Tuesday, February 12, 2013

44. Happy Valentine's Day!



126 comments:

  1. මොකෝ බං කලින්ම....

    උඹ රෝස මල් වෙනුවට නෙළුම් මල් දීලා වැලන්ටයින් දිනය සිංහල බෞද්ධ කරන්නද හදන්නේ... බොදු බල සේනාවෙන් හම්බවෙයි උඹට.... :D

    ReplyDelete
    Replies
    1. අපි මල්ලි පොඩ්ඩක් වේලපහම පට්ටාං ගත්තා. අපායට යතත් කලිං පලයං කියනවනෙ. එතකොට ලෝදිය පවා රත්වෙලා නෑ හරියට. :D

      උඹ මට ඉල්ලලා දෙව්වන්ඩ හදන්නෙ නේහ්?

      Delete
  2. මදැයි මොනවා හරි කියවල යන්න ආව..:D

    අපිට නම් තවම මල්සරා පර්මිසන් දුන්නේ නෑනේ. සමරන උදවියට ජය වේවා කිව්වා එහෙනම් ..

    ReplyDelete
    Replies
    1. නිදහස පවතින තාක් කල් බුක්ති විඳපල්ලා. :D

      Enjoy your freedom while it lasts.

      Delete
  3. මේ මොකැයි ඩුඩිතුමනි මේ???

    ඔබ මේ සැරසෙන්නේ වැලන්ටයින් දිනය ඉස්සරහට දමා කොල්ලන්ගේ රෙදි ගලවන ස්ත්‍රීන් ගැන හුවා දැක්වීමටද??

    ‍එසේත් නැතිනම් වැලන්ටයින් නිසා මඩ නාන පෙම්වතෙකුව හුවා දැක්වීමටද??

    එසේත් එසේත් නොමැතිනම් පිවිතුරු ආදරය හමුවේ මකර කටට වුව පැනීමට සූදානම්ව සිටින සත්‍ය ප්‍රේම භෘංග රාජයෙකු හුවා දැක්වීමටද??

    එසේත් නොමැතිනම් අහක බලමින් මල් දෙන මල් කුමාරයෙකු හුවා දැක්වීමටද??

    මට හිතාගන්නට බැරිය......

    ReplyDelete
    Replies
    1. මම හිතුවා උඹලගේ කවි සිතුවිලි මෝදු වේවි කියලා මේ පින්තූරෙ දැක්කාම. මේක මම ඉතා ප්‍රිය කරන පින්තූරයක්. අනික පෝස් කරපු එකක් නෙවෙයි. ස්වභාවික ඉරියව්වකින් ගත්ත එකක්.

      Delete
  4. හා හා බොටත් මල් කඩන්න හැකි බව නොවෙද මේ පෙන්නුම් කරන්නේ...!!!
    අසික්කිතයි බං...හැක්

    ReplyDelete
    Replies
    1. කස්ටිය පොඩි කයියක් දෙකක් හදමුකෝ මේ පින්තූරෙට!!!!!

      Delete


    2. සොඳුරිය, මෙන්න ඔබට නිල් නෙලුම් මිටක්
      ඔබේ නෙලුමක් වැනි වත සැරසීමට.
      මගේ නෙලුම් විල හිමිකාරිය,
      ඔබ වෙනුවෙන් මුලු ජීවිතය පුරා මම මල් කඩන්නම්...
      ආදරිය, ඔබට සුබ ආදරවන්තයින්ගේ දිනයක්..
      පතන්නේ ඔබගේම ඩූඩ්...

      කොහොමද මගේ කවිය...හී හී....

      Delete
    3. @දේශකයා: ඇයි උඹලට විතරද මල් කඩන්න පුලුවන්?

      @පොඩ්ඩි: කියන්න වචන නෑ. මේක නම් මාරයි. අපේ ඔයාලා ඔක්කොටම කවි හදන්න පුලුවන් මට ඇරෙන්න.

      Delete
    4. මූ වගේ බටර් රාජයෙක්...

      Delete
    5. ඇයි කළු මාමේ... මටත් බෑ! :)

      Delete
    6. හා හා ... එහාට වෙනවල, ඔන්න මටත් බෑ කයි ලියන්නනම්. කවද කාපු ටකරන්ද.

