට අරගෙන තිබුනු එක.

    ඔය ගැන මගේ අද්දැකීම තමයි ඔය.

    අනිත් කාරණය මේ ලිපියේ වැදගත් ම කොටස තමා අර දීලා තියෙන උපදෙස් ටික. මම දැනගෙන හිටියේ ඉන්දික භයියා කියපු කේබල් එකක් තිබ්බම ඔක්කොම දේවල් හරි කියලා. ඒක හන්දා ඒ කේබල් එකට අමතරව වාහනේ තියෙන්නෙ පනාවක් විතරයි.

    ReplyDelete
    Replies
    1. පොටෝ බලන්ඩ රිස්සෝ වෙනම ටැබ් එකක ඕපන් කර බලත්වා!

      Delete
    2. බුද්ධිට තැන්කූ වේවා..
      මගේ කාරෙකේ පනාවක් තිබුන්නෑ මෙච්චර කල්..අදම කඩේ ගිහින් එකක් අරන් තියාගන්න ඕන..!!

      Delete
    3. මමත් ඉස්සෙල්ලම මගේමයි කියලා ගත්ත වාහනේ නිල්පාට ෆෝඩ් මස්ටෑං එකක්, වමෙන් පැදවීම. මමම හම්බ කරපුවා කිව්වෙ මම පාරෙ තිබිලා රුපියල් දහයක් ඇහිලුවා. පස්සෙ ඒකෙන් ඕක ගන්න අම්මා අවසර දුන්නා අයිතිකාරයෙක් නැතිවුනාම. ඒක මේ ලඟක් වෙනකල් තිබ්බා. දොරවල් නම් අරින්න බෑ.
      උඹත් ටිකක් ආචාර්‍ය අදිකාරම් කරන ජාතියෙ වැඩ කරන පුද්ගලයෙක් නේ? ඒ ආචාර්‍ය වරයත් කාරෙකේ මීයො කියලා කාරෙක උන්ටම දීලා පයින් ගියාලුනේ. අර පින්තූර ටිකෙන් මම ආසාම අර අන්තිම එක. මටත් ඔහොම වැඩක් දුන්නා මීයෝ නෙවෙයි ලේන්නු ගරාජ් ඩෝ එකකට. යන්තම් මමම ගොඩ දාගත්තා.

      Delete
    4. රූ,
      නෑ මං මේ කල්පනා කලේ ඕගොල්ල හැන්ඩ් බෑග් එකේ වාහනේක බඩු දාගන්න එකේ වාහනේට පනාවක් විතරක් දාගෙන කෝම හිත හදාගනීද කියලා? :P

      .....................
      ඩූඩ්,
      ඒ කාලේ තිබ්බ ලොකුම පිස්සුව දොරවල් අරින්න පුලුවන් කාර් එකක් අයිතිකරගන්න එක. උඔටත් තියෙන රථ ගායේ හැටියට මම හිතන්නෙ ඔයි වගේ මොකක් හරි මේනියාවක් තියෙන්න ඇති මගේ හිතේ.

      Delete
  39. කථාවෙනුයි, කෙමෙන්ට්ස් වලිනුයි ගොඩක් දේවල් ඉගන ගත්තා.... මීට සති 3ක‍ට විතර උඩින් මටත් ඔය විදියෙම වැඩක් උනා..

    කාරෙකේ බැට්රි බැහැලා, තව වාහනේකට වයර් 2ක ගහලා මම දෙක මාරු කරලා වයර් 1ක අල්ලා ගින්දරත් එක්ක දුම ගියා.. මම එහෙම්ම විනාඩි 5ක් විතර බලාගෙන හිටියලු.. බාප්පා අතට තට්ටුවක් දැම්ම තමයි පියවි ලොකෙය ඇවිත් තියෙන්නේ.. කොහොම හරි ඒකෙන් වම් පැත්තේ සිග්නල් වැඩ කරන් නැතුව ගියා..

