Thursday, October 4, 2012

09. පිංසිබොල්ගෙ ගොං කේස් එක

මම ඉස්සෙල්ලම ඉස්කෝලෙක උගන්නන්න ගියේ අම්පාරට කියලා දැන් ඔය බුවාලත් දන්නවා ඇතිනේ. ගුරුවරයෙක් උනාට, ඔය කොලු ගති ඒ වෙන කොටත් ඇරිලා ගිහින් තිබ්බෙ නෑ. ජාතික ඇඳුම අඳින, නීතියට තමයි වැඩ කරන විදුහල්පති තුමා, මුලදිම දවසක, මාත් එක්ක ඉස්කෝලෙ මිදුලෙ හිටගෙන කතාව. 

මට තාත්තා කියලා දීල තියෙන දෙයක් තමයි, කෙනෙකුට කතාකරන කොට මූණ දිහා, විශේෂයෙන්ම ඇස් දිහා, බලාගෙන කතාකරන්න කියන එක. මම එහෙම තමයි කර කර හිටියෙ. මට තේරෙනව ලොක්කගෙ ඇස් දෙක, වරින් වර, මගෙ මූණත්, පපු ප්‍රදේශයත් අතර ශටල් වෙන බව. ඊටත් පහලට ගියා නම් අඩු ගානෙ සිzප් එක ඇරිලා කියලා වත් හිතන්න තිබ්බනෙ. මම දැන් කල්පනා කරනවා, ‘යකෝ ඊයෙ රෑ මට ලිංග විපර්යාසයක් වත් වුනාද?’ කියල ලොක්ක මෙච්චර පපුව දිහා බලන්නෙ කියලා. 


අන්තිමට ලොක්ක කිව්ව, “මිස්ට බ්ලොග්වෝකර් තවම අලුත්නෙ. අපි ඔය ෂර්ට් එකේ උඩ බොත්තම දාගෙන ඉමු, ඉස්කෝලෙදි. එතකොටනෙ අපිට ළමයින්ට උනත් කියන්න පුලුවං, ඒ ගොල්ලන්ගෙත් බොත්තම් දාගන්න කියලා.  “ඒකෙත් වැ‍රැද්දක් නෑනෙ.  ඉතිං මාත් බොත්තම දාගෙන තමයි ඉන්නෙ ඊට පස්සෙ.

 අනික, ඔය ඉස්කෝලෙ එක හෝල් එකක කොරිඩෝ එක ඉවර වෙන තැන ඉඳල, ඊලඟ හෝල් එකේ කොරිඩෝ එකට, අඩි හතරක, පහක, විතර පරතරයක් තමයි තියෙන්නෙ.  ඕනැ නම් දුර හෝ හිටි පිම්මක් පනින්න පුලුවනි. ඉතිං මම ගෙදර ඉන්නකොටත් දොරෙන් නොගිහිං ජනේලෙන් පැනල යන එකා, ඕක ගැන දෙපාරක් හිතුව නෑ. ඔතනින් පැනලම තමයි යන්නෙ, අනිත් ගුරුවරු ඔක්කොම සීරුවට පඩිපෙලෙන් මිදුලට බැහැලා, මිදුල දිගේ ගිහින්, අනිත් පඩියෙන් ඊලඟ හෝල් එකට ඇතුල් වෙද්දි.
 
තවත් දවසක මම ඉස්කෝලෙ ආවෙ ටිකක් පරක්කු වෙලා. චමරියෙ ඉඳලා පිට්ටනිය හරහා තමයි, ඉස්කෝලෙට යන්න තියෙන්නෙ. උදේ ‍රැස්වීම තියන්නෙ පිට්ටනිය අයිනෙ. කළින් දවසෙ වැහැපු නිසා පිට්ටනියෙ වතුර වලවල් පිරිලා තිබුනෙ පොකුණු වගේ. මමත් සුපුරුදු විදියට පැන්නා වතුර වලකට උඩින්. අම්පාරෙ පස බස්නාහිරට වැඩිය වෙනස් බව මට තේරුනේ, ‘ලෑන්ඩ්‘ කරන කොටයි. මොකුත් නෑ බෲ …..ස්ස්ස් ගාලා ලිස්සලා ගිහිල්ල, වැ‍ටුනෙ නැද්ද පිට්ටනිය මැද්දෙ වතුර වලේ, උඩුබැලි* අතට, හරියට පෙරේතයා පොලොව ගැහුවා වගෙ! 

මාත් එක්කම පරක්කු වෙලා, නමුත් වතුර වලවල් මග හැර හැර, සීරුවට ගමන් කරමින් හිටිය අනිත් බුවා , හිනාවෙනව බඩ අල්ලගෙන, “හොඳ වැඩේ තොට,” කිය කියා. මම ඔලුව උස්සලා බැලුවා. හොඳ වෙලාවට එක ළමයෙක් වත් දැක්කෙ නෑ, මොකද කට්ටියම මට පි‍ටුපාලා හිට ගෙන පන්සිල් ගනිමින් හිටිය නිසා. නමුත් පන්සිල් ගන්න වැඳගෙන මේ පැත්ත බලාගෙන හිටපු ගුරු මණ්ඩලේට නම්, මොකුත්ම මිස් වුනේ නෑ. මමත් වතුර බේරි බේරි ආපසු ගිහින්, අලුත් ඇඳුමක් ඇඳගෙන එනකොට තවත් ටිකක් පරක්කු වෙලා.

පස්සෙ ලොක්කා හිනාවෙවී මට කියනවා “මිස්ට බ්ලොග්වෝකර්ගෙ කොලු වැඩ තාම ගිහින් නෑ නේද? කමක් නෑ පහු වෙන කොට හරි යයිනෙ. තවම පොඩි එකානෙ” කියලා. උප විදුහල්පතිත් දැනමුත්තා වගේ හිනා වෙලා අනුමත කරා. 