      Delete
    7. @ අඩවි රජ,

      උඹට බැරි බව ඉතිං අපි හැමෝම දන්නවනේ බං. :)

      Delete
    8. තුවා කොටෙන් වහගෙන විලි යන්තමිනේ
      අව්වත් නොතකමින් මේ ගිනි මද්දහනේ
      දණක් මඩේ බැස මල් නෙලමින් පොකුණේ
      බිරිඳට මෙලෙස තම ආලය පෙන්වන්නේ

      Delete
    9. ඉරිසියාවේ බෑ බං මේ කවි දැක්කාම. මේ පාර මම ෆෝටෝ එක දැම්මාම උඹලා පෝස්ට් එක ලියනවා. නියමායි.

      Delete
  5. ලස්සන පින්තූරේ...මල් කඩන්නේ ඔයාද?
    ඔය දෙන්නටත් එසේම වේවා.....:D

    ReplyDelete
    Replies
    1. ඇයි බොලං පොඩ්ඩියේ තවම අපිව අඳුරන්න බැරිද ෆෝටෝ එකකින්?
      ස්තුතියි.

      Delete
  6. හෑ බොල, මේ අපේ ඩුඩ් මලයද?

    ReplyDelete
    Replies
    1. මලයා නෙවෙයි බොල. අයියා. :D

      Delete
    2. සොරි වේවා ඩුඩ් මාමේ...

      ඇත්තටම මචං උඹද මමද අයියා?

      Delete
  7. ඇයි අනේ මල්ටික දෙනකොට පොඩ්ඩක් මූන බලන්න බැරි උනේ.

    ReplyDelete
    Replies
    1. උඹ මඩ වලක බැහැලා මල් කඩලා නැති බව ඒකෙන්ම තේරෙනවා. :D

      Delete
  8. අහක බලාගෙන දෙන එකනම් කැතැයි ඔදේ...!

    ReplyDelete
    Replies
    1. වීයෝ කීයක් දේවල් බලන්නද බං. එහෙං මඩේ එරෙනවා. එහෙං වීදුරු ක‍ටු තියෙන්නෙ පුලුවන්. ටවල් එක ගැනත් කල්පනාවෙන් ඉන්න ඕනෙ. උඹලා නං කියයි.

      Delete
  9. මොකද කලින්.

    මේ ෆොටෝ එක මම කලින් දැකල තිබුන, ඒ උනාට ඒක දකිද්දි මට ඇතිවෙන්නෙ නම් වෙන අදහසක්. ඒ ගැන පැහැදිලි කිරීම් මොකුත් නොකර ඉන්න එක හොඳා වගේ, ඒක වචනෙන් කිව්වොත් නිකම් භයපක්‍ෂපාත සුවච කීකරු ස්වාමිපුරුෂයෙක් ! හෙහ් හෙහ් හෙහ් .....

    ReplyDelete
    Replies
    1. ඕ යේස්. මට හිතුනා මේක හරි රොමෑටික් කියලා.

      ඇයි පැහැදිලි කරාපං DDT. මම උඹේ පැහැදිලි කිරීම වල ලොකුම රසිකයෙක්.

      Delete
  10. හික්... මොකෝ අනේ මේ කලින්ම.....
    අපිට නම් වැලන්ටයින් නැතෝ......

    ෆොටෝව නම් මරු හොදේ...... :)

    ReplyDelete
    Replies
    1. කලින්ම දැම්මා සමනළී. පුලුවන් කාලෙ නිදහසේ ඉඳපල්ලා.

      Delete
  11. වැලන්ටයින් නම් අමනාප වෙයි.. එයා කැමති රෝස වලට..

    ReplyDelete
    Replies
    1. එහෙමම නෑ මචං. මම ඇහුවා. පොරත් කල්පනා කරනවලු මිනිස්සු එයාට රෝසමල්ම ආදේශ කලේ මොකද කියලා. :D

      Delete
  12. මිනිස්සු ආදරය වෙනුවෙන් විඳින දුක් ගැහැට නේ ...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ JP. මුන්ට පිස්සු නේ?

      Delete
  13. අවැසි නැත දිනයක්.
    නැත රෝස මල් මිටක්.
    අගෙයි ඔබ හැමදාම
    මගෙයි ඔබ හැමදාම
    පිළින්න මේ නෙලුම
    පිවිතුරු වූ අප පෙම වෙනුවෙන්.... ;)


    ReplyDelete
    Replies
    1. ඔන්න බලාපංකො ඒකෙ ලස්සන.
      ඇත්තටම අපි උඹලට සලකනවා මදි.

      මරු කවිය බණ්ඩා. බොහොම ස්තුතියි.