    වාහන ගැන බ්ලෝගග් කරන්නේ බනියා විතරයි නේද.. තව කරන කට්ටිය ඉන්නවද...?

    ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. හප්පච්චියේ, මල්සරාගේ කොන්ඩේ ස්පයික් වෙන්න ඇති නේ විනාඩි පහක්. :D මට මතක් වෙනවා කා‍ටුන් එකක්! බනියගෙ බ්ලොග් එකට මම ගිහින් නෑනෙ. ස්තුතියි ඔත්තුවට. මම නම් හැමදේ ගැනම වගේ ලියනවා.

      Delete
    2. මෙන්න ලින්ක් එක...

      http://garagetip.blogspot.com/

      පුලුවන්නම් අයියේ තව කාර් ගැන කථා ලියන්න..

      Delete
  40. අප්පා!! මේක නං ඉතාම වටිනා හරබර ලිපියක් ඩූඩයියෙ!! වාහනේ ගැන අන්දෝ සංසාරයක් දන්නෙ නැති අපි දෙන්නට හොඳ උපදෙස් ටිකක් මේකෙ තියෙන්නෙ...
    මේචචර හරියක් කරලත් උඹ බව්වට ගැහුවෙ නැති එක ගැන නං අයියෙ උඹට මගේ ආචාරය!!!

    ReplyDelete
    Replies
    1. කාට හරි යහපතක් වෙනවා නම් ඊට වඩා දෙයක් තියෙනවද ජනුවො. හෙහ් හෙහ්!
      ඇයි බං බව්වට ගහන්නෙ? පූසො හෙම ටොයිලට් ට්‍රේනිං කරන කාලෙට නම් දීල තියෙනවා. ඒ ඇරෙන්න එහෙම වැඩ කරන්නෙ නෑ.

      Delete
  41. කාරෙක දැක්කම බල්ල මතක් වෙනවා ඩුඩෙගේ කතාවට. හුගක් වටිනවා. මේක මං ඔයාගේ ඉංගිරිසි එකෙන් කියවල තිබුනට පස්සෙ තමා දැක්කේ මේකෙත් දාලය කියලා. ජයවේවා. එළටම ලියල තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයා. ඒකෙ කමෙන්ට් එකකුත් දාලා තිබ්බනෙ. එහෙම භාෂා දෙකෙන්ම දැම්මම ඒක අපේ ඉංග්‍රීසි ඉගෙනගන්න ආසා අයටත් හොඳයි නේද? හුඟ දෙනෙක් කම්මැලියි ඉංග්‍රීසියෙන් කියවන්න. නිකං බලන්න ඉංග්‍රීසියෙන් තමයි ඉස්සෙල්ලම ලිව්වෙ. සිංහලෙන් දැම්මෙ දවසකට පස්සෙ. නමුත් සිංහල එකේ කමෙන්ට් එකසිය ගානක්. අරකෙ 17 යි. ඉංග්‍රීසි සම්බන්ධව දේශකයාගෙ නිර්භීත කම සහ උනන්දුව මම අගය කරනවා

      Delete
  42. මට පේන විදිහට අර අසරණ බලුස්ට බැනලා වැඩක් නෑ මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන අතිගරු ඩූඩ් තුමාම තමයි.!!
    ඔවා තමයි DIY ආකල්පයේ නරක පැත්ත..හැමදේම තමන් කරන්න ගිහින් කොට උඩ ගියපු වෙලාවක්..මම නම් ඔය වයර් වැඩ කරන්න යන්නෑ දන්නවා වුනත්..අනික මොකටද තව මනුස්සයෙකුට ගාණක් හම්බකරගන්න තියන අවස්ථාව නැති කරගන්නෙ...