 
ආ දැන් අතුරු කතා ඇති. මෙන්න මේකයි ගොං එකේ කතාව. ඔය බුවාලා දන්නවනෙ ගොං (Gong) එක කියන්නෙ මොකක්ද කියලා. අර ඇඟිල්ලෙන් අනින්න මුදුනෙ බොත්තමක් තියෙන, මේසෙ උඩ තියෙන පොඩි සීනුව. අර ලොක්කා පියන්ට කතා කරන්න ගහන්නෙ 'ටිං' ගාලා. අන්න ඒක. හිහ්, හිහ්, හිහ්, බුවාලට දුකයි නේද? කට ඇරගෙන බලං හිටියෙ, මං අර විදුහල්පතිතුමාගෙ විෂය බාහිර ක්‍රියාකාරකම් ගැන කතා කරන්න යනවා කියලා නේද? පව්!
ඔය ඉස්කෝලෙත් ශිෂ්‍ය නායකයින්ට වැඩ ගොඩක් පැවරිලා තිබුනා. ඒ, ඒ වෙලාවට ඩියුටි දාල තිබුනෙ, කාර්යාලය ගාවම තියෙන උසස් පෙල පන්තියෙ ශිෂ්‍ය නායකයො සෙට් එක තමයි. ඉතිං නිතරම විදුහල්පති හරි, උප විදුහල්පති හරි එලියට ඇවිත් කොල්ලන්ට කතා කරන්න ඕනැ. ලොක්කා යෙදුවා මේකට උපායක්. ඒක තමයි, අර මං කලින් කිව්ව වර්ගයේ ගොං එකක් පාවිච්චි කරන එක. ඉතිං අපිටත් ඔතනිං යනකොට ඇහෙනවා ‘ටිං’ ගාන සද්දෙත්, ඒ එක්කම දකිනවා ශිෂ්‍ය නායකයො නැගිටල යනවත්.

හැබැයි මේ ක්‍රමය වැඩි දවසක් පැවතුනේ නෑ. ඉතිං, මං දවසක් ගුරු කාමරයේ ඉන්න ගමන් ඇහුවා උප විදුහල්පති කෙනෙක් වුන, අකුරු තුනේ නමක් තියෙන අයියගෙන්, මේ ගැන.

“අකුරු තුනේ අයියෙ, මොකද අර බෙල් එකට වුනේ?”

“ඒක හරිගියෙ නෑ, මචං,” අකුරු තුනේ අයිය කිව්වෙ මදහසකුත් එක්ක.

“ඒ මොකද?” මම ඇහුවා. 

දැන් කාගෙත් අවධානය අපි දිහාට. අකුරු තුනේ අයියා කට හඬ පහත් කලා.


“අපිට ආරංචි වුනා මල්ලි, ප්‍රින්සිපල් බෙල් එක ගහන ගානෙ කොල්ලො කියනවලු, ‘ඒයි! ආං ප්‍රින්සිපල් නැගිටල. පලයං, පලයං, ගිහිං ඉන්දවල වරෙං’, කියලා.”


“ඉතිං??” මම ඇහුවා. අහලා කට ගන්න කොටම මට තේරුනා සීන් එක. 

මම කිව්ව, “හරි හරි අයියෙ, මට තේරුනා හැක් හැක්!!”


නමුත් අපි ලඟම වාඩිවෙලා හිටපු අහවල් ගුරුතුමීගෙ ස්ටාටරේ ටික් ටික් ගානවා මිසක්, ටියුබ් ලයිට් එක පත්තු වෙන්නෙම නෑ. එයා කට ඇරගෙන, අපි දිහා බලාගෙන ඉන්නව, මොකද අපි බඩවල් අල්ලගෙන, මේ හැටි හිනා වෙන්නෙ කියලා.


“ඉතිං අකුරු තුනේ මල්ලි, එහෙම කිව්වම මොකද වෙන්නෙ?” අහවල් ගුරුතුමී බැරිම තැන ඇහුවා.


“අහවල් ටීචර්”, දැන් අකුරු තුනේ අයියා කියන්නෙ තවත් හෙමින්.


“ලොක්ක නැෂනල් එකනෙ අඳින්නෙ. ඉතිං යටට මොනවත් අඳිනවද නැත්නං ‍‍’ෆ්‍රී ලාන්ස්‘ ඉන්නවද දන්නෙත් නෑනෙ. ඉතිං කොල්ලො කියන්නෙ ඔය ‘ටිං’ ගාන සද්දෙ එන්නෙ බෙල් එකෙන්ම නෙවෙයි කියලා.”


අහවල් ටීචර් ටිකක් වෙලා අකුරු තුනේ අයියාගෙ මූණ දිහා ඇසි පිය නොහෙලා බලා ඉන්න කොටම’චකාස්’ ගාලා ටියුබ් ලයිට් එක පත්තු වුනා. 
"නොද්දකිං වල් හැත්ත!" කියලා මූණ රතු කරගත්තා.
 
එහෙමලු, ගොං එක හමස් පෙට්ටියට ගියේ.


පසුවදන: ඉතිං මං මේ කතාව අමාරුවෙන් කොටාගෙන, පොස්ට් කරන්න කලිං දුන්න මගෙ බ්ලොග් කෙරුවාවට ෆුල් සපෝට් එක දෙන ආදරණීය ප්‍රියම්බිකාව වන, දීපාට. මමත් බලං ඉන්නව ‘බකස්’ ගාල හිනා වෙන කන්. ම්හු! මෙයා අන්තිම පේලි දිහා ඔරවගෙන, නලල ‍රැලි කරගෙන, ඉන්න නිසා මං ඇහුවා,
 
“තේරුනේ නැද්ද ලොක්ක නැගිටින කොට බෙල් එක වදින්නෙ කොහොමද කියලා?’

මේක අහවල් ටීචට එහා ටියුබ් ලයිට් එකක්නෙ.