      Delete
  14. ඇන්න නියම මල් දීමක්.. කඩෙන් ගත්තු රෝස මල් වගේද මෙහෙම මඩේ බැහැගෙන කඩන ඕලු මල්.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව, චන්දන. ඒකෙ වටිනාකමත් වැඩියි නේ.

      Delete
  15. . මේක ගැඹුරු අර්ථයක් දෙන ෆොටෝ එකක්.ආදරේ නැමති මඩවලේ බැහැල කසාදෙ නැමති මල් ටික ගත්තට පස්සෙ හාමිනේල අපිට පස්ස පෙන්නනව, එතකොට අපිට මෙන්න මේ ඩුඩ් අය්යට වගේ හෙළුවෙන් ඉන්න තමයි.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. හියැක් හැක් හැක්.
      කම්මල උඹේ කට දඬු අඬුවෙං අල්ලන්න හිතුනා බං ඒ අර්ථ කථනයට. මාරයි!

      @සයිලන්ට් සහන්: අඩේ වැටේ දිග!

      Delete
  16. හප්පේ මාර දුස්කර වැලන්ටයින් කුසුමක්

    ReplyDelete
  17. ඒකනෙමයි ඩුඩ් අය්යෙ මොකක්ද ඔය ඇඳන් ඉන්න ඇඳුම?

    ReplyDelete
    Replies
    1. ටවල් එකක්නෙ බොල. ඒක රෝමන් ඇඳුමක් වගේද පේන්නෙ?

      Delete
  18. හයියෝ හයියෝ නැවතත් මට බකස් ගාල හිනා
    ගියා ..නියමයි අයියේ නියමයි ..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනෙ. ශෘංගාරය පිණිස දාපු එකටත් උඹල හිනාවෙන්න ගන්නවනෙ!

      Delete
  19. කළු පාට වැඩි හින්දා මූණ පේන්නෑ කියහන්කෝ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹේ මොනිටරේ බ්‍රයිට්නස් වැඩි කරගෙන බලපං රජතුමණි! කලු පාට නෙවෙයි. ඔය පිං පාට! උඹලා සුදු මැළියි. ඇ‍ඟේ ලේ නෑ. anemic!

      Delete
  20. මොකද මචං අහක බලං මල් දෙන්නේ තරහා වෙලාද?
    බලාගන මඩේ වැටෙයි..

    ReplyDelete
    Replies

    1. මඩේ එරෙන හන්දා තමයි මචං අහක බලාගෙන ඉන්නෙ.

      Delete
  21. මෙච්චර වයසට ගිහිනුත් ඔයාලා දෙන්න තාම මල් කඩනවද ඩූඩ්..ඊරිසියාවේ බෑ...හි හි හී..

    මම මේ දැක්කමයි..වැලන්ටයින් එකට නෙළුම් මල් දෙනවා. ඒකත් හොඳ අයිඩියා එකක් වගේ..

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාවේ බෑ ළිහිණියෝ මේ නෙලුම් නොවේ නිල් මානෙල්

      Delete
    2. මල් කඩන්න වයසක් තියෙනවද ළිහිණියෝ? ඉතින් කවුද ඔයාලට මල් කඩන්න එපා කිව්වේ?

      නලියා මල් අඳුනනවා ලෙසටම. ;P

      Delete
    3. අලේ...ඒකත් එහෙමද...අයියෝ..කවුද දන්නෙ ඕවා

      Delete
  22. ඇඬෙනව....

    හනේ මයෙ අප්පොච්ච හිටියනම්.... මටත් මේ වගේ මල් කඩල ඩෙයිනේ....:‘(

    ReplyDelete
    Replies
    1. අනිවා....
      දැන් වෙන කවුරුවත්ම මල් දෙන්නැද්ද අගිනියාට...

      Delete
    2. අනේ. හිත් රිදෙයි කියලනම් කීයටවත් හිතුවෙ නෑ.

      Delete
    3. @නලින් මාමෝ.....
      හිතේ ඉන්න එක්කෙනා හැමදාම මට මල් කඩ කඩ දෙනෝ..... ඒ හොඳටම ඇතියෝ.....

      @ඩූඩ් මාමො...

      හයියූ ගනන්ගන්න එපා හලේ.......^_^

      Delete
  23. ලොල් නපුරු මිනිස්සුන්ට මොන මල්ද?.