    මගෙන් එකතු කිරීම මෙන්න..(උඩ කමෙන්ට් වල කියවිලා තිබුනොත් සමාවෙන්න)
    1. හදිසියකදී පෙට්‍රල/ඩීසල් ගේන්න වතුර නැති බෝතලයක්
    2. ටූල් කිට් එක (මම ආපිකෝ එකෙන් ගත්ත එකේ ඩූඩ් කියපු ජාති ඔක්කොම තියනවා ග්ලව්ස් දෙකකුත් එක්ක)


    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්නකො රූත් දොස් කියන්නෙ මටනෙ.
      ඔව්, රූගෙ එකතු කිරීම් දෙකත් හොඳයි. මමත් රූගෙ කාර් කතා කියෙව්වා. අර වින්ඩ්ඩ්ස්ක්‍රීන් සම්බන්ධයෙන් හෙම.
      නමුත් මට DIY ක්‍රියාවල් සම්බන්ධයෙන් යමක් කියන්න දෙන්න.
      DIY වරදින්නෙ කලාතුරකින් හරියට කරනවා නම්. අනික ඒක ඇබ්බැහියක් වගේම ජීවිතේ රසවත් කරන තෘප්තියක් ලබාදෙන ස්ට්‍රෙස් එක අඩු කරන දෙයක් හුදෙක් සල්ලි ඉතිරි කිරීමට අමතරව. මම දැන්නම් බාස්ලටම කියලා හුඟක් දේවල් කරන්නෙ මගෙ කාලය සීමා සහිත නිසා.
      නමුත් ඔයා දැක්කද පරිකල්පනගෙ ලැපියට වෙලාතියෙන දේ එක්ස්පර්ට්ලට දීලා?

      මෙන්න නියම බාස් උන්නැහෙලා මගෙ වෑන් එකට කරපු දිවල් වලින් කීපයක්.
      අලුතෙන්ම ෂොකැබ්සෝබර් දාලා නුවර යනකොට ෂෝක් එක මගදි ගැලවුනා ඇනේ තඩහකරන්නෙ නැතුව. අලුත්ම KYB ඔරිමජිනල් ෂොක් එක ඇක්සල් එකේ වැදිලා තැලිලා.
      ඩිෆරෙන්ෂල් ඔයිල් සීල් එකක් ගහලා ඇණ තද කරලා නැතුව මම හදිසි ගමනක් යනකොට බුරුල් වෙලා ඇතුල ඩැමේජ් වෙලා හම් එකක් ආවා. මම ඩිෆරෙන්ෂල් එකත් එක්ක මුලු පස්ස ඇක්සල් එකම අලුතෙන් දැම්මා.
      ඔන්න බාස්ලා.
      දැන් මම ලඟටම වෙලා ඉඳලා යට රිංගලා ඇණ තද කරලද කියලා බලනවාමයි.
      අපි අතින් ඒවගෙ දේවල් වෙන්නෙ නෑ රූ.
      මේක මෝඩකමටත් වඩා අත්වැරදීමක්. :)

      Delete
  43. ඩුඩ් කිවුව වගේම මම රිවස්ටන් වලදී වාහනේ කැඩිල,මාර ආතල් එකක් ගත්ත.යාලුවෙක්ගෙ කාරෙකක්, පහුවෙනිද කොම්පනියෙන් ඇවිත් හදනකම්, බෝතල් එකයි , බාගයයි , බියර් කෑන් ටිකයි, රිවස්ටන් පාරෙ යන රතු කොට බස් එකේ කොන්දොස්තර මහත්තයට කියල ගෙන්න ගත්ත කෑම වලිනුයි පැය 21 ක් විතර නියම ආතල් එකක්.
    බලන්න උඩ ලයිස්තුවේ මොනවත් ඕනේ උනාද ? අපිට හොයාගන්න පුළුවන් පහසුම දේවලින් අපි වාහනය රැකගත්ත.