“ඒක තමා මාත් මේ බැලුවේ…”


ඒ ගමන මං සුද්ද සිංහලෙන්ම කිව්ව කොහෙන්ද සද්දෙ එන්නෙ කියලා. ඔන්න එතකොටම ඒ ටියුබ් ලයිට් එකත් චක ‘චකස් චකස්’ ගාල පත්තු වුනා. එයාත් ටීචර් කෙනෙක්නේ.
 *****************************************************************************************

*විශේෂ සංශෝධනය: රවී තුමාගේ තීක්ෂණ ඇස්වලට හසුවුනු මේ, "බෲ …..ස්ස්ස් ගාලා ලිස්සලා ගිහිල්ල, වැ‍ටුනෙ නැද්ද පිට්ටනිය මැද්දෙ වතුර වලේ, මුනිං අතට" යන කොටසේ, එසේ ලිස්සා ගොස්  "මුනිං අතට" කිසිදා ඇද වැටිය නොහැකි බව රවී තුමා, සිය සුපුරුදු කෙස් පැලෙන තර්ක වලින් පැහැදිලි කල නිසා, අහිංසම මම පරාජය පිළිගෙන, 'මූත් එක්ක තර්ක කරනවට වඩා හොඳයි බෙල්ලෙ වැලක් දාගන්නවා',යි තමන්ටම කියා ගනිමින්, "මුනිං අතට" "උඩුබැලි අතට" යනුවෙන් සංශෝධනය කරන ලදි.

එසේම එසේ වැටිය හැකි බව ඔප්පු කිරීම සඳහා මා විසින් , මා දන්නා  භෞතික විද්‍යා හා ගණිත ඥානයද, නොදන්නා තර්ක ශාස්ත්‍රයද උපයෝගී කරගෙන, 


1. "යකෝ. බිම වැටිලා ඒ මොමෙන්ටම් එකට කැරකුනා." හා 
2. "අඩිය තියනකොටම කකුල පස්සට බං ලිස්සුවෙ,"

යන තර්ක සලකා බැලූමුත්, අවසානයේ 


  • මටම ඒවායේ අර්ථ ශූන්‍ය භාවය වැටහුන නිසාද, 
  • තර්ක කරන්නේ රවියා සමග නිසාද, 
  • ඌ නම් අනිවාර්‍යයෙන්ම ඔය තර්ක දෙකෙන් කොහොම හරි දිනන බව දන්නා මුත් 
  • මට එවැනි  සටකපට ඥානයක්, තර්කන බුද්ධියක් පිහිටා නොමැති නිසාද, 

වැඩේ අත හැර දැමූ බව සකල බ්ලොග්වාසීන්ටම වැඩිදුරටත් මෙයින් දන්වා සිටිමි. :)


 *****************************************************************************************

මෙම ලිපිය මුල් වරට මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ මේ නමින්ම පළවිය.
 *****************************************************************************************

70 comments:

  1. හෙහ් හෙහ් ... මොකුත් නොකියමි. අපි තාම චූටි එව්වොනෙ. ඔය ලොකු අයියල ඇවිත් උත්තර දෙයි.

    “මිස්ට බ්ලොග්වෝකර්ගෙ කොලු වැඩ තාම ගිහින් නෑ නේද?“

    හැබෑට මටත් එහෙම හිතෙනව නේ.

    ReplyDelete
    Replies
    1. අනේ වරෙං DDT වඩාගන්න, කුක්කු පැටියා! :D හැබැයි ටිකක් අමාරුවෙයි. උඹම කියන හැටියට..

      සදාකාලික යෞවනයනෙ බං! තැන්කූ කමෙන්‍ටුවට DDT.

      (යකෝ, උඹලා නිදා ගන්නෙ කීයටද?)

      Delete
  2. ඒකියන්නේ වැඩිහරියක් ටීචර්ලා ටියුබ්ලයිට්

    ReplyDelete
    Replies
    1. හැම ටීචම, හැම වෙලේම, හැම දේටම ටියුබ් ලයිට් නෑ ජෝනා.

      Delete
  3. ගෑනු උදවිය කොහොමත් ටියුබ් ලයිට් නේ :)
    අන්තිම කතාව තමා පට්ට පට පට :)

    ReplyDelete
    Replies
    1. ගෑණු උදවිය එහෙමම ටියුබ් ලයිට් නෑ මඩයා. ඔය සමහරුන්ට පොල්ලෙන් ගැහුවා වගේ තේරෙන්නෙ. ඔය සමහරු අපි එකක් කියනකොට දහයක් කියන්නෙ. සමහර වෙලාවට මටත් ඇඩ්‍රස් නැතුව යනවා. :D

      Delete
  4. මරු මරු හෙන්රි අයියේ..... මේ පැත්තට එන්නම් කියල හිටියට අද තමයි වෙලාවක් ලැබුනේ.... තියන ඔක්කොම පොස්ට් ටික කියෙව්වා..... ආයෙත් වෙලාවක් තියන විදිහට මේ පැත්තට එන්නම්...........

    ReplyDelete
    Replies
    1. අම්මෝ ගොඩයව දැක්ක කල්! මාර විදියට වංහුං පෝස්‍ටුත් ලියනවනෙ!
      අඩේ ඒ ගමන ගොඩයයි මඩයයි දෙන්නම ඇවිල්ලා එක යට එක කමෙන්ට්සුත් දාලා!
      ආයෙ වරෙං ගොඩයො. උඹ අර ඒ දවස්වල අලි මීටිමට යන්න දීපු ටී ෂර්ට් එකමයි තාම ඇඳං ඉන්නෙ ඈ? :D

      Delete
  5. ඒ කියන්නේ ගෙදරදී කවදාවත් ෆ්‍රී ස්ටයිල් ඉන්නේ නැහැ අපේ DUDE
    මදැයි.. අපි දැන් එක කතාව දෙපාර ගානේ කියවලා ඒ මදිවට කමෙන්ටුත් දානවා. නරක නෑ ඒ වැඩෙත්..

    ReplyDelete
    Replies
    1. මං ඔය පුරස්නෙට උත්තරයක් නොදී ඉන්න කල්පනා කලේ පෑඩිං ගැන කියන්නත් හදලා.
      ඔන්න ඕකනෙ සරා මයිග්‍රේට් වෙන එකේ සීන් එක. මට ඒකත් එක්කම 45000 ගානක හිට්සූයි ඊට වඩා වටින කමෙන්ට් විශාල සංඛ්‍යාවකුයිත් අහිමි වෙනවා. අනික සරා කලා වගෙ හැමෝම ඒ පෝස්ට් ඔක්කොම කියවලා නැති නිසා එච්චර ගානක් නෑ. ඇත්තෙන්ම අපහසුවට සමාවෙන්න ඕනෙ.
      අඩේ සරාගෙ අලුත් මූණ නිකං හෙවි වේට් බොක්සර් කෙනෙක් නැතිනම් රෙස්ලර් කෙනෙක් වගෙ! ;)

      Delete
    2. ඒ වගේ එවුවත් කළා අවුරුදු විස්සක් විතර අර ඔයා වගේ,, දැන් ඉති පවත්වාගෙන යාම විතරයි .සාමයට කැමති හාල්මැස්සා වගේ දැන්.. .