    ඩූඩ් සර් නම් ලකී පොර ආ බැඳලත් තාම වැලන්ටයින් සමරනවා :)

    ReplyDelete
    Replies
    1. එහෙම නොවේද නිශාන් වෙන්න ඕනෙ?

      Delete
  24. මඩ නෑවට මොකෑ අයියන්ඩි එයා වෙනුවෙන් නොවෑ. හා නැද්ද මං අහන්නේ...?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව S.P..B.R. මල්ලියා!

      Delete
    2. සත්‍ය ප්‍රේම භෘංග රාජයා.

      Delete
  25. අර ඉන්නේ වැලන්ටයින් කුමාරයාද? කළු කුමාරයාද?

    පෝස්ට් එකනම් කියෙව්වා හරිම රසවත්. කමෙන්ට් ටිකත් බලලම එන්නම්කෝ.

    "ඕලු නෙළාලා මාල ගොතාලා
    පළඳිමු අපි නංගෝ...."

    ReplyDelete
    Replies
    1. උඹට සෑහෙන අමාරු වෙන්නැති පෝස්ට් එක නම් කියවන්න නේහ්?

      Delete
    2. නිල් මහනෙල් මලේ සුවඳ විඳ ඔබ
      සිතන් සබඳ අද
      නුඹ නිසාමය මගේ දිවිය සුවඳ හමන්නේ මෙලෙස

      එවන් මලෙක රුසිරු දැක ඔබ
      දැනගන් මිහිර මෙලෙස
      මා සිත ශෝභාව සිය දහස් ගුණයකි ඔයිට

      ..............

      කිඹුල් වන් රුදු සපුන් රජ හුන්
      කලල් දිය ගැඹුර නොම දත්
      පෙලා දැමුවත් රැසින් දිනිඳුන්
      නැත මට බාධා එවන් කිසිවෙක්

      දින දින නැගෙන ජීවන බාධා සියල්ලෙනුත්
      අතරමගදී සිදුවන දුක් කම්කටොල්ලෙනුත්
      අටලෝ දහමේ පෙන්වා දෙන පරිද්දෙනුත්
      ජය ගත හැකිය මඩයෙන් ගොඩ ආ පරිද්දෙනුත්

      අපේ දිවිය ගුණ සුවඳින් වැඩිවේවා!
      ආදර ගඟුල තව තව දිග වැඩිවේවා!
      මඩෙන් මිදුණු මල් මිට ලෙස දුක් නොමවේවා!
      සොඳුරිය මතු මතුත් ඔබ මගෙමයි වේවා!

      මීට සදාදර ඩියුඩ්.

      Delete
    3. අකමෝ, අකමෝ, මේක නම් සුපර්බ්! ෂා නියමයි.
      බොහෝම ස්තුතියි වැයකල කාලයට මේක හදන්න!:)

      Delete
    4. ඔයා නම් ඔහොම කියයි. සුමිත් අයියා ආවොත් මගේ කලිසම ඔලුවෙන් ගලවයි. භාෂාව මරන් කෑවට. රජා මැරීම.... හෙහ් හෙහ්..

      Delete
  26. ඔරලුසුවේ මඩ ගෑවෙයි....

    ReplyDelete
    Replies
    1. මම පැය බාගයක් කල්පනා කලා බං ඔරලුසුව කියන්නෙ මොකක්ද කියලා. පස්සෙනෙ තේරුනේ.ඒක වෝට පෲෆ්නෙ බං.

      Delete
    2. හා හා.. මමත් උඹ දාපු කමෙන්ට් එක දිහා බලන් හිටියා මොකක්ද මේ කියන්නේ කියල. මමනේ මුලින්ම නා ගෙන තියෙන්නේ.'ඔරලෝසුව"හික්ස්..

      Delete
  27. මල් පිපෙනා විල් උයනක,
    පෙම් කරනා මද පවනක,
    සැනසෙන අපි රජ දහනක
    කිරුල දරන මගේ මෙහෙසිය,

    නුඹ වන් මේ මල් දැක මට
    සිහිවුනි නුඹ දෙන ප්‍රේමය
    දෙන්නට මේ මල් මිට හැර
    ප්‍රේමය පමනයි ඉතිරිය

    ReplyDelete
    Replies
    1. නදිනිටත් බොහෝම ස්තුතියි කවි පදබඳින්න වෙච්ච මහන්සියටයි ගතකරපු කාලයටයි. හරිම ලස්සනයි.

      Delete
  28. I feel envious of your everlasting love.You have shown us that Valentine is not just giving a bouquet of roses.