    ReplyDelete
    Replies
    1. අන්න වාසනාවන්තයෝ! අවාසනාව සමග ආ වාසනාව! කොම්පැණියෙන් කිව්වෙ ඉන්ෂුවරන්ස්ද, වාහන ඒජන්ට් ද? නැතිනම් මොකක්ද?
      අරවත් සර්වයිවල් කිට් එකේ තියෙන්න ඕනෙ දේවල් තමා නේ?
      යකෝ කම්මලක්ම තියාගෙනත් කොම්පැනියෙන් එනකල් හිටියද?

      Delete
    2. වාහන ඒජන්ට් ඇවිත් අපේ වාහනේ හදන්න බැලුව උන්ට එතැනදී හදන්න බැරිඋනා , පස්සෙ මේක වෙන වාහනයක දාගෙන ගෙනාව. පරණ වාහනයක් නම් මම කොහොම හරි ගොඩදානව අලුත් ඒවට අපි අත ගහනවට වඩා හොදයි හරියට ටූල්ස් තියන දන්න එකෙක් ඇවිත් හදන එක.

      Delete
  44. කතාවෙන් ගන්න තියන දේවල් ඇත්තටම වටිනවා අංකල් ඔහොම වෙලාවක..ජය!

    ReplyDelete
    Replies

    1. මේවා කාටත් කවදා හරි ප්‍රයෝජනවත් වෙයි කියලා මටත් හිතුනා හිරු.

      Delete
  45. අකරතැබ්බයක් කියන්නෙ අත්දැකීම් ගොන්නක් නේද. මට නම් මෝටර් රථ ගැන වැඩි දැනුමක් නෑ. ඒත් කරල තිබ්බ වැරැද්ද නම් බරපතලයි කියල තේරුණා.

    ReplyDelete
    Replies
    1. අකරතැබ්බයක් කියන්නෙ අත්දැකීම් ගොන්නක් තමයි ගිමන්. මම ඒත් බැලුවා මේ ඩොකාලා දෙන්න කෝ කියලා. තොටියා ආයෙම බිසිද? නැත්නම් කම්මැලි කමක් ගහලද දන්නෙ නෑනේ?
      ප.ලි: මේ වාහන සම්බන්ධ අත්දැකීම් නෑයි කිව්වට තව ටික දවසකින් කාර් පර්මිට් හෙම හම්බ වුනාම බලමුකො! හෙහ් හෙහ්!

      Delete
  46. මේ කතාවෙන් ඔබට ගත හැකි යමක් තියෙනවද?

    කාර්එකක් තියනව නම් බල්ලො හදන්න එපා.

    ReplyDelete
    Replies
    1. සරළයි සුගමයි නැද්ද රාජ්? :)

      Delete
  47. කාර් එකකුත් නෑ.. බල්ලොත් නෑ.. මන් නිදහස් ගොවියෙක් !

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා. උඹට මොකද බල්ලො නොහිටියේ? අනික කොළඹ හතේ ගොවියා?

      Delete
  48. වනජීවිතේ දි ඔය වගෙ අත් දැකීම් ඉතාම සුලභයි මචං. වාහන කැඩිලා, එරිලා කැලේ මැදදි කාපු පරිප්පු අප්‍රමාණයි.

    අලුත් ඩෙනිම එල මචෝ. ජයවේවා ... !

    ReplyDelete
    Replies
    1. නැතුවෑ බං එදා අපි අර ගමන යනකොටත් මට මතකයි අර ජීප් එකේ ‍ෆියුස් එකක් ගිහිල්ල කියලා මග නවත්තලා ලයිට් හෙම හදගෙන ගියා. මේක පටන් ගන්නකොට උඹ හිටියෙ ඉන්දියාවෙ මචං. ඒයි මචන්
      උඹ බලන්නම ඕනෙ එකක් මේ. අර චන්දන කොලුවගෙ අලි පෝස්ට් එක.
      http://chandanadm.blogspot.com/2012/10/blog-post_18.html

      Delete
    2. බෝම ස්තුතියි ඩුඩ් අයියා!!