      Delete
  6. Replies
    1. සිනාසී තරවෙන්නකො මාල්! :D

      Delete
  7. හි හි හි....

    //යකෝ ඊයෙ රෑ මට ලිංග විපර්යාසයක් වත් වුනාද?’ කියල ලොක්ක මෙච්චර පපුව දිහා බලන්නෙ කියලා.//

    මේ ටික කියවගෙන එද්දි නම් මම හිතුවේ ප්‍රින්සිපල් " අහවල් " එක්කෙනෙක් වෙන්න ඇති කියලා :P

    //“ඉතිං අකුරු තුනේ මල්ලි, එහෙම කිව්වම මොකද වෙන්නෙ?” //

    අනේ ඉතින් ටීච පව් !!.....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ළිහිණි, බුවා එහෙම කෙනෙක් නෙවෙයි. නමුත් සිරා පොරක්. :)

      ඔය විද්‍යාව ටීච කෙනෙකුට පොඩි විහිලුවක් කිව්වාම ආවර්ථිතා වගුව හෙම අරගෙන තමයි ඒක තේරුම් ගන්න හදන්නෙ. ගණිතය නම් ප්‍රමේයයන්, වර්ග මූල හෙම යොදලා බලනවා. ඒකයි ටිකක් වෙලා යන්නෙ.
      :D

      Delete
  8. මූ එච්චරටම බෙල් එක ගහනවද බන්.... අපෙ අප්පේ දරු පරපුර...

    ReplyDelete
    Replies
    1. ඔය අනිත් බ්ලොගර්ස්ලා ඉස්කෝල ගැනයි ගුරුවරුන්ගෙ ක්‍රියාකලාප ගැනයි තමන්ගෙ අත්දැකීම් ලියලා තියෙන ඒවා කියවනකොට මේක මොකක්ද මචං. සමහර ඒවා කියෙව්වාම මටත් ලැජ්ජයි.
      මෙහෙ ඕකෙ කනපිට බං. ඒක තවත් අන්තවාදයක්.

      Delete
    2. ඒකනම් නෝටි ඇමරිකා එකෙන් බලනවා... අවුලක් නෑ...

      Delete
  9. ආයි සැරයක් හිනා උනා.. සමහර ටියුබ් ලයිට් තියේ..කොස්සෙන් දෙතුන් සැරයක් ඇන්නත් පත්තු නොවෙන...හෆෝ..

    ReplyDelete
    Replies
    1. උඹේ එක නං ඩිරෙක්ට් දීලා තියෙනෙ මං හිතන්නෙ. තැන්කූ වෙනියා.

      Delete
  10. නියම කතාව වචනයකුත් ඉගනගත්තා.බොහොම නිර්මාණශීලිව පාඩමකුත් ඉගැන්නුවා. ස්තුතියි මිත්‍රයා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන්. මේ දවස් වල බෑග් හෙම පැක් කරනවද වියට්නාමෙ යන්න?

      Delete
  11. කොලු වැඩ කොහොමද එකපාරට අයින් කරන්නේ.. බෙල් කතාවත් පට්ට..:))

    ReplyDelete
    Replies
    1. එහෙනං චන්දන! එකපාරටම ෆෝර්මැට් කරලා ගන්නයැ. මේ ඇත්තම කතා!

      Delete
  12. ටීචර්ලා කොහොමත් ටියුබ් ලයිට්.. බොරුවටත් එක්ක... ඒක එයාලගේ උපන් හැටියක්... හි හි..

    ඔය Gong කියන් වචනෙ චීන හරි ජපන් හරි නේද.... මට ඒ වචනේ අහපු තමන් මතක් උනේ අර Mulan එකේ හිටපු නැහැටු මකරා... හි හි...

    ReplyDelete
    Replies
    1. ඔන්න හිරුවා ටීචර්ලා සංහතියම තරහ කරගන්න හදනවා. බං මාත් ටීචර් කෙනෙක් තමයි.
      හැම ටීචම, හැම වෙලේම, හැම දේටම ටියුබ් ලයිට් නෑ!

      ඒක නම් දන්නෙ නෑ හිරු. ඔය තරඟයක් හෙම තියෙනකොට වෙලාව අවසානයි කියන්න ගහන එකත් ගොං එකක්.

      Delete
    2. පිස්සු තමා.. අ‌ෙප් බාප්පා කෙනෙක් ඉන්නවා.. මොල්ඩිව්ස් වල මොනාද උගන්නන්න ගිය එක්කෙනෙක්.. අලි ඔලුව විතරයි.... මොනවා කිව්වත් ඉකෝන් දාලා තමයි කල්පනා කරන්නේ.. මල වදයක්... හි හි...... අපි විහිළු කරන්න යන් නෑ එයත් එක්ක.. හි හි...

      මට කෙහොමත් ටීචර්ලා පේන්න බෑ නේ හෙන්රි අයියේ... හි හි.....

      Delete
  13. ඩූඩ් සර්ගෙ කොලුකම් තවමත් ඇරිල නෑ වගේ නේද? බෙල් කතාව නම් මරු... පත්තු නොවුනු ටියුබ් ලයිට් චක ‘චකස් චකස්’ ගාල පත්තු වෙන හැටි මැවිලා පේනවා.. හික්ස්ස්ස්..