    ReplyDelete
    Replies
    1. Thanks Blue Lotus. What a nice thing to say! :)

      Delete
  29. බැස්සේ මඩට ඔබ වෙනුවෙන් නෙලන්නටයි නෙලුම් මලක්
    එකක් දෙකක් මදියි කියා කියුවේ ඔබ නොදී දුකක්
    සිතපිරෙන්න මෙන්න කියා දෙන්නට මම මහා ගොඩක්
    නෙලුම් කඩාගෙන එන්නම් ප්‍රියේ ඉන්න සොඳින් හුඟක්

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නෙ වැඩ කාරයො. බොහොම ස්තුතියි සුරේෂ්. ඒ කියන්නෙ වෙනදටත් ඩෙනිම කියවලා පිටපාරෙන්ම යන්න යනවා කියන එක නේද? :)

      Delete
    2. මගේ wife තමයි මචන් ඔයාගේ බ්ලොග් එක කියවල එකේ pic එකට අවියක් ලියන්න කිව්වේ. ඉතින් මමත් එවෙලාවේම එකක් ලිව්වා. anyway machan thanks for the comments.
      මගෙත් පොඩි බ්ලොග් එකක් තියෙනවා.

      මෙන්න ඒක.

      http://dhamma-discussions.blogspot.com/

      Delete
    3. කවිය ලියපු සුරේෂ්ටයි ආරාධනා කරපු ප්‍රියම්භිකාවටයි දෙන්නටම බොහොම ස්තුතියි. ඇත්තෙන්ම ලස්සන කවිය. මම ඔය කවි ලියන අංශෙන් බොහෝම දුර්වලයි.

      Delete
    4. ඇරයුම පරිදි කවියක් ලියුවට මිතුරේ
      මා නම් ඉතින් තව ළදරුයි පද අතරේ
      තුති පිදුවට තුතියි ඔබහට ඒ අතරේ
      ලියවුනා නෙ තව කවියක් අතු පතරේ

      Delete
  30. ෙහමිහිට ෙහමිහිට ෙනලමින් යමුෙකා් කළබල අැයි නංෙගා්..

    ජය ෙව්වා ෙහන්රියා.. !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සෑම්! දැන් අර අලුත් රෝද හතර විවෘත කරන්න මොනවා හරි කරනවද?

      Delete
  31. මෙන්න වේලස්සනම වලන්ටයින් සමරලා.. අර මල් ටික දෙද්දී මූණ දිහා බලන් හිටියනම් තවත් රොමෑන්ටික් නේ.. නැද්ද මන් අහන්නේ?

    ReplyDelete
    Replies
    1. හරි හරි උඹ එහෙම කරලා බලපංකො මදාරා කෙල්ලට මල් දෙනකොට. හැබැයි එරෙන මඩේ බැහැලා ඉන්න ඕනෙ.

      Delete
  32. අපේ පොකට් එකට ගහන්න වෙළඳ ලෝකය විසින් හදලා දීලා තියෙන වැලන්ටයින් දවසේ ස්වාභාවික, සුවඳ හමන, දේශීය ආදර සංකේතයක් ...!

    ReplyDelete
    Replies
    1. අන්න වනජීවී නිලධාරියෙකුගේ ඇසින් වැලන්ටයින්. බොහොම ස්තුතියි මචං.

      Delete
  33. ඒ බං අටමෝ ඔන්න මරු කකුලක් තියෙනවා.. අර ඩුඩෙ කියන එකාගේ.. මොකෝ කරන්නේ...

    ReplyDelete
    Replies
    1. අඩේ, මං ඒත් කල්පනා කලා අර 'ඇසුවෙමි දු‍ටුවෙමි' එකේ තිබ්බ කතාවේ හැටියට, කසියා ගහන්න බයිට් එකට ගන්න, බැඳලා තිබ්බ එළදෙනගෙ කකුලක් කපාගෙන, පොල්පිත්තකින් අඩයක් තියලා ගියවුන් කවුද කියලා. :O

      Delete
  34. මෙන්න
    අරගන්න

    මල් මිට නොවේ
    මගෙ හිත

    ආදරේ පිරී ඉතිරී ගලන
    උල්පතක් ඇති
    මගේ හිත

    ගල් මුලෙහි හැපී
    රිදුම් දුන්නද
    අඩුවක් නොවුණු,
    නියං ගින්නෙන්
    දැවුණද
    කිසිදා නොසිඳි
    ආදරේ දියවැල් ගලා යන
    මගේ හිත