      Delete
  49. උඹේ මේ පෝස්ටුව මම උණු උණුවෙම කියිව්වා -එතකොටත් දහයක් විතර කොමෙන්ටු දාලා හොදේ -කොමෙන්ටුවක් කොටන්න තරම් ඉස්පාසුවක් තිබුණෙ නෑ. හෙන්රි අයියේ මම කැමතිම කොටස තමයි මේ කතාවෙ උඹේ පිහිටට අම්මා ගෙනියන විදුලිපන්දම අතට ආව ආකාරය, අපේ ආත්තම්මලා ගමනක් යනකොට ගෙනියන්නේ නැති දේවල් ටික ලියන්න ලෙසි. පරම්පරාවක වෙනස.අපි අතේ තියෙන්නේ පර්ස් එකයි --ෆෝන් එකයි-

    ReplyDelete
    Replies
    1. අපේ අම්මගෙත් තිබුනා බං හෑන්ඩ් බෑග් එකක්. ඒක අපි අල්ලනවටත් කැමති නෑ. අතින් බිම තියන්නෙ නෑ. ඒක නැතුව අත වන වන යන්න බැරිලු. ඒ ටෝර්ච් එක නම් පුදුම පිහිටක් වුනා අපිට.

      Delete
  50. ඩෙනිම බලන්නමයි ආවෙ.. මේ බ්ලොගේ මරු නෙ අප්පා.. ෆලෝ කරලාවත් නෑ මං.. ඉතිං කොහෙද ඩෑශ් බෝඩ් එකේ උණු ලිපි.. මටත් පිස්සු.. :/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආගන්තුකයා. මේක ලඟදි අලුතෙන් පටන් ගත්තෙ. අදට හරියටම මාසයයි.

      Delete
  51. මටනං පාරේ අතරමං වෙලා , ඉන්න උන්ට උදව් කරන්ඩ නිතරම අවස්ථාව ලැබෙනවා, බයික් එකේ පිටි පස්සේ අයුධ පෙට්ටිය තියන හන්දා අහකබලන් නැ.සමහරක් වේලාවට උදව් කරන්ඩ ගිහිල්ලා අමාරුවේ වැටිලත් තියනවා

    ReplyDelete
    Replies
    1. උඹ එහෙම කරයි කියලා මට කිසිම සැකයක් නෑ. නමුත් සමහරු එහෙම නෑ බං අටම්.

      Delete
  52. හොඳ වෙලාවට මට නම් කාර් එකක් නැහැ :)

    ReplyDelete
    Replies
    1. හරි ඉතිං, උඹේ වයසෙදි මට තිබ්බෙත් නෑ කාරෙකක්. අමාරුවෙන් තමයි ගත්තෙ, හුඟක් දේ කැප කරලා. :)
      නිශාන්ටත් මේක ප්‍රයෝජනවත් වෙනවා කවදා හරි.

      Delete
  53. තනියම යන වෙලාවක පාලු පළාතකදී රෑක උනානම් කොහොමද... ඔයින් ගිය එක ලොකු දෙයක්..
    උබලගේ බව්වා ට දෙකක් දෙන්න එපායැ...

    මමනම් බං රෑක දාවලක කියල නැහැ. පාරේ ඔයවගේ සිං වෙච්ච උන්ට පුළුවන් විදියට උදව් කරනවා...

    ReplyDelete
    Replies
    1. බව්වාට දෙකක් දෙන්න තමයි තිබ්බෙ, නොදුන්නට!
      වාසනාවං උඹ වගෙ හිතෙන උන්!