    ReplyDelete
    Replies
    1. ආ මේ ඉන්නෙ තොටියා. දැන් M.O.H. නේ?
      ඒ කාලෙ කොලු කං තියෙන්න එපායැ, නැද්ද?
      මේ ලඟදී මම ගියා මගෙ ඔය මේ සිද්ධිය වෙච්ච අවුරුද්දෙ උගන්නපු ගෝලයෙක්ගෙ කඩේකට. බුවා නැති නිසා මම එතන වැඩ කරපු එකෙකුට කිව්වා, "හෙන්රි කියලා කෙනෙක් ඇවිත් කියලා බොස්ට කියන්නකො," කියලා. බුවා ආපහු ඇවිත් අහනවා හෙන්රි සර්ද කියලා ඇහුවා කියලා. මම ඔව් කියලා "ඔයාගෙ බොස් මගේ ගෝලයෙක් කිව්වාම" බුවා විශ්වාස කලෙත් නෑ. මොකද ඒ සෙට් එක මගෙ වයසට කිට්‍ටු නිසා. :D

      Delete
  14. free style නැතුව ඉන්නෙ කොහොමේ?(ගෙදරදි)
    මට නම් බෑ... ඒක නෙවේ. ඔය ටියුබ් ලයිට් වලට දැන් හිනස්සවන්න නම්. සතීයක් කලින් පෝස්ට් එක කියල තිබ්බා නම් හරි.

    (බ්ලොගෙ අකුරු ලොකුයි චීච.. ගොඩක් කියවද්දි කම්මැලි දැනෙනව.)

    ReplyDelete
    Replies
    1. ඉතින් කවුද බංස් නෑයි කිව්වෙ?
      ඒක නම් ඇත්ත ස්පයිඩර්, උඹලා මේ දැන් හිනා වුනාට මේකට හිනාවෙන්න ඕනෙ ලබන සුමානෙ.:D
      හනේ බං බෑ උඹලත් එක්ක මේ වැඩේ කරන්න. එකෙක් අකුරු පොඩියි කියලා අඬනවා. අනිකා ලොකු වැඩියි කියලා අඬනවා. අන්තිමට මට වෙන්නෙ අර "අලුත් මාලු මෙහි විකිණීමට තිබේ" කියලා බෝඩ් එකක් ගහපු බුවාට වෙච්ච සන්තෑසියමයි.
      spider the DETECTIVE,බොහෝම ස්තුතියි ආවට මේ පැත්තෙ. මාත් එනවා එහෙ, හරි?

      Delete
    2. මමත් මේ කියන්ඩ හිටියෙ.. අකුරු ලොකුයි කියලා...

      Delete
  15. ඩූඩ් හොඬටම ෂුවර් නේ අර සූකිරි ටීචර්ට ඔයා බෙල් එක ගහල පෙන්නුවෙ නෑ කියලා :D

    ReplyDelete
    Replies
    1. ෂුවර් බං. මොකද එතකොට මම එතනට අලුත්ම අලුත්. :D

      Delete
  16. හිකිස්
    කල හොඳ පස්සෙන් එනවලු ඩූඩ් සර්ටත් කවදාහරි ඕවා වෙන්න බැරි නැහැ ඈ :D

    ReplyDelete
    Replies
    1. උඹ කියහං බලන්න නිශාන් මම කවද්ද නැෂනල් එක අඳින්න පටං ගන්න ඕනෙ කියලා.:O

      Delete
  17. ටීචර්ලා ටියුබ්ලයිට්...... සමහර අයනම් ඉන්නවා අනේමන්ද සැටලයිට් වගේ ඒ ගණයට යත් වෙන කෙනෙක් තමා බ්ලොග්වොකර්. හිනහ ගියා හයියෙන්ම. එල පොස්ටුව අයියේ.

    ReplyDelete
    Replies
    1. තැංකූ වේවා කෝරළේ මහත්තැං. ටියුබ් ලයිට් හැම ක්ෂේත්‍රයෙම ඉන්නවා. ඕං මං දන්න ඔටෝ ඉලෙක්ට්‍රීෂන් කෙනෙක් ඉන්නවා, හෙන ටියුබ් ලයිට් එක. පස්සෙ විහිලුව තේරුනාම බිම පෙරළි පෙරළි හිනා. එතකොට අපි මූ දිහා අනුකම්පාවෙන් බලා ඉන්නවා.

      Delete
  18. නියම පොස්ට් ටික..ඈ .. හොදට හිනහා වුනා ...

    ටීචර්ලා කොහොමත් ටියුබ් ලයිට් තමයි..

    ReplyDelete
    Replies
    1. අඩේ චමී, උඹලා ඔක්කොම කියන්නෙ ඔක්කොම ටීචර්ල ටියුබ් ලයිට් කියලනෙ. මාර වැඩේ ඒකත්. එහෙම නෑ බං. හැබැයි මේ මාත් එක්ක ඉන්න ඉන්දියානුවො ඉන්නවා නේද? අන්න ටියුබ් ලයිට්. මම විහිලු කරන එක අතෑරලා තියෙන්නෙ.

      Delete
  19. හෙහ් හෙහ්... අනේ මගේ බඩ :)))

    මට මැවිලා පේන්නේ ටියුබ් ලයිට් එක පත්තු වෙන හැටි

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩවි රජා මාමේ. උඹට සීය වුනාට මට තාම නමයයි. බලපං ඔන්නං චෙක් කරලා. දැං මායි පොඩි එකා.

      Delete
  20. / මොකුත් නෑ බෲ …..ස්ස්ස් ගාලා ලිස්සලා ගිහිල්ල, වැ‍ටුනෙ නැද්ද පිට්ටනිය මැද්දෙ වතුර වලේ, මුනිං අතට හරියට පෙරේතයා පොලොව ගැහුවා වගෙ!  /

    මුලිම්ම පොඩි විච්කිච්චාවක්...ඈ බොල මඩ වලවල් වල මාත් අනන්ත ලිස්සල ගිහිල්ල දබෝං ගාල ඇදං වැටිල ඇති...ඒත් මට කියාපංකො තරහ නැතුව මඩේ ලිස්සල මුනිං අතට වැටෙන ක්‍රමේ?

    / ඔන්න එතකොටම ඒ ටියුබ් ලයිට් එකත් චක ‘චකස් චකස්’ ගාල පත්තු වුනා. එයාත් ටීචර් කෙනෙක්නේ. /

    අඩෝ..මේ ටීචර්ල බහුතරයක් ටියුබ් ලයිට් වෙච්චි එකට උඹ පිං දීපං තේරුණාද?...ඔවුන්ට එක පාරට යමක් තේරෙනවනං බොල බොටයි මටයි දෙන්නටම හුළං........My bitter half ia a teacher too....