    කල්ප ගණනක් වුව
    නුඹම පතනා
    නුඹට පමණක් පුදන
    මගේ හිත

    මේ වැලන්ටයින් දවස සමරන්නෙ නං නෑ අපි දෙන්න.. මේක අපි දෙන්නගෙ ජීවිතවලට සමීප දවසක් නෙවෙයි. ඒත් මේ පින්තූරෙ දැක්කාම අයියෙ වැලන්ටයින දවසෙ මිනිස්සු කරන විකාර මොකක්ද කියල මට හිතෙනව.... මං දැකපු ආදරණීයම ජෝඩුවක් උඹල දෙන්න...ඉතිං ජීවිතේ මෙච්චර කල් ආදරෙන් හිටිය වගේ ජීවිතේ තියෙන තුරාවටම ආදරෙන් ඉන්ඩ ලැබෙන්ඩ කියල උඹලට අමුතුවෙන් පතන්ඩ දෙයක් නෑ බං...
    කවද හරි දවසක දුවයි පුතයිත් ඒ දේවල් ඒ විදියටම විඳීවි!!
    ඒකෙ ආයෙ දෙකක් නෑ...

    ReplyDelete
    Replies
    1. උඹේ කලාත්මක හැකියාවල් නම් මම කොහොමත් දන්න නිසා මේ ලස්සන කවි පෙල ගැන පුදුමයක් නෑ.

      ඇයි මම දැකලා තියෙන ආදරණීයම ජෝඩුවක් තමයි උඹයි පෙම්බරයයි. තව ඉන්නවා කීප දෙනෙක්, නමුත් කියන්න යන්නෙ නැත්තෙ, එහෙක් දෙන්නෙක් මග ඇරෙන්න ඉඩ තියෙන නිසා.

      උඹට බොහෝම ස්තුතියි උඹ ඔච්චර කම්මැලියා වෙලත්, මේ කවි පෙල ලියන්න කාලය වැය කල එකට.

      Delete
  35. ඩුඩ්,

    තැන්කූයු. ඔයාටත් සුභම සුභ වැලන්ටයින් දිනයක්!!!!!! :)

    ReplyDelete
  36. අනේ ඩුඩ් අයියේ ඔය වයසට මොන වැලෙන් ටයින් අනේ? හිකිස්. කොහොම වෙතත් ඩුඩ් අයියටයි දීපා අක්කටයි හැපී වැලන්ටයින් මෙව්වා එකක් වේවා.

    ReplyDelete
    Replies
    1. ගූගල් කරලා දැම්ම බලාපිය වැලන්ටයින් සමරන්න වයසක් දීලා තියෙනවද කියලා. උඹලා දෙන්නටත් ආදරවන්තයන්ගේ දිනය සරු එකක්ම වේවා.

      Delete
  37. හරියන්නේ නැහැ මචෝ කවියක් ලියන්නම වෙනවා.

    මෙන්න බලන් සකි
    ඩුඩා මඩේ ඇති
    මලක් කඩන රිසි
    දැක්කම මුගේ හැටි
    මඩ කනයෙක් මෙනි.

    ReplyDelete
    Replies
    1. සරළයි, සුගමයි!
      කණ පැලෙන්ඩ දීලා තියෙන්නෙ.

      උඹත් කාචයත්, පෑනත් යතුරු පුවරුවත් එකසේ හුරු අයිලාසුවෙක් නේද බං?

      Delete
  38. වැලන්ටයින් දවස පැටලුනාද මන්දා..
    කොහොම වුනත් ඩූඩ් පවුලටම සුභ වැලන්ටයින් දිනයක්..;)

    ReplyDelete
    Replies
    1. ඔන්න රූ ඇතුලු පවුලේ අනිත් එක්කෙනාටත් එසේම වේවා.