      Delete
  54. මේ කාර් එකත් අපි හතර දෙනාව කීපාරක් එහෙම බේර ගෙන තියෙනවාද නේද? ඔයාට මතකද මෙක විකුණුවා කියලා දැන ගත්තාම චුටියා ගේ හිත හොදටම රිදිලා එයා කිව්වා මම ලොකු වුනාම එක මිලදි ගන්නවා කියලා. අදටත් එයා එක විකුණපු එක ගැන දුක් වෙනවා. :(

    ReplyDelete
    Replies
    1. පොඩි ළමයි වාහන එක්ක ලොකු අයටත් වඩා බැඳීම් ඇති කර ගන්නවා. අපේ තාත්තගේ අර පරණ බයික් එක ගැන මට තියෙන්නෙත් ඔය වගේ හැඟීමක්.

      Delete
  55. වැදගත් කරුනු සිත් ඇද ගන්න විදියට ලියල තියෙනව

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පැතුම්. මට පේන්නෙ පැතුම් කොණක ඉඳන් කියවගෙන යනවා වගේ. හොඳයි හොඳයි.

      Delete
  56. හරිම වටිනව ඩූඩයියෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පත්තර මල්ලි. වාහන පිස්සෙකු වූ උඹෙන් ලැබුන ඒ ඇගයීම මට හුඟක් වටිනවා.

      Delete
  57. යකෝ මේකට තාමත් කොමෙන්ට් වැටෙනවද?
    ඔය වාහන වලන් වෙන කටුනං කියල වැඩක් නෑ. ගොඩක්ම පරිස්සං වෙන්න ඕන විදුලි පරිපථ වලින් තමයි. මොකද ඇම්පියර් ගාන වැඩි හින්ද පොඩි ෂෝට් එකක් උනත් ගිනි ගන්න පුලුවන්.

    අපි ක්ලාස් යන බස් එකත් එකපාරක් ඔහොම වයර් ෂෝට් වෙලා ගිනි ගන්න ගියා. හොඳ වෙලාවට ඒවයෙ අයිසොලේටර් ස්විච් එකක් තියෙන නිසා ඩැයිවරයටම බටරිය ඩිස්කනෙක්ට් කලහැකි.

    ReplyDelete
  58. "එක් මහත්මා රියැදුරෙක් මට ඉස්සර කර, මට ඔහු පසු පසින් ධාවනය කල හැකි සේ හිමින් රිය පදවමින් මට මග පෙන්වීම, මට ඉමහත් අස්වැසිල්ලක් වුනා. "

    මිනිස්සු!!! හ්ම්

    ReplyDelete
    Replies
    1. අන්තිමේදි, අපි නැවත ගමනාරම්භ කරන්න සුදුසු තත්වයක හිටියා. අපි හැමෝම, අපිව ගලවාගත් මේ කාරුණික මිනිසාට මුව නොසෑහෙන සේ ස්තුති කරලා ඔහුගේ ගාස්තුවත් ගෙව්වා. නමුත් කිව යුතුම දේ තමයි, ඔහු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අපිව මංකොල්ල කන්න උත්සාහ නොකල එක. මා ඔහුට අත මොලවන්න හැදූ වැඩිපුර ගානවත් ඔහු පිළිගත්තෙ නෑ. අපි එන විට ඔහු ලෑස්ති වෙමින් හිටියෙ, ඔහුගෙ රේඩියෝ අලුත්වැඩියාපල වහලා ගෙදර යන්නයි. නමුත්, තමන්ගෙ ගමනත් නවත්තලා, තමන්ට අදාල නොවන මේ උදව්වත් කරපු, ඒ වගේම, තමන්ගෙ විෂය පථයෙන් බැහැර ක්ෂේත්‍ර ගැන පවා මනා අවබෝධයක් තියෙන මේ වගෙ මිනිස්සු රටකට වාසනාවක්!


      තව මොනව කියන්නද :)

      Delete
  59. සුපිරි! වාහන සම්බන්ධ කතා ඔක්කොම වගේ කියෙව්වා අර වර්ඩ්ප්‍රෙස් මගුල හින්දයි කොමෙන්ටුවක් දාන්න බැරිඋනේ...

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>