    කතාව මරු....ඔය වගේම කතාවක් තියනව අර පාප්තුමා තෝරපු සීන් එක....හෙහ්, හෙහ්,

    ReplyDelete
    Replies
    1. ඈ බං රවී. මං කවදාවත් අහලා නෑ උඹ කරන රස්සාව මොකක්ද කියලා. උඹ ක්‍රිමිනල් ලෝයර් කෙනෙක්ද? උඹත් එක්ක බෑනෙ මොන විදියකින් වත් බේරෙන්න. බලපං එක වචනයයි වැරදුනේ.
      මමත් පස්සෙ දහ අතේ කල්පනා කලා කොහොමද මේකෙන් කොහොමද ගැලවෙන්නෙ කියලා. උඹ අර දෙපැත්තට ඔලුව වනලා නාගත්තෙ එකපාරක් ඇඩ්‍රස් නැතුව යන්න. මටත් වුනේ ඒකමයි. ඉතින් මම හිතාගත්තා පරාජය බාරගන්න එක උඹත් එක්ක කෙස් පැලෙන තර්ක කරනවට වඩා හුඟක් ලාබයි කියලා.

      Okay dude, I know when I'm beaten.
      I'd rather have you as a friend than an enemy. :(

      අහලා තියෙනවනෙ අර Kenny Rogersගෙ Gambler සින්දුව.

      හරි මම දැන් ඒක හදලා එතනට නෝට් එකකුත් දාන්න ඉන්නෙ.:D

      උඹ දෙවෙනියට කියලා තියෙන කතාව ඇත්ත. නමුත් පු‍තෝ උඹ ඇන ගන්නෙ අර e වෙනුවට i දාලා ලියන එකෙන් තමයි දවසක. ඕං මම කිව්ව කියලා මාක් කරගනිං.

      Delete
    2. / උඹ ක්‍රිමිනල් ලෝයර් කෙනෙක්ද? /

      ක්‍රිමිනල් ලෝයර්ල මල්ලි ඉන්නව වර්ග දෙකක්...

      1.අපරාධ නඩුවල විත්තිය වෙනුවෙන් පෙනී සිටිනා නීතීඥයින්,

      2. අපරාධයකට වැරදිකරු වූ නීතීඥයින්,

      දැන් කියාපං බලන්න උඹ අදහස් කලේ ඉහත කොයි කට්ටියදැයි කියල....

      / බලපං එක වචනයයි වැරදුනේ.../

      ආන්න බලාපං...උඹට එහෙම ලේසියෙං වරදින්නෙ නැති නිසානෙ බං එක ෂුට්ටි වරදක් උඅන්ත් කැපිල පේන්නෙ...හෙහ්, හෙහ්,

      ගනන් ගන්න එපා බොල, ඩෝන්ට් ටේක් මැත්මැටික්ස් ෆයිව් සෙන්ට්ස්......හෙහ්, හෙහ්, ඔව්ව ඔහොම තමයි.

      / උඹ අර දෙපැත්තට ඔලුව වනලා නාගත්තෙ එකපාරක් ඇඩ්‍රස් නැතුව යන්න /

      අන්න එතන වැරදියි ලොක්කා...ඔළුව දෙපැත්තට වනල නෙවෙයි මම නාගත්තෙ...ඔළු කේස් එකෙං මම ෂේප් උනානෙ...මම ඇඩ්‍රස් නැතිව ගියෙ අර බල්ල එලවං එන කේස් එකේදිනෙ...සේට් එක ගලවල දිව්වය කියලනෙ අර රන්දිකා මහගෙ මට දුන්නෙ තක්බීර් වෙන්න...හෙහ්, හෙහ්, අවුලක් නෑ...මයෙ පාට්නර් නෙව...උන්දැ මොකද මම මොකද?

      මා වෙනුවෙන් පෝස්ට් එකට එකතු කරපු විශේෂ පසු සටහනට තෑන්ක්ස් සෝ මච්...හොඳේ?

      මම උඹ නම් මම කොහොමද දන්නවද රවියගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ?

      '' ආ, ඒක උනේ මෙහෙමනෙ රවියො.....ඔය වෙලාවෙ උදේ රැස්වීම පටන්ගෙන නෙව..ලමයි මට පිටුපාල හිටියට ප්‍රින්සිපල් ඇතුළු ගුරු මණ්ඩලේට කෙලින්ම පේනව මම එනව...පරක්කුවෙලා එන එක කේස් හින්ද මම කලේ පාවිච්චි කලා මගෙ උණ්ඩුක පුච්චේ...මොකද දන්නවද කලේ?....පිටිපස්ස හැරිල පස්සෙං පස්සට ගියා ...එතකොට ලොක්කට පේන්නෙ නෑනෙ මේ පරක්කු වෙලා එන්නෙ කවුද කියල...හෙහ්, හෙහ්, කොහොමද මගෙ අයිඩියාර් එක?...වැඩේ තෙල් ටිකට කෙරුන...ඒත් කරුමෙට කකුල් හතරයි කියන්නෙ නිකංය?....පිට්ටනිය මැද්දෑවෙ අලි මඩ වලක්..පස්සෙං පස්සට ගිය පාර මම දැක්කෙ නෑ ඕක..ලෙස්සල වැටුන හරියට ගෙම්බ පොලේ ගැහුව වගෙ මුනිං අතට....සාතිශය සොරි හොඳද ...ඔය පස්සෙං පස්සට ගිය කෑල්ල මට අමතක වෙලයි තිබුනෙ...උඹ මුනිං අතට වැටුනෙ කොහොමද කියල ඇහුවම තමයි මටත් ඒක මතක් උනේ...තැන්කියු මචං.."