      ඒක නෙවෙයි. පැටලුනාද ඇහුවා? ඒ ගෑණු අයටනේ අනේ උපන්දින, සංවත්සර අරක මේක ඔක්කොම අමතක වෙන්නෙ. පිරිමින්ගෙ ජානවලම තියෙනවනෙ විශේෂ දින මතක තබා ගැනීමේ ගතිය. ඒ වෙනුවට ගෑණුන්ට තියෙනවා පාරවල් මතක තියාගැනීම, සිතියම්, GPS හෙම අවබෝධ කරගැනීම, User Guide කියවා තේරුම් ගැනීම වගේ විශේෂ දක්ෂතා. :D

      රූට ටැපලුනා මම හිතන්නෙ. ;p

      Delete
  39. මට මතක විදියට මේ පින්තූරෙ මීට කලිනුත් බොගේ දැම්මා එහෙම නේද...මේ හෙන්රි අයියා ලව්වගෙ චරිතය පණ පොවන කාලෙද ? අහක බලාගෙන මල්පොකුර දෙන එකෙන් සීන් එකේ තාත්වික ගතිය නැති වෙලා කියලා මට හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. මේ ටික පස්සෙ දැක්කෙ...ජොකාට උඩින් පොඩ් තුවා කෑල්ලක් නේද ඇදන් ඉන්නෙ ?

      Delete
    2. ඒකෙ තමයි බොල තාත්වික ගතිය තියෙන්නෙ. එහෙන් මාලු කොටනවා. දියබරියෝ පීනනවා . මඩේ එරෙනවා. වීදුරු ක‍ටුත් තියෙනවා.. උඹ මේ මගුලක් කතා කරනවා.
      කොහෙද බොල ජොකෙක් පේන්නෙ? ඒ ටවල් එක තමයි.

      Delete
  40. කුස රජ්ජුරුවො පොකුණෙන් එලියට පැනල පබාව බය කල හැටි මතක් උනා. ඒයි තව දවසක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ කුස රජ්ජුරුවො කිව්වෙ මූණ කැවුමක් වගේ කැත..... පොරක් කියලා. කැවුමකටත් අපහාසයක් කියලයි මම අහලා තියෙන්නෙ. මේකා වගේ හෙන හැන්සම් බුවෙක් නෙවෙයි. ;p

      Delete
    2. ඔන්න නියම උපහැරනේ. කුස ඩුඩෙ...

      Delete
  41. ඒ පැත්තට කලින්ම වැලන්ටයින් ඇවිල්ලා වගේ නේ... අර මල් කඩන්නේ පන්සල් යන්ඩ වෙන්ඩැ :P

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව තොටියා. අපි ඉතින් කොහොමත් පිනට ලැදි කට්ටියනෙ.

      Delete
  42. මම නම් මේ පාරත් පොකැට්ටුව බේරා ගත්තා..

    ReplyDelete
    Replies
    1. ඒක කොහොමද උනේ?

      වැලන්ටයින් එකට පොකට්‍ටුවම ඕනෙ නෑ තරුවා.

      Delete
  43. එම දසුනට එක් කල හැකි අර්ථකතන බොහෝ ඇත.
    විල් තෙරේ මැද මල් ගැබේ තුළ උපන් පද්මාවතී උතුම්
    සිල් බලේ වැඩි බෝසතුන්ගේ පුතුන් බිහිවු අනූහසින්
    කල් බලා බරණැස් පුරේ නිරිඳුන්ට පාවා දුන් බෙලෙන්
    එතැන් සිට මේ පැවැති සිරිතයි මඟුල් සක්වල මේ උතුම්

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. වෙනස්ම අර්ථ කථනයක්. බොහෝම ස්තුතියි ගයනී.

      Delete
    2. විල් තෙරේ කෑල්ල තිබ්බ පලියට උඩ තියෙන පින්තූරෙට මෙ කවිය ගැලපෙන්නේ නෑ... පුලුවන් නම් ඕකට සම්බන්ධ ඉතිහාසය සොයා බලන්න.... එතකොට තෙරේවි...

      Delete
  44. හැපී වැලන්ටයින්ස් ඩේ ඩූඩ්!

    මං නං තාම බලාගෙන ඉන්නෙ අනංගය දුනු ඊතල වෙනුවට හාපූන් එකක් පාවිච්චි කරන්න පටන්ගන්නකං...

    ReplyDelete
    Replies
    1. අනංගයාත් හාර්වෙයා, සොෆ්ට්වෙයා දෙකම අප්ඩේට්, අප්ග්‍රේඩ් කරනවා ඇතිනෙ. එතකොට බඩු ෂුවර්.
      Happy Valentine's Day!

      Delete
  45. මඩේ බැහැ ගෙන නොවැ මල් නෙලන්නෙ අපේ ඩූඩ්...හොඳා හොඳා වැලංටයින්ට නොවැ !

    ReplyDelete
    Replies
    1. මොනාද කියන්නෙ බං වෙනී. වැලන්ටයින් නොවැ.