      And the night got deathly quiet and his face lost all expression
      Said, "If you're gonna play the game, boy, you gotta learn to play it right"

      You got to know when to hold 'em, know when to fold 'em
      Know when to walk away and know when to run

      - Kenny Rodgers - Gambler

      Delete
  21. ඔය වගේ ප්‍රමාදවී තේරෙන එක, මුලින්ම ටියුබ් ලයිට් එකට ආදේශ කරපු එකා කවුද දන්නෑ නේද ? ලොකු මහත්තයගෙ ඇඳුම ගැන අමතක වෙලා තිබුන හින්දා. මගෙත් ස්ටාටරයට කොස්සෙන් ඇන්නම තමා පත්තු වුනේ... :-)

    ReplyDelete
    Replies
    1. හැබෑට සෙන්නා ඒවගෙ දේවල් වල නිර්මාතවරු හොයා ගන්න හරි අමාරුයි නේ? නමුත් මම අහලා තියෙනවා ටයිටස් තොටවත්ත තමයි පිස්සු හුටං කියන යෙදුමේ නිර්මාතෘ කියලා.
      අඩේ උඹත් දැන් ටියුබ් ලයිට් වෙලාද? ඔය අවට ඉන්න උන් එහෙම ඇති. :)

      Delete
    2. ආයෙ මොකටද "දැන්" එකක් ? :-)

      Delete
  22. හෙන්රි, ඔය තර්කයේ හැටියට පන්සලේ ඝාන්ටාරේ සද්ද වෙන කොට කොහොමද පැහැදිලි කරන්නේ?

    ReplyDelete
    Replies
    1. හනේ රයිගම්. මේක මගේ තර්කයක් නෙවෙයි. (හොඳ වෙලාවට!) දැක්කා නේ අර රවියා කියපු එක. සමහර විට රවී මේක පැහැදිලි කරයි. දැනට ඝන්ටාර මාක් සරොං ගැන විතරක් යන්තමට ඉඟි කරලා මම නිහඬ වෙනවා.:D

      Delete
    2. පංසලේ ගන්ටාරෙ සද්ද වෙන්නෙ බොලව් උදේ පාංදර නායක හාංදුරුවො බුද්දාලම්බන ප්‍රීතියෙං ඔද වැඩුනම නෙව...ඔය පාංදරම ඔද වැඩෙන සීන් එක නම් හාංදුරුවංට විතරක් නෙවෙයි මේ අපිටත් වෙනව...ඒත් බුද්දාලම්බන ප්‍රීතියෙං ඔද වැඩෙන්නෙ හාංදුරු ගොල්ලොංට විතරයි....හෙහ්, හෙහ්,

      Delete
  23. නියම කතා ටික. හොඳට හිනාවුණා මම නම්.
    //බෲ …..ස්ස්ස් ගාලා ලිස්සලා ගිහිල්ල, වැ‍ටුනෙ නැද්ද පිට්ටනිය මැද්දෙ වතුර වලේ, මුනිං අතට හරියට පෙරේතයා පොලොව ගැහුවා වගෙ! //
    මේක නම් නියමෙට මැවිලා පෙනුනා. මටත් හිතාගන්න බැරි මුනින් අතට වතුර වලකට වැටෙන්නේ කොහොමද කියලා..
    මේක වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකෙත් තිබුනා වගේ මතකයි...

    ReplyDelete
    Replies
    1. මෙන්න යකෝ තවත් ක්‍රිමිනල් ලෝයර් කෙනෙක්. බෑ මුං එක්ක මේ වැඩේ කරන්න. හරි, හරි, මම අතන හදනවා. ඔව් සිතූ මේක මටහිතෙන හැටි එකෙන් salvage කරපු එකක් තමයි. මම කල්පනා කලේ, මේක අච්චර තීක්ෂන බුද්ධියක් තියෙන, ඔබාත් බලලා කමෙන්ට් එකක් දැම්මා, එදා. නමුත් මේ පොයින්ට් එක අහු වුනේ නෑනෙ. :)

      Delete
  24. හි හි....අන්කල්,
    අර කා එක්ක හරි කතා කරනකොට ඇස් දිහා බලන් කතා කරද්දී අවංක භාවය මැනවින් අනිත් කෙනාට දැනෙනවා නේද?? මමත් එහෙමයි කතා කරන්නේ..

    ජය!

    ReplyDelete
    Replies
    1. අන්න හරි හිරූ, ඒක තමයි හරිම විදිය. ඇස් දිහ බලාගෙන බොරුවක් කියන්න පුලුවන් මනා පුහුණුවක් ඇති වෘතීය බොරු කාරයන්ට විතරයි. උදාහරණ ඕනෙ නෑනෙ. :D

      Delete
    2. මට සමහර කෙල්ලන්ගේ ඇස් දිහා බලාගෙන කථා කරන්න ලැජ්ජයිනේ බං.... ඒක නිසා මම ඇස් වලට වඩා අඩියක් විතර පහල බලාගෙන කථා කරන්නේ...

      Delete
    3. ඇයි අඩි අඩියක්? බලන්නකො අඩි දෙකක්ම යටින්.:ඩී
      (ටියුබ් ලයිට් අයට නොතේරුනාට කරන්න දෙයක් නැත.)

      Delete
  25. ගොං එකක් අපේ ඉස්කෝලේ ලොකු සෑරුත් මේසේ උඩතියන් හිටියා බුවා මොකක් හරි කේස් එකක් විසදලා අවසාන තීන්දුව දුන්නට පස්සේ නඩුකාරයා අර කුළුගෙඩ්යකින් මේසෙට ගහනවා වගේ ටිං ගාලා ඒකට ගහනවා එක දවසක් අපේ පන්තියෙම උන් අවේලාවේ සෙල්ලමි කරලා ඔපිස් එකේ තඩ් විදුරුවක බෝලෙන් ගහලා හැමෝටම සතිය ගානේ පන්ති තහනම් කරලා ටිං ගාලා ඕක ගැහුවා. කට්ටියම ඔපිස් එකෙන් එළියට එනකොට එකෙක්ගේ සාක්කුවේ ටිං ඒක උට ඒකට ආස හිතුනලු

    ReplyDelete
    Replies
    1. හලෝ ජිංජිබිරිස් තුමා. වෙල්කම් කිව්වා.
      ඒක මාර කතාවනේ. එක එක පුග්ගලයට එක එක මේනියාවල්නෙ බං. සමහරවිට නඩුකාරයෙක් හරි වෙන්දේසි කාරයෙක් හරි වෙන්න හිතං ඉඳලා පිංසිබොල් කෙනෙක් වුන කෙනෙක් වෙන්න ඇති.
      ආයෙ එනවනෙ මේ පැත්තෙ? :D

      Delete
  26. නැෂනල් පැනසොනික් සූට් එක ඇන්ද පරණ ගුරුවරුනම් ඔහොමම තමයි, උඩ කෑල්ලත්(බැනියම) දණහිස දක්වාම තියෙනවනෙ ඒ හින්දා ඉරට මුවාවෙන් හිටියත් "බෙල්" එක පෙනෙන්නෙ නෑ, හැබැයි ඉතින් සද්දෙ ඇහෙනවා. එකක් කියලයැ....

    ReplyDelete
    Replies
    1. :D මේ බොසා නම් එහෙම නෙවෙයි වෙන්න ඇති සුමිත්. මේ කොල්ලො ගහපු කාඩ් එකක්නෙ.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
  27. ඩූඩ් අයියේ මේ බ්ලොග් එකේ අකුරු ගොඩක් තැන් කැඩී කැඩීනේ මට පේන්නේ. අනික් බ්ලොග් වල කිසි අවුලක් නෑ. එව්වා හොඳට පේනවා.

    ReplyDelete
    Replies
    1. පැතුම්, හොඳ ළමයා වගේ කියන්න කොයි හරියද එහෙම පේන්නෙ? පෝස්ට් එක තියෙන හරියද? එතකොට මම පෝස්ට් එකේ පසු වදන දාලා තියෙන්නෙ තරමක් පොඩියට. ඒ හරිය කොහොමද? නැතිනම් කමෙන්ට් හරියත් එහෙම පේනවද?
      මම ඇහුවමයි මෙහෙම කතාවක්. ඔය අනිත් කට්ටියටත් එහෙම කැඩි කැඩී පේන අවුලක් තියෙනවද?
      අනික ඔයාගෙ බ්‍රවුසර් එක මොකක්ද? ඔයා ෆෝන් එකෙන්ද කියවන්නෙ?
      හරි මට මේ ටිකට පොඩ්ඩක් උත්තර දෙන්නකො.
      බොහොම ස්තුතියි පැතුම් ෆීඩ්බැක් එකට.

      Delete
    2. කොයි හරියද එහෙම පේන්නෙ? එදා මුළු පොස්ට් එකේම තැනින් තැන එහෙම පෙනුනා. ඒත් අද එහෙම නෑ

      පෝස්ට් එක තියෙන හරියද? ඔව් පොස්ට් එක

      අනික ඔයාගෙ බ්‍රවුසර් එක මොකක්ද? ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලෝරර්

      ඔයා ෆෝන් එකෙන්ද කියවන්නෙ? ෆෝන් එකෙනුත් කියවනවා සමහර වෙලාවල් වලට. ඒත් මේ මේ බ්ලොග් එක තවම කියවල නෑ එහෙම.



      අදනම් එහෙම අවුලක් නෑ ඩුඩ් අයියේ. සමහර විට මගේ කනෙක්ෂන් එකේ අවුලක් වෙන්න ඇති.

      Delete
    3. පැතුම්. ස්තුතියි.
      මම ඊට පස්සෙ පල්ලෙහාත් මේ කමෙන්ට් එක දැම්මා, ආයෙම මෙතන දාන්නම්.
      අර අවුල මම ගිහින් චෙක් කරලා බැලුවා. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ Firefox.නෙ. ඒකෙ නම් මමත් අවුලක් දැක්කෙ නෑ. පස්සෙ මම නිකමට Internet Explorer එකෙන් ගිහින් බැලුවා. පැතුම් කිව්ව කතාව හරි. සමහර තැන්වල වචන වෙනුවට කුරුස තියෙන්නෙ. පස්සෙ මම බ්‍රව්සර් දෙකම ඇරගෙන මම දාලා තිබ්බ සමහර කස්ටමයිස්ඩ් ෆෝර්මැට්ං අයින් කලා. ඒ ගමන හරි ගියා.

      Delete
  28. පිංසිබොල්ගෙ ගොං කේස් එක කියපු හැටියෙ දුවගෙන ආවා. වැල වෙනුවට වරකා තිබුණා.
    අයියේ නියම පෝස්ටුව. අපේ පූර්ව පරම්පරාවෙ ගුරුවරුන්ගෙ අත්දැකීම් කියවන්න මම ඉස්කෝලෙ යන දවස්වල්ත් හරිම ආසයි. හරි අමරුවෙන් එහෙම පොත් දෙක තුනක් හොයාගෙන කියෙව්වා. ඔයා කියවලා තියෙනවද සපත්තු පාලම කියලා පොතක්. ඒකෙත් මේ වගේ අත්දැකීම් පිරිලා. දිගටම ලියන්න. ජයවේවා..

    ReplyDelete
  29. ඩූඩ් අයියේ අවුලක් නෑ ,,මට නම් එළකිරි වගේ පේනවා කැඩි කැඩී පෙනෙන අවුලක් මට නම් නැතෝ...

    ReplyDelete
  30. ඔන්න මචාං අයියේ මම 50 .

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි රතූ. ඒවගේම මගේ ඩෙනිමට සාදරයෙන් පිළි ගන්නවා. ඔය වගේ ඇත්ත අත්දැකීම් තව තියෙනවා, රතූ. සමහර ඒවා ඇත්ත කියලා හිතාගන්නත් අමාරු තරම් සමහරුන්ට. ඒවා ඉස්සරහට දාන්නම්. වැඩේ මම ලියන්නෙ ප්‍රවර්ග ගනනාවක් යටතෙනෙ.

      අර අවුල මම ගිහින් චෙක් කරලා බැලුවා. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ Firefox.නෙ. ඒකෙ නම් මමත් අවුලක් දැක්කෙ නෑ. පස්සෙ මම නිකමට Internet Explorer එකෙන් ගිහින් බැලුවා. පැතුම් කිව්ව කතාව හරි. සමහර තැන්වල වචන වෙනුවට කුරුස තියෙන්නෙ. පස්සෙ මම බ්‍රව්සර් දෙකම ඇරගෙන මම දාලා තිබ්බ සමහර කස්ටමයිස්ඩ් ෆෝර්මැට්ං අයින් කලා. ඒ ගමන හරි ගියා.
      බොහෝම ස්තුතියි රතූ. ආයෙ වරෙං.

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>