      Delete
  46. මේක මමත් කැමතිම පින්තුරයක් ඩුඩ්....හරිම ලස්සනයි....මම හැමදාමත් කියනව වගේ, අම්ම ඔයාවත්, ඔයා අම්මවත් ලබන්න ගොඩක් වාසනාවන්තයි..... ඒ වගේම ඔයාල වගේ දෙමව්පියො ලබන්න අපි ගොඩක් වාසනාවන්තයි :D :D :D

    ඩුඩ් පවුලටම සුබම සුබ වැලන්ටයින් දිනයක් වේවා!!! තව තවත් ආදරෙන් ගොඩාක් කල් එකට සතුටින් ඉන්න මම සුබ පතනවා!

    :D:D :D

    ReplyDelete
    Replies
    1. මේ පින්තූරෙ ගත්තෙ ඔයානෙ. ඉතින් තව මොනවද! කාටද ආඩම්බර!

      THANK YOU VERY MUCH!

      Delete
    2. You are more than welcome!!! I was going to ask if I am the one who took this but I forgot.... I am so glad I captured this amazing moment.... :D :D :D

      Delete
  47. මේ ෆොටෝ එක දැක්කමනම් මට මතක්වුණේ අපේ පුංචිව.. යාළුවෙලා ඉන්න කාලෙ පුංචිගෙ මහත්තයා බණ්ඩාරවෙල නිසා හැම සතින්තයකටම දුම්රියෙන් පොල්ගහවෙලට හෝ කුරුණෑගල ස්ටේෂමට තේ කූඩයක කානේෂන්, ලිලී, රෝස පිරුණ එක එක වර්ගයෙ ලොකු මල් පොකුරක් එවනවා..පුංචිට..
    දවසක් ගමනක් යද්දි පාර අයියෙන තිබුණ පං මල් දැකලා..

    පුංචි- අනේ.. අර පං මල් ටිකක් ඔහොම වාහනේ නතර කරලා කඩලාදෙන්නකෝ..

    පුංචිගෙ මහත්තයා- පිස්සුද.. මටනම් බෑ මඩ ගාගන්න..

    පුංචි- එහෙනම් ඒ කාලෙ කූඩැල්ලො ඉද්දිත් මල් කඩලා එව්වෙ..

    පුංචිගෙ මහත්තයා- ආ.. ඒ ඒ කලෙනෙ..

    ගත හැකි ආදර්ශය.. :D :D

    එහෙම නැතිව හැමදාටම ආදරබර දිනයක්ම වේවා..!!!!

    ReplyDelete
    Replies
    1. පුංචිගෙ මහත්තයා බාප්පා නේද?

      ලස්සන කතාව, නන්දු.

      ඒක අහපුවාම මට මේක මතක් වුනා.

      රජ්ජුරුවො අදහස් කලාලු එයාගෙ පුරෝහිත තනතුර අවංකයෙකුට දෙන්න. නස්රුදින් එදා ඉඳලා රජවාසලේ හැම උත්සවයකටම යන්නෙ මාලු දැලක් කරේ දාගෙනලු. පස්සෙ රජ්ජුරුවො ඇහුවා මොකද ඒ කියලා. "මම ඉස්සර මාලු අල්ලලා ජීවත් වුනේ. මම මේ කෙලෙහිගුණ දැක්වීමක් හැටියට මේ දැල උරහිස් වටා ඔතාගෙන ඉන්නවා," නස්රුදින් කිව්වලු.

      රජ්ජුරුවන්ට බොහොම සතු‍ටු හිතිලා, මම හොය හොය හිටි මිනිහා හම්බ වුනා කියලා නස්රුදින්ව පුරෝහිතයා කලාලු.

      පස්සෙ මෙන්න පොර ඉන්නවලු දැල නැතුව. රජ්ජුරුවො අහල, "කෝ නස්රුදින් අර දැල?" කියලා.

      "මාලුවා අල්ලාගත්තට පස්සෙ මොන දැල්ද රජතුමනි" නස්රුදින් කිව්වලු

      Delete
    2. "මාලුවා අල්ලාගත්තට පස්සෙ මොන දැල්ද රජතුමනි"

      හිහිහී.. :D

      Delete
  48. මඩේ බැස මල් නෙලන ඩුඩ් , කලාත්මකයි පින්තුරේ ,


    සුබ වැලන්ටයින් දිනයක් වේවා

    ReplyDelete
  49. හුකෑස්................. මේ මොකෝ?????

    ReplyDelete
  50. මඩ හෝදගන්න එපෝ :D

